Friday, April 5, 2013

කලිසමේ වික්‍රමය


ට්‍රීන් ..ට්‍රීන්...ට්‍රීන් ..ට්‍රීන්...ට්‍රීන් ..ට්‍රීන්...

" කව්ද යකෝ උදේ පාන්දරම" " අම්මට හුඩු ප්‍රසන්නයා"

" මචං ප්‍රගියා ,තාම නිදිද හු........"

" නැතුව ඉතින් ඇහැරගෙන කැවුම් කන්නයැ නිවාඩු දවසේ"

"ඉක්මනට අපේ ගෙදරට වරෙන් , මළගෙයක් දැන්ම යමු"

" කාගේද බං"

" සෙනාගේ නැන්දම්මා, නැතිවෙලා , ඇඹිලිපිටියේ "

" ඉතින් තොට මේ තදියම මොකද මලගේ වහනවද? උලමෝ"

"නෑ සෙනාට වල්පැන්ටා පොට් එකක් සෙට්වෙලා "

"ඉතිං"

" ඉතින් නෙවෙයි මෙන්න මෙහෙ වර නැත්තම් තෝව දාලා යනවා"

" හරි හිටපන් ඉතින් එන්නම් ," කිව්වා වගේම ඔය පකිස් බූරුවා දාලා යන්නත් බැරි නෑ තමයි,

මම සියල්ල බාගෙට හෝදලා , බාගෙට ඇඳගෙන ප්‍රසන්නයාගේ ගෙදරට යනකොටත් මෙන්න මේකා කලිසම බාගෙට ඇඳගෙන , කලිසමට උඩින සරම ඇඳගෙන ,සරම කටින් හපාගෙන අඬා වැටි වැටී උඩ පනිනවා,

" මොකද යකෝ වෙලා තියෙන්නේ" "තෝ මට පරක්කු වෙනවා කියලා තාම උඩ පැන පැන ඉන්නේ මෙතන "

කාමරේ ඇතුලට ගිය ප්‍රසන්නයා අම්මෝ ගාල කෑගහලා, එක සැරේම එලියට අවා.

" වර යන්න ප....යා"

"ඇයි බං මම මොනා කලාටද මට බනින්නේ"

මෙන්න යකෝ මූ මාව වාහනේ දාගෙන පවනට බඳු වේගයෙන් මාතලී වගේ යනවා, මූ මාතලී උනාට මම ශක්‍ර දෙවියා නෙවෙයිනේ යකෝ, කොහේ හරි ඇමිනුනොත් අබසරණයි,

" උඹ මෙච්චර වේගෙන් යන්නේ විනාඩි පහෙන් ඇඹිලිපිටි යන්නද බොල"

" පල හු........... කට වහගෙන පරයා"

මෙන්න බොලේ මුගේ ඇස් වල තාම කඳුළු, ඇඹරී ඇඹරී කෙඳිරි ගානවා,

නැවැත්තුවා නුගේගොඩ රෙදි කඩයක් ළඟ, මෙන්න මූ දුවනවා කඩේ ඇතුලට ,මුදලාලියා තාම දුම් අල්ලනවා,

"මල්ලි තාම කඩේ ඇරියේ නෑ"

"කමක් නෑ මුදලාලි දැන් අරින්න එහෙනම්"

මෙන්න බොලේ මේකා මල්ලක් පුරවලා රෙදි ගොඩක් අරන් වාහනේට ගොඩ වුනා ,

" මොනවද බං මේ හැටි"

"ජොක්කු බං ජොක්කු, මීට පස්සේ මගේ ජීවිතේට ජොකෙක් අඳින්නේ නැතුව කලිසමේ සිප් එක දාන්නේ නෑ"

එතකොට තමයි මට තෙරුනේ මේකා මම ගෙදරට යනකොට කලිසම අල්ලාගෙන උඩ පැන
පැන හිටියෙයි ,මෙච්චර වෙලා කෙඳිරි ගගා හිටියෙයි ඇයි කියලා,

(කොහොම උනත් සිප් එකේ පාර අහවල් තැන මාසයක් විතර තිබුනලු )


9 comments:

  1. හොද වෙලාවට මැද්දෙන් අහු උන් නැත්තේ

    ReplyDelete
    Replies
    1. මැද්දෙන් අහු උනානම් හලාල් තමා

      Delete
  2. ඇඬෙන සීන් එකක් ඕක නම්..

    ReplyDelete
    Replies
    1. ඇඬෙනවද කියන්නේ ඉස්කෝලේ යන කාලේ ඉන්නේ ඇඩු කඳුලින් , මොකද ඒ දවස්වල ජොකා අඳින්නේ යලට මහට නේ.

      Delete
  3. ඇඬෙන සීන් එකක් ඕක නම්..

    ReplyDelete
  4. //වල් පැන්ටා පොට් එකක් සෙට්වෙලා// කියන්නෙ මොකද්ද? :O

    ReplyDelete
    Replies
    1. වල් පැන්ටා කියන්නේ හොරෙන් පෙරන අරක්කු...(කසිප්පු නෙවෙයි)

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]