Friday, April 19, 2013

චිකේයියා බෝලේ

ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන භාග්‍යමත් එකක්ම වේවා කියලා හැමෝටම පතමින් වැඩේ පටන් ගන්නයි යන්නේ ඔන්න....!

අලුත් අවුරුද්දේ මතක උනේ ඉස්කෝලේ යන කාලේ සිද්ද උණු කතාවක්, ( කින්ඩියට හිනාවෙන්න එපා බොලව් අපිත් ඉස්කෝලේ ගිය කොල්ලෝ හරිය) 

අපිට පොඩි ලෙඩක් තිබුනා ඒ කාලේ , මොකක්ද දන්නවද? ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර යන්න බැරි ලෙඩේ. ඉතිං අපි කරන්නේ ඉස්කෝලේ අරුණු වෙලේ ඉඳං අපේ ජාතික ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවෙන එක. ,( ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් කියලා ඒ ක්‍රීඩා සංගමේ සභාපතිතුමාවත් දන්නේ නෑ මයේ හිතේ) හැබැයි ටෙනිස් බෝලෙන් හොඳේ

ඉතිං හවස තුන හතර වෙනකොට මේ ක්‍රීඩාව සඳහා ඉස්කෝලේ වටපිටේ ඉන්න ගමේ කොලු රෑනත් එකතුවෙන එක සාමාන්‍ය සිද්ධියක් වගේම කව්රුවත් ඒකට විරුද්ධ උනේ නෑ.

අපේ ඉස්කෝලේ තමයි බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය ,මේ තියෙන්නේ අපේ ඉස්කෝලේ පිට්ටනිය 



මේ අතර හිටියා පොරක් නම රාජයියා ,අයියා කිව්වට ඒ දවස වල පොරට වයස අවුරුදු 44 ක් විතර වුනා (අපි එතකොට අවුරුදු 15, 16 හුජ්ජ කොල්ලෝ) රාජයියා වැඩකලේ බදුල්ල ඩිපෝවේ (බස්) මොකක්දෝ හේතුවකට මිනිහගේ රස්සාව නැතිඋනා , හේතුව මිනිහා කිව්වට අපි ඇහුවෙත් නෑ, අපිට තේරුනෙත් නෑ, තේරුම ගන්න ඕනෑකමක් තිබුනෙත් නෑ, කොහොම උනත් ඒක දෙයක් නම් අපිට පැහැදිලිවෙලා තිබුනා, ඒක තමයි මිනිහගේ රස්සාව නැතිඋනේ අපේ කරුමෙට කියලා. මොකද මිනිහා සෙල්ලමට ආපු හැමදාම මිනිහා තමයි ඕපන් බැට්මන් & ඕපන් බෝලර්, තව මිනිහා ෆීල්ඩින් කලෙත් මිනිහට ඕන තැන, 

ඉතිං අපේ තාත්තලාටත් වඩා වයස අයියා එක්ක එකට ඒක කියන්න බැරි නිසාත්, කිව්වත් මිනිහා ගණන නොගන්න නිසාත් , කියලා මිනිහගෙන් කන මිරිකාගන්න බැරි නිසාත් අපි මිනිහට සියලු ඉල්ලීම් දීලා ඉවසගෙන හිටියා.

අපේ පිට්ටනියේ එක පැත්තක මායිම් උනේ මහා පාරට , පිට්ටනිය තිබ්බේ පාරට පහලිං , ඉතිං මේ පාර අයිනට වෙන්න ලොකු කොන්ක්‍රීට් බැම්මක් තිබුනා මෙන්න මේ වගේ 

ඔය රවුම් කරලා පෙන්නලා තියෙන්නේ ඒ බැම්ම , රාජඅයියා ගොඩක් වෙලාවට ෆීල්ඩින් කලේ එතන, මිනිහා කරන්නේ එතන ඔය පේන ලයිට් කණුවට හේත්තු වෙලා සිගරට් එකක් බොන එක

එතන ෆයින් ලෙග් කියා කියා මිනිහා එතනටම යන හේතුව මට තේරුනේ පොඩ්ඩක් නාඩි වැටෙන කාලේ අහම්බෙන් වගේ එතන ෆීල්ඩින් කරනකොට ක්ලාස් ඉවර උණු අක්කලා ටිකක් එතන උඩ පාරෙන් යනකොට , මොකද ඒ කාලේ අක්කලා ඇන්දේම ගවුම්, නැත්තම් සායවල්, ඉතිං පාරේ යට පැත්තේ ඉඳං උඩ බැලුවම ෆයින් ලෙග්ම තමා.

ඉතිං ඕක නෙවෙයි කතාව,, කට්ටිය කට ඇරන් හිටියා මෙතැන කොටු කොටු කතාවක් අහන්න,

දවසක් ක්‍රිකට් මැච් එකක උද්වේගකර අවස්ථාවක් , අවසන් පන්දුවේ ජයග්‍රහණයට ලකුණු 3 ක් ලබාගන්න තියෙනවා, පන්දුවට පහරදෙන්නේ ඇති දක්ෂ මන්දගාමී පිතිකරු මංතුමා ,

ඔන්‍න‍ විනිසුරු පසුකරමින් පන්දුවක් එවනවා, මංතුමා අති දක්ෂ ලෙස ස්වීප් පහරක් එල්ල කරනවා, පන්දුව ඇදී යනවා ෆයින් ලෙග් කලාපයට , 

කෝ මේ පන්දු රකින රාජයියා ?

"රාජයියා බෝලේ , බෝලේ "

 "මොන මගුලක් කරනවද අනිත් පැත්ත හැරිලා "

 මෙන්න ඒ ගමන පොර අනිත් පැත්ත හැරිලා ඉන්න ගමන්ම බෙල්ල විතරක් හරවලා පිට්ටනිය පැත්ත බලනකොට තමයි  තම දෙසට ඇදී එන පන්දුව දැක්කේ,

"හුටා යකෝ බෝලේ "

ක්ෂණිකව අනිත් පැත්ත හැරුණු රාජයියා කකුලෙන් බෝලේ නැවැත්තුවා , වම් කකුලේ වැදුණු බෝලේ කැරකිලා දකුණු කකුලේත් වැදිලා කකුල් දෙක මැද්දේ නතර උණා, ඉක්මනට බෝලේ ඇහිඳ ගත්තු රාජයියා බෝලේ බෝලර් දිහාට විසිකලා , මෙන්න බෝලේ බෝලේ එනවා පන්දු යවන්නා දිහාවට මෙන්න මෙහෙම 
වතුර විදගෙන, යකෝ බෝලේ කාණුවට වැටුනෙත් නෑ, බලාගෙන ඉන්න එවුන් බඩවල් අල්ලං බිම පෙරලි පෙරලී හිනා වෙනවා,
ඒ  අස්සේ රාජයියා කුණුහරුප වැලක් ඇදබානවා, කොල්ලෝ හූ කියනවා,

බලද්දී  වෙලා තියෙන්නේ මේකයි, ඇත්තටම බෝලේ එනකොට රාජයියා ඉඳලා තියෙන්නේ මෙහෙම

හදිසි අවශ්‍යතාවයකට ප්‍රතිචාර දක්වමින්, බෝලේ ගන්න හදිස්සියට මිනිහා වැඩේ නවත්තන්නේ නැතුව වැඩේ වෙද්දීම බෝලේ කකුලෙන් නවත්තලා , බෝලේ කකුල් දෙක මැද නැවත්තෙද්දී රාජයියාගේ මහා සුළුදිය ගංගාවෙන් බෝලේ නෑවිලා , ඒ බෝලේ තමයි මිනිහා ඒවා පිටින්ම ආපහු විසිකරලා තියෙන්නේ,

බෝලරයා බෝලේ අල්ලනවා තියා පැත්තවත් නොබලාදුවපි බෝලේ ඇඟේ වදී කියලා, අපි ඒ අතරේ ලකුණු තුනම දිව්වා කිසි අව්ලක් නැතුවම, කොහොම හරි රාජයියාගේ ශරීර කෘත්‍යය නිසා අපි මැච් එක දිනුවා,

ඒ උනාට දවස දෙකතුනක් උඩ බලං ඉන්න උණා මොකද ක්‍රිකට් ගැහිල්ලත් නැවතුනා ඊට පස්සේ, සල්ලි එකතුකරලා බෝලයක් ගන්නකන්, අපි නම් අල්ලයි අර බෝලේ,

යන්තං  දවස් දෙකකට පස්සේ බෝලයක් අරන් අවා,

"වෙච්ච නෝන්ඩියේ හැටියට රාජා කාරයා අයෙත් පැත්තේ එන එකක් නෑ."

"ඒක හොඳයි බං නිදහසේ සෙල්ලම් කළහැකි"

 " මල්ලී මම බැටින් ආ............................."

 "ආ................................................!"

"මෙන්න යකෝ වෙච්ච දේ ගානක්වත් නැතුව මේ හූ.......ගේ පුතා අදත් ඇවිත්"

21 comments:

  1. ඒ කාලේ අක්කලා ඇන්දේ ගවුම් කියලා කිව්වේ. දැන් බදුල්ලේ කෙල්ලෝ හෙළුවෙන්ද යන්නේ.

    ReplyDelete
    Replies
    1. හිකිස්‌..! මාර දේවල් නේ හිතන්නේ චීයා , මාර වල්,.... නැහැ ඒ කාලේ කලිසම් ඇන්ද කෙල්ලෝ හිටියෙම නැති තරම්, දැන් ඉපදුනු දවසට පහුවදා ඉඳලම අඳින්නේ ජීන්ස් නේ,

      Delete
  2. ඊට පස්සේ රාජයියා බෝලේ හේදුවේ නැද්ද :D

    (මාව ෆලෝ කරලා තිබුනට මේ බ්ලොග් එක හොයා ගන්න බැරුව හිටියේ. ඒකයි පරක්කු වුනේ මේ පැත්තට එන්න.)

    ReplyDelete
    Replies
    1. බෝල හෝදනවා තියා කවදාවත් බෝලයක් ගන්න සත පහක නොදීපු පොරක් එයා,
      ( මේ පැත්තට ඇවිත් ගියාට ස්තුත්යි,)

      Delete
  3. හික් හික් පට්ට සිද්දිය.ඔය වගේ චරිත මෙහෙත් ඉන්නවා සහෝ!

    ReplyDelete
    Replies
    1. කොහොමත් හැම ක්‍රිකට් පොට් එකකම වගේ ඔහොම ඩයල් එකක් දෙකක් ඉන්නවාම තමයි. නිශෝ

      Delete
  4. හකස්...පට්ට ඕයි :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හක්ක පටස්ද කියන්නේ , කියලා වැඩක් නැත.

      Delete
  5. ඌ තාම ඉන්නවද

    ReplyDelete
    Replies
    1. ඉන්නවා ඉන්නවා , දැන් මිනිහා ඉස්කෝලෙම සිකුරිටි , දැන් හැබැයි ක්‍රිකට් ගැහිල්ල නැවතිලා ,මිනිහා ඒ ජොබ් එක හොඳට කරනවා කියලයි, ළමයි සහ ගුරුවරු කියන්නේ.

      Delete
    2. මොකද මචෝ උඹ ලඟදි පොස්ට් දැම්මේ නැත්තේ, මොකක්වත් නෑ නේ ඩොන්ගල් දෙයියාගෙන් පස්සේ, එක්කෝ දාන එව්වා අපිට පෙන්නේ නැද්ද මන්දා,

      Delete
  6. බ්ලොග් අස්සේ සැරිසරද්දී හොඳ post එකක් තියෙනවා දැකල නැවතුනා. අපූරැ අත්දැකීම. බෝලේ විදුලි වේගෙන් එන සිද්ධීයත් එක්කම යොදල තියෙන පිංතූරෙ දැක්කම නම් හිනා නොවී ඉන්න බැරි උනා.

    ReplyDelete
    Replies
    1. ඒක වෙච්ච වෙලාවේ දැක්කා නම් හිනාවෙලා මැරෙනවා, බොහොම තැන්කු මේ පැත්තටත් තරු පෑව්වාට , ආයෙත් එන්න

      Delete
  7. හෙක්...හෙක්..මාර සිද්ධිය...

    අදමයි මම මේ පැත්තේ ආවේ...

    බ්ලොග් පෝස්ට් වැඩේ නියමෙට දෙයි වගේ...

    සුභ පැතුම් සහෝදරයා...

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා මේ පැත්තට ආවාට සහ සුබ පැතුමට ,සිද්දිය නම් කියලා වැඩක් නෑ, එතන හිටපු එවුන් අදත් හිනා වෙනවා.

      Delete
  8. සිත් ගත් පෝස්ටුවක් වගේම ලස්සන පිංතුර සෙට් එකක්... අදයි මේ පැත්තට ආවේ.

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා නලීන් අයියා, බක් මහා උළෙලේදී ඔයාව අඳුනා ගත්තාට වැඩිය කතා කරන්න බැරි උනානේ,කමක් නෑ අඳුනා ගැනීම ලොකු සතුටක්

      Delete
  9. යකෝ මූත් රජ පොරක්නේ! බෝල ඔහොම හෝදනවයි කියන්නේ...ලේසි පහසු වැඩක්ද! ;)

    ReplyDelete
    Replies
    1. එකනේ බං කියන්නේ,පොර ගානට පොඩි ෂොට් එකකුත් හැමවෙලේම දාලා ඉන්න නිසා,පොරට ඕවා නතින් ,

      Delete
  10. උඹේ කතා සෙට් එක මරු බං. මම මේ පරණ ඒවා කියවනවා.

    ReplyDelete
    Replies
    1. එල කිරි , ඔක්කොම කියවලා බලන්නකෝ. තැන්කු වේවා.

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]