Sunday, June 1, 2014

නික්මයාම (The Departure)




"ලොස් ඇන්ජලීස්" සිට "සාන්ත ක්ලැරීටා" හරහා බේකර්ස් ෆීල්ඩ්" වෙත දිවෙන මහා මාර්ගය සාමානයෙන් පාලු ගතියක් උසුලයි , විශේෂයෙන්ම මේ ගමනේදී "ලොස් පැඩ්රෙස් ජාතික වනෝද්‍යානය" හරහා දිවෙන කොටස වැඩිමනත් පාලු ,අඳුරු සහ ගුප්ත බවක් දනවයි , මේ මාර්ගයේ ගමන් කරන රථවාහන බොහොමයක් "බඩගිනි නිම්නය " (Hungry Valley State Vehicular Recreational Area) යන නමෙන් හැඳින්වෙන මේ ප්‍රදේශයේ ඇති අවන්හල් සමූහය වෙත ඇදෙන්නේ ගමනේ දුෂ්කරතාවය කෙසේවෙතත්  ,මේ මානසික විඩාව දුරු කර ගැනීමට බවනම් පැහැදිලිය..

Los Angeles සිට Santa Clarita හරහා Los Padres
ජාතික උද්‍යානය ඔස්සේ Bakers Field දක්වා දිවෙන මාර්ගය 

සැ:යු; පරිමාණයට නොවේ 

 සාමානයෙන් මෙහි සංචාරකයන් පැමිණෙනවා අඩු වුවත් මේ අවන්හල් නිතරම කලබලකාරී සහ ක්‍රියාශීලී ගතියක් පෙන්වයි.  ලොස් පැඩ්රෙස් වනෝද්‍යානය හරහා වේගයෙන් ඇදෙන තරමක් පැරණි පන්නයේ පෝශේ වර්ගයේ මෝටර් රථයකි .

" අපි ලොබ්ස්ටර් එකේ නවත්තලා යමු..." ඒ කටහඬ මයික්ගේ ...

මයික් , කෙනඩි , ජෝන් සහ ඉයන් සිව් මිතුරන් අරමුණක් නැති ගමන් යාමේ රුසියන්විය.

" ඔකේ කියන්නේ දෙයක් තියෙනවද..අපි නොකිව්වත් වාහනේ ඉබේම ගිහින් නවතින්නේ ලොබ්ස්ටර් ලොබියේ ..හඃ හඃ හඃ ......."

ඉයන්ගේ වචන පෙලට අනරාධිතවම සිව් මිතුරන් සිනහසෙන්නට විය .

සාමාන්‍යයෙන් මේ වෙලාවට නොතිබෙන මට්ටමේ අඳුරු ගුප්ත බවක් හාත්පස පැතිර පැවතියේ වැහි අඳුර නිසාමද නැතිනම් බඩගිනි නිම්නයට හුරු පුරුදු ගුප්ත බව නිසාමද යන්න ගැන සිතීමට කිසිවෙකුත් කාලය මිඩංගු කලේ නැත.

අඳුරු පහ වුනු පරිසරය මැදින් යෝධයෙක් සිනාසෙනවා සේ "ලොබ්ස්ටර් අවන්හල" (The Lobster Pub) හි යෝධ නියෝන් නාමපුවරුව දීප්තිමත් කහ පාටින් පෙනෙන්නට විය .

රියදුරු අසුනේ සිටි මයික් හැරී බැලුවේ අනෙක් ඉදිරිපස අසුනේ සිටි ඉයන්ගේ අමුතු රංගනය දෙසයි ...
"මොකද" ..

නෑ ලොබ්ස්ටෙර් එක දැක්කත් ඇති වගේ "

කෙනඩි හැර අනෙක් තිදෙනා නැවතත් සිනාසෙන්නට විය ,..

කෙනඩිගේ මුවෙන් පිටවුනේ අසභ්‍ය යැයි සම්මත වචන පෙළකි ....."ඔක්කොමත්  හරි මුගේ මේ නැටුම තමයි මට පෙන්න බැරි ....."  ඒ කෙනඩි ...

අනෙක් තිදෙනා වාහනය රථගාලේ නවතන තුරුම නැවත සිනාසෙන්නට විය .

ලොබ්ස්ටර් අවන්හල ඈතින් දිස්වන්නට විය 


********

වාහනයෙන් බැසගත් සැනින් ඉයන් ඇදී ගියේ ලොබ්ස්ටර් සී ෆුඩ් පබ් දෙසටයි ...මෙහි ඇති අනෙක් ආහාර වලට වඩා කවුරුත් ප්‍රිය කලේ ලොබ්ස්ටර් සී ෆුඩ් වලට වීම එම අවන් හල වැඩියෙන් කාර්යබහුල කරන්නට සමත් විය .

කෙනඩි ආහාර ඇනවුම ලබාදෙන අතර ඉයන් සහ ජෝන් මේසයක් වටා වාඩිවිය... අවන්හල් සේවකයා ගෙන ආ කුඩා බීර බැරලයේ කරාමය විවෘත කර ඊට ජෝගුව අල්ලාගෙන සිටි මයික් දෙස පුදුමයෙන් බලාසිටි ඉයන්
"මනුස්සයෝ දැන් ඕක පිරිලා අහකට යයි ..."

තිගැස්සෙමින් කරාමය වැසූ මයික් තවමත් බලාසිටින්නේ කුමක් දෙසද කියා ඉයන් කීප සැරයක්ම හැරී බැලුවත් කිසිවක් දැකගැනීමට නොහකිවූ තැන ..

"මොකද හොල්මනක්ද?

"නෑ නෑ අර අර ....ඒ ඔහු තමා .."

" මයික් ..... කවුද ඔහු....? අපි නොදන්න ඔබ පමණක් දන්නා ඔහු ..?"

" බැලුවා නේද ඊ ටී ඒලියන්ස් චිත්‍රපටිය "

" ඔව් ඔහේලා මට හොරෙන් ආපහු බැලුවද?"

" එතකොට නයින් ඩේස් ඉන් සැටර්න් ...?, ලොස්ට් ඉන් යුනිවර්ස් ., ස්ට්‍රන්ජ්ර් ෆ්‍රොම් අර්ත් ... හියුමන් ගාර්ඩ්න් ....තව ..."

"තව කිව්වත් දන්නවා ..දැන් මොකක්ද ඔය විද්යාප්‍රබන්ධ චිත්‍රපටි ටිකයි ඔබගේ ඔය ඔහු අතරයි තියෙන සම්බන්ධය "

ඒතමයි ඒ සියල්ලේම අධ්‍යක්ෂක වරයා ..ජොනතන් හාන්ස්බර්ග්.."

"නෑ ...."

"නෑ නෙවෙයි ඔව් "

" ඔහු එතරම් සමාජය ඉදිරියට එන්න ප්‍රිය චරිතයක් නෙවෙයිනේ .කොහොමද ඔබ ඔහුව දන්නේ ...මට මතකයි වරක් ඇකඩමි සම්මානය ලබාගන්න ඔහු වෙනුවට ආවේ ඔහුගේ සහය අධ්‍යක්‍ෂක .."

"ඔව් නමුත් ඔහු මට හමුවුනේ මෙට කාලයකට පෙර මගේ පියා මාර්ගයෙන් ..අපි ඔහුට කතා කරමු ..."

"එපා ඔහු කැමති ඇති තනියෙන් ඉන්න , මේ වගේ පාලු පෙදෙසක තනියෙන් ඉන්නේ ඒ නිසානේ , නැතිනම් ලෝක ප්‍රකට මේ වගේ පුද්ගලයෙක් තනියෙන් මෙතන ඉඳියි කියා ඔබ හිතනවද?"

එසේ කීවත් ජොනතන් මහත්මයා සමග කතා කිරීමේ ආසාව සිව්දෙනාතුලම අඩුවැඩි වශයෙන් විය, මන්ද ලෝකය පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත් විද්‍යාප්‍රබන්ධ චිත්‍රපට ගණනාවක අධ්‍යක්ෂක වරයා වූ ඔහු ගේ පිටසක්වල ජීවීන්ගේ ජීවිත අලලා සැකසුනු චිත්‍රපට කීපයක්ම ඇකඩමි සම්මානයට පවා පාත්‍රවිය .

නමුත් සිව් මිතුරන්ට ප්‍රෙහෙලිකාවක් වුනේ මෙතරම් ඈත පෙදෙසක ඔහු තනිවම සිටින්නේ මක්නිසාද කියාය. එමෙන්ම සෑහෙන තරම් කාලයකින් ඔහුගෙන් චිත්‍රපටියක් නිර්මාණය නොවූයේ මන්ද යන පැනයද ඔවුන් සිත් තුල විය.

... අර ඉන්නේ ඒ ඔහු තමා ....

********

"සමාවෙන්න ජොනතන් හාන්ස්බර්ග් මහත්මයා .." ඒ මයික්..

"මුහුණ පුරා වුණු ඝන රැවුලක් සහ අමුතුම ආකාරයේ දුඹුරු ඇස දෙකක් සහිත මොහුගේ මුහුණ දුටු පමනින් මොහු කවුරුන් වගේද කියා සිතන්නට ඉයන් අසාර්ථක උත්සාහයක් යෙදුනා , නමුත් මේ හා සමාන මුහුණක් හොඳින්ම තමන්ට මතකයේ ඇති බවත් මේ මොහොතේදී එය මතක් නොවන්නේ මන්ද කියා සිතන්නට ඔහු උත්සාහ කළා
.
කන්දෙක අසලටම එන තුරු පහතට කරගත් තොප්පියට අත තබා හිස ඔසවා මයික් දෙස බැලූ ඔහුගේ මුහුණේ වූයේ පහන් හැගීමක් නම් නොවේ , "මේ මොන කරදරකාරයෝ ටිකක්ද" කියන බැල්ම ඔහුගේ මුහුණේ සටහන් වෙනවා දුටු ඉයන් අහක බලා ගත්තා .

නමුත් එය නුදුටුවාක් මෙන් මයික් නැවත තම හඬ අවදි කළා . ඒ වන විටත් කෙනඩි සහ ජෝන් අනරාධිතවම ඔහු දෙපසින් අසුන් ගෙන අවසන්  ,

"මහත්මයා මම මයික් , ෆාර්මර්ස් ඇන්ඩ් මර්චන්ට් බැංකුවේ ලොස් ඇන්ජලීස් සිටි ශාඛාවේ කළමනාකරු ඇන්ඩර්සන් මහතාගේ පුතා "

" ඔහෝ ඒ ඔබද ...." එවරනම් ඔහුගේ මුහුණේ තිබූ නුරුස්නා ගතිය ක්‍රමයෙන් පහවෙමින් යනවා ඉයන් නිරීක්ෂණය කළා ,

********

කිසිවෙකුත් නොසිතුව ලෙසින් ජොනතන් මහතා තරුණයින් සමග දොඩමලු වන්නට ගත් සැටි දුටු ඉයන් පුදුම වුනා , කිසිවෙකුත් ඔහුගෙන් මෙවන් කුළුපග කමක් බලාපොරොත්තු නොවූ බව මුහුණු වලින් පැහැදිලිවම පෙනුනා .

බීර වලින් පටන් ගත මේ සමාගම විස්කි බෝතලයක් හිස්වනතුරුම ගලාගෙන ගියා,

"ඔබ ලඟදි චිත්‍රපටයක් කරන්නේ නැද්ද? මුකුත් අදහසක් නැද්ද "

මයික්ගේ මේ ප්‍රශ්නය සමගින් ජොනතන් මහතාගේ මුහුනේ මෙතෙක්වෙලා තිබූ මිත්‍රශීලී භාවය අහෝසි වී බැරෑරුම් පෙනුමක් ආරූඪ වෙනවා මයික්ට හැර අන් සියල්ලන්ටම නිරීක්ෂණය කල හැකි විය .

"ඇත්තටම ඔබේ අලුත් කතාවේ සංකල්පය මොනවගේ එකක් වෙයිද ?" මයික් මේ ප්‍රශ්නය යොමු කරනවාත් සමගම ඉයන් මයික් දෙසට හෙළුවේ නුරුස්නා බැල්මක් ...

"පිස්සුද මේ යකාට"..... ඔහු කෙනඩිගේ කනට රහසින් කෙඳිරුවා

නමුත් ජොනතන් හාන්ස්බර්ග් මහතා වෙත පිස්සුවෙන් මෙන් ආසක්ත වී සිටි මයික් අවට පරිසරය හෝ වෙනත් දේ ගැන කිසිදු සංවේදී තාවයක් දැක්වූයේ නැහැ .

චිත්‍රපට නිර්මාණ කරුවෙකුගෙන එවන් ප්‍රශ්නයක් ඇසීම සුදුසුදැයි යන්න ගැන පවා ඔහු සැලකිල්ලක් නොදක්වූයෙ හුදෙක් ඔහු තුල තිබූ උනන්දුව නිසාම බව මිතුරන්ට අවබෝධ වුනත් හාන්ස්බර්ග් මහතා ගේ ප්‍රතිචාරය කුමක් වෙයි දැයි ඔවුන් උනන්දුවෙන් බලා සිටියා

*******

අනෙක් සියල්ලන් පුදුමයට පත් කරමින් බොමින් සිටි විස්කි වීදුරුව පසෙකට කල ජොනතන් මහතා දෑත් එකට පිරිමදිමින් කතාව ආරම්භ කළේය.

"කාලෙකට කලින් පිටසක්වල දියුණු ජීවීන්ගේ ගවේෂක කණ්ඩායමක් මේ ලෝකෙට එනවා , ඒ එන්නේ මේ ලෝකේ ගැන වාර්තාවක් සකසන්න .නමුත් අවාසනාවකට වගේ ඔවුන්ගේ යානයේ සන්නිවේදන පද්ධතිය බිඳ වැටීමකට ලක්වෙනවා , මේක සකසන්න හැකියාවක් ලැබෙන්නේ නෑ අවසානයේ ඔවුන්ට සිදුවෙනවා ඔවුන්ගේ තාක්ෂණ රහස් රැකගැනීම සඳහා යානය විනාශ කිරීමට .

ඉන් පසු ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින්නේ කෙසේ හෝ තමන්ව සොයා තම ලොවෙන් කොයි මොහොතක හෝ පැමිණේවි කියා .නමුත් කාලය ගතවීයනවා, ඒ නිසාවෙන්ම බලාපොරොත්තු අතහැර නොගත්තත් මේ පිරිසට සිදුවෙනවා මෙලොව ජීවිතයට අනුගත වන්න ,

ඔවුන ඒ සඳහා තම හැකියාවන් යොදාගන්නවා ,ඔවුන් පිවිසෙන්නේ චිත්‍රපටි ක්ෂේත්‍රයට ,තම හැබෑ ලෝකය ගැන ඔවුන් චිත්‍රපටි නිර්මාණය කරනවා , විශේෂ ප්‍රයෝග (special effects) සහ ඇනිමේෂන් මෙන්ම ඩිජිටල් සිනමාව කියන දේ ඒ වන විට මේ ලෝකයේ තිබුනේ නෑ. ඔවුන් ඒ තාක්ෂණය මේ  ලෝකයට හඳුන්වා දීමත් සමගම ලෝක ප්‍රසිද්ධ වෙනවා ,මෙලොව චිත්‍රපට කර්මාන්තය උඩු යටිකුරු වෙනවා , ඔවුන් එහි ජනප්‍රිය තරු බවට පත්වෙනවා ,

ඔවුන්ව ආපහු රැගෙන යන්න ඔවුන්ගේ ලෝකෙන් එන්නේ නෑ , සමහරවිට ඔවුන් රහස් එළිකර ඇතියි කියන සැකය නිසා වෙන්න පුළුවන් , කාලය ගත වෙනවා මේ කණ්ඩායමේ සිටි හතර දෙනාගෙන් කෙනා බැගින් මියයනවා ,කණ්ඩායමේ ප්‍රධානියාගේ හොඳම හිතවතා වූ කැමරා ශිල්පියාත් මියගිය පසු  අවසානයේ ඉතිරිවන්නේ ඔවුන්ගේ ප්‍රධානියා පමණයි , නමුත් හිටිවනම ඔහුත් අතුරුදහන් වෙනවා , ඉන්පසු ඔහුව කාටවත් දකින්නට ලැබෙන්නේ නෑ ."

ඉන් පසු ඇතිවුනේ තරමක් නිහැඬියාවක් ,කිසිවෙකු කතා කරන බවක් නොදුටු නිසාමදෝ මයික් කතා කරන්නට පටන් ගත්තා

"ෂාහ් එකනම් මරු ..." තම මහපට ඇඟිල්ල ඉහලට එසවූ මයික් ජොනතන් මහතාට කියාසිටියා

"ඊට පස්සේ මොකද වෙන්නේ ඔහුව ඔවුන්ගේ ලෝකයට ගෙනියන්න් ඇති ,...." කෙනඩිගේ ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න ජොනතන් මහතා උනන්දුවුනේ නෑ ..

"වීදුරුවේ ඉතිරිව තිබු විස්කි ස්වාල්පර එකවරම උගුරට හලාගත් ජොනතන් මහතා නැගී සිටියා .....

"නෑ ඔහුට කවදාවත් යන්න ලැබෙන්නේ නෑ ඔහු අතුරුදහන් වුනා ...."
 කියමින් පුටුව පසෙකට ඇද දමමින් අවන්හලෙන් එලියට යන්න වුනා ...

"නියම කතාවක් හැබැයි මේකත් වාර්තා පිට වාර්තා තියන කතාවක් වෙයි "..සංවාදය පුරාවටම නිහඬව අසාසිටි ජෝන් පළමුවරට සිය කටහඬ අවදි කළා .

ජොනතන් මහතා එක්වරම නැගී සිටියා 

*******

එක වරම යමක් මතක් වූ පරිදි නැගී සිටි ඉයන් වේගයෙන් එලියට දිවගියේ අනෙක් මිතුරන් තිදෙනා පුදුමයට පත් කරමින් , වහාම මෝටර් රථය තුල තිබු සිය බෑගය තුලින් එලියට ගත් ලැප්ටොප් පරිගණකය ක්‍රියාත්මක කල ඔහු අන්තර්ජාලයේ "ක්‍රියේටිව් ප්‍රෝඩක්ෂන්  ගෘප්" ලෙසින් සෙවීම් යන්ත්‍රය තුලින් සොයන්නට පටන් ගත්තේය , ඒ හා සබැඳියක් තුලින්  "නිව් ටයිම්ස් ලොස් ඇන්ජලීස් " පුවත් පතේ  එහි සිනමා සම්බන්ධිත පුවත් පලවන පිටුව වෙත ගමන් කල ඔහු තමන් දින තුනකට පමණ පෙර දුටු පුවත නැවත කියවා සිටියා

""""ක්‍රියේටිව් ප්‍රෝඩක්ෂන්  ගෘප් හෙවත් පිටසක්වල ජීවී සහ විද්‍යා ප්‍රබන්ධ කතා වලින් ලොවපුරා ජනප්‍රිය වූ මෙන්ම ඩිජිටල් සිනමාව සහ විශේෂ ප්‍රයෝග සිනමාවට හඳුන්වාදීමේ පුරෝගාමීන් වූ ජොනතන් හාන්ස්බර්ග් මහතා ගේ චිත්‍රපට කණ්ඩායමේ කැමරා ශිල්පියා වූ ස්ටීවන් ටැෆේ මහතා අද අභාවප්‍රාප්ත විය , ඒ මහතාගේ කණ්ඩායමේ ආරම්භක සාමාජිකයන් හතරදෙනාගෙන් කෙනෙකු වූ මොහු හාන්ස්බර්ග් මහතාගේ සියලුම චිත්‍රපට වල කැමරාශිල්පියා ලෙස කටයුතු කළේය . ආරම්භක සාමජිකයන් අතුරින් දැන් ක්‍රියේටිව් ප්‍රෝඩක්ෂන්  ගෘප් හි ඉතිරිව සිටින්නේ හාන්ස්බර්ග් මහතා පමණි .""""

මොහොතකට සිය මුළු ශරීරයම සීතල වී යන බවක් ඉයන්ට දැනුනා ,
එත් සමගින් වේගයෙන් තම දර්ශන පථයෙන් ඈතට ඇදෙන හාන්ස්බර්ග් මහතාගේ මෝටර් රථය දුටු ඉයන් ගැඹුරු සුසුමක් හෙලුවා

""නෑ ඔහුට කවදාවත් යන්න ලැබෙන්නේ නෑ ඔහු අතුරුදහන් වුනා ...."" හාන්ස්බර්ග් මහතාගේ අවසන් වදන් කීපය ඉයන්ගේ දෙසවන් තුල දෝංකාර දෙන්නාක් මෙන් ඔහුට ඇසෙන්නට වුනා .




112 comments:

  1. අගෙයි කතාව නියමයි.... එතකොට ඔහු කියන්නේ ඔවුන්ගේ ම කතාව නේද,??? ඔහු අතුරුදහන් වෙන බව නේද ඔහු කියා සිටින්නේ...

    ඔබ මෙහි දී භාවිතා කරන රූපක ඉතා අලංකාරයි. අපි ව ඒ අදුරු පසුබිමකට මනාව ගෙනයනවා. ගුප්ත බව ඇති කරවනවා.. සාමාන්‍යයෙන් මට බ්ලොග් තුළ කියවන්න ලැබී තියෙනවාට වඩා වෙනස් කතාවක්.. ඒ වගේ ම ඔබ එය සාර්ථක ව ඉදිරිපත් කරනවා.... හරිම අගෙයි.... කතාව කෙටි වගේ ම අර්ථවත්..... නියම අවසානයක් සහිතයි... අලංකාරයි...

    ජය වේවා......

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුර .. ඔබ හරි ඔහු මේ කියන්නේ ඔහුගේම කතාව , අවසානයේ ඔහු අතුරුදහන් වෙනවා ,ස්තුතියි ඔබට

      Delete
  2. මාරයි ඉවාන් අයියා .. ඔයා නං මාරයි :D

    මේක කියවල කොහොමත් මංඥං මාව හොල්මන් ද පොල්කොල උනා !! ඕ යේස් .
    මේ එතකොට කොල්ල කෙල්ලව අරං මහ ගෙදරටද ගියෙ නැත්තං කුලියට ගෙයක් ගත්තද බං ?? :D

    ReplyDelete
    Replies
    1. නෑ පොඩි ඇනෙක්ස් එකක් ගත්තලු. :D

      Delete
    2. හිනස්සවල මරන්නද හදන්නෙ ගොන් පත්තරයො.

      Delete
    3. පත්තරේ උන් දෙන්නව මං ඉතාලියේ වතිකන් ළඟ මගේ මදාවි යාලුවෙක්ගෙ ගෙදර යැව්වා :D

      Delete
    4. @ හැලපේ ප්‍රියා ..මූ ගොන් පත්තරයම තමයි

      Delete
    5. ප්‍රියෝ .. ඇනෙක්ස් නං මොනවද බං ටෙන්ට් එක වහපු වීල් එහෙකුත් මදෑ .හැක්

      හැලපයියේ .. ගොං පත්තරයා .:D හරියට හරි.ෂහ් මරු නම ..

      අඩෝ ඉවා.. අම්මටහුඩු එහෙටද උන් දෙන්න එව්වේ ??? , එහෙනං ඉක්මනට දෙන්න තුන් දෙනා වෙයි :D

      Delete
    6. ඒලියන්ල තව ඉන්නව වගේ, නැද්ද PM?

      Delete
    7. ප්‍රා ජේ මචං .. ඒලියන්ල ඕසෙට බං .. අපි මොකෝ ඒලියන්ල මොකෝ නැද්ද බං

      Delete
    8. ඔව් ඔව් PM අමුතු මුතු නේ

      Delete
  3. මේක මොකාට ඇල්ලුවේ නැති උනත්, අල්ලන එකෙක් ඉන්නවා. ඒ තමයි අපේ ඩූඩ් ද හෙන්‍රි... මගේ නම් ඉතින් මේ වගේ ඒවට එච්චර මනාපයක් නෑ. ඒත් මේ වගේ දෙයක් ලියපු උඹ හැබෑ දස්සයෙක්..

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ ටේස්ට් එක මේක නෙවෙයි කියලා මම කලින්ම දන්නවනේ , ස්තුතියි මාතේ,මෙහෙමත් ලියන්න පුලුවන්ද කියලා බලන්නයි මට ඕන වුනේ

      Delete
  4. නියමයි.. අර දිනේෂ්ගේ ශෛලිය වගේ නිසා මං ආසාවෙන් කියෙව්වේ. එකින් එක, එක මතම ගොඩ නැගුනු ගඩොල් දෙකක උනත් වෙනසක් බොට ලස්සනට දකින්න පුළුවන්.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. හැක් තැනකුයි වේවා දේශකයාණෙනි

      Delete
  5. ඔන්න උඹේ නියම හැකියාව පෙන්නාපු තැනක්!!. මේකට විද්‍යා ප්‍රභන්ධයක් කියන්න මම කැමති නෑ . මොඩර්න් කෙටි කතාවක්. කතාවට බැඳලා තියාගන්නා පරිසර විස්තරය වගේම අවසාන කරපු හැටිත් අගෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් තිලකයියා මේක කෙටි කතාවක් හැටියට තමයි මාත් ලිව්වේ, මේ උඋරුවෙන් ලියන්න පුලුවන්ද කියලා බලන්න තිබුනා ස්තුති වේවා

      Delete
  6. X Files කතාවක් බැලුවා වගෙයි. බොහොම අගෙයි.

    ReplyDelete
    Replies
    1. තැනකුයි වේවා විචාරකතුමනි ...

      Delete
  7. ඔන්න උබේ සැබෑ හැකියාව සුපිරිම සුපිරි කතාව.... මේ තැන් මැවිලා පෙනුනා බොල චිත්‍ර ටික ඇන්දේ බොලාලද? නියමයි.....

    ReplyDelete
    Replies
    1. තැනකුයි වේවා මචෝ... චිත්තර ටිකත් ඇන්දේනම් මම තමයි ..ආධුනිකයි නෙව තාම .. හැක හැක හැක ...

      Delete
    2. ඇයි ශානු අක්කියා මූ අපිට කිවුවෙ අන්න මම චිත්‍ර ඇන්ද බලපියාව්... කියල. පස්සෙ වෝර්නින් දුන්නෙ බලනවද නැද්ද හොඳහිතින් කියල. මම මේ පණ බයේ ආවෙ කියවන්න. හම්මේ ඉතින්! :P

      Delete
    3. මං හිතුව අර ගෙම්බෙක් පොලේ ගහල ඉන්නව ඇඳල තියන චිත්‍.රෙ කාරෙකක් කියල :D

      Delete
    4. @ බස්සි - බැලුවේ නැත්තං තෝ මරණ එක ඉක්මන් කරන්නයි හිටියේ , දැන් තව සතියකින් පස්සේ මරනවා :P

      Delete
    5. @ පත්තර මල්ලි - අඩෝ ඒ ගෙම්බා පොලේ ගහලා ඉන්න එක කාර් එකක් වගේද පේන්නේ, මම ඒ ඇන්දේ පත්තර මල්ලි කියලා මගේ යාළුවෙක්ව :P

      Delete
  8. සිරාවටම එළ බං. ආයෙ කියන්න වචන නෑ. විද්‍යා ප්‍රබන්ධ‍යකට වඩා කෙටි කතාවක් විදිහට තාමා මාත් රසවින්දෙ..

    චිත්‍ර ටික නිසාම අමුතු සජීවී බවකුත් තියෙනවා. ඒ ටික ඇන්ඳෙ උඹද?

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඒ ටික අන්දෙත් මම තමයි, නිකන් ට්‍රයි කරලා බලන්න හිතුනා .. තැනකුයි වේවා ප්‍රියා

      Delete
    2. මට නං කතාවට වඩා ලස්සන ච්ත්‍ර ටික.. මාර සම්භාවය ගතියක් තියනව.. ලයනල් වෙන්ඩ්ට් එක බුක් කරල දෙන්නද ඉවානෙයො සතියකට අපේ ගානෙ :D

      Delete
    3. සතියෙන් පුළුවන් වෙයිද බං, වැල නොකැඩී මිනිස්සු එන්න ගත්තම ... ආ හොරෙ අහුවුනා ..උඹ එතන වඩේ විකුනලාම කෝටිපතියෙක් වෙයි එහෙම වුනොත්

      Delete
  9. ඔයාට ලියන්ට නම් ශෝක් එකට පුලුවනි. හැබැයි චිත්‍ර අඳින්ට නම් බෑ
    - මීට පොඩි කුමාරිහාමි

    ReplyDelete
    Replies
    1. කාර් එක සහ ජොනතන් හාන්ස්බර්ග් ගේ වීදුරුවේ නොගැලපීම ගැනව මේ කියන්නේ?

      Delete
    2. නෑ පොඩි කුමාරිහාමි ලියන්නත් බෑ. ඔය පහලින් ඔයාගේ යාලුවත් කියලා තියෙන්නේ

      Delete
    3. කකාගේ ප්‍රොෆයිල් එක අබිලිං මාමා හැක් කරලද දන්නේ නෑ

      Delete
    4. අර ග්ලාස් එකෙන් විෂ්කි ගැහුවොත් පුතේ එක ග්ලාස් එකක් ගහද්දි ඩවුන් ද පල්ලං , අනේ මට ඔයින් වීදුරුවක් ඇරං දියල්ලකො :D

      Delete
    5. අනේ පල යන්න බෝතලේ කටේ තියන් ගහන එකාට ඔය ග්ලාස් එකත් කජ්ජක්ද?

      Delete
    6. කව්ද අනේ මේ " පොඩි කුමාරිහාමි " කියල කමෙන්ට් එකක් දාලා තියෙන්නෙ. මම දන්න පොඩ්ඩි නම් මේ වගේ කමෙන්ට් දාන්නෙ නැහැ :)

      Delete
    7. @ ඔයත් නොදන්න මමත් නොදන්න සමහර විට කකා දන්න පොඩි කුමාරිහාමි කෙනෙක් වෙන්න ඇති

      Delete
  10. ජොනතන් හාන්ස්බර්ග් ලා ත් විස්කි බොන නිසා වෙන්න ඕනෑ ඕවා බීවාම නිකං පිට සක්වල ගියා වගේ දැනෙන්නේ.


    ReplyDelete
  11. අම්මට උඩු වෙනද ලියන කතා වලට වඩා වෙනස් විදිහක පට්ට කතාවක්, නියමයි ඈ අයියෙ...කතාවට සෑහෙන්න මහන්සි වෙලා චිත්‍රත් ඇදල තියෙන්නෙ, ඒකෙත් අමුතුම ගැම්මක් තියනව :-D

    ReplyDelete
    Replies
    1. සසිඳුවා කාලෙකින් .. උඹත් පිටසක්වල ගිහින්ද බං

      Delete
  12. කතාව කියෙව්වා කියවන්න පුළුවනි හැබැයි ගෙදර ගෙනියන්න දෙයක් නෑ, සමහරවිට මගෙ ඔලුවෙ අප්සැට් එකක් වෙන්න ඇති නැත්නං යකෝ මේ ඔක්කොම හොඳයි කියන එක මට රුයිතෙට පේන්නෙ.
    මයික් කෙනඩි ජෝන් ඉයන් මේවා නං ඇමෙරිකන් නම් කියන්න පුළුවනි ජොනතන් හාන්ස්බර්ග් කියන්නෙ ඇමෙරිකාවට ඇවිත් දාගත්ත නමද නැත්නං එද්දි තිබ්බ නමද,උඹ මහන්සි වෙලා චිත්‍රත් ඇඳලා තියෙන නිසා දොස් කියන එකත් වැරදියි,බොලා කතාකාරයො බ්ලොග් වලට කතා ලිව්වෙ නැත්නං ලියන්නෙ අපියැ.

    ReplyDelete
    Replies
    1. ඒ ගෑණි(?)ට මානසික ලෙඩක් වගෙයි.

      Delete
    2. අයියෝ නම ගැන හිතන්න එපා හැලපයියේ..මොකෝ රුයිතෙට පේන්නේ.. මන් කියනවට පොඩි අඩියක් ගහලා කියවන්න ... :D

      Delete
  13. උඹේ තවත් ටැලන්ට් එකක් එහෙනං පෙන්නුව ඈ.... මීට පස්සෙ කතා වලට මෙහෙම චිත්‍ර අඳින්න. ඒක අපූරු වෙනසක් වගේම චිත්‍ර හැකියාවත් දියුණු වේවි.

    මේ කතාවනම් කියන්න දෙයක් නෑ පට්ට! මේ කෙටිකතා සැකිලි කොහෙන්ද හොයාගන්නෙ හැබෑට! හීනෙන්වත් පේනවද? කතාවට ගැලපෙන්න ගොඩනගන පරිසර වර්ණනාව සුපිරියි!

    ReplyDelete
    Replies
    1. ඕන් මාතලන් වගේ එකෙක්වත් ලිව්ව නම් කියන්න පුළුවන් මලක් ගහපු වෙලාවක ලියපු එකක් කියලා. මොකෝ බ්ලොග් ලියන වෙන එකෙක්වත් මල් පූජා කරන්නේ, මල් කඩන්නේ, මල් පැණි බොන්නේ නැති නිසා. මූ ඒවා කටේවත් නොතියන එකා. ඇත්තටම මේවා රියල් ටැලන්ට්. මම හිතනවා මේකට අර කවුරුත් දන්න සෝ එක ටපල නොගත්ත නම්, තවත් වල්ලා පට්ටය කියලා. හැලපෙලට මෙවා දිරවන්නේ නෑ. ඌ අර දඹුලුගලේ නිව් වර්සොන් එකට කියලා තිබුන දේ දැක්කනේ.

      Delete
    2. ආ රෝස බස්සි... උඹ කෙට්ටුවෙලා අඳුනන්නත් බෑ බං..:D
      තැනකුයි වේවා ..ඔය අපොද්දක් ට්‍රයි කරලා බැලුවා චිත්තර අන්දිල්ලයි , කතාවලපොදී වෙනසකුයි කරලා .

      Delete
    3. @ මාතේ - මල් , ගල් නොගහැවුවට ගහන එවුන් එක්කමනේ ඉතින් ආශ්‍රය .. ආයේ මක්කයි උන්ට හිතෙන ඔක්කොම මටත් හිතෙනවා හිතෙනවා වගේ තමා ඉතිං තැනකුයි වේවා

      Delete
    4. මාතලන්,දිරවන්නෙ නැත්තෙ අපි පරණ ඉස්කෝලෙ උන් හින්ද වෙන්න ඇති මචං.

      Delete
    5. //අපොද්දක් ට්‍රයි කරලා බැලුවා චිත්තර අන්දිල්ලයි , කතාවලපොදී// ඈ ගෙඹිලුස අලුත් බාසාවකුත් කතා කොරනවද දැන්? හයියූ සල්ලි. :P

      Delete
    6. උඹ ගල් මල් ගහන උං ආස්සරේ කෙරුවට අපි නං නෑ.. චැහ් ..
      මොන විලි ලැජ්ජ නැති වැඩක්ද ඒ .. මම නං එහෙම උංගෙ මූණවත් බලන් නෑ..ඕ යේස්

      Delete
    7. @ බස්සි - ඊයේ ඉඳන් වහිනවා බොල අකුණු ගගහ ..නෙට් අවුල් හොඳටම ..යුනිකෝඩ් පිස්සු කෙලිනවා හිටු කියලා ..ඇති කුණුහරුප ලියවුනේ නැතුවා

      Delete
  14. ayiye නියමයි ඈ, ඔයාද චිත්‍ර ටික ඇන්දේ. මං ආසයි මේ වගේ කතා කියවන්න, මුලින් හිතුවේ පරිවර්තනයක් කියලා, මේ වගේ කතා වල භාවිතා කරන යෙදුම් ඔයා නියමට තැනට යොදල තියෙනවා, කිසිම ආගන්තුක බවක් දැනුනේ නැහැ, ඒ වගේම මේක ඉවාන් ලියපු එකක් කියලා නොහිත මං කියවුවේ, පළපුරුදු කතා කාරයෙක්ගේ එකක් වගේ,, නියමයි, ඔයා දැන් ගොඩක් හොදට ලියනවා, මේ වගේ ඒවත් ලියන්න හොදේ.. චිත්‍ර ටිකට ලයික් ඈ

    ReplyDelete
    Replies
    1. ඔමායා ...චිත්‍ර ටිකත් මමම තමයි ඇන්දේ ...ඇත්තටම මේ රටාවේ කතා කියවලා තිබ්බට ලියලා තිබ්බේ නෑනේ. ඒ නිසා හිතුනා ලියලත් බලන්න , තැනකුයි වේවා ඔමා... මේ වගේ ඒවත් ලියන්න බලමු ඉස්සරහට . චිත්‍ර ටිකට ලයික් එකට ලයික් ඈ

      Delete
  15. අර හාඩි සොහොයුරන්ගේ කතා තියෙන්නේ.. අන්න ඒ වගේ ලයින් එකක් වගේ! සුප්පා ඈ!!

    ReplyDelete
    Replies
    1. හාඩි කහ්ටා වගේ කියලා නාඩි කිවව එකට සන්තෝසයි ඈ..... මේ ලයින් එකෙනුත් ලියලා බලන්න හිතුනා . තන්කිව් ඈ

      Delete
  16. කතාවට අනුව චිත්‍ර ලස්සනයි. ඉවාන්.....කතාවත් ගොඩක් හොදයි.....හරියට මට මතක් උනේ ෂර්ලොක් හොලම්ස්ගේ කතා වල එන චිත්‍ර වගේ.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිහිංසා .. ඒ කතාවලින් තමයි ආභාශය ගත්තේ

      Delete
  17. උත්සාහය සාර්ථකයි...මම මුල ඉදලම හිතුවෙ මෙය පර්වර්ථනයක් වෙන්න ඇති කියලා. ඔබේ ස්වතන්ත්‍ර නිර්මාණයක් බව දැනුනාම ලොකු සතුටක් දැනුනා...ඔබේ හැකියාව ගැන. අර චිත්‍ර ටික ඇන්දෙත් ඔබමද ?

    ReplyDelete
    Replies
    1. පරිවර්තනයක් විදිහට දැනෙන්න අරින්න තමයි මටත් ඕන වුනේ ..එහෙම වුනානම් එක සාර්ථකයි , චිත්‍ර අන්දෙත් මම තමයි , එහෙම කරන්න වුනේ මේකට ගැලපෙන චිත හොයන්න කොච්චර මහන්සි වුනත් බැරිවුණු නිසා , අත්හදා බලන්නත් එක්ක ඇන්දා

      Delete
  18. මාත් හිතාගෙන හිටියේ පරිවර්තනයක් කියලා. අපූරුවට ගොතලා තියෙනවා. අවසානයත් හරිම ලස්සනයි. හාන්ස්බර්ග් පිටසක්වලට ගිහින් පසුකාලෙක ආපහු ඒවි කියලා හිතෙනවා. අහ්... චිත්‍රත් අඳින්න ඇහැකිනෙව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරු ....
      චිත්‍ර අඳින්න ඒ හැටිම බැරි වුනාට මේ කතාවට පින්තූර හොයන්න කොහෙත්ම බැරි වුනා , ඊට පස්සේ හිතුවා ඕන එකක් කියලා ඇඳලා දානවා කියලා

      Delete
  19. ඉවාන්ගේ අත්හදාබැලීම හොඳයි. මමත් හිතුවේ පරිවර්තනයක් කියලා මුලින්ම. අනික සිතියම් පවා ඇඳලා නිසා හුඟක් දුරට ඇත්තක් යයි පිළිගන්න පෙළඹවෙනවා.

    චිත්‍ර ඇන්ද එක ලොකු ප්‍රගතියක්. ලේඛකයාම චිත්‍ර ඇන්දාම හුඟක් ගැටලු අඩුයි. මෙතනදි සිතියම අඳින්න ගත්ත සැලකිල්ලම අනිත් චිත්‍ර වලටත් දැක්වූවා නම් කතන්දර අරෙහෙම කියන්නේ නෑ. කතන්දරගේ කතාව ඇත්ත. වීදුරුව විස්කි බොන වර්ගයේ එකක් නෙවෙයි බියර් මග් එකක්. කාරෙක පෝර්ෂේ එකක් නෙවෙයි. ඒවගේ සුළු දේවල් වලටත් අවධානය දුන්නම හොඳයි.

    සංකල්පය හොඳයි. මිනිස්සුන්ගේ සමහර සොයාගැනීම්වල ගෞරවය පිටසක්වල ජීවීන්ට ලබාදෙන කතා හුඟක් මම දැකලා තියෙනවා. මම පෞද්ගලිකව එහෙම විශ්වාස නොකලත් එහෙම හිතන අය සෑහෙන්න ඉන්නවා. මම නම් හිතන්නේ ඒක අපේ තියෙන හීනමානයක් කියලයි.

    උඹ අර පොරට නම දානකොට යටිහිතේ ස්ටීවන් ස්පීල්බර්ග් ඉඳලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. //"උඹ අර පොරට නම දානකොට යටිහිතේ ස්ටීවන් ස්පීල්බර්ග් ඉඳලා තියෙනවා."// ආයේ ඩූඩ් ගේ කියවීම ගැනයි , පහල කෙන්ජි කියලා තියෙනවා වගේ පරිවර්තන දෙයියා කියන කතාවයි සහතික ඇත්ත කියලා කියන්න පුළුවන් මේක දැක්කම ,
      ඇත්තම කියනවනම් මම මේ කතාව ලියාගෙන ගියේ ස්පීල්බර්ග් නම දාගෙනම තමයි . පස්සේ අන්තිමට එක හරි නෑ කියලා හිතුනු නිසා වෙනස් කළා .

      චිත්‍ර වල නොගැලපීම් තියෙනවා ඩූඩ් , මට චිත්‍ර අඳින්න බෑ. ඒ වුනාට මේ කතාවට හරියන චිත්‍ර හොයන්න් මුළු ගූගලේම පීරුවත් බැරි වුනා . ඊට පස්සේ තමයි මම හිතුවේ ඔන්න ඔහේ ඕන එකක් වෙන්න ඇඳලා දානවා කියලා , අඩු පාඩු එමටයි . ස්තුතියි . ඒ ටික හදුනානම් හොඳයි තමා .

      Delete
    2. මට චිත්‍ර අඳින්න බෑ කියපු කතාවට මම විරුද්ධයි. මට පේනවා අනාගත චිත්‍ර ශිල්පියෙකුගේ පෙරමග ලකුණු. මිනිස් රූප උඹ ඇන්දාවගේ අඳින්න පුලුවන් අය කීදෙනෙක් ඉඳීද සිය දෙනෙක් ගත්තොත්? අර කාරෙකත් එහෙමයි. දිගටම ඇඳපං.

      චිත්‍රේ ෆෝටෝස් ගන්නකොට ඒකට හොඳට එලිය වැටෙන්න ඇරලා ගනිං. ඊට පස්සේ ඔය Windows Picture Manager වගේ සරළ software එකකින් auto correct දාපං කීපවතාවක් ඔය අලුපාට නැතුව යන්න. ඊට පස්සෙ upload කරපං.

      Delete
    3. තැන්කුයි ඩූඩ්...... ඔය උපදෙස් ටිකනම් කෝටියක් වටිනවා

      Delete
  20. පරිවර්තනයක් වගේ. නිර්මාණශීලිත්වය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. පොඩි කතා එකතුවක් කළොත් නරක ද? මං හිතන්නෙ මම කලිනුත් කිව්වා.

    ReplyDelete
    Replies
    1. කතා එකතුවක් කලොත් නම් නරක නෑ... බලමුකෝ ඉස්සරහට ... ස්තුති වේවා

      Delete
  21. උඹ දන්නවද ඉවාන් අද මට උඹ එක්ක ඉරිසියාවක් ආවේ මොකද කියලා.. මේ වගේ ලියන දේට ගැලපෙන්න චිත්‍ර අදින්න මට බැරි හන්දා.. උඹ දන්නේ නෑ මම පෝස්ට් එකකට පින්තූර හොයන්න විදින දුක.. කතාවට මට හරියට සෙට් නොවෙන පින්තූර නැති හන්දම පෝස්ට් නොකරපු ලියපුවත් තියෙනව මට.. හරි ඒවා වැඩක් නෑ..

    කතාව.. එල.. ආයේ ඉතින් කියන්න ඕන නැහැනේ.. මේ ඉතින් මම ආසම ඉසවුවක් කියලා.. උඹ ඒක හරි අපූරුවට මවලා තියෙනවා බං.. සිරාවටම..

    ReplyDelete
    Replies
    1. මේ චිත්‍ර වලට ඉරිසියා හිතෙනවා කියන්නේ උඹට අඳින්නම බැරුව ඇති .. :D:D
      ඔව් බන් මෙහෙම කතා ලිව්වම ඒවාට ගැලපෙන පින්තූර හොයන්න මාර ගේමක් දෙන්න ඕනේ. එත් මට හොයාගන්න් බැරිවුනා , එකයි ඇඳලා දැම්මේ . තැනකුයි වේවා

      Delete
  22. කවුරුත් කියල තියෙනව වගේ මම හිතුවෙත් පරිවර්තනයක් කියල ඉදගෙන ..හෙහ්....හෙහ්....
    අපේ හෙන්රිය නෙ පරිවර්තන දෙයිය හිටගෙන හෙක්...හෙක්....
    පරිවර්තන වගේ ලියන අනිත් එකා දිනේෂ් මල්ලිය....
    චිත්‍රවල චුටටන් නොගැලපිලි තිබ්බත් කට පුරා එල කියන්න පුළුවන් යකූ..... සත්තකින්ම.....
    මේ ලිපියෙන් උඹ ඔප්පු කලා ..."මං ලියවිල්ලට උපන් යකෙක්" යකුනේ.........කියල ....
    තෝත් ඉදල....ඉදල දෙන්නෙ ගින්දර දෙයක් තමා......
    මිං පස්සෙ උඹේ කතාවලට ඉඩ ලැබෙන ලෙසට..... උඹම ඇදපු චිත්‍ර දාන්න මල්ලියා.......

    ReplyDelete
    Replies
    1. තැන්කිව් වේවා කෙන්ජෝ... මමම ඇඳපු චිත්‍ර දාන ගිහින් කියවන එවුන් ටිකත් මේ පැත්තේ එන්නේ නැතුව යයි හැබැයි .

      Delete
  23. එකෙන්ම කෙන්ඡි අයියන්ඞි එක්ක එකගයි.
    උඹ යකෙක් බං
    ඞුඞු එක්ක එකතු වුනෙත් චන්දන මෙන්ඞිස් අඞනවා.

    කියන් වදන් නැහැ බං උඹ හිතා ගනින් මගේ හිතේ හැගිම්.

    ReplyDelete
    Replies
    1. චන්දන මෙන්ඩිස් ඇඬුවට කමක් නෑ බන් ..සංජීව මෙන්ඩිස් හිනාවෙනවනේ ඒ මදැයි ...

      Delete
  24. මේ ප්ලොට් එක, චරිත හැම දේම නියමයි. නමුත් කතාව ගලායාමේ දුර්වලතා තියනවා කියලා මට හිතෙන්නේ. මේ කතාව මම හිතුවෙත් පරිවර්තනයක් කියලා, පරිවර්තනයකදි දකින්නට ලැබෙන වෙනස් බසකින් කියවීමේදි දැනෙන ආගන්තුක, නුහුරු බව දැනෙනවා. සමහර විට ඉවාන් හිතලම ඒ ආගන්තුක බව එකතු කරලද කියලත් හිතුණා.

    ReplyDelete
    Replies
    1. මට ඕන වුනේ පරිවට්ඨානයක දැනෙන ආගන්තුක නුහුරු ගතිය දානවනං තමයි . එහෙනම් එක සාර්ථකයි , ගලායාමේ අඩුපාඩු කිව්වේ මොනවද කියලා තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි තිසර...ස්තුතිවෙවා ....මං මග බලන් ඉන්න විචාරයක්නේ තිසරගේ විචාරය

      Delete
    2. මෙහෙමයි.. හැමදාම කියනවා වගේ මේවා මට හිතෙන ඒවා...

      මේක පටන් අරන් තියන විදිහ මෙහෙම උණා නම් වඩා හොඳයි කියලා හිතෙනවා. ඉස්සෙල්ලාම මේ ගමන යන අයව අඳුන්වලා දීලා, ඔවුන්ගේ ගමනේ මග තොට විස්තරයක් හැටියට. සාමාන්‍යයෙන් මේ විදිහට පරිසරය වෙනම විස්තර කරලා පටන්ගන්නේ දීර්ඝ කතා.

      ඊට පස්සේ වාහනේ ඇතුලෙදි ඔවුන්ගේ කතාබහ බොහොම මිත්‍රශීලී ගතියක් පෙන්වද්දි අවන්හල ඇතුලෙදි කතාබහේ ස්වරය වෙනස්. "මුගේ" වගේ වචන සහ කුණුහරප කියපු අය එක පාරට 'ඔබ' කියලා කතා කරන්න පටන් ගන්නවා ඇතුලෙදි. අවන්හල ඇතුලෙදි අතිවෙන දෙබස්, අර වාහනය ඇතුලෙදි ඔවුන් අතර ඇතිවන දෙබස් වලින් දැක්වෙන ඔවුන්ගේ මිතුරුකමේ ස්වභාවයත් එක්ක නොගැලපෙන ගතියක් තියනවා.

      //බීර වලින් පටන් ගත මේ සමාගම විස්කි බෝතලයක් හිස්වනතුරුම ගලාගෙන ගියා,//
      මේක සෑහෙන දීර්ඝ කාලයක් නේද? මේ වෙලාව ඇතුලත ඔවුන්ගේ කතාබහ, ගැන යම් ඉඟියක් දුන්නා නම් හොඳයි කියලා හිතුණා. හාන්ස්බර්ග් කතාබහේ යෙදිලා ඉඳලා එකපාරටම නැගිටලා යෑම, සහ මිතුරන් එයට කිසිම ප්‍රතිචාරයක් නොදැක්වීමත් ටිකක් අභව්‍යයි වගේ කියලා හිතුණා.

      මේවා ඉතා සුළු දේවල්... කලින් කිව්වා වගේ ප්ලොට් එක නියමයි. අර විස්කි වීදුරුව කොයි විදිහ වෙන්න ඕනේද වගේ, සුළු සුළු විස්තර හැමදේටම අවධානය තමයි අවශ්‍ය.

      Delete
    3. මිතුරන්ගේ කතා බහ ගැන ඔබ කියූ කාරණය මට ඇත්තටම ඔබ කියනකම් අවධානයක් යොමුවුනේම නෑ , ස්තුතියි , එහෙම කිව්වට පස්සේ හිතෙනවා ඒ කාරණය ගැන සැලකිලිමත් වුනා මදි කියලා .
      කතාව දීර්ඝ කරන්න හිතුනේ නැත්තේ මේ රටාව නිසා ඒක නීරස වෙයි කියලා හිතුනු නිසා . හාන්ස්බ්ර්ග් නැගීසිටින විට මිතුරන් ප්‍රතිචාරයක් නොදක්වා සිටියේ ඔහුගේ කතාවෙන් පස්සේ ඔවුන් වික්ෂිප්ත වී සිටි නිසා කියා අන්ගවන්නයි මට ඕන වුනේ , එත් ඒ අවස්ථාව ප්‍රබලව ඉස්මතුවෙලා නෑ කියලා මට ඔබේ විචාරයෙන පස්සේ හිතෙනවා .
      හැම දේටම ස්තුතියි තිසර ... මේ ආකාරයේ විචාරයන් තමයි ලියන්නෙක් දිරිගන්වන්නේ ,එහෙම නැතුව අපහාස කිරීමෙන් නෙවෙයි .
      තිසරගෙන ඉල්ලා සිටින්නේ දිගින් දිගටම මේ සහයෝගය ලබා දෙන්න කියලා .ස්තුතියි

      Delete
  25. ඔව් මටත් දැනුන පරිවර්තනයක තියෙන ලක්ෂණ. පොඩි පොඩි තැන් වලින් හැලෙන ගතියක් ආව. අනේ මම නොදන්නා ලිවිල්ල මම කොහොමද ඔයාට කියන්නේ?

    කාගෙද අර අත් අකුරු?

    ReplyDelete
    Replies
    1. පරිවර්තන ලක්ෂණ දැනෙන්න තමයි මටත් ඕන වුනේ . ඇත අකුරුත් ඉතින් මගේම තමා .. මොකෝ ඒක දැක්කම කතාව කියවන්න් හිතෙන්නේ නැද්ද? :D

      Delete
    2. අත් අකුරු දැක්කම කියන්න පුළුවන් කොයි වගේද කියල වැඩ! හි.. හි....

      Delete
  26. ඉවාන්ගෙ කතාව කියෙව්වම මට හිතුනෙ මෙහෙම "යකෝ එතකොට අපෙ පාර්ලිමේතුවෙත් ඉනෙ අරෙහෙම ගොඩබාපු උන්ද මන්දා "

    මං බයෙන් හිටියෙ මගෙම චිත්‍ර බ්ලොග් එකට දාන්න දැන් නං හිතෙනවා මටත් අඳින්න පුළුවන් කියලා.

    ReplyDelete
    Replies
    1. පාර්ලිමේන්තුවෙන් ඉන්නෙත් ඔය කොහේ හරි ලෝකෙකින් එලවපු එවුන් තමයි ...

      චිත්‍ර දාන්න මාත් කැමැත්තක් තිබ්බේ නෑ.. වෙන කරන්න දෙයක් නැතිවුනා .. මේකට හරියන පින්තූර හොයනවට වඩා ලේසි නිසයි ඇඳලා දැම්මේ . සිතූ ලෙසටම කට්ටියට චිත්‍ර නිසා කතාව බැලිල්ලත් එපා වෙලා වගේ

      Delete
  27. //මං බයෙන් හිටියෙ මගෙම චිත්‍ර බ්ලොග් එකට දාන්න දැන් නං හිතෙනවා මටත් අඳින්න පුළුවන් කියලා.// මෙහෙමත් මනුස්සයොංට අපහාස කොරනවද මං අහන්නේ.

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ මට මේ චිත්‍ර ටික දැන් ගලවලා විසිකරන්න හිතෙනවා අම්මපා

      Delete
  28. උඹේ මේ පටන් ගැන්ම හොදයි.හැබැයි මිටත් වඩා දෙයක් මේ කතාවට කරන්න උඹට හැකියාවක් තියෙනවා කියලා මට හිතෙනවා.

    චිත්‍ර ටික නම් නියමෙට තියෙනවා,පින්තුර දානවාට වඩා එකෙන් මේ කතාවට ඕනේ ගුප්ත ගතිය එනවා.

    ReplyDelete
    Replies
    1. චිත්‍ර දැම්මේනම් ඇත්තටම මේකට පින්තූර හොයලා එපාම වුනු නිසා . නැත්තම් දාන්නේ නෑ , ස්තුත්යි මනෝ

      Delete
  29. මේක පරිවර්තයක් නෙමෙයි කියල විස්වාස කරන්නත් අමාරුයි. ඒ තරම් හොදට ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් එහෙනම් සතුටුයි , මට ඕන වුනා පරිවර්තන ගතිය මවන්න .

      Delete
  30. යකෝ මම විනාඩි දෙකතුනක් මැප් එක හොඳට ස්ටඩි කරලා ඒක කට පාඩම් කරගෙන පහළට කියවන්න ගියේ... මැප් එක මේ කතාවට හෙනම වැදගත් ඇති කියලා හිතලා :D

    ජයවේවා,..!

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩේ හූ හූ රැවටුනා නේ ....හූ හූ ... තැනකුයි වේවා බීට්ල්

      Delete
  31. ශා..... හරියට ඉංග්‍රීසි ෆිල්ම් එකක් බැලුවා වගේ තමා.

    ReplyDelete
    Replies
    1. ශා ඔහොම කිව්වම මට නළුවෙක් වෙන්න හිතෙනවා :D

      Delete
  32. අයියෝ මට මග හැරිල තිබුණ බ්ලොග් එකක්.. කමෙන්ට් එකක් දිග‍ේ ඇවිත් මේ පැත්තට ආවෙ.. 172 වීම ගැන සන්තාපයකුත්, එහෙම හරි මුණ ගැහුණු එක ගැන සතුටකුත් තියෙනවා.....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා තරු රසීව ... කොහොම හරි මේ පැත්තේ ආපු එක ගැන මට සතුටුයි . දිගටම එන්න

      Delete
  33. කතාව ලස්සනයි මචො.මට චිත්‍ර පෙන්නන්නෙ නැ බන්.අර 'ඔහෙ' කියන වචනෙ ආවෙ කොහොමද.එක මාතර වචනයක් නේද.
    නියමයි උබෙ උත්සාහය සාර්ථකයි

    ReplyDelete
    Replies
    1. චිත්‍ර පෙන්නේ නැති එක හොඳයි බං.. ඔක්කොමලා බනිනවා චිත්‍ර කැතයි කියලා ....
      එතනට දාන්න වෙන වචනයක් නෑනේ බං... ඉතිං මක්කැයි කොරන්නේ
      ස්තුතියි මචෝ

      Delete
  34. ඇත්තටම පරිවර්තනයක් වගේ. මම ආසම විදියේ කතාවක්. ඔය අද්භූත, හිත ගැස්සෙන කතාවලට මම කැමතී...කතාව කියලා තියෙන විදිය, තෝරගෙන තියෙන පරිසරය ඔක්කොම අපූරුයි පව්ලූශා...

    කතාව වගේම චිත්‍රත් හරි ලස්සණයි. (අර ඇනෝ කුමාරිහාමි මොනා කීවත් :) ) කතාවට ඇත්තක් එකතු වෙනවා ඒ චිත්‍ර හන්දා...මට නම් කෙලින් ඉරක්වත් ගහන්ට බෑ. කවි ලියන්ටත් බෑ. ඒ අතින් බැලුවාම මෙයා නියම කලාකාරයෙක්නේ.

    ReplyDelete
    Replies
    1. පරිවර්තනයක් වගේ කරන්න තමයි මටත් උවමනාව තිබ්බේ පොඩ්ඩි,
      ඔයාගේ හිත ගස්සන්න තමයි මාත් මේ හිතාගෙන ඉන්නේ :D
      චිත්‍රනම් අඳින්න වුනා ,මොකද මේකට හරියන පින්තූර හොයලම එපාවෙලා තිබ්බේ , බැරි වුනත් ඔන්න ඔහේ ඇඳලා දැම්මා .
      ඇනෝ පොඩි කුමාරිහාමිත් ඉතින් අපේම යාලුවෙක් වෙන්න ඇතිනේ

      Delete
  35. ඉවාන්....උඹ ටික දොහකට පස්සේ අළුත් වැඩක් කරලා. මමත් හිතුවේ පරිවර්ථනයක් කියලා. දිනේෂ් තුල මේ හැකියාව මැනවින් පිහිටා තිබෙනවා. උඹ ඒ අසලින් ඉන්න බව කියන්නේ උඹව අවතක්සේරු කිරීමට නොවේ. උඹේ කාලය නිර්මාණ සඳහා වැඩියෙන් මිඩංගු කරපන්. චිත්‍ර ඇඳීම දිගටම කරපන්. උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. අරූ දිනේෂ්ගේ අහලකටවත් එන්න තාම බෑ. දිනේෂ් මේ ක්ෂත්‍රයේ සක්විති කෙනක් . චිත්‍ර නම් අඳින්න වුනා , නැතුව පුළුවන් කමකට කරපු දෙයක්ම නෙවෙයි . ඉක්මනින් සනීප වේවා කියා පතනවා අරූට

      Delete
  36. මමත් මැප් එක දෙතුන් සැරයක්ම බැලුව. කතාව සිරා සීන් එකක් වෙන්න ඇති පිළිවෙලකට බලන්න ඕනේ කියල... සමහර ඩි ටේල්ස් නිකන් මග ඇරිලා වගේ ගතියක් මට දැනුනා. මම හිතන්නේ ඔය තිසර විස්තර කරපු ටික නිසා වෙන්න ඇති. කොහොම වුනත් හොඳ නිර්මාණයක්.

    චිත්‍ර ඇඳලා දාන වැඩේ මරු... තමන්ගේ කතාවකට වෙන අය ඇඳපු චිත්‍ර ගලපන්න හරි අමාරුයි. මමත් ඔය වැඩේ ඉස්සර කළා. මම ලියපු විද්‍යා ප්‍රබන්ධ කෙටි කතා පොතේ ඔක්කොම චිත්‍ර ටික කොම්පියුටර් එකෙන් හැදුවේ මම. පොතේ කවරේ පවා හැදුවේ මම. ඒවා සිරා නෑ කියල මම ම දන්නවා. ඒ වුනාට මගේ වැඩේ මම ම කල නිසා මට ගොඩක් සතුටුයි. ඉදිරියට ලියන ලිපි වලටත් ඔබේම චිත්‍ර දමන්න.. ජය

    මම අදමයි මේ පැත්තේ ආවේ.. මෙච්චර කල් ආපු නැති එකට සොරි වෙන්ට හොඳේ... :D

    ReplyDelete
    Replies
    1. මේකෙන් කියවන්න පුළුවන් මම ලියපු කතා එකක් දෙකක්
      http://www.vidyawa.com/search/label/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0

      Delete
    2. පැතුම් අයියේ ඇත්තටම මාත් කියවන්න කලින් සිතියම දිහා සෑහෙන්න බැලුවා අර ෂර්ලොක් හෝම්ස් කතාවල වගේ :)

      Delete
    3. @ පැතුම් - පැතුම් මේ ටයිප් එකේ කතා ලියලා තියෙන නිසා මේකේ අඩුපාඩු හොඳින් ග්‍රහණය කරගන්න ඇති . පලවෙනි අවස්තාව නිසා මේකේ ප්‍රශ්න ගොඩක් තියෙනවා . ඔය සිතියම එච්චර ගැඹුරට කතාවට කාවද්දන්න ඕනේ කියන හන්ගීමක්නම් තිබ්බේ නෑ තමා .

      Delete
    4. @ පැතුම් - ස්තුතියි

      @ ඕමා - හූ හූ උඹත් රැවටුනා නේ හූ

      Delete
  37. lassana kathawa - N

    ReplyDelete
  38. මුලින් මාත් හිතුවේ පරිවර්ථනයක් කියලා..
    සුපිරි කථාව.. ඔහුගේම කථාව..

    ජය වේවා!!!

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]