දැන් AI තියෙන නිසා තමන්ගේ මැට්ටම් තම්මැට්ටම් කියලා අපිටම අපේ පදේට නටාගන්න පුළුවන් , අපේ මෙලෝ රහක් නැති ගී පද වලට හරි හමන් සංගීතඥයෙක් තනු දාන්නේවත් , හරිහමන් ගායකයෙක් සිංදු කියන්නේවත් නැති නිසා අපිම ලියලා SUNO එකෙන් මියුසික් දාගෙන , චැටා කියල වීඩියෝ හදාගෙන අපිම අහනවා , උඹලටත් අස්සවනවා බැනුම් අහන්න හරි .
මං වින්දා තෙමෙමින් රෑ තනියම
ඔබ එන්නට ඉස්සර පෙර දවසක
හද මැදුරේ කවුරුත් නෑ තනියට
පින්නට වැස්සට අවුවට රස්නෙට
සීතල අරගෙන හමනා හුළඟට
මේ කුඩයේ යට ඉස්සර හවසට
සත්තයි කවුරුත් නෑ මගේ තනියට
වැව රවුමේ හෙමිහිට ඇවිදිනකොට
මාලිගාව ලඟ පත්තිනි දෙවොලට
බහිරව කන්දේ ගනිද්දී පියගැට
සත්තයි කවුරුත් නෑ මගේ තනියට
කාලය යනකොට හෙමිහිට හෙමිහිට
වැහිබීරම මැද කෝ අද තනිකම
වැව රවුමේ ආයෙත් ඇවිදින්නට
එක කුඩයේ යට දැන් ඔබ ඇත මට .
හිරිපොද වැස්සේ එකම කුඩය යට
ReplyDeleteතෙරපි තෙරපි අර යුවලක් යන හැඩ
මටත් ඔහොම ගිය හැටි මතකයි
මට හොඳ හැටි මතකයි
කියන්න වෙයිද දන්නෑ. හැක්..
එනිවේ සින්දුව ලස්සනයි.
මගේ එකට ආයේ ලෙඩේ හැදිලා මේක අප්ඩේට් වෙන්නේ නෑ ආපහු
Deleteදැං තියන හැටියට ඔහොම තමයි කරන්න වෙන්නේ. කොපිරයිට්වලට ගෙවන්න ඔනෙත් නෑනෙ!
ReplyDeleteඉස්සරහට අහන්න වෙන්නේ මෙහෙම සිංදු තමා,
Deleteබොගේ එකට කියලා ආයෙ අමුතුවෙන් හැදිච්ච උලව් ලෙඩේ නෙමෙයි. මේක බ්ලොගර් සිස්ටම් වයිඩ් තියෙන ලෙඩක්. සමාරුන්ගෙ පැයෙන් අප්ඩේට් වෙනවා, හුදීජන අපට පැය 7-13 අතර. එක -දෙක පෝස්ට් ආවෙම නෑ. 3 වෙනි එක "මේක පේනවද?" කියන එක ආවා.
ReplyDeleteමට මල පයිනවා සාන්ත , මොක හරි දැම්මම දුව දුව බලන්න ඕන එක අප්ඩේට් වෙලාද කියලා
Deleteඅඩේ මේක මාරයි නෙව?
ReplyDeleteමේක මාකට් කරගන්න විදිහක් තියනව නං, වයිරල් වෙන්න බොහෝ ඉඩ තියනවා.
එකම අවුල උඹට එහෙම ඕනෙ නෑ, නිකං දෙන්නයි ඕනෙ කියල දන්නවා. අපිත් බ්ලොග් ලියන්නෙ සල්ලි හම්බ කරන්න නෙමෙයි, කස්ටිය එකතු වෙලා ගම්මැදි හෑලි කියවලා, පොඩි අහින්සක ආතල් එකක් ගන්න නෙව? එහෙම අපටම නෙව, මේ අවලං ගූගලයා කෙලින්නෙ? 🤔😋💢😡
අන්න හරි බසු . ෆේස්බුක් එකේ මොනවා ලිව්වත් බ්ලොග් එකේ ලිව්වම තම නිකං ගෙදර ආවා ෆීලින් එක එන්නේ
Deleteමතකයි නේද German record produce - Frank Farian ව. පට්ට ටැලන්ටඩ් පොර. කටහඞත් දෙයියො දුන්නා වගේ. ඒත් ජනප්රිය වුනේ නෑ. මිනිහා මීටරේ. ලිව්වා සිංදු , ගායනාත් කලා. ඇක්ටර්ලා දාලා කියෙව්වා. ලෝක ප්රසිද්ධ වුන Boney M.
ReplyDeleteඒක පස්සෙ මාට්ටු වුනා. මේ යකා ආයෙම ඒ ගේමම දුන්නා කියහංකො - Milli-Vanilli. 😮😋🤣
පෝස්ට් එකක් ලියන්න වටින කතාව.
No Mercy එකත් පොරගේනේ
Deleteතාකසනේ ඇවිත් තියෙන දුර!
ReplyDeleteඔය ෆ්රී දෙන ඒවයින්නේ , සල්ලි දීලා ප්රෝ වර්ෂන් ගත්තනං මමර ගේමක් ගහන්න පුළුවන්
Deleteඋඹ මෙ අපෙ කැවුතු බාග වෙනුවෙන් ගහමරාගන්න ප්රවීන කලහ කාරයන්ට චැලේන්ජ් කරනවද හිටං ආ 😂😪😪
ReplyDeleteඋන් මට පෙන්නේ සිංදු කරන්නේ නැතුව වලියෙන්ම ජීවත් වෙයි වගේ
Deleteකෝ බන් සින්දුව ව මේ නිසඳස විතරනේ . ඒක මරු
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඔය උඩම පිංතූරයක් වගේ තියෙන එකේ "පෙනෙන/නොපෙනෙන" ප්ලේ බටන් එකක් තියනවා. ඒකට කෙටුවාම සිංදුව ප්ලේ වෙනවා.
Deleteඅපි ඉතිම් වටේටම "කොටන" පුරුද්ද නිසා මිසක්කා නැහ්නම් මටත් මිස් වෙනවා. මේක ලව්පූස්ගෙ වැරැද්ද. ඩුප්ලිකේට් පෝස්ට්/"පේනවද?" පෝස්ට් පිට පෝස්ට් දාලා, අහිම්සක ගමරාලාමිලාව නන්නත්තාර කරවන එකට.💢😡😋🤣😁
@අජිත් අයියා ඔය උඩ තියෙන පින්තූරෙට කොටලා බලන්න
Delete@ බස්සා - අජිත් අයියට නුහුගුනේ
Deleteවයසට යනකොට පෙනීම අඩුවෙනවා බොලේ
Deleteඇහුවා ඇහුවා , අඩේ නියමයි සාන්ත . මගෙත් පද පෙළක් තියන්ව් මොකෙන්ද කළා කිව්වේ ? මේකද -https://www.sondo.ai/?gad_source=1&gad_campaignid=24047327757&gbraid=0AAAABDa1NptL-S1bxhEAvTJgDX_LaECmU&gclid=CjwKCAjwoaLWBhAWEiwAnyitu9-VLCRAXKo9jImIUxYAi74-kbCpXAUdPXnJDyK_x4ODnJ5COtvyoxoCFqsQAvD_BwE
Deleteඅජිත් අයියා - SUNO AI = https://suno.com/auth/birthday?partial_token=c71df832ce204f65bd18335a5bdb4d2e&backend=google-token&redirect_url=%2F%3Futm_source%3Dgoogle%26utm_medium%3Dcpc%26utm_campaign%3D22357574290%26utm_term%3Dsuno%2520ai%26utm_content%3D824161739273%26wpsrc%3DGoogle%2520AdWords%26wpcid%3D22357574290%26wpscid%3D178266077924%26wpcrid%3D824161739273%26wpkwid%3Dkwd-2105142870610%26wpkwn%3Dsuno%2520ai%26wpkmatch%3De%26wpsnetn%3Dg%26gad_source%3D1%26gad_campaignid%3D22357574290%26gbraid%3D0AAAAA9pWpdv4DTNPv0JQ_TxHTlG7m91st%26gclid%3DCjwKCAjwoaLWBhAWEiwAnyitu7Ot0wXIg7MAxAqMzgXkehrjrxfquknnThvr0Mxv8J77YMg03livpxoCSH8QAvD_BwE
DeleteSUNO AI කියලා සර්ච් කරන්න , එතකොට එනවා , නැත්තං GOOGLE FLOW MUSIC එකෙනුත් පුළුවන්
Deleteඉවාන්, මගේ බ්ලොග් රෝලේ නම් ඔයාගේ බ්ලොගය අප්ඩේට් වෙලා.
ReplyDeleteතාක්ෂණ දියුණුව එක්ක තව මොන-මොනවා එයිද /වෙයිද?
කැරෝකේ වසංගතේ නිසා හොඳටම පීඩා විඳින හින්දයි එහෙම කිව්වේ. ගමටම ඇහෙන තරමට සද්දේ දාගෙන ඔහේ සිංදු මරනවා- බෙලෙක් කටහඬවල්වලින්- සතියකට දවසක් දෙකක්... මේ තාක්ෂනෙත් මෙලෝ රහක් නැති අයගෙ අතට ගියාම....
ඒවා පැත්තක තියෙද්දාවෙ.
ඔයාගෙ නිර්මාණය පට්ට ලස්සනයි- මොකක්දෝ ළගන්නා ගතියක් තියෙනවා, ආයෙමත් අහන්නට පොළොඹවන...
ජය වේවා!
ජය වේවා!? ෂුවර්ද?🤔
Deletehttps://www.youtube.com/watch?v=TTUQyEr-sg0
හොඳ වෙලාවට කෙමෙන්ට් එක ඉවරවෙනකන් කියෙව්වේ , නැත්තං මම හිතන්නේ තාක්ශනේ මෙලෝ රහක් නැති එකෙක් අතට ගියා කිව්වේ මට කියලා
Deleteබ්ලොග් එක පින්නට වැස්සට අවුවට රස්නෙට
ReplyDeleteසීතල අරගෙන හමනා හුළඟට අහුවෙලා
වැස්සට පින්නට හැදෙනා කැස්සට
Deleteතිප්පිලි තම්බලා බොනවා ඉඳ-හිට
මෙන්න නව නිපැයුම් , අප්පට සිරි
Deleteශා.. ලස්සන සින්දුවක්. D.G.M බස්සා ගේ කමෙන්ට් එකක් දැකලා තමයි මමත් අනවසරෙන්ම ඇවිල්ලා බැලුවේ. තරහා නෑ නේ.
ReplyDeleteඇත්තටම ලස්සනයි. සුබ පැතුම්.
මම
https://sithiwilimanpetha.blogspot.com
මම කලාවට එච්චර සංවේදී නැති අටවන මාටින් බස්සෙක්. එහෙව් මූකං බස්සෙක්ට bittersweet නොස්ටැල්ජියාවක් ගෙනාව සිංදුවක් මේක. කැමතිම කොටස, අර දෙවනි කෑල්ල. මට මතක් වුනේම බීටලයගෙ මේ කවි ටික:
ReplyDeleteසැගවුණ සිතුම්
මේ සිංදුවෙ ඩිරෙක්ට් ලින්ක් එකක් දිහං. මෙතන්ට එන්න දහ-අතේ කොටන්න එපැයි?