Thursday, August 27, 2015

ස්වප්න සුවිසැරිය



ස්වප්නමය සුවිසැරිය ඇරඹිනි
මේ සුවැති නිද්‍රාවෙන්
මා වෙලෙන්නේ
සුවඳ කැවු නිද්‍රාවෙන්


නැතිරටේ චාරිකාවක් යමි
ටින්කර් බෙල්, පීටර් පෑන් සමගින්
දුෂ්ඨයා කැප්ටන් කුක් 
නපුරො නිතරම පැරදෙන එකම සුවයක්


තම්බලීනාය මම වසීලිස්සාට හොරෙන්
හත්පෙතිමලත් රැගෙන
මාෂා සමග  
වළහගේ කන්පෙත්ත උඩ ඔංචිලි පදින


පොපි ඇටයි සීනි කිරමයි
පාන් වළලූ කන්න ඕනේ එහෙමයි
ශේන්‍යා දැන් ඉරිසියාවෙන් පුපුරයි. 


කියන්නට ඕන ගාෆීල්ඩ්ට එන්නට කියා
ටොම් සහ ජෙරී සමගින්.
කන්නට සීනි
මිකී මවුස් එන්නට කලියෙන්  


ටොෆි හොරා ගැන ටිං ටිංට මම කිවුවොත්
ස්නූවි දේවි මට හොරු අල්ලන්න සතියක්
පිස්සු පූසා ඇයි අර එලවන්නේ කැප්ටන් හැඩොක් හේ පස්සේ  
බුබුළු නගියි බෙලිකටුවල මහ වැස්සේ


හිත මිතුරු කැස්පර්ට හාද්දක් දීලා
හා හා හරියි කියලා හාව පැන දිව්වා
වුඩී වුඩ් පෙකර් නම් - පරණ වඩු මඩුවෙමයි
පියාඹන හාද්දක් බෙන් ටෙන් ට යැව්වා


රෝඩ් රනර් ෂෝ වගේද අම්මේ
දුෂ්ඨය හැමතිස්සෙම පැරදෙන්නේ?
කවුද බෝයි වාගේමද අම්මේ
සාධාරණ යුක්තිය රජයන්නේ?


ඉතින් ඇයි 'නැගිටින්න ළමයෝ' කියන්නේ,
මේ සුවැති නිද්‍රාවෙන්
කටු ඇනෙයි - හිත තැලෙයි - මට බයයි
මේ ස්වප්න සුවිසැරිය මට සැපයි


පසු සටහන -

ගීතයක හෝ කවියක පසු කතාව ලිවීම සමහරවිට සමහරුන් නුරුස්නා දෙයක් විය හැක. එහෙත් මේ කවි සිතුවිල්ල උපදින්නේ අහම්බයක් නිසාය.  තාක්ෂණික තොරතුරු බ්ලොගය ලියන දයාබර නිමෝ හෙවත් "කොම්පියුටර් ඛාන්" නොහොත් "කොම්පියුටර් කන්නා" දුම්රියේ උදෑසන වැඩට යද්දී දුටු නිදා සිටින මේ දැරියගේ පින්තුරය වයිබරය තුලින් එව්වේ ,මෙන්න මේකට කවියක් ලියහන් කියාය.

සිතේ ඇතිවුණු සිතුවිලි අපිළිවෙලට කුරුටුගා කවිය පොලිෂ් කිරීමේ වගකීම මෙන්න මේ කවි බ්ලොගය ලියන , කවියටම උපන් පරපුරක කොටම පුරුකක් වන මෙන්න මේ ප්‍රතිභාපූර්ණ  කවි කාරියට පැවරීමි . ඉදින් කවිපද  කපා කොටා රණ්ඩු වී අවසානයේ මෙය පබිලිස් කිරීමට 3/3 ක ඡන්දයෙන් හැකි විය .
ස්තුතියි  නිමෝ සහ බස්සි

169 comments:

  1. මේ කවියෙදි අපිටත් අර ටෙලිවිසොන් එකේ තියෙන කාටූන් ඔක්කොම ආයෙත් මතක් වුනා. බොරු නෙවෙයි ආදර පූසෝ.
    පිස්ස මූ, පිස්ස මූ, පිස්සු පූස මූ//
    අර කවිය ඔපරේශන් කරපු බස්සිටයි. පින්තූරේ දුන්නු කොම්පියුටර් කන්නාටයි ස්තුති. මුන් දෙන්නා නැත්නම් මේක අමු කුනුහරපයක් වෙන්නත් තිබුනද මන්දා.

    ReplyDelete
    Replies
    1. මුන් දෙන්නා නැත්තම් කවියක් නෑනේ ඉතිං.... පිස්සා මූ පිස්සා මූ කිව්වේ මටද එතකොට .... තැන්කිව් වේවා අහසින් එන්නා

      Delete
    2. පිස්සට පිස්ස නැතුව දේවයන් වහන්ස කියන්ඩයෑ :D ඕ යේස්

      Delete
    3. " හිස්පලුවෙක්ගේ විලසා කුණු කූඩින් බෙල්ල දමා
      බොරු බේගල් ඇද දමලා සහචරයින් කරයි මුලා
      පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මූ .....

      Delete
    4. දේවයන් වහන්සේ කිඉවොත් පාඩුවෙලා තියෙයි , නැද්ද සිංදුවෝ

      Delete
  2. පොඩි එකා නිදා ඉන්නේ බඩගින්න මගහරින්නවත්ද පූසෝ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් .. මටත් එහෙම හිතුනා . ඒත් හැම තිස්සෙම මේ වගේ දර්ශනයක් අපි දකින්නේ ඒ කෝණෙන් නිසා මෙහෙම ලියන්න හිතුවා . තැන්කිව් වේවා

      Delete
    2. ඒකත් ඇත්ත නේන්නම්.....
      පහේ ශිෂ්‍යත්ව විබාගේ ඉවර වෙලා ගෙදර යනව ඇති සමහර වෙලාවට, කාටුන් බලන්න ඇහැකි ඕලෙවෙල් ලියන්නකන් කියල හිටං!

      Delete
    3. එහෙම හිතන් හිටියට අම්මලා තාත්තලා කාටුන් බලන්න දෙන්නේ නැතිවෙයි හිටං, දැම්ම තියාම ඕ ලෙවල් සහ ඒ ලෙවල් කොරවන්න ලැස්ති කරයි හිටං

      Delete
    4. ඕ ලෙවල් කරන්න අපේ අයියලා දෙයිද ?? :D

      Delete
    5. පත්තර මල්ලි අයියා ලංකාවේ නැති නිසා අවුලක් වෙන එකක් නෑ

      Delete
  3. ලැයික් :P

    පිංතූරෙ ඩබොල් ලැයික්

    කවිය පට්ටය.
    පසු කතාව වල්ලාපට්ටය.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවත් වල්ලා පට්ටය .
      තැන්කිව් ලොරියක්ම
      මෙන්න අරගෙන
      දවල්ට බෙනේට වෙලා හිඳ
      රෑට ඇවිත් කොමෙට් කොටන්නය

      Delete
  4. ෆේල් වුනොත් මට නම් විසුමක් නැත්තේ
    නෑසියො සේරම නෙත් දල්වා ඇත්තේ
    මටත් වඩා අපේ අම්මයි වෙර ගත්තේ
    ඊයෙ පෙරේදා මං ලියු ශිෂ්‍යත්වේ

    වෙනදට නම් මේවගෙ නින්දක් නැත්තේ
    රෑ වෙනකම් හිටියේ මං පොත් අස්සේ
    ඉහලින්මම පාස් වුනොත් ශිෂ්‍යත්වේ
    ආයෙත් බැලුවැකි බෙන්ටැන් මට සිත්සේ

    ReplyDelete
    Replies
    1. හම්මේ ඔව්.
      අච්චර සුන්දර ළමා ලෝකය
      මේ වැඩිහිටි මිනිස්සු එකතුවෙලා මොනතරම් බොරපාට කරනවද

      Delete
    2. Wedihiti minissu nemey, ê maha harak.
      Podi ewwanta unge ayithiya unge lokê nathi karana modayinwa matanam penna baha...

      Delete
    3. ඒ වුනත් වැඩිපුර ඉන්නේ එහෙම ය තමා ලොකු පුතේ

      Delete
  5. ඔය කියපුවයිං එකකි දෙකකි මග හැරී ඇත්තේ. කාටූන්බද්දෙක්මි.

    ReplyDelete
    Replies
    1. හැබෑට , ඒකියන්නේ තවත් කාටුන් පිස්සෝ සිටිති .. ප්‍රීතියි ප්‍රීතියි මහරජ

      Delete
  6. //ගීතයක හෝ කවියක පසු කතාව ලිවීම සමහරවිට සමහරුන් නුරුස්නා දෙයක් විය හැක.//

    බිග් බොස් කී ලෙස මං poetically blind වුනත් , තාමත් අහුවෙන ඕන කාටූන් එකක් බලන නිසාත්, over priced නොවන ඕනැම comic පොතක් ( Marvel preferred), graphic novel එකක් ගන්නා නිසාත් මේකනම් ගොඩදා ගත්තෙමි

    (ප්‍රතිබා පූර්ණ නෝනගෙ ඒව නම් එහෙම නොවන බව බය පස්සපාතව ප්‍රකාස කොර සිටිමි)

    ReplyDelete
    Replies
    1. 8M raft සහ හැලපගේ වරදින් දුර්වල වූ අවස්ථාවක පර්සියානු අධිරාජයෙක් ගේ අයිතිකාර පියෙකුට politically blind කියල මං විදින වදයක් !! sigh

      Delete
    2. Politically blind Big Boss & One of Quadri deities who is blind Poetically are always welcome.

      කොහොම වුනත් මටත් මේක ලියනකොට හිතුනා ප්‍රා ජේට මේකනම් තේරෙයි කියලා. නොතේරුණත් තේරුනා වගේ ඉඳියි කියලා ..හැක

      Delete
    3. (ප්‍රතිබා පූර්ණ නෝනගෙ ඒව නම් එහෙම නොවන බව බය පස්සපාතව ප්‍රකාස කොර සිටිමි)

      :D

      Delete
    4. මේවගේ අපිට තේරුම්ගන්ඩ කවියක් ලියන්ඩ හොද හැකියාවක් තියෙන්ඩ ඕනෙ. පොඩ්ඩක් අහපන් ලොකු පුතාටත් තේරුනාද කියල , එහෙමනම් උඹ හොද කයියෙක්.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. ලොකු පුතාට තේරුනා කියන්නේ , මේ කම්මලේ උඹේ ඔය මැෂින් එකෙන් පොස්ට් දෙකක එකසැරේ කමෙන්ට් කරන්න බැරිද ?

      Delete
  7. දැං බස් වල පාලු කපන්න සංගීත ප්‍රසංගයක් ටී.වී. එකේ දානවානෙ.එතනින් මම ආසම එකක් තමයි "ඇරෝ ස්ටාර්" ලගෙ කාටුන් සිංදු නන්ස්ටොප් එක.ඒක අහලා ඇස් පියාගත්තම තේ බොන්න නවත්තනකන් සනීපෙට නින්ද යනවා.. හෙහ් හේ...
    දුෂ්ඨයා පරදින සත්‍ය ජයගන්න සිද්ධි වෙන්නෙ කාටුන් වල විතරක් නිසාදෝ මාත් අහුවෙන හැම එකම වගේ බලනවා..

    කවිය සහ උපත දෙකටම...
    ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. හෙක් ජය වේවා ලබ්බෝ ... ඇත්තටම කාටුන් ලෝකේ කොච්චර ලස්සනද මේ අපේ හැබෑ ලෝකෙට වඩා .

      Delete
    2. ඇරෝ ස්ටාර් මාත් ආස බෑන්ඩ් එකක්.. නීරෝ & ලීඩා පට්ට !!

      Delete
  8. යුතුකම් වගකීම් නැති ලෝකෙකට - මිකී මවුස්, රෝඩ් රනර් ෂෝ.. හැර අන් කවර සිහිනද

    ReplyDelete
    Replies
    1. ආ තරු අක්කා කාලෙකින් ආපහු. ඇත්තටම කවිය ලියන්න හිතුනෙත් ඔය නිසාමයි

      Delete
  9. යකෝ මෙහෙමත් පිස්සු වට්ටන සිරිතක් තියෙනවද...? මූ මාව පිස්සු වට්ටනවා... දැන් ඉතින් ආපහු ඔය කාටුන් සෙට් එක බලනකම් ඉවසිල්ලක් නෑ... ඔච්චර ආලවට්ටම් දාලා කිවුවාම මං වගේ කාටුන් පිස්සෙක් තවත් පිස්සු වැටෙන්නෙ නැද්ද මං අහන්නෙ..

    ReplyDelete
    Replies
    1. එකේනේ කියන්නේ බලාපං. බලාපං. මේ කාටුන් බලන්නේ නැති ඇස් දෙකෙන් වැඩක් තියෙනවද බොල. හැබැයි කාටුන් බලද්දී උඹේ ඔය හොට පැත්තකින් තියල බලපං හැක

      Delete
    2. කාටුන් කීවට hentai නෙමෙයි ඈ :D

      යමක් කියද්දි පැහැදිලිව කියන්න එපායැ. නැත්තං තරුණ පරපුර නොමග යනවා. ඕ යේස්

      Delete
    3. පත්තරේ හොරෙන් බලන ඒවා නේද....? මේ පොඩි එවුනුත් නරක් කරනවා පත්තරයා.....

      Delete
    4. මොනාද පත්තරේ hentai කියන්නේ ?

      Delete
    5. උඹ බබා..... සූප්පුවක් ගහගෙන දැපැත්තට පැද්දියන්...

      Delete
    6. බබා නේන්නං , උඹ නොදන්නවට හැක

      Delete
  10. මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
    මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න

    ReplyDelete
    Replies
    1. මගෙ සිහිනය මට දකින්න
      ඉඩ හරින්න
      මගෙ සිහිනෙන් මා මුදන්න
      ලං නොවන්න.......//

      සදැස්විදා මොණරැ නටති මේඝ වළා පාවේ
      වළා වැලෙන් ගෙලේ වැටේ මලිතිය මල් මාලේ
      සහ ගුම්බිගු පේලි සැදි නගත මධුර නාදේ
      මල්ගොමු තුල නිල් පළු දල යහන් නිබඳ සෑදේ......

      මගේ සිහනය............

      ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ
      සුරත් සහන් එළි දැල්වෙ දෙනුවන් මිණිපානේ
      ලඹ තුන්සපු දුනුකේ මැද පිපුනු එකම යායේ
      ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් සඳ පානේ...........

      මගෙ සිහිනය......

      Artist - Nanda Malini

      Delete
    2. පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
      සංගීතය - සරත් දසනායක.

      Delete
    3. ස්තුතියි සිංදු , මග අරුණු ටික එකතු කලාට

      Delete
  11. මම හිතුවෙ තනිකරම කවිය උඹේය කියල.ලොකු වර්ණනාවක් කරන්නයි ලැස්ති උනේ.බලපුවම සාමුහික ප්‍රයත්නයක්.කොහොම උනත් කමක් නෑ සුපිරි කවි පන්තිය සහ විශේෂයෙන් පිංතූරය.මෙවැනි පිංතුර හරිම දුර්ලභයි.සිත් ඇද ගන්නවා වචන දහස් ගානකින් කියන්නට බැරි කතාවක් කියනවා.
    ඉඳල හිටලවත් උඹ බ්ලොගේ පැත්ත බලන එක ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. කවිය ලියලා බස්සි පේන්ට් සෙන්ටර් එකට දාලා පොලිෂ් කරලා ගත්තා හැලපයියේ ,පින්තුරය අර කොම්පියුටර් කන්නා එව්වම මටත් හිතුනේ මේකට කවියක් නොලිව්වොත් අපරාදේ කියලා . කොටින්ම කවියේ උපත් අපින්තුරය නිසා වැඩි ගෞරවය සී. ඛාන් ට තමා

      Delete
  12. ඇ යකෝ මූට පොටෝ කන්ඩත් වෙලාක් තියනව එහෙනං

    ReplyDelete
  13. මුල ටික කියවද්දිම හිතුනා බස්සි ඉෆෙක්ට් එක තියනවා කියලා! පංකාදු පහයි!

    ReplyDelete
  14. මං හිතුවා හරි බස්සි මේ මනුස්සයගේ ඔලුවත් විකාර කරලා..

    මේ ගොඩක් ඒවා මගෙත් ෆේවරිට්

    ReplyDelete
    Replies
    1. හැක හැක ඊළඟට විකාර වෙන්නේ උඹේ ඔලුව . අනිවා

      මමනං කෙලින්ම කාටුන් පිස්සෙක්

      Delete
    2. කාටුන් පිස්සෙක් කීවට වඩා පිස්සෙක් කියන් එක තමා හරි :D

      Delete
    3. ඒ වුනාට උඹට පිස්සා කියන්න මට හිත දෙන්නේ නෑ බං. නැද්ද ඕමා

      Delete
  15. අනේ අම්මේ, ඔය ඔක්කොම හීන එකතු වෙලා මික්ස් වෙලා පේනවනම් මේ පොඩි කෙල්ල නෙමෙයි අපිත් නිදාගන්නම්කෝ බං ඔය වගේම.. මරු ඈ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බං මටත් හිතෙනවා එහෙම නිදාගෙන ඔය ඔක්කොම එකපාර බලන්න. මටත් මැද්දට පැනලා නටන්න . ඇත්තමයි

      Delete
    2. අපොයි ඉතින් උඹ නැටුවොත්...! :P

      Delete
  16. Pashtay aaa...
    Mama wedi like photo ekata. Kaviyath ela.
    Eth oke mama âsama cartoon dekak naha.
    Soora pappa saha Oggy & cocroches...

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් කොටන්නේ නැතිකොට මාර කචල් ලොකූ..මොනා හරි කොරහන් ඉක්මනට....කමියගෙන් ණයක්වත් ඉල්ලගං...!

      Delete
    2. මගෙ ඩබල් කමෙන්ට් මැසිම දෙන්නද ?

      Delete
    3. ලොකු පුතේ , අමතක වුනා නෙවෙයි , ඔය කාටුන් ටික මේ කවියට ඔබා ගන්න විදිහක් තිබ්බ නැහැ. එකයි වුනේ .

      හැබෑටම මොකෝ බං වුනේ , කෝ සිංහල

      කමෙන්ට් මැෂින් විතරද කම්මලේ තියෙන්නේ උඹ ගාව

      Delete
    4. @ chef-architect
      ඌ ගාවත් ඒ වෙලාවේ සිංහල තිබ්බේ නැහැ ණයට ගන්න, බස් එකේ යන ගමන් ෆෝන් එකෙන් කෙටුවේ.
      ෆෝන් එකෙනුත් සිංහල කොටන්න පුළුවන් කියල හෙම කියන්න එපා ඔන්න.
      අමතර ලෝඩ් නැතුවත් දැන් ඒක වැඩ කරන්නේ ඉබි ගමනින්.

      @ කම්මල
      පල පල, තොගේ ඩබල් මැසිම අරගෙන මටත් එක එකාගෙන් කතා අහන්න බැහැ.

      @ ඉවාන්,
      ඔන්න වෙච්ච සංගෙඩිය මම චෙෆාකි ට කිව්වා... හෙහ් හෙහ්

      Delete
  17. මට මේ ළමයාගේ මුණ දැක්කම නම් මතක් වුනේ මීට වෙනස් කතාවක්.. ඒ කතාවට මේ වගේ ෆැන්ටසි කාටුන් හීනයක් ආදේශ කරගන්න අමාරුයි මට නම්. හැබැයි කවි ටික යි පින්තුරෙයි දෙකම වෙන වෙනම පට්ට.

    ReplyDelete
    Replies
    1. මාත් එකඟයි! එයා තනියම නිදි .. සමහර විට මේ ළමයා අල්ලපු ගෙදර tv එකෙන් මේ කාටුන් අතරින් එකක් හෝ බලලා නැති වෙන්න පුළුවන්...

      සමහර විට එයා මේ යන්නේ කොළඹ පේමන්ට් එකේ මොනාහරි පොඩි බිසන්ස් එකක් කරන තාත්තා හෝ අම්මා ලගට වෙන්න ඇති... සමහර විට ගෙදරින් යනවා වෙන්නත් ඇති.. කවි ටික පට්ට ආසාවෙන් කියෙවුවත් මේ ෆොටෝ එක එක්ක නම් පොඩ්ඩක් වත් එකට ගියේ නැ ,,(මට අවංකව දැනිච්ච දේ )

      Delete
    2. පැතුම් සහ ඔමා...
      ඇත්තම ඔතන තියෙන්නේ අපි හිතනපතන ආකාරෙයේ අවුලක්. මොකද අපි හිතනවා කළු කෙට්ටු ළමයින්ට , කෝච්චියේ බස් එකේ යන ළමයින්ට උරුම දුක විතරයි කියලා. ගැමි පෙනුමක් තියෙන ළමයින්ට උරුම දුක විතරයි කියලා තමයි දැක්ක ගමන් එන නිගමනය. එතකොට සතුට සැප දෙක ජම්බෝල වගේ පිරිච්ච ජබ්බ සුදු කාර් වල යන ළමයින්ට ලියලා දීපු දෙයක්ය කියලා . මම දන්නවා මේ පින්තුරය ගැන සාමාන්‍යයෙන් ලියන්න පුළුවන් දුක වේදනාව උතුරන දවලට කන්න නැතිව හාමතේ නින්ද ගිය ළමයෙකු ගැන . ඒක හොඳට මාකට් කරන්න ත් පුළුවන්. ඒත් ඇත්තමනම් මම කියන්නේ මේ දෙකම වෙන්න පුළුවන්,
      කළු කෙට්ටු ,ගැමි පෙනුමක් තියෙන ළමයෙක් සතුටින් ඉද්දි අර රෝසපාට ජබ්බ කාර බාර් වල යන ළමයා ජීවත් වෙන්නේ අපායක වෙන්නත් පුළුවන්. ලෝකේ විෂමයි , පිටින් පෙන චිත්‍රයට වඩා බොහොම වෙනස් ඇතුලාන්තය. ඉතින් මගේ නම් හැගීම ඕනෑම දෙයක් වෙන්න පුළුවන් කියන එක තමා.
      අනික කවියේ අරමුණ වුනේ කාටුන් ගැන කතා කිරීම නෙවෙයි. තරු අරනගේ සහ කල්‍යාන මිත්‍ර ගේ කමෙන්ට් දෙක බලන්න, ඇත්තම මට ඕන වුනේ මේ අසාධාරණය රජයන ලිකය්ට වඩා ළමයින්ගේ සිහින ලෝකය සුන්දරයි , යුතුකම් වගකීම් නැති ලෝකෙකට - මිකී මවුස්, රෝඩ් රනර් ෂෝ.. හැර අන් කවර සිහිනද කියන කතාව කියන්න විතරයි.
      ස්තුතියි දෙන්නටම සංවාදයකට මග පෑදුවට.

      Delete
    3. උඹේ කතාව හරි එහෙම දකින්න පුළුවන්. හැබැයි මේ ළමයාගේ කළු කෙට්ටු බව නෙවෙයි මට පෙනුනේ තනිව අසරණව වයසට වඩා හිතේ බරක් තියෙන ළමයෙක් විදියට..

      Delete
    4. පැතුමෝ... උඹ කියපු කතා වැරදියි කිව්වා නෙවෙයි, ඇත්තටම එක තමයි අපි දැකපු ගමන් අපේ ඔලුවට එන අදහස. මොකද ඒ තමයි අපි හිතන්න හුරුවෙලා තියෙන හැටි. අපිට වැඩිපුර ඇහැ ගැටෙන හැටි.... ජයවේවා

      Delete
    5. ඉවාන් අයියේ එහෙම හිතන්නත් පුළුවන්.. ඒත් ළමයගේ දුක්මුසු මුණක් තියෙන්නේ ඒකයි මං එහෙම හිතුවේ

      Delete
    6. මම බලන විධිහද මන්ද මට එහෙම දුක ගතියක් පෙන්නේ නැහැ. .මේ මේ නිර්මාණයට මම කැමතිත් .ඒකයි .එකයි. මට මට හිතෙන්නේ ළමය හොඳ සිහින ලෝකෙක සරි සරනවා කියල.
      http://nelumyaya.com/?p=4117

      Delete
  18. හැබෑට...

    දැන් ළමයින්ට ඔය සුන්දර ලෝකෙට යන්න වෙන්නෙ බොහොම වෙලාවට හීනෙන්ම තමා. නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනිවා... ළමයින්ගේ ළමා කාලය උදුරාගෙන. හිත පිත් නැති දුෂ්ට වැඩිහිටියෝ . ළමයින් අයිති ලමයින්ටමයි ,

      Delete
  19. අනේ මන්දා ඉතින්! දවල්ට කන්ඩ මොනවද තියෙන්නේ කියලා හීන දැක්කා වෙන්ඩත් බැරි නෑ!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං එහෙම වෙන්ඩත් පුළුවන් නොවෙනඩත් පුළුවන්. නැත්තම් රෑ එලි වෙනකං. පිරිත් ඇහුවා වෙන්ඩත් පුළුවන් :D

      Delete
  20. සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව් විමන් අතරේ
    පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ පැතුම් මල් සුපිපේ
    සේද වන් කිරි සිනා පුතු මුවේ ඈඳෙනා
    සුන් කරයි මා වේදනා
    සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව් විමන් අතරේ
    පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ පැතුම් මල් සුපිපේ

    රන් විමන් දුටුවේද මන්දිර පුතුනි ඔබ සිහිනේ
    නන් සැපෙන් පිරවීද නිදි දුව ඒ සිහින විමනේ
    මපුතු සිහිනේ අඳින දෙවි‍ඳේ මුලා නිකරන් මා පුතුන්
    නොමැත සුව නිදි යහන් පුතු හට නොම මවනු මැන ඒ දසුන්
    තරු වැල් ගොතා සඳ කැන් මතින් සතපන්න පුතු හැකිනම්

    සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව් විමන් අතරේ...

    දෙව් ලඳුන් පිරිවර අරන් වැඩියේද මව් සිහිනේ
    මා පුතුන් දෝතින් අරන් නැලවීද ඈ ගීයෙන්
    ඇගේ දෙ අතේ නිදන් පුතුනේ නොම සොයනු අවදිව මවුන්
    සුව නොමත මා පහස ඇගෙ මෙන් රළු වුනේ උර තල බරින්
    මා ලොව පහන් කල රන් පුතුන් ඔබ රකිමි දිවි හිමියෙන්

    සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව් විමන් අතරේ...


    ගායනය - සංගීත් විජේසූරිය
    සංගීතය - රාජ්

    ReplyDelete
    Replies
    1. මාතා දූලට කියන්නේත් පුතා කියලා සිංදු...හෙක් හෙක්..

      Delete
    2. ලස්සන සිංදුව මචෝ !!!

      Delete
    3. //මාතා දූලට කියන්නේත් පුතා කියලා//
      එතකොට වයිෆ්ට අම්මි කියලද ? හැක් හැක්

      @පත්තරේ බොටත් දැන් හොඳටම මේ වගේ සින්දු වදිනවා නේද ?

      Delete
    4. මොනව කියනවද බං සිංදුවො .. !!!

      Delete
    5. මට නිකමට හිතුනා සිංදුවා දාහකින් හොයාගන්න බැරි සිංදුවක් හොයලා දැයි කියලා . ස්තුතියි සිංදුවෝ.

      Delete
  21. අපූරු කතාකරන පින්තුරයකට වෙනස්ම කෝණයකින් ලියු කවක්. ඒ කවත් එක්ක සෑහෙන වටයක් ගිහින් ආවා හිතින්. රතුහැට්ටකාරි ගමරාලලා වගේ අයත් මගේ හිතට ආවා. කොහොම වුණත් අගනා සංකල්පනයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියා. මම රතු හැට්ට කාරී , දෙව්ලොව ගිය ගමරාල, අන්දරේ වගේ අයත් මතක් නොවුනා නෙවෙයි. එත් කවියේ ආකෘතිය ඇතුලට ඒවා ඔබා ගන්නයි බැරිවුනේ .

      Delete
  22. සිහිනයක්ද
    නැත ඔය එළිවෙන්නේ
    තනියම නොකා
    අපේ හීනෙ බෙදාගෙන
    වැඩියෙ කඩන නරක ලමයි හෙම නොවේ අපි

    --------------
    ඔලුව සීරුවට තුරුල්කරගන්න
    අම්ම තාත්ත ලඟ හිටියනං.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බති , ඇත්තටම ඒ තවත් කෝණයක්. අම්ම තාත්ත නැතිව අසරණ වෙන ,මේ දුෂ්ට ලෝකෙට නිරාවරණය වෙන ළමයින්ට කාගේනම් සරණක්ද?

      Delete
  23. මේකට අර නිමෝ කාරයා ගෑවුන් නැත්තං සෝක් පෝස්ටෙක :D ඕ යේස් .

    ReplyDelete
  24. නිදන ඇයගේ සිහින සමහරවිට මීට ගොඩක්ම ගොඩක් ඈතින් තියෙන සිහින වෙන්නත් පුලුවන්....

    ReplyDelete
    Replies
    1. ආ මනෝගනේෂන් කොහොමද ? ඔව් එහෙම වෙන්නත් පුලුවන් , නොවෙන්නත් පුළුවන්. ලෝකය විවිධාකරයිනේ , තන්කිව් වේවා අධික වැඩ අස්සේ මේ පැත්තේ ගෑටුවට.

      Delete
    2. මේකට ඇති වැඩක් නැ දැන් .මාස එක හමාරක් නිවාඩු ..ගෙදරට වෙලා ඇරියස් කවර් කරනවා ..හැක් හැක් .

      Delete
    3. ඔය කිව්වෙ ගානට. මූ කතා නොකලනම් මං තාමත් හොඳට නිදි!!

      Delete
    4. අපරාදේ උඹේ "ස්වප්න සුවිසැරිය" නේද ?.....කමක් නැ ඔන්න මුල ඉඳලා නිදාගනින් මචෝ ..අපි මොනවත්ම කියන්නේ නැ ..

      Delete
  25. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ආතර් නැවතත් පැමිණ ඇත ...ඔබේ කොමෙන්ටු ප්‍රවේසම් කරගන්න ...

      Delete
  26. නිකං ඇඩ් පෝලිමක් වගේ. හැ්ක

    ReplyDelete
    Replies
    1. ඉස්සර කැටස් පීස් ඇඩ් දැම්මෙත් මෙහෙමලු නේ

      Delete
    2. උම නං හරියන්නේ අපේ පොඩි එකාට. දවස තිස්සෙම කාටුන් ගැන කතා කරන්න එකෙක් මං හොය හොය හිටියේ.. හැ්ක..

      Delete
    3. උඹට කියන්න අර ඉන්සුවරන්ස් දමියගේ ගෙදර ගිය වෙලාවේ ,අන්තිමට උගේ පොඩිම එකා මගෙත් එක්ක යන්නත් ලෑස්තියි. පොඩි කෙල්ලගේ හොඳම යාළුවා වුනේ මම . අපොයි සුළු දෙයක් පොඩි එකා ෆිට් වෙයි එල කිරියට

      Delete
    4. උඹට කියන්න ගෙම්බෝ.. කවදාවත් දකුණු පළාතේ උන්ගේ ගෙවල් වල ගිහින් කෑම බීම කන්න එපා. ඕවට මොනවද සීනි මතුරලාද මොකක්ද කරනවලු.. මං අහල තියෙනවා.. හැක්

      Delete
    5. ඒ මොකටද බං එහෙම මතුරලා දාන්නේ ? ඒවා කෑවම මොනවද වෙන්නේ ඉතිං? ඒවායින් කාරී නෑ, මොනවා මතුරලා දැම්මත් වෙලාවක උඹලා ගෙදර එන එක එනවාමයි . ඔ යේස්

      Delete
  27. නංගියේ..

    සුන්දර හීනයක වෙලිලා හිතින් සුරංගනා ලෝකෙක පාවෙන උඹ දැක්කම සහෝදර කැක්කුමක් දැනෙන අපි වගේම "නිමෝ " වගේ අප්ෂැට් ඩයලුත් ඔය කෝච්චියේම යනවා කියල මතක තියාගනින්.… සුභ අනාගතයක් !!

    සෙනඟ ඉන්න පෙට්ටියකට නැගපං නංගියේ හෙට ඉඳන්වත් ……

    මීට
    පත්තර මල්ලි අයියා .. ඕ යේස්

    ReplyDelete
    Replies
    1. "මඟ තොටේ ඉඳන් මිනිස් වෙසින් විත් වග වලසුන්
      ළංවෙලා කතාකරයි කියා නැති නෑදෑකම්
      මඟ හොඳට තිබේනම් දෑසත් හොඳට පෙනේනම්
      උඹ පරිස්සමින් පය තියපන් බැදිවල නොගිහිං"

      Delete
    2. වරකෝ ලංකාවට......!!! තෝව තියන්නේ නෑ මම.

      Delete
    3. චන්ද්‍රමඩුළු යට සුරංගනාවන්
      දූ සනහන්නට ගීත ගයනවලු...
      දුවේ එපා ඒ කතා අහන්නට
      මේ නැළවිලි ගී මමයි කියන්නේ...

      රන් තැටියට කිරි පැණි පුරවාගෙන
      හදහාමී දූ බලන්න එනවලු...
      දුවේ එපා ඒ කතා අහන්නට...
      හඳහාමී කෙලෙසද මෙහි එන්නේ

      කිරි මුට්ටිය නුඹෙ ඟගේ ගියාලූ
      ඟගට උඩින් කිරි කොක්කු ගියාලූ...
      දුවේ එපා ඒ කතා අහන්නට
      මමයි නුඹට ලේ කිරිකර දෙන්නේ...

      දූ අල්ලන්නට හැන්දෑ යාමේ
      මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු...
      ධීර දුවේ මා බිය නොම වන්නේ
      සිහළ ලෙයයි නුඹ සිරුර දිවෙන්නේ...

      පද රචනය - මහින්ද අල්ගම.
      සංගීතය - නන්දා මාලිනී.

      Delete
    4. මාළ බැඳන් සුදු යකඩින් රෝස මල් වනේ
      මාළ ගිරව් ගේ දොරකඩ සින්දු කිව් වෙලේ
      හීනෙනුත් හිතුනෙ නෑ මට කිමද කාරනේ
      පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ …

      සුනිල් එදිරිසිංහ

      Delete
    5. රෙස්පෙක්ට් ඈ පත්තරේ +++++++++++++++++++++++++

      Delete
    6. පත්තරයා එලකිරි...
      නිමොට කෙ ල වේ වා !!

      Delete
    7. පත්තරයා එලද බ්‍රා ...

      හැබැයි ඕක නිමෝ කියන්නේ මෙහෙමයි

      නංගියේ..

      සුන්දර හීනයක වෙලිලා හිතින් සුරංගනා ලෝකෙක පාවෙන උඹ දැක්කම සහෝදර කැක්කුමක් දැනෙන නිමෝ වගේම "පත්තර මල්ලි " වගේ අප්ෂැට් ඩයලුත් ඔය කෝච්චියේම යනවා කියල මතක තියාගනින්.… සුභ අනාගතයක් !!

      සෙනඟ ඉන්න පෙට්ටියකට නැගපං නංගියේ හෙට ඉඳන්වත් ……

      මීට
      කොම්පියුටර් කන්නා අයියා .. ඕ යේස්

      Delete
    8. පත්තරයා එල ද බ්‍රා කමෙන්ටුව

      Delete
  28. සුදු නංගියෙ ඇස් වහගෙන
    ඉන්න එපා දුකට
    පියාඹන්න ඉඩ තියෙනව
    අහසෙ ඕන තැනක
    ඉගිල්ලෙන්නෙ පරිස්සමින්
    සුළං කෝඩ එමට
    සිනාසෙන්න කල් තියෙනව
    සත්තයි තව නුඹට........

    මේ ඔක්කොම බලා ඉන්නෙ
    වරදින තුරු අපට
    ඒ අයගෙ ඇස් වහන්න
    බැරිවෙයි යලි අපට
    පරිස්සමින් ඉගිල්ලෙන්න
    පොඩි නැහැ මේ අහස
    මොනවා වුනත් මම ඉන්නව
    සුදු නංගියෙ උඹට .......

    -- ෆ්ලෑෂ්බෑක් --

    ReplyDelete
    Replies
    1. ඔක්කොම හොඳයි උඹ ඉන්න එක තමා අවුල , හැක

      Delete
    2. මේ ඔක්කොම බලා ඉන්නෙ
      වරදින තුරු අපට...............

      Delete

  29. මනෝශය කොහේද මන්ද කියල තිබ්බ වගේ මූටත් කොමෙන්ට් එකක් දාන්න ත්‍රීවීල් එකක එන්න එපැයි රෙද්ද..කවිය කියෝල පහලට රූටං එනකොට හිතාපු ඒව මතක නෑ.. ආයිත් උඩට රූටල අලුතිං හිතල පහලට රූටනකොට ආයිත් මතක නෑ..යකෝ උඩ පහල කීපාරක් කියල යන්නද .... මේ සෙද්ද කොරන්න බෑ..මේං මේක කොටල දානව.... බංබුව..

    කයිය හොඳා.....
    පිංතූරෙ දැක්කම මොකද්දෝ දුකක් හෙතෙනව...

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් හැක තැන්කිව් පෝටර් . පින්තුරේ දැක්කම හිතෙන දුක නවත්තන්න තමා කයිය ලිව්වේ බං,

      Delete
    2. ඇයි බන් අර රාජ්‍ය සේවා බයික් එක නිකම් ලැබුනේ නැතෙයි ? අපි නම් ඉතින් පාගල් එකේ උඩට පහලට යනවා ...හැක් හැක්

      Delete
  30. කාළයක් තිබුනා පොඩි කාළේ අපේ ආසාවට කෝච්චියෙන් ගමේ යන. ඒ යන කොට කෝච්චියේදි කන බොන දේවල් ටිකක් අම්මයි ආච්චියි හදනවා. තාත්තා හදන්නේ අයිස් කෝපි. ( ඒ කාළේ කෝච්චිවල වෙළෙන්දෝ උන්නා කියලා මතකයක් නෑ. හිටියත් එකා දෙන්නයි.) කවදාවත් ඒවා අපිට ඕන ප්‍රමාණෙට නෙමෙයි ඊට වඩා ගොඩක් හදනවා. මොකො ඒ කාළේ රටේ තිබ්බේ මහා සාගත සමයක්. මට මතකයි තාත්තා වැල්වැටිතුරේ ගිහින් ගේන ඇපල් මිදි එහෙම දැක්කාම මහ උන්ගේ හිටන් ඇස් ළොකු වෙනවා.. සමහර උන් ඒවයේ නම් දන්නෙවත් නෑ.. අපි නම් පොතෙන් හරි දැකලා තිබ්බා නේ..

    නිර්මාණය ගැන නම් කියන්න තියෙන්නේ වල්ලා පට්ටවලටත් වඩා ඉහළයි කියලයි.. හේතුව සාමුහික නිර්මාණයක් වීම.. අපරාදේ උඹ ඉන්ජෙක් උනේ... එහෙම උනාට දොස් කියනවා නෙමෙයි.. ඒත් එක නිසා උඹ පට්ට බිසි නේ.. බලහන් ලොක්කට කතා කරලා නිර්මාණවලට සතියට දවසක් ඉල්ල ගන්න.. මට නම් දීලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ෆූසෝ..බොලාගේ ලොක්කට කියල මටත් මාසයක්වත් අරන් දීහංකො..අර 8MRaft බනිනවා කොට පෝස්ට් දානවාය කියල හිටං..

      Delete
    2. මාතේ - ස්තුතියි මුලින්ම අගය කිරීමට ඔය කියන අතීතය ගැන අත්දැකීමක් නැති වුනත් ,සෑහෙන්න කතා අහල තියෙනවා ඔය වගේ , මේ ඉන්න හැටිත් එක්ක ඇත්තටම එතකොට එහෙම දේව හිතාගන්නත් බෑ. මිනිස්සු ඉවසුවේ කොහොමද කියලා හිතෙනවා .

      මාතේ & චෙෆාකි - ලොක්කට කිට්ටු කරන්න බෑ මේදවස් වල . කොයි වෙලෙත් මල අතේ අරං ඉන්නේ මූණ බලන්න බයයි වෙලාවකට ඕ... යේස් . ඔපීසියේ සෙට් එකම බය බිරාන්ත වෙලා ඉන්නේ . පොඩ්ඩක් කූල් ඩවුන් වුනාම අහන්න ඕන . :P

      Delete
    3. //කොයි වෙලෙත් මල අතේ අරං ඉන්නේ// එහෙනම් මොකද බන් බය වෙන්නේ ..අර මාලිගාවිල my3 බෝසත් පිළිමය වගේ ඇති ...කොච්චර සුන්දර දසුනක් ද ? ( අනිත් මල අතේ නම් අපෝ කූ කඳේ බෑ ...ඊ යා .......)

      Delete
  31. වෙන මොකුත් නෙවෙයි මට මගේ උන් දෙන්නවමයි මතක් උනේ.. තරු අරණ කියුව වගේ වගකීම් නැති ලෝකේ වෙන මොනවද.. මේ මාසෙම අතැරලා තියෙන්නේ ඕනේ පිස්සුවක් නටන්න දෙන්නටම.. ඒ මැද්දට මාත් පැනල උන් දෙන්නත් එක්ක මේ දවස් වල දොස්තර හොඳහිත බලනවා.. වැඩේ කියන්නේ උඹලට ඒක මතක් වෙලා නෑ නේද?

    නිමෝ ටයි බස්සි ටයි ඉවාන් ටයි ස්තුතියි. :)

    ReplyDelete
    Replies
    1. දොස්තර හොඳ හිත මතක් නොවුනා නෙවෙයි. එත් මේ අස්සට ඔබා ගන්න විදිහක් තිබ්බේ නෑ ,

      ඇත්තටම තරු අරණ සහ උඹ හරි කොනෙන් අල්ලාගෙන තියෙනවා. ළමයින් බලාපොරොත්තුවෙන ලෝකෙට වඩා කොච්චර පසුගාමී ලෝකෙකටද උන්ව අපි යවන්න හදන්නේ

      Delete
    2. දන්සැල් ළඟ පෝලිම් වල සෝපාකලා
      සතර අමා ගිනි නිවෙනා දා
      සුදහ ගින්දරේ
      බලා ඉඳින්නෝ
      නාවර පෙරෙනා මුහුණින්
      කඳුළු මිදුනු ගිජු දෑසින්
      දස දහසක් සක්වල වට
      අමාවතුර ගලනා දා
      පයිප්පයේ දුඹුරු වතුර බෙලෙක් පිඟානේ පුරවා
      මුවින් උරා බොන්නෝ
      සෝපාකලා........
      දන්සල් ළඟ පෝලිම් වල සෝපාකලා
      සතර අමා ගිනි නිවෙනා දා ,,,
      සුදහ ගින්දරේ
      බලා ඉඳින්නෝ........
      පදික වේදිකා නිවසේ
      මව් සෙනෙහස විඳ නැතියෝ
      සියල් සතට තුන් ලොවටම
      අමා මෑණි බිහි වූදා
      පුතේ කියා මවක මුවින්
      කිරිවදනක් නෑසූවෝ
      අදත් ඉඳිති නාඩා
      සෝපාකලා.......
      දන්සැල් ළඟ පෝලිම් වල සෝපාකලා
      සතර අමා ගිනි නිවෙනා දා ,,,
      සුදහ ගින්දරේ
      බලා ඉඳින්නෝ.....

      ගායනය : අතුල & සමිතා

      Delete
  32. සොරි වේවා මචෝ බලන්න පමා උනාට. මම කලිනුත් කිව්වා වගේ නිමෝගෙ ෆොටෝවත්, ඒකට උඹ ලියපු අදහසත් ඉතාම සුපිරියි. අනික තමයි, මෙහෙම ළමයෙක්ගෙ මූණක් දැක්කම මමත් ලියන්න හිතන්නේ ඒ දුකයි, බඩගින්නයි, අසරණකමයි ගැන. ඒ අපි වැඩිහිටියො විදියට ඒ ළමයව දකින විදිය. ඒත් උඹ ළමා ඇහැකින් මේ පින්තූරෙ දිහා බලලා ලියල තියෙන මේ අදහස ඉතාම සුන්දරයි. ජය!

    ReplyDelete
    Replies
    1. යකෝ මං සපත්තු දැම්මම උඹටත් වඩා උසයි!

      Delete
    2. ස්තුතියි බට කොස්සි , ළමයින්ගේ ලෝකේ දිහා වැඩිහිටියෝ හැටියට බලන එක තමයි අපි කරන ලොකුම අපරාදේ කියලා මටනම් හිතෙන්නේ . කොහොම වුනත් ළමා කාලේ විඳින්න කවුද ආස නැත්තේ .

      හෙක් උඹ සපත්තු දානවනම් බැරිය , දාන්නේ බොරු කකුල්නේ , හැක

      Delete
  33. ඉවාන් පොඩි එවුන් ඇත්තටම මේ වගේ සිහින ලෝක වල තමයි නින්දෙදි ඉන්නෙ ,ඒක මම හොදින්ම දන්නෙ මගෙ පොඩි උන් දෙන්නම හීනෙන් කියවනව. කාර් එක්ක , බෝනික්කො එක්ක, ගෙදර බල්ල එක්ක උන් හීනෙන් කතාකරනව අපි දෙන්න අහගෙන ඉන්නව. මේ ලගකදි පොඩි එකී ගෙ සිහිනයක් වෙලා තිබ්බ වාදන භාන්ඩයක් එයාට හදිසියේ තෑගි ලැබිල , ඒක මොකක්ද බෝනික්කෙකුට කියනව හිනාවෙවී .
    මාත් තාම කාටූන් ලෝලියෙක් සහ රුසියානු ළමා කතා පොත් ලෝලියෙක් ,කොටින්ම මට ඉවානයව දැක්කම මතක් වෙන්නෙත්...වැඩබැරි දාස.
    http://boondi4kids.blogspot.com/2012/06/blog-post.html

    උඹෙයි , නිමෝගෙයි , බස්සිගෙයි සාමූහික ප්‍රයත්මය අපූරුයි.

    ReplyDelete
    Replies
    1. //"කොටින්ම මට ඉවානයව දැක්කම මතක් වෙන්නෙත්...වැඩබැරි දාස."// මමප දෙන්ඩ හිතෙනවා මූණ සම්බෝල වෙන්න, මූ වගේ හීන් නූලෙන් බෙල්ල කපන එකෙක් අම්මප.
      කොහොම වුනත් තැනකුයි වේවා . පොඩ්ඩෝන්ගේ ලෝකය මැද්දට වදිහීත්යො පැනලා බොර කරන්නේ නැත්තං මීට වඩා බොහොම නිර්මාණශීලී පරපුරක් අපිට බිහිවෙයි

      Delete
    2. //පොඩ්ඩෝන්ගේ ලෝකය මැද්දට වදිහීත්යො පැනලා බොර කරන්නේ නැත්තං //

      :P

      Delete
    3. :D අම්බානට ඩෝප් වෙලාවක කවුදෝ දාපු එකක් බං, මම නෙවෙයි පිස්සුද ?

      Delete
    4. කම්මලේ..අැත්ත මචං..පොඩිවුන් සෙල්ලං බඩු එක්ක කතා කරනවා අහගෙන ඉන්න ආසයි..

      Delete
    5. //මට ඉවානයව දැක්කම මතක් වෙන්නෙත්...වැඩබැරි දාස.// අඩෝ සිරාවටම! මට නම් තව දෙකෙක් මතක් වෙනවා..කිරායි වලස් මාමයි..හේතුව මූ කිරා වගේ මාරම මාර කම්මැලියෙක්..අනික මූ දැන් මෙතනම වලස් මාමා වගේ කොයිතරම් නම් නවනිංගිරා විඳලද..පව් බං...ලිව්වත් බැණුම් නොලිව්වත් බැණුම්!..
      කමක් නෑ එක අතකට කිසිම දෙයක් නෑ ඔළුවේ කියලා ඌම කියලනේ තියෙන්නේ.. :P :P

      Delete
    6. මොකක් ? කවුද ඩො කිරා... අනිනවා හොම්බට දත් ඇඳි දෙක බඩට යන්න ... වසවර්ති තනියා

      Delete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. දැන්නේ කියෙව්වේ.... සුතුටුයි මචෝ.... නිමෝ තෑන්ක්ස් මේකට පෝස්ටුවක් දාන්න බලෙන් හරි රූපයක් යැව්වාට..... බස්සිටත් තුති.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුටුස්... උඹලගේ අදහස් වටිනවා උඹලා සත පහකට වටින්නේ නැති වුනාට , අම්මප :P

      Delete
    2. ඒහෙම තමා.........

      දැන් බලහං උඹේ නිර්මාණ... උඹ වගේ ඒකෙක් කරාය කියලා හිතන්නවත් පුළුවන්ද????? බෑනේ....

      Delete
  36. :O කාටුන් පිස්සුව නම් මටත් බොහොම දරුණුවටම තියෙනවා ....

    තුන් කට්ටුවේ වැඩේ නම් සුපිරියි...

    ReplyDelete
    Replies
    1. තුශානි ලියන්නකො අර දවසක් ඔෆිසියේ ඔයාට නින්දගිය දවසේ ,හීනෙන් පිස්සා මූ පිස්සා මූ සින්දුව කියපු කතාව :P

      Delete
    2. අහ්... ඔයාව හීනෙන් දැකලා කියපු එක නේද ... හා හා ... ලියන්නම්කෝ.. ;)

      Delete
    3. එතකොට මම ද පිස්සු පූසා .....ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්

      Delete
    4. ඉවාන්ට පිස්සු බව නම් අැත්ත.. ඒත් පූස් කතාව ටිකක් සැක සහිතයි තුශානි.....

      Delete
  37. ප්‍රශ්නය:- දෙන්නෙක් එකතුවෙලා ලියල සංස්කරණය කරලා පළකරපු නිසා මේවා හයිබ්‍රිඩ් කවිද?

    උත්තරය:- හයිබ්‍රිඩ් බැරිනං 'ලෝබ්‍රිඩ්' වුනත් මෙව්වා කවිනේ......... ඇයි අවුල් ද?

    මම:- පිස්සුද......... ආපහු ළමා කාලය ගෙනත්.

    ReplyDelete
    Replies
    1. විචා මාම , නැවත පැමිණේ .... හුරේ බයිට් ලැබිලා ... මීටපස්සේ ඕනවට වඩා රෙදි වන්නේ නැතුව ඔය කාටුන් එකක් බලාගෙන ඉන්න මාමේ

      Delete
  38. මම ලියපු පද පෙල ගැන නෙමෙයි කල්පනා කලේ...කෙලීට සැප නින්දෙ මොන වගේ හීන පේනවා ඇතිද කියලා...

    ReplyDelete
    Replies
    1. සැප නින්දේදී පේන හීන ටික තමයි කවියේ ලියලා තියෙන්නේ , ඒ නිසා කවිය ගැනත් කල්පනා කරලා බලපන් ,,, හැක

      Delete
    2. සිකේ විළි ලැජ්ජාවයි...මම කයි වලට වැඩිය මනාප නෑ...

      Delete
  39. අනේ කවිය ගැන හිතන්න හිතුන් නැහ ැමටත්..අර පුංචි පැටික්කි නිදන් ඉන්න හැටි දැක්කම...

    ReplyDelete
    Replies
    1. ඒකනේ වැඩේ... එහෙනම් දැන් ආපහු කවිය ගැන හිතමු බලන්න :D

      Delete
  40. මධු කිව්වා වගේ එකක් දෙකක් ඇරෙන්න අනිත් චරිත ඔක්කොම හම්පවෙලා තියෙයි...

    හරිම ලස්සනයි ඉවාන් අයියේ...

    මීට ටික කාලෙකට කලින් බස්සි අක්කත් ඔය වගේ එකක් ලිවුවා මර්මේඩ් සී ෆුඩ් වලට ගත්ත එකක්.........

    ReplyDelete
    Replies
    1. තන්කිව් වේවා සබරේ , එකනේ බස්සි ආන්ටිට මේක එඩිට් කරන්න දුන්නේ

      Delete
  41. මට නිමෝ මුන ගැහුන දවසේ මු කතා කරපු වචන වලින් 99% ක් තිබුනේ කම්පියුටර් මට ඉතිං ග්‍රික් වගේ ..ඒදා මම හිතුවේ නෑ මුට මේ තරම් අහිංසක කලා හිතක් ඇති කියලා..
    ඉවාන් ..උඔ
    උඔගේ කවි හැකියාවටත් වඩා කාටුන් ගැන දැනුම එල ද බ්‍රා..

    ReplyDelete
    Replies
    1. ඌට තැති කළා හිතක් නෑ බං, හෙක් කොහොම හරි උඹ මට කවි ලියන්න බෑ කියලා කිව්වා නේද ?හැක

      Delete
  42. දකින හීන ඔය තරම් ලස්සනයි නම් ඒ හීනෙන් අවදි වෙන්නත් හරි ලෝබයි.

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න .... ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න කියලා

      Delete
  43. නිදන් හිටපු පුංචි පැටික්කි ලොකු වෙලානේ? :P

    මට පේන්නේ වෙන පින්තූරයක්... :O

    ReplyDelete
    Replies
    1. //"නිදන් හිටපු පුංචි පැටික්කි ලොකු වෙලානේ? :P"//
      :O ඒ කියන්නේ ඔයාටත් නින්ද ගියාද?

      Delete
  44. සුදුම සුදු හොඳම හොඳ ඉවාන් අයියේ..පස්වාන් දහසකට සමාවී වදාරන සේක්වා කිව්වා ඉතින් එන්ට ප්‍රමාද වුණා..
    හහ්! තොපි අපිට වැඩ තියෙනකොට ලියනව මෙතන! අපි ලියන්න කියල ඉල්ලීම් කරනකොට ලියන්නේ නැතුව! හොඳ වෙලාවට නීමෝ කෝච්චියේ ගිහින් හරි මෙහෙම එකක් ලියවුණේ..!
    ඔතන කීපයක් ඇරුණුකොට ඔක්කෝම බලපු කාටූන්..ටයි මාමාට මම හරි කැමති ඉස්සර කාටූන් නිසාම..උඹ ටයි මාමාගේ ගෝලයෙක් වෙලත් විස්තර නොලියන එකට මගේ බලවත් විරෝධතාවය! (ඇද්ද ඇද්ද!!) මම කවියට කැමතී..උඹෙන් මෙහෙම එකක් ලියැවුණු එක ටිකක් විතර පුදුමයි..මොකෝ ඉතින් උඹ බබෙක් යැ..:P :P (දුවපියෝ!!)

    ReplyDelete
    Replies
    1. බබෙක් නෙවෙයි නම් මොකක්ද යකෝ , මම අහින්දක සුටි බබෙක් තමා, නැතුව උඹ වගේ ආච්චියෙක්ද?
      //"සුදුම සුදු හොඳම හොඳ ඉවාන් අයියේ."//හැබැයි මොනා වුනත් උඹ ඇත්ත කියනවා , ඒ නිසා සමාවක් දෙනවා, නැත්තම් කකුල් කෙටියෙන් අල්ලලා ගහනවා පොලේ ...

      Delete
  45. බුබුළු නගින බෙලිකටු :D කවිය නම් මරු .මේ ළඟදිත් මම ටිං ටිං කාටුන් එක බැලුව :) :) .

    ReplyDelete
    Replies
    1. අපට සිරි හංසියා කොහද ගෙහුං හිටියේ

      Delete
    2. බාහිර උපාධියේ අන්තිම project හිරවුනානෙ :/ .දැන් ආයෙම නිදහස් ඒ නිසා ආයේ බ්ලොග් කියවන්න ආව.කාලෙකින් ලිව්වෙත් නෑ. හිතල හිතල හෙමිහිට ලියන්නම් :)

      Delete
    3. එහෙනං වෙල් කම් බැක් හංසියා..... ආපහු ලියමු බලන්න

      Delete
  46. තම්බලීනා - ළමා කාලයේ මතකය අළුත් උනා

    ReplyDelete
    Replies
    1. එහෙනම් මොන තරම් දෙයක්ද? කාගේත් ලෝකේ තියෙන එකම සුන්දර කාලේ

      Delete
  47. නියම අදහසක් අපූරුවට ලියලා තියෙනවා....... පින්තූරයත් එක්ක ගැළපෙන නියම අදහසක්........... තත්වය මොකක් උනත් හැම ළමයෙක්මෙ හීන එකවගේ ඇති............... නියමයි.........
    වෙලාවක ඇවිත් යන්න.......
    http://hudekalasithuwili.blogspot.com/

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]