Wednesday, March 12, 2014

පොඩි පුතා


ලොකු පුතේ......අනේ ලොකු පුතේ........බලාපන් ලොකුපුතේ

ඒයි ....අන්න අම්මද කොහෙද ? ඒයි ...නැගිටින්න අනේ ......

මම උඩ විසිවී ඇහැරුනේ අම්මගේ සද්දයට නොව ..මීනා කොසුමිටේ අග්ගිස්සෙන් ඇන්න පාරට බව මට මතක්වුනේ ..දුවගෙන ගොස් දොර අරින්කම්ම පශ්චාත් භාගට රිදුම් දෙන්නට වූ බැවින් සහ අම්මගේ හඬ ඇසෙන්නට වූයේ ඊටත් ටික වෙලාවකට පස්සේ බැවිනි.

දොර අරින්න්ටත් පෙරම දොර තල්ලු කරගෙන් ගේ ඇතුලට පැනපු අම්මා  ගමන් මාව බදාගෙන හඩන්නට විය ....

"අනේ ලොකු පුතේ ...උඹේයි ,මගෙයි ආත්මගෞරවේ ඉවරයි ..ඉවරෙටම ඉවරයි ....බලාපන් මේ මල්ලි කොරන්ට හදන වැඩ......තාත්තා හිටියනම් මොනවයින් මොනවා වෙයිද ..අපි නම්බුකාර විදිහට ජීවත් වෙච්ච මිනිස්සු නේද ලොකු පුතේ ..."

"හරි අම්මේ ඉතින් මොකද ඒ පාර .......මිනිහා අර ඩොරින් එක්ක පැනලා ගිහින්වත්ද.... .."

නෑ පුතේ එහෙම දෙයක් නෙවෙයි ......"

"එහෙනං....?

මිනිහා රස්සාවකට යන්ට හදනවා .........මං ඒක එපා කියපුවාම තව තව රස්සා වගයක් ගැන කියනවා ඒ එකක්වත් අදකාලේ වැදගත් මිනිහෙකුට කරන්ට පුළුවන් රස්සාද?

හප්පේ මං හිතුවේ මිනියක්වත් මරලා කියලා ..දැන් මොනවද ඔය රස්සා ......

වටපිට බලපු අම්මා මගේ කන දිහාට ලන්වුනේ රහසක් කියන්ට වගේ ..ඒත් ඒ සැනින්ම අම්ම අහකට වුනා ..මම පිටිපස්ස හැරිලා බලද්දී දැක්කා මීනා කොස්සත් අතේ තියන් දොර ලඟින් මෑත් වෙනවා ....

කනටම ලං වෙච්ච අම්මා ....."පොලීසියට" ....කියලා කිව්වේ හරියට මහා අපරාධයක් කරපු කෙනෙක් ගැන කියනවා වගේ ..

ආ ඉතින් හොඳයිනේ ......කොච්චර දෙයක්ද? මට එක කියවුනේ වැටේ කේස් එකට ඊයෙත් නලින් කාරයා මාත් එක්ක පැටලෙන්ට ආපුනිසා .."දෙන්නම් සබ්බුව මලයා පොලිසියට ගියාම " ඒක හිතෙන හිතුවත් පිටකරේ නැත්තේ අම්මගේ ප්‍රතිචාරේ කොහොම වෙයිද දන්නේ නැතිනිසා ..

දැන් ඔය පොලිසියට ගියාම මූට ඔය එක එකා එක්ක ආයුධ හංගලා තියෙන තැන් බලන්ට යන්ට හැංගිමුත්තන් කොරන්ට යන්ට වෙයිද ලොකුපුතේ ,,

"ම්ම්ම් ඔව් සමහරවිට ..."

"එතකොට සමහරවිට ඕකට SI පට්ටමක් ලබෙන්ටත් බැරිකමක් නෑ නේද?"

"ඔව් ලැබෙයි ..."

"දෙයියනේ එතකොට සල්ලිකාර ගෑණියෙක් එක්ක අහිහොන්දයිකම් පවත්තලා ඕකව මරලා දායිවත්ද ?"

"නෑ ...ඉතිං..........මේ ....හැමෝම එහෙම නෑනේ ........මේ....."

එතකොට කවදා හරි ඕකා O.I.C. කෙනෙක් වෙයිද ..."

"ඔව් වෙයි වෙයි .....අනිවා ..."

"එතකොට ඌ පොලිසිය ඇතුලෙම කුඩු විකුනයිද පුතේ ...."

"අප්පට සිරි ........නෑ....."

"එතකොට ඕකා කවදාහරි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙයිද .....'

"ඔව් වෙන්නත්පුළුවන් ........ඒ කතාව කියනකොට මට පොඩි ආඩම්බරයකුත් ආවා ..."

"විනාසයි විනාසයි ......."

":ඇයි අම්මේ ..........?

"ඇයි අහන්නේ බොල ඕලමොට්ටලයෝ උඹට තේරෙන්නේ නැද්ද ...ඔතනට ගිහින් ඕකා මුළු රටක් ඉස්සරහ කෙබර ඇදබානකොට මුළු රටේම මිනිස්සු බනින්නේ ඌට නෙවෙයි බොල මට ....මේ හතර පෝයට සිල් ගන්න මට  ඕකා නිසා මුළු රටේම මිනිස්සුන්ගෙන් බැනුම් අහුවැකිද?

ඉත්න් මම ඒ රස්සාවට අකමැති වුනාම ඌ කියනවා ඌ කොහොම හරි ගුරුපත්වීමක් ගන්නවලු....

" කොච්චර හොඳද....?"

"දැන් ඔය ගුරු පත්වීම හම්බවුනාම දුෂ්කර සේවේ ඉන්න වෙයිදපුතේ ?"

"ඔව් අඩු ගානේ අවුරුදු පහක්වත් ..."

"ඉතින් එතකොට ඒ කාලේ ඕකා දඩමස් විකුනයිද?.."

"අනේ මන්දා ,,අම්මේ ....."

"මූ ඉස්කෝලේ විනය පාලක තනතුරට පත් කරයිද?

"ඔව් එහෙම වෙන්නත් පුළුවන් '

"එතකොට එක්කෝ මූ කොල්ලෙක්ගේ කනපලයි, නැත්තම් ගවුම් වාටි ලිහලා ඉස්කෝලේ ඉස්සරහ දනගහගෙන ඉන්න වෙයිද.....අනේ දෙයියනේ .."

"හරි ඉතිං ...විනය ඕනේ නෑනේ තව දේවල් තියෙන්නේ ගුරුවරයෙක් වුනාම..."

" මොනවද අමතර පංතිද?  නෑ නෑ ඕනේ නෑ ඊට පස්සේ ප්‍රශ්න පත්තර උස්සලා කියලා හිරේ ලගින්න වෙයි "

"මේ ලොකු පුතේ ..."

"ම්ම්.."

"කවදා හරි ඕකා ප්‍රින්සිපල් කෙනෙක් වෙයිද .."

"ඔව් ඉතින් වෙයිනෙ "

"අනේ අම්මේ ... එපා ...එක්කෝ මූ කුණුහරුපෙන් බැනලා කෙල්ලෝ කොල්ලෝ බෙල්ලේ වැල දාගනියි ,නැත්තම් ළමයෙක් ඉස්කෝලෙට දාගන්ට කියලා කාගේ හරි ගෑනු ගැටෙකට අහුවෙලා පරම්පරාවේම නම්බුව කයි ...එක්කෝ පගාවක් ගත්තා කියලා පොලිසි ගානේ ලගින්ට වෙයි .....ඔය මොකක්වත් නැත්තං කොල්ලෙක් ඔපිසියට පැනලා මුගේ කොන්ද කැඩෙනකම් ගහයි ...
ඕනේ නෑ ඕනේ නෑ......."

ඊට වඩා හොඳයි හමුදාවට යන එක මොකද ප්‍රින්සිපල් කෙනෙක් වුනත් අන්තිමේ ඉතින් වෙන්නේ හමුදා කාරයෙක් වෙන එකනේ ...හමුදාවට ගියානම් එකක් ..මෙහෙම ගියාම වෙන්නේ වෙඩි  තියන්ට තියා රතිඤඤාවක් වත් පත්තු කොරන්ට බැරි කොර්නෙල් කෙනෙක් වෙන්ට නේ

අම්මේ ...අම්මේ.........

ඇතින් කෑ ගහමින් මල්ලි මතුවෙනකොටම මගේ බඩ පපුව පත්තුවෙලා ගියේ  මූ ඒ ගමන මොන හරුපයක් කියලා අම්මව තව අවුස්සා ගනියිද කියලා

"අම්මේ අම්මේ ..හාහ් හාහ් හාහ් .."

"අනේ ඉතින් හති දාලා ඉවරවෙලා කියහන් පොඩි පුතේ ....."

අම්මේ ..අම්මේ ...ලොකු අයියේ ...ඔන්න මමං ඔය රස්සා එකකටවත් යන්නේ නෑ.......මට අලුත් රස්සාවක් හම්බවුනා ......."

"මොකක්ක්ද පොඩ්ඩෝ ......'?

"මේ බලන්න ....මල්ලි අතේ තියාගෙන හිටපු කොලේ දිග ඇරලා අම්මටයි මටයි පෙන්නුවා ...

"ශ්‍රී ලාංකීය පප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ "අළුගෝසු "තනතුර ....."

මේක දැකපු අම්මාගේ ඇස් දෙකට කඳුළු පිරුනා ...එත් බලද්දී ඒ සතුටු කඳුළු

"මගේ පොඩි පුතේ ...මම දැනගෙන හිටියා කවදා හරි උඹ කුරා කුහුඹුවෙකුටවත් වරදක් වෙන්නේ නැති රසාවක් තෝරා ගන්න බව උඹට දෙයියන්ගේම පිහිටයි "
.
.
.
.

ගිය අලුගෝසුවා නොආවොත් වෙනත් අයෙක්‌ ගන්නවා- බන්ධනාගාර දෙපාර්තමේන්තුව



132 comments:

  1. කට්ටියටම එක පාරට අලුගෝසුවව මතක් වෙලා තියෙන්නෙ මොකද මන්ද :D
    ඒක නෙමේ උබත් ඉල්ලහන්කො අයියෙ ඔය තනතුරට, නිකන් ඉදන් පඩි ගන්න පුලුවන්නෙ :D

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බන් මම අද උදේම ඕකට ඉල්ලලා දැම්මා. :)

      Delete
    2. අවුලක් නෑ දෙන්නම දැම්මම දෙන්නගෙන් කාටහරි හම්බෙයිනෙ :D

      Delete
    3. @සසිඳු - මමත් ඉල්ලන්න හදන්නේ බං... ඉල්ලලා ගිහිං ඉස්සෙල්ලම එල්ලන්නේ උඹව ...:D

      Delete
    4. @ ප්‍රියා - සසිඳු අවුලක් නෑ බන්ස්ලා කොහොමත් දෙන්නෙක් ගන්නවලු.....මචන් ප්‍රියා අපි ගිහින් ඉස්සෙල්ලම ට්‍රයල් බලන්න සසිඳුවාව එල්ලමු

      Delete
    5. එළ කිරී. සසියව එල්ලලා මම පැන්ෂොන් ගන්නවා. :) නැත්නම් පැනලා යනවා. ;)

      Delete
    6. මං බෙල්ලට යකඩ වලින් ගාර්ඩ් එකක් දාගන්නව බොලව් උබලගෙන් බේරෙන්න :P

      Delete
    7. //නිකන් ඉදන් පඩි ගන්න පුලුවන්නෙ//

      එව්වා හම්බෙන්නේ නැ කොල්ලෝ , ඔය එන එවුන් දාලා යන්නෙත් ඒකයි , එක එකාට පක්කලි කං කරන්ඩ බැරි හන්දා

      Delete
    8. ආපෝ කඩේ යන්නත් ඕනද? :o

      ඊට වඩා හොදයිනෙ ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කෙනෙක් වෙනවා. දෙගොල්ලොම කඩේ ගියාට මන්ත්‍රී සැප වත් ගන්නවනෙ. :p

      Delete
    9. @ අටමා & ප්‍රියා - මට සැකයි දැන් මේ ලියුමක් ලියලා මේක දාලා ගිය එකා අටමාවත්ද කියලා

      Delete
  2. හහ් අපූරුයි ඉවාන්. සමාජයේ විවිධ ඉසව් එකතු කරල කරන ඉවාන්ගෙ නිර්මාණ හරිම ලස්සනයි. මීළඟ නිර්මාණය මොන පැත්තෙන් කැරකිලා එයිද බලමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරු ....ඊළඟ නිර්මාණය නේද? ම්ම්ම් බලමු..හැබැයි නිර්මාණ කරන්න ඕනෙතරම අමුද්‍රව්‍ය සපයනවා මෙයාලා දවස ගානේ අපරාදේ කියන්න බෑ

      Delete
  3. එළකිරි ජොබ් එක. උටත් ඔය ලැපකුයි ඩොන්ගලෙකුයි දුන්න නම් යස අගේට බ්ලොග් එකක් එහෙම කරගෙන ඉඳි

    ReplyDelete
    Replies
    1. හැබැයි ඒක හොඳ යෝජනාව උකුස්සෝ ..මිනිහට වැඩි වැඩක් කොහොමත් නැති එකෙක් මාතලන්ගේ පන්තියටත් යවමු

      Delete
    2. අඩෝ සිරා අයිඩියා එක උකුස්සෝ හඃ හඃ හඃ හඃ

      Delete
  4. මොකක්ද මේ 'අලුගෝසු' කතාව. මාතලනුත් දාලා තිබ්බානේ.

    රස්සා ටික ඔක්කොම අපූරුයි. අන්තිම එක තමා හොඳම. හැබැයි ඉතින් අලුගෝසු ඉවාන් බලන්ට අපි ආපහු මෙහේ එයිද දන්නේ නෑ. :D:D

    ReplyDelete
    Replies
    1. ඒ මොකද දන්නවද ...? මාතලනුයි මායි අළුගෝසු ඩිප්ලෝමා එක ගන්න ක්ලාස් යනවා මේ දවස් වල

      අළුගෝසු ඉවාන් බලන්ට පොඩ්ඩි ආවේ නැත්තම් ..අළුගෝසු ඉවාන් එනවලු පොඩ්ඩි බලන්ට ඇවිත් කොහොම හරි ඔයාව මරණෙන් බේරගන්නවලු ....:D :D

      Delete
  5. ඔව් නේන්නං. කාටවත් කරදරයක් නැති නිදහස් රස්සාව. අලුගෝසුවගෙ තොණ්ඩුවට සමාජ අපචාර ටිකක් අහු කරපු හැටි නම් අගෙයි.

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ චන්දන ...මේවා නම් කෙබර නෙවෙයි ඔන්න සහලෝලා ඇත්ත ..හිකිස්

      Delete
  6. ඌටත් බ්ලොග් එකක් හදල දීහන් ඉවාන් මල්ලි,හිරගෙදරට වෙලා ඈනුම් ඇර ඇර ඉන්න එකේ එහෙම එකක්වත් කරන්නෙ නැතැයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මිනිහටත් කියලා වැඩක් තියෙන්න එපැයි හැලපයියේ.....මම මේ මිනිහව මාතෙගේ බ්ලොග් පන්තියට අරින්න ඉන්නේ

      Delete
  7. අලුගෝසුව වෙලා ස්ත්‍රී දුෂකයන්ව එල්ලන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඔයා යන්න ඒ ජොබ් එකට අනේ ,කස්ටියට මැරෙන එක වුණත් අසා හිතෙයි ...

      Delete
    2. @වනිතා හඬ - පුළුවන් අනේ මොකද බැරි...ඔයා කියනවනම් ඕන දෙයක් කරන්නම් ...:D

      Delete
    3. @ ඇනෝ - එකනම් ඇත්ත බං

      Delete
  8. හරි ම ලොල් සහගත යි :) අද ලංකාදීප පත්තරේ Aතුමා කාටූන් එකෙත් මේ ගැන හොඳ කතාවක් දාල තිබුණා. මෙන්න මෙහෙම යි කතාව . . .

    Aතුමා : මොකද බං උඹ අලුගෝසු රස්සාව ගහල දාල ගෙදර ආවේ?

    අලුගෝසුවා : මං හිතාගෙන ගියේ රටට සේවයක් කරලා වැටුපක් ගන්න. ඒත් මගේ බල්ලවත් කැමති නෑ සර්, සර්ල වගේ නිකං ඉඳලා පිනං පඩි ගන්න ජොබ් එකකට!

    ReplyDelete
    Replies
    1. ආ ධාරා නගා කාලෙකින් මේ පැත්තේ ගොඩ බැහැලා .....කාටුන් එක මාත් බැලුවා ...පට්ටයි....තැනකුයි වේවා

      Delete
  9. ඔවනෙ කුරා කුබියෙකුටවත් කරදරයක් නොකර දෙයියනෙ කියල ඉන්න පුලුවන් ජොබ් එකනේ.

    ReplyDelete
    Replies
    1. ආයේ මක්කයි ..ඔන්න ඔඅක් අල්ලලා දාලා යමං.. එතකොට ට්‍රිප් ගිහින් ගුටි කෙලගන්නත් ඕනේ නෑ

      Delete
  10. අම්මපා අපි ඔක්කොටම කලින් අලුගෝසුවා තමයි නිවන් දකින්නේ.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා උගෙන් නේ කාටවත් කරදරයක් නැත්තේ

      Delete
  11. පොඩ්ඩක් ඉදිං අලුගෝසුවෙක් මගේ ඔලුව ආපහු අප්ෂට් කොලා....
    ඩොකා .... ඇවිල්ල...ගියාලින් පස්සෙ නැවත කියවල කමෙන්ට් කරන්නං මොලේ හොදට වැඩ කොරනව කිව්වොත්....

    ReplyDelete
    Replies
    1. කවුද බොලේ ඒ අලුගෝසුවා .....?

      ඩොකා මොකද කිව්වේ ...? තාම ආවේ නැද්ද?....මොලේ වැඩකරනවා ආයේ හොඳටම ෂුවර්.....

      Delete
  12. හම්මේ දෙවියන්ගේම පිහිටයි ...එක පාර ගහලා දලා නේ හතර කොනටම ..

    මමත් ආසම පොලොස් මාධ්‍ය පුරකාශකට ..පස්ට සේදිල්ලක් නේ පොරගේ තියෙන්නෙ ..සබන් කුඩූ මොනවද මන්දා ...

    ReplyDelete
    Replies
    1. හැක හැක තැන්කිව් මචං බ්‍රදර් .... මාධ්‍ය ප්‍රකාශක හෝදන හෙදිල්ලට කෙහෙළිය ,විමලේ එහෙම dim වෙලා ඉන්නේ ..ඔහොම් බබලන සුදක් එන්න කොහොම අපුල්ලනවද කියලා

      Delete
  13. ඔය එක එක රිස්කි ජොබ් වගේ නෙමෙයි.. කාගෙන්වත් කතාවක් අහගන්නේ නැතුව, ආතල් එකේ පඩියත් අරගෙන ගෙදරට වෙලා ඉන්න පුළුවන් වැදගත් රස්සාවක්.. මේ සැරේ මාත් ඉල්ලුම් කරන්න ඉන්නේ.. පඩිය කීයද දන්නේ නෑ.. පොඩ්ඩක් හොයලා බලලා කියහන්...

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත ..මූලික පඩිය 16500 ලු , එකනේ වැඩේ ..ඔහොම් මේ දෙකයි පනහට මිනිස්සු එල්ලුව හැකියැයි ..? මොකද ඔය මැරෙන එවුන්ගේ දේපල මුගේ නමට ලියනවා කියලයි

      Delete
    2. 16500 ට ඉන්න තරම් එවුන්ට කඩේ යන එක මිනිස්සු එල්ලනවට වඩා අමාරුයි

      නැත්තං මං මෙලහට ඕකට ගිහිල්ලා

      Delete
    3. අටමෝ - කඩේ යන්න නැති ජොබ් කොහෙද බං ආණ්ඩුවේ ....

      Delete
  14. අනේ ඇත්තට අළුගෝසු රස්සාවට ගිය කල....
    අපූරු නිර්මාණයක් ඉවාන්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මියුරු......නිකම් ඉඳලා පඩි ගන්නත් මිනිස්සු අකමැතියි ඒ කියන්නේ

      Delete
  15. අනේ බුදු පුතේ, අලුගෝසුවෙක් වුනත් කමක් නෑ. පොලිසියට ගියත් කමක් නෑ. ගුරුවරයෙක්නම් වෙන්නෙපා. මාත් කාලතරන යන්ත්‍රයක් හම්බවුනොත් ඉස්සෙල්ලම කරන්නේ ගුරුවරයෙක් වෙන්න ගත්ත තීරණය වෙනස් කරන එකයි.

    ReplyDelete
    Replies
    1. අප්පේ ඒ මොකෝ ඩූඩයියේ ...හැබැයි ඕක හැමෝටම වගේ හිතෙන එකක්නේද? 80% ක් විතර තමුන් කරන රස්සාවට කැමති නෑ ....අකමැතිත් නෑ.. එත් ගොඩක් අයට job satisfaction නෑ

      Delete
    2. සිරාවටම මටත් එවපංකෝ ඔය ගැසට් නිවේදනේ. මටත් ඕකට දාන්න ඕනේ ඇප්ලිකේෂන් එකක්

      Delete
    3. ගුරුවරයෙක්නම් වෙන්නෙපා.//

      මේ ඇයි මේ මං නම් හිතන්නෙ ගුරු සෙවය නියමයි කියලා ...හ්ම් ඔව් සල්ලි නම් නෑ එත් සතුටින් කරන්න පුළුවන් ජොබ් එකක්

      Delete
    4. අප්පට සිරි එහෙනම් ඩූඩ් අයියගේ නමත් පත්තරේ යයි වගේ

      Delete
  16. දැන් බලන් ගියාම පෝලිසී වලට එහෙම මිනිස්සු ආනයනය කරන්න වෙයි වගේ.

    අලුගෝසු ජොබ් එකටනම් ඉල්ලනවා ඇති සෑහැන්න කස්ටිය.

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද බං ..අළුගෝසු ජොබ් එකට මිනිස්සු බලේන්වත් ගෙනත් දාන්න බැරි තත්වයක් තියෙන්නේ .....මෙලෝ වැඩක් නැති එකෙක්වත් එන්නේ නෑ ඒකට

      Delete
  17. //"ඇයි අහන්නේ බොල ඕලමොට්ටලයෝ උඹට තේරෙන්නේ නැද්ද ...ඔතනට ගිහින් ඕකා මුළු රටක් ඉස්සරහ කෙබර ඇදබානකොට මුළු රටේම මිනිස්සු බනින්නේ ඌට නෙවෙයි බොල මට ....මේ හතර පෝයට සිල් ගන්න මට ඕකා නිසා මුළු රටේම මිනිස්සුන්ගෙන් බැනුම් අහුවැකිද?// හැමදා ම වගේ සමාජ විවේචනය අපූරු යි. ඔය අලුගෝසු තනතුරට නමක් දැම්මොත් හරි යයි ලස්සණට, ජීවිත හරණ නිලධාරී ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ....))))

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිලිනි ...... ඔයා යෝජනා කරපු නම නම් අපූරුයි... අර වල අලියා වන අලියා කළා වගේ මේකත් යෝජනාක්රලා බලන්න හිතෙනවා

      Delete
  18. ඒකෙ පඩි කොහොමද අයියේ.. වැඩක් කියලත් නෑ නේ.. නිකං නේද ඉන්න තියෙන්නේ :3 මං වත් යන්න

    ReplyDelete
    Replies
    1. පඩිය තමයි කේස් එක මූලික වැටුප 16500 ලු,... දීමනා නම් ඇති ...කවුද දන්නේ මොකද ඕ.ටී. කරන්න කියලයි

      Delete
  19. කරන රස්සාව තීරණය කරන එකත් ලේසි නෑ දැන්...

    හැමදාමත් වගේ නිර්මාණශීලීව අපූරුවට ලියලා තියෙනවා ..

    ReplyDelete
    Replies
    1. තව ටික දවසක් යනකොට කොරන්න් රස්සාවක් නැතිවෙනවා තුෂානි මේ යනවිදිහට ..තැන්කුයි වේවා

      Delete
  20. හුකෑස් .... ෆට් කියන්නෙ ෆටේ ෆට්ට...
    නිකං ඉදං පඩි ගන්න එකත් නරකමත් නෑ නේහ්...
    ඔය එතුම එහෙමත් ගන්නෙ නිකං ඉදල පඩි... අපි ගත්තම මොකේා වෙන්නෙ නැද්ද...
    වෙලාවට මලයට අලුගෝසු පට්ටම හම්බුනේ නැත්තං එතන අලි විජ්ජුම්බරයක් තමා වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. තැන්කිව් වේවා අවන්හලේ මහේෂ් - එතුමලා ගත්තට කියන්නේ ඊ තරම් වැඩ කරන අය නෑ කියලනේ

      Delete
  21. අන්න නියම රස්සාව.. පඩි විතරයි වැඩ නෑ !

    ReplyDelete
    Replies
    1. මොකද කියන්නේ සෙට්වෙලා දාමුද ඇප්ලිකේෂන් ..?

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්..
    අළුගෝසුවනෙ එල්ලාපං...

    ReplyDelete
    Replies
    1. කටු ඉඹුලේ අප එල්ලාපන් ..........යුක්තිය උදෙසා කෑමොර දීමයි දඟ ගෙයිලෑමට අපස්ම කල පව

      ඔය සින්දුව ගොඩක් ජනප්‍රිය වුනාලු..විජය කුමාරතුංග නැක්සලයිට් චෝදනාවට හිරගත වුනාම

      Delete
    2. අෆ්ෆො..විජය අපෙ අම්මගෙත් ප්‍රියතම නළුවා

      Delete
    3. දුවගෙ ප්‍රියතම නළුව කව්ද දන්නෑ :D

      Delete
    4. දුවට නළුවෝ ගොඩක් කියන්නේ

      Delete
    5. සසිඳු නළුවෝ කියන්නේ නළු බට්ටෝ නෙවෙයි බං

      Delete
    6. @සසිඳු- බිමල් ජයකොඩි, ජගත් මනුවර්ණ අළුත් අයගෙන් නම්

      @ සිංදුවා - $%$&^*(&(&*(^&%$

      Delete
    7. ජගත් මනුවරණ මගේ ප්‍රියතම නලුවා.දාපන් සාශෝ පහක්!! ඇයි රොෂාන් රවින්ද්‍රත් ඔය ලිස්ට් එකට එන්ට ඕනෙ නේද :)

      Delete
    8. මගෙත් ප්‍රියතම.....රොශාන් රවින්ද්‍ර, ජගත් මනුවර්ණ මගේ ලිස්ට් එකේ උඩින්ම....දාපන් බස්සි දහයක්...

      අමුතු මිනිස්සු ටෙලියේ රොශාන් රවීන්ද්‍රගේ ඇක්ටින් ඉතා ඉහළයි. මම ජෙහාන් අප්පුහාමිගේ ඇක්ටින් වලටත් කැමතියි. මොකද කියන්නේ සාශා.....

      Delete
  24. හොඳ කතාන්තර ටිකක් බලාගත්තනෙ අද නම්, බලාගෙන යනකොට අලුගෝසු තනතුර හොඳයි අනිත් රස්සාවලට වඩා . හැබැයි පෝරකය දැක්කම බයවෙලා රස්සාව අතඇරල යන නිසා ,ඉස්සරවෙලාම පෝරකය පෙන්නනවලු ඔන්න :)

    @ වනිතා හඬ,

    ස්ත්‍රී දූෂකයන් එල්ලල මරල වැඩක් නැහැ අනේ උන්ව උල තියනව වගේ දඬුවමක් තමා ගැලපෙන්නේ. :D

    ReplyDelete
    Replies
    1. පොරකය පසුබිමට දාලා චන්ද පෝස්ටර් ගහන්න කිව්වනම් හරි.මේ දවස් වල ජනප්‍රියම ප්‍රචාරණ ක්‍රමය එකනේ ....

      හප්පේ ඒ ගමන් සෝන්යා වනිතා හඬ එක්ක සෙට්වෙන්නද හදන්නේ ....?

      Delete
  25. මට තියෙන පුරස්නෙ,
    ඔය ලියුම ලියල තියල ගිය අලුගෝසු උන්නැහේට කාමරේ දැක්කම චූ ගියේ ඇයි කියන එකයි...

    ReplyDelete
    Replies
    1. ඔය චූ ගිය කතාව නිලධාරීන්ගේ බොරුවක්ද කොහෙද? නැත්තම් අරූ බොරුවට එහෙම කියලා මාරුවෙලා වගේ

      Delete
  26. alut name "alugosuwa" nemi neda? uba liyana ewana patttaaaaaaaaaa

    ReplyDelete
    Replies
    1. මෙන්ඩියා තැන්කිව් වේවා .......උඹත් කොහොම හරි කියවන එක මට මාර ෆිට්

      Delete
  27. ඕකට උපාධියක් එහෙම ඕනෙද දන්නේ නෑ. මටත් දාන්න හිතෙනවා ඉල්ලුම්පත්තරයක්

    ReplyDelete
    Replies
    1. උපාධි නම් නම් ඕනේ නෑලු ...එත් ඉල්ලුම් පත්තරයක් දාන්න හිතුවත් ජොබ් එක දෙනවා කියන්නේ

      Delete
  28. ඇයි අනේ ඔය තනතුරටත් ඇමති කෙනෙක් පත් කරා නම් වැඩේ අහවරයිනේ.......හිකිස්

    ReplyDelete
    Replies
    1. ඔව් බන් එක තමයි හොඳම විසඳුම ...අලුතෙන් ඒ පැත්තට පනින එකාට අළුගෝසු ඇමති කම දුන්නනම් හරි

      Delete
  29. හොද නිර්මාණයක්. ඔවු ඉතින් අලුගෝසුවාට කරන්න දෙයක් නෑ. පවු වැඩ නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වැව් ඉස්මත්ත ......අලුගෝසුවා කරන දේවල් දැන් ඊට කලින් පොලිසියයි ,පාතාලෙයි කරනවනේ

      Delete
    2. http://wewismatha.blogspot.com/2014/03/blog-post_9.html#comment-form බ්ලොගේ අප්ඩේට් වෙලා නෑ නේද

      Delete
  30. පට්ට බං කතාව යටින් යන සියුම් විවේචනය අපුරුයි.
    මොකෑ මේ උඹලා,මාතලන්ලා ඔක්කොම අළුගෝසු ස්ටෝරිය ලියන්නේ.උඹලාත් ඕකට ඇහැ ගහන් ඉන්නවාද සැකයි බං මටනම්..:D

    ReplyDelete
    Replies
    1. තැනකුයි මනෝජ් - මං හොරෙන්ම යනකොට මෙන්න මාතලන් ගොයියා මට කලින් ඇවිත්

      Delete
  31. උපහාසයත් එක්ක හාස්‍යයත් හොඳට එකතු උන නිර්මාණයක්. නියමයි ඉවාන්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චාම්ස් ...ඇප්ලිකේෂන් එකක් දාමුද?

      Delete
  32. ඇත්තනේ බොලේ කුරා කුම්බියෙකුටවත් හානියක්, වංචාවක් , දුෂණයක් නැතිව ලංකාවේ කරන්න පුළුවන් එකම රස්සාව තමයි. මරු !!

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ ..ආයේ මෙහෙම රස්සා කොහෙද? මිනිස්සු පෝලිමේ යන්න ඕනේ හරිනම්

      Delete
  33. හයියෝ එලමකිරි බන්! කතා දෙකක් නෑ දෙන්න ඕනෙ හැමතැනටම රිදෙන්න දීලා. හැක්. මං හිතුවෙ හමුදාව ගැනත් කියාවි කියලයි. ඉස්සර සමාජය කොයිතරම් ගරු කල තනතුරුද ඕවා. ඒ ගරුත්වය කෙලෙසා ගත්තෙත් ඔවුන්මයි.

    ReplyDelete
    Replies
    1. හමුදාව ගැන කියන්න ගියොත් විචාරක තුමා මට වෙඩි තියයි බං ...එක නිසා කිව්වේ නෑ ,,,,තැනකුයි රෝස බස්සි උඹ කියන කතාව හරියට හරි. ඉස්සර පොලිසියට ගන්න පරම්පරා හතක තොරතුරු හොයනවලු කියලා කියනවා අහලා තියෙනවා

      Delete
  34. ඉවාන්.....ඔන්න ඕකට නියම පොර තමයි අර බ්ලොග් වලට ඇවිත් ඉන්න පැන්ශන් ගිය ප්‍රින්සිපල් මහත්තයා. ඉන්න තැනක් බලලා පනිවිඩේ යවපන්.

    ReplyDelete
    Replies
    1. මිනිහා බොරුවක් ද කොහෙඅ ගෙනියන්නේ මට පෙන්නේ .... ඌ පිනෙක් නෙවෙයි පින් ගොනෙක්

      Delete
    2. පොඩි ඇන්දිල්ලක් වගේ තමයි.

      Delete
  35. ඔය වගේ තව ජොබ් එකක් තියෙනවා.
    අහිoසක. කාටවත් කරදරයක් නැති. ඔහේ ඉන්න පුලුවන් එකක්.
    විපක්ශනායක කම!

    ReplyDelete
    Replies
    1. එකත් හරි JP , ඒ වුනාට එකේ බැනුම් අහන්නත් එපැයි ..මේකේ බනුමුත් නෑ

      Delete
  36. වටේටම ටොකු ඇනගෙන ඇනගෙන ගිහින් ආතල් බන් :D

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ ඇනලා දැම්මා බං ...හෙක් හෙක්

      Delete
  37. ඒ රස්සාවට විතරමයි තමා ලංකාවේ කවුරුත් බනින්නේ නැත්තේ :P

    ReplyDelete
    Replies
    1. ඔව් හසිත ....අනික් මොක කරත් බැනුම් අහන්න එපැයි

      Delete
  38. අන්තිම වෙනකම් හිතා ගන්න බැරි වුනා ..ලස්සනට ලියල .හැබෑටම දැන් සැහෙන පෝලිමක් තියෙයි ඉන්ටර්විව් එකට . පිරිමි පක්ෂය විතරද ඕකට ගන්නේ ..

    ReplyDelete
    Replies
    1. නෑ බින්දී මොන .....එකෙක් හොයාගන්ට නෑලු.... ඕකට කාන්තා පාර්ශවය ගන්නවා කියලනම් තාම දන්වා නැහැ... එහෙම ගත්තොත් පණිවිඩේ එවන්ටද? :D

      Delete
  39. අම්ම ආයිත් හිටි හැටියේම අඬන්න ගත්තා..
    "ඇයි අම්මේ මේ ? " ඇහුවෙ මල්ලි..
    " එපා කොල්ලෝ ඕකට යන්න... උඹ නිකං ඉඳල නිකමෙක් වෙයි.. ඇයි යකෝ ඕකෙ ඉස්ස්ල්ල හිටි උං ගෙදර ගියෙ නිකංම ඉඳලනෙ.. එන එන රජවරු එල්ලුං ගහට නියම වෙච්ච එව්වෝ නිදහස් කරල ඇතා පිටිං ගෙනත් අන්තිමට වලේ බංගලාවටත් යවනකොට බොට කොහෙදබොල වැඩ ? ඔන්න ඔහෙ අර කුඹුරුකෑල්ලයි හේනයි බලාගෙන ගෙදර හි‍ටු.."

    ReplyDelete
    Replies
    1. අම්මප සරත් අයියේ අම්ම ඔහොම කිව්වට පස්සේ වෙන්ට ඇති අර හිටපු එකා ලියුමක් ලියලා තියලා මාරුවෙන්ට ඇත්තේ

      Delete
  40. පට්ටම පට්ටයි ඉවාන් කතාව

    ReplyDelete
    Replies
    1. තැනකුයි වේවා නලින් අයියේ ....(Y)

      Delete
  41. නියමෙට සිදුවීම් ගලපලා ලියල තියෙනවා. ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා නිමෝ .....ජයවේවා ඔබටත්

      Delete
  42. ආයේ වචන දෙකක් නෑ මලේ හාස්‍ය රසය උත්පාදනය කරමින් දිය යුතු පනිවුඩය බොක්කටම දීමෙහි කෙල පැමිනියෙන් උඹ!!!! මහත් සේ රස වින්ඳෙමි... ජය!!

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා චන්දන අයියේ .....ඔබටත් ජයම වේවා ..

      Delete
  43. එච්චර ලොකු රස්සාවක් වෙලත් දෙන පඩිය මදි කියලා මම අද දැක්කා බං බුකියේ.. නැත්නම් ලංකාවට ඇවිත් ඉල්ලන්නවත් තිබුනා..

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත ..පඩියනම් අජූතයි ,දැන්නම් ලංකාවට ආවොත් වෙන්නේ ඉල්ලන්න නෙවෙයි එල්ලෙන්න

      Delete
  44. මට මේක කියෙව්වම මතක් උනේ ඉවාන් අර බුදුවෙන්න ඕන මිනිස්සු ඇන ගහලා ඇන ගහන්න ඕන මිනිස්සු බුදුවෙලා කියන කතාව.....
    නිර්මානයනම් නම් ඉතින් පට්ට

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත බං, අලුගෝසුවෝ ඕනෑතරම් ජීවත්වෙන රටේ ...මේ වැඩේට මිනිහෙක් හොයා ගන්න නැති හැටි

      Delete
  45. කතාව අස්සෙන් එලියට ඇවිල්ල තියෙන කතාව ගොඩක් වටිනව මචෝ..

    ReplyDelete
  46. ඕට්ටේලියාවෙන් 2 ගෙන්නන්න නේද හදන්නේ...ඊට කලින් ඇප්ලයි කොලානම් හොඳයි...

    ReplyDelete
    Replies
    1. ඔව් බං මාත් ඔහොම කතාවක් ඇහුව මේ ලඟදි. හැබැයි මේ ගානට එයිද?

      Delete
  47. ඔන්න පරක්කු වෙලා මේ පැත්තට ආවා. 16500නම් මොකටද අර ඔස්ට්‍රේලින් පොරවල් දෙන්නෙකුත් ඉල්ලලා තියෙනව කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. තැනකුයි වීරේ ..ඒකතමයි මාත් බැලුවේ .ඕස්ට්‍රේලියාවේ හින්ගන්නොද දන්නේ නෑ ගන්නේ ..මේ ගානට එයිද බන් එවුන්

      Delete
  48. මෝඩ හරකා ...මොනවද යකෝ මේ .....තොපි වගේ එවුන් ලියන මේ වගේ හුත්තවල් බලන්න බැරි කමට තමයි යකෝ වැදගත් කියන මිනිස්සු මේ බ්ලොග් ලෝකෙන් ඈත්වෙලා ඉන්නේ ... උඹ මේ හුත්ත්වල් ලියන එක නවත්තනවද නැත්තං අපි නවත්තලා දෙන්නද

    ReplyDelete
    Replies
    1. මටත් නවත්තගන්න බැරුව ඉන්නේ මචං නවත්තලා දියන්කෝ පුලුවන්නම්

      Delete
  49. අළු ගෝසුව කියන්නෙත් බලනකොට ගල් බනිස්, කිඹුල බනිස් වගෙ සීන් එකක් තමයි. නමේ අළු තිබ්බට වැඩේට ගාවගන්නෙත් නෑනෙ!

    චන්ඩියෙක් බැහැල ඉන්නෙ. මේක දැක්කම මතක් උනේ පොඩි කතාවක්. දවසක් බස් කොන්දෙක් කෙල්ලෙක්ට කිව්වලු නංගි මොකද ඉස්සරහට යන්නද නැත් මම යවඳ කියල. කෙල්ල කිව්වලු නෑ කලබල වෙන්න ඕන නෑ, අපිට හැම මාසෙම ගානට යනව කියල. එතකොට කොඩ්න්හ කිව්වලු "මතක තියාගන්න නංගි ඔය යන ඒව දහ මාසෙකට නවත්තන්න අපිට යන්නෙ විනාඩි පහයි කියල.

    ReplyDelete
    Replies
    1. අළු ගොසුවා ගල් බනිස් වගේ තමයි .......අනිවා ..

      චන්ඩියෙක් ඇවිල්ල ඉන්නවා ,මම මේ ඌට කියන්නේ මොකක්ද කියලා හිත හිතා හිටිය්යේ ..වෙන් වැඩ නැති එකෙක්ද කොහෙද බං

      Delete
  50. හහ් හා, :D සුපිරි කතාව , (Y)

    ReplyDelete
    Replies
    1. හාහ් හාහ් හා තැනකුයි ගොළු ....(Y)

      Delete
  51. ආතොල් ජොබ් එකක්නෙ බන්...එල්ලන්න නියම කලාට තාම එල්ලන්නෙ නෑ නොවැ...එල්ලන කාලයක් එනකං පඩිය අරං ඕනෙ නම් එල්ලන්න සැට් වෙන කාලෙදි මාරු වෙන්න හරි බැරියැ.

    ReplyDelete
    Replies
    1. එකනේ බන් එහෙම වෙලත් මුන් එකෙක්වත් ඉන්නේ නැති හැටියක් අම්මපා !

      Delete
  52. මම මහා ඇමති වුනාම ඉවාන් පත් කරනවා අළුගෝසු තනතුරට.

    ____හිරුණිකා________

    ReplyDelete
    Replies
    1. තැන්කිව් වේවා හිරුණිකා අක්කේ ... එහෙම වුනාම මම ඉස්සෙල්ලම ඔයාව එල්ලනවා .... හුටා වැරදුනා සොරි සොරි

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]