Wednesday, April 2, 2014

රෝස පෙති


නින්ද නැති රැයේ ...
සඳ කඳුළු මීදුමේ ..
හැංගිලා අඬන්නේ ඇයිද .
ප්‍රථම ප්‍රේමයේ ...
තාරුකා දියේ ගිලී .....
නිල් එලිය නිවී ..
වැහි බිංදු වැටේවී
රෝස පෙති කඩා හැලේ ......

නිමේෂා වෙන්වූ දිනයේ ඉඳන් මේ ගීතය මගේ ප්‍රියතම ගීතය බවට පත්වුණේ නොදැනුවත්වමයි. වැඩ ඇරිලා ගෙදර ආවම නංගිගේ මල් පාත්ති ටික දිහා කාමරේ ජනේලෙන් බලාගෙන ඇඳේ වැතිරිලා මේ සින්දුව අහන එක දින චරියාවේ අංගයක් වුනේ කවදා ඉඳන්ද කියන ප්‍රශ්නෙට උත්තරේ නොහිතා ඉන්න මම උත්සාහ කළා.

අතීත මතක එක්ක හිත හැංගිමුත්තන් කරනකොට කාලය ගතවෙනවාවත් , ඉන්න ඉරියව්ව ගැනවත් ,බලා ඉන්නේ කුමක් දිහාද කියලවත් නිනව්වක් නෑ....
"ඇවිල්ලා පොඩ්ඩක් උදව් වෙනවකො .හැමදාම උලමා වගේ මගේ මල් ටික දිහා බලන් ඉන්නේ නැතුව " නංගී ඒ ටික කිව්වම තමයි මට මතක් වුනේ සෑහෙන වෙලාවක් මං බලාගෙන හිටියා නේද කියලා

"අනේ යනවා ඕයි යන්න ,හිතුවද මමත් තමුසේ වගේ බිංකුන්ඩේක් කියලා ,දවස තිස්සෙම පොලව හාරන්න "

"අනේ යනවා යන්න උලමා "

*******

ජීවිතය වෙලාවකට මහා පුදුමාකාරයි . දෙයක් ලැබෙද්දී තව දෙයක් නැතුව යනවා , අවුරුදු තුනක් කැම්පස් ඉඳලා ගත්ත ඩිග්‍රියට දිස්ත්‍රික් ලේකම් කාර්යාලේ උපාධිධාරී පත්වීම ලැබුණු දා කවදාවත් අමතක් කරන්න බැරිවෙයි , එත් අන්තිමට ඒ රස්සාව ලැබීමෙන් වුනේ "රැකියාවිරහිත උපාධි ධාරීන්ගේ සංගමය " හැටියට හඳුන්වපු අපි "රජයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය" හැටියට නම වෙනස් කරගෙන ආපහු පාරවල් ගානේ බෝඩ් උස්සන් හිටපු එක විතරද ? නෑ තව වෙනසක් තිබ්බා ඒ බෝඩ් වල "රැකියා දියව්" වෙනුවට "ජීවත් වීමට සරිලන වැටුපක් දියව්" කියලා ලියලා තිබ්බා ...........

ඒ අතින් ගත්තම නිමේෂාගේ තාත්තා කොච්චර නම් දුරදිග බලලා තියෙනවද ?

"ඉස්සරනම් ඩිග්‍රිය අරන් එලියට බහිනකොට කිව්වේ ඔය ළමයි විශ්ව විද්‍යාලේ ගෞරවය රැකෙන පරිදි රට වැදගත් සේවයක් කරන්න ඕනේ කරන රැකියාවෙන් කියලා ...එකට අද ...අද කියන්න වෙන්නේ ඔය ලමයින්ට මොකක් හරි රස්සාවක් ලැබුනොත් ලොකු දෙයක් කියලා තමයි .......

මං ඔය ළමයට කියන්න ඕනේ නෑනේ ..ඔය ලැබෙන දොළොස්දාහේ දීමනාවෙන් පවුලක් නඩත්තු කරන්න බෑ කියන එක . අනික අපිට නිමේෂාගේ අනාගතේ අඳුරු වෙනවා බලන්නත් බැරි බව . අනික දැනටමත් ඒ ගැන අපි තීන්දුවක් අරන් ඉන්නේ , ඒ වැඩ ඉවර වෙනකන් දුව දෙහිවල අපේ අක්කගේ ගෙදර යනවා . ...

පුතා මේ දේවල් අමතක් කරලා ඉස්සරහට යන්න බලන්න ..."

එහෙම කියපු නිමේෂාගේ තාත්තා නැගිටලා ගියේ සියලුම දේ තීරණය කරපු ගානට . රස්සාවක් කියලා මොකක් හරි දෙයක් ලැබුණම යම් සතුටක් තිබ්බත් එකත් ඒ එක්කම හේදිලා ගියා .

මම හිතන් හිටියේ මෙහෙම සිද්ධි වෙන්නේ නවකතාවල , ටෙලි නාට්‍ය වල විතරයි කියලා ...හැබැයි ඒ නවකතා , නාට්‍ය වල නම් පෙම්වතා මාරාන්තික සටනක් දෙනවා , නමුත් මට වුනේ කිසිම නවකතාවක් ,කෙටි කතාවක නැති විදිහට සටනකින් තොරවම සියල්ල අතහැරගන්න .

මට තාමත් පුදුම හිතෙන්නේ නිමේෂා වෙනුවෙන් මං සටනට බැස්සේ නැත්තේ ඇයි කියලා , ඒ කියන්නේ මම නිමේෂට ආදරේ කරලා නැද්ද? මං එදා වුනත් නිමේෂාගේ ගෙදර ගියේ එයාගේ බල කිරීමට මිසක් මගේ හද පතුලෙන්ම ඇතිවුණු උවමනාවකට නෙවෙයි නේද කියලා මගේ හිත තාමත් මාවම ප්‍රශ්න කරනවා ...

හැබැයි කාලය ගතවෙනකොට තමයි මට අවබෝධ වුනේ මම කලේ වරදක් කියලා, මම නිමේෂට ආදරේ කල කියලා . කාලයත් එක්ක මට නිමේෂාගේ වියෝව විරහවක් හැටියට දැනෙන්න ගත්තා . විරහ ගීත අහගෙන ,හුදකලාවේ ඉඳගෙන ඒ විරහව විඳින එක වෙලාවකට විස්තර කරගන්න බැරි හැගීමක් වුනා .

"රස්සාව ලැබුණ දවසේ පෙම්වතිය නැතිවීම ... හ්ම්ම්ම් "

"හුම් හුම් ගගා ඉන්නේ නැතුව මේ තේ එක බොනවා ..ආ ......"

"ඔහොම තියන්න නංගි ..."

"තිය තියා ඉන්නනම් ගෙන්න ඕනේ නෑනේ අයියේ ..මේක බීලා යන දේවාලෙක යනවා .."

********

" ම්ම්ම්ම්ම් 3 missed calls "

මග හැරුන අංකය මොකක්ද කියලා මතක් කරන්න උත්සාහ කරද්දීම ආපහු ඒ අංකයෙන් ඇමතුමක් ...

"හෙලෝ .."

"හෙලෝ ...මේ රුවන්ගිගේ ගෙදරද?...."

ඒ ඇහුනු කටහඬ තාමත් කන ඇතුලේ දෝංකාර දෙනවා වගේ...මම හිතන්නේ මගේ ජීවිතය තුල ඇහුනු මිහිරිම කටහඬ .....මම ටික වෙලාවක් යනකං කතා කරගන්න බැරුව ගොත ගැහුනා ..ඇත්තටම එහෙම වුනේ ඇයි......?

හෙලෝ ....හෙලෝ.....

ඒ කටහඬ නොනැවතී දිගටම ....

ඔව්....ආ මේ ..නෑ ...නෑ ...නෑනේ .......
කවුද ඔය ....?

"ම්ම් එහෙමද ...මට එයා දුන්නු නම්බර් එකනම් මේක ..මම ලියාගෙන වැරදිද දන්නේ නෑ... කමක් නෑ .බොහොම ස්තුතියි ...."

"මේ පොඩ්ඩක් ඉන්න ....."

"ම්හ් .ඇයි ....."

"නෑ.. මේ මේ ..ඔව් සමහර විට ඔයා ලියාගෙන වැරදි ඇති ....."

"හි හි හි ..ඔව් එහෙම වෙන්න ඇති .....තෑන්ක් යූ ..."

"බායි .."

*******

එදා රෑ නින්ද ගියෙත් නැද්ද මන්දා.... බොළඳ නවකතා , මල් කතා කියලා මිනිසු හංවඩු ගහපු පොත් කීපයක්ම කියවා තිබ්බ නිසාමද මන්දා "ආත්මීය ලෙන්ගතු කමක් "ඒ කටහඬේ තිබ්බද කියලා හිතෙනවා . මේකට ආපු පලවෙනි මිස්කෝල් එක මේක නෙවයි වුනත් මේ කටහඬ මට මතක් වෙන්නේ ඇයි. නින්ද නැතුව ඇන්දේ එහෙ මෙහෙ පෙරලෙන වාරයක් ගානේ ඒ කටහඬම ඇහෙන්නේ ඇයි?

ඒ කටහඬ ආපහු අහන්න මට හිතුනත් ....මොකක්දෝ හිත කීරි ගැහෙන හැගීමකුත් එක්ක බයක් හිතට දැනුනු නිසා මම ඒ අදහස දවසින් දවස කල් දැම්මා ...."

එත් දවසක් හිතලා හිතලා හිතට ගත්තු දහිරියත් එක්ක මම ආපහු කෝල් කලේ ඒ කටහඬ අහන්න තිබුණු ආසාවටමයි ..

" හෙලෝ .................හෙලෝ....................හෙලෝ......"

කීපපාරක්ම ඒ කටහඬ ඇහුවට පස්සේ මම කතාකලා ...

"හෙලෝ ..ඔයාට රුවන්ගිගේ නම්බර් එක හම්බ වුනාද?.............."

"ම්ම්ම්ම් ...කවුද මේ ........

********

සුදු අයියේ ..................අයියේ ....

"ඇයි මොකද ? මොනවද ඕනේ ......බටර් නැතුව කියනවද "

"අයියේ ....මේ ඔයා ...අද .........එනකොට ..."

"ඇඹරෙන්නේ නැතුව කියනවා ඕයි මට පරක්කුවෙන්වා ...."

"අප්පෝ මෙයාගේ සැර....
අනේ ..අයියේ ඔයාට පුලුවන්ද මට අර "ඇමරිකන් බියුටි "කියන රෝස මල් පැලයක් ගෙනත් දෙන්න ...අනේ ගෙනත් දෙනවකො හලෝ......."

"පිස්සුද තමුසෙට ....ඇමරිකන් බියුටි ..බම්බුව ....යනවා යන්න ......අම්මේ මම යනෝ ..."

"හාහ් ඒ කියන්නේ බැරිද ? ඉන්නවකෝ මම කියන්න අම්මට රෑ තිස්සේ කුටු කුටු ගගා ලව් කරන ඒවා ඔක්කොම කියනවා ...."

"කියා ගන්නවා ඉතින් .....එහෙම කිව්වට ඒ වචන ටික ඇහුණාම මගේ හිත පුදුමාකාර ප්‍රබෝධයකින් පිරීයනවා වාගේ දැනුනා...මග අරුණු ඇමතුම මගේ ජීවිතයේ මෙච්චර වෙනසක් කරාවිය කියන දේ මම හීනෙකින් වත් හිතුවේ නෑ...

ඒ වෙනකොට මුතු එක්ක කතා කරන එක දිනචරියාවේ අංගයක් වෙච්ච බව නංගිගෙන් හංගන එක ලේසිවුනේ නෑ. ඇහින්වත් නොදැක කිසිම විස්තරයක් නොදැන මාස ගානක් පුරාවට ඒ කටහඬ එකම සංකේතය වෙච්ච මුතුට ඇයි මෙච්චර ආකර්ෂණයක්, ඒක ආදරයක්ද?.

එහෙම වෙන්න පුලුවන්ද ? දකින්නේ නැතුව, මූණ බලාගෙන කතාකරන්නේ නැතුව ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද? නෑ නෑ ඒක ආදරයක් නෙවෙයි ..... නැත්තේ මොකද එහෙනම් මොකද හැමදාම උදේට ෆෝන් එක  දිහා බලන්නේ මිස්කෝල්, මැසේජ් තියෙනවද කියලා. මොකද එහෙනම් දවසක් කතා කරන්න බැරිවුනොත් මහා හුදකලාවක් දැනෙන්නේ ...?


කොහොම වුනත් නිමේෂා පසු නිසා කාලීනව ඇතිවුණු විරහ වේදනාව අඩු කරගන්ට මම යොදා ගත්ත ක්‍රමයක් විතරද මේ ..

මගේ හිත හැම තිස්සෙම මගෙත් එක්ක වාදේට පැටලෙන එක මට වෙලාවකට හිරිහැරයක්. ඒ වෙලාවට මම  මගේම කොන්ඩෙන්  ඇදගෙන ඇදගෙන ගියේ පිස්සුවෙන් වගේ ...

බිඳුණු පෙම් හද නිවාලන්නට
කඳුල නුඹ ආ දා ......
අඳුර රජයන හුදකලා සිත
නුඹට පෙම් බැන්දා......

**********

"මේ මුතු ..... "

"ම්ම් ඇයි ...මගේ නම පාඩම් කරනවද .....හි හි හි හි ....."

"හැම එකටම හිකි හිකි ගාන්නේ නැතුව ටිකක් අහගන්නකෝ .."

"කියන්නකෝ සර් එහෙනම් ..හි හි හි හි හි ...."

"ඔය ආයෙත් හිකි හිකිය ...ළඟ හිටියනම් පලනවා කන ...."

"ඒකනේ ලඟට එන්නේ නැත්තේ  හි හි හි හි හි ....."

"මේ  ඒක නෙවෙයි .....මට දැන් හරි ආසයි ඔයාව දකින්න ........ කවදද අපි හම්බ වෙන්නේ .......?"

"ඉතින් ඔයා මාව දැකලා තියෙනවනේ ,"

"ඒ ඉතිං ෆොටෝ එකෙන් නේ ..."  
මම එහෙම කියනකොටත් රතුපාට හැට්ටයක් ඇඳගෙන අරලිය මලක් ඔලුවේ ගහගෙන ලස්සන හිනාවකින් සැරසිලා ඉන්න මුතූගේ උඩුකය චායාරූපය මගේ අතේ , හැමදාම මුතූ එක්ක කතා කරනකොට එයාගේ ෆොටෝ එක අතට ගන්න එක මට නොදනුවත්වම වුණු දෙයක්.

"ඒ වුනාට කවුද දන්නේ එක වෙන කාගේ හරි ෆොටෝ එකක්ද කියලා ..."

"ඔයා හිතන්නේ මං ඔයාට වෙන කාගේ හරි ෆොටෝ එකක් එව්වා කියලද සුරාජ් .....?"

"හා හා ඉතින් තරහ ගන්න එපා ..මම කිව්වේ ඔයාව මට දැන්ම බලන්න ඕනේ නිසා .."

" අපෝ මෙයාගේ හදිස්සිය ....පොඩ්ඩක් ඉන්න ...."

" බෑ බෑ ..පොඩ්ඩක්වත් ඉන්න බෑ අදනම් ඔයා මට හම්බවෙන විදිහක් කියන්නම ඕනේ ...."

"ඉවසන්න පුරුදු වෙන්න සුරාජ්....
අපි හදිසි වෙලා වේගෙන් යනකොට අපිට වටේ තියෙන දේවල් පෙන්නේ නෑ... අපිට ඇත්ත වගේම ලස්සනත් මග ඇරෙනවා ..ඒත් හෙමින් යනකොට හැමදෙයක්ම පැහැදිලියි ..එතකොට අපිට ලස්සන බලන්න පුළුවන් ...සත්‍යය දකින්න පුළුවන්....."

"ඔය පණ්ඩිත වාක්‍ය මට වැඩක් නෑ ...ඔයා මට අද දවසක් කියනවද නැද්ද?...

"අප්පෝ මෙයාට යන තරහා ....
ඇයි ඔයාට ඔච්චර හදිස්සි .සමහරවිට ඔයාට හොඳ ගෑනුළමයෙක් ගෙදරින් ප්‍රපොස් කරල වෙන්න ඇති  ?    හි හි හි

මුතූ ..අදනම් ඔයාට මග ඇරලා යන්න වෙන්නේ නෑ මෙහෙම එක එක විකාර කියවලා .

"මම ඔයාට ආදරෙයි මුතූ....."  
 මම ඒ වචන ටික කියාගත්තේ කොච්චර අමාරුවෙන්ද ? හරියට උගුරේ කාලයක් තිස්සේ හිරවෙලා තිබ්බ දෙයක් එක සැරේම එලියට ආවා වගේ සැහැල්ලුවක් මට දැනුනා ඒ වචන ටිඅක් පිටවුණාට පස්සේ .

ඒත් ඊට පස්සේ ඇතිවුණු දිග නිහැඬියාව ආයෙමත් මාව නොඉවසිලිමත් කළා

"මුතූ..................?"

"සුරාජ් ...... මටත් ඔයාට එහෙමම කියන්න පුළුවන් ..එත් ඔයා මං ගැන හරියට දන්නේ නෑනේ .."

"එක තමයි මම මේ දැනගන්න හදන්නේ .." මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නේ ?"

"ඒක දිග කතාවක් සුරාජ් , මං මේක ඔයාට කියන්න ඕනේ කියලා හිතනවා එත් මට එකට හිත හදාගන්න කාලයක් ඕනේ .."

මං දන්නවා මුතූ .. ඔයා ඔය හදන්නේ .... මම කලින් යාළුවෙලා හිටියාය , එයා දාලා ගියාය ,එයා අමතක කරන්න බැරිය ..කියා කියා සාම්ප්‍රදායික බයිලාවක් ගහන්නනේ , ඔයා මං ගැන හරියට දන්නේ නෑ ..මට ඔයාගේ අතීතයෙන් වැඩක් නෑ."

සුරාජ් ..මට ටිකක කල් දෙන්න

කොච්චර කල්ද?

ඊට පස්සේ අයෙමත් ඇතිවුනේ මං අකැමතිම නිහැඬියාව ..එළියේ කෑ ගහන රැහැයියන්ගේ සද්දේ පවා මට හොඳින් ඇහුනා . ටික වෙලාවකට පස්සේ නිහඬ බව බිඳගෙන මුතූ ආපහු කතා කළා

"හරි ඔයාට පුලුවන්ද මම වෙනුවෙන් දෙයක් කරන්න ..."

"මොකක්ද ....මට ඔයා වෙනුවෙන් කරන්න බැරි දේවලුත් තියෙනවා කියලා ඔයා හිතනවද?"

" ඔයා මම වෙනුවෙන් රෝස පැලයක් හිටවන්න ......"

"රෝස පැලයක්......?"

"ඔය ඉතින් ආයේ කලබලේ ...අහ ගන්නකෝ.... මමත් එකක් හිටවනවා ඔයා වෙනුවෙන් ...අපි දෙන්නගෙන් කාගේ හරි එක්කෙනක්ගේ ගහක මලක් පිපිණු දවසක අපි හම්බවෙමු ....ඒ මලත් අරගෙනම ...."

"හැක හික් ...ඉතින් කරමු ..."

"හැබැයි සුරාජ් මේක අවංකව කරන්න ඕනේ ....ඔයාට ඕනේ නම් කඩෙන් මලක් අරන් මාව රවට්ටන්න පුළුවන් එත් මම හිතනවා ඔයා අවංකයි කියලා ..මේක මගේ ඉල්ලීමක්....."

 මම ආයෙත් කලපනා කලේ මොන විකාරයක්ද මේ කියලා , මම මෙහෙම දේවල් හින්දි ෆිල්ම් වලනම් දැකලා තියෙනවා . හැබෑ ජීවිතයේදී මෙහෙම විකාරයක් ඇහුවමයි .

හැබැයි ඒ ඉල්ලීම කරපු විදිහෙන් මට කොහෙත්ම බොරුවක් කරන්න හිතුනේ නෑ.....

*************

" අප්පේ මේ මොකද ......? අද නම් බස්නාහිරින් ඉර පායයි..... අනේ ඇමරිකන් බියුටි එකක් නේද...? , මොකද මේ ............. මොනා වෙලාද ඔයාට ..."

"ඇයි තමුසේ ඉල්ලුවේ ...?"

"ඒ කොයි කාලේද ...ඇයි තමුසේ බෑ කිව්වේ ...
මොකද මේ ..ආ....පොච්චියකුත් ගෙනත් ...අර රෑට රෑට මල් කඩන කෙල්ල කිව්වද රෝස පලයක් හිටවන්න කියලා .....අම්මේ..................."

"ඕයි... හරකි ..මෙහෙ එනවා ..අම්මට කියලා තිබ්බොත් බලාගෙනයි ........"

"ඌයි කන ...."

"මේ නංගි ..මට මේක හිටවන්න කියලා දෙනවකො ......"

"අප්පට බොල....මෙන්න වැඩක්......අපි කිව්වම වතුර ටිකක් දාන්න බෑ ..කොහෙවත් ඉන්න කෙල්ලෝ කිව්වම පෝච්චිත් උස්සගෙන එනවා මෙතන ...මට බෑ...."

ගස්සාගෙන හැරුණු නංගි ගෙට ගියාම ..මං කලේ රෝස මල් පැලේ සීරුවට පෝච්චියේ හිටවපු එක ...'

"කවදාවත් මල් පැලෙකට වතුරවත් දාලා නැති මගේ අතින් හිටවපු රෝස පැලේ දළු දාලා පැලවෙලා එනකොට මට හරිම ආස හිතුනා ....මගේ සාත්තුවෙන් රෝස පැලේ සරුවට වඩේන හැටිත් ..මං සාත්තු කරන හැටිත් නංගි බලාගෙන හිටියේ හිනාව පුරවාගෙන .....

**********

රෝස පැලේ පොහොට්ටුවක් ඇවිත් තිබ්බ දවස මට අද වගේ මතකයි .....පහුවදාම මම මුතු එක්ක ඒ ගැන කිව්වේ හරිම සතුටකින්.....

"ඇත්තද ......"

"ඔව් ..ඇයි ඔයා දුකින් වගේ ...ඔයාට සතුටු නැද්ද.....?, ඔයා ඒ ගමන තවත් හේතුවක් හොයන්නද හදන්නේ හම්බවෙන්නේ නැතුව ඉන්න "

"තරහ ගන්න එපා සුරාජ් ..ඔයා හරිම හොඳ කෙනෙක් ....එත් ඔයා ගේ ඔය කලබලේ තමයි වැඩේ ...."

"වෙනදා සැහැල්ලුවෙන් කතා කරන මුතු මොකද මේ අද සීරියස් වෙලා...."

එත් මං අහපු දේට උත්තර දෙනවා වෙනුවට ....

"සුරාජ්.....ඔයා හොඳටම දැක්කද පොහොට්ටුවක් ඇවිත් කියලා ......"

"ඔව් මොකද මම නොදැක්කේ ..මාස ගානක් බලන් ඉඳලා මේක දැක්ම මට දැනුනු සතුට ඔයාට නැති එක ගැන මට හරිම පුදුමයි මුතු "

"ඔයා දැක්කද සුරාජ් ඒ රෝසමල වටේට තියෙන කටු ...කොච්චර ලස්සන රෝසමලක් වුනත් වටේට තියෙන කටු හරිම නපුරුයි සුරාජ්....."

"මුතූ................"

"සුරාජ් ..... මම දන්නවා මේ ටික ඇහුවට පස්සේ ඔයා මට තවත් කෝල් කරන එකක් නෑ කියලා , එත් අපි ඇත්තට මූණදෙන්න ඕනේ සුරාජ්........

මං උපතින්ම කකුල් දෙකම නැති කෙල්ලෙක් සුරාජ්....මම .................

බිම වැටුණු දුරකතනයෙන් තවත් වචන එලියට එනවා වගේ මට ඇහුනත් ඒ මොනවද කියලා හොයන්න මම උත්සාහ කලේ නෑ....

එදායින් පස්සේ මම කවදාවත් රෝස පැලේට සාත්තු කරන්න ගියේ නෑ.... ඒ පැලේ ඔහේ මියැදෙන්න හැරියා  හරියට මගේ මතකය වගේම ............මම වැරදිද......?


157 comments:

  1. වැරදියි....

    වැරදියි වැරදියි වැරදියි....

    ( ඒ මගේ හිත ඇතුලෙ ඉන්න බොළඳ කෙල්ල කිව්ව එක..)

    එහෙම කරපු එක හොඳයි... නැත්තං ඔය මනුස්සය කවදහරි ඔය ආදරෙයි කිව්ව කටිම්ම තමුසෙ මහ වදයක් කියලත් කියනව...

    ( ඒ අවුරුදු තිහේ මං කියන එක..)

    ReplyDelete
    Replies
    1. දවසේ කමෙන්ටුව බං !!!!

      Delete
    2. //එහෙම කරපු එක හොඳයි... නැත්තං ඔය මනුස්සය කවදහරි ඔය ආදරෙයි කිව්ව කටිම්ම තමුසෙ මහ වදයක් කියලත් කියනව...

      ( ඒ අවුරුදු තිහේ මං කියන එක..)//
      100%ක් ඇත්ත...

      Delete
    3. @ හිරු - මටත් කියන්න තියෙන්නේ දවසේ කොමෙන්ටුව කියලා තමයි , ඇත්ත ඕක තමයි හිරු, කවදා හරි ඔය කටින්ම කියනවා තමුසෙනම් මහා වදයක් කියලා . ආලය අන්දහයි නොවැ. අපිට වර්චුවල් සිටුවේෂන් වල ඉඳන් බලනකොට මහා අමානුශිකයි වගේ පේන දේවල් සැබෑ ජීවිතයේ යතාර්ථය බවට පත්වෙනවා

      Delete
    4. @ පත්තර මල්ලි - සහතික ඇත්ත

      @ සසිඳු - අනිවා

      Delete
    5. හිරු කිව්ව දෙවෙනි කතාව සහතික ඇත්ත.:(

      Delete
  2. හරිද වැරදිද?.……

    මම හිතන්නෙ වැරදියි කියලා.

    කතාව ඉවර වෙනකම් හිතුන්නෑ මේවගේ දෙයක් වෙයි කියලා. ඇත්තටම ඔය වගේ මිස් කෝල් නිසා ජීවිතය විනාශ කර ගත් ජීවිතය හැඩ කර ගත් කී දාහක් ඇත්ද?

    රූපෙ නොදැක ගැඹුරු ආදරයක් ඇතිවිය නොහැකිද?

    නිර්මාණෙ නම් වෙනදා වගේම නියමයි.

    ReplyDelete
    Replies
    1. "රූපෙ නොදැක ගැඹුරු ආදරයක් ඇතිවිය නොහැකිද? " ඔන්න ඕක තමයි මගෙත් ප්‍රශ්නේ ... දීපන්කො උත්තර . මිස්කෝල් ප්‍රේමකතා නම් දාස් ගානක් ඇති . දැන් ඒවා විශේෂ සිද්ධි නෙවෙයි සාමාන්‍ය ප්‍රවෘත්ති . තැන්කු වේවා ප්‍රියා

      Delete
    2. හ්ම්ම් මගේ පෞද්ගලික අදහස අනුව උත්තරයක් දෙනවනම්.… "හැකියි". ආදරය කියන්නෙ ලිංගිකත්වය මත 'පමණක්' පදනම් වූ දෙයක් නොවන බව මගේ මතය. සමහර විට මගේ උත්තරේ බොලඳ වෙන්න පුලුවන්.

      කොටින්ම මම සුරාජ් උනානම් මම ඔය කෙල්ලව බඳිනවා.

      Delete
    3. උඹට එහෙම කියන්න හැකියාවක් තියෙන එක ගැන සතුටුයි , එත් අවස්ථවට ඇත්තටම මුහුණ දෙන්න වුනොත් ඒ වෙලාවෙත් එහෙමම කියන්න පුළුවන් නම් තමයි වටිනාකම . මොකද බොහෝ වෙලාවට අපි ඒ වගේ වේලාවට් අසරණ වෙන බව මම අත් දැකීමෙන්ම දන්නවා

      Delete
    4. මචන් ප්‍රියා උබවනම් අදහන්න වටින පුද්ගලයෙක් ඈ, මං මේ බැලුවෙ බන් එහෙම කෙල්ලෙක් බැන්දනම් කොල්ලෙක්ට සිද්ද වෙන දේ ගැන,
      තනියම ගෙදර හැම වැඩ කරන්න ඕන, වයිෆ්ව බලාගන්නත් ඕනෙ
      දරුවො හදන්න පුලුවන් වෙයිද කියල විශ්වාසයක් තියන්නත් බෑ, පුලුවන් උනත් දරුවෙක් හැදුවට පස්සෙ දරුවව බලාගන්නත් ඕන.
      රස්සාව උනත් හරි අවදානෙකින් කරන්න බැරි වෙනවනෙ, එහෙම බලද්දි බන් ඕන මනුස්සයෙක්ට එපා වෙනව ඔහොම කෙල්ලෙක්ව බැදගත්තොත්.ලස්සන කටහඩ නිසා අසාවට ජීවිතේම දුක් විදින එකනම් එක අතකින් මෝඩ කමක්, හැබැයි තවත් අතකින් බලද්දි ලොකු පිනක්.

      Delete
    5. හ්ම්ම… මම ඔහොම කමෙන්ට් එකක් කොටන්න හේතුවත් කියන්නම්. අපේ හංදියෙම මචන් ජීවත් උනා වයසක ජෝඩුවක් ගෑණු කෙනාට කකුල් තියා ඉදගෙන ඉන්න තරම්වත් ශක්තියක් නෑ. තුනටියෙන් පල්ලෙහා පණ නෑ. බැලින්නම් ඒ දෙන්නා යාළු වෙලා ඉන්න කාලෙ වෙච්චි අනතුරකින් ඕක වෙලා තියෙන්නෙ. එතකොට මේ දෙන්නා බැදලත් නෑ. ඒත් මේ යකා ඒ මනුස්සයව අතහැරියෙ නෑ. කසාඳ බැදගෙන ජීවිතේම කැපකලා.

      සසියා කියන්නක් වගේ මේකා මහ මෝඩයෙක් තමා, ඉවාන් කියන්නක් වගේ මට මේ වගේ අවස්ථාවක් උදා උනොත් මීට හාත් පසින්ම වෙනස් තීරණයක් ගන්නත් ඉඩ තිබ්බා. ඒත්… ඒත් ආදරය සම්බන්ධයෙන් මගෙ පරමාදර්ශී චරිතෙ උනේ මේ මනුස්සයා (රෝමියෝ ජුලියට්, සාලිය අශෝකමාටත් වඩා.) මට මේ කතාව කියවලා ඉවර වෙත්දිම මතකෙට ආවෙ ඔය ජෝඩුවව.

      ඔන්න ඔහොම ච‍රිතත් තාම ජීවත් වෙනවා.

      කොහොමත් ආදරය සම්බන්ධ තැන් වලදි අනවශ්‍ය තරමට සංවේදී හැඟීම් වලට වහල් වෙන මෝඩයෙක් තමා මචංලා.……… ;))

      Delete
    6. අනේ මන්ද බන්, මාත් ආදරේ කර කර ඉන්න කෙල්ලට (එහෙම එකක් නෑ) එහෙම දෙයක් උනානම් අතෑරල දාන්නෙ නැතිවෙයි ගොඩක්දුරට,යාළුඋනාට පස්සෙ ‍ඒ වගේ දෙයක් උනොත් අතාරින එක හරිනෑනෙ, ඒත් මේ කතාවෙ හැටියට කෙල්ල උපතින්ම කකුල් නෑ කියල දැනගත්තොත්නම් මං බාරගන්නෙ නෑ..

      Delete
    7. හ්ම්ම්… මෙහෙමයි සසියා, මුතූ ඒක සුරාජ්ගෙන් උවමනාවෙන්ම වසන් කලා කියලා ගත්තොත් අනිවා ඒ කෙල්ලව අත හරින එක හරි. ඒක මාත් පිළිගන්නවා. ඒ ඒ කෙල්ල චේතනාත්මකව බොරුවක් කලා නම්.

      හරි හරි ඒක අතහැරලා දාමුකො.… හි… කට බොරු කිවුවත් දිව බොරු කියන්නෑලුනෙ. //මාත් ආදරේ කර කර ඉන්න කෙල්ලට// වරහන් දැම්ම‍ට කියන්න ඕන දේ කියවෙලා ඉවරයි. :D :D ;))

      Delete
    8. සසිඳුවා දාල තියෙන කතාව හරි, යාළුවෙලා ඉද්දි වෙන දේකින් මෙහෙම දෙයක් වුනොත් සහ එහෙම තත්වෙක ඉන්න කෙනෙකුට ආදරය කරන්න වෙනවා කියන අවස්ථා දෙක වෙනස් .

      Delete
    9. දැං මගේ ප්‍රශ්නෙ මේකයි බොස්

      // මං ආදරේ කර කර ඉන්න කෙල්ලට ( එහෙම එකක් නෑ ) ///

      කාල වරෙංකො .. එතකොට මල්ලි උඹ සියඹල ගෙනාවෙම නෑ ??????? : D


      Delete
    10. // මං ආදරේ කර කර ඉන්න කෙල්ලට ( එහෙම එකක් නෑ ) /// කියන එකෙන් අදහස් කලේ අනාගතයේ ආදරය කරන කෙල්ලෙක් ගැන, දැන් නැති නිසයි වරහන් ඇතුලෙ අරහෙම දැම්මෙ :D කොහෙද ඉතින් මුන් පිළිගන් නෑනෙ :D

      Delete
    11. අදහස් හොඳයි - පැහැදිලි මදි බං !! : D

      Delete
    12. නෑ බන් පත්තරයෝ සසිඳු කියන්නේ "සිතින් විතරක් පෙම් කරන්නම්, දුරින් හින්ද ඔබ දෙස බලන්නම්" කියන ප්‍රේමවන්තයෙක්, ඇත්තම් කිව්වොත් ඕකා ඔය හිත ගිය කෙල්ලගෙන අහන්න බයේ ඉන්නේ , මොකද කියන්නෙන් පත්තරේ මූට වැඩේ කරලා දෙමුද අපේ ගානේ

      Delete
    13. අනිවා ඉවාන් එහෙම ගේමකටනම් අපිත් බහිනවා. (y) :)

      Delete
    14. අම්මටහුඩු.. කියන්ඩෙපැයි.
      මචං අපේ එකෙක් හිටියා..ඌව තමයි අපේ හැම එකාම ඔය සීන් එකේදි ඉස්සරහට දාන්නේ..මේ උගේ තියරිය
      ඉස්සෙල්ල කෙල්ල ටෝක් කරල අඬෝනවා..
      ඊට පස්සෙ කැමැත්ත අහනවා.
      කෙල්ල අඬ අඬ හා කියනවා : D

      ආයෙ මං දෙන්නං සප් එක !!
      මාරයාට කේන්දර කොපි දෙකයි මට ගල් එකයි එක්ක ලෑස්තිකරගනිං මල්ලි

      Delete
    15. ඉවාන් අයිය කිව්ව වගේ "සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම්" වගේ එකක්නම් තියනව තමා, හැබැයි ඉතින් පෙම් කිරිල්ලක්නම් තාම නෑ, පොඩි ක්‍රෂ් එකක් විතරයි ;)

      Delete
  3. මමනම් කියන්නෙ වැරදි නෑ, අඩුපාඩු නැති කවුරුවත් මේ ලෝකෙ නැති උනත්, ඔය වගේ ලොකු අඩුපාඩුවක් තියන කෙනෙක් විවාහ කරන් ජීවිතේ කරදර වැඩි කරගන්න එකනම් මම දකින්නෙ මෝඩකමක් විදිහට.මුලින් ආදරේ නිසා බැන්දත් පහුවෙද්දි ගොඩක් දුරට එපා වෙනව මේ මොන කරදරයක්ද කියල හිතිල.ඉතින් පස්සෙ එපාවෙන්න බදිනවට වඩා හොදයි මුලින්ම අතෑරල දානඑක.
    සමහරවිට කෙනෙක් කියයි මම වැරදී කියල, ඒත් කව්රු කොහොම කිව්වත් සැබෑ ජීවිතේදි ගොඩක් අය ගන්න තීරණේ තමා මන් කිව්වෙ :D

    ReplyDelete
    Replies
    1. උඹේ කොමෙන්ටුව මල් හතයි මලයා . එත් මේ අන්තිමට දාපු තිත් දෙකයි ඩී එකයි නම් මේකට ගැලපෙන්නේ නෑ. මොකද මේ උඹ කරලා තියෙන්නේ විහිළුවක් නෙවෙයි . එක තමයි සහතික ඇත්ත .සැබෑ ජීවිතේදී හැම කෙනෙක්ම පාහේ හැසිරෙන්නේ ඒ විදිහට තමයි , මොකද බුදුබව පතන බෝධි සත්වයෝ වෙන්න හැමෝටම බෑනේ

      Delete
    2. //අන්තිමට දාපු තිත් දෙකයි ඩී එකයි නම් මේකට ගැලපෙන්නේ නෑ// පුරුද්දට දැමෙනවා අයියෙ :)

      Delete
  4. ඕ යෑස් පුතා නිර්මානෙ නං සුපිරි ලියන එකා තමා මට දිරවන් නැත්තෙ !!!!
    මචං මගේ හිතවත්ම ඉතාලි කොල්ලෙක් ඉන්නවා .ලස්සනම ලස්සනයි .නම ලුයිචි ..ජොබ් එක මිනින්දෝරු. ඌ බැඳල ඉන්න කෙල්ලගෙ ඇස් දෙකම පේන්නෙ නෑ උපතින්ම,
    .ඒත් කෙල්ල ටෙලිෆෝන් ඔපරේටර් කෙනෙක් විදියට වැඩ කරනවා කොහොම කරනවද නං දන්නෙ නෑ !!!

    අපේ ගෙද‍රත් ආව මචං කෙල්ල මූ එක්ක..මගෙ මොලේ හොඳකම කියන්නෙ උන්ට මං දුන්න තෑග්ග නුවර පෙරහැරේ ෆොටෝ එකක්.. කොල්ල ඒක නැට්ටුව අලිය
    කිය කිය කෙල්ලගෙ ඇඟිල්ල අරන් තිය තිය පෙන්නනවා..මට
    .මටම පුදුම හිතුන මේ වගෙ මිනිස්සු ලෝකෙ ඉන්නවද කියලා..හම්බ කරන කරන දේ වියදම් කරන්නෙ කෙල්ලගෙ ඇස් දෙක හොඳ කරගන්න !!!!!

    එහෙම දෙවිවරු වගේ උනුත් ඉන්නව ඉවාන් ..
    ඒත් පුද්ගලිකව සුරාජ් වගේ මටත් කවදාවත් ඒ කැපකිරීම කරන්න තරං " කොන්දක් " නෑ අවංකවම !!


    ReplyDelete
    Replies
    1. එහෙම අයත් ඉන්නවා නේද මල්ලි. එයාලගේ ආදරේට මගෙනුත් පැතුමක් ,

      Delete
    2. උඹේ කොමෙන්ටුවට කතාව පරාදයි හැම පැත්තකින්ම, ඇත්තෙන්ම එහෙම මිනිස්සුත් ඉන්නවා . එත එහෙම කෙනෙක් දැක්කම අපිට පුදුම හිතෙනවා . //"ඒත් පුද්ගලිකව සුරාජ් වගේ මටත් කවදාවත් ඒ කැපකිරීම කරන්න තරං " කොන්දක් " නෑ අවංකවම !! "// උඹට විතරක් නෙවෙයි මටත් එහෙමයි මෙතන මේක කියවන හැමෝටම් වගේ ඔය කොන්ද නෑ මචං ... එහෙම කොන්දක් හදාගන්න තරම් ගටක් තියෙන කෙනෙක් වෙන්න ලේසි නෑ

      කියන්න අමතක වුනා උඹේ කොමෙන්ටුව නම් මල් හතයි එත් කොමෙන්ට් එක දාපු එකා තමයි මටත් දිරවන්නේ නැත්තේ .

      Delete
    3. @ ඔමා - අපි හැමෝම සුබ පතන්න් ඕනේ ඒ ආදරේට වගේම මනුස්ස කමට සහ ඉවසීමට

      Delete
    4. ඔමා
      අපේ ළඟම ගෙදරක ඉන්නෙ..සමහර දවසට මට පේනව කොල්ල එක අතකින් කෙල්ලගෙ අතින් අල්ලං අනිත් අතින් පීස දෙකක් අරන් ගෙදර යනවා..අන්ධ කෙල්ල උයන්න කියලෑ !!මට ඌ පොරක් බං !!!!

      අනේ බං උඹේ පෝස්ට් එක එක්ක බලද්දි කමෙන්ට් එක මොකද්ද බං..ඒ කැපකිරීම මට නං පුදුමයක්..!!!

      Delete
    5. පත්තරේ අපේ ගමෙත් ඉන්නවා උපතින්ම ඇවිදින්න බැරි බිරිදක් ඉන්න ජොඩුවක් දෙන්නා මාරම ලව් විශ්වාස කරන්නත් බෑ මොනවා නැති වුනත් ෆුල් ජොලියේ ,දැන් පස්ට වයසයි එත් කුරුළු ජොඩුව වගේ මනුස්සයා වයිෆ්ව තියන් තල්ලු කරන් යනවා ...එක මාරම ලව් එක .මේ හොදට ඉන්න අපි කොච්චර කෙල ගන්නව ද පොඩ්ඩ ඇත්නම්

      Delete
    6. සහතික ඇත්ත බං ..එහෙම මිනිස්සු අපි අතරෙ ඉන්නවා.. කලිනුත් කිව්ව වගේ ඒ අය ඉස්සරහ අපි අඟුටුමිට්ටෝ.

      Delete
  5. අපිි ගොඩාක් දෙනෙකුට ඒ වගේ පරමාදර්ෂී චරිත වෙන්න බෑ.
    ආදරයක් ඇතිවන්න කලින් ඔය විස්තර ටික දැනගෙන හිටියෙ නැති නිසා වැරදි නෑ.

    අතහරින එක දෙන්නටම හොඳයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මම හිතන්නේ දුරදිග නොබලා ගත්ත තීරණයක් වුනත් ඒ හැම දෙයක්ම සිධ්ධ්වුනේ හොඳට කියලා .අපිට සැබෑ ජීවිතයේදී පරමාදර්ශී චරිත වෙන්න් බෑ ... එහෙම වෙලා ජීවත් වෙන්නත් බෑ. තැනකුයි විදානේමලයා

      Delete
  6. හරි,හෙතුව හිරු කියල තියෙනව.අපි ජිවත්වෙන්නෙ පොලොවෙ.අහසෙ නෙමෙයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත්ටම අයියෙ උඹ ජීවත් වෙන්නෙ පොලවෙද ..

      මං නං හිතුවෙම අහසෙ කියල..අනේ සොරි ඈ !!! හැක් හැක් ..

      Delete
    2. ඔව් බං පොළොවේ ජීවත් වෙනකොට තමයි ජීවත් වෙන්න කොච්චර දහිරියක් දාන්න ඕනෙද කියල ,තැනකුයි දමියා .

      Delete
    3. දමියා වරෙන් ඉතාලි ගිහින් හරි මූට දෙකක් නෙලලා එන්න.. වල් පත්තරයා :D

      Delete
    4. අප් ඇන්ඩ් ඩවුන් ටිකට් එක අරං දියන්. මංම එන්නං !!

      Delete
    5. නෙලන දෙක තියාගන්නකො ආපු දවසක පොලියත් එක්කම දෙන්න :D

      Delete
  7. හරිද වැරදිද කියන්න අමාරුයි. ඒත් මම නම් නොදැකපු කෙනෙකුට ආදරයක් ඇති කරගන්නේ නැහැ.

    //////එත් අන්තිමට ඒ රස්සාව ලැබීමෙන් වුනේ "රැකියාවිරහිත උපාධි ධාරීන්ගේ සංගමය " හැටියට හඳුන්වපු අපි "රජයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය" හැටියට නම වෙනස් කරගෙන ආපහු පාරවල් ගානේ බෝඩ් උස්සන් හිටපු එක විතරද ? නෑ තව වෙනසක් තිබ්බා ඒ බෝඩ් වල "රැකියා දියව්" වෙනුවට "ජීවත් වීමට සරිලන වැටුපක් දියව්" කියලා ලියලා තිබ්බා ..///////

    මෙන්න මේ කොටසට මම හරිම කැමතියි.

    ReplyDelete
    Replies
    1. "හරිද වැරදිද කියන්න අමාරුයි. ඒත් මම නම් නොදැකපු කෙනෙකුට ආදරයක් ඇති කරගන්නේ නැහැ. "// එක හරියටම කියන්න බෑ අරූ . හිත මහා පුදුම දෙයක් නොවැ. සමහර විට වෙන්නත් පුළුවන් ,නොවෙන්නත් පුළුවන් .

      අරූ කැමතිම කොටස මම අත්දැකපු දෙයක්. ඇත්තටම ඒ අහිංසකයන්ට වුනේ ඕක තමයි , අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ ඉස්සරහ හට් එකක් ගහගෙන උපවාස කළා රැකියා දෙනකං. රැකියා දුන්නට පස්සේ හරි හමන් වැටුපක් ඉල්ලලා උද්ගෝෂණය කරන්න ආපු අය අතරේ වැඩිපුරම හිටියේ අර උපවාසේ හිටපු ඩයල් ටිකක්මයි

      Delete
  8. //මං ඔය ළමයට කියන්න ඕනේ නෑනේ ..ඔය ලැබෙන දොළොස්දාහේ දීමනාවෙන් පවුලක් නඩත්තු කරන්න බෑ කියන එක//
    දහදාහේ දීමනාව වෙන්න ඕන නේද?

    ReplyDelete
    Replies
    1. ඒ ඇත්තටම දහදාහද බං. මට මතක විදිහට 12500 වගේ එහෙම නෙවෙයිද ?

      Delete
    2. දහදාහ තමයි අපේ ගෙදර උන්දැත් ඕකෙ තමයි ඉන්නේ..

      Delete
  9. සුපිරි නිර්මාණයක්.....තේරුමක් නැතිව මැසේජ් ගණින මිස් කෝල් ගණින වර්තමානය වගේම අතීතයත් සිහි වුණා.ආදරය ඇතිවෙන්න ඔය නිර්ණායක වැදගත් නැහැ ඉවාන්........ඒත් ඔබ හරි.කලින් ඇගේ දෙපා අහිමි බව ඔබ දැනගත්තානම් බොහෝ විට ආදරයක් ඇති වෙන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුටු ගෑ ගී පවුර . කතාව ඇත්ත , අවස්ථා වාදියෙකු නෙවෙයි නම් බොහෝ විට වෙන්නේ ආදරයක් ඇති වීම නෙවෙයි අනුකම්පාවක් පමණයි

      Delete
  10. ගැහැණු ළමයාගේ පැත්තෙන් බැලුවොත් නම් කරපු දේ වැරදියි, නමුත් ඇයත් එක්තරා ආකාරයකට සිදු කර තිබෙන්නේ සත්‍යය වසන් කිරීමක් නේ..
    දුක් විඳලා රැකියාවක් ලබා ගත් පුතා ආබාධිත ලේලියක් තෝරා ගැනීම ගැන දෙමවුපියෝ කැමති වෙයිද.. මාපියන්ගේ හිත රිදවා කරගන්නා විවාහයක් සාර්ථක වෙයිද...
    අනිත් අතින් ගැහැණු ළමයාගේ දෙමවුපියෝ එයාගේ අනාගතේ ගැන දුකෙන් ඇතිද...
    අපි හැමෝම අසරණයි, අපේ අසරණකම නිසාම අපට අසංවේදී වීමට සිදු වෙලා...

    ReplyDelete
    Replies
    1. //"අපේ අසරණකම නිසාම අපට අසංවේදී වීමට සිදු වෙලා"// ඒ විතරක් නෙවෙයි මානවී සමාජයට ඕන නිසා , නාදායෝන්ට ඕන නිසා තව තව ගොඩක් ය නිසා අපිට අසංවේදී වෙන්න් වෙලා, ඒ වගේම මෙතන ආදරයක් ඇතිවෙන්න් ඉඩක් නෑ කලින්ම තත්වය දැන් ගත්තානම් , වෙන්නේ අනුකම්පාවක් ඇතිවීම පමණයි .තැන්කිව් කිව්වා ඔන්න

      Delete
  11. බලාපොරොත්තු අපිව ජීවත් කරවනවා, ජීවත්වෙන්න ධෛර්යයක් දෙනවා. බලාපොරොත්තු නිසා අපි තව තවත් භව තන්හාවෙන් මත්වෙනවා. තවත් ඇලීම් බැඳීම් වදිකරගන්නවා. නමුත් යම්කිසි දිනක අපි අනිත්‍යය පසක් කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු ජීවිතයට අලුත් එළියක් ගේනවා වගේම බලාපොරොත්තු බිඳ වැටුනොත් ජීවිතයම අඳුරු වෙනවා සමහර වෙලාවට . ඔබ හරි කවදා හරි දවසක අපි අනිත්‍යය පසක් කරගන්නවා .ස්තුතියි විචාරක

      Delete
  12. කතාව තුල මං දකින විදියට කතානායකයා ටිකක් වෙනස් චරිතයක්.. සමහර විට මුතු නිසා ලබපු හිත් රිදීම ,, නිමේෂාගේ කදුළු වලට ගෙවන්න වෙච්ච වන්දියක් වෙන්න ඇති. ඔයා කතාවේ චරිත හොදින් හසුරුවලා තියෙනවා. thanks කතාවක් ලීවට අපි වෙනුවෙන්... ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ නම්.... එයා කලින් වතාවේ වගේම නතර වුණා. ඒක දුර දිග හිතලා ගත්ත තීරණයක් නෙමේ... මේ චරිතයේ හැටි එහෙමයි ,

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ටුවෙන් මට මතක් වෙන්නේ ඕමාගේ කෙටි චිත්‍රපටිය ගැන ලියපු පොස්ටුවේදී ඔයා කරපු විග්‍රහය . ඇත්තටම මම අදහස් කරපු දේ කෙලින්ම ග්‍රහණය කරගෙන තිබෙනවා ඔබ , //"එයා කලින් වතාවේ වගේම නතර වුණා. ඒක දුර දිග හිතලා ගත්ත තීරණයක් නෙමේ... මේ චරිතයේ හැටි එහෙමයි "// හරියටම හරි . ඒක තමයි මේ කතාවට නිමේෂා කියන චරිතය සම්බන්ධ කරන්න වුනේ . බොහොම ස්තුතියි ඔමායා

      Delete
  13. උඩ බැනර් එකට හෙනටම ලයික් ඈ.... ඒ වගේම අර මාතලන් මහාචාර්ය තුමා වගේ යම් දැනුවත් කිරීමක් එකතුකලානම් හොදයි ප්‍රභුද්ධ ආයෝ වෙනුවෙන් :)

    ReplyDelete
    Replies
    1. සිරාවට මොකක්ද බං ඒ හරුපේ

      Delete
    2. උඹ හරුප වල තේරුම් හොයා හොයා ඉන්නේ නැතුව දාපන් කොමෙන්ටුවක් මාව නරක මිනිහ කරගන්නේ නැතුව හරිද අටමා

      Delete
    3. ඉස්සන් වෙනුවෙන් නොව මිනිසුන් වෙනිවෙනි /////
      හක් හක් ඉස්සන්ට වක්‍රාකාරයෙන් මේ කරන්නෙ අපහායක් බොලන්

      Delete
  14. ගැටළුවක් ඉදිරිපත් කරන්න ආවෙ. බොලාගෙ බ්ලොග ෆලෝ කරලා ගොඩක් කල් වුනාට මගේ රෝලට වැටෙන්නෙ නැත්තෙ ඇයි බං. ??

    ReplyDelete
    Replies
    1. හත් ඉලව්වේ එහෙමත් එකක්ද? අනේ මන්දා බන් මට ඔය ටැකනිකොල් වැඩ තේරෙන්නේ නෑ නෙව . ඉතින් මොකේදැයි දන් වළදන්නේ ....? :(

      Delete
  15. ආදරය කියන්නේ බොරුවක්. මම නම් දකින්නේ නැතිව කිසිම කෙනෙකුට ආදරය කරන්නේ නෑ. ඉස්සර හිටියා පෑනේ මිතුරෝ මිතුරියෝ කියලා සෙට් එකක්. මම කවදාවත් ලව් ලෙටර් ලිව්වේ නැති උනාට. ඒ කෙල්ල හැමදාම මට එව්වේ ලව් ලෙටර්මයි. මම කරේ කෝල් කරපු එක. මම ඒකිට පැහැදිලිව කිව්වා ඇහැට දකිනකම් ලව් කරන්න බෑ කියලා. දවසක් දැක්කා මගේ චොයිස් එක නෙමෙයි. ඒකිත් මට කැමති නෑ. ඒ කියන්නේ ලව් එකක් නෙමෙයි තියෙන්නේ රාගයක්. අර නන්දා නැන්දා කියන්නේ, ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අතින්ත්‍යයි පාරිශුද්දයි සුරම්‍යයි කියලා.. එහෙම නම් ඉතින් මෙහෙම එකක් බැඳගත්තට අවුලක් නෑ.. ඒත් එතන තියෙන්නේ අනුකම්පාව, ආදරය නෙමෙයි.

    කතාව නම් පට්ට.. අන්තීමට එනකන් වෙන මනස්ගාත හිතුනේ..

    ReplyDelete
    Replies
    1. ඔය පෑනේ මිතුරියෝ ,මිතුරෝ කියන කතන්දරේ ලාවට වගේ මතකයි . හැබැයි එහෙම එවුන් මටනම් ඉඳලා නෑ. මමලියුම් ලිව්වේ අනිත් එවුන්ට නේ .
      මේ දෙන්නා විවාහ වුනොත් වෙන්නේ අනුකම්පාව මතම තමයි . ඒත් එහෙම වුනත් අන්තිමට වෙන්නේ අර උඩම "හිරු" කියලා තියෙන දේමයි . අර සින්දුව මෙතනට නම් ගැලපෙනවා තමයි . තැනකුයි වේවා මාතේ

      Delete
    2. ඇත්තම කිව්වොත් ආලය ඇති වෙන්නේ රාගය පදනම් කරගෙන. ඒකනේ දකින්න ඕනේ. දැක්කම ඇති වෙන ආරදර රාගය මත පදනම් වෙනවා අපි පිළිගන්න අකමැති වුණත් කැමති වුණත්.

      Delete
    3. ආදරයේ ශක්තිමත්ම පුරුක වෙන්නේ සෙක්ස්. කවුරු මොනවා කිව්වත් සෙක්ස් නැති තැන ආදරය ඔරේ රන්...ආදරය නැති තැන නම් සෙක්ස් තියෙනවා. ඒත් ආදරය හා මුසුවූ සෙක්ස් තරම් රසවත් නැහැ. ගලායාම, ලිස්සා යාම වගේ සොඳුරු සුමුදු රසවත් තැන් අඩුයි.

      Delete
    4. //"ඒත් ආදරය හා මුසුවූ සෙක්ස් තරම් රසවත් නැහැ. ගලායාම, ලිස්සා යාම වගේ සොඳුරු සුමුදු රසවත් තැන් අඩුයි."// අරූ මෙහෙම කතා කියනකොට මට හිතෙනවා අරූව "දොරමඩලාවට" එක්කන් යන්න

      Delete
  16. කතාව එල. මං හිතන්නෙ මගෙ අතින් වුනත් ටෙලිෆෝන් එක බිම වැටෙයි.

    ReplyDelete
    Replies
    1. මට වුනත් වෙන්නේ එහම තමයි , මොකද අපි හැමෝම මනුස්සයෝ මිසක් බෝධිසත්වයෝ නෙවෙයිනේ ඒ නෙඉසා වෙන්න ඇති. තැනකුයි වේවා චන්දන

      Delete
  17. කතාවෙ මුල් හරිය, ඒ කියන්නෙ නිරෝෂා මේකට සම්බන්ධ කළේ ඇයි කියන ප්‍රශ්නය ආවා. කොහොම වුණත් නිර්මාණශීලිත්වය නම් උපරිම යි. නරක ද නිර්මාණ එකතුවක් කළොත්? අන්තිම ප්‍රශ්නෙට තනි වචනෙන් උත්තර දෙන්නම්. “වැරදියි“

    ReplyDelete
    Replies
    1. නිමේශාව සම්බඳහා කෙළේ අයි කියලා ඔමාගේ කොමෙන්ටුවට පිළිතුරු හැටියට ලිව්වා , පුලුවන් නම් බලන්න තරහ නැතුව , නිර්මාණ එකතුවක් ගැනත් හිතාගෙන යනවා දිලිනි, ස්තුතියි

      Delete
    2. හප්පේ වැරදුණා නොවැ! නිරෝෂා නෙමේ නිමේෂා :-)) ඒත් මට හිතෙන්නෙ ම එයා නොහිටිය නම් කියලා, මේක කෙටිකතාවක් නිසා අමතර චරිත එපා කියල හිතෙනවා.

      Delete
  18. කුමාර කරුණාරත්නත් දැන් ලියන්නෙ නැති එකේ උඹ පටන්ගත්ත එක හොඳයි මල්ලි.මේ ඇති නේද.

    ReplyDelete
    Replies
    1. පටන් ගත්තේ නෑ හැලපයියේ ඔච්චර තමයි , මෙහෙම එකකුත් ලියලා බලන්න හිතුනා . මම මේ ලාස්තිවෙලා හිටියේ ඔයාගෙන අම්බානට බැනුම් අහන්න ,අම්මේ මදැයි ඔයින් ගියා . කුමාට කරුණාරත්න වෙනුවට දැන් ඉන්නවා සුජීව ප්‍රසන්නආරච්චි.. එක නිසා මට මේ ඇති ..හේ හේ තැනකුයි වේවා

      Delete
  19. සැබෑ ආදරයක් නැත්නම් බොරුවට හෘද සාක්කියද මොකද්ද එකට එකඟ වෙනවා කියලා එකතු වෙනවා නම් අනිවා වැරදියි තමා!

    ReplyDelete
    Replies
    1. උඹ කියන කතාවත් ඇත්ත තමයි . එත ඉතින් අන්තිම ට ඔය හර්ද සාක්ෂිය එකක් විතරක් ජීවත් වෙන්න් බෑ කියලා හිතෙන්නත් පුළුවන් නේද නාඩි මලේ

      Delete
    2. ඒක එක්ක විතරක් ජිවත් වෙන්න පුළුවන් ඉතිං හඳේ තමා!

      Delete
  20. සුරාජ්ගේ හිතේ ඇත්ත ආදරයක් තිබිලා නෑ. ඒ හන්දා එහෙම කල එක හොඳයි කියලා හිතෙනවා. ආත්මීය ලෙන්ගතුකමක් තිබුණානම් ඔහොම වෙන්නේ නැතිවෙයි. හදවතට යට නොවී බුද්ධියෙන් තීරණයක් ගත්තු එක දෙන්නටම හොඳයි.

    මොකද දන්නේ නෑ පව්ලූශාට මෙච්චර ආදර කතා ලියවෙන්නේ? :)

    දවල් තිස්සේ නංගිලාට කෝල්ස් දිදී ඉන්නකොට රෑ තිස්සේ නින්ද යන්නේ නෑ තමයි. එතකොට ඉතින් හීනෙන් රෝස්මල් පේනවලු. ඊලඟට මේ වගේ කතා ලියවෙනවලු. :D :D

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් ඇත්ත .. ඔන්න ඔයා කියපු නිසාම මාත් හිතාගත්තා බුද්ධියට ඉඩ දෙන්න ....

      Delete
  21. අනේ මන්ද මචං...ඒ උනාට තව ටිකක් කල්පනා කරලා හොද තිරනයක් ගනින්. කකුල් දෙක නෙමෙයි ඔලුව නැති එකක් බැන්දත් අපි වෙඩිමට එනවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න කිව්වා කතාවක්, ආපහු සිංහල කොටන්න් පටන් ගත්ත එක සතුටුයි, මෙන්ඩියා

      Delete
  22. උබගේ කඵා ඡිවමානයි..පටිටයි..සුපිරියි

    ReplyDelete
    Replies
    1. අල්ලාගෙන ඉම්බින්න් හිතෙනවා උඹව ,කොහෙද බෑනේ මේ යක්කු එක්ක ඊළඟට වෙන් පදයක් හදයි අර පඩත්තල පත්තරයා

      Delete
    2. උඹ ඉබපන්. මමා පත්තරයගෙ ඇස දෙක වහන්නම්. :)

      Delete
    3. ඕ යෑස් !!!

      මම දැන ගතිමී . . .
      මම සැක කලෙමී . . .

      හුරේ . . බ්‍රේකිං නිව්ස් !!!

      Delete
    4. රුවක් ඇදෙනවා..කවුදෝ එනවා...

      Delete
    5. ඔය මං කිව්වේ බොරුද ...නොදකින් නොදෝමකින් :D

      Delete
    6. ඉවන්..කකුල් දෙක නැති උනාට අරකි බැදහන් බං නැත්නමි මුන්ගේ වල් කටවල් පෙනේවානේ

      Delete
    7. ඔව් බන් මෙන්ඩියා එහෙමවත් කරන්න වෙනවා ....මුන් එක්ක බෑ :D

      Delete
  23. මං පුද්ගලිකව අකමැති උනත් මේ ආදරයට තවරණ විවිධ වර්ණ තමා ජීවිත මේ තාක් කාලයක් ලෝකය තුල පවතින්නට හේතුව.. නියමයි ඉවාන්..

    ReplyDelete
    Replies
    1. පුද්ගලිකව අකමැතියි කිව්වේ කතාවට වෙන්න ඇති , මේක මම මේ වර්ගයේ කතාවක් ලියන්න හිතුනු නිසා කරපු එකක්. මේ මාතෘකාව සමහර යට එච්චර අල්ලන්නේ නෑ ,හැලපයියා කිව්වාවගේ,
      එත් ඇත්ත නම් ආදරේ එක එක හැඩතල ,වර්ණ තමයි නිර්මානකරනේය්දී ගොඩක් භාවිතා වෙලා තියෙන්නේ , ආදරය ,විරහව ,හමුවීම ,වෙන්වීම ,එක්වීම මේ හැමදෙයක් තුලම ඕනා තරම් වස්තුබීජ තියෙනවා නිර්මාණයකට

      Delete
  24. යුද්දෙට ගිහින් කකුල අහිමි වුනාට පස්සෙත් ඒකාවම බැඳගත්ත ගාමන්ට් එකක වැඩ කරන කෙල්ලක් මම දන්නවා. මට ඒක මතක් වුනා. මේක ඊට වඩා වෙනස්..

    ReplyDelete
    Replies
    1. එහෙම කතා කීපයක් මාත් දැක්කා ඩූඩ්. ඒ වගේම ඇස දෙකම අහිමි වෙච්ච සොල්දාදුවෙක් එක්ක විවාහ වුනු තරුණියකගේ කතාවකුත් මං දැක්කා . ප්‍රශ්නේ තියෙන්නේ අපි දකින්නේ කතාවේ සුන්දරම හා හැඟුම් බරම වුනු ඒ කොටස විතරනේ ,එතනින් එහාට ජීවිත කාලය පුරාවට ඉතුරු ටික කොහොම වෙනවා ඇත්ද ?

      Delete
    2. දාන්න 5 ක්.. එහම කැප කිරිමි කරපු ඇගලුමි නංගිලා ඔින තරමි.. මගේ යාලුවෙක් ගොලු කෙල්ලක් බැන්දා අද ඉන්නේ මල් පහට.

      Delete
    3. මමත් කියන්න හිටිය කතාවක් ඩුඩ් අයියා කියලා තියෙන්නේ...

      Delete
  25. ඒ කෙල්ල මේ තීන්දුව දැනගෙනම තමයි කොල්ලත් එක්ක කථා කරන්නේ. මම හිතන්නේ ඒ වගේ අවස්ථා කිහිපයකටම මුහුණ දීලා ඇති කතාවේ හැටියට. වැරදියි කියලා මම කියන්නේ නෑ. මොකද ඒ ප්‍රශ්නේ මගෙන් ඇහුවොත් දෙන උත්තරේ ගැන මම හිතන නිසා.

    ReplyDelete
    Replies
    1. //"ඒ කෙල්ල මේ තීන්දුව දැනගෙනම තමයි කොල්ලත් එක්ක කථා කරන්නේ. මම හිතන්නේ ඒ වගේ අවස්ථා කිහිපයකටම මුහුණ දීලා ඇති කතාවේ හැටියට."// අන්න හරි නියම තැනින් අල්ලාගෙන තියෙනවා සුදීක . වරදයි කියලා හිතන් බෑ.. හරියි කියලා කියන්නත් බෑ
      ස්තුතියි සුදීක

      Delete
  26. දෙවනි කතාවට නම් හරි දුකයි , ඒත් ඒ ගර්ල් හිතන විදිහ හරිම සාධාරනයි. පළවෙනි කතාවට නම් ඔන්න මට තරහා එන්නයි හදන්නේ. කෙලින් තීරනයක් ගත්තෙ නැත්තෙ ඇයි කියලයි මට හිතෙන්නේ.

    රෝසපෙති කිව්වම මට මතක්වුනේ දිවුල්ගනේගෙ " රෝස තොල් " සිංදුව .

    ReplyDelete
    Replies
    1. ඒක සමහර වෙලාවට එක එක මනුස්සයගේ චරිත ස්වභාවය . සමහරු ඉන්නවනේ සිද්ධවන දේ තමයි හොඳම කියලා හිතලා එක වෙනස් කරන්න අවම උත්සහයක්වත් නොගන්න අය .

      ඒ සින්දුවත් හොඳයි අන්තිමට කියනවනේ "හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි" කියලා

      Delete
  27. කියන්න දෙයක් හිතා ගන්න බෑ ,කියවගෙන ගියා අර කකුල් දෙක නැති කෙල්ල කොමද රොස පැල සාත්තු කරේ ,එහෙම බලනකොට බොරුවක් එතන තියෙනවා නේ ???කතාව සම්පුර්ණයෙන්ම ගත්තාම නියමයි ...මොලය හා හදවත අතර ???කෙල්ල දැන දැන බොරු කරලා තියෙනවා වගේ නේ ???

    මං ඔයාට ආදරෙයි කියලා කියලා පලවෙනි පාර කියනකොට දැනුන දේ කියවාගෙන යනකොට දැනුනා,එක පස්ට අත්දැකිමක් කොටිනම ගහන හෙනයක් ගහපන් කියලා හිතලා පලවෙනි පාර මං පොර කරේ පස්සෙ ඔය ආදර කතා බොරු කියලා තෙරුණා ..නිකන්ම කියලා දානවා දැනටත්, හැක් හැක් අදුනන කෙල්ලො කියකට ඔහොම කියලා ඇතිද මේ නිකන් වාඩිවෙලා ඉන්න ගමන් කියනවා අපි බදිමුද ,මං ඔයාට ආදරෙයි කියලා සමහරක් වුන් නම් කුණු හබ්බ නොකියන ටික විතරයි ..හැක් හැක් මට්ටු වෙලාත් තියෙනවා .. මේ කතාවෙ කොල්ලා එක අතකින් මහ මොකෙක්ද මන්දා ....

    ReplyDelete
    Replies
    1. මොකක්ද යකෝ සහෝදරයෝ උඹ ඔය කියපු ගොන් කතාව , රෝස පල වලට සාත්තු කරන්න මොකටද කකුල් දෙකක් ? උඹ ආසාවටවත් මල පලයක් හිටවල නැද්ද ? හදිසියේ වත් උඹ අත් දෙකම නැති මිනිස්සු කකුලෙන් ඇඳපු, අත් දෙකයි කකුල් දෙකයි දෙකම නැති මිනිස්සු කටෙන් පින්සල අල්ලාගෙන ඇඳපු චිත්‍ර එහෙම දැකලා නැද්ද?

      ඔය උඹ නම් කරන්න කපටි වැඩක් පුතෝ ,උඹ නිකන් කියලා බලනවා නේද මොකෙක් හරි කමතිවෙයිද බලන්න , හදිසියේ හරි දවසක උඹට තඩි ,කළු කැත කෙල්ලෙක් " හා හා සහෝදරයා අයියා අපි බඳිමු එහෙනම් " කියලා කියපු දවසට තමයි තේරෙන්නේ ..

      Delete
    2. සහෝදරට එහම හරි එකක් සෙටි වෙනවානමි අනේ සාදු සාදු

      Delete
    3. @ sanieewa

      හැක් යකෝ නියම විහිළුව ...හැක් හැක් .

      @ඉවාන්

      මල් මං හදලා නෑ ...ගෙනත් දිලා නම් තියෙනවා ,මට එතන කෘතිම බවක් දැනුනා ....අරක කපටි වැඩක් නෙවෙයි ඉවාන් ..තෙරුම් ගියොත් හරි ...හැකh් ඇක්

      Delete
  28. වැරදි යි හොදටම වැරදි.. ඔයා ඒ ගැනු ළමයාව බැන්දා කොච්චර හොදද... ඇයි ඒ ළමයාට කකුල් දෙකක් නැතිව ආදරේ කරන්න බැරිද?? එයාගේ කකුල් දෙක වෙලා එයාව බලා ගන්න බැරිද.. ඔයා මහා ගොනෙක් ඉවාන් අයියේ..

    කකුල් දෙකක් නැති වුනත් කෝටිපතියෙක්ගේ දුව වෙලා ඒ සල්ලි සේරම දැවැද්දට දෙනවා කිව්වා නම් නොබැද ඉදිද??

    ReplyDelete
    Replies
    1. මොණරි සල්ලි කියන දේ ඉස්සරහා මිනිස්සු බලන්නෙ එක එක විදියට,සල්ලිම නෙවෙයි ජිවිතේ ...ඉවාන් මොකක් කියයිද දන්නෙ නෑ ,හැබැයි කාලයක් ගියාම තෙරෙනවා සල්ලි හම්බ කරගන්න පුළුවන් දෙයක් එකට ඕන ක්‍රමයක් විතරයි . හැබැයි ජීවිතේ එකතු කර ගැනිමුයි අත්හැරිමුයි තියෙන්නෙ කියලා,එතකොට සල්ලි කියන දේ පොඩ්ඩක් පස්සට වීසි වෙලා යනවා .. සතුට හොයන එක මුලට එනවා ...

      උඩ කැල්ල නියමයි කතාවක් වගේ හිතට දැනුනා ...

      අත්දැකිම් බොලව් මේ කියන්නෙ..

      Delete
    2. @ මොනරි නගා - මොකද හත් ඉලව්ව්වේ මේ මට බනින්නේ , ගොනා කියලත් බැනලා ... ෂේක් අම්මපා. හැබැයි කෝටිපතියෙක් වුනානම් ඔය කතාව වෙනස්වෙනවා තමයි . එහෙනම් බඳිනවා ආයේ දෙකක් නෑ. //"එයාගේ කකුල් දෙක වෙලා එයාව බලා ගන්න බැරිද.. " // ඔය ආදරේ රැඩිකල් අවධියේදී ඔහොම හිතෙනවා , ඇත්තටම් එහෙම හිතලා විවාහ වුනු අයත් ඉන්නවා , හැබැයි ජීවිතේ කියන්නේ චිත්‍රපටියක ජවනිකාවක් වත් ,නවකතාවක පරිච්චේදයක් වත් නෙවෙයි කියලා තේරුම් යනකොට ඒ ආදරේ පැනල යනවා .
      ඒවට උදාහරණ බොහොමයි . මං කියන්නේ හැම කෙනෙක් ගැනම නෙවෙයි , එත බහුතරය එහෙමයි .

      Delete
    3. @ සහෝ - උඹ හරි //"සල්ලි කියන දේ ඉස්සරහා මිනිස්සු බලන්නෙ එක එක විදියට,සල්ලිම නෙවෙයි ජිවිතේ"// ඒ කතාවට මම 1000% ක් එකඟයි .හැබැයි ජීවිතේ කියන්නේ සල්ලිම තමයි වෙන කාලේ වැඩි ඈතක නෑ

      Delete
    4. බහුතරය එහෙම වුනාට එහෙම නොවෙන බහුතරකුත් ඉන්නවා ඉවාන් අයියේ.. අත පය හොදට තියෙන ගෑනියෙක් බැදලා ඒ ගෑනු කෙනා හතර අතේ ඉන්න මිනිස්සු එක්ක පැනලා යනවට වඩා හොද නැද්ද හලෝ කකුල් දෙකක් නැතත් අවංක කමයි.. මනුස්සකමයි තියෙන කෙල්ලෙක් බදිනවා කකුල් දෙක නැති වුනත්.. ඒ කෙල්ල කකුල් දෙක නැතත් අවංකයි කියන්න පුළුවන් ඇත්ත කිව්වා නිසා යාලු වෙන්න කලින්..

      ආදරේ රැඩිකල් අවදි ගැන කියවන්නේ එක එක කාල වලට එක එක බුට් පරිප්පු කාලා තියෙන උදවිය..හරිහමන් කෙනෙක් තෝරාගෙන හරිහමන් විදියට ආදරේ කරලා මැරෙනකම්ම එකට ඉන්න උදවියත් ඉන්නවා.. චිත්‍රපට වල ජවනිකා වුනත් හැදිලා තියෙන්නේ මේ සමාජයේ ජිවත් වෙන මිනිස්සුන්ගෙන් නේ.. නැතිව වෙන ලෝකෙක වුන් ඇවිල්ලා පිටපත් ලිව්වේ නැනේ.. ආදරේ පෑල දොරෙන් පැනලා යනවා නම් ඉතින් ඒකට වග කියන්න ඕනෙත් තමුන් මැයි.. තමන්ගේ වැරද්දක් නිසානේ එහෙම වෙන්නේ..

      Delete
    5. @සහෝදර.. : ඔව් සල්ලි කියන දෙ ඉස්සරහ මිනිස්සු බලන්නේ එක එක විදියට එක හරි.. සල්ලි නම් කවදා හම්බ කර ගන්න බැරි ද ?? එත් මනුස්සකම් හැමදාම හම්බ කර ගන්න බැනේ නේද :)

      මට නම් සල්ලි තියෙන තියෙන නීරස ගතියට වඩා දුප්පත් වුනත් ගමේ මිනිස්සු ගාව තියෙන සතුටට මං නම් ආසයි..

      සහෝදර ටත් හොද අත්දැකීම් තියෙනවා වගේ ඒ ගැන..

      Delete
    6. හේ හේ කේන්ති ගන්ට කාරී නෑ මොනරියේ - මම ඉව්වේ සමාජයේ අපිට පෙන ඇහෙන යතාර්ථය , එක අපි පතන ලෝකයෙන් බොහොම වෙනස්. ඔබේ අවංක අදහස් වලට මං ගරු කරනවා. ඔය කියන කිසි දෙයක් වැරදියි කියන්නේත් නෑ. හැබැයි කිසිම දෙයක් පරිපූර්ණ නෑ.
      හරි හමන් කෙනෙක් තෝරාගැනීම කියන දේ වුනත් සාපේක්ෂයි නේද? අනික අපි හරි හමන් කියලා හිතන කෙනා ගැන එකට ජීවත් වෙනකන් අවබෝධ කරගන්ට අමාරුයි මාම්හිතන විදිහට .
      අනික අතපය හතර තියන හැම ගෑනු හටර අතේ ඉන්න මිනිස්සු එක්ක පැනලා යනවා කියන කාරණයය ආපහු හිතන්න, එහෙමනම් අවංක කම තියෙන්නේ කකුල් දෙකේ වෙන්න් ඕනේ .
      වෙන ලෝකෙකේ ඉඳලා ඇවිත් පිටපත් ලිව්වේ නැති වුනාට මිනිස්සුනට චිත්‍ර පටියේ පෙන සුන්දරත්වයෙන්ම ජීවිතය ගෙවන්නැ පුළුවන් කියලා මම හිතන්නේ නෑ. ඒ පිටපත් මිනිස්සු ආසකරන එත් ලබගන්න් බැරිවුණු ජීවිතය ගැන ...
      ඔහොම් හිතන්න පුළුවන් එක ගොඩක් හොඳයි, හැබැයි ජීවිතේ යම් යම් අවධීන් පහු කරනකොට ඔය මතේම ඉන්න පුළුවන් නම් ඊටත් වඩා හොඳයි .

      .ඔච්චර කේන්ති ගන්ට එපා බං :P

      Delete
    7. ඔයාට කියලා වැඩක් නෑ.. :3

      හා -_-

      Delete
  29. හ්ම්ම්..... ගොඩක් අය ....දීල නොවැ පිළිතුරු....
    අලුක්කාලක් වෙන්නෙ මොටයි ...මං ....

    ReplyDelete
    Replies
    1. එතකොට එහෙමද ඔයා අපිට සලකන්නේ එහෙනම් ඈ.... ගොඩක් අය කියන ඒවා නෙවෙයි නේ සාමානයයෙන් කෙන්ජි කියන්නේ . අපි ඉන්නේ කෙන්ජි සලකුණ තියෙන කොමෙන්ටුවක් බලන්න ,

      Delete
    2. කව්ද ඩෝ අපෙ කෙන්ජි මාම අලුක්කාල් ගානට දාපු එකා ඈ !!!!!

      වැඳල සමාව ගනියව් මැරුං නොකා ..

      දාන්ඩ කෙන්ජි මාමෙ සිත පිනායන කමෙන්ටුවක් හෝයි ගාල . . .

      Delete
    3. කෙන්ඡි අයියන්ඞි ඔයා කවදවත් අලුක් කාල් වෙන්නේ නැ ඔයා හැමදාමත් අපිට යෙන්..ඔයාගේ කොමන්ටු නැති පොස්ටු නයා නැති අංහිකුන්ටයා වගේ

      Delete
    4. වැඩක් නෑ බං කෙන්ජයියා ලොකු පොරක් වෙලා , එකනේ අපේ ඒවාට එන්නේ නැත්තේ ... :(

      Delete
  30. හිතාගෙන හිටිය උත්තරේ කීප දෙනෙක්ම දීල තියෙන නිසා ඒ හොදටම ඇති.කතාවේ අවසානය හරිම වෙනස් වුන නොහිතපු විදියටම..ඇත්තටම කියනවනම් ලෝකාන්තේ කොච්චර ලස්සන වුනත් බිම බලනකොට බය හිතෙනවා වගේ..හරිද වැරදිද කියන එකට උත්තරයක්...?අනේ මන්ද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා තමයි ගොඩ දෙනෙකුගේ උත්තරේ උමේෂ් , මොක්ස ඔහොම තත්වයකට මුහුණ දෙන්න වුනොත් තමුන් මොනවා කරයි ද කියන පැනය කාටත් තියෙනවා

      Delete
  31. හිරුගෙ කතාව ඇත්ත. ඒත් ආදරේ නාමෙන් ජීවත්වන දෙවිවරුවගේ මිනිස්සුත් ඉඳහිට හමුවෙනවා.

    ReplyDelete
    Replies
    1. හිරු ගේ කතාව තරු විසින් අනුමත කල වගයි ......එහෙම මිනිස්සුත් ඉන්නවා තමයි තරු ,හැබැයි අපිට පිටින් පේන තත්වයම අතුලානතයේත් තියෙනවද කියන්න දන්නේ එයාලම තමයි නේද?

      Delete
  32. මට හිතෙන්නේ උඹත් වැරදියි,එකිත් වැරදියි.උඹට වඩා ඒකිට තිබුණා කියන්න මුලින්ම තමන්ගේ තත්වය.එහෙම වුණා නම් කතාව මෙට වඩා වෙනස් වෙන්න තිබුණා.අන්තිම වෙනකම් හිතා ගන්න බැරි වුණා අවසානේ.එක තැනකදී හිතුනා නංගි එක්කද උඹ කතා කරන්නේ කියලාත්.

    ReplyDelete
    Replies
    1. මුතූ ට මේ ගැන කලින්ම් කියන්න තිබුනා කියන එක ගැන නම් මමත් එකඟයි . එත් මිනිස් හිත කියන දේ වැඩ කරන්නේ අඩු ගානේ හිතේ අයිතිකරයටවත් ඕන විදිහට නෙවෙයිනේ මනෝ

      Delete
  33. සුරාජ්ගේ හිතේ ඇත්තම ආදරයක් තිබුනද කියලා සැකයි.. එහෙම වුනානම් සමහරව්ට අවසානය මීට වඩා වෙනස් වෙන්න තිබුනා.. කතාවනම් සිරා ඉවානයෝ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ආදරයක් තිබිලා නෑ, එහෙම වුනානම් කතාව පලවෙනි කොටසින්ම ඉවරයි . සමහරු ඉන්නවානේද අර "මෙලෝ රහක් නැති " කියන කැටගරියට වැටෙන අය. එහෙම කෙනෙක් වෙන්න් බැරිද මේ

      Delete
    2. දිනේෂ් කාථාවෙි අවසානය මිට වඞා වෙන් වෙන එකක් මිට පෙර ඉවාන් ලිවිවා අර සල්ලි කාර පිස්සු කෙල්ල බැදලා සෙකටරි එක්ක පවුල් කන අමිමලා බලන්න යන්නේ නැති ඇපල් පොන් එකක් පාවිවිවිකරන බදුල්ල පැත්තේ බුවා

      Delete
    3. අඩේ... මෙන්ඩියා මූට හැම එක මතකයි නේ යකෝ .. සන්තෝසේ බැරුවා

      Delete
  34. පිචෑර් වල මොනා පෙන්නුවත් ඒක ලේසි නඋෑ ඉවාන් අය්ය... අපි ඒකිට බොක්කෙන්ම ලව් කරල බැන්දම කියමුකො... ඒත් ඒකිගෙ හිත නොරිදෙන්න වග බලාගන්න ඕන... එයාගෙ අවශයතා ඉස්ට කරන්න ඕන... අනුකම්පාවට ලක් නොවෙන විදයට බලාගන්න ඕන ඒ මොනා නැතත් ඒකිත් එක්ක ජීවත් වෙන්න ඕන... කෝම කරන්නද කව්රු කරන්නද....
    වර්තමාන ආදරය ඒ තරං උත්කෘෂ්ට නෑ ඉවාන් අය්ය... පට්ට ආත්මාර්ත කාමීයි...
    ඇත්තටම ඔයාගෙ නිර්මාණය මගෙ හිත හෙලෙව්ව

    ReplyDelete
    Replies
    1. අන්න එක තමයි මාත් කියන්න උත්සාහ කලේ මහේෂ්. අපි පතන පරිපූර්ණ ලෝකයයි , සැබෑලොකයයි අතර තියෙන පරතරය හිතනවට වඩා ගොඩක් විශාලයි

      Delete
  35. මමත් කියන්නේ වැරදියි කියලා...

    ආදරය හරි පුදුමාකාරයි.. බාහිර රූපය, වත් පොහොසත්කම් වලට වඩා දෙන්නෙක් අතර තියෙන වටහා ගැනීම ආදරේ කියලයි මම හිතන්නේ ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත වැරදියි , එත් පසු කාලීනව ඇතිවෙන්න් පුළුවන් දිගු සිත් රිදීමක් අවසන් වීමක් වෙන්නත් පුළුවන් , //"බාහිර රූපය, වත් පොහොසත්කම් වලට වඩා දෙන්නෙක් අතර තියෙන වටහා ගැනීම ආදරේ කියලයි මම හිතන්නේ ..."// මමත් හිතන්නේ ඕකම තමයි , ඒත් ජීවත් වෙනවා කියන්න ඒ ආදරය කරන එකම විතරක්මද?

      Delete
  36. මෙහෙම කපල් එකක් මමත් ටික දවසක් ඇසුරු කරලා තියේ... ඒගොලන්ගේ මම දැකපු විශේෂම වෙනස තමයි අපි සාමාන්‍යෙන් හිතන ආබාධිත නොවුන කෙනා ආබාධිත වුන(?) කෙනාව "කසාද බැඳලා බලාගන්නවා" ට වඩා ගොඩක් වෙනස් සම්බන්ධයක් මට වැටහුණ විදියට එතන තිබුනේ... අබාධිත වුන බිරිඳට සැමියාගෙන් උදව්වක් ඕනේ වුනාමත් හරියට අපේ එදිනෙදා ගෙදරදොරේදී බිරිඳ ඇවිත් "අනේ මේ බෝතලේ පියන ඇරලා දෙන්න" කියලා ඉල්ලනවා වගේ ඒ උදව්ව ඉල්ලනවා මිසක් සැමියා විසින් ආබාධිත බිරිඳගේ සියළු අවශ්‍යතා ඉටුකරගෙන බලාගන්නවා මම දැක්කේ නැහැ... සාමාන්‍ය පරිදිම රණ්ඩු වෙන, තරහා වෙන, සැමියාට හිත යන කාන්තාවක් එක්ක තරඟ වදින්න සැලෝන් එකෙන් අලුත් හෙයාර් ස්ටයිල් එකක් දාන කිසිම වෙනසක් නැති ආදරයක් තිබුනේ මට වැටහුන විදියට...

    ReplyDelete
    Replies
    1. ඒ ආදරය වාසනාවන්තයි , නමුත් බාහිර සමාජය එක්ක ගැටෙන අවස්ථා වැඩි වෙන තරමට තමුන්ගේ අතින් ගෙදර මනුස්සයාට අසාධාරණයක් නොවී ඉන්න පුළුවන් නම් විශිෂ්ටයි , පත්තර මල්ලී කියල තිබුනා ඔය වගේ තව කතාවක්. අපි අතර මිනිසුන් ඉන්නවා , ඒ කැපකිරීම ,ඉවසීම ගොඩක් දෙනක් තුල නෑ .

      Delete
  37. මේක කියවනකොට මට ඉස්සෙල්ලම මතක් උනේ ඒ කාලෙ පස්සෙන් පන්න පන්න ආව මිස් කෝල් එක... අන්තිමට නොම්මරේ වෙනස් කරල බේර ගත්තෙ...
    තවත් කතාවක් මතක් වුණා... කලකට ඉස්සර අපේ බාප්පා කෙනෙක් හිටියා නිතර රේඩියෝවට ලියලා සිංදු ඉල්ලන... ඒ කාලෙ තවත් එක වගේ ලස්සන නම් දෙකක් තියෙන අක්කෙකුයි නංගියෙකුයිත් නිතර නිතර ඔය අසන්නන්ගේ ඉල්ලීම්වලට ලිව්වා... අන්තිමට අපේ බාප්පා අරින් එක ගෑණු ළමයෙකුට ලියුම් ලිව්වා... මට හොඳට මතකයි පස්සෙ දවසක එයා අපේ මාමා කෙනෙකුත් අල්ලගෙන ඒ ගෑණු ළමයා බලන්න ගියා... ආපහු ඇවිත් කා එක්කවත් කතා කළේ නෑ.. මාමා කියපු විදියට ඒ ළමයා රෝද පුටුවක් උඩ ඉන්න ලස්සන ගෑණු දරුවෙක්... මගුලත් එතැනින්ම ඉවරයි... ඒ වෙලාවෙ නම් මට බාප්පා ගැන ඇතුවුනේ කළකිරීමක්... ඒත් අද ඒ වගේ දෙයක් දිහා බලද්දි හිතෙනවා එයා හරි කියලා... ඒ දේමයි මට මේ කතාව ගැනත් කියන්න තියෙන්නෙ...
    ඒ අතින් අර යුද්දෙදි අත පය ඇස් නැති වුනු රණ විරුවො කසාද බඳින ගෑණු ළමයින්වත් අදහන්න වටිනවා... ඒත් ඒ විවාහවල වර්තමාන තත්වය මොකක්ද කියලා නම් දන්නෙ නෑ... සමහරු අනුකම්පාවටත් එහෙම කරනවනෙ...

    ReplyDelete
    Replies
    1. අන්න හරි මියුරු ... ඕක තමයි පරිපූර්ණත්වය සහ යතාර්ථය අතර වෙනස . ඔය දෙක අතර මහා විසාල හිඩැසක් තියෙනවා කාටවත් නොපෙනෙන . සර්ව සම්පූරණ මිනිහෙක් ,ගෑනියෙක් වෙන්න කාටවත් බෑ. මේ කියන කැප කිරීම කරපු අයගේ වුනත් වර්තමාන තත්ත්වය අපි දන්නේ නැනේ . ඒ අයගේ ඇතුලාන්තය වුනත් අපි දන්නේ නෑ . පිටට පෙන්වන සුන්දරත්වය ඇතුලතත් තියෙනවා කියන්න අපි දන්නේ නෑ. මොකද කෙනෙකුගේ හැගීම වෙන කෙනෙකුට පේන්නේ නැති නිසා

      Delete
  38. අර ටෙලි මෙගාවකුත් ගියා නේද භාග්‍යා ගුරුසිංහයි නෙහාරයි ඉන්න ඔය වගේ කතාවක් තීන.

    අර බැනර් එකට ලැයික්!

    ReplyDelete
    Replies
    1. ඔව් ,මටත් මතකයි එහෙම එකක් ගියා ,අර රේඩියෝ චැනල් එකකට කතා කරලා සින්දු ඉල්ලන කේස් එකක් නේද? .තැනකුයි වේවා

      Delete
  39. පින්තූරෙන් දැකපු උඩ කෑල්ලට ආදරේ කලානම් උඹ වැරදියි.නොදැකපු කකුල් දෙකට ආදරේ කලානම් උඹ හරි.හදවතට ආදරේ කලානම් උඹ ෆේල් , :D
    මොනව උණත් ඉතින් අපි හැමෝම ආත්මාර්ථකාමියි. :P

    ReplyDelete
    Replies
    1. ඒක හරි ..ගොළු හදවත කියපු ගමන් මතක් වෙන්නේ ආදරේයි විරහවයි මිසක් වෙන මොකක්ද? අන්තිමට අපි හැමෝම ආතමර්තකාමියි එක හරියටම හරි

      Delete
  40. සැහෙන්න පරක්කු වෙලයි ආවේ. කතාව නම් පට්ටයි.
    මගේ උත්තරේ නම් හරිත් නෑ. වැරදිත් නෑ. කියලයි.
    මට නම් තේරෙන්නේ නෑ දැකපු නැති කෙනෙක් ගැන කොහොම ආදරයක් ඇති වෙනවද කියල.

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි ආවනේ වීරේ , තැනකුයි වේවා , ඇත්තටම මෙහෙම වෙලාවට ගන්න තෙරෙනේ හිතා ගන්න බෑ. එහෙම වෙලාවකට මූන් දීලම බලන්න වෙනවා '

      Delete
  41. ඕවා ඉතින් හරිද වැරදිද කියලා කියන්ඩ බෑ ඉවාන්. තව කෙනෙකුට හරි වෙනකොට, තවත් කෙනෙකුට වැරදි වෙන්න පුළුවන්. සමහරු ඔහොම අයව බැඳලා සතුටින් ඉන්නවා වෙන්නත් පුළුවන්, ඒත් සමහරු පස්සේ වෙනස් වෙන්නත් පුළුවන්. එක එකා එක එක විදිහයිනේ..

    කතාවක් හැටියට මරේ මරු. උඹ නියමෙට ලියලා තියනවා. මේ අවසානය මට නිකමටවත් ඉඟි වුනේ නෑ.. වෙලාවක මට හිතුනා මූ නංගිටමද මංදා කතා කරන්නෙත් කියලා... හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. සෙන්නා කතාව ඇත්ත , මටත් කියන්න තියෙන්නේ මේක හරිද වැරදිද කියල කාටවත් කියන බෑ. ඒ අවස්ථාවට මුහුණ දෙන්න වුනොත් සැබෑවටම බොහෝ විට ගන්නා තීරනය මේ සමාන වෙන්න් පුළුවන්,
      //"සමහරු ඔහොම අයව බැඳලා සතුටින් ඉන්නවා වෙන්නත් පුළුවන්, ඒත් සමහරු පස්සේ වෙනස් වෙන්නත් පුළුවන්. එක එකා එක එක විදිහයිනේ"// අන්න එක තමයි කියන්න තියෙන්නේ , කාටවත් කවුරුවත් ගැන අනාවැකි කියන්න බෑ.

      හි හි ස්තුති වේවා සෙන්නා

      Delete
  42. ඔයාගේ කතාව එක්ක මම හිතෙන් ගියේ මම අත්විඳින අපුරු යුවලකගේ ප්‍රේමය ගැන....
    මේ වගේ අයත් ඉන්නවා..මගේ ප්‍රතිකාර වලට එන එක අපූරු යුවලකගේ මේ දේ සත්‍ය ලෙසම
    නමුත් සාමාන්‍ය ලෝකේ මේ දේ වෙන්නේ ඉවාන් මල්ලිගේ කතා ප්‍රබන්ධයේ විදියටමයි...
    බහුතරයක්...
    ඉතින් කාලෙකට පස්සේ ඔන්න ආව...කියවලා යන්න ..
    කොමෙන්ටුත් දැම්ම...
    ජයම වේවා...

    ReplyDelete
    Replies
    1. අම්මේ මෙන්න අපේ අක්කණ්ඩි ඇවිල්ලා ,සන්තෝසේ බැරුවා ... ඔයාටනම්ම් මේ විදිහේ කතා සෑහෙන්න ඇහිලා ඇති . එහෙම සන්තෝසෙන් ඉන්න ය දකින්නත් ආසයි . කාලෙකින් ඇවිල්ලත් කොමෙන්ටුවක් නොදා ගියා නම් එහෙම ඉතින් ඉන්න නෙවයි ආයේ

      Delete
  43. උබේ කතාව කියෙව්වම කාලෙකට පස්සේ බ්ලොග් බලල්ල කොමෙන්ට් දාන්න තිබ්බ මුඩ් එක ගියා බන්..... ඒ තරමටම පට්ටයි කතාව .........

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ බං, මූඩ් අප්සට් ගියේ ..මම එත් මේ බල බලා හිටියේ උඹ පෙන්න නැත්තේ මොකද කියලා ,. තැන්කිව් වේවා මැලේ රාලයෝ

      Delete
  44. අඩෝ ගෙඹිලූශා මේක නම් පට්ට පට පට. ස්පීච් ලැස් වෙලා ඇටිකෙහෙල් කාපු උගුඩුව වගේ මං ආවලු ත්‍රීවීල් එහෙක කොමෙන්ටු ටික බලා කියාගෙන ඕං.

    හම්මේ මම නම් කියන්නෙ කවදාවත් දැකලත් නැතුව, තමන්ගෙ අඩුපාඩුව එච්චර කාලයක් හංගගෙන හිටපු කෙල්ලෙක්ව විවාහ කරගන්න තරම් ගටක් තියෙන එකෙක් නෙමෙයි මේ කතානායකයා. එහෙම ගටක් තිබුනනම් උන්දැට ඔහොම වෙන්නෙ නෑනෙ කලින් කෙල්ලව දඩෝරියං ගාලා අතෑරල යන්නැතුව ඒක කට්ට කාලා ෆයිට් කොරලා දිනාගන්නව මිසක.

    හැබැයි ඉතින් ඔය මොන අඩුපාඩු තිබුනත් ආදරේ කරලා විවාහ වුන අයත් ඉන්නවා. මගේ කසින් අයියා කෙනෙක් හිටිය එයා යාලු වෙලා මාස හත අටකින් දැනගත්ත එයාට ලියුකේමියා තියෙනව කියල. එයා එතකොට මාස කිහිපයකින් මැරි කරන්න උන්නෙ. ඉතින් තත්වෙ දරුණු නිසා දෙපැත්තෙම දෙමව්පියො අක්කට කිවුව වෙන කෙනෙක් ගැන හිතමු කියල. ඒත් අක්කා කැමති උනේම නැහැ. අන්තිමේ අයියට කිමෝතෙරපි කෝස් එක යන අතරෙම මේ දෙන්නා විවාහ උනා.

    අක්කා පුදුම දුකක් වින්දා අයියව සනීප කරගන්න. අන්තිමේ අක්කාගෙ උත්සාහය සාර්ථක උනා. අවුරුදු හතරකට පස්සෙ අයියා සනීප උනා.

    මේ දෙන්නට පුංචි දුවෙකුත් ලැබුන.

    අනේ ඒත් දුව ඉපදිලා මාස හතකින් අයියට ආයෙත් ලියුකේමියා ආව. අක්ක දරුවත් එක්කම හරියට මහන්සි වුනා කලින් වතාවෙ වගේම. ඒත් අයියව බේරගන්න බැරි වුනා.

    විශ්වාස කරන්න ඉවාන්, අයිය මැරෙන්න ඉන්නකොට, අපි හැමෝම හොස්පිට්ල් එකේ අඬ අඬා ඉන්නකොට, අක්ක තනියම, අපි කාටවත් නොකිය වෑන් එක අරන් තනියම පන්සල් ගිහින් හාමුදුරුවරු වගයක් එක්කන් ආව. අයිය මැරෙන මොහොතෙ පිරිත් කියවලා පිරිකරත් පූජා කෙරෙවුවා.

    අයියා නැතිවෙද්දිත් අක්කට වයස විසි අටක් විතර. අක්ක ලස්සනයි. ඉන් පස්සෙත් විවාහ යෝජනා ආව. ආයෙත් පාරක් දෙපැත්තෙම දෙමවුපියො කිවුව අක්කට වෙන විවාහයක් කරගන්න කියල. ඒත් එයා කැමති උනේ නෑ.

    අදටත් අපේ ලොකුඅම්මව (අයියගෙ අම්ම.) බලා ගන්නෙ ඒ අක්කා.


    හම්මේ කතා පොජ්ජ දිග වැඩි උනාද මන්ද. ආ 'උඩින් එල්ලපු' බැනර් එක මල් හතයි-කොල පහයි!

    ReplyDelete
    Replies
    1. බස්Cගේ මේ කමෙන්ට් එක දැකලා යමක් කියන්න හිතුනේ. මහින්ද බන්ඩාර කියන්නේ අපිට බිහිවුනු අති දක්ශ ගිටාර් වාදකයෙක් විතරක් නෙමේ සංගීත අධ්‍යක්ෂක වරයෙක්. ඒ හැම දේටම වඩා නිහඬ සොඳුරු මිනිසෙක්. ආදරය කරේ එවකට අපේ සංගීත ලොවේ උත්තම චරිතවූ ධර්මදාස/ලතා වල්පොල යුවලගේ දියණිය ධම්මිකාට. මහින්ද බයික් ඇක්සිඩන්ට් එකකින් කකුලක් කපන්න වුනා. ඒ කාලේ මේ ලවර්ස්ලා ඒ තරම් ප්‍රසිද්ධ අය නෙවේ. නමුත් කවුරු හරහට හිටියත් ධම්මිකා/ මහින්ද ආදරය කරා. විවාහ වුනා. වල්පොල යුවලම ආශීර්වාද කරන්න ඇති ඒ වෙලාවේ. ඉතින් මම කියන්නේ මේ හැම දෙයක්ම පුද්ගලානුබද්ධයි. ඔවුන් අදටත් ආදරෙන් ඉන්නවා. හැබැයි මම එක දෙයක් කියන්නම්...ඒ තමයි ආදරය..ඒක හරි...නමුත් ඉවාන් ලියු කතාව ඊට වඩා ළාමකයි..ඒ ඉවාන්ගේ ලිවීමේ අප්සට් එකක් නෙමේ. ඒ කතාවේ හරය ළාමකයි කියලා මම හිතන්නේ.

      මම කියන්නේ...කකුලක් අතක් පයක් නෙමේ ..වෙනත් අවයවයක හානියක් නම් දෙවරක් හිතන්න. මමත් සමාජය තුල නොයෙකුත් සිද්ධීන් සමග හිටගෙන හිටපු එකෙක් ලෙස කියන්නේ...ලිංගික ආශ්වාදය නැති තැන ආදරය පෑල දොරින් පලා යනු ඇත. මුදල් එයට බාදාවක්ම නොවේ. මම කියන්නේ සාහිත්‍යමය ෆැන්ටසි නොවේ..රියැලිටි එකයි.

      Delete
    2. @බස්සි - ඔය වගේ කතා අහන ලැබෙන එක එක අතකට ආඩම්බරයක් දන්වන දෙයක්. ඒ වගේම දුකක් ඇති කරන දෙයක් . මිනිස්සු අතර දෙවියන්ටත් වඩා උසස් මිනිස්සු ඉන්නවා . ඒ ගැන කිසිම වාදයක් නෑ. හැබැයි මේ සමාජ ක්‍රමයත් එක්කම බිහිවෙලා ඉන්න බොහොමයක් ආත්මාර්ථකාමී මිනිස්සු. එක්කෝ කොන්දක් නැති මිනිස්සු.
      ඒ වගේම ආදරේ කරන්න කලින් මෙහෙම දෙයක් දැනගැනීමයි ,ආදරෙය කරන් කෙනාට මෙහෙම දෙයක් වීමයි අතර ලොකු වෙනසක් තියෙනවා. අයි මේ ලඟදි අර දොස්තරලා අත කපලා දාපු අචලා කියන ගෑනු ළමයාගේ කතාව මතකද?

      Delete
    3. @ අරූ - ඔය මහින්ද බණ්ඩාර ධම්මිකා කතාව මමත් අහලා තියෙන කතාවක්.ඔබ හරි හැම දෙයක්ම පුද්ගලානුබද්ධයි ,ඒ වගේම මේ කතාවේ ආකෘතිය ලාමකයි , ඇත්තෙන්ම මට අවශ්‍ය වුනේ ඒ ලාමක ප්‍රේමය අවසන් වෙන්නේ කොතනින්ද කියන එක පෙන්වාදීමට තමයි .

      ඒ වගේම //"මමත් සමාජය තුල නොයෙකුත් සිද්ධීන් සමග හිටගෙන හිටපු එකෙක් ලෙස කියන්නේ...ලිංගික ආශ්වාදය නැති තැන ආදරය පෑල දොරින් පලා යනු ඇත. මුදල් එයට බාදාවක්ම නොවේ. මම කියන්නේ සාහිත්‍යමය ෆැන්ටසි නොවේ..රියැලිටි එකයි."// කොටසට මම ඉතාම කැමතියි ,එක තමයි සත්‍යය

      Delete
  45. කියවලා දවස් කීපයක් ගියත් කොමෙන්ටුවක් දාන්න බැරි වුණා.. මම මේ කතාවට බොහොම කැමතියි... සම්බන්ධතාවය ඇතිවෙන ආකාරය, රෝස පැලය වගේ හැම දෙයක්ම අවසානයත් එක්ක ගැලපෙනවා... ඔය වගේ ආදර කතාබස් වලින් ඇතිවෙන්නේ හැඟීම්මාත්‍ර ආදරයක් විතරයි... වඩා දැඩි බැඳීමක් ඇතිවෙන්නේ සැබෑ ලෙස ආශ්‍රය කිරීමෙන්, සහ එකට ජීවත් වීමෙන්... අවසානයේ සුරාජ්ගේ තීරණය, මේ වගේ මතුපිටින් පමනක් පවතින ආදරයකට අනිවාර්යයක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර ..මම බැලුවා මම හැමදාම බලාපොරොත්තුවෙන් ඉන්න විචාරය තාම නැත්තේ මොකද කියලා . //"ඔය වගේ ආදර කතාබස් වලින් ඇතිවෙන්නේ හැඟීම්මාත්‍ර ආදරයක් විතරයි... වඩා දැඩි බැඳීමක් ඇතිවෙන්නේ සැබෑ ලෙස ආශ්‍රය කිරීමෙන්, සහ එකට ජීවත් වීමෙන්... "// අන්න ඒ දේ තමයි මේ කතාව පුරාවටම සංවාදයට නගන්න උත්සාහ කලේ , ස්තුතියි නැවතත්

      Delete
  46. මේකනං නියම කතාවක්. අවසානෙ හිතාගන්නවත් බැරි වුණා. මරු.

    ReplyDelete
    Replies
    1. සිතුම් සිහින සාදරයෙන් පිලිගන්නවා ,දිගටම එන්න

      Delete
  47. lassana kathawak... man mehema couple ekak danwa. awurudu ganak love karala ganu lamaata ledak thiyenawa kiyala danagenama banda, but kolla kamaththen newe bande.. badinna onawata thamungen waradak nu hinda kellata.. loketama penna magul kala dan kell epawela. wena ganu passe yanawa, bonawa hodatama..kella danne na.. mewa ananthawath thiyenawa samaje..dawasaka blogak liwoth aththa katawa liyannam... kawuda sadarana asadarana kiyala mata wath therenne na

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]