Thursday, October 8, 2026

එක කුඩයේ යට



දැන් AI  තියෙන නිසා තමන්ගේ මැට්ටම් තම්මැට්ටම් කියලා අපිටම අපේ පදේට නටාගන්න  පුළුවන් , අපේ මෙලෝ රහක් නැති ගී පද වලට හරි හමන් සංගීතඥයෙක් තනු දාන්නේවත් , හරිහමන් ගායකයෙක් සිංදු කියන්නේවත්  නැති නිසා අපිම ලියලා SUNO  එකෙන් මියුසික් දාගෙන , චැටා කියල වීඩියෝ හදාගෙන අපිම අහනවා ,  උඹලටත් අස්සවනවා බැනුම් අහන්න හරි .

හන්තානේ පාමුල වැහි බීරම 
මං වින්දා තෙමෙමින් රෑ තනියම 
ඔබ එන්නට  ඉස්සර පෙර දවසක 
හද මැදුරේ කවුරුත් නෑ තනියට 

පින්නට වැස්සට අවුවට රස්නෙට
සීතල අරගෙන හමනා හුළඟට  
මේ කුඩයේ යට ඉස්සර හවසට
සත්තයි කවුරුත් නෑ මගේ තනියට

වැව රවුමේ හෙමිහිට ඇවිදිනකොට 
මාලිගාව ලඟ පත්තිනි දෙවොලට 
බහිරව කන්දේ ගනිද්දී පියගැට 
සත්තයි කවුරුත් නෑ මගේ තනියට 

කාලය යනකොට හෙමිහිට හෙමිහිට 
වැහිබීරම මැද කෝ අද  තනිකම 
වැව රවුමේ ආයෙත් ඇවිදින්නට 
එක කුඩයේ යට දැන් ඔබ ඇත මට .  

31 comments:

  1. හිරිපොද වැස්සේ එකම කුඩය යට
    තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ
    මටත් ඔහොම ගිය හැටි මතකයි
    මට හොඳ හැටි මතකයි
    කියන්න වෙයිද දන්නෑ. හැක්..

    එනිවේ සින්දුව ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. මගේ එකට ආයේ ලෙඩේ හැදිලා මේක අප්ඩේට් වෙන්නේ නෑ ආපහු

      Delete
  2. දැං තියන හැටියට ඔහොම තමයි කරන්න වෙන්නේ. කොපිරයිට්වලට ගෙවන්න ඔනෙත් නෑනෙ!

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට අහන්න වෙන්නේ මෙහෙම සිංදු තමා,

      Delete
  3. බොගේ එකට කියලා ආයෙ අමුතුවෙන් හැදිච්ච උලව් ලෙඩේ නෙමෙයි. මේක බ්ලොගර් සිස්ටම් වයිඩ් තියෙන ලෙඩක්. සමාරුන්ගෙ පැයෙන් අප්ඩේට් වෙනවා, හුදීජන අපට පැය 7-13 අතර. එක -දෙක පෝස්ට් ආවෙම නෑ. 3 වෙනි එක "මේක පේනවද?" කියන එක ආවා.

    ReplyDelete
    Replies
    1. මට මල පයිනවා සාන්ත , මොක හරි දැම්මම දුව දුව බලන්න ඕන එක අප්ඩේට් වෙලාද කියලා

      Delete
  4. අඩේ මේක මාරයි නෙව?
    මේක මාකට් කරගන්න විදිහක් තියනව නං, වයිරල් වෙන්න බොහෝ ඉඩ තියනවා.

    එකම අවුල උඹට එහෙම ඕනෙ නෑ, නිකං දෙන්නයි ඕනෙ කියල දන්නවා. අපිත් බ්ලොග් ලියන්නෙ සල්ලි හම්බ කරන්න නෙමෙයි, කස්ටිය එකතු වෙලා ගම්මැදි හෑලි කියවලා, පොඩි අහින්සක ආතල් එකක් ගන්න නෙව? එහෙම අපටම නෙව, මේ අවලං ගූගලයා කෙලින්නෙ? 🤔😋💢😡

    ReplyDelete
    Replies
    1. අන්න හරි බසු . ෆේස්බුක් එකේ මොනවා ලිව්වත් බ්ලොග් එකේ ලිව්වම තම නිකං ගෙදර ආවා ෆීලින් එක එන්නේ

      Delete
  5. මතකයි නේද German record produce - Frank Farian ව. පට්ට ටැලන්ටඩ් පොර. කටහඞත් දෙයියො දුන්නා වගේ. ඒත් ජනප්‍රිය වුනේ නෑ. මිනිහා මීටරේ. ලිව්වා සිංදු , ගායනාත් කලා. ඇක්ටර්ලා දාලා කියෙව්වා. ලෝක ප්‍රසිද්ධ වුන Boney M.

    ඒක පස්සෙ මාට්ටු වුනා. මේ යකා ආයෙම ඒ ගේමම දුන්නා කියහංකො - Milli-Vanilli. 😮😋🤣
    පෝස්ට් එකක් ලියන්න වටින කතාව.


    ReplyDelete
  6. තාකසනේ ඇවිත් තියෙන දුර!

    ReplyDelete
    Replies
    1. ඔය ෆ්‍රී දෙන ඒවයින්නේ , සල්ලි දීලා ප්‍රෝ වර්ෂන් ගත්තනං මමර ගේමක් ගහන්න පුළුවන්

      Delete
  7. උඹ මෙ අපෙ කැවුතු බාග වෙනුවෙන් ගහමරාගන්න ප්‍රවීන කලහ කාරයන්ට චැලේන්ජ් කරනවද හිටං ආ 😂😪😪

    ReplyDelete
    Replies
    1. උන් මට පෙන්නේ සිංදු කරන්නේ නැතුව වලියෙන්ම ජීවත් වෙයි වගේ

      Delete
  8. කෝ බන් සින්දුව ව මේ නිසඳස විතරනේ . ඒක මරු

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔය උඩම පිංතූරයක් වගේ තියෙන එකේ "පෙනෙන/නොපෙනෙන" ප්ලේ බටන් එකක් තියනවා. ඒකට කෙටුවාම සිංදුව ප්ලේ වෙනවා.

      අපි ඉතිම් වටේටම "කොටන" පුරුද්ද නිසා මිසක්කා නැහ්නම් මටත් මිස් වෙනවා. මේක ලව්පූස්ගෙ වැරැද්ද. ඩුප්ලිකේට් පෝස්ට්/"පේනවද?" පෝස්ට් පිට පෝස්ට් දාලා, අහිම්සක ගමරාලාමිලාව නන්නත්තාර කරවන එකට.💢😡😋🤣😁

      Delete
    3. @අජිත් අයියා ඔය උඩ තියෙන පින්තූරෙට කොටලා බලන්න

      Delete
    4. @ බස්සා - අජිත් අයියට නුහුගුනේ

      Delete
    5. වයසට යනකොට පෙනීම අඩුවෙනවා බොලේ

      Delete
    6. ඇහුවා ඇහුවා , අඩේ නියමයි සාන්ත . මගෙත් පද පෙළක් තියන්ව් මොකෙන්ද කළා කිව්වේ ? මේකද -https://www.sondo.ai/?gad_source=1&gad_campaignid=24047327757&gbraid=0AAAABDa1NptL-S1bxhEAvTJgDX_LaECmU&gclid=CjwKCAjwoaLWBhAWEiwAnyitu9-VLCRAXKo9jImIUxYAi74-kbCpXAUdPXnJDyK_x4ODnJ5COtvyoxoCFqsQAvD_BwE

      Delete
    7. අජිත් අයියා - SUNO AI = https://suno.com/auth/birthday?partial_token=c71df832ce204f65bd18335a5bdb4d2e&backend=google-token&redirect_url=%2F%3Futm_source%3Dgoogle%26utm_medium%3Dcpc%26utm_campaign%3D22357574290%26utm_term%3Dsuno%2520ai%26utm_content%3D824161739273%26wpsrc%3DGoogle%2520AdWords%26wpcid%3D22357574290%26wpscid%3D178266077924%26wpcrid%3D824161739273%26wpkwid%3Dkwd-2105142870610%26wpkwn%3Dsuno%2520ai%26wpkmatch%3De%26wpsnetn%3Dg%26gad_source%3D1%26gad_campaignid%3D22357574290%26gbraid%3D0AAAAA9pWpdv4DTNPv0JQ_TxHTlG7m91st%26gclid%3DCjwKCAjwoaLWBhAWEiwAnyitu7Ot0wXIg7MAxAqMzgXkehrjrxfquknnThvr0Mxv8J77YMg03livpxoCSH8QAvD_BwE

      Delete
    8. SUNO AI කියලා සර්ච් කරන්න , එතකොට එනවා , නැත්තං GOOGLE FLOW MUSIC එකෙනුත් පුළුවන්

      Delete
  9. ඉවාන්, මගේ බ්ලොග් රෝලේ නම් ඔයාගේ බ්ලොගය අප්ඩේට් වෙලා.

    තාක්ෂණ දියුණුව එක්ක තව මොන-මොනවා එයිද /වෙයිද?
    කැරෝකේ වසංගතේ නිසා හොඳටම පීඩා විඳින හින්දයි එහෙම කිව්වේ. ගමටම ඇහෙන තරමට සද්දේ දාගෙන ඔහේ සිංදු මරනවා- බෙලෙක් කටහඬවල්වලින්- සතියකට දවසක් දෙකක්... මේ තාක්‍ෂනෙත් මෙලෝ රහක් නැති අයගෙ අතට ගියාම....

    ඒවා පැත්තක තියෙද්දාවෙ.
    ඔයාගෙ නිර්මාණය පට්ට ලස්සනයි- මොකක්දෝ ළගන්නා ගතියක් තියෙනවා, ආයෙමත් අහන්නට පොළොඹවන...
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ජය වේවා!? ෂුවර්ද?🤔
      https://www.youtube.com/watch?v=TTUQyEr-sg0

      Delete
    2. හොඳ වෙලාවට කෙමෙන්ට් එක ඉවරවෙනකන් කියෙව්වේ , නැත්තං මම හිතන්නේ තාක්ශනේ මෙලෝ රහක් නැති එකෙක් අතට ගියා කිව්වේ මට කියලා

      Delete
  10. බ්ලොග් එක පින්නට වැස්සට අවුවට රස්නෙට
    සීතල අරගෙන හමනා හුළඟට අහුවෙලා

    ReplyDelete
    Replies
    1. වැස්සට පින්නට හැදෙනා කැස්සට
      තිප්පිලි තම්බලා බොනවා ඉඳ-හිට

      Delete
    2. මෙන්න නව නිපැයුම් , අප්පට සිරි

      Delete
  11. ශා.. ලස්සන සින්දුවක්. D.G.M බස්සා ගේ කමෙන්ට් එකක් දැකලා තමයි මමත් අනවසරෙන්ම ඇවිල්ලා බැලුවේ. තරහා නෑ නේ.
    ඇත්තටම ලස්සනයි. සුබ පැතුම්.
    මම
    https://sithiwilimanpetha.blogspot.com

    ReplyDelete
  12. මම කලාවට එච්චර සංවේදී නැති අටවන මාටින් බස්සෙක්. එහෙව් මූකං බස්සෙක්ට bittersweet නොස්ටැල්ජියාවක් ගෙනාව සිංදුවක් මේක. කැමතිම කොටස, අර දෙවනි කෑල්ල. මට මතක් වුනේම බීටලයගෙ මේ කවි ටික:

    සැගවුණ සිතුම්

    මේ සිංදුවෙ ඩිරෙක්ට් ලින්ක් එකක් දිහං. මෙතන්ට එන්න දහ-අතේ කොටන්න එපැයි?

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]