Wednesday, October 7, 2026

එක කුඩයේ යට




දැන් AI  තියෙන නිසා තමන්ගේ මැට්ටම් තම්මැට්ටම් කියලා අපිටම අපේ පදේට නටාගන්න  පුළුවන් , අපේ මෙලෝ රහක් නැති ගී පද වලට හරි හමන් සංගීතඥයෙක් තනු දාන්නේවත් , හරිහමන් ගායකයෙක් සිංදු කියන්නේවත්  නැති නිසා අපිම ලියලා SUNO  එකෙන් මියුසික් දාගෙන , චැටා කියල වීඩියෝ හදාගෙන අපිම අහනවා ,  උඹලටත් අස්සවනවා බැනුම් අහන්න හරි .

හන්තානේ පාමුල වැහි බීරම 
මං වින්දා තෙමෙමින් රෑ තනියම 
ඔබ එන්නට  ඉස්සර පෙර දවසක 
හද මැදුරේ කවුරුත් නෑ තනියට 

පින්නට වැස්සට අවුවට රස්නෙට
සීතල අරගෙන හමනා හුළඟට  
මේ කුඩයේ යට ඉස්සර හවසට
සත්තයි කවුරුත් නෑ මගේ තනියට

වැව රවුමේ හෙමිහිට ඇවිදිනකොට 
මාලිගාව ලඟ පත්තිනි දෙවොලට 
බහිරව කන්දේ ගනිද්දී පියගැට 
සත්තයි කවුරුත් නෑ මගේ තනියට 

කාලය යනකොට හෙමිහිට හෙමිහිට 
වැහිබීරම මැද කෝ අද  තනිකම 
වැව රවුමේ ආයෙත් ඇවිදින්නට 
එක කුඩයේ යට දැන් ඔබ ඇති මට   

No comments:

Post a Comment

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]