Sunday, September 29, 2013

කිරුල රජුන්ගෙයි .......




කිරුළ රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි  You Tube
කිරුළ රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි  MP 3 සින්දුව බාගන්න


විරෝධාකල්ප ගීත වලට අනූව දශකයේ ඉතා ඉහල ඉල්ලුමක් තිබිණි. එසේම ඒ සඳහාම වෙන් වූ නිර්මාණකරුවන් ,කලාකරුවන් ,ගායකයන් ජනතාවට අවශ්‍ය උද්දීපනය ඇතිකරලීමට උත්සාහ කලෝය. 1994 වසරේදී පවතී රජය බලයෙන් පහකර දමාලීමට මොවුන් සුවිසල් කාර්යභාරයක් ඉටුකලෝය.

නමුත් එය සැබෑ ජනතාවාදී සටනක්ද යන්න ප්‍රශ්නකාරී වූයේ එම සටනේ පුරෝගාමීන් වූ කළාකරුවන් බොහෝදෙනෙක් ඉන්පසු ලැබූ වරදාන හා වරප්‍රසාද නිසාය.

කලාකරුවන් හිඟන්නෝය යන  ප්‍රකට කියමන සැමදා එසේම සත්‍ය විය යුතුය යන්න අප අදහන්නේ නැත. නමුත් සාධාරන වැටුපක් ,ගෙවීමක්, සහනයක්, පිළිගැනීමක් මෙන්ම උසස් ජීවන තත්වයකට එහා ගිය සිවිල් බලයක් සහිත කෘතීම සත්වයෙකු වීමට ඔවුන් අතරින් බොහෝ දෙනෙකු උත්සාහ කල අන්දමත් ඒ මතින් තමන්ගේ ප්‍රතිවාදීන් මර්ධනයටත් අසරණ භාවයකට ලක් කිරීමටත් දක්නට ලැබුණු විට එකල බොහෝ දෙනෙකු කලේ සැබෑ ජනතාවාදී සටනක් දැයි සිතේ.

ඒ කාලයේදී මෙන්ම අදද සෝමතිලක ජයමහ යනු , ලක්ෂ ගණන් ගීත ගයා නොමැති, ගීතය හෝ සංගීතය නිසා කෝටිපතියෙකු නොවූ ඉතාම සරල මිනිසෙකි.
 ඔහු ගීතයෙන් විප්ලව කරන්නට උත්සාහ කලේ නැත, ශ්‍රී ලාංකීය සංගීතය ජාත්‍යන්තරයට ගෙනයාමට උත්සාහ කලේ නැත, නව රිද්ම , නනස්ටොප් වලින් වැඩ දැම්මේද නැත.

එසේ වුවත් ඉතාම සරල පදමාලාවන් මෙන්ම ,සරල සංගීතයක් ඔස්සේ ඔහු ඉතාම ආකර්ශනීය ලෙස සාමාන්‍ය ජනතාව මෙන්ම ප්‍රබුද්ධ මනසද ආමන්ත්‍රණය කළේය. එහෙත් ඔහු ශ්‍රීලාංකීය සංගීතයේ හිමිකරුවෙකු මෙන් හැසිරී නොමැති නිසාත් ඔහු සාමාන්‍ය පන්තියේ මිනිසෙකු වීම නිසාත්, ඔහුගේ ගීත වල දිව උළුක් වෙන ,උගුරේ හිරවෙන වචන නොතිබූ නිසාත් ,කොටින්ම කියතොත් සරල වූ නිසාම මේ තරම් දීර්ඝ කාලයක් තුල ඔහුට ලැබිය යුතු ප්‍රචාරය කිසිදු රාජ්‍ය. පුද්ගලික මාධ්‍ය ආයතනයකින් ලබා දුන්නේද නැත.

කෙසේවෙතත් මේ සටහන් ඔහුගේ එක ගීතයක් පිලිබඳවයි. රඹුක්කන සිද්ධාර්ථ හිමියන් අතින් ලියවුනු මේ ගීතය අද කාලයට කොතරම් ගැලපේදැයි සිතා බැලීම වටී .

එදා නීරෝ රෝමය ගිනි ගද්දී වීනා වැයුවාය යන්න අපි සිහිපත් කරන්නේ අපේ මව්බිම ගිනිගද්දී අපිම වීණා වයමිනි.

වරදවා වටහා නොගන්න .... මේ කියන්නේ මහින්ද රාජපක්ෂ බලයෙන් පහකළ යුතු බව නොවේ. මේ ආණ්ඩුව ගෙදර යවා අලි, ගිනිසිළු, සීනු හෝ කුරුටුගාමී ආණ්ඩුවක් පත්කලයුතු බව නොවේ.

දිනෙන් දින අප වෙලාගන්නා සමාජ ,සංස්කෘතික , අධ්‍යාපනික හා දේශපාලනික උවදුරු ගැන නෑසූකන්ව සිටීම ගැනයි. ඒ දේවල් ගැන ජනතාව නැසූ කනවා සිටිද්දී රට කරවන්නන්ද තම කිරුල රැක ගැනීමට පමණක් උත්සාහ කරමින් සැබෑ ජනතා වුවමනාවන්,යටපත් කරගනිමින් සංදර්ශන පවත්වමින් සිටින අයුරු ගැනයි.
 රජුන්ට ජනතාව සැබෑ ව්‍යසන වලින් ගලවා ගන්නට අවශ්‍ය නැතිවා මෙන්ම ජනතාවද තමුන් වලේ වැටී ඇති බව නොදැන සිටීමයි.

අසා බලන්න ..........................

කිරුල රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි //
බරණි බරට පිරි මැණික් දිලෙන රට
රැකුනොත් මිස රන් කිරුළක් කොහිබෙද
කිරුල රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි

චණ්ඩ නපුරු සාගරේ ගිලෙන් නැව් බලන්
අපිත් එහෙම ගිලෙනවාද කඳුලු පොදී බැඳන්
මව්බිම ගිනිගන්නවා අපි වීණා වයනවා

කිරුල රජුන්ගෙයි .......

අනතුර දැක ඇස් පියාන ඉන්න  රඟ බලව්
පෙරහෙලදිව සිරිත නොවෙයි හිතාලා බලව්
මව්බිම ගිනිගන්නවා අපි වීණා වයනවා

කිරුල රජුන්ගෙයි .......

50 comments:

  1. ඒ කාලේ හෝ ගාලා විරෝධාකල්ප ගී ලියපු සුනිල් ආරියරත්න උන්නැහේ දැන් මහාචාරිය වෙලා තමන්ගේ වියදමෙන් පිළිම අඹා පූජා කිරීමේ මහා පුණ්‍ය 'කරුමයකට' අත ගහලා. එදා විරෝධාකල්ප ගී ගයපු නන්දා මාලනී අද 'අනේ මන්දා නාලනී' වෙලා ආගිය අතක් නැහැ. අතේ සල්ලි ඉවරවෙනකොට මොකක්හරි පරණ සින්දු ටිකක් ගහලා සල්ලි හොයාගෙන ඉන්නවා. මේ දෙන්න 1989 - 90 කාලේ දකුණු ඉන්දියාවේ ගතකරපු මධුසමය දැන් ප්‍රසිද්ධියේම ගතකරනවා වගේ.

    ReplyDelete
    Replies
    1. හෑ... බොලේ අපි දන්නෙ මොනවද කියලා හිතුනා මේ කමෙන්ටුව දැකලා..

      Delete
    2. ඇත්තටම විචාරක මහත්තයෝ ඔය කතා කනින් කොනින් අහලා තිබුනට මෙච්චර විස්තරයක් දැනන් හිටියෙම නෑ .

      Delete
    3. @ සිරා - මටත් හිතුනේ ඒක තමයි

      Delete
    4. මම මගේ ප්‍රකාශය කරේ වගකීමෙන් යුක්තවයි.

      Delete
    5. @විචාරක........මමත් මේ ගැන අහලා තියෙනවා......මගේ ලඟම ඥාතීන් ඔය කාලේ හිටියේ මදුරාසියේ රැකියාවක නිරතවෙලා. ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ඇඟිලි නොගසන අතර විචාරකගේ කතාව මමද අසා ඇති බව නැවතත් කියමි.

      Delete
    6. ඒකාලේ හිටපු මගේ පංතියේ හුඟක් අයට මම ෂොට් එක දුන්නා. දැන් මම විතරයි මගේ පංතියේ. නන්දා මාලනී රට පැන්න නිසා අහු උනේ නෑ. මගේ පංතියේ හිටියනම් මම විතරයි. දැන් උන්දලාගේ මධු සමය හොයනවා. හැබැයි 89 මරපු අහිංසකයින් ගැන කිසිම වගකීමක් අපිට නෑ. 71 දී පෝෂණය කරලා, 89 වාසි බලා ගේම් දුන්න එවුන් තව දහස් ගානක් එක්ක සැට් උනා. කන්නේ බොන්නේ ඒ අහිංසක මිනිසුන්ගේ ජීවිත වලින්. පට්ටම් ගත්තා, පඩිය වැඩි කොර ගත්තා, සභාවේ ඉස්සරහින්ම පුටුවක් ලැබුනා.
      මාතලේ මීනී වල ගැන එහෙම සද්ද නෑ.
      දැන් බොල් පිළිම එක්ක තමයි ජීවත් වෙන්නේ. 71 ත් මම හොඳ කකුලක්.

      - 89 සූපර්මෑන් කෙනෙකුගේ යටි හිතේ කකියන කතාවක්.

      @ඉවාන්
      තමන්ගේ පැවැත්ම සඳහා අහිංසක මිනිසුන් කී දෙනෙකු යට ගිය අතීතේ සිට මේ දක්කවා මැරුවද. අදටත් මරනවා. කිසිම දේශපාලනයක් නොකරපු මිනිසුන් කී දෙනෙක් මැරුවද. තූ විතරක් එහෙමත් මිනි මරුවෝ.
      පස්සේ කියනවා උන්, අනේ අපිට පොඩි වැරැදීමක් උනේ කියලා.
      එකේ ලඟදී උන ආසන්න සිද්ධීය තමයි, වැලිවේරිය.

      Delete
    7. //මම මගේ ප්‍රකාශය කරේ වගකීමෙන් යුක්තවයි. //
      ඊට අමරව,
      මාගේ රැකියාව, තත්වය, බඩගෝස්තරය රැක ගැනීමට උර දුන් සියලු ජන නායකයන්ට කෘතගුණ සැලකීමක් වශයෙනි.

      Delete
    8. මචං ඉවාන්,
      ඔය සමහරු දන්නේ නන්දා මාලනී, සුනිල් විතරයි රට පැන්නේ කියලා. ඒ එක්ක තව කලාකාරයෝ කී දෙනෙක් රට ගියාද, ගිහින් කළේ මොකද කියලා එකෙක්වත් දන්නේ නෑ.
      මීයෙක් මී කතුරකට අහු වෙලා පන රැක ගන්න දඟල දඟල ඉන්නවාලු.
      ඒක බලාගෙන ඉන්න මී විකාරද පොරක් කියනවා, අන්න අරූ ආතල් එකේ පොල් කෑල්ක්ක කනවා කියලා.

      ඉවාන් අහලා නැද්ද, එච්වඩ්ගෙත් සිංදු තියෙනවා. තව සූරිය කන්ද කැසට් එක. එදා උන්නු පප්පලා ඒ මීනී එක්කම ඒවත් වලලලා දැම්මා. පවනත් වැලලුවා. නමුත්, නන්දා මාලනී ඒ පවන වැලලෙන්න දුන්නේ නෑ.

      Delete
    9. එඩ්වඩ්ගෙ සිංදුවක් මමත් අහලා තියෙනවා. මතක නෑ. රේඩියෝවේ ඕව යන්නෙත් නෑ.

      Delete
    10. @ ka Kalaya - එඩ්වඩ්ගේ සිංදු ටික, සූරියකන්ද මාත් අහලා තියෙනවා. හැබැයි මචෝ උඹේ පලවෙනි සහ දෙවෙනි කොමෙට් එක මේකත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා මට තේරුනේ නෑ , ඇත්තටම සොරි

      Delete
    11. මේක බලන්න ඉවාන්
      http://arugeadaviya.wordpress.com/2013/09/04/%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB-4-%E0%B6%A0%E0%B7%9A-%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F/#comment-718

      Delete
  2. ඇයි අපි නන්දා මාලනි කපුගෙ ගැනම හිතන්නෙ .අලුත් අය එන්නෙ නැ මෙ ආර්තික ක්‍රමෙට එ වගෙ සින්දු කියන්න.පරන අයට එන්නත් බැ .එයාලත් කන්න අදින්න ඔනනෙ.ඉතින් එයාල එදා කරපු දෙටවත් ස්තුති කරමු.සින්දුව ඇහුවෙ අද මචන්

    ReplyDelete
    Replies
    1. එයාල එදා කියපු කරපු දේවල් තමයි අදත් මතක් තියෙන්නේ. එත් මට හිතෙන එඉදිහත සැබෑ ජනතා මෙහෙවර මෙතනින් නවත්තන්න පුලුවන් කියලා හිතන්න බෑ, අනික අද කාලේ එහෙම ඒවා ප්‍රසිද්ධ චරිත වලින් බලාපොරොත්තු වෙන්නත් බෑ , උපදේශක කමක් අරන සැපෙන් ඉන්න එක එයාලට ඊට වඩා වටිනවා .

      Delete
  3. ඇත්ත නන්දා මාලනීලා දැන් විරෝධාකල්ප ගී නොවේ ප්‍රශස්ති ගී ගයන තත්වෙට පත් වෙලා.
    ඒත් එයාලගෙ 'පිලිම නෙලා නැති විරුවන්, ‍යදමින් බැද විලංගු ලා, රට කරවන්ට නම්' වැනි ගීත එයාලටම අමතකයි වගේ.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත. නන්දා මාලිනීලා විතරක් නෙවෙයි බොහොමයක් අය එතෙනට පත් කරලා . දුෂිත ක්‍රමයේ කොටස්කාරයෝ වුනාම කාටත් වෙන්නේ ඒ ක්‍රමයට විරුද්ධව කට අරින්න බැරිවීම.

      Delete
  4. සල්ලි , සැප සම්පත්, යස ඉසුරු, ඉහටත් උඩින් ලැබෙන කොට කව්ද අප්පා රජට විරුද්දව යන්න හිතන්නේ

    ReplyDelete
    Replies
    1. එකෙන්ම ...මේ තත්වය රජයකට ,විතරක් නෙවෙයි ආයතනයකට වුනත් පොදුයි. වරදාන වරප්‍රසාද වලට ගිජු වුනාම එතැනිනි එහාට ජීවිතේ එක තමයි.

      Delete
  5. එහෙම එකෙක්වත් ඉස්සරහට එන්න බයයි.. මතකනේ මන්දනාට වෙච්ච දේ.. එයා කළාකාරයෙක් නෙමෙයි.. ඒත් ඉතින්....

    ReplyDelete
    Replies
    1. මන්දනා ට වෙච්ච එක නලිය ටත් වෙයි ද මන්ද...??

      Delete
    2. @ මාතලන් - එහෙම එකෙක්වත් එන්නේ නෑ. මොකද එහෙම ඉස්මතුවෙන්න හැදුවොත් ඉතාම් ජනප්‍රිය චරිතයක් නොවෙයිනම් ආයේ හිරුඑළිය දකින්න වෙන්නේ නෑ.

      Delete
    3. @ කෙන්ජයියා - හැබැයි ඔයාගේ කතාව තව දිගට සමකය වටේ ගියොත් නම් වෙයි තමයි.

      Delete
  6. ලස්සන අර්ථවත් ගීතයක් ඉවාන්...එයටම ගැලපෛන අගනා සටහනක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින් අයියා . සෝමතිලක ජයමහ කියන්නේ මම ආසම ගායකයෙක් ඉස්සර ඉඳන්ම. ඒ වගේම හොඳ මනුස්සයෙක්.

      Delete
  7. සින්දුවක තේරුම එක්ක අහන්න ලැබෙද්දී වටිනාකම වැඩියි ඉවෝන්.. දැන් නම් වස් කවි කිව්වත් වැඩක් නැහැ වගේ වෙලා තියෙන්නේ..කමක් නැහැ හැමදේම අනිත් පැත්ත ගහන කාලයක් එනවනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් සහන් , තේරුම එක්ක අහන්න තියෙනකොට තමා ගොඩක් ගීත හිතට වදින්නේ , හැබැයි ඉතින් අනිත් පැත්ත ගහන කාලේ කවදා එයිද කියන්න නම් දන්නේ නෑ.

      Delete
  8. දැන් නම් ඉතින් මෙහෙම සිංදු කියන්න තියා ලියන්නවත් කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ.. ඇයි කියන දේ ගැන ඉතින් කියලා වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් මේ සින්දුවත් ටිකක් අප්‍රකට නිසා කට්ටිය බේරිලා ඉන්නවා. අයි කියලා ඉතින් කවුද නොදන්නේ දිනේෂ්?

      Delete
  9. අද කලාකරුවන්ට සැප හොදයිනෙ...කවුද මේ වගේ ගී කියන්න හිතන්නෙ...හැමෝම දෑත ශක්තිමත් කරන්න ගිහින් නොවැ ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. දෑත ශක්තිමත් කරන එක කමක් නෑ කියමු. අඩු ගානෙ මුන්ට තේරෙන්නේ නෑනේ මේ කෙලවෙන්නේ අපිටමයි , අපේ ලමයින්ටමයි කියන එකවත්.

      Delete
  10. අපූරු යි. මම අහල තිබුණෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. එකනේ ,කොහොමද නියම ගීතයක් නේද?

      Delete
  11. මචං මමත් කාලයක් නන්දා මාලිනීට ඇගිල්ල දිගු කලා,නමුත් බං මුව හැම තලන්නා සේ එයාටම ඇගිල්ල දිගු වැරදි කියලයි මට දැන් හිතෙන්නේ.නන්දා මාලිනි,කපුගේලා කුමන හෝ දෙයක් කලා.නමුත් එහමවත් නොකරපු බහුතරයක් ජනතාවාදී කලාකාරයෝ ඉන්නා අරුම පුදුම රටක් මේක.

    මේක මම කලින් අහලා නැහැ බං.මේ විරෝධාකල්ප ගී හැමදාටම එක වගේ ගැලපෙන කාලින නිර්මාණ වෙලා.

    ReplyDelete
    Replies
    1. නෑ මචං මම නන්දා මාලිනීටවත් ,කපුගේටවත් දොස් කියන්නේ නෑ ... නමුත් කලාකරුවෙකු ජනතාවාදී නම් ඔහුගේ හෝ අයගේ මෙහෙවර අහවල් තැනින් නතරවෙනවා කියලා හිතන්න බෑ. සිටිය යුත්තේ ජනතාව සමග මිස පක්ෂයක් එක්ක නෙවෙයි.
      ජනතා විරෝධී දේ මොන පක්ෂයකින් කලත් වැරදියි කියන තැන අපි ඉන්නකොට , අර පුද්ගලයන්ගේ නිහඬතාවය අපිට දැනෙනවා වැඩියි.
      ඒ මදිවාට විරෝධාකල්ප ගී කියපු ගමන් හමොටම මතක් වෙන්නේ නන්දා මාලිනී සහ කපුගේ .... එය එහෙම නෙවෙයි අපි වැළඳ නොගත්තට ... වෙළඳපලක් නිර්මාණය නොවුනට උසස් මට්ටමේ විරෝධාකල්ප ගී තවමත් තිබෙන බව පෙන්වාදෙමට තමයි මම මේ පොස්ටුව උපයෝගී කරගත්තේ

      Delete
  12. කිරුලයි රටයි රෑකගන්නලොක්කා කියන්දේ පොඩ්ඩකට යු ටියුබෙට ගිහින් බලහල්ලකෝ(talk to al jazeera mahinda rajapaksa)ඉවාන් පුලුවන්නම් මෙගෑනත් ලියපන් බයවෙන්න දේකුත් නෑහෑ ලංකාවේ සිදුවන සුදුවෑන් පැහැර ගැනීම් යනු ගෑණු ළමයි තම පෙම්වතුන් සමග හෝටල්වලට යෑමට යොදා ගන්නා ක්‍රමයක් කියලා ලොක්කා කියන්නේ.

    ReplyDelete
    Replies
    1. @ඇනෝ.......අර මොකක්ද එකත් අතේ තියාගෙන මොනවද මේ කියන්නේ කියල හිතෙනවා. සම්පූර්න ඉන්ටවීව් එක පුරාම එහේ මෙහේ අතගානවා.අර කියන ලෝකේ ඉන්න එකම ට්‍රොස්කිවාදී මන්ත්‍රී වරයා උතුරට අපේක්ෂ්කයෙක්වත් දාගන්නට ඉඩ නොලැබුනු වාසු සහෝ වෙන්නැති. තලගොයි...කබරගොයි වෙනවද.....කබරයෝ තලගොයි වෙනවද?

      Delete
    2. මමත් ඕක බැලුවා බං, දවසේ විහිලුව ඒක නම්. ඇත්තටම ඕක ඇත්ත කියලා විශ්වාස කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා .
      ඒ ගැනත් යමක් ලියන්න බලමු.

      Delete
    3. යකෝ කියනවත් කියලා මෙහෙමත් බොරු කියන්න පුළුවන්ද?(ඔව් ඉතින් නෑත්නම් කොහොමද ඔහොම ඉන්නෙ නේද?)58 ඉන්නෙ ඔය ලොක්කා රජකරන රටේ කෑබිනට් එකේද?

      Delete
    4. @ නිශාන්ත - ඔව් බන් මිනිහා කියන්නේ මන් හිතන්නේ වෙන ලෝකෙක තියෙන කැබිනෙට්ටුවක් ගැන වෙන්න ඕන

      Delete
  13. රට යන අතට තමයි රටේ ඕනෑම ක්ෂේත්‍රයක් යන්නෙ. ඒ කාලෙ වගේ නෙවේ මේ කාලෙ. දැන් කවුරුත් විකිනෙනව තමන්ගෙ ගාන ආපු ගමන්.

    ReplyDelete
    Replies
    1. කතාව සහතික ඇත්ත. අද මිනිස්සුන්ට රැකගන්න දෙයක් නෑ. නැතිවෙන්න දේකුත් නෑ. ඒ නිසා අතට ගාන හම්බ වෙන්වනම් ඊට එහා දෙයක් නෑ .

      Delete
  14. සෝමතිලකලා වගේ නිර්ව්‍යාජ මිනිසුන් ඉන්න රටේ දිවුල්බොගාලා බඩයන එවුන්ට කොලපත අල්ලනවා.රෝහන වීරසිංහලා ඒවා දෑතින්ම අරන් ඇඟේ ගාගන්නවා..සැපයි....පයි....සැපයි......මහරජ!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හැබැයි ඔය යක්කු හැමෝම මැරුණම ගුනකතන්යේ කියන්නේ .."ජනතාවාදී, අවංක , වරදාන පසුපස හඹා නොගිය ,නිර්ව්‍යාජ ගැමියෙකු වූ, සරල, සුන්දර මිනිසා" කියලා.....අනේද කියන්නේ

      Delete
  15. සොමතිලක ජයමහ මමත් කැමති ගායකයෙක්...එක කාලයක් තිබ්බ කලාකාරයන්ට යන එන මන් නැතිව ගිය.ඉතින් ඒ කාලේ ඒ යට ඔය අපි කව්රුවත් උදව්වට ආවේ නැහැනේ.ඒ මිනිස්සුන්ටත් ළමයි පව්ල් ඉන්න නිසා කළුගලේ ඔලුව ගහ ගනිය....

    ReplyDelete
    Replies
    1. ඇත්ත , ලංකාවේ බොබ් මාලේලා හිටියේ නෑ , ඇතිවෙන්නෙත් නෑ , ලංකාවේ කලාකාරයෝ වැඩි දෙනෙක් කලේ කල දුටුකල වල ඉහගැනීම . විරෝධාකල්ප ගීත වලින් කලෙත් බිස්නස් එකක්, ඒවාට ඒකාලේ හොඳ ඉල්ලුමක් තිබුනා, එයාලා ඒ ඉල්ලුමට සැපයුම දුන්නා. ඒවා තහනම් වුනාම ඒ වෙළඳපොල තවත් වැඩිවුනා. ඉතින් එයි අයි කියලා කොහොමත් කලේ බිස්නස් එක නිසා වෙනසක් නෑ

      Delete
  16. සෝමතිලක ජයමහ කියන්නෙ මම අදහන ගායකයෙක්.මුදල්වලට නොවිකුනුනු ඔහු 80 ජූලි වර්ජකයන් වෙනුවෙන් නොමිලයේ ගී ගැයුවා.මෙමෙ සටහන ඔහු වෙනුවෙන් තැබීම ගැන ඉවාන්ටත් මගේ ස්තූතිය.

    ReplyDelete
    Replies
    1. අන්න හරි හැලපයියේ..... සෝමතිලක ජයමහ කියන්නේ නියම කලාකාරයෙක්. අනික අය වගේ පේන්න බොරු විප්ලව කරන්න ගියේ නැතිවුනාට , බොරු පඩ ෂෝ දැම්මේ නැතිවුනාට හැමදාම තමුන්ගේ වගකීම ඉෂ්ට කළා .

      Delete
  17. නියමයි . මමත් ආසම ගායකයෙක් සෝමතිලක ජයමහ . නියම පොස්ට් එක
    ස්තුතියි

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]