Tuesday, March 8, 2016

මේ අපේ උදාර වූ මාතෘ භූමියයි





- ප්‍රහසනයෙන් තොර දිනය නාස්ති වූ දිනයකි


මෙසේ කියා ඇත්තේ එදා මෙදා තුර ලෝකයේ බිහිවූ විශිෂ්ටතම ප්‍රහසන ශිල්පියා වුනු චාලි චැප්ලින්ය .

නමුත් ශ්‍රී ලාංකිකයින් හැටියට අප කිසිවෙකුගේ දිනයක් නාස්ති වූ දිනයක් ලෙසට ගෙවෙන්නේ නැති බව මහත් අභිමානයෙන් කියා සිටීමට හැකියාව ඇත. 
නිදහසින් පසු සත්වන දශකය ගෙවා දමමින් සිටින අපි ඒ පිළිබඳව නිහතමානීව ආඩම්බර විය යුතුමය. 

ඒ මන්ද යත් ගෙවෙන හැම තත්පරයක් පාසාම පාලයින් සහ ජනතාව එකිනෙකාට නොපරදින ආකාරයෙන් විහිලු සපයමින් සිටින නිසාය. 
වසර දෙදහස් පන්සීයක ලිඛිත ඉතිහාසයක් සහිත අභිමානනීය ජාතියක වර්තමාන හැසිරීම මෙසේය. 

රාවණා ගේ මිනියට පන ලැබී සිංහලයා ලෝකය පාලනය කරන තුරුද ,රාවණාගේ පිහිටෙන් සක්වල ජය ගැනීමටද,  අපි බලා සිටින්නෙමු . එ අතරේ ගමට යන බස් රථය නොමැති වීම නිසා බස් හෝල්ට් වල රය පහන් කරන්නෙමු . බස් ගාස්තු ඉහල යාම නිසා හතර අතේ පලි ගහන්නෙමු . ඉන්ධන මිල , අඩු නොකරන නිසාත වාහන වල බදු වැඩි කල නිසාත් සිංහලේ ස්ටිකර් අලවාගෙන ඉන්දියානු මරුටියක් පදින්නට නොහැකි වීම ගැන පශ්චත්තාප වන්නෙමු .

දියසෙන් කුමරු පහල වී රට සමුර්ධිමත් කරන තෙක් අපි බලා සිටින්නෙමු . රසායනික පොහොර එපා කියමින් නාථ දෙවියන් සමග පෙලට වාඩිවී පිකටින් කරන්නෙමු, ඒ රසායනික පොහොරම රුපියල් 350 ඉල්ලා නැවත කෑ ගසන්නෙමු.

රුධිර පාරවිලයන කට්ටල නොමැති වීම නිසා වකුගඩු රෝගීන් මියැදෙද්දී දළදා මාලිගාව වටා කාර් රේස් පදින අයුරු රුසියානු ගණිකාවන්ට තුරුළු වී බලා සිටියෙමු .

ජාතික සංහිඳියාව ට කෙලවෙතැයි බියෙන් විල්පත්තුව වනසා දමා කාන්තාරයක් කරන තුරු අපි බලා සිටින්නෙමු . අල්ජ්සීරාවේ විපත්තුව ගැන ලෝකයටම හඬගා කියද්දී , ජනාධිපති පාරිසරික ඇමති කම දරද්දී සියල්ල පසෙක තබා බ්‍රෙසියර් එක ජාතික සංකේතය බවට පත් කරගත්තෙමු .

මහා දවල් බන්ධනාගාරය අසල ගැබිණි කාන්තාවන් මරා දමද්දී , බ්‍රා සංගීත ප්‍රසංගය සංවිධානය කල ක්‍රිකට් ක්‍රීඩකයන්ට මඩු වලිගෙන් තලන්නට කැස කවමු . හැබැයි ඊට පෙර ඒ සංවිධායක්යෙකුටම කතා කර හාෆ්ශීට් කොළ කෑල්ලක වත් නොලියා රැජිනිගේ රටේ තානාපති කම බාරගන්නැයි වැඳ වැටෙමු .

හිටපු සංස්කෘතික ඇමති ජිනා මැඩම්ගේ තිප්පලේදී පොලිසියට වැඳවැටෙමින් රෙද්ද ඇඳගනිද්දී , ඉන්න සංකෘතික ඇමති අලියාට බල්ටි ගසා මහින්දට බනිද්දි "කපල් එකක් යනු කුමක්ද" කියා නිර්වචනය කිරීමට ආචාර්ය උපාධි සහිත සිකුරුටි නිලධාරීන්ට බාර දෙමු  

කොටස් වෙළඳපල කඩා වැටෙද්දී ,විදෙස් ආයෝජන පහල වැටෙද්දී ,අපේ රබර් නිෂ්පාදන වල විශාලතම ගැනුම්කරුවා වන ඇමරිකාවේ වෙළඳපල අපට වැසී යාමේ තර්ජයක් තිබියදී විදේශ නියෝජ්‍ය ඇමති සමග ගොස් නිදහස් චතුරශ්‍රයේ පෙම් කරන්න දෙන්නැයි අහිංසක සික්කන්ට තග දමමු .

දෙස්පලුවන් මහජන මුදල් වලින් මවුන්ට් එලිසබත් යද්දී පලි ගසා, ඇස පනාපිට හොරකම් කර මාල හොරුන් , කෝටිපතියන් වනු බලා , විදෙස් ගමන් බලපත්‍ර දෙක තුන ඇතැයි කෝචෝක් දමා , මහා දවල් මහබැංකුව කොල්ල කෑවායයි කෑ ගසා මැතිවරණයේදී මනාප ලක්ෂ ගනනින ඔවුන්වම නැවත පාර්ලිමේන්තු යවමු.

ඇමති ලියුමකින් කථිකාචාර්ය තනතුරක් ගන්නට බලා හිඳ, පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙමු .

රජයේ විශ්ව විද්‍යාල වල දවසම පිකටින් නිසා සල්ලි දී පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ගොස් ඒවාට පිළිගැනීමක් දෙන්නැයි ඉල්ලා නැවත පිකටින් කරන්නෙමු .

කකුලද පියවුරද යන්න ගැන තැකීමක් නැතිව දකුණ වෙනුවට වමට සැත්කම කරමු , මොකක් කැපුවත් වෙළඳ ගිවිසුම් ගැන රජයට උපදෙස් දෙමු . 

ඔපෙරා ගැයීම ගැන අගමැති ,මාධ්‍යවේදීන්ට පංති පවත්වයි . මාධ්‍යවේදීන් රට කරවන හැටි අගමැතිට කියාදෙයි .  මව් ඇකයේ නිදාගත් විට ඒඩ්ස් බෝවෙන ආකාරය සොයා ගනිමින් අධ්‍යාපන ඇමති නොබෙල් ත්‍යාගය සඳහා සුදුසුකම් සපුරයි . 

චිකාගෝවේ මෙන් 1000 cc බයිසිකල් වලින් ගොස් ඇමති වාහන වල හප්පා ආතල් එකට දැඩි සත්කාර ඒකකයේ විවේක ගනියි . ඩිෆෙන්ඩර් දෙවියන් ගේ ආනුභාවයෙන් හිරු දෙව් දුව පවුල් ප්‍රශ්න සමතයකට පත් කරයි .

මේ සියල්ල අමතක කර මැච් එක බැලීමට TNL අල්ලන්ට වහලය උඩට නැග ඇන්ටෙනාව කරකවමු

ඒ මදිවට වෙන වැඩක් නැතිවාක් මෙන් අපිත් මේ ගැන බ්ලොග් පෝස්ට් ලියමින් ,කමෙන්ට් කරමින් සහ එකිනෙකාට බැන ගනිමින් අපේ අති පණ්ඩිත කමත් ප්‍රදර්ශනය කරමින් මේ ගොහොරුවේම ගිලෙමින් සිටිමු . 

ලෝකය ලංකාව රඟ මඩලකි , එහි සියල්ලෝම තමන්ට අයිති නැති චරිත රඟපාමින් සිටිති .


පෝස්ට් එකට දැමු කමෙන්ටුව ට මාතලන් දුන් පිළිතුර නිසා මම අදහස් කලේ කුමක් ද කියා කියන්නට සිත්වුනි 





101 comments:

  1. ඔහේ ඒකද රෂියන් නමක් අරගෙන ඉන්නේ?
    ;-)

    ReplyDelete
    Replies
    1. ඔය විදිහේ නමක් රෂියන් විය නොහැකියි කියල කොළඹ ගමයා ද කොහෙද දවසක් කිව්වා නේද

      Delete
    2. කොළඹ ගමයා විතරක් නොව ප්‍රාජේ උතුමාද කියා ඇත. ඇත්තටම මේ නම ලංකාවේ නිර්මාණයක්

      Delete
  2. ලංකාවේ වුන් බොලඳ නැහැ. දේශපාලකයො ටිකයි, රස්සාවට මාධ්‍ය කරන කට්ටියයි, බඩ බේරගන්න වර්ජනය කරන ටිකයි, කාලය වැඩියෙන් තියෙන අපි වගේ බ්ලොග් කාරයොයි, විතරයි බොලඳ. අනික් වුන් දවසෙ ගාන හොයාගෙන , මොනව හරි අරගෙන ගෙදර ගිහින්, ලමයින්ට කන්න දීලා, ගෑණි/මිනිහ එක්ක අස්සය ගෝං පාරක් දාල නිදාගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කොමලා අයින් කරාම ඉතුරු වෙන ටික දෙනාටත් ඉන්න දෙන්නේ නෑනේ දවසේ ගාන හොයාගෙන , ඒ ගානෙනුත් ගානකට කෙලිනවා මුන් ටික . අන්න වැට් එක 15% කරලලු

      Delete
  3. මුන් හොරු අල්ලන්න කියලා ඇවිල්ල පට්ට ආතල් දිදි ඉන්නේ...

    හැම එකාම ට්‍රයි මර්වින් සිල්වා වෙන්න...

    ReplyDelete
    Replies
    1. අන්න මතක්වුනා............අඩේ....................කෝ යකෝ මැරවියා? පව් හොඳ එකා, තම ස්වාමියාගේ සපත්තු ලෙවකාගෙන, ස්වාමියා දෙන කටු කාගෙන ඉන්න, නියම වර්ගයේ එකෙක්. බූල් හැලුනත් ස්වාමියාට ආදරෙයි.

      ව හ් හා ම මැරවියා සඟිස්කුරුත ඇමටි කොරනු.

      Delete
    2. පොර අන්න සිංදුවක් කියාගෙන ශපාන් එකේ ඉන්නවා.. අන්න මිනිස්සු.එයත් ගොඩ.පුතත් ගොඩ.එක්ස්ටසි හිඟයක් ගැන ආරංචියකුත් නෑ..

      Delete
    3. මර්වින් සිල්වාට ඇඩ්‍රස්සුත් නෑ දැන්

      Delete
    4. වීර විකුම් පෑ ජෙනරල් වැලන්ටයින් උතුමාණනි

      අවසර උඹ පිළිගන්නට මේ කීකරු බලු කුක්කට

      කලකට පෙර මියැදුණාට හතර රියනෙ වැළලුණාට

      උඹෙ උත්තම රාජකීය උණුසුම මට දැනෙයි තාම



      උඹේ සපත්තුව වැලඳ බදා _ උඹේ සබුක්කුවෙ පහර කකා//

      ගත කළ මනරම් සොඳුරු දිවිය ඒ - දෙවියනි මුන් අද කරති නිගා



      ඉරක් උදාවන්නේ කුමටා - අඳුර තමා මට පරම සැපා//

      ඒ ඝන අඳරේ කිරුළු දරන්නට - දෙවියනි මුන් අද කරති නිගා

      ජෙනරාල් වැලන්ටයින් උතුමාණනි, මං ඔබේ කීකරු බලු කුක්කා

      පැබ්ලෝ

      Delete
  4. අන්න මිනිහා.... ලංකාවේ හිටියානං අම්මපා ලිස්ට් එකෙන් හරි පාර්ලිමේන්තු යවන්න තිබුණා.......

    ReplyDelete
    Replies
    1. මිනිහට එච්චර විහිලු බෑ බං

      Delete
  5. ////ඒ මදිවට වෙන වැඩක් නැතිවාක් මෙන් අපිත් මේ ගැන බ්ලොග් පෝස්ට් ලියමින් ,කමෙන්ට් කරමින් සහ එකිනෙකාට බැන ගනිමින් අපේ අති පණ්ඩිත කමත් ප්‍රදර්ශනය කරමින් මේ ගොහොරුවේම ගිලෙමින් සිටිමු///

    අන්න ඒ කතාව නම් හරි තමයි. පෝස්ට් එකට ගැලපෙන කොමන්ටුවක් කොටන්නම සෑහෙන කාලයක් ගන්නවනේ.

    ReplyDelete
    Replies
    1. අනිවා ඕක වෙන් කවුරු හරි කියන්න කලින් කිව්වේ

      Delete
  6. පාලයින් සහ ජනතාව// එ් මක්කුද බං...
    මෙහෙ ඇවිත් හොරු සමඟ හෙළුවෙන්

    හොරු අල්ලනව කියල අවුරුද්දක් කෑව. ඉතුරු ටිකත් ඒ ටයියලෙනම කාල දායි

    කරුමෙ කියන්නෙ රෙද්ද ඇදං ගිහිං විවෘත කරන්නෙ මහිනදයගෙ කාලෙ පටං ගත්තුව
    ඒකත් උන්දැටම බැණ බැණ
    ජාත්‍යන්තරයට යයිද ආයිබොවං

    ReplyDelete
    Replies
    1. අපි හරි වෙනස් ඒ වෙනසට ගරු කරන්න

      Delete
    2. https://www.youtube.com/watch?v=AUCMtGXcLKY

      Delete
    3. මේ තියෙන්නේ ජාතික ගීය

      Delete
  7. මේ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සූ...කියන සින්දුව කොච්චාර නම් ගැලපෙනවද නේ...

    ReplyDelete
    Replies
    1. ඒක ඉතිං ජාතික ගීය නේ , ඇයි එහෙම නෙවෙයිද?

      Delete
  8. කතා කරලා වැඩක් නෑ මේවා ගැන. ලොකු ප්‍රශ්න දාහක් තියද්දි, එක පොඩි ප්‍රශ්නයක් දීලා දැම්මම ඔක්කොම ඒ පස්සෙන් දුවනවා. අන්තිමේ එකෙන් අයින් වෙලා බලද්දී, අර ප්‍රශ්න 1000ම පත්තු වෙලා ඉවරයි. මේ රට ආය හැදෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හා හා එහෙම කියන්න එපා , මේ අපේ උදාර වූ මාතෘ භූමියයි

      Delete
  9. මෙසේ ආත්ම ලැජ්ජාව වමෑරීම හැර අප වෙන මොනා කරන්නද පවුලූශා...
    නහය ගාවටම එරිලාය කියල ලොක්කා අද කිව්වේ නට නට....පටි තද කර ගැනීමට කාලය පැමින ඇත...
    අපි ඇහෙරෙමු....

    ReplyDelete
    Replies
    1. හොඳින් හරි නරකින් හරි රට හදනවා කිව්වේ , ඇහැරිලා වැඩක් නෑ , තව ටිකක් නිදාගමු

      Delete
  10. උඹ මේ ලිපියෙන් කරලා තියෙන්නෙත් ඒ මඩ ගොහොරුව තව ටිකක් කලත්තන එකම තමා...හැකියාව තියන එකේ, මේකට වැය කරපු කාලයයි ශ්‍රමයයි යොදවලා මොකක් හරි හොඳ නිර්මාණයක්, සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් හොඳ නිර්මාණයක් කලානම් ආන්න මඩ ගොහොරුවෙන් උඩට නෙළුමක් මතු වුනා වෙනවා....

    දැන් ඉතින් අපිට තියෙන්නෙ මේක කියවලා හොඳ මඩාචාරින් (Dude ©) ටිකක් වෙන්න තමා.. :D

    ReplyDelete
    Replies
    1. ඔව් එකනේ වෙන කවුරු හරි කියන්න් කලින් කිව්වේ අපිත් මේකෙම එරිලා ඔහේ ඉන්නවා කියලා .

      මඩාචාරීන් මාරු නම ඒක. සමාජය දැන් සංවෙදී නෑ බං. කළා නිර්මාණ වලින් පන්නරය ලබපු සමාජය මැරිලා ගොඩක් කල්

      Delete
  11. - ප්‍රහසනයෙන් තොර දිනය නාස්ති වූ දිනයකි -

    මෙක චැප්ලින්ගේ ඇඩ් එකක් කියලා හිතෙන් නැද්ද ? :D

    ReplyDelete
  12. ජ ය වේ වා ා!!!

    ReplyDelete
  13. කිව්වත් වගේ උඹත් කර තියෙන්නේ අපි නැවත නැවත අත්දකින දේවල් පෝලිම් ගස්සා ලිවීම නේද? මේ දේවල් කිසි දිනෙක ඉවර නොවන දේවල්ය.මේවට උත්තරත් ලිව්වොත් නේද අගය වැඩි?

    ReplyDelete
    Replies
    1. මේවට උත්තර ලියන්නේ හැලපයියා ජනාධිපති වෙලා මට ආර්ථික සංවර්ධන ඇමතිකම දුන්නු දාට තමා

      Delete
    2. අන්න ඉවාන්... ඒ පාර උඹත් අලුතෙන් විහිළු පැට්ටේරියක් දාන්නද හදන්නේ?? එක්කෝ ඇත්ත වෙන්නත් පුළුවන් මේ යන හැටියට!

      Delete
    3. යකෝ මේ ඉන්න ඇමැතිලාගේ හැටියට අපි හොඳ වැඩියි

      Delete
    4. හැලපයිය ජනාධිපති උනොත් මට ජනමාධ්‍ය ඇමතිකමවත් ගන්න පුලුවංවෙයි නෙහ්..

      Delete
    5. පුළුවන් , ලෝකයේ ප්‍රථම කතා නොකරන ජනමාධ්‍ය ඇමති

      Delete
  14. ලොකු ලොකු හොඳ දේවල් සිජ්ජවෙයි කියා බලාපොරොත්තු වූ කස්ටිය ඉච්චාබන්ගත්වයට පැමිණ මෙවැනි පොස්ට් කොටා මානසික විශාදියට ලක් වෙති!
    කිසිම දෙයක් වැඩිය ගනන් ගන්නේ නැතිව

    රාජා හෝ..
    මා හෝ...
    ගන්ගා හෝ

    කියලා උපේක්ශාවෙන් ඉන්න උත්සාහ කරමු අයිවන්!

    PS: උපේක්ශා ලඟදී නැවත කසාද බැන්ද නිසා මුදිතාවෙන් වත් ඉමු!

    ReplyDelete
    Replies
    1. ඔබේ සැප මගේ සතුටයි . උපේක්ෂා නැවත බැඳීම ගැන මමත් ශෝකෙන් ඉන්නේ සරෝ , සෙට්වෙලා ගහමු බෝතලයක්

      Delete
    2. හුටා ඒ උඹ උපේක්ෂා නෙවේනේ , උපේක්ෂ ස්වර්ණමාලි හෙවත් පබා අක්කි . උඹව ඉතිං ගස් බැන්දොත් තමා

      Delete
    3. අපි ඕවා කිව්වා කෝ තොපි ඇහැව්වද ඇහැව්වද? නෑ!!! චැප්ලින් නෙවෙයි දැන් ජොනි ලිවර් වෙලා හරි නැවතුණොත් මදැයි..
      උපේක්ෂව බඳින්න බෑ බං..ඒකිව ආංබාං කරන්න පුළුවන් සයිස් එකේගස් සේරම විල්පත්තු නානා කපලා! :P

      Delete
    4. දවසේ කියමන තනි තරුව. හැට්ස් ඕෆ්ෆ්

      Delete
    5. @ තනියා - හුටා .. කවුද බං එච්චර හරියක් දන්නේ ,

      Delete
  15. අප්පෝ ඔන්න මෙයත් පටං අරං

    ReplyDelete
    Replies
    1. ඇති යන්තං කමෙන්ට් එකක් දාලා

      Delete
  16. කාලයක් තිබුනා... ගස්ලබ්බ පොඩියි.ඒත් රට ගැන අම්බානකට කලකිරුනා... පස්සෙ පොඩි බලාපොරොත්තුවක් ආවා..ආයෙ නායකයො ගැන කලකිරුනා.ඒත් රට ගැන බලාපොරොත්තුවක් තිබුනා මිනිස්සු වැඩ පෙන්නපු නිසා.. දැං නං... හිනාවෙවී ගූ කන සීන් එකක් තියෙන්නෙ...ගූ තමයි..ඒත් කන්නෙ ගෑරුප්පුවෙන්.අවුලක් නෑ නෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. රට හැදෙනකන් බලං ඉඳලා ලබ්බ බහියි බං, ඔන්න ඔහේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලං හිටින්

      Delete
    2. //හිනාවෙවී ගූ කන සීන් එකක් තියෙන්නෙ...ගූ තමයි..ඒත් කන්නෙ ගෑරුප්පුවෙන්.අවුලක් නෑ නෙ..//
      පොඩි එකෝ රුපියල් විස්සක ඩෙල්ටා ගෙනෙන් මේ ලබු මාමාගේ කටේ දාන්න..:)

      Delete
    3. හා නැන්දේ ගෙනත් දෙන්නං :D

      Delete
  17. අඩේ අප්පා.... මම තියන තියන වෙඩිල්ලට ( ගල් පාරට) බේරෙන්න කියල එක එක කොටු වලට පැන්නා. පැනපු ගමන් ඊළඟ කොටුවේ තියෙන එකට ෂොට් එක ඊළඟ වාක්‍යයේ තිබ්බනේ බොලව්.... බලනකොට කොයි කොයි කොටුවෙත් ඩිංග ඩිංග මමත් හිටගෙන ඉඳල තියෙනවනේ ආඩවනේ.... එකක් අමතක වෙලා බොස්ට..
    ඒ තමයි යුද්දේ ඉවර කරලා 'අපි දැන් සාමකාමී රටක්, එකම ජාතියක්' කියපු කටින්ම දැන් 'සිංහලේ' කියනවනේ බොලව්! යුද්දේ ඉවර වෙච්ච ගමන් දැන් LTTE කියල ,ඉන්නේ රටට ආදරේ කරන උන් සහ ආදරේ නොකර උන් කියල කිව්වනේ??? මට වැරදිලාද නැත්තම් මටම වැරදිලාද? සමහර වෙලාවට ඒ දවස්වල තිබ්බ දෝන්කාරේට කගේ කන්දෙක 'කුං' ගානකොට වෙන එකක් ඇහෙන්න ඇති.. නෙහ්....

    අර විශ්වවිද්‍යාල ගැනයි, රාවනා ගැනයි, TNL අල්ලන කතාවයි... අම්මප මමත් ඔය ටික ඔය විදියටම කිව්වනේ හලෝ මගේ යාලුවෙක් එක්ක ගිය සතියේ.... හෙහ්.. හෙහ්.... ඒ උඹ නෙවෙයි නෙහ් ?

    ReplyDelete
    Replies
    1. //"'අපි දැන් සාමකාමී රටක්, එකම ජාතියක්' කියපු කටින්ම දැන් 'සිංහලේ' කියනවනේ බොලව්! යුද්දේ ඉවර වෙච්ච ගමන් දැන් LTTE කියල ,ඉන්නේ රටට ආදරේ කරන උන් සහ ආදරේ නොකර උන් කියල කිව්වනේ??"//

      අම්මප ඕයි මටත් ඔය ටික ඇහුනේ ඔහොමමයි , සමහර විට මගේත් කන්දෙක 'කුං' ගානකොට වෙන එකක් ඇහෙන්න ඇති..

      මගෙත් එක්ක තමා උඹ කිව්වේ ඇයි මතක නැද්ද , ඊට පස්සේ කිව්වේ පෝස්ට් එකක් ලියපං මේ ගැන කියල , කොහෙද දැන් මතක නෑ.

      දැන් කොහොමද උඹේ දෙවැනි කසාදෙ ? හුටා .... ඒ උඹ උපේක්ෂා නෙවෙයි නේ , සොරි ඈ :P

      Delete
    2. ඔන්න ඉතින් තරාදිය බරවෙනවා!
      ඇයි තොපි එක හඬින්ම කිව්වේ තොපි රටට ආදරේ නෑ, රට නැතත් යහපාලනේ තියෙන්ට ඕනය කියලා...:P

      Delete
    3. අපි එහෙම කිව්වද ? නෑඈඈඈඈ .... වෙන්න බෑඈඈඈඈඈඈඈ

      Delete
  18. වල්මත්වූවෝ - 1976

    මලින් මලේ රොන් පොපියන රඟන බඹර ජීවිතේ - කප් තුරු හිස දලු ලියලන නව යෞවන ජීවිතේ
    අපට උරුම නැත නාඩන් හදවත - අපට උරුම නැත නාඩන් හදවත

    තුරුනු පැතුම් හිසින් දරා මතු දවසට පෙරුම් පුරා - ඉපනැලි කටු කොහොල් තුලින් මග සොයනා ගමනේ
    මග සොයනා ගමනේ - කිදා බසින ජීවිතයට නැත කිසි පිලිසරනේ

    අරමුණු විසඳුමක් නැතේ අද පමනයි හෙටක් නැතේ - හිස් අහසට අත් ඔසවා අපිත් ඉරට හැඬුවා
    අපිත් ඉරට හැඬුවා - සා පවසට අනේ අපට කිරි එරුනේ නැතුවා
    සා පවසට අනේ අපට කිරි එරුනේ නැතුවා!!!

    ReplyDelete
    Replies
    1. වල්මත් වූවෝ මාත් බැලුවේ පේරාදෙණි AT එකේදී , හැබැයි ඒ 2005 විතර ,ෆිල් ෆස්ටිවල් එකකදී . ඔය දරස කියපු අත්දැකීම මමත් එහෙමම වින්දා, අද අපි ඔක්කොම වල්මත් වූවෝ තමා තිස්ස අයියේ .

      //"අපිත් ඉරට හැඬුවා - සා පවසට අනේ අපට කිරි එරුනේ නැතුවා"// හැමදාමත් අපිට එහෙම තමා

      Delete
    2. https://www.youtube.com/watch?v=8U8fTNhtU2o

      Delete
    3. සිංදුවා ඉන්නකන් මේ ගැන බයක් නැත

      Delete
  19. // වල්මත්වූවෝ - 1976 //

    කලාගාරයේ (AT) දී නැරඹුවෙමි.....

    සිරි වික්‍රමගේ(?) දිවි නසාගනු දැක දෑස් කඳුලෙන් තෙත් විය....
    එද හී චිත්‍රපටටය අවසානයේ සැවොම තුශ්නිම්බූතව පිටතට ආ හැටි....


    ReplyDelete
    Replies
    1. මමද නැරඹුවෙමි.ඒ රුපවාහිනියේ විකාශය වූ විටකය.සිරිල් වික්‍රමගේ තමයි සියදිවි නසා ගන්නේ.
      සමාජ ඛේදවචාකයක් සිනමාවට නගා තියෙන අයුරු අපුරුයි.තරුණ ජිවිත රැකියා විරහිත කමින් විනාශ වෙන අයුරුයි සිනමාවට ගෙන තිබුනේ.

      එදා 1976 සිට 2016 දක්වා අවුරුදු හතළිහකට පස්සෙත් එදා තිබ්බ සමාජ ඛේදවචාක තවමත් සමාජය තුල තිබීම අතිශය කණගාටුදායකයි.

      Delete
    2. සාරසටත් මනෝජ්ටත් ස්තූතියි කමෙන්ට් එකත් බ්ලොග් පෝස්ට් එකත් එකට ගැනීම ගැන...

      නායක කාරකාදීන්ට දර්ශනයක් නැතිවීම ලොකුම අවුල එක පැත්තකින්
      සුලු කාරණාවකදී පවා ඍජු තීරණ ගැනීම වැලක්වීමට අදාල නොවන කරුණු ගෝනි පිටින් අතෑරීම තවත් පැත්තකින් රැකියාවක් ලෙසම සිදු වෙනවා..

      අද තරුණයන් හරහායි හෙට නායකයන් බිහිවන්නේ - එදා තරුණයා වල්මත් වීම අද නායකයින්ගේ බොල්බවට හේතුවයි...
      අද තරුණයා වල්මත්වීම............................... :-(

      Delete
    3. //"නායක කාරකාදීන්ට දර්ශනයක් නැතිවීම ලොකුම අවුල එක පැත්තකින්"// මම හිතන්නේ නිඅහසෙන් පස්සේ නායකයොන්ට පෞද්ගලික න්‍යායපත්‍ර මිසක් දර්ශනයක් නම් තිබ්බෙම නෑ .

      අද තරුණයා වල්මත් වීම වෙලා ඉවරයි . හෙටවනවිට පාලකයින් පමණක් නොව පාලිතයින් පවා බොල් පිළිම බවට පත්වීමට සියලුම සුදුසුකම් සපුරලා

      Delete
  20. මීට සති දෙකකට විතර කලින් අර උඹගේ ඔලුවේ ලොකු කොන්කිරිට් පොල්ලක් වැදුනේ. ඒක තාම හරිගියේ නැතෙයි.. හැක්

    ReplyDelete
    Replies
    1. ගහලා ඉවරවෙලා දැන් අහනවා හරිගියාද කියලා , අම්මප ඩුප්ලිකේට් ප්‍රසන්නයෝ

      Delete
  21. මේක වල්මත් වෙච්චි සමාජයක්.

    රටේ ඉහළ සිට පහලටම අඩු නැතුව විහිළු නම් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. චාලි චැප්ලින් ලංකාවේ හිටියනං ජොබ්ලස් තමා

      Delete
  22. //සිංහලේ ස්ටිකර් අලවාගෙන ඉන්දියානු මරුටියක් පදින්නට //

    දෙහි මිරිස් ටෙක්නොලොජි එකේ ආරක්ෂක පද්ධතියක් හා ඩෑෂ් බෝඩ් එකේ පන්සලක් හෝ පල්ලියක් හා කන්නාඩියේ මල්මාලයක් සහිත බර්ගලර් එලාම් පද්ධතියක් සමග?

    ReplyDelete
    Replies
    1. ඒවා එල්ලන්නේ අර කාපට්පාරවල් වල විතරක් යන ලෑන්ඩ් රෝවර් වල විතරයි . හැක හැක

      Delete
  23. දැන්නම් යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙනවා වගේ නේද?

    ReplyDelete
    Replies
    1. බේරෙනවා විතරක්නම් මදැයි , පෙරෙනවා

      Delete
  24. මේක කොමෙන්ට් එකක් නෙවෙයි පොස්ට් එකටම එක්ස්ටෙන්ෂන් එකක්..

    ලංකාවේ තියෙන දුෂ්කරම ගම්, අඩුම පහසුකම් තියෙන පාසැල්, සවුත්තුම පාරවල් ආදී මෙකි නොකී සියලු අඩුපාඩුකම් මැද ඩිලාන් පෙරේරා නම් ඇමැත්තෙක් රුපියල් කෝටි එක හමාරක් 'ඩිලාන් පෙරේරා පදනමෙන්' වියදම් කරලා ගල් කන්දේ (රොක්හිල්) ගලක් උඩ 'දැවැන්ත බුදු පිළිමයක්' හදන්න යනවා.. තව අවුරුදු දහයකින් ඒ උන්නාන්සේත් එතනට ගිහින් මහන වෙනවා කියුවලු. සාදු..සාදු..සා...දු.. :p

    ReplyDelete
    Replies
    1. යකෝ ඌ තව අවුරුදු 10 ක් ජීවත් වෙන්න දැන් ඉඳලම ප්ලෑන් කරලද...
      අන්න මිනිස්සු...

      Delete
    2. පහුගිය කාලේ කට වාචාලකමෙන් ලොප් කරගත් ඡන්ද ටික එකතු කරගන්ට වෙන්ටැ ගේම! පව් අප්පා!

      Delete
    3. යකෝ...ඒ කියන්නේ තව අවුරුදු 10න් මූ නිවන් දකියිද.....නාලන්ද එල්ලාවල පවු බං.

      Delete
    4. උඹ දන්නවද කන්දකැටියේ ඉස්කෝලෙක තාවකාලික ගොඩනැගිලි වලට කවුදෝ පාහරයෙක් ගිනි තියලා , ළමයින්ගේ පොත් වාර්තා දෙස්පුටු ඔක්කොම අළු වෙලා , මේ සල්ලි ටික ඒ ඉස්කෝලෙට දුන්නනම් මූට හෙන ගහනවද ? හැබැයි හරීන් ප්‍රන්නන්දු ගිහිං ලක්ෂ දෙකහමාරක් දීලා , ඩිලාන් කියන්නේ බූරුවෙක් වෙන මොනා කියන්නද

      Delete
  25. ඒ අඩුපාඩු කම් ගැන කතාකරන අය ගෙදර තියලා මේ වගේ පිළිම හදන්න ඩිලාන් පෙරේරලා පාර්ලිමේන්තු යවපු අය සාදුකාර දෙනවලු "තවත් දැවැන්ත බුදු පිළිමයක් කියලා "

    ReplyDelete
    Replies
    1. එකනේ ජාතික ලැයිස්තුවෙන් හරි ගත්තේ

      Delete
  26. කමෝන් ඉවාන් කමෝන්...
    දැන් නාට්ටියේ හොඳම හරිය යන්නේ...
    ඔය ලිස්ට් එක ගොඩක් ඉක්මනට දික් වේගෙන එන කාලයක්...

    ReplyDelete
    Replies
    1. අනිවා...මුං ලිස්ට් හදනවා..අපි කමෙන්ට් කරනවා...රට බල්ලට යනවා...බල්ලෝ හෝල්සේල් එකේ රට යනවා...මේස් ගලවනවා ආයෙත් දානවා...ලුන්ට මූස් දේශයක්! ජහපලානයක්! මෙන්න තවත් එක් අමුඩ ගැසීමක්!:D

      Delete
    2. ලිස්ට් එක හැදුවොත් කරන මරි මෝඩ අමන වැඩ ගැන කියන්න ඉඩ මදි .ලොකුසං

      තනියෝ - මෙතන තියෙන්නේ ජහපාලනය විතරක් නෙවෙයි ආශ්චර්යයත් තියෙනවා .

      Delete
  27. මං ඉතින් කියන්ට ඕනි හරිය කිව්වා ආයිබොවංඩ...! ලංකාව විතරක් නොව බහුතරයක් ආසියාතික රටවල සුර-අසුර කියා දෙවර්ගයක් නැත...ඇත්තේ රේටිං හොඳ අසුරයෝ සහ රේටින් අප්සට් අසුරයෝය! දැන් අපි ඔය දෙවර්ගය අතර දෝලනය වෙමින් බයිලා ගසමු..ඒ අපේ හැටිය..සන්තෝෂය...අභිමානනීයය! බොට පිස්සුය! මටත් එහෙමය! :D

    ReplyDelete
    Replies
    1. ආදරණීය නේරංජනා

      ඔබේ ආදරණීය අප්පුච්චා මෙන්ම ඔබේ පරම හතුරු ශ්‍රීසේන ලොක්කා ඇතුළු දෙපැත්තට අදින සියලු ජහමනයාද මෙයට වගකිව යුතු බව මෙයින් දන්වා සිටිමි ....

      බොට නම් පිස්සු තමා ,මට පිස්සු නෑ යකෝ ... මට පිස්සු නෑ ...අම්මප ඕයි මට පිස්සු නෑ

      Delete
  28. රාවණා ගේ මිනියට පන ලැබී සිංහලයා ලෝකය පාලනය කරන තුරුද ,රාවණාගේ පිහිටෙන් සක්වල ජය ගැනීමටද, අපි බලා සිටින්නෙමු . එ අතරේ ගමට යන බස් රථය නොමැති වීම නිසා බස් හෝල්ට් වල රය පහන් කරන්නෙමු ////////////// sahathika athha

    ReplyDelete
    Replies
    1. රාවණා අපි ගැන දැනගෙනද කොහෙද ? මැරිලම ඉන්න එක සැපයි කිව්වලු

      Delete
  29. මේවා ගැන කතාකරන එකත් මම දකින්නේ අර විචා මාමා එළකිරි එකේ එවුන් එක්ක ගේම ඉල්ලනවා වගේ දෙයක් විදිහට.කිසිම ප්‍රයෝජනයක් නැති දෙයක්.මේවා කොච්චර ලිවුවත් ගෙවෙන්නේ අපේ වෙලාව විතරයි.ඊට වඩා හොඳයි චතුරිකා සිරිසේනව ප්‍රධාන අමුත්තා කරලා දහඅට සන්නියක් නටනවා.

    ReplyDelete
    Replies
    1. අටවෙනිදා ජාත්‍යන්තර චතුරිකා සිරිසේන දිනය සැමරුවා නේද ?

      Delete
  30. අපි ලියමි කියවමු වෙනසක් බලාපොරොත්තු වෙමු චන්දයත් මේ වගේම දෙමු ආයමත් ලියමු හ්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත , එක නෙවෙන්නම් නෝනේ මේ කොරන්නේ

      Delete
  31. මට මොකුත් මතක නෑ.

    මීට
    -දේශකයා-

    ReplyDelete
  32. /ඒ මදිවට වෙන වැඩක් නැතිවාක් මෙන් අපිත් මේ ගැන බ්ලොග් පෝස්ට් ලියමින් ,කමෙන්ට් කරමින් සහ එකිනෙකාට බැන ගනිමින් අපේ අති පණ්ඩිත කමත් ප්‍රදර්ශනය කරමින් මේ ගොහොරුවේම ගිලෙමින් සිටිමු ./

    මේ නිසා මං මොකුත් කියන්නෑ...

    ReplyDelete
    Replies
    1. උඹ මුකුත් කියන්නේ නැති නිසා මම උඹට රිප්ලයි කරන්නෙත් නෑ

      Delete

  33. හැක හැක හැක් ....!!!!

    ReplyDelete
    Replies
    1. කාටද හිනාවෙන්නේ , හිනා වෙන්න එපා බං , නළුවෙක් නෙවේ මොලයක්

      Delete
  34. මචෝ ඉවාන්. ඔන්න අපේ පටි තද කරල තිත්ත බෙහෙත් පොවන්නත් සෙට් කරලා දියවන්නාවේ අයගේ පටි ගලවල පැණිරස බෙහෙත් පොවන්ට යනවයි කියන්නෙ ඇහුනයි ? දැක්කයි? පට්ට නේ? අවුලක් නෑ අපි වගේ සිංහ ලේ තියෙන මැටි හරක් වූ මහා වංශයෙන් පැවත එන ගොන් ජාතියක් ඉන්නකන් උන්ට හොද්ද බොරයි හිටන්..!!!

    ReplyDelete
    Replies
    1. පට්ටයි කියන්නේ , රනිල් මහත්තයට දෙන්නන හිතෙනවා උම්මා එකක්. අනී ඉතිං අර නැති බැරි මන්තිරි උත්තමයෝනට වෙන කවුරු සලකන්නද

      Delete
  35. මම නම් මේ පෝස්ට් එක කියෙව්වේ නෑ...:P

    ReplyDelete
    Replies
    1. කියන බොරු? ඊයේ ඩිනර් ගද්දි මාත් එක්කමනේ බැලුවේ :P

      Delete
  36. අනේ ඉවාන් හොඳ කතාවක් ලියපන් බන්.. මේ බයිලා ටික පත්තර වලත් බලල ආයේ බ්ලොග් වලත් කියවන්න කම්මැලියි නේ...

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]