Wednesday, September 30, 2026

ආයු



කෑගල්ලෙ මොලගොඩ රත්නින්ද මොලගොඩ ගුරුන්නාන්සේ කියන්නේ කාලයක් ලංකාවේ මූර්ති ශිල්පයේ ප්‍රවීනයෙක් . පාරම්පරික මූර්ති ශිල්පියෙක් හැටියට එතුමාගේ මුර්තියක් නොතිබ්බ ප්‍රභූ නිවසක් ඒ කාලේ ලංකාවේ නොතිබ්බ තරම් .  පස්යාලේ ජාතික අනුරූ පාසලේ ආරම්භක ආචාර්යවරයෙක් හැටියටත් ප්‍රදේශයේ වගේම රටෙත් නම තිබ්බ පුද්ගලයෙක් .  එකට හොඳම උදාහරණය තමා ,  වේල්සයේ පදිංචි ශ්‍රීලාංකික ව්‍යාපාරිකයෙකුට හදපු පිලිමයක් ගැන පැහැදුණු ඒ පුද්ගලයා ගුරුන්නාන්සේගේ පුතාව එංගලන්තයට ගෙනල්ලා ලංඩනයේ  Morley College එකේ Modelling and Casting Wax Sclupture පාඨමාලාව කරන්න විතරක් නෙවේ වැක්ස්  ප්‍රතිමා නිෂ්පාදන ආයතනයක පුහුණුව සහ ලංකාවේ අවශ්‍ය පහසුකම් හදාගන්නත් අනුග්‍රහය දැක්වුවා. 

මොලගොඩ ගුරුන්නාන්සේගේ පවුලේ හතර දෙනයි ,  මොලගොඩ නෝනයි ,  පුතයි දුවයි .  සෑහෙන වයසට ගිහින් ගුරුන්නාන්සේ මිය යනකොට පුතා ශිල්පය තාත්තට වඩා හොඳට ප්‍රගුණ කරලා හිටියේ, ඒ සමගම Wax Sculpture හෙවත් සිංහලෙන් කියනවනං  ඉටිරූප. ඒවගේම  Fiber Sculpturre කලාව නිසා පුතා වෙනම වෙළඳපලක් හදාගෙන තිබ්බාකොටින්ම කියනවනං මේ පාරම්පරික කළා පවුලක් වුනාට සෑහෙන ධනවත් පවුලක්  , හැබැයි  තාත්තට තිබ්බ ඒ ප්‍රතාවත් පෞරුෂය පුතාට තිබ්බේ නෑ  කියන එක තමයි  හැමෝගෙම  අදහස. 

මෙතනින් එහාට කතාවේ මේ කොටස ආයු මොලගොඩ ගේ හඬින්ම ඇහුවමවත් උඹලා මේක විශ්වාස කරයි 

*******

මම ආයු මොලගොඩ , රත්නින්ද මොලගොඩ කියන්නේ මගේ තාත්තා .  ලංකාවේ වැක්ස් ස්කල්ප්චර් කලාවේ ඉහලින්ම ඉන්නේ මම කිව්වත් වරදක් නෑ .  ලංකාවේ මිනිස්සුන්ට විශේෂයෙන්  ධනවත් සහ රදළ කියන  මිනිස්සුන්ට පොඩි හීනමානයක්  තිබ්බා තමන්ගේ ප්‍රතිමාවක් හදාගෙන ගෙදර තියාගන්න , එයාලගේ පැලැන්තියේ අය එක්ක ඒක පෙන්නලා ඒ ගැන කතාකරන්න ,  අනික් එකා කරගත්ත එකට වඩා මගේ එක හොඳයි කියලා පෙන්නන්න , ඔය ලංකාවේ ඉහලම පැලැන්තියේ හැමෝම වගේ මගෙන් එහෙම තමාගේ වැක්ස් ස්කල්ප්චර්ස් කරගෙන තියෙනවා ,  හැබැයි එන්න එන්නම මගේ වැඩේ අමාරු වුනා මොකද අනික් එකාගේ එකට වඩා තමන්ගේ එක  හොඳින් හදන්න ඕන කියල ඔලුවට දාගත්ත  මිනිස්සු පොඩිම ඩීටෙල්  පවා ඉතාම තදින් බලන්න ගත්තා .  ඒ වෙනුවෙන් ඕනෑම ගානක් වියදම් කරන්නත් එයාලා පසුබට වුනේ නෑ .  

*******

මට දවසක් අමුතු සහ තිගැස්මක් ඇතිකරපු ඕඩරයක් ආව ,  අමුතු කිව්වේ එක අරගෙන ආවේ වර්තමාන ඇමතිවරයෙක් .  ඇමති කෙනෙක් මෙහෙම ඇනවුමක් දෙන එක සාමාන්‍යයි එත් මේ ඇවිල්ලා නාස්තිය දූෂණය සහ ධනවාදී අධිපරිභෝජන ජීවන රටාව ගැන දෙස් දෙවොල් තියන නිර්ධන කියාගන්න ඇමති කෙනෙක් .  මෙයට ඕන වුනේ ජීවමාන ප්‍රමාණයේ වැක්ස් ස්කල්ප්චර් එකක් දැනට ඉන්න ජනප්‍රියම නිළියකගේ ,  නිළිය තමා මගේ තිගැස්මට හේතුව, මගේ සිහින කුමාරිය , ඇය රිදී තිරයේ අහිංසකාවිය ,  පෞද්ගලික ජීවිතයේදීවත් දණහිසෙන් ඉහලට ගවුමක්වත් අඳින්නේ නැති සරල සුන්දරම නිළිය හැටියට රටම අඳුනගත්ත නිලියක් ,  ඇමතිගේ දුවත් ඊට වඩා වැඩිමල්. ඒ නිළියගේ බර්ත්ඩේ එකට ගිෆ්ට් එකක් , 

"සහෝදරයා මේ වැඩේ සම්පූර්ණ රහසිගතභාවය සුරකියි කියලා මම විශ්වාස  කරනවා"

" ඔව් ඇමති තුමා ,මම මීට කලින් මෙහෙම දේවල් ඕන තරම් කරලා තියෙනවා , ඒ ගැන කිසිකෙනෙක් කියනවා ඔබ තුමාට එහෙම ඇහිලා නෑනේ " 

"කාටද මල්ලි . . "

" එහෙම කියන්න බෑ ඇමතිතුමා සමාවෙන්න , ඔබතුමාගේ වගේම එයාලගේත් රහසිගත භාවය මම රකින්න ඕන "

"හ්ම්ම් . . හ්ම්ම් "  ඒ උත්තරේ ඇමතියා එච්චර කැමති වුන උත්තරයක් නෙවී ,  

"දැන් කොහොමද මේක කෙරෙන්නේ "

" මෙහෙමයි ඇමතිතුමා , මුලින්ම  මිස්ගේ ෆොටෝ ගන්නොන මූණේ ඉස්සරහ සහ පැති දෙකෙන් , ඊළඟට කැලිපර් එකෙන් ඔලුවේ පළල ,  ඇස අතර දුර සහ නහයේ උස පළල වගේ මෙෂර්මන්ට්ස් කීපෙකුත් ගන්න ඕන"

" අනේ පුතා ,  එහෙම බෑ ,  මේක සප්‍රයිස් එකක් . බැරිද ෆොටෝ කීපෙකින් ඕක කරගන්න "

විනාඩි කීපයක් ඇතුලත කොමියුනිස්ට්වාදී නිර්ධන ඇමති පෙම්වතා ඉදිරියේ මම සහෝදරයා ,  මල්ලි හරහා පුතා බවට රූපාන්තරණය වුනා . 

"ඒ වුනාට සර් එහෙමනං හරියටම  ගන්න බෑ ".  

"හරියටම හැම එකම ඕන නෑ බං ,  මම ඕක එක්ක බුදියගන්නේ නෑ .  බුදියාගන්න මට ඇත්ත එකී ඉන්නවා , මේක තෑග්ගක්"

ඒ ගමන බං . 

මිනිස්සු ඇයි මෙහෙම ප්‍රතිරූප නඩත්තු කරන්නේ ,  පටන් ගනිද්දී බොහොම බැරෑරුම් විදිහට සහෝදරයා කියල පටන්ගෙන අන්තිමට බං . 

අන්තිමට මම  ඉන්න තැනක ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් එක්ක සඟරාවකට ෆොටෝ   ෂූට් එකක් කරනවා  වගේ මට අවශ්‍ය  ඡායාරූප  ටික ගන්න එකඟ වෙලා කතාව ඉවර වුනා. 

*******

කොහොම වුනත් මට ඇමතිගේ අන්තිම වචන කනේ දෝංකාර දෙන්න ගතතා 

"බුදියාගන්න මට ඇත්ත එකී ඉන්නවා......"......බුදියාගන්න මට ඇත්ත එකී ඉන්නවා"

මේ කාලකන්ණි නාකියා මේ කියන්නේ   මගේ සිහින  කුමාරියගැන ,  මම හැමවිටම එකට ජීවත්වෙන්න ,  ලඟින් ඉන්න සිහින මවපු මගේම මංසලා ගැන. මේ සිද්දිය මගේ හිතට සෑහෙන වධ  දෙනවා ,  මේක බාරගන්නවද, බෑ  කියනවද කියලා හිතනකොටම ,   මුළු වියදම වගේ දෙගුණයක් කවර්  වෙන ඇඩ්වාන්ස් එකක් ට්‍රාන්සර් වෙලා කියන මැසේජ් එක ආවා ,  මම කරන්නම් . . මැරෙන්නයැ .

******* 

උඩුකයේ ලෝහමය සැකිල්ලට උණු කරලා මයික්‍රෝ ක්‍රිස්ටල්ලයින් වැක්ස් (Microcrystalline wax) වක්කරමින් මංසනාගේ මුහුණේ හැඩ හදද්දී කීප සැරයක්ම මට කඳුළු ආවා ,  මම මේ මගේ කුමාරිව වෙන නාකියෙකුට දෙන්න මෙච්චර මහන්සි වෙන්නේ ඇයි කියන වේදනාව මගේ මුළු ඇඟේම දුවන්න ගත්ත, ඡායාරූපයෙන් අනුමාන කල මිනුම් වලට අනුව ඇස් කුහර ,  කම්මුල් නාසය සහ යටි හනුව අඹලා ඉවරවෙන්කොටම වෙනදාටත් වඩා අනායාසයෙන් සර්වසම මුහුණක් එන බව මට අත්දැකීමෙන්ම තේරුණා.  

මේ නිර්මාණය කරන්න මට මේ සා අකමැත්තක් එන්නේ ඇයි කියන්න මට තේරෙන්නෙම නෑ .  එත් අකමැත්තට ප්‍රතිලෝමව සමානුපාතික වෙන විදිහට තමයි නිර්මාණය සිද්ධ වුනේ , අකමැත්තෙන් කරන නිර්මාණ කවදාවත් සාර්ථක නොවුනත් මේක එහෙම නෙවේ .  

සාමාන්‍යයෙන් ඡායාරූප වලින් බලාගෙන අඹනකොට තියෙන ලොකුම ප්‍රශ්නය තමා හමේ හැබෑ පැහැය ගන්න අමාරුවෙන එක , නමුත් Titenium white සහ Burnt Sienna මිශ්‍රණයේ දෙවෙනි සාම්පල් අනුපාතය සම්පූර්ණයෙන්ම ඒ සඳහා හොඳින්ම ගැලපුනා .  

සති තුනකට වඩා  නොනවත්වා වුන  මහන්සියෙන් අවසානයේ මට ඉතුරු වුනේ ඇයගේ ඇස් දෙකේ වර්ණ ගන්වන්න විතරයි  ,  

 ඇස් වල මූලික පාට,  පිටත තද වළල්ල ,  ඇතුලත ලප සහ ඇස්  බබාගේ සිට විහිදෙන නීලවර්ණ රේඛා සටහන් කරලා අවසන් වෙලා මම ඇය දිහා බලනකොට  මාව තිගැස්වමින් ඒ ඇහෙන කඳුලක් වැටිලා තවමත් නිරුවත් ඇගේ පියයුරක් උඩට වැටුණා .  

මම මගේ ඇස්දෙක පිහිදලා ආපහු බැලුවේ ඒ ඇත්තක්ද බලන්න ,  ඇත්තටම ඇය අඬනවා. මේක වෙන්න් පුලුවන් දෙයක් ද ,  මම නිදාගන්න ගියේ හොඳටම ව්‍යාකූල වෙලා ,  සාමන්‍යයෙන් මම වැඩක් බාරගත්තම ස්ටූඩියෝ එකෙන් පිටට යන්නේ නැහැ ඒක ඉවරවෙනකම් ,  මම නිදාගන්න ගිහින් කාමරේට වෙලා දොරවහලා නිදාගන්න තමයි උත්සාහ කලේ , 

*******

මට ටික වෙලාවකින් ඇහුනේ ඉකිගහන හඬක් ,  හෙමින් ආරම්භ වුන ඉකිගහන හඬ තරමක ඇඬුමක් බවට පත්වෙනවා මට දැනුනා ,  මම කාමරෙන් එලියට ආවා ,  ඇත්තටම මංසලා අඬනවා, එයාගේ ඇස් දෙකේ ලියවිලා තිබුනේ මාව කාටවත් දෙන්න එපා කියන ආයාචනය .  

එදා රෑ මංසලා මගේ ස්ටුඩියෝ නිදන කාමරේ මාත් එක්ක නිදාගත්තේ .  අවුරුදු තිස් පහකටත් වඩා කාලයක් අවදි නොවුණු හැගීම් මංසලා ඉදිරියේ අවදිවෙලා තිබුණා .  ඇයගේ එකම ඉල්ලීම වුනේ ඇයව කාටවත් දෙන්න එපා කියන එක .  මාසයකට ආසන්න කාලයක් ස්ටූඩියෝ එකෙන් එලියට නොයා සමවැදිලා හදාගත්  මගේ මංසලාව වෙන කාටවත් දෙන්න මටත් බෑ .  

තව දවස් කීපයකින් ඇමතියා එනවා, ඒත් මංසලාට පණ ඇවිත් කියලා දැනගත්තොත් ,  ඒ වගේද පණපිටින්ම මංසලාව දෙන්න වුනොත් , මට මැරෙන්න වෙන්නේ .   

මගේ ඊළඟ දවස් ටිකම ගෙවුනේ මංසලාට ගැලපෙන ඇඳුමක් මහන්න සහ එයා එක්ක කතා කරන්න මොකක්ද අපි කරන්නේ කියලා , අන්තිමට අපි දෙන්නම තීරණය කලේ පැනලා යන්න ,  මගේ මෝටර් හෝම් එකේ ගියාම තැනක් හොයාගන්නකන් අපිට නවතින්න්න  පුළුවන් ,  

හරියටම ඇමති එන දවසට  කලින් දවසේ රෑ  පැනලා යන්න ඕනේ කියලා අපි කතා වුනා.  

*******

මේ සිදුවීමෙන් පස්සේ ආයු ගැන ආරචියක් නැතිවුනා , කාටවත් ඒ ගැන හොයාගන්න බැරිවුණා , ඒකෙන් වැඩිපුරාම නොසන්සුන් වුනේ අමටියා ,  ඉතාම සාර්ථක පවුල් ජීවිතයක් පෙන්වන ඇමතිතුමාට සල්ලිවලට වැඩ ප්‍රශ්නේ වුනේ ආයු  අහුවුනොත් කියන දේවල් නවත්තනේ කොහොමද කියන එක.

මේ අතර මාධ්‍ය සාකච්ඡාවකදී 

"ඇමතිතුමා ප්‍රසිද්ධ මූර්ති ශිල්පියෙක්ව කේන්තියෙන් හොයන බව ආරංචි වෙනවා" 

"මම එහෙම එකක් දන්නේ නෑ ,  මම මොකටද කාවවත් හොයන්නේ" 

"ඔබේ මුදල් වංචා කල ලංකාවේ ප්‍රසිද්ධ මුර්ති ශිල්පියෙක්ව හොයන්නේ නැද්ද ?"

"නැහැ මට මොකටද?" 

"සමාජ මාධ්‍යයේ එහෙම කතාවක් යනවා එකයි ඇහුවේ "

"සමාජ මාධ්‍යට මොනව කියන්න බැරිද සංජීව , ඔය හැම එකම ඇත්තද එතකොට" 

කොහොම වුනත් ටික දවසක් යනකොට මේ සිද්ධිය වැඩිකාලයක් හංගගෙන ඉන්න බැරිවුනා ,  නමුත් තවම බොහෝ දෙනක් දැනගෙන හිටියේ ඒ මුදල් වංචාවක් බවත් මුදල් ලබාදුන්නේ ඇමතිවරයාගේ පිළිමයක් ඇඹීම සඳහා බවත් , නිර්ධන  නිර්ප්‍රභූ ඇමතිවරයෙකුට එය කෙතරම් සදාචාරසම්පන්නද යන්න ගැන ෆේස්බුක් හෑලි ,  මාධ්‍ය සාකච්ඡා සහ වෙනත් වැඩසටහන් වල පතුරු ගැහෙන්නට වුනා .

මේ අතර ඇමතිවරයා 

"ඔය ප * යා කොහෙන් හරි හොයාගනින් ,  සල්ලි ටික ඌ කෑවත් මට කමක් නෑ හැබැයි අරක අහුවෙන්න දෙන්නත්  බෑ .  ඌ ඒ ගැන කට අරින්න ඉතුරු වෙන්නත් බෑ . " 

*******

මේ කලබල  අස්සේ සතියක් විතර ගෙවුනා ,  දවසක් ෆේස්බුක් එකේ බර්ඩ් අයි නමින් ක්‍රියාත්මක ගොසිප් පිටුවක මේක පලවෙලා තිබ්බා 

මුදල් වංචාවක් පිළිබඳව පොලිසිය සොයමින් සිට ප්‍රකට මූර්ති ශිල්පී ආයු මොලගොඩ ඊයේ  උදෑසන හංවැල්ල ප්‍රදේශයේ රක්ෂිතයක් අසලදී ඔහුගේ පෞද්ගලික කැරවෑන් රථය සමග අත්අඩංගුවට පත්වී තිබුණා .  ඒ අවස්ථාවේ ඉතාම අපිරිසිදු වී සිටි ඔහු සමග තවත් කාන්තා රුවක ප්‍රතිමාවක් සහ තවම අනාවරණය නොවූ විශාල මුදල් ප්‍රමාණයක් සොයාගනු ලැබුවා , 

11.31 UPDATE 

කාන්තා මූර්තියේ මුහුණ ඔහු විසින් සම්පූර්ණයෙන් විනාශ කර තිබුණු අතර , තරමක සිහිමද ගතියෙන් පෙළුණු බවක් දක්නට ලැබුන ඔහු ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට මාරු කර හැර තිබෙනවා ,  

 NEXT DAY UPDATE 

බර්ඩ් අයි  අපගේ රහසිගත රෝහල්  ඔත්තුකරුගේ ප්‍රකාශය  

ආයු මොලගොඩ උග්‍ර මනෝව්‍යාධි කථාංගයකින් (acute psychotic episode) පෙළෙන බවට වෛද්‍යවරු සැක පළ කරනවා, නියම තත්වය පැහැදිලි කරගැනීමට තවදුරටත් රෝගියාව නිරීක්ෂණය කෙරෙනවා .  යම්කිසි අජීවී වස්තුවකට පණ  තිබෙන බව විශ්වාස කරමින් ඒ සමග කතාබහ කිරිමේ සිට  ඒ වස්තුන් සමග ලිංගිකව එක්වීම දක්වා මේ රෝගයයේ ලක්ෂණ දක්වන්න පුළුවන් ,  ආයුගේ කේස් එකේදිත් අපිට ඒ පිළිමය සමග ඔහු ලිංගිකව හැසිරෙන්නට උත්සාහ දරා තිබු බව පැහැදිලි වුනා .  

*******

මේ අතර ඇමති ආරක්ෂක අංශ නවාතැනේදී ,  කොස්තාපල් මුණවීර 

"මට ඒ පිළිමේ මූණ  කුඩු කරන්න හිතුනෙම නෑ  බං .  ඒ මූණ මංසලා වගේමයි ,  හිතාගන්න බෑ " 

No comments:

Post a Comment

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]