Friday, August 2, 2013

පෙරළුණු නැවුම් (රතු) පස..






පෙරලුනු නැවුම් පස 

කතාවකි පෙරළුව සිහලට......සිරිල් සී පෙරේරා.
බසින් රුසියානුවන්ගේ.....ලියූ මිහායිල් ශෝලොහොව්

එහි කොතනකවත් කියා නොතිබුණි මෙලෙසින්
"අනාගතයේ දිනක .........
         "මහා ධර්මද්වීපයක..............
                      "පෙරලෙයි පස රතුවෙමින්...............
                                  " නම් ලබයි රතු පස්වලින් ................
                                                 " බොන්ට දිය ඉල්ලූ පවින් ......................

අහෝ දෙවියනි
කොහිද අද පවන....ගැයූ ගී කෝකිලාවිය නමින් මාලිනිය නන්දාවන් ...........
                                    ලියූ පදවැල් ආරියරත්න සුනිලුන්...............

                                   මියැදී ඇතිය ඔවුනුත් ......ලෙසින් කපුගේ කම්පනයේ...........


53 comments:

  1. කලා කරුවන් විකිණී ඇත...

    ReplyDelete
  2. පාලකයෝ උන්මන්තකයෝ උනාම මේ වගේ දේවල් වෙනවා.

    ReplyDelete
    Replies
    1. පාලකයෝ උන්මත්තකයෝ..පාලිතයෝ...................?

      Delete
  3. සියල්ලෝ පස්වලින් වළලී ඇත සහෝ..

    ReplyDelete
    Replies
    1. හ්ම්....නැවත නැගීසිටිය නොහැකි ලෙසින්ම.

      Delete
  4. මොනවා කියන්ටද මන්දා :p

    ReplyDelete
    Replies
    1. හොඳවයින් දෙකක් තමයි කියන්ට වෙන්නේ ..... නැද්ද?

      Delete
  5. අනිත් අය මලු අරං කඩේ යද්දී,
    ඒ දෙන්නා ගෝනි අරං කඩේ යතී.
    කඩේ ගොසින් ලැබෙන ගසානා වලින්,
    පිළිම අඹෝල මුදලාලිට කියලම විඋර්ත කොරවයි.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.....මොන දේ වුනත් ලොක්ක අත හෝදගෙන, හෝදලා දෙන්නේ දැන් මේ වගේ ය තමයි. ඉස්සර විපල්වීය පරපුරේ ඉදිරි පුරුක්.

      Delete
  6. අනිත් උන් විප්ලවීය සින්දුවලට ප්‍රියකරද්දී, මම pop/rock/reggae සින්දු අහනකොට එදා මට යන්දමින් වරදකාරී හැඟීමක් දැනුනේ අපරාදේ බොලව්. මම අහපු සින්දු අදත් ජනප්‍රියයි. උදාහරණ Hotel California.

    ReplyDelete
    Replies
    1. එකනේ ඩුඩ් අදටත් මං කැමති ශ්‍රී ලාංකීය ගායකයා තමයි "බොබ්මාලේ" හැබැයි අපේ මිනිස්සු හැමෝම අර චින්තක ගීතදේව කියනවා වගේ මාලේ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ

      Delete
    2. >>අදටත් මං කැමති ශ්‍රී ලාංකීය ගායකයා තමයි "බොබ්මාලේ"<<
      ඒක පට්ට කතාව ඕයි. :D

      චේයි, මාලේයි ත්‍රී වීලර්වල නැගලා යන්නේ ඔය කොච්චරවත්! :)

      Delete
  7. අනේ ඉවාන් කොල්ලෝ,අර කව්ද ලියල තිබ්බ මම දැක්කා...
    හරකුන්ගෙ හැටියටලු ගොපල්ලො
    සහතික ඇත්තනේ බං.

    ReplyDelete
    Replies
    1. නැතුව. මේ කතාව කියනකොටත් "අනේ ඉතින් මේ හැම පවකටම අන්තිමට කරගහන්න වෙන්නේ අර අහිංසක ජනාධිපතිතුමාටනේ" කියන කී දෙනෙක් ඉන්නවද?

      Delete
  8. සුනිල් ආරියරත්නයන්
    තනයි මැටි පිළිමයන්
    නන්දා මාලිනියන්
    සිටියි ධවල රෑ කරමින් පහන්
    පෙර ගැයූ ගී පවනින්
    නැසී යයි චණ්ඩ මාරුතෙන්
    ගයන ගී වන්දි භට්ටයන්
    විඳිමු කුණුරස ඇස් පියන්

    ReplyDelete
  9. ශ්‍රී ලංකාවේ වතුර ඉල්ලීම බලවත් වරදකි!

    ReplyDelete
    Replies
    1. නැතුව , මුන්ට තිබ්බේ නැද්ද වයින් ඉල්ලන්න, ලැජ්ජාවේ බෑ රටටම.

      Delete
    2. පාන් නෙමේ කේක් කාපල්ලා--- ප්‍රංශය

      වතුර නෙමේ වයින් බීපල්ලා --- ශ්‍රී ලංකාව

      Delete
  10. Replies
    1. බලන්න කවුරුවත් ඉතුරුවෙලා නෑ සංජීව.

      Delete
  11. නන්දා මාලනී, ආ ඇය දැන් සිරසට විකිනී අවසානයි......

    ……
    මේ එවන් සිරසක් කුමකටද මට මම ඒ නන්දා මාලනිය නුදුටු දවසක්

    ReplyDelete
    Replies
    1. හ්ම්.. දැන් නාදාමාලිනීගේ පරමාදර්ශීය ගුවන් විදුලි නාලිකාව සිරස.

      Delete
    2. ඇය දැන් මහරාජා සරනං ගච්චාමි

      Delete
    3. ඇය විතරක් නෙවෙයි ලොකු , විප්ලවීය කළා(නලා)කාරයෝ හැමෝම.

      Delete
  12. විකාර කියවන්නේ නැතුව ඔය ලියලා තියෙන පදවැලට මියුසික් එකක් දාගනින් ඊලඟ සංස්කෘතික උත්සවේට ඩාන්ස් එකක් දාන්න

    ReplyDelete
  13. අපි ඒ කාලෙමයි කිව්වේ මුන් පර බල්ලෝ, බැල්ලියෝ කියලා. විප්ලවයෙන් හම්බ කරන් කාපු පාහරයෝ. අද උන් පැතූ ළෝකය පහල වෙලා. ඒකනේ නෝ කතා නෝ සිනා.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත, නාන්දා මාලිනී ජනතාවාදී ගායිකාවක් ලෙස අකියන හැම විටකදීම මං කිවී ඇය අවස්ථාවාදිනියක් කියලයි, ඒ සරසවි කාලයේදී විඳින්නට සිදුවුණ අත්දැකීමක් නිසා මම ඒ ගැන පසුව කියන්නම්,

      Delete
  14. නන්දා කොළේ සුනිල් ලියල විසිකොරන ඕනෙම කුණුහරපෙයක් කැසට් එකක ගහන එකයි. එක කාලයක් ප්‍රේමදාස විරෝධය. තව කාලයක් තරුණයන්ට කෝචෝක් කළා. දැන් කඩේ යනවා. මුන්ගෙන් සමාජවාදී විප්ලවය ඉගෙනගන්න හිතං හිටිය උං දැනගන්න ඕනෙ, ධනවාදයෙ තුන්වෙනි කාර්තුවෙදි ඕනෙම සංකල්පයක් විකුණලා ලාභ ලබන්න පුළුවන් වෙන බව.

    ReplyDelete
    Replies
    1. කොහෙද බං උඹ ගිහින් හිටියේ, මම බයවුනා සුදු වැන් ට්‍රිප් එකක්වත් ගිහින්ද කියලා. එක ඇත්ත මචෝ. ඔය උඹ දාගෙන් ඉන්න නම උන්ට දැම්මනම් හරි, මොකද උන් කලේ විප්ලවේ නාමයෙන් මිනිස්සුන්ගේ සාක්කුව විද්ද එක,

      Delete
  15. කලා කරුවන්ට මේ දිනවල වැඩවැඩිය
    රෙදි නැතිවම කඩේ යන්නට වී ඇතිය
    ආඩම්බර තාත්තාගේ දෙ අතේ එල්ලීම
    ඒ හැර වෙනත් සැපතක් උන් හට වේද?......

    ReplyDelete
    Replies
    1. දිගටම ඔහොම තමයි වෙන්නේ ඇනෝ.

      Delete
    2. ඉවාන්..ඒ ඇනෝ නෙමයි "අසෝක"

      Delete
    3. හුටා සොරි වෙන්න ඕන අසෝක, ඇත්තටම වැරදීමක්, සමාවෙයන් මචං අසෝක.

      Delete
  16. අන්තිම කවියට පද දෙකක් දැම්ම හොදද බලහන් ...

    "මියැදී ඇතිය ඔවුනුත් ......ලෙසින් කපුගේ කම්පනයේ...........
    සති දෙකක් මතකයේ රැඳෙමින් ..................
    ගෙවුණි සුපුරුදු ලෙසින් දිවිමඟ ......."

    ReplyDelete
    Replies
    1. අනිවා ලබන සතියේ කතා කරන්න තව ටොපික් එකක් දෙයි.

      Delete
  17. එයාලගෙ ස්වර්ග එයාල සොයාගත්ත අපිව චුන් කරල.දෑන් මොකටද නිකන් ටින්කිරි ගාගන්න දගලන්නෙ.රජ්ජ අනුග්‍රහය ඈතිව යෙහෙන් වෑජබෙනව මිසක්.ඔනෙනම් තවත් කොටසකට පුලුවන් බෑට්න් එක අරන් එයාලටත් හරි යාවිද බලන්න.

    ReplyDelete
    Replies
    1. දැන් රජයේ හොඳම හිතවත්තු තමයි ,රජයට වැඩියම බනින අය, මොකද එයාල රජයට බනින්නෙත් රජයේම කොන්තාරත්තුවකට

      Delete
  18. මෙය නම් ආසියාවේ ආශ්චර්යය හැර අන් කවරක්ද මිතුර....

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com

    ReplyDelete
    Replies
    1. අනිවා එනවා, ස්තුතියි මේ පැත්තේ ආවාට, දිගටම එන්න.

      Delete
  19. මචං මිනිස්සු වයසට යද්දි විප්ලවීය අදහස් ටිකක් නැති වෙනවා.. ගෙදරට වෙලා දරු මල්ලො බලාගෙන මොනවා හෝ කරගෙන ඉන්න හිතෙනවා. කලාකරුවන් හැමෝගෙන්ම ජීවිත කාලය පුරාම තියන විප්ලවීය හැඟීම් බලාපොරොත්තු වෙන්න බැහැ. දැන් මීට වඩා ඇත්තටම පාරට බැහැලා විප්ලව කරපු 71 කස්ටිය අද පිනක් දහමක් කරගෙන ඉන්නේ.

    නන්දා මාලිනී, සුනිල් ආරියරත්න පරමාදර්ශී චරිත නෙමෙයි, ඒත් ඔවුන්ට පුළුවන් කාලයේ ඔවුන් යමක් කලා. තාම විරෝධාකල්ප ගීත කියලා අහන්න තියෙන්නේ "දඟගෙයි දඬුවම්", "යදමින් බැඳ" වගේ සිංදු විතරයි. මීට පස්සෙ ආපු කිසිම කලාකරුවෙක් (කපුගේ/නන්දා ඇරෙන්නට ) එවැනි ගීත නිර්මාණය කලේ නැහැ. ඕනෙම කෙනෙකුට සැඩ පහරකට එරෙහිව සටන් කරන්න පුළුවන් වෙන්නෙ ටික කලයි, ඔවුන්ගේ උදව්වට තව අය ආවෙ නැත්නම්. විරෝධාකල්ප ගීත අද බිහි නොවීම කියන ප්‍රශ්නය, නන්දා මාලිනීගෙයි, සුනිල් ආරියරත්නගෙයි පිට දැමීම වැරදියි.

    ReplyDelete
    Replies
    1. ඔව් තිසර ඔබේ කතාවට මම එකඟයි, නමුත් මෙහි ඇත්ත තත්වය හරියටම අපට දැනගැනීමට ලැබෙන්නේ ඔවුන් යමක් කරන කාලයේ සිටි පාලකයින් ඔවුන්ට වරදාන දීමට ඉදිරිපත් වූවානම් ඔවුන් කෙසේ ප්‍රතිචාර දක්වයිද කියන කරුණ මතයි. ඒ කාලයේ සිටි පාලකයින්ට ඒ තරම් තීක්ෂණ බුද්ධියක් තිබුනේ නෑ, ඔවුන් කලේ විරෝධාකල්ප මැඩලීමට මර්ධනය භාවිතාකිරීම. එසේ නොකර මේ සිධ්ධාන්තය භාවිතා කලානම් අද අපට අහන්නටවත් "දඟගෙයි දඬුවම්", "යදමින් බැඳ" වැනි සින්දු නැතිවී යන්නටත් තිබුනා. මර්ධනය මානුෂික මුහුණුවරින් කිරීම තමයි වරදාන මගින් තමුන් වෙත හරවා ගැනීම.

      Delete
  20. මේ වගේ අති විශිෂ්ට නිර්මාණ දැන් කාලෙ බිහිවෙන්නෙ නැති තරම්...
    ඔය වගෙ පොත්වල තියෙන ගුණය තමයි කොච්චර වාරයක් කියෙව්වත් ඒ හැම වාරෙම අළුත් කෝණෙකින් ලෝකෙ දිහා බලන්න හිතෙන එක....
    ඒක ලේඛකයින්ගෙ කියා නිමකරන්න බැරි දක්ෂතාවයක්.....
    මම සමාජවාදියෙක් නොවුනත් රුසියන් පොත් හැම එකක්ටම දැඩිව ආදරය කරන, රසවිඳින කෙනෙක්..
    ඔය පොත් දෙකම මගෙ ගාව මෑතක් වෙනකම් තිබුණ. යාළුවෙක් අරන් ගිහින් නැතිකරල. ආයෙත් හොයාගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. //"මම සමාජවාදියෙක් නොවුනත් රුසියන් පොත් හැම එකක්ටම දැඩිව ආදරය කරන, රසවිඳින කෙනෙක්"// මමත් එහෙමයි, රුසියන් නවකතා වල තිබුන ජීවිත දැක්ම අද කාලේ නිර්මාණ වල තියෙනවද කියන එක නම් ප්‍රශ්නයක්.

      Delete
  21. Replies
    1. පවුලූශා, සමාජ ප්‍රශ්ණ හුමුවේ සංවේදී විය යුතු එකම කලා කරුවන් ඔවුන් පමණක්ද?
      අප එසේ සිතීම වැරැදියි. ජීවිතයේ එක් අවස්ථාවකදී හෝ ජනතා ප්‍රශ්න සමඟ ගැටෙමින් කටයුතු කර, එමෙන්ම කලාව පාවා නොදී සිය ආත්මීය ගෞරවය ද රැකගත් නන්දා මාලනී මෙන්ම කපුගේ රටේ ජීවත්වන/ජීවිත් වූ නිරහංකාර රටට ආදරය කරන චරිත බව ද තේරුම් ගන්න. ජීවිතයේ එකදු අවස්ථාවක හෝ මිනිසුන් වෙනුවෙන් ගී ගැයූ ඔහුන්ට අපේ බොහෝ දෙනෙක් සලක්නේ කෙසේද? රට නරකාදියට ගමන්කරද්දී එය වලකා ගැනීමට නොහැකිවූ මිනිසුන්, එකී නොහැකියාව වෙනත් කෙනෙකු ගේ කර මතින් නොයවා හැකි පමණ පීඩනයට එරෙහි වෙනවානම් වඩාත් හොඳය කියා මට සිතේ.

      Delete
    2. කිසිවිටෙක එසේ නොසිතමි, මේ සමාජව්‍යසනයට එරෙහි වියයුත්තේ ඔවුන් පමණක් නොවේ, නමුත් මේ තරම් ජනතාව පෙලෙද්දීත් ඔවුන්ගේ මේ ගැඹුරු නිද්‍රාශීලීත්වය මට ප්රෙහෙලිකාවකි. මීට වඩා මර්ධනය ඉතා දැඩි වූ අවස්තාවන්හිදී ඔවුන් නොබියව පෙරට ඈ බැවිනි. මර්ධනය මගින් යට කර නොගත හැකි බොහෝ අය වරදාන මගින් අඳ, ගොළු , බිහිරන් බවට පත් කල හැක.
      මොවුන් අපෙ පරමාදර්ශී චරිත නිසා මේ නිහඬතාවය දරාගත් නොහැක.

      Delete
  22. පවන ....අයෙත් මතක් වුනා...
    අයෙමත් එහෙම වෙයි ද..?

    ReplyDelete
    Replies
    1. ආයෙත් නොවෙයි කියලා කාටද කියන්න පුළුවන්, පව් පවන.

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]