Tuesday, October 29, 2013

සිකුරිටියාගේ රාත්‍රිය


තිගැස්සී ඇහැරුනෙමි ...
හොරෙක් ඇවිත්ද....? මොනවා ගෙනගොස් ඇත්දැයි නොදනිමි....
හපොයි ...මේ මාසේ පඩිය .....එකෙනුත් බාගයක් දැන් මේ නැතිවුණු කෙහෙල්මලට කපාගනියි.

හොඳම යාළුවා අද ආවේ නැද්ද ....?
කොහේ එන්නද .....පත්තු කරපු මදුරුකොයිලයේ සැර වැඩිය.....!
ආදරණීය මදුරු යාළුවා ....ඔබ නොහිටින්නට කවදාවත් පඩියක් ඉතිරි නොවනු ඇත....

අක්කර ගානක් වැඩබිමක් තනියම මුර කරන එක ලේසි වැඩක්ද....?

රෑ එලි වෙනකං ඇවිද ඇවිද පැයෙන් පැයට අස්සන් ගහන්ටම හතරකොනේ පොත් හතරකි ....
ඒකටනම් මක්වෙනවද ................
ඇහැරිච්ච වෙලාවට පොත් ඔක්කොම එකතුකරන් ඇවිත් එකසැරේ අස්සන කොරන එකනේ ...
එහෙම කොරලා ආපහු එල්ලනකොට පොත් ටික මාරුවෙලා .......හුටා 
එක බේරාගන්නට විසිටින් ඔෆිසරයාට රුපියල්ම දෙසීයක් දෙන්නට විය...
යුනිෆෝම්, කැප්, සපත්තු සහ බැජ් එකට කපා ඇත මේ මාසෙත් තවත් දෙදාහක්......!

දැන් ඇවිත් හොරෙක් .....
මේ මාසේ ගෙදර ගෙනියන්ට වෙන්නේත් ගෙනාපු කුට්ටමම විතරය....
ඩියුටිය එක දිගට අනූ හයක් පැයම ....

අල්ලා ගන්ට ඕනේ හොරාව ...........
හෙට උදේට වීරයෙක් ...මං එතකොට ...
ලොක්කා තැන්කු කියයි කට පුරාම.........
නොදකින්... එතකොට තමයි හිතෙන්නේ හොරාට දෙන්න තියෙන ඔක්කොම....

ඒ අල්ල පනල්ලේ මගේ ගෙට හොරු පැන ඇත...
හොරා ගන්නට නොව හොරා කන්නට.....
මොනවා කොරන්ටද මාස දෙකකට දවසක් විතරක් ගෙදර යනකොට ....
මං නොදෙන දේ කන්ට එපැයි මගේ ගෑනිත් කොහෙන් හරි  

ඒත් අදනම් අල්ල ගන්නවා බෙල්ල මුලින්...
මෙන්න බොලේ හොරා ඇඟේ ගෑවෙනවා ......හිටු තොට 
හරිම සිනිදුයි නොව හොරාගේ අතපය ....
හත් ඉලව්වයි ඉන්නේ ගෙදර ඇඳේ නොවේද ...?
මාස දෙකකට සැරයක් හරියට නිදාගන්ට තියෙන එකම දවස .....
එකත් නැතිකොරන්ටද හදන්නේ මේ ගෑණි ....
පල යන්ට අහකට ....

113 comments:

  1. හරිම නිර්මාණශීලීයි! අන්තිමට යනකන්ම තේරැනේ නෑ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සඳුන් සෙවනට , සාදරයෙන් පිලිගන්නවා

      Delete
    2. තේරැනේ නෙවෙයි හලෝ තේරුණේ.

      Delete
  2. ගෙදර ආව දවසටත් " පල අහකට " කියලා නිදා ගන්නකොට හොරා කන එක අහන්නත් දෙයක්ද බං..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ... , හැබැයි ඌට එකටත් පණක් නැතුව ඇති බං

      Delete
  3. මුරකරු හෙවත් වොචර් ගේ සිට ලංකාව සෙකුරිටි ගාඩ්ට මාරු වුනු හැටිි ඉතිහාසයේ වැදගත් සංසිද්ධියක්.

    ReplyDelete
    Replies
    1. SHOAK KAI TIKAK,/ KAKKAGE KAITH MEWWAGE MY. ??HAH, HAH

      Delete
    2. කකා ඉස්සර හිටියේ ඔය වොචර්ලා කියන අය කියලා මාත් අහලා තියෙනවා. ඒ අය ඒ ආයතනයේම හරි වත්තේම හරි අයිති කාරයාගේ හිතවත් පක්ෂපාතී අය නේද? සිකුරිටි ගාඩ් අයිති වෙනම කොම්පනියකටනේ.

      Delete
    3. @ ඇනෝ - ඔයත් ක.සු.ජා.ස. එකෙන්ද ...?

      Delete
    4. නැහැ ඉවාන් මල්ලි,කකා කියන කතාව හරි.
      අපි ඉපදෙන්න ඉස්සර සිට ආපු පිලිවල කියල තියෙන්නෙ මම හිතන ලෙසට.

      Delete
    5. මම ඒ ගැන වැඩිය කියන්න දන්නේ නෑ කෙන්ජයියේ. කොහොමත් එතැන් වෙනසක් තියෙන බව බවනම් තේරෙනවා

      Delete
  4. මේ අය විඳින දුක පෙන්නුම් කරලා දෙන ලියවිල්ලක් ඉවාන්

    //මාස දෙකකට සැරයක් හරියට නිදාගන්ට තියෙන එකම දවස .....
    එකත් නැතිකොරන්ටද හදන්නේ මේ ගෑණි ....//

    නෝනා පව් අප්පා...:D

    ReplyDelete
    Replies
    1. සික්කෝ පුදුම දුකක තමයි විඳින්නේ පොඩ්ඩි . නොනාත් පව් සික්කත් පව් ...නැද්ද මං අහන්නේ

      Delete
  5. නියමයි බං නිර්මාණය.
    උඹ ඇත්තටම මලක් ගහලද මල්ලො මේව ලියන්නෙ...?
    ඇයි යකෝ නැත්නම් කොහොමද මේ වගේ පට්ට නිර්මාණ බිහි වෙන්නෙ..?
    ඌ නම් පොල් බුරුවෙක්..
    මාස දෙකකට ආවයින් පස්සේ මුලින්ම කරන්න ඕන දෙක තුනක් නෙලන එකනේ පෙරලගෙන.
    පව් අෆ්ෆා ගෑනි.පෙර ආත්මෙ ලොකු අකුසල් කර්මයක් කරල ඇති.

    ReplyDelete
    Replies
    1. මාස දෙකක් ඌ මැරිලා මැරිලා ආවාම ඌට පණක් කෙන්දක් කියලා දෙයක් නැතුව ඇති කෙන්ජයියේ. තැන්කුවෙවා , මලක් නම් ගැහුවේ නෑ , එහෙම වුනානම් කොහොම හිටියිද ....:D

      Delete
    2. මොන මැරිල්ලක්ද බං..
      මේසන් බාස්,ගෝලයො වගේ නෙමේනෙ සික්කො..
      එකම දේ නිදිමරන එක...
      ගෙදර එන දවසට ගෝල්ඩ්/සිල්වර් කලර් රෙඩ් බුල් දෙකක්ම බීල ආවනම් අහවරයිනෙ ගුස්පිය........
      මට දවල් කෑම කන්නත් එපා උනා මේ ගෑනු මනුස්සය ගැන දැනිච්ච දුකට... :(

      Delete
    3. ඔව් කෙන්ජයියේ ඒ වුනාට දවස් ගානක් එක දිගට නිදිමරුවම තෙහෙට්ටුව තියෙනවා. අපරාදේ දවල් කෑම එක ශේහ්

      Delete
    4. දුටුතැන වලත්තකම ප්‍රදර්ශනය කරන කෙන්ජි ගේ කොමෙන්ටු හෙලාදකිමි අපිත් මේවා කියෝනවා ඉදගෙන ,, කථාව තුල තිබ්බ රසවත් නිර්මානශිලිකම කුණුහබ්බ එක්ක මුහුකරන්න එපා ඉදගෙන :(

      Delete
    5. අන්න බතලිට තදවෙලා ඉඳගෙන ...: D

      Delete
  6. හෙහ් හෙහ් මරු අන්තිම ටික. . .

    ReplyDelete
  7. හෝහ් හෝහ් හෝ. සිනිඳුවට දැනුන හොරෙක්!

    ReplyDelete
    Replies
    1. අන්න හොරු.... මිනිහ පව් නේද?

      Delete
  8. ඉවාන් ස්පෙෂල් එල මචන්...... මුරකරයාගේ ගෙදර address එක එවපන්කෝ දන්නවනං

    ReplyDelete
    Replies
    1. අර මොන කෙන්ගෙඩියකටද? ඌ මැලේසියාවේ සික්කෙක් නෙවෙයි බං ලංකාවේ එකෙක් .

      Delete
    2. ඇයි යකෝ නිවාඩුවට ආවම හරි තැන දැනගත්තම රවුමක් දාන්න බැරිය....

      Delete
    3. එතකොට ලංකාවට එන්නේ නිවාඩු ගන්න නෙවෙයි එහෙනං ...:D

      Delete
    4. නිවාඩුවක නියම නිවාඩුව වෙන්න නම් 1/4 විතර ලෑම තිබිය යුතුමයි..

      Delete
    5. කෙන්ජයියා ගාව මරු අර්ථකතන තමයි තියෙන්නේ ..:D

      Delete
    6. අඩේ මම නැති ටිකට කෙන්ජයිය හරියටම මගේ අදහස ඉදිරිපත් කරලනේ..... කොමත් ඉතින් පිටරටවල ඉන්න තමයි අයම තමයි මව්රටට අවාම නිවාඩුව ගත කරන්න ඕන කොමද කියලා හරියටම දන්නේ

      Delete
    7. ඔය අහුවෙන්නේ හොර ...:D

      Delete
  9. හොරා පව් නෙහ්?

    සිකුරිටි කියන්නෙ මහා ජරා රස්සාවක්....පෙර පවකට තමයි ඔවුවට සෙට් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත රෙහෝ ... ඒත් කම්මැලිකමටම ඕකට යන මිනිස්සුත් ඉන්නවා ඕනතරං

      Delete
    2. එහෙම කියන්න එපා ඒ මිනිස්සුන්ගේ ඇත්ත ජීවිත හරිම ක‍ටුකයි තිත්තයි.... තියෙන හැමදේම හූරන්කන රස්සාවක් මගේ යාලුවෙක් ඉගෙනගන්න ගමන් කලා ඌ කියන කතා අහුවම එපා වෙනවා.. තාමත් ඌ එවට වන්දි ගෙවනවා... :(

      Delete
    3. ජරා රස්සාවක් කිව්වේ ඒ අදහසින් තමයි මොරබ්බා ... ලෝකේ තියෙන අන්තිම එපා කරපු රස්සාව. කිසිම සහනයක් නෑ. අන්තිම දුෂ්කර රැකියාවක්. ඒ අතර අයිස් පාරට හුරුවෙච්ච ආඳා ටයිප් ඩයලුත් ඉන්නවා සෑහෙන්න .

      Delete
  10. අර කොන්දොස්තර ලියුමක් ලියනකොට මේසෙ හොල්ලන්න කියන කතාව මතක් වුණා :)

    ReplyDelete
    Replies
    1. ඔව්, ඇයි කොන්දොස්තරට නිදාගන්නත් ඇඳ හිටවලා තියන්න ඕනෙලුනේ

      Delete
  11. පස්ටයි මචං.. ඔහොම දේවල් ටච් කරන්න ලේසි පුතයෙකුට බැහැ.. එළකිරි..

    ReplyDelete
  12. සිරාවටම සිකුරිටි කාරයෝ මට නම් පේන්න බැහැ මම එකෙක්ට කළා ලොකු බලු වැඩක් එතනින් පස්සේ තමයි උන් එක්ක තියෙන තරහා නැතිවුනේ. එල කිරි නිර්මානේ බං

    ReplyDelete
    Replies
    1. සමහර සික්කෝ ඉන්නවා කෝරලේ උනාට අපි ගෙවන්නේ පඩියක් නෙවෙයි ණයක් , ඒ තරමට මෙලෝ රහක් නැති එවුං . තැනකුයි වේවා

      Delete
  13. නියමයි නියමයි !
    අපේ නං සිකුරිටිලාට දවස් දෙකෙන් දෙකට නිවාඩු ! ඒත් ඉතින් ඇහැරං ඉන්න එක කොච්චර අමාරුදෑ.

    ReplyDelete
    Replies
    1. තන්කුවෙවා මධු, එහෙම තමයි හරිනං වෙන්න ඕන එත් එකෙක් ආවේ නැත්තන් ඉන්න එකාම තමයි කවර කරන්නේ ඉතින් සමහර එවුන් දවස් හතර පහ නිවාඩු ඇහැරලා

      Delete
  14. නියමෙටම ලියල තියෙනවා ඉවාන් හැබැයි සිකුරිටි නෝනලගේ කතාව නම් මීට වෙනස්.

    යහමින් අතමිට සමගින් නිදහස
    අහලින් පහලින් වගේම ගෙදරින්
    බොසාද ඇතුලුව සික්කන් බක්කන්
    ඔක්කොම බස්සන් පානව විස්කම්...

    ReplyDelete
    Replies
    1. තැන්කු මොරබ්බා - සිකුරිටි නෝනලා ගැන කියලා තියෙන කතාවනම් සහතික ඇත්ත.

      Delete
  15. ඈ බං ඉවාන්? සිරාවටම ඔය යුනිෆෝම්, සපත්තු වලට පඩියෙන් කපාගන්න සීන් එකක් තියෙනවද බං? ඒක අසාදාරණෙත් හොඳ එකනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩූඩ් ,යුනිෆෝම් ,සපත්තු වලට පඩියෙන් අඩු කරගන්නවා එක සැරේ නෙවෙයි ටික ටික . ඒ වුනාට උන්ට හම්බවෙන ගානත් එක්ක ඒක "ටිකක්" හැටියට දැනෙන්නේ නෑ,

      Delete
    2. ඔව් ඒ විතරක් නෙමේ.කොම්පනියෙ "පොරවල්"කරන හොරකම් වලට වග කියන්නත් ඔන.රිස්ක් එකට අනුව පඩි නොලබන එකම රැකියාවද කොහෙද.

      Delete
    3. "රිස්ක් එකට අනුව පඩි නොලබන එකම රැකියාවද කොහෙද" 100% ඇත්ත

      Delete
  16. ඈ ඉවාන් බොට සිකුරිටි වැඩ කරල පළපුරුද්දක් තියේද,ඒ තරමටම තාත්වික විදියට ලියල තියෙනව,අර ගෙදර ගෑනිගෙ කේස් එකනං කොටුවක් පනිද්දී වෙච්චි අත්දැකීමක් වෙන්න ඇති.
    කතාව හොඳයි.

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් සිකුරුටි වැඩ කළා ඉස්සර පොඩි එකා කාලේ අක්කලාට , අපේ ගෙවල් පැත්තේ අක්කලා ආරක්ෂාවට මාවමතයි එක්කං යන්නේ ......තැන්කු වේවා හැලපයියේ ...

      Delete
    2. ඒකනම් පරීක්ෂණයක් පවත්වන්න ඕනේ දෙයක්! ;)

      Delete
    3. මොකක්ද බොල කුපාඩි නාඩියා කිව්වේ ..?

      Delete
  17. හමුදාවෙන් විශ්‍රාම ගොස් පෞද්ගලික බැංකුවක ආරක්ෂකයකු ලෙස බැඳුනු කෝප්‍රල් වරයෙක් මට වරක් හමුවුනා. අනේ සර් යුද්දෙන් මරුනානම් හොඳයි කියලා හිතෙන්නේ දැන් තමයි කියා ඔහු කිව්වා.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක තමයි විචාරක ඇත්ත තත්ත්වේ . ගොඩක් ආමි, පොලිස් රිටයර් වෙච්ච අය මේකට ඇවිත් පජාත වෙවී ඉන්නවා. ඇත්තටම මාර විදිහට මිනිස්සුන්ගේ ආත්ම අභිමානය කීතු කීතු වලට ඉරලා දාන රස්සාවක්.

      Delete
  18. පුදුමයි ගෑනිව හොරු නොගෙනිචා කියුවම.

    ReplyDelete
    Replies
    1. හොරා එච්චර මෝඩ නැතුව ඇති ...!

      Delete
  19. ඉවාන් මේකෙ වචන ගලාගෙන යන ආකාරය විශිෂ්ඨයි. ඒ වගේම තමා සංකල්ප රූප මැවෙනව. හරිම ලස්සනයි. ඒත් දුකක් දැනෙනව.හැමදේම සිද්ධ වෙන්නෙ දරිද්‍රතාවයෙන් පෙළෙන අසරණ තුන්වැනි පන්තියෙ අපි වගේ කම්කරුවන්ටම ඇයි මෙහෙම වෙන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වැව් ඉස්මත්ත ...කොහොමත් පහත තැනින් යයි ගලා ජලේ වේගයෙනී

      Delete
  20. මම හිතුවෙ නම් සිකුරිටි ජොබ් එක කරන අයට නිදිවරලා හොඳට පුරුදු නිසා...ඕකෙ අනිත් පැත්ත කියලයි !

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද වෙනි අයියේ ....සික්කෝ වැඩි දෙනෙක් ඉන්නේ මුළු දවසම මඤඤන් වෙලා වගේ

      Delete
  21. නියමයි මචං...බ්ලොග් අවකාශයේ බොහොම නිර්මාණාත්මක ලියවිලි කරන බ්ලොග් කරුවෙකුගේ පීල්ලට උඹ වැටිලා තියෙන්නෙ..ඒ පීල්ලෙම ඉස්සරහට පලයං...මෙවැනි නිර්මාණ බොහොම අඩු වට පිටාවක...උඹ අපිට ගොඩාක් වටිනවා..ජය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා බොහෝම ....ඔය වචන ටික මට ලොකු හයියක් ....

      Delete
  22. අපුරුයි. නිර්මාණශීලියි . ජය !

    ReplyDelete
  23. කියන්න බැරි තරම් පට්ටයි.. කොහොමත් උඹ නිර්මාණශීලී පොරක්..

    පොකූ කිව්වා වගේ, ගෑණිත් පව්.. මිනිහා ඊටත් පව්.. ගෑණිනම් හොරෙන් හ්‍රි කනවා.. මිනිහා ඒවා කොරන්න ගියොත් ජොබත් නෑ...

    උඹ දන්නවද සිකිරුටිකාරයාගේ ගීතය.. දන්නෙ නැත්තං කියපන්.. කියලා දෙන්න..

    ReplyDelete
    Replies
    1. ඔව් මාතලන් සික්කොන්ට ඔය සබ්ජෙක්ට් එක නිකන් හීනයක් වගේ . පුදුම කරුම රස්සාවක්. ස්තුතියි මාතලන් සහයෝගයට සහ දිරිගැන්වීමට .මගේ බ්ලොගට මාතලන් දුන්නු අත හිත කවදාවත් අමතක් වෙන්නේ නෑ .
      මොකක්ද සිකුරිටි කාරයාගේ ගීතය කියන්නේ ...?

      Delete
    2. "ඇස් දෙක පියාන නිදා ගන්න මට බෑ..... බෑ..........බෑ......"

      Delete
    3. හැක හැක එක ඇත්ත උන් නිදා ගන්නේ ඇස් ඇරගෙන

      Delete
  24. නින්ද කොච්චර වටිනවද මේ වගෙ කෙනෙක්ට නේද?

    ReplyDelete
    Replies
    1. කොච්චර වටිනවා වුනත් නින්ද හීනයක් මේ මිනිස්සුන්ට. උන් "මුළු දවසම නිදි හැබැයි මුලුදවසම ඇහැරලා"

      Delete
  25. අදත් බොක්කටම වදින්න ලියලා තියෙනව පවුලූශෝ. සුපිරියි ඈ! ඇත්තටම කොහෙන්ද මේ වාගෙ කාටවත් නොහිතෙන අදහස් පහළ වෙන්නෙ? කෙන්ජයියා කියාපු විදියටද? ;)

    …අපේ ඔෆිස් එක ඉස්සරහ ඉන්න සික්කො සෙට් එක කාලෙන් කාලෙට මාරු වෙනව. සමහර උන් පජාතයි. සමහර උන් නම් උදේ හවස දකින හැමෝටම කටපුරා හිනාවෙලා ඉන්නව.

    …ඊයෙ මම වේලාසනින් වැඩ ඇරිලා යද්දි සික්කා මල්ලි කියනව.
    …"මිස් නම් අද කලින් යනෝ වගේ, අපි ඉතින් කීයට යන්නද" කියල. පව්. පාර ගාව හිටියෙ කස්ටියගෙ වාහන මහපාරට හරවන්න සිග්නල් දෙන්නෙ ඒ සික්කා. ඉඳගන්නවත් නැතුව ඇති දවසටම.

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා බස්සියේ ... අම්මප මටත් දැන් හිතෙනවා කෙන්ජයියා කිව්වා වගේ මලක් ගහලා බලන්න හික් හික් ..
      සික්කොන්ගේ ජීවිත කියලා වැඩක් නෑ. අපේ සයිට් එකේ හිටපු සික්කෙක් මිනිහට ඒ රස්සාව එපාවෙලා කියලා සයිට් එකේ වැඩට එන්න ඇහුවා ,අපිත් ඉතිං ගත්තා ටික දවසකින් මිනිහා කියපි
      "අනේ මහත්තයා මට මහන්සිවෙලා වැඩ කරන්න නම් බෑ ,වැඩිය මහන්සිවෙන්නේ නැති වැඩක් දෙන්න" කියලා , කන්ස්ට්‍රක්ෂන් සයිට් වල කොහෙද මහන්සි වෙන්නේ නැති රස්සා ,මෙන්න ටික දවසකට පස්සේ මිනිහා ආයෙත් සිකුරුටි වැඩේටම බැහැලා. මිනිහට ඇති ලෙඩකුත් නෑ. ඔය රස්සාවෙන් මිනිස්සු කම්මැලියෝ වෙනවා සමහර වෙලාවට

      Delete
  26. කැම්පස් වල ඉන්නවනේ දැන් රක්නා ලංකා එකේ අය. කියන කතා ඇහුවම පව් කියලත් හිතෙනවා! හෘද සාක්ෂියට අනුව කවදාවත් වැඩ කරන්න බැරි වෙලා ඒ අයට.

    ReplyDelete
    Replies
    1. රක්නා ලංකා එකේ අයටනම් කොහොමත් හෘද සාක්ෂියට අනුව කවදාවත් වැඩ කරන්න ලැබෙන්නේ නෑ නාඩි මලේ කොහොමත්. උන් නම් පව් එකේ හොඳම එක

      Delete
  27. හැමෝම සිකුරුටිලට ආස නැතිවුණාට වයසට ගිය හමුදාවේ අය බොහොමයක් මේ රස්සාව කරනවා ,,,
    ඔයාගේ නිර්මානේ ඇතුලේ මුලුකතාවම තියෙනවා ඉවාන්

    ReplyDelete
    Replies
    1. ඒ අය ඒ රස්සාවට එන්නේ කීයටවත් කැමැත්තෙන් නෙවෙයි ඔමායා , කරන්නේ දෙයක් නැති කමට . මේ වියදම තමුන්ගේ පැන්ෂන් එකෙන් දරාගන්න තියෙන අමාරුවට. තැන්කු වේවා ඔමායා

      Delete
  28. අන්තිමට හිනා ගියාට ලොකු ඛේදවාචකයක් මේකෙ තියනවා... හැබැයි නිකං වතු වල පෞද්ගලිකව දාපු මුරකාරයෝ ඇරෙන්න ආයතන වලින් එහෙම දාන්නේ දෙන්නෙක් තුන්දෙනෙක් මාරු කර කර නේද? ඒ සම්බන්ධයෙන් නීතියක් තියනවද කියලා නම් දන්නෙ නෑ...

    උඹ නිර්මාණය ඉදිරිපත් කරලා තියන ආකාරය නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර ..."අන්තිමට හිනා ගියාට ලොකු ඛේදවාචකයක් මේකෙ තියනවා." ගොඩක් කතාවල එහෙමයි නේද? අපි හිනාවෙන්නේ අපේම අසරණ කම් වලට .

      ආයතන වල දාපු අය මාරු කරන්න ඕන එක තමයි පිළිගත් සම්ප්‍රදාය. එත් ඔය හොඳයි කියන ප්‍රයිවට් සිකුරුටි ෆර්ම් වලත් ඔක් හරියට වෙන්නේ නෑ. එදා වැඩට එන්න හිටපු එකා ආවේ නැත්තන් හිටපු එකාම තව පැයවිසිහතරක් අදින්න ඕන. වැරදිලාවත් එකට අපි ලෙඩක් දැම්මොත් වෙන තැනක හිටපු නිදිමරපු එකෙක්ව මෙතෙන්ට මාරු කරනවා ,අපි හිතන්නේ අලුත් එකෙක් කියලා .
      ගොඩක් තැන වල මාසයක් වැඩ කරාම මොකක් හරි ලෙඩක් පටලවලා පඩි නොදී එලවනවා . නැත්තං පඩියෙන් ලොකු ගානක් කපනවා. මේවයේ අයිති කාරයෝ බොහොමයක් ආමි එකේ ,පොලිසියේ හිටපු ලොක්කෝ නිසා පොලිසි වලින් මේ කම්ප්ලේන් බාරගන්නේ නෑ ,
      ඔය ලොකු නම් තියෙන හැම සිකුරුටි ෆර්ම් එකක් ගැනම වගේ මට අත්දැකීම් තියෙනවා , නම විතරයි උන්ගේ. "workers turnover" එක වැඩිම ජොබ් ෆීල්ඩ් එක මං හිතන්නේ මේ සිකුරුටි ජොබ් එක තමා. මිනිස්සු ඕනෑතරම් හොයාගන්න පුළුවන් ,එත් රැඳෙන්නේ 5% ටත් වඩා අඩු ප්‍රමාණයක්.ගොඩක් අය යනවා ,නොයන එවුන්ව යවනවා.
      අනිත් පැත්තට ගත්තම ගොඩක් ලොකු හොරකම් වෙන හැම තැනකම වගේ සිකුරුටි කාරයෝ අනිවාර්යයෙන් සම්බන්ධයි. ඒ නැතත් පොඩි පොඩි හොරකම් බොහොමයක් වෙනවා.

      Delete
  29. බ්ලොග් එකක දැක්ක හොඳම නිර්මාණය කියල කියන්න ලෝභ වෙන්නෙ නෑ මචෝ. සුපිරි!

    ReplyDelete
    Replies
    1. ෂාහ් ...ඇත්තමද........? මාර සතුටුයි. තැන්කු වේවා රාජ්.....!

      Delete
  30. නිර්මාණශීලී ගුණය අගය කරන්න ඕනෙ....බොහොම කලාතුරකින් දකින්න ලැබෙන වර්ගයේ නිර්මාණයක්....දිටම ලියමු ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කලුජෙමා , දිගටම එන්න බලන්න මේ පැත්තේ .

      Delete
  31. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔබ වගේ ය ඉන්න එක ගැන මාත් සතුටුවෙනවා ප්‍රසා ,, ඔබටත් ජය

      Delete
  32. මම දෙපාරක්ම කියෙවුවා. පස්සෙ තමයි කාරනය හරියටම වැටහුනේ.
    නියමෙට ලියල තියෙනවා. ඔබට ඡය

    මට නැති හැකියාව ඔබට තිබීම ගැන මම සතුටු වෙනවා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න. සාදරයෙන් පිලිගන්නවා මෙහාට. එහෙම සතුටුවෙන්න් පුළුවන් කියන්නේ ඔබ සැබෑ නිහතමානී පුද්ගලයෙක්.

      Delete
  33. "Security", "Driver" job karna un mara katak kanne. uba liyana ewa wadinne ape "bokkata"

    ReplyDelete
    Replies
    1. ඔව් බන් , බොහොම ස්තුතියි මෙන්ඩියෝ උඹ වැඩ අස්සේ මෙහෙම හරි ඇවිත් යනවාට.

      Delete
  34. මනුස්සයා ගැන පව් කියල හිතන්නද නැත්තම් ගෑණු කෙනා ගැන දුක් වෙන්නද කියල හිතාගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මහේෂිකා සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට. ඇත්තටම ඔය මිනිස්සුන්ගේ ජීවිත ගොඩක් දුක්බරයි, දෙන්නා ගනම් දුකයි .

      Delete
  35. http://kenjij1.blogspot.co.il/ ඔන්න බොගක් අටෝගත්තා මාත් දැන් ඇවිත් කොමෙන්ට් කරලා ෆලෝ කරලා බැනලා යන්න පුළුවන් හිතේ හැටියට

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි, මේ දැන්ම එනවා කෙන්ජයියේ, දැන් හැබැයි සමකය වටේ පාලුවට යයිද මන්දා.:D

      Delete
  36. අඩෝ බොල අර ගෑනි පවු නැද්ද...කෙටි උනත් මරු.අර්ථාන්විතයි..

    ReplyDelete
    Replies
    1. පව් තමයි බන්, මිනිහා ඊටත් වඩා පව් නැද්ද?

      Delete
  37. දෙන්නම පව් ඈ ඉදගෙන

    ReplyDelete
    Replies
    1. හෑ මෙන්න තවත් එක්කෙනෙක් ඉඳගෙන .....! තැන්කු වේවා ශානු. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට .

      Delete
  38. නියමෙටම නියම නිර්මානයක්. ඇඬෙනවා බන් මේ කාරිය කරන අය ගැන හිතුවාම. සමහර අයව අපි ආරක්ෂා කරන්න ඕන වයසේ. මම ලංකාවේ වැඩ කරන කාලේ හැකි පමනින් පිහිට වුනා. හරි හමන් වැඩ පිලිවෙලක් ඕන.

    උඹේ පින්තූරේ ඉන්න වගේ සිකුරිටිලා මෙහේ නම් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අරූ කාලෙකින් දැක්කේ නෑ ...ගොඩක් සිකුරුටිලා ඉන්නේ පෙන්ෂන් ගිහින් ගෙදර වියදම පෙන්ෂන් එකෙන් කවර කරන්න බැරි නිසා මේකට ආපු අය , ඒ මිනිස්සුන්ට නිකං වත් හිටගේනවත් ඉන්න බෑ .

      Delete
  39. මට නම් බොහෝ විට සෙකියුරිටි මෑන්ලා ගැන හිතෙන්නේ කම්මැලි කමට ඉන්න මිනිස්සු ගොඩක් කියලා. ඔය ලංකාවේ හෙම පාකින් එකකට හෙම ගියාම බලන්නකෝ. අඩු ගානේ මූණට හිනාවක් නෑ. සමහර අය ඉන්නේ අර කීවත් වගේ දවල් රෑ මාරු වෙලා. සමහරවිට ඒ අයට වෙන විකල්පයක් නැතිවද මන්දා. මොනවා උනත් රස්සාවේ ගරුත්වය ආරක්ශා කරන සෙකියුරිටි අය නම් අඩුයි. හොටෙල් වල දහයටත් ගේට්ටුව වහලා හෙම නිදාගන්න බලන සෙකියුරිටි අන්කල්ලා තමයි වැඩි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත , ලංකාවේ තත්වෙන්ම් ඕක තමයි. ලංකාවේ සිකුරිටි රස්සාවට ගොඩක් එන්නේ වෙන දෙයක් කර කියාගන්න බැරි අයයි , පෙන්ෂන් ගිය අයයි, කම්මලියෝයි තමයි . ඉතින් ඒවගේ පිරිසකගෙන් ගුණාත්මක සේවයක් ලැබෙන්නේ නැති එක ඇත්ත

      Delete
  40. පට්ට බං උපරිමෙන්ම ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා මනෝ. කාලෙකින්....(ආච්චිට නිවන්සුව පතමි)

      Delete
  41. මට මේ පෝස්ට් එක මග ඇරිලා ප්‍රගීත්... නිර්මාණය නම් හැමදාම වගේ ඉහලයි .. කතා කරන්න දෙයක් නැහැ ...

    මටත් ඉන්නවා ඔය වගේ මහන්සියෙන් ආවම වද දෙන නෝන කෙනෙක්... :(

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහන්, කොයිවෙලාවක හරි සහන මේ පැත්තේ එන බව මන්දන්න්වා ...., අයියෝ ...වැඩ දෙනවා නෙවෙයි මන් හිතන්නේ .........:D

      Delete
  42. ඉතිං ගෙදරට හොරු පනින එක අහන්නත් දෙයක්යැ

    ReplyDelete
  43. මොනවා වුනත් හොරා පව් අනේ....
    ඔයාගේ හැම කතාවම වගේ..මේකෙත් තියනවා..අලුත් ආරක්..
    ඔහොම යන් මල්ලියේ..
    ඔන්න මම ආපහු එනවා කියවන්නට

    ReplyDelete
    Replies
    1. ආ මෙන්න අපේ අක්කා ආපහු ඇවිත්, තැන්කු වේවා අක්කේ .....දිගටම එන්න

      Delete
  44. හොරා පව් අ‍ෆ්ෆා! නින්ද යන්නේ නැතු ව ඇති. හැමදාම වගේ අදත් නියම යි, ඉවාන් අයියේ. කාලෙකින් මේ පැත්තට ගොඩ වෙන්න බැරි වුණා. ඒ නිසා මග ඇරිච්ච ඒවා දැනු යි කියවන්නේ.

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා ධාරා , මං එත් බැලුවා මොකද ධාරා පෙන්න නැත්තේ කියලා

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]