Friday, October 25, 2013

ප්‍රේමය නම්


"කම් ඉන් සර්....."

"තැනක් යූ ..."

"ඉට් සීම්ස් දැට් යූ කේම් ෆෝ ද ෆස්ට් ටයිම් අ ප්ලේස් ලයික් දිස් .....ආ... ඒනිවේ .....මිස්ටර් සුරේෂ් කෝල්ඩ් ඇන්ඩ් ටෝල්ඩ්මී  දැට් යූ විල් කම් "

"නිර්මාණී ආයුර්වේද සුව අසපුව .......විචිත්‍රවත් ඩිජිටල් නාමපුවරුව සිනාසෙමින් නගරය දෙස බලා හිඳියි. මා සමග ඉංග්‍රීසි භාෂාවෙන් ව්‍යක්තව කතාකල උඩරට ඔසරිය හැඳි සුන්දර යුවතිය දෙස බලාසිටිත්දී මට සිහිවුනේ සුරේෂ් සහ මා අතර ඇතිවූ සංවාදයේ වචනපෙලයි.

"මචං හැමදාම උදේ ඔෆිස් යනවා බං. මාර ලස්සනයි. හරිම අහිංසක මූණක් තියෙන්නේ, වැදගත් පාටයි."

"කොහෙද වැඩකරන්නේ ...?"

"අර ස්පා එක තියෙන බිල්ඩින් එක දිහාට තමයි යන්නේ "

"එතන වෙන ඔෆිස් නෑ, ඔතන වැඩකරන එකක් නම් මචෝ උඹ ඔය කියන විදිහේ කුල කාන්තාවක් වෙන්න බෑ"

"ඇයි ....."

"ඇයි කියන්නේ මැට්ටෝ ඒක බඩුපොට් එකක්නේ ..."

"එතන ....? වෙන්න බෑ ඒක අයුර්වෙදික් ස්පා එකක්නේ ..."

"ස්පා......හැක හැක් හැක් හූ .....ස්පා....බම්බුව ස්පා........අද හවස උඹම ගිහින් බලපන් බොරුනම් මම අපොයින්ට්මන්ට් එකක් අරන් දෙන්නං .........සමහර විට උඹේ ඔය ප්‍රේම සුරන්ගනාවිම අල්ලාගෙන උඹට සර්විස් එකක් දාගත්තහැකි."

*******

"සර්....සර්.....එක්ස්කියුස්මී සර්....."

ඔසරිය හැඳි සුන්දර යුවතියගේ කටහඬින් මා යලිත් පියවි ලොවට පැමිණියෙමි.

"සර්.....දැන්නම් අපි ළඟ මේ හයදෙනා විතරයි ඉන්නේ අනිත් අය එන්ගේජ්ඩ් ........"

මා අත ලැමිනේට් කල පින්තූර කිහිපයක් තබමින් ඇය නැවත දොඩමළු වූවාය......පින්තූර දෙස බලාසිටින මට අඳුරු කල සුවිසල් වීදුරු තුලින් මහපාර දිස්වෙයි පාරේ ගමන් කරන සියල්ලන්ම මා දෙස බලමින් මට සමච්චලයට සිනාසෙනු මට පෙනෙයි.

"වට් ඩු යූ තින්ක් සර්..."

ඔව් මේ ඇය නොවේද...? සුරේෂ් කීවේ සැබෑවක්ද ....

"මෙන්න මෙයා ...........මේ ඉන්නේ ...."

"ඕකේ  සර්............... වෙයිට් අ මිනිට් සර්....කියමින් නැවත කිරිගරුඬ පාට කවුන්ටරය දෙසට ඇදුනු යුවතිය ....රිසීවරය කනේ තබාගෙන අංක කීපයක් ඔබා ....      "නිශූ ...අ කස්ටම ෆෝ යූ " කියා නැවත මාදෙසට හැරුණි......
"සර්.....ප්ලීස් ගෝ ටු රූම් නම්බ සෙවන් ...."

"පේමන්ට්ස්.....?"

" දැට් හෑස් ඔල්රෙඩි ඩන් බයි මිස්ට සුරේෂ් සර්.......යූ හෑව් වන් අව සර්....."

"තෑන්ක් යූ"

"වෙල්කම් සර්"

"ඉදිරිපස ඇති රෙදි කඩයේ පිල මත සිටි බැල්ලියගේ ඇඟට නගින්නට උත්සාහ කල බලු පැටියා, දෙතුන් වරක් උත්සාහ කර අමාරුවෙන් නොවැටී බැල්ලියගේ පිටමත පාද තබාගෙන වටපිට බලන විටම කඩය තුල සිට පැමිණි කොලු ගැටයෙක් උන් දෙසට බේසමක තිබූ වතුර විසිකරනු ද උන් දෙදෙනා දෙපැත්තට දුවන අයුරුද කාමර අංක හත දෙසට ඇවිදගෙන යන මට අඳුරු පැහැ වීදුරුව තුලින් දිස්වන්නට විය.

 ******

" එන්න සර්...."
දනිස්සෙන් අඟල් හතරක් පමණ ඉහලට වන්නට රතු පැහැ අත්  නැති ඇඟටම ඇලුණු ගවුමක් ඇඳගෙන සිටි රූබර යුවතිය පෑ සිනහව මා කුල්මත් කිරීමට සමත් විය.

ඔව් මේ ඇයම තමා ......සුරේෂ් මහා හඬින් මට සිනාසෙනු මසිතේ ක්ෂණයකින මැවී පෙනී නැතිවී ගියේය.

මා උදේ දුටු කාර්යාලීය යුවතිය උදෑසන දුටු අඩි උස පාවහන් යුගලයෙන් නිදහස් වූ ,රතු නිය ආලේපන ගැලවූ නිරුවත් දෙපා යුග මනබඳනා සුළුය.

"සර් ...වොෂ් එකක් අරන් එන්න..... සර්...සර්...සර්....."

ඇයගේ මුහුණ දෙස මා බලා සිටියා වැඩියිවත්ද?
  එක අතකින් මා දෙසට සුදුපහ තුවායක් දිගුකරගෙන සිටි ඇය පාදයක ආධාරයෙන් විවර කල ලාච්චුවේ තිබූ උපත්පාලන කොපු පැකට්ටුවක් අතට ගනිමින් සිටින්නීය .

"එපා ..."

" එපා ........? එපා කියලා බෑ සර්.......වොෂ් එකක්නම් අනිවාර්යයෙන් ගන්න වෙනවා . අනික  අනිවාර්යයෙන් කොන්ඩම් දාන්නත් ඕන .........."

ඇය මෙසේ කියන්නේ කෙතරම් පහසුවෙන්ද ..?ඇත්තටම මට දැනෙන අපහසුතාවයෙන් බිඳක්වත් යට නොදනේන්නේද?

*******

"මට ...මට .....මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන "

" කතා කරන්න.............මාත් එක්ක............? මොනාද? ............."ඇය පුදුමයට පත්වූ සෙයකි.

මම ඇඳ මතින් වාඩිවුණේ තවත් හිටගෙන හිටියානම මා බිම අද වැටේවි කියන බියෙනි.

"මෙහෙන් වාඩි වෙන්නකෝ..........."

"මොකටද ........සර් ........මං හම්බ කරගෙන් කන එක නවත්තන්නද හදන්නේ ....අනේ ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්න සර්...."

"ඇත්තටම මට ඕනේ ඔයත් එක්ක කතා කරන්න ..."

"මොනා කතාකරන්නද.....? කතාකර කර ඉන්න පැයකට අටදාහක් ගෙවන්න සර්ට පිස්සුද....."

"අටදාහක්.............?

"ඔව් ඇයි ඊට වඩා ගෙව්වද....."

"ඔව්....නෑ ...නෑ ....අටදාහ තමා...."

"ඔයාගේ නම මොකක්ද.....?"

"මගේ නමෙන් සර්ට වැඩක් නෑනේ ...සර් පත්තරෙන්ද .....ඔයාලා ඕව පත්තරවලට ලියලා සහතික ගනියි....විස්තර දුන්න කියලා අපිව මරයි මෙතන ,ආවනම් ආව වැඩේ කරගෙන් යන්න සර්  පව් නොදී...."

"මම පත්තරෙන් නෙවෙයි, පොඩ්ඩක් මම කියන දේ අහන්න "

"මොනා අහන්න ද..........ඔන්න ඕක ගලවලා වොෂ් එකක් දාගෙන එන්න , නැත්තං මෙතන තටමලා තටමලා අන්තිම මොහොතේ කුලප්පුව හැදෙනවා .....ඊ ලඟට අනිත් එකා දොරට ගහයි ....ඇයි යකෝ අපිත් මිනිස්සු නේද...මල වදේ....."

"මම ඔයාව හැමදාම උදේට දකිනවා ...ඔයා උදේට හරිම ලස්සනයි ...ඒත් අයි ඔයා මේ වගේ දෙයක් තෝරාගත්තේ ......ඇත්තටම මට ඔයා ගැන ආදරයක්..."

"මේ මහත්තයා ඔය බයිලා අහලා ඇතිවෙලා තියෙන්නේ .......ඔය හදන්නේ මෙතන සල්ලි නොදී මගදී අල්ලං කෙලින්න ...එව්වා සුම්මා මහත්තයෝ......බම්බුවේ ආදරේ...."

"නෑ දෙයියනේ....මම ඇත්තටම ඔයාට....."

"මම දැන් සැරයක් කිව්වා , තමුසෙලා මෙතන බයිලා ගහලා අන්තිමට කම්ප්ලේනුත් කරලා අපේ ගානෙනුත් ගානක් කපලා මාරු වෙන්නේ ......ඉක්මනට එනවා ඔය **ර ටික ගියාම ඕක හරියයි....."

" නෑ මට එහෙම දයක් ඕන නම් මම ඔයාව හොයාගෙන මෙතනට එන්නේ නෑ...."

"එහෙම දේකට මෙතනට එන්නේ නෑ.....?  .එතකොට එහෙම දේවල් වලට තමුසේ පන්සලටද යන්නේ මහත්තයා ......එහෙම නැත්තං මෙතෙන්ට ආවේ මල් පූජා කරන්නද?

"ඔයා නොදන්නවාට ඔයා පූජා කරන්න තරම් මලක් තමයි මට ......"

"තමුසෙට පිස්සුද .......මිනිහෝ.....මම දැන් බෙල් එක ගැහුවොත් තමුසෙව බල්ලෙක් වගේ එලියට ඇදලා දායි...........එක කරගන්නද ඕනේ........."

"තමුසෙලා කම්ප්ලේන් කලොත් මමයි අමාරුවේ වැටෙන්නේ ....එකයි මෙච්චර වෙලා හරි තමුසෙට කිව්වේ.......නැත්තම් මෙලහකටත් මතක් හිටින පාඩමක් උගන්නලා....එනවා මෙතන ලව් කරන්න.........මහත්තයා ඔය වැදගත් කම පෙන්නනවා ඕන තැනදී......වේසියෙක් ලඟට ආවනම් ඒක කොරගෙන යනවා මනස්ගාත නොකර .......

"කෑ ගහන්න එපා .....මට ඕනේ ඔයාව මේ අපායෙන් ගොඩගන්න ...."

"හාහ් ...ඇත්තද ....ගොඩ අරන් වෙන අපායකට දාන්නද...? "

"නෑ මට පුළුවන් ඔයාව බාරගන්න ..."

"ඈ බොල මාව බාර අරං මටයි මගේ ගෙදර මිනිස්සුන්ටයි උඹ කන්න දෙන්නේ උඹේ අහවල් එකද ...? මං මෙතන දවසකට රුපියල් දහදාහකට වඩා හොයනවා ...තමුසෙට එහෙම සල්ලි දෙන්න පුලුවන්ද දවසකට මට...? ආ......කතා කරනවා .......

දොර අරගත් ඈ කේන්තියෙන් පුපුරමින් කාමරයෙන් පිටවන්නට වූවාය ....
"මෙහෙම එවුන් දෙන්නෙක් ආවොත් මාසෙක වැඩ ඉවරයි.......කාලකන්ණි ...මුළු මූඩ් එකම කෑවා" ......ඇය කෑගසන හඬ ඈතින් ඇසෙන්නට වත්ම මට දැනුනේ බියකි........
ඉක්මනින් කාමරයෙන් එලියට පැමිණි මා .....වේගයෙන් අඩි තබමින් මෙතනින් එලියට යන්නට හදන විට ඔසරිය හැඳි යුවතිය............

"තැනක් යූ සර්......කම් අගේන් සර්.."

ඇය දෙසවත් නොබැලූ මා පාරට ආවේ කෙසේදැයි මටත් මතක් නැත........රෙදිකඩය අසල සිටින බැල්ලියගේ පිට උඩ තවත් බල්ලෙකු නගින්නට උත්සාහ කරයි.......ඌ ලොම් හැලිච්ච නාකි බල්ලෙකි.......


146 comments:

  1. lehesiyen kenekta athi nowana sithuwillak lassanata akuru karala thiyenawa iwan uba...... mama balan innawa mekata ape kenjayiya comment koranakan

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා රාළේ, ඔන්න කෙන්ජයියා කොමෙන්ටු දෙකක්ම දාලා ...!

      Delete
    2. සාමාන්‍යයෙන් නාවත් මා ගරු කරන කෙනෙක් ඉවාන් පවුලූෂා. වාද හා පටලැවිලි ගැන අසංවේදී චරිතයක් වන දයල් බතීට හදිසියේම ආ දුරකතන පනිවුඩයක් නිසා පොඩියක් එබී බැලුවා.

      Delete
    3. බොහොම ස්තුතියි දයල් බතී ,ඔබගේ මේ වචන පෙළ මට සුවීසල් ශක්තියක්.

      Delete
  2. මොකක්ද බන් මේ උදේ පාන්දර දකින්න සලස්සන පින්තුර... :o
    ලොම් හැලුන උන් තමා වැඩිපුර ඔවයේ කැරකෙන්නේ. අපි ප්‍රෞඩ අතීතයක් තියෙන එව්වොනේ ඒවයෙ ලගින්න යන්නේ නෑ ලඟදි කොටහළු උන ගැටිස්සියෙක්ට හදි කලොත් මිසක්

    ReplyDelete
    Replies
    1. "ප්‍රෞඩ අතීතය" ඇයි දේශ ප්‍රේමය , සංස්කෘතිය ,සභ්‍යත්වේ ඔය ඔක්කොම උතුරලා යන්න තියෙන ජාතියක්නේ බන් අපි.

      Delete
    2. මේකට මම කොමන්ට් කරනවද කියලා දෙපාරක් කල්පනා කලා.

      මට ස්පා කියන්නේ ජීවිතයේ අනිවාර්ය අංගයක්.

      (දැන් මට කියන්න එන්න එපා අපෝ කියලා. මගේ කාඩ් කුඩු කරන්න හදන්න එපා. මට වෙන උවමනාවක් නෑ ස්පා යන්න. තවමත් මම කැමති කොල්ලෙක් එක්ක යහන්ගත වෙන්න පුළුවන් මට්ටමක මම ඉන්නවා හා ඔය ස්පා එකකට ගිහින් ඕවා කරගන්න උවමනා නෑ. )
      මට ස්පා කියන්නේ රියල් මීනින් ස්පා.

      එක්තරා විදියකට අද වෙනකොට ලංකාවේ බොහෝ ස්පා වලට මේ බොතල් වෙලා. ඒකේ වරද ස්පා කියන වචනය මිස්යූස් කරන එක මිසක් ස්පා එකේ නෙමෙයි.
      මේ පසුගිය දවසක මම ලංකාවට ආවදාට පහුවදා වෙන්න ඕනේ කොන්දයි හැම තැනම රිදෙන හින්දා මම ස්පා සිලෝන් යන්න කියලා ඇපොයින්මන්ට් එකක් දාන්න මගෙ යාළුවට කීවා.
      එදාම ආව ඩ්‍රයිවර් මේක අහගෙන ඉඳලා මට කීවා ස්පා සිලෝන් නෙමෙයි මැඩම් හොඳම හොඳ ආයුර්වේද ස්පා එකක් තියෙනවා මම ගොඩාක් ෆොරිනර්ස්ලා අරන් යනවා මැඩම් ඒකට යමු කියලා. මම හා කිව්වේවත් නෑ.
      ඒ මනුස්සයා අපේ අප්පච්චි වගේ කෙනෙක්. එයාගේ බලවත් උවමනාවට කොල්පිටි වල තැනකට පිටින් ඔක්කොම ස්පා ලුකින්. කිසිම වෙනසක් මම දැක්කේ නෑ. දැක්ක එකම දේ සායි බබාගෙ පින්තූර තිබුනා. ඒක මට හුරු එකක් නෙමෙයි. ඒත් ආයුර්වේද ස්පා වලට ප්‍රසිද්ධ ඉන්දියාවනේ කියලා හිතලා මම පිළිගැනීමේ කවුන්ටර් එකට ගියා. ( මෙතන කිසිම බොතල් එකක් කියලා පිටින් පේන්න තිබුනේ නෑ) ස්ටාර් පැසිලිටීස් ඔක්කොම තිබුනා.
      මම මගේ කොන්දේ ඔපරේසන් එකයි මට ඕන ට්‍රීට්මන්ට් ගැනයි අහද්දි මම ඇහුවා තෙරපිස්ට්ලා ගැනත්. එතකොට කීවේ ඒ අය ඒ අයව දැණුවත්කලාම අපිට උවමනා විදියට අධීක්ෂණය යටතේ මසාජ් එක වෙන බවයි. ඒත් ඒ රිසෙප්සනිස්ට් මගෙන් ඇහුවා (පිරිමි කෙනෙක්) මැඩම් තෙරපි එකට යන්න කලින් බිල් එක ගෙවන්න ඕනේ කියලා. ඩොලර් 85ක් මට මතක විදියට. මට එවෙලේ ටිකක් අවුලක් තියෙනවා කියලා දැනුනා. මම ඇහුවා ඇයි මම කලින් සල්ලි ගෙවන්නේ ඔයාට හිතෙනවද මම පේමන්ට් එක නොදී යයි කියලා. ඒත් එක්කම මම කීවා මම සාමාන්‍යෙන් ආවාට ගියාට සල්ලි දෙන්නේ නෑ අනික ඔයාලා මේ කියන විදියට මම කොහොමටවත් සල්ලි දෙන්නේ නෑ මේකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. මොන රටේද සර්විස් එකක් නැතිව සල්ලි ගෙවන්නේ? ඒ විතරක් නෙමෙයි මට හොඳටම තරහාත් ගියා. මේ මනුස්සයා ඒ සල්ලි ඉල්ලපු විදිය සාමාන්‍ය වුනෙ නෑ. මාව හොරෙක් පැනලා යයි වගේ.
      මම කීවා කීයටවත් මම මෙතනින් සර්විස් එකක් ගන්නේ නෑ කියලා හොඳටම බැනලා වාහනේට ආවා. එමින් ගමන්ම ඩ්‍රයිවර්ටත් හොඳටම බැන්නා. ඒ මිනිහාව රස්සාවෙනුත් අයින් කලා එවෙලේම.
      දැන් එතකොට ඔබලා කියන්නෙත් ස්පා වෙනුවට බොතල් හවුස් කරලා ඒකට ගොදුරු වෙන අපිත් වැරදියි කියලාද? එදා මම ඊට වඩා ලොකු ප්‍රශ්න ගොඩක හිටියේ නැත්නම් මම නම් පොලීසියෙ අගිහින් පැමිනිල්ලක් දාලම එනවා.
      අපේ රටේ මිනිස්සු ඒ ඒ සේවා වැරදි විදියට භාවිතා කරන්නේ උන්ගෙ අසහනයට වුනාට අපි ඒවට පලි නෑ.



      Delete
    3. @Il mondo di una povera pazza October 26, 2013 at 1:23 AM

      ඇත්තටම මාත් අසා ඇති පරිදි ස්පා මගින් (නියම)කරන්නේ සමාජ සත් කාරයක්. ආතතිය නැතිකර ගැනීමට හොඳ මගක්. නමුත් ලංකාවේ අනෙක් හැම දේම වගේ "ස්පා"කියන නමත් අවභාවිත කරලා. ස්‌පා එකකට කෙනක් යනවා කියන්නේ ඔහු / ඇය තම දිවිපැවැත්ම ගැන හොඳ සැලකිල්ලක් දක්වන අය බවයි මගේ හැගීම, නමුත් ලංකාවේ එය අපහාසයට කාරණයක් වෙලා. ඒ මොකද කියනවානම් ස්පා නම භාවිත් කරමින් සිදුවන අපචාර ක්‍රියා නිසා , ඔබ කොමෙන්ටුවක් පල කිරීම ඇත්තෙන්ම මට ගෞරවයක්. හැකිනම් දිගටම එන්න කියවන්න. සාදරයෙන් පිලිගන්නවා .

      Delete
  3. // මං මෙතන දවසකට රුපියල් දහදාහකට වඩා හොයනවා //
    ඔන්න ඇත්ත නැතුව ඔය කියන වෙන බයිල නෙමෙයි

    ReplyDelete
    Replies
    1. ඔව් බං අදකාලේනම් නැතිබැරි කමට ඕකට යන එවුන් ඉන්නවනම් ඒ දහ දාහකට එකක් විතර.

      Delete
    2. අනිවා දන්න කෙනෙක් ඉන්නවා , හැබැයි ගාන ඔය ගාන නෙමෙයි , එයාට හොදම දවසටත් ලැබෙන්නේ 7 යි

      Delete
  4. අයියෝ ...සල්ලි ...මල්ලියෝ.....
    ඔය වගේ පොට් වලට යද්දී අපි වගේ අයියලාගෙන් අහන්න එපෑය.
    >>වේසියොත් මනුස්පයෝ << කියල ඒ පොට් වලදී හිත උනුකරගෙන ලව් කොරන්න ගිහිල්ල,ලන්කට් නැතිව එලියට එන්න වෙන එක ගැන උපදේශයක් දෙනව නොවැ.

    ReplyDelete
    Replies
    1. හික් හික් අනිවාර්යයෙන් කෙන්ජයියාගෙන නියම උපදෙසක් ලැබෙන බව අපි දැනන් හිටියා. අපිනම් ඉතින් ඕවට කෙන්ජයියව කන්සල්ට් කරනවා අනිවා...:D

      Delete
  5. උඹ මේ තරම් හොදට මේ කථාව ලිව්වෙ කොහොමද ? පුද්ගලික අත්දැකීමක් නේද....හරි හොරා...අපිට කිව්වෙවත් නෑ...ඊළග වතාවෙ ඔය කෙන්ජයියවත් අල්ලගෙන එතනට ගියා නම් කැමැත්ත ගන්න බැරි එකක් නෑ...හැබැයි ගෝලයට ෂොට් එකක් දෙන්න වෙයි....හක හක හක....

    ReplyDelete
    Replies
    1. හික් හික් සිරාට වැඩේ මාටු නේද...? අයි අප්පා මේ හැමෝම අහිංසක කෙන්ජයියාගෙන්ම උපදෙස් ගන්න කියන්නේ , කෙන්ජයියා බෝ පලයක් නෙව.

      Delete
  6. යකෝ කෙලින්න ගියා නම් කෙලලා එන්නේ නැතිව. සමීක්ෂණ කොරන්න යන්නේ පිස්සුද...?

    හැබයි කතාව නම් බොහොම ලගන්නා සුළු ආකාරයට ගලා ගෙන යනවා.. ඒක උඹේ දක්ෂ කම...

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ, හැබැයි ඔහොම පිස්සොත් ඉන්නවා ඕන තරං. ස්තුති වේවා මාතලන්

      Delete
  7. අම්මප උඹමාර බුවෙක්නෙ...! සත්‍ය ඕකයි මේ...උදේ හවා බණ බලෙන් අස්සන රටේ..! හික්..හික්..!

    ReplyDelete
    Replies
    1. අන්න ඇත්ත
      බන අහලයි නිදා ගන්නේ
      බන අහලයි අවදි වෙන්නේ එහෙව් රටේ මෙහෙම වෙතේ

      Delete
  8. ඈ කොල්ලො දන්නෙ නැත්නං යන මගුලක දන්න එකෙක්ගෙන් අහගෙන පලයන්කො,බලපන් සල්ලි ගෙවලත් උඹ අහගෙන තියෙන පජාත කතා,උඹ හිතං ඉන්නෙ ඔය ඇඳගෙන යන විදියට වැඩත් වෙනවා කියලද

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ කොහෙද ඉතින් හැලපයියලා හිටියට ඔහොම දේකදී උපදෙසක් වත් දෙනවැයි. අන්තිමට අහිංසක කොල්ලෝ අමාරුවේ.

      Delete
  9. මඤ්ඤොක්කා ගන්න ගිය එකා වත්තේ හතරමායිම් හොයන්න ගිහින් තව පොඩ්ඩෙන්...

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් කලිසම ඔලුවේ ඔතාගෙන තමයි එලියට දුවන්න වෙන්නේ .

      Delete
  10. හයියෝ.................... සල්ලි............ මොන රෙද්දේ බුවෙක්ද බං පොර........................ බුවා හොඳ මානසිකත්වයේ ඉන්නවා කියල හිතන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. හොඳ මානසිකත්වයෙන් ඉන්නවනම් ඔහොම කරනවය ,ගිය වැඩේ කරගෙන එනවා මිසක්.

      Delete
  11. ඔන්න ආයෙත් අපේ කතාකරයා ඇවිත්! අපි දැක්කෙවත් නැති දෙයක් අරගෙන!

    ReplyDelete
  12. රසවත් කතා තියනවා ඉවාන්. කවදා හෝ හමුවූ දිනක කියන්නම්. මෙතන ලියන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔය හම්බ විල්ල මේ කපේදි වෙන එකක් නෙමෙයි

      Delete
    2. @ විචාරක - එහෙනම් ඊයකින් වත් එවන්නකො. අනිවා රසවත් ම කතා ටිකක්නම් ඇති.

      Delete
    3. @අටම් - අපරාදේ කියන්න බෑ ලක්විදානේ මචෝ මටත් ඕකම හිතුනා

      Delete
  13. ඔය බුවාට හිතුන දේ මීට දශක කීපෙකට කලින් වගේ කාලෙකනම් කෙල්ලට කියලා කෙල්ලව අරන් යන්න තිබුනා.. දැන් කාලේ කිවුවම ඉතින් අහන්න වෙන්නේ ඔහොම දෙයක් තමයි..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ් ,සහතික ඇත්ත. මොකද දැන් දෙපාර්ශවයම කපටි වෙලා නිසා කවුරු අවන්කද කියලා කාටවත් හොයාගන්න බෑ .

      Delete
  14. මොනවා ලියන්ටද කියලා හිතාගන්ට බැරුව ඉන්නවා තාම. මේ ගැහැනියත්, ඒ පිරිමියත් දෙන්නම ගැන හිතට ආවේ පුදුම දුකක්.

    ReplyDelete
    Replies
    1. ලියපු ටිකෙන් නම් තේරෙන්නේ පොඩ්ඩියේ ,පොඩ්ඩි මම හිතපුදේ හරියටම ග්‍රහණය කරගෙන ඉන්නවා කියනඑක තමයි.

      Delete
  15. උඹේ මේ නිර්මාණය උපරිමයි මලය.
    අසු වෙ මුල හරියෙ නුගේගොඩ පාගොඩ පාර පටන් ගන්න හරියෙම වගෙ දකුණු පැත්තෙ උද තට්ටුවක පොට් එකක් කලා කළුතර පැත්තෙ ASP කෙනෙක්.
    ඒක බලා ගත්තෙ වැලිකඩ පොලිසියෙ රාජකාරි කල තරුණ(මට වඩා ටිකක් වැඩිමල්)SI කෙනෙක්.
    ඒක මගේ මිත්‍රය.අපි නිවාඩුවට ඉදල හිටල ඩ්‍රින්ක් එකට එතන සෙට් වෙනව.ප්‍රී එකේ ඉන්න කෙල්ලො අපි බොන තැනට ඇවිල්ල කියවන ඒව ඇහැව්වම හිනාවෙලා පන යනව බං.
    නස්පී කටවල් තියෙන්නෙ ඒකීලාට අප්ප...

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා කෙන්ජයියේ , කෙන්ජයියට මාර අත්දැකීම් සම්භාරයක්නේ තියෙන්නේ හැම ෆීල්ඩ් එකේම . මමත් අහලා තියෙන විදිහටනම් උන්ගේ කටවල් කියන්නේ අවුස්සගන්න හොද ඒවා නෙවෙයි.

      Delete
    2. දැන් ඒක තියෙන්නේ පාගොඩ පාර පටන් ගන්න තැනම වගේ වම් අත පැත්තේ........ :P

      Delete
    3. ඉස්සර අපේ ඔෆිස් එක තිබ්බේ ඕකට මුහුණ ලා. අපි කියන්නේ 173 කියල. අපි එලියට එනකොට උන් ඇත වනානවා.

      Delete
    4. @ ඇනෝ - හෑ බං ,උඹත් දන දේවල් අම්මපා ....

      Delete
    5. @ සුදීක - හැබැයි සුදීක නම් අතවනන්න යන්න නැතුව ඇති...:D

      Delete
  16. අර කාමරේට ඇවිත් කෙල්ල එක්ක කතා කරන්න ඕනේ කියන තැනට එනකං තියෙන්නෙ සාම්ප්‍රදායික කතාව.. එතන ඉඳලා ඉතුරු ටික පෙලගස්සල තියන හැටි අගෙයි.

    //මං මෙතන දවසකට රුපියල් දහදාහකට වඩා හොයනවා ...තමුසෙට එහෙම සල්ලි දෙන්න පුලුවන්ද දවසකට මට//

    මේක තම සිරාම කතාව...

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා තිසර... ඇත්ත, සාම්ප්‍රදායික කතාව තමයි මදක් වෙනකම්. වෙනස් වෙන්නේ එතනින් පස්සේ. ස්තුතියි නැවතත්

      Delete
  17. යකෝ ඒ අටදාහේ හොදට බීපිය

    ReplyDelete
    Replies
    1. මෙතනත් හාරදාහක විතර බිව්වහැකි, හැබැයි "කුක්කු"

      Delete
    2. අටමගෙ යාලුවා බීල බෙදාගෙන ගැහුවත් කියල පෝස්ට් එකක් දාල තිබ්බෙ..

      Delete
    3. @ සෑම් - ගැහිල්ල බෙදාගත්තට බිල බෙදාගනීද කියන එක තමයි ප්‍රශ්නේ ...?

      Delete
  18. වැදගත් විදිහට ඇදගෙන් ගිහින් ඔහොම වෙස් මාරු කරන අය නම් අප්‍රමාණයි. ඒත් ඒ යටින් තියෙන ක‍ටුක ඇත්ත තමා ලියවෙනව අඩු ....

    "ඈ බොල මාව බාර අරං මටයි මගේ ගෙදර මිනිස්සුන්ටයි උඹ කන්න දෙන්නේ උඹේ අහවල් එකද ...

    ( මේ ඇත්තටම ආව නම් මොනාද කන්න දෙන්නෙ ? හික්.. හික් )

    කථාවෙ රසය නම් උපරිමයි . සුභ පැතුම් ..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කවි අරණ , සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට. ඇත්තටම ආවානම් කන්න දෙන්න තියෙන්නේ එක විතරයි තමා හික් හික්

      Delete
  19. naha..oya tram napuru vidihata ea manusayata kata nokara ina tibuna. (uba liyana ewa katawak vitarai kiyala amtaka krana bari ayi apaaa?)

    ReplyDelete
    Replies
    1. සංජීවගේ පුනරාගමනය අතිශයින්ම සන්තෝෂයට කාරණයක් මගේ මිත්‍රයා ..... කතාවක් විතරයි කියලා අමතක කරන්න බෑ කියලා දැනගත්තු එක මට සතුටක් මචෝ.

      Delete
  20. ස්පා ... මට හිතුනා නම කියද්ද එහෙම කතාවක් වෙන්න ඇති කියලා. මැදැයි ආදරේට ගිය කලක්.

    ReplyDelete
    Replies
    1. ආදරේ කරන්නත් සුදුසුකම බලන්න ඕන මදාරා ....නැත්තම් වෙන්නේ මේවගේ වැඩ තමයි. කොහොමත් මේ ආදරේ හරි ගියානම් මොකක වෙයිද?

      Delete
  21. Ireland Office ekak Represent kranawa..kardarayak naha..istuti machoo hoyala baluwata.

    ReplyDelete
    Replies
    1. කරදරයක් නැත්තම් එච්චරයි. අධික වැඩ අස්සෙත් මගේ බ්ලොගයට ගොඩවීම ගැන හදපිරි ස්තුතිය මචන්

      Delete
  22. මේකනම් ඉවන්ටම වෙච්ච දෙයක් ..හොද වැඩේ බොට...හු..හු...

    (කතාවනම් එලටම ලියලා තියෙනවා )

    ReplyDelete
    Replies
    1. අඩෝ ඕක ප්‍රසිද්ධියේ කියන්න එපා බන් :D, උඹට දැන් සනීපද හොඳටම ....? තැන්කු මචෝ.

      Delete
  23. නිර්මාණය හොදයි... හැබැයි කාමරේ ඇතුලෙම ඔය සිද්ධිය වෙච්ච එකයි අවුල.. තව අදින්න තිබ්බා කුතුහලේ තියෙන විදියට. අනික බං ඔය වගේ තැනකට ගියාම ෆුල් සැපක් “ආහ්. බේබි දැට්ස් ඉට්.. දැට්ස් ඉට්“ කියවෙන ගානට කෙල්ලට වැඩක් දුන්නනං සමහර විට අවශ්‍ය වැඩේ කරගන්නත් ලැබෙන්න තිබ්බා.. මමත් කැමති ස්පර්ශ නොවන තැන ස්පර්ශ වෙන කතා වලට තමා ඉවාන්...

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් බං උඹ වගේ සිබා කෙනෙක් ගැන ඉවාන් මල්ලි ලියල තියෙන්නෙ.
      කොටින්ම සුවද විදින,කෙරිල්ලට විදවන එකෙක් ගැන.
      ඔය වගේ පොරවල් ගැන ලියන්න පුළුවන් ඒ නංගිලා කියපු වචන වලින්ම බං.

      Delete
    2. පිච්ච මල්, වෙරළු මල් පැටලෙයි..

      Delete
    3. @ දේශා - කාමරේ ඇතුලේනේ ඉතින් ඌට හම්බ වෙන්න වෙන්නේ . කොහොමත් එහෙම කලානම් කෙල්ල ගැන ඌටත් ඌ ගැන කෙල්ලටත් එපා වෙන්න තිබුනා . එහෙනම් ඌත් වැඩේ කරගෙන මාරුවෙයි ,කෙල්ලත් ජොබ් එක කරගෙන ඉඳියි.

      Delete
    4. @කෙන්ජි - කෙන්ජයියා ඒ කියපු වචන ටිකක් කියන්න බැරිද ? ආසයි අහන්න

      Delete
    5. අනේ දේශකයො...බස් එකේදි බඩදරු අම්මගෙ අරවා මිරිකන්න ගිහිල්ලා ගුටි කෑවා මදිද ?

      Delete
  24. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අදත් හොඳයි මචෝ! ඇත්තම තත්වෙ ඕක තමයි. මට මතක් උනේ ලඳුනේ vs ලලක්කා ගැන කියවෙන චාමිගෙ මේ පෝස්ටුව.

      Delete
    2. තැන්කු වේවා රාජ්. අදයි ඒ පැත්තට ගියේ මරු බ්ලොගක්නේ ඒක . ස්තුතියි ලින්කුවටත්

      Delete
  25. කතාව නම් මරු. හැබැයි අටදාහා අපරාදෙ. ලේසියෙන් කෙනෙක් ග්‍රහණය කර නොගන්නා මාතෘකාවක් මෙහෙම කතා කරන එකත් සතුටක්.

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා චතුරංග ...ඇත්තටම අපරාදේ තමයි අටදාහ

      Delete
  26. //ඉදිරිපස ඇති රෙදි කඩයේ පිල මත සිටි බැල්ලියගේ ඇඟට නගින්නට උත්සාහ කල බලු පැටියා, දෙතුන් වරක් උත්සාහ කර අමාරුවෙන් නොවැටී බැල්ලියගේ පිටමත පාද තබාගෙන වටපිට බලන විටම කඩය තුල සිට පැමිණි කොලු ගැටයෙක් උන් දෙසට බේසමක තිබූ වතුර විසිකරනු ද උන් දෙදෙනා දෙපැත්තට දුවන අයුරුද කාමර අංක හත දෙසට ඇවිදගෙන යන මට අඳුරු පැහැ වීදුරුව තුලින් දිස්වන්නට විය.// මේ සංකේතය ලස්සණ යි. 'යළි උපන්නෙමි' නවකථාව මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිලිනි.....යලි උපන්නෙමි නව කථාව මතක් වුනා කිව්වම මේක කියවලා .... එකත් ලොකු ගෞරවයක් තමයි මට.

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. එහෙනම් අපි අයින් කරමු... මුළින්ම ඔබ ඉවත් කරන්න..ඉන්පසු මම ..ලේඩීස් ෆස්ට් කියනවනේ ...!

      Delete
    3. කොහොමත් සහන් මමත් පිළිගන්න දෙයක් තමයි මේ ෆීල්ඩ් එකේ ඉන්න හැමෝම අහිංසක, කර කියාගන්න දෙයක් නැතිකමටම ඉන්න අය නෙවෙයි කියන එක. වැඩි ප්‍රතිශතය මේ රැකියාවට කැමැත්තෙන් යන අය. අකමැත්තෙන් අතුලුවුනත් පස්සේ කැමැත්තෙන් කරැගෙන යන අයත් ඉන්නවා.

      Delete
    4. මොකක්ද බන්ස්ලා මේ සහන්ගෙයි කෙන්ජයියගෙයි සොඳුරු වලිය

      Delete
    5. මාව ෆීමේල් කොරල එයා මේල් වෙලා හරි සතුටු ඇති..
      මම වචනයක් කිව්වොත් එසැනින් කරනව.
      නියම පිරිමි එහෙමයි...හරිය...පුෂ්පය විකසිත වුවහොත්...

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. ස්තුතියි භාගයක් ඉවත් කලාට..
      මේකේ වරද >>ඇයි මේ මිනිස්සු ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවම ඇඟිල්ල දිහාම බලන් ඉන්නේ .................? >>
      ඇගිල්ල කෙලින් නැතිව නැමිලා කොකා මාක් නිසා.
      හරිය...
      ඔබට පිළිතුරු දීම මෙයින් නවතමි,

      Delete
    9. සියලුම කමෙන්ට් අයින් කරා ඔන්න විශේෂ ඉල්ලීමක් නිසා.. ( කෙන්ජි නෙවේ කිව්වේ ) ඇයි මේ මිනිස්සු ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවම ඇඟිල්ල දිහාම බලන් ඉන්නේ .................?

      Delete
    10. බලන්න ඉවාන්ගේ කතාව..ඒකෙ ඉන්න කොල්ලා එතනට යන්නේ නරක අදහසින් නෙවේ.. නමුත් අර කෙල්ල හැසිරෙන්නේ කොහොමද ....?

      දැන් ඕක කෙලින් කිව්වම ඇයි මේ මාව මරන් කන්න හදන්නේ ඉඳගෙන ...?

      Delete
    11. ඕවා කතා කරාම ඒත් අපියි වැරදි... සංසාරේ සංසාරේ ...!

      Delete
    12. @ ඉවාන්

      බලපන්කො මට වෙච්චි දේ.. මිනීමරුවා නිදහස් වෙලා..... අන්තිමට හිරේ ගියේ පිහිය ...!

      ( මේක කෙන්ජි අය්යට අදාළව නෙවේ )

      Delete
    13. මල්ලියා ඔතන පිහිය නෙමේ ජංගිය කියල දාන්න.

      Delete
    14. This comment has been removed by the author.

      Delete
    15. \\\\ඒකත් මම දාන්නම් පස්සෙ.\\\

      මේ අපි දෙන්නා කතා කරන්නේ එකම ජංගියක් ගැනද ....? ඒක එහෙම නම් කෙන්ජි අය්යේ අපි දෙන්න හිත් නරක් කරන් වැඩක් නැහැ.. මොකද මම ගෑණු නිසා කවදාවත් පිරිමියෙක් එක්ක පැටලෙන්නේ නැහැ.. මැරෙන්න ගියත් අන්තිමට වතුර උගුරක් හරි දෙන්නේ පිරිමියෙක් විතරයි ...

      ඒ ජංගිය ඔබට බාරයි ....

      Delete
    16. එහෙනම් මේ...දැන් ඉදල මැරෙන තුරාවට අපි දෙන්න හොද සහෝදර යාලුවෝම වෙමු මල්ල...:):)

      Delete
    17. රයිට් රයිට් මට පොඩ්ඩක් කතන්දර එක්ක කේන්ති ගියේ කොටින්ට සපෝර්ට් එකටම කතා කරන එක නිසා ...ඒ ඇර මට වෙන ගැටළුවක් කතන්දර එක්ක උනත් නැහැ...

      මේ අනිත් හුට පට නම් මොනාද බන් අපිට වෙච්චගේ හැටියට.. කීයක් ජාති වෙලාද මේ යන්තන් පණ ගැටගහන් ඉන්නේ.. එහෙව් එකේ මේවා මොනවද ...රයිට් ෆිට් තමයි...

      Delete
    18. උඹ දන්නවනෙ බං මාතලන්,කකා ට වගේම උඹ ලටවත් එකෙක් වචනයක් කිව්වොත් මට ඔරොප්පු වෙන බව.
      මට ඕන උඹල ඇන කොටාගන්නව දකින්න නෙමේ.
      මම උඹල අතර ඉන්න තවත් ඇනෝ කෙනෙක් විතරයි.
      කවද හරි ඇත්ත කෙන්ජිය උඹල හමුවෙන්න එද්දී සමගියෙන් ඉන්න ඕන නිසයි ලොකු ටෝක් දාල බැනල යමක් කියන්නෙ...
      ඒක තේරුම් ගනිල්ලා...
      අපි අතරෙ මහා ලොක්කො නැහැ..
      සේරම එකා වගේ..

      Delete
    19. ඒක හරි..මට පොඩ්ඩක් කේන්ති ගියේ LTTE හිතවාදී කතා කියනවා දකිද්දී කතන්දර..එච්චරයි... රයිට් අපි කැපුණා .........

      Delete
    20. සහන් ඔබට ඉක්මන් සුවය පතමි.

      මෝඩකමට නම් බේත් නෑ. මා කියන්නේ අනෙකුත් අසනීප ගැනයි. හැබැයි ඔබේ අසංවේදී අමනුස්ස කතාවලට මා ගාවාගන්න එපා කරුණාකරලා.
      Please leave me alone.

      Delete
    21. \\\\\\\\\මා කියන්නේ අනෙකුත් අසනීප ගැනයි. \\\\\

      කකා ඔබ මේ කියන්නේ ඇත්තෙන්ම හැගීමෙන් යුතුව නම් ඔබේ පැතුම ගැන මගේ කෘතඥතාවය බාරගන්න..හැබැයි නිකන් කැත අදහසින් නම් කියන්නේ කණගාටුයි...

      මාත් ඔබට එකක් කියන්නම්..කරුණාකර LTTE හිතවාදී අදහස් , පෝස්ට් , කමෙන්ට් නම් දාන්න එපා.. මේක හොඳට මතක තියාගන්න රසික සූරියආරච්චි‍.... LTTE ය ගැන කිසිම දෙයක් ඔබ කියන්න එපා...

      Delete
    22. @සයිලන්ට්සහන්

      ඇත්තටම මට දැන්නං ටිකක් කේන්තියි.

      මොකක්ද මේ කියන්නේ. මේ ගොබෙල්ස් තියරියද?

      මං කවදාද ත්‍රස්තවාදී සංවිධානයකට පක්‍ෂව කතා කෙරුවේ?

      මා ලියා ඇති කතන්දර 920 අතරින් එවැනි එක සඳහනක් හෝ පෙන්වන්න. එය ඔබට කිරීමට බැරි නම් මේ ගොබෙල්ස් තියරි කතාව අස්කර ගන්න.

      ඔබ මට කරන්නේ ඉතා දරුණු චෝදනාවක්. හොඳින් කල්පනා කර කතා කරන්න. නැති නම් කට වහගන්න.

      Delete
    23. @ඉවාන් පවුලූෂා

      මෙවැනි අභූත චෝදනකා කරන්නට ඔබ ඉඩ දෙන්නේ ඇයි? මෙහි වගකීම බාර ගන්නේ කවුද? ඔබද?

      මේ සරල විහිළුවක් හෝ සරදමක් හෝ පොඩි පහේ මඩ ගැසීමක් හෝ නොවේ. මෙය ක්‍රිමිනල් කේස් එකකි.

      Delete
    24. කතන්දර බෙල්ල මුලින් අහුවෙලා ඉද්දි මට වෙන වෙන දේවල් ( ගොබෙල්ස් ඇතුළු විකාර ) කියන්න නම් එපා හොඳද.. ඔව් මම කරන්නේ දරුණු චෝදනාවක් . ඒ නිසයි මම කියන්නේ තව තව විකාර කරන්න එපා .. හොඳට මතක තියාගන්න කිසිම විටක කිසිම දෙයක් කරන්න / කියන්න එපා LTTE හිතවාදීව සහ ශ්‍රී ලංකා යුධ හමුදාවට වක්‍රව හෝ අපහාස වෙන විදිහට.

      තවත් මට පැහැදිළි කරන්න නම් ඉඩ තියන්න එපා ... මේක දුරදිග ගෙනියන්න එපා. තේරුම් අරන් කටවහගන්න... එච්චරයි...
      _______________________________________

      ඒ ඇර ඔබ සමග කිසිම ගැටළුවක් නැහැ.. මම කියපු දේ අකුරටම පිළිපදින්න ...

      Delete
    25. 1. තේරුම් අරන් කටවහගන්න... එච්චරයි
      2. මම කියපු දේ අකුරටම පිළිපදින්න

      මුලින් අභූත චෝදනා.

      දැන් මේ තර්ජන.

      ඔහේ මේ මා සමග වලියට එන්නේ මගේ බ්ලොග් රෝලෙන් ඔහේ ගේ බ්ලොග්ය අයින් කල නිසාත්, ඉන් පසු එය යලි එකතු කරන්නටැයි කියා ඔහේ කීපවිටක්ම කළ ඉල්ලීම්වලට මා කන් නොදුන් නිසාත් නේද?

      මේක නම් ලේසි පාසු ලෙඩක් නොවේ.

      Delete
    26. කතන්දර තව තවත් මේ රට වටේ පටලන්න එපා..ඔබගේ බ්ලොග් රෝලෙන් අයින් කරපු එක ගැන කිසිම අමනාපයක් නැහැ..මම බොහෝ විට බ්ලොග් රෝල ගැන කමෙන්ට් දමන්නේ විනෝදයට පමණයි.. ඔබ දැකලා ඇතිනේ මම ලින්ක් දානවා.. මතකද මම දාපු " සල්ලාල බිරිඳ " පෝස්ට් එක.. ඒ වගේ රාගය ඇතැයි සිතිය හැකි පෝස්ටුවකට උනත් ලින්ක් එකක් හරහා මිනිස්සු එන්නේ නැහැ.. ( ආවත් එන්නේ 4 දෙනෙක් වගේ.. මහසෝනා , ප්‍රා , ඇනොලා කීප දෙනෙක් වගේ..නැතුව 100 ක් විතර එන්නේ නැහැ.. )

      ඉතින් ඔය බ්ලොග් රෝල් , ලින්ක් , හිට්ස් ගැන මට වැඩක් නැහැ .. මම ඒවා ගැන සඳහන් කමෙන්ට් දමන්නේ විනෝදයට පමණයි... ඒවා සහ මම කියන අනිත් දේවල් පටලගන්න එපා...
      _______________________________________________________________


      මන් මේ අද කතා කරපු මාතෘකාව කතා කලේ ඉතාම වගකීමෙන්.. බ්ලොග් ලෝකයේ හමුවුණු කෙනෙක් විදිහට මම ඔබට දෙයක් කිව්වා.. ඒ දේ පිළිපදින්න ..

      Delete
    27. සහන් මගේ මිත්‍රයා...තැන නොතැන බලා වාද කරන්න යන්න එපා...ඒකටත් සුදුසු ගැලපෙන තැනක් තියෙනවා...බ්ලොග් නිසා මිනිස්සු අමනාප කරගන්නත් එපා...මේ වැඩ වලින් අපේ ඉවාන් කොලුවාත් කරදරයට පත් වෙනවා...ප්ලීස් මචං....සන්සුන් වෙයං...

      Delete
    28. මචන් සිරා උඹ ඔය දේ කියන්න ඕනේ මේ කතන්දරයට..මන් එදා ඉඳන් මේ මනුස්සයට කියනවා සංවේදී කමක් පෙන්නන්න ගිහින් රටට හානියක් වෙන දේවල් කරන්න එපා කියලා..මම බොහොම පැහැදිළිව පුද්ගලිකව කිව්වා මේ යකාට.. මේ කතන්දරමයි මා එක්ක එල්ලී එල්ලී එන්නේ..මුලින්ම අරූගේ අඩවියේදී මා එක්ක පැටලුනා..

      එතැනදී දකින්න ඇතිනේ මම බොහොම කල්පනාවෙන් උත්තර දුන්නා... පස්සේදී ඒකත් පිළිගන්නේ නැතුව මට ලස්සන වැඩක් කරන්න ගියා කතන්දර.. මම ගාණට ඒක තේරුම් අරන් හිටියා.. දිගින් දිගටම මා එක්ක එල්ලී එල්ලී එන්න ගත්තම ඉතින් මටත් කරන්න දෙයක් නැහැ.. කළින් පාර කතන්දර කෙලවගන්න යද්දී මමයි මේ යකාව බේරුවේ මම පුද්ගලිකව දන්නා කෙනෙක් කියලා.. ( බාලචන්ද්‍රන්ගේ සිද්දියේදී )

      එහෙම පවා කරලා තියෙද්දී මේ යකා එනවනේ නැටුම් නටන්න... මේ මිනිහා මොනවද දන්නේ ලංකාවේ වෙච්චි දේවල් ගැන..? තව කීප දෙනෙක් එක්ක එකතු වෙලා කරන්නෙම අපිට හානි වෙන වැඩ.. දැන් මම කාලයක් තිස්සේ බලන් ඉන්නේ මේ පිරිස කරන වැඩ ගැන ...

      මට කතන්දරට සහ එම පිරිසට කියන්න තියෙන්නේ ඔබලා විදේශිකයන් නම් ඒ ඒ රටවල පුරවැසියන් විදිහට ඉන්න.. වෙනත් රටවල් ගැන හොයන්න යන්න එපා..ඒවගේ සීනි කිරන්න යන්න එපා. මානුෂීයත්වය , සංවේදීකම ගැන අපිට උගන්වන්න එන්න එපා.. අපේ ප්‍රශ්න අපි බලාගන්නම්... කරුණාකර විදේශිකයන් විදිහට ඉන්න.

      ආයේ නම් කතන්දර මා එක්ක මේ ගැන එක වචනයක් වත් කියන්න එන්න එපා..
      ____________________________________________________________


      මේකෙන් ඉවාන්ට ප්‍රශ්නයක් එන්නේ නැහැ..ඒ ගැන මම සහතික වෙනවා...

      Delete
    29. @කකා - සමාවෙන්න මට මුලින්ම, ඊයේ දහවලින් පසු බ්ලොගය බැලීමට හැකිවුණේ අද (26) උදේ විනාඩි කීපයකටත් හා මේ දැනුයි.(2020 hrs ) මේ සංවාදය මෙපමණ දුර දිග ගොස් තිබූ බව මා දන ගත්තේ දැනුයි.
      "මෙවැනි අභූත චෝදනකා කරන්නට ඔබ ඉඩ දෙන්නේ ඇයි? මෙහි වගකීම බාර ගන්නේ කවුද? ඔබද?"
      මගේ බ්ලොගය තුලදී ඔබට යාම හිත් රිදීමකට මුහුණපාන්න වූවානම් ඒ ගැන මුලින්ම සමාව අයදිනවා. මා නිතර සඳහන් කල පරිදි මම බ්ලොග් ලියන්නේ මනස සන්සුන්කරගනීමට පමණයි. ඒ අතරම අනෙක් බ්ලොග් කියවීමෙන් අපමණ දැනුම සම්භාරයක් ,මෙන්ම විනොදයක්ද ලබනවා. මා කිසිකලෙකත් කොමෙන්ට් මොඩරේට් කර තිබුනේ නෑ, ඉතින් මේ දැන් දකින තුරු මේ කිසිවක් මා දැක්කෙත් නෑ. මේ සියල්ල ඔබ අපහසු තාවයට ලක් කරනවානම් මේ දැන්ම සියල්ල ඉවත් කරනවා .

      Delete
    30. @ සයිලන්ට් සහන් - ඔබ හොඳින් දන්නා පරිදි කිසිදිනෙක ඔබ දැක නොතිබුනත් , මා දන්නේ ඔබේ "සයිලන්ට් සහන් කියන නම පමණක් වුවත් මා ඔබට මහත්සේ ගරු කරනවා . ඒ ඔබ සතු මහත් වූ දැනුම් සම්භාරය නිසාවෙන් සහ යම් දෙයක් කිරීමට ,ලිවීමට ඔබ කරනා වූ අප්‍රමාන කැපකිරීම නිසා . ඇත්තටම ඔබ කවුද යන්න මට තාමත් ප්‍රෙහෙලිකාවක් වුවත් ඔබ ගැන මගේ හිතේ ඇත්තේ ගෞරවයක්.
      නමුත් ඔබට මා පෙර දිනෙක කිව පරිදි ආවේගශීලී වීම ඔබ වන්නෙකුට නොවටී. ඔබ දෙදෙනාගේ (කකාගේ සහ ඔබගේ ) මේ සංවාදය මා ඉවත් කරනවා. මන්ද යත් මෙයින් ඔබ දෙදෙනාගේම ප්‍රතිරූප වලට ලොකු හානියක් වන බව මට සිතෙන නිසාවෙන්. මගේ බ්ලොගය තුලදී ඔබට හිත් රිදීමක් වූවානම් සමාවෙන්න සහන් . මා කිසිවිටෙකත් කාගේවත් හිත රිදවීමේ අදහසින් කොමෙටුව්ක්වත් පල නොකරන නිසා ,මේ අවස්තාවේදී කිරීමට වෙන කිසිවක් මට සිතා ගැනීමට නොහැකි බැවිනි. නැවතත් සහන මට කියන්නට තිබෙන්නේ ඔබට මාගේ බ්ලොගය තුලදී වූ මේ සංවාදය නිසා යම් හිත රිදීමක් වූවානම් සමාවෙන්න .

      Delete
    31. @ සිරා - ස්තුතියි මේ අරගලය යම් සන්හින්දියාවකට ගෙන ඒමට උත්සාහ කිරීම පිළිබඳව ...

      Delete
    32. @ ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha) - October 26, 2013 at 8:34 PM

      නෑ ඉවත් කරන්න එපා ඔහොමම තියන්න. මං ඔබෙන් ඒ ප්‍රශ්නය ඇසුවේ මෙය ගොබෙල්ස් ලා ගේ බිග් ලයි තියරියට අනුව කරන කතාවක් දෝ සිතුණු නිසයි.

      නමුත් මෙය ඉන් එහාට ගිය දෙයක් බව දැන් තේරෙනවා. එනිසා මේ කතා මෙලෙසම තිබීම වැදගත්.

      තහනම් සංවිධානයකට මා සහයෝගය දෙනවා යැයි කීම අති භයානක දෙයක්. ලයිස්තුවල නම් අනුව තරුණයින් අල්ලා අතුරුදහන් කළ රටකයි අපි ඉපදුනේ. අවශ්‍ය චෝදනවා සහ ලැයිස්තුවට නම දැමීම පමණයි.

      චෝදනා පමණක් නොවේ මෙතන තර්ජනත් තියෙන බව පේනවා නේද? ඔබ ලිවිය යුත්තේ මට අවශ්‍ය දෙය පමණි. මා අකමැති දේ නොලියනු. අන්න ත්‍රස්තවාදය!

      Delete
    33. @ ඉවාන්

      ඔබ මුළින්ම දකින්න ඇතිනේ මම පළමු වරට දැමු කමෙන්ටුව..? කෙන්ජි ඇවිත් කිව්වම මම අයින් කරා..අන්තිමට මමයි කෙන්ජියි මේ ගැටලුව විසඳගත්ත හැටිත් ඔබ දකින්න ඇතිනේ... මම එහෙමයි ......

      නමුත් ඉන්පසු ඇති වුණේ වෙනම දෙයක් ... ඒගැන ඔබට ඇති වූ අපහසුතාවය ගැන කණගාටුව ... ඉවාන් ත්‍රස්‌තවාදය සෑම විටම පොළු මුගුරු වලින් අප හමුවට එන්නේ නැහැ.. හරි ලස්සන සුන්දර විදිහට , මානුෂීය දවටනයෙන් දැවටිලා තමයි එන්නේ.. හරියටම මලාලා දැන් කරන දේ වගේ.. ත්‍රස්‌තවාදය ගැන අද්දැකීම් තියෙන කෙනෙකුට විතරයි වෙනස අඳුනගන්න පුළුවන්..

      ශ්‍රී ලංකා යුධ හමුදාවට වක්‍රව හෝ ද්වේෂයෙන් යුතුව කව්රු හරි දෙයක් කිව්වොත් මම ඒකට උත්තර දෙනවා.. මීට කළිනුත් මම කරලා තියෙනවා..

      තාමත් මම මේ කියන දේ තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේක බලන්න ( මේක ඉවාන් සහ සිරාට අදාළ නොවේ ) ... " යුධ සිහි වටන සහ යුධ අවි අතර වෙනස නොදන්නා අය පොඩ්ඩක් මේක බලන්න ! .... මේක බැලුවම තේරෙයි මේ රටේ තිබුණ යුද්ධය යාන්තම් ඉවරයක් කරේ කොහොමද කියලා.. මෙතන තියෙන දේ කියවන්න..මම මේ ලියලා තියෙන්නේ කිසිම කෙනෙකුට පක්ෂව නෙවේ.. කොටින්ම මේක ලිව්වට පස්සේ මම ගෝඨාභයගේ මිනිහෙක් කියලත් සමහර අය කිව්වා... දැකලා ඇතිනේ මම දරන දේශපාලනික ස්ථාවරය .. ඒකට පිටින් වගේනේ මේක ලියලා තියෙන්නේ..නමුත් මෙතන ඇති දේශපාලනයක් නැහැ ...

      කා එක්ක වත් හිත් අමනාප කරගන්න මට අවශ්‍ය නැහැ.. හැබැයි ශ්‍රී ලංකා යුධ හමුදාවට වක්‍රව හෝ අපහාස කරන්න බැහැ .. ( නිකන් කටට ආවට ආර්මි කාරයෝ කිව්වට මට කමක් නැහැ.. සියුම් ලෙස වෛරය වැපිරීමට ඉඩ දෙන්න බැහැ.. ඒ ගැනයි මම කියන්නේ . සියුම් ලෙස මානසිකව කරන යුද්ධය ගැන මම හොඳට දැනුවත් කෙනෙක් )

      Delete
    34. අපි දැන් මේක නවත්තමු. යම් කෙනෙකුට යම් මතයක් දැරීමට අයිතියක් තිබෙනවානේ.සහන්ට සහන්ගේ මතයත්, කකාට කකාගේ මතයත් දැරීමට ශුද්ධ වූ අයිතියක් තියෙනවා. ඒ මතවාද ගැන වාද විවාද කිරීමටත් අයිතියක් තිබෙනවා. අනික සහෝදරයිනේ අපි බ්ලොග් ලියන්නේ කියවන්නේ (on my point of view) දැනුවත් වෙන්න , රසවත් වෙන්න ,අත්දැකීම් සහ දැනුම බෙදාගන්න.
      //"කා එක්ක වත් හිත් අමනාප කරගන්න මට අවශ්‍ය නැහැ"// ඇත්තෙන්ම මටත්, සහන්ටත්, කකාටත්, කෙන්ජිටත්, අනෙක් සියල්ලනටමත් අවැසි මෙයයි

      Delete
    35. සහෝදරයිනි....ඔබ දෙපළම මගේ නොමද ගෞරවයට පාත්‍ර වූ බ්ලොග් කරුවෝ වෙති. එකිනෙකා පරයන්නට හඩ නොනගා අපි මේ කථා බහට මෙතැනින් තිත තියමු. පුද්ගලිකව ඔබ දෙපළ තියෙන ගැටලුව නිරාකරණය කර ගනු මැනවි. එය ලෝකෙට පේන්නට ප්‍රසිද්ධියේ කලොත් එහි අවාසි ඔබ දෙපළටම අත් වේවි. බුද්ධියට ඉඩ දෙන්න..හැගීම් වලට කථා කරන්න ඉඩ දෙන්න එපා...

      Delete
    36. @සිරා : ඔබේ ඉල්ලීම පරිදි මෙහි ආවේ. මෙවැනි ගැටළු බේරන්න යාමෙන් සිදු වන්නේ ඔවුන්ගේ අදහස් තාවකාලිකව යටපත් කිරීමක් බවයි මගේ විශ්වාසේ. බේරන්න කට්ටිය ඉදිරිපත් වුණාම ගහ ගන්න අය දරුණු වෙනවා. නමුත් බේරන්න කවුරුත් නැති තැන වලිය නිකංම සමනය වෙනවා.

      Delete
    37. @ සිරා සහ සුදීක - ස්තුතියි ඔබ දෙපලට

      Delete
  28. මට මේ අය ගැන දුකක් තියෙනවා පවුලූශා. උනුත් අපි උඹලා වගේ උදවිය. රස්සාව විතරයි වෙනස්. සමාජයේ ඉහලම තැන් වලත් ඔය සෙට් ඉන්නවා....උන්ට අපි මැඩම් කියලත් කතා කරනවා ඇති. පහත් තැනින් යයි ගලා ජලේ....

    උඹ ලස්සනට ලියලා තියෙනවා. කිසිම වරදක් නැහැ. නාලා ප්‍රීතිය දාගත්ත නැති එක තමයි ලොකුම වරද්ද? වෙන මුකුත් නොකෙරුවත් කමක් නැහැ...අර කෙල්ලෙගේ ඉල්ලීමට ඉඩදෙන්න තිබුනා. කොහොමද නාලා ප්‍රීතියත් දාගෙන ඔය දෙබස දීගෙන ඉන්න කොට පොලිසියෙන් පැන්නා නම්.

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාව හරි මචං.
      පොලෝසි එන්නෙ කොහෙද ?
      අර මම දාල තියෙන කොමන්ට් එක කියවන්න නුගේගොඩ පොට් එක.

      Delete
    2. කෙන්ජි.....පොලිසියේ උදවිය පාට් ටයිම් කරන්නේ ඕවා තමයි.

      Delete
    3. අරූ ත්‍රිවිද හමුදාවෙ (අපේ බොක්ක විචාරක තුමා හැර)ගොඩක් අය ප්‍රේමේ ගෙ කාලේ හැම නසරානි වැඩකටම මුල් වුනා.
      මමත් කන බොන හැන්ඩි කොල්ල නිසා ගොඩක් අයියල/අංකල්ලා එක්ක ගැවසෙන්න ලැබුන.

      Delete
    4. @ අරූ - //"උනුත් අපි උඹලා වගේ උදවිය. රස්සාව විතරයි වෙනස්"// සහතික ඇත්ත අරූ , අද මේක නීතිගත් නොවුනට රස්සාවක් බවට පත් වෙලා ඉවරයි. ඇත්තටම ගෙවල් වලින් නොදැන මේ රස්සාව කරන කී දෙන්ක්නම් ඉන්නවද ? මේ පාරිභෝගිකවාදී සමාජයේ ඉහලට යන්න දඟලන පවුල් ගණනාවක අතුලානතයේ කතාව හරිම ශෝචනීයයි.

      Delete
    5. @ කෙන්ජි - කෙන්ජයියා ඇත්තටම දකින්න ආසයි .මොනවගේ කෙනෙක්ද කියලා බලන්න

      Delete
  29. අනේ පවුලූශෝ.... ඇයි මේ දුක.....හිතෙන කතා ලියන්නේ.....

    ReplyDelete
    Replies
    1. දුක හිතෙනවා තමයි බස්සියේ අපිට අපි ගැනම . බස්සි මගේ කතා සෙට් එකම කියවලානේ , සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට . (පොමනේරියන් බස්සි)

      Delete
    2. හී... එදා තමයි කාලෙකින් නිවී සැනසිල්ලේ කතාවක් කියවන්න වෙලාවක් ලැබුනේ.

      Delete
  30. @Kenji & Sahan...............VERY WELL DONE!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. උඹල මාව තාම දන්නෙ නැහැ.
      ඔන්න සහන් මල්ලට තව කොමන්ට් එකක් දැම්ම අරූ...Thanks ....!

      Delete
    2. තැන්කුයි ඔයාට අරූ... :)

      Delete
    3. හැම වලියම මෙහෙම ඉවර කරනවානම් මරු ...!

      Delete
  31. මේක සිරා!!!!!!!!!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තැනකුයි වේවා ,එසේම වේවා දේවයන් වහන්ස.

      Delete
  32. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)

    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විකසිත ඇඩ්මින් . මම හැකි ඉක්මනින්ම එකතු කරන්නම්. ස්තුතියි නැවතත්

      Delete
  33. ලස්සන කෙටි කතාවක්. සමාජයේ නියම තත්වය පැහැදිලි කරන විදියට ලියලා. සුබ පතනවා ඉවාන්

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා පුංචි කුමාරිහාමි. සමාජයේ නියම තත්වය මතුපිටින් පේනවාට වඩා ගොඩක් වෙනස්.

      Delete
  34. දයාසේන ගුණසිංහයන්ගේ "කේතුමතී හෝටලයේ රාත්‍රියක්" කෙටිකතාවේ වස්තු බීජයත් මේකමයි. හැබැයි එහි කතා නායකයා අදාල තරුණියව කෙසේ හෝ හෝටලයෙන් පන්නගෙන විවාහ කරගන්නවා. ඔහු ඒ තරුණියට හමුවෙන පළමු ගනුදෙනුකරුවායි. ඇයව එතැනට යොමු කරන්නෙ ඒ හෝටලයේම වේටර් කෙනෙකු වන ඇගේ ම මාමයි.
    ඒ '80 දශකයට අදාල කතාවක්.

    මේ 2013; එදා කතාවේ කතානායකයා "ඇය" ව සාමාන්‍යය ජීවිතයට කැඳවාගෙන ගියත් මෙදා කතාවේ කතානායිකාව අනුකම්පා විරහිතව ඊනියා සාමාන්‍ය ජීවිතය ප්‍රතික්ෂේප කරනවා.
    මොකද්ද මේ සමාන්‍ය ජීවිතය ? ගැහැණියකගේ පැත්තෙන් බැලුවොත් පිරිමියෙකුගේ රැකවරණය යටතේ දරුවන් වැදීම - හැදීම සහ ඔවුන්ගෙන් රැකීමයි. පොදුවේ ගත්කළ විශ්වාසවන්ත සුරක්ෂාවයි.
    මේ සුරක්ෂාව වෙනුවෙන් විවාහය නම් සිරගෙය තුළට ඇතුළුවන්නට නොකැමැති අයෙකුට පහසුවෙන් මුදල් උපයාගතහැකි රැකියාව ක් ඇත්නම් ඒ ගනිකා වෘත්තියයි.

    ඊට එරෙහිව ඇති නීතිමය බාධාවන් නොවන්නේ නම් කෙතරම් අපූරුද...!

    ReplyDelete
    Replies
    1. මේ කතාවට මෙතක් ලැබුණු හොඳම විචාරය ,ස්තුතියි සුමිත් අයියා . //"ඊට එරෙහිව ඇති නීතිමය බාධාවන් නොවන්නේ නම් කෙතරම් අපූරුද" නීතිමය බාධාවන් ඉවත් වුවත් ,අපේ ඊනියා සුචරිතවාදීන්ගේ සමාජමය ,සංස්කෘතිකමය භාධා කෙදිනවත් ඉවත් වෙයිද කියන පානය නම් මට තියෙනවා

      Delete
  35. කතාව ලස්සනයි. මෙතන වැඩේ තියෙන්නේ සාමාන්‍යයෙන් සිදු නොවෙන දේ වී තිබීමයි. බස් රථයේදී හෝ වෙනත් ස්ථානයකදී ඇය සමග කුළුපග වන්න ගියා නම් සිද්දිය වෙනස් වන්න තිබුණා(සාමාන්‍ය සමාජයට අනුව්). මෙතනදී ඔවුන් බලාපොරොත්තු නොවන හැසිරීමක් ගනුදෙනු කරු පෙන්වනවා. රැකියාව කරලා හෙම්බත් වී සිටින ඕනෑම් කෙනෙකු අස්වාභාවික හැසිරීම් දක්වන අය සමග තරහා ගන්නවා. හේතුව කාලය කා දැමීම. වැරදි තැනක වැරදි හැසිරීම තමයි ඔබේ කතාවට හේතුව.

    ReplyDelete
    Replies
    1. //"රැකියාව කරලා හෙම්බත් වී සිටින ඕනෑම් කෙනෙකු අස්වාභාවික හැසිරීම් දක්වන අය සමග තරහා ගන්නවා."// අන්න යතාර්ථය , එකට ගණිකාවක්ද, දොස්තර කෙනෙක්ද, ලෝයර් කෙනෙක්ද කියන එක වැදගත් නෑ, ස්තුතියි සුදීක

      Delete
  36. ඉවාන් නුඹ සතු නිර්මාණ කෞෂල්‍ය මැනවින් පෙන්නුම් කළ තවත් අගනා පෝස්ටුවක් මෙය. ඒත් අද ඇතැම් කමෙන්ට්ස් ගැන නම් කලකිරුනා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින් අයියා . ඒ ගැන නම් අපි කතා නොකර ඉන්න තරමට හොඳයි නලිනායියේ

      Delete
  37. ලස්සන කතාවක් ඉවාන්.ඇත්තටම නලීන් අයියා කිව්වා වගේ හොද නිර්මාණ හැකියාවක් ඔයාට තියෙනව්..එල.

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා රොෂාන් බුවා අදහස් දැක්වීමට. දිගටම එන්න මේ පැත්තේ

      Delete
  38. ඔයා මේක ලියපු වෙලාවේම කියෙවුවත් කොමෙන්ට් එකක් නොදා බලන් හිටියා , ඇත්තමයි මේක නියම නිර්මාණයක් මේ විෂයේ ඔබට කියන්න අවශ්‍ය වූ සියල්ල කියවන කෙනාට ලෙසටම ගන්න පුළුවන්

    උඩ තියෙන ෆොටෝ එකත් ලස්සනයි හරියට බඩට නොකා ලස්සනට හදාගෙන ඉන්න ඇගවල්නේ

    ReplyDelete
    Replies
    1. ඒ මොකද කොමෙන්ට් නොදා බලා හිටියේ ....? ලෙසටම ගත්තානම් සතුටුයි.
      ඉතින් ඔයත් ඇක්සයිස් කොරලා මේ වගේ ස්ලිම් වෙන්නකෝ බතලි....:D

      Delete
  39. අලුත්ම කතාවක්..මේක අද සමාජය තුල සුලබ මාතෘකාවක් වුනත්..ඔයා එක ලිව්ව විදිය අපූරුයි මල්ලි...
    ජයම වේවා..ලියන්න දිගටම

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා අක්කේ, ඔයා කොහොම හරි කියවන බව මම දන්නවා ......!

      Delete
  40. අද ලංකාවේ ගෑනියෙක්ට හිමි වෙලා තියෙන සැබෑ තත්ත්වය ඔයා ලස්සණට කතාවට නගලා, ඉවාන් අයියේ. ස්පාවල විතරක් නෙමෙයි පෞද්ගලික බැංකුවලත් මේ වැඩේ දැන් නැගල ම යනවා. ඒකනේ බැංකුවලට ලස්සණ කෙල්ලෝ ම තෝරන්නේ. අන්තිම මොහොත වෙනකං සමහර කෙල්ලෝ දන්නේ නැහැ මොකද වුණේ කියලා. පව් කියලා හිතෙනවා වෙලාවකට. හ්ම්ම්, සමහරු ඉන්නවා දරුවෝ උස් මහත් කරන්න ඔය රස්සාවේ යෙදෙන. මේක ඉතින් අපිට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි :( ආ! ඔයා බලලා තියෙනව ද Taken කියන ෆිල්ම් එක? බලලා නැත්තං බලන්න. ලංකාවේ අපිට හිතන්නවත් බැරි කතාවක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ ෆිල්ම් එක නම් බලලා නෑ ... කොහොම හරි හොයාගෙන බලන්න ඕන. ඔය බැංකු වල සීන් එක ඇත්තක්ද ? මමත් අහලා තියෙනවා.

      Delete
  41. අඩේ බ්ලොක් පැත්තේ පය ගැහුවේ බොහොම කාලෙකින්.

    ReplyDelete
  42. මීට කලිනුත් කියෙවුව මතකය ගැන සිතමින්මේ කදිම වියමන ආයෙත් කියවාගෙන ගියා. කොමෙන්ටු කියවන්න ගියාමයි තේරුනේ ආයෙත් අලුත්වෙලා කියෙවුවෙ කොපමණ කාලයකට පෙර එකක්ද යන වග. ඉවාන් පව්ලූශා එදා කියෙවුවට කොමෙන්ටුවක් කෙටිලා නෑ. ඒ ගැන මගේ දුකයි පසුතැවිල්ලය දෙකම !!!!!!!!

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]