Monday, February 10, 2014

මෙන්න ප්‍රවෘත්ති

එස්.බී ගේ පුතා පෞද්ගලික උපාධි තත්ත්ව පරීක්ෂණ කමිටුවට 

(උඩ ඇති ලින්කුවට කොටන්න )

පුවතක්


අම්මේ මම නිව්ස් බලලම නිදාගන්නම් ...කන්නත් නැති එකේ අම්ම නිදාගන්න....අම්මට එහෙම කියපු මම ටී වී එක ඉස්සරහ වාඩි වුනේ ..රිමෝට් එක අතට අරං...



ආයුබෝවන් ....!

මෙන්න දේශීය පුවත් ..


 අද වනවිට දිවයිනට පැමිණෙන "කොකේන්" වලට නිසි තත්ත්ව පාලන ප්‍රතිපත්තියකට කඩිනමින් යටත් කරන බව බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා "ජුඩිත් වයිට්" (ජින්ජර්) මහත්මිය කියා සිටියාය.
 එතුමිය මේ බව ප්‍රකාශ කර සිටියේ විපක්ෂ නායිකා "නදීෂා හේමමාලි" මෙනවිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

එසේම හෙරොයින් සඳහා ලබා දී තිබූ 15%ක් වූ බදු සහනය 9% දක්වා අඩු කිරීමට සලකා බැලියයුතුයයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද සිල්වා මහතා යෝජනා කළේය . දේශීය නිෂ්පාදකයා රැකගැනීමට නම් එතනෝල් සියලු බදු වලින් නිදහස් කලයුතු යයිද දේශීය වෙද්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේය

මේ වනවිට ශ්‍රී ලාංකීය ජනතාවගේ ආතතිය 22 % කින් අඩු වී ඇතැයි .සෞඛ්‍ය ඇමතිනී "ගයේෂා පෙරේරා "මහත්මිය සඳහන් කර සිටියාය . අද සෞඛ්‍ය අමාත්‍යංශ වය ශීර්ෂය විවාදයට ගත අවස්ථාවේ එතුමිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ දකුණු පලාත් මහ ඇමතිනී 'ගීතා කුමාරසිංහ" මහත්මියගේ යෝජනාවක් අනුව මේ සඳහා දකුණු පළාතේ විශේෂ ව්‍යායාම මධ්‍යස්ථාන හතරක් පිහිටුවා ඇති බවය.

මෙහිදී විවාදයට එක්වූ යෞව්වන කටයුතු හා නිපුනතා සංවර්ධන ඇමතිනී "අනර්කලී ආකර්ෂා" මෙනවිය සඳහන් කලේ අද කාලේ යෞව්වනයන් හස්ත කර්මාන්තයට යොමු කිරීම සඳහා ඵලදායී වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බවය. මේ සඳහා දැනටමත් තරුණයින් විශාල පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බවද ඇය පවසා සිටියාය.

විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ කාන්තා කටයුතු සහ ළමා සුභසාධන අමාත්‍ය දේශමාන්‍ය "සාරුවා සුනිල්" මහතා ප්‍රකාශ කලේ ළමා මව්වරුන්ගේ ප්‍රතිශතය ලබන වසර වනවිට 30% කින් වැඩි කිරීමට හැකිව්තයි ගණන් බලා ඇති බවයි. මෙමගින් සිංහල ජාතියේ වර්ධන ප්‍රතිශතය ඉහල දැමීම තම අරමුණ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය .

 සංචාරක අමාත්‍ය "සම්පත් චන්ද්‍රපුෂ්ප" මහතා සංචාරක කර්මාන්තය නැංවීම අරමුණු කරගෙන් කන්‍යාපටල බද්ධ කිරීමේ මධ්‍යස්ථාන 200ක් දිවයින පුරා ආරම්භ කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද ,ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවද පැවසීය .

දේශීය අවි ආයුධ නිෂ්පාදනය සඳහා ආරක්ෂක අමාත්‍යංශයට වෙන්කර ඇති මුදල පෙර වසර වලට සාපේක්ෂව 5%කින් වැඩි කර ඇති බව ආරක්ෂක අමාත්‍ය "ජුලම්පිටියේ අමරේ " මහතා සභාව දැනුවත් කලේ මේ අතරයි .

මුදල් ඇමතිනී "රුවන්ති මංගලා" මහත්මිය අද විවාදයෙදීත් අදහස් පල නොකිරීම කැපී පෙනින . අධ්‍යාපන ඇමතිනී "උපේක්ෂා ස්වර්ණමාලි (පබා) මහත්මිය විවාදය අවසානයේදී ඉදිරිපත්කල ශාමිනාමිනා වක වක ගීතය සහ නර්තනය කාගේත් සිත් වශී කරවූවක් විය.

පුතා ...පුතා....නිදාගන්නවනම් ගිහින් ඇන්දේ නිදාගන්නවා ළමයෝ..නිකන් කරන්ට් පුච්ච්න්නේ නැතුව ..හරියට උඹ බිල ගෙවනවා වගේ ...මාව හොල්ලලා හොල්ලාලා නැගිට්ට්වපු අම්ම තාමත් තරහින් පිපිරෙනවා ...

හත් දෙයියනේ ඒ කියන්නේ ඒ සුන්දර දිනය තාමත් සිහිනයක්ද....?








157 comments:

  1. බලාපොරොත්තු සුන් කලා..එක හුස්මට කියෝගෙන ආවා..බලපුවාම හීනයක් නොවෙ...

    ReplyDelete
    Replies
    1. මේ යන විදිහට බලාපොරොත්තු සුන්වෙන එකක් නෑ ඩයිවර් මල්ලි......තව තව බලාපොරොත්තු තියා ගනිං.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. //අධ්‍යාපන ඇමතිනී "උපේක්ෂා ස්වර්ණමාලි (පබා) මහත්මිය විවාදය අවසානයේදී ඉදිරිපත්කල ශාමිනාමිනා වක වක ගීතය සහ නර්තනය කාගේත් සිත් වශී කරවූවක් විය.///
      පට්ටම පට්ට..

      මොනවා උනත් මහින්ද මහත්තයා ගයේෂා පෙරේරා මහත්මියටයි, ජින්ජර් වයිට් මහත්මියටයි, රුවන්ති මංගලා මහත්මියටයි කොරපු අලුකුත්තේරු වැඩේ ගැන මාගේ පැහදීමක් නැත..
      ඒ තුන් කට්ටුව මෙවර ඉදිරිපත් කළානම් අපට සිත එකලාසයක් කොරගෙන නිව්ස් බලන්නට හැකියාව ලැබෙන්නට තිබ්බාය,
      මොනවා උනත් මහ ඡන්දෙදී මෙයාලාට ගහන්න (කතිරේ) අපි මුව අයා බලං ඉන්නවාය...

      Delete
    2. ස්තුතියි විදානේ ,මහා ඡන්දෙදිවත් මෙයාලට ගහන්න (කතිරේ) ලැබුනොත් සැපතක්මය. හැබැයි චන්දයක් කිට්ටුවෙනකොට මෙයාලට සහෝදර සහ පුත්‍ර සමාගමම ගහනවා ඇතිය ....

      Delete
  3. ඉවාන් උඹ තමයි මිනිහ බං,ඉල රිදෙනවා හිනාවෙලා,බලාගෙන ඉඳපන් සුදු ට්‍රාන්ස්පෝට් එක ගෙදරටම ඒවි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හැලපයියා .. සිනාසී තර වෙන්න. අනේ මේ ඔය සුදු ට්‍රාන්ස්පෝට් කතාව කියන්න එපා. බොරුවක් වුනත් දහසැරයක් කිව්වම ඇත්ත වෙනවලු.

      Delete
    2. සුදු ට්‍රාන්ස්පෝට් එක ගෙදරටම ඒවි
      සුදු ට්‍රාන්ස්පෝට් එක ගෙදරටම ඒවි
      සුදු ට්‍රාන්ස්පෝට් එක ගෙදරටම ඒවි
      සුදු ට්‍රාන්ස්පෝට් එක ගෙදරටම ඒවි
      සුදු ට්‍රාන්ස්පෝට් එක ගෙදරටම ඒවි
      සුදු ට්‍රාන්ස්පෝට් එක ගෙදරටම ඒවි
      සුදු ට්‍රාන්ස්පෝට් එක ගෙදරටම ඒවි
      සුදු ට්‍රාන්ස්පෝට් එක ගෙදරටම ඒවි
      සුදු ට්‍රාන්ස්පෝට් එක ගෙදරටම ඒවි
      සුදු ට්‍රාන්ස්පෝට් එක ගෙදරටම ඒවි

      හෙක් හෙක් හෙක්

      Delete
    3. අඩෝ දුලා මොකක්ද බොල මේ කරපු නසරානි වැඩේ .....අම්මප මේ වගේ යාළුවො

      Delete
    4. ආවොත් ඒ ගමන් මාවත් දාගෙන පලයන් !

      Delete
  4. චඃ..........අම්මපා ඔය පාර්ලිමේන්තුවේ වේත්‍රධාරියාට ලොකු 'සෙන්කෝලයක්' අවශ්‍ය වෙයි.

    ReplyDelete
    Replies
    1. ලොකු කාලතුවක්කු උන්ඩයකින් කැටයං දාලා එකක් හදා දෙමුද

      Delete
    2. අටමා....උණ්ඩයක්???පිස්සුද යකෝ...ඔන්න ඔහේ කාලතුවක්කුවම දීපං.

      Delete
    3. කාලතුවක්කුවක් හැරෙන්ඩත් මදි අටමො.. කීදෙනෙක් කියලද ??

      මල්ටිබැරල් එකක් ගෙනාවනං බස බස ගාලා දෙන්ඩ තිබුනා සැට් එකටම !!

      Delete
    4. @ විචාරක - එකක් ඇතිවෙයිද විචාරක මහත්තයෝ .

      Delete
    5. අටමා ඉතින් කැටයම් කපන්න හපනා නෙව.

      Delete
    6. @ ඇනෝ - කාලතුවක්කු බඳ මදිද ..?

      Delete
    7. @ පත්තරේ - අනේ උඹ ගහන මල්ටි බැරල්...උණබට තුවක්කුවෙන් වෙඩි තියන එකා .... :D

      Delete
  5. ඉස්සෙල්ලම මට කියපන් ඇන්දෙ නිදියන විදිය.
    අම්මප මෙ කාන්තාවන්ට නොමිනෙශන් නොදීපු එකට මගෙ සම්පුර්න විරොධය

    ReplyDelete
    Replies
    1. නොමිනේෂන් නොදීපු එකට මාත් අන්තිම විරුද්ධයි....මොකද ඔය දීපු එවුන් සත පහක වැඩක් ඇති එවුන්යයි .

      Delete
  6. ඔකේ සෙන්කෝලේ වෙනුවට තිබුනේ මොකක්ද කියලා දැක්කේ හරි කිව්වේ හරි නැද්ද... මම මාර ආසයි බං ජූලම්පිටියේ අමරෙට.. ටී 56 කරේ තියාගෙනලු යන්නේ.. අර ඉන්දියාවේ උන්න වීරප්පන් වගේ.. පව් බං ඒ වගේ ආතල් ඩයල් ඇතුලට දාන්නේ.. ඌ කරපු එකම වැරැද්ද, තුවක්කුව කරේ තියාගෙන යන එක.. අනික් උන් යන්නේ තුවක්කු පිස්තෝල බොඩි ගාඩ්ලා ඔක්කෝම දාගෙන. උන් කරන්නෙත් ජූලම්පිටියේ අමරේ කරන වැඩමයි..

    ReplyDelete
    Replies
    1. සෙන්කොලේ වෙනුවට තිබ්බේ "ශිව ලිංගය" වගේ තමයි මතක. එකනේ මම කියන්නේ අනිවා ආරක්ෂක ඇමති කම දෙන්න ඕනේ ඒ වගේ එකෙකුට . අනික පිස්සුද බොඩි ගාඩ්ලා හැටක් දාගෙන ගියත් උන්ට අමරේ එක්ක හැරෙන්නවත් බෑ ..

      මේ සෙන්කොලේ කිව්වම මතක් වුනේ කෝ අර සෙන්කොලේ කියලා බ්ලොග් එකක් ලිව්ව ඩයල් එක..අර පොලිස් කාරයෙක් කිව්වේ ..ආගිය අතක් නෑනේ .

      Delete
    2. අම්මපා ඌට මක්කැයි උනේ හැබෑට.. ඌ හැබයි ඒක ලියන දවස්වලත් නෑවා.. පරස්පර දේව්වල් කියලා..

      Delete
  7. මේක හීනයක්ද බං? ෂැක්… මඟුල.

    පිස්සු කො‍ර උනා මට නම්. මේ නදීෂායි අනර්කලීයි ඒ කාලෙ වෙත්දිත් මෙනවියොද :-o

    අපෝ දැන්නම් අනර්කලීට හස්ත කර්මාන්ත දියුණු කරන්න බෑ ඉවාන්. ගයේෂාව දාමුද එතනට.

    මාත් ආසයි ඔය පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී කෙනෙක් වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔය කට්ටිය බලේ නැතත් වැඩ කරල පෙන්වනව.හස්ත කර්මාන්ත දියුණු කරන්න බලය ඉල්ලන අයට ඒ අය හොඳ ආදර්ශයක්.නොමිනේශන් දුන්නැතත් සේවය එහෙමමයි

      Delete
    2. ප්‍රියා මාවත් ඩැයිවර්ටවත් ගනිං..
      මාත් ආසයි බං ලෑන්ඩ් කෲසරෙයක් දෙපැත්තෙං ඩිෆෙන්ෆර් දෙකක් දාගෙන 200 ට විතර පාගන්න ඔය ඉවානයල මතලංල අටමල පයිං බඩගාද්දි ..!!!

      Delete
    3. අනිවා යකා, මුන් නම් බලේ තිබුනත් නැතත් කොල්ලන්ගෙ හස්තකර්මාන්ත වගකීම අකුරට ඉටු කරයි.

      පත්තර මල්ලියෙ, උඹ කීපාරක් හිරේ ගිහින් තියෙනවද? කී පාරක් වාහනෙන් මිනිස්සු යට කරලා තියෙනවද? තව කරපු චන්ඩිකම් වල සවිස්තරාත්මක වාර්තාවක් දියන්කො. සළකලා බලමු.
      හැබැයි ඔය එකක් වත් නැත් නම් ජොබ නෑ පුතේ. හි… :-D

      Delete
    4. @ ප්‍රියා - මොකද බං නැත්තේ එයාලා සදාකල් මෙනවියෝනේ....එතකොට උඹ කියන්නේ අනර්ට ..ඔය කරුමාන්තේ නංවන්න බෑ කියලද?

      Delete
    5. @ යකා - එකනේ යකෝ...කියන්නේ එයාලා බලය ඇතත් නැතත් කරුමාන්තෙට අත දෙන කට්ටිය.

      Delete
    6. @ පත්තරේ - ඒ කියන්නේ උඹත් ප්‍රතිගාමී ,ලුම්පන්, ජනතාවිරෝධී ආණ්ඩුවේ ගැත්තෙක් වෙන්න යන්නේ අපි වගේ ජනහිතවාදී පුද්ගලයන්ට එරෙහිව එහෙමද ?

      Delete
  8. හි හි ,, ගයේෂා ප්‍රතික්ෂේප වීමෙන් කිදෙනේක්ගේ හීන බිඳුණද නෙහ් ..

    @chathu ඔය වගේ නැතැයි අනිත් ඈයොත්..

    ReplyDelete
    Replies
    1. සිතක් බිදුනු පසු කොතෙක් කල ඔසු පලක් නොවේ ලදුනේ……
      ඉතින් තවත් කල් රැදී පලක් නැත 'ගයේෂාගේ' තුරුලේ……

      :-( :-( :'( :'(

      Delete
    2. කවු ද මේ යයේෂාට තුරුල් වෙන්න ගිය හාදයා ...අර බිත්ති දිගේ බඩ ගැවෙ ප්‍රියා එහෙම නෙවෙයි නේ .........හැක්
      සැර වැඩි වුණා ද මන්දා .... :(

      Delete
    3. @ ඔමා

      මම අලුත් පක්ෂයක් හදන් එනවා මේ නාම යොජනා නොදුන් කෙල්ලො ටික එකතු කරන් ,ලක්සන කෙල්ලක් දෙනවා හැම කොඨාශයකටම ,ඉන්ටෙර්විව් තියෙනවා ,දන්න කස්ටිය ඉන්නවා නම් එවන්න ,කොන්දෙසි තියෙනවා ...එවා ප්‍රසිධියේ කියන්න බෑ ඕන්

      පොස්ටුවක් ලියන්න හිතෙනවා පක්ෂයේ නම් තනතුරු දලා ..කොහෙද එකත් බෑනේ ...ශික් ...

      Delete
    4. සහෝදර පෝස්ටුවක් දාහන් ....
      ලක්ෂණ කෙල්ලෝ මම දෙන්නම් ඕසේට..
      දේශපාලන /නීති කොන්දේසිත් මම ටිකක් දෙන්නම් ..
      ඇත්තටම ලියපන්....

      Delete
    5. හාපෝ සහෝ තුරුල් වෙලා හිටියත් කවුද බන් වැදගත් විදියට වැඩේ කර ගන්නැතුව බිත්තිදිගේ බඩ ගාන්නෙ. හැක්… හැක්…… මම නෙමේ බොල ඒ ඉඟිලුන මාළුවා. ඌ වෙන එකෙක්. :-D

      අර කිවුවත් වගේ ලියහන් පෝස්ට් එකක්. ඔය ඉන්නෙ කෙන්ජි අයිය දෙයි කස්ටිය තොග පිටින්. :-D

      Delete
    6. @ ඔමා - බිඳුනදත් අහනවා..නිකන් හදවත පොළොවේ ගැහුවා වගේ දැනෙන්නේ....අනේ දෙවියනේ .....

      Delete
    7. @ ප්‍රියා මා දනි ඒ මාළුවා ..හැක් .. නිකමට කිව්වෙ ඈ සමා " :)

      Delete
    8. @ කෙන්ජි මාමේ
      පොඩි පුරශ්ණ වගයක් තියෙනවා බලමු ලියන්න ...නැත්නම් මමත් ලුණු ඇඹුල් එක්ක ලියලා දානවා මේ සුටි කතා කිය කිය ඉන්නෙ නැතුව ...හැක් හැක්

      Delete
  9. මේක නම් බන් පට්ට සිරා නිව්ස් නෙ.ඈ බන් ඒ දවස කවද උදා වෙයිද? අනර්කලීල තරුන පරපුර හස්ත කර්මාන්තවලට යොමු කරනව කිව්වට ඔය හැමෝම ඒ වැඩේ කරනව නේද?හැබයි ඒ දවස් වෙන කොට ආතතිය නම් මග ඇරිල තියෙයි.

    ආතතිය නැතී අතට වැඩ ඇතී ඒ ලස්සන ලෝකය අපට උදා වේවා.

    ReplyDelete
    Replies
    1. මෙම ගියොත් නම් ඒ දවස වැඩි දුරක් නෑ යකා. මම උඩම දීලා තියෙන ලින්කුවට ගිහින් බැලුවද? ඉතින් මේවා නොවී තියෙයිද?

      Delete
  10. අපරාදෙ අම්ම ඇවිත් ඇහැරෙවුවෙ නේද?

    ReplyDelete
    Replies
    1. අපරාදේ කියන්නේ ,හැබැයි තව ටිකක් වෙලා බැලුවනම් අම්ම ගහයි බැට් එකෙන්.

      Delete
  11. Replies
    1. හිතුවක්කාරයට කියන්න මේ වයසට පෙන හීන ඔක්කොම මෙතන ලිව්වනම් එහෙම ....හයියෝ සල්ලි

      Delete
  12. බලන්නකෝ ඒකෙත් හැටි. ගයේෂලා ජින්ජර්ලා නිළියෝ කියලා කැපුවා. සුවඳ සබන්ලා බෙනරගමලා ඇතුලේ. එයාලා මොක්කුද?

    ReplyDelete
    Replies
    1. ඕකම තමයි තරු මටත් තියෙන ප්‍රශ්නේ ...? නිලියෝන්ට විතරයි හොඳ නැත්තේ අනික් දහදුරා වැඩ කරන හැමෝම හොඳයි

      Delete
  13. මං නං හිතන්නේ අනර්කලීලා තරුණයින්ව හස්ත කර්මාන්තයෙන් මුදවලා එයලගේ පරණ මැෂින්වල ඔයිල් සුද්ධ කරන්ඩ පුහුණු කරලා ගනී.

    ReplyDelete
    Replies
    1. හැබැයි එක වෙලාවකට හිතෙනවා එකත් නරක නෑ කියලා නේද මචෝ...උඹත් බලපන් ඔය චන්ද්‍ර පුෂ්ප්යා දාන දෙසීයෙන් එකක් හරි ගන්න පුලුවන්ද කියලා

      Delete
  14. පට්ටම පට්ටයි අයියෙ :)
    අනර්කලී නෙමේ ගයේෂ ආවනම් හස්ත කර්මාන්තය නග්ගල ගන්න තිබ්බා :D

    ReplyDelete
    Replies
    1. මෙන්න කොල්ලො. උඹට හොද දැක්මක් තියෙනවා බං මොනවා උනත්. :-D

      Delete
    2. ප්‍රියා...මම අද දාන පෝස්ටුවේ නම තියෙන කෙනා උඩ ඉන්න මල්ලි නොවෙයි හොදේ... :)
      උඹ මොකුත් කියනවා හෙම නොවෙයි සසිදු මල්ලියට .... හරිය..... :) ...

      Delete
    3. හි… හි… එළ එළ කෙන්ජි අයියා. දැන්ම කියපු එක හොදා. මම දැන්ම මඩ ටිකක් ගුලි කරනවා මූට ගහන්න. හි… හි…… :-D

      Delete
    4. අඩෝව් ප්‍රියා මට මඩ ගහනවනම් මඩ නාන්න බලාගෙනම ගහල්ල ඈ :D

      Delete
    5. තැනකුයි මල්ලි..හැබෑට බලන් ගිහාම දැන් ඔකොමලගේ මනාපය ගයේෂට නොවැ. නෑ ඉතින් එයාටත් වැඩ වැඩියි නේ මල්ලි.

      Delete
    6. @ ප්‍රියා - එකනේ බං ...නියම දැක්මක් තියෙන කොල්ලෙක්.

      @ කෙන්ජයියා - මොකක්ද කෙන්ජයියා ඒ සීන් කෝන් එක

      Delete
  15. ආනර්කලි හස්ත කාර්මාන්තයට හරි නෑ ,එයා මදි අර බිත්ති දිගේ පියාබන මියැසි වැඩෙට එල ..හැක් ...අලුත් පික්චර් එකක් ගහමු කස්ටිය ටික දාලා නළුවොත් ඉන්නෙ දියවන්නා වේ හස්ත කාර්මාන්ත ය නැගලා එයි ..අධ්‍යයක්ෂක කවුද ????හැක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දියවන්නා ඔයෙන් එකයි ඉස්ගෙඩියො ඊට පස්සෙ !!!

      Delete
    2. පිචචැර එක නයි.ටී.ඇන් එකේ දාමු ..එක්කො මෙගා ටෙලියක් කරමු ,ලොක්කා අධ්‍යක්ෂනය කරයි ...හැක්

      Delete
    3. ඒ ගමන් උඹත් මනාප ගයේෂටද? යකෝ මේ කෙල්ලව දාන්නේ නැතිව ලොක්කා කර ගත්තේ වස වැරද්දක් දැම්මනම් මනාව ලක්ෂ 3ක් විතර ගන්නවා පේන හැටියට

      Delete
    4. @ පත්තරේ - අම්මප යකෝ උඹටත් මාර දේවල් තමයි මතක් වෙන්නේ. හැක හැක ++++++++++++

      Delete
    5. @ පත්තරේ
      හරක් ගේ එවත් ඉස්ගෙඩි හැඩය ද ???

      Delete
    6. සහෝදර මචං
      තිත් දෙකයි ඩී !!! හැක්

      Delete
  16. මාමා කාගේ කාගේත් ආතල් කුඩු කළා. කව්රුත් අනර්කලීට කැමති නෑ වගේ නේ.

    ReplyDelete
    Replies
    1. මාමා තනිකර පිස්සුවක් කෙලියේ බං,...එකනේ බං මාත් බැලුවේ අනර්ට කවුරුත් කැමති නෑනේ ...

      Delete
  17. අනේ වාසනාවන්.. මේ දවස බලලා අපිට ඇස් දෙක පියාගන්න පුළුවන් උනොත් ඒ ඇති

    ReplyDelete
    Replies
    1. අපොයි බයවෙන්න එපා නාඩි මලේ ඊට සෑහෙන කාලෙකට කලින් බලාගන්න පුළුවන් ..එකනේ ඔය උද ලින්ක් එකක් දීලා තියෙන්නේ ගිහින් බලපන්කො බොරුද කියලා

      Delete
  18. අනේ අයියේ මට උඹේ ජිවිතේ ගැන බයයි බන් ඔය වගේ දරුණු හීන පෙනෙන්නේ ඉක්මනට සුදු වෑන් එකක යන්ටලු....මොනා නමුත් යස හීනයක් නොවෑ පෙනිලා තියෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. හත් ඉලව්වයි ඒ ගමන උඹත් මට සුදු වෑන් ලැබේවායි පතන්න පටන් ගත්තද නංගෝ ....හීනේ ඔක්කොම් බලන්න වුනේ නෑනේ අප්පා ශික්

      Delete
  19. ඒකනම් හැබෑම හීනයක්! මගේ හිත ගියම කෑල්ල තමයි තරැණයින්ට හස්ත කර්මාන්ත පුහුණුව...
    වෙනදා වගේම එළම එළ!!

    ReplyDelete
    Replies
    1. තැන්කිව් කිව්වා ඔන්න සඳුන් අයියේ..ඉකමනට ලංකාවට එන්න මේවගේ ආශ්චර්යයක් දකින්න ඕනෙනම්. එංගලන්තෙට නම් මේ කපේදී මෙහෙම සංවර්ධනයක් ලබන්න බෑ .

      Delete
  20. අපරාදේ බං, මේ ටික වෙද්දීත් පාලනේ කරන්නේ ලොක්කමද කියලා බලාගන්න බැරි උනානේ උඹට.. ශැක්.. පබා වක වක නැටුවේ සෙන්කෝලේ තියෙන තැන ඉදන් වෙන්න ඇති මගේ හිතේ..

    ReplyDelete
    Replies
    1. එතන තමයි ලු බං ,ඊට පස්සේ සෙන්කොලේට වෙච්ච දෙයක් නෑ කියන්නේ

      Delete
  21. උඹට වෑන් එන්නෙ නෑ පුතේ එකපාර හර්ස් එකක්ම එයි !!!
    ගේයි ඉඩමයි වයිෆ්ට ලියල හිත හදාගනින් ..!!

    ReplyDelete
    Replies
    1. අහුවෙයන්කෝ මට පත්තරයා...මෙතන අවකැපෙන කතා කියන්න එපා යකෝ ඉඳගෙන

      Delete
  22. ජීවන්ගේ දුව ඒ කියන්නේ පරදිනවද? එතකොට කෝ මධුමාධව?

    ReplyDelete
    Replies
    1. හැබෑට ඒ දෙන්නත් ඉන්නවා නේද..? මේ ඉන්න තරමට කොහේ මතක් තියා ගන්නද තිසර

      Delete
  23. ඊයේ බලද්දී පල් වගේ පෙනුනට....
    අද උදේ කියවද්දී මල් මසුරන් නේ.....
    එල පුතා එල.....

    ReplyDelete
    Replies
    1. මේ සැබෑ වෙනසට හේතුව හිතා ගත්තහැකි......!

      Delete
    2. හැක්...හැක්... දන්නවානම් කියපන් බන්....
      මම ඒත් බැලුව උඹ මේ ටිකේ පේන්න නැත්තෙ මොකද කියල...

      Delete
    3. පොඩ්ඩක් අනුමත් වෙලා කියවද්දි තමා කෙන්ජයියට රස දැනිල තියෙන්නෙ :D

      Delete
    4. @ කෙන්ජයියා - ඊයේ ඔයා වෙන එකක් බලලා මෙතැන් කොමෙන්ට් කරාද නැත්තං අද වෙන එකක් බලලා මෙතන කොමෙන්ට් කරාද ?

      Delete
    5. ඇල්බන් අයියාටත් මට හිතිච්ච එකමද මන්දා හිතිලා තියෙන්නේ

      Delete
    6. ඔව් සසිඳු පිලිතුර ආසන්නයට පැමිණියා

      Delete
    7. ඇල්බ අයියා දැක්ක කල් !!

      Delete
  24. ඒ හීනයට වැඩිය දුර නෑ!

    පට්ට කතන්දරේ. හිනා ගිහිං දෙපැත්ත රිදෙනව

    ReplyDelete
    Replies
    1. ඊයෙ රෑ මම හීනෙන් දැක්කා ඉවාන්ලගෙ ගෙදර ඉස්සරහ වයිට් වෑන් එකක් නවත්තලා තියෙනවා.

      මට හිතන්නෙ මම දැකපු හීනෙටත් තව ටික දුරයි...!

      Delete
    2. @ රාජ් - ඒ හීනයට තව වැඩි දුරක් නෑ කියලා මම උඩ දීලා තියෙන ලින්ක් එකට ගියාම පේනවනේ රාජ්

      Delete
    3. @ ඇල්බන් අයියා - මොකක්ද හත් ඉලව්වේ ඒ කියපු අලුගුත්තේරු කතාව....

      Delete
  25. ea "HINAYA" saba karganata api kapa wemu.
    Jayawewa...Jayawewa....Jayawewa..(@$^&%$#@$#@%$& ).

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා ,ඒ හීනය හැබෑ කරගන්න අපි කැපවෙලා හිටියේ බන් මේ සැරේ ලොක්කනේ වැඩේ කෑවේ ..?

      Delete
  26. ඔය නිවුස් ගියේ මොන චැනල් එකේද කියල බලාගන්න බැරිඋනාද බොල.
    කොහොම උනත් නියමයි ඈ...

    ReplyDelete
    Replies
    1. බලහං ප්‍රසා...කන්න නැති වුනත් TV තියෙන ගෙයක්නේ..
      මම හිතන්නෙ අපි උඹල නොබලන ...
      සැට ලයිට් එහෙක වෙන්ටෑ.... හෙක්...හෙක්...

      Delete
    2. @ ප්‍රසන්න අයියා - චැනල් එක බලාගන්න නම් බැරිවුනා ..එත් ළඟදීම හැම චැනල් එකේම යයි මං හිතන්නේ ....තැනකුයි හොඳේ

      Delete
    3. @ කෙන්ජයියා - නොකා නොබී හරි LED ස්මාර්ට් ටී.වී. බලන ආශ්චර්යලන්තේ කොල්ලෝ අපි හරිය

      Delete
  27. යකඩෝ ඔහොම දේවල් හීනෙකින් වත් හිතන්න එපා හස්ත කර්මාන්තය දියුණු කිරීමට ගැලපෙනම ඇමතිනි අනර්කෙලි තමයි හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ... ගයේශා තමා හොඳ... !

      Delete
    2. අනර්කලීට වඩා ගයේෂා හස්ත කර්මාන්තය නගා සිටවන්න වැඩ කරල තියනව බන් :D

      Delete
    3. @ කෝරලේ - ඔව් බන් කෝරලේ මාත් මනාප ඒ කෙල්ලට තමයි ..කොහෙද මේ මධුරංග ලා ,සසිඳුලා, ප්‍රියාලා, සහෝදරයා එහෙම කැමතිම නෑනේ උන්ට ඕනෙම ගයේෂා අක්කිවලු

      Delete
  28. අපරාදේ ඒක හීනයක් විතරක් උනේ..
    කවදාහරි ඔය හීනේ හැබෑ වෙනවා නම්...

    ReplyDelete
    Replies
    1. අනිවා හැබෑ වෙනවා දැනටමත් ලක්ෂණ පහලවෙලා තියෙන්නේ ...ඔය මම දීලා තියෙන ලින්ක් එකට ගිහින් බලපන්කො

      Delete
  29. ඒ සුන්දර හීනය , හීනයක්ම තමයි. අම්මා හොල්ලපු එක හොඳයි. ඔතන වෙන කෙනෙක් හිටියානම්, ගෙයින් එලියටම දායි. :D

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඔයා බලන් ඉන්නේ මාව එලියට දාන්ටද පොඩ්ඩි....? ...:D ඒක නෙවෙයි ඔයාගේ ලව් ගිනි ඉවරද දැන් ..? සොරි වැරදුනා ලව් ගිනි නෙවෙයි ලැව් ගිනි ..

      Delete
  30. ඒකියන්නෙ දෑන් ඉන්න අස්වර්, අගමෑති, මර්වින්, වෙල්ගම වගේ දක්ශ, උගත් කතිකයන් අනාගතේ නෑතිවන බවද?

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නම එකම සැරේ කමෙන්ට් දාලා...:)

      Delete
    2. පොඩි නිලමෙ/ අප්පො ට කමක් නෑත්නම් I don't mind :-)

      Delete
    3. එයාලා මොන කතිකයෝද මෙයාලානේ කථිකයෝ ...හැබැයි ඒ වගේම බුද්ධිය නම් තියෙනවා අපරාදේ කියන්ට බෑ

      Delete
    4. හැබෑට බං උඹලා දෙන්නම එකම මොහොතේ කොමෙන්ට් කොටලානේ

      Delete
  31. Replies
    1. මොකෝ නලිය වැටවල් :) :)>>

      Delete
    2. දෙතොල නොකී දේ දෙනෙතේ ලියවෙනවා ....තැනකුයි නලින් අයියේ

      Delete
  32. මම කියන්නේ අපේ බ්ලොග් ලෝකෙන් කට්ටිය ඊලඟ ඡන්දෙට ඉල්ලන්න ඕන. මොකද කියන්නේ සෙට් වෙලා ඉල්ලමු

    ReplyDelete
    Replies

    1. මම නම් අනිවා ඉල්ලනවා...

      Delete
    2. @ යක්ෂයා - ඉල්ලමු අනිවා මොකක්ද පක්ෂේ ....එකසත් බ්ලොග් පෙරමුණ ...හොඳයිද ?

      Delete
    3. @ කෙන්ජයියා - කෙන්ජයියා සුවර් ඇතුලේ මනාප ගනියි දයාසිරිටත් උන ගැනෙන්න

      Delete
  33. මේකට තමයි කොල්ලනේ ආශ්චර්ය කියන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් ආශ්චර්යය බොහොම ලඟයි මචෝ

      Delete
  34. වැඩි දෙනෙක් ඉතින් හීනෙන් වගෙ තමයි බං ඉන්නෙ. ඇහැරුනු ගමන් හෝයියා කියල ආයෙ බුදියන එකනෙ කරන්නෙ. එල නිර්මානෙ..

    ReplyDelete
    Replies
    1. තැනකුයි චන්දන හැබැයි අපි කවුරුත් නින්දේ ඉන්න අතරේ මේ හීනේ හැබෑ වෙන්න බැරි වෙන එකකුත් නෑ

      Delete
  35. හරිම හීනයෙක්නේ පෙනිලා තියෙන්නේ.. හීනේ හැබෑ වෙයිද දන්නේනෑ..

    ReplyDelete
    Replies
    1. මොකද නැත්තේ ,බලන්නකෝ තව වැඩි කාලයක් යන්නේ නෑ මේක හැබෑවෙන්න

      Delete
  36. ෂික් ... මට මේ වගේ හීන පෙන්නේ නෑනේ ...
    .
    ලිපිය පට්ට රහි ඉවාන්...

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක උනා උඹේ හීනෙ පට්ට රහයි වගේම එකේ තියෙන උපහාසය ඇතුලේ තියෙන භයානක කම තේරුම්ගන්න පුළුවන් ඔලුවක් ලංකාවේ බහුතර ජනතාවට නොතිබීම ඉතාම කණගාටුදායකයි. පළමු ප්‍රවුර්තියම ඇති හිතනවානම්. එහෙම ප්‍රවුර්ති කියක් නම් අපි ඇහුවද , දැක්කද පහුගිය අවුරුදු ගානටම.. කෝ ඉතිං ...

      Delete
    2. තැන්කු වේවා තිලිණ ඔව් අර උඩ තියෙන ලින්ක් එක බැලුවද ? අපි විහිලුවට ගත්තට එතෙන්ට තමයි අපි මේ තල්ලුවෙලා යන්නේ ,වැඩේ තියෙන්නේ අපිම හිනාවෙවී අපේ බෙල්ලට තොන්ඩුව දාගන්නවා .

      Delete
  37. මේ පාහරයින්ගේ ගමන මේ විදිහට ගියොත් උඹේ හීනේ හැබෑවෙනවා. මේවා මහ කරුම හීන බන්. නාරද දිසානායකගේ සීන් එක දැක්කාම ඉතිරිය හිතා ගන්න පුළුවන්නේ. වලත්තයින්ට, පාහරයින්ට, සහ අමනයින්ට බාරවු රට....

    ReplyDelete
    Replies
    1. හැබෑවෙනවා අරූ අයියේ දැනටමත් ටික ටික වෙමින් යනවා .....දැක්කනේ සීන් එක. එත් ඔයාට පුදුම නැද්ද මෙතෙන්ට මේ රට තල්ලු කරන්නෙත් මේ මහජනතාව කියන අමන රැල කියලා හිතෙනකොට

      Delete
  38. ඔය හීනය හීනයක්ම වේවා....

    ReplyDelete
    Replies
    1. උඹ මේ මගුලක් කතා කරනවා ..අර මම දීලා තියෙන ලින්ක් එකට පොඩ්ඩක් ගිහින් බලපන් .දැනටම ටිකක් හැබෑවෙලා

      Delete
  39. සමස්තයක් වසයෙන් එළ!

    ඒත් ටිකක් අතාත්වික එව්වා ටිකකුත් තියෙනව නේද?
    ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා "ජුඩිත් වයිට්" (ජින්ජර්)

    _____දුලා

    ReplyDelete
    Replies
    1. දුලා........උඹ හිතන් ඉන්නේ ඉවාන් ශාස්ත්‍රීය ලිපියක් ලියලා කියලාද? :D

      Delete
    2. Eventhough it was fantasy, it must not be factitious.U know?

      Delete
    3. සිංහලෙන්ම කියහන් බන්. දුලා උඹ අහලා තියෙනවාද Factitious Disorder කියලා එකක්?

      Delete
    4. @දුලා - මං තාත්වික අතාත්වික බව හිතුවේ නෑ දුලා. හැබැයි දැන් යන විදිහට මේ එකක්වත් අතාත්වික වෙයිද කියලානම් කියන්න බෑ.. අර මම උද දීලා තියෙන ලින්ක් එක එස්.බී. ගේ පුතා ගැන ,ඒක ගැන මීට කලින් පොස්ට් එකක් දැම්මනම් එක අතාත්විකයි වගේ නේද ..එත් ඔන්න වැඩේ වෙලා .

      Delete
    5. දුලා & අරූ - මේ උඹලා දෙන්නා කුණුහරුප කියනකොට පොඩ්ඩක් වට පිට බලාපල්ලා ,මේ අපි වගේ පොඩි එවුන් ළඟඉන්නවා හරිය

      Delete
    6. @ඉවාන්
      පොඩ්ඩක් හිතල බලන්න ඕන ඒක ගැන.

      @අරූ
      බොරුවට ලෙඩ දමා ගැනීම.
      මොකද්ද ඒකෙයි මේකෙයි සම්බන්ධෙ?

      Delete
  40. වෙනදා වගේම අදත් සෝයි....අර හිරුණිකා දැරියට පට්ටමක් දෙන්න බොට මතක නැති උනාද ?

    ReplyDelete
    Replies
    1. තැන්කිව් කිව්වා - හිරුණිකාව හිතලම අත්හැරියා බං ,මොකටද නිකං ඉල්ලං කන්නේ කියලා

      Delete
  41. මොනවා වුනත් උඹ රන්මලී ගැනත් ලියන්න තිබුණේ. ලංකාවේ තුන් වෙනි බලවේගේ නෙව.

    ReplyDelete
    Replies
    1. හැබැටම ගිනිසිලුවේ ඉන්න ගිනිසිලුවනේ රන්මලී....රන්මලීට ගේමට තමයි රනිල් අංකල් ඩයනාව දැම්මේ කොළඹට ,

      Delete
  42. @Patara Malli,
    ubata mehama dana puluwan..."PATALA NAYAKA "IWAN" S.T.F VEDI PAHRIN MARUTA"

    ReplyDelete
    Replies
    1. මොනවා යකෝ...මූටත් මෙච්චර වැඩ අස්සේ මතක් වෙන කුපාඩි කතා බලපල්ලකො

      Delete
  43. ‍හෙහ් හෙහ් පට්ට වෙනද වගේම නියමෙයම නැගලයනව..
    ලංකාවෙ ඉන්න ස්වයං වින්දනයෙන්ම යැපෙන ඡන්ද දායකයො ඉන්න කං ඔය හීන හීනම වෙන්නෙ නෑ ඉවාන් අය්ය...
    අමුතු ඇටේට දෙය්යන්නෙම පිහිටයි

    ReplyDelete
    Replies
    1. ආයේ මක්කයි මලේ...අමුතු ඇටේ ....අන්තිමට මොකක්වෙලා ඉතිරි වෙයිද දන්නේ නෑ

      Delete
  44. ඉවාන් උබ සිවිල් ඉන්ජෙක් කිවා නේද ... උබ වැඩකරන ගොඩනැගිලි, පාලම් එහෙම තියෙනවනම් ලිස්ට් එක දාපන් ලංකාවට අපු මග හැරලා ගමන් යන්න .... අයි යකෝ මුට බ්ලොග් ලියන්නයි කොමෙන්ට් දානයි යන වෙලාව බැලුවම වැඩක් කොරන්න වෙලාවක් නෑනේ.......
    කොමෙන්ටුවට අනුග්‍රහය - ඉරිසියාව

    ReplyDelete
    Replies
    1. ඉතිං උඹ දන්නේ නැද්ද මේ ලංකාව කියලා ,අපි පඩියට බ්ලොග් ලියනවා , අනිත් එවුන් වැඩ කරනවා ....... වැඩකරන එවුන්ගේ හම යනවා අපේ නම යනවා ..ලිස්ට් දාන්න බෑ එතකොට උඹ ඉරිසියාවේ පැලෙයි

      Delete
  45. හම්මේ....මේක හීනයක් වුන එක කොයිතරම් දෙයක් ද...මම හිතුවේ මම අසනීපෙන් උන්න දවස් වල මේ සේරම වෙලා කියලා...

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ ,මේ වගේ හීන හැබෑ වෙන්න තියෙන ඉඩකඩ වැඩියි හොඳටම

      Delete
  46. කවදා හරි ඔය හීනෙ හැබෑ වෙන්න බැරි නෑ...

    ReplyDelete
    Replies
    1. මේ යන විදිහටනම් අනිවාර්යයෙන් වෙනවා චාම්ස්

      Delete
  47. අනේ මන්ද... ඕවත් අහන්න වෙයි අපිට ලඟදිම :(
    එක නෙවි නම් ගම් එක්ක දාද්දි පරිස්සමින්. ඔයාව උස්සන් ගියොත් හෙම? ;)

    ReplyDelete
    Replies
    1. අහන්න්වෙයි අනිවා ...බය කරන්න එපා බොලව් ....හිරිගඩු පිපෙන් කතා කියන්න එපා අප්පා :(

      Delete
  48. ඉවාන් අය්යටත් පේන හීන :v

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ ...ඔන්න බලනවනම් හීන ...:D

      Delete
  49. ඒ කාලේ ජනාධිපතිතුමා කවුද කියලා පෙනුනේ නැද්ද ?? :P

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]