Monday, April 28, 2014

නිරුවත් කරන්න




නිරුවත හැමවිටම විවාදාත්මකයි ......නිරුවත අසංස්කෘතික වචනයක්ද ? අසභ්‍ය වචනයක්ද ? කොහොමවුනත් ජීවිත කාලය තුල අපි කීදෙනෙක් ඉදිරියේ නිරුවත් වෙනවා ඇතිද ?

කලබල වෙන්න කාරී නෑ ......කෙනෙකු ඉදිරියේ නිරුවත් වෙනවා කියන්නේ සළුපිලි උනා දැමීම පමණක්ද ?

ජීවිත කාලය තුල පෙම්වතා - පෙම්වතිය, බිරිඳ - සැමියා ඉදිරියේ පමණද නිරුවත් වෙන්නේ ....නැවතත් මේ කතා කරන්නේ සළුපිලි උනා දැමීම ගැන (පමණක්) නොවෙයි .

සිත ගත් යුවතිය ඉදිරියේ ....සෙනෙහෙවන්තයා ඉදිරියේ සිතුවිලි ...නිරුවත් වී නැද්ද? සිතින් පමණක් පෙම්කල නුදුටු පෙම්වතිය ,පෙම්වතා  ඉදිරියේ හැගීම් නිරුවත් වී නැතිද ? චමත්කාරජනක සිතුවිලි  පහලවූ පමණින්ම සිතුවිලි හැගීම් බිඳෙන් බිඳ නිරුවත් වන්නේ අපිටත් නොදැනුවත්වම ..

එහෙනම් නිරුවත්වීම සුන්දර නොවේද?

හදවත හඳුනාගන්නතුරු ඒ හදවත හිමිකාරියගේ / හිමිකරුගේ දෑස තුල කිමිදෙන්නට ..ගැඹුරටම  කිමිදෙන්නට ලැබීම අතිශයින් චමත්කාරජනක නොවේද ?

එහෙම වුනාම හිතිලා නැද්ද ලෝකය කොයිතරම් සුන්දරද කියලා ..

ඇසෙන නොඇසෙන සරින් වදනක් දෙකක් දොඩනවිට හදවතට දැනෙන ඒ නුහුරු හැගීම කොයිතරම් නම් ආහ්ලාදජනකද?

ඇත්තෙන්ම හදවතක් හඳුනාගන්නතුරු...හදවතකට අතුලුවෙනතුරු ගෙවන ඒ කාලය කොයිතරම් සොඳුරුද ?..........ඒ නිරුවත්වීම ...ඒ ලෝකය ...ඒ ජීවිතය කොතරම සොඳුරුද ?

අද ලෝකය අයිති තරුණයන්ටයි ..... වයසින් නොව සිතින් තරුණ හැමකෙනෙකුටම ...

හේෂාන් ගොඩිගමුව - චාමින්ද රත්නසූරිය - නදීක ගුරුගේ යන තරුණයින් තුන් කට්ටුවේ ගායන, ගීතරචන සහ සංගීතමය ප්‍රයත්නයන්ගෙන් හැඩ ගැන්වුණු මේ ගීතය විඳින්න ......

අහන්න එපා ...බලන්න එපා .....විඳින්න................ ජීවිතයේ ...ලෝකයේ සහ නිරුවතේ ආශ්වාදය විඳින්න







නිරුවත් කරන්න හැගීම් එක දෙක 
නිරුවත් කරන්න සිතුවිලි බිඳ බිඳ ...//
හඳුනා ගන්නා තුරු ඔය මුදු හදවත 
හඳුනා ගන්නා තුරු.....................//

නිරුවත..... වුනත් එතකොට සොඳුරුද කෙතරම් 

ඇස්දෙක අරින්න හෙමි හෙමීට 
ඉඩදෙන්න ගැඹුරට කිමිදෙන්න.....//
හඳුනා ගන්නා තුරු ඔය මුදු හදවත 
හඳුනා ගන්නා තුරු.....................//

ලෝකය ..... වුනත් එතකොට සොඳුරුද කෙතරම්

වදනක් දෙකක් දොඩන්න නෑසෙන සරින් 
ඉඩදෙන්න වචනතර රැඳෙන්න ...............//
හඳුනා ගන්නා තුරු ඔය මුදු හදවත 
හඳුනා ගන්නා තුරු.....................//

ජීවිතේ..... වුනත් එතකොට සොඳුරුද කෙතරම්

නිරුවත් කරන්න හැගීම් එක දෙක 
නිරුවත් කරන්න සිතුවිලි බිඳ බිඳ ...//


පද රචනය - චාමින්ද රත්නසූරිය
සංගීතය     - නදීක ගුරුගේ
ගායනය     - හේෂාන් ගොඩිගමුව  

133 comments:

  1. ඔත්තුව දුන්නාට තුති..
    ලස්සන ගීයක්..

    නිරුවත් කරන්න හැගීම් එක දෙක
    නිරුවත් කරන්න සිතුවිලි බිඳ බිඳ....

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තැනකුයි වේවා , සිංදුව හොඳයි ..එකයි දැම්මේ

      Delete
  2. නිරුවත් උනාම ඔක්කෝම හරි...

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන අයත් ඉන්නවා

      Delete
    2. තේරිලා නෑ.. හැම දෙයක්ම නිරුවත් කරහං උඹ ගොඩ..

      Delete
    3. තේරුනා ...මං කිව්වේ අනික් තේරුම ගැන

      Delete
  3. ෆොටෝ එක දැක්කම අර පොඩිකාලේ අම්මලා හකුරු ඉල්ලන එක මතක් උනා හි හි .. ලස්සන අදහසක් එක්ක සින්දුව ස්තුති අයියේ

    ReplyDelete
    Replies
    1. සින්දුව මෑත කාලයේ මං දැකපු හොඳ සින්දුවක් .....හරියන වීඩියෝ එකක් තිබ්බනම් මරු. තැනකුයි වේවා ඔමා

      Delete
    2. ඕක එදා ගැහුවා .. එටකොට උඹ ෆ්ලැට් !!! ඒකයි මතක නැතුව ඇත්තෙ.. E මයිනර් එකේ ඇල්ලුවෙ. අම්මපා !!!!!!

      Delete
    3. E මයිනර් නෙවෙයි මොරිස් මයිනර් පල යන්න

      Delete
  4. එකෙක් බදුල්ලේ ගිය පොටෝ හැට හුටාමාරක් දානවා. මේකා මේ අනුන්ගේ මෙළෝ රහක් නැති සින්දු දානවා. අරහෙ මාරයා බ්ලොග් වල කියවන්න මෙළෝ දෙයක් නෑ කියලා බුකියේ පිණුම් ගහනවා. බලාගෙන ගියාම ඌ කියන එකත් ඇත්ත. දෙයක් ලියන උනුත් පිස්සු කෙලින කොට වෙන මොනවා කියන්නද. මාරයා නම් මේවට කියන්නේ බල්ලන්ට පොල් ලෙලි දානවා කියලා.

    මීට හොඳයි අර දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකේ රොක් සින්දු පොරි හැලෙන්න දෙන, හර්ෂ දනෝෂ් කියන එකාට පබ්ලිසිටියක් දුන්නා නම්. අඩු ගානේ ඌට එස් එම් එස් ටිකක් හරි වැටෙනවා. අනික පින් සිද්ද වෙනවා..

    https://www.youtube.com/watch?v=qejTPtJLjLU

    ReplyDelete
    Replies
    1. හොද කෙටිකතාවක් ලියලා ,මිනිස්සුන්ගෙන් බැනුම් අහනවට වඩා මේක හොදයි කියලා හිතෙන්න ඇති

      Delete
    2. මේ කොමෙන්ට් එකෙන් මම පෙන්නන්නේ මගේ නිරුවත. හැබයි ඒ ගැන මම ලැජ්ජා වෙන්නේ නෑ. ඉවාන් මගේ බොක්ක නිසා ඌ එක දන්නවා.

      Delete
    3. @ මාතලන් - මම ඔය ටික අහගන්න බලාගෙන දැම්මේ හැක් හැක් ...කෝ මේ හැලපයියා... ඊළඟ ප්‍රහාරය හැලපයියාගෙන්

      Delete
    4. ************************************************* thanks මහාචාර්ය තුමණි. දැන් ඉතින් ලියන්නම වෙනවා ඉවාන් අයියේ

      Delete
    5. ඔමා - එහෙම හිතුන වෙලාවලුත් තිබ්බා ඔමා. ඔයා හරියටම හරි (Y)

      Delete
    6. මං වගෙ නොලිය හිටපියව්කො !!!!!! :D

      Delete
    7. මාතලන්
      මේ කොමෙන්ට් එකෙන් මම පෙන්නන්නේ මගේ නිරුවත//
      නෑ උඹ ඇත්ත කියල තියෙන්නෙ. නිරුවත කියන්නෙ ඒක නෙවේ.

      Delete
    8. @ මාතා......අර දෙරණ රොක් සිංදු කියන එකානම් නියම බුවෙක් බං. මම ඌව දිගටම බැලුවා. මම කියන්නේ උගේ චැලෙන්ජ් එක දීලා තියෙන්නේ දෙරණේ තරඟකාරයින්ට නෙමේ, අපේ අනිකුත් ලාංකික රොක් ආටිස්ට්ස්ලාට කියලා. අතුල අධිකාරි, නදීක, චාපා ඌට හොඳ බැකප් එකක් දෙනවා. ඌ නියම වෙනසක්!!

      Delete
  5. නිරුවත් කියනකොට මම හිතුවේ.......... එක්කෝ ඕනේ නෑ.

    ලස්සන සින්දුවක්....... ජය...!

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි නිමෝ ... ඔව් මොකක්ද හිතුවේ කියලා මම දන්නවා ... එක්කෝ ඕනේ නෑ තමයි

      Delete
  6. අපගේ බ්ලොග් දර්ශකයට ඔබේ බ්ලොග් අඩවියත් එක්කරන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  7. ලස්සන සින්දුවක් :) නදීක ගුරුගේ කොහොමත් වන් ඔෆ් මගේ ෆේවරිට්ස්
    බොහොම ස්තුතියි බෙදාගත්තට..

    ReplyDelete
    Replies
    1. නදීක ගුරුගේ මෑත කාලීනව බිහි වෙච්ච හොඳ සංගීතවේදියෙක් , හැබැයි මානවි අර ඇන්ටිගේ බෝඩිමට ගියානම් මේවා අහන්න ආපහු එන්න ලැබෙන්නේ නෑ :)

      Delete
  8. මිනසා ඇඳි දා සිට වත...
    අලෙවිවිය නිරුවත..

    ReplyDelete
    Replies
    1. "මිනසා ඇඳි දා සිට වත...
      අලෙවිවිය නිරුවත"

      පස්ටයි පස්ටම පස්ටයි

      Delete
    2. @ෂැගියා

      +++++++++++++++++

      Delete
  9. සින්දුව ගෙදර ගිහින් අහන්නම් . . නිරුවත ගැන කියනවනම් . . මම නම් කැමති නිරුවතින්ම ඉන්නයි . . ඒක හරිම සැහැල්ලුයි . . .ඒත් අපේ නිරුවත්වීම දකින (අහන) මිනිසුන් අපිව වැරදියට තේරුම් ගන්න උත්සාහ කරනවා . . මිනිසා යනු සමාජ සත්වයෙක්නේ සමාජයෙන් විතැන් වෙලා ජීවත්වෙන්න බැරි නිසා බොහෝ වෙලාවට නිරුවත් වහගෙන පාට පාට සලු පිලි දවටගෙන ඉන්න වෙනවා . . (සිතුවිලි නිරුවත් ගැන හොඳේ)

    ReplyDelete
    Replies
    1. දුකාගේ කොමෙට් එකක් කාලෙකින් දැකීම සතුටක්, කාලෙකින් ආපහු සක්‍රිය වෙලා ඉන්නවා දැකීම ඊටත් වඩා සතුටක් .

      මේ අදහසට ඌණ - පූර්ණ එකතු කරන්න ඕනේ නෑ මම හිතන්නේ ... සියල්ල කිව යුතු සැටියෙන්ම

      Delete
    2. හඃ හඃ හා . . මේ බ්ලොගින්ග් කෙරුවාවෙන් අහක් වෙන්න බෑ බන් අබින් කෑවා වගේ . . කාර්‍යබහුලත්වය නිසා පොඩ්ඩක් අයින් වෙලා හිටියත් ඇහැක් වෙච්චි ගමන් එන්නමයි හිත . .

      Delete
    3. අඩෝ මේව බැලුවට කමක් නෑ, අන්න අර එවනව කියපු එසයිමන්ට් ටික ඉක්මනට එවහන්. නැත්තන් මටට්යි නිරුවස්තරෙන් ඉන්න වෙන්නෙ.

      Delete
  10. හ්ම්ම්ම්ම් මොනවා කියන්නද ඉවාන් ,නිරුවත ගැන... නිරුවත් සිතුවිලි හරි සුන්දරයි ????

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ .. විශිෂ්ට නිර්මාණ බොහෝ විට නිරුවත් වුනු සිතුවිලි

      Delete
  11. මම උඹට පොඩි කතාවක් කියන්නං ඉවාන් මල්ලි,අපිත් එක්ක එක අපාට්මන්ට් එකේ ඉන්න පවුලක පොඩි බට්ටෙක් ඉන්නව හරිම දඟයි දඟයි කියන්නෙ දඟකාර පෙට්ටගමක්.කාගෙහරි ගෙදරකට ගියත් එකතැන ඉන්න බෑ දඟලනවා.තාත්ත කට ගෙවෙනකල් බැන්නත් වැඩක් නෑ අන්තිමේ හා යමුකො ගෙදර කියල කියනව.මේ ලඟදි කට්ටිය අපේ ගෙදර ඇවිත් ඉන්නකොට පොඩි එකා සුපුරුදු විදියට දඟලන්න ගත්ත තාත්ත නම කියල කතාකළා,මොකද කරන්නෙ ඉන්න බැරිද එකතැනකට වෙලා,එතකොට කොල්ල කියනව,
    යමුකො ගෙදර...
    මට නේද ඉල කැඩුන හිනාවෙලා,පස්සෙ බලපුවම මේකා ෆ්‍රිජ් එකේ තිබ්බ මගෙ කිට් කැට් පැකට් එකේ තිබ්බ චොකලට් දොළහම කාල හිස් කවරෙ විතරයි.මට ඊට වැඩිය හිනා ඒක දැකල...
    මම මෙච්චරයි ලියන්නෙ උඹ උඩින් ලියල තියන කමෙන්ටුවට මේ කතාව ගලපගනින්.

    ReplyDelete
    Replies
    1. දැන් මට ඉල ඇදෙනවා හිනාවෙලා ... හැලපයියා නම් මාර පොරක් ....මේ කොමෙන්ටුව මාතේ දැක්කද දන්නේ නෑ. පොස්ටුවට වඩා මේක හොඳයි වගේ

      Delete
    2. ෆ්‍රිජ් එකේ අරක්කු නොදාන නිසා හොඳා හැලපයියේ.. නැත්තං ඌව වඩාගෙන ගෙනියන්ඩ වෙන්නේ :D

      Delete
    3. යකෝ දැන් ජාව ඩිසේබල් කරල කොපි කරගන ඕන එකෙක් දන්නව බන්. එහෙව් එකේ ඔන්න ඔය මගුල අයින් කරහන්, හැලපෙගෙ "උඹෙ කමෙන්ට් එකට මගේ කතාව ගලපගනින්" කියපු කෑල්ල කොපි කරගන්නවත් නෑ, මගුල.

      Delete
    4. ඔව් බන් ඉන්දික ..මටත් මල පැනලා තියෙන්න ඔය මගුල නිසා , අයින් කරන හැටි කියපන්කො , මට දැන් මේක අයින් කරගන්න විදිහක් හොයාගන්න් බැරුව ඉන්නේ, ඔය අත් හදාබැලීම කරන කාලේ කරපු වැඩක් දැන් මේ රෙද්ද හොයා ගන්න බෑ , කොහේ තියෙනවද කියලා HTML කෝඩ් එක

      Delete
  12. සිංදුව පට්ට මෙහෙම බෑ ගෙදර ගිහින් නිදහසේ අහන්න ඕනේ ! 

    ReplyDelete
    Replies
    1. ඇත්තටම් මටත් සින්දුව ලස්සනයි .... කීප පාරක්ම මාත් ඇහුවා මේක ..නිදහසේ අහලා .මුමුණ මුමුණ ඉන්න :)

      Delete
  13. මටත් හිතුනා නිරුවත් වෙන්න… පොඩ්ඩක් හිටින්.…

    එක් එක් මතයන්, විශ්වාස ආදී නානා ප්‍රකාර ඇඳුම් ආයිත්තම් ගලවා විසික් කර දමා නිරුවත් වූ මනසකට දැකිය නොහැකි යමක් ලොව ඇත්ද…………???

    "නිරුවත් මනසින්… දකිමු ලෝකය……"

    (ඉවාන් ඉක්මනට උඹේ කතාවකුත් බලාපොරොත්තු වෙනවා)

    ReplyDelete
    Replies
    1. මනස නිරුවත් වුනාම මොනවද න්දකින්න් පුළුවන්, හැබැයි උඹ නිරුවත් වෙන්න එපා ..හෆොයි

      Delete
    2. නිරුවත් මනසින් ලෝකය දකිද්දි අහසට පොලව වගේ .. ඕං උදාහරණයක් දෙන්නංකො..
      ඔය ලස්සනට ඇඳල පැළඳල යන ගෑණු ළමයි . . . . . . . . . . . නෑ එක්කො ඕන නෑ !!! මං යනවා.

      Delete
    3. @ ප්‍රියා,
      \\මටත් හිතුනා නිරුවත් වෙන්න… පොඩ්ඩක් හිටින්.…\\

      මේක දැක්කම මාව හීතල වෙලා ගියා උබ ඇත්තටම නිරුවත් වෙන්න යනවා කියලා. නිරුවත් නම් වෙන්න එපා,
      යකෝ වටේ ඉන්න උන්ට නුල් බදින්න වෙයි.හික්...

      @ පත්තරේ,
      අපිව නොමග යවන්න එපා හරිය. බෝ පැල වගේ අපි.

      Delete
  14. උදාහරණ කියන්න අවශ්‍ය නෑ එක දවසකට කී දෙනෙක් නම් කී පාරක් නිරුවත් වෙනව ඇද්ද නේද. හොදයි පොස්ටුව

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත , එත් ඒවා සමහර විට වෙන්නේ අපි නොදනුවත්වමයි නේද?

      Delete
  15. නිරුවත් කියන එකේ විරුද්ද වචනෙ "රුවත්" ද?
    පත්තර මල්ලි වගේ බහුසෘත සාහිත්යකාරයෙක්ගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙනව
    (මහසොහොන් පිල්ලියත් දන්නව ඈති)

    ReplyDelete
    Replies
    1. පත්ත්රයා අද තාම නෑ... ඕකා බයවෙලා ඉන්නේ මම ඕකව මරන්නනේ ඉන්නේ ... :P, නිරුවත් කියන එකට සමාන පදනම් ඔනපදම් දන්නවා ,අනික මොකට නිරුවතට විරුද්ධ වෙනවද මන් අහන්නේ

      Delete
    2. සමා වෙන්න මිත්‍රයා .. මඳ ඉසිඹුවක් ලද විගසයි පැමිණියේ..නැත. ඔබ වැරදියි.. රුවත් නොවේ ..

      "නි " යන පදය නැත යන අරුතින්..ඒකෙ විරුද්ධ ප්‍රත්‍යය තමයි " ස "
      " ස " යන්නෙනෙන් හැඟවෙන්නේ සහිතයි යන්නයි..

      ඒ අනුව නිරුවත් යන පදයට විරුද්ධ පදය " සරුවත් "
      පැහැදිලියි නේද ???

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. PM, අන්ඩකොන්ට්‍රොල්? අවුට් ඔෆ් කොන්ට්‍රොල් නෙමෙයි? මොකක කොන්ට්‍රොල් එක අන්ඩ ද? අන්ඩක කොන්ට්‍රොල් එකද?
      ඔබ වෑනි පඩිවරයෙක්ගෙන් මේවා දෑන ගෑනීමේ වාසනාවලත් අප සත්යවශයෙන්ම බාග්යවන්තයන් වෙමු

      Delete
    5. උඹට ඕනැ හටියක් හිතාගං..අන්ඩ නං කොන්ට්‍රෝල්ම නෑ බං තනිකරම කෙලින්නෙ පිස්සු..:D උඹලගෙ වාසනාව මාව ආස්සරේ කරන්න ලැබුන එක..

      Delete
    6. ප්‍රින්ටිං මිස්ටේක්.. නැතුව මට වැරදුනා එහෙම නෙමෙයි ඈ.. :D මං උඹ දන්නවද කියල බැලුවෙ.ඕ යේස්

      Delete
    7. හප්පේ මුන් දෙන්නගේ සාහිත්‍යය

      Delete
    8. PM, ප්‍රින්ටින් මිස්ටේක් හෝ අන්ඩර් ද ඉන්ෆ්ලුවන්ස් ඔෆ් ....... හෝ කුමන අල බෝල හේතුවක් නිසා ඔබේ කොමෙන්ට් දෑන් ඩිලීට් කිරීම ( අපි වෑනි ඔබගේ අනුගාමිකයන් කොමෙන්ට් කල පසු ) ඔබවෑනි වියතෙකුට තරම් නොවේ

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. ඉවාන් දන්නවද ? ආදරය කාලෙ වෙන්නෙ වැඩි සළුපිළිවලින් වසාගැනීමයි.. ඔන්න බැන්දාම ටිකක් ගැලවෙනවා. බැඳලා ටික කාලයක් යනකොට ඔක්කොම ගැලවෙනවා. එතකොට නියම රූප සොබාවත් එක්ක ඉන්න බැරි වෙනවා. ඊලඟට පෙරකදෝරුවන්ට ජයයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත හැමෝම තමන්ගේ නියම ස්වාභාවය හංගගෙන ඉන්නේ . එත් කවදා හරි එක එලියට එනවා . මිනිස්සු කැමති හැංගිලා ඉන්න , ඒ නියම තමුන්ව අනික් අය දැන ගන්නවට අකමැති නිසා .

      Delete
    2. සහතික ඇත්ත සරත් අයියේ . . මම ත් බඳින්න සම්පූර්ණ නිරුවත් උනා ඒත් බැන්දට පස්සේ මෙන්න වලි . . අරක්කු බොනවා, සිගරට් බොනවා, රවුම් ගහනවා, සීරියස් නෑ අරවයි මෙව්වයි චෝදනා ගොඩයි. ඇයි හත්වලාමේ බඳින්න කලින් මේ ඔක්කෝම කිව්වේකිව්වාම කියනවා මම හිතුවේ ඒවා බොරුවට කිව්ව කියලා කියපි . . ඉතින් කාට කියන්නද? හොඳ වෙලාවට නිරුවත් විග්‍රහකරලා දෙන්න ඇහැක් උනු යාලුවෝ නිසා පෙරකදෝරුවන්ට සල්ලි පුදන්න ඕන උනේ නෑ . . හෙ හෙ හේ

      Delete
    3. මක්කටෙයි ඕං බොරු කියන්නෙ ..මම නං බඳින්න කලිංම නිරුවත් උනා.. ඕ යේස් ..
      ඒ කියන්නෙ පෙම්වතිය ඉස්සරහ රෙදි ගැලවුනා ලිමිට් පැනලා .. :D

      Delete
    4. දුකා, සරත් අයියන්ඞි එකලයි

      Delete
  18. මට සිතෙන හැටියට නම් ලෝකේ වැහිච්ච නැතිනම් වසා ගෙන සිටින දේවල්වලට ඉල්ලුම වැඩියි. ඕනම දෙයක් ඇරගෙන නැතිනම් විවෘත කරගෙන ඉන්න ඉන්න ඒවායේ අගය අඩු වී යනවා. (නිතර දෙවේලේ පේන ඒවා.)

    කවුරු කොහොම කීවත් අද ලෝකයේ වස්ත්‍රයෙන් පමණක් නොව, මුලාවෙන්, රැවටීමෙන් නිරුවක් වීමට නොහොත් මීදීමට බෝහෝම ඉල්ලුමක් අගයක් ලැබී තියෙනවා.

    ලෝකස්වභාව නම් තියෙන දේට වඩා නැති දේ ගැන දුක්වීමත් ඇගයීමත් වගේම පෙනෙන දේට වඩා නොපෙනෙන දේ ගැන වද වීමත් ඇගයීමත් වේ.

    මං සිකන්නෙ මේ දෙකම විචාර බුද්ධියෙන් අවබෝධ කරගැනීමට උත්සාහ කිරීමෙන් සැනසීමක් සැහැල්ලුවක් ලබාගතහැකිය යන්නයි.

    මේ තමයි මගේ නිරුවත. මම තෙලිදිය.

    ReplyDelete
    Replies
    1. ඔව් තෙලිදිය හරි... ලෝකයට ..ලෝකයාට නිරුවත් වෙන්න් අවශ්‍යයි ... මේ මුලාවෙන්, රැවටීමෙන් ,මේ කඩතුරාවෙන් ...ස්තුතියි ඔබට

      Delete
  19. නිරුවත් කරන්න කියලා තිබුන නිසා දුවන් ආවේ.දැන් තියෙන්නේ වෙනම කතාවක් නේ.
    සිංදු දැන් අහන්න බැහැ.පස්සේ අහලා කියන්නම් ගුණ,දොස් එහෙම...

    ReplyDelete
    Replies
    1. පෙනේද මුන් වගේ නැහැදිච්ච කොල්ලෝ , නිරුවත බලන්න දුවගෙන ඇවිත් දැන් යනවා බෑ කියලා .අනේ අම්මප

      Delete
    2. යකෝ නිරුවත බලන්න ආපු මමද වැරදි,නිරුවත බලන්න එන්න කියාපු උඹද හරි කියපන්..?

      Delete
  20. 'නිරුවත' කියලා දැක්ක හැටියේ මම නම් ඇස් වහගත්තා.:D

    ReplyDelete
    Replies
    1. ඔව් අකැමති දේවල් නොබලන ,නොකරන එක හොඳයි .........!

      Delete
    2. නොබල කරන්නත් පුලුවන්

      Delete
    3. හොඳ වැඩේ පව්ලූශට...:D

      Delete
  21. විශ්වාසවන්ත භාවයේ අන්තිම සීමාව එක්තරා නිරුවතක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් , ඒක තමයි නිරුවත් වෙනවා කියන්නේ ... නිරුවත හැමෝටම දකින්න බෑ ..හැමෝවම විශ්වාස කරන්න බෑ අන්තයටම

      Delete
  22. ඇත්තටම ලස්සන සින්දුවක්... ස්තූතියි තොරතුරට...

    ReplyDelete
  23. තමන්ගේ හිතට දැනෙන දේ කෙලින් කියන එක හෝ අවංකව හැඟීම් දැනීම් සංවේදනයන් තුල සිටිමින් ඒ ගැන අවබෝධයෙන් කටයුතු කිරීමත් නිරුවත් වීමක් කියලා කෙනෙක් කිවුවත් ඒ නිරුවත් වීමත් ඉතා සුන්දර දෙයක් අනෙක් අතට බලනකොට.

    ReplyDelete
    Replies
    1. නිරුවත් සුන්දරයි හැමවිටම ..එහි අර්ථයෙන් ගත කල

      Delete
  24. මේ දවස් වල මං නිරුවත් වෙලා ඒ මිහිර විඳිනවා.

    ආදරවන්තිය ඉදිරියේ නිරුවත් වීම ( ඇඳුම් උණා දැමීම නොවේ ) තරම් තවත් සුන්දර දෙයක් නෑ.. ඇයගේ සුන්දරවත්ය ( ඇඳුම් උණා දැමීම නොවේ ) දැකීම තරම් තවත් ආත්ම මිහිරක් පෙම්වතෙකුට ඇත්ද..?
    ස්තුතියි.. ඉවාන් අයියා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි... ඒ මිහිර හදවතින්ම මනසින්ම විඳින්නට හැමෝටම බෑ
      ඔබ වාසනාවන්තයි

      Delete
    2. කිව්වහම මොකද මම නං දෙවිදියටම කැමතියි ඊ ඊ ඊ

      Delete
  25. සිංදුව ගැන නං කියලා වැඩක් නෑ. වොයිස් එකේ රිද්මයට මං ගොඩක් කැමතියි.. :) mp3 එකක් වගේ තියෙන තැනක් කිව්වොත් බා ගන්න තිබ්බා.. :)

    ReplyDelete
    Replies
    1. මට තාම මේකේ MP3 තියෙන තැනකනම් හොයාගන්න් බැරිවුනා , හම්බවුනොත් දන්වන්නම්

      Delete
  26. චැහ් මොකද්ද මේ දාල තියන පොටෝ එක ??? නිරුවත් පොටෝ එකක් නැද්ද හොයාගන්න.. මගෙ ගාවනං එකක් තිබුනා මේ වැරදිලා ඩවුන්ලෝඩ් වෙච්ච එකක් :D
    පාස්වර්ඩ් එක දියං ඕක මකලා ඒක දාන්ඩ මං ..උදව්වක් වශයෙන්.

    ReplyDelete
    Replies
    1. උඹ හිතුවද මේක වල් පත්තරයක් කියලා ඈ බොල වල් පත්තරයෝ .. උඹට වැරදිලා ඩවුන්ලෝඩ් වෙච්ච ඒවා කීයක් ඇත්ද කියලයි මම කල්පනා කලේ

      Delete
  27. ඔය සිංදුව වෙන කිසිම කෙනෙක් කිව්වත් වැඩක් නැහැ..මොකද ඒ රසේ දැනෙන්නෙ ඒ කටහඩින් කිව්වොත් විතරයි..

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත අලුත් නිර්මාණ බොහොමයක් තියෙන තත්වයක් තමයි මේක ,ස්තුතියි උමේෂ්

      Delete
  28. මට සිංදුව අහන්න බෑ මොකක්ද මගුලක් Install කරන්න ඔිනලු, හැබැයි උබගේ විගුහය තුල මාර තේරැමක් තියනවා.. අපේ IT Managers ලා හොදයි හරහට දාලා රෙන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම හොඳයි කියලා හිතුනට IT මනේජර්ලාට එහම කරන්න එහෙම එපා පුතෝ ...පව්

      Delete
    2. තරහා යන්නේ නැද්ද මචං, පරිගනකයක් දෙනකොට තියන ඒවා ඔක්කෝම කරලා නේද දෙන්න ඔිනා, මොකද මම ඔිවා දන්න එකක් යැයි? කාන්තා යට ඇගලුමක් මහන විදිහ ඇහැවිවනමි මම කිලා දෙනවා.

      Delete
    3. කාන්තා යට ඇඳුම් ගැන උඹ දන්නේ මහන විදිහ විතරමද ඈ...........?

      Delete
  29. නිරුවත් විම උබ කියන තරම් ලෙසියට වෙන්න බැ බන්.පුද්ගලික ජිවිතෙදි නිරුවත් වුනාම කියනව පිස්සු කියල.ජොබ් ලයිෆ් එකෙදි නිරුවත් උනාම කියනව ඇටිටියුඩ් හොද නැ.නෙගටිවු තින්කින් වගෙ අනම් මනන්.පිස්සු හැදෙනව බන්

    ReplyDelete
    Replies
    1. ඇත්ත ... කොහොම වුනත් නිරුවත් වෙන්න ආස වුනාට එක ලේසි නෑ. නිරුවත කියන්නේ යතාර්ථය වුනාට ඒක ගොඩ දෙනෙකුට දිරවන්නේ නෑ

      Delete
  30. සින්දුව හරිම ලස්සනයි අයියණ්ඩි......ඒ මේ ලියවිල්ලෙත් අමුතු ගතියක් තියෙනවා... මරු ඈ...... ගෙඹි නිරුවත හිකිස්

    ReplyDelete
    Replies
    1. ගෙඹි නිරුවත නෙවෙයි කිඹුලියේ හැමෝගෙම නිරුවත. තැනකුයි වේවා ... බස්සිව නම් උස්සලා විසිකලා ,උඹව අහුවෙනකම් ඉන්නේ

      Delete
  31. මම හිතුවෙ කථාවක් කියන්න යනවා කියලයි....බලාගෙන යද්දි මේ වෙන අටමගලක් නොවැ...අර මා තලන් ගොයියා කියලා තියෙනවා වගේ මගේ කැමැත්තත් උඹේ කථා කියවන්නයි...මේ කියන නිරුවත අපිට කථාවක් ඇතුලෙ පෙන්නහං...

    ReplyDelete
    Replies
    1. චඃ මූත් බැනලා ඒ ගමන ... පොඩ්ඩක් හිටින්කෝ

      Delete
  32. හම්මේ.... සින්දුව අගෙයි. හෙඩිම කියෝල මන් බැලුව මූ මොනාද මේ කියන්න යන්නෙ කියල. හි හි. ගෙම්බො කවද්ද ඇඳුම් ඇන්දෙ නේ :P

    ReplyDelete
    Replies
    1. තැනකුයි , හෙක් කොට බස්සි උඹට නම් පිහාටු තියෙනවනේ . ආයේ අහුවුනොත් බසු පිහාටු වලින් තොප්පි මහනවා

      Delete
  33. අනේ... මන්ද...උඹ.....????????????????????

    ReplyDelete
    Replies
    1. මොකද ?

      බනින්නද හදන්නේ ඒ පාර ඔයත් ... :)

      Delete
  34. අයියෝ සින්දු අහන්න බැරියෝ කනෙක්සම ස්ලෝ :D

    //සිත ගත් යුවතිය ඉදිරියේ ....සෙනෙහෙවන්තයා ඉදිරියේ සිතුවිලි ...නිරුවත් වී නැද්ද? සිතින් පමණක් පෙම්කල නුදුටු පෙම්වතිය ,පෙම්වතා ඉදිරියේ හැගීම් නිරුවත් වී නැතිද ?// අත්දැකීම් නේහ්? :D

    ReplyDelete
    Replies
    1. එටිසලාට් නංගිට වචනෙ දාල බලහං ..
      උනේ මොකද කියලත් පොඩ්ඩක් අපිව දැනුවත් කරපං ඈ !!

      Delete
    2. @ සසිඳු - උඹේ අත්දැකීම ලිව්වේ බං. ඇයි අවුරුදු උත්සවේ ඉවර වෙලා උඹ මට කියපු කතාව තමයි මේ ලියලා තියෙන්නේ .

      @ පත්තරේ - වැඩේ දැන් හරි වගේලු

      Delete
  35. නිරුවත කියන්නේ ඉතින් අපේම සැබැවටනේ .....

    ReplyDelete
    Replies
    1. ඇත්ත නිහිංසා.. එක තමයි යතාර්ථය කියන්නේ , ස්තුතියි

      Delete
  36. හෙලෝ.. එටිසලාට් කස්ටමර් කෙයා.. හව් කැන් අයි හෙල්ප් යූ සර් ...

    ආ හෙලෝ..මම මේ සසිදුගෙ අඩවිය ලියන සසිඳු කතා කරන්නෙ මිස්..අර එද ටිකට් කැඩුවේ අවුරුදු උත්සවේ...ඔයා xxxx නංගි නේද..

    මොකා ?? කරුණාකර ඔබේ ගැටලුව කියන්න සර්..

    ඇයි නංගි ඔයා මට ඔහොම කරන්නේ ??

    සොරි සර්..

    අනේ ඇයි සුදු නංගියේ ඔහොම කරන්නෙ මට..ඔයා මට එදා යද්දි මට මේ නම්බරේ දීල ගියෙ රෑ දොලහට හරි කතා කරන්න කියලා.. ඔයා ගනී කියලබලං ඉඳල බැරිම තැන ගත්තේ..

    සමාවෙන්න සර් .. මේ සියල්ල පටිගත වෙන්වා..සම්බන්ධතාව විසන්ධි කිරීමට අමතරව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන් අපට..

    අනේ නංගි ඒක තිබුනා කියල වැඩක් නෑනෙ ඒකෙ කොහොමත් කෝල් ගන්න බෑ.. ඔයා මාව අන්දල ඩේට සිම් එකක්නෙ දීල තියෙන්නේ..
    අපි පාරිභෝගිකයන් රැවටීමක් කරන් නෑ සර්.ඔබ ගැන නීතිමය පියවර ගන්නවා..
    අනේ මටත් ඕනෙ ඒකමයි නංගියේ..මම අපේ ගෙදර අයටත් කිව්වා.. එයාලත් කිව්වෙ නීතියෙන් බැඳල එක වහලක් යටට වෙන්න කියලා..මං අලුත් ෆෝන් එකකුත් ගත්තා ඔයා නිසාම..

    ඔව් සර් ඔබේ මාදිලිය කියන්න .. අපි ලබා දෙන්නම් කන්ෆිගුරේෂන් මැසේජ් එක.සේව් කර රිස්ටාට් කරන්න.

    නංගි ඔයා ස්කයිප් එන්නද යන්නේ ?? මං ලොග් වෙන්නම් පට ගාලා.

    සමාවෙන්න සර්... ස්තූතියි පාරිභෝගික අංශය ඇමතීම සම්බන්ධව.. ඔබට සුභ දවසක් !!!

    ReplyDelete
    Replies
    1. පට්ට හිනාවෙලා බඩ රිදෙනවා , මෙහෙම වුනා කියලා සසිඳුවා මට කිව්වේ නෑනේ

      Delete
    2. @පත්තර මල්ලි
      ෆස්ටයි..සුපිරියි

      Delete
  37. හතර කඩලා මාට්‍ටු වුනාම තරම් නිරුවතක් ආයෙ ලොවෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි ඒ ගැන මොකට කියනවද ? අපි ඕඩියන්ස් එකෙන් අහල බලමු :)

      Delete
    2. @සෙන්නා
      මොකක්ද මෙි හරැපේ?

      Delete
    3. 3-4 ළඟ ළඟ යන්නේ සෙන්නා !!

      Delete
    4. ඔව් තුනත් එහෙම තමා. ඒක හතරට හපන්... හැබැයි ඒක වහන්නෙත් හතරෙන්නෙ.. එතකොට ඉස්සෙල්ලා කැඩෙන්නෙ හතර... ( හැබැයි ඊට කලින් තුනට නිරුවත් වෙන එක වෙනම කතාවක්.. ඒක ස්වකැමැත්තෙන්ම වෙන නිරුවත් වීමනෙ.. හෙහ් හෙහ්.. )

      Delete
    5. //"තුනට නිරුවත් වෙන එක වෙනම කතාවක්.. ඒක ස්වකැමැත්තෙන්ම වෙන නිරුවත් වීමනෙ"'// +++++++++++++

      Delete
  38. සිතුවිලි හැගීම්
    සම්මිශ්‍රව දගලයි පොදිකයි...
    නිදහසේ හිරුකිරණ යට
    නිරුවත් වෙන්නට...
    ..
    ..
    ..
    නමුත් කෙලෙසක
    පැහැදිලි වන්නද
    දිය තවම බොරයි..
    මනු සතම කුහකයි

    ReplyDelete
    Replies
    1. "මනු සතම කුහකයි" ඒ කතාවට කොහොමද විරුද්ධයි කියන්නේ ...ඇත්ත මහේෂ්

      Delete
  39. බලන්න ආව නිරුවත නොවේ නේ දැක්කේ.

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් හුඟ දෙනෙක්ට එහෙම වුනාලු ....ම.ක.සි. හෙක් හෙක්

      Delete
  40. මදැයි මාත් ඉවාන්ගේ බ්ලොග් එකට හොරෙන් හොරෙන් ආවා කවුරුහරි දකීවි කියල , කාවද මේ නිරුවත් කරන්න යන්නෙ කියල බලන්න :)

    කතාව නම් සැබෑ ඇත්ත , අපිට අනිත් අයගේ සිතිවිලි නිරුවත්ව දකින්න පුලුවන් නම්, අපට අපේ හිතෛෂින්ට අපේ සිතිවිලි නිරුවත්ව ඉදිරිපත් කරන්න පුලුවන්නම් කොයිතරම් හොඳද. ඒ උනත් අද තියෙන්නෙ මවාපෑම් තමා බොහොමයක්ම.

    හේෂාන් ගොඩිගමුවගෙ වොයිස් එක නම් මාර ලස්සනයි.
    ස්තූතියි අලුත් සිංදුවක් අඳුන්වා දීම ගැන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සොන්යා ...මේ සින්දුවේ voice, music වගේම lyrics වලදීත් අනන්‍යතාවය රැකගෙන තියෙනවා නිර්මාපකයෝ තුන්දෙනාම ..

      //"හේෂාන් ගොඩිගමුවගෙ වොයිස් එක නම් මාර ලස්සනයි."// හේ හේ අපේ voice ත් මාර ලස්සනයි තමයි :D

      Delete
    2. මගෙ වොයිස් එකට කස්ටිය වශී වෙලා හිටියෙ.. ඕං ඉවාන් සාක්කි :D

      Delete
  41. මාත් ඉස්සර ඉදලා වැඩ ඇරිලා ගෙදර දුවන්නෙ නිරුවතේ සුන්දරත්වය විඳින්ඩ... නිරුවත කියන වචනයෙන්ම සුන්දරත්වය ප්‍රිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බැඳපු අලුත වෙන්ටෑ ??

      Delete
    2. මධුවා තාම බැඳලා නෑ බන් පත්තරයෝ

      Delete
  42. අඩේ මරු සිංදුව බං.. අදමයි මේ ඇහුවේ.. උඹ ඔය උඩින් දාලා තියෙන පින්තූරේ මරු කෙටි කතාවකට එහෙමනම්..

    ReplyDelete
  43. නිරුවත් වෙන්න කැමති බොහෝ අය නිරුවත්වෙන්න බයයි. තව කෙනෙක් නිරුවත් වෙනකම් බලන් ඉන්නවා තමන්ගේ සළුපිලි පෙරෝගෙන. නිරුවත්වීම හිතන තරම් ලේසි නැහැ..මොකද වහගෙන ඉන්න දේවල් මොනවාද කියලා හරි හමන් තක්සේරුවක් තමන්ටවත් නැහැ. හැබැයි පටන්ගත්තොත් හරිම ලේසියි. මම කැමතියි. මට වැඩක් නැහැ අනිත් එකා නිරුවත්ද නැද්ද කියන එක. පාඩු ගොඩායි.ලාබ ඇත්තෙම නැහැ , තමන් නිදහස්වීම කියන ලාබය හැරුනුවිට.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]