.
මේ කතාව දැකපු ගමන් මටනම් හිතුන දේ තමයි සාමාන්‍යයෙන් විය යුතු දේකට මොකද මේ හැටි ප්‍රසිද්ධියක් දෙන්නේ කියන එක. වාහනයක් කහඉරක් අසලදී නැවත්වීම සාමාන්‍ය දෙයක් වුනත් අපේ රටේ මිනිස්සු ඒක එහෙම පිළිගන්නේ නැත්තේ ඇයි?
මේකෙන් කාරනා කීපයක් හිතන්න පුළුවන්.
- ඉතිහාසයේ පළමුවරට කියන්නේ, අපේ රටේ ඉතිහාසයේ කවදාවත් රාජ්‍ය නායකයෙක් රටේ සාමාන්‍ය නීතියට ගරුකරලා නෑ කියන එක
- මගී ජනයා ඔල්වරසන් නගයි කියන්නේ , අපේ රටේ ජනතාවට රාජ්‍ය නායකයෙක් නීතියට හෝ සම්ප්‍රදායට ගරු කිරීම සාමාන්‍ය දෙයක් නොවන බව .
- අපේ මිනිස්සු තමන්ගේ ඡන්දයෙන් පත්වෙන ජනතා නියෝජිතයන් දෙස දේවත්වයෙන් බලන බව .
දෙවැනි එක තමා හිටපු ජනාධිපතිතුමා පරාජය පිළිගෙන නිහතමානීව අරලිය ගහ මන්දිරයෙන් නික්ම ගියාලු. (ඒ සම්බන්ධ අතුරු කතා පැත්තකින් තිබ්බම ) මට ප්‍රෙහෙලිකාවක් වෙන්නේ , පැරදුනාම නිල නිවසින් (නිල නිවසම නොවුනට ) ඉවත්වීම ඔය තරම් පුදුම උපදවන දෙයක් වුනේ කොහොමද කියන එක . එක බොහොම සාමාන්‍ය දෙයක් . පරාජිතයා ඉවත් වී ජයග්රාහකයාට හිමි තැන ලබාදීම ලෝකේ හැමතැනම සිදුවන දෙයක් . ඒ සා සාමාන්‍ය දේවල් මහා විශාල විශ්මයන් බවට අපේ රටේදී පත්වෙන්නේ අපේ මිනිස්සු සාමාන්‍ය දේවල් කවදාවත් දැකලා නැති නිසාද , නැත්තම් තමන්ගේ ඡන්දෙන් දේවත්වයට පත්කරපු පුද්ගලයන් සාමාන්‍ය ජීවිත ගත කරනවා දකින්න තියන නොකැමැත්ත ද ?.
එංගලන්ත අගමැතිවරයා දුම්රියෙන් ගමන් යාම , දඩයකට යටත් වීම වගේ දේවල් ඒ රටවල් වල මහා විශ්මයන් බවට පත්වෙනවද කියලා ඒ රටවල ඉන්න කෙනෙකුගෙන් අහලා බලන්න වටිනවා කියලත් හිතුනා .
*********
ඒ කොහොම වුනත් ප්‍රයෝගිකව ගත්තම ඒ දේවල් පලිගැනීම කියන කැටගරියට වැටෙන්නේ නැතිවෙන්න , සම්පුර්ණයෙන්ම නීතිමය රාමුවක් යටතේ , නියමිත ක්‍රමවේදයකට යටත්ව කෙරෙන්න ඕනේ . ඒ නිසා ඒ දේවල් අපේ හදිස්සියට නොකෙරෙන්න පුළුවන්.
මෙතැනදී දකින අනික් කාරණය තමයි ,මේ කතා කරපු පිරිස් වලට ඒ පිලිඹද අවංක වුවමනාවක් තිබ්බද කියන කාරණය . රංජන් රාමනායක දෙවැනි දවසෙම ඇහුවේ හොරුන්ට පනින්න දෙන එකද යහපාලනය කියන්නේ කියල . ඔහු කියන පරිදි ඒ ගැන රනිල් වික්‍රමසිංහ මහතාගෙන විමසුවාම කියපු කාරණය තමයිලු , පැමිනිල්ලක නැතුව නිකම්ම මනුස්සයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න බැරි බව .
එනිසා පහුවදාම රංජන් රාමනායක ෆයිල් 200ක් අරන් ගිහින් අල්ලස් කොමිසමට පැමිණිලි කරලා කිව්වේ දැන් අගමැතිතුමාටවත් , ජනාධිපතිතුමාටවත් කියන්න බෑ පැමිණිලි නෑ කියලා කියන එක .
විපක්ෂේ ඉඳිද්දීත් මේ දුෂණ ගැන , විදේශ ශ්‍රමිකයින්ට වුනු අසාධාරණ වලදී රංජන් හඬක් නැගුවා. විපක්ෂේදී මේවා කතා කරනකොට ඔහුට විරුද්ධව විශාල විරෝධතාවක් එලවුනේ මඩ ගහනවා , චෝදනා ඔප්පු කරන්න වගේ දේවල් කියමින්. නමුත් ඊට විරුද්ධව ආණ්ඩු පක්ෂයෙන් ඔහුට නගපු චෝදනාව තමයි රංජන් තට්ටයෙක් බොරු කොණ්ඩයක් දාගෙන ඉන්නේ , අපි ඔය බොරු කොණ්ඩය පාර්ලිමේන්තුවේදී ගලවනවා කියන කතාව .
පැමිණිල්ලක් කලාම ඒ ගැන විමර්ශනය කරලා ,වැරදි කරුවන් සෙවීමට අදාළ ආයතන තිබුනත් ඒවා කලේ පැමිණිලිකාරයටම විමර්ශනය කරලා වැරදි කරු බවට ඔප්පු කරන්න කියන අසාධාරණ තර්කය . අල්ලස් හා දුෂණ කොමිසම , පොලිසිය වගේ ආයතන අවශ්‍ය නැද්ද කියන සැකය මතුවුනා , ඒ ආයතන වල ඒ හැසිරීම නිසා මහා පරිමාන වංචා දුෂණ ශක්තිමත් වුනා . අවසානයේ රංජන්ට සිදුවුනේ කට පියාගන්න .
මම සිංහල සිනමාවේ අකමැතිම නළුවා රංජන් වෙන්න් පුළුවන්, ඒත් මේ වගේ දේවල් වලදී සහ දේශපාලකයෙකු හැටියට ඔහු අවංක පුද්ගලයෙක් බව මගේ හැගීම . සිත් ගන්නා සුලු වාග් විලාශයක්, තර්කන හැකියාවක් නැතත් ඔහුගේ හඬ ප්‍රබලයි . ඒතුල අවංකභාවය තිබෙන බවට හිතන්න පුළුවන්.
නමුත් ඔහු වංචා දුෂණ සිදුවන ස්ථාන වලට ඍජුවම සම්බන්ධවීමට, කඩාපනින්නට යාම ,බොදු බල සේනාව කල ක්රියාදාමයේ දිගුවක් බවට පත්වීම වැළක්විය යුතුයි.
ලංකා ඊ නිව්ස් හි තිබු මේ වාර්තාව අනුව නීතිය ඉටු කරගැනීමට රංජන් රාමනායක කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි .
"ඇඹුල්දෙණියේ ගොඨාගේ බිරිඳට අයත් රහසිගත නිවසකින් බඩු පටවති: දූෂිතයන් වැටලීමේ නිල නොවන ඇමැති රන්ජන් වැටලීමට යයි: ජනතා සහාය දෙන්න"
කෙසේවෙතත් අරමුණ සුපිරිසිදු වුවත් මේ ක්‍රමවේදය ඇතිවීමට ඉඩ ලබා දියයුතු වන්නේ නෑ. මන්ද නිශ්චිත ක්‍රම වේදයක් , නොමැතිව නීතිය පිලිඹද විශ්වාසයක් ඇතිකර ගැනීමට නුපුළුවන් නිසයි. නීතිගරුක පුරවැසියන් සහ නීතිගරුක පාලකයන් සිටින නීතිගරුක රටක් බිහිකරලීමට උත්සාහ ගත යුතුයි.
නැත්තම් , කාට දුන්නත් වැඩක් නෑ රංජන් රාමනායක ජනාධිපති වෙනකං මේ රට හැදෙන්නේ නෑ කියන්නට අපිට සිදුවෙන්නට පුළුවන්
රංජාට ජයවේවා!
ReplyDeleteමචෝ අර උඩ ෆොටෝ එකනම් එඩිට් කරපු එකක්ය කියලත් ආරංචියක් ආවා. එනිවේ ඔහොම කතා කරන්න වටින්නෑ බං උඹට. අපි ශතවර්ෂ කීයක් නම් අභිමානවත් රාජාණ්ඩු කරේ තියාගෙන හිටපු මිනිස්සුද! ඒ අභිමානයට අපහාස කොරන්න එපා යකූ ඔහොම.
Deleteහුරේ මම එක දෙක සහ තුන!!!
Deleteරංජාට ජය වේවා ..
Deleteෆොටෝ එක එඩිට් කරපු එකක් වෙන්න ඇති, ඒත් අද (15.01.2015) ලංකාදීප පත්තරේ කරලියේ පෙරලි එකේ තියෙනවා මෙහෙම .
//ඒ අතර තව අපූරු සිදුවීමක් වී තිබිණ . ආරක්ෂක රථය ඉදිරියෙන් ගමන් කරන අවස්ථාවේ පාර මාරුවීමට බොහෝ පිරිසක් රැදී සිටිනු ජනාධිපතිවරයා දුටුවේය . ඔහු සිය රියදුරාට කිව්වේ සිය නිල රථය වහා නතර කරන ලෙසය. ජනාධිපතිවරයා නුවර කොළඹ මාර්ගයේ සිය රථය නතර කොට මග දෙපස සිටි මගීන්ට පාර මාරුවීමට ඉඩ සැලැස්සුවේය."// ඒ නිසා වැඩේ බොරුවක් වෙන්න බෑනේ
එක දෙක තුන වීම නිසා ඔබට හිමි ත්‍යාගය වන "ගුණසිරි බුල්ටෝව " යතා කාලයේදී ඔබේ නිවසටම ලැබෙනු ඇත
ඕස්ට්‍රේලියානු අගමැති ගෙ එකක් එඩිට් කරගෙන කතන්දරයක් හදල.ලෙස්ටර්ට වුන එකේ අනික.
Deleteහොරා හොරා හොරා කියල මන්තරේ ජපකරපල්ල.සාක්ෂි ඕන නෑ. අරූ හොරා මූ හොරා එච්චරයි
සාක්ෂි අහනකොට පොටෝ ෂොප් තියෙන්නෙ. අම්මට සිරි ජනතාව ඔල්වරසනුත් දීලද ඉවානයෝ කොහෙද සමාන්තර විශ්වයකද
සමහරවිට සමාන්තර විශ්වයක වෙන්න ඇති. ෆොටෝ එකනම බොරුවක් බව පේනවනේ , එත් ඒ සිද්ධිය බොරුවක් නෙවෙයි . ජනතාව ඔල්වරසන් දුන්නද කියලා දන්නේ එතන හිටපු ජනතාවම තමා මචෝ .
Deleteචායාරුපයේ ඉස්සරහින් තියෙන්නේ හෝල්ඩන් කාර් එකක්. ලංකාවේ ජනාදිපති යන්නේ බුලට් පෘෆ් BMW සහ බෙන්ස් වල. සම හරක් පොටෝෂොප් පිංතුර වලට චුංවෙලා ශුක්‍ර මෝචනය කර ගන්න තත්වයක් ඇතිවී ඇතිබව පේනවා. ඒ සමහරකුන්ට අපි මය්ත්රී කරමු. :P
Deleteසම හරක්ට නම් අපි දැනටමත් මෛත්‍රී කරනවා ..පව්නේ දුකෙන් ඉන්න මනුස්සයෙනෙ කියලා :P
Deleteෂොඩ පා !
Deleteමුන් ඔක්කොටම තිබිලා තීයෙන්නේ එසේ මෙසේ රෝගයක් නෙමේ කියලා පචවාහිනිය දැක්කම හිතෙනවා. කිසිම දෙයක් වෙනස් වෙලා නෑ මචෝ. නම් ගම් පමණක් වෙනස් වෙලා. මේ රටේ ගොන්නුන්ට සාමන්‍ය දේ විශ්මය උපදවන දේ වෙලා. ඇත්තද බොරුද මන්දා, මේ ආන්ඩුවටම සප් එක දුන්න වෙබ් සයිට් එකක තිබුනා මෛත්රීපාලගේ පුතා දහම් ඩිෆෙන්ඩර් පිරිවරාගෙන නයිට් ක්ලබ් එකක පිස්සුවක් කෙලියා කියලා.
ReplyDeleteහරින් කරපු දේ හරියි කියලා හිතනවද. මොනවද මේ කරන්නේ. මේවම නේද මහින්දත් කලේ.
අලුත් බෝතලේ පරණ වයින්ම බොන්න සිදුවෙන පාටක් තමයි පේන්න තියෙන්නේ . ඔකොටම කලින් බුවල්ලෙන් ගහන්න ඕන මිනිස්සුන්ට , උන්ගේ හිතේ තියෙන මේ ආකල්ප වෙනස් වෙනකං හැමදාම එකතැන .
Deleteහරින් හැබැයි පත්වෙච්ච පළවෙනි දවසේ ඉඳන්ම ට්‍රයි කලේ මේකට තමා . ඌව පළාත් සභාවට සීතල හැදුනෙත් මේ නිසා . කොහොම වුනත් දැන් මේක අවස්ථාව කරගෙන පළාත්සභා පෙරලන්න යෑම තේරුමක් නැති දෙයක්, මොකද ජනවරම දීලා තියෙන්නේ සන්ධානයට , ජනවරම විකෘති කරනවා කියලා කෑගහපු අයම ඒ දේ ආපහු කරනවා දකිනකොට ඇත්තටම හිනා යනවා .
හැම දෙයින්ම කියවෙන්නේ අර පරණ කියමන සනාත කරන වැඩ
" බලේ තියෙනකොට මොලේ නෑ , මොලේ තියෙනකොට බලේ නෑ"
නරින් ඇවිත් හූ කියනා මහ රෑට
Deleteහොරුන් අටුව බින්දයි කියමුද කාට?
හරින් රෙදිත් ඇඳගෙන දිවුරන දාට
දුරින් පෙනෙයි යහපාලන යේ පාට..!
ලේකම් මැතිඳු අද තනියම ''කොල'' බැද්දේ
කහ කහ ඉන්නවා ලැගලා බලු මැද්දේ
''එහෙමම '' කරන්නට නම් ඇයි මහියට ඇද්දේ..?
යහපාචනය බේරෙයි පල්ලෙන් රෙද්දේ..
මරු කවිය නේ බොල ,
Deleteවැඩවසම් ක්රමයක නෂ්ඨාවශේෂ ඔළුව උඩ තියන් ඉන්න ජනතාවකට ප්රජාත්රන්තවාදයවත්, පුරවැසි අයිතිය කියන සංකල්පවත් තේරෙන්නේ නෑ හිටං.. ඒව කථා කරන පොරවල් ජොක්ර්ලා වෙනවා...
ReplyDeleteගොම්බානක් දැක්කවීමට පීඑච්ඩී කාරනයගෙන් වැඩක් නැත. කෙවිටක් රැගත් ගොපල්ලෙක් පමනක් ප්‍රමානවත්ය.... පන්නපු ගොපල්ලා ගැන ඉදිරියේදී ගුණ වර්නණා ඇසීමට නියමිතය....
පෝස්ට් එකේ සියල්ල කමෙන්ටුවකට කැටිවී ඇති අපුරුව . දැන් ආපහු හිටං බලංඉන්න වෙලා
Delete""පන්නපු ගොපල්ලා ගැන ඉදිරියේදී ගුණ වර්නණා ඇසීමට නියමිතය"" හරියට අර කාලෙකට පස්සේ ප්‍රේමදාස ගැන ගුණ වයනවා වගේ
රංජා පක්ෂ පාට භේදයක් නැතුව මම කැමති පුද්ගලයෙක් වෙලා හිටියා ඔහුගේ කෙලින් කතාව නිසා.සිනමාවේ ජනප්‍රිය වුණත් ගොබ්බ පාට් වැඩි නිසා කැමැත්තක් නැහැ.හැබැයි ඒකට ඒ යකාට දොසක් කියන්නත් බෑ මොකද ඒවට කැමති උනුත් ලාංකේය රසික සමාජයේ ඉන්න නිසා..දැන් නම් හැබැයි රංජා නාන්න යන ගතියක් පේන්නේ අර මාතර සුනිල්ගේ ගොන් ජෝක් එක නිසයි, ෆුල් ටයිම් වන්ෂොට් වෙලා ඉන්න බවකුයි පේන නිසයි..බොරු නම් බලන්න ඔහුගේ ෆේස්බුක් අඩවියේ තිබෙන වීඩියෝවක්..මෙච්චර කලක් රංජන් රාමනායක ලෙස අසාධාරණයට එරෙහිවුණ පොර දැන් කියන්නේ වන්ෂොට් විදියට තමන්ගෙන් මීනිස්සු සාධාරණය බලාපොරොත්තුවෙන බව..ඒක නම් ගොබ්බ ජෝක් එකක් ඉතින්..:D
ReplyDeleteරංජන් කියන්නේ මටත් හිතෙන විදිහට අවංක දේශපාලකයෙක් , මොකද මිනිහට බොරු කරන්න අමාරුයි . මොන හේතුවක් නිසා හරි හැබෑ ජීවිතයේදී නළුවෙක් වුනාට දේශපාලනයේදී මිනිහ නළුවෙක් නෙවෙයි . මාතර සුනිල්ගේ සීන් එක කලාට කමක් නෑ , හෙන වැඩක් වගේ දැන් එක කියවන එක තමයි අවුල .
Deleteඈ බොල තනියෝ මම බුකියේ නෑ කියලා කිව්වම ආපහු කියනවා බුකිය බලන්නලු, උඹට කොයිල්ද මට කොයිල්ද ?
මට නම් කොයිල් ඕන නෑ..අපේ අහ මදුරුවෝ නෑ නේ...අමතක වුණා යකෝ..ඇයි ඉතින් දැන් මළපොතේ අකුරු බැරි උනුත් බුකියෙ ඉන්න එකේ උඹ නැහැයි කියල මතක් වෙයිද?
Deleteමාතර සුනිල් නොවී ඒ ටික රංජා විදියටම කිව්වා නම් පොඩ්ඩක් හරි නම්බුයි කියලා මට හිතෙන්නේ..
ඕ ..යේස් ... මටත් හිතෙන්නේ මාතර සුනිල් නොවී රංජා විදිහටම කිව්වනම් වැඩේ නම්බුයි .
Deleteදැන් එතකොට උඹ කියන්නේ මං මළපොතේ අකුර දන්නේ නැති එකාටත් වඩා අන්තයි කියලද ? අහුවෙයන්කෝ උඹ
ඇත්තටම මේක එඩිට් කරපු එකක් තමයි. මේ තියෙන්නේ ඇත්ත විස්තරය
ReplyDeletehttp://www.answers.com/topic/official-state-car
ස්තුතියි!
Deleteකැන්බෙරා කියන්නෙ මහනුවර!
පින්තුරේ එඩිට් කරපු එකක් වුනාට කතාව ඇත්ත , මේ තියෙන්නේ අද අද (15.01.2015) ලංකාදීප පත්තරේ කරලියේ පෙරලි එකේ තියෙන් කතාව
Delete//ඒ අතර තව අපූරු සිදුවීමක් වී තිබිණ . ආරක්ෂක රථය ඉදිරියෙන් ගමන් කරන අවස්ථාවේ පාර මාරුවීමට බොහෝ පිරිසක් රැදී සිටිනු ජනාධිපතිවරයා දුටුවේය . ඔහු සිය රියදුරාට කිව්වේ සිය නිල රථය වහා නතර කරන ලෙසය. ජනාධිපතිවරයා නුවර කොළඹ මාර්ගයේ සිය රථය නතර කොට මග දෙපස සිටි මගීන්ට පාර මාරුවීමට ඉඩ සැලැස්සුවේය."//
මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නෑ බන් වැරැද්ද සාමාන්‍යකරනය වෙලා තියෙන්නේ ඔය. මෛත්‍රී වාහනේ නැවැත්වීම හොඳ ප්රවනතාවයක්. හැබැයි එහෙම කළේ ගැලරියේ විසිල් ගන්නනම් අපි යන්නේ එකම රවුමක. ස්ටේෂන් අතුගාපු ප්‍රවාහන ඇමතිනීලා හිටපු රටක් මේක. මගේ අදහසනම් ආණ්ඩුවට නෙලන්න තාම කල් මදි. ටිකක් බලමු.
ReplyDeleteආ රන්ජන්ව අමතක් වුනානෙ, මමත් නලුවෙක් හැටියට අකමැතිම, දේශපාකයෙක් හැටියට ආසම චරිතයක්.. ඔය පොලිස් පාර්ට් දාන්න යන්නෙ සැබෑ ජීවිතයයි, රිදී තිරයයි පැටලිලා.. ඕක ටිකක් කල් යද්දි හරි යයි... :D
Deleteඇත්ත ආණ්ඩුවට නෙලන්න තවම කල් වැඩියි හොඳටම , ස්ටේෂම අතුගෑවේ ශ්‍රීමනි ඇතුලත්මුදලි නෝනා නේද?
Deleteරංජන් දේශපාලකයෙක් හැටියට දැනට ඉන්න අවංකම පුද්ගලයා . හරි ට්‍රැක් එකට වැටුනොත් මිනිහා වටිනා පුද්ගලයෙක් වෙයි අනිවා
හ්ම්ම්ම් එයා තමා.
Deleteදැන් බලන්න පින්වත්නි, අපේ ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමති කාලෙ ඔහොම කහඉරි ගානෙ නවත්ත නවත්ත ගිය නිසා තමා...
ReplyDeleteඖෂධ පාලන පනත ගේන්න පරක්කු වුණේ,
දුම්වැටිවල රූපමය අවවාද 80% ඇතුලත්කරගන්න බැරිවුණේ,
තේරුම්ගන්න පින්වත්නි.
අනේ යන්න ඔයා දන්නේ නෑ , ඒවා කරන්න යනකොට කවුදෝ එයාගේ කකුලෙන් ඇද්දලු, එතකොට එයාට ඇහැරුනාලු
Deleteඅපේ ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමති කාලෙ ඔහොම කහඉරි ගානෙ නවත්ත නවත්ත ගිය නිසා තමා...//ඕස්ට්‍රේලියානු අගමැතිත් ඕකට පුරුදුවුනේ එහෙම දැකලලු
Deleteඇනෝ , කවුද ඇනෝ ඔට්ටේලියාව ගැන දන්නේ , මොකෝ අපි වැස්සකටවත් පිටරටකට ගිහින් තියෙන එකක්යැ .. නේද මදාවියෝ
Delete//දැන් බලන්න පින්වත්නි, අපේ ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමති කාලෙ ඔහොම කහඉරි ගානෙ නවත්ත නවත්ත ගිය නිසා තමා...
Deleteඖෂධ පාලන පනත ගේන්න පරක්කු වුණේ,
දුම්වැටිවල රූපමය අවවාද 80% ඇතුලත්කරගන්න බැරිවුණේ,//
මේක ටිකක් අසාධාරණ කතාවක් නේද. ඖෂධ සමාගම්, දුම්කොළ සමාගම් වගේ විශාල සමාගම්වලට අපේ වගේ රටවල ආණ්ඩුවලට උනත් විශාල බලපෑමක් කරන්න පුළුවන්. ඔය පනත ගේන්න උත්සාහකරපු සේනක බිබිලෙ මහත්මයට අභිරහස් ලෙස හිටීගමන් මිය යන්න වෙන්නෙත් එවැනි හේතු නිසා. මම අහල තියෙන හැටියට ඔහු එය එදා අපේ රටේ ක්‍රියාත්මක කළානම් නොබැඳි සමුළුවට අයත් තවත් රටවල්වලත් එවැනි පනත් ක්‍රියාත්මක වෙන්න ඉඩ තිබුනා. ඒ නිසා රජයෙ ඉහළම තැනින් සහයෝගයක් නැතිව මේ වගේ දේවල් රටක ක්‍රියාත්මක කරන එක ඇමතිවරයෙක්ට උනත් අසීරුයි කියල තමයි හිතන්න වෙන්නෙ. අද වැඩභාරගන්න ගමන් සෞඛ්‍ය ඇමතිවරයා කිව්වා මේ දෙකම ජනාධිපතිවරයගෙ ආශිර්වාදය ඇතිව ක්‍රියාත්මක කරනව කියල. ඇමතිවරයෙක් හැටියට ඔහු වැඩභාරගන්න තැනට ජනාධිපතිත් ඇවිත් හිටියා. ඉතින් දැන් කරන්න බැරිනම් කවදාවත් කරන්න බෑ. අපි බලමු.
//""ඇමතිවරයෙක් හැටියට ඔහු වැඩභාරගන්න තැනට ජනාධිපතිත් ඇවිත් හිටියා. ඉතින් දැන් කරන්න බැරිනම් කවදාවත් කරන්න බෑ. අපි බලමු. ""// මේ කතාව කියවනකොට මට මතක් වෙන්නේ "කම්කරු ප්රඥප්තියට" වෙච්ච වැඩේ
Deleteඒක ඉතින් එහෙම වෙන්න එපෑයැ ඉවාන්. නොම්මර එකේ ජනතා පුත්‍රයගෙ ඉඳල නොම්මර එකේ ඒකාධිපතිය වුනු එයාගෙන් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද. නැත්නම් ඉතින් තමනුත් ජිනීවා ගිහිපු බව අමතක වෙල එහේ ගියපු අනිත් මිනිස්සුන්ට දේශද්‍රෝහී ලේබලේ අලවාවිය. පස්සෙ පෙණුනු හැටියට නම් එතුමගෙ එවකට උත්සාහය ලොක්කිට වාතයක් වෙන බෝලයක් පාස් කරල එයාගෙ ප්‍රතිරූපය අප්කරගන්න. ආයෙ එයාම ලොක්ක උනාම මොන එහෙකටය පරිප්පු කන්නෙ.
Delete//""පස්සෙ පෙණුනු හැටියට නම් එතුමගෙ එවකට උත්සාහය ලොක්කිට වාතයක් වෙන බෝලයක් පාස් කරල එයාගෙ ප්‍රතිරූපය අප්කරගන්න""// දැන් මහින්දරාජපක්ෂ කියන්නේ මොනවගේ පුද්ගලයෙක්ද කියලා දන්නා නිසා ස්තිරවම් වෙන්න ඇත්තේ මේක තමයි කියලා හිතන්න පුලුවන් . මකියාවෙල්ලිටත් මහින්දගෙන් ඉගෙන ගන්න බොහොමයක් දේ තියෙනවා .
Deleteකතාව ඇත්ත වුණත් පින්තූරෙ බොරු නිසා කතාවත් බොරු කියලා වැඩිදෙනා විශ්වාස කරාවි.
Deleteකතාව ඇත්ත නම් මම මගේ කොමෙන්ටුව ඉල්ලා අස්කරගන්නවා. මේක ආදර්ශයක්. අනිවාර්යෙන් ඇමැති ගොල්ලත් මේක අනුකරණය කරාවි.
රංජා ගෙන් පාර්ලිමන්ට් ජෝක්ස් 3 (ද 4 ද මංදා) ඌටත් වෙල තියෙන්නේ රනිල්ට වගේ අදහස හොඳයි ප්‍රකාශ කරන විදිය අවුල්..
ReplyDeleteඋඩ ෆොටෝ එක එඩිට් කරපු එකක්.. ඇත්තටම ලොක්ක පොඩි ගොන් පාට් එකකට වාහනේ නතර කරන්න ඇති පළවෙනි දවසනේ කියල යහ පාලනේට.. චම්පික රණවකගෙන්වත් පාඩමක් ඉගෙන ගත්ත නැති ගොන් හරක් ටිකක් කොහෙන්දෝ 4ටෝ එකක් උස්සල ඔය නිවුස් එකට ඔබල.. හැක් හැක්..
// මම බුකියේ නැතත්// 'මං බුකියේ ඉඳල එකපාරටම අන්ත්‍රස්දාන උනත්' කියල දැම්මනං තමයි නේද දරුවෝ හරි.. :P
රංජා හොඳ මනුස්සයා , නළුවෙක් හැටියට නෙවෙයි දේශපාලකයෙක් හැටියට . ෆොටෝ එක එඩිට් කරපු එකක් වුනාට කතාව ඇත්ත .
Deleteඅද (15.01.2015) ලංකාදීප පත්තරේ කරලියේ පෙරලි එකේ තියෙනවා මෙහෙම .
//ඒ අතර තව අපූරු සිදුවීමක් වී තිබිණ . ආරක්ෂක රථය ඉදිරියෙන් ගමන් කරන අවස්ථාවේ පාර මාරුවීමට බොහෝ පිරිසක් රැදී සිටිනු ජනාධිපතිවරයා දුටුවේය . ඔහු සිය රියදුරාට කිව්වේ සිය නිල රථය වහා නතර කරන ලෙසය. ජනාධිපතිවරයා නුවර කොළඹ මාර්ගයේ සිය රථය නතර කොට මග දෙපස සිටි මගීන්ට පාර මාරුවීමට ඉඩ සැලැස්සුවේය."//
හරි හරි ඉතිං හදිසියේ අන්ත්‍රස්දාන වුනත් දැන් නෑනේ ,, දුප් යන්න :P
අපේ රටේ අවුරුදු 66ක දේශපාලන ගමන් මඟ තුල ඉහතින් කී කාරණා එසේ සිදුව් වුවහොත් ඒවා ආශ්චර්යන් තමයි. මොකද දේසපාලකයා අපිට දුන්නෙ මේ වගේ ආදර්ශයන් නෙවෙයි. ඔහු හැම විටම හිටියෙ නීතියට යුක්තියට, සාධාරණයට ඉහලින් අභිබවා සිටීමයි. එනිසා එවන් රටක මෙවන් දේවල් සිදු උනොත් ඒක පුදුමයක් තමයි. ඒක ජනතාවගේ වරද නෙවෙයි, ඒ තත්වය ඇතිකලේ දේශපාලකයා. අපේ රටේ මිනිස්සුන්ට පරම්පරාගතව ජාන වලට කාවැද්දූව ප්‍රතිරූපයක් තියෙනවා දේසපාකලයා ගැන. ඒ, ඔහු කඳ බඩ මහත සුදු ඇඳපු, සියල්ලන්ටම ඉහලින් වැජඹෙන, නීතිය යුක්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවන, ජනයාගේ සියලු රීරී මාංසය හූරා කෑ යුතු, ඒ වෙනුවෙන් පාළමක්, බෝක්කුවක්, ටකරමක්, කක්කුස්සි පෝච්චියක් ලබා දිය යුතු, එය දොහොත් මුදුනින් ගත යුතු, ඒ වෙනුවට ජීවිතකාලයක්, පරම්පරා ගණනාවක් ඔහු හෝ ඔහු නියෝජනය කල පක්ෂයට ඡන්දය දිය යුතු දෙවියන්ටත් ඉහලින් ඔසවා තැබිය යුතු අමුතුම ස්ත්වයෙකු ලෙස දේසපාලයා දකින්නයි, දේසපාලකායම ජනතාවට හුරු කලේ. ඒකයි මේ අටේ තවමත් මේ තියෙන අවුල. ඔය කියන කාරණා වලින් අපගමනය වෙලා මහපොලොවෙ පයගහල මිනිස්සුත් එක්ක්ක දේසපාලනේ කරන්නෙ ජවිපෙ විතරයි. ඒ නිසාම සමහරක්ට එහෙම ව්‍යාපාර පේන්නෙ අමුතුවට. ඒ ව්‍යාපාර පිලිගන්න ඒ නිසාම මිනිස්සු කැමතිත් නෑ.
ReplyDeleteඔය කහ ඉරේ මේල් එක ඊයෙ උදේම දැක්කගමන් මාත් හතර අතට ෆෝවර්ඩ් කලා චූන් වෙලා. බැලින්නම් ඒක මෙහේ වෙච්ච එකක් නෙවෙයි. ඉමේජ් එක පිටරට එකක්. අටම් අයියණ්ඩි හොඳවෙලාවට මට ඒක කිව්වා.
රන්ජන් හොඳයි, වෙලාවකට තියෙන්නෙ මෝඩ ආතල්, ගොන් පාට්. හරියට වන්ෂොට් එකේ වගේමයි. ඒ ටික හදාගත්තනම් මිනිහත් හොඳයි.
//"පයගහල මිනිස්සුත් එක්ක්ක දේසපාලනේ කරන්නෙ ජවිපෙ විතරයි."// කතාවට 200%ක් එකඟයි . එත් මිනිස්සුන්ට ඕන දෙවිවරු වගේ ඉන්න රැස් විහිදෙන නායකයෝ .
Deleteකහිරේ ෆොටෝ එක බොරුවක් වුනාට කතාව ඇත්ත
අද (15.01.2015) ලංකාදීප පත්තරේ කරලියේ පෙරලි එකේ තියෙනවා මෙහෙම .
//ඒ අතර තව අපූරු සිදුවීමක් වී තිබිණ . ආරක්ෂක රථය ඉදිරියෙන් ගමන් කරන අවස්ථාවේ පාර මාරුවීමට බොහෝ පිරිසක් රැදී සිටිනු ජනාධිපතිවරයා දුටුවේය . ඔහු සිය රියදුරාට කිව්වේ සිය නිල රථය වහා නතර කරන ලෙසය. ජනාධිපතිවරයා නුවර කොළඹ මාර්ගයේ සිය රථය නතර කොට මග දෙපස සිටි මගීන්ට පාර මාරුවීමට ඉඩ සැලැස්සුවේය."//
මං හොඳටම නෝන්ඩි වෙලා හිටියෙ ඕක බොරුවක් කියලා. එහෙනම් ඒ ආශ්චර්යත් හැබෑවටම වෙලා.....
Deleteනෑ කතාව ඇත්ත. පින්තුරේ බොරු
Deleteමනොෂ් : තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. මේ වගේ දෙයක් තියා 'කොයි වගේ දෙයක්' උනත් සොයා නොබලා ඔහොම FB share නොකරන්න පාඩමක් ඉගෙනගත්තා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. දැකපු පළියට , තමුන්ගේ මතයට/විශ්වාසයට ගැලපුන පමණින් නොසොයා share කරන්නේ නම් එය මෝඩකමක්.
Deleteමම FB එක පැත්ත පළාතෙවත් නෑ උපේක්ෂා, හිත මිතුරන් කිහිප දෙනෙකු අතර ශෙයාර් කරපු මේල් එකක් ගැන විතරයි කීවෙ.
Delete@උපේක්ශා. ++++++++++++++++++++++++
DeleteFB විතරක් නෙවෙයි. මම අදහස් කලේ කොතනත් share කිරිල්ල ගැන. මම මේ කියන්නේ bulk විදියට email කරන සහ බ්ලොග් පෝස්ටු ඇතුළුව අනෙක් කෙනෙක්ට සන්නිවේදනය කෙරෙන සියලුම ආකාර ( කටින් කට ප්‍රචාරත් ඇතුලත් වෙනවා ඕකට)
Deleteරන්ජ මෙතෙක් කතා කරපු ඒවයි ......
ReplyDeleteකඩා ගෙන පනින්න හදන කතාවයි ඇසුවම ...සාර සාධුව මතක් වුනා.....
අපි බලමු ඉවාන් අයියෙ ..........
Count Down කොරමු Century යෙ රට ඉදි....(date)
රන්ජා හදාගෙන තිබ්බ ප්‍රතිරුපේ කාගන්න නම් හොඳ නෑ. අපි බලමුකෝ කෙන්ජි මල්ලා ..
Deleteමොකක්ද මේ රට ඉඳි කතාව
ඉවාන්.........................
ReplyDeleteඡන්දෙදි කෑ ගහපු විදිහට අපි හිතුවා අැත්තට ම හොරු හිටියා කියලා... අැත්තට ම කොටි හිටියා කියලා... දැන් බැලින්නම් ඒහෙම හොරු ඉදලත් නැහැ... කේ.පී කියලා කොටියෙක් ඉදලාත් නැහැ.....
හොරු ඉඳලත් නෑ. කොටි ඉඳලත් නෑ.. සියඹලා ගෙනල්ලම නෑ ... බලමු තාම පොඩි වයසනේ , අඩුගානේ දින සීය වත් චෑන්ස් එකට දීලා බලමු.
Deleteමම ශ්‍රී ලාංකිකයෙක් මිස යුටෝපියානුවෙක් නොවේ. මේ බ්ලොග්වල දැනට වාද කරන ප්‍රධාන පිල් දෙකටම මා සිතන විදිහ අල්ලන්නේ නැතිවිය හැක. මා බ්ලොග්කරුවෙක් හෝ සෝශල් මීඩියාකරුවෙක් නොවේ, පක්ෂයක් නැති විවිධ අවස්ථාවල සිටින රජයට විරුද්ධව ප්‍රධාන පක්ෂදෙකට හෝ ඒවායින් කැඩී ආ පක්ෂවලට චන්දය දුන් දේශපාලනයට වඩා වෙනත් දේ ගැන ඉන්ටරෙස්ටඩ් සාමාන්‍ය පුද්ගලයෙකි.
ReplyDeleteමං මේ චන්ද ප්‍රතිපලයට කැමතිය. දූශිත ගැලරියට පමණක් කතා කල රජෙකුට වඩා සාමාන්‍ය ජනාධිපති කෙනෙකුට මං වඩා කැමතිය. ඔහුගෙන් සර්ව සම්පූර්ණ යහ පාලනයක් මම බලාපොරොත්තු නොවෙමි. මන්ද මා ශ්‍රී ලාංකිකයෙක් බැවිනි. දූෂණ නැති කිරීමද බලාපොරොත්තු නොවෙමි. ටිකක් අඩුවීම මට ඇතිය. ඒවා වුවද දිගුකාලයක් බලාපොරොත්තු නොවෙමි. ටික කාලයකට හෝ එසේ වීම හොඳය.
අවසන් වශයෙන් :- ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මා බලාපොරොත්තු වූයේත් මට හිතෙන විදිහට ලැබී ඇත්තේත් පොඩි හොඳ වෙනසකි. යුටෝපියානුවෙක් නොවන මට ඔය ඇති.
ඊලඟ චන්දෙදි (මාස 4 කින් එන එක නෙමෙයි තව අවුරුදු 5 - 6 කින් එන ඒවා ) ජීවත්ව සිටියොත් හුඟක් දුරට මා තවත් වෙනසක් සඳහා ප්‍රධාන් විපෂයට චන්දය දීමට හැකි බවද මා දනිමි.
දැනට මා යථාර්තවාදීව තෘප්තිමත්ය.
P.S. හඳහන් පස්සේ යාමේ විපාක ගැන සිතනවිට නම් , (සාමාන්‍යයෙන් හාස්‍යයට වෙන මොනවටත් වඩා කැමති කෙනෙක් ලෙස), ලේ සෑහෙන්න පිරිසිඳූ වුනා මේ දවස්වල
අපූරු කමෙන්ට් එක.
Deleteයුටෝපියානුවෙක් කියන්නේ මොකෙක්ටද ? ටොපි කන යුරෝපියානුවෙක්ටද ?
:-D
DeleteUtopian
පහුගිය ටිකේ එන තරමක් ෆිල්ම් ඇවිල්ල තියෙන්නෙ ඔය යුටෝපියන් සොසයිට් තියරි එක හරියන්නෙ නැත කියල වගේ නේ... Divergent. The giver දෙක තමයි අන්තිමට අහු උනේ...
Deleteප්‍රා - නියම කමෙන්ට් එක , මමත් අහන්න හැදුවේ ටොපි කන යුරෝපියෙක්ද කියලා තමා . :D
Deleteනැහැ ප්‍රා ... මමත් කොහෙත්ම පරිපුර්ණ තත්වයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි . එහෙම නොවෙන බව හොඳින්ම අවබෝධකරගෙන ඉන්නේ. මේ ප්‍රතිපලය මටත් හොඳයි. හැබැයි ප්‍රතිපලය බලහත්කාරයෙන් විකෘති කරවට නම් කැමැත්තක් නෑ.
අප්පට සිරි හිරුවා බලන ෆිල්ම් , ෆිල්ම් පිස්සෙක්ද කොහෙද මෙයා
Deleteමම එත් බැලුව කවුද බොල මේ කවුෂි ආරියබන්දු කියන්නේ කියලා , පින්තුරේ නිසා අඳුනගත්තෙ මේ අපේ හිරුවා කියලා :D
Deleteඇමතිකම ගත්තම “වන්ෂොට්“ “ඇමති හොදා....යි“ වෙයිද දන්නැහැ.
ReplyDeleteහැමදේම නැතත් ,ටිකක් හරි දිගින් දිගටම අත්නොහැර ජහමනයා හා මීඩියා බලපෑමක් කළොත් අඩුගානේ ෆයිල් ටිකකවත් වැඩක් කෙරෙයි.නැතිවට වඩා ඒකත් හොදයි.
සමහර විට ඇමතිකමක් දුන්නොත් හොඳයි වෙන්න් ඉඩ තියෙනවා , ඉස්සර ඉස්කෝලේ දැනගම ළමයට පන්තියේ මොනිටර්කම දෙනවා වගේ දඬුවමක් තම එකත් .
Deleteජහමනයගේ බලපෑම දිගටම තියෙන්න ඕන මොන ආණ්ඩුව ආවත්..
ඉස්කෝලෙදි පන්තියේ දඟම ළමයාට මොනිටර් කම දීමෙන් පන්තියේ සාමය ඇතිවුන බව සැබෑව. නමුත් පන්තියේ ලොකුම හොරාට සහ තක්කඩියාට එය දීමෙන් තක්කඩියන් අඩුවනබව තියරිය සහසුද්දෙන්ම ඔප්පු කරන්න පුළුවන් බොරුවක් කියල... හෙහ්... ලංකාවේ පංතියේ නම් එය පෙනෙන්නට තිබ්බ...
Deleteරටක් කියන්නේ එහෙම සරල අත්හදාබලන්න පුළුවන් දෙයක් කියල මට හිතෙන්නේ නැත්තේ මොකද මන්ද..
//""රටක් කියන්නේ එහෙම සරල අත්හදාබලන්න පුළුවන් දෙයක් කියල මට හිතෙන්නේ නැත්තේ මොකද මන්ද""// එක ඇත්ත , හැබැයි රංජන් හොරෙවත් තක්කදියෙක්වත් නෙවෙයි කියන එක මම හිතන්නේ මිනිහගේ විරුද්ධවාදීන් පවා පිළිගන්න දෙයක්. එතන දී කරන්න ඕන ඒ පුද්ගලයාට දැරිය හැකි මට්ටමේ වගකීමක් බාරදීම
Deleteඉවාන් අයියගෙ කතාවට මමත් එකඟයි.
ReplyDeleteස්තුතියි දිලිනි....
Deleteමේ දවස් ටිකේම දේශපාලනේ මුහුණු පොතේ මුල් ඇදගෙනනේ.ආයේ අඩුවක් නෑ.මුහුණු පොතට ගියගමන්ම දේශපාලන චාරිකාවක් :D .අද හවස රන්ජන් රාමනායක ස්වර්ණවාහිනියේ වැඩසටහනකදී කරපු කතාවක වීඩියෝවක් බැලුවම නම් හිතුනෙ අවංක ඇත්ත කියන්න බය නැති දේශපාලඥයෙක් විදිහට හැබැයි ඔය හැම කෙනාගෙම සැබෑ චරිතෙ අපි හිතන එකම නෙවෙයිනෙ.වැඩිය ඕන නෑ .පහුගිය කාලේ හිටපු ජනාධිපතිතුමා එක්ක බොහොම පක්ෂපාතිව හිටිය මැති ඇමතිල දැන් දැන් කියන කතා අහද්දි දේශපාලනේ ඉන්නේ කටුස්සෝ කියල හිතෙන්නේ :D ඒ නිසා ඔය කිසිම කෙනෙක් මට නම් විශ්වාස නෑ . :/ :/
ReplyDeleteඇත්තටම පහුගිය ටිකේ මුණු පොත දේශපාලන අත්පොත වගේ තිබුනා කියලා තමයි හැම කෙනාම කියන්නේ . මතකනේ චන්ද්‍රිකා ඉද්දි විහාරමහාදේවිය ,චන්ද්‍රිකා නැතිවුනාම චෞර රැජින , මහින්ද දුටුගැමුණු මහින්ද පැරදුනාම දැන් මොනවා කියයිද දන්නේ නෑ තව කල් යනකොට
Deleteඅපි හිතාගෙන හිටපු වෙනස නම් වෙන්නේ නැහැ වගේ. රනිල් ලස්සනට මෛත්‍රීගේ තටු කපයි. ජනාධිපති යටතේ තියෙන ප්‍රධානම අමාත්‍යාංශය වන ආරක්ෂක අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන. කරු ජයසූරියට බුද්ධ ශාසනය. ජාතික ආරක්ෂාව නොසලකා හැරපු ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති උපදේශක. ඔලු මාරුවක් විතරයි.
ReplyDeleteමෙතනදි නම් ප්‍රශ්නයක් තියෙනව වගේ. එනපොට හොඳ නැති බව පෙනුනු රාජපක්ෂ මහත්තයත් (කියන හැටියට)කොන්දේසි ගොඩකුත් සමඟ ඇතිකරගත්තු එකඟතාවයක් උඩ ශ්‍රිලනිප සභාපතිකම ජනාධිපතිවරයට දුන්නා. ඒ ඔස්සෙ එතනත් අලුත් න්යායපත්රයකට වැඩ වෙන්න ගන්නව. මෙහෙම ගියොත් වැඩිකල් නොගිහින් ජනාධිපති ගිරේට අහුවුනු පුවක් ගෙඩිය වගේ වෙයි. රටේ බහුතරයක් මිනිස්සුන්ට ඔහු ලවා ක්‍රියාත්මක කරව ගන්න ඕන ඔහුම පොරොන්දු වුනු දින සියයෙ වැඩ පිළිවෙල උනාට දැන් පේන්න තියෙන හැටියට නම් තවත් කිහිප දෙනෙකුට ඔහු ලවා කරව ගන්න වෙන වෙන වැඩ හුගක් තියෙනව වගේ.
Deleteඇනොගේ කතාව හරි , එක තමයි මමත් කියන්නේ අපිට හොඳ තත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ, අ නරක අඩු තත්වයක් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. එත් රනිල් සිරිසේන මහත්තයාගේ තටු කපයිද නැත්තම් මහින්ද දෙන්නවම අන්දලා ආපහු සීන් එකට එයිද කියලා තමයි බලාගෙන ඉන්න ඕන
DeleteDDT - අන්න ඔතනදි තමයි අවුල ඇතිවුනේ , මහින්ද මීයක් කඩන්නේ නෑ ඇත ලේවකන්න් විතරක් නම් . නමුත් මහින්දරාජපක්ෂ මිනිස්සුන්ගේ හදවතේ අමරණීය වෙන්න තිබ්බ අවස්තාව නැතිකරගත්තා වගේ මේ ජනාධිපතිවාරයත් ඒ අවස්තාව පැහැර හරියිද කියලා බලාගෙන ඉමු.
අපි හරි වෙනස් ජාතියක් හාමුදුරුවනේ……
ReplyDeleteඉඳහිට ගොන් කතා කිව්වට රංජට මාත් කැමතියි. මැදපෙරදිග ගෘහ සේවිකාවන්ගේ ප්‍රශ්න විසඳන්න එයාට දුන්න නං හරි
ඒ ගැන රන්ජන්ට තියෙන්නෙ ඇත්තටම ලොකු උවමනාවක්. ඒ අතින් උපරිමයි.
Deleteරාජ් - රංජන් කියන්නේ හදවතින් දේශපාලනය කරන මනුස්සයෙක් . එක නිසා බොහෝ තැන්වලදී ඔහු අවංකයි . මමත් හිතන්නේ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාශයට සම්බන්ධ ඇමති පට්ටමක් ලැබෙන්න ඕන රන්ජට
Deleteඈ කොල්ලනේ මේ කියන තරම් ඇමතිකම් දෙන්නයි 25 ට අඩු කරන්නයි කීයක් කොන්දේසිද?
Deleteමම නම් කියන්නේ මිනිස්සු බලාපොරොත්තු වුන වෙනස මේක නෙමෙයි. ඒත් නීතියෙන් කරන්න ඕන දේ වෙන අය බලෙන් කරන්න ගියාම අවුල් වෙනවා.
රංජන් මෙතනත් නළු පාට් එකක් රඟපානවා වෙන්න පුළුවන්. ඒක දැන් ඕනවට වැඩියි වගේ.
ඔහු අසාධාරණය ගැන, වංචා ගැන කතා කලත් මේ නීතිය අතට අර ගන්න හදන එකනම් ඒ තරම් හොඳයි කියලා මට හිතෙන්නේ නෑ.
මම වැරදි ඇති.
අනික අපිට එක දවසින් ප්රාතිහාර්ය බලාපොරොත්තු වෙන්න බෑ.
//"එක දවසින් ප්රාතිහාර්ය බලාපොරොත්තු වෙන්න බෑ"// අන්න ඇත්ත. නමුත් මැතිවරණයට කලින් මෙයාල කතා කරපු විදිහට මිනිස්සුන්ගේ හිත් තුල මෙයාලා වගා කළා එක දවසින් ප්රාතිහාර්යයක් සිදුවන බව. අන්න ඒ ගැන තමයි මේ කැළඹීම
Deleteසාමන්‍යයෙන් විය යුතු දේ අසාමාන්‍ය ලෙස මිනිස්සුන්ට පේන තැනට මේ රට පත් වුණු එකේ ගෞරවය නම් ඉතිං අනිවාර්යෙන්ම මේ රටේ ඡන්දදායකයොන්ටත් මහජන නියෝජිතයොන්ටත් ලැබෙන්න ඕන. මොකද ඕක පහුගිය රාජපක්ෂ පාලනයටත් අතීතයට යන, කාලයක් තිස්සේම වර්ධනය වූවක්. උදාහරණයක් විදියට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඕනෑම සිද්ධියකදි පුරුද්දට කියන්නෙ සාධාරණව අපක්ෂපාතීව කිසිදු බලපෑමකින් තොරව අපි පරීක්ෂණ කරනව කියල. ඒක ඔහු විශේෂයෙන් කියන්න ඕන නෑ, පොලිසිය වැඩ කරන්න ඕන එහෙම තමයි. ඔහුට එය මිනිස්සුන්ට අඟවන්න විශේෂයෙන් කියන්න වෙලා තියෙන්නෙ එහෙම ස්වාධීන තත්ත්වයක් පොලිසිය තුළ නැතැයි මිනිස්සු විශ්වාස කරන නිසා. මේවා ගැන කතාකරන්න නම් ඕන තරම් කරුණු තියෙනව ඉවාන්, ඒත් ඉතිං අන්තිමට අපි නිකන් ඇඟිල්ලෙ පන යනකන් කොටනව විතරයි.
ReplyDeleteරංජන් ගැන කියනව නම් ඔහුගෙ නළු භූමිකාව ගැන මගේ කිසිම කැමැත්තක් නෑ. බොහෝ සිංහල චිත්‍රපටි මෙන් ඒවාත් නිකන් ධාවන කාලය පුරවගන්න එහෙන් මෙහෙන් මොනව හරි ටිකක් අමුනල පෙන්නන මළවිකාර. ඒත් දේශපාලකයෙක් විදියට ගත්තම ඒක පොඩ්ඩක් වෙනස්. මම ඔහුගෙ යූටියුබ් එකේ එහෙම තිබුනු පාර්ලිමේන්තුවෙ කරපු කතා ඇහුවා. ගස් නැති රටේ මෝල්ගහත් ගහක් කියන්නැහෙ පහුගිය ආණ්ඩුවෙ නීතිවිරෝධී විකාර වැඩ ගැන ඔහු නොබියව කතා කරනව. පැරදිල ගෙදර ගියාම බනින එකෙයි - බලයෙ සිටිද්දි මර්ධනකාරී ආණ්ඩුවක වැරදි කියන එකයි වෙනස්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් නම් මගෙත් යම් පැහැදීමක් තිබෙනව. අද සිරස නිව්ස්වල මම දැක්කා අරලියගහ මන්දිරේ රැස්වීමකින් පස්සෙ අලුත් ආණ්ඩුවෙ මැති ඇමතිවරු මන්දිරේ සිරි නරඹනව. රන්ජන් ඇද ඇද ඔබ ඔබ බලනව විතරක් නෙවි මන්දිරේ ඉස්සරහ තණ බිස්සෙ වාඩි වෙලත් ඉන්නව දැක්කා. මේ කියන්නෙ හද්ද වන්නියක ගමරාළල ටිකක් ගැන නෙවි. පහුගිය දවස්වල ඔහුගෙ ක්‍රියාකලාපන් දැක්කම දැන්නම් කියන්න තියෙන්නෙ දේශපාලකයෙක් විදියට ඔහු ගොඩනගාගත්තු ප්‍රතිරූපය තමන් විසින්ම විනාශ කරගන්න එපා, අඩුතරමෙ රටට පේන කැමරා ඉදිරියේවත් වැදගත් විදියට හැසිරෙන්න.
මම කලිනුත් කිව්ව වගේ අලුත් ජනාධිපතිවරයවත් ආණ්ඩුවවත් විවේචනය කරන්න තවම කල්වැඩි. හිටපු ජනාධිපතිවරයගෙ තිබුනු ලොකුම දුර්වලකමක් මූණත්තහඩුව හැම තැනකම ගහගන්න එක. වර්තමාන ජනාධිපතිවරයා තමන්ට සුබපතල එල්ලපු කටවුට් බැනර් ඉවත් කරගන්න කිව්වා. ජනාධිපතිට කඩේ යන්න මට විශේෂ වුවමනාවක්වත් ඔහු ගැන විශේෂ පැහැදීමක්වත් නැති උනත් මම තවම සුබවාදීව බලාසිටිනව ඔහුගෙ ඉදිරි වැඩපිළිවෙල ගැන.
අම්මෝ.... මෙන්න මෙයා ඇහැරිලෝ...... හි හි
Deleteඅලුත් ජනාධිපතිවරයා ඒ ගත්ත පියවරනම් ඉතාම සාධනීය ලකුණක් හැටියට මාත් දකිනවා . අද නිව්ස් වලට ඇහුනු හැටියට මාධ්‍ය ආයතන වලට නියෝග කරන්ලා තියෙනවා ප්රවෘත්තිමය වටිනාකමක් නැතිව ජනාධිපතිවරයාගේ කතා විකාශය කිරීම තහනම් කරලා .
Deleteරංජන් ගැන කියන කතාවට මමත් එකඟයි . අර අරලිය ගහ මන්දිරේ සීන් එක මට බලන්න බැරිවුනා . හැබැයි එහෙම දෙයකින් වෙන්නේ ඔහුගේ ප්‍රතිරුපයට කැළලක් තමා.
පොලිස් දෙපාර්තමේන්තුව ගැන කියනකොට මට මතක් වුනු අනික් කරුණ තමයි ,අර " ජනාධිපති නියමයෙන් පූර්ණ අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වනවා කියන එක. අයි දෙයියනේ වරදකරුවන් හොයන්න පොලිසියට ජනාධිපති නියෝග කරනකම්ම ඉන්න ඕනෙද ?
මේ රජය සම්බන්ධයෙන් මගේ බලාපොරොත්තු මෙච්චරයි.
17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම
ජනාධිපති සතු විධායක බලතල පාර්ලිමේන්තුවට පැවරීම
ජනාධිපති සතු මුක්තිය ඉවත් කිරීම
නීතිය සැමට ඉහලින් ඔසවා තැබීම , සහ නීතිගරුක පාලනයක් ස්ථාපිත කිරීම
ඩී ඩී ටී කියන එක තමයි මටත් කියන්න තියෙන්නේ.
Delete\\මේ රජය සම්බන්ධයෙන් මගේ බලාපොරොත්තු මෙච්චරයි.
Delete17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම
ජනාධිපති සතු විධායක බලතල පාර්ලිමේන්තුවට පැවරීම
ජනාධිපති සතු මුක්තිය ඉවත් කිරීම
නීතිය සැමට ඉහලින් ඔසවා තැබීම , සහ නීතිගරුක පාලනයක් ස්ථාපිත කිරීම//
සම්පූර්ණයෙන්ම එකඟයි ඉවාන් අයියා. මහින්දගෙන් අපි යුද්දෙ ඉවර කරගන්න බලාපොරොත්තු උනා. ඒක ඉටු උනා. ඒකට සහයෝගය දැක්වුවා. ඊට පස්සෙ යන ගමනට විරුද්ද උනා. මෛත්‍රීගෙනුත් අපි බලාපොරොත්තුවෙන්නෙ ඔය ඔයා කිව්ව ටික විතරමයි. මොකද ඊට වඩා බලාපොරොත්තු උනාට ඒව කවදාවත් මේ ඉන්න මූණු සෙට් එකෙන් ඉෂ්ඨකරගන්න බෑ. බොහෝම සුලු පිරිසක් හැර අනෙක් උන් ඔක්කොම බලන් ඉන්නෙ ඇරියස් කවර කරගන්න. නිකන් නෙවෙයි, 94 ඉඳල තියෙන ඇරියස්. උනුසුමේම බොරු කයිවාරු ගහනවා, මිනිස්සු තිබ්බ ක්‍රමේට කොහොමත් වෙනස් නිසා. මහ මැට්තිවරණෙන් අවුරුද්දක් විතර එහාට ගියාම බලාගන්න පුලුවන් වැඩේ. ඒ නිසා අපේ ඊළඟ යුතුකම නමට ඉන්න ආණ්ඩුවේම විපක්ෂයක් වෙනුවට සැබෑ විපක්ෂයක් ශක්තිමත් කරන එක.
මනොෂ් හරි,ප්රජාතන්ත්රවාදය සහ නීතිය ශක්තිමත් වීම හොඳටම ප්‍රමාණවත්. විරුද්ධ වෙන්න ඕන ඒ දේවල් විනාශ වෙන තැනට වැඩ සිද්ධවෙනකොට
Deleteජනාධිපති කහ ඉරේ වාහනය නවත්තපු එක නම් මම දැක්කෙ බොරුවට බුකියෙ එවුන් ඒ මනුස්සයව උස්සල තියන්න දඟලන මැජික් එකක් විදිහට. අනික සමහරු කියනව ඔය පොටෝ එක ඕස්ට්‍රේලියාවෙ පොටෝ එකක් කියල. ඒ වගේම ලංකාව වගේ රටක කහ ඉරක රාජ්‍ය නායකයෙක් වාහනය නැවැත්වීම තවම සුදුසු නැහැයි කියන මතයෙ මම නම් ඉන්නෙ. මොකද අපේ රටේ මිනිස්සුන තාම සිංසුන් මනසක නැහැ. පළිගැනිම වෛරය වගේ දේවල් අළුයට ගින්දර වගේ තියෙනව. ඒක නිසා ඔහොම තැන්වල වාහනේ නවත්තල බෝම්බයක් දමල ගහන්න බැරි නැහැ තරහකාරයෙක්ට.
ReplyDeleteරන්ජන් ගැන කිවුවොත් ඔහු ඇත්තටම විදෙස් සේවකයන් වෙනුවෙන් බොහොම උනන්දුවෙන් තම ශ්‍රමය දිය කර කර වැඩ කරන කෙනෙක්. නමුත් ඔබ කියන විදිහට ඔහුත් තවත් ඥානසාර චරිතයක් වෙන්න ගියොත් සමාජය ප්‍රතික්ෂේප කරාවි අනිවාර්යෙන්ම.
//""ඒක නිසා ඔහොම තැන්වල වාහනේ නවත්තල බෝම්බයක් දමල ගහන්න බැරි නැහැ තරහකාරයෙක්""// මේක තවම පරණ ලංකාවම නිසා දිනිති කයන කතාවට මාත් බොහෝ දුරට එකඟයි . පලිගැනීම , වෛරය තුරන් කරපු සමාජයක් නෙවෙයි මේක තුන්වේලටම පිරිත් ඇහුවට .
Deleteරංජන් තවත් ඥානසාර කෙනෙක් වීමෙන් වලක්වාගන්න ඕන. නීතියට ඉහලින් කිසි කෙනෙක් තියන්න නරකයි. ස්තුතියි දිලිනි
//""ඒක නිසා ඔහොම තැන්වල වාහනේ නවත්තල බෝම්බයක් දමල ගහන්න බැරි නැහැ තරහකාරයෙක්""//
Deleteඔන්න ඔය වගේ හුටපටයක් නාට්‍යයක් කොරල තිබ්බා පෑල දොරේ දිනුකලා..ඔය ලින්කුවෙන් බලන්නකෝ! :D :D
http://dinukajayakodi.blogspot.com/2013/12/blog-post_12.html
නරි නාවන්න දන්නේ නැත්නම් මේ ආණ්ඩුව හබක්.
ReplyDeleteපේන විදිහට නම් නරි බෑනා වෙන්න යන්නේ අපේ ජනපති තුමා :P
Deleteමෙතනදි ඉවාන් ඇතුලු හුඟ දෙනෙක් වරද්දගත්ත තැනක් තියනව. රන්ජන්ගෙ භූමිකාව ඥානසාරට සමාන කිරීම. මතක තියාගන්න ඕන කාරනය රන්ජන් කියන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. පාර්ලිමේන්තු මන්ත්‍රීලට බලයක් තියනව යම් ස්තානයකට ඇතුල් වෙන්න සාමාන්‍ය මනුස්සයෙකුට නැති.[අදාල ස්තානය රාජ්‍ය ආයතනයක් නං විශේශයි]
ReplyDelete//"පාර්ලිමේන්තු මන්ත්‍රීලට බලයක් තියනව යම් ස්තානයකට ඇතුල් වෙන්න සාමාන්‍ය මනුස්සයෙකුට නැති."// මං ඒ ගැන දැනුවත් වෙලා හිටියේ නෑ ඇත්තටම. ස්තුතියි රාජ් ඒ ගැන දැනුවත් කලාට .
Deleteඔව්, ඉවාන්...... ඔවුන්ට විශේෂ බලතල හිමියි. අපට නැති. අපට නැති සැලුට් ඒක පවා ඔවුන්ට හිමියි. එය බලයේ ඉන්න කම් ලැබෙන තාවකාලික වරප්‍රසාදයක්. මේකට අයිති කාරණා ගොඩක් තියනවා. හොයල බලල ලියන්න.
Deleteඅදාළ ස්ථානයේ භාර කරු අකමැති වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීලට තියා සෝදිසි කිරීමේ බලප්‍රත්‍ර රහිත පොලිස් කාරයෙකුටවත් ඇතුළු විය නොහැක
Deleteමෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයකි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එසේ අනවසරයෙන් ඇතුළුවීමේ බලයක් නැත.එසේ තිබෙන්නේ නම් කවර ලිඛිත විධිවිධානයක එසේ තිබේදැයි පෙන්වා දෙන්න.
Deleteසැලියුට් කතාව මෙතනට සම්බන්ධ කලේ හාස්‍ය රසයක් සඳහා විය හැක.
පෞද්ගලික ආයතන තුලට ඇතුල් වෙන්න බැ. රජයේ ආයතන ගැටළුවක් නැ. ඒකත්... තම විෂයානුබද්ධ හෝ බල ප්‍රදේශයේ විය යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීලා හට පොලිසියෙන් සැලුට් කරනවා. බන්ධනාගාරයෙන් සැලුට් කරනවා. මම දැකල තියනවා.
Deleteමේ වෙලාවේ මං නම් ඉන්නේ සත්‍ය අදහා ගන්න බැරුව.... කොයික ඇත්තද කියල හිතා ගන්න බැරි තරමට අළුත් පුවත් එකතු වෙනවා, අපි කෝකද පිලි ගන්න ඕනෙ කියල නම් තේරෙන්නේ නැ.
ReplyDeleteමං නම් තම මද්‍යස්ථ ප්‍රතිපදාවේ ඉන්නේ...... තව ටික කාලයක් යනකන්. ඉවාන්.....
හොඳම දේ තමයි කෙටි කාලයක් යනකං මේ පිළිඹඳ නිරීක්ෂණය කරමින් සිටීම . ඇත්ත බොරුව හොයාගන්න බැරි තැනක් තමයි දැන්නම් ඉන්නේ .
Deleteෆොටෝව බොරුවක් බව කොඩිය දැක්කාම පේනවා. කහ ඉරක් පෙන්න නැහැ.ඔල්වරසන් දෙන ජනතාවක් නැහැ. ෂෙයාර් ක්කරලා වින්දනයක් ලබන්නෙක් දාපු ෆොටෝවක් වෙන්න ඕන ඕක. නමුත් කතාව ඇත්ත නම් උපහාර කරන්න ඕන වැඩේට.
ReplyDeleteඅනෙක් කතාව තමයි.
ජනපති වැනි ප්රභූවරයෙක් කහ ඉරේ නවත්වනවා කියන්නේ ආරක්ෂාවට තර්ජනයක් වගේම ඔහුගේ වෙලාව නාස්ති වීමක්. එහෙම එකේ යහපාලනය පෙන්වන්න ගොන් ජෝක් දාන්න ඕන නැහැ, අමාරු ලෙඩෙක් ගෙනයන ගිලන් රථයක්හෝ වෙනත් රථයක්, හදිසි මෙහෙයුමකට යන හමුදා හෝ පොලිස් රථයක්, මෙන්ම ආරක්ෂාවට තර්ජන ඇති ජනපති වැනි ප්රබුවරයෙක්ගේ රථයක් සාමාන්‍ය මාර්ග නීති අකුරට පිළිපැදීම අවශ්‍ය නැහැ.
මතක කර ගන්න සාන්තුවරු වගේ ඉන්න හ්හදන jvp මන්ත්‍රී ක්කෙනෙකුත් සුදු ඉරි පැනලා ගිහින් අනතුරක් කරගත් බව.
//""යහපාලනය පෙන්වන්න ගොන් ජෝක් දාන්න ඕන නැහැ""// හරියට හරි මකසි. යහ පාලනය පෙන්වන්න අවශ්‍ය නෑ. ක්‍රියාවෙන් තිබුනම හොඳටම ඇති. ඔය වගේ සිල්ලර සාමාන්‍ය සිදුවීම් උත්කර්ෂයට නගන්න ගියාම තමයි ඇස අන්ධ වෙන්නේ
Deleteබොරැ කොන්ඩයක් දලා ඉන්න නිසා රංඡන්ට මේ වංචා දුෂන ගැන කතා කරන්න කොහෙත්ම අයිතියක් නැත. ඉස්සර වෙලාම බොරැ කොන්ඩය ගැලවිය යුතුයි..මේ ගැන ස්වාධින කොමිසමක් පත්කර පරික්ෂනයක් කල යුතුයි.
ReplyDeleteලියපන්කෝ එල ද බ්‍රා වගේ කෙටි කතාවක්.
ඔව් බං. මටත් මේ දේශපාලන මගුල් ඇතිවෙලා තියෙන්නේ . මොන රෙද්දක්ද මන්දා බං . කෙටි කතාවක් ලියන්න ඕනේ .. බලමු, බලමු . එලද බ්‍රා
Deleteමටනම් දැනෙන්නේ ඒ පැත්තේ හිටිය හොර ඔළුගෙඩි ටික මේ පැත්තට ගාටනව අපිටත් නොදැනෙන්න. ඕකෙන් මේකෙන් වෙන්නේ නම විතරක් වෙනස් වුන එකම හොරු ඉන්න ආණ්ඩුවක් බිහිවෙන එක. එලිපිට රිංගගන්න පුළුවන් හොරු දැනටමත් රිංගල ඉවරයි. අර මැරවින් එහෙම රිංගන්න ගුල් හොයනවා. කොහොම වුනත් දින සීය දීල බලමුකො.
ReplyDeleteරංජන් නළුවෙක් විදිහටනම් කිසිම සාර්ථකත්වක් නෑ. ඒත් දේශපාලය පැත්තෙන් වැඩක් කරන්න පුළුවන් කෙනෙක්. කියන්න තියන දේ කෙලින් කිව්වට හරියට අදහස ප්‍රකාශ කරගන්න බෑ. බලමුකො ඉතින් ටික දවසක්.
රංජන් කියන්නේ අවංක මනුස්සයෙක් , දේශපාලකයෙක් විදහට මිනිහා උපරිම හොඳයි අනික් උන්ට වඩා . කොහොමත් කාලයක් දීලා බලන්න වෙනවා . දැන්මම දොස් කියන්න කල් වැඩියි . හැබැයි වැරදි මාර්ගයේ යනවානම් පෙන්වාදීම කරන්න ඕන. ස්තුතියි නදිනි . කාලෙකින් දක්න්න ලැබුනේ
Deleteරටේ නායකයා කියන්නේ දේවත්වයෙන් අදහන්න ඕනේ පුද්ගලයෙක් නෙමේ.ඔවුනුත් අපි වැනිම සමාන්‍ය මිනිසුන්.ජනධිපතිතුමාට වුනත් පුද්ගලික ජිවිතයක් තියෙනවා.මාධ්‍ය වාර්තා කරන්න ඕනේ ඔවුන්ගෙන් රටට වෙන කාර්යභාරය මිසක් ඔවුන්ගේ පුද්ගලික චර්යාවන් නොවේ.
ReplyDeleteරන්ජන් කැමරා ඉස්සරහා රඟපෑවත් දේශපාලනය තුල මේ කරන්නේ රඟපෑමක් නෙමේ කියලා විශ්වාස කරනවා.පහුගිය කාලේ ඔහු දිගටම මැදපෙරදිග ශ්‍රමිකයින් වෙනුවන් කටයුතු කෙරු ආකාරය ප්රසශන්ශනියයි.රන්ජන් කියන්නේ මම කැමති දේශපාලකයෙක්.
තාම ආණ්ඩුව අලුත්නේ බං.පේන්න තියෙන වැරදි දැම්මම හදා ගන්න එක හොඳයි ඉදිරියට.පොඩි දවසක් බලමු.නැතිනම් මැදමුලන නළුවා කියයි පපුවට ගගහා අපේ මිනිස්සුන්ගෙන් පළිගන්නවා කියලා.අනේ ඉතින් එහෙම කිව්වාම අපේ ඈයොත් අනුකම්පං උපාදාය කියලා ආයෙමත් අර නළුවාගේ ඇක්ටින් වලට රැවටෙන්න ඉඩත් තියෙනවා.
දේශපාලන රඟ මඩලේදී රන්ජන්ට මහින්ද එක්ක හැරෙන්නවත් බෑ. රන්ජන් අවංක දේශපාලකයෙක් ඒ ගැන තර්කයක් නෑ. නමුත් මම හිතන්නේ මිනිහා මීට වඩා පිළිවෙලට වැඩ කරන්න පුරුදු වෙන්න ඕන .
Deleteඅපේ ජනතාවට ඉතින් අන්දන්න ඕන නෑනේ , රෙද්ද පෙන්නුවාම කපලා ,මහලා ඇඳගන්නවා අපරාදේ කියන්න බෑ
ලිපියේ කියල තියෙන දේවල් වලට මාත් එකඟයි. අපි බලන් ඉමු දුෂණ විමර්ශන කොමිසමෙන් වැරදි කරල තියෙන ඔක්කොටම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව නිවැරදි ක්‍රියාමාර්ග ගන්නවද කියල. ජය වේවා!!!
ReplyDeleteඔව් මනා ... නීතිය සැමට ඉහලින් අනන් ඒකතමයි විය යුත්තේ . ජයවේවා
Deleteරන්ජන් යනු මහා වීරයෙකි.එය එතුමාද දනී.ජනතාව එතුමාගෙන් බලාපොරොත්තුවෙන්නේ දෙමළ චිත්‍රපටයක මෙන් දුෂ්ටයන් හඹා යාමයි.
ReplyDeleteපුරවැසියෙකු ලෙස මම නම් එය එතුමාගෙන් අපේක්ෂා කරමි.
එතුමා වැටලීමකට යනු දැක ඇරූ මාතියා කියමින් මම ඩැස් එකට පයින් ගැසුවෙමි
රන්ජන් එදා ඉදලම මේ වැඩ වලට කෑ ගැහුවා..... අද ඊයේ කියා වෙනසක් නැ. ඔහු නළුවෙක් උවත්..... මේ ඔහුගේ ඇත්ත, තත්වය .
Deleteලංකාවේ මේ වෙනකොට ඉන්න අවංකම දේශපාලකයා රන්ජන් ඒ ගැන තර්කයක් නෑ. නමුත් රජිනිකාන්ත් ටයිප් එකට ප්‍රශ්න වලට ඇතුළුවීම ඔහුටම කරගන්න හානියකි
Deleteයකෝ... උඩ තියෙන්නේ ලංකාවෙ පින්තූරයක් නෙමේ!!!
ReplyDeleteඔව් යකෝ.. ඔට්ටේලියාවේ එකක්ලු
Deleteරංජාව ජනාධිපති කලානම් වන්ශොට් කෙලින්ම මෙලහට ඔක්කොම සුද්ද කරලා.. එහෙනම් කට්ටිය බලන් හිටිය යහපාලනේ 9 වෙනිදම පටන් අරන් ආයේ දෙකක් නෑ..
ReplyDeleteආයේ එකේ දෙකක් නෑ , එහෙනම් මෙලහකට වැඩේ දීලා කට්ටියට අඬන්න . මේ වෙනක්ටත් කීප දෙනෙක් ගස් එහෙනම්
Deleteයේ! යහපාලනේ යහපාලනයක් කිරීමට අපේ වන්ෂොට් ජනාධිපති කරවමු!! :D :D :D
Deleteපාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සෙ පත්වෙන මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ ක්‍රියා කලාපය දකිනතුරු මේ ක්‍රියාදාමය විවේචනය කරන්න යන්නෙ නෑ. අප්‍රියෙල් මාසයෙන් පස්සෙ අපිට දැනගන්න ලැබෙයි මේ රජයත් පරණ පීල්ලෙමද යන්නෙ කියලා...අන්න එදාට අපි එයාලවත් විවේචනය කරනවා.
ReplyDeleteඅන්න ඒක තමයි විය යුත්තේ . පාලකයෝ පත් කරන්නේ ජනතාව , එහෙම පත් කරන්නේ ජනතා සේවයට මිසක් ,දේවත්වයෙන් පුදන්න් නෙවෙයි.
Deleteහැබැයි ඌ ඉල්ලුවොත් මම නම් දෙනවා ඡන්දේ
Deleteයහ පාලන බබා තාමත් නිදි යහනේ
ReplyDeleteජහ මනයා සොබාවික ෆැන්ටසි හීනේ
සහ පිරිවර සමග ලණු සුප් හැදු නෝනේ,
වහ වීලා වගෙයි බිව් හට ඒ පානේ.
මහ අවුලක් වගේ මට පෙනෙනා මේක
පහදා අහගන්න කෙනෙකුත් නැති සේක.
වහ වූ ශ්‍රී.ල.නි. ප යලි රහ වූ සේක
මහ ලේකම් තුමා අපගෙම වූ සේක
මීයෙන් කැඩූ, අත ලෝනත් මදිය කියයි
ඊයෙන් ගෙනා හොරු ටික අද සුපිරිසුදුයි
රීයෙන් ගලේ, යහ පාලන ටිකිරි ළමයි
සීයෙන් කොරන එක ඇහුවත් අපට බනියි
ශෝක්
Deleteමේකනම් මරු කයිය .... ඇක්සැලන්ට් හොඳේ
Deleteha ha ha .. niyameta kiwwaa kawiyen.
Deleteවන් ශොට් වන් !!!
ReplyDeleteරංජා ..... ෆුශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්
Deleteඉවාන්: ෆුශ්ශ්ශ්ශ් කියලා බෑ...කළුවර මඟුල් සාලා අස්සේත් ෂේඩ්ස් දාගෙන ඉන්න ඕන..ඊලඟට අවු අවූ කියලා අර අමුතු දෙදරුම් සද්ද ඇහෙන්න ඕන රංජා එනකොට..යකෝ මට තව චිත්තරපටියක් ලියන්න හිතෙනවා!! :D :D
Deleteඅඩෝ ලියපං ලියපං , දන්නවනේ ඉතිං මගේ චරිතේ
Deleteදැන් මොකද්ද බොට දෙන චරිතේ?
Deleteඋඹ ජනාධිපති වෙයන්? කැමතිය? ;) ;)
රන්ජන් කරන්නේ නම් ගොන්පාට් එකක්. වැරදි වලට දඩුවම් දෙන්න ඕනේ තමයි ඒත් නිකං පිස්සෙක් වගේ කඩා පැනලා නෙවෙයි. දියුණු ප්රජාතන්ත්රවාදී රටවල් වල වගේ නීතිය ක්‍රියාත්මක කිරීම ඒ අදාල තැන් වලට බාර දීලා ඒවා හරියට වෙනවද කියලා අධික්ෂනය කරන්න තමයි අවශ්‍ය, නැතුව රන්ජන්ට තියෙන බලය මොකක්ද කඩාපනින හමුදාවක් හදන්න.
ReplyDeleteඅපරාධයකට සැකකරුවෙක් ආයුධ පෙන්වන්න ගිහිල්ලා කියලා මරලා දාන කොට හුරේ දාන අපි දන්නේ නැහැ, ඇත්තටම අපරාධය කරවපු පුද්ගලයා සම්පූර්ණටයන් නිදහස් වෙලා කියලා. තමන්ගේ තරහා කාරයෙක් පොලිසියකට බොරු කියලා තමන්ව අත්අඩංගුවට අරන් නඩු ඇහීමක් නැතුව මරලා දාන්න හැදුවොත් මොකද වෙන්නේ කියලා ඒ අය කල්පනා කරන්නේ නැහැ. මේ ගෝත්‍රික ලක්ෂණ නැති කරගන්නේ නැතුව අපි කාව පාලකයා කරගත්තත් වැඩක් වෙන්නේ නැහැ.
රංජන් අවංකයි. එත් ඔහුට සාමාන්‍යයෙන් විය යුතු දේ මේකයි කියලා හිතන්න තේරෙන්නේ නෑ. ඒ නිසාම මේ වගේ ක්ෂණික ජනප්‍රියවීමේ මාර්ග වලට අවතීර්ණ වෙනවා . එනිසා තමයි අපි නියමමිත ක්‍රමවේදයක් ස්ථාපිත කල යුත්තේ . එක එක පක්ෂ වල ආණ්ඩු අනුව වෙනස් නොවෙන ජාතික මට්ටමේ වැඩපිළිවෙලක්, නැතුව එක එක්කෙනාට හිතෙන හිතෙන විදිහට ලකුණු දාගණන් හැකිවෙන ක්‍රමයකට නෙවෙයි
Deleteමාත් මෙයට හොට පොඩ්ඩක් දැමීමට සිතුවෙමි..... (ඔන්න හොටේ ඇමිනෙයිද දන්නෙ නෑ )
ReplyDeleteලංකාවේ මා දන්නා තරමින් වසර 30ක පමණ යුද්දයක් පැවතිණි.. ඒ කාලයේ අපේ ලොකු ලොක්කන්ට අම්බානක ත්‍රස්ථවාදී තර්ජන තිබිණ..... ආයෙ ඒකෙ දෙකක් නෑ හරිය.... ඒත් උන්නු රජාගේ අණදීම් මත අභීත රණවිරුවන් ඒ සාපය අහවර කර දැම්මෝය... හම්මේ අපිට මාර චූන් එකක් ආවේය... ඔව් අපි චූන් වෙන්නටම ඕනෑය...... ඕං අපිට නිදහස ලැබුනේය..... ඒත් පොඩි පොඩි සීං තිබ්බේය...... ඒවා 95% දූරීංභූත කර දැමූ සමයක් විය..... ආං ඒ සමය පටං ගන්නාවිටදී ඉස්සර වාගේ පරිවාර රථ සිංහලෙං කිව්වොත් බැකප් රථ අපේ ලොකු ලොක්කන්ට අවස්ස වන්නේ නැත (කුරුල්ලාගේ පුද්ගලික මතයක් බව සලකන්න) මොකෑ කිව්වොත් අපි නද දුන්නේ ත්රස්ථවාදයෙන් තොර රටක් කියාය... ඉඳගෙන..... ඒක ඇත්තය..... ඒත් අපේ උන්දැලා ඒ මෙව්වා නැවැත්තුවාද නෑ අෆ්ෆා...... උන් යනකොට අපි කාණුවේය.... හරි සෝක්ය......ඒත් අපි ඉවසුවෙමු...... අන්න ඒකය....
රට පිට විස්ථර බලද්දී ටෝනි ඇම්බැට්ට නෑ නෑ ටෝනි ඇබට් මහතා පාරේ ඇවිදන් යද්දී ඔහුට මනුස්සයෙක් බනින්නේය ඔහු සිනහ සෙමින් ඇවිද යයි....... ඒ කෙලි මෙහේ බැරිය දරුවාට ගුරු හරුකම් දුන් ගුරුවරිය දණ ගැස්සුවේය.... හුටා ඒ ඇමතියාට මොක හරි කිව්වනං කිව්ව එකා සෙත්තපෝච්චිම වන්නේය.......... මම වටේ යන බවක් දැනෙන්නේය කෙලින්ම කාරණයට බහිමුය ඉඳගෙන
කහ ඉර ලඟ ජනාපතිතුමා වාහනය නැවැත්තුවානම් හොඳය....... මක් නිසාද කිවහොත් ඔහු නීතියට ගරු කරණ බව පෙන්නීමට විය යුතුය.... නමුත් එය කොපමණ කාලයක් සිදුවේදැයි බලා සිටීම වටී ඈ...... මහ ජනයා ඔල්වරසන් නැගුවේනම් ඒ උන්ගේ කැමැත්තය..... එකක් මතක තබා ගත යුතුය රටේ සියල්ලන්ම පී ඇච් ඩී ඇති අය නොවේය.....ඒ නිසා එක් එක් කෙනාගේ සිතුම් පැතුම් විවිධාකාරය...... එයට අපට මොකවත් කිව නොහැක......
අනෙක් කාරණය නම් මා දන්නා තරමින් ජනාපතිගේ වාහනයේ වීදුරු බුලට් මෙව්වාය කලුපාටය, ඒ කලුපාට නිසා පිට ඉන්නා අයට ඇතුලෙන් ඉන්නා අය නොපෙනේ,,,, ඒ ජනාපතිමැයි කියා හදුනා ගත්තේ කෙසේදැයි සිතිය යුතුය.....
මොක උනත් නීතියට ගරු කිරීම වටී....... අපි යහ පාලනය දෙස බාලා ඉමු ඒත් ඔවුන් යහපාලනයට යන්නේ බුලත් කමින්ය හැබැයි ඒ සමහර බුලත් ඔවුනට කලින් නම් පෙනෙන්නට බැරි විය.... අනේ මන්දාය...... ඉඳගෙන
රංජා එදා සිට ඒ කියන්නේ දේසපාලනයට ආදා පටං කෙලින් කතා කල මනුස්සයෙකි ඒත් දැං දැං ජෝකර් චරිතද මවන්නේය.... රංජා වගේ දේසපාලන කට්ටිය සිටිය යුතුය ඒත් තමුන්ගේ තැන රැකගැනීමට ඔහු දැන ගත යුතුය.... එසේ වේ නම් රංජාට රංජාම විය හැක.............
හම්මේය.... මගේ ඇඟිලි රිදෙන්නේය.... මම නවතින්නේය ඉඳගෙන
අද පිටපත චිංකා ගෙනි......
ඈ බොල පස්සියෝ ..මේක ඇත්තටම හොඳ කොමෙන්ටුවකට නෙවෙයි පොස්ටුවකට , පට්ට රහයි බෝල මේ කොමෙන්ටුව
Deleteහම්මේය.............. ඒ කියන්නෙ හොට තාම පැටලී නැතුවා වාගේය........
Deleteහැක හැකය ඉඳගෙන
හිතට එන ඒවා ලියන්නෙමිය.....
කෝ මේ මහින්දට කඩේ ගියපු මකසි,මාරයා,තනි තරුව, කසා පබ්බත,මීදුම, යුතුකම සංවාද කවය,සා රස, ප්‍රතිවාදියා,හිස් අහස, ගයාත්‍රි වගේ අය?අතුරුදහන් වෙලාද?
ReplyDeleteතාම නෑ! අතුරුදහන් වුණොත් බලමුකෝ..! උඹේ නමෙන්ම ආව නම් නම්බුයි බං..
Deleteහී හී. මාවත් අරගෙන. හෙන ක්‍රෙඩිට් මට, මහින්දට කඩේ ගියයි කිව්වම.
Deleteයහපාල සිරිසේන මහතා අර පත් කොරපු ටැලිකොං ලොක්ක එතුමාගේ මල්ලි නෙවෙයි, මගේ මල්ලි හොඳද?
ඇනෝ, ඔයා වාගෙ හංසපාලලා සහ හංසමාලිලා තව ටික දවසකින් වීසා අරන් යාපනේ යනකොට අපිත් ආවට කමක් නැද්ද?
amila chathurangaJanuary 24, 2015 at 10:05 PM
ReplyDeleteටෙලිකොන් හි සභාපති ලෙස කුමාරසිංහයානෝ පත් කිරීම ගැන මගේ මත රාජයා...
සුදුසුකම් කිරා බලන්නේ නම්....
ගෝඨාභයට ආරක්ෂක ලේකම් වීමටත්...
නාමල්ට මන්ත්‍රී වරයෙක් වීමටත්...
ෂශීන්ද්‍රට මහ ඇමති වීමටත්....
බැසිල්ට ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලනිප සංවිධායක වීමටත්...
චමල් රාජපක්ෂ ට කථානායක වීමටත්...
ෂමීන්ද්‍ර රාජපක්ෂට ආයතන කිහිපයක අධ්යක්ෂවරයෙක් වීමටත්...
බොහෝ සුදුසුකම් තිබුනි... රාජපක්ෂ සමයේ ටෙලිකොන් හි අධ්යක්ෂවරයෙක් වූ ෂමීන්ද්‍ර රාජපක්ෂ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබද පශ්චාත් උපාධියක් පවා තිබූ අයෙකි.. රාජපක්ෂ නාමයේ අනුහසින් ආයතන වලට පහත් වූ කිහිපදෙනෙක්ට හැර අති බහුතරයකට ඒ තනතුරු වලට අදාල මූලික සුදුසුකම් තිබුනි..
යහපාලනය යනු ඇලෙව්ව විට එය සුදුසු වෙන හලාල් ලේබල් එක වැනි යමක් නොවේ. මොන සිරිසේන කලත් වැරැද්ද වැරැද්දමය. ටෙලිකොන් ආයතනයේ සියලුම විධායක සහ ඉහල ශ්‍රේණිවල නිලධාරිහු ශ්‍රී ලාංකිකයෝය. සභාපති තුමා යමක් කතාකරන්නට හෝ සේවක අදහස් ගන්නට මීටිමක් තබන අවස්ථාවක් සලකා බලන්න. යම් අත්වැරැද්දකින් සභාපති තුමා වැරදි කාරණාවක් ගෙන හැර දැක්වුවත් ජනාධිපති මලනුවන්ට එරෙහි වීමට කවුරු නම් සමර්ථ වෙත්ද?
ටෙලිකොන් යනු ජාත්‍යන්තරය හා ගැටෙන නවීන ලෝකයේ නවීනත්වය හා සබැදි ආයතන පද්ධතියකි. එවැනි ආයතනයක මහ තැනට ලී සංස්ථාවක. හාල් මෝල් පද්ධතියක දේශීය හාල් කැල්ලක් පත් කිරීම සාධාරනීකරනය කරන්නට එකවුන්ටන්සි අකුුරු ගානක සුදුසුකම් හෝ උපාධි වලට හැකිද?
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete