Sunday, July 20, 2014

ක්‍රෂ් ක්‍රෑෂ් වීම ... Crashed Crush


" ශ්...ශ්... මල්ලි මල්ලි ..."

" උඹ නේද ප්‍රගීත් කියන්නේ "

" ඔ.. ඔව් අයියේ .... ඇයි ... ?"

" පොඩ්ඩක් වරෙන්කො මෙහෙට බය වෙන්නේ නැතුව ...තෝව ගිලින්නේ නෑ "

උසස් පෙළ අවසාන වසරේ හිටපු අයියලා හතර දෙනෙක් මම ඉස්ල්කොලේ ඇරිලා ගෙදර යද්දී ,කතා කළා ..
මට එක සැරේම බැලුනේ  මගේ අතිජාත මිත්‍ර මෝරා දිහා. 

"යමං ගිහින් බලමුකෝ ...එහෙම කියපු මෝරා ඉස්සර වුනා ..

" තෝ මොකද? කවුද උගුඩුවො තොට බුලත් දුන්නේ ...? පල යන්න කන පලාගන්නේ නැතුව .."

මෝරා බය වෙච්ච පාර ඉබේම නැවතුනා , 

"උඹ වරෙන් මල්ලි ..තෝ ඔතන හිටපිය මේකව එවනකන්, අපෙන් මැරුම් නොකා  " මෝරාට ආපහු තග දාපු අයියලා මාවත් ඇදගෙන ඉස්කෝලෙට පහලින් තිබ්බ ඔරලෝසු කනුව ඉස්සරහ තිබ්බ කඩේ අස්සට යන්න හැදුවා 

" අනේ අයියේ ඔය කඩේ ඇතුලට යන්නනම් බෑ ..."

" ඇයි මොකද තෝ මහා ඒජන්තගේ පුතාද වර යන්න , " මගේ බෙල්ලෙන් අල්ල ගත්ත එකෙක් මාව කඩේ ඇතුලටම ඇදගෙන ගියා .  
මං ඔය කඩේ අස්සට යන්න බෑ කිව්වේ වෙන මොකවත් නිසා නෙවෙයි ,ඔතන තමයි ඉස්කෝලේ කොල්ලෝ සිකරට් බොනවා කියලා ලේබල් වැදිච්ච තැන . අපේ විනය පාලක හාමුදුරුවොත් ඔතන ඉස්සරහ ටික වෙලාවක් ඉඳලා කට්ටියව නෝට් කරගෙන තමා හැමදාම ඉස්කෝලේ ඇරුනම යන්නේ .

ඉතිං යකෝ මම වගේ සුරා සූදුවෙන් තොර සත් ගුණවත් අහිංසකයෙක් කොහොමද ඔය කඩේ ඇතුලේ ඉඳන් මාට්ටු වුනාම ..උදේ රැස්වීමේ ඉස්සරහට ගෙනත් කින්ඩිය දාද්දි ආයේ වසලා හමාරයි .

*******

"මල්ලි දන්නවනේ අපේ ගුණේ ..අන්න ඌට තමයි මේ උඹේ හෙල්ප් එක ඕන කරන්නේ හරිය . ආයේ ඥන් පචන් ගාන්නේ නැතුව කරලා දීපං "

"මොකක්ද අයියේ .." ගුණේ අයියා කියන්නේ ඉස්කෝලේ ප්‍රසිද්ද "මුන්ට ලූස් " ගැන්සියේ ලොක්කා . ගුණේ අයියා - ගුණේ අයියා කිව්වට මිනිහාගේ ඇත්ත නම අසිතද කොහෙද ? එයාගේ වැඩක් බෑ කියලා දත් නැතුව බත් කන්න ඕනේ නෑනේ . 

"උඹ ලියුම් ලියන්න ජගතලු නේ .. අපට ලියුමක් ලියා ගන්න ඕනේ " කොන්ඩේ දිග ඩයනට" දෙන්න"

"කොන්ඩේ දිග ඩයනා ?? අයියේ මම ලියුම්....."

"ඇයි ලියන්නේ නෑ කියන්නද හදන්නේ .."  ඒ ගමන ආවේ පුරුදු කටහඬක් ..අප්පට සිරි උපුල් අයියා ,උපුල් කියන්නේ අපේ පන්තියේ ප්‍රියන්තගේ ලොකු අයියා .. දැන් ඉතින් ලියන්නම වෙන්වා ..

"නෑ අයියේ ලියන්නම් ....  "

ලියුම ලියල දීලා එලියට අවේ පැයකට විතර පස්සේ හැබැයි ඒ අතරේ යෝගට් දෙකක්ම කන්න ලැබුනා , 
මම එනකොටත් මෝරා පාරේ ගාඩ් ගලක් උඩ වාඩිවෙලා බලන් ඉන්නවා . මට දුක හිතුනත් එක්ක, ඇයි යකෝ මේකා වතුර උගුරක්වත් නැතුව එළියේ ඉද්දි මං යෝගට් දෙකකටම දෙසලානේ ආවේ 

*******

පහුවදා ඉස්කෝලේ ඇරලා යද්දී ..

"අර ඉන්නේ මචං කොන්ඩේ දිග ඩයනා ..."

මෝරා පෙන්නුවා ..අප්පට සිරි ..ඩයනම තමා කොන්ඩේ දිග ඩයනා කියනවට වඩා ගැලපෙන නමක් මටත් හිතා ගන්න බැරිවුනා .
 එදා ඉඳන් මායි මෝරයි ඉස්කෝලේ ඇරිලා යද්දී අර කඩේ පහුවුනාම පොඩ්ඩක් වෙලා ඉඳලා හැමදාම කොන්ඩේ දිග ඩයනා බලලා යන්න පුරුදු වුනා . අම්මේ එහෙම ලස්සනක් . 

හැබැයි වචනයක්වත් කිව්වේ නෑ ගුණේ අයිය ගැන දන්නා නිසා .

දවසක් උපුල් අයියා හම්බ වුනාම 

" අයියේ මොකද ගුණේ අයියගේ වැඩේ හරි ගියාද "

" මොන වැඩේද බං?"

" අර කොන්ඩේ දිග ඩයනගේ වැඩේ "

" අප්පා මතක් කරන්න එපා "

" ඇයි මොකෝ ?"

" මොකෝ තමා ඒකිට අර අජන්තයා ට්‍රයි ලු ... කුන්ග්ෆු අජන්ත ..වීල් පාක් එක ළඟ ගෙදර ? තව ටිකෙන් කන්න වෙන්නේ නැවකට "

"කුන්ග්ෆු අජන්ත කිව්වම මමත් නිකන් ගැස්සිලා ගියා .. Y.M. B.A. එකේ කුන්ග්ෆු ක්ලාස් කරන අජන්ත හෙවත් අජන්ත මාස්ටර් කියලා මුළු ටවුමම දන්න පොර .අපොයි එක කිව්වට පස්සේ අපි දෙන්නා ඩයනා ව බැලිල්ල අත ඇරලා දැම්මා .  මොකටද ටකරං කන්නේ නිකං ?

*******

"ප්‍රගීත් ඔයාට ප්‍රින්සිපල් සර් එන්න කිව්වා ..."

"මොකටද ? "

"මම කොහොමද දන්නේ ගිහින් බලාගන්නැ එකයි ඇත්තේ ...."

 පණිවිඩේ ගෙනාවේ අපේ පන්තියේම හිටපු ශිෂ්‍ය නායිකාව දිනිති .. 

"මේකිගේ ගෑස් ..යකෝ"  මම එහෙම හිත හිතා ප්‍රින්සිපල් ඔෆිස් එක පැත්තට ගියේ ටිකක් බයෙනුත් එක්ක .

"ප්‍රගීත් මේ තියෙන්නේ සර්වොදේ ශිෂ්‍ය නායක කෑම්ප් එකට යවන ළමයි ලිස්ට් එක . ඔයා එක්ක තව හතර දෙනෙක් යනවා කනිෂ්ට ද්වීතීක අංශයෙන් . කට්ටියටම පණිවිඩේ දීලා ලෑස්ති කරගන්න . හෙට දහය වෙද්දී කට්ටියම එක්කන් ඔෆිස් එකට එන්න මම ඉතුරු ටික කියන්නම්" 


*******

සර්වෝදේ ප්‍රිෆෙක්ට් කෑම්ප් එකට ගිහිං ඉස්කෝල අනුව පෝලිම් ගැහිලා ඉන්නකොට නික්ම පැත්ත හැරිලා බලද්දී ... 

දෙයියනේ ඩයනා ....කොන්ඩේ දිග ඩයනා ... මට නිකං ඇස් අදහා ගණනත් බෑ . හැබැයි මේකි පැත්තවත් බලන්නේ නෑ . ආඩම්බරෙන් ඔලුව කෙලින් කරගෙන බලාගෙන ඉන්නවා . 

ඊළඟට තිබ්බේ ඉස්කෝල ඔක්කොම මිශ්‍ර වෙන විදිහට කණ්ඩායම් හැදෙන එක . එක කණ්ඩායමකට හයදෙනයි . අප්පේ දෙන දෙයියෝ ගෙටත් පැනල දොරත් කඩලා දෙනවා කියන්නේ මේවා තමයි . 

මායි ඩයනයි දෙන්නම එකම ගෘප් එකේ . 

*******

"ඔයා කොන්වන්ට් එකේද? "

" හ්ම්ම් "

"නම මොකක්ද ?"

" කුමුදු "... 

ෂාහ්... ඔබ දකින දකින දිනෙක මහද පොකුණු තලාවේ.... කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ 

"මම ප්‍රගීත් "

" හ්ම්ම් "

" මේ සැරේ O/L කරනවද ? "

" නෑ මම මේ සැරේ A/L කරන්නේ ..."

හප්පේ මදැයි කොලා ..නිකං උස්සලා පොළොවේ ගැහැව්වා වගේ . 

" ආ ඇත්තද අක්කේ මම මේ ලබන අවුරුදේ A/L කරන්නේ ... " ඔක්කොම ඉවරයි වගේ හිතුනට කොහොම නොබලා ඉන්නද මේ දිහා . 

දින පහක නේවාසික ශිෂ්‍ය නායක කඳවුරේ' තුන්වෙනි දවස යද්දී ඩයනා මාත් එක්ක හොඳටම යාලු වුනා . අර කලින් තිබ්බ ආඩම්බර ගතිය , නපුරු ගතිය නැත්තටම නැතිවෙලා,  කෑම කන්න යනකොටත් මම එනකන් ඉන්න , නැත්තම් එයා එනකන් මම බලන් ඉන්න තරමට හිතවත් වුනා . 

හැමදාම රෑ අටහමාර වෙනකොට සේරම වැඩ ඉවර වෙනවා .. රෑ නවය වෙද්දී සියලුම දෙනා නවතින්න දීල තියෙන කාමර වලට යන්න ඕන . අටහමාරට වැඩ ඉවර වුනාට අපි දෙන්න හැමදාම රෑ නවය කිට්ටු වෙනකම්ම කතාකර කර ..සින්දු කියකිය ඉඳල තමයි යන්නේ . අපිට එකට තව පහසුවක් වුනේ අපේ ගෘප් එකේ හිටපු අනික් හතරදෙනා අපිට වඩා බාල අය වීම . උන් අපි කියන දෙයක් හැර වෙන දෙයක් කරන්නේ නෑ .

කොහොම හරි අන්තිම දවස වෙනකොට අපි හුඟක් හිතවත් වෙලා හිටියා . අන්තිම දවසේ ප්‍රසංගයේදී අපි දෙන්නා සිංදුවකුත් කිව්වා .. කිව්වේ මොකක්ද දන්නවද ... "පාන තියා බුදු සාදුට හිමිදිරියේ "  සිංදුව... 

එදා ආපහු ගෙදර යන්න පිටත් වෙද්දී නිකන් දුකයි දුකයි වගේ ... පපුව ඇතුලේ නිකන් ගිනි ගන්නවා වගේ ..

" මල්ලි ආපහු හම්බවෙයිනේ .. මම ඔයාලගේ ගෙදර ළඟ තියෙන ඇක්වා එකේ ක්ලාස් එනවා .. මගදී දැක්කොත් කතා නොකර යන්න එහෙම එපා හරිද? "   

හිනාවෙලා කිව්වට ඇස වල කඳුළු පිරිලා තියෙන හැටි මම හොඳට දැක්කා .

"හා අක්ක් ක් කේ ..." මටත් වචන හිරවෙන්න වගේ ආවා .

*******

 "මොකක්ද හු.... උඹට වෙලා තියෙන්නේ ..නිකන් අරවා කාපු රිලවා වගේ උඩ බලන් ඉන්නේ ....?
වරෙන් යන්න ග්‍රවුන්ඩ් "
මෝරට මගේ මේ හෝන්දු මාන්දු ගතිය හෙන ප්‍රෙහෙලිකාවක් .  මම හැබැයි ඌට කිසිදෙයක් කිව්වේ නෑ .

"මට බෑ බං උඹ පලයන් ..වද නොදී ..."

"ඕන මගුලක් කරගනිං තෝ තනියෙන් මොකක් හරි කොක්කක් ගහන්න ගිහින් කෙලවාගෙන මට එහෙම කියන්න එන්න එපා ඔන්න ."

ඊට පස්සේ හැමදාම මොකක් හරි කියලා මෝරව මග ඇරපු මම කුමුදු අක්කට වචනයක් හරි කතා කරන්න එයාට ක්ලාස් ඇරෙන වෙලාවට ක්ලාස් එක ලඟට ගියා "

*******

හැමදාම ක්ලාස් ඇරලා එද්දී මායි මෝරයි සල්ගාදු හෝටලෙන් මාළු පාන් කන එක පුරුද්දක් , එදත් එහෙම මාළු පාන් දෙක කාලා එලියට බහින්න හදනකොටම අනෝරා වැස්ස . වැස්ස දැක්ක විතරයි අපි දෙන්නට ආයේ ඊට වඩා සතුටක් නෑ , පොත් දෙක කමිසේ උස්සලා දාගත්තා බැනියම අස්සෙන් . වැස්සේම පාරට පනින්න සෙට් වෙලා අඩිය තියන්න හදනකොටම 

" ප්‍රගීත් ....ප්‍රගීත් මල්ලි "

මම පඩියේ ඉඳන් පාරට වැටෙන්න ඔන්න මෙන්න ගිහින් යන්තං පොඩි ජිම්නාස්ටික් පාරක් දාලා බැලන්ස් වෙලා කෙලින් වෙද්දී ,මෝරා තොහ් ගාලා වතුරට පැනලා ඉවරයි . ආපහු හැරිලා බලද්දී අම්මේ කුමුදු අක්කා 

" තෙමි තෙමී යන්න නේද හැදුවේ හොරගෙඩියා ... එන්න මාත් එක්ක යමු . "

මට මෝරා දිහා බැලුනා ... ඕස්ට්‍රේලියාවෙන් පැපුවා නිව්ගිනියාවට පිටුවහල් කරපු සරණාගතයෙක් වගේ තෙමි තෙමී කටත් ඇරගෙන බලන් ඉන්න මෝරා දැක්කම හිනා යන්න ආවත් ,කට තද කරගෙන ඌට ඇහැක් ගහලා මම කුමුදු අක්කත් එක්ක එක කුඩේ යටින් හිමින් හෙමින් ඇවිදගෙන ආවා .

මෝරා තාමත් අර ටෝච් එලිය දිගේ බිමට වැටුණු මිස්ටර් බීන් වගේ අපි යන දිහා බලන් ඉන්නවා .

මම කුමුදු අක්කත් එක්ක එකම කුඩේ යටින් ගියාට මොකද බාගයක් තෙමෙනවා . මොකද එයාගේ ඇඟේ ගෑවෙන්නේ නැතුව යන්න මාර ගේමක් දෙන්න ඕනේ. ටික වෙලාවකට පස්සේ

" අනේ ඔයා තෙමෙනවනේ මල්ලි .. කුඩේ ඇතුලට එන්නකෝ ඇඹරෙන්නේ නැතුව .. මගේ ඇඟේ පොඩ්ඩක් ගෑවුනා කියලා ඔයාගේ පාළුවක් යන්නේ නෑ "... අපෝ මෙයාගේ ලැජ්ජාව ..."

කොහොම හරි තෙමි තෙමි නොතෙමී සතුටින් ගෙදර ළඟටම ගියා ...

"අක්ක ඇයි තනියම අද " ..

"නෑ මල්ලි දැන් ක්ලාස් එක ලනගට තාත්තා එනවා ... " අපි ක්ලාස් එක ලඟට යනකොට වැස්සත් පායලා . 

ගෙදර එනකොට මෝරා ඇවිත්, කොච්චර කතා කලත් මූ නෙවෙයි වචනයක් කතා කලේ ...

"තොගෙයි මගෙයි යාළුකම් ඉවරයි"

,මෙහෙම කියපු මෝරා අනිත් පැත්ත හැරිලා නිදාගත්තා . ඕකා කොයි වෙලේ හරි යාලු වෙන්නේ නැතැයි.. යකෝ අද දවසේ ගමන ගැන කොච්චර කල්පනා කරන්න තියෙනවද මට , මේ උරුලාවා හුරතල් කරන්නේ නැතුව . අනේ තරහ වෙයන් ,මට පාන් යැයි ..

*******

පහුවදත් මං කුමුදු අක්කගේ ක්ලාස් එක ඇරෙන වෙලාවට ගියා , මග අරින්න දෙයක් නෑ මෝරා කොහොමත් මගේ පස්සෙන් එන්නේ නෑ දැන් ...

 අක්කා අද හරි කලබලෙන් ..

"ඇයි අක්කේ ... අප්සට් එකෙන් වගේ ?"

" අනේ මල්ලි ඔයාට පුලුවන්ද මාත් එක්ක අපේ ගෙදර යන්න එන්න .. අර පිස්සෙක් මගේ පස්සෙන් පන්නනවා ... අද ක්ලාස් පටන් ගන්නකොටත් ආවා .. ඉස්සර මෙච්චර කරදරයක් තිබ්බේ නෑ ද ක්ලාස් ඉවරවෙනකොට එනවා කිව්වා ... අනේ මල්ලි මාත් එක්ක යන් ...."

අක්කා කියන විදිහට නොයා කොහොමද ,පොඩ්ඩක් ඉන්න මම බයිසිකලේ අරන් එන්නං .

"අනේ මල්ලි ඉක්මනට .."   අඩියට දෙකට ගෙදර දුවපු මම බයිසිකලෙත් අරන් ආවා ..

"යමු අක්කේ ... ඇයි .. "   අක්කා මගේ දිහා ගල්බීත වෙලා බලන් ඉද්දි මටත් ප්‍රෙහෙලිකාවක් .

"දැන් ඔයා බයිසිකලේ ගෙනාවේ මාව දාගෙන යන්න නෙවෙයිද ? අනේ ඕකේ නැගලා යමු මල්ලි .."

අප්පට සිරි ..කරන්න් දෙයක් හිතන්නත් කලින් අක්කා බාර් එක උඩ වාඩිවුනා .. මමත් ඉතිං පාගගෙන යනවා .. අක්කගේ කොන්ඩේ හුළඟට ඇවිත් මගේ මූනේ වදිනවා .... එත්  අක්ක බයවෙලා නිසා වැඩක් නෑ ..

ටික දුරක් යනකොට වේගෙන් ආපු ට්‍රේල් බයික් එකක් පාර හරස් කරලා නැවතතුවා , මං අක්කත් එක්ක නොවැටී බේරුනේ අන්තිම අමාරුවෙන්. මම බැස්සත් අක්ක තාම බයිසිකල් බාර් එකේ වාඩිවෙච්ච් ගමන් .. අක්කත් එක්ක මම බයිසිකලේ අල්ලාගෙන හිටගෙන .....

අප්පට සිරි කුන්ග්ෆු අජන්තයා ......මට නිකන් දැනුනේ ගුටි කෑවා වගේ හැගීමක් දැන් මූ මාව සම්බෝල කරයි..

" ආ මෙයාද තමුස්ගේ අලුත් ආරක්ෂකයා ..."

 අක්කා බිම බලාගෙන අඬනවා , මගේ අතට කඳුළු කට සට සට ගාලා වැටෙනවා හරියට ටැප් එකක් ඇරලා වගේ . 

"මීට පස්සේ එනකොට මීට වඩා පණ තියෙන එකෙක් හොයාගෙන එනවා ... මේ වගේ පඟර නැට්ටෙක් නැතුව ... "

"කවුද ඩො පඟර නැට්ටා දෙනවා හොම්බ රිවට් වෙන්න"   කියලා කියන්න හිතුනත් නිකං මැරඩෝනා ගෙන පාරක් කාපු ෆුට්බෝලේ වගේ වෙන්න ඕනේ නෑනේ ,ඒ නිසා කට වහගෙන හිටියා

එහෙම කියපු අජන්තයා ආපහු හරවාගෙන යන්න ගියා මට දැනුනේ නිකන් මුහුද ගොඩගලලා ආපහු ගියා වගේ ..
පපුව ඩිග් ඩිග් නෙවෙයි දඩ බඩ ගානවා වගේ මට තේරුනේ ... 
අක්කා ගෙදර යනකම්ම ඇඩුවා .. මමත් ආපහු ආවට කාටවත් මේක කියන්න විදිහක් වත් නෑ ,මෝරත් තරහ වෙලා .
මට කුන්ග්ෆු අජන්තයාව මරන්න කේන්තියි .. එත් ඉතින් කොරන්නයි 

*******

ඊට ටික කාලෙකට පස්සේ අක්ක A/L කළා ,ඒත් ක්ලාස් එන එක නැවැත්තුව නිසා හම්බවුනේම නෑ . මොකද ඒ කාලේ sms කරන්න, viber යන්න කියලයි . ෆෝන් තියා ටෙලිෆෝන් කනුවක් වත් තිබ්බේ නෑ , ඊ ලඟට මට A/L පටන් ගත්තා . ඒ නිසා ඒ අතර කාලේ දෙතුන් සරෙකට වඩා අක්කව හම්බවුනේ නෑ ..

මගේ A/L පටන් ගන්න කලින් දවසේ මුතියංගනය පන්සලට ගියා මායි, අම්මයි, මෝරයි, මොරගේ අම්මයි ..

බෝධිය ලඟට යනකොට මෙන්න ඉස්සරහට එනවා කුමුදු අක්කා ,නිල් මානෙල් මල් පොකුරකුත් අරන්...

"මල්ලි.... හෙට ඔයාට එක්සෑම් නේද ? මම මේ ආවේ ඔයාට සුබ පතන්න ..මෙන්න මේ මල් ටිකත් පූජා කරන්න .. ඔයාට හොඳට කරන්න පුළුවන්.. "

මට කතා කරගන්නත් බෑ 
බෝධියට මල් පූජා කරන ගමන් අපේ අම්ම ඔරවා ඔරවා බලනවත් , මෝරගේ අම්මා පුදුම වෙලා බලනවත් මෝරා කින්ඩි හිනාවක් කටේ තියන් බලන් ඉන්නවත් මට පේනවා 

"අක්කේ.."

මම වචනයක්වත් කතා කරන්න කලින් ..
"හොඳට එක්සෑම් කරන්න මල්ලි .. ඔයා හොඳට පාස්වෙයි ..ඊට පස්සේ ලොක්කෙක් වුනාම අපිව මතකත් නැතිවෙයිද මන්දා ..."
කියපු කුමුදු අක්කා මගේ අත්දෙකම හයියෙන් මිරිකලා ඉක්මනට දුවලා ගියා ...

*******

A/L කරලා සතියක් විතර ගෙවිලා ගියා . මට කුමුදු අක්කව හම්බවෙන්න හොඳටම වුවමනාව තිබ්බා . මොරත් ගෙදර ගිහින් නිසා මට කතා කරන්නවත් එකෙක් නෑ .කීප සැරයක්ම කුමුදු අක්කලාගේ ගෙවල් පැත්තේ කැරකිලා බැලුවත්  කිසිකෙනක් පේන්න හිටියේ නෑ ..

දවසක් ..

"පුතා ..."

"ඇයි "

"මෙන්න ඔයාගේ යාලුවෙක් ඇවිත් ....."

"කවුද අම්මා ..." කියාගෙනම මම සාලෙට ගියේ මෝරව දකින්න බලාපොරොත්තුවෙන් ...

කුමුදු අක්කා ... මට දුවගෙන ගිහින් බදාගන්න තරම් ආසාවක් ඇතිවුණත් ... 

"ආ එන්න අක්කේ .... වාඩිවෙන්න" 

" අනේ ...වාඩිවෙන්න බෑ මල්ලියා ..අම්මා පාරේ ..මම මේ ඔයාට ආරාධනාවක් කරන්න ආවේ .."

"ආරාධනාවක් ....??? "

"ඔව් , ලබන විසි එක්‌ වෙනිදා මගේ වෙඩින් එක .. ඔයා එන්නම ඕන ....මෙන්න කාඩ් එක "

වෙඩින් එක ....????? මට නිකං පාර මැද ඉඳලා වල් අලියෙක් ගැහුවා වගේ දැනුනේ 

"කා...කා...කාවද අක්කා බඳින්නේ .."

අයියෝ ඔයත් හොඳට දන්න කෙනෙක් , අජන්ත අයියව,     කුන්ග්ෆු අජන්ත කියන්නේ ...

අජන්ත අයියව.............................
අජන්ත අයියව.............................
අජන්ත අයියව.............................
අජන්ත අයියව.............................

302 comments:

  1. හුරේ .… ජය වේවා… ජය වේවා

    ඔන්න පත්තර මල්ලි එක ආ …
    කුරුල්ලනේ ගී ගයපල්ලා … වරේවා !!!!

    ReplyDelete
    Replies
    1. එහෙනං
      කුරුල්ලන්ට ගී කියන්න ඔබේ කටහඬ දෙන්න

      Delete
    2. @ පත්තරේ

      පලියට

      Delete
    3. එතකොට පත්තරයාගේ ඇත්ත නම අජන්තද????????????

      Delete
    4. ඕං මැලෙයො උඹට තේරෙනවද මූ මාත් එක්ක තරහ ඇයි කියලා ඈ ???

      Delete
    5. මැලයො… දෙයියනේ කියලා මටත් ආවෙ ඔය සැකේමයි බං. !!!

      Delete
    6. හැක හැක පත්තරයා එහෙම පොරක් නම් මොනා කරන බැරිද බං

      Delete
    7. පත්තර මල්ලිත් කුංෆු, කාරාටි, අංගපොර දන්න ඞයල් එකක්. තෝ පරිස්සවෙලා හිටු ඉවාන්.

      Delete
    8. ඔව් ඔව් … ජපානෙට බෝම්බ ගැහුව වගෙ තමා ඈ .. කෑලිවත් හම්බෙන් නෑ. හිට්පිය !!!

      Delete
  2. //මම බිම බලාගෙන අඬනවා , අක්කගේ අතට මගේ කඳුළු කට සට සට ගාලා වැටෙනවා //

    හත්ඉලව්වට ගහපු කලාබරේ !!! විලි ලැජ්ජයි යකෝ .. විලි ලැජ්ජයි .… නෙද්දකිං !! චැහ්

    ReplyDelete
    Replies
    1. කොහෙද තක්කඩි වල් පත්තරයෝ .. එහෙම එකක් තියෙන්නේ . :O

      Delete
    2. ඇයි යකෝ අර උඩම තියෙන්නේ හෙන ගහන්නා වගේ
      අක්කා පොල්ලේ ඉඳං ඉද්දි "නෙතට නුහුරු කඳුලු බිංදු " සට සට ගාල වැටුනා කියලා !!!

      උඹට අකුරු බැරි එකට මං පලියෑ… !!!

      Delete
    3. වලත්තයා ... දුප් යන්න

      Delete
    4. කඳුලු දෙන්න මට හඬන්න සත්සමුදුර ගොඩ ගලන්න...
      සුසුම් දෙන්න මට හෙළන්න සක්වලගල සසල වෙන්න...

      Delete
    5. අන්න සින්දුව විදානේ (Y)

      Delete
    6. අපි දෙදෙනයි එකට පාසල් ගියේ
      ගස් සෙවනේ ඉඳන් පාඩම් කලේ
      ඈ සමඟින් එදා ඒ මා තමා
      අද නැතුවා වගෙයි ඈ මේ ගමේ …

      Delete
    7. එගොඩහ ගොඩේ ඉස්මත්තේදී දුටුවාට
      ඇල කණ්ඩියේ ඉඳගෙන අත වැනුවාට
      මගේ හිතුමනාපෙට මං බහ දුන්නාට
      නාඬන් මස්සිනේ පෙර පින් නැතුවාට

      මේ සින්දු දැම්ම වගේ නෙවෙයි අරූ අයියට කියපන් ඇවිත් මේවා ලියපු කියපු අයගේ නම්ටික හොයල දෙන්න කියලා

      Delete
    8. මේවා කිව්වේ ලිව්වේ සංගීතේ දැම්මේ කව්ද කියලා ලියහල්ලා. නැත්නම් කන්න වෙන්න අරූ ගෙන්. සහතික ඇත්ත නේ ඒ මනුස්සයා කියන්නේ. මුන් නිකං හිටිවන කවි වගේ ඩිං ඩිං ගාලා නේ කවි කොමෙන්ට් දාන්නේ.

      Delete
    9. හත් ඉලාව්වයි . අලි මදිවට හරක් කිව්වා. .. මේං මාතයත් ඇවිල්ලා …

      මෙදා පාරනං කනවා පුතේ සුපිරි කෑමක් … !!!!!!!

      Delete
    10. එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද ගොනා...
      මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද ගොනා...
      දෙගොඩ තලා යන වතුරට පන්න ගොනා...
      අනේ මගේ රන්කිරි වල්ලියා ගොනා... බුහ් හඃ හඃ හා....

      Delete
    11. මල්ලියි මමයි අකුරට යන වෙලාවේ
      හපුතලේ කන්ද දැකලා බඩ දනවා
      සස්සඳ ගලේ ගල පල්ලේ උපන්නේ
      මේව අහල බඩ පලයං හෝයියා …

      Delete
    12. පත්තර මල්ලිගේ කවි ප්‍රතිභාව උතුරා ගලා යනවා

      Delete
    13. උඹ දැන් කෙල්ලො දෙන්නෙකුට උදව් කරපු කතා ලිව්වනෙ.තව කතා කීයක් තියෙනවද දන්නෙ නෑ.ඊළඟට ලියන්නෙ ඉවානෝවා පොල්ලෙ තියාගෙන ගිය කතාවද?

      Delete
    14. ෆිල්ම් එකක් හදත හැකි "හිතහොඳ කොල්ලා" කියලා

      Delete
    15. දෙවෙනි කොටස හැදුවහැකි " හිත හොඳ ඉවාන් - හැමදාම බඩින් " කියලා !!!!!

      Delete
    16. සක් මේ පත්තරයලා විදානෙලා ආශ්‍රය කරලා හැලපයියා නරක්වෙලා තියෙන තරම ,

      Delete
    17. අරු අයියේ මෙන්න මුන් ..........................................................

      Delete
    18. ඕං අපිනං සිංදු කීවෙ නෑ. අපි කිව්වෙ පතල් කවි . ඕ යේස් !!

      Delete
    19. පතල් කවි
      මහ බෝගලට අපි ඇවිදින දුකා
      ගැට්ට නැති මුට්ටි පොඩියේ උයා කකා
      පනන් විස්ස ණය වෙනකොට සිතේ දුකා
      සතර වරම් දෙවි පිහිටෙන් නොවන් දුකා

      දුම්බර කන්ද පාමුල මිනිරන් පතළේ
      බැහැලා බඹ තිහක් කලුගල සිදුරු කළේ
      බස්නාහිරට දෝනා දෙක ගමන් කළේ
      විස්තර කියමි දුම්බර මිනිරන් පතළේ

      ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
      කන්නේ කරවලයි රට හාලේ බතට
      බොන්නේ බොර දියයි පූරුවෙ කළ පවට
      යන්නේ කවදාද මව්පිය දකින්නට

      වල ඇතුලේ සොල්දරෙ වාසනාවන්
      සොල්දරෙ උඩින් දබරේ වාසනාවන්
      දබරෙ උඩින් දම්වැල වාසනාවන්
      දුප්පත් අපට පත්ලේ වාසනාවන්

      මිනිරන් පතල හරියට අපෙ ගෙදර වගේ
      බත් දෙන කෝකි අප්පු අපෙ අම්ම වගේ
      ලියන අප්පු පවුලේ ලොකු අයිය වගේ
      ලෝඩර් ගොල්ල හරියට මහසෝන වගේ

      මහ බෝගලට අපි ඇවිදින දුකා
      ගැට්ට නැති මුට්ටි පොඩියේ උයා කකා
      පනන් විස්ස ණය වෙනකොට සිතේ දුකා
      සතර වරම් දෙවි පිහිටෙන් නොවන් දුකා

      මී වදේ ලෙසට ඉල්ලම සොයා ගෙන
      එම වදේ ලෙසට කටු පණ තියා ගෙන
      ආයුදේ ලෙසට ඉල්ලම් කටු රැ ගෙන
      මේ සඳේ පතල් වල ඉල්ලම් කපන

      ඉර පායා එනකොට රැස් විහි දෙනවා
      සද පායා එනකොට තරු දිලි සෙනවා
      මල් පිපිලා සුවදට බමරුන් එනවා
      ලද නුඔ මතක් වෙන කොට හදවත දනවා

      කිරිමදු කොල කිරිමදු කොල කිරි අම්මේ
      කිරට අඬන අත දරුවෙකි මම අම්මේ
      අනුන් දෙන බතට වග බොහොමයි අම්මේ
      ඈත හිටන් කටහඬ පානුය අම්මේ

      මෙන්න ඔරිජිනල් පතල් කවි (කතෘ අඥාතයි) ගත්තේ මෙතැනින්...
      http://www.edulanka.lk/library/folk/pathal-kavi

      Delete
    20. හෆොයි වෙච්චි දෙයක්

      Delete
    21. විදානේ කවි ටික වටිනවා. මම කොපිකර ගත්තා පොඞ්ඞට කියලා දෙන්න.

      Delete
  3. ඔයාලට කවදත් ඉතින් පුරුද්ද තිබුණේ ඩයනලා ගැනයි මැණිකෙලා ගැනයි අරයලා ගැනයි මෙයාලා ගැනයි ලිය ලියා සම්ප්‍රදායික කාන්තාව පුම්බන්නනේ. කොන්ඩේ දිග ඩයනා වගේ අය නූතන ලෝකයේනම් හොයාගන්න අමාරු වෙයි.

    ReplyDelete
    Replies
    1. හත් ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු , ඔයා ඒ වගේ කියලා මම හිතන් හිටියේ ... ඔයත් දැන් නිකන් වර්ග පූර්ණිකාව වගේ ,මාර ෆන්

      Delete
    2. සුදු මුහුනයි හුරතලයයි - හරි අවදානම් !!

      නැද්ද ඇන්ටි..

      Delete
    3. කොන්ඩේ දිග ඩයනලා ගැන ලියන මිනිස්සුන්ගේ හිතේ තියෙන අනෙක් අදහස් ගැනත් මේකෙන්ම හිතාගන්න පුළුවන්.

      Delete
    4. ඇත්තට ඔයා විතරයි බලාගෙන ගියාම මගේ හිත තේරුම් ගත්ත එකම එක්කෙනා වනිතා

      Delete
    5. වෙන මොනවද ඉතිං, ඩයනව කසාද බැඳලා, ගෙයක් දොරක් හදාගෙන, පොඩි වාහන කට්ටකුත් අරගෙන, දරුවෙක් මල්ලෙක් හදාගෙන කාටතවත් කරදරයක් නැතුව ජීවත් වෙනඑක තමයි ඉතිං හිතේ හැංගිලා තියෙන්නේ...

      Delete
    6. මං හිතන්නෙ පරිනාමය වෙන්න වෙන්න කොන්ඩෙ කොට වෙනවා ගෑණුංගෙ .… ඕ යේස් !!!

      Delete
    7. කොන්ඩේ පුස් කනවා ?

      Delete
    8. වනිතා ඇන්ටිට නං ඒ ප්‍රශ්න නෑ :D

      Delete
    9. මම නම් හීන මවන්නෙ ඩයනා ගැන නෙමේ බොලවු මේ වනිතා ගැන. :D

      Delete
    10. තට්ට වනිතා ඇවිත්.... ඕ යේහ්... මාර හැපි ඇන්ටි ඔයාව දැක්කම! අපේ විමුක්තිකාමී ප්‍රින්සෙස්ට..... ජයවේවා!! අපේ වනිතා ඇන්ටිට..... ජයවේවා....!

      Delete
    11. හා හා දැං වනිත ඇන්ටිට කොල්ලො පිස්සු වැටිලා :D

      Delete
    12. මයේ සුකීරි බෝලේ වනි...

      Delete
    13. වනී හොද නිසා හොදයි අනී.. ඔය වේස කොල්ලන්ට.. හැක්.. මම නං වනීට කැමතියි..

      Delete
    14. මං නං වනිටත් මනාපයි වෙනිටත් මනාපයි.

      Delete
  4. me tike kiyawanne phone eken, ithin suddage sinhalen kotanawata samaawennoooo.. Anthimata nikan holman wagee :-( samaharawita bandinnama sidda wenna athi, kawda iwan aiye owwa danne ;-) :-(

    ReplyDelete
    Replies
    1. අප්පා කරුවා දැක්ක කල් ... උඹ හොල්මන් වෙන එක අහන්නත් දෙයක්ද බං මමත් හොල්මන් වුනු කොට

      Delete
    2. Weda weda weda aiye,.. hammee thawa kalpekata mata goda eamak nathoo habai eeta passe awruddakma thiyenawa natannai blog liyannai ;-)

      Delete
    3. බ්ලොග් පස්සේ බලන්න පුළුවන් දැන් ඔය තියෙන වද ටික කරගනිං හරියට

      Delete
  5. කවද කාපු ටකරංද?
    ඇඬෙනවා තනි ඇහැට ඒත් කඳුළු එන් නෑ... ලැම්බට් ගහන්න ගියාම ඔහොම වෙනවා ඉවාන්.. අනික ඩයනලාව තේරුං ගන්නං ආංබාං කරන්නයි ප්‍රගීත් පුංච් වැඩියි...

    බු දු ස ර ණ යි !!!

    ReplyDelete
    Replies
    1. පල යන්න කවුද ලැම්බට් ගහන්න ගියේ ,මම මේ සහෝදර ප්‍රේමයට ....නැතුව වෙන මොකටද?
      එනවා මෙතන තව බුදුසරණයි කියලා කින්ඩියත් දාන්න

      Delete
    2. ඩයනලා ෂැට් කොරගන්න මුගේ හිතේ මූ චාල්ස් කුමාරයා කියලා.. මූට දෙකක් ඇනපු නැති අරූගෙ කුංෆු හොඳා බල්ලන්ට !! චැහ්

      Delete
    3. @පත්තරෙ
      ,අර වෙලේ ප්‍රගිත් අඩලා තියෙන්නෙ ඩයනව නලවන්න ඕන නිසා අර සිංදුවක් තියෙන්නෙ අප්පච්චි දුවෙක් නලවන විදිය ගැන එක වගේ අවසානේ ඩයනට උනේ ප්‍රගිත්ව නලවන්නලු ..හැක්

      Delete
    4. මෙක උඩඩ එන්න ඕන කමෙන්ටුවක් මේ දවස් ව්ල ලැප ක්කො බිලා ...... :D

      Delete
    5. ඉවාන්, සහෝදර ප්‍රේමය.. ඔතන තමයි මුලින්ම එන පොට... ඒක හින්ද වෙන්න ඇති අර මැරෙන්න උනත් එකට හිටපු (සහෝදරයා වගේ හිටපු) අහිංසක මෝරා පැටියව තරහකර ගත්තේ..

      Delete
    6. අඩෝ පත්තරයා - මට ගහන්න ආවනං එදා තමයි උගේ කුංෆු ඉවරවෙන්නේ ... වෙන් මොකවත් නිසා නෙවෙයි මං මැරිලා ඌ හිරේ යන නිසා හැක්

      Delete
    7. මෝරා තරහ වුනා වගේද බං ඕක ගොඩ ගියානං..( එහෙනං මිනිය තමයි හොයාගන්න වෙන්නේ පස්සේ දවසක )

      Delete
    8. එදා අජන්තයා මුට ගහන්න කලින්ම තමයි මු අර පොල්ල දිගේ කදුළු කදුළු කියලා ලියලා තියෙන්නේ..... බයට චු යන එකෙක්ට ගහන්න තරම් අජන්තයා අමනුස්සයෙක් නෙවි

      Delete
    9. ඔව් ඔව් .… අජන්තයා කිව්වලු මල්ලි අඬන්න එපා මල්ලි මං අදහස අත ඇරගන්නං කියලා …

      Delete
    10. ඊ ලඟට කෙළ්ල (ඩයනා) කිව්වලු, පිස්සුද අජන්ත අයියේ ඔයා අත ඇරගන්න එපා කියලා

      Delete
    11. ඔව් ඔව්.… අජන්තම කිව්වලු මල්ලි උඹ ඉතිං ආසාව යනකං ටික දවසක් අතිං අල්ලං පලයන් මට අවුලක් නෑ කියලා .… මොක උනත් අජන්ත හොඳ එකා ඒ අතින්.

      Delete
    12. අනික මචන්ස්ලා මු වගේ එකෙක් කෙල්ලෙක්ව අතින් අල්ලනවා ඇරෙන්න වෙනමුකුත් කරන්න යන්නේ නෑ කියලා අපිටත් තේරෙන එකේ අජන්තයා උනත් බලන්න ඇති වෙන බොඩිගාඩ්ලා ඕනත් නැනේ කියලා
      අජන්ත පදින්න ඉවාන් රකින්න .... කොමද ටිකිරි මොලේ

      Delete
    13. යකෝ… අපහාස කරනවා කියලා මෙහෙමත් කරනවද බොලවු. :o

      Delete
    14. යකෝ මෙව්වා නම් මිලියන සීයක් විතර ගන්න වටිනා අපහාස යකෝ.. දනවා අලුත් කඩේ ලනග ප්ලේන්ටි කඩයක් අම්මප o යේස්

      Delete
    15. //මූට දෙකක් ඇනපු නැති අරූගෙ කුංෆු හොඳා බල්ලන්ට !// x 2

      Delete
    16. අඡන්තයාගේ බොරැ ඔික කුංෆු දන්නවනම් ඉවානයාට දෙකක් අයින්න තිබුනේනනා.

      Delete
  6. //නිල් මානෙල් මල් පොකුරකුත් අරන්...//
    මාත් ආසම නිල් මානෙල්වලට. :)

    අනේ පව් පොඩිලූශා...ඒ කාලේ පැණිලූශා වෙන්ට පුරුදු වෙන කාලේ නේ. :D

    ReplyDelete
    Replies
    1. පොඩිලූශා = පොඩ්ඩිගේ පවුලූශා .............. ;)

      හා හා තැනකුයි මෙයා ...

      ඔයා ආසම නිල් මානෙල් වලටද ?
      එහෙනම් එන්න නාමු දියේ බැස පීනා ..නිල් මානෙල් නෙලලා

      Delete
  7. පව් බං උඹ. එක බඩුවක් කුකුළෝ මරණවා. තව එකියක් කුං පූ කාරයෝ එක්ක යනවා. මොකාද උඹට අහු උන එකා. සොරි ඈ... එකී..

    බඩුවක් සෙට් උන ගමන්, වා නා වා. පෝ නම් පෝ කියලා. කෙලින්ම මම ඔයාට අදරෙයි කියහන්. ඔය ආදරේ කියන කෑල්ලට කෙල්ලෝ මාර පෙරේතයි. ඔය රේල බයික් වලින් ඇවිල්ලා කස්ටියක් මට නෙලුවා තොරණ හංදියේදි. ඒකත් ලව් ඉස්ටෝරියක්ම තමයි. ඒවා ලියන්න බෑ. ඒතරම් සෝකජනකයි. තනි ඇහැට ඇඬෙනවා අප්පා.

    ReplyDelete
    Replies
    1. පව්දත් අහනවා ... මොකාද මට සෙට් වුනු එකා කියලා තමයි මාත් මේ කල්පනා කරන්නේ ... :D

      මාතේ තොරණ හන්දියේදී නෙලපු සීන් එක ලියන්න බැරිනං මට කියහන් මම ලියන්නං ,,මේ අපේ ප්‍රියන්ත අයියට වෙච්ච් සීන් එකක් කියලා ... කෙලින්ම ආදරේ කියන්න ගිහිං රම්පෙට පොරි හැලෙන්න හම්බවෙයි කියලා බයේ තමා නොකියා හිටියේ

      Delete
    2. මමනම් හිතන්නේ නෑ මේ කාලේ කෙල්ලෝ කොල්ලන්ගේ ආදරයට ඔයතරම් පෙරේතයි කියලා.

      Delete
    3. ආදරේ ඉල්ලන්න් එන කාම පිස්සන්ට ගෑනුළමයි තමා මුලින්ම ගුටි පූජාව දෙන්න ඕනේ. දැන්කාලේ කෙල්ලෝ ඉස්සර වගේ නෙවෙයි බයනෑ කිසිම පිරිමියෙකුට.

      Delete
    4. බය වෙන්ඩ අපි යක්කුයෑ .. ආදරේ උනානං ඇති ඇන්ටි .… ඒකත් නෑ නෙවැ :D

      Delete
    5. අනික අපි කලු මදිද? කැත මදිද?

      Delete
  8. හැක් හැක් හැක් .................හැක් .... හිනා වෙන්න එපා බොලව් මටත් මෙහෙම මගුලක් තිබ්බා කියන්න කෝ ..වැඩිය කියලා ඉල්ලන් කන්න ඕන නෑ ,හැබැයි ඔය ප්‍රගිත්ට වගේ නෙවෙයි එක මට ඉබේ පාත් වුණ එකක් .... ;)))) කතාව අයේ උපරිම රසයි ,නියමයි *************************************************************************

    ReplyDelete
    Replies
    1. සහෝදර මොකක්ද බන් උඹේ සීන් එක , ලියපන්කො අපිටත් බලාගන්න ,ඉල්ලන කන්නේ පස්සෙනේ බන්

      Delete
    2. ඕකනෙ සහෝදර කියන්නෙ නිකං හම්බුනාම අගේ නෑ කියලා !!!

      Delete
  9. මා මෙතෙක් කියවූ ඔබේ ලිපි අතරින් හොඳම රචනා විලාශය සහිත ලිපිය මෙයයි. හොඳ තත්කාලීන යෙදුම්;

    //ඕස්ට්‍රේලියාවෙන් පැපුවා නිව්ගිනියාවට පිටුවහල් කරපු සරණාගතයෙක් වගේ // , //නිකං මැරඩෝනා ගෙන පාරක් කාපු ෆුට්බෝලේ වගේ වෙන්න ඕනේ නෑනේ// ,

    නිසා රසවත් බවෙන් ඉහලයි.

    අද ලෝකය කැරකෙන්නේ කොයි පැත්තටද කියලා හිතාගන්න අමාරුයි කියන එක මේ කතාවෙන් තහවුරු වෙනවා.

    ඉහලින්ම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම. දැන් වැඩිය අගේ කරන්නේ නෑ. මොකෝ මූ ඉදිමෙන නිසා නෙමෙයි. පරණ බ්ලොග් කාරයන්ට හට් ඇටෑක් හැදෙන නිසා.

      Delete
    2. ඔය එක මලඉලව්වක්කත් නෙමෙයි මාතයෝ මූ උඩ යන්න යන්න ඇනෝලගෙං බැනුං අහන්නෙ මං …
      අනේ වඳින්නං මූට හොඳයිනං කියන්න එපා … පිං අයිති වෙයි. !!!!!!

      Delete
    3. @ විචාරක - ස්තුති වේවා , ලෝකේ කැරකෙන හැටි තේරුම් ගන්න තියා හිතාගන්නවත් බෑ සමහර වෙලාවට . අගය කිරීමට ස්තුතියි නැවත වරක් .

      Delete
    4. මාතලන් - ඔය කතාවනම් කතා කරලත් වැඩක් නෑ.. ඔන්න් ඔහේ ඔන්න ... කක් ප්‍රීති වෙසක් කියලා ඉන්න තමා තියෙන්නේ ..

      පත්තරේ - මටත් හරි සන්තෝසයි අයි බං කොතැනක් හරි මට බනින්න පටන් ගත්තම් ඉවර කරන්නේ උඹට බැනලානේ .. අම්මේ එහෙම සැපක් ඒ වෙලාවට

      Delete
    5. @ විචාරක,
      ඇයි මේ කෑල්ල?

      /* ෂාහ්... ඔබ දකින දකින දිනෙක මහද පොකුණු තලාවේ.... කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ */

      Delete
    6. කතාව අන්තිම ජරාවක්. හයියෝ මොකට බැලුවද කියලා හිතෙනවා. ඕයි......මෙව්වා නොලියා තියන වැඩක් පොලක් බලාගන්නවකෝ.

      ඔන්න පත්තරයෝ උඹ කිව්ව විදිහටම කමෙන්ට් එකක් දැම්මා.

      Delete
    7. කකා,

      ඕකම තමා මටත් පත්තු උනේ.

      Delete
    8. ආන්න විචාරක සෑර් ඒකනෙ මං කියන්නේ.. මේව මොනවද මේ මාත් කීව මේව ලියල අපේ කාලෙ කන්ඩ එපැයි කියල. කෝ අහනවැයි. දැං බලමු ඔබතුමා වත් කීවම් මේකා අහයිද කියලා.. ඒත් නැත්‍තං බලමුකෝ !!!!

      Delete
    9. @ කකා. නියම සින්දුවක් මම හරි ආසයි. මගේ ළඟ එම් එස් ගේ ගීත එකතුවක්ම තියනවා. බොහෝවිට ඉතින් රසවිතක් සමග තමයි රස විඳින්නේ.

      Delete
    10. @විචාරක
      ඒ එම් එස් ගේ පැරණි රසාංගය අර හිස් ටින් එකක් වගේ ගීතය මෙන්අද තත්කාලීන යෙදුමක් බවට පත්වෙලා!

      ඒ දෙරණ නාලිකාවේ පසුගිය දා විකාශය වුණු "පිබිදෙන ගායක පරපුර" වැඩ සටහනේ ජයග්‍රහණය කළ එම් ජී දනුෂ්ක මේ ගීත කියූ නිසායි.

      Delete
  10. කොයි අක්කත් ඔහොම තමයි බන් ..

    ReplyDelete
    Replies
    1. අන්න එකනේ කියන්නේ .. දන්නෝ දනිති නැද්ද මචං

      Delete
  11. උඹේ රචනා විලාසයට මාව වශී වෙලා ගියා ඉවාන් මල්ලි,අත්දැකීම් නං උඹ දෙනව මොකුත් නෑ රම්පෙට පොරි හැලෙන්න.හරිම අලංකාරයි.හොඳ නැති කතාවලට හොඳ නෑ කියනව වගේම හොඳ කතා අගය කරන්න නිර්ලෝභී වෙන්න ඕනැනේ.
    අර ඩයනව පොල්ලෙ තියාගෙන පැදපු ටික කියවනකොට මට මතක් උනේ කොල්ලෙක් ලේඩීස් සයිකලයක් පැදගෙන යද්දි හෙළුවෙන් හිටපු කෙල්ලක් පොල්ලට ගොඩඋනු කතාව බං.

    ReplyDelete
    Replies
    1. එතකොට පොල්ල කැඩුනෙ එහෙම නැතෙයි

      Delete
    2. ඒක කැඩෙන් නෑ පුරුක් ගැලවෙනවලු බං.. !!!

      Delete
    3. අර රැයක් තිස්සේ ඇලට බැහැ බැහැ පොඟවපු හැලපයියාගේ පොල්ල නේද?.. පුරුක් ගැලවිලා ගිහිං තව ඒවා ලියලනවා ඇති

      Delete
    4. හෙළුවෙන් හිටපු කෙල්ලෝ පොල්ලට ගොඩ වෙච්ච කතා දාලා නිකම් කාන්තාවන්ට නිග්‍රහ කරන්න එපා. මේ කාලේ කාන්තාවන්ට ඔය කාගෙවත් පොල්ලවල් උඩට ගොඩවෙන්න උවමනා නෑ. අනෙක මේ වගේ කැත කතා කියන්න එපා බ්ලොග් එකක.

      Delete
    5. @ හලපයියා - තැනකුයි කිව්වා ඔන්න , අපි දන්නවා හලපයියේ .. ඔයා ඉතින් රටේ එකයි බඩේ එකයි නැතුව හිතට එන එක කෙලින්ම කියන බුවා කියලා . අපිත් කැමති එකයි .. මමත් අහන්න ගියේ පොල්ලට මොකද වුනේ කියලා ..

      Delete
    6. @ පත්තරේ & විදානේ - මමත් අහලා තියෙන්නේ පුරුක් ලියලනවා කියලා ..

      Delete
    7. @ වනිතා - මෙතන පොල්ල කියන්නේ බයිසිකලේ හරස් පොල්ල .. ඔයා මොනවද හිතුවේ ..චී හරි නෝටි මෙයා ඔයා

      Delete
    8. වනිතා,සකල කාන්තා පරපුරම නියෝජනය කරන්න ඔයාට ලයිසන් එකක් ලැබුනෙ කවදද?පොඩි කොල්ලන්ගෙ බ්ලොග්වල ඔයා ලෙස්බියන් ප්‍රමෝට් කරන්න එන්න එපා හරිද?ආව මෙතන කෙල්ලන් වත් නරක් කරන්න.

      Delete
    9. @ වනිතා, යකෝ මේ මනුස්සයා පොලුත් එක්ක පුදුම තරහක්නෙ තියෙන්නෙ. කිසිම පොල්ලක් පේන්න බෑනෙ. මම අහන්නෙ බයිසිකල් පොල්ලක් වත්. :D

      @ හැලප අයියෙ, ඉතිං ඒ කෙල්ලවත් පොල්ලෙ තියන් බයිසිකලේ ගොඩක් දුර පැද්දැයි? ;D ;)

      Delete
    10. අනේ ප්‍රියා මං අහිංසකය බං,පේනවද මේ අංකුරෝ දෙතුන් දෙනා ගහල තියෙන මඩ තොගේ.උන්ගෙ හිතේ ඇති කොබෝ නයෙක් කියල පුරුක් ලියලන්න.

      Delete
    11. හේ,හේ මොකක්ද හැලපයියේ ඒ කතාව...:D ?

      Delete
    12. කොබෝ නයා...................හීහ්....................හී.........................නියම කියමන හැලපේ...............දැන් ඔය පරණ බෙන තියන කට්ටිය බය වෙනවා ෂුවර්.

      Delete
    13. හැලපයිය බයිසකලේ පැද්දෙ නෑ කරේ තියංලු ගියේ ආව ෆිට් එකට :D

      Delete
    14. //මේ කාලේ කාන්තාවන්ට ඔය කාගෙවත් පොල්ලවල් උඩට ගොඩවෙන්න උවමනා නෑ//
      Dildos !!

      Delete
    15. Helapa kade සමස්ථ නූතන කාන්තා පරපුරම නියෝජනය කරන්න ලැයිසන් තියෙනවා. ඔයාල වගේ පිරිමින්ගේ කාම තෘප්තිය වෙනුවෙන් කැපවෙන කාන්තා පරපුර නියෝජනය කරන එක නූතන කාන්තාවන්ට අයිති නෑ.

      Delete
    16. අරින්ඞ එපා ඇන්ටි.. හැලපේලාගේ අර මොකක්ද තෘප්තිය (ලැඡ්ඡාවෙන් ඇඔරේමින්) වෙනුවෙන් නුතන කාන්තාව පාවිච්චි කරන්න දෙන්න බෑ.
      (රහසින්) ඇන්ටි ඔය නුතන කාන්තාව ලස්සනයිද? බැදලද? ගෙවල් කොහෙද?

      Delete
    17. ඩයලොග් ද මොබිටෙල් ද පාවිච්චි කරන්නෙ ??

      Delete
  12. නිවාඩු පාඩු ඉරිදා දවසේ කියවපු රහම කතාව....මල්ලියේ උඹ ඉවරයි...අහු වෙයන් වයිබරේ පැත්තේදී මඩ නාන්න.....
    නියම ම කතාව ඈ....

    ReplyDelete
    Replies
    1. හප්පේ විනාසයි , අක්කට මාට්ටු ... දැන් ඉතින් වසලා හමාරයි ... ඔයාගේ බ්ලොග් ඇක්ටිව් වෙලා තියෙන එක ගැනනම් සන්තෝසයි අප්පා මොනා වුනත්

      Delete
  13. ඇයි බං උඹ අපිට මෙහෙම කරන්නේ. උඹ කුංෆු අජන්තයා දාලා මගේ පපුවට පයින් ගැස්සෙව්වා වගේ. සියල්ල සිදුවන්නේ හොඳටය කිව්වොත් මම උඹටත් ගහනවා තැපෑලෙන් වදින්න.

    ReplyDelete
    Replies
    1. :O ,හෑ ....

      මොකක්ද ඒ පාර වෙන්න යන්නේ ... තැපෑලෙන් වදින්න් ගහනවා කියපු කතාව නම් මට ඒ තරම් දිරෙව්වෙ නෑ ...

      පපුවට පයින් ගස්සෙව්වා කියන්නේ............. හා හා මොකක් හරි හුට්ටප්පරයක් තියෙනවා වගේ ...ළඟදීම තැපෑලෙන් වදියි මටත් එහෙනම් මට පෙන්නේ

      Delete
    2. තව රසබර කතා ගොන්නක් එලියට පනී වගේ. ;)

      Delete
  14. හයියො බොටත් වෙන දෙවල්.අර පත්තරය කිවුව වගෙ අරුගෙ කුන්පු දාන්න ඔන බල්ලට.
    මගක් කියවද්දි මෙ සින්දුව මතක් වුනා

    තනියමවත් යන්නට බැරි කුඩෙ යටින් ඔබෙ ලගින්
    නොතෙමි තෙමි තෙමි සතුටින්
    යන්නට් තිබුනා///
    (ක්‍රිෂාන්ත එරන්දක )

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය සින්දුව් අමටත් මතක් වුනා , ඒ කාලේ ඕක තිබ්බේ නෑනේ .. අනේ උගේ කුංෆු ..මට ගැහුවනම් එහෙම ඉතිං (මොනා කරන්නද ගුටි කාල නිකන් ඉන්නවා )

      Delete
  15. අයියෝ...... අන්තිමට කුමුදු අක්කට කඩේ ගියේ.....ප්‍රගීත් නේ.....ලැජ්ජාවේ බැ.....

    කතාව හොදයි... ඉවාන්....

    ReplyDelete
    Replies
    1. ලැජ්ජාව කියන්නේ ලජ්ජාවයි විලි ලැජ්ජාවයි

      Delete
    2. කඩේ ගිහින් ගිහින් සපත්තුත් ගෙවිලා පව් අනේ අහින්සකය. දුකේ බැරුවා

      Delete
  16. බලන් ගියාම උබ සැහෙන්න පොඩිකාලේ ඉඳන්ම කාන්තා හිංසනයට අහුවෙලානේ බන්................
    ලියලා තියෙන එක කොච්චර රසද කියනවනම් ගහන්න මඩක්වත් ඔලුවට එන්නේ නෑ මචෝ (දැක්කනේ බොක්කේ තියෙන ඒවත් එලියට පැන්නා )
    ඊලග රව්මේදී අයෙත් මඩ ටිකක් ගහලා යන්නම්කො

    ReplyDelete
    Replies
    1. අනේ උඹ අහිංසකයා මැද ගහලම නෑ.. මේ දවස් වල මැලේසියා එන්න බයයි නැත්තම් ඇවිත් ගහලා යන්නේ අම්මපා

      Delete
    2. ඒක කාන්තා හිංසනේද බං.. චැහ්. මං හිතුවේ වැඩ බැරි ටාසන් වගේ ෂීන් එකක් . ඕ යේස් :D

      Delete
  17. ඉතිරි හින්සනේ නොව මේ පුරුෂ හින්සනේ
    අක්කල සෙට්වෙලා හිටියම වෙන්නේ මේ ඇනේ
    සිහින ලෝකේ පාකරලා බිම දොක්කන්නේ
    අනේ පවුනේ පවුලුෂා තෙමන් කොට ඇනේ

    ReplyDelete
    Replies
    1. ඇන තෙමන්නේ කොහෙද වෙච්ච සංගදිය
      කියා ගන්නවත් බෑ ඒ කෙන්ගෙඩිය
      ලජ්ජාවෙන් හංගාගෙන ඔලු ගෙඩිය
      ජීවනලා දකින හැම තැන මග ඇරිය

      Delete
  18. පව් වැඩේනේ මටත් දුකයි දැන් අර භාගෙට හොටු පෙරාගෙන අඬන ඉවාන් ව මතක් වෙලා.
    මේක කුකුළු කතාවටත් වඩා රහයි.

    ඇයි කොයි රටේද කොන්ඩේ දිග ඩයනලා හිටියේ. එන්න එපා එයාට කවුරුත් සමාන කරන්න ඒ කාලේ මගේ ෆේවරීට්ම කාන්තාව. ඉස්සර මම හිටියේ ඩයනාට වශී වෙලාද කොහෙද. ඒක හින්දම එය ඇක්සිඩන්ට් වුන තැන, මිය ගිය රෝහල පවා බලන්න ගියා. එයා මැරුණේ මගේ උපන්දිනේට එලිවෙන්න හින්දා අවුරුදු ගාණක් යනකම් උපන් දින සැමරුම් කලෙත් නෑ. ඔන්න අපේ ඩයනා ප්‍රේමය.

    ReplyDelete
    Replies
    1. මං ඩයන එක්ක පින්තුරෙකුත් ගත්ත නොවැ රංගි දන්නවද.

      Delete
    2. එයා ජීවත් වෙන කාලෙ? නියමයිනේ.
      එයා එක්ක මගෙත් පින්තූර තියෙනවා හැබැයි අර මිය ගියාට පස්සේ ඒවා.

      Delete
    3. පින්තුරෙ ගත්තෙ නං මැඩම් ටුසාඩ්ගෙ වැක්ස් මියුසියම් එකේ.කා එක්කවත් කියන්න එපා.

      Delete
    4. පව් වැඩේ කියන්නේ රංගි අයේ කියලා වැඩක් නෑ.

      කොන්දේ දිග ඩයනලා හිටියේ කිව්වේ කුමුදු අක්කව දැක්කනම් රංගිත් කියන්නේ ඒ නාමං තමයි ආයේ ඇරපු අතක් නෑ. රංගි මාර ඩයනා ලෝලියෙක්නේ

      Delete
    5. ශක හැලපයියාත් එතකොට ඩයනාගේ පෙමවතෙක් එහෙනම් ඈ.. මරුනේ

      Delete
    6. හැලප අයියෙ අපි මලාමත් අපෙ පිලිම එහෙම ඕකෙ හදයි නේ ?? මොකෝ අපි කියල සෙල්ලංයෑ ?

      Delete
    7. //අපෙ පිලිම එහෙම ඕකෙ හදයි //

      PM, වීදුරු වලින් හදල පුරවල තියෙයි සෝඩ නැතුව

      Delete
    8. අනේද කියන්නෙ ප්‍රා .. :D දවසේ කතාව බං.

      Delete
  19. ඔය සල්ගාදු හෝටලුත් හරියට ගම්පහ බෙහෙත් ශාලාවල් වගේ රටේ හැම ලොකු ටවුමකම තියෙන බව ඉවාන් දන්නවද?අනුරාධපුරේ කළුතර එහෙම තියෙන සල්ගාදු හෝටලවලින් මම කාලත් තියෙනව.ඔය බදුල්ලෙත් තියෙන්නෙ අපේ ටවුමෙ නැතිවුනාට.

    ReplyDelete
    Replies
    1. බදුල්ලේ එක නම් මටත් මතකයිද කොහෙද. බස් ස්ටෑන්ඩ් එක පැත්තේ නේද තිබ්බේ? බදුල්ලේ මම ආසම කෑම කඩේ ජාඇල හෝටලය. කාන්තාවෝ තමයි වේට්‍රෙස්ලා. කිරිබත් රොටී ඉඳි ආප්ප කනන් කියාපු තැන.

      Delete
    2. අයි අනේ මොරටුවෙ දෙකක් තියෙනවා පානදුරෙත් තියෙනවා මට ඔය තුනේ ණය පොතුත් තියෙනවා

      Delete
    3. @ හලපයියා - සල්ගාදු හෝටල් හැමතැනම තියෙනවා කියන කතාව මාත් අහලා තියෙනවා . බදුල්ලේ එකනම් තාමත් තියෙනවා .

      @ රංගි - ඔව් බස් ස්ටෑන්ඩ් එක ගාව තමයි . ජා ඇල හෝටලේ තියෙන්නේ ස්ටේෂන් එක ගාව.ඔය ජා ඇල එකේ තමයි හොඳම උළුඳු වඩේ තියෙන්නේ

      @ රාළේ - අනේ යකෝ ..රටටම පොල්ල තියලා රට පැනලා ඉන්න අපූරුව

      Delete
    4. මාත් අනුරාධපුරේ එකෙනුයි කළුතර එකෙනුයි කාල තියනවා හැලපයියෙ..

      Delete
    5. සාල්ගාදු අපේ පොට් එකක්නේ බං

      Delete
  20. හම්මේ ඉතින් උඹ අක්කලාට ඒ කාලෙ ඉඳන් ලයින් දාල තියනව නේද?

    ReplyDelete
    Replies
    1. අපරාදෙ මැට්ටා.... අක්කට වචනෙ දැම්මනම් උඹටත් ලැම්බට් කොක්කක සාඩම්බර හිමිකරුවෙක් වෙන්න තිබුනනෙ....

      Delete
    2. අක්කට වචනේ දැම්මනම් ලැම්බට් කෙසේ වෙතත් කොක්කේ එල්ලෙන්න නම් තිබ්බා අපූරුවට .. ඒකාලේ ඉඳන් ලයින් දානවද කියන්නේ යකෝ, මොකෝ මම දැනුත් ලයින් දානවද? පල යන්න මෙතන

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  21. Ude indan paadam karan hiti Physics tikath amathaka una bolaw me kathaawa kiyawala.. Dan exam ekata bicycle 1 giya wegaya, Ajanthage Kung- Fu paaraka gamyathaawaya ehema thamaa hoyanna wenne..
    Kathaawa ela. Eeta passe Mora yaalu une nadda?

    ReplyDelete
    Replies
    1. ගම්‍යතාවය තමා .තව ටිකෙන් මූන හතරැස් වෙනවා. මේ උඹ පාඩම් කරාපන් මේ ඉලව් පැත්තකට දාලා

      Delete
  22. Ude indan paadam karan hiti Physics tikath amathaka una bolaw me kathaawa kiyawala.. Dan exam ekata bicycle 1 giya wegaya, Ajanthage Kung- Fu paaraka gamyathaawaya ehema thamaa hoyanna wenne..
    Kathaawa ela. Eeta passe Mora yaalu une nadda?

    ReplyDelete
  23. කුමුදුට මොකද කොන්ඩේ දිග කෙසේ වෙතත් ඩයනා කියන්නේ..

    ReplyDelete
    Replies
    1. එක තේරෙයි එයාව දැක්කනම් මොනරිටත්

      Delete
  24. උඹ ලියලා තියන විදිහ ගැන නම් කියන්න දෙයක් නෑ පට්ට. මට තාම හිනා බොල. විශේෂෙන්ම මෝරාව ඕස්ට්‍රේලියාවෙන් පැපුවා නිව්ගිනියාවට පිටුවහල් කරපු සරණාගතයෙක් කරපු ටික එහෙම.

    ඒක නෙමේ ඇත්ත කියහන් අජන්තට කුංෆු අජන්ත කියන නමට අමතරව පත්තරයා කියලා නමකුත් තියෙනවා නේද? :D

    ReplyDelete
    Replies
    1. තැන්කිව් වේවා , පත්ත්රයා කොහෙද බං එච්චර වැඩ කාරයෙක් වෙන්නේ . ඕකා දන්නා බම්බුව්ව් . ඕකා දන්නේ අනුන්ගේ සින්දු කොපි කරලා ලියන්න විතරයි , බොරුනම් අරූ අයියගෙන් අහපන්

      Delete
    2. අම්මෝ අරූ අයියගෙ නම කියන්න එපා මං බයයි !!!
      ඔය මං ටෙරේල් බයික්කෙං බැහැල හූ ආ ඉයා හූ ගාල වනල බ්‍රූම් ගාල කෙල්ල බයික් එකෙ තියං ගියපු කෑල්ල මූ මේකෙ ලියල නෑ බං. කතාව අසම්පූර්ණයි .. බාගෙයයි ලියල තියෙන්නෙ .චැහ්

      Delete
  25. අයියූ කුමුදු අක්කා ඔයාට විතරක් නෙවෙයි අපිටත් බලාපොරොත්තු ඇතිකරලා අන්තිමට බූට් එකක් දුන්නා වගේ..මම හිතුවෙම ඕක නිකන් සන්නස්ගලගේ වස්සාන සිහිනය වගේ වෙයි කියලා..හාර්ට් බ්‍රෝකන්! :(

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ. ඔයාට කියවලා හාට් බ්‍රෝකන් නම් ,මට මොනා වෙන්න ඇද්ද කියලා හිතාග්නං පුලුවන්ද ? සන්නස්ගලටත් හොල්මන් වෙන් සීන් එකක් මේක

      Delete
    2. අනේ මචී මුගේ ක්‍රශ් කියෝනවනම් හිනා වෙන්න බලන් එන්න අෆ්ෆා... තියෙන්නෙම ඕම අන්දෝ සංසාරයක් නැති බූට් සීන්ම තමයි. ඔයා අර කුකුල්ලු මරන කෙල්ලගෙ එක කියෙවුවෙ නැද්ද?

      Delete
    3. @ඉවාන් :
      කියලා වැඩක් නැති නිසා කියන්නේ නෑ..:D
      සාලේ මැද්දේ කාර්ඩ් එකත් බදන් ඇදන් නොවැටිච්චි එක නෙව පුදුමේ කියන්නේ..ඒ කාලේ ලැට් @ 8 එහෙම තිබ්බේ නැතුව ඇති..නැත්නම් ඒකේ සිද්ධිය රඟපාල පෙන්නාවි ඒක පාර්ශ්වික ප්‍රේමයක් තරුණ ජීවිතයක් බිලිගත්තේ මෙන්න මෙහෙමයි කියලා..D :D

      Delete
    4. @බස්සි : නෑ නේ බන්..මොකද්ද ඒ සීන් එක? හොයන් කියවන්න ඕන දැන්මම..පව් අෆ්ෆා එක අතකට ඉවාන්ගේ සිකුරු හෙන අස්පට් ඇති කේන්දරේ..දැන් හරි දෙයියනේ කියලා එකලාසයක් වෙලා ඉන්න එක හොඳයි මම හිතන්නේ :P

      Delete
    5. යකෝ මුන් දෙන්න මඩ මැෂින් දෙකක්නේ ... මඩ ජොයින්ට් වෙන්චර් එකක් දාලද ?

      Delete
    6. මඩ නෙවෙයි මෙව්වා අපේ නිර්මාණශීලී චින්තනය..:P

      Delete
  26. ඒ කියන්නේ කෙල්ලෝ කැමති තමුසේ (සහ තවත් වචන) කියා බණිමින්, තර්ජනය කරමින්, කඳුළු මතු කරමින් ලව් කරන්නට මෝටර් සයිකල්වලින් එන පොරවල්වලටයි.

    ඒ කාලේ මේ බවක් දැනං හිටියේ නෑ නේ!

    ReplyDelete
    Replies
    1. කකාට කියන්න ඔය ඉන්විටේෂන් එක අතට ගත්තට පස්සේ මටත් හිතුනේ ඕකමයි . මමත් ඔක දැනගෙන හිටියේ නෑ. මං හිතන්නේ එහෙම වෙන්න ඇති. කොහොමත් ඉතින් ඒ කාලේ ට්‍රේල් බයික් එකක් ගන්න කියලයි

      Delete
  27. මාතෘකාවෙන් අන්තිම හිතුණා... ඒත් ඉතින් අජන්තව බඳී කියල නම් හිතුවෙ නෑ....

    ReplyDelete
    Replies
    1. ඔයා හිතන්නේ කොහෙද මම හිතුවෙත් නැතිකොට

      Delete
  28. ඉවාන් අයියටත් තිබුණෙ කුංග්ෆු ක්ලාස් එහෙකට ගිහිල්ල හොඳවැයින් ෂොට් ටිකක් ඉගෙනගන්න.. :D

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙයි ඉගෙන ගන්න වෙන්නෙත් උගෙනම නොවැ බං. රිහසල් එකටත් කන්නයි වෙන්නේ

      Delete
  29. අර ගන්දරයටත් ඔයිට කිට්ටු සීන් එකක් වෙලා තිබ්බ. මෙන්න ඒ කතාව.

    https://docs.google.com/file/d/0B_HvC0KAHgmDeWNKcFR5aXN1ck0/preview

    කකා කිව්ව වගේ සමහ කෙල්ලො කැමති මෝටර් සයිකල් වල එන දරුණු අය්යලට තමා. ආයි හෝදන්න දෙයක් නෑ අත්දැකීමෙන් කියන්නෙ.

    ඒ කාලෙ ඉවානය දිනෙෂ්ගෙ සුළඟ වගේ ඇවිදින් කියවල තිබ්බනං එදා මුතියංගනේදි අක්ක අත්දෙක් මිරිකල දිවිල්ලෙන් එහාට කතාව යන්නත් තිබ්බ.

    මචෝ උඹ ඔය කවි ( වගේ ඒව ) ලියනවට වඩා මම හිතන්නෙ සාර්ථක කතා වලදියි. මට මතක් උනේ මහේෂ් රත්සර ගෙ මල් පත්තර කතා. ඒවත් අපි මාර රහකින් ආසාවෙන් කියෙව්වෙ. අර සුජීවයගෙ වගේ බොළඳ නැති ඒත් පැනි බේරෙන ආදර කතා.

    මේකත් අන්න ඒ වගේ.. උපරිමයි!!

    ReplyDelete
    Replies
    1. තැන්කිව් වේවා ඉන්දික ...

      ඒ දවස් වල නෙවෙයි ඊට පස්සේ කාලෙක නම් මං කොහෙන්දෝ හම්බවෙලා දිනේෂ් කොළඹගේ ගේ සුළඟ වගේ ඇවිදින් කතාව කියෙව්වා. එක කියවලා තමයි අර " ඔබ මලක් වෙලා වන අරණේ පිපේවි ,මා සුලන් රැලක් වී ඔබ පිස හමාවී " සින්දුවට ආස වුනේ , ඒ දවස් වල ඕක තුන් හතර පාර අහනවා .

      Delete
  30. මටත් මතක් උනේ සුලඟ වගේ ඇවිදිං එක තමා. පව් බං උඹ

    ReplyDelete
    Replies
    1. පව් කිව්වට උඹල ආවැයි උදව්වට ...

      Delete
  31. කමෙන්ට් නොවෙන්න මම හිතුවේ නිර්මාණයක් කියලා.

    ReplyDelete
    Replies
    1. ඔය කමෙන්ට් කරන එවුන්ගේ බොරු මදාරා ... අපි ඔහොම් වැඩ කරනවැයි.

      Delete
  32. අනේ බං උඹට අහුවෙන්නේ එකම අච්චුවේ ඒවා වගේනේ අර උඩින් මාතලන් ලොක්කා කියලා තියෙනවා වගේ...:D

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ , මචෝ .... කොහෙද උඹලා හිටියට වැඩක් ඇතයි .

      Delete
  33. සැක්.. අක්කලාටත් පැනි හලලා නේ මුන්. අපි නම් නෑ නෙ ඕවට.

    ReplyDelete
    Replies
    1. අනේ අපි නොදන්න වීරේ ... එහෙම හිතමුකො

      Delete
  34. හැබැයි බං උඹට ඔය කාඩ් එක දුන්න වෙලාවෙවත් කියන්න තිබ්බේ ආදරෙයි කියලවත්.. මමත් ලයින් අක්කට ලවු කියලා කිවුවේ එයා බඳිනවා කියලා මට කිවුව වෙලාවෙනේ.. ඔය අපි අදටත් සතුටින් සමාදානයෙන් ඉන්නේ.. මොනා වුනත් සිරා කතාව ඈ..

    ReplyDelete
    Replies
    1. කොහෙද ඉතිං ..උඹලා හිටියට ඔහොම දේවල් කියලා දෙනවයි , අනේ යකෝ ..මෙහෙමත් යාළුවො .ඔක්කොම කෙලවුනාට පස්සේ තමා කියන්නේ

      Delete
  35. හපොයි... ඉවාන් ගොය්යටත් වෙන වැඩ...
    හැක් හැක්....
    මට මතක විදියට එක්කෙනෙක් කුකුල්ලු මැරුව..
    දැං අනිකව කුංපු කාරයෙක් ඉස්සුව...
    පව් අනේ...

    අපූරුයි කතාව ලියන තියෙනව ඉවාන් අය්යෙ...
    ජයවේවා

    ReplyDelete
  36. //ඉතිං යකෝ මම වගේ සුරා සූදුවෙන් තොර සත් ගුණවත් අහිංසකයෙක් කොහොමද ඔය කඩේ ඇතුලේ ඉඳන් මාට්ටු වුනාම ..//අනේ පලයං යන්න...

    අක්කා ලවු අත්දැකීම නැති එකෙක් ඉන්නවා නම් පුදුමයි...අඩුම තරමේ ඒකපාර්ශිකව හරි...මේ උඹ වගේ....

    ඔක්කොමත් හරි උඹේ උපමා උපමේය ටික තමයි මරු ....පට්ටයි ලියවිල්ල අයියණ්ඩි ...

    ReplyDelete
  37. මම ඉස්කෝලේ යනකාලේ අක්කා කෙනෙකුට ආදරය කරා, ගහගෙන මරාගෙන ලව්කරේ. අපිට කි්ව්වේ අසම්මතයේ ප්‍රේමය කියලා.
    උඔට මතකද තරැනයා පත්තරේ ගියා දිනේෂ් කොළඔගේ ලිව්ව සුලග වගේ ඇවිදින් කියලා කථාවක් ඒකෙත් තියන්නේ ඔයවගේ ස්ටෝරියක්.
    මට හිතෙනවා අක්කගේ හිතේ උඔ ගැන කැමත්තක් තියෙන්න ඇති කියලා.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රේම කතා සේරම ඇතුලේ තියෙන්නේ කාමුක පෙළඹවීමක් විතරයි. ඔය ආදරයත් අනිතිමට කෙලවර වෙන්නේ ගෑනු පිරිමියාගේ කාමුක වස්තුව බවට පත්වෙලා. මේක වෙන්න ඕනම දෙයක් නෙවෙයි.

      Delete
    2. //අනිතිමට කෙලවර වෙන්නේ ගෑනු පිරිමියාගේ කාමුක වස්තුව බවට පත්වෙලා.//

      ලෙස්බියන් සීන් එක වුනත් හුගක් පිරිමින්ගෙ ෆැන්ටසි එකක් වනිතා, එක්කො voyeurism සදහා එහෙම නැත්තම් threesome සදහා.

      ෆ්‍රොයිඩ් විග්‍රහ කලා වගේ ඔක්කොම එතනට තමයි. හැබැයි ෆ්‍රොයිඩ්ගේ න්යායයන් දෙපාර්ශයමට අදාලයි !!

      Delete
    3. මෙන්ඩා … හා හා ඔය එන්නේ පිපී පිපී …

      Delete
    4. දැන් එහම වෙන්නේ නෑ අක්කන්ඞි, මමයි අපේ ගෑනිය් දෙන්නම කිරිත් එක්ක සමහන් බොනවානේ. අපේ ආදරය කෙලවර වුනේ මම ගෑනිගේ කාමුක වස්තුව බවට පත්වෙලා.
      පත්තර මල්ලි පිපී පිපී නේමෙයි මගේ ඇගේ මාලු ග‍ගේ නටනවා.
      Pra Jay අනේ මචං මට නම් උඔ කියපුවා තේරැනේම නැහැ

      Delete
  38. හෑ හයියෝ උඹ කුංෆු අජන්තගෙන් කාපු නැති සම්ම්බුව කවදා හරි මගෙනුයි,බස්සිගෙනුයි කන එකත් කනවා අපිත් මේම හිටියට කරාතේ ශූරියෝ ඩෝව්..........වෙඩින්කාඩ් එක දෙන්න ගිය සීන් කෝන් එකට සබැඳි පොඩි කතාවක් තියෙනෝ පස්සේ කියන්නම්.......

    ReplyDelete
  39. ඇත්ත සීන් එකක්ද?

    ReplyDelete
  40. ඒ බං අපේ පැත්තෙත් එහෙම නේ.. ට්‍රේල් බයික් එකක් තිබුන නං කෙල්ලෝ ඕසේට.. ප්‍රගීත් කොලුවට පව් නේද??

    ReplyDelete
  41. ඕං බලාපන් ඉතින් කෙල්ලොන්ගෙ හැටි, කාටද විශ්වාස කරන්න පුළුවන්. අනික සර්වෝදෙන් මේ වගේ පුණ්‍ය ක්‍රියාත් කරන බව අදනේ දන්නෙ. :)

    ඔය අක්කලට ලව් කිරිල්ල ගැන කියනකොට හැමෝටම මතක් වෙන්නෙ සුළඟ වගේ ඇවිදින්. ඔය පොත කියවන වයස අනුව ඒකෙ රසවිඳීම වෙනස් කියල මම හිතනවා. මොකද මම ඒක මුලින්ම කියෙව්වෙ ඕලෙවල් කරපු දවස්වල, ආයෙ මොනවද දවස් දෙක තුනක් යනකන් නිකන් උස්සල පොළොවෙ ගහපු වගේ හැඟීමක් තිබුනෙ. ඊට පස්සෙ ඒක කියවද්දි නම් ආයෙ ඒ තරම් තදට වැදුනෙ නෑ.

    මොනා උනත් උඹ ලස්සනට ලියනවා බං. ඒක නම් නොකියම බෑ.

    ReplyDelete
    Replies
    1. අම්මේ ඒ පොත.. ම‌ෙ තාමත් මතකයි අප්ප.. ඔය ලව් මළ ඉළවු ගැන ලියපු මගෙ හිතට වැදිච්ච එකම සිංහල පොතද මන්ද... හි හි

      Delete
    2. ඉස්සරවෙලාම ගියේ තරැනයා පත්තරේ කොටස් වශයෙන් ඒ කාලේ අක්කකෙනෙකුට ලව් කරන එක විරකමක් වගේ.

      Delete
  42. පරක්කු වෙලා ඇවිත් කමෙන්ට් කියෝනකොට මාර ගති අප්ප... මේ දවස්වල මිස්ට් බීන් වගේ වනිතත් හැමතැනම ඉන්නව... හි හි...

    හැලප්ස් බය වෙන්න එපා... ඔය එයා නියෝජනය කරන ජාතිය වඳ වීමේ තර්ජනයට මුහුණපාලා ඉන්න සත්තු කොට්ඨාසයක්...

    ReplyDelete
  43. ඔය ට්‍රේල් /හොනට් කියන්නෙ කොල්ලෙක්ගෙ ජීවිතේ එක පරිච්ඡේදයක් බං …

    ReplyDelete
  44. ඔය ලැම්බට් ලව් අත ඇරලා දාපන් බං අයියේ

    ReplyDelete
  45. දැන් අක්කගේ මගුල් ගෙදර ගියැයි...

    ReplyDelete
    Replies
    1. ගිහිං වැඩ පල ටිකත් කරල දීල ඇවිත් තියෙන්නෙ.. !!!

      Delete
  46. ඔය ශරීර කූඩුව බේරගත්ත එකට මගේ සැලුට් එක!

    මටත් ඔය ලොජික් එක තේරෙන්නෙම නැහැ නේ අප්පා... මල් වගේ කෙල්ලෝ , පච්ච කොටගත්ත.. කොන්ඩේ වවාගත්ත උන්ට කැමති වෙන එක! කොහොමත් ඉතින් ඔතරම් රූමත් කෙල්ලෙක් නම් ඉතින් කරාටේ පොරකටමයි හරි යන්නේ... මොකද කියල මම කියන්න දෙයක් නැහැ නේ...

    'කරාටේ අජන්තගේ? අම්මෝ...'

    කියල කට්ටියම දකුණු කකුල් පසුපසට අරන්, පසුපාදයේ ක්‍රීඩා කලෙත් ඒකනේ ... නැත්තම් ඔතන ඔයාල වගේ උන් කීදෙනෙක් බෙලි මිරිකගනිද? නැද්ද මම අහන්නේ... එහෙම එකෙක් බැන්දම වෙන කවුරුත් අතතියන්න හිතන්නෙවත් නැහැ නේ.... ලේසියි... පහසුයි... සැමටම කදිමයි!

    ReplyDelete
  47. මටත් , මගේම නොවුන මගේම ලැම්බට් ආදරයක් තිබුනා.
    කිසිම කරදරයක් නෑ කවුරුත් සැකකරන්නෙත් නෑ. ඉවාන් කොහොමද සනීපෙ, එයා බැදල ඉස්සල්ලාම ආවෙ මම හිටිය වත්තට. එයා ජෝඩු දාල එහා කාමරේ මම තනියෙන් සීතලේ මෙහා කාමරේ.
    අනික ට්‍රේල් බයික්කෙ, කෙල්ලො හිනාවෙන්නෙ බයික් එක එක්ක. රහස තමයි ඕකෙ පිටුපස්සෙ නැගල එක බ්‍රේක් පාරක් වදිද්දි එයාලට දැනෙන සනීපෙ.
    මාවත් අතීතෙට අරන් ගිය ලස්සන ලියවිල්ලක්.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]