Sunday, January 11, 2015

කෝ ඩො යහපාලනේ .. அங்கு ஐயா Good Governance



මෛත්‍රීපාල මහත්තයා වෙත



පිස්සු බම්ප් වෙනවා ලොක්කා , අපි ටෙන් ඉයර්ස් කට්ට කාලා , චා වෙලා, නනත්ත්තාර වෙලා ඉද්දි. බුලත් හපයෝ අපිව වට කරන් නෙලද්දී අපි බොක්කෙන් ලොක්කට සප් එක දුන්නා ලොක්කා .
ඉස්සරනම් අපිට ලොක්කව පේන්න බෑ ලොක්කා , එත් අලියා කටුස්සා වෙලා ඉන්නකොට කෝම අරි ලොක්කා ගේමට බැහැලා අපිවත් චූන් කරලා අපිටත් පොඩි ගැම්මක් ආවා ලොක්කා , ඒ නිසා තමා අපි වෙඩි කාගෙන , ගුටි කාගෙන ගේම දුන්නේ ලොක්කා . අපි කාලයක් තිස්සේ අතේ පයේ හිරි අරගන්න විදිහක් නැතුව හිටියේ ලොක්කා .



ඡන්දේ දිනපු ගමන් දෙන්නං ජම්බු කියලා අපි ඉටියේ . යූ.ඇම්.පී. කාරයා කියලා මගේ සමුර්දිය කපාපු නියාමකයා ඇහේ ඉඳන් පට්ට ගහන්න තමා ලොක්කා මම බලන් ඉටියේ. අනික අඩු ගානේ මහින්ද ලොක්කට සප් එක දීපු උන්ගේ ගෙවල් දෙක තුනක්වත් ගිනි දෙයියට පුජා කරන්න ඉතන් ඉටියේ .

මතකනේ ලොක්කා ගිය සැරේ අපේ ආමි ලොක්කට දීපු සබ්බුව . දිනලා පැය දෙක යනකොට ගිහින් බල්ලා මාක් එකට බිම දිගේ ඇදන් ආවේ . අන්තිමට තරු පටි ගලවලා , අර ප්‍රජා ලබ්බ අහෝසි කරලා, මහාවන්ශේනුත් ඩිලීට් කලාලු නේද ?

ඉතිං අපිට එහෙම කොරන්න දෙන්නේ නැත්තේ මොකෝ ? ලොක්කට හොර ගෑනියෙක් ඉන්නවා කියලා මඩ ගාපු, අර නමවෙනිදට පස්සේ අයියෝ සිරිසේනට කයිට්ස් පැත්තේ දුපතක් දෙනවා කියපු උපදංශ ලොක්කට අඩුගානේ ගල් කැටයක්වත් ගහන්න දෙන්නකෝ ලොක්කා .එතකොට අර ලොක්කව හිරේ දානවා කියපු අර වේද හාමිනේ එකේ සිංදු කියපු අක්කගේ මනුස්සයා ට , ලොක්කව මෝඩි වෙන්න ගිහින් මෝඩ වෙලා කියපු නාවලපිටියේ ඉන්ෂුවරන්ස් රෙපාට එහෙම අඩුගානේ හූ කියන්නවත් දෙන්නකෝ ලොක්කා.

අරි අරි ... දැන් කියන්ඩ බලන්ඩ අඩුගානේ අර ආරසීයක් කැඩුවා කියලා පාටි දාපු එකාටවත් මුකුත් නැද්ද ? ඒනම් අර සුද්දිගේ කොල්ලා ස්වර්ගස්ථ කරපු එකා, ඒමත් නැත්තම් අර හිටපු ලොක්කිගේ ජංගිය ගලවනවා කියපු බනිස් මූණා . එතකොට ඔයාලා ලොකුවට කෑගාපු ටෙන් පසන්ට් ලා , ටෙලි ටීවී එකේ දාන්ඩ ගෑනු ඉල්ලුවා කියපු පොර , එයාලට දෙන්ඩ ඕන ටොපිය දෙනවද? , නැත්තම් හිමිං සැරේ රටෙන් පනින්ඩ ඇරලා දන්නෙ නෑ වගේ ඉන්නවද ?

සෝමේ අයියට දුන්නලු නේ ටීවී එක , ඔය නාගන්ඩ තමා අදන්නේ , අපිනං බලං ඉන්නේ ඔයාලා අඩුකරනවා කියපු ගෑස් වලින් උයන්ඩ , ලොක්කා දිනන දවසේ ඉවරවුණු ගෑස් එක තාම ගෙනාවේ නෑ රුපියල් තුන්සීයක් අඩුවෙන් ගන්ඩ ඉතාගෙන ,

දැන් ලොක්කා ඔයාවත් මීගමුවේ ඇන්ටනි අයියගෙයි, කටුනායක රොෂේන් මල්ලිගෙයි , රතුපස්වල කොලු පැටියගෙයි. ලසන්තගෙයි , පොද්ද්දල ජයන්තගෙයි ,ඉක්බාල් අතාස්ගෙයි අරවා මේවා සීන් ඔක්කොටම වග කියන්ඩ ඕන එවුන්ට ගේම සෙට් කරනවද ,නැත්තං එක කරන්ඩ ඔයාව යවලා තව කෙනෙක්ව ගේන්ඩ වෙයිද අපිට . ඇබයි ආයුද පෙන්නන්ඩ ගීන් ගඟේ පනින සීන් ඇට් කරන්ඩ ගීන් නෝන්ඩි වෙන්ඩ අදන්ඩ එපා අරී

දවස් සීයෙන් සුරපුරයක් කරන්ඩ බැරි බව අපි දන්නවා ලොක්කා , ඒ වුනාට අඩුගානේ කියපු ටිකවත් කරන්ඩ පටන්ගන්ඩ වෙයි, ඒම නැතුව ඔයාමේ ඔක්කොම පැත්තක් තියෙද්දී ජාතිය අමතන්ඩ කියලා නුවරට පෙළපාලි ගිහින් මෝඩ චූන් දාලා පත්තිරිප්පුවේ නැගලා ගොන් පාට් කෙලින්න හදන්නේ අපිට කොකා පෙන්නන්ඩද ? එව්වා සුම්මා ලොක්කා .

 එක්කෝ කලින්ම කිව්වනම් ඡන්දේ දින්නට පස්සේ අපි දවස් සීයක් රෙස්ට් කරලා තමයි වැඩ පටන් ගන්නේ කියලා ඉවරනේ , හැබැයි එහෙම වුනොත් ඔයා ඇරෙනකොට පෙරහැර ගිහින් තියෙයි අරී.

ඒනම් ආයුබෝ වේවා....

කියන්ඩ අමතක වුනා ලොක්කා පුළුවන් නම් පුතාට කියලා පොඩි චිට් කෑල්ලක් ලියලා දෙන්ඩකෝ අපේ එකාව ඔය මොකක් හරි කැම්පස් එකකට දාගන්ඩ

123 comments:

  1. බොක්කටම වැදුනා මල්ලී...මේ බජාර් එකේ ගේමට මාලේ බෙල්ලේ, චේ පපුවේ සෙට් එක උඹත් එක්ක ඉන්නවා හරිය..වැඩි සීනි ප්ලේන්ටියක් ගහලා එන්නම් බොස්.

    ReplyDelete
    Replies
    1. ඉරිද උදෙන්ම පිලිවෙලක් වෙලා වාගෙ :D

      Delete
    2. එලකිරි ‍බොස්, ඒනං මටත් එක්ක බොන්ඩ ඈ. ඔය පත්තරයත් ඉන්නේ තනියට, බලමුකෝ යන විදිය

      Delete
  2. 'නැත්තම් හිමිං සැරේ රටෙන් පනින්ඩ ඇරලා දන්නෙ නෑ වගේ ඉන්නවද ? '

    ආරංචි විදියට මේ වනවිට බැසිල් රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ,කේපී,පීබී ජයසුන්දර,සුදර්මන් රදලියගොඩ, රෝහිත අබේගුණවර්ධන,තොන්ඩමන්,ප්‍රියත් බී. වික්‍රම ඇතුළු බොහෝ දෙනෙක් රටින් පැනගොස් නැතිනම් පැන යාමට සුදානම්ව සිටින්නේ.

    ඔය ගැන මයිත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්යාලයේ පැහැදිලිකිරීම් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ දමා තිබෙන්නේ පහත පරිදියි. ඒක ඇත්ත තමයි බලං ගියාම.

    'පසුගිය කාල වකවානුව තුල සිදු වූ දූෂණ, අක්‍රමිකතා පිළිබඳව තවම පරීක්ෂණ අරඹා නැත. එසේ පරීක්ෂණ ඇරඹීමෙන් පසු, එම වංචා, දූෂණ වලට වැරදිකරුවන් වන ඕනෑම අයෙක්, ලෝකයේ කොහේ සිටියත්, මෙරටට ගෙන්වා, ඔවුනට හිමි දණ්ඬුවම් ලබාදීමට කටයුතු කෙරෙනු ඇත. මෛත්‍රි පාලනයේ වෙනස නම්, ඔවුන් කළාක් මෙන්, මුලින්ම සිරිගත කර පසුව වැරදි හොයනවා වෙනුවට, සියල්ල නියමිත ක්‍රමවේදයට අනුව සිදුකිරීමටයි'

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමා හරි ක්‍රමේ. පැය 24න් ගුවන් තොටුපලවල් වැහුවනම් අපිට හිතෙන්ඩ ගනියි මෛත්‍රිය කියන්නේ වෛරයටම කියන තවත් නමක් කියලා.

      Delete
    2. ඇනෝ මටත් කියන්ඩ තියෙන්නේ අපේ සෙන්නා බොස් කියන දේම තමා. ජයවේවා

      Delete
    3. බොෂ් එත්තටම ගේම දෙන්න ඕන ඒම තමා..බය්යලගෙ කෙමේට නෙමේ..අරි

      Delete
    4. සෙන්නා හා ඇනෝ හරි

      "Justice delayed is justice denied" ප්‍රමාදවී ලැබන යුක්තිය යුක්තියක් නොවේ වගේම justice hurried doesn't look like justice අනවශ්ය ඉක්මනකින් යුක්තිය ලබාදීමට යාමද යුක්තිය ලෙස නොපෙනේ..
      හරි ක්‍රමවෙදයකින් කිරීම තමයි වැදගත්.

      @ඉවාන් රිය පෙලපාලි ගොන් පාට් ඉස්සරවගේ තිබුනට මෑන් පත්තිරිප්පුවට නැග්ගෙ නෑ නේ?

      Delete
    5. යන්තම් කවුරු හරි කියන්න ඇති ප්‍රා ,ලොක්කා පිස්සු කෙලින්න හදන්න එපා කියලා

      Delete
  3. කොන්ඩේ බැඳලා අපේ පුතා - කොළඹ ඉදන් ගෙදර ඇවිත්
    හරි වෙනස් වෙලා
    ගමන බිමන - කතාව දැන්
    හරි අමුතු වෙලා (මේ කිව්වේ ඉවාන්ගෙ අලුත් බාසාව ගැන)

    (ඊයෙද කොහෙද තංගල්ලෙත් හිටියා ඇයි මරල හරි ගත්තෙ නැත්තෙ කියලා අහපු ප්‍රජාතන්ත්‍රවාදියො ටිකක්)

    ReplyDelete
    Replies
    1. තංගල්ලේ දැන් ප්‍රජාතන්ත්‍රවාදය හොදින් තියනවාය...... මරන්නේ නැ......

      Delete
    2. //ඇයි මරල හරි ගත්තෙ නැත්තෙ කියලා අහපු ප්‍රජාතන්ත්‍රවාදියො ටිකක්// ඔතනදී නම් ලොකු කණගාටුවක් ඇතිවුනා ඔහොම අය ලංකාවේ සියලු දේශපාලන පක්ෂ වල පසු පෙළ ඉන්නවා.(මේ ගන ගම්‍ය වන කමෙන්ට් එකක් මම විචාරකගේ බ්ලොග් එකේ කුමන්ට්‍රන පොස්ට් එකට දැම්මා) එතනදේ එම ප්‍රකාශය මහින්ද අනුමත කලාද? මහින්ද කියුවේ එහෙම කරන එක ප්‍රජත්රන්ත්රවාදීද කියලා. පක්ෂයට කඩේයන පහල මට්ටමේ හරකෙකුගේ ප්‍රකාශයක් අල්ලා මහින්දට අපහාස කරන්න එපා.

      Delete
    3. මදාවියෝ මමත් බලාගෙන සින් කෝන් එක. පව් අප්පා

      මකසි ඔය වගේ කතාවක් සිරිසේන ලොක්කිගෙ ගෝලයෙක් කිව්වොත් ඔය උත්තරේම දෙනවද

      Delete
    4. කවුද මහින්දට මඩ ගැහුවෙ. මම කිව්වෙ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. මහින්ද එතනදි එහෙම කිව්වට 9 වෙනිදා තිබ්බ එයාගෙ ප්‍රජාතන්නත්‍රවාදය ගැනත් දැනගන්න ලැබේවි යථා කාලයේදී.

      Delete
    5. [im#]https://jangun.files.wordpress.com/2015/01/screenshot-107.png[/im]

      [im#]https://jangun.files.wordpress.com/2015/01/screenshot-108.png[/im]

      Delete
    6. [im#]https://jangun.files.wordpress.com/2015/01/screenshot-109.png[/im]

      Delete
    7. මේ කියන දේ වලින් 50% ක් බොරු කියා හිතුවත් ඉතිරි 50% හොඳටම ඇති යථාර්ථය තේරුම්ගන්න.

      Delete
    8. @ඉවාන් පවුලූශා
      //මකසි ඔය වගේ කතාවක් සිරිසේන ලොක්කිගෙ ගෝලයෙක් කිව්වොත් ඔය උත්තරේම දෙනවද//
      අනිවාර්යෙන්ම

      Delete
    9. @විචාරක මහතා
      මුලින්ම කට්ටියක් කියුවා මහින්ද පැරදුනොත් බලය අල්ලනවා කියලා
      පස්සේ මහින්ද පැරදුනු දා සෙල්ලමක් දාන්න ගියා කියලා ඒවා බොරු නේ
      දැන් මෙහෙම කතා යනවා.

      මේ ඔක්කොම කියන්නේ මහින්දට තියෙන ජනතා ප්‍රසාදය නැති කරන්න. කට්ටියට ඕන මහින්දගේ දේශපාලන දිවිය නවත්වන්න.

      Delete
    10. මම හිතන්නේ නෑ මකසි යථාර්තය නොදැන ඉන්නවා කියලා, ඔබ කොහෙත්ම යථාර්තය නොදැන ඉන්න විදිහක් නෑ, නමුත් කරුමෙට ඔබට එය අඟවන්න බෑ.

      Delete
    11. @ මහා කළු සිංහලයාJanuary 11, 2015 at 10:55 PM

      මරා සියලු උත්සාහ දරුවා බලය අල්ලාගන්න. නමුත් මැකෝ එඩිතරව හිටියා. මැකෝගේ ධෛර්යයෙන් ටික ටික පොලිස්පතිට හමුදාපතිට බෙදලා දුන්න. එකයි රෝයල් කොලීජිය වට කරපු STF එක පන්නන්න මැකොට පුළුවන් වුණේ. මරාව එල්ලුම්ගස් යවන්න තරම් අපරාධ චෝදනා තියනවා ඉතා පැහැදිලිව. වැඳලා මරන්නයි වෙන්නේ. වඳින්නේ යුද්ධය දිගටම කරන්න තීරණය කලාට. මරන්නේ ඊට පසේ කරපු අහස පොලොව නූහුලන අපරාධ කන්දරාවට.

      Delete
    12. මහින්දට තියෙන ජනමතය බිදින්න පුළුවන් හොඳ කරුණක් පිට නොවන්නේ තවම මාධ්‍ය පාලනය කරන්නේ මහින්දද? නැහැ නේ එකෙන්ම ඔප්පු වෙනවා ඒවා කටකතා බව . මැකෝ කියුවේ සාධාරණව ඔක්කොම් සිදුවුණා කියලා.

      Delete
    13. ඇත්තමයි විචා මාමේ - මැකොට මල් මිටක් නෙවෙයි මල් වත්තක් දෙන්න ඕන

      Delete
    14. @ මහා කළු සිංහලයා

      //මේ ඔක්කොම කියන්නේ මහින්දට තියෙන ජනතා ප්‍රසාදය නැති කරන්න//

      මහින්දට තිබ්බ ජනතා ප්‍රසාදය එයා විහින්ම නැති කර ගෙන ඉවරයි.මහින්ද කියන්නේ බලයට අධික ලෙස කෑදර අයෙක් කියලයි මට නම් පෙනෙන්නේ

      Delete
    15. මකසි...වෙලාවකට මට හිතෙනවා බං...රාජපස්ස කියන්නෙ උඹේ මහප්පද කියලා...උඹ මේ තරම් කඩේ යන්නෙ...

      Delete
    16. මම මහින්දට කඩේ යන්නේ නැහැ. ඔහු වැරදි කළා නම් ඇයි නිකන් ඉන්නේ. ඔහු කල වැරදි එකින් එක පෙන්වන්න නිකන් කටකතා කියන්නේ නැතිව.

      Delete
  4. Undo බටන් එක තව අවුරුදු 6 කට ඩිසේබල් ය. මොන පුකෙන් එබුවත් එය දැන් වැඩ නොකරයි. ඔබ පත් කල රජයේ හොඳ වැඩ කිඩ තව ඉදිරියටය. ඔබ බ්ලොගයේ උඩු බුරන්න ... අපි කියවා කාලකන්නි සතුටක් ලබා යන්නං.... :)

    ReplyDelete
    Replies
    1. පව් බං උඹ, නම මහසෝනා වුනාට හිත කිරිහාමිගෙ වගේ.

      Delete
    2. //අපි කියවා කාලකන්නි සතුටක් ලබා යන්නං// නිවැරදි සතුටක් ලැබිය නොහැක්කේ රට නැති වෙන බැවිනි

      Delete
    3. //පව් බං උඹ, නම මහසෝනා වුනාට හිත කිරිහාමිගෙ වගේ. ///

      උඔ ඉදලා හිටලාවත් මිනිහෙකුට වෛර කරන්නේ බනින්නෙ නැද්ද ඉවානයා.. ඇස්වහ කටවහ වදියි යකෝ

      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
  5. ඉවාන්ට තෑග්ගක් ලැබුන කියල ආරන්චියි...... මෙන්න මගේ සුභ පැතුම්...... යහ පාලනයට......

    ReplyDelete
    Replies
    1. ස්තූති වේවා නිහිංසා. හම්බවුනා නේන්න්ම් තෑග්ගක

      Delete
  6. undo කල නොහැක. දැන් ෂෝ දාන්න.

    ReplyDelete
    Replies
    1. මහින්දටත් වුනේ ඕකම තමා මචං, කරපුවා undo කරගන්න බැරිවුනා

      Delete
    2. පොර රට හරි බේරා ගත්තා.
      අන්න දැන් බෙදුම් වාදීන් ජාතික කොඩිය පුච්චනවා යාපනයේ. ඕවා තවම නිවුස් වල යන්නේ නැහැ. අපි පෙන්නපුවා සතියක් යන්න කලින් වෙනවා. අපි නිවැරදි බව සනාථ වුවාට රට විනාශ වෙන බැවින් අපට සතුටක් නැත. උබලා කරපුවා undo කරන්න අපිත් සෙට් වෙන්නම්

      Delete
    3. ඒ කියන්නේ හමුදා මාධ්‍ය ප්‍රකාශක කියන්නේ පට්ටපල් බොරු, මහින්දම පත්කරපු හමුදාපතිවරයාත් කියන්නේ බොරු, මහින්දම පත්කරපු පොලිස්පතිවරයත් කියන්නේ බොරු. ඔය කොඩිය පුච්චනවා එකෙක්වත් නිකන් මොබයිල් ෆෝන් කට්ටකින්වත් වීඩියෝ එකක් කරලා youtube දාලා නැද්ද ?

      Delete
    4. අඩෝ ඉවාන්....................බොරු කියන්න එපා ඩො හරිය. ඔය ඕනෙම පොලොස්පෙතියෙක් හමුදා පෙතියෙක් මාද්දිය පොරකාසකයෙක් ඇත්තම ඇත්ත කිව්වේ අපේ මරා මහරජුගේ කාලයේදී විතරයි හරිය. දැන් උන් කරන්නේ මයිත්රීගේ තීරණය අනුව අලුත් ආරක්ෂක ලේකම් ලියලා දෙන එක කියවන එකයි හරිය. උඹ මේ බොරු කතා කියලා සුදු වෑන් නැති නිසා කළු වෑන් ගෙන්න ගන්නයි හදන්නේ හරිය?

      Delete
    5. එකනේ , දැන් ඉන්න උන් කියන්නෙම බොරු ... ඒ කාලේ විතරයි ඇත්ත කිව්වේ .. හැබැටම දැන් සුදු වෑන් වලට හයර් අඩු ඇති නේ

      Delete
    6. දැන් මාධ්‍ය ක්‍රියාත්මක වෙන්න විදියවත් වෙනස් වෙලා නැහැ. අපි කියපු විදියට දැනට තියෙන ඔලු මාරු කළා කියලා ක්‍රියාමාර්ග වෙනස් වෙන්නේ නැහැ කියන එක ඇස්පනාපිට පේනවා. කියන විදියට හොරු ඇල්ලුවොත්සහ දුෂණය මෙල්ල කලොත් සහ රට නොබෙදී තියාගත්තොත් ඒ ඇති

      Delete
    7. යකෝ මහින්ද තනියෙන් යුද්ධ කරලා කොටි ඔක්කොම මැරුවා නේද ?දැන් එහෙනම් ඔය කොටි කොඩි දානවා ඇත්තේ අර KP වත්ද ?

      Delete
    8. @ මහා කළු සිංහලයාJanuary 12, 2015 at 2:26 PM

      ඒ කියන්නේ මරා ගේ කාලයේදී ඔය මාධ්‍ය කාරයෝ කලේ බොරු කියනඑක නේද? ඉතිං එහෙම බොරු කියෙව්වේ මරා සහ ඔහුගේ තක්කඩි සහෝදර ගෝටා දුන්න නියෝග යටතේ නේද? චිකේ..............................................මහත්තයෝ ලැජ්ජා නැද්ද ඔයවගේ අවලං හොර හැත්තකට පක්ෂව තවමත් කඩේ යන්න?

      Delete
    9. මහින්ද එළවීම ජාතිවාදීන්ගේ අවශ්‍යතාවය නිසා මම මහින්ද වෙනුවෙන් පෙනී සිටිනවා. රට වෙනුවෙන් කතා කරන්න ලැජ්ජාවක් නැහැ. මේ ආණ්ඩුව රටට හොඳක් කලොත් ජාතිවාදීන්ට ඉඩ නොදුන්නොත් අපි ඔවුන් සමගත් ඉන්නවා

      Delete
  7. නුවරට පෙළපාලි යාම පැහැදිලිවම ගොන් පාර්ට් එකකි. තවලම් ඇන්ටිගේ අදහසක් විය හැකිය.

    ReplyDelete
    Replies
    1. මටත් පේන්නේ ඇන්ටි පත ලනුවක් ගිල්ලවලා වගේ

      Delete
    2. අර කන් ලොකු කෙලවල්ලා අලුත්ම රූපසිරසේ ඊයෙ රෑ හූ කිය කිය කිව්වේ එන්න කාර් නැත්නම් පාර අයිනට ඇවිත් ඇට දෙක ඌප්ස් අත් දෙක හරි වනන්නය කියලා..එයානෙ දැන් රිලවාගේ චරිතේ..

      Delete
    3. අනේ බං විශේෂණ දැම්මට කමක් නෑ හරි නමත් අඩු ගානෙ වරහන් ඇතුලෙවත් දාපල්ලකෝ... අපි වගේ ටියුබ් ලයිට් හැමතැනම ඇතිනෙ..... හි හි....

      Delete
    4. හිරු එලිය තියෙද්දී මොකටද ටියුබ් ලයිට් කිව්වලු , අන්න ඒම ආන්ඩ එපැයි හිරු මිෂ්

      Delete
  8. අඩො මේවා ඔට්ටු නෑ. හරිය

    ReplyDelete
  9. අම්මට සිරිසේන මහ රජ තුමා එක්ක ජාතිය අමතන්න නුවර යන ගමං ආයිබෝවන්ඩ..

    ඇයි ඔහේ දැක්කේ නැතෙයි දින සියයේ වැඩ සටහන..

    තෙවන දිනය - රට කෑ ගොන් බන්ඩාරනායකලාට වැඳ, පත්තිරිප්පුවේ සිට ජාතිය ඇමතීම කියලා දාලා තිබුනා...

    මට පිස්සු හැදෙයි කියලා බයට මම මලක් ගහලා හඳට යන ගමන්.. පිස්සෝ නැත්තේ එහේ විතරයි බන්ස්....

    ReplyDelete
    Replies
    1. සිදාදියේ නුඹ දුටුවම මම ගම්මානේ
      අම්ම එක්ක නුවර වඳින්නයි මම යන්නේ
      ලැජ්ජාවයි කම්මුල් පෙති ඒකයි බැලුනේ
      දුප්පත් මට සම්ච්චලේටද හිනාවුනේ

      කලිසම ඉරුණට හරියට ඒක පේන් නෑ
      අම්ම් හොඳට මහල දුන්න ඒකට බය නෑ
      උඩ බොත්තමෙ ගහල තියන කටුව පේන් නෑ
      සෙරෙප්පු දෙක හොඳට ගෙවිල දැක්කොත් හරි නෑ

      ගෙදර ආව තමයි ආවෙ කොහොමද දන් නෑ
      බකිණි මලක් වගේ මූණ අමතක වෙන් නෑ
      "ආයෙ කවද නුවර එයිද කියල දන්නෙ නෑ"
      අඬන් නැතුව කඳුලු ආවෙ කොහොමද දන් නෑ …… හැක් :D

      සංගීතය - චාමර රණවක

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. මාතේ මටත් මලක් ගහන්න හිතෙනවා දැන්නම් අම්මපා


      පත්තරේ අදයි බං මේක ඇහුවේ

      Delete
    4. ඇහුවේ නෙමෙයි බං දැක්කෙත් අදයි..මල් ඕනිම නං වැඩි දුර නෑ මෙහේ..

      Delete
  10. දහදියම දෑවැද්ද කොට ගත්ත නුඹලා
    බැත කන්ද දිය වෙද්දි මියැදෙන්න හැරලා
    නිදිවැද්ද රජ ඔ‍ටුනු වැජඹෙන්න හරිනා
    දෙවියන්ට පින් දෙන්න පුලුවන්ද වැඳලා...

    ReplyDelete
    Replies
    1. අඩේ උඹට රිප්ලයි කරන්න තරම් අපි ප්‍රබුද්ධ මදිද මන්දා ;

      Delete
    2. ඕකට මේ දවස්වල වින්ටර්නේ..නෝ දාඩිය..ඉඳින් 2දා වෙනකන් රිප්ලයි කොරන්න.

      Delete
    3. 2 දා ඉඳං දාඩිය නානවා :D … ඒ සී එකක් පිටේ බැඳං එන්නේ. ඕ යේස්

      Delete
    4. //රජ ඔ‍ටුනු වැජඹෙන්න//
      සින්දුවනම් මටත් ප්‍රබුද්ද් වැඩී වගේ. PM, හැබැයි මෙහෙ එනකොට රජ ඔටුන්නක් නම් ගේන්න එපා ප්ලීස්. ඔය මුසොලීනිගේ මුනුබුරෙක් හරි මොකෙක්ට හරි දීල එන්න. මෙහෙ රාජවන්ශය උස්මුරුත්තාවටම ලැබුනානෙ, දැන් ඇති.

      Delete
    5. එකනේ ප්‍රා මම කිව්වේ ,මූ එක්ක කතා කරන්න පි ඉගෙන ගත්තා මදි ඕ ...යේස්

      Delete
    6. හැක් !! ඔටුන්න මං දාං එනවා …
      මෙදා පාර මගෙ චන්දෙ "අපි ඕක්කොම රජවරු -ඔක්කොම වැසියෝ" පක්ෂෙට ප්‍රා..

      කොහෙද මේ මයිත්තිරි රිටන් එක දෙන්න ගත්තෙ නෑ නෙවැ තාම. කැකුණ නං රෙඩි ප්‍රා :D

      Delete
  11. අනේ මන්ද ඉවාන් අයියේ......
    පත්තිරිප්පුවේ දෙන ටෝකත් අහලම ....
    යමක් කොටන්නම් ඉදං ......

    ReplyDelete
    Replies
    1. මමත් ඒක අහලා තව එකක් ලියන්න ඉන්නේ කෙන්ජි මල්ලා

      Delete
  12. ලොක්කා,

    අපි මේ ඉන්නෙ 30 වෙනිද වෙනකල්, ටැස් අඩුකරාම පෝයයි නිදාස් දවසයි අල්ලල ට්‍රිපක් යන්න කියල යාපනෙ සෙට් එක එක්ක ෂොට් එකක් දාල සින්දුවක් කියල ආතල් එකක් ගන්න.

    ඒත් ඉතින් දැන් ඒම යන්නත් ඉතුරුවෙයිද මන්ද ලොක්ක, අපි උන්ට ගාන්නැති ඉන්ද මෙන්න උන් අන්දිවල ඉඳල අපිට ගාල මාරුවෙනව. ඊයෙත් බංගදෙනියෙ ගේමක්.

    අපි කෙලියි කියල බයට මාරෙ අය්යත් පැන්න, ලිංගෙ කොටියත් රට පැටෙව්ව, දැන් ඒ අස්සෙ අර ශුක්‍රාණුව කොමිස් කපුටයි උගෙ ගෑනියෙ දෙන්නම රට පැනල නේ?

    මේම ගියොත් යාපාලනේට හුම්මට අකා ගන්න කියල බෑල අපිත් අරිනෝ බොසා මුන්ගෙ ගෙවල් වලට පැනල හරි.

    ඒ ඉන්ද ආයි කියන්නෙ නෑ ලොක්ක, පත්තිරිප්පුවෙ බැරිනං ඕන ස්පොට් එහෙක ඉඳල ජාතිය අමතන්න, ඇබැයි අපිට ආයි යෝනියෙ ජාතිය අමතන්න ඉතරක් ඉඩ තියන්නෙපා...

    ReplyDelete
    Replies
    1. බංගදෙනියෙ ෂීන් එක උණාට මුල දුවල තියෙන්නෙ බංගදෙනියෙන් දකුණට හැරිලා :D … ඕ යේස්

      Delete
    2. අඩා බජාර් එක එකෙම්ම ගේමට අන්ටර් වගේ, එම තමයි ලොක්කා ඉන්න ඕන , අරින්ඩ එපා .. මොකෝ අපි පිළිම හදලා වැන්දේ නෑනේ ඉස්සරත්, අදත් ඒමයි එටත් ඒමයි , අපිට ලොකු වැඩේ මිසක් පොර නෙවෙයි.... බළලා මැටියෙන් හරි කමක් නෑ මීයෝ අල්ලනවනම් එච්චරයි .

      Delete
  13. මල්ලි බජාර් එකට බැහැලා වගේ! :P
    මචං ඔය දැන් උඹලා අපි කා කොටා ගන්නේ මේ බ්ලොගේ..ඒ වගේ තමයි..කොහොමත් පාක්ෂිකයන්ගෙන් තමයි පලිගැනීම් පටන් ගන්නේ..දැන් ගම්වල දින්න පක්ෂේ සපෝටර්ලා ටික අනික් උන්ට ගේම දෙන්න දත කනවා..සමහරු දැනටම එක එක එව්වා කරලත් තියෙනවා..ඒවා මාධ්‍යවලින් දෙන්නේ නෑ තාම..ඒක තමයි හැමදාම වුණේ..ඉතින් සිරිසේන මහත්තයා යහපාලනේ කිව්වා කියලා උන්ග් එක රැයින් හැදෙන්නේ නෑ..මම කිව්වේ යහපාලනේ පටන් ගන්න ඕන තම තමන් තනියම හිතලා හැදිලා...හැබැයි ඉතින් ලොක්කෝ කකුළු ස්ටයිල් එක නැතුව ආදර්ශමත් වෙන්න ඕන..මචං ජනාධිපති කවුරු වුණත් බලයේ ඉන්නේ එකම හිවල්ලු සෙට් එක..උඹ හිතනවද ඔය chitsවලට කෙරෙන වැඩ නවතී කියලා...ලොල්! :D :D

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු තනියා නංගි .. ආයිබෝ කිව්වා ..

      මම නම් කා කොටා ගන්න යන්නේ නෑ මචෝ ., මේක ප්‍රතිපත්ති පිළිඹඳ සටනක් පමණයි . පුද්ගලයා මොකවුන්ත් ක්‍රියාත්මක වෙන්න ඕඅන රටට හිතකර ප්‍රතිපත්ති සහ ක්‍රමවේදයන්, ජාතික ප්‍රතිපත්තියකට අනුව නියමිත ක්‍රමවේදයන් වලට කටයුතු සිද්ධ වෙනවනම් පුද්ගල චරිත වන්දනාව නවතීවි .

      //"උඹ හිතනවද ඔය chitsවලට කෙරෙන වැඩ නවතී කියලා...ලොල්! :D :D"//
      චිට් වලින් වැඩ කෙරිල්ල ඉබේ නවතින්නේ නෑ එක අපි නවත්තන්න ඕන. ජනතාව කියන්නනේ පාලකයෝ කරන ඕනෑම බුරු වැඩක් ඉවසන පිම්පියෝ නොවන බව ඒත්තු ගන්වන්න ඕන . එදාට ඔය නවත්තන්න බෑ කියපු හැම දේම නවතියි
      හැබැයි එහෙම නැතුව පුද්ගල චරිත දේවත්වයෙන් වන්දනා කරනකන් උන් දන්නවා මේ උගත් බුද්ධිමත් ජනතාව තරම් ගොන් රැලක් ලෝකේ කොහෙවත් නැති බව

      Delete
  14. අපිත් බලාගමු ලොක්කා! බජාර් එකම උඹත් එක්ක

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු ලිට්ල් ඩයිනමයිට් මල්ලිත් ගේමට සෙට් වෙලා එල කිරි ආ.... ෆිට් තමා

      Delete
  15. රට කාපු උන් හිමින් සැරේ රටපනිනකන් ලොක්කා මොනාද ලොක්කා නිකං ෂේප් එකයි බල්ටියයි වගේ බලාන ඉන්නෙ...ගැන්සියෙ උන් ඉන්නෙ පෝරියල් එක දැන් සෙට් කරයි දැන් සෙට් කරයි කියන මයින්ඩෙකේ....දොරේ නිකං හොරු ටිකට ලී මෝලෙ පාලයා දර කොට වලට අත් පොරවෙන් දෝං දෝං ගාලා කෙලිනවා වගේ කෙලියි කියලයි අපිත් මේ සීන් එකේ පැත්තක ඉදන් ඇහැ තියාන ඉන්නෙ...අපේ අාතොල් නම් කඩන්න ඔට්ටු නෑ දොරේ අරී....

    ReplyDelete
    Replies
    1. බාගයක් ගාමු බං අප්ෂෙට් ඒකටත් එක්ක.

      Delete
    2. අරි අරි ලොක්කා රට යන ඕන බුතයෙක් ගියාවේ .. ඇබයි ගේම පටන් ගත්තගමන් මොන දීපන්කරේ හිටියත් වැඩේ තිතට දෙන්න ඕන .කිව්වනේ ලෝකේ කොහේ හිටියත් දඬුවම් දෙනවා කියලා බලමුකෝ

      මටත් ඔරේන්ජ් බාල්ලි බෝතලයක් ගෙනෙන් වීයෝ

      Delete
  16. මේම කේෂ් එකකුත් ෆයිල් වෙලා ..පරන ලොක්කා මරු කියවනවලු..ආරෙ තංගල්ලෙ...සිල් අර්ගෙනත් බෑ අප්පා..නයි තමයි ඕන වෙන්නෙ...(ඒම කිව්වට මටත් අප්ෂෙට් බොෂ් )

    ReplyDelete
    Replies
    1. බාගයක් ගාමු බං අප්ෂෙට් ඒකටත් එක්ක.

      Delete
    2. නයි කයිද රෝස් පාන් කිව්වලු .,අපි බලන් ඉමුකො මොකද වෙන්නේ කියලා ... තවම දවස් දෙකනේ .තව අනුඅටක්ම තියෙනවනේ හිකිස්

      ඇදෙ එනම් උඹත් ඔරේන්ජ් බාල්ලි බෝතලයක් ගෙනෙන් සිරෝ

      Delete
  17. පිස්සු --කයි කිවුවළු මල්ලී....අන්න MY3 ලොක්කගේ දෑත ශක්තිමත් කරන්න සෙට් එකක් ප්‍රෙස් කොන්ෆා එකක්.MY3 ලොක්කටත් බඩු වගේ.අම්මටසිරි ඉන්න විදිය දැක්කහම ලොක්කා ගියාටත් වඩා දුක හිතෙනවා බන්.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයි බලන් ගියාම ආණ්ඩුවේ ඉඳලා තියෙන්නේ ලොක්කයි, විමලෙයි, මන්ගොන්පිලයි විතරයි , අනික් ඔක්කොම ඉඳලා තියෙන්නේ විපක්ෂේ

      Delete
  18. මචං..................

    මෙහෙමයි... අපි යහපාලනේ කරන්නේ.. ඉතින් පලිගන්න බැහැ.. ඒක නිසා අපි පත්කරපු අලුත් ම පෙරමුණ මංචා දූෂණ ඒකට බොරු පෙත්සමක් දාපං... ගානට මැනලා වැඩේ කොරලා දාමු....

    ReplyDelete
    Replies
    1. අඩේ බලාගෙන ගියාම එකත් ඇත්ත , දැන් මොකෑ කරන්නේ

      Delete
  19. තවම කැබිනට් මණ්ඩලයක්වත් නැතිව දුවන රටේ හුඟක් දේවල් ක්‍ෂණිකව බලාපොරොත්තු වෙන එක ටිකක් හරි මදි නේද. හැමෝම උනන්දුවෙන් බලාපොරොත්තු වන දූෂකයොන්ට දඬුවම් කිරීම නම් මම හිතන්නෙ නෑ බලාපොරොත්තු වෙන තරම් මහපරිමාණයෙන් ම වේවි කියල. කොහොම උනත් අද මම නිවුස්වල දැක්කා පාඨලීල ශිරාල්ල කියනව දූෂණ, වංචා, අක්‍රමිකතා, නීතිවිරෝධී ගණුදෙනු ගැන සාක්‍ෂි තිබෙනව නම් ඉදිරිපත් කරන්න, ඒවත් විමර්ෂණය කරන්න අභියාචනාධිකරණයෙ හිටපු විනිසුරුවරයෙක් පත්කරල තිබෙනව කියල. ඒ කටයුතු නිවැරදි ක්‍රමවේදයට අනුව සිදුවෙන්න යම් කාලයක් අවශ්‍යයි. අපිට තියෙන්නෙ පුළුවන් සහයෝගයක් දීල ඉවසීමෙන් බලාසිටින එක. ආශ්චර්යයකින් තොරව උපන් හැටියෙ දරුවෙක් ඇවිද්දවන්න බැහැනේ. දැනට නම් ජනාධිපතිවරයගෙ හැසිරීමෙන් පෙනෙන්නෙ ඔහු පොරොන්දු වූ පරිදි කටයුතු කරන්න, ජනාධිපතිධූරය සතු විධායක බලතල බෙදල දෙන්න සූදානම් කියල. කොහොමටත් ඉදිරියෙදි මහ මැතිවරණයකුත් එනවනේ, අපි බලමු.

    ReplyDelete
    Replies
    1. ඔව් DDT මේක නිකම් මතක් කිරීමක් පමණයි, මොකද බලය නැති වෙලාවට මතක් වෙන දේවල් බලය ලැබුනම අමතක වෙන පොදු ධර්මතාවයට මෙයත් මුහුණ දුන්නොත් කියලා .

      කොහොමත් මේ සඳහා කාලයක් අවශ්‍යයි , නියමිත් ක්‍රමවේදයක් එක්ක

      "Justice delayed is justice denied"
      justice hurried doesn't look like justice

      Delete
    2. (c) - Pra Jay... සොරි වෙන්න ඕන

      Delete
    3. //සොරි වෙන්න //??

      සොරිවෙන්න ඕන නම් හඳහන්කාරයින්ගේ අනාවැකි පිලිපදින්න (c) - MR

      Delete
    4. අපෝ බෑ , එතකොට උන් වෙඩි තියාගන්නවා, ගිනිතියාගන්නවා පව් නේ

      Delete
    5. මට මතක් වෙනවා මිත්‍රවරුනී මේ අවස්තාවේදී 1994 දී අපේ ලොකු නෝනා මිනී වලවල් හාරපු හෑරිල්ල. වැඩිය යටට හෑරුවේ නෑලු අම්මගෙ කෙරුවාවත් උඩ එන නිසා.

      මේ දුෂන වංචා හෙවිල්ලත් ටිකක් එ ලක්ෂණ පෙන්නු කරනවා.

      Delete
    6. //""වැඩිය යටට හෑරුවේ නෑලු අම්මගෙ කෙරුවාවත් උඩ එන නිසා"//

      ++++++++++++++++++++++++++++++++

      Delete
  20. වැරදි කරපු අයට දඬුවම් දුන්නම හරි. හැමෝගෙන්ම පාලි ගන්න අවශ්‍යතාවයක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. කාගෙන්වත් පලිගැනීමක් අවශ්‍ය නැහැ. නීතිය නිසිලෙස ක්රියාතමක් වීමට පමණයි අවශ්‍ය

      Delete
  21. දහම් සිරිසේන මාලක සිල්වාගේ චරිතයට පණ පොවයි! අභිනව ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මාලක සිල්වා, නාරද දිසානායක, කාංචන විජේසේකර, යෝෂිත රාජපක්ෂ, ලොහාන් රත්වත්තේ වැනි ‘අප්පා විකුණූ පුතුන් ' ගේ අඩිපාරේ යමින් මෛත්‍රීපාලනයේ හිමිදිරියේම පිස්සු කෙලීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ. ඊයේ (10) රාත්‍රියේ කොළඹ 07 රීඩ් මාවතේ තුරග තරඟ පිටියේ පිහිටා ඇති ‘Clique' නැමති රාත්‍රී සමාජ ශාලාවට PSD වාහන 8 ක් පිරිවරා පැමිණ ඇති දහම් සිරිසේන රාත්‍රී සමාජ ශාලාවට ඇතුළුවද්දීම සමාජ ශාලාවේ ආරක්ෂක අංශයන්ට නියෝග කොට ඇත්තේ සමාජ ශාලාව තුල තිබෙන සියළුම CCTV කැමරා ක්‍රියා විරහිත කරන ලෙසයි. එයට අකමැති වී ඇති සමාජ ශාලාවේ ආරක්ෂක අංශයන් හට PSD නිලධාරීන් ලවා තර්ජනය කරමින් පසුව සියළු CCTV කැමරා ක්‍රියා විරහිත කිරීමෙන් අනතුරුව සමාජ ශාලාවේ සිටි අයට හිරිහැර වන ආකාරයෙන් පිස්සු කෙලින්නට පටන් ගෙන තිබේ. මේ අවස්ථාවේදී සමාජ ශාලවේ සිටි උදවිය එම ස්ථානයෙන් ඉවත්ව යමින් පවසා ඇත්තේ ‘මේ පුතත් පාලනය කරේ නැත්තන් අප්පට කෙලල තමයි ඉවර කරන්නෙ' කියාය. අප දහම් සිරිසේන තරුණ මහතාගෙන් කරුණාවෙන් හා දයාවෙන් යුතුව ඉල්ලා සිටින්නේ ‘යකාගේ හෝරාව' නිමවී නව අරුණක් වැටෙන හිමිදිරියේම පිස්සු කෙලීමට සූදානම් වුවහොත් ඉහත කී අවජාතක පුතුන්ට සැලකූ ආකාරයට තරාතිරම නොබලා සැලකීමට සිදුවන බවයි.

    ReplyDelete
    Replies
    1. ඒවා සිරිසේන උන්නැහේ බලා ගන්න ඕන, එයාට පරණ දේවල් වලින් පාඩමක් ඉගෙන ගන්න උවමනා නැත්තම් එයාව රකින්නත් කාටවත් වුවමනාවක් තියෙන එකක් නෑ

      Delete
  22. ඒත් අවුල ියන්නෙ අර ගෙම්බො ටික අල්ලල ලාහකට බැයි නං බුසලකට හරි දාල ඉන්දියන් සාගරේට විසික්කන්නෙ නැතිව මොන හු යන්නට රෙද්ද අස්සෙ දාගන්නවද කියල
    එක්කෙනෙක් එහෙම කරං අන්තිමට කෑවෝ කෑවෝ කීව
    මෙයා මක්ක කරගනීද දන්නෑ

    ReplyDelete
    Replies
    1. බලමු එයා දේශපාලන පරිනත භාවයක් පෙන්නයිද කියලා

      Delete
  23. මේක නම් පට්ට ඕයි!
    මං බුකියේ ශෙයා පාරක් දානවා ඈ! අවුලක් නෑනේ.

    කෝ යකෝ යහපාලනේ කියල අහන නරින්ට නියම කනේ පාර!

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ ,ඕන තැනක ශෙයා කරපං. දැන් සුදු වෑන් එන්නේ නෑනේ :D

      Delete
  24. පට්ට විදිහට ලියලා තියෙනවා. බලමුකෝ යහ පාලනේ කරන හැටි...

    ReplyDelete
    Replies
    1. බලමු බලමු ... දින සීයෙන් ඔප්පු කරන්න එපැයි යහපාලනෙට සුදුසුයි කියලා

      Delete
  25. අනේ බොරුවට කෑගහන්නේ නැතුව ඉන්ට මෙයා...:P

    ReplyDelete
    Replies
    1. හුටා .. හාමිනේ ඇවිත් ... ගීන් එන්නං මචංලා ...

      හා හා යමු යමු මෙතන කෑගහන්න ඕනේ නෑනේ ඉතිං :P

      Delete
  26. අන්න ඒම අපිට තේරෙන බාෂාවෙන් ලියන්න එපැය..
    එල ද බ්‍රා..

    ReplyDelete
    Replies
    1. අප්පට බෝල මෙන්ඩයියා .. ආයුබෝ වේවා

      Delete
  27. බලමුකෝ මචං,තවම දවසයි දෙකයිනේ.අර උඩින් DDTයාත් කියලා තියෙනවා වාගේ ක්‍ෂණිකව ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්න බැහැනේ,හැබැයි අර ගොන් පාට් දාන ඒවා දැන්මම හදා ගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් තාම කල් වැඩියි යමක් කියන්න, එත් මේවා අපිට අමතක් වෙන්නේ නෑ කියලා එයාලට මතක් කරන්න ඕන . නැත්තම් දුමින්ද සිල්වා සින්ඩ්‍රෝම් එක හැදෙනවනේ කට්ටියට

      Delete
  28. රස්ත ඉවාන්!! අම්මප බං හොරු එකින් එකා පනිනවා. මොනා කරන්න හිතාගෙන ඉන්නවද මංද. මට පේන්නෙ හෙළ උරුමෙටත් වඩා මෛත්‍රී බාවනාව වඩනවා වගෙයි. එහෙම උනොත් ඉතින් මෛත්‍රියෙන්ම මෛත්‍රීට කෙලවෙනවා.

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු මනෝ මල්ලි, අම්ම අප්පා දැක්ක වගේ ... ආයේ මොකෝ මලේ ඔන්න දැන් එන්න ඉන්නේ මහින්ද විතරයි .

      Delete
    2. //ඔන්න දැන් එන්න ඉන්නේ මහින්ද විතරයි //

      එහෙම බැලුවොත් නම් මචං මේක දිට්ඨධම්මවේදනීය කර්මය ක්‍ෂණිකව පළදීමක්. මම දවස් කීපයකට කලින් ප්‍රවෘත්තිවල දැක්කා මහින්ද ඡන්ද රැස්වීමකදි කියනව හිතුනොත් රනිලුත් ගන්නව කියල. අද එයාටම ඒක වෙලා.

      පාලකයො පත්කරන්නෙත්, ගෙදර යවන්නෙත් මේ රටේ ජනතාව බව පහුගිය කාලෙ හුඟ දෙනෙක්ට අමතක වෙලා තිබුනෙ. දැන් ඉන්න අයත් මේ වෙන දේවල් පාඩමකට ගත්තොත් ගොඩක් හොඳයි. නැත්නම් කවදාහරි එයාලටත් මුහුණ දෙන්න වෙන්නෙ‍ ඔය යතාර්ථයටම තමයි.

      Delete
  29. අනේද කියන්නේ බොලේ එලද බ්‍රා ඉවාන් අයියේ...අපිත් දෑස් අයා අවධියෙන්.. :)

    ReplyDelete
    Replies
    1. ආ මේ ඉන්නේ අපේ දිලිනි නගා ..ආයුබෝවන්ඩ කිව්වා... අපිට දැනට තියෙන්නේ බලාගෙන ඉන්න . හොඳයි බලමුකෝ

      Delete
  30. ඡන්දෙ දිනල ජයපැන් බීල දවස් 5කින් මේ පැත්තෙ ගොඩ උනේ.. හැක් හැක්.. ආපහු යුද්දයක් (දේශපාලන ) කරන්න කරුණු යෙදෙන හැඩයි..

    ReplyDelete
    Replies
    1. උඹ කලින් එන්න එපැයි, මෙතැන් නිකං රෙස්ලින් පිට්ටනිය වගේ තිබ්බේ

      Delete
  31. මොකෝ වෙන්නේ කියල බලාගෙනම ඉමු :)

    ReplyDelete
    Replies
    1. ඕ......යේස් , දැනට කරන්න පුළුවන් එච්චරයි .... කාලය දෙන්න එපැයි හැම එකටම

      Delete
  32. යකඩෝ අවුරුදු 10ක් තිස්සේ හිතේ තිබ්බ ඒවා එක පාරම එළියට පැනලා වගේ.. සංසුන් වෙන්න ලමයා සංසුන් වෙන්න.. අපි මෛත්‍රී කරමු දැන්..

    ReplyDelete
    Replies
    1. හිකිස් , කොරන්න නම් පුළුවන් කොහෙන් නතරවෙයිද දන්නේ නෑ කියලා තමයි බය බං

      Delete
  33. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15316-good-governance

    ReplyDelete
    Replies
    1. අප්පා තැන්කුවෙවා අජිත් අයියා ... நன்றி

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]