අවුරුදු උත්සවේදී කතන්දර ගෙන් ලැබුණු කවිපොත කියවලා ඉවර වෙනකොටම ,තවත් පොතක් කියවන්න් අවස්තාව ලැබුනා , ඒ විතරක් නෙවෙයි ඒ පොත දොරට වැඩීමේ උළෙලේටත් සහභාගී වෙන්න ලැබීම ඉතාම සතුටට කරුනක්. පොතේ විශේෂත්වයක් තියෙනවා .ඒ තමයි පොත ලියලා තියෙන්නේ අපේ සහෝදර බ්ලොග් රචිකාවියක් වන නන්දිකා රණවීර සොයුරිය ...
හැමවිටම වාගේ නමින් කිව්වම අපි කවුරුත් නොදන්නා හැබැයි අන්වර්ථ නාමයෙන් හෝ බ්ලොග් අඩවියේ නමින් කිව්වොත් හැමෝම දන්න මේ උප සංකෘතියේ හැටියටනම් ඇය "තරු"
බ්ලොග් අඩවිය තමයි "තරු අරණ
පොතක් මුද්‍රණද්වාරයෙන් පිටතට ගෙනෙන මොහොත දක්වා කරන්නට ව කැප කිරීම ඒ හා සම්බන්ධයෙන් ක්‍රියා කල ඕනෑම කෙනෙක් දන්නා කරුණක්, කෙසේවෙතත් ඒ සියලු බාධා මැඩගෙන පිටු 376 කින් සමන්විත නවකතාවක් අප වෙත තිළිණ කරන්නට ඇය සමත්ව සිටිනවා .
අප නොදන්නවා වුනාට තරු අරණේ තරු පරිඝනක තාක්ෂණ අංශයේ ලේඛිකාවක්
- පරිගණක ඉඟි
- උසස්පෙළට තොරතුරු තාක්ෂණය
- මයික්‍රෝසොෆ්ට් වර්ඩ් 2003 - පැය 24 න්
- ප්‍රාථමික පරිගණක - 1
- මයික්‍රෝසොෆ්ට් වර්ඩ් 2010
යන කෘතීන් රචනා කර තිබෙනවා ...
ඉතින් එහෙනම් මේ නවකතාව මිලට ගෙන කියවා ගුණදොස් ඇය වෙත ලබා දෙන්න .. ගල් සහ මල් ද්විත්වයම සමසිතින් පිළිගැනීමට ඇය සූදානම් ...
පොත දොරට වැඩීම ගැන සහ වැඩිපුර විස්තර මෙතනින් බලන්න .
එතනට ගොස් ඇයට සුභ පැතීමට අමතක කරන්න එපා ...
තරු අරණේ තරුට බ්ලොග් මිතුරන්ගේ සුබපැතුම් ............................!
ස්තූතියි තොරතුරට... පොත හොයාගෙන කියවන්න උත්සාහයක් ගන්න ඕනේ..
ReplyDeleteඔව් ඇයට දිරියක් වශයෙන් පොත අරගෙන කියවා අදහස් දක්වන්න
Deleteහදපිරි ප්‍රනාමය ඉවාන් අයියෙ. අනිවාර්යයෙන්ම කියවන්න උත්සාහ කරනවා විතරක් නෙමේ අර උඩින් කියපු විදියෙ ගල් මල් ප්‍රහාරයක්නම් අනිවා ැවනවාමයි හැක් හැක්
ReplyDeleteපොතේ අන්තර්ගතය උඹට ඉතාම රසවත් වෙයි අනිවාර්යයෙන්ම
Deleteඕ ගැන කලින් තරු එයාගෙ බොගේ කියල තිබ්බත් අපිට යන්න අවස්තවක් නැති වුණ හිංද යන්න බැරිවුණා...
ReplyDeleteඒත් පොත හොයාගෙන කියවන්නඕන
වැව් ඉස්මත්තට දීපු උත්තරේම තමයි උඹටත් කියන්න තියෙන්නේ
Deleteමේක මට ගැටලුවක් පොත ගැනනම් නෙමේ ඉවාන් අයියෙ
Deleteඑහෙනම් මොකක්ද බං???
Deleteපොත අරගෙන කියවනවා කියලා මුලදි හිතුණත් ඒකට අර පචකීර්තියාගේ සම්බන්ධයක් තියෙනවා කියලා කියෙව්වායින් පස්සෙ අදහස අත හැරලා දැම්මා.
ReplyDeleteපොත කියවන්න අපේ සහෝදරියක් වෙනුවන්, ඒ මහතා පෙරවදන සපයලා තියෙනවා නමුත් පොතට සම්බන්ධයක් නෑ. ඔබේ අදහස් ඇයට දන්වන්නට පුළුවන් කිසිම සංස්කරණයකින් තොරවම
Deleteඇනෝ කියන දේ ගැන මගේ අදහස:
Deleteකීර්ති වැන්නෙකුගෙන් පෙරවදන ලියා දෙන්නට රචිකාවිය ඉල්ලා සිටියා නම් එයින් හැඟෙන්නේ ඇය ඔහු ගේ ජඩ මාධ්‍යවේදයට කැමති අයෙක් බවයි.
ඒත් මං එනිසාම ඇයව හෝ ඇගේ මා නොකියවූ මේ කෘතිය විනිශ්චය කරන්න යන්නේ නෑ.
නමුත් මට නං හිතෙන්නේ ඒක දේවදත්ත ගෙන් කමටහන් අරගෙන රහත් වෙන්න යනවා වගේ වැඩක් ය කියලයි.
මමනම් මේ අවස්ථාවේ බැලුවේ කීර්ති දෙස නොව තරු අරණ බ්ලොගය ලියන සහෝදර ලේඛිකාවගේ උත්සාහය දෙසයි, පොතේ අන්තර්ගතය පිළිඹඳ විවේචන තිබෙන්නට පුළුවන් , එකේම දේ සියල්ලන්ටම එකම ලෙස හොඳ නොවන්නට පුළුවන්, නමුත් කීර්ති දෙස සහ ඔහුගේ මාධ්‍ය භාවිතාව දෙස බලා අපේ සහෝදරියකගේ උත්සාහය විනිශ්චය කිරීම මට අනුව නම් සුදුසු ලෙස හැඟෙන්නේ නෑ .
Deleteඑසේනම් මෙහි ආරාධිත දෙසුම පැවැත්වූයේ මහාචාර්ය සෝමරත්න බාලසුරිය මහතායි, නරක පුද්ගලයෙකු නිසා යමක් නරක වනවානම් එහි විලෝමය සිදුවන්න බැරිද ?
මිලදි ගන්න පුලුවන් කොහෙන්ද? අපේ කෙනෙක් නිසා අනිවා හොයාගෙන කියවනවා.
ReplyDeleteමෙය එලිදකින්නේ ගොඩගේ ප්‍රකාශනයක් ලෙස ගොඩගේ ප්‍රකාශන ඇති ඕනෑම පොත් සලකින් ලබාගත් හැකියි
Deleteමේ ගැන දැනගන හිටියේ නෑ පොත අරගන්නවා..... ස්තුතියි ඉවාන්
ReplyDeleteනලින් අයියා එතන සිටිය යුතු චරිතයක් හැබැයි ...
Deleteස්තුතියි ඉවා.. ගෙන්වගන්න ඕන..
ReplyDeleteගෙන්වගන කියවලා feedback එක ඇයට ලබාදෙන්න
Deleteස්තූතියි පව්ලූශා...යකුනේ කියලා අඬ ගැහුවේ අපිටද? :D
ReplyDeleteඔයාට යකා කියනවද මෙයා මම....? "හාමිනේ මේ ඇහුනද" කියලනේ කියන්නේ... :D
DeleteMALLIYE, //KATHANDARAGEN LABUNA// KIWWE ARA KAKKA KIYANA BLOG KARUDA?
ReplyDeleteEYA CHOO, PADA, JEE, JOKKU , PUKA WAGE DEWAL GENA LASSANA KATHA LIYANAWA.
EYAGE KAI POTHETH THIYENNE EWA GENADA? KAI LIYANAKOTA NAM LIYANNE KAI PAHA, PAHA.
එක කවිපොතක් ඇනෝ ..එකේ කවි ලියලා තියෙන්නේ වෙන වෙන අය ඕස්ට්‍රේලියාවේ ඉන්න . කකාගේ එක කවියයි තිබුනේ
Deleteකකාගේ නම ගැවෙන්නේ කොතැනද එතැන මේ කැපිටල් ඇනෝ අනේ බං වරෙන්කෝ අනිත් එවටත් උඹ එළ බුවෙක්නේ. අනික දැන් ඔය හැමදාම කියන වචන සැට් එක මාරු කරමු නේද?
Deleteඅප්පට බොල කැපිටල් අංකල් අනිත් බ්ලොග් වලටත් එන්න අරං , ගින්දර නේ !!!
Deleteතතෝ නං දුක්ඛමංවේති – චක්කං'ව වහතෝ පදං!
DeleteTHE RENNE NEHE. SINHALEN KIWWANAM.
Deleteපොත අරන් කියවන්න ඕන ,ඔත්තුවට ස්තුතියි
ReplyDeleteඅනිවා කියවන්න ....
Deleteලින්ක් එකට ගියා ස්තුතියි මග පෙන්වුවාට..
ReplyDeleteජය වේවා!!!
ගිහින් සුබපතන්න ,දිරියක් දෙන්න
Deleteහිටහංකෝ මේ පාරවත් එග්සෑම් එක පාස් උනොත් ගන්නවා පොත.නැත්තං ඉතිං ආයේ පාඩං කරන්ඩ එපායැ බං
ReplyDeleteඉස්සරවෙලා විභාගේ කරපං මලයා දෙවනුව බැරියැ අනිත්වා
Deleteපාඩම් කරන අතරේ වෙනසකටත් එක්ක කියවපන්..හැබැයි මේකේ තියෙන ඒවා විභාගෙට ලියන්න ඔට්ටු නෑ
Deleteමමත් එහෙනම් විබාගෙන් පස්සෙම පොත අරන් කියවනවා
Deleteවිබාගෙන්ද? විවාහෙන්ද ?
Deleteස්තුති අයියේ, මේවගේ පෝස්ට් එකක් දාපු එකට ස්තුති
ReplyDeleteතැන්ක්ස් ඕමා ..මේ පොතත් අරන් අර මාමණ්ඩි දීපු පොත කියවලා ඉවර වුනාම කියවන්න ... :D
Deleteඉවාන් මල්ලිගෙන් මේ ලැබුණ සහයෝගයට ගොඩක් ස්තූතියි. මල්ලි ගාව පොත තියෙන නිසා මුලින්ම ලැබෙන ගල් හා මල් බාරගන්න බලාගෙ ඉන්නෙ. නැවතත් ස්තූතියි...!
ReplyDeleteඅපි අපි නේ අක්කේ .... මේක එච්චර ලොකු දෙයක් නෙවෙයි මේ අවස්ථාවේ කරන්න පුළුවන් දෙයක් විතරයි
Deleteජයවේවා දැනට
ReplyDeleteපොත බලන්න හැකියාවක් තිබේනම් බලන්න ඇයට සහයෝගයක් ලෙස
Deleteඔබගේ සියලු තාක්ෂණික ගැටලු,නිරාකරණය කර ගැනීමට අදම අප හා එකතු වන්න http://lktips.com/discussions
ReplyDeleteහොයන් කියවන්න ඕන ඉවාන්. විස්තරේට ස්තූතියි.
ReplyDeleteඔව් කියවන්න හැකියාවක් තිබේනම් අගෙයි
Deleteතොරතුරු දැක්වූවාට ස්තුතියි. ගන්න පුලුවන් තැනක් හොයල බලන්නං.
ReplyDeleteගොඩගේ පොත් තියෙන තැන්වලින් ගන්න පුළුවන්
Deleteමං යකාත් පොත් නං කියෝනව බං,දහ අතේ කල්පනා කරන්නෙ කොහොමද ගන්නෙ කියලයි
ReplyDeleteදහ අතේ කල්පනා කරන්න දෙයක් නෑ හැලපයියේ address එක මෙලක් දැම්මොත් මං අරන් එවන්නම්
Deleteටැංකිව් ඉවාන් මල්ලි,උඹට පොත ගන්න යන ගාන වගේ දහ පහළොස් ගුණයක් තැපෑලට යාවි.ගෙදර උන්දැ හෙට අනිද්ද එනකොට ගෙන්නගන්න බලන්නං.
Deleteඔන්න ඔහෙ එහෙනං කට්ටියම මෙතන ඇඩ්‍රස් එක විතරක් ලියල පලයල්ල. ආයි මොනාට කරදර වෙන්නද.
Deleteමටනං ඇඩ්‍රස් නැති වෙලා ඉන්නෙ මේ දවස්වල.
දාන්ඩද රත්තරං ඇඩ්‍ර්ස් එක , :D
Delete@ ඉන්දික - හුටා කෙලවෙන්නයි යන්නේ
Delete@ පත්තරේ - උඹට මොන ඇඩ්‍රස් ද
මගේ එකත් දෙන්නම් හොඳේ. පුස්තකාලයක්ම මේල් කලානම් හොඳයි. :D
Deleteඔයාගේ එක ඉල්ලා ගන්න තමයි හිටියේ කොහොමත් , එහෙනම් එවන්න් බලන්න
Deleteස්තූතියි මලේ තොරතුරට! ඇයට මම සුබ පතමි!
ReplyDeleteස්තූතියි මලේ තොරතුරට! ඇයට මම සුබ පතමි!
ReplyDeleteසුබ පැතුම් ඇයව දිරිමත් කරාවි සහෝ ස්තුතියි
Deleteහොඳයි මරදානේ ගිය වෙලාවක අරන් බලන්නම්.
ReplyDeleteඔව් ඒක හොඳයි .. (y)
Deleteතරුට සුභ පැතුම්.බොට් ස්තුතියි.පොතක් කියවපු කාලයක් මතක නැ.මෙකවත් අරගන්න ඔන
ReplyDeleteඅරන් කියවපිය ... බිබී ඉන්න වේලාවේ :P
Deleteස්තූතිියි තොරතුරට..................... යන්නම් තරුගේ පැත්තටත්...................
ReplyDeleteගිහින් සුබ පතන්න
Deleteදැනුවත් කිරීමට ස්තූතියි පවුලූශා...! ගිහින් බලන්නම්.
ReplyDeleteබලලා මදි අරන් කියවපිය ..හැබැයි පොත උඹට වඩා ලොකුයි :P
Deleteදැනන් හිටියේ නෑ නොවැ... ඔන්න මගෙත් සුබ පැතුම්!!!
ReplyDeleteහා හා එතනට ගිහින් කියන්න
Deleteඋඹට ස්තූතියි. මගේ අදහස එතන දැම්මා!!
ReplyDeleteඒක තමයි කල යුත්තේ
Deleteහොඳ වැඩක් ඉවාන් . හිතවත් බ්ලොග්කාරියක් පොතක් ලිව්ව ආරංචිය සතුටක් . ඒ වගේ වැඩකට දයාබර තල්ලුවක් දීම අගේ ඇති වැඩක්
ReplyDeleteස්තුතියි තිලකයියේ ..
Deleteතරු පොත ලියන බවනම් මමත් දැන ගෙන හිටියා.. ඒත් ඉතින් කියවන්න පුළුවන් කමක් දැන්ම එන්නේ නැති එක ගැන නම් කණගාටුයි
ReplyDeleteපුළුවන් වෙලාවක කියවන්න් දිනේෂ්
Deleteකීර්ති වර්ණකුලසූරිය නම අහපුවහම පොඩි විචිකිච්ඡාවක් දැනෙනවා. නමුත් කෙනෙකුට යම් දෙයක් උදෙසා මූලික අඩිතාලම දමාගැනීමේදි සිදුවෙන සමහර දේවල් වලට අනවශ්‍ය බරක් නොදී අමතක කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම පොත කියවලා සිටිය යුතුයි. ලබන මාසය වෙනකොට පුළුවන් වේවි.
ReplyDeleteදැන් මේ උඹලා ඔක්කොම කතාකරන කීර්ති වර්ණකුලසූරිය කවුද කියලා ඇහුවොත් ගොං ප්‍රශ්නයක්ද? මට මතක් වෙන්නේම නෑනේ.
Delete@ තිසර - ඔය මතයේ තමයි මාත් ඉන්නේ තිසර
Delete@ ඩූඩ් - කීර්ති වර්ණකුලසූරිය තමයි දිවයින පත්තරේට ආරක්ෂක කොලම ලියන්නේ , එයාගේ ලිපිවල ස්වභාවය ගැන නොයෙක් මත තියෙනවා , සාමාන්‍යයෙන් රජයට අතිශය පක්ෂග්‍රාහී ලෙස ලියනවා කියලා චෝදනාවක් තියෙනවා .
කීර්ති ගැන මට තියෙන්නේ රජයට අතිශය පක්ෂපාතීවී ලිවීම ගැන පමනක් අපුලක් නොවේ. කිසිම විමර්ශනයකින් තොරව කෙරෙන ඒක පාක්ෂික වාර්තා. කිසිම වැඩකට නැති ඉංග්‍රීසි වාක්‍යය උපුටා දැක්වීම් වරහන් තුල (ඒ සිංහල ලිවීම හොඳටම ඇති. ආපහු ඉංග්‍රීසියක් එතනට අවශ්‍ය නැහැ ) ඕක බොහෝවිට කරන වැඩක්. ඒ මොන හේතුවකටද කියලා දන්නේ නැහැ. බලන් ගියාම වෙන තැනකින් උපුටාගෙන එයාගේ විමර්ෂන වගේ ලියනවා. පිටරට මාධ්‍ය සංචාර ගැනත් අහලා තියෙනවා.
Delete//""බලන් ගියාම වෙන තැනකින් උපුටාගෙන එයාගේ විමර්ෂන වගේ ලියනවා.""// මෙන්න මේ අඩු පාඩුව නම් කීර්තිගේ තදින්ම තියෙනවා , ඔහුගේ බොහෝ ලිපි අතිශයෝක්තියෙන් පිරිලා , ඒකනිසා ඔහු ගේ වාර්තා හෝ ලිපි සම්බන්දයෙන් විශ්වාසයක් කිසිවෙකුටත් නැහැ
Deleteමම ඒ අඩවියට ගිහිල්ලාවත් නැහැ බං.හොයා ගත්තොත් කියවලා බලන්නම්.
ReplyDelete