Wednesday, February 26, 2014

උපන් ලපය .....The Birth Mark


"සරසවියේදී හෙට විතරයි හමුවන්නේ ......
කිම්ද කුමාරි නෙත කඳුලැලි පුරවන්නේ .....
සිහිනෙන් දැකුමට ........

ජනා ..ජනා ......ජනා .......

"කවුද යකෝ....නිදහසේ ඉන්න දෙන්නේ.......ආ සුරා ...."දොරට දඩිබිඩි ගාලා ගහන සද්දෙට නැගිටලා දොර අරිද්දි දොර ළඟ හිටියේ සුරංග ...

"මොකද සිංදුව දාගෙන ..තාම යන්න අදහසක් නැද්ද ... ආයේ ඉතිං මේවයේ බුදියන්න වෙන්නේ ලබන ආත්මේ තමයි. බඩු ලෑස්තිද?

"පොත් ටික ඊයෙම යැව්වා බං කල්ලා අතේ ,උන්ගේ මාමා ආවනේ කැබ් එකක...ඇඳුම් කෑලි තුන හතර නම් ගෙනියන්න් බැරියැ..."

"ඔව් ඕව නොගෙනියන එකමයි හොඳ අවුරුදු හතරකින් හෝදලා නෑනේ ? ...මම අද යනවා ..."

"ඇයි අනිද්දා යතුරු බාර දුන්නම ඇතිනේ ..? එතකොට සවීණා ..?

"අනිද්දා වෙනකන් හිටියා කියලා ලැබෙන දෙයක් නෑනේ ......ඒ ප්‍රේමයත් අතීතයට එකතුවෙයි වගේ ....."

"ඒ මොකෝ....ඕකනේ කියන්නේ මැණික් ගලේ පය වැදුනට කණා ඇහිඳලා ගනීද කියලා , අම්මප මට එහෙම සවීණා වගේ කෙල්ලෙක් හිටියනං මං දනී.."
මං ඒ ටික විහිලුවට වගේ කිව්වට ඒ ටික කියවුනේ බොක්කෙන්මයි කියලයි මටනම් දැනුනේ ....ඇත්තටම මම කැම්පස් එකේ හිටපු කැමතිම කෙල්ල සවීනා ...එත් කොහෙද මට කලින් මූ ඉස්සර වුනානේ ...

"ගං කබරයන්ගේ ගමේ එකා ගං කබරයෙක්ම තමයි ඉතිං... ඔච්චර හොඳ කෙල්ල උඹට කරපු වැරැද්ද මොකක්ද යකෝ ...?"

"උඹට තේරෙන්නේ නෑ ජනක ඒවා ... ඒකි කියනවා මාස හයක් ඇතුලත අනිවා ස්ටේට්ස් යන්න ඕනෙලු ...එයාලගේ පුංචි ලඟට ..ග්‍රීන් කාඩ් හම්බවෙනවා කියන්නේ .අපේ තාත්තා කැමති නෑ ඒ ගැන කතා කරන්නවත් ...අනික තාත්තලාට ගමේ තියෙන තැන ගැන හිතුවම ඔය රටවල් වල ගිහිං නිකන් පීචං වෙන්නේ ඇයි කියලා තාත්තා අහනවා .."
අනික අයියත් තාත්තගේ කීමට පිටින් ගිය එකේ ඔය ඔක්කොම දේපල මටනේ බන් කවදා හරි...."

මට ආපු කේන්තිය නිවා ගන්න විදිහක් හිතාගන්න බැරිවුනා ...
"බෝල කේප්ප වස්සෝ එතකොට තෝ හදන්නේ ඔය පොල්ගස් ටික හින්දා රටක් වටිනා කෙල්ලෙක් අතාරින්න්ද  ඈ කියපං ..."

මගේ දිහා නිකං කින්ඩියට වගේ කටකොනකින් හිනවෙච්ච සුරංගය .."ජනා මේ ..මේ ඩිග්‍රිය අරං පාරට බැස්සම උඹට රස්සා දෙන්න කට්ටිය පෝලිමේ බලන් ඉන්නව කියලද උඹ හිතන්නේ..? අනේ යකෝ...?අනික මේකේ මේ කාල් ගාලා හම්බවෙච්ච සහතිකෙන් ඇමරිකාවේ ගිහින් හරක් බලන්නවත් පුළුවන් කියලද උඹ හිතන්නේ ..."

දඩාස් ගාලා දොර වහගත්ත සුරංගයා කාමරෙන් පිටවුනා...

*******

ඇඳේ දිගා වෙලා ඉද්දි මට මතක් වෙච්ච පරණ සිද්ධිය නිසා මට පොඩි හිනාවක් ගියේ සුරංගයාගේ වැඩ මතක් වෙලා ...කොච්චර ඉගෙන ගත්තත්, තරුණ වුනත් , මිනිස්සු ආශ්‍රය කලත් මින්හා පරණ හණමිටි අදහස් කරපින්නගත්ත පොරක් නේද කියල මට නිතරම හිතුණා.

"මචං ජනා උඹට නම් කෙල්ලෝ ,ගෑනු වහ වැටෙනවා බං... " මිනිහා මට කිව්වේ කැම්පස් ෆිස්ට් ඉයර් එකෙදිමයි ....'

"ඔය වෙලාවට තමයි අම්මප උඹේ හොම්බට දමලා අනින්න හිතෙන්නේ ..."

"මොකෝ "

"මොකෝ ගාන්නේ ...යකෝ උපන්තේකට කෙල්ලෙක් එක්ක යාලුවෙන්න බැරිවෙච්ච මට නේ තෝ මොහෙම කියන්නේ ...ඉස්කෝලෙදි හය හත් දෙක්ගෙන්ම ඇනගත්ත මදිවට....මිනිස්සුන්ට ඔයිට වඩා ශිෂ්ට විදිහට අපහාස කරපන් හරිද?"

"නෑ බං උඹේ ඔය යටි තොලේ අයිනේම තියෙන උපන් ලපේ තියෙනවා නේද? එහෙම තියෙන අයට ස්ත්‍රී සැප ලැබෙනවලු ..දැන් නැතිවුනාට අනාගතේදී ලැබෙන්න බැරිකමක් නෑ "

"උඹේ ආච්චිගේ රෙද්ද...?"

*******

"මොකද ජනක තනියෙන් හිනාවෙන්නේ ....ආ තේ එක.."

" අඃ............ රදිකා ...ලඟට එනකම්ම දැක්කේ නෑ..."

" මොකද මේ .....කෝලං ..."

"නෑ රදී ... මම මේ ජොබ් එකෙන් අයින් වෙන්න කියලා ..."

"ඒ මොකද .....ඊට පස්සේ ...?"

" මගේ යාලුවෙක් අලුතෙන් ටුවරිසම් පටන් ගත්තා .. මටත් කතා කළා පුළුවන් නම සෙට් වෙන්න කියලා . මුලදී මිනිහාගෙම වාහනෙකින් කරන්න පුළුවන් .."

"අනේ මන්දා ජනක ඔයාගේ කැමැත්තක් ..ඔයා ඉතින් උගත් කෙනෙක්නෙ ඔයා හිතලා බලලා හින්ද විදිහට කරන්න.."
 රදිකා ගේ මං හැමදාමත් දැක්ක වගේම මං කැමතිම නැති ගුණාංගය වුනෙත් මාව හරිම ඉහලින් තියලා කතා කිරීම ...එක අතකට එයා හිතන්න ඇති ඒ ලෙවල් විතරක් පාස් වුන එයාට වඩා ඩිග්රියක් තියෙන මම හරි බුද්ධිමතෙක් කියලා ..."

*******

"ඔයාට ඔය රස්සාව නැතුව වෙන රස්සාවක් කරන්නම බැරිද ජනක..?"

අවුරුදු ගානකට පස්සේ අලුත් ගෙට මුල්ගල් තියපු දවසෙම රදිකා අහපු ඒ ප්‍රශ්නෙන් මම අන්දුන්කුන්දුන් වෙලා ගියා .

මොකෝ රදී ..මේ .."

" නෑ ජනක මට බයයි....මේ රස්සාව ගැන මිනිස්සු කියන කතා අහලා මට බයක් දැනෙනවා....."

"සල්ලි වගේ නෙවෙයි ජීවිතේ ජනක "

මේකට උත්තරයක් දෙන්න මං සැහෙන්න කල්පනා කළා

"රදී ..අද කාලේ ටුවරිසම් කිව්වොත්, මොඩ්ලින් කිව්වොත් මිනිස්සු හිතන්නේ උන් වේසකමේ යනවා කියල ...මම කවදාවත් ඔයාගේ විශ්වාසෙ කඩ කරලා නෑ රදී..." මේ ටික කියලා ඉවර වෙනවත් එක්කම මගේ අත නොදැනුවත්වම යටි තොලේ තිබ්බ උපන් ලපය දිහාට ගියේ රදිකා ඒ දිහාම බලාගෙන හිටපු නිසා ...මට ක්ෂණයෙන් සුරංගව මතක් වෙලා නොපෙනී ගියා ...

*******

"ජනක සති තුනක ටුවර් එකක් එනවා ලබන දහවෙනිදා ඉඳන්..."

"සති තුනක් ..කොහෙද...?"

"මම හිතන්නේ ලංකාව පුරාම යන්නවෙයි.... පෙන්සිල්වේනියා යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න ඉන්න ලේඩි කෙනෙක්ලු...ලංකාවෙන් ගිය .."

"ආපෝ ..ලෝකල්ස් ලා එක්කනම් එපාවෙනවා....හම්බවෙන කොමිස් එකටත් කෙලවෙනවා උන්ව ඇද්දම.."

"පිස්සු කෙලින්න් එපා බං මම හොඳට දන්නා ෆැමිලි එකක හිතවත් කෙනක්....එයාගේ ඔය මොකක්ද පොත ලියන්න කරුණු වගයක් හොයන්න ...ලොස් නෑ බොරුනම් බලපන්කො..."

"ෂුවර් එකට පී.එච්.ඩී. එකට තිසීස් එක කරන්න එන ඩයල් එකක් වෙන්න ඇති ..ෆුල් බොරින් සති තුනක් තමයි ඉතිං ....

නෑ බං මම හොඳට දන්නා ෆැමිලි එකක හිතවත් කෙනෙක් , එයාට ලංකාව පුරාම යන්න තියෙන නිසා විශ්වාසවන්ත කෙනෙක් ඕනේ කිව්වා. ජොබටත් වඩා මේක උඹ මට කරන හෙල්ප් එකක් ..

********

පහුවදා උදේම එයාර්පෝට් ගිය මම වාහනේ නවත්තලා එරයිවල් එක පැත්තට ගියේ සැන්ද්‍රා..කියන බෝඩ් එක අතින් අරන් , දනිස්සෙන් උඩට අඟල් හතරක් පමණ වෙන්නට ටී ෂර්ට් එකක් වැනි කෙටි ඇඳුමක් ඇඳගත්තු  විසාල අව්කන්නාඩි යුවලක් පැළඳි සුන්දර කාන්තාවක් මගේ ඉස්සරහ පෙනීසිටියේ මා බලාපොරොත්තු වූ රූපය එය නොවූ නිසා මා තුල ඇතිවූ තිගැස්ම ඇයට පෙනෙද්දීමයි .

බෑග් දෙක ඩිකියට දැමූ ඇය අනාරාධිතවම ඉදිරිපස අසුනේ අසුන්ගත්තේ මගේ හිතේ මොකක්දෝ හැගීමකින් පිරී යද්දී . මේ වසර ගණනාවක් තිස්සේ නොයෙක් රටවල් වල සුරූපී තරුණියන් ගේ අඩනිරුවත් මෙන්ම පූර්ණ නිරුවත් සිරුරුද මා නෙත ගැටී ඇති මුත් ඒ කිසිදු අවස්තාවක් මෙවන් අපහසුතාවයක් මට දැනී නොමැත .
කිසිදු අවස්තාවක් ඔවුන්ගේ ඇඳුම් පැළදුම් වලින් කැපී පෙනුණු අවයවයන් මා තුල කිසිදු හැගීමක් ජනිත කලේ නැත. නමුත් මේ කාන්තාවගේ අඩ නිරුවත් දෙපා සහ පුළුල් කර අතරින් පෙනෙන පියවුරුද අද මා නොසිතු ලෙස  මා කළඹවා ඇත.

තවමත් අයගේ මුහුණ බැලීමට නොහැකිවීම පිලිබඳ මා පසු තැවෙද්දී විසල් අව්කන්නඩි දෙක සහ හිස රැඳී රෙදිකඩ ඉවත් කල ඇය...මා දෙස බැලීය

"ජනක .......මම සවීණා ..."

මාහට දැනුණු හැගීම කුමක්ද යන්න සිතා ගැනීමටත් පෙර වාහන කීපයකින්ම මම වාහනය බේරාගත්තේ කෙසේද යන්න තාමත් සිතා ගත නොහැකිය...

"හප් ...බී කෙයාෆුල් මෑන්.... කමෝන් ජනක වයි.....?"

පසුපස හැරී බැලූ මට දකින්නට ලැබුනේ තවමත් කුණුහරුප කියමින් පසුපස හැරෙමින් ගමන් කරන පදිකයන් කීපදෙනෙකි.

******** 

වසර ගණනාවකට පෙර මාහට වසර දෙකක් පහල කණ්ඩායමක එකම සරසවියේ අකුරු කල කාලයේ සිතින් පමණක් පෙම්  කලද ,සමීප ඇසුරක් නොතිබුනත්, මාගේ සගයා වූ සුරංගගේ පෙම්වතිය වූ නිසාවෙන් ඇය දැන හඳුනාගෙන සිටියත් මේ තරම් ලඟින් ඇසුරු කරන්නට ලැබුන අවස්තාව නිසා මං මහත් උද්දාමයට පත්ව සිටි බව නම් අතිශයෝක්තියක් නොවේ...

සති තුන ගෙවීගියේ ඉතාමත් වේගයෙන් යැයි මට සිතුනි.. ඇය නැවත පිටත්වන දින මට අතිශයින්ම හැගීම්බර දිනයක්ම විය ..

මා පියවිසිහියට පත්වූයේ  ...ඇය නික්ම යාමෙන් පසුවබව මට වැටහෙන්නට විය ..නමුත් ඉන්පසු රදිකාට මුහුණ දීම මට ඉතාමත් අපහසු විය... සවීණා නිතරම මසිතේ හොල්මන් කරන්නට වත්ම මා සිත වරදකාරී හැගීමකින් පිරීයන්නට විය .

මින් මිදීමට මා කලේ සවීණා සමග සම්බන්ධ වීමට තිබූ සියලු මාර්ගයන් අවහිර කිරීමයි..මගේ ෆේස්බුක් ගිණුම. විද්‍යුත් තැපැල් ලිපින , දුරකථන අංක සියල්ලක්ම වෙනස් කල මා මෙතක් රැකියාව කල ආයතනයෙන්ද සමුගෙන මාගේම ව්‍යාපාරයක් ආරම්භ කලේද මේ නිසාමයි ...

මේ කිසිවකින් රදිකා සමග ඇති කුටුම්භය අවුල් කර ගැනීමට මට වුවමනා නොවූයේ සැබවින්ම ඇය වචනයේ පරිසමාප්ත අරුතින්ම හොඳ බිරිඳක් වූ නිසාමය . මා අතින් සිදුවූ වරද තව දුරටත් කිරීමට මට අවැසි නොවීය .

මාස පහ හයක් ගත වෙද්දී සියල්ල යලිත් සංසුන්විය....

නමුත් මාගේ මව හා රදිකා අතර වූ නොහොඳ අලුත් වටයකින් පැන නැගීම මට මහත් හිසරදයක් විය.

"වඳ ගෑනු ඉන්න පලාතම මූසලයි බං."

"අනේ අම්මේ කට පියාගෙන ඉන්නකෝ...අපිත් මේ දරුවෙකුට ආස නැතුව නෙවෙයිනේ .."

"අනේ උඹලාගේ ආසාව මම කියන්නේ නෑ.. මමත් මැරෙන්න කලින් මුනුපුරෙකුගේ මූන බලන්න ආසා නැතුවද ?"

කෙසේවෙතත් මේ වෙනුවෙන් නොගිය රෝහලක්, දේවාලයක් පන්සලක් නැති තරම් විය. රදිකාට දරුවෙකු පිලිසිඳගැනීමට ඇති හැකියාව ඉතාම අඩු බව සනාත වී තිබුනද උත්සාහය අත්හැරීමට ඇය කැමති නොවීය .

*******

එදින මා නිවසට ලඟා වනවිට වෙනදා ආලින්දයට පැමිණෙන රදිකා පෙනෙන්නට නොසිටියාය , දොරද වසා දමා තිබූ අතර , ගේට්ටුව කිසිදාක නොමැති පරිදි හැර දමා තිබිණි... ආලින්දයේ රථය නවත්වා බිමට බට මා දුටුවේ දොර මැදටම ඇනයක් ගසා එල්ලා ඇති ලියුම් කවරයකි.. විදේශීය ලියුම් කවරයක් වූ එය මත ලියා තිබූ රදිකාගේ අත් අකුරු මට සැනෙකින් හඳුනාගත හැකිවිය ...

"මගේ විශ්වාසය රැක්කට බොහොම ස්තුතියි . මම ගෙදර යනවා . මාව හොයාගෙන එන්න එපා ,ඔයාගේ ලෝකෙකට යන්න ඔයාට මාව බාධාවක් කරගන්න එපා "

 අප අතර සිදුවූ සියල්ල සවීණා විසින් රදිකාට හෙළිකර ඇති බවට තවත් පැහැදිලිකිරීම් මට අවැසි නොවීය ....මාගේ කන්දෙකෙන් පටන් ගත් ගිනියම් වීම මුළු ශරීරය පුරා ගමන් කරනු මට දැනෙන්නට විය .

ලියුම් කවරය තුල වූ ලියුම් එලියට ගතිමි ..

"ජනක -

ඔයා මාව හැම විදිහටම මගඅරින නිසයි මම මේ ලියුම එවන්නේ ..මට ඔයාගේ ජීවිතේට බලෙන් ඇතුළු වෙන්න ඕනේ නෑ.. ඒත් මට මේ ටික ඔයාට කියන්න ඕන වුනා .මේ ඉන්නේ මගේ පුතා ...අපේ පුතා ,අපි දෙන්නගෙම පුතා ...."

සවීණා

ලියුම් කවරය තුලින් බිමට වැටුණු ඡායාරූපදෙක දෙස මා බලාසිටියේ වික්ෂිප්තවය. සවීණා ගේ තුරුලේ සිටින සුරතල් දරුවෙකුගේ සේයාරුවත් ,ඒ දරුවාගේ තනි සේයාරුවත් මාදෙසම බලාසිටින්නට විය ..

දරුවාගේ යටිතොලට පහලින් ඇති උපන් ලපය දුටු මට, මාගේ යටි තොලට පහලින් ඇති උපන්ලපය දෙසට අත යොමුවුණේ නිරායාසයෙනි.



227 comments:

  1. මරු බං...... දැන් ඉතින් වීසා ගන්න ලේසියි... ඕන නම් ඩී ඇන් ඩී ටැස්ට් එකකින් උනත් පෲව් කරන්න පුළුවන්නේ...

    වෙනදා වගේ කුතුහලයක් නම් නෑ... ඒත් ඉතින් මගේ ෆීල්ඩ් එක නිසා.. හිතට වැදුනා.. අම්මපා ඇත්තම කතාව කියන්නේ.. සමහර කෑලී හෙළුවෙන් ආවත් කිසිම හැඟීමක් ඇති වෙන්නේ නෑ නේ.. හිත් කියන්නේ මහා පුදුම දෙයක්..

    ReplyDelete
    Replies
    1. ටුවරිසම් කිවම මට ඔයාව මතක් උනේ මහාචාර්ය තුමණි.. උපන්ලපයක් තියෙනවද :)

      Delete
    2. අනිවා ...හිත හොද අයගෙ තියෙන්නෙ නොපෙනන තැන් වල අනේ...

      Delete
    3. අපි ඉතින් ඕවට නෑ නේ.. රහත් බව ලබන්න ඕන්න මෙන්න..

      Delete
    4. මටත් මතක් උනේ මාතයව තමා , අර කෙන්ජියා කියන තැන උඹගේ උපං ලපයක් තියද

      Delete
    5. පුදුමේ කියන්නෙ ඒක කෙන්ජා දැක්කේ කොහොමද කියන එකයි බං

      Delete
    6. මාතෙට මතක නෑ වගේ මේ ලපේ කතාව ආවේ කොහොමද කියලා .. එතැන හිටියා තව දමිත් ගුණවර්ධනයි (හය හතර), සුදීකයි ..දමියටත මතක් නෑ ,බොහෝවිට සුදීකට මතක තියෙන්න පුළුවන්.
      හිත කොහොමත් හරිම පුදුමයි ...අර බ්රෙසියර් එකෙක්න් බෙල්ල මිරිකලා මරපු ගෑනිට ලව් කරපු මිනිහා දිහා බැලුවම එක පේනවනේ

      Delete
    7. @ ඔමායා - එහෙම මතක්වුනා නම් ඒක හරි. සුළු සුළු සංශෝදන සහිතව

      Delete
    8. @ කෙන්ජි - එහෙමත් එකක්ද?

      Delete
    9. මාතේ රහත්වෙලා ඉවරයි කියලයි මම හිතුවේ....?

      Delete
    10. @ අටමා - මම උඹට කිව්වා මතකද ඊළඟ කතාව ලොක්කයියා ගැන කියලා

      Delete
    11. @ නලින් - මටත් ඒ පුදුමේ නම් තියෙනවා නලින් අයියා

      Delete
    12. ඉවාන් පුළුවන් නම් මේ උඩ එවා එක කමෙන්ටුවක් විදිහට උත්තර දෙන්න බලන්න //ඔලුව රිදෙනවා කමෙන්ටුවක් දාන්න යනකොට

      Delete
  2. ඉවාන් කෙටි කතා රචනයට ඔබ පාන සමත් කම යළිත් වරක් සනාථකළ කතාවක් මේකත්. අවස්ථා දිගහැරුම ගැටුම් නිර්මාණය තුළින් පාඨකයා කතාව තුළ ඒකාත්මික කිරීම අතින් ඔබ බොහෝ ඉදිරියෙන්. ඉතින් කතන්දර කෙටි කාතාවලින් ඔබ්බට ගොස් මනෝවිශ්ලේෂණාත්මක කෙටි කතා දෙසට නෙත යොමු කරවන්නට ඔබට දැන් කාලය ඇවිත් වගේ... ඒවන් කතාවකට බිජුවට සොයමු දැන්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින් අයියේ හැමදාමත් වගේ ඔබේ අගය කිරීම සහ මග පෙන්වීම ශක්තියක්.ස්තුතියි අදහසට , ඒ පිළිබඳව හදාරන්න හිතාගත්තා ...

      Delete
  3. දෙන්නාගේ උපන් ලප දෙක දැකලා හිනා ගියා. ඒවා අතින්ද තිබ්බේ ඉවාන්? :D:D

    ReplyDelete
    Replies
    1. ඔන්න බලාපල්ලකෝ මේ කෙල්ල හොයා ගත්ත එක මෙච්චර දේවල් තියෙද්දී .... අතින් නෙවෙයි මෙයා තිබ්බේ MS PAINT වලින් .......හිකිස්

      Delete
  4. උපන් ලපය විතරද? අර තියන කට ඈරගෙන, දිව එල්ලෙන, ඈස් ලොකු පෙනුම අර කාර් එකට බබාගෙ අම්ම නෑග්ග විට තාත්තගෙ ලුක් එකම නේ?

    ReplyDelete
    Replies
    1. උඹ එතැන හිටියා වගේ කියලා තියෙන්නේ හැක හැක ....මොනාවුනත් කතාව ඇත්ත .

      Delete
  5. පව් අප්පා අර අසරණ රාධ්කා තවත් සිරා කතාවක් සිරාවටම ඉවාන් මම මුල ඉඳල අගටම අකුරක් නෑර බලන උඩින් පල්ලෙන් නොකියවන සයිට් තියෙන්නේ ගොඩක් අඩුවෙන් බය නැතිව කියන්න පුළුවන් ඔයාගේ සයිට් එක එයින් එකක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෝරලේ මහත්තයා ...ඒ කතාව ඇහීම ඇමට සතුටක් මචෝ

      Delete
  6. ඒ මේ ගෙම්බෝ කතාව වෙනදා වගේම නියමයි.....මේ ලියන ස්ටැයි එකට මන් හෙන ලයික්... ;)

    ReplyDelete
    Replies
    1. අප්පට ඉවාන් අයියට කියන්නෙ ගෙබ්බ කියලද, දෙන්නම් මට අනන්මනන් කියන වෙලාවට :D

      Delete
    2. ඔය අනන් මනන් කියන වෙලාවට මටත් කියහන් ඉවාන්. මාත් එනවා ;)

      Delete
    3. අනේ ඉවාන් අයියේ මුට කෝල් එකක් දීලම කියන්ඩ ඈ :D

      Delete
    4. @ශානු.- හෙක් හෙක් ...තැන්කුයි ගෙම්බි .... හිටපං මම අක්කට කියන්න මට අපහාස කරනවා කියලා

      Delete
    5. @ සසිඳු- බොරු බං මේ ශානු නඟාගේ ......

      Delete
    6. @ ප්‍රියා - අනිවා මචෝ සෙට් වෙලා දෙමු ගේම

      Delete
    7. හිතේ ඇති අපිට ගේම් දෙන්න :P

      Delete
  7. පොඩ්ඩක් ඉදු ලපයක් ගැන නේ මගේ ලප බලාගෙන එන්නං ...

    ReplyDelete
    Replies
    1. ඇති අහවල් එකේ :D

      Delete
    2. බොරු නෙමේ...අනිවා...තිබේ.... :)

      Delete
    3. අදාල ස්ථානයේ තියනවනම් කාමාශාව වැඩි තමා :D

      Delete
    4. පොඩ්ඩක් හිටු කණ්ණඩියක් ළගට ගිහින් බලලා එනකං. නැත්තං කෙන්ජා සෑහෙන කාලෙකින් මල්ලි දැකලා නෑ මලයා

      Delete
    5. කරුණාකර නැරබීමෙන් වලකින්න මේ සංවාදයට කොටු දමා ඇත .

      Delete
    6. නලීන් අයිය අදද උපන් ලපේ හොයන්නෙ? :D

      Delete
    7. ශැක් අපි එත්දි මේවට කොටු වැටිලනෙ. මමනම් මුකුත් දැක්කෙ නෑ. :)

      Delete
  8. මං ගොඩක් රස වින්ද 4 වෙනි කොටස කියවද්දී ආපහු උඩ ඉදන් කියවන්න ඕනේ කියල හිතුනා, හරිම සාර්ථක කෙටි කතාවක්..

    ReplyDelete
    Replies
    1. මාත් 2පාරක් කියෙව්ව බන් චරිත 2 පැටලිලා :D

      Delete
    2. @ ඔමායා - බොහොම ස්තුතියි ඔමායා ..ඔමායා කොහොමත් හොඳ රසිකාවියක් කලාවට ..

      Delete
    3. සසිඳු -මොකෝ මල්ලි පැටලුනේ

      Delete
    4. කෙල්ල සෙට් වෙලා හිටියෙ සුරංගටද ජනකටද කියල පැටලුනානෙ මගදි :D

      Delete
    5. සුරංගට ...ජනකයා හිතෙන ලව් උඹ වගේ ..හිකිස්

      Delete
    6. අපිනම් කාටවත් හිතෙන් ලව් නෑ :D

      Delete
    7. සිතින් විතරක් පෙම් කරන්නම්…
      දුරින් හිද ඔබ දෙස බලන්නම්……

      :) :)

      Delete
    8. ඔව් ඔව් සසිඳු වා ගතින්නේ ලව් :)

      Delete
    9. මොනාද මේ උබල කියන්නෙ නොවැටහේ මට කිසිත් :o

      Delete
  9. මමත් කතාවෙ මුල ඉඳලම මාතලන්ව දා ගෙන තමයි කියෙව්වෙ...අර ළමයි නැහැයි කිව්ව තැනදි තමා ඒකව හැලුවෙ..
    අම්මපා මාතලන්ගෙ මුහුණුවර තියෙන උන් කීයක් නම් පිටරටවල් වල ඇද්ද ?

    ReplyDelete
    Replies
    1. සික්කේ කියන කතා :D

      Delete
    2. බෝ පැළවලට අපහාස කරන්න එපා මචෝ

      Delete
    3. වෙනි අයියා - පව් අප්පා අර මනුස්සයා ..අර කියලා තියෙන්නේ රහත් වෙන්න ඔන්න මෙන්න කියලා

      Delete
    4. @ නලින් & සසිඳු - එකම තමයි මාත් කියන්නේ

      Delete
    5. මාතා රහත් වෙන්න ලඟයි නම් අපි මේ වෙනකොට බුදු වෙලා ඉන්ඩ එපැයි ! :-D

      Delete
    6. මට මතක් උනේ අර ප්‍රසා දාපු ෆේස් බුක්ස්ටේටස් එක "වෙනිවැල් වඳ වෙයිද" කියල...

      Delete
    7. බොටත් ඕනි නැති එව්වමයි මතක් වෙන්නෙ ඉන්දික ...

      Delete
    8. ඇත්තනෙ කියල තියෙන්නෙ :D

      Delete
  10. අම්මප මටත් මතලන් ගොයියවමනෙ මතක් වුනෙ.කතාව සුපිරි ඇ.
    මාතලන් නෙමෙයි නේ වස්තුබිජෙ දුන්නේ.

    ReplyDelete
    Replies
    1. උඹට මතක් නැද්ද මේ වස්තුබීජේ ආපු හැටි , මේ උපන් ලපේ කතාව..බලමු සුදීකට මතකද කියලා

      Delete
    2. මට මතකයි බොල.මාතෙ කිවුවෙ උබ ගැන.මමත් එතනහිටිය නොවැ.

      Delete
  11. ජනකයට තියෙන්නෙ පෙරලුනු පිට හොදයි කියල හිතාගෙන ජීවිතේ ගෙනියන්න තමා :D
    නියම නිර්මානයක් අයියෙ, අති විශිෂ්ඨයි :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා රාදිකාත් පවු බන්. :(

      Delete
    2. ඒකට කියන්නෙ ලැබීම කියල බන්, රාදිකා ගොඩක් පව් කරල ඇති ඒකනෙ දරු සම්පතුත් අහිමි වෙලා අන්තිමට මනුස්සයවත් නැති උනේ...

      Delete
    3. සසිඳු - තැනකුයි වේවා මලේ එහෙම කරන්න පුළුවන් වුනොත් හොඳයි , වැරදි වුනාට එහෙම හිත හදාගන්න බැරි මිනිස්සුත් ඉන්නවා .

      Delete
    4. @ සසිඳු & ප්‍රියා - දැන් කාලේ පටචාරාවට ආසන්නයෙන් චරිත ඉන්න පුළුවන් නේද?

      Delete
    5. දැන් කාලෙ විතරක් නෙමේ අනාගතයේත් ඉදිවී මිනිස්සු පවු කරන එක නවත්තන්නෙ නෑනෙ අයියෙ :D

      Delete
  12. ගින්දර.

    මේක කියවද්දි මට හිනා ගියා කෙන්ජි මතක් වෙලා..ඌ මේක ලියුවනං සති තුනේ ‍ටුවර් එකේ විස්තර සති තුනක් විතර ලියනව. හෙහ්..හෙහ්.....

    ReplyDelete
    Replies
    1. තැනකුයි X - Porter .. හෙක් හෙක් ඒ කියන්නේ කෙන්ජා ලියන්නේ සති තුන ගතකරපු හැටි ....හෙක් හෙක්

      Delete
  13. ඒ කියන්නේ බොලේ ප්‍රොටෙක්සන් පාවිච්චි කොරලා නෑ නේ? ඔන්න ඕකනේ කියන්නේ ලව් කරපු කෑල්ල උනත් පිට රට ඉඳං එනකොට මොන ලෙඩ තියෙනවද කියලත් හිතන්ඩ එපායැ.

    කතාවේ ආදර්ශය: ප්‍රීති බාවිතයෙන් ප්‍රීතියෙන් ඉන්නට ඉඩ තිබුණි.

    කතාව පට්ට....

    ReplyDelete
    Replies
    1. කතාව වගේම එක ඈ
      +++++++++++++++

      Delete
    2. දිනුකයෝ සහතික ඇත්ත. ඒත් මේ ප්‍රබන්ධයක් බව අමතක නොකරන්න

      Delete
    3. @ දිනුක - බලාපන් මේ එකෙත් හැටි ප්‍රෝටෙක්සන් දාන්න අමතක් වෙලා ආදරේ වැඩි කමටම .. තැනකුයි වේවා මචෝ...දැන් ඔය ප්‍රීති වලට වඩා හොඳ බ්‍රෑන්ඩ් නැද්ද ..මේ වෙද්‍ය උපදේශයක් පැතුවේ ...:D

      Delete
    4. ඇයි බං තියෙන්නේ. ගැටිති සහිත එකක් තියෙනවා අඩු ගාණට "සතුට" කියලා.වැඩි වෙලාවක් අල්ලලා හිටින්ඩ එකක් තියෙනවා "ස්ටැමිනා" කියලා.ටිකක් ගණං වැඩි උනත් "ඩියුරෙක්ස්" බ්‍රෑන්ඩ් එකේ තුනී ඒවා, සුවඳ ඒවා, රස ඒවා, පාට ඒවා ඕනේ එකක් තෝරලා ගන්ඩ පුළුවං.

      ප.ලි.
      මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

      Delete
    5. නෑ නෑ නලින් අයියේ මම කිව්වේ කතාවෙන් අපිට ගන්ඩ තියෙන ආදර්ශය නොවැ..

      Delete
  14. පුහ් උපං ලපයක් ගිය දුරක්.....
    ෙමානව වුණත් මැක්ස කතාව ඉවාන් අය්ය.... සුපිරියටම ලියල ති ෙයනව. නියමයි...
    දිගටම ෙහාද ෙකටිකතා අර කතා ෙම් කතා රචනා කරන්න සත්තිය දයිරිය ලැ ෙබන්න ඔ්න...
    ෙබාක්ෙකංමයි අෑ...

    යුනිෙකා්ඩ් බුල් ෙකලීම පිළිබද සමාෙවන්න

    ReplyDelete
    Replies
    1. දුර කියන්නේ අන්තිමට පෙන්සිල්වේනියාවටම ගියානේ ..

      මොකක්ද මේ යුනිකෝඩ් වලට වෙලා තියෙන්නේ ..? ස්තුතියි මචෝ . බොක්කෙන්ම කරපු පැතුමට

      Delete
  15. ඉවාන් මල්ලිය මේ ලිපිය කියවපු ගමන් මගෙ නැවතිල තිබුන මනස නැවත වැඩ කරන්න ගත්ත..
    Thanks ....
    හොද ෆිට් එකේ හෙට උදේ ආයේ කමෙන්ට් කරන්නම්....
    එල එකේ ...පට්ට.... මටම ගැලපෙන කතාව බං ....

    ReplyDelete
    Replies
    1. උබේ ලැපේ ආන්ටි ඉමල්ඩගේ ළමයාගේ ඇති @#$@

      Delete
    2. කෙන්ජයිය ආයෙත් පිබිදිලා ආන්ටි ඉමෙල්ඩා 2 ලියයිද දන්නෑ :D

      Delete
    3. දැන් මැලවෙලා හෙට උදේට කියවලා කෙළින්කරගෙන ආන්ටි ගැන ලියයි ආයිමත් මලයා

      Delete
    4. @ කෙන්ජයියා - මනස වැඩ කරන්න පටන් ගත්තනම් ඒ මදැයි ..එච්චරයි වෙන්න ඕන....මොකද මටම ගැලපෙන කතාව කිව්වේ ....? ඉමෙල්ඩා කතාව නිසාද ?

      Delete
    5. @ නලින් @ සසිඳු - මටත් හිතෙනවා මොකක් හරි කෙලියක් වෙයි කියලා

      Delete
    6. දැන් කොල්ල බලධාරිය නැතුව තනියම ඇදන් යනනිසා ලියයි :D

      Delete
    7. මොකාද බන් ඔය බලධාරියා

      Delete
    8. අපි කෝමැයි ඕව දන්නෙ :D

      Delete
  16. යකඩෝ උපන් ලපයක් කරපු වින්නැහියක්.අර පවුලම ඉවරයිනේ.ජනකගේ තාත්තාටත් ඔය ලපේ තියෙන්න ඇති නේද...?

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ , ජනකගේ පරම්පරාවට තියෙන්න ඕනේ මේ කියන විදිහටනම් .

      Delete
  17. දැන් බලන්න බොහෙමයක් චිත්‍රපටිවල වීරයා යි කෙල්ලයි යන කාර් එක ඇක්සිඩන්ට් වෙලා දෙන්නා යාන්තං එළියට ආවාට තත්පරේකට පස්සේ තමයි ගිණි අරගෙන පුපුරන්නේ. හැබැයි හතුරෝ යන කාර් එක නම් කන්දෙන් පල්ලෙහාට බාඝෙට පෙරලෙන කොට ගිණි අරගෙන් පුපුරලා යනවා. හතුන්ගේ කෑලින් නැ.

    ඒ වගේම තමයි, බැඳලා අවුරුදු ගාණක් ගියත් ළමයි නැති වුණත්, දවසක දෙකක කේස් එකකින් ළමයෙක් පිළිසිඳ ගන්නවා. මාරයි නේද?

    ඒ කෙසේ වෙතත් පෙළොන්නරුවේ ඉන්නා හොඳම ටුවරිස්ට් ගයිඩ් කටුබැද්දේ හිටපු සිසුවෙක් බව රත්නායක මහත්තයා නම් අයෙකු මා සමග කීවා!

    ReplyDelete
    Replies
    1. ඉතිං කකා අවුරුදු ගානක් නෙවෙයි කල්ප ගානක් හිටියත් සරුභාවය නැති කාන්තාවට ළමයි ලැබෙන්නේ නෑ නෙව. නැත්තං විනාඩි හතරත් හොඳටම ඇති .


      මාගේ නිර්මාණ ඇතැම්විට බ්ලොග් ලොව බොහෝ අත්දැකීම් සහ ඉහල රසඥතාවයකින් යුක්ත වූ කකා වැනි අයට බොහෝ සෙයින් බොළඳ නිර්මාණ ලෙස පෙනෙන්නට හැක. මේ කිසිදු කතාවක් හොඳ ඉහල මට්ටමේ කතා නොවන බව මමද දනිමි. ඒ පිළිඹඳ කකාගෙන් සමාව අයදිමි

      Delete
    2. කතාව නෙමෙයි බොළඳ බොගෙ මේ කමෙන්ට් එක.

      Delete
    3. @ ඉන්දික - ඒකත් වෙන්න පුළුවන් .... බ්ලොග් නම් ලිව්වා ඇති කියල කොහොමත් හිතිලා තිබ්බේ ..ඒ කියන්නේ කොමෙන්ට්ස් දැම්මත් ඇති වගේ නේද?

      Delete
    4. ඉවාන් @ ඉන්දිකගේ කතාව හරි .. ඔයා ලියන කෙටි කතා මට නම් බ්ලොග් අවකාශේ තියෙන රසවිදින්න පුළුවන් හොදම කෙටි කතා තමන් ලීව දෙයක් අවතක්ෂේරු කරන්න එපා .

      Delete
    5. අනිත් කෙටි කතා බොහොමයක් ඉතාම හොඳ උනත් මේකනම් හින්දි චිත්‍ර පටියක් වගේ. ආය බොරු කියන්නේ මොකටෙයි කකා කියලා තියෙනේ දේත් ගත යුත්තක් තියේ. සුපිරිම කෙටි කතා කීපයකුත් ඔබේ කෙටි කතා අතර තියනවා. නිකන් බොරුවට මේක සුපිරියි කියන්න බැ. මේක පටන් අරන් ටිකක් දුරට කිවාගෙන යද්දීම එන්ඩ් එක මොනවගේද කියලා නිකන්ම හිතෙනවා. මේක common structure එකක කතාවක් වගෙයි මටනම් තේරුනේ. සමහර විට මගේ නොදැනුවත් කමද මන්දා.

      Delete
    6. @ ඔමා, ඉන්දික & itnishantha ඇත්තෙන්ම කෙටිකතා ලියන්න මම පටන් ගත්තේ ආශාවට මිසක් ඒ පිලිබඳ විසාල හැකියාවක් හෝ සුදුසු කමක් තියෙන නිසා නෙවෙයි. ඉතින් බෑ කියලා තේරෙන්න කොරලම බලන්න එපැයි බන්ස්ලා .. දැන් තේරෙනවා බෑ කියලා ...ඕක කකා විතරක් කියපු දෙයක් නෙවෙයි ...මට සෑහෙන ඊ-මේල් , ෆේස් බුක් මැසේජ් එහෙම දාලා කට්ටිය කියල තියෙනවා ...කොටින්ම කිව්වොත් "උම්බට් අකෙටි කතා ලියන්න බෑ ..පොත් ගහන්න හිතන්න එපා, කට්ටියගේ කොමෙන්ට්ස් නිසා උඩ ගිහින් නිකං නෝන්ඩි වෙන්න එපා "කියන අදහස මට සෑහෙන් පිරිසක් ඊ-මේල් ,ෆේස්බුක් මැසේජ් වලින් කිව්වා. ඉතින් ඒ අදහස් වලටත් ගරු කරන්න එපැයි..
      එකෙක් මට ඊ-මේල් එකක් එවලා තිබ්බා නොදන්නා බව නොදැනීම ලොකුම් විනාසය කියලා , ඉතින් නොදන්නා බව දැන් තේරුණා නිසා ලිවීම නවත්තන එක හොඳයි කියලා හිතෙනවා ..

      ස්තුතියි උඹලගේ අදහස් වලට ...

      Delete
    7. //ඉතින් නොදන්නා බව දැන් තේරුණා නිසා ලිවීම නවත්තන එක හොඳයි කියලා හිතෙනවා .. // මචං, මිනිස්සු අදහස් දක්වන ආකාරය විවිධයි. ඉතින් ඔය කොයි දේත් මැදහත්ව විඳ දරාගෙන හිටහන් වැටෙන්නෙ නැතුව. අපි ලියන්නෙ රට අල්ලන්න නෙවෙයි නෙ බං.. උඹගෙ රසිකයෙක් විදිහට මගෙ අදහස නම් ලියන එක නවත්තන්න අවශ්‍ය නෑ කියලයි..

      Delete
    8. ඉවාන් අලුත් කතාවක් ලිව්වොත් මම නොවරදවාම බලනව.තමන්ට කියන්න දෙයක් නැත්නම් කමෙන්ට් නොකර සිටිම, සෘණාත්මක කෙමෙන්‍ටුවකට වඩා වටිනව. කෙනෙක්ගෙ වැරදි පෙන්නලදෙන එක වරදක් නොවේ, ඒත් ඒ හැම දෙයක්ම තීරණය වෙන්නෙ කෙමෙන්ට් එකේ ටෝන් එක අනුවයි. ටෝන් එක වරද්දා ගත්තොත් , යන්නෙ වැරදි අදහසක්.

      ඇත්ත, සමහර වෙලාවට කමෙන්ට් වලින් රචකයෙක් නොමඟ යන්නත් ඉඩතියනවා, ඒත් ඉවාන්ට එහෙම වෙන එකක් නෑ කියල, ඔබේ ඒ පිළිබඳව දැක්වූ පිලිතුර නිසා හිතෙනව.

      මං මේ නොදන්න හින්දයි අහන්නෙ? මොකක්ද මේ හැමෝම කියන පොත් ගැහිල්ල? කවුරු හරි එකෙක් පිලිවෙලකට ලියාගෙන යනවා නං, කස්ටිය කියනවා 'පොතක් ගැහැව්වොත් නරකද' . කියලා. මං කාගෙද ලිපියක් දැක්කා, පොතක් ගහන්න ගියාම සහ ඒක විකුණන්න ගියාම වෙන කරදර. ඒක එහෙම නං , මේ සෙල්ලමෙන් වෙන්නෙ, අර අපූරුවට ලියාගෙන ඉන්න එකාට , ආයෙ ලියන එක එපාවෙන එක නොමෙයිද?

      ඉන්ටනෙට්, බ්ලොග් එන්න ඉස්සර කෙනෙකුට ලේඛකයෙක් වෙන්න නං , අනිවා පොතක් ලියන්න ඕනෙ වුනා. ඒත් ඒක අද එහෙමම වෙන්න ඕනෙද? ඉවාන්ට ඕනෙම නං පොතක් ලියන්න ඒක ප්‍රශ්ණයක් නෑ, ඒත් පොත් ගැගිල්ල ප්‍රශ්ණයක් කරගෙන , අපිට මේ අපූරු කතා රස විඳින්න තියෙන අවස්ථාවට නං කෙලවන්න එපා :)

      Delete
    9. මේක මතක තියා ගනිල්ල හැමෝම.... කකා කියන්නෙ සියලු සපිරි ඔස්තාර් කෙනෙක් නෙමේ මේ සිහල බ්ලොග් අවකාශයෙ ... එයා සමහර තැන්වල එහෙම හිතං ඉන්නව ...
      උඹ උත්තර පතෝල උත්තර නොදී ගමන පලයං ...

      Delete
    10. කාකා වගේ කයිකතන්දර ලියන්න පටන් ගනින් උබත් එතකොට හරි

      Delete
    11. ඇනේ .. මටද කිව්වෙ මචන් ....
      මම පටන් අරං ඉවරයි...

      Delete
    12. එක එක බයිල ගැහුව කියල ඔයා ඔයාගෙ ගමන නවත්තන්න එපා අයියෙ, ඔව්ව ඉරිසියාවට කියන කතා...තමන් තරම් පොරක් බ්ලොග් ලෝකෙ නෑ කියල හිතන් ඉන්න සමහරු ඉන්නව මේකේ, තවත් සමහරු තමයි හෙන පරණයි කියල ඔළුව උදුම්මන් ඉන්නව..ඔය මොකා මොනන කිව්වත් ඔයා ඔයාගෙ නිර්මාන දිගටම කරන් යන්න..බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ..

      Delete
  18. මං හොඳට මූණ හෝද ගෙන ඇවිල්ලත් බැලුව මගෙත් ලපයක් තියනව කියල. නෑ බං :D

    කතාව ලස්සනයි, හැමදාමත් වගෙ.

    ReplyDelete
    Replies
    1. සික්. මටත් ආසාවට එක උපන් ලපයක්කත් නෑ බන් . :(

      Delete
    2. හොදට චෙක් කොරල බැලුවද? :D

      Delete
    3. @ චන්දන - අපරාදේ බං උඹ මුණ හෙදුවම ලප ඔක්කොම හේදිලා යන්න ඇති . තැනකුයි වේවා මචෝ

      Delete
    4. @ බස්සි - අපි ටැටූ එකක් ගහමු ... :D

      Delete
    5. අපරාදෙ අවුරුදු ගානක් මූණෙ තිබ්බ කුණු තට්ටුව.

      Delete
    6. ඈ ප්‍රසා අයියේ - බස්සිගේද චන්දනගේද

      Delete
    7. බස්සි,

      උපන් ලපයක් තියන්න ඕන බං මං දන්න තරමින් නම් හැම එකාගෙම.. බස්සි කියන්නෙ පිටසක්වලයෙක් හෙම නෙවෙයි නෙ.. :)

      ඔව් ප්‍රසන්න. බරත් අඩු වෙලා ඇති මයෙ හිතේ ග්‍රෑම් පන්සීයක් විතර. :P

      Delete
    8. // අපරාදේ බං උඹ මුණ හෙදුවම ලප ඔක්කොම හේදිලා යන්න ඇති .// ආයෙ මොනවද දැන් කිරි බැබලෙන හඳපාන වගෙ. :D

      Delete
  19. කතාව නියමයි පවුලූශෝ.... හිතත් ගතත් වෙලාගෙන තිවුන මහන්සිය කොහේ ගියාද නෑ..

    ReplyDelete
    Replies
    1. මේ කරුණ සුළුවෙන් තකන්න හැකි දෙයක් නොවේ. බැඳපු ජෝඩුවකට ළමයෙක් නෑ කියන්නේ අතිශය මානසික පිඩනයක්. ඇතැම් විට දෙදෙනා කතාකරගන පමා කරනවා වුවත් සමාජයෙන් එන පීඩනය තදබලයි. ඉවාන් ඒක මැනවින් පෙන්නලා තියනවා මේ සරල කතාව තුළත්

      Delete
    2. ඒ ගැන මන් ලියපු පුංචි කතාවකට මාතෘකාව විතරක් මගේ ද්රාෆ්ට් එකේ තියෙනවා ,,ලියන්න හිතුණා පුංචි කතාවක් ..

      Delete
    3. තැනකුයි රෝස බස්සි - එහෙනම් එච්චරයි ...ඉඳගෙන

      Delete
    4. @ නලින් අයියා - ස්තුතියි නැවතත්..ඇත්තෙන්ම ඔය දරුපල නැතිවීම මත අනන්ත පීඩාවට පත්වන් පුද්ගලයන් සමග කතා කර බැලුවම ..ඒ පීඩනය කොතරම්ද කියන එක මැනවින් වටහා ගත හැකියි

      Delete
    5. @ ඔමායා - ඉතින් ලියන්නකෝ ඔමා ..එකත් අනිවා අපූරු නිර්මාණයක් වෙයි

      Delete
  20. නිර්මාණාත්මක බව උපරිම යි හැම දා ම වගේ ඉවාන්. ඒ ශෛලිය නියම යි!

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි දිලිනි...හැමදාම වගේ අගය කිරීමට .

      Delete
  21. කතාවනම් සුපිරියි ඉවාන්,

    අඩේ කරුමෙට අපිට නෑ නොවැ ඔය වගේ ලප. :-( පෑනකින් ඩොට් එකක් තිබ්බොත් ප්‍රථිපල තියේවිද?

    ReplyDelete
    Replies
    1. පෑනෙන් ඇන්දොත් මැකෙනවනෙ බන්, ඒ හින්ද ටැටූ මැෂින් එකකින් යටිතොල යටයි, අතනයි තිත් 2ක් කොටාගනින්.ඊට පස්සෙ මතක් කරල ප්‍රීතියෙන් ඉන්න ගන්න පැකට් 2 3ක් නිතරම පර්ස් එකේ දාල තියාගනින් :D

      Delete
    2. තැනකුයි ප්‍රියා - ඒවා පිහිටන්න් පින් කොරන්න් ඕනේ කියන්නේ ..අනේ මන්දා ඔව්වා නම්. ඔන්න් සසින්දුවා විසඳුම දීලා

      Delete
    3. ආ බොල සසිඳුවෝ උඹ සයිස් එකේ හැටියටද වැඩ ආ මන් අහන්නේ

      Delete
    4. සසිඳු‍වගෙ පර්ස් එක පික් පොකට් ගහන එකාටනං දෙයියංගෙම පිහිටයි.

      Delete
    5. @ ප්‍රසන්න අයියා - කතාව ඇත්ත කීයක් හරි දාලා ආපහු ගිහින් දෙයි

      Delete
    6. සයිස් එකේ හැටියට මීට වඩා ටිකක් දරුණු වෙන්න ඕන නේද? :D

      @ප්‍රසා අයියා & ඉවාන් අයිය - උබල මෙච්චරටම මගේ පර්ස් එක ගැන දන්නෙ දවසක් මගෙ පර්ස් එකට විද්දෙ උබලගෙන් එකෙක් නේද? :D

      Delete
    7. අතන කිවුවෙ කොතනද කියපන්කො. උඹ අදහස් කොරපු අතන මම හිතපු අතන නම් එතන දැනටත් ලපයක් ඇත. යටි තොලේ තමා නැත්තෙ :) :) ;)

      Delete
    8. කොහෙහරි තියනවනම් එච්චරයි බන් :D

      Delete
  22. ලස්සනයි කථාව ඉවාන්... ඇත්තටම අර අන්තිම පින්තූරෙ ඉන්න පොඩි එකාට තියල තිබ්බ උපන් ලපය දැක්කම නම් හිනා ගියා :)

    ReplyDelete
    Replies
    1. තැනකුයි චාම්ස් - ඕකනේ කියන්නේ ඕවට හිනාවෙන්න එපා මෙයා .

      Delete
  23. උඹ ලියන මේ කථා කවදා හරි කෙටිකථා සංග්‍රහයක් විදියට පලකරපන් ඉවාන්....හරිම අපූරුයි බන්..එකකට එකක් වෙනස් තේමාවන්...උඹේ හැකියාව ගැන විවාදයක් නෑ...එදාට පොතේ කවරෙ මම හදලා දෙන්නම්...උඩ තොල කිට්ටුව මගේ උපන් ලපයක් තියෙනවා...ඒකටත් මොනවා හරි පලාපලයක් කියපං....බොට ජය !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිරෝ ...සිරාවටම සතුටුයි ඔය වචනේටත් . උඩ තොල කිට්ටුව නේද ? කාන්තාවට න උඩ ටොල ලනග උපන් ලපයක් තිබ්බම රූප සුන්දරියෝ වෙනවලු හිකිස් ..කොල්ලොන්ට නම් කොහොමද දන්නේ නෑ

      Delete
    2. lapa koha tibunat..."sira" gana mama dana karnawa.
      Bokka hoda, anunge dukata unu wena, mausakam piruna Manusayak

      Delete
  24. ලස්සන කතාවක්,,මාතෘකාව වෙනස් එකක් නිසා ආසා හිතුනේ

    ReplyDelete
    Replies
    1. තැනකුයි ඩිලාන් ....සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට .

      Delete
  25. ඔය තොල් වල උපන් ලප තියෙන උන් හෙන වල් කියලයි මම නම් අහල තිබුනේ. මගේත් ඔහොම ලපයක් තියෙනව දැකපු කිහිප දෙනෙක්ම කීවා ඔය කතාව.
    කතාව නම් පට්ටයි.

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක ඉතින් බන් උඹ වල් කොල්ලෙක් නෙවෙයි නේ . හරිම අහිංසක ,නිහතමානී ආදර්ශමත් කොල්ලෙක්නේ

      Delete
  26. කොමෙන්ට් ටික කියවනකල්ම මම හිතුවෙ ඇත්තටම පවුලුශා (අයිය?) ට වෙච්ච එකක් කියලනෙ :(

    ReplyDelete
    Replies
    1. අයිය නෙමේ මූ සීය.මෙහෙම හිටියද හද්ද නාකියි :D

      Delete
    2. @ සශා - හත් ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු ..අයි දෙයියනේ එහෙම හිතුවේ ...

      Delete
    3. @ සසිඳු - කියලා වැඩක් නෑ 69 තමයි මම ආසම වයස :D

      Delete
    4. ආසම වයසද එහෙමත් නැත්තන් ...... ...... ...... :D

      Delete
    5. මොනවද බන් මේ …… …… හරියට ටයිප් කොරපන්කො රෙද්ද. :D

      සාශා ~ මුන් දෙන්නම සීයාලා මම විතරයි මෙතන පොඩි කොල්ලා. හැක් ;)

      Delete
    6. ඒකත් එහෙමද පවුලඋශා අන්කල්(මූණ පේන්නැන නිසා කියන්න හිත හදාගත්තැහැකි) ,සසිඳු පවු නේ අයිය කියමු.ප්‍රියා පොඩි එකානෙ මල්ලි කියන්නම්

      @පවුලුශා - අනේ මන්දා ඉතිං මට එහෙම හිතුනානේ..

      --- මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූශා.. _----

      Delete
    7. ඔව් ප්‍රියා විතරයි පොඩි කොල්ලා ..නැද්ද සසිඳු ..අනේ පොඩි එකා

      Delete
    8. @ Sasha - -----....හිනහවෙවී අපි නැටුවට පොළොවට වෙහෙස දැනෙනවාද ...-------

      Delete
  27. ඔය ලප වලින් කියන දේවල් බොරු අප්පා ,ලප වලින් කියන හොද හෝ නරක අපිට වෙනස් කල හැක,

    ReplyDelete
    Replies
    1. බොරු නේන්නම් දුලංජි ...ඇත්ත කතාව නම් ඔය හැම එකක්ම හිත . හිත පාලනය කරගන්න පුළුවන් නම් ලප කොහේ තිබාම මොකෝ ..සාදරයෙන් පිලිගන්නවා දුලන්ජිව මේ පැත්තට

      Delete
  28. බලපංකො කොල්ල උඹ වගේමනේ ඉවාන් උපං ලපේ අතින් නොතිබ්බත්,පාට ඉතරයි වෙනස්.

    ReplyDelete
    Replies
    1. පෙනේද කියලා තියෙන කතාවක මහත. අයි අප්පා මං මොන වරදක් කලාටද ...? අනික අපි කළුයයි ...හාහ් :D

      Delete
  29. කතාව නම් නියමයි බං.. ඒක නෙමෙයි, ඔය කියන තැන උපන් ලපයක් මගේ නම් තියෙනවා ඇත්තටම.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බං... ඇත්තටම තියෙනවද එහෙම එකක් ..පොඩ්ඩක් හිටපන් අරයට කියන්න පරිස්සම් කරගන්න කියලා

      Delete
    2. අන්සැපතට ඉරිසියා නොකරනු :D

      Delete
  30. අර උඩින් සිරා අයියා කියලා තියෙන්නේ පොතක් ගහන්න කියලා! ඔව් යකෝ අයියේ ගහපන් පොතක්!!!
    අනේ මන්දා මේ මම ලප හොයන ගමන්! ;)

    ReplyDelete
    Replies
    1. @nadiya
      tibunada? ubage upan lape kawda idalada tiyanne?

      Delete
    2. බලමු පොතක් ගහන්න ..ඉතින් නාඩියෝ ලපයක් හොයාගන්න් පුළුවන් වුනාද ../ කලකිරෙන්න එපා බං උඹ ලප නැති සඳක්

      Delete
  31. Replies
    1. අඩෝ මෙන්ඩියා මොකක්ද බෝල ඒ කියපු අලුගුත්තේරු කතාව .... තැනකුයි වේවා මචෝ

      Delete
  32. මරු කතාව ඉවානයො.
    රදික පවු තමයි ඒත් ඉතිං බඹා කෙටූ හැටියටනෙ වැඩ සිද්ද වෙන්නෙ.

    මොකද මේ හැමෝම මේකට මාතලංව දාගෙන තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසා අයියේ ..
      ඇත්තටම බඹා කෙටු හැටියට තමයි වැඩ ..


      මාතේ ටුවරිසම් බුවා නිසා වෙන්න ඇති ..හැබැයි මාතලන් ටත් මෙහෙම ලපයක් තියෙනවද කියලානම් දන්නේ නෑ හිකිස්

      Delete
  33. //උඹේ ඔය යටි තොලේ අයිනේම තියෙන උපන් ලපේ තියෙනවා නේද? එහෙම තියෙන අයට ස්ත්‍රී සැප ලැබෙනවලු ..දැන් නැතිවුනාට අනාගතේදී ලැබෙන්න බැරිකමක් නෑ "//

    මතකද ජෝ ජෝ ප්ලේස් එකේදී මාතලන් උබේ යටි තොල අයිනේ තියෙන උපන් ලපේ දැකලා මේ කතාවම කිවා..හික්...හික්..පරිස්සම් වෙයන් .

    ReplyDelete
    Replies
    1. හුටා මෙන්න එක මතක් තියෙන එකෙක් ඇවිත් ...ඔන්න් මාතලන් කියපු ඔය කතාව තමයි මචෝ මේ කතාවට වස්තුබීජ වුනේ . ඔතන් හිටපු අනිත් එවුන්ට ඕක මතක් නෑ කරති කැඩෙන්න ගහලනේ හිටියේ .

      Delete
    2. ඔව්..ඔව්.. බ්ලැක් ලේබලේ ගහන්න ගත්ත ගමන්නේ කිවේ ... හික්..හික්..

      Delete
    3. ඔව් බන් තව කීදෙනෙක්නම් හිටියද?

      Delete
  34. බබාගේ ෆෝටෝ එක අම්මට දුන්නනම් හරි.

    ReplyDelete
  35. Replies
    1. ගියෙමි බැලුවෙමි කොමෙන්ට් කෙරුවෙමි, වැඩේට කැමති වෙමි ..ඕනෑම සැප් එකක් දෙමි

      Delete
  36. මගේ ලඟ උඹේ ෆොටෝ එකක් තියනවා (දැන් අහන්න එපා කොහෙන්ද කියලා, මට ඒවා හෙළි කරන්න තහනම්) .. මම බලන්නම් ඒකෙ උපන් ලපයක් තියනවද කියලා ඔය වගේ....

    හරි වැදගත් වැඩේට එමුකෝ... උඹේ සිද්ධි විස්තර කිරීම, තාත්වික දෙබස් වගේ උඹ හැමදාමත් දක්ෂකම් දක්වන දේවල් ටික ඇරුණහම, මේක උඹේ වන් ඔෆ් ද අසාර්ථක කතාවක්. හෝව් හෝව්.. මේක මගේ අදහස විතරයි. මෙන්න මගේ අදහසට මගේ හේතු....

    වසර ගණනාවක කාල පරාසයකින් උඹ උඹේ කතාව පැහැදිලි කිරීමට අදාලම දේවල් ටිකක් බලෙන් වගේ පෙරලා ගන්නවා... ඒ කියන්නේ මේක කියවගෙන යන කෙනෙකුට මුල් කෑල්ල කියවලා ඊට පස්සේ ටුවරිස්ම් ජොබ් එකකට යන කතාවක් කියන්නේ බලෙන් වගේ. අර නිරායාසයෙන් ගලායනවා කියන ලක්ෂණය නැහැ.

    //ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න ඉන්න ලේඩි කෙනෙක්ලු...ලංකාවෙන් ගිය .."//
    මෙතනදී උඹ කතාව අනාත කරනවා. රදීකා සහ ජනක අතර මේ කොටසට කලින් ඇති වෙන දෙබස් එක්ක, මේ කෑල්ල කියවපු ගමන් කතාව එතනින් ඉවරයි. ඉතුරු ටික කියන්න අවශ්‍යම නෑ...

    මෙතන ජනකයි සවීණගෙයි මුණ ගැසෙන විදිහට සවීණා ලංකාවට එන්නෙම ජනකත් එක්ක ඉන්න වගේ හැඟීමකුත් එනවා. සවීණ තමන්ගේ රියදුරු ජනක කියලා කලින්ම දන්න ස්වභාවයක් ඒ මුණගැසීමේ තියනවා.

    අනික අවුරුදු ගාණක් ඇමරිකාවේ හිටිය කෙල්ලෙක්, ලංකාවට ඇවිත් ප්‍රොටෙක්ෂන් නැතුව එකෙක් එක්ක සෙක්ස් කරයිද? අනික ජනකගේ හිතේ ඒකි ගැන හැඟීමක් තිබ්බට, ඒකි දන්නෙත් නෑනේ. ඒකිට ජනක කියන්නේ නිකම්ම ඉස්සර හිටිය යාළුවෙක්. එහෙම එකෙක් එකක් සෙක්ස් කරලා ප්‍රෙග්නන්ට් උණත් ඒකට යමක් නොකර ළමයව හදා ගැනීමත් ටිකක් අභව්‍යයි.

    ----
    මම මේවා කිව්වා කියලා එච්චර ගණන් ගන්න එපා මචං.. මොකද මොකුත් ලියන්නෙත් නැති එකේ මට ලේසියි මේ වගේ විචාර දිදී යන්න... ඒත් ලියන්නේ උඹනේ...

    ReplyDelete
    Replies
    1. දැං මට ඉතුරුවෙලා තීන්නෙ උඹෙ කමෙන්ට් එකට ලැයික් එකක් දාල යන්න විතරයි.

      ඔය උපන් ලප කතාව පිරිමින්ගෙ කොහොමද දන්නෙ නෑ, ඒත් එහෙම තීන කාන්තාවො ( මම දැකපු/ මට හමුවුණු දහ පාළොස් දෙන්කෙම ) නං එකෙකුගෙන් සෑහීමට පත්වෙන ජාතියෙ නෙමෙයි ( පිරිමි අති බහුතරය ලප ඇතා නැතා වැඩ එහෙමනෙ කොහොමත් ).

      Delete
    2. තිසර හෙවත් මිතුරු විචාරක - මම එහෙම කිව්වේ හැමදාමත් උඹේ විචාරය හරිම මිත්‍රශීලියි ..උඹ විචාරය කරන්නේ උඹ දන්නවා කියල පෙන්නන්නවත් හෙලා දකින්නවත් නෙවෙයි . ඒ නිසා හැමදාමත් මම උඹේ විචාරය ලැබෙනකන් බලන් ඉන්න කෙනෙක්.
      1." මුල් කෑල්ල කියවලා ඊට පස්සේ ටුවරිස්ම් ජොබ් එකකට යන කතාවක් කියන්නේ බලෙන් වගේ" ඒ කතාවට එකඟයි

      2."සවීණ තමන්ගේ රියදුරු ජනක කියලා කලින්ම දන්න ස්වභාවයක් ඒ මුණගැසීමේ තියනවා" උඹ හරි එක එහෙම තමා. ඒ කෑල්ල විස්තර කරන්න මම හිතුවා අන්තිමට බලනකොට කතාව මහා දිග එකක් වෙනවා . එක නිසා ඒ කෑල්ල හැලුවා. අනික ජනක නොදන්නවට සවීනා ජනකට ලව් කරලා තියෙනවා හිතෙන්,

      මම මේ කතා හැම එකක්ම උඹේ විචාර වලින් පස්සේ වෙනස් කම් කරලා තියෙනවා . කවදා හරි පොතක් වෙනවනම් ඒ උඹේ විචාර එක්ක නිවැරදි වෙච්ච කතා තමයි තියෙන්නේ ...

      මගේ ෆොටෝ එක කොහෙන්ද කියලා නම් මම දන්නේ නෑ . එත් ඔය කියන ලපේ මගේ තියෙනවා .එක දැකලා මාතලන් කියපු ශාස්ත්‍රය තමයි මේ කතාවට වස්තුබීජය වුනේ . චමී 4 යූ ට එක මතක් තිබ්බා .උඩ කොමෙන්ටුවක දාලා තියෙන්නේ ඒකයි.

      Delete
    3. @ ඉන්දික - කාන්තාවෝ සම්බන්ධයෙන් කතාව් මමත් අහල තියෙනවා. පිරිමි ගැන කතාවනම් අනේ මන්දා ...ඉතිං නේද?

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  37. මගේ මිතුරු ඉවනයෝ ඔක්කොම නියමයි .
    එතකොට ජනකට ලෙඩක් නෑ .අම්ම කියපු කතාව හරි.

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා දුලා ...මම බැලුවා මොකද නැත්තේ කියලා . ජනකට ලෙඩක් නෑ එතකොට හිකිස්

      Delete
  38. මග‍්රත් තියෙනවා යටි තොල අයිනේ උපන්ලපයක්.. ඒ කියන්නේ මටත්.... :O

    ReplyDelete
    Replies
    1. මටත් මොකද ඉතින් ..හිකිස්..මේ ගුටිකන වැඩ එහෙම සෙට් කරගන්න එපා හොඳේ අනේ අනේ

      Delete
  39. ඉතිං ඔව්වා බොරුද? මගෙත් යටි තොල ළඟ උපන් ලපයක් තියනවා.
    [im]http://jangun.files.wordpress.com/2014/02/img0221.jpg[/im]

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ , විචාරක මහත්තයා අසමි දකිමි සොයමි කිව්වම නමටම් ගැලපෙන වැඩ නේ දෙන්නේ

      Delete
    2. හැබෑටම පත සයිස් උපන් ලපයක් තියෙනවා නේන්නම්

      Delete
  40. අර දස්කොන් කතාවෙත් උපන් ලපයක් ගැන තියෙනවා නේද .මේ සරල කෙටි කතාවේ උනත් මටනම් අමුතු ගතියක් තියෙනවා. මම කියන්නේ මේක වෙලා අරගෙන ආයිමත් ලියපන් කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් දස්කොන් රජතුමා ඉදිරියේදී ප්‍රමිලා බිසවගේ කලවයේ තියෙන උපන් ලපයක් ගැන කියපු කතාව ... ස්තිතියි තිලකයියේ ... කතාව එක දවසින් තමයි ලිව්වේ

      Delete
  41. කථාව හරිම ලස්සනට ලියලා තියෙනවා... එක හුස්මෙට කියවගෙන ගියා ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුශානි සෑම විටම දිරිමත් කිරීමට

      Delete
  42. ඉවාන් මට උදේ කද්දී මතක් උනේ ඊයේ කියන්න බැරි වුණා. අර ලියුමයි ළමයගේ ෆොටෝයි දැකලා මෙයාගේ වයිෆ් ගෙදරින් යන්න අත්තේ මෙයා ගැන ලොකු වැරදි චිත්‍රපටියක් හදාගෙන ... එයාගේ ජොබ් එකේ හැටියට මෙයා විතරක් නෙමේ මේ අවුරුදු ගානට කීදෙනෙක් එක්ක මේ වගේ කරන්න ඇත්ද කියලා ලොකු අප්‍රසන්න හැගීමකුත් එක්ක ,,පව් දෙන්නම

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි ඔමා ..අවසාන කෙටි කතාවට නැවත කොමෙන්ටුවක් එක කිරීම පිළිබඳව. ඇත්තටම එහෙම වුනාම වයිෆ්ට එහෙම නොහිතී තියෙයිද? එහෙම හිතෙන එකේ අසාධාරණයක් තියෙනවද?

      Delete
  43. අද ඉඳන් එතකොට මගේ නොවන මගේම තියෙන තැන්වල උපන්ලප තියෙන ය ඉන්නවද කියලා හොයලා බලන්න..... ඒ කතමයි ඉවාන්ගේ මේ කතාවේ මොරාල් එක

    ReplyDelete
    Replies
    1. දැන් උඹ කී සැරයක් නම් ඕක බැලුවද ? තාම හම්බවුනේ නැද්ද ලපේ ...?මේකේ ලැපෙන් විතරක් කොරන්න් පුළුවන් දෙයක්නම් නෙවෙයි රජෝ

      Delete
  44. මෙව්වා ඉතිං හතර හිනා වලින් එකක් නේ ...කතාව මරු ඉවාන් ගේ නම ජනක ද //එහෙම නම් එල ඕන්
    යටි තොලෙන් මම උපන් ලපයක් තියා ගන්නවා ,අර ඇපා ලිතෙත් තියෙන්නෙ හුනෝ වැටුණාම ස්ත්‍රි සැප ලැබෙනවා කියලා ....
    මගෙත් උපන් ලපය තියෙන තැන පුරසිද්ධ කරන්න බෑ හැක් .... අතර මැදි කතා වැඩිද මන්දා

    ReplyDelete
  45. උඹ ඇත්තටම හොද කෙටි කතා කරුවෙක්. මං දැක්ක දෙයක් තමා ඒක.

    හොද කෙටි කතා කරුවෙක් කියන්නේ පුංචි බීජයක් සාත්තු සප්පායං කරල ලොකු ගහක් වඩන කෙනෙක්. ඒකෙදි බීජය කොයි තරං පුංචි උනත් අවුලක් නෑ. ඒ වගේම තමා හමු වෙච්චි බීජය unique වෙච්චි තරමට ඒ සදහා ලැබෙන ආකර්ශනය වැඩියි. උම අහල තියේද මෙහෙම කතාවක්. දවසක් චෙකොෆ් හමුවෙන්න ආපු ආධුනික කෙටිකතා කරුවෙක් කිව්වලු අනේ සෑර් මට කතා ලියන්න හොද සිද්ධී නැහැනේ කියලා. එතකොට චෙකොෆ් කිව්ව කියන්නේ “අපොයි ඒක නං ලෙඩක්. මට අර මල් පොච්චිය දිහා බලල ඕන නං කෙටි කතා දහයක් උනත් ලියන්න ඇහැකි“ කියලා.

    උඹත් ඒ වගේ (අපොයි උඹ චෙකොෆ් වගේ නෙමෙයි හැක්) වස්තූ බීජය ලැබුනම වතුර පෝර දාලා ලස්සනට ලොකු වෙන්න කාටත් පේන ලොකු ගහක් හදන මිනිහෙක්. .සන්තෝසයි. තමන්ගේ ලිවීම හා දැක්ම කාටවත් සාපේක්ෂව අඩුයි වැඩියි කියල නොහිතා තමන්ගේ තත්වය තවත් උඩට ගන්න ඇති තරං ලියන්න. ජය වේවා

    ප ලි- මල්ලි කමෙන්කටු 200 පන්නන්න නං දෙන්න එපා බං. මහ ලෙඩක්.. හැක්.. එක්කෝ පිළියමක් කව්රු හරි කියහල්ලකෝ.

    ReplyDelete
    Replies
    1. @Desh
      ekagai ubt ekka. "iwan" tawa tikak wada dala liwanam hodai wage.

      Delete
    2. සමහර ඉරිසියා කාරයො මේ වගේ අගේ දන්නෙ නෑ බන්, උබල මෙහෙම දිරිමත් කරන එක වටිනවා, ඉවාන් අයියෙ දිගටම ලියන්න :)

      Delete
  46. අදයි මම මෙහ පැත්තේ ආවේ.ෆට්ට සහෝ දිගටම එන්නම් පරණ ඒවත් කියෝලම යන්නම්..ජය

    ReplyDelete
  47. උඹනම් පොතක් ගහන්නම ඕනේ මලේ.. උඹේ කථා එක හුස්මට මිනිස්සු කියවයි. උඹගේ දෙබස් ඒ රෑප රාමු අපට මැවිලා පෙන්වනවා. උඹේ හැම කථාවක්ම මගේ මතකයේ තියෙනවා. හරිම සාර්ථකයි. ජයෙන් ජය!!

    ReplyDelete
  48. This comment has been removed by the author.

    ReplyDelete
  49. අනේ ඉවානයෝ
    කාලෙකින් කාත් එක්ක හරි වාදෙකට පැටලෙන්න බැරිවුනා උබේ කතාවක් සම්බන්දව!

    ReplyDelete
  50. මල මඟුලයි ඕයි! මේං හැම එකාම උපන්ලප හොයනවා :)

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]