"කොහොමත් ලොක්කා කැමතියි බං පුරුදු නැති උන් ගන්න , මොකෝ පුරුදු කාරයෝ අරං ගෙවන ගානෙන් බාගයකට ගත්තෑකිනේ .. අනික කොල්ලෙක් නම් කමක් නෑ... ඕයි ගෑනු බාගයක්නේ මේකා "
"ඔව් ඉතිං ,මේ වගේ පකයි ගත්තම , අපි එපැයි නහින්න . අනික... හුග් .....මොකෝ යකෝ අනින්නේ .."
ඒ ටික කිව්වේ රංග , මම ඒ පැත්තට එනවා දැකපු කසුන් රංගට අනිනවත් මම බලාගෙන , එත් කිසිදෙයක් දැක්කෙත් නෑ. ඇහුනෙත් නෑ වගේ ඒ පැත්තට ඇවිදගෙන ගියා . එතකොට තමයි දැක්කේ අරක්කු බාගේ බෝතලේ ...
" ආ .. අලුත් මල්ලි .. සිට් පුතා ..."
" මොකෝ උඹ ඔච්චර හොඳ රස්සාවක් දාලා මේ බෑග් කරගහන්න ආවේ, රූංසවිස් කියලා කිව්වට ,තේරෙන බාසාවෙන් මේක නාටාමි ජොබ් එක . ඔෆිස් බෝයි වුනත් රට කොම්පනියක්නේ යකෝ ,නැද්ද කසුවෝ ."
රංග දිහාට ඇහැක් ගහපු කසුන් , "මොකක්ද ජෙමා කිව්වේ .මේ...මේ.....මේ....මැනේජර් මහත්තයා ?" ටික දවසක් වැඩ බලලා , රෙස්ටුරන්ට් එකට හරි කිචන් එකට හරි දාන්නම් කිව්වද වැඩ ඉගෙන ගන්න, දිගටම හිටියොත් චෙෆ් කෙනක් කරන්නම් කිව්වද ?
හැක හැක හැක හැක හැක හැක ......
"හැබැයි කසුවෝ මූට ඉහල යන්න සුදුසුකම් තියෙනවා ... සුදු කොල්ලනේ ... නිවාඩු දවසටත් වැඩ කරහන් ... ජෙමා ගෙදර යන්නෙත් නෑ... හැක හැක හක හක.. චෙෆ් වෙයි චෙෆ් කෙසේ වෙතත් ඔෆිස් බෝයි ප්ලේ බෝයි නොවී බේරෙනවා ........ අනේ හුකේ නන්නානේ"
කාමර එකොළහක් විතර තිබ්බ ඒ නිවාඩු නිකේතනයේ කියන්න තරම් වරදක් මටනම් පෙනුනේ නෑ..එකම අවුල පඩිය මදිකම තමා ,
";පෝලිමට ගිහින් වෙනසක් කළා නේද ? හොඳ වැඩේ තොපිට ....;" මම වැඩ කරපු ඉදිකිරීම් වැඩබිම එක්සරේම නවත්තලා අපිට එලියට බහින්න වෙලා ගෙදර එද්දී මුන් ගැහුණු සමන්තයා විස්තරේ ඇහිච්ච් ගමන් කිව්වේ ඔය ටික .
"විජිත මෙතන වැඩ කරනවානම් ආයතනයේ තියෙන නීති රීති සහ වෘත්තීය ආචාර ධර්ම වලට මුල් තැන දෙන්න ඕන , සමහර වෙලාවට මානුෂිකයි කියල පේන දේවල් වුනත් වෘත්තීය ආචාර ධර්ම වලට විරුද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ අවධානයෙන් වැඩ කරන්න ඕන ."
මොනවද යකෝ හෝටල් වල තියෙන මනුස්සකමටත් වඩා ලොකු වෘත්තීය ආචාර ධර්ම ?? ඕන මගුලක් .. මට ලපන් යැයි. දෙන වැඩේ කරගෙන හිටියම ඉවරනේ , අනික හැමදාම ඉන්න නෙවෙයිනේ , ප්‍රොජෙක්ට් එක පටන් ගත්තම යන්න බැරිය..
එත් ඉතිං කොච්චර කාලයක් කියලා මෙහෙම හිතුවද? දැන් මාසෙකුත් පහුවුනා .. මේකවත් නොතිබ්බනම් ,ළමයා හම්බවුනු දාක කන්නවෙන්නේ වැලි තමා ... එන්න එන්නම ඒ දිනෙත් ලංවෙනවා .
*******
"තමුසෙට මේ පඩිය මදි බව මට නොතෙරෙනේවා නෙවෙයි විජිත , ඒත් අයිසේ මැනේජ්මන්ට් එකෙන් දෙන ගැන එපැයි මම ගෙවන්න. .. මට ඕනෙනම් මෙහෙම දෙයක් කෙරුවැකි ... දැනට තමුසෙට සර්විස් චාජ් එක ලැබෙන්නේ නෑනේ ට්‍රේනිං නිසා ඕනේ නම් ඒක හදලා දුන්නැකි.."
"අනේ ලොකු දෙයක් සර් ..."
ස්වාභාවයෙන්ම පිහිටලා තිබ්බ කුලෑටි ගතිය සහ පසුගාමී ගතිය නිසා ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ විහිලුවට ලක්වුණු මට මේ මනුස්සයා කිසිම වෙනසක් නොපෙන්නා කතා කිරීමත් ලොකුදෙයක් ..
වෙනකක් තියා ඉස්සර වැඩකරපු තැන ලොකු මහත්තයත් සමහර වෙලාවට ප්‍රසිද්ධියේම කතා කලේ ලතා කියලානේ ,
ගිය සැරේ ගමේ ගිය වෙලාවෙත් රණ්ඩු.. විනීතා කොයිවෙලෙත් කියන්නෙම "තමුසේ මිනිහෙක් වගේ කොන්ද පන ඇතුව ජීවත් වුනානම් අපිට මෙච්චර කරදර වෙන්නේ නෑනේ" , කියලයි .. ඇයි හත් දෙයියනේ මං කරදර විහින් දාගනන්වයි . ..
පොඩි එකා උපදිනකන් ඉවසිල්ලක නැතුව හිටියට ඌ ඉපදුනාම ජීවත් වෙන්න තියෙන අමාරුව මතක් වෙනකොට ඇඟ හීතල්ක වෙනවා .
"උඹ හීතල කොරන්නේ නැතුව ඉඳින් උගේ තාත්තා ඒවා බලාගනියි ,"
කොයිවෙලෙත් කට කැඩිච්ච කතා කියන සුමිත් අයියා පොලේදී හැමබ්වුණු වෙලාවේ කතා කරකර ඉද්දි එහෙම කියනකොට අම්මප ආපු කේන්තිය ...
"විහිළුවක් කලේ බං... ඕකට ඔච්චර ඩොන් යන්න ඕනයි මං යනවා ..."
කියාගෙන එතනින් මාරුවුණේ මගේ මුණදිහාවත් නොබලා .
*******
රෑ නිදාගන්න යනකොට ,ලොකර් රූම් එක ඇතුලේ ටෙලිෆෝන් එක රිං වෙනවා කියාගෙන එහෙට ගිය කසුන් ආපහු ආවේ "අන්න ජෙමා උඹට කතා කරනවා" කියාගෙන .
ආපහු කාමරේට ආපු මම සරම් කටින් අල්ලාගෙන කලිසම ඇතුලට බහිනවා බලාගෙන හිටපු රංග
"මොකෝ රෑවෙලා කපල් එකක් එනවා කියලා රූම් එකක් ලෑස්තිකරන්න කිව්වද? කියලා ඇහුවේ කසුන් දිහාට ඇහැක් ගහලා ..
"ඔ..ඔ.. ඔව් ඔයා කොහොමද දන්නේ ?"
"අ.. අ.. අපි ඕක ගොඩක් කල් ඉඳලා දන්නවා මෙයා ..." මගේ කතාරටාව අනුකරණය කරමින් රංග එහෙම කියද්දී දෙන්නම මහසද්දෙට හිනාවුනා .
මම කාමරෙන් එලියට යද්දී දෙන්නා සින්දුවක් පටන් ගෙන .. දැන් මේ නිදිමතේ මැරෙන්න හැදුවා මෙතන සිංදු කියනවා ඒ ගමන විකාර
" සඳට සදහට සෙනෙහෙ පෑමුත් මුදුල තරු කැටයම්.....
හිරුට පෙම්බැඳි එකද තරුවක් තිබිය නොහැකිද යම් ......
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස .........................
සිංදුව නැහී යද්දී මම ඔෆිස් එක දිහාවට ගියා ...
*******
"රූම් නම්බ ඉලෙවන් ලෑස්තිකරන්න දැන් ඒ දෙන්නා මග එනවත් ඇති"
කාමරේ ලාස්තිකර කර ඉන්නකොට
දඩස් ගාලා කාමරේ දොර වැහෙද්දී , ඒ මොකද කියලා මම බලනකොට දැක්කේ , මැනේජර් මහත්තයා දොර ළඟ හිටගෙන ඉන්න හැටි ..
********
ME PADIYE INDAN MATA WADIPURA SALLI TIKAK LABEYI
SERVIS CHARG EKA MATATH DENAWA KEWA
(මේ පඩියේ ඉඳන් මට වැඩිපුර සල්ලි ටිකක් ලැබෙයි , සර්විස් චාජ් එක මටත් ලැබෙනවා කිව්වා )
එස්.එම්.එස්.එක ටයිප් කරද්දී ඇස දෙකට පිරුණු කඳුළු ආපහු පිහදාගෙන මම SEND බොත්තම් එබුවා.
*******
දවස් ගෙවී යාම ඒකාකාරී වූත් ඒකාකාරී නොවූත් දෙගිඩියාවෙන් යුතු දෙයක් වුනා . සල්ලි දෙයියන්ගේ මල්ලි. සල්ලි නිසා හැම දුකම විඳින්න වෙන එක කරුමයක්. සමහර විට එකම දේ දිගටම සිද්ධ වෙනකොට අසම්මත දේවල් වුනත් පුරුද්දට යන්න පුළුවන්. සමහර වෙලාවට අසම්මතයට ඇලුම් කරනත් පුළුවන්.
"විජිත් ... පුතා අන්න රූම් නම්බර් නවය ලැස්ති කරලා දෙන්න ,ෆැමිලි එකක් ඇවිත් ඉන්නවා "
කල්පනාලොකෙන් බිමට බැහැපු මම කාමර පේලිය දිහාට ඇවිදගෙන ගියා .
"යාහ් ඉට්ස් බෙටර් ටු හැව් ඇට් ලීස්ට් දීස් ටයිප් ඔෆ් හොටෙල් ඉන් දිස් ඒරියා ...."
"හ්ම්ම්ම් බට් ලේට්ස් මූව් අවුට් ඈස් සූන් ඈස් පොසිබල් .... අයි ඩෝන්ට් ලයික් බබා ...."
"යාහ්.... මී ටූ ඩාලිං ...බට් අයි ඈම් සෝ ටයඩ් ඇන්ඩ් ඉට් ඉස් නොට් පොසිබල් , ඩ්‍රයිවින් හියර් ඇට් නයිට් ...."
"ආ... මල්ලි මේ බෑග් එක අරං එන්න ...." " ඩාලිං ටේක් ද බේබි ..."
*******
දෙයියනේ .. අර ඉටි රූපයක් වගේ නෝනටයි මහත්තයටයි ද මේ දරුවා ඉන්නේ. රෑ හරියට නොදැක්කත් උදේ යන්න ලාස්තිවෙලා කෑමට ආපු පවුල දැකලා මට එකසරේම විනීතව මතක් වුනා . අපිටත් මෙහෙම වුනොත් මොන දෙයියන්ට කියන්නද? දැන් අදද හෙටද කියන්න බෑ. මේ දවස් ටිකේම කෝල් එකක් දෙන්න බැරිවුනා . කොහොමත් හෙට අනිද්දාම ඉස්පිරිතාලේ එක්කං යන්න වෙයි .
සුරංගනාවියක් වගේ ලස්සන ඒ නෝනා , වැඩීම අඩුවෙච්ච විරූප වෙලා ගිය දරුවෙක්ව උකුලේ තියාගෙන ඉන්නවා දැක්කම මට දාඩිය දැම්මා . අනේ එහෙම දෙයක් නම් මට ලැබෙන්න ඉන්න දරුවට කොහොමවත් වෙන්න එපා .
"මල්ලි මේ බෑග් ටික ඩිකියට දාන්න .... "
මගේ දිහාට කාර් එකේ යතුර දික් කරගෙන ඉන්න මහත්තයව දැක්ක ගමන් මම ගැස්සිලා ගියා, මගේ දිහාට ඔරවපු මහත්තයා ."මොනවද බලන්නේ " කියලා ඇහුවේ මම නෝනා දිහා බලනවා කියලා හිතලා වෙන්න ඇති.
ඩිකිය ඇතුලට නැවිලා බෑග් ටික අස්පස් කරද්දී මගේ පිටිපස්සට තට්ටු කරනවා දැනිලා ආපහු හැරිලා බලද්දී . දෙයියනේ මෙන්න අර දරුවා , මොනද අඩුපාඩු තිබබත් දරුවෙක්නේ දෙයියනේ , මගේ දිහාට අත්දෙක දික් කරපු පොඩි දරුවාව මම වඩාගත්තේ දෙපාරක් නොහිතා .
දරුවාව වඩාගෙන ආපහු ඔෆිස් එක පැත්තට එනකොට ,මම දැක්කේ දුවගෙන එන නෝනයි මහත්තයයි
" බ්ලඩි ඉඩියට්.. වෙයා ඩිඩ් යූ ටේක් මයි චයිල්ඩ් "
"කොහද මිනිහෝ ලමයව අරං ගියේ ... "
"සර් මම මම මම ..... බබා මයි ආවේ ....."
"පලයන් යන්න ...."
"බූරුවා ......"
ලමයව බදාගත්ත නෝනයි , මහත්තයයි දුවගෙන ගියේ මැනේජර් මහත්තයා ලඟට .. මහා සද්දෙට ඉංග්‍රීසි වචන එහෙට මෙහෙට පාවෙනවා ඇහුනත් මට තේරුම් ගන්න බැරුව හිටියේ මොකක්ද කියලා .
*******
"අයිසේ විජිත , අරුන් දෙන්නා චෙයාමන්ට කම්ප්ලේන් කරලා , තමුසේ ලමයව රවටගෙන අරං යන්න හැදුවා කියලා , ඒ මදිවට ලමයව උස්සලා කප්පං ගන්න හැදුවා කියලා පොලිසියන්න හදලා තියෙන්නේ , ලොක්කා යනතම් එක නවත්තගෙන , " හැබැයි මැනේජර් මහත්තයාගේ ඇස් දෙකේ කඳුළු ...
"කරන්න දෙයක් නෑ අයිසේ ලොක්කා මගේ කන් අගුල් වැටෙන්න කෑ ගැහුවා තමුසෙව දැන්ම අයින් කරන්න කියලා , මෙතන මාසෙක පඩි............"
ට්‍රින් ට්‍රින් ට්‍රින්........
"ටෙලිෆෝන් එක වදිනවා නේද ? ආපහු ලොක්කා වෙන්න ඇති .."
මැනේජර් එහෙට දිව්වම මේ මොන හෙන ගෙඩියක්ද පාත් වුනේ කියලා මම කල්පනා කලේ .. වෙච්ච කිසිම දෙයක් මට තාමත් තේරුම් ගන්න බෑ. හරියට හීනයක් වගේ. ලක් වඩාගන්න එක ඔය තරම් පාපයක්ද
//"සමහර වෙලාවට මානුෂිකයි කියල පේන දේවල්වුනත් වෘත්තීය ආචාරධර්ම වලට විරුද්ධ වෙන්න පුළුවන්. "// එදා එහෙම කිව්වේ මේ දේවල් ගැනද?
එත් අපි ගමේදී කොයිතරම් නම් පොඩි උන් වඩාගන්නවද ?
දොරෙන් එලියට ඔලුව දාපු මැනේජර්
"විජිත් තමුසෙට කෝල් එකක් .."
*******
"පුතේ ...මේ මං....අම්මා , විනීතා රෑ අමාරුවෙලා නැවැත්තුවා පුතේ... දැනුයි මේ ඉස්පාසුවක් ලැබුණේ.. ලස්සන කොලු පැටියෙක් හම්බවුනා පුතේ..............
පිංතූර සොයා දුන්නේ උස බස්සි විසිනි
ඉඳලා, ඉඳලා හඳ හාවා දකින්නැගෙ ලියපු පෝස්ට් එක හින්දා බනින්නත් බෑ.
ReplyDeleteහොඳයි, දුකයි, අකමැති වුවද තිත්ත ඇත්ත
ඒක ඇත්ත බශ්ශෝ ... බනින්න එපා බොල... මං අයින්ෂක මුනියා ... තැන්කු වේවා
Deleteඉංග්‍රීසි ටිකක් කතා කරන්න පුළුවන් උනාට හැමෝම නෝන මහත්තුරු වෙන්නෙ නෑ....
ReplyDeleteඒ වුනාට හිතන් ඉන්නේ එහෙමනේ හිරු
Deleteහිරු ++++++++++++++++ පෙරාපු ඇත්ත!!
Delete@හිරු,
Deleteඉංග්‍රීසි ගොඩක් කතා කරන්ට පුලුවන් නම් හැමෝම නෝනා මහත්තුරු වෙනවලුද? :P :D
ජීවිතේ ගැටගහ ගන්න අමාරු තරම් ප්‍රස්න එනකොට අන්තිමට අකමැති දේවල් පවා කරන්න තරම් මිනිස්සු අසරණ වෙනවා.
ReplyDeleteඅප්පට උඩු , උදේ ඉඳලා ට්‍රයි කරලා දැන් තමයි උඹේ නම කියව ගත්තේ .
Deleteඑකට තමයි බං ජීවිතේ කියන්නේ
පුළුවන්නම් ලියපන් සිංහලෙන්. කියෙවුවට වඩා අමාරුයි ඒක... තව කෑල්ලක් තියෙනවා ඔය වගේම.
Deleteයශ්‍යන්ත නේද ?
Deleteඔව් බං. ඕක කියන්න ගිහින් ගොඩක් තැන් වල මටම තමයි ලියලා දෙන්න වෙන්නෙ. ඇයි ඉතින් ඕක වැරදියටමනෙ අහගෙන ලියන්නෙ.
Deleteයෂ්‍යන්ත ශ්‍රීනාත්? No big deal.
Deleteඋඔ ලියන ඒවා අපේ ඡිවිත වලට ගොඩක් සමිපයි..
ReplyDeleteඇත්ත ..සමහර දේවල් මනුෂික වුනත් වෘත්තිය ඡිවිතයට ගැලපෙන්නෙ නෑලු..ඒත් බං අපි මිනිස්සුනේ..
ආන්න රෙෂ්පට්.. අපි කවදහරි මැරිල යන මිනිස්සු !!!!
Delete"ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල
Deleteකඳුල සුසුම කුමකටදෝ...
ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව
එකකු ලෙසින් සිතමු...
හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු !!!
මෙන්ඩා - අපි හැමෝම මිනිස්සු, එත් මනුස්සකම වාරණය කරලා නීති රීති හදලා තියෙනවා බං
Deleteපත්තරේ - සහතික ඇත්ත සිල්වා
සිංදු - එහෙම හැමෝම පතනවානම් හොඳයි , ඒත්....
පත්තරේ : ඕක පොඩ්ඩක් එඩිට් කරපන්කෝ බං..අපි ජීවත්වෙලා කවදහරි මැරිලා යන මිනිස්සු..:P
Deleteසිංදු ඇනෝ: මම අද හවස ඔය සිංදුව අහලා ඒක ඔළුවෙන් එළියට දාගන්න බැරුව හිටියේ..:D
සින්දුවෝ මේ සිංදුව දාපන්
Deleteමෙන්නෝ ...
Deletehttps://www.youtube.com/watch?v=3cKinOt6pf8
මම අර ෆැෂන් ඩිසයිනින් සාප්පුවෙ ඉන්ටවිව් ගියාමත් ලොක්කා ඇහුවෙ ඔය ප්‍රශ්ණෙ.
ReplyDelete"If your supervisor ordered you something demanded for this job, which is professional, yet unethical, then what would be your reaction?"
මං ඉතින් ගැලවිජ්ජාව දන්න නිසා බේරුනා,
It depends කියලා.
කතාවනම් වෙනදා වගේම සුපිරියි බං. උඹෙන් වෙලාවක ඉගෙනගන්න ඕන මේ චරිතවලට දෙබස් මවන හැටි.
මං කියන්නමයි හිටියෙ ඕයි. පින්තූර ටික මල් හතයි. ශෙහ්! මරු ඈ.... :P
උඹ ගැලවිජ්ජා කාරයා නිසා බේරුනාට මිනිස්සු අමාරුවේ වැටෙන ප්‍රශ්නයක් ඒක.
Deleteදෙබස් මවන හැටි උගන්නන්න ක්ලාස් එකක් තියන්න යන්නේ , හැබැයි ඊට කලින් මට යන්න තියෙනවා ධානාතමක චින්තනය ගැන දේශනා මාලාවකට . ඔව් ප්‍රසිද්ධ දෙශිකාවකගේ
කියන්න අමතක වුනා - ඔය යටින් දාලා තියෙන්නේ පින්තුර හොයා දීපු එකාව . මගේ අම්මේ උගේ උසඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅ
Deleteමේ වගේ අසරණ වෙන මිනිස්සුත් ඉන්නවා.උඹට ලස්සනට ඒවා අහු වෙනවා. හැබැයි ළමය වඩා ගැනීම අච්චර දුරකට ගිහින් රස්සාවෙන් අස් කරන්න තරම් වෘත්තීය ආචාරධර්ම රකින තැනක් කියල මට කතාව කියවද්දී හිතුනේ නෑ.
ReplyDeleteවෘත්තීය අචාර ධර්ම රැකීම කෙසේවෙතත් , ලොක්කෙක්ක්ට ඇක්සස් තියෙන ඕන එකෙක් ,ලොක්කට කෝල් කරලා සත්තමක් දැම්මම ඕන සොක්කෙකුගේ රස්සාව ගහල යනවා බං .
Deleteතැන්කු වේවා උඹට
ඔය වෘත්තීය ආචාර ධර්ම තියෙන්නෙ මොකුත් කරගන්න බැරි එකාට විතරයිනෙ.
ReplyDeleteනියම කතාව.
අනිවා ප්‍රසන්න අයියේ .. ආචාර ධර්ම , නීති ,රීති හැම එකක්ම තියෙන්නේ පහත තැනින් ජලේ ගලා යන්න හදන්න , තැනකුයි වේවා
Deleteසහතික ඇත්ත. මට දැනෙන්නේ මෙතන ඔය කියන ආචාරදර්ම තියෙන, නොතියෙන තැනක් කියලා. මේ කතාවේ ඉවාන් ඒ තැන් කිහිපයක්ම පෙන්නලා තියෙනවා. සිද්දි විදිහට ගත්තොත්. මැනේජර් ඇඳ හදන කාමරයට ඇවිත් දොර වසා ගැනීම, වගේ දේවල් කියන්න පුලුවන්. හැබැයි අර පොඩි එකා වඩාගත්ත සිද්දිය ටිකක් වෙනස් වුනානම් හොඳයි වගේ. විජිත වඩාගෙන ඔෆිස් එක පැත්තට යනවා කියලා නෙවෙයි එතන හිටියා කියලා ආවානම් හොඳයි කියලා මට හිතෙනවා. සමස්තයක් විදිහට කතාව හොඳයි. එල එල...
Deleteසමාවෙයන් මචෝ , මේ නම කියව ගන්න නම අමාරුයි .. "අහසේ නේන්න " කියලද තියෙන්නේ ..//"විජිත වඩාගෙන ඔෆිස් එක පැත්තට යනවා කියලා නෙවෙයි එතන හිටියා"// ඇත්තටම ඒක හොඳ වෙනසක්, මට එහෙම ලියන්න තිබ්බනම් මේ අභව්‍ය ගතිය මග ඇරෙනවා නේ . ස්තුතියි ඔබට
Deleteආශ්චර්යයි... කියන්නේ.. මේක ගෙම්බෙක් ලිව්වා කියල හිතන්නවත් පුලුවන්ද ඈ ??
ReplyDeleteහි හි... විහිලුවට නෙවෙයි ඇත්තටම කිව්වේ. පොඩි පොඩි අවුල් තිබ්බ උනාට ( හෙහ්... මම මේ පොල් පරාල තියාගෙන , කෙන්දක් ගැන තමයි ටෝක් එක ඈ !) හොඳ වස්තුබිජයක්. මගේ ලොන්ත කතා බැලුවම දැන් වැ විලි ලැජ්ජයි.
මෙහෙම ලියන එක කොතරම් හොඳද ඉවාන්. වන් මෝ.. වන් මෝ... ( අම්මෝ)
හුහ් .. කවුද ඩො ගෙම්බා ...
Deleteපොඩි පොඩි අවුල් තියෙන්නේ උඹටනේ ... පිස්සෙක් උතුම් මිනිසෙකුට පිස්සා කියනවා ඇහුවමයි ..:P
නෑ බං පොඩි පොඩි අවුල් ඇති. ඒත් ආපහු කියවන්න කම්මැලි නිසා ඔහේ කොටාගෙන කොටාගෙන ගිහින් පබිලිස් කොලා .
අම්මෝ ගෑවේ මොකෝ ...
මේ උඹ ටින්කර් බෙල් ද ? ටින්කබල් ද?
උඹ ඉඳලා ඉඳලා, ලියලා, ඔලුවට පොල්ලෙං ගැහුවා වගේ කළා...
ReplyDeleteහෙක් හෙක් එසේ වූ බව ඇසීමත් සතුටකි ස්වාමිනී ... තැන්කු හොඳේ
Deleteහොඳ කතාවක් ඉවාන්,
ReplyDeleteඅර ළමයව වඩා ගත්තු සිද්ධිය නිසා ඇති වෙච්ච ප්‍රතිපලය පොඩ්ඩක් අභව්‍යයි වගේ.
සල්ලිකාර ලස්සන නෝනගේ ළමයා සහ දුප්පත් "ලතා විනීතා" ලගේ පොඩි එවුන් උන් උන්ගේ හදවත් නිරුපණය කරනවා වගේ ගතියකුත් මට දැනෙනවා.
එල පෝස්ට් එකක්...
ප.ලි.
XXත් ~ විජිත් ටිකක් එක ලඟින් යන නම් දෙකක්. නෙහ්.... හෙහ් හෙහ්...
//XXත් ~ විජිත් ටිකක් එක ලඟින් යන නම් දෙකක්.// කලින් කරපු ප්‍රොජෙක්ට් එකෙන් පන්නලා දැන් හෝටලේක වැඩ කියන එකත් ටිකක් ළගින් ළගින් යනවා වගේ.. හැක..හැක..හැක..හැක..
Delete@ ලොකු පුතා මහත්තයා - පොඩ්ඩක් අභව්‍යයි වුනාට සත්‍ය සිද්ධියක් මචෝ. හැබැයි රස්සාව නැති වුනේ නෑ. මං රස්සාව නැති කළා . එකයි වෙනස . තැන්කු වේවා
Deleteපලියට පලි. - එක්ස් එක්ස් ත් සහ විජිත් ලඟින් යනවා කියලා කවුද කිව්වේ ...
කල්‍යාණ - අවන්හලක ඉපදී මා මිය යනවානම් . මේ සසරේ පින්කර ඇති එකම කෙනා මං ... හෙක් ඉස්සර වින්සන්ට් ඩයස් එකේ මියුසිකල් වලට ගිහින් ඔය සින්දුව කියද්දී උඩ පැන පැන නැටුවේ මොකෝ එහෙනං
රස්සාව නැති උනේ නැත්නම් අභව්‍ය නැහැ...
Deleteළමයෙක් වඩා ගත්තු එකට ඔය තරම් උඩ පැනපු ගොන් වාහෙලා දෙන්නව වෘත්තීය මෙව්වා එක බල්ලට දාල පයින් ගහල එලවන්න එපැයි බං...
///පලියට පලි. - එක්ස් එක්ස් ත් සහ විජිත් ලඟින් යනවා කියලා කවුද කිව්වේ .../// ඔය කිව්වට ළඟින් නෙමෙයි දැන්නම් සැකේ තියෙන්නේ උඩින් හිටියද කියලයි.
පොඩි මනුස්සයෙක්ගේ වරදක් නැති වුනත් ලොක්කෙක් හරහා ආවම මොකක්ද වෙන්නේ කියලා දන්නවනේ ඉතිං
Deleteදුක්බර කතාවක්. කොහොමටත් අපිට ගෝචර නොවන සමාජයේ කළු පාට අහුමුලු ඔයාට යසඅගේට අහුවෙනවා. සුබපැතුම් මිත්‍රයා.
ReplyDelete(අර කිකිළියන්ට සලකලා ඉවරද දැන්... හැක්)
මෙන්න අනික් කැමරා හොම්බා ... තැනකුයි මචෝ .... කිකිලියෝ ඔක්කොටම සලකන්න මධුමාධවී ට බාර දුන්නා, එකනේ අද පේන්න නැත්තේ , උදේ ඉඳන් කිකිලියන්ට සලකනවා පොර .
Delete//කැමරා හොම්බා// නොදකිං. කවුරුහරි මේ කාලෙට මට කියාපු කැතම නම. හැක්
Deleteහෙක් හෙක් හෙක්
Deleteඑක එල ද බ්‍රා නම
Deleteකිකිලියො සේරටම සලකලා නිදි කොරෝලා තමා මේක දාන්න ඉස්පාසුවක් ලැබුනේ. කැ.කා. සහ කැ.හො. අනේ දෙයියනේ මට යන ආතල් එකක්...
Delete//අනේ දෙයියනේ මට යන ආතල් එකක්...// අනේ කවුරුහරි මට වහ ටිකක් දීපියව්
Deleteඉඳා ඉඳා ගැලුමක්ම...
Deleteසුපුරුදු විදියටම කතාව හොඳයි.කිව්වත් වගේ ළමය වඩාගන්න එක පොඩ්ඩක් අභව්‍යයි වගේ තේරෙනව.එස් එම් එස් එක යවන තැනින් කතාව නැවැත්තුව නං හොඳයි කියල මට නිකමට වගේ හිතුනා.
ReplyDeleteවැඩේ කියන්නේ කථාවෙ වස්තු බීජය එතනනේ හැලපේ....
Deleteවඩා ගත්ත එක අභව්‍ය නෑ කියල මට හිතෙන්නෙ. ඒක නැචුරල් රියැක්ශන් එකක් ලමයෙක් අත් දෙක දික් කලහම.
Deleteඒත් වඩා ගෙන ඔෆිස් එකට එන එක අභව්‍ය වගේ.
අතට අරගෙන උස්සල හිනා වෙලා ආපහු දෙන එක ටී වී බලලවත් ඉගනගෙන නැද්ද?
පොඩි උන් වඩා ගන්නවලු... ඒ කියන්නේ දරුවෝ නෙමෙයි.. ටිකක් ඉතර වැඩිමල් කස්ටිය...
Deleteහැලපයියා - උත්තරේ චෙෆාකි දීලනේ . මටත් හිතුනා එතනින් කතාව නවත්තන්න . එක අතකට එහෙම නවත්තුවානම් ලියන්න හිතාගෙන ආපු කතාව ලියන්න බැරි වෙනවා
Deleteචෙෆාකි - එක තමයි වුනේ ඇත්තටම
ප්‍රා - ඇත්තටම වඩාගෙන ඔෆිස් එකට ආවේ ,ළමයා බාර දීලා පොරක් වෙන්න . මොකෝ ඔය ළමයි වඩාගන්න හැමෝම හෙන පොරවල්නේ
මාතලන් - මේ කතාව නම් මට කිව්වා එකක් වෙන්න බෑ. අපි දන්නෑ ඔව්ව
අගෙයි පව්ලූශා මහත්තයෝ....කව්ද හිතුවේ පොඩි එකා වඩාගත්තු කේස් එක සමරිසි කෙටි කථාවක් කොරයි කියලා...
ReplyDelete" සඳට සදහට සෙනෙහෙ පෑමුත් මුදුල තරු කැටයම්.....
හිරුට පෙම්බැඳි එකද තරුවක් තිබිය නොහැකිද යම් ......
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස .........................
දැන් ඔය දිවුල්ගනේගේ සිංදුව සමරිසි සම්බන්ධයක් ගැනද නැද්ද හැබෑටම....
කෝ මේ අටම් අයියා..එයා නං කියන්නේ ඒ සිංදුවෙන් කියවෙන්නේ සමරිසි සම්බන්ධයක් ගැන කියලයි.....
හා සෑර් …… ආයිබෝං කිව්වා :D :D
Deletehttp://advindicate.com/articles/2015/3/19/homosexual-propoganda-machine-is-in-overdrive
Deleteබනීද PM ? (කට කැඩිච්චකමට අරක දැම්මට දැන් බයයි බයයි වගේ)
Deleteබැනුං පොඩ්ඩක් ඇහුවට මොකෑ. පුරුදුවෙන්න බැනුං අහනව කියලයැ :D
Deleteචෙෆාකි - කතාව ඇදගෙන යන්න ඔය ආගිව්මන්ට් එකත් රුකුලක් වුනා , අටම්පහියා ඕවට උත්තර දෙන්න එන්නේ නෑ. මිනිහා ෆුල් සීරියස් ඩයල් එක දැන්.
Deleteප්‍රා ජේ - බලන්න ඕක වගේද මේක කියලා https://www.youtube.com/watch?v=t1jq9BlohDA
බැනුම් අහන එක නිකන් දවල් කෑම කනවා වගේ නැද්ද පත්තරේ
මේ ෆිල්ම් එක සම්පුර්ණයෙන්ම යුටියුබ් එකේ නැහැ නේද? ලංකාවේ වීඩියෝ එකක් තියෙනෙවද?
Deleteමේ ෆිල්ම් එක තාම ට්‍රේලර් එක විතරයි යූ ටියුබ් තියෙන්නේ , ලංකාවේ වීඩියෝ එකත් තාම නැහැ .
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමට මේ කතාව කියවද්දි , ප්‍රධාන චරිත තුන රූම් බෝයි ,මැනේජර් ,චෙයාමන් ඔය තුන්දෙනාම මැවුනෙ බ්ලොග් කාරයො තුන් දෙනෙක් මෙතන නම් කියල ගුටි කන්න නියමිත වෙන්න ඕනෙ නෑනෙ. අනික හෝටලේ ඒකනම් මගෙ මූණු පොතේ තියන හෝටලයක්. සප්තයි ඉවාන් මේ කතාව.
ReplyDeleteP M C
DeleteI M C
Delete//ප්‍රධාන චරිත තුන රූම් බෝයි ,මැනේජර් ,චෙයාමන් ඔය තුන්දෙනාම මැවුනෙ //
Delete++++++++++++++++++++++
මටත් මතක් උනා ...එත් මම කම්පනා කලේ කවුද බන් මුට අතවර කරන්න එන්නේ ?? හැක්
ප්‍රා අතාඇරල අල්ලගනිල්ල පත්තරයව..
Deleteමගෙ ලග ඉන්නව බැදපු කෙල්ල නිසා පාතාලෙට සම්බන්ද වෙන්න සිදුවෙච්චි ගමක කොල්ලෙක් , බ්ලූ මැන්ඩල් කේස් එකට දැන් දෙපාරක් පොලිසියෙන් අරන් ගියා. උගෙ කතාවත් මේ වගේම දුක හිතෙන කතාවක් , ඌටත් ගොඩ යෑමක් නෑ
This comment has been removed by the author.
Deleteඩෝලි වගේ උන් එක්ක සෙල්ලං දැම්මට කමක් නෑ කම්මලේ... ඔය වගේ කේස් එක්ක පැටලෙන්ඩ එපා වෙඩි කාල නහින්න වෙන්නෙ අඩු වයසින්ම :D
Delete//කොයිවෙලෙත් කට කැඩිච්ච කතා කියන සුමිත් අයියා // වෙලාවට කාටවත් මෙතන බ්ලොග් කාරයෙක්ව මීටර් වෙලා නෑ. හැක හැක හැක..
Deleteකම්මල -- සප්තයි කම්මලේ මටනම් හිතාගන්නවත් බෑ...
Deleteකම්මලේ මටත් දියණ ඔය දෙපාර දෙපාර කියවන උඹේ කොම්පීතරේ .
පත්තාරේ කිව්වා වගේ වෙඩි කා නසී වෙන්න නම් එපා පුතෝ ..
කලුයාන - මටනම් මීටර් වුනා එකනේ ලිව්වේ
නෝ කමෙන්ට්ස් හැර වෙන කියන්න දෙයක් නැත.....
Deleteකොමෙන්ට් එක කෙටුවේ දැන් උනාට... උදේම ඇස් දෙකේ තෙතමනය වැඩි උනා...
ReplyDeleteසැබෑ ලෙසම වෙනස් කතාවක්... බොක්කටම වැදුනා මචෝ...
තැනකුයි මාතේ ... රම්‍ය, සුරම්‍ය , සුභ වල ඉන්නකොටත් දුක දැනෙනවා කියන්නේ සැබෑ මිනිස්සුන්ටනේ
Deleteමාතේ ඉන්දියාවෙද දැන් වැඩ කරන්නේ....?
Deleteමේ දවස්වල ඉන්නේ මාලදිවයිනට කිට්ටුව .... නිල්පාට වැලි තියෙන පැත්තක :D
Deleteහැමදේම වෙන්නෙ මිනිස්සුන්ටනේ බං. අාර්ථික ප්‍රශ්න නම් ඉතිං හැමෝටම වගේ තියෙනවනේ. ඒත් මිනිස්සුන්ට ඇතිවෙන සමහර ප්‍රශ්න අපට සාමාන්‍ය තත්ත්ව යටතේ නිකන්වත් හිතෙන්නෙ නැති ඒවා. හ්ම් .. උඹ හොඳ උත්සාහයක් අරන් තියෙනව.
ReplyDeleteටයිප් කරද්දි වෙච්ච වැරදි නම් කීපයක්ම තිබුනා. උඹ හදිසියෙන් කොටලද පෘෘප් එකක් නොබලපු නිසාද මන්ද.
- කරුමය ,අරුමය සහ උරුමය -
මොනව උනත් මේ මුළු කතාවම ඔය වචන තුනෙන් නිරූපණය වෙනව කියල මට හිතෙනව.
ස්තුතියි මදුරු නාශක - මිනිස්සුන්ට තියෙන සමහර ප්‍රශ්න ගැන අපිට හිතාගන්න බෑ.. සෑහෙන කාලයක් විවිධ මට්ටම් වල මිනිස්සු එක්කම වැඩ කරලා ඒ අහන දකින සමහර දේවල් ලිව්වට කවුරුවත් විශ්වාස කරන්නේ නෑ. ටයිපිං වැරදිනම් ඔසේට ඇති බං. ඇත්තම කිව්වොත් ආපහු කියෙව්වේ නෑ.
Deleteඑහෙනම් දාපු නම ගැන මට ආඩම්බර වෙන්න පුළුවන්
එදත් ඉදුවිය, අදත් සිදුවේ, හෙටත් සිදුවනු ඇත. අපි දකින මතුපිට ලෝකයට යටින් ඉන්නේ, යකුන් පෙරේතයන් පිශාචයන්, නමුත් උන්ගේ මුහුණ මිනිස් මුහුණක්.
ReplyDeleteඅර SMS එක යැව්ව තැනට කතානායකයාගේ බබා හම්බවීම අමුනලා කතාව ඉවර කරානම් වඩාත් හොඳයි.
ස්තුතියි විචා මාමේ .. එතනින් කතාව නවත්තුවානම් හොඳයි තමා , එත් චෙෆාකි කිව්වා වගේ මේ කතාවේ වස්තුබීජය අනික් ටික
Deleteජීවිතේ ඔහොම තමයි බං... එක එකාට එක එක විදියේ ප්‍රශ්ණ... උඹේ ප්‍රබන්ධ හැකියාව කියලා වැඩක් නෑ... මොහොතකට ලොකු හුස්මක් ගන්න සැලැස්සුව.....
ReplyDeleteඅඩෝ බිජ්ජා - තැනකුයි වේවා මචෝ .. උඹටත් විවිධාකාර මිනිසසු ආශ්‍රය කරන්න ලැබෙන නිසා තත්වේ දන්නවනේ
Deleteඇති යාන්තම් උඹට මෙහෙමවත් ලියන්න හිතුනා ...හදිසියේ කියෙව්වේ .පස්සේ බලන්නම් .මට මතක් උනේ බොලොග් කාරයෝ තුන් දෙනෙක් හෝටලයක් එක්කම ..හැක් හැක්
ReplyDeleteබලාපොරොත්තුවෙ රුවන් විමානය
මිරිඟු දියෙන් පිට බබළනවා
ඒ තුළ පිවිසී එළිය දකින්නට
ඈත සිටන් දුවගෙන එනවා
පැතූ පැතුම් රන් විමන් බිඳී ගොස්
ජීවනයේ මඟ දොරටු මුවා වී
බලාපොරොත්තුවෙ සිරගෙය ඇතුළත
ගත සිත ගොළු වී වැතිරෙනවා...
ඉටු නුවූ ආශා ළයට තුරුල් කොට
වලපල්ලක ඇති උණුසුම ලබනට
බලාපොරොත්තුවෙ සිර ගේ ඇතුළෙන්
ගත සිත ගොළු වී වැතිරෙනවා
ඒ යන ගමනේ ගිලිහුණු ජීවය
බලාපොරොත්තුවෙ සිර ගෙය ඇතුළෙන්
නැවත නොඑන්නට ගුවන් තලය වෙත
සුසුම් ලෙසට පාවී යනවා...
බලාපොරොත්තුවෙ රුවන් විමානය
මිරිඟු දියෙන් පිට බබළනවා
ඒ තුළ පිවිසී එළිය දකින්නට
ඈත සිටන් දුවගෙන එනවා
පැතූ පැතුම් රන් විමන් බිඳී ගොස්
ජීවනයේ මඟ දොරටු මුවා වී
බලාපොරොත්තුවෙ සිරගෙය ඇතුළෙන්
ගත සිත ගොළු වී වැතිරෙනවා...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : රංජිත් ලාල්
ගායනය : සිරිල් හියුමන්
සිංදු ඇනොගේම කමෙන්ට් එකක්. කවුද බං ඔය කඩප්පුලි බ්ලොග් කාරයෝ තුන්දෙනා .. තැනකුයි වේවා උඹට ..
Deleteඑකම එකක් හැර අනික්වා පරිපූර්ණයි. ළමයා වඩාගෙන යන එක! මම හිතන්නෙ පොඩ්ඩක් කල්පනා කලා නං ඒක ටිකක් මීට වැඩිය ස්මූත් විදියට කරන්න තිබුන.
ReplyDeleteඇත්තටම ළමයා වදාගේනේ යන සිද්ධිය අභව්‍යයි වගේ තමා රාජ්. කතාව ඇත්ත. එත් සිද්ධියත් ඇත්ත . වස්තු බීජය ඒක. කතාව ලිව්වයින් පස්සේ පබිලිස් කොරන්න් අහදිසිය මිසක් වෙන දෙයක් හිතන්නේ නෑනේ එකනේ වැඩේ
Deleteහ්ම්ම් ලස්සනයි ඉවානයියේ....... හරියට රතිඥ්ඥයක් පිපුරුවා වගේ...........
ReplyDeleteඩෝන් .....................
Delete(මචෝ තුන්හුලස් එකක් නේද ? හැක් )
මං හිතුව සජ්ජලගෙ ගල්කොරියෙ ගල්බෝර ගහනව කියල !!! ඕ යේස්
Deleteඅප්පට බොල සබරේ .. වෙල්කම් කිව්වා මේ පැත්තට ..ඔය පල්ලෙහායින් ඉන්න කදප්පුලියෝ දෙන්න කියන දේවල් නම් සත පහකට ගණන් ගන්න එපා බං
Deleteකොතන කෑල්ලෙද බන් පිපුරුවෙ..? අර කාමරේට මැනේජරය ඇවිත් බෝරෙ හිර කරනකොටද?
Deleteඅනේ මන්ද ඒ කියපුව නම් මටත් තේරුනේ නෑ........... අනේ ඒත් තේරුම නම් දාන්න එපෝ තේරුන්නෑ කිවුවට..... මොකද ඊගාවට මොකක් කියයිද මන්දා.............
Deleteමම මේ කම්පනා කරේ වැරදිලාවත් මේ ප්‍රොජෙක්ට් එකෙන් එලෙව්වොත් හොටලේකනම් රස්සාවකට යන්නේ නැතෙයි කියල.. හැක හැක හැක..
ReplyDeleteකතාව තෙම්පරාදුයි.. රස සුවඳ ගානට.. ඇඟට දැනෙන ඇන්ටි ක්ලයිමැක්ස් එකක් නැති එක තමයි ඉවාන් ඉට්ටයිල් එකට අඩු..
හෝටලේක රස්සාවකට පලයන් බය නැතුව, උඹ කතාවේ මුල්ම ටික කියවලා නෑ වගේ //""හැබැයි කසුවෝ මූට ඉහල යන්න සුදුසුකම් තියෙනවා ... සුදු කොල්ලනේ ... ""// හැක හැක හැක හැක හැක හැක හැක හැක අහක හක හක
Deleteතැනකුයි කලුයාන මිත්තරයා
ලස්සන කතාව මල්ලි.. මානුෂික වෙන්න, තේරුම් ගන්න හිතට බල කරන කතාවක්...
ReplyDeleteරසී අක්කා ...ස්තුතියි බොහොම ... මිනිස්සුන්ට මිනිස්සුන්ව මිනිස්සු හැටියට නොපෙනෙන්න හේතුව මොකක්ද කියලා තමයි හිතාගන්න බැරි
Deleteආලෝ මේ මම අලුතෙන් ආපු කෙනෙක් ..... සෝයි කතාව අයියා ... ඔයාටම වෙච්ච එකක්ද ???
ReplyDeleteආ වෙල්කම් මල්ලී , මට වෙච්ච දෙයක් නෙවෙයි මල්ලී, මැලේසියාවේ ඉන්න මගේ යාලුවෙක්ට වෙච්ච දෙයක් .. :P
Deleteනොසන්සුන් වෙලා තිබුන හිත ගල් ගැහුනා දෙයියනේ! +++
ReplyDeleteමලියා .. වෙල්කම් කිවා .....එහෙම වුනානම් හොඳයි , තැන්කිව් වේවා ..
Deleteකතාව සුපර් මචං........ මොනවා වුණත් උඹට පුළුවන් විදිහට දිගට ම ලියහං..... මේ තරම් කල් නොඅැර ලියහං.....
ReplyDeleteතැන්කිව් කුරුටුස් .... දිගටම ලියන්න ඕන.. එත් ලියන මෝඩ් එකට වැටෙන්නේ බොහොම කලාතුරකින් නේ බං, එකනේ වැඩේ
Deleteමට හිතුනෙම මැනේජරයගෙ ප්ලෑනක් කියලා..
ReplyDeleteඅර බල්ලො දෙන්නට නිකන් හරි අනතුරු අඟවලා තියන්න තිබුනේ බොසා ගැන. වෙන්න යන දේ බල බලා හැක හැක ගගා හිනා වෙන්න පුළුවන් උන්, වැරදිලා මිනිස් ආත්ම ලබපු සුනකයෝ...
ගොඩක් වෙලාවට එහෙමයි නේද සෙන්නා .. මිනිස්සු වෙන්න යන නරක වල්ක්වනවට වඩා කරන්නේ , එකෙක්ට වලේ වැටෙන්න ඇරලා එකෙන් ආතල් ගන්න එක . සුනකයෝ ඒ අතින් ගොඩක් හොඳයි , ස්තුතියි සෙන්නා
Deleteසෙන්නා : සුනඛයෝ නෙවේ මචෝ ඊටත් අන්ත මළපෙරේතයෝ..බල්ලන්ටත් නිගරුවක් ඔය වගේ උන බල්ලෝ කියන එක..
Deletehttp://nelumyaya.com/?p=3892
ReplyDeleteආ... ගමේ එකා වෙච්චි ... නොදැම්මනම් එහෙම බලාගන්න තිබ්බා ,ගමේදී අහුවුනාම .. :D
Deleteමෙන්න ට්‍රැජඩි... උඹ නොලියන එක ගැන මගේ බලවත් මෙව්වා එක නැවතත්.
ReplyDeleteඋඹට මං කිව්වනෙ ඔය xxxxදි එකේ රූම් බෝයි වැඩේට යන්න එපා කියලා. ඔය කියන හැටියට ලොක්කා ෂෙෆාකි. මැනේජර් මාතලං... කොහොමද මගේ උපකල්පන...? හැක්
උඹේ බලවත් මෙව්වා එක නිසාමයි ලිව්වේ ,
Deleteඋපකල්පනය වැරදිය මහතාණෙනි ,මෙය සමාන්තර විශ්වයක සිදුවූවකි ....
මාතලන් ගල් කාරයා කියලා කැත නැතිව කියලා දැම්මා නේද මදාවිය.. හැක හැක ..
Deleteමදාවියො , අපිනම් අනුමානෙට කියන කතා . උඹ එතන රූම් බෝයි හින්ද .... අනේ මන්ද
Deleteඅඩෝ අපහාස කොරංට එපල්ලා... මං එතන රැගුලර් කුස්ටොමර්.
Deleteමානුශීය බැඳීම් කියන්නේ මොකද්ද බං අද කාලේ?ගෙදර ගෑණිටයි ළමයටයි කන්න දෙන්නෙත් බැඳගත්තු බෙරේ ගහන්නම ඕනේකමටයි කියලා හිතන්න පුරුදුකරලා තියන සිස්ටම් එකක් ඇතුලේ ඕවා හොයන්න යන එවුන්ට වෙන්න ඕනේ ඔහොම්මම තමයි
ReplyDeleteසිස්ටම් එකට අනුගත නොවී , සිස්ටම් එකෙන් පිට පැනලා සිස්ටම් හදන්න යන උන් විනාස වෙනවා තමයි , ඒත් උත්සාහයක් දරන එක වටිනවා . එත් එකෙන් සමහර විට ජීවත් වෙන්න තියෙන කාලේ අඩුවෙන්න පුළුවන්
Deleteජිවන අරගලේ කියන්නේ unethical දෙයක්ද?
ReplyDeleteඒ වගෙයි පේන්නේ නාඩියෝ
Deleteයකෝ එපා නිකමටවත් කියන්න කතාවක් ලිව්ව බව! අපිම දුක් මහන්සියෙන් හොයන් ඇවිත් කියවලා බලන්න ඕන..! :P
ReplyDeleteකතාව සුපිරි...බොට ඕක ලියන්න තිබ්බේ අර මගේ තණ්හා ආශා එක එක්ක පැරලල්..එහෙනම් ඔක්කෝටම තීම් එකකට ලියන්න තිබ්බ මරු කතා සැට් එකක්..නැද්ද මං අහන්නේ?
කතාව ඇතුලේ මානුෂීය පැත්තක් වගේම උඹ අකමැතිවුණත් දේශපාලන ටච් එකකුත් යනවා නේ? එළ එළ..! මම කැමති අර මැනේජරයගේ අතවරයට ලක්වෙන එක ටිකක් කුතුහලේ දනවන තැනකට ගෙනාවා නම්..අවසානයේ හෙඩිම නියමෙටම දීලා තියෙනවා...කරුමය, අරුමය සහ උරුමය...ලස්සන ජෝඩුවගේ කරුමේ, විජිතගේ කරුමේ, සමරිසිකමට ලොල් වෙච්ච මැනේජරයගේ කරුමේ..ඇවිදින්න බැරි දරුවෙක් ඇවිදපු අරුමේ, විජිත නතර වෙච්ච තැන අරුමේ, ඔක්කොටම ඉහළින් ජීවිතේ අරුමේ..අවසානයේ ඔය හැම කරුමයක්ම අරුමයක්ම මිනිස් වර්ගයාගේම උරුමේ..
ප්.ලි :තෝ ආයේ සීත කාලේ ඉත්තෑවෙක් වගේ නිද්‍රාවට පත්වෙලා නොලියා හිටියොත් බලාගමු..*!&*$%*&I
//"යකෝ එපා නිකමටවත් කියන්න කතාවක් ලිව්ව බව! අපිම දුක් මහන්සියෙන් හොයන් ඇවිත් කියවලා බලන්න ඕන"// දෙන්න හිතෙනවා හොම්බ රොටිය වෙන්න .. මොබයිල් එකට කෝල් කරලා , ගෙදරට කෝල් කරලා , තනියගේ ආච්චි අම්මලාගේ ගෙදරට කෝල් කරලා , අල්ලපු ගෙදරටත් කෝල් කරලා කිව්වට පස්සේ තමයි ඇවිත් කොමෙන්ට් එකක් දැම්මේ ...හුහ්
Deleteදේශපාලනයට කොච්චර අකමැති වුනත් අපිට ජීවත් වෙන්නේ ඒ වෙනුවෙන් හදපු සමාජය ඇතුලෙනේ , එතකොට එතනින් ලැබෙන අතුරු ඵල අපිටත් වළඳන්න සිද්ධ වෙනවා . ...ස්තුතියි උඹට
තෝ දවස ගානේ ලියපිය ලියපිය කියා කියා තග දැම්මට , ලිව්වට පස්සේ කියවන්න් කියලා අපි ගෙදරට ගිහින් කියනකන් ඉන්නවා ... දුප් යන්න ..
අවසර ආයිබෝං මගේ හොම්බ රොටිය කරලා පුච්චන්න නාගවිහාරේ තැටියෙන්ද? අනේ දෙවියනේ!! එපාආආආආආආ!!!!
Deleteඈ බං උඹ අපේ ආච්චිලැයි දිහාටත් කෝල් කලාද? මගේ අප්පේ දැන් ආච්චිව පරිස්සම් කරගන්න එපැයි ඉතින්..(මොකෝ උඹ එක්ක පුළුවනැ ඉතින් කෙල්ලෙක්ව පරිස්සම් කොරගන්න නැද්ද මං අහන්නේ?) :P :P
මේ දවස්වල කාර්යබහුලයි බං..ලියන්න වෙලාවක් නැතුව හරි දුකෙන් ඉන්නේ..:( ඒ වුණාට තෝ ලියපිය අලසයෙක් නොවී...!
//"මොකෝ උඹ එක්ක පුළුවනැ ඉතින් කෙල්ලෙක්ව පරිස්සම් කොරගන්න නැද්ද මං අහන්නේ?"// යකෝ මං වගේ බෝපැලේ කට කියන කතා ... උඹලට මෙලොවදීම පඩිසන් දෙයි ..ඕ..යේස්
Deleteඅනේ උඹේ කාර්ය බහුලේ ... ලියලා කියවන්න අවේ නැත්තං හොයන් ඇවිත් හොම්බ ගලවගෙන නාග විහාරෙට ගෙනියනවා ,අම්මප
අකලට වට මහ වරුසාවක් සේ.. අසුබ දිනක ආ සුබ පැතුමක් සේ....
ReplyDeleteහප්පා කාලෙකින්, කාන්තාරෙට වැස්ස වගේ. කතාව ඉස්තරම් ඉවාන් අයියණ්ඩී.. සමාජයේ මේ වගේ කාටවත් ඇහැ නොගෙටෙන පුන්චි පුන්චි අහුමුලු උලුප්පල අරගෙන ඒකෙන් අපි හැමෝහෙම පපුව තෙත් කරන දෙනෙත් අරවන කතාවක් ලියනවනම් ආයෙ ඒ උඹම තමයි.වෙන ජගතෙක් නෑ..
ස්තූතියි...
ස්තුතියි මනෝෂ්. ජීවිතේ වැඩි කාලයක් විවිධාකාර මිනිස්සු අතරේ ගෙවුනම නොයෙක් අත්දැකීම අහන්න දකින්න ලැබෙනවා , ඒවා තමයි වස්තු බීජ වෙන්නේ ඉතිං.
Delete"කරුම" වෙනස් කර ගන්න බැරිද බං.
ReplyDeleteමිනිහෙක්ගේ අසරණ කම් වලින් තමන්ගේ පටු අභිලාෂ ඉටු කරගන්න උන් තරම් ජරා යක්කු තවත් නැහැ.
මිනිස්සුන්ගේ අසරණ කම වෙළඳාම් කරන එඋන් තමයි ලෝකේ වැඩි මනෝජ් . ටී.වී රේඩියෝ බලනවට සල්ලි දීලා ,මිනිස්සුන්ගේ බැරි අමාරුකම් ලංකාවටම ඇහෙන්න විකාශය කරන්නේ ඒකනේ
Deleteඑකපාරට සීතල හුලඟක් ඇවිත් හිත ගැහෙන්න ගත්තා වගේ වුනා. හරිම අපූරුයි ඉවාන්...
ReplyDeleteම්........ මේ වගේ කතා සතියකට එකක් වත් ලියවෙන්න ඉවාන්ට වැඩිපුර නිවාඩු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. ;)
ස්තුතියි තුශානි....
Delete//""ම්........ මේ වගේ කතා සතියකට එකක් වත් ලියවෙන්න ඉවාන්ට වැඩිපුර නිවාඩු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. ;)""// හම්මේ අපේ බොසාවත් දකියි මේක... ..
මාරම කෝ ඉන්සිඩන්ට් එකක්.
ReplyDeleteමගෙ ගාව හිටපු ගෝලයෙක් පඩි වැඩිකරන්න ඉල්ලුවා කියලා බොසාට මල පැනලා ජොබ් එක එපා කරලා ගෙදර යැව්වා.. මිනිහ ගියා ගියාමයි වැඩි විස්තරයක් තිබ්බෙ නෑ.අන්න ඌ හෝටලේක වේටර් කෙනෙක් වෙලා ෆේස්බුක් එකෙන් හම්බුනා...
දැං උඹ කියපං මං මේ හිතේ තුවාලෙ කොහොමෙයි හොඳ කරගන්නෙ?
ජයවේවා..!!
මල කෙලියයි මහරජ කිව්වලු ... ඇත්තටම එහෙම සීන් එකක්ද ? එහෙනම් ඒ තුවාලේ හොඳ වෙන්නේ නෑ බං. ඒ විතරක් නෙවෙයි උඹ එක කිව්වට පස්සේ , මගෙත් හිත තුවාල වුනා
Deleteකථාව ඊයේ කියෙව්වේ.. යන්නං කොමෙන්ට් එකක් කොටන්න වෙලාවක් ලැබුනේ දැං...
ReplyDeleteසිද්දිය දුකයි... කතන්දරේ ඉහලයි..
හැමදේම අළුතින්ම පටන්ගමු...
ජ ය වේ වා !!!
යකඩෝ මෙන්න අපේ විදානේගේ එංගලන්තේ ඉන්න අයියා ඇවිත් , කොහොමද බං...විදානේයා දැක්කොත් කියපං මේ පැත්තේ ඇවිත් යන්න කියලා
Deleteජයවේවා !!!
සාදු …… සාදු …… !!!!!
Deleteකතාව කියවලා කමෙන්ට් කියවනකොට මට ඇතිවෙච්ච ප්‍රශ්ණයක් අහන්නද?
ReplyDeleteඅර ළමයා වඩා ගන්න එකට ඒ ජෝඩුවට කේන්ති ගිය එක ගැන සහෘදයෝ කීප දෙනෙක් විවේචනය කරලා තියෙනවා දැක්කා. මට ඒකෙ වරදක් පේන්නේ නැත්තේ මගෙ වරදක් නිසාද මන්දා. දැන් බලාපංකෝ ඔය හෝටලේ වහලේ යට සාමාන්‍යයෙන් සිද්ද වෙන දේවල්! ඒ එක්ක බැලුවාම, අමුත්තෙක් තමන්ගෙ ළමයව වඩාගන්න එකගැන කලබල වෙන එක සාධාරණ නැද්ද? අනික මේ දෙබස් ගැන බලමු.
"යාහ් ඉට්ස් බෙටර් ටු හැව් ඇට් ලීස්ට් දීස් ටයිප් ඔෆ් හොටෙල් ඉන් දිස් ඒරියා ...."
"හ්ම්ම්ම් බට් ලේට්ස් මූව් අවුට් ඈස් සූන් ඈස් පොසිබල් .... අයි ඩෝන්ට් ලයික් බබා ...."
මගේ දිහාට කාර් එකේ යතුර දික් කරගෙන ඉන්න මහත්තයව දැක්ක ගමන් මම ගැස්සිලා ගියා, මගේ දිහාට ඔරවපු මහත්තයා ."මොනවද බලන්නේ " කියලා ඇහුවේ මම නෝනා දිහා බලනවා කියලා හිතලා වෙන්න ඇති.
ඉතිං මූ weirdo කෙනෙක් කියලා හිතපු එක අසාධාරණ වෙන්නේ කොහොමද?
වඩා ගැනීම සහ අම්මයි තාත්තයි දෙන්නා කුපිත වීම සාධාරණීකරණය කරන්න් අමං ලියපු දේවල් කාටවත් නොතේරීම මගේ වරදක් වෙන්න ඇති කියලා හිතාගෙන ඉන්නකොට ඩූඩ් ගේ මේ කමෙන්ට් එක දැකීම මහත් සතුටක් වුනා . බොක්කෙන්ම තැන්කු ඩූඩ්
Deleteහොඳ කතාව ඉවාන්. ලංකාව ළමයෙක් එහෙම වඩා ගන්න එක හරි රස කැවිල්ලක් දෙන එක හරි සාමාන්‍ය දෙයක් වුනාට ඒක වැරදියට ගන්න මිනිස්සුත් ඉන්නවා. අපේ කොල්ලෙක් මම දන්නා කඩේක වැඩ කරා. අමාරුවෙන් කොහොම හරි ඇවිත්. වැඩ කලේ නිත්‍යානුකුලව නෙමේ. පොඩි ගෑණු ළමයෙක් කඩේට ආපු වෙලාවක මෙයා වැඩිපුර වගේ තිබ්බ ඇපල් ගෙඩියක් දීලා . මුට ඉරිසියා එකෙක් එතනම වැඩ කරපු අර ළමයාගේ අම්මට කියල දෙන්නම පොලිසියට කෝල් කරලා ඇවිල්ල අත් අඩංගුවට අරගෙන. දවස් දෙකකින් ලංකාවට යැව්වා නඩු නොදා. යාළුවන්ට අඩුම ගානේ ගෙදර තිබ්බ බඩු ටිකවත් දෙන්න බැරි වුනා . පොර හරිම අහිංසක ලතාවකට කතා කරන කොල්ලෙක්.
ReplyDeleteඔන්න ඉතිං හැබෑ ලෝකෙත් එක්ක මේ සිද්ධි ගැලපෙන හැටි , කොහොම වුනත් මේකතාව අභව්‍යයි කියලා ඇහෙන අතරේ , මේ වගේ සිද්ධියක් අහන්න ලැබෙන කොට හිතෙනවා හැබෑ ලෝකේ අපි නොහිතන කොයි තරම් දේවල් අහන්න දකින්න ලැබෙනවද කියල , ස්තුතියි අජිත් අයියා
Deleteමගේ ප්‍රශ්නේ ඒක නෙමේ. විනීතට හම්බ වුනු ලමයා කාගෙද? :P :D
ReplyDeleteඔයා බයවෙන්ට එපා හාමිනේ , මගෙනම් නෙවෙයි , ඔයාට මාව විස්වාස නැද්ද මෙයා :P
Deleteමේ කතාව කියෙව්වා . මම හැමදාම කැමති ඉවාන් හිතන්න බැරි අස්සක මුල්ලක තියෙන හොඳ ප්ලොට් එකක් කතාවට හොයා ගැනීම . ලියන එකනම් නොකඩවා කරගෙන යන්න. එතකොට ඔය පොඩි පොඩි අඩුපාඩු හරි ගිහින් හොඳ කෙටිකතා කාරයෙක් වුනෑකි . අර සතත අභ්‍යාසයද මොකක්ද එක හරි වටිනවා අපි හැමෝටම
ReplyDeleteතිලකයියා .. ස්තුති වේවා , දිගටම ලියන්න වෙලාවක් තමා නැත්තේ . සත්ත අභ්‍යාසය ගැන පොඩි කාලේ ඉඳන් අහනවා , එත් කරන්නේ නැති එක තමයි වරද ? අන්තිම මොහොතේ සබ්මිෂන් කරලනේ පුරුද්ද තියෙන්නේ :D
Deleteකතාව කියවලා කමෙන්ට් ටික කියවගෙන අවා විතරයි කොටන්න හිතාගෙන ආපු එවත් අමතක වෙලා ....කොම වුනත් කතාව කියවගෙන යන්න පුලුවන් කම්මැලි කමක් නැතුව .......
ReplyDeleteසහෝදරයා කාලෙකින්. ස්තුතියි මචෝ
Deleteසුපිරි. ඉඳල ඉඳල ලියල ගල් ගැහිලා යන කතාවක්. ඉවාන් අයියගෙ කතා ඉස්ටයිල් එකට හෙන කැමතියි මං. වැඩිය කල් ගන්නෙ නැතුව සතියකට දෙකකට සැරයක් වත් පෝස්ට් එකක් ලියන්න පුළුවන් නම් මරු ඈ.
ReplyDeleteජය වේවා!!!
සතියකට එකක් වත් ලියන්න හිතන් ඉන්නවා, එත් බැරිවෙනවනේ බං.. හි හි තැනකුයි හොඳේ
Deleteළමය එක්ක කොටස ටිකක් වෙනස් කලානම් කතාවේ තියෙන තේජස ඩබල් ට්‍රිබල්,, නියමයි අයියේ
ReplyDeleteඅඩෝ බතලි කොහෙද ගිහින් හිටියේ, එතන වෙනස් වෙන්න ඕන වගේ හැමෝම කියන හැටියට . බලමුකෝ .. තැනකුයි ඕමා
Deleteකථාව ඔක්කොම හොදයි...ඒත් රස්සාවෙන් අස් කරන්න හේතු වුන කාරණය ප්‍රායෝගික නෑ කියලා මට හිතෙනවා...සේවකයෙක්ව රස්සාවෙන් අස් කරන්න මීට වඩා ඒ ගැන සොයා බලනවා කියන තැන මම ඉන්නෙ. අර මැනේජර් ලොක්කා කාමරේට ඇවිල්ලා දොර වහන තැනින් නතර කලා නම් තවත් හොදයි කියලයි මගේ අදහස.
ReplyDeleteහොයා බලන්න ඕන උනාට එහෙම වෙන්නෙ නෑ.කට වචනෙට රස්සාව දීලා කට වචනෙන්ම නැති කරලා දානවා.මේක මෙහෙම වෙනවා.ඇත්ත යතාර්ථය මේක.ඒත් එක පක්ෂයක් වත් මේවා කතා කරන්නෑ.රජයේ සේවකයින්ගෙ පඩි වැඩි කරන්න විතරයි එයාලට සිහිය.(ඒකත් බාගෙට.)
Deleteසිරා - රස්සාවලින් අස් කරන්න අහෝයලා බලනවා කියන කතාව ලංකාවෙදිනම් ප්රයෝගුක නෑ කියලයි මට හිතෙන්නේ. හිටපු ගමන් දැන් පලයන් කියන එක තමා වෙන්නේ, අනික ලොක්කට හිතුනනම් අයින් කරන්න ඕන කියලා එකට හේතු ඕන නෑ. ස්තුතියි සිරා, සිරා දැන් බ්ලොග් බලන්න සතියට දවසයි ද ?
Deleteගස් ලබ්බා කියන එක හරි. මම හිතන්නේ මේ අත්දැකීමට එක වරක් හෝ මුහුණ දීලා තියෙන කෙනෙක් දන්නවා මොකක්ද තත්වේ කියලා
අසරණයා කවදත් අසරණයි. සමාජයේ ඇති අසාධාරණකම් සියුම්ව විමර්ශනය කරල ලියපු තවත් කතාවක්.
ReplyDeleteඉස්සර වගේ එන්න තරම් කාලවේලාව හොයාගන්න අමාරුයි. Blog post එකක් දාන්න ආව වෙලාවට දන්න කියන බ්ලොග්වලටත් ඔලුව දාලා යනවා.
ස්තුතියි තරු අක්කා .. කාලයක් සද්ද නැතුව ඉන්නකොට මම බැලුවේ මොකෝ මේ කියලා . කොහොම වුනත් අලුත් වැඩේට සුබ පැතුම් . ඉකමනින් පොත් දෙක එළිදකියි කියලා අපි බලාපොරොත්තු වෙනවා
Deleteපහත් තැනින්මයි ජලයත් ගලන්නේ
ReplyDeleteකොහෙත් එකවගේ බැලුවම සමයිනේ
එහෙත් නොකියා බැරි දේකුත් තියෙන්නේ
මහත් කරුම ඵලදෙනවා කියන්නේ
මේ ලෝකෙ හැම අතින්ම අසාධාරණයි බං, ඒකට හරියන හිත හයිය එවුන්ට විතරයි උඩට එන්න පුළුවන් වෙන්නෙ 🙄
ReplyDelete