Friday, August 2, 2013
පෙරළුණු නැවුම් (රතු) පස..
පෙරලුනු නැවුම් පස
කතාවකි පෙරළුව සිහලට......සිරිල් සී පෙරේරා.
බසින් රුසියානුවන්ගේ.....ලියූ මිහායිල් ශෝලොහොව්
එහි කොතනකවත් කියා නොතිබුණි මෙලෙසින්
"අනාගතයේ දිනක .........
"මහා ධර්මද්වීපයක..............
"පෙරලෙයි පස රතුවෙමින්...............
" නම් ලබයි රතු පස්වලින් ................
" බොන්ට දිය ඉල්ලූ පවින් ......................
අහෝ දෙවියනි
කොහිද අද පවන....ගැයූ ගී කෝකිලාවිය නමින් මාලිනිය නන්දාවන් ...........
ලියූ පදවැල් ආරියරත්න සුනිලුන්...............
මියැදී ඇතිය ඔවුනුත් ......ලෙසින් කපුගේ කම්පනයේ...........
53 comments:
හිතට දැනෙන දේ ලියලා යන්න
මේ ඕනෑම විදිහකට
Video: Youtube video link
Images: [im]...........................[/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
Subscribe to:
Post Comments (Atom)
කලා කරුවන් විකිණී ඇත...
ReplyDeleteස්වේච්චාවෙන්ම
Deleteපාලකයෝ උන්මන්තකයෝ උනාම මේ වගේ දේවල් වෙනවා.
ReplyDeleteපාලකයෝ උන්මත්තකයෝ..පාලිතයෝ...................?
Deleteසියල්ලෝ පස්වලින් වළලී ඇත සහෝ..
ReplyDeleteහ්ම්....නැවත නැගීසිටිය නොහැකි ලෙසින්ම.
Deleteමොනවා කියන්ටද මන්දා :p
ReplyDeleteහොඳවයින් දෙකක් තමයි කියන්ට වෙන්නේ ..... නැද්ද?
Deleteඅනිත් අය මලු අරං කඩේ යද්දී,
ReplyDeleteඒ දෙන්නා ගෝනි අරං කඩේ යතී.
කඩේ ගොසින් ලැබෙන ගසානා වලින්,
පිළිම අඹෝල මුදලාලිට කියලම විඋර්ත කොරවයි.
ආයෙත් අහලා.....මොන දේ වුනත් ලොක්ක අත හෝදගෙන, හෝදලා දෙන්නේ දැන් මේ වගේ ය තමයි. ඉස්සර විපල්වීය පරපුරේ ඉදිරි පුරුක්.
Deleteඅනිත් උන් විප්ලවීය සින්දුවලට ප්‍රියකරද්දී, මම pop/rock/reggae සින්දු අහනකොට එදා මට යන්දමින් වරදකාරී හැඟීමක් දැනුනේ අපරාදේ බොලව්. මම අහපු සින්දු අදත් ජනප්‍රියයි. උදාහරණ Hotel California.
ReplyDeleteඑකනේ ඩුඩ් අදටත් මං කැමති ශ්‍රී ලාංකීය ගායකයා තමයි "බොබ්මාලේ" හැබැයි අපේ මිනිස්සු හැමෝම අර චින්තක ගීතදේව කියනවා වගේ මාලේ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ
Delete>>අදටත් මං කැමති ශ්‍රී ලාංකීය ගායකයා තමයි "බොබ්මාලේ"<<
Deleteඒක පට්ට කතාව ඕයි. :D
චේයි, මාලේයි ත්‍රී වීලර්වල නැගලා යන්නේ ඔය කොච්චරවත්! :)
අනේ ඉවාන් කොල්ලෝ,අර කව්ද ලියල තිබ්බ මම දැක්කා...
ReplyDeleteහරකුන්ගෙ හැටියටලු ගොපල්ලො
සහතික ඇත්තනේ බං.
++++++++++++++
Deleteනැතුව. මේ කතාව කියනකොටත් "අනේ ඉතින් මේ හැම පවකටම අන්තිමට කරගහන්න වෙන්නේ අර අහිංසක ජනාධිපතිතුමාටනේ" කියන කී දෙනෙක් ඉන්නවද?
Deleteසුනිල් ආරියරත්නයන්
ReplyDeleteතනයි මැටි පිළිමයන්
නන්දා මාලිනියන්
සිටියි ධවල රෑ කරමින් පහන්
පෙර ගැයූ ගී පවනින්
නැසී යයි චණ්ඩ මාරුතෙන්
ගයන ගී වන්දි භට්ටයන්
විඳිමු කුණුරස ඇස් පියන්
ඇනෝ .......++++++++++++++++++
Deleteශ්‍රී ලංකාවේ වතුර ඉල්ලීම බලවත් වරදකි!
ReplyDeleteනැතුව , මුන්ට තිබ්බේ නැද්ද වයින් ඉල්ලන්න, ලැජ්ජාවේ බෑ රටටම.
Deleteපාන් නෙමේ කේක් කාපල්ලා--- ප්‍රංශය
Deleteවතුර නෙමේ වයින් බීපල්ලා --- ශ්‍රී ලංකාව
එන්න බලන්න අශ්චාරය.
ReplyDeleteබලන්න කවුරුවත් ඉතුරුවෙලා නෑ සංජීව.
Deleteනන්දා මාලනී, ආ ඇය දැන් සිරසට විකිනී අවසානයි......
ReplyDelete…
……
මේ එවන් සිරසක් කුමකටද මට මම ඒ නන්දා මාලනිය නුදුටු දවසක්
හ්ම්.. දැන් නාදාමාලිනීගේ පරමාදර්ශීය ගුවන් විදුලි නාලිකාව සිරස.
Deleteඇය දැන් මහරාජා සරනං ගච්චාමි
Deleteඇය විතරක් නෙවෙයි ලොකු , විප්ලවීය කළා(නලා)කාරයෝ හැමෝම.
Deleteවිකාර කියවන්නේ නැතුව ඔය ලියලා තියෙන පදවැලට මියුසික් එකක් දාගනින් ඊලඟ සංස්කෘතික උත්සවේට ඩාන්ස් එකක් දාන්න
ReplyDeleteහරියට පවනට වුනා වගේද?
Deleteඅපි ඒ කාලෙමයි කිව්වේ මුන් පර බල්ලෝ, බැල්ලියෝ කියලා. විප්ලවයෙන් හම්බ කරන් කාපු පාහරයෝ. අද උන් පැතූ ළෝකය පහල වෙලා. ඒකනේ නෝ කතා නෝ සිනා.
ReplyDeleteඒ කතාව ඇත්ත, නාන්දා මාලිනී ජනතාවාදී ගායිකාවක් ලෙස අකියන හැම විටකදීම මං කිවී ඇය අවස්ථාවාදිනියක් කියලයි, ඒ සරසවි කාලයේදී විඳින්නට සිදුවුණ අත්දැකීමක් නිසා මම ඒ ගැන පසුව කියන්නම්,
Deleteනන්දා කොළේ සුනිල් ලියල විසිකොරන ඕනෙම කුණුහරපෙයක් කැසට් එකක ගහන එකයි. එක කාලයක් ප්‍රේමදාස විරෝධය. තව කාලයක් තරුණයන්ට කෝචෝක් කළා. දැන් කඩේ යනවා. මුන්ගෙන් සමාජවාදී විප්ලවය ඉගෙනගන්න හිතං හිටිය උං දැනගන්න ඕනෙ, ධනවාදයෙ තුන්වෙනි කාර්තුවෙදි ඕනෙම සංකල්පයක් විකුණලා ලාභ ලබන්න පුළුවන් වෙන බව.
ReplyDeleteකොහෙද බං උඹ ගිහින් හිටියේ, මම බයවුනා සුදු වැන් ට්‍රිප් එකක්වත් ගිහින්ද කියලා. එක ඇත්ත මචෝ. ඔය උඹ දාගෙන් ඉන්න නම උන්ට දැම්මනම් හරි, මොකද උන් කලේ විප්ලවේ නාමයෙන් මිනිස්සුන්ගේ සාක්කුව විද්ද එක,
Deleteකලා කරුවන්ට මේ දිනවල වැඩවැඩිය
ReplyDeleteරෙදි නැතිවම කඩේ යන්නට වී ඇතිය
ආඩම්බර තාත්තාගේ දෙ අතේ එල්ලීම
ඒ හැර වෙනත් සැපතක් උන් හට වේද?......
දිගටම ඔහොම තමයි වෙන්නේ ඇනෝ.
Deleteඉවාන්..ඒ ඇනෝ නෙමයි "අසෝක"
Deleteහුටා සොරි වෙන්න ඕන අසෝක, ඇත්තටම වැරදීමක්, සමාවෙයන් මචං අසෝක.
Deleteඅන්තිම කවියට පද දෙකක් දැම්ම හොදද බලහන් ...
ReplyDelete"මියැදී ඇතිය ඔවුනුත් ......ලෙසින් කපුගේ කම්පනයේ...........
සති දෙකක් මතකයේ රැඳෙමින් ..................
ගෙවුණි සුපුරුදු ලෙසින් දිවිමඟ ......."
අනිවා ලබන සතියේ කතා කරන්න තව ටොපික් එකක් දෙයි.
Deleteඑයාලගෙ ස්වර්ග එයාල සොයාගත්ත අපිව චුන් කරල.දෑන් මොකටද නිකන් ටින්කිරි ගාගන්න දගලන්නෙ.රජ්ජ අනුග්‍රහය ඈතිව යෙහෙන් වෑජබෙනව මිසක්.ඔනෙනම් තවත් කොටසකට පුලුවන් බෑට්න් එක අරන් එයාලටත් හරි යාවිද බලන්න.
ReplyDeleteදැන් රජයේ හොඳම හිතවත්තු තමයි ,රජයට වැඩියම බනින අය, මොකද එයාල රජයට බනින්නෙත් රජයේම කොන්තාරත්තුවකට
Deleteමෙය නම් ආසියාවේ ආශ්චර්යය හැර අන් කවරක්ද මිතුර....
ReplyDeleteමම දුලාගේ අඩවියේ™ දුලා
පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com
අනිවා එනවා, ස්තුතියි මේ පැත්තේ ආවාට, දිගටම එන්න.
Deleteමචං මිනිස්සු වයසට යද්දි විප්ලවීය අදහස් ටිකක් නැති වෙනවා.. ගෙදරට වෙලා දරු මල්ලො බලාගෙන මොනවා හෝ කරගෙන ඉන්න හිතෙනවා. කලාකරුවන් හැමෝගෙන්ම ජීවිත කාලය පුරාම තියන විප්ලවීය හැඟීම් බලාපොරොත්තු වෙන්න බැහැ. දැන් මීට වඩා ඇත්තටම පාරට බැහැලා විප්ලව කරපු 71 කස්ටිය අද පිනක් දහමක් කරගෙන ඉන්නේ.
ReplyDeleteනන්දා මාලිනී, සුනිල් ආරියරත්න පරමාදර්ශී චරිත නෙමෙයි, ඒත් ඔවුන්ට පුළුවන් කාලයේ ඔවුන් යමක් කලා. තාම විරෝධාකල්ප ගීත කියලා අහන්න තියෙන්නේ "දඟගෙයි දඬුවම්", "යදමින් බැඳ" වගේ සිංදු විතරයි. මීට පස්සෙ ආපු කිසිම කලාකරුවෙක් (කපුගේ/නන්දා ඇරෙන්නට ) එවැනි ගීත නිර්මාණය කලේ නැහැ. ඕනෙම කෙනෙකුට සැඩ පහරකට එරෙහිව සටන් කරන්න පුළුවන් වෙන්නෙ ටික කලයි, ඔවුන්ගේ උදව්වට තව අය ආවෙ නැත්නම්. විරෝධාකල්ප ගීත අද බිහි නොවීම කියන ප්‍රශ්නය, නන්දා මාලිනීගෙයි, සුනිල් ආරියරත්නගෙයි පිට දැමීම වැරදියි.
ඔව් තිසර ඔබේ කතාවට මම එකඟයි, නමුත් මෙහි ඇත්ත තත්වය හරියටම අපට දැනගැනීමට ලැබෙන්නේ ඔවුන් යමක් කරන කාලයේ සිටි පාලකයින් ඔවුන්ට වරදාන දීමට ඉදිරිපත් වූවානම් ඔවුන් කෙසේ ප්‍රතිචාර දක්වයිද කියන කරුණ මතයි. ඒ කාලයේ සිටි පාලකයින්ට ඒ තරම් තීක්ෂණ බුද්ධියක් තිබුනේ නෑ, ඔවුන් කලේ විරෝධාකල්ප මැඩලීමට මර්ධනය භාවිතාකිරීම. එසේ නොකර මේ සිධ්ධාන්තය භාවිතා කලානම් අද අපට අහන්නටවත් "දඟගෙයි දඬුවම්", "යදමින් බැඳ" වැනි සින්දු නැතිවී යන්නටත් තිබුනා. මර්ධනය මානුෂික මුහුණුවරින් කිරීම තමයි වරදාන මගින් තමුන් වෙත හරවා ගැනීම.
Deleteමේ වගේ අති විශිෂ්ට නිර්මාණ දැන් කාලෙ බිහිවෙන්නෙ නැති තරම්...
ReplyDeleteඔය වගෙ පොත්වල තියෙන ගුණය තමයි කොච්චර වාරයක් කියෙව්වත් ඒ හැම වාරෙම අළුත් කෝණෙකින් ලෝකෙ දිහා බලන්න හිතෙන එක....
ඒක ලේඛකයින්ගෙ කියා නිමකරන්න බැරි දක්ෂතාවයක්.....
මම සමාජවාදියෙක් නොවුනත් රුසියන් පොත් හැම එකක්ටම දැඩිව ආදරය කරන, රසවිඳින කෙනෙක්..
ඔය පොත් දෙකම මගෙ ගාව මෑතක් වෙනකම් තිබුණ. යාළුවෙක් අරන් ගිහින් නැතිකරල. ආයෙත් හොයාගන්න ඕන.
//"මම සමාජවාදියෙක් නොවුනත් රුසියන් පොත් හැම එකක්ටම දැඩිව ආදරය කරන, රසවිඳින කෙනෙක්"// මමත් එහෙමයි, රුසියන් නවකතා වල තිබුන ජීවිත දැක්ම අද කාලේ නිර්මාණ වල තියෙනවද කියන එක නම් ප්‍රශ්නයක්.
Deleteමන්දා නාලනී!
ReplyDeleteඅනේ මන්දා....!
Deleteපවුලූශා, සමාජ ප්‍රශ්ණ හුමුවේ සංවේදී විය යුතු එකම කලා කරුවන් ඔවුන් පමණක්ද?
Deleteඅප එසේ සිතීම වැරැදියි. ජීවිතයේ එක් අවස්ථාවකදී හෝ ජනතා ප්‍රශ්න සමඟ ගැටෙමින් කටයුතු කර, එමෙන්ම කලාව පාවා නොදී සිය ආත්මීය ගෞරවය ද රැකගත් නන්දා මාලනී මෙන්ම කපුගේ රටේ ජීවත්වන/ජීවිත් වූ නිරහංකාර රටට ආදරය කරන චරිත බව ද තේරුම් ගන්න. ජීවිතයේ එකදු අවස්ථාවක හෝ මිනිසුන් වෙනුවෙන් ගී ගැයූ ඔහුන්ට අපේ බොහෝ දෙනෙක් සලක්නේ කෙසේද? රට නරකාදියට ගමන්කරද්දී එය වලකා ගැනීමට නොහැකිවූ මිනිසුන්, එකී නොහැකියාව වෙනත් කෙනෙකු ගේ කර මතින් නොයවා හැකි පමණ පීඩනයට එරෙහි වෙනවානම් වඩාත් හොඳය කියා මට සිතේ.
කිසිවිටෙක එසේ නොසිතමි, මේ සමාජව්‍යසනයට එරෙහි වියයුත්තේ ඔවුන් පමණක් නොවේ, නමුත් මේ තරම් ජනතාව පෙලෙද්දීත් ඔවුන්ගේ මේ ගැඹුරු නිද්‍රාශීලීත්වය මට ප්රෙහෙලිකාවකි. මීට වඩා මර්ධනය ඉතා දැඩි වූ අවස්තාවන්හිදී ඔවුන් නොබියව පෙරට ඈ බැවිනි. මර්ධනය මගින් යට කර නොගත හැකි බොහෝ අය වරදාන මගින් අඳ, ගොළු , බිහිරන් බවට පත් කල හැක.
Deleteමොවුන් අපෙ පරමාදර්ශී චරිත නිසා මේ නිහඬතාවය දරාගත් නොහැක.
පවන ....අයෙත් මතක් වුනා...
ReplyDeleteඅයෙමත් එහෙම වෙයි ද..?
ආයෙත් නොවෙයි කියලා කාටද කියන්න පුළුවන්, පව් පවන.
Delete