Saturday, October 11, 2014

නිමේෂය


"මිස්ටර් දුෂ්මන්ත ..හෝල්ඩ් ඉට් ප්ලීස් " විදුලි සෝපානයේ දොර වැසෙන්නට ඔන්න මෙන්න තිබියදී ඈතින් දිව එන මිනදී දුටු මට නැවත සෝපානයේ දොරටුව විවර කරන්නට වුනා..

"ඔහ් මිනදී  .......

"ශික් තප්පර පහ හයක් ඉස්සර වුනානම් මේ ඇනේ සෙට් වෙන්නේ නෑනේ ..." ක්ෂණයකින් සිතට ආ සිතුවිල්ල වචන බවට පෙරලෙන්නට ප්‍රථම මම සෝපානයේ G අකුර සහිත බොත්තම වරක් ස්පර්ශ කළා

"මොකෝ මේ මිස්ටර් කෑල්ලක් ."

"නෑ දැන් ඉතිං ලොකු මිනිස්සුනේ , එක නෙවෙයි අනේ,... ප්ලීස් මාව ෆැබ් එක ලඟින් ඩ්‍රොප් කරන්න පුලුවන්ද ....?"

"ම්ම්ම්......."

"අනේ ලොකු උදව්වක් ...... "

මට සිහිවූනේ දින කීපයකට පෙර සුසන්තගේ විහිලුවයි ..

" මේ දුෂමන්තයා දැන්නම් මිනදී උඹේ ඇඟට එනවා හොඳටම වැඩියි.. උඹේ ප්‍රමෝෂන් එකෙන් පස්සේ තමා තත්ත්වේ දරුණු වුනේ.. බලාගෙන පුතේ ....මතකනේ අනුජයට වෙච්ච් දේ .. සේමිණි උඹව මරයි ඈ...."

"සෙමිනි කොහෙද බං මාව මරන්නේ ,අනේ පල යන්න .උඹ කොහොමද මගේ ගෑනි ගැන මට වඩා දන්නේ ..අපි අහුවෙයි ඕවට..............."

"හා හා බලමුකෝ ..ඔහොම කියන අයියලා තමා පෝලිමේ මුල්ම ඉන්නේ ..හැක හැක හැක ..."

"දුෂ්මන්තඅඅඅඅඅඅඅඅ........................." මිනදිගේ හඬින් මං නැවතත් පියවි ලෝකයට ...

"ඔහ.....මම ඒ පැත්තට නෙවෙයි නේ මිනිදී  යන්..............."

"අනේ ඉට්ස් ඔකේ අනේ පොඩි දුරනේ මාව ඩ්‍රොප් කරලා යන්නකෝ ..."
"අපෝ ආඩම්බර .."

බොරු තරහක් මවා ගත් මිනදී මුහුණ පුළුටු කරගත් සැටි දුටු මට සිනහවක් නැගුණි.. ඇත්තෙන්ම ඇය සුන්දරය.. සිහින් සිරුර ..සිහින් ඇහිබැම ...දිගටි දෑස්.... මෙන්ම කතා කරන වචන පවා ඇතිකරන ආකර්ශනීය බව මගහැර යාහැකි කිසිවෙකු වෙත්ද ...

*
*

ඇත්තෙන්ම ඇය සමග එකට ගමන් කරන්නට මම අකමැතිද ...? නෑ... හිත රවටා ගැනීමේ අසීරු උත්සාහය අවසනදී අත්හැර දැමූ මම

"ආඩම්බරයක් නෙවෙයි ළමයෝ .... හා හා යමු ..."

"අපෝ ඇති ......."


"ඔහ් ගෝඩ්.... වහිනවා ...කොහොමද පාක් එකට යන්නේ .... "

"ශිහ් ...තත්පර පහ හයක් ඉස්සර වුනානම් වැස්සෙන් බේරෙන්න තිබ්බා ..." එක්වරම කඩා හැලුණු මහා වැස්ස දෙස බැලු මට කියවින .

"මේ තියෙන්නේ" අත් බෑගයෙන් එළියට ඇදුනු ලා රෝස පැහැ කුඩය මවෙත පාමින් ඇය කීවාය .

"මේකේ දෙන්නෙකුට යන්න බෑනේ  මිනදී .."

"ආ ඇත්තද ... අනේ විකාරනතුව යමු දුශ් ...."

"දුෂ් ?????????" මට සේමිණී සිහිවුනේ මන්ද ... ආදරය කරන මුල් කාලේ ඇයද මා අමතන්නේ එසේය ...

"ඔයා කුඩේ ගන්න දුෂ්... නැත්තම් ඔයාට දෙකට නැවිලා යන්න වෙන්නේ ..."

සාරියේ රැළි ගොන්න කලවයේ ඉහල හරියට වන්නට අල්ලා මදක් ඔසවා ගත ඇය මා සමග කුඩේ යටින් ගමන් කරන්නීය ...

"අඩෝ දුෂා අර බලපන් මියුසික් ටීච අදත් පූසා කනෙන් එල්ලන් එනවා ...." පාසල් කාලයේදී නිතරම මෙසේ සාරියේ මැද හරියෙන් ඔසවාගෙන යන සංගීත ගුරුවරිය නිරන්තර අපේ සිනහවට ලක් වූ හැටි මට මතක් වූයේ ඒ සමගිනි .

ඇගේ සුසුම් වල උණුසුම පපුවේ දකුණු පසට දැනෙයි , ඊට වඩා වේගයෙන් මා උණුසුම් වනවා මට දැනෙයි , ක්ෂණික සුලන් රැල්ලත් සමග පැමිණි වැසි පොදෙන් අප දෙදෙනාම තෙමි යද්දී ඇගේ කෙහෙරැල් මගේ මුහුණේ  දැවටෙන්නට විය .
"ගෙදර යන්න කලින් කා එක වැකුම් කරගෙන යන්න ඕන , නැත්තම් කෙස් ගහක් වත් කොහේ හරි තිබ්බොත් සේමිණී මාව මරයි තමා .. "
විවාහ වී වසරක් ගෙවුනද සේමිණී බොහෝ අවස්ථාවල මා අන් කාන්තාවන් කෙරෙහි ආසක්ත වන්නේයයි නිකරුනේ සැකකිරීම සමහර අවස්ථා වලදී මට හිසරදයක්ම විය

*
*

උණුහුම දුරලමින් නැවත සීතල දැනෙන්නට විය .

කෙසේ හෝ මෝටර් රථය තුලට පිවිසෙන විට ...දෙදෙනා මදි නොකියන්නට තෙමී අවසන්ය .. එත් ඒ කෙටි ගමනේ අමුතුම මිහිරක් වින්දා නොවේද ?

"තෙමුනා නේ "

"කමක් නෑ දුෂ්.... දැන් තෙමෙන්නේ නෑනේ ..."
මෝටර් රථය ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වෙත්ම වැස්සද බොහෝ සෙයින් වැඩි වන්නට විය ...

"අද කලින් යන්න හිතුවේ ඇයි දුෂ්මන්ත .... සුසන්තත් හාෆ් ඩේ ගියා නේ ..?

"ඔව් ඔන්න අම්මලාගේ ගෙදර යනවා කියල ගියේ ...විශේෂයක් නෑ මිනදී .. ෂෝර්ට් ලීව් එකක් ගත්තෙම නෑනේ ... ටිකක් කලින් ගෙදර යන්න හිතුනා ...

 "අපරාදේ එහෙම යන්න ගිහින් මං නිසා වෙන පාරක යන්න වුනානේ .."

"කමක් නෑ ඔයා නිසානේ .... "

*
*

දෙදෙනාම මහා හඬින් සිනාසුනත් ඒ හඬ අපටවත් නෑසෙන තරමට වැස්ස හොඳටම වැඩිවී තිබුණි .. කාර්යාල වෙලාව අවසන් වීමට තවත් පැය දෙකක් පමණ ඇති නිසා මහා මාර්ගය දෙසට යැවෙන මේ අතුරු මාවත එතරම් කාරය බහුල බවක් පෙන්නුවේද නැත, නමුත් මහා වතුර කඳක් මාර්ගය මැදින් ගලා එන්නේ ගංගාවක් මැද රිය පදවනවා වැනි හැගීමක් සිතට නවමිනි, සුළඟද බොහෝ තදින් හමන්නට විය ...රිය පැදවීමට වඩා නැවත්වීම මැනවයි ,මට කීපවරක්ම සිතුනත් මිනදී මොනවා හිතයිද යන සිතුවිල්ල හිතට වදදෙන්නට විය .

"කොහේ තිබ්බ වැස්සක්ද මන්දා ශික් ......"

පාර අයිනේ රිය නැවතුනේ ඉබේම මෙනි .. දෙනත් යාවන්නට ගතවුයේ නිමේෂයකි ...මිනදී සිහින් රත් පැහැ දෙතොල් වෙව්ලන ස්වාභාවයත් ලැම වේගයෙන් උස් පහත් වෙන ආකාරයත් මට පැහැදිලිව පෙන්නේන්නට විය . ඇයගේ සුසුම් හඬ දුන්හිඳ කඩාහැලෙන්නාක් මෙන් මහා ගෝෂාවක් මගේ සවන් තුල ඇති කරයි ..

වාහනයේ ඉදිරිපස වීදුරුවට වැහිබිඳු වැටෙයි ... වීදුරුව දිගේ පහලට ගලා යායුතු වූ නමුත් සුලඟ සමග පොර බදිමින් වැහිබිඳු වීදුරුව දිගේ ඉහලට ගමන් කරයි .......අඳුර සමග එන මලානික එලිය ........ මගේ රෝම කූප තුලින් අමුතුම හිරියක් ඇඟ පුරා ගමන් කරනු මට දැනෙයි ...කන්පෙති රත්වී ගින්දර පිටවෙන්නාක් මෙනි .

 මිනදී ගේ මුහුණ දෙස බැලුනේ නිරායාසයෙනි.. ඒ දෙතොල් මට ආරාධනා කරන්නේද? ඇයගේ මුහුණේ වූයේ අමුතුම ආකර්ෂණීය බැල්මකි . කොතරම් සමීපව කාර්යාලයේදී ඇසුරු කලත් මෙතරම් සුන්දරව මා ඇගේ මුහුණ දකින්නේ ප්‍රථම වතාවටද?.. මා නිරායාසයෙන් මෙන් ඈ දෙසට නම්බුරුවන්නට විය. ඇයගේ මුහුණට නැඹුරුවත්ම ඇගේ දෙනෙත් පියවෙනවාත් ..දෙතොල් වඩාත් වේගයෙන් ගැහෙන්නට පටන් ගන්නවාත් මට පැහැදිලිව දර්ශනය විය ...

එක වරම වැස්ස තුරල් විය .... සුළඟද අඩුවී ගියාක් වැනිය.. වැහි බිඳු නැවත වීදුරුව දිගේ සෙමෙන් පහලට ගාමන් කරන්නට විය .... වහාම රියදුරු අසුනේ කෙලින් වූ මම රිය පන ගැන්වූ මම හැකි ඉක්මනින් මහා මාර්ගයට අවතීර්ණ වීමි  ..මිනිදී මහා විමතියක් රැඳී දෑසින් මා දෙස බලා සිටී .... සේමිණි ලෙන්ගතු දෑසින් මා දෙස බලා සිටියි ..

"මම මෙතනින් බහින්නම් මිස්ටර් දුෂ්මන්ත ..."

 වාහනය නැවැත්වීමටත් පෙර දොර හැර ගත මිනදී නැවතූ ඇසිල්ලෙන් රියෙන් එලියට පාන් ආපසු වැරදීමකින්වත් හැරී නොබලමින් යන්නට විය ... දිගු සුසුමක් හෙලා ලය සැහැල්ලු විය ....

*
*

රෝහල් වටරවුම අසල රතු එලිය හේතුවෙන් රිය මදකට නැවතිණි .. "ශික් තප්පර පහ හයක් ඉස්සර වුනානම් රෙඩ් එකෙන් පැනගන්න තිබ්බා"මගේ හිත මට මුමුණන්නට විය .

මගේ පිටුපසින් රිය පේලියක් සැදෙනු පැති කන්නාඩියෙන් දර්ශනය වෙයි .

"RELAX - AC & Non AC Rooms" නාම පුවරුව ඉදිරියෙන් දර්ශනය වෙයි .

එහි ගේට්ටුවෙන් එලියට එන රථයකි ..

"සුසන්තයගේ කාර් එක නේද ?"
"මූ හාෆ් ඩේ දාලා මේකට තමයි  පැන්නේ එහෙනම් .."

 එලියට එන වාහනයේ ඉදිරිපස අසුන දෙස ඇස යොමුවුණේ නිරායාසයෙනි ...

"දෙවියනේ සේමිණී .."




නිල ඡායාරූප අනුග්‍රහය - බස්සි ස්ටුඩියෝ

204 comments:

  1. මම පළවෙනියා! ඒ වුණාට ඔළුවට අකුණක් වැදුණා!!

    ReplyDelete
    Replies
    1. කොහෙද තනි නංගි අතුරුදහන් වෙන්නේ හිටපු ගමන්, තැන්කිව් වේවා තනියා

      Delete
    2. අතුරුදහන් වෙන්න වෙනව බං වැඩ වැඩි වුණාම.:D
      මචං ඉවාන් අයියේ පළවෙනියා වෙන්න තිබ්බ හදිස්සියට විචාරය ටයිප් කොළේ නෑ..
      කතාව තරු හතයි! මෙව්වගේ එව්වා ඇත්තටමත් මේ ලොකේ සිදුවෙනවාය..අනේ කාලේ වනේ වාසේය...බැඳලා අවුරුද්දක් ගෙවෙද්දි එහෙම වෙනවා නම් අකුණු ගැහුවා වාගේ දැනෙනවා තමාය..ඇත්තටම උඹ මාව බයකෙරෙව්වාය..:(

      Delete
    3. උඹ වැඩ අස්සේ කියවන එකත් ලුකු දෙයක්ය, ඕවා ඔහොම තමයිය. කරන්නට දෙයක් නැතිය. උඹ මැරිච්ච හූනෙකුටවත් බයවෙන්න එපාය. වෙන්න තියෙන දේ නවත්තන්නත්, හැමවිටම එකමදේ නොවෙන්නත් ඕනෑ තරම් පුළුවන්ය . උඹට තැන්කිව්ය

      Delete
  2. ඌයි මගෙ බොක්ක!

    ReplyDelete
  3. අපරාදෙ බොටත් තිබ්බෙ කෙල්ලව අරං රිලැක්ස් වෙන්න යන්න.එහෙනං හතර දෙනාටම එහෙදි හමුවෙන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. හැලපයියත් මාර වැඩනේ කරලා තියෙන්නේ බලාගෙන ගියාම

      Delete
    2. මට ඕන්නං කාරෙකේ ජාතිය කීවහැකි
      මිනෝලියි අරයයි ගියපු !!

      අළු පාට කිරි ටොයිය වාගෙ ලාන්සර් එකක් … 

      WP ## - #### නම්බරේ !!!!!!!
      බුහ් හහ් හා ……… 

      Delete
    3. ඇ ...පත්තරේ ....ප්ලීස් කෝල් මී මචං...........අඩේ රෙද්ද බ්රෝකන් කේස් නෝ ...........අයැම් පට්ට ඉන්ටරස් .......අනුන්ගේ රෙද්ද අහක්වෙච්චා නෝ ..................මගේ ඉංගිරිස් අවුල්ද මන්දා

      Delete
    4. පත්තරේ - ලාන්සර් නෙවෙයි බං ,ප්‍රීමියෝ ... වයින් රෙඩ්, ඇනිවසරි මොඩ්ල් එකක්

      අටම් - ඉංග්‍රීසි අවුල් නෑ බං, දැන් ඔය මොන බාසාවෙන්ද කියලා තියෙන්නේ

      Delete
    5. වට් ටෙකන් මෙනි පයින්...වට්ඉස් දිස් බියුටිපුල්...මෙනි ටෙකන්..කැටබරිස්....දොර විදුරැ..විනස්ක්‍රින්...මඩ්ගාඩ්...අයි නෝ ...යු නෝ...හුනෝ...බකමුනෝ.

      Delete
  4. ශික්.. තත්පර පහ හයක් එහෙ මෙහෙ උනානං මේ කතාව දවස් තුනකට මග ඇරෙනව.. ශට් ඩවුන් නිසා ගෙදර යන්න (වැඩට යන්න ) හැරිලත් තව පාරක් බලද්දි අහම්බෙන් දැක්කේ.. මටත් ගෙදර යන්න නිකං අප්සෙට් අප්සෙට් වගේ.. මෙහෙම යද්දි මොනා වෙලා තියෙයිද දන්නෙ නෑ. සුපිරියි මචං.. ටූ තම්බ්ස් අප්!

    ReplyDelete
    Replies
    1. තප්පර පහ හයක් යන්න කලින් උඹ බලපු එක හොඳට ගියා . එහෙනම් ආපහු එන්නේ අඟහරුවාදා නේ . තැන්කිව් කිව්වා ඔන්න කලනයා .. එහෙනම් හොඳ නිවාඩුවක් ගතකරලා වරෙන් . ජයවේවා .

      Delete
  5. මම හැමදාමත් කියන්නේ උඔ ලියන ඒවා කතාවක් නෙමෙයි අපිට වුනා වගේ.. මචං කමෙන්ට් කරන්කත් බෑ කකුල් දෙක වෙවුලනවා.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි මෙන්ඩියා ... ස්තුති වේවා මේ ඇගයීමට. උඹ කොහොමත් බොක්කා නේ

      Delete
  6. අඩේ මන්දා බන්.. නිකන් පිස්සු වගේ මේවා දැකල... සැක්

    ReplyDelete
    Replies
    1. පිස්සු වගේ තමා බං වෙලාවකට

      Delete
  7. යකො මෙහෙමත් කරනවද.ඔලුවට පොල්ලෙන් ගැහුව වගෙ.නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දමිත් , ඔහොම් වුනාම පොල්ලෙන් ගැහුවා වගේ තියෙයි තමයි

      Delete
  8. ඔය තත්පර පහ හය දෙපැත්තෙන්ම බැලන්ස් වෙලා නියුට්‍රල් වෙලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. එකනේ බං, අනම් මනං නොහිතා චෑන්ස් එක ගත්තනම් ඉවරයි ..ඕ යේස්

      Delete
  9. * කතාව ඇතුලෙ ඉන්න චරිත හතරම ඇත්තටම අපි අතර ජීවත් වෙනවා.

    * ඔබගේ කෙටි කතා වලට නිතරම ප්‍රස්තූතය වෙන්නේ සමාජයේ සුලභ සිදුවීම්, ඔබ එ සිදුවීම් ඉතාමත් අපූරුවට , වෙනස්ම මානයකින් කතාවට නගනවා.

    සුභපැතුම් ...!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ වගේ චරිත අපි අවට ඕනෑතරම් . අපි විමසිල්ලෙන් බැලුවොත් කතා සිය ගානක් එක සිද්දියක් වටා තියෙනවා . බොහොම ස්තුතියි සඳරුවෝ

      Delete
  10. උඹේ පරණ ලටපට අවුස්සනකොට මේක හම්බ උණා...
    // හම්මේ බස් එකේ සෙට් එක දැම්මේ නැතැයි කන පැලෙන්න,
    ....හිච්චි නගේ බාලේ පෙම ඩිශ්ශි ඩිඩිං.......
    ....ලපටි සිතින් මට මතකයි ඩිශ්ශි ඩිඩිං.......
    ....හිතට හොරා මල් පිපුනා ඩිශ්ශි ඩිඩිං.........
    ....අද මොකදෝ මං දුටුවම ඩිශ්ශි ඩිඩිං.........//
    පිස්සු හැදෙයි මැස්සො මැරෙයි ඕයි.......!

    ReplyDelete
    Replies
    1. වී විසිටර් ඔය මගේ දෙවැනි කෙටි කතාවේ කොටස් ... ස්තුතියි උඹට පරණ එව්වත් එක්කම කියවනවට ... ජය

      Delete
  11. මේවා කට කහනවට කිව්වේ නැනේ මචෝ ...හැක්

    වස්සා කිරට මෙන් අදරට විසුව ලියෝ
    උස්සා ගොදුරු ගහගෙන යන ලෙසට ගියෝ
    රස්සා කරපු හිමි මරවාපු හැතිරියෝ
    විස්වහ නැත කවදත් වදක බාරියෝ
    (ජන කවියකි )
    ........................................................................................

    සේයාවක්වත් හද තුල මා නොවන ලෙසේ
    මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
    සේයාවක්වත් හද තුල මා නොවන ලෙසේ
    මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ

    චකිතය වත් නැතිද නැවතුවේ...
    මතකය කෙලෙසදො මියැදුනේ...

    හද දැවුනා කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා අඳුරේ එතුනා..
    නිවුනා ලොකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුනා..

    කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැදෙන සේ
    මගෙ ලොව ගිනි දැවෙනා යලි නොනිවෙන සේ
    කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැදෙන සේ
    මගෙ ලොව ගිනි දැවෙනා යලි නොනිවෙන සේ

    චකිතයවත් නැතිද නැවතුවේ...
    මතකය කෙලෙසදො මියදුනේ...

    හද දැවුනා කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා අඳුරේ එතුනා
    නිවුනා ලොකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුනා...

    නිමේශයක් විය අපේ ලෝකේ
    සමනලයින් සේ පියම්බුවත් ඒදා
    චපල හැගුම් ඔබෙ මා දැවූයේ
    මායාවේ නෑ මා යලි බැඳෙන්නෑ
    මායාවේ නෑ මා යලි බැඳෙන්නෑ

    හද දැවුනා කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා අඳුරේ එතුනා
    නිවුනා ලොකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුනා... //

    ඔබ නිමවූ සිහිනේ බිදුනා...

    (නෙම්සිස් )

    ස්තුතියි - බ්‍රෑන්ඩ් ඒක ගල්

    ReplyDelete
    Replies
    1. ඔබ රූ සිරියෙන් මන්මත් වී මම
      නොකෙලෙමි අනුවණ කම්
      මුලා වුණේ ඔබ මුලා නොවිමි මම
      මනමේ කුමාරියේ …

      --- දුෂ්මන්ත ---

      Delete
    2. සඳ කැන් වැසිලා අඳුරේ එතිලා
      ඝනඳුරු රෑ තනිකම නෑ
      සොයා එන්න ඝනඳුර තරු නිවලා
      මගේ එළිය අද ඔබ පමණි

      ජීවිතයම සතු එකම සුවේ
      හී සර පහරක වෙලෙනු පෙනේ
      මේ ලොව මා සතු, ඈ සතුවේ නෙතු
      අසල්වාසියෙකු සොයනු දැනේ

      මා නැත අන්සතු සිත් බිඳලා
      දෑතම බැඳගෙන හිඳිමි බලා
      මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
      රහස් අහස් තලයට පවරා

      පද - ප්‍රේම්

      ගැයුම - වික්ටර්

      Delete
    3. ඉවසයිද මන්දා මා දුන් රිදුම්..
      වෙන්වීලා ආ දා වෙනතක් බලන්..
      උන්නාට මා රහසේ තුරුලක හෙමින්..
      මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්...

      තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්...
      තව කදුළු නැනේ දෙනෙතේ ඉතින්...
      ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...
      මට මාද නැතිවුනා සත්තයි හෙමින්..

      ගොළුවෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ...
      දරාගන්න බෑනේ මතකේ විලාපේ...
      ආදරේ ඔබෙන් තරම් ලැබුනෙ නැ කාගෙන්වත්..
      රැකගන්න බැරි වුනේ සංසාර ආදරේ..

      ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...
      මට මා ද නැතිවුනා සත්තයි හෙමින්..

      මේ පාළු දුක් සිහිනේ අතර මංවෙලා බොහොසේ
      අයේ ගන්න බෑ සෙනෙහස ඔබේ...
      ජීවිතය වැටුනු තරම් නැගිටගන්න බෑ...ආයේ
      මැරී මැරී උපදී මේ සංසාර ආදරේ...

      උන්නාට මා රහසේ තුරුලක හෙමින්...
      මට ඉන්න බෑ..නේ මතකෙට හොරෙන්...

      ඉවසයිද මන්දා...//

      ගායනය : අතුල අධිකාරි සමඟින් සමිතා මුදුන්කොටුව
      පද රචනය : ඩිලාන් ගමගේ
      සංගීතය : උදාර සමරවීර

      Delete
    4. බ්‍රෑන්ඩ් එක ගල්ම තමයි...
      ගෝල් ලිප් 5යි.
      -ස්තුතියි-

      Delete
    5. ගෝලිප් බීමෙන් වැඩිපුර රුපියල් දෙකකට තට්ටුවේ...

      සුදු බීඩි පැකට් දෙකක් !!!

      Delete
    6. රෙද්දේ සින්දු

      ඒ වගේද බං මේක ඔය වෙලාවට


      ගියා තමයි දමා මගේ කටේ පස් මෙයා
      බාර උනා ප්‍රණහතක් මගේ අම්මපා
      අයියෝ මාගේ සිනි බෝලො
      හින්දා මෙමා රැ දවාලේ
      වින්දාවු දුක් මාගේ අම්මෝ
      දන්නේ මේ උඩ ඉන්නා දෙයියෝ
      මගේ හුරු බුහුටී
      චුට්ටක් නෝටි
      දකින දකින කෑම ජාති කන්නනං එපා
      කාලා එන්න නං එපා

      මතක නැ බං
      සින්දුවෝ ඉතුරු ටිකයි අයිතිකාරයයි දාහන්
      පත්තරය ඇද්ද කරත්තේ දැන් උඹගේ කරපිටේ
      ඇදපන් අම්මා

      Delete
    7. අප්පට සිරි සිංදු කාමරේ ඇක්ටිව් වෙලා . ස්තුතියි පත්තරේ , සිංදු ඇනෝ, සිංහයා , නිට්ටඹු විදානේ , ප්‍රියා ,මෙන්ඩ ..

      අටමා - මොකක්ද බං ඒ සින්දුව ,උඹ ලියපු එකක්ද?

      Delete
    8. අටමෝ මෙන්න ,
      සින්දුව එවන්නම් දැන් ලියන්න වෙලාවක් නැතෝ ..

      ගායනය -බර්ට්‍රම් ප්‍රනාන්දු /ජෙමිණි කාන්තා
      ගී පද - සිරිසේන විමලවීර
      සංගීතය - දක්ශිණ මූර්ති
      චිත්‍රපටිය - සුජාතා 1953

      @ඉවාන් සින්දුව මම එවන්නම් ...

      Delete
    9. අටමෝ......පට්ට සිංදුවක්නේ බං මතක් කරේ...

      Delete
  12. මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක් 
    මගෙ පෙම්බරී සමඟ හාදව දුන්නු ගින්දරක් 
    මට දුන්නු ගින්දරක්....... 

    මගෙ පෙම්බරී අසන් මට මං ගැන දුකක් නොවෙයි 
    අපෙ පුංචි එවුන්ගේ හෙට කල දවස ගැන දුකයි 
    ඇස් තාරුකා වගෙයි මග බලාගෙන හඬයි 
    මං ගැන හිතන්නෙපා උන් ගැන හිතා වරෙන්…

    මගෙ වරදක් නැතත් අඟ හිඟ කම් උනා තමයි 
    ඔය පෙම්බරා නුඹේ හිත හොරකම් කලා එයින් 
    උන දේ උනා තමයි නඩු හබ පලක් වෙද ඉතින් 
    මංගැන හිතන්නෙපා උන් ගැන හිතා වරෙන්........

    පද - ශාන්ත ජයලත් තිසේරා
    ගායනය - ජයසිරි අමරසේකර

    ReplyDelete
    Replies
    1. ජයසිරි අමරසේකර ගේ අලුත් සිංදුවක් කාලෙකින් ඇහුවේ නෑ කියලා මතක් වුනේ මේක දැක්කම. හැබැයි ඔය සින්දුවේ කියන විදිහට මොකට ආපහු එන්න කියනවද මන්දා , ගියානම් පල ආපහු පැත්ත පළාතේ එන්න එපා කියලා තමයි කියන්න ඕන

      Delete
    2. මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක් ....ඉවාන්
      මගෙ පෙම්බරී සමඟ හාදව දුන්නු ගින්දරක්.....ඉවාන්
      මට දුන්නු ගින්දරක්....... ඉවාන්

      මගෙ පෙම්බරී අසන් මට මං ගැන දුකක් නොවෙයි ...ඉවාන්
      අපෙ පුංචි එවුන්ගේ හෙට කල දවස ගැන දුකයි ...ඉවාන්
      ඇස් තාරුකා වගෙයි මග බලාගෙන හඬයි ...ඉවාන්
      මං ගැන හිතන්නෙපා උන් ගැන හිතා වරෙන්… ...ඉවාන්

      මගෙ වරදක් නැතත් අඟ හිඟ කම් උනා තමයි ...ඉවාන්
      ඔය පෙම්බරා නුඹේ හිත හොරකම් කලා එයින් ...ඉවාන්
      උන දේ උනා තමයි නඩු හබ පලක් වෙද ඉතින් ...ඉවාන්
      මංගැන හිතන්නෙපා උන් ගැන හිතා වරෙන්........ ...ඉවාන්

      Delete
    3. මොකක්ද යකෝ මෙන්ඩියෝ මේ ... මම කාටද ගින්දර දුන්නේ

      Delete
    4. නෑ නෑ....පත්තරේ ලංකාවට ආපු දවසක කියන සිංදුව..

      Delete
  13. ඌ ගෑණි ගැන හිතලා කොටුව මඟ හරිත්දි ගෑණු කොටුව පැනලත් ඉවරයි.!

    පොල්ලෙන් ගැහුවා වගේ බං සිරාවටම, මම හිතුවෙම දුෂ්මන්ත අර කෑල්ලත් එක්ක තුන් වෙනි පදේ කඩයි කියලා. ඒත් හිතපු නැති විදිහෙට උඹ පට්ටම අවසානයක් දුන්නා. මම කැමතිම මේ විදිහෙ අවසානයකට.

    නියමයි මචෝ! සිරාවටම එළ.

    ReplyDelete
    Replies
    1. //3න් වෙනි පදේ කඩයි//
      ඒ කොහොමද?

      Delete
    2. //මම කැමතිම මේ විදිහෙ අවසානයකට.//

      අනේ පල ගෙනල්ලා ඇගේ ගැහුවොත් නිකං ඉදියි .

      Delete
    3. @ ප්‍රියා - ස්තුතියි ප්‍රියා , දුෂ්මන්ත එහෙම කරානම් හොඳයි කියලා ඌට හිතෙන්න ඇති පස්සේ , නේද?

      @ නිට්ටඹු විදානේ - උඹ බබා

      @ අටමා - එහෙනං එහෙනං

      Delete
    4. ඉවාන්, ඌට හිතෙන්න ඇති අපරාදෙ චෑන්ස් එක කියලා. :)

      විදානෙ, ඈ බං ඒ මොකක්ද? මට මතක නෑනෙ! :)

      අටම් අයියා, නැතුව නැතුව. :)

      Delete
  14. Every Action has an Equal and Opposite Reaction.

    Excellent Paulusha.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා - ක්‍රියාව ගැන හිතන්නත් කලින් ප්‍රතික්‍රියාව සිද්ධවෙලා . Thanks again සෙන්නා

      Delete
  15. Replies
    1. විදානේගේ **දානේ තුලින් උනුසුම් සුබපැතුම්...

      සැට් එකටම ජ ය වේ වා !!!

      Delete
    2. සෙට් එකටම මගෙත් උණුසුම් සුභ පැතුම් ....ජයවේවා !!!!!!!!!

      ස්තුතියි - බ්‍රෑන්ඩ් එක ගල්

      අපි එකම රෑනෙ කුරුල්ලෝ//
      මේ පාරාදීසේ...
      නෑ වෙන් වන්නේ නෑ තනිවෙන්නේ
      වරෙල්ලා....මේ රෑනේ....

      මදු තියලා දැල් එළලා
      නෑ පැටලෙන්නෙ අපී
      අපේම ලොවකට පියඹා යන්නේ..
      වරෙල්ලා....මේ රෑනේ....

      තටු ලැබුනේ පියඹා යන්නයි
      කූඩුව දොරකඩ ඉන්න නොවෙයි
      අපේම ලොවකට පියඹා යන්නේ..
      වරෙල්ලා....මේ රෑනේ....

      ගායනය - විජේසුන්දර වේරගොඩ

      Delete
    3. මේක මෙතන දැම්මට ස්තුති පත්තරේ. යමි බලන්නට !!!!

      Delete
    4. එතන කමෙන්ට් එකක් දාන්න බැලුවෙ. ඒකෙ වැඩ ගොඩයි. හැමෝටම සුබ පැතුම් !!

      Delete
    5. එතන කමෙන්ට් එකක් දාන්න බැලුවෙ. ඒකෙ වැඩ ගොඩයි. හැමෝටම සුබ පැතුම් !!
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
      චන්දන අපි මෙතනවත් සෙට් වෙමු මචෝ ...

      අපි සව්දිය පුරමු ////
      මුවවිත පුරවා මීවිත ගෙන සුරතින්
      අපි සව්දිය පුරමු //

      දෙතොලේ තෙරපී පුපුරන සුදු පෙන බුබුලක් සේ
      තැවුල් නිවී සිත සුවපත් වේ
      අපි සව්දිය පුරමු //

      බැඳි වෙස් ගැලවී හදවත දසැඟිලි අතර රැඳී
      කිරි බැබලෙන සොමි සඳපානේ
      අපි සව්දිය පුරමු //

      නෑදෑයින්වී එක නිදි පැදුරේ එකම පැලේ
      නැතිවෙමු දෙපැයක් ඝණ අඳුරේ
      අපි සව්දිය පුරමු //

      අපි සව්දිය පුරමු ////
      මුවවිත පුරවා මීවිත ගෙන සුරතින්
      අපි සව්දිය පුරමු ////

      ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
      පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
      තනුව: ආචාර්ය වික්ටර් රත්නායක

      Delete
    6. ඇරු ඇරු !!!!!

      මේව ලේසියෙං අරින්ඩ හොඳ නෑ !!!!

      Delete
    7. දපං තව ෂෝට් එකක්..බෝක්කෙන්ම සතුටුයි.
      එල ද බ්‍රා
      බ්‍රෑන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    8. ඔව් බං.. ඔය ජිල්මාට් කොරන්න ගිහින් අඬු කඩා ගන්න බෑ. අපි ඔන්න ඔහේ සින්දුවක් කියල විසිල් පාරක් දෙමු !!

      Delete
    9. එතනගිහිං හතර හංදි කඩගන්නැතුව මාත් මෙතැනම මෙව්වා කොරා.....

      ස්තුතියි

      රුපියල් දෙකකින් ගනන් ගිය නිසා ගෝලිප් එපා!!!!!
      සුදු බීඩි මිටි දෙකයි....

      Delete
    10. දැල්වූ ජොයින්ට්... දැල්වී තියේවා!!!
      පිරවූ බඳුන්... පිරිලා තියේවා!!!
      ගෙන ආ බයිට්.. අවසන් නොවේවා!!!!
      සෙට් වෙන දවස්... සැමදා තියේවා!!!!!

      ගත්තේ මෙතනින්
      http://gal-arakku.blogspot.com/2010/06/blog-post.html

      Delete
    11. බාධක මැඩගෙනඅවොත් දුරසිට
      අහු උනොතින් කෙලවිල යන්නේ
      කොපමන සුර සැපතිබුනත් මොකටද
      නීතිය නෑ ආතල් දන්නේ …

      මල් ඔතනෝ මුං … මල් ඔතනෝ
      ඇට නැටි ඇහිඳල මල් ඔතනෝ …

      දීපාල් සිල්වා

      Delete
    12. දැල්වූ ජොයින්ට්... දැල්වී තියේවා!!!
      පිරවූ බඳුන්... පිරිලා තියේවා!!!
      ගෙන ආ බයිට්.. අවසන් නොවේවා!!!!
      සෙට් වෙන දවස්... සැමදා තියේවා!!!!!

      අම්මගේ රෙද්ද ඔය වෙස් මුණ ගලවල වරෙන් දවසක එහෙනං

      Delete
    13. කොහෙද බං එහෙම තිබුනේ පත්තරයෝ

      Delete
    14. මෙන්න මගෙන් උණුසුම් සුබ පැතුම්

      මැෂින් අටමා
      ඇන්ඩි බස්සි
      මනෝෂ්
      ජීවන
      සංචාරකයා
      නිහිංසා
      මහේෂ් රත්නායක
      මංගලා

      ඇතුළු සම්මාන ලැබූ හැමෝටම

      Delete
    15. අඩේ, සම්මාන ලාභී හැමෝටම හදවතින්ම සුභ පැතුම්!!

      (පාටියක් දීපල්ලා යකුනේ!!) :D :D

      Delete
    16. ඈහ්..මටත් තියේද...
      බොන්න වෙන කේෂ් එකක්..!!

      අනික් බ්ලොග් හිතවතුන්ටත් හදවතින්ම උණුසුම් මෙව්ව එක..

      Delete
    17. අනා.... හලි ශෝයි! මං නිර්මාණසීලියි කියන්නෙ.

      Delete
  16. ම්ම්ම්....ඔය සිං ....සාමාන්‍යයි......ලනකාවේ අයීඉ......
    එදා S ,නන්ද අයියී වාහනෙ සැප ගද්දි .....හෙන වැස්සක් ආව නම් ......හෙක්.....හෙක්...
    කැරි කොච්චියන්ට අවු වෙන්නෙ නෑනේ.....

    ReplyDelete
    Replies
    1. මචං ඒ උනාට නන්නදයගේ ටෝක්ස් හන්දා පට්ට කාලයක් අපේ කොල්ලෝ ආතල් එක්ක ගත්තා , ඔය තැන් වලට එන්ඩ ඕන මස් මාලු දෙකම කාල , චෙන්ජ් එකකට ඉදල හිටලු එළවලුත් කාල , දෙකක් දාගන ඉදල හිටල නීතියත් බයිට් එකට ගන්ඩ පුලුවන් දැනුමක් තියන ආතල් බුවාල

      ( මේ ..මේ ....මෙයා.....නැ නැ අර අරය වගේ ...හැක් හැක් ...

      Delete
    2. @කෙන්ජි මල්ලා - ඔය සීන් ලංකාවේ විතරක් නෙවෙයි කොහෙත් සාමාන්‍යයි වගේ කෙන්ජි මල්ලා ... නන්දයියා ඉන්න වෙලාවෙත් වැස්සා නම් වැඩේ ගොඩම තමා .

      @ අටමා - කවුද බං අරයා

      Delete
  17. 40 ශ්‍රී ලොරියක් තියනවා මරු භාන්ඩෙ.... ... ලෑල්ලට පෑගුවහැකි.... ගන්නවද... අයිතිකාරයා රට යන්න හදන නිසා විකුනන්න දාලා තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. අර ආතල් ඇනෝ දීපු සොමිය උයාගෙ ලොරි ටෝකෙන් ලැබෙන්නෙ නැහැ....
      අප්පිරියයි.......
      ඌ දීපු ආතල් එක කෑව ......උඹ වගෙ ගූ ....අරිස්ටයෙක්.....

      Delete
    2. අම්මට බොළ..:D
      සද්දෙට සද්දෙ නං හරි - ගඳට මොකදෑ කරනවා මැණිකේ ??? චැහ්

      Delete
    3. අඩෝ ලොරි ඇනෝ අන්න උඹට විචාරක දීලා තියනවා කෑලි හැලෙන්න. ගිහින් බලපන් jangun.wordpress.com

      Delete
    4. ලොරි ඇනෝ , මොකක්ද බං මේ ලොරි සීන් එක

      Delete
  18. හපොයි හෙන ගැහුවා වගේ......
    පුතෝ.. //විවාහ වී වසරක් ගෙවුනද සේමිණී බොහෝ අවස්ථාවල මා අන් කාන්තාවන් කෙරෙහි ආසක්ත වන්නේයයි නිකරුනේ සැකකිරීම සමහර අවස්ථා වලදී මට හිසරදයක්ම විය// මෙන්න මේ ටික කියවනකොටනං පොඩි සැකයක් ඇතිඋනා.. හැබැයි දුරට හිතුවේ නෑ ..

    ඉස්තරං ඉවාන්...

    //"RELAX - AC & Non AC Rooms" // මේ කඩුවෙල මාලබේ පාරේ කනත්ත හංදියේ තියන එකද, මරදානේ තියන එකද දෙහිවල තියන එකද???


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඈ උඹ කොහෙද මේ කඩුවෙල පැත්තෙ කරක් ගහන්නෙ..

      Delete
    2. නැ..... මේ බොරැල්ලේ හන්දියේ තියන එකනේ.....

      Delete
    3. @නිහිංසා

      බොරැල්ලේ එක උඹලව දන්න හන්දා බැරි වෙයිද ඩිස්කවුන්ට් එකක් ගන්ඩ . මං කියුවේ උඹලගේ ප්‍රයිස් එකටම අපිටත් යන්ඩ

      @ සංචාරකයා

      කඩුවෙල එකේ බෙඩ් ෂීට් එහෙම මාරු කරනවද බං අළුත් කපල් එකක් එනකොට , එහෙම නැත්තං පරණ සොමි වතුර උඩමද

      Delete
    4. අපරාදේ බං ඉවානය උඹ ඕකට කඩුවෙල ගියේ ,

      Delete
    5. @ නිහිංසා.. ස්තුතියි නිරවැරදි කලාට.. මරදාන නෙවෙයි බොරැල්ල යනුවෙන් නිවරැදි විය යුතුයි...

      @ සංචාරකයා.. ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි

      Delete
    6. නිට්ටඹු විදානේ , අටමා සහ නිහිංසා - බොරැල්ල හංදියේ කිව්වට හරියටම තියෙන්නේ පුංචි බොරැල්ල හන්දියේ ,

      නිට්ටඹු විදානේ - ඕවා තියෙනවා - පුංචි බොරැල්ල , කාසල් වීදිය පැත්තට වෙන්න සේනානායක හන්දියේ , දෙහිවල , කඩුවෙල සහ අලුතෙන් මිරිහාන පාරේ මුලම .

      Delete
    7. නිට්ටඹු විදානේ, හා හා උඹත් රිලැක්ස් වෙන්න ගියා?

      (මේ හරියටම ප්ලේස් එක කොහෙද මචෝ?) :D :D

      Delete
    8. ප්‍රියා, කිව්වනේ තුනක් තියනවා..
      කඩුවෙල, බොරැල්ලේ සහ දෙහිවල...
      උඹ කොතෙන්ටද යන්න කැමති..
      නම්බර් එක එවන්නද? හැක් හැක්...

      Delete
    9. ඇයි ඉවානයා නිතරම යන එන පිටකෝට්ටෙ හන්දියෙත් තියෙන්නේ, බැද්දගාන පාර ලග.

      ඒකෙ නම් A/C රූම් දෙකක්ම තියෙනවා. දෙකේම A/C හොදට වැඩ.

      Delete
    10. හුටා ..අල්බයියා කොහෙදිද දැක්කේ ..? ඒ බැද්දගාන පාර ළඟ තිබ්බ එක දැන් සෝලිස් එක ඉස්සරහ , භූ විද්‍යා හා පතල් කාර්යාංශය ළඟ පාරේ අලුතෙන් දාලා ... ඕ යේස් .. ඒකෙ A/C වැඩද දන්නේ නෑනේ :P

      Delete
  19. මේක ලියන්න මු වෙච්චි නිමිත්ත මොකද්ද කියන එකයි අවුල. මේ දවස්වල වහිනවත්ලු නේද කොළඹට?

    ReplyDelete
    Replies
    1. ස්ත්‍රී නිම්ත්ත, එහෙම නැත්තං මුගේම බාසාවෙන් කිව්වොත් "බිහිදොර"

      Delete
    2. ඉවාන්ට දෙන්න එක්ක තෙමි තෙමි යද්දි තමා " රේන්කෝට් " එකේ අගේ තේරිලා තියෙන්නෙ..!!

      ඕව දෙක තුන එවන එකේ එකපාර එවපියකො දුසිමක විතර පැක් .. මොකෝ අහක යනවෑ මේ වැහි දවසෙ .:D චැහ්

      Delete
    3. මොකටද බං දුසිමක් , පවුලත් මෙහේ නේද , උඹ හස්............................එක්කෝ ඕන නැ ...මොකටද හෙට උදේට අපේ මව් තුමියට ෆෝන් එකෙන් පීං දෙන්නේ

      Delete
    4. @ ඉන්දික - නිමිත්ත ... චක් කැත නැතුව අහපු හැටි. කොළඹට නම වහිනවා තමා හොඳටම . අම්මප මෙහෙම කටවල්

      @ පත්තරේ & අටමා - දුසිමක් මොනවා කරන්නද බං , හැරෙන්නවත් මදි

      Delete
  20. මොනව කියන්නද ඉතිං ආයි කතාව එළකිරි..

    ReplyDelete
    Replies
    1. ස්තුතිය් මචෝ.. සුබ පැතුම් උඹේ ජයග්‍රහණයට

      Delete
    2. තැන්කූ ඉවානයො..

      Delete
  21. අපොයි... මෙහෙමත් කනට ගහන සිරිතක් තියෙනවද අප්පා.
    සුපිරියි ආආආ.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දීප්ති , දිගටම මේ පැත්තේ එන්න කියලා ආරාධනා කරනවා .

      Delete
  22. කතාව හොඳයි ඉවාන්.. ජය !!!

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට් චන්දනගේ ටෝන් එක නිකං නරකයි වගේ - ස්තිතියි චන්දන :)

      Delete
    2. හෙහ් හේ.. ඇත්තම කිව්වොත් මට හිතුනෙත් අර පහලින් පැතුම් කියල දේ. ඒත් මට හිතුනු ඒ දේ කියන්න සුමට වචන සෙට් එකක් ඔලුවට ආවෙ නෑ ඒ වෙලාවෙ.

      මට හිතෙන්නෙ මෙහෙම එකක් ලියල පබ්ලිෂ් නොකර දවස් කීපයක් තියාගෙන කීප වරක් කියෙව්ව නම් ඔය පුංචි අඩුපාඩු ටික ගොඩ දා ගන්න එක ඉවාන්ට එච්චර ගේමක් නෙවෙයි කියල. ටිකක් වෙලා අරගෙන ගල් කපාපං.. එතකොට ඇතුලෙ තියන ලස්සන එලියට එයි.. :D :D :D

      Delete
    3. හේ හේ මට හිතුනා චන්දන හොඳයි කියලා තියෙන ඉට්ටයිල් එකෙන්ම මොකක් නමුත් අවුලක් තියෙනවා කියලා. කතාව ඇත්ත. අඩුපාඩු ගොඩයි, බලමු හැබැයි එක කියපු විදිහ තමයි මාරු, එහෙනම් මීට පස්සේ ටිකක් වෙලා අරන් කපන්නම් කෝ :P

      Delete
    4. ඇත්තටම චන්දනගේ කමෙන්ට් එක දැක්කාම මටත් හිතුනේ ඉවාන්ට හිතුනදේමයි.
      //////////ඒ වුනාට් චන්දනගේ ටෝන් එක නිකං නරකයි වගේ - ස්තිතියි චන්දන////////

      Delete
  23. උඹ ලියල තියෙන විදිය ලස්සන වුනාට මේ වගේ කතා කියවලම ඇති වෙච්ච ගතියක් මට නම් තියෙන්නේ ... පසුබිමයි චරිතයි වෙනස් සිද්දිය එකයි ... තව පොඩ්ඩක් හිතල මිට වැඩිය සියුම් තැන් වලින් හිතට වදින විදියේ ඒවා ලියන්න ට්‍රයි කරපන් .. උඹට ඒක හොඳට පුළුවන් .. අනිත් එක දෙන පණිවිඩේ සුබවාදී එහෙම නැත්නම් මිනිස්සුන්ගේ සංවේදී කම මතුවෙන විදියේ ඒවා ලියන එක වඩා ප්‍රයෝජනයි කියල මම හිතන්නේ ... එදිනෙද සමාජයේ වෙන දේ අපි ආයේ ආයේ ලිව්වා කියල වැඩක් නෑනේ .. එහෙම නොවී වෙනස් විදියට ජ්විතේ දැකල මින්ස්සුන්ට අලුතින් හිතන්න පුළුවන් ජාතියේ කතා ලියපන් ... මට හිතුන පොඩි අදහසක් විතරයි .. මට වැඩිය උඹට මේවා තේරෙනවා .. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. පැතුමා - ස්තුතියි උඹේ අවංක අදහස් දැක්වීමට , උඹ හරි ,මොකෝ මේක ටිකක් ජනප්‍රිය වට්ටෝරුවක රටාවක් තමයි , මම එක පිලිගන්නවා 200% කම , ඔන්න උඹ බලාපොරොත්තු වෙච්ච් දේ පහල දීලා තියෙනවා බීට්ල් , ඒක දැක්කම නම මට හිතුනා මේක මොකක්ද කියලා .

      Delete
    2. ඉවාන්....උඹ තරහා නැත්නම් මාත් පැතුම් සමඟ වාඩිවෙනවා.

      Delete
    3. තරහා වෙන්න පුලුවන්ද ඔයත් එක්ක අරු අයියේ

      Delete
  24. තප්පර පහ හයක් ඉස්සර වුනානම් මේ මුකුත් නෑ නේද...:D කතාව නම් සුපිරියි..

    ReplyDelete
    Replies
    1. ජීවිතය වෙනස් වෙන්නේ නිමේෂයකිනි ..නේද තුශානි - ස්තුතියි තුශානි

      Delete
  25. සේමිනිටත් දුන්නේ lift එකක්ද දන්නේ නැනේ.....ඉවාන්....... අනුන්ගේ වාහන වලට නගිනවට හා නග්ග ගන්නවට හොද පාඩම.....

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර විට සෙමිනිටත් දුන්නේ ලිෆ්ට් එකක් වෙන්න පුළුවන්, නොවෙනන්ත් පුළුවන්.. හැමදේම තප්පර කීපයකින් වෙනස් වෙන්න පුළුවන් , ස්තුතියි නිහිංසා

      Delete
  26. මොකක්ද ගැලපෙන සින්දුව? එක කිරුළක් පළඳින්නට බෑ කියලා අමරා රණතුංග කියන එකද? එහෙම නැත්තං මුදු මුහුණේ කියලා දිවුල්ගනේ/දීපිකා කියන එකද?

    ReplyDelete
    Replies
    1. නැ අනේ අර

      සින්දුව නේ මෙතනට සෙට් වෙන්නේ ...මතක් උනොත් දාන්නං හිටහං

      Delete
    2. මට හිතෙන්නේ විචාරක මුදුමුහුනේ කියන සින්දුව තමා වැඩිය ගැලපෙන්නේ . එක කිරුළක් පළඳින්නට බෑ කියන එක කියන්නත් පුළුවන් , හැබැයි අරක වැඩිපුර ගැලපෙයි

      @ අටමා - මතක් වෙන්න මරිජුවානා ටිකක් ගෙනත් දෙන්නද?

      Delete
  27. ඇයි බං උඹ මෙහෙම කරන්නේ මට.......................ඉවාන්

    ReplyDelete
  28. ඔන්න ගෑනු.. (දැන් ඔක්කොම ස්ත්‍රී වාදියෝ ටික එන්න පැල් බැඳගෙන පලු අරින්න!) :D

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක ඔන්න් උඹ ගුටි කාපං ,වනිතාගෙන් ..කම් ඕ ගෝ චිකාගෝ වෙන්න

      Delete
  29. පැතුම් සමඟ පාෂලි එකඟයි :) මේ ඇවරේජ් කෙටිකතාකරුවෙක් මේක ඉවර කරන විදිය...හැමදෙයක් දිහාම වෙනස් විදියට බලන්න කියවන්නාට බලකරන මගේ හිතේ ඇඳිලා ඉන්න ඉවාන් මේ කතාව ඉවර කරන්නේ ඔහොම නෙමේ...

    ReplyDelete
    Replies
    1. *
      *
      "පට්ට බැල්...!"

      ක්‍රාස් යන හඬින් අත් තිරිංගය ක්‍රියාත්මක වූ අතර, මම අසිහියෙන් මෙන් සුසන්තගේ රථය පිටුපස වැස්සේම දුවන්නට වීමි... ඒ සැනින් කොල සංඥාව දැල්වුනෙන් ඔවුන් ඉදිරියෙන් ගලායන වාහන ගංගාවේ නොපෙනී ගියෝය... මා පියවි සිහියට පැමිණියේ කාර් රථයට පිටුපසින් හිරවී ඇති රථවාහනවලින් නොනවත්වා නැගෙන හෝන් හඬිනි... සියොලඟ තෙතබරිතව නැවත කාර් රථයට රිංගාගත් මම සෙමෙන් එය මාර්ගයෙන් ඉවතට ගෙන සුක්කානමට හිස ඔබාගතිමි... දැනෙන්නට වූයේ මහත් කළකිරීමකි... සේමිණී හා විවාහ වීමට ඉක්මන්වූවා වැඩියැයි මට සිතෙන්නට විය... මාගේ රෝගය නිසා ඉක්මනින් විවාහ වී දරුවෙකු සාදන්නයැයි ලැබුණු වෙද්‍යය උපදෙස් නොවන්නට හරිහැටි ආශ්‍රය කිරීමටද පෙර කඩිණමින් සිදුවන මෙවැනි විවාහයකට මා අකැමැති වනවා නොවේද...? කලබලයට කොරොස් කටෙත් අත නොදැමෙයි... මේ මොළයෙන් ක්‍රියාත්මක වියයුතු වේලාවයි... ඔවුන් දෙදෙනා අතටම හසුකරගතහොත් තරඟයෙන් අඩක ජය මට ලැබෙනු නොඅනුමානය... ස්වභායෙන්ම සැලසුම් සහගත පුද්ගලයෙකු වූ මා සෙමින් ඔවුන් දෙදෙනා කොටුකරගැනීමේ සැළසුම අඳින්නට වීමි...
      *
      *
      "හරිනේ බොස්... ඇහෙනවා නේද...?" දුරකථන අලෙවිසැලේ කෙසඟ කොළුවා සේමිණීගේ ජංගම දුරකථනය කනේ රුවාගෙන අසයි...

      "ඇහෙනවා... මුකුත් අවුලක් වෙන එකක් නෑ කියලා ෂුවර් නේද මල්ලී...?" මම ඇමතුම විසන්ධි කර ඔහුගෙන් ඇසුවෙමි...

      "මේවා මම පුරුදුවෙන්න කරන දේවල් නෙමේ බොස්... මේ අලුත් සිම් එකත් ෆෝන් එකේ තියෙනකල් මේකන් ගන්න කෝල් සේරම බොස්ගේ ෆෝන් එකට ටැප් වෙනවා... බඩේ බත්වගේ තමයි.. ඕ යේස්...! දෙදාහයි!"

      දෙදාහේ කොලයක් උගේ අත තැබූ මම ජංගම දුරකථන දෙකද රැගෙන පිටවුනෙමි... සුසන්ත සහ සේමිණි නැවත් මුණගැහෙන්නට කතිකාකරගන්නා දුරකථන සංවාදයක් ටැප් කරගැනීම මගේ අරමුණ විය.. දින ගෙවුනේ වේගයෙනි... මා විශ්මයටද වෙහෙසටද පත්කරමින් සති දෙකකුත් ගතවී තිබුණි... ඇගේ දුරකථනයෙන් කෙරෙන අනන්ත සංවාද වලට මා සවන් දුන්නද, සුසන්තගේ ඇමතුමක් තබා මට අබමල් රේණුවකින් වත් ද්‍රෝහි වන කිසිදු ඇමතුමක් ඉන් නික්මුනේ නැති... එදින රෝහල වටරවුම අසලදී ඇස්දෙකින්ම නොදකින්නට ඔවුන්ගේ සම්බන්ධය හිතළුවක් යැයි මා විශ්වාස කරන්නට වුවද ඉඩ තිබුණි...

      බලපොරොත්තු කඩවී උත්සාහය අතහරින්නට ඔන්න මෙන්න කියා තිබියදී, එක් සැන්දෑවරුවක සේමිණිගේ ජංගම දුරකථනයෙන් පිටතට යොමුවෙන ඇමතුමේ අංකය දැක මගේ දෙපා හිරිවැටී ගියේය... ඒ සුසන්තගේ ජංගම දුරකථන අංකයයි... සිරුරේ රෝම කූපයකුදු සෙලවෙන්නට ඉඩනොදී, මම ප්‍රවේසමෙන් මගේ දුරකථනයට කණ තබා ගතිමි...

      "සුසන්ත මම සේමිණි..."

      මගේ අත වෙවුලන්නට විය... දෙපා පණනැතිව යනවා සේ දැනුන හෙයින් මට වාඩිවෙන්නට අවැසි වුවද, මය්ක්‍රෆෝනය වමතින් තදකරගත් මා මම පිළිමයක් සේ නිසලව සිටියෙමි...

      "සේමිණි මම කිව්වා නේද මට ආයේ කතාකරන්න එපා කියලා...? මම හිතුවේ අපි කළදේ බැරෑරුම් කම ඔයා තේරුම්ගත්තා කියලා... මේක සෙල්ලමක් නෙමෙයි... දුශ්මන්තට මේක දරාගන්න බැරිවේවි කියලා ඔයා නොකියන්න මම කවදාවත් මේක කරන්න පෙළඹෙන්නේ නෑ..."

      "මම දන්නවා සුසන්ත... මම කතාකලේ ආයේ ඔයාට කතාකරන්නේ නෑ කියන්න... මම අද බ්ලඩ් ටෙස්ට් කලා... ඔයාට ගොඩක් පින්..."

      "තෑන්ක් ගෝඩ්...! ඕල් ද බෙස්ට් දෙන්... මතකනේ අපායේ යමපල්ලෝ අපෙන් ඇහුවත්, මෙහෙමදෙයක් වුනේ නෑ...එච්චරයි..!"

      "ඔව් සුසන්ත...මතකයි... තෑන්ක්ස් අගේන්... ගුඩ්බායි...!"

      "ගුඩ් බායි..!"

      සිදුවූදේ එකවර ගලපාගැනීම අපහසු වූයෙන් ඇමතුම විසන්ධි වුවද මම ගල්ගැසී දුරකථනය කනේ රුවාගෙනම සිටියෙමි... මීට මසකට පෙර මාගේ වාර්ෂික වෙද්‍යය පරීක්ෂණයේදී වෙද්‍යවරයා ශුක්‍ර සාම්පල ඉල්ලා සිටි අයුරු විදුලියක් මෙන් මගේ මනසේ ඇඳී ගියේය...

      "ෆුල්බොඩි චෙකප් එකට ස්පර්ම් චෙක් කරන්න අවශ්‍යය නෑ නේද ඩොක්ට...?"

      "අවශ්‍යයතාවයකට නෙමේ මේ රෙගියුලර් චෙකප් එකක්... කොහොමත් මිස්ටර්ගේ තත්වයය අනුව දරුවෙක් හදනකල් හැම අවුරුද්දෙම මොනිටර් කරන එක හොඳයි..."

      සිහිඑලවාගත් මා වෙවුලන ඇඟිලි තුඩුවලින් සේමිණි ඇමතුවෙමි...

      "මගේ ටෙස්ට් රිපෝර්ට්ස් ආවාද...?"

      "ආ මම ඩොක්ටර්ට කෝල් කරලා චෙක් කරලා... සේරම නෝමල්..."

      "රිපොර්ට්ස් ඔයා අතට ගත්තාද...?"

      "අවශ්යය නෑ... සේරම නෝමල් හින්දා මම ඩොක්ටර්ට කිව්වා ඩිස්කාර්ඩ් කරන්න කියලා... ඒවා වැඩක් නෑ... අද ඉක්මනට ගෙදර එනවද...? මට කියන්න පුංචි කාරණාවක් තියෙනවා..."

      "ඒ මොකද්ද...?"

      මම සීරුවෙන් වචන තෝරමින් ඇසුවෙමි...

      "ඒවා ෆෝන් එකෙන් කියන්නේ නැහැ... ඔයා එන්නකෝ..."

      දුරකථනය ඔස්සේ සේමිණීගේ ඒ ලෙංගතු ඒ මගේ සවන් හරහා හදවතටම කිඳාබැස්සේය...

      Delete
    2. බ්ලොග් වල ලියැවෙන කතාවලට වෙනස් අවසානයන් යෝජනා කරන එක ඉස්සර රවි අයියලාගේ අපේ තිබුන නරක පුරුද්දක්... සමාවෙයන් ඒ පුරුද්ද ආයෙත් ගෙනාවාට... උඹ කැමති වුණත් නැතත් කියවන අපි දැන් උඹෙන් උපරිමය ඉල්ලන්න පුරුදුවෙලා ඉවරයි... ඒ ප්‍රෙෂර් එකට එජස් වෙන්න බලපන්... :)

      Delete
    3. ඒක හොඳ පුරුද්දක්නෙ බොල....

      මෙන්න මෙහෙම අවසානයක් උනා නං කරකෝලෙ ගලේ ගැහුව වගේ වෙනව... හි හි...

      Delete
    4. @ බීට්ල් - ඇත්තටම බීට්ල් කියන දේ හරියටම හරි , ඒ ගැන තර්කයක් නෑ . මට නම් හිතෙන්නේ නෑ එක නරක පුරුද්දක් කියලා . ඒක ඉතාම හොඳ පුරුද්දක් , මොකද මේ යෝජනාව එන්නේ 100% කම පිරිසිදුව කියල දන්නා නිසා.

      මේ අවසානයට මං ගොඩක් කැමතියි. ඇත්තටම මේ කෑල්ල කියෙව්වට පස්සේ මම ලියපු දේ ගැන ලැජ්ජා හිතෙනවා . බීට්ල්ට ගොඩක් ස්තුතියි. මොකද බීට්ල් වගේ ලියන්නෙක් ගෙන් මේ වගේ සහයෝගයක් ලැබීම වාසනාවක් .

      Delete
    5. @ හිරු - ඒ කතාව සහතික ඇත්ත

      Delete
    6. මේ තියෙන්නේ ගොඩක් වෙලාවට අපි නොදකින ඇත්ත .. ඒ විදියට ගොතපු කතා කියෙව්වාම . ඒවා කියවන මිනිස්සුත් තමන් ගන්න තීරණේ ගැන තව පොඩ්ඩක් හිතල බලන්න පෙළඹෙනවා.. "පට්ට බැල්ලි .." කියල මිනී මැරුමක් කරන්න කලින් .. හෙහ් හෙහ්

      ඉවානය ලියන ඊළඟ කතාව පට්ට කියල ඔන්න මම දැන්මම කිව්වා :D

      Delete
    7. මමත් මෙතනටම බහින්න හිතුවා... ඉවාන්ගෙ ලෙවල් එකෙන් නම් මේ කතාව මදි තමයි. නමුත් මට හිතෙන්නේ බීට්ල්ටත් ඉවාන්ගෙ මේන් ලයින් එක මග ඇරිලා. "නිමේෂය"... "අයියෝ තව තත්පර කීපයක් ඉක්මන් උනා නම්"... කියන එක... හබැයි මෙතැනදි ඉවාන්ටත් වගකීම යනවා... ඉවාන් තමන්ගේ මාතෘකාව අවශ්‍ය තරමට හයිලයිට් කරලා නැහැ.

      //බඩේ බත්වගේ තමයි.. ඕ යේස්...! දෙදාහයි!" // සිම් එක දාලා දුන්නේ පත්තර මල්ලි ද? :)

      Delete
    8. @පැතුම් - //""ඉවානය ලියන ඊළඟ කතාව පට්ට කියල ඔන්න මම දැන්මම කිව්වා :D""// හපොයි දෙයියනේ ...

      Delete
    9. @ තිසර - කමෙන්ට් කියවගෙන යද්දී මට හිතුනු දෙයක් තමයි ඔන්න ඔය පොයින්ට් එක තිස්රවත් අල්ලගනීද කියන දේ, හිතුවා වගේම කතාවේ පොයින්ට් එක තිසර විතරයි අල්ලාගත්තේ , හැබැයි කිව්වා වගේ එක හයිලයිට් වෙලා මදි . ස්තුතියි තිසර ..

      මටත් හිතුනේ සිම් එක දාලා දුන්නේ පත්ත්රයා කියලා තමා ,

      Delete
    10. බීට්ල් බීට්ල්! මේ ට්විස්ට් එක අතිශය පට්ටයි! ඔයා නිතර නිතර කෙටිකතා පෝස්ට් නොකරන එක නම් අපරාදයක්! අනික තමයි තවත් කෙටිකතා කරුවෙක්ට පාර පෙන්නල දෙන්න මේ කරන විචාර බොහොම වටිනව. බීට්ල්, තිසර, පැතුම් වගේ අයගේ වටිනාකම වැඩිවෙන්නෙ ඒ නිසයි.

      Delete
    11. හැමෝටම ස්තූතියි... දැන් රිප්ලයි චෙක් කරන්න ආවාම තමයි මම ලියපු කෑල්ල ආයෙත් කියෙව්වේ... තිසරගේ කතාව ඇත්ත... මාතෘකාවත් එක්ක මම ලියපු දේ කොහෙත්ම ගැලපෙන්නේ නෑ... ඉවාන්ගේ කතාවේ තිබුණ ගොඩක් දේ මගෑරිලා තියෙනවා... ඒ කතාව පුරාවටම තියෙන වැස්සේ රිද්මය විශේෂයෙන්...

      මේ අවසානය තව ඩ්‍රැමටිකලි විදියට ට්විස්ට් කරන හැටි ගැන කල්පනා කලා මිසක් ඒකෙන් මුල් කතාවේ තීම් එකට වෙන්න පුළුවන් හානිය ගැන මම හිතුවේ නෑ... ට්‍රෙඩ්මිල් එකක දුවන පැයබාගෙකදි ඔලුවට ආව දේ එහෙමම කෙටුවා... ඇත්තටම ඒක හොඳ දෙයක් නෙමෙයි... කෙටිකතාවක් විතරක් නෙමේ ඕනේ නිර්මාණයක් "රීමේක්" කරද්දී ඒක සාර්ථක වෙන්න නම් මුල් නිර්මාණයටත් වැඩිය ආයාසයක් ඒකට යොදවන්න සූදානම්වෙලා ඉන්න ඕනේ කියලා මට හිතෙන්නේ...

      කොහොමහරි අන්තිමට මගේ අරමුණ සාර්ථක වෙන්න ඇති කියලා මට හිතෙනවා... ඉවාන් ඊලඟ කතාව මීට වඩා සැලකිල්ලෙන් ලියාවි... වෙන්න ඕනේ එච්චරයි... :)

      වෙලාව හොයාගත්තොත් බලන්න...Misery (1990)

      Delete
    12. බීට්ල්, මිසරි කිව්වේ අර ස්වීවන් කිංගෙ එකද? මම උඹේ ලින්ක් එකට ගියේ නැතුව කිකම් හිතලා ඇහුවේ.

      ඒක නෙවෙයි ලොක්කා. උඹ අර ෆෝන් ටැප් එක දාන කෑල්ලට ආවාම මට මතක් වුනේ, උඹ බලනවද Person Of Interest? අපි රෑට කන්නේ ඕකෙන් එපිසෝඩ් එකක් බල බල. ඕකෙ ඉන්නවා චරිත දෙකක් එකෙක් රීස්. අනිකා ‍ෆින්ච්. ඔය සීරීස් එකේ තියෙනවා ෆෝන් එකක් ලඟින් තමන්ගෙ ෆෝන් එක තියාගෙන Force Paring කරන විදියක්. ආයේ නෑ අනිකගෙ ෆෝන් එකෙන් වෙන සියලුම කතාබහ. SMS, MMS ඔක්කොම විතරක් නෙවෙයි ෆෝන් එක නිකම්ම listening device එකක් වෙනවා. ඒ කියන්නේ ෆෝන් එක සාක්කුවේ දාගන තමන් කරන සියලුම කතාබහ ඇහෙනවා. ආයෙ හොදි ඕනෙ නෑ.

      Delete
    13. බීට්ල් , ඔබේ අරමුණ සාර්ථකයි ..කොහොම වුනත් මට තේරුනා මගේ තීම් එක මම හරියට හයිලයිට් කරලා නෑ කියලා, තිසර ආයාසයෙන් හිතන්න ඇති මූ මේ කියන්න හදන්නේ මේක තමයි කියලා . කොහොම වුනත් මම පිලිගන්නවා මෙතැනදී මගේ උත්සාහය සාර්ථකම නෑ කියන එක. ඒ නිසා බීට්ල් හදලා දීපු අවසානයට මං ඉතාමත් කැමතියි . ඇත්තටම විය යුතුව තිබුනේ ඒ වගේ අවසානයක් ලැබීම මටත් හිතෙන ආකාරයට .
      //""ඉවාන් ඊලඟ කතාව මීට වඩා සැලකිල්ලෙන් ලියාවි... ""// හප්පේ දැන් ඉතින් කොහොමත් එහෙම ලියන්නම වෙනවා ....

      මොකක්ද අප්පේ අර දීපු ලින්ක් එක , බලපු ගමන් මයිල් ඉස්මයිල් වුනා මාර කතාවක්

      Delete
    14. ඩූඩ්, හා හා අපි කොහොමද බන් එකම දේට කැමති වෙන්නේ...? මම ඔය සීන් එකේ ආතල් එකට බ්ලූජැක් කරන ඇන්ඩොයිඩ් ඇප් එකකුත් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගත්තා... :D

      උබ වගේ කාල කලමනාකරනයට මම හපනෙක් නෙමේ බන්... TV බලන්න මට තියෙන්නේ බ්‍රහස්පතින්දා රෑ විතරයි...ඒකත් එලියට නොගියොත් තමයි... ඒ හින්දාම සීසන් ගොඩක් යන ටීවී සීරීස් මම දැන් හලලා තියෙන්නේ...ඒ වෙලාව මම දීලා තියෙන්නේ අලුත් ඒවා බලන්න... ක්‍රයිම් ඒවායින් දැන් බලන්නේ...How to Get Away with Murder, Gotham දෙක විතරයි...

      ඉවාන් ඒක ලස්සන කතාවක්... වෙලාව තිබුණොත් බලපන්...

      Delete
    15. බීට්ල්. එක ජාතියේ කුරුල්ලෝ නේහ්?
      අපි ඔය සීරීස් බලන්නේ ටීවී එකේ නෙවෙයි බං. ඩවුන්ලෝඩ් කරලා ලැප්ටොප් එකක දාගෙන.
      අඩේ එහෙම ඇප් එකක් ඇත්තටම තියෙනවද බං. හොයලා බලාන්ට එපායැ.
      How to get away with murder හොඳයිද?
      මම කාල කලමනාකරණයට හපනෙක් කිව්වා? උඹ මේ මගුලක් කතා කරනවා. අපි දවල්ට කන්නේ Big Bang Theory බල බලා. ඒක පැය බාගෙද කොහෙද හන්දා නියමෙට සෙට් වෙනවා. මේ දවස් වල සීසන් ඉවර වෙලා හන්දා මූවීස් බලනවා. නමුත් කාල කළමනාකරනය හන්දා කෑලි වලට කඩලා බලන්නේ. අද ඔන්න 1959 මූවී එකක් වන Alfred Hichcock ගේ North by Northwest බලලා ඉවර කලා, ඒක පැය 2ක එකක් හන්දා හතරකට කඩලා බැලුවේ බං.

      Delete
    16. ඒක බොරු ඇප් එකක් බං... POI ෆෑන්ස්ලාට ආතල් එකට හදපු එකක්... කොහොමත් ටෙක්නිකලි ඒක කරන්න බැහැ මම දන්න විදියට...

      බිග් බෑන්ග් තියරිනම් මාත් සීසන් අටම එක එපිසෝඩ් එකක්වත් නෑර බලලා තියේ...ඒකේ ආසාව වැඩිකමට එකපාරක් මම සොෆ්ට් කිටී වෝම් කිටී පොයම් එක තියෙන ටීශර්ට් එකක්ත් ඕඩර් කලා :D

      How to get away with murder මටනම් හොඳයි... මම කෝර්ට්රූම් කතා වලට ගොඩක් කැමතියි... ඒ හින්දා ඒක මට අල්ලලා යනවා... දැන් එපිසෝඩ්ස් 3ක් ගියා... මේ තියෙන්නේ ට්‍රේලර් එක... එක එපිසෝඩ් එකක් ටෙස්ට් කරලා බලපන්...

      හිචොක් ගේ Alfred Hitchcock Presents සීරීස් එකේ සීසන් 7යි ඩාල්ගේ Tales of the Unexpected සීසන් 9යි සේරම මගේ ගාව තියෙනවා...උබ ඒවාට කැමතිනම් අපි හම්බුන වෙලාවක උබට දෙන්නම්...සේරම එපිසෝඩ්ස් 415ක් තියෙනවා... උබ ඔය ජොබ් එකෙන් විශ්‍රාම ගිය දවසක උදේ දවල් රෑ කෑම වේල් තුනටම බලලා, තේ වෙලාවටත් බලන්න ඇති... :D

      Delete
    17. එපිසෝඩ් 415ක් බුදු අම්මේ ... එහෙනම් දැම්ම බලන්න පටන් ගත්තොත් නම් මරෙන්න්න ටිකකට කලින්බලලා ඉවර කරගත්ත හැකි වෙයි .

      Delete
    18. තෑන්ක්ස් බීට්ල්. හෙහ් හෙහ්. උඹ සොෆ්ට් කිටී වෝම් කිටි ටී ෂර්ට් එකක් ඕර්ඩර් කලා කිව්වාම ගෙදර උන් ඔක්කොම හිනා වුනා. අපිත් හරියට එන්ජෝයි කරනවා අරූ ඔය සින්දුව කියන හැටි අහං ඉඳලා.

      හම්බ වුන වෙලාවක ගම්මු බීටල් හැකි වුනොත්. ආයෙමත් තෑන්ක්ස්. උඹට මම පොඩි දෙයක් කියන්නම්. අපි ගෙදරදි පාවිච්චි කරන්නේ සැට්ලින්ක් කියලා දෙන වයිෆයි සර්විස් එකක්. ගාන ගෙවලා පැකේජ් එකක් ගත්තාම යූසර් නේම් පාස්වර්ඩ් ෆෝන් එකට එවනවා. ඔය සයිට් එකේ තියෙන අප්සෙට් එක හැමතැනටම සිග්නල් නැතිකම. ඕකේ තියෙන පට්ටම දේ නම් උන්ගෙම සයිට් එකක් තියෙනවා videotohome කියලා. ඕක උන්ගෙ සයිට් එකෙන් මිසක් අනිත් සර්විස් වලින් ඉන්ටනෙට් ගිහින් ඇක්සෙස් කරන්න බැහැ සාමාන්‍යයෙන් නම්. ඕකෙ නැති හත්තිලවක් නෑ. පරණම චාලි චැප්ලින් මූවීස් වල ඉඳ 2014 මේ මාසෙ වෙනකම් මූවීස් හෙන කලෙක්ෂන් එකක් තියෙනවා. එතකොට සීරීස් ඕනෙම එකක් වගේ තියෙනවා. උඹ ඔය කියන සීරීස් ඒකෙ තියෙනවා. ඒ වගේම සෑහෙන වේගෙකින් බාන්නත් පුලුවන් උන්ගෙම සයිට් එකක් නිසාද කොහෙද. කරුමෙට අපිට ඕවා බාලා ස්ටෝර් කරගන්න ඉඩක් නෑ. එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් එකක් තියෙනවා, ඒක corrupt වෙලා. අපේ තුන් දෙනාගෙම හාඩ් ඩිස්ක් පිරිලා රෙඩ් සෝන් එකට එන්න ඔන්න මෙන්න.
      මම කියන්න ගියේ ඉතින් මම දැක්කා ඒ සයිට් එකේ ඔය සීරීස් දෙකම තියෙනවා.

      ආ තව එකක්. මගේ ප්‍රියතම ටීවී ෂෝ එකත් ඒකෙ තිබිලා මම සීසන් දෙකහමාරක් බෑවා. උඹ දන්නවද ඒකේ නම? The Wonder Years මම කියනවට එකක් (S1 E1) බාගෙන බලාපං. පැය බාගෙකට වඩා දිග නෑ. පරණ නිසා පික්චර් ක්වොලිටියත් එච්චර හරි නෑ. නමුත් පට්ටම එකෙත් පට්ටම වල්ලා පට්ට. මම කියනවට බලාපං බීට්ල්. බලලා මට කියාපං. අපෙ දෙන්නගේ රසය එක සමාන නිසා මම දැනගන්න ආසයි උඹේ අදහස.

      Delete
    19. මේ conversation එක දිහා බලාගෙන ඉඳලම දැනටම බාගෙට පිච්චර් පිස්සෙක් වෙලාද කොහෙද මං

      Delete
    20. . //////////උඹ කැමති වුණත් නැතත් කියවන අපි දැන් උඹෙන් උපරිමය ඉල්ලන්න පුරුදුවෙලා ඉවරයි... ඒ ප්‍රෙෂර් එකට එජස් වෙන්න බලපන්... :)//////////////
      මේක තමයි තිත්ත ඇත්ත.........

      Delete
    21. ප්‍රමාද වීම ගැන පසුතැවිලි වෙනවා. කමෙන්ට් කරන්න හොඳම තැන මෙතැන කියලා හිතෙනවා. ඉවාන්ගේ කොටස කියවලා ඉවර වුණාම කනට ගැහුවා වගේ වුණා. බීට්ල්ගේ කොටස කියෙව්වාම ටිකක් මඥ්ඥං වෙලා ගියා. උඹලා දෙන්නා එකතු වුණානම් මොකද ? පලවෙනි කොටස මෙතැන. දෙවෙනි කොටස අකුරේ :)

      මගේ ස්කෝප් එක ටිකක් විහිදිලා නිසා මේ එපිසෝඩ් කතා බලනවා අඩුයි. බිග් බෑන්ග් යනවා දැක්කා බලන්න වුණේ නෑ. බලමු හිමිහිට වෙලාවක් තිබුණොත්.

      Delete
    22. //"උඹලා දෙන්නා එකතු වුණානම් මොකද ? පලවෙනි කොටස මෙතැන. දෙවෙනි කොටස අකුරේ"// අන්න එක හොඳ යෝජනාවක් සුදීක ... මමත් ඔය ගැන හිතුවා ..බලමු බීටලේ මොනවා කියයිද කියලා

      Delete
  30. කෙටි කතාව කෙට් වැඩියි බව හැමෝම ලියල උදාහරණ වලිනුත් පෙන්වා දීල තියෙන නිසා , වැඩේ දික් කල නම් හරි. ඒත් ඉතාම කෙටි කතාවක් හැටියට හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් අයියා - මට තේරුනා මේ අවසානය නෙවයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුනේ කියලා, මේක කොමන් වැඩියි වගේ , බලමු වෙනසක් කරන්න ඊළඟ එකේ

      Delete
  31. කතාව ඉවර වුනාම මට හිතුණේ 'ඉතින් ඊට පස්සේ' කියන ඒක.
    ලියලා තියෙන විදිය අපූරුයි පවූලූශා වෙනදා වගේම.

    හැබෑට මේ දවස්වල කොළඹට වහිනවානේ තදටම? :P

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි -

      කොළඹට වහිනකොට නෙවෙයි අනේ මතකද අපි දෙන්නා මෙල්බර්න් ඉන්නකොට නම් මේ වගේ දෙයක් වුනා , හැබැයි අවසානය නම් මීට වඩා වෙනස් :P ( joke ok)

      Delete
    2. හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ
      අපි පාවෙමුද තුරුලටම වී
      ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ
      සංසාරයම මම නුඹගෙ වී
      තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
      සංසාරයම මෙය මට නොදී …

      ------ ඉ වා න් -------

      Delete
  32. ඔබ හරි ඇනෝ - එහි සබැඳිය වැරදි ලෙස ඇතුල්වී තිබුනා , ඔන්න් නිවැරදි කළා , ස්තුතියි

    ReplyDelete
  33. බීට්ල් කියලා තියෙන්නේ ඇත්ත. අපි උඹෙන් බලාපොරොත්තු වෙන්නේ ඌ ලියලා තියෙන කතාව වගේ කතා.. ඒ ඉතින් උඹම අපේ ඔලුවට දපු දේ.. ඒ කියලා මේ කෙටි කතාවේ කිසිම අවුලක් නෑ.. කෙටි කතා කියන්නේ මේවට තමයි.. ඒත් බීට්ල්ගේ කෙටි කතාව උඹේ එකට වඩා බොක්කට වදිනවා.. ඒ කතාව ඇතුලේ ඉවාන් පවුලූෂා ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. බීට්ල් හරි මාතේ ... මේක සාම්ප්‍රදයික් කෙටි කතාවක් බව මං පිලිගන්නවා , එකේ දෙකක් නෑ . බීට්ල් ලිවේ ඇත්තටම ගැස්සෙන කතාවක් , ස්තුතියි මාතලන්

      Delete
  34. //එක වරම වැස්ස තුරල් විය .... සුළඟද අඩුවී ගියාක් වැනිය.. වැහි බිඳු නැවත වීදුරුව දිගේ සෙමෙන් පහලට ගාමන් කරන්නට විය .... වහාම රියදුරු අසුනේ කෙලින් වූ මම රිය පන ගැන්වූ මම හැකි ඉක්මනින් මහා මාර්ගයට අවතීර්ණ වීමි ..මිනිදී මහා විමතියක් රැඳී දෑසින් මා දෙස බලා සිටී .... සේමිණි ලෙන්ගතු දෑසින් මා දෙස බලා සිටියි ..// මටනම් මෙන්න මෙතන තමයි කතාවේ end එක. එතනින් එහාට බීටල් ආකාරයේ අපුරු වෙනසක් තිබ්බා . නැත්තනම් මොකුත් නොලියා ඉන්න තිබ්බා . මොනා උනත් උඹ සිද්දීන් ඉදිරිපත් කරන විලාශය වැඩි දියුණු වෙමින් යනවා . ඊළඟ එක දීපන් එළට

    ReplyDelete
    Replies
    1. තිලකයියා කිව්වම මතක් වුනේ ඇත්තටම එතනත් හොඳයි තමයි අවසානෙකට , බීට්ල් ගේ අවසානය සුපිරි . ස්තුතියි තිලකසිතට ..මේ ඇගයීම් සහ මග පෙන්වීම් වලට

      Delete
  35. ගොඩ කාලෙකින් මේ පැත්තට ගොඩ උනේ. මේ වගේම අවසානයක් තියෙන කතාවක් මං කොහෙදිදෝ කියවලා තිබුන වගේ මතකයි. ඉවාන්ගෙ කතාවක්මද කොහෙද ඒකත්.

    ReplyDelete
    Replies
    1. වීරේව දැක්ක කල් ... මගේ කතාවක් ??? මට මතක නෑනේ .... කොහොම හරි කමක් නෑ , තන්කිව් වේවා මේ කතාව කියෙව්වට

      Delete
  36. කතාව හොඳයි, එත් අද ගොඩක් අහන දකින සිදිධිත් එක්ක මේක තවත් එක කතාවක් වෙන නිසා කතාවේ මතු කරන දෙය එතරම්ම හයිලයිට් වෙන්නේ නැහැ. එත් අර විදානේ අයියගේ කතාවේ ට්‍රැෆික් ලයිට් එකේ කවුන්ට් ඩවුන් සීන් එකට සමාන දෙයක් පරිසර සිද්දි වලින් මතු කරපු හැටි අපුරුයි.

    //වාහනයේ ඉදිරිපස වීදුරුවට වැහිබිඳු වැටෙයි ... වීදුරුව දිගේ පහලට ගලා යායුතු වූ නමුත් සුලඟ සමග පොර බදිමින් වැහිබිඳු වීදුරුව දිගේ ඉහලට ගමන් කරයි//

    අනේක විද බාධකයන් එක්ක සම්මතය කියලා හදා ගත්ත ගංගාව ඔහේ කවදත් පහලටම ගලා බැස්සට ඒ ගඟ දිගේ අසම්මතයත් කියලා හදා ගත්ත එකක් ඉඳල හිටල උඩුගම් පීනනවා, හිටි ගමන් අර ගඟේ ඇතිවෙන සැඩ සුළි අසම්මතයට උඩු ගම බලා යන්න උඩ ගෙඩි දෙනවා. අසම්මතය පීනන්න පුළුවන් තරම් දුරක් ඒ තල්ලුත් එක්ක උඩුගම් පීනනවා.

    //එක වරම වැස්ස තුරල් විය .... සුළඟද අඩුවී ගියාක් වැනිය.. වැහි බිඳු නැවත වීදුරුව දිගේ සෙමෙන් පහලට ගාමන් කරන්නට විය .... //

    එත් ඒ හැම අසම්මතයක්ම කෙහාන් හරි නවතිනවා, සම්මත ගඟේ රල පහරට අහුවෙලා අයෙත් පල්ලම් බහිනවා, අසම්මතය සටන් කරාට වෙන්නේ පල්ලම් බහින්නනම තමා, සටන දරුවූ වෙච්ච තැන හුඟක් අසම්මතයන් සම්මත ගඟේ ප්‍රාණය නිරුද්ද්ව ඔහේ පාවෙවිත් පහලටම ගලාගෙන යන හැටි දැක ගන්න පුළුවන්.

    එත් කතාවේ වැරදි කාරයා දුශ්ශන්තද? දුෂන්තව පොළඹව ගන්න හදන මිනදී ද? එකට වැඩ කරන සුසන්තද? නැත්තන් සේමිණිද? කවුරුද වැරදි කාරයා කියලා අවිනිශ්චිතයි.

    කතාවේ මද තැනක අහනවා තෙමුනද කියලා ප්‍රශනයක්, එත් ඇත්තටම තෙමුණේ කව්ද? තෙමිලත් නොතෙමි හිටියේ කව්ද?

    ReplyDelete
    Replies
    1. //එත් කතාවේ වැරදි කාරයා දුශ්ශන්තද? දුෂන්තව පොළඹව ගන්න හදන මිනදී ද? එකට වැඩ කරන සුසන්තද? නැත්තන් සේමිණිද? //

      වැරදිකාරයා අර වතුර බිංදු ඉහලට යනවා බලාගෙන කාර් එලෙව්ව පවුලූශානේ...:P

      //එත් ඇත්තටම තෙමුණේ කව්ද? තෙමිලත් නොතෙමි හිටියේ කව්ද?//

      මෙයාටත් තියෙන ප්‍රශ්න...:D

      Delete
    2. @ සොමියා - මේ කතාව සාමන්‍ය වට්ටෝරුවේ එකක් බව ඇත්ත. වැස්සත් එක්ක වතුර බිංදු ඉහලට යන එක සහ ,වැස්ස නවතිනවත් එක්කම මම සංකේතවත් කරන්න හදපු දේවල් සියල්ල උඹ ඒ විදිහටම අල්ලාගෙන . එක තමයි මේ ආකාරයේ appreciation එකක් ලියන කෙනෙකුගේ තියෙන දක්ෂ කම . ඒ සියල්ල උඹට අඩුවක් නැතුව පිහිටලා තියෙනවා .(සොමියා හිතලම කමෙන්ටුව පරක්කුවෙලා දැම්මද මන්දා :P )

      @ පොඩ්ඩි - මම මොන වරදක් කලාටද අනේ ඔහොම කියන්නේ :D

      Delete
    3. //වැරදිකාරයා අර වතුර බිංදු ඉහලට යනවා බලාගෙන කාර් එලෙව්ව පවුලූශානේ...:P//

      තැන ~ රාජගිරිය සිට නුගේගොඩ දෙසට

      වාහනය ~ අළු පැහැති WP ## -#### දරන මිට්සුබිෂි ලාන්සර් රථයක්

      හැඩරුව ~ හොඳින් සිංහල කථා කල හැකි ඉරාන ජාතික රූමත් තරුණියක් සහ ප්‍රියමනාප සිංහළ තරුණයෙක් !!!!!

      - ස මා ප් ත යි -

      Delete
    4. PM, ඉතිං මොකද බං, ඌ කසාද බැඳලත් නැති එකේ. බොලා අඩුවයසෙන් කරත්තෙ ගැටගහගත්තට ඒ ප්‍රියමනාප නාකි කොල්ල මොනා කරන්නද?

      Delete
    5. චැහ් ඉන්දික බොසා .. ආං ඒක නෙවැ,ඇටෙං පොත්තෙං එලියට එන්ඩ කලිං ගියා පූදින්ඩ :D

      මට තරහ හොඳ ඇපල් කන්නෙ පණුවො නෙවැ :D

      Delete
  37. ඉවාන්: මම තෙපරබබා ඉන්නකොට ගොඩක් වෙලාවට ඔයා ඒ ගැන ලියනවා. ඒ හින්ද මම කොහොමත් දැන් තෙපරබාන්න තමයි හිතන්නේ. කතාව යුශුවල් උනාට වෙනසක් කරන්න කියල සුරංගනා කතාවක් නොකර ඉන්නෙක හොඳයි. ඒත් මම කැමතියි මේ කතාවේ දොස් කියනවට වඩා ඒ තුලින් අපිවම බලන්න පුලුවන්නම් කියල හිතන්න.

    ඔෆිස් කියන්නේ සංකීර්ණ ජිවිත රටාවල්. ඇත්තටම, අපේ ජීවිතෙන් බාගෙටත් වඩා ගෙවන්නේ අපි ඔෆිස් ඇතුලේ. හ්ම්ම්... බලමු හිතල ලියන විදියක් ගැන

    කවදත් වගේ ඔබේ අදහස් ගලාගෙන එන රටාවට මම ආසයි.

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා ස්තුතියි මුලින්ම -- මට පේන්නේ ටෙලිපති වැඩ කරනවා වගේ ..:D. එහෙනම් දිගටම ඔයා මොකක් හරි ගැන හිතන්න එතකොට මට ඒකෙන් සාර්ථක කතාවක් ලියන්න පුළුවන් වෙයි .

      //""කතාව යුශුවල් උනාට වෙනසක් කරන්න කියල සුරංගනා කතාවක් නොකර ඉන්නෙක හොඳයි"// අන්න ඒ කොටස නම් මට තදින්ම හිතට වැදුනා ...
      ඔෆිස් කියන්නේ පුදුම සංකීර්ණ ජීවිත රටාවන් , ඒ වගේම තමයි ඔෆිස් එක එක්ක බැඳුනු ,ඔෆිස් ට්‍රේන් එක, ඔෆිස් වෑන් එක, බස් එක., කැන්ටින් එක, ලන්ච් ටයිම් එක, ටී ටයිම් එක මේ හැමතැනකම අතුරු කතා මහා ගොඩක්. ඒවා සමහර වෙලාවට සුරංගනා කතා වගේ. ජීවිතය අත් දකින්න , අත්දකින ජීවිතය දෙස නිර්මාණශීලීව බලන්න පුළුවන් නම් ,කතා ගොඩක් අපි අවටම තියෙනවා උපේක්ෂා .

      ස්තුතියි නුවර කුමාරිගේ ඇගයීමට බොහොම

      Delete
    2. අඩේ ඉවාන්..
      /ඔෆිස් ට්‍රේන් එක, ඔෆිස් වෑන් එක, බස් එක., කැන්ටින් එක, ලන්ච් ටයිම් එක, ටී ටයිම් එක/ මේ කිසිම එකක් අපේ ඹපිස් එකේ නෑනේ....

      Delete
    3. විදානෙයො

      තූ … නොදකිං, ඒක ඔපිස් එකක්ද බං එහෙනං. වහල දාපියව් ඕක !!!

      Delete
    4. දුක හිතෙන සීන් එක ඔය එකක්වත් නෙවෙයි පත්තරයෝ... එත ඉස්තිරී පරානයක්වත් නැකි එක...

      ඈෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑ

      Delete
    5. මයේ අම්මේ විදානයෝ උඹ නම් ගිය ආත්මේ කරලා තියෙන්නේ එසේ මෙසේ පිනක් නෙවෙයි හරිය ....

      ස්තුතියි - බ්‍රෑන්ඩ් ගල් (එකත් 90කින් වැඩිවෙලා .)

      අරක්කු, බියර් මිල වැඩි කෙරේ..

      පසුගිය සිකුරාදා සිට ක‍්‍රියාත්මක වන පරිදි මත්පැන් බදු පඉහළ නංවා ඇත. සැර මත්පැන් ලීටරයක් සඳහා බද්ද රුපියල් 90 කින් ඉහළ නංවා ඇති අතර බියර් 5% කට අඩු සැර ලීටරයක බදු රුපියල් 10 කින් සහ 5% කට වැඩි සාන්ද්‍රණයක් සහිත බියර් ලීටරයක් සඳහා බද්ද රුපියල් 15 කින් ඉහළ නංවා තිබේ.
      http://lankacnews.com/sinhala/news/123318/

      Delete
    6. අඩෝ නිට්ටඹු විදානේ - උඹ ඉන්නේ කැලේකනේ බං.හරියට තොප්පිගල වගේ.

      @ සිංදුවා - දැන් එහෙනම් තිරිවානා ගල් වගේ එකක් තමයි හොයාගන්න් වෙන්නේ සෙට් වෙන්න

      Delete
    7. අන්න ඒකට අපේ ඔිපිස් චු කරන්න එලියට බහින්නත් බෑ කෙල්ලෙක් ඇගේ හැප්පෙනවා...විදානේ වර අපේ එකට.

      Delete
  38. ඔක්කොම එක යි!

    ReplyDelete
  39. කතාව ඉතින් වෙනද වගේම ටාං ගාල ඔලුව දෙදරන්න වැදුන. මටනම් ලොකු අවුලක් පේන්නෙ නෑ හැබැයි ඒ මම කෙටිකතා ගැන වැඩියමක් නොදන්න නිසා කියලයි මම හිතන්නෙ. ඊගාව කතාව දෙන්ඩ වෙඩි වගේ!

    ReplyDelete
    Replies
    1. උඹ නොදන්න කෙටිකතා , අනෙප්පලයන් යන්න ... යකෝ සම්මාන ලාභී බ්ලොග් රචිකාවියක් අපේ එව්වයේ කමෙන්ට් කරනවා කිව්වම සුළුපටු ආඩම්බරයක්ද අපිට , නැද්ද පත්තරේ ...

      මචෝ සුබම සුබ පැතුම් උඹේ ජයග්‍රහණයට... බ්‍රෑන්ඩ් එක ජින්ජර් බියර්

      Delete
    2. හෙහ්! උඹල කවුරුත් ඒකට බ්ලොග් දාල තිබුනෙ නෑනෙ බන්. අන්න ජයග්‍රහණයේ රහස.

      නෑ මචං සිරාවටම මම කෙටිකතා ගැන දන්නෙ බොහොම ටිකයි. උඹ, දිනේෂ්, තිසර, බීට්ල්, අටම් (තව හෙන ගොඩක් ඉන්නව, නම් මතක් වෙන්නෙ නෑ) වගේ අයගෙ ස්ටෑන්ඩඩ් එකට ලියන්නනම් තව අවුරුදු දහයක්වත් ලියන්න වෙයි මට. ඕ යේස්

      Delete
    3. කොහොම වෙතත් බ්ලොග් සම්මාන උළෙලේ සාර්ථකයි කියන එක පේනවා , සම්මාන ලැබිය යුතුම බ්ලොග් වලට ලැබිලා තියෙන නිසා. කොහොමත් දක්ෂයා පිළිගන්න කැමති නෑනේ තමුන් දක්ෂයෙක් කියලා. ඒ වුනාට අපි දන්නවා උඹ දස්සි කියලා ..කොහොම හරි කමක් නෑ පාටිය දීපං ලිස්සලා යන්නේ නැතුව .

      Delete
    4. බස්සි දසසි පටියට කේක් ගෙඩියක 4ටෝවක් එල්ලී කවියක් එක්කම අපිට කපන් කන්න කියලා

      Delete
  40. වාහනයේ ඉදිරිපස වීදුරුවට වැහිබිඳු වැටෙයි ... වීදුරුව දිගේ පහලට ගලා යායුතු වූ නමුත් සුලඟ සමග පොර බදිමින් වැහිබිඳු වීදුරුව දිගේ ඉහලට ගමන් කරයි .......අඳුර සමග එන මලානික එලිය ........ මගේ රෝම කූප තුලින් අමුතුම හිරියක් ඇඟ පුරා ගමන් කරනු මට දැනෙයි ...කන්පෙති රත්වී ගින්දර පිටවෙන්නාක් මෙනි .

    මෙන්න මේ කොටසින් උඹ කියන්න හදපු දේ උඹේ කමෙන්ට් එකෙන් මම දැක්කා. නමුත් මෙතනදි මට ඇතිවුනේ පටලැවිල්ලක්. ඒක වුනේ පෙර අත්දැකීම් උඹ කියන්න හදන දේ යටපත් කරපු නිසයි. තව විදියකට කියනවා නම් වැහි බින්දු ඔහොම උඩට යනවා මම නිතර දැකලා තියෙන්නේ වාහනේ වැස්සේ තරමක වේගයෙන් පදවනකොටයි. නමුත් කිසිදාක කිසිම හුළඟකින් නවත්තලා තියෙන වාහනේක වීදුරුවට වැටෙන වැහි බින්දු උඩට යනවා දැකපු මතකයක් මට නැති නිසා.

    ඉතින් මම කල්පනා කලා මේ දැන් මූ වාහනේ නැවැත්තුවා නේද පාර අයිනේ? එතකොට කොයි වෙලේද මේ ආපහු යන්න පටන් ගත්තේ කියලා.

    ඒ කෙසේ වෙතත් මම මේ කතාවට කැමතියි. ඒ වගේම බීටලයාගේ අවසානයත් සුපිරියි.

    ReplyDelete
    Replies
    1. ""තව විදියකට කියනවා නම් වැහි බින්දු ඔහොම උඩට යනවා මම නිතර දැකලා තියෙන්නේ වාහනේ වැස්සේ තරමක වේගයෙන් පදවනකොටයි"" ඇත්ත ... ඒ ගැන ඩූඩ් කියලා තියෙන කාරණයට මං එකඟයි . එතැනදී සංකේතයේ තුලින් කතා කරන්න උත්සාහ කරපු දේ නිසා අර දේ යටපත් වුනා තමයි ඩූඩ්.

      බීටලයාගේ අවසානය අතිශය සුපිරි ... ස්තුතියි ඩූඩ් මේ අහ්ගයීමට සහ විචාරයට .

      Delete
  41. බලපං තප්පර කිහිපයක වැදගත් කම.
    කතාවේ අන්තිම හොඳයි.පාඨකයාට හිතන්න යමක් තියෙන අවසානේට මම කැමතියි.බිට්ල් ගේ අවසානේ අපි නොහිතන අවසානයක්.එකත් හොඳයි.එකට වඩා මට මේ අවසානේ හොඳයි.

    ReplyDelete
    Replies
    1. "ජීවිතය වෙනස් වෙන්නේ නිමේෂයකිනි " එක තමා තප්පර ගානේ තියෙන වැදගත් කම , මේ අවසානයටත් කැමති ය ඉන්නවා එහෙනම් , ස්තුතියි මනෝජ් .. බීට්ල්ගේ අවසානය වඩා හොඳයි කියලයි මටත් හිතුනේ හැබැයි

      Delete
  42. සුසන්තය බොරු පොයියක් දාල හිටන් දුසන්තයගෙ වයිපව ඇද්දනේද...
    ඉද්දකිං විතරක් මුන්ට නෙවී යාළුවො කියලනං කියන්නෙ
    මිත්‍රප්‍රතිරූපකයා....
    අපූරුයි කතාව. ඉවාන් අය්යෙ....

    දුරින් සිටින සතුරාට වඩා ළගින් සිටින මිත්‍රප්‍රතිරූපකයා භයානක විය හැක

    ReplyDelete
    Replies
    1. //""දුරින් සිටින සතුරාට වඩා ළගින් සිටින මිත්‍රප්‍රතිරූපකයා භයානක විය හැක""// විය හැක නෙවෙයි බං භයානකයි තමා .

      එක නෙවෙයි උඹට ලැබුනා නේද සම්මානයක් , හොරා වගේ සද්ද නැතුව ඉන්නේ . ඔන්න අපෙන් සුබ පැතුම් .ජය වේවා මහේෂයා

      Delete
  43. ෆට්ට රසයි සහෝ..
    වෙන කියන්න දෙයක් නෑ ඔක්කොම උද කට්ටිය කියලා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආචාර්ය සහෝදරයා . කාලෙකින් මේ පැත්තේ

      Delete
    2. කමෙන්ට් නොකලාට හැම එකක් ම කියෝනව මම...සමහර වෙලාවට කියවන්නේ 4න් එකෙන් එකෙන් කොමෙන්ට් කොටන්න බෑ අප්පා

      Delete
    3. ආ එකට කමක් නෑ මචෝ... කියවනවානම් ඒ ඇති

      Delete
  44. යකෝමේ මොකද්ද බං කලේ. කලොත් ඔහොම වැඩක්තමයි. වතුර යටින් ඇස් පියාගෙන පීනගෙන ය්ද්දි එක පාරම වැවේ කොටයක ඔලුව වැදුන වගේ.

    ReplyDelete
    Replies
    1. උඹ දන්නවද ඔහොම වතුර යටින් ඇස පියාගෙන යද්දී මගේ මූණ ඇත්තටම ඔහොම් වැදිලා තියෙනවා ගලක . ස්තුතියි මනෝෂ් ....

      විදානේගේ කතාව දැක්කට පස්සේ මේක පබ්ලිෂ් කරවද කියලා දෙගිඩියාවෙන් තම හිටියේ

      Delete
  45. කතාව ලස්සනයි එකේ රසය වැඩි කතාව නවත්තල තියන විදිහෙන් ..කියවන කෙනාට එතනින් එහාට හිතන්නගොඩක් දේවල් ඉතිරිකරලා කියවපු හැමකෙනෙක්ම කතාවේ ඉතිරි කොටස එක එක විදිහට එයාලගේ කැමැත්තට හිතින් ගොඩනගල ඇති.සම්පූර්ණ කතාවම කියල දානවට වඩා කුතුහලයකින් ඉවරවෙන කතාවලට මම ආසයි .. :)

    ReplyDelete
    Replies
    1. හංසි මේ පැත්තේ ආපු පලවෙනි වතාවවගේ මට හිතෙන හැටියට , සාදරයෙන් පිලිගන්නවා . කතාවේ අවසානයට කැමති එක ගැන සතුටුයි . මමත් කැමති ගොඩක් වෙලාවට කතාවේ හිතන්න යමක් කියවන කෙනාට ඉතුරු කරන්න . ස්තුතියි හංසි , දිගටම එන්න

      Delete
  46. නුඹලා අතරින් පව් නොකල කෙනෙක් වේ නම් පලමුවෙනි ගල විසිකරපන්න... කියල ජේසු තුමා කිව්වා.. වටේට හිටි ඔක්කොම මුණු මුණු ගගා ශේප් උනා... අහ් භාෂා මාරු උනානෙ..

    ReplyDelete
    Replies
    1. අන්න දවසේ කමෙන්ට් එක , සරත් අයියා ,ඉඳල ඉඳලා ඇවිත් දෙනවා ලෙලි යන්න ... තැන්කිව් වේවා සරත් අයියෝ ...

      Delete
  47. හැමදාමත් වගේ එක හුස්මෙට කතාව කියවගෙන ගියා.. මේ සමාජයේ තවත් පැතිකඩක්..

    කොහොමවුනත් ඒක කතාවට පෙරලලා තියෙන විදිහ නම් අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුශානි .. සමාජයේ ද මේ දේවල් සාමන්‍යකරණය වීම තමයි අභාග්‍යය .

      Delete
  48. අතට ලැබුණු දේ කටට දාගන්න දන්නේ නැති ගස්ලබ්බෙක් තමයි දුෂ් :D

    ReplyDelete
    Replies
    1. හා හා ..ඒ තමයි පති භක්තිය ... වැරදිද මන්දා ? පතිනි භක්තිය කිව්වොත් හරිද ?

      Delete
  49. මේ කථාව කියවන්න ඉසිඹුවක් ලැබුනෙ සෑහෙන පරක්කු වෙලා...කථාවෙ හැම සිදුවීමක්ම බොහොම ස්වභාවිකයි...බොලා බලෙන් එබුවා කියලා දැනෙන්නෙ නෑ. සුසන්තයගෙ හිනාව හරියට දේශකයගෙ හිනාවට සමානයි නේද...වෙනදා වගේම අනර්ඝයි මිත්‍රයා...මගේ කාර්යාලය තුලත් ඇගට එන ඒවා කීපයක්ම ඉන්නවා...පරිස්සමින් ජීවත් වෙනවා...හැක හැක හැක....

    ReplyDelete
    Replies
    1. SIRA....මොකටද යකෝ පරිස්සම් වෙන්නේ. බඩගිනිනම් කාපන්. උඹ තාම කසාද බැඳලත් නැහැනේ පරිස්සම් වෙන්න :D

      Delete
    2. මංදා බං ,මං එනකොට ඔන්න අරු අයියා හරියන උත්තරේ දීලා, ඒ වුනාට උඹ ඔය අරු අයියගේ ගැට වලට අහුවෙලා පරිප්පුව කන්න එපා මචෝ

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]