Friday, February 19, 2016

අම්මටසිරි දයාසිරි , සොරි



ක්‍රීඩා ඇමතිතුමා ගැන කතාබහ හැමතැනමය , මූණුපොත පුරාවට ක්‍රීඩා ඇමතිතුමා සමග ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගහපු සෙල්ෆිය , ඇමතිතුමා ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි ඇඳගෙන අපේ කණ්ඩායම් දිරිමත් කරන හුරේ දාන පින්තුරය ,

බ්ලොග් අවකාශයේ මෙන්ම පත්තර පිටු වලද ඇමතිතුමාගේ කැපවීම නිහතමානිත්වය ගැන වර්ණනාය , ඒ අතරේ අපේ සාග් කණ්ඩායම රන් පදක්කම් 25 ක් දිනාගෙන සමස්ත පදක්කම් 186 ක් දිනාගෙන ඉන්දියාවට පමණක් දෙවැනි වී සිටියි . සියලු ක්‍රෙඩිට් ඇමතිතුමාට බරවෙයි. ඒ අව් අස්සේ ඕල් රවුන්ඩර් කෙනෙකු සහ හිටපු මෙගාස්ටාර් කෙනෙකු වන ඇමතිතුමා කණ්ඩායමට සුබ පතා ගීතයක්ද ගායනා කරයි .





 සියල්ල හොඳය , ක්‍රීඩා ඇමතිවරයෙකුගේ කාර්යභාරය එතනින් බොහෝ ඈතට විහිදවිය යුතු බව ඇමතිතුමා වටහාගත යුතුය. ක්‍රීඩාව පරිපාලනයේදී නියතවම අත පෙවිය යුත්තේ කොතනටද කියා ඇමතිතුමා අවබෝධ කරගත් යුතුය.





මීට කලකට පෙර හිටපු ප්‍රවාහන ඇමතිනි ශ්‍රීමනි ඇතුලත්මුදලි මහත්මිය කොස්සක් ගෙන කාර්යාලය අතු ගෑ පුවතක් ලැව් ගින්නක් මෙන් පැතිර ගියා මතකය. එහෙත් එයින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ සාධනීය ප්‍රගමනයක් නම් සිදු නොවීය . හොඳ පුද්ගලයෙකු වීම සහ හොඳ පරිපාලකයෙකු වීම දෙකකි. දෙකම එකට පිහිටන අවස්ථා විරලය ඒ විරල අවස්තාවක් ඉතිහාසයට එක කිරීමට දයාසිරි ඇමතිතුමාට ශක්‍යතාව තිබේ යන්න අපේ විශ්වාසයයි. නමුත් ඒ සඳහා ප්‍රදර්ශනාත්මක ජනප්‍රිය ක්‍රියාවන් පමණක් නොව වඩාත් ජනප්‍රිය නොවන පවතින තත්වයන් කෙරෙහි ඉතාකර නොවන ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත .


1991 කොළඹ පවතී සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රීලංකාව රන් පදක්කම 44ක් දිනාගන්නේ ඉසව් 10 කට පමණක් සහභාගී වෙමිනි , නමත් මෙවර ඉසව් 23 කට සහභාගී වෙමින් දිනාගන්නේ රන් පදක්කම් 25ක් පමණි . මේසඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 484 ක් සහ නිලධාරින් 175 පමණ සහභාගී විය .

එයින් රන් පදක්කම් 21ක්ම පිහිනුම් සහ මලල ක්‍රීඩා වලිනි , (පිහිනුම12ක් සහ මලල ක්‍රීඩා 9ක් ), ඊට අමතරව පාපැදි 2ක්, බර ඉසිලීම 1ක් සහ වුෂු 1ක් වශයෙනි.

මේ ගැන ඔලිම්පික් කමිටු සභාපති වරයාගේ කතාව ගැන සලකා බැලීම වටි , හේමසිරි ප්‍රනාන්දු මහතා මේ ගැන දරන්නේ මෙවන් අදහසකි

//"“ මෙවර ක්‍රීඩා උළෙලේ වැඩි පදක්කම් සංඛ්‍යාවක් බෙදී ගියේ ක්‍රීඩා දෙකක් අතරේයි. පිහිනුම් හා මලල ක්‍රීඩා වලින් රන් පදක්කම් 21ක් දිනා ගැනීමට හැකි වූයේ ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මවුපියන් හා පුහුණුකරුවන්ගේ උනන්දුව හා කැපවීම නිසයි. ශ්‍රී ලංකා ක්‍රීඩා බළධාරීන් කළ යුත්තේ පදක්කම් දිනාගත හැකි ක්‍රීඩා කිහිපයක් තෝරා දිරි ගැන්වීම් හා පහසුකම් ලබා දීමයි. ඒ සඳහා කඩිනමින් වැඩ පිළිවෙලක් කිරීම මෙම ක්‍රීඩා උළෙලින් පසුව සිදුවිය යුතුයි“"//



 මෙවර සාග් ක්‍රීඩා උළෙල දෙස බැලීමේදී නිලධාරීන් කොතරම් දුරට තම රාජකාරිය හරියාකාරව ඉටුකලේද යන්න ගැන ඇමතු තුමාට සොයා බැලීමට සිදුවනු ඇත. සාග් තරඟාවලිය සඳහා පැසිපන්දු තරග අන්තර්ජාතික පැසිපන්දු සම්ම්මේලනය විසින් තහනම් කර තිබියදී කාන්තා සහ පිරිමි පැසි පන්දු කණ්ඩායම් දෙකම තරඟාවලියටගෙන යාමෙන් සහ ඔවුන් නිකම්ම සංචාරකයන් බවට පත් කිරීමෙන් අහිමි වන මුදල වෙනුවෙන් වග කියන්නෝ කවුරුන්ද.

එසේම අතේ තිබු මැරතන් රන් පදක්කම අහිමි වීමට වගකිවයුතු නිලධාරින් කවරහුද? ලංකාවෙන් ඔලිම්පික් සුදුදුකම් ලැබූ ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවූ එකම ක්‍රීඩකයා වන අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ ට තරඟ අවසානය ගැන සංවිධානයක් ලබාදුන් නියමිත උපදෙස් දැනුවත් නොකිරීමට වගකිවයුත්තේ කවුරුද , සාමන්‍යයෙන් මැරතන් තරඟයකදී ක්‍රීඩාංගනයට ඇතුල් වී මීටර් 400 ක දිවීමෙන් පසු තරඟය අවසන් වේ . නමුත් මෙහිදී ක්‍රීඩාංගනයට ඇතුල්වී මීටර 100 න් තරඟය අවසන් විය . ඒ නිසා නියමිත් පරිදි සැලසුම් කරගන තරඟය අවසන් කිරීමේ අවස්තාව අනුරාධ ට අහිමි විය . නමුත් මේ පිළිඹඳ විමසීමේදී ශ්‍රී ලාංකික නිලධාරීන්ට ඒ පිලිඹද කල්තියා දැනුම් දුන් බව සංවිධායකයන් පවසා තිබේ. මේ නිලධාරින් කවුරුන්ද , ක්‍රීඩක සංඛ්‍යාවෙන් තුනෙන් පංගුවකටත් වඩා වැඩි වූ නිලධාරින් සංචාරය සහභාගී වන්නේ කුමකටද ?

එසේම ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ පවතින කඹ ඇදීමත් ඔලිම්පික් වරම් ලාභී කරුණාරත්න සහෝදරයන් සමග තිබෙන ගැටලුව නිරාකරණය නොකිරීමත් මේ නිලධාරිවාදය නිසා අහිමිවූ පදක්කම ගොඩටම එකතු වේ

එසේම ගෙදර උගස් තබා සංචාරයට සභාගි වෙමින් පාපැදි පදක්කමක් ලබා ගත ක්‍රීඩිකාව ගැන , මෙන්ම මාස එකහාමාරක දරු දෙදෙනා සමග සංචාරයට සහභාගී වෙමින් වෙඩි තැබීමෙන් පදක්කමක් දිනාගත් ක්‍රීඩිකාව ගැන කතා කරමින් ඔවුන් ගේ වීරත්වය විදහාපෑමට වඩා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෘත්තීය මට්ටමක් ලඟාකර දීමට වැඩපිළිවෙලක් සකස් කරන්නේ නම් මැනවි.

දක්ෂයින් රැකගැනීමේ වැඩපිළිවෙලක් සැකසීම ඉතාම අත්‍යවශ්‍ය බව මේ සංචාරයේදී පැහැදිලිවිය . හිමාෂ ඒශාන් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වෙද්දී මෙට පෙර ලංකාවේ වේගවත්ම ධාවකයා වූ ෂෙහාන් අඹේපිටියට හිමාෂට තරඟයක් දෙන තැනටවත් එන්නට නොහැකි වන්නේ මේ සම්පත් රැකගැනීමේ පිලිඹද නියමකර වැඩපිළිවෙලක් නැති වීම නිසාය . ඒ දිනවල මාධ්‍ය විසින් ෂෙහාන් අඹේපිටිය උඩ දමද්දී මේ පිළිබඳව බලධාරීන්ට සිතන්නට තිබුණි.

මීටර් 400 ඉසව්වේ කලකට් පෙර ශ්‍රී ලංකාවට දකුණු ආසියාව තුල ඒකාධිකාරයක් තිබු ඉසව්වකි , සුගත් තිලකරත්න , ප්‍රසන්න අමරසේකර , රොහාන් ප්‍රදීප් ගෙන පසු එවකට පාසල් ක්‍රීඩකයෙක් වූ රංග විමලවංශ රැක නොගැනීම තුලම අද වනවිට මීටර් 400 අපෙන් ගිලිහි ගියේය.

වයස අවුරුදු 17දී උස පැනීමේ ජාතික ශූරයා වූ මංජුල කුමාර වයස් 32 වෙද්දීත් ඒ තැන රැකගෙ සිටි. එය ඔහුගේ දක්ෂතාවය්ටත් වඩා දක්ෂයන් බිහිකරගැනීමේ ක්‍රමවේදයක අඩුපාඩුවක් පෙන්වාදෙයි . වසර ගණනාවක් පින්ලන්තයේ පුහුණුව වලන හෙල්ල විසිකිරීමේ ශුරිය නදීකා ලක්මාලි මෙවර දිනාගන්නේ රිදී පදක්කමයි , විසල් වියදමක් කරමින් මොවුන් සඳහා ලබාදෙන විදෙස් පුහුණුව සඳහා යවන්නේ නියම පුහූනුකරුවන් වෙතයි සොයාබැලීම වටින්නේ මෙවන් පුහුණුවකින් පසු අඩුම තරමේ ආසියානු පදක්කමක් කෙරෙහි වත් අපිට විශ්වාසය තැබිය හැකි විය යුතු නිසාවෙනි .

බොක්සිං තරඟ සඳහා කලකට පසු වැඩිම පදක්කම් ප්‍රමාණයක් (රිදී 5ක් සහ ලෝකඩ 4ක්) ලබාගැනීම මෙන්ම , වසර 21 ට පසු ටෙනිස් ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම් 8ක් දිනාගනිමින් දැක්වූ දස්කම් අගය කර අතරම ඒ තත්වය වැඩිදියුණු කරගැනීමේ ක්‍රම වේදයක් සැකසීම අතවශ්‍ය කරුණක් බවට පත්වෙයි .

පාපන්දුව , ඉන්දයාව පරාජය කරමින් බලාපොරොත්තු ඇති තරඟාවලියක් ආරම්භ කලද නැවතත් සුපුරුදු ලෙස මාලදිවයිනට පරාද වීමෙන් පාපන්දුවට තවමත් දකුණු ආසියාව තුළවත් හිමි තැන සොයාගත නොහැකි බව පසක් වෙයි , අනූව දශකයේ සාක් රන් කුසලාන දිනු කණ්ඩායමේ නායක සම්පත් පෙරේරා පුහුණුකරු ලෙස සිටියදීම දකුනුආසියානු තරඟයෙන් ඉවතට විසිවීමට සිදුවීම කනගාටුදායක කරුණකි .

තරඟාවලිය ගැන එසේ වෙද්දී ක්‍රීඩා සම්මේලන වල ක්‍රියාකාරීත්වය ගැන විශේෂ වැඩපිළිවෙලක් දියත් කල යුතු බවට අප ඇමති වරයාට යෝජනා කර සිටිමු.
ජාතික ක්‍රීඩා සංගම් වලට තීරුබදු සහන ලබා දී තිබුනද බොහො සංගම් මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නේ නැත . හිතවතුන්ගේ ක්‍රීඩා උපකරණ අලෙවිය වැඩි කරදීමට උත්සහා කරීමත් , විනිවිදභාවයක් නැති  ටෙන්ඩර් පටිපාටි මගින් යහමින් මුදල් හම්බ කිරීම පමණක් නොව තත්වයෙන් බාල උපකරණ මිලදී ගනිමින් ජාතියේ ජවයට සිදුකරන අසාධාරණයට වැටබඳීම ඇමතිවරයාට ඇති තවත් වගකීමකි .

පාසැල් ක්‍රීඩාව නගා සිටුවීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශය සමග යම් එකඟතාවයකට පැමිණීමට හැකිනම් එය විශිෂ්ට ජයග්‍රහණයක් වනු ඇත. මන්ද අංකුර ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකරලීමේදී දැනට ලංකාවට සිටින  එකම සම්පත් දායකයා පාසල් පද්ධතිය පමණක් වන නිසාය.

ශ්‍රී ලංකාවේ වසරකට පාසල් දරුවන් ලක්ෂ නමයක් පමණ ක්‍රීඩා කරන අතර , ඔවුන්ගේ අවශ්‍යතා සැපයීම පිණිස ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සම්බන්ධ පශ්චාත් උපාධිලාභී වෛද්‍යවරු සිටින්නේ තිස් තුන් දෙනකු පමණක් බව සඳහන් වේ. දැනට සේවයේ යෙදී සිටින්නේ එයින් විසි දෙදෙනකු පමණයි.

මේ ක්‍රීඩාවේ තිඹිරිගෙයයි .මෙහිදී අධ්‍යාපන මෙන්ම සෞඛ්‍ය අමාතංශ සමග එක්ව ප්‍රතිපත්තියක් සැකසීම ක්‍රීඩා අමාතවරයා සතු වගකීමකි.

මේ සියල්ලෙන් වැටහෙන්නේ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක අවශ්‍යතාවයි , නැතහොත් දකුණු ආසියානු මට්ටමෙන් ඔබ්බට යාම සිහිනයක් පමණක් වනු ඇත.

ක්‍රීඩා අමාත්‍යවරයා ගේ වචනයි මේ

2006 කොළඹ පැවති සාග් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායම
//" “ අපේ ඇතැම් ක්‍රීඩා වලට පුහුණු වෙන්න තැනක් නෑ. සුගතදාස ක්‍රීඩාංගණයේ ට්‍රැක් එක විනාශ වෙලා, දියගම ක්‍රීඩාංගණයේ තත්ත්වයත් හොඳ නෑ. වුෂූ වලට ක්‍රීඩා පිටියක් නෑ. දුණුවිදීමට පිටියක් නෑ. බොක්සිං, ටයිකොන්ඩෝ වැනි ක්‍රීඩා වලට ක්‍රීඩාංගණ පහසුකම් නෑ. මේ වගේ වට පිටාවක් තුල අපේ ළමයි දස්කම් දැක්වීම ගැන ආඩම්බරයි. ක්‍රීඩා උළෙල නිමාවූ පසු ජයග්‍රහණ හා ඉදිරි සැලසුම් කැබිනට් පත්‍රිකාවක් මගින් ඉදිරිපත් කොට දේශීය ක්‍රීඩාව නැංවීමට මුදල් ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ සහයෝගය ඒ සඳහා ලැබෙන බව ස්ථීරයි. ඉන් පසුව මීළග ඔලිම්පික් උළෙල, ආසියානු ක්‍රීඩා උළෙල හා 2018 දකුනු ආසියානු ක්‍රීඩා උළෙලට හොඳින් මුහුණදීමේ හැකියාව උදාකරගත හැකියි“ "//

 මේ අමාත්‍යවරයා මේ කියන්නේ ඔහුද දායක වූ ආශ්චර්යමත් පාලන කාලයක් පසු කල රටක ක්‍රීඩාවේ තත්වයයි .  ජාතික ප්‍රතිපත්තියක වටිනාකම අප අවධාරණය කරන්නේ මේ නිසාවෙනි. ඉතින් අප පසුකර තිබෙන්නේ ක්‍රීඩාංගනයට වඩා කණ්ඩායමේ ඇඳුමෙන් ප්‍රතිරූප නැංවීම ගැන සිතු කාලයක් නොවේද?



ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාගේ මේ වචනත් අමාත්‍යවරයා සිහි තබා ගතහොත් හොඳ බව අපේ හැගීමයි

//" “ යාසිරි ඇමැතිතුමාට ක්‍රීඩාව නංවන්න විශාල කැක්කුමක් තියෙන බව පේනවා. නමුත් වටේ සිටින ඇතැම් අය දෙන උපදෙස් ප්‍රවේශමෙන් සලකා බැලිය යුතුයි. ඇතැම් අය ක්‍රීඩාව පිළිබඳ දන්නේ නෑ. ක්‍රීඩාව වෙනම විෂයක්. ඒ ගැන දන්න අයගෙන් උපදෙස් ගත්තොත් ගොඩ. එහෙම නැති වුණොත් විනාශයි“  "//

ඉතින් මේ අභියෝගය ජය ගැනීමට දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පිය මනින අයුරු අපි බලා සිටිමු. සෙල්ෆියකින් , ගීතයකින් ඔබ්බට ගිය සැබෑ පරිපාලකයෙකුගේ භුමිකාවට ඔහු ඇතුළු වන අයුරු අපි විමසිල්ලෙන් බලා සිටිමු. .


121 comments:

  1. අධ්‍යාපනය, ක්‍රීඩාව, සෞඛ්‍යය....... මේ ක්ෂේත්‍ර අඛණ්ඩව, විධිමත්ව දියුණු වෙන්න නම් ජාතික ප්‍රතිපත්තියක් ඕනම තමයි. පුද්‍රගල බැබළීම් ඉක්මවල ක්‍රීඩාව බැබළෙනවනම් තමයි ලස්සන.

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නේ අපිට හැමදාම ජාතික ප්‍රතිපත්ති ගැන ඇහෙන්නේ ඡන්ද රැස්වීම් වලදී විතරනේ

      Delete
    2. අනිවර්යෙන්,මේ රටේ ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ දේවල් වෙනුවට වෙනත් දේවල් සඳහා නම් ප්‍රතිපත්ති හදාගෙන තියෙනවා.හොරකම,දුෂණය,වංචාව වගේ එව්වා උදාහරණයට ගන්න පුළුවන්.අනික් ජාතික ප්‍රතිපත්තියක් ඕනේ එව්වා ආණ්ඩු මාරුත් එක්කම වෙනස් වෙනවා.

      Delete
    3. වැටත් නියරත් ගොයම් කානම් ..........

      Delete
    4. ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය කියන්නේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙන එකක්ය. එහෙව් ජාතික ප්‍රතිපත්තියක පිහිටා කුමන ලබු ගෙඩියක් කපන්නද...

      මං කියන්න ඕන නෑ. දිල් දඩක්නේ දෝ ෆිල්ම් එකේ අනිල් කපූර්ම කියනව.
      පුහ්

      Delete
    5. අපට අවශ්ය ජාතික ප්‍රතිපත්තියක් නොවේ. ජාතික එකඟතාවකි.

      Delete
  2. මෙය මාධ්‍යට යැව්වාද?

    ReplyDelete
    Replies
    1. වෙනත් මාධ්‍ය වලට යැව්වේ නැත . අපිට තියෙන මාධ්‍යය බ්ලොග් විතරනේ :)

      Delete
    2. මෙය මාධ්‍යට යැව්වාද? +++++++++++

      මමත් බලාගෙන ආවේ අන්තිමට උපුටා ගත්තේ අහවල් තැනින් වගේ කෑල්ලක් ඇති කියල.. ඒ තරම් සුපිරි!!!සක්.. ලංකාවේ හැමෝටම බ්ලොග් කියවන්න ලැබෙනවානම්..

      Delete
    3. //"මමත් බලාගෙන ආවේ අන්තිමට උපුටා ගත්තේ අහවල් තැනින් වගේ කෑල්ලක් ඇති කියල"// හැක අම්මප දුකේ බෑ ඕයි , මොන පත්තරේට කියල යවන්නද බං අපි .

      Delete
  3. මොකුත් ම නොකරපු අයගේ හැටියට මේක හොදයි... ඒත් ප්‍රදර්ශන විතරක් නං හොදට ම මදි...

    ReplyDelete
    Replies
    1. ඔව්, අපිත් කියන්නේ ප්‍රදර්ශන විතරක් එපා කියලයි

      Delete
  4. අවිවාදයක් නැතුව, සැකයක් නැතුව කියන්නම්. SLBA ( බැඩ්මින්ටන් සංගමය) කියන්නේ ඇටකටු වලට යනකල් ඔඩුදුවපු ජරා තැනක්. දැනට ඉන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔතන ඉන්නේ වැඩිමනත්ම හිතේ හය්යට.

    සුද්දකරගන්න පුළුවන් උනොත් දයාසිරි වැඩ්ඩෙක් තමයි.. වෙන නිර්ණායක මොකක් උනත්

    ReplyDelete
    Replies
    1. ඔව් , මේපාර බැඩ්මින්ටන් වලට වුනෙත් ඔය කඹ ඇදිල්ල තමා, ගොඩක් ක්‍රීඩා සංගම් ඔය තත්වේ තමා. බැඩ්මින්ටන් වල තත්වේ දරුණුයි . මේ තත්වේ අනික් අමාත්‍යංශ වලට වඩා වෙනස්, එක දැනගන වැඩ කරොත් හරි නැත්තං සොරි දයාසිරි තමා

      Delete
    2. අර එතන පැලපදියම් වෙලා ඉන්න සහෝදර ජෝඩුව ඉන්නව නේද...?? එක්කෝ ඔන්නැහැ

      Delete
    3. ඔව් බං , ඒගැන නොකියන තරමට හොඳයි , අප්පිරියයි

      Delete
  5. සාග්ද සාෆ්ද මන්දා 91 ප්‍රේමදාස මහත්තයගෙ කාළේ තමයි අපේ උපරිම දක්ෂතාවය තිබුනේ.. ඔලිම්පික් දින්නේ ඒසියන් දින්නේ ප්‍රේමදාස මහත්තයා හදපු සෙට් එක.. ඒ ක්‍රමය හොයාගෙන ඒක අනුගමනය කලා නම් හරි..

    මේ ගෝල්ඩ් මෙඩල් ගත්ත අයගේ ජීවන තත්වය උසස් කල යුතුයි. ප්‍රේමදාස මහත්තයා අම්පාරේ හිටපු දර්ෂා කොළඹ කාන්තා විද්‍යාලයට දාලා කොළඹ ඉන්න ගෙවල් දොරවල් දුන්නා.. එහෙම දේවල් නොකර බොරු ෂෝ දාලා නම් ව්/ඇඩක් නෑ.. දක්ෂතා දක්වලා තියෙන අය ඉන්දියාවේ ගිහින් තියෙන්නේ හතර අතේ ණය වෙල.. අඩු ගානේ ඒ ගැනත් හොයලා බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. සාග් සහ සාෆ් කියන්නේ වචන වල වෙනස මම හිතන්නේ ඕක සිංහලට ලියනකොට තමා මේ පටලැවිල්ල එන්නේ
      SAF - South Asian Federation = සාෆ්
      SAG - South Asian Games = සාග්
      ඉතිං අපි සාග් ක්‍රීඩා උළෙල කියන සිංහල වචනේ වැරදියි තමා , ඒ ගැන සමාව භාජනෙකට දාන්න .

      මාතේ හරි මෙතැනදී පහලම අඩියට බැහැලා වැඩේ කරේ නැත්තං ප්‍රතිපලයක් එන්නේ නෑ. ඊළඟ ඡන්දේ බලාගෙන සැලසුම් හැදුවොත් සොරි දයාසිරි තමා

      Delete
    2. ඉස්සර අපි කියුවේ සාෆ් ගේම්ස් කියල.. පස්සේ මොකෙක්ද එකෙක් සාග් කරා.. දැන් නිකම් කියල ඉවර උන්ම උගුරේ හිර වෙනවා වගේ මෙලෝ රහක් නෑ..

      Delete
    3. හරි කතාව සාෆ් ගේම්ස් තමා මොකා සාග් ගේම්ස් කිව්වද දන්නේ නෑ .

      Delete
  6. අම්මටසිරි දයාසිරි , සොරි.........ඉවාන්

    ReplyDelete
  7. අප්පට සිරි ඉවාන්.. නිශ්මං ගේ පෝස්ට් එකක් කියෙව්වා වගේ.. සියල්ල දත් කරුණු දැක්වීමක්.. මාත් හේමසිරි ලොක්කා කියපු දේට එකගයි.. දැං බලහං ජැමෙයිකාව කෙටි දුර ධාවනයට උපරිම තැන දෙනවා මිසක්කා අනික් ක්‍රිඩා ගැන මහ මේරැවට හිතන්නෑ නේ... ජය වේවා

    මං අන්න අජිත් ධර්මකීර්තිට විස්වාසබංගයක් ගෙනාවා. අනිවා පරාද කරනවා ඒ හාදයව.. ලව් පුසෙක් සම්මානයට නිර්දේශ කරපු නිසා.. හැක්...

    උඹල හොදා... අහක බලාගෙන යන යාලුවෝ.. හැක්

    ReplyDelete
    Replies
    1. තැන්කුයි තැන්කුයි දේශා . නිශ්මන්ලා වාර්තා කරපුවා නිසා තමයි මේ තරං විස්තර හොයාගන් පුළුවන් වුනේ , කොහෙදිද බොලව් අහක බලාගෙන ගියේ . මාව සම්මානෙට නිර්දේශ කරලද එහෙනං බොන්න ඕන අද රෑට

      Delete
    2. පව් ඉතිං උඹත් එක්ක බොන එවුන්ගේ බයිට් එක..

      Delete
    3. අපිනං කයි බයිට් ... කටේ තියන්නේ නෑ.. ඔව්

      Delete
    4. //ජැමෙයිකාව කෙටි දුර ධාවනයට උපරිම තැන දෙනවා මිසක්කා අනික් ක්‍රිඩා ගැන මහ මේරැවට හිතන්නෑ නේ//
      දේශා ජැමෙයිකාවේ ක්‍රිකට්, ෆුට්බෝල් හොඳින් කෙරෙනවා. බටහිර ඉන්දීය කියන නමින් වැහිලා තියෙන්නේ.

      Delete
    5. යෑස්... ඒත් මලල ක්‍රිඩා වලදි විතරයි නේද ජැමෙයිකාව නමින් වෙනම එන්නේ.

      Delete
    6. මම හිතන්නේ දේශා කිව්වේ ක්‍රීඩා ඉසව් ගැන , ඉවක් බවක් නැතිව හැම ඉසව්වකටම සහභාගී වෙනවාට වඩා තෝරාගත් ඉසව් කීපයකට මහන්සි වීම වඩා ප්‍රතිපල දායක බව වෙන්න ඕන

      Delete
  8. හොඳා ලව්පූස්. මට ඒ තරං තේරුමක් නෑ මේ ගැන. මට හිතෙන්නෙ, ඔක්කොටම වඩා දයාසිරි නූතන දේශපාලනඥයෙක් ය කියන එකයි. ඉතිං උන්දැට හැම දේකම අවසන් අරමුණ වෙන්නෙ තමංගෙ ඡන්ද පරිසරය...

    ReplyDelete
    Replies
    1. //"ඉතිං උන්දැට හැම දේකම අවසන් අරමුණ වෙන්නෙ තමංගෙ ඡන්ද පරිසරය..."// මේකෙදිත් එතනට වැටුනොත් සොරි තමා , එයාට විතරක් නෙවේ රටටම

      Delete
    2. පශ්චාත් නූතන තත්ත්වයකදි ඔයිට වඩා දෙයක් බලාපොතොරත්තු වෙන්න පුළුවන්ද? හැම එකාටම වැදගත් වෙන්නෙ සහ වුනේ, තමංගෙ ප්‍රතිරූපය සහ ජනප්‍රියතාවය. රනිලුත් සූක්ෂ්ම ලෙස තමංගෙ ප්‍රතිරූපය නංවාගනිමින්, තම ප්‍රතිවාදීන් අතර ගැටුම් සහ ව්‍යාකූලතාවයන් වර්ධනය කරවමින් ඉන්නෙ...

      Delete
    3. ඕක තමයි දකුණු ආසියානු විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය දේශපාලනයේ හැඩතලය . මේ සිස්ටම් එකට අහුවෙන්නේ නැති දේශපාලකයෙකුට හිටියේ රනිල් විතරයි . එත් මේ ක්‍රමයෙන් පිට මේ සිස්ටම් එක ඇතුලේ පැවැත්මක් නෑ කියන එක මිනිහත් අවබෝධ කරගෙන . දැන් එයත් ඒ පීල්ලේ දුවනවා

      Delete
  9. කාලෙන් කාලෙට කාලීන පුවත් පව්ලූශාගෙන්....:P

    ReplyDelete
  10. කාලෙන් කාලෙට කාලීන පුවත් පව්ලූශාගෙන්....:P

    ReplyDelete
    Replies
    1. ආදරේ වැඩි හිංද ද කොහෙද දෙසරයක්ම කියල :P

      නෑ මං කිව්වේ දයාසිරිට :D

      Delete
  11. පූස කාලෙකින් ඇවිත් තියෙන්නෙ ක්‍රීඩාවත් අරගෙන නෙ. පහුගිය කාලෙම ඉන්දියාවෙ ඉඳලා එහෙ පිට්ටනිවල දුවන්න පුරුදු වෙලා සාක් පැරදිලා මේ හිතේ දුකට ලියපු ඒවා.

    කොහොම උනත් අපිට එකතු කරන්න කිසිම දෙයක් ඉතුරු කරල නෑ. මං කිව්වෙ මගේ ක්‍රීඩා දැනුමෙන්. අපි මේකත් දයාසිරි අයියට යවල බලමු නේ? එතුමාගේ ඇහැ තවත් ඇරෙයිනෙ.

    කොහොම උනත් උන්නැහැ ක්‍රීඩාව ට යමක් කරන්න උත්සාහයක් තියෙනව වගේ දැනෙනව.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවෙන් එලවල ඉන්නේ බං. අර හේමසිරි උන්නැහ කිව්වා වගේ වටේ ඉන්න වන්දිභට්ටයන් ගෙන පරිස්සම් වුනොත් දුර යන්න පුළුවන් . නැත්තං සොරි දයාසිරි

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. රංග ඇතුලෙ නේද බං මංකොල්ලයක් දීලා

    ReplyDelete
    Replies
    1. රංග විතරක් නෙවෙයි ප්‍රසන්න් අමරසේකරත් ඇතුලේ දැන් නම් දෙන්නම එළියේ මං හිතන්නේ

      Delete
  14. ක්‍රීඩා ඇමතිවරයෙකුගේ කාර්යභාරය එතනින් බොහෝ ඈතට විහිදවිය යුතු බව ඇමතිතුමා වටහාගත යුතුය +++++++++

    ReplyDelete
    Replies
    1. ඒක තේරුම් ගත්තොත් ඇමතිතුමා ගොඩ, ස්තුතියි ට්‍රාන්ස්

      Delete
  15. රෙදි ගැලවෙයි ද මංද..
    අර සයිකල් පැදපු කෙලී ගැන පත්තර වල ටීවී වල ඇඩ් දාන්නෙ නැතුං අඩුමගානෙ ඒ කෙලිත්ති හිංද උගස් කරපු ගේ පොඩ්ඩ වත් බේරල දෙන්න පුලුවං එකෙක් හිටියද බං. හෙහ්.
    ඒව පස්සට.

    අපේ දුන්න වෙඩිල්ල සයිකලේ බැඩ්මින්ටන් විතරක් නෙවී
    යකෝ ජාතික කීඩාව වෙච්චි වොලිබෝලෙට වෙලා තියෙන දේ පේනවද.

    දයාසිරි පිච් එකටම බැහැල බැට් කරනව පෙන්නනව. හොඳයි. ඒත් ඊළඟ චන්දෙ වෙනුවෙන් නං ඒක අන්තිම නරකයි.
    නිකං සෙල්පි කටු ගහ ගහඉන්න වෙලේ අමාත්‍යාංශය අස්සෙ රිංගං ඉන්න පිදේනිම ගන්න මළ පෙරේතයො ටික පැන්නුව නං

    අන්න එදාට අපිටත් කීවැකි අම්මට සිරි දයාසිරි කියල.
    කොහෙද එක එක වේසියො හුරතල් කරල බලු දේසපාලුවො එක්ක මෙලෝ හුයන්නක් කරන්න බෑනෙ

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි ප්‍රශ්නේ ප්‍රදර්ශනය කරන උනන්දුව අපිව රවට්ටන්න නං ඉතිං වැඩක් නෑ. මොකද ලංකාවේ දේශපාලකයෝ එක්ක අපට තියෙන අත්දැකීම් බලපුවම තාම ෂුවර් නෑ

      Delete
  16. සුපිරි, කාලීන ලියවිල්ලක් මචෝ. හොඳ විස්තරාත්මක ලිපියක්.

    ReplyDelete
    Replies
    1. හේ හේ තැන්කුයි බට කොස්සි :D

      Delete
  17. ඔය හේමසිරි මහත්තයගෙ ප්‍රකාශය ගැන නම් සහන් කසීර කොලමක් ලියලා තිබුන, චුට්ටක් වෙනස් අදහසක් එක්ක.

    https://www.facebook.com/sahan.k.wickramasinghe/posts/10207516188240066

    ReplyDelete
    Replies
    1. කියෙව්වෙමිය , ඒ සහන්ට හිතෙන හැටි .. හේමසිරිගේ කතාව සාහස්ක වැඩියි කියලා මටත් හිතෙනවා , අර රිදී සහ ලෝකඩ පදක්කම වල වටිනාකමක් නැතිය කියන කතාව වගේ දේවල්, නමුත් මේ තමයි තිත්ත ඇත්ත , මේ ලෝකඩ රිදී පදක්කම් දිනපු ය ඊලංහ තරඟාවලියේදී තව ඉදිරියට එයි කියල ඇදෙන්න් පුළුවන් සහතිකය මොක්කද? , එකට වැඩ පිළිවෙලක් තියෙනවද ? නෑ
      හිනා යන හොඳම එක තමයි මේ කියන්නේ දශකයක් විතර ලංකාවේ ඔලිම්පික් කමිටු සභාපතිවරයා , ඒ කියන්නේ එයත් කරලා තියෙන්නේ කියව කියව ඉන්න එක විතරයි

      Delete
  18. කාලෙකින් නොව. කොහේද බං හිටි හැටියේ අතුරුදහන් වෙන්නේ.
    දයාටත් ඔය ගහපු සෙල්පි බල බල දුක් වෙවි ඉන්න වෙන දවස වැඩි ඈතක නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ...//හොඳ පුද්ගලයෙකු වීම සහ හොඳ පරිපාලකයෙකු වීම දෙකකි//...

      දයාසිරි ඇමතිතුමා මෙන්න මේක තේරුම් අරගෙන ක්‍රියා කලොත් හරි. එහෙම උනොත් එතුමට හොඳ පිලිගැනීමක් ලැබේවි

      Delete
    2. ඒක තේරුම් ගන්න තරං හැකියාවක් නම් එතුමාට තියෙනවා ,එත් උවමනාවෙන්ම මග අරීද කියල බලාගෙන ඉමු.

      මම සාග් ගියා බං එකයි පේන්න හිතියේ නැත්තේ :P

      Delete
  19. ඉවාන් අය්යේ අපේ ක්‍රීඩා ඇමැති තුමාට මේ ලිපිය කියවන්න යැව්වනම් වටිනව ;)

    ReplyDelete
    Replies
    1. තාම සුදු වෑන් නැති නිසා යවන්නත් පුලුවන් ,ඒ ත් කියන්න බෑනේ :D

      Delete
  20. මෙය අලුත් ආරම්භයක් සේ සලකා ඉතා දුරදිග බලා සැලැස්මක් ඇතිව ක්‍රියා කලයුතුයි.

    ReplyDelete
    Replies
    1. එහෙම වේවා කියල තම අපේ පැතුම

      Delete
    2. වීදුරු බැලන්ස් ක්‍රීඩාවටත් දැන් අවස්තාවක් නෑ

      Delete
  21. ජ ය වේ වා !!!

    ReplyDelete
  22. අඩා ප්‍රගීත්.. සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ..
    මාව මතකද මන්දා.. නැතුවත් ඇති..

    මේ හැමදේම ගැන මිනිස්සු කියනවා විතරයි බන්.. බුකියෙ වුනත් පෝස්ට් වල දැක්කොත් මෙයා අරෙහෙම ගියා, මෙහෙම ගියා කියලා තියෙනවා.. ඒකෙන් කාටවත් වැඩක් වෙන්නෙ නෑනෙ, මං කිව්වෙ ඒ උනන්දුව අගය කරන්න ඕන.. ඒත් ඔය දේවල් පතුරවන අයට පුලුවන් ඒ අය වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්න හැමකෙනෙක්ගෙම හිත පෙළඹෙන වීදියේ දෙයක් කරන්න.. අන්න ඒ දේ සිදුනොවීම ලොකු අඩුපාඩුවක්..

    දේශපාලනය ගැන කතා නොකරමි.. එදත් අදත් තිත්තම මාතෘකාවක්.. ක්‍රීඩා ඇමති විදියට වචනෙන් සහයෝගය ලබාදීලා මදි කියන දේ මං පිළිගන්නවා.. අවශ්‍ය පහසුකම් නෑ නෙමේ, ඇතිකරලා දෙන්න ඕන.. තමුන් ඒ තනතුරේ ඉන්නේ වෙන මොනාටද??

    මගේ අලුත් බ්ලොගේ..
    http://katuakula.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ලයියා දැක්ක කල් ,
      //"අවශ්‍ය පහසුකම් නෑ නෙමේ, ඇතිකරලා දෙන්න ඕන.. තමුන් ඒ තනතුරේ ඉන්නේ වෙන මොනාටද??"//
      අන්න එක තමයි මාත් කියන්නේ , වැඩ කරන්න දුන්නේ නෑ කියලා අඬන්නේ නැතුව කරන විදහක් හොයාගන්න් ඕන

      උඹේ බ්ලෝග පැත්තේ එන්නම් මචෝ, ජයවේවා

      Delete
  23. //ඒ අව් අස්සේ ඕල් රවුන්ඩර් කෙනෙකු සහ හිටපු මෙගාස්ටාර් කෙනෙකු වන ඇමතිතුමා//
    ඔය තියෙන්නේ ඇමතිතුමාටම හරියන්න හැම පැත්තම රවුම් කරල ලියලා ලියපු ලිපියකුත්. දයාසිරි ටිකක් දුර ගමනක් යන්න බලා ගෙන ඉන්න, ඒ සඳහා හැකියාවක් තියෙන කෙනෙක්. ඒ ගමනෙන් ලැබෙන ප්‍රයෝජන සම්බන්ධවනම් අවිනිශ්චිතතා වැඩියි.

    ReplyDelete
    Replies
    1. දයාසිරිට හැකියාව තියෙනවා, සහයෝගය ගන්න දන්නවා හැමෝගෙන්ම , ඒවා පාවිච්චි කරලා ඉදිරියට ගියොත් හරි. ස්තුතියි ඉකොනෝ

      Delete
  24. //ශ්‍රී ලංකාවේ වසරකට පාසල් දරුවන් ලක්ෂ නමයක් පමණ ක්‍රීඩා කරන අතර , ඔවුන්ගේ අවශ්‍යතා සැපයීම පිණිස ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සම්බන්ධ පශ්චාත් උපාධිලාභී වෛද්‍යවරු සිටින්නේ තිස් තුන් දෙනකු පමණක් බව සඳහන් වේ. දැනට සේවයේ යෙදී සිටින්නේ එයින් විසි දෙදෙනකු පමණයි.//

    නරකම නැත. පහතින් ඇත්තේ වෙනත් ඇතැම් ක්ෂේත්‍ර වල විශේෂඥ වෛද්‍ය වරුන් සිටින ගණන්ය (2012 අවසානයේදී).
    Cardiologists - 35
    Neurologists - 24
    Neuro Surgeons - 8
    Peadiatric Surgeons - 10
    (දන්ත වෛද්‍ය විශේෂඥයින් අතර) Orthodontists - 20
    Public Health /Community Health Specialists - 6
    Plastic Surgeons - 10
    Genito Urinary Surgeons - 14
    Orthopadic Surgeons - 33
    ...යනාදී වශයෙනි.
    විශේෂඥයින් එක්කෙනෙක්වත් නැති ක්ෂේත්රද තිබේ.

    ReplyDelete
    Replies
    1. මෙච්චර විස්තර නම් දැනගෙන හිටියේ නෑ, මමහෙව්වේ ක්‍රීඩා වෛද්‍යවරු ගැන විතරයි . ස්තුතියි මේ විස්තරයට

      ගතවගිය වසර කිහිපය ඇතුලත පාසල් ක්‍රීඩා උළෙලවලදී දරුවන් හය දෙනකු හෘදයාබාධවලින් මියගොස් තියෙනවා
      2013 වසරේදී පාසල් දරුවන් සිවු දෙනකු පාසල් ක්‍රීඩා උළෙලවලදී මියගිය බව සඳහන් වෙනවා

      Delete
    2. කණගාටුදායක තත්ත්වයක්. ඇතැම් විට හොඳ ප්‍රථමාධාර පුහුණුවක් ඇති හෙදියකට වුවත් යම් වෙනසක් කළ හැකිව තිබුණා. අපට දෙවසරක් කනිෂ්ඨ (දෙමළ) සිසුවෙකු අක්බාර් කැන්ටිමේදී හෘදයාබාධයක් හැදී මිය ගියා.

      Delete
  25. දයාසිරි මේක තවත් ප්‍රදර්ශණයක් කර ගන්නේ නැතුව ඉන්නවනම් ඒක ඇත්තටම සතුටක්.මොකද දේශපාලනේදි නම් එයා කලේ ඒකනේ. ක්‍රීඩා අමාත්‍යාංශය තියෙන්නේ ක්‍රිකට් වලට නෙමෙයි අනික් හැම ක්‍රීඩාවකටයි කියලා යන්තම් හරි මතකයක් දයාසිරිට තිබුන එක ගැන සතුටුයි. මොකද කලින් හිටිය අය ක්‍රිකට් මැච් බලන්න ගියාට මෙහෙම ඒවට ගියේ නැතිම ගානයිනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් කලින් හිටපු ක්‍රීඩා ඇමතිලාට ක්‍රීඩාව කියන්නේ ක්‍රිකට් විතරයි , එස්.බී ට හැර

      Delete
  26. ලියමන නම් ගොදක් වැදගත්...

    මොකද්ද ජාතික ප්රතිපත්තියක් කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. මෙත්මා කාලෙකින්, කොහොමද වාස දේස,
      මේ ප්‍රශ්නේ ඇහුවේ ඇත්තටමද ?

      සරලවම කියනවා නම් , ඇමති වරයාගෙන් ඇමතිවරයාට , රජයක් වෙනස් වෙන වෙලාවට වෙනස් නොවන එක එක විෂය ක්ෂේත්‍රයන්ට අදාලව රටේ නිලවශයෙන් පිලිගන් ක්‍රියාමාර්ග වලට ජාතික ප්‍රතිපත්ති කියල හඳුන්වන්න් පුළුවන්.

      උදාහරණයක් හැටියට අපේ අධ්‍යාපනය ගන්න, එක එක ඇමති වරයා එන එන වෙලාවට ගුරුවරුන් මාරු කරන ක්‍රමය, විෂය නිර්දේශය වෙනස කිරීම වගේ දේවල් වෙනවා , එත් ඉතින් ඒවා වෙන්නේ ඇමතියාට හෝ එයාගේ හෙන්චයියන්ට ඕන විදිහට . එහෙම නැතුව මොන රජය ආවත් පිළිගන්න නිශ්චිත ක්‍රමවේදයක් තියෙන්න ඕන , එක අමතිලගේ තියා ජනාධිපතිගේ අතපෙවීමක් වත් තියෙන්න බෑ

      Delete
    2. නෑ නෑ එහෙම නෙමෙයි....දැන් සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය දිහා බැලුවම අපිට පෙනෙනාකාරයට ජාතික ප්‍රිතිපත්තියක් යනු චන්දයක් දිනීමෙන් අවුරුද්දකට පසු එළිපහළි බහින පෙර තිබුනු ප්‍රතිපත්ති වලට..ඔය ඕන පදම් උදාහරන තියෙන්නේ...පොර්ට් සිටි...තව ඕනිද...?

      Delete
    3. හැබෑට බලාගෙන යනකොට අපිට ජාතික ප්‍රතිපත්ති තියෙනවනේ එහෙම බැලුවම

      Delete
  27. ලංකාව ඇතුලෙ ක්‍රිකට් ඇරෙන්න වෘත්තීයක් විදිහට නියැලෙන්න වෙන කිසිම ක්‍රීඩාවකින් පුළුවන් කමක් නැතුව තියෙද්දි ලංකාව ඇතුලෙ ක්‍රීඩකයෙකුට වටිනාකමක් ඒවි කියලා හිතන්න බෑ ඉවාන්. මේ මිනිස්සු කරන්නෙ අහිංසකයෙක්ගෙ කර උඩින් තමන්ගෙ වාසිය සලසා ගන්න එක. වැඩි දෙයක් ඕනෙ නෑ. හුඟක් උන් කරන්නෙ ක්‍රීඩකයො පිටින් දාලා ටුවර් එකක් යන එක. ඔය ගිය නිලධාරීන්ගෙන් වැඩි හරියක් ග්‍රවුන්ඩ් එකට ගියාද කියලවත් දන්නෙ නැතිව ඇති.

    ReplyDelete
    Replies
    1. //"ලංකාව ඇතුලෙ ක්‍රීඩකයෙකුට වටිනාකමක් ඒවි කියලා හිතන්න බෑ"// අන්න එක තමයි මේ ක්‍රීඩා ඇමතිට තියෙන අභියෝගය .ඒ තත්වය හදන්න පුළුවන් නම් දයාසිරි වැඩකරු, නැත්තං ඉතිං මෙයාගෙත් සද්දේ විතරයි කියන්න තමා වෙන්නේ

      Delete
  28. කාලින මාතෘකාවක්.. සිදුවිය යුතු දේ හරියට කියලා තියෙනවා..

    ReplyDelete
  29. බොහොම වටිනා විග්‍රහයක්. ක්‍රීඩාවට, කලාවට සහ තවත් බොහෝ ක්ෂේත්‍ර වලට වෘත්තීය පදනමක් නැතිකම තමා මේ පසු බැසීම් වලට හේතුව. ලංකාවේ දැනට වෘත්තීය පදනම තියෙන එකම ක්ෂේත්‍රය නොකීවට දන්නවා නොවැ.

    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. වෘත්තීය පදනමක් තියෙන එකම ක්ෂේත්‍රය ?? හම්මේ මොකට කියනවද ..
      ස්තුතියි උදය

      Delete
    2. ඒකත් නීතියෙන් තහනම් නොව...?

      Delete
  30. රටකට ජාතික ප්‍රතිපත්ති හැදෙන්න රටේ මොක්කුන් හරි හරිහමන් ජාතියක් ඉන්න එපැයි, අපේ එක එක ජාති නේ ඉන්නේ...
    එතකොට කොහෙන්ද ජාතික ප්‍රතිපත්ති...

    ReplyDelete
    Replies
    1. //"රටකට ජාතික ප්‍රතිපත්ති හැදෙන්න රටේ මොක්කුන් හරි හරිහමන් ජාතියක් ඉන්න එපැයි, අපේ එක එක ජාති නේ ඉන්නේ ..."// ඔන්න් දවසේ කතාව ,
      එකනේ අර කියලා තියෙන්නේ මේ රටේ ඉන්න මහජනතාව වෙනුවට වෙනත් මහජනතාවක් පත්කරගත යුතුය කියලා

      Delete
    2. ඇයි සංහිඳියාවාදී සිරි ලන්කන් ජාතිය...ඒකට මක්කැයි උනේ...?

      Delete
    3. ඒවා කොහේද මන්ද හොයා ගන්නවත් නැහැ, අනික ඔය සංහිඳියාව කියන වචනෙම මටනම් මොකක්දෝ මන්ද අවුලක් දැනෙනවා...

      Delete
  31. හොඳ හැටි රිසර්ච් කරලා පිලිවෙලකට ලියපු පෝස්ට් එක කියෙව්වාම මටත් හිතුනේ ඇයි මේක අම්මට සිරි ට අරින්නේ නැත්තේ ඇයි කියලා...ඉයන් කිව්ව වගේ මේක පත්තරේකට අරින්නකෝ මෙයා...!

    කොහොමත් අම්මට සිරිට ආපහු ආවාම අයිසේ වැඩිය දඟලන්න එපා අරිනවා ගෙදර කියලා අහගන්න වෙයි..පේනවනේ විවේචන වලට දාන ගෙම්බර් මේ දවස්වල.....!
    කොහෙද මේ ඩේලි මිරර් එඩිටර් එහෙම මාතා ලියනවා වගේ ලියන්න දන්නේ නෑනේ..දන්නේම නැත්තං අර ඉයන්ගෙන් වත් අහගන්න එපැයි....නැද්ද මං අහන්නේ...

    ReplyDelete
    Replies
    1. අම්මට සිරිලට මේවා යැව්වට කොහෙද එයාල මේවා කියවන්නේ ?

      අම්මේ පත්තර? පත්තරවල දාන්නේ උන්ට ඕන ඒවා විතරයි , උන්න අපි වගේ හාල් කෑලි ගනන් ගන්නේ නෑ .

      අයිසේ මහත්තයා දැන් හරි සැරයි. කොහොම තියෙයිද බැරිවෙලාවත් ජනාධිපති වුනොත් ගහලවත් එල්වන්න වෙන්නේ නෑ ,

      Delete
  32. මෙහෙමයි.. දයාසිරි කරපු දේ විතරක් කරලා ක්‍රීඩාව දියුණු කරන්න බැහැ තමයි... ඒත් ඒ කරපු දේ කොල්ලන්ට කෙල්ලන්ට වටින බව මම දන්නවා. මමත් ඉස්කෝලෙ යන කාලේ සහ ඊට පස්සේ අවුරුදු කීපයකුත් මලල ක්‍රීඩා උපරිමයෙන් කරපු කෙනෙක්.. අනිත් දේවල් හරියට නොවුනත්... අඩුම ගාණේ මීට් එකකට ගියාම ඉස්කෝලෙ ප්‍ර‍ින්සිපල් ඇවිල්ලා මොරාල් එක අප් වෙන්න මොනව හරි කිව්වහම එන ගැම්ම අපි දන්නවා.‍ ඒ නිසා දයාසිරිගේ උත්සාහය කන්ඩෙම් කරන්න බැහැ. හැබැයි ලංකාවේ ක්‍රීඩාව දියුනු කරන්නනම් මීට වඩා වැඩ ගොඩක් කරන්න වෙන බව පිලිගන්නවා.

    ReplyDelete
    Replies
    1. කිසිසේත්ම දයාසිරි කරපු දේ කන්ඩේම් කිරීමක් නොකලෙමි , එහෙම අවබෝධයක් ඇතිවන යමක් ලියවී ඇත්නම් එය මාගේ වරදක් බව පිලිගනිමි . මම කියන්නට උත්සාහ කරන්නේ ඇමතිවරයාට තව බොහෝ දුර යාමට තිබෙන බවත් මෙය අවසානය නොවන බවත් පමණි

      Delete
  33. ආයිබෝංස් ලොක්කා … ජය වේවා .

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු, කවුද බං උඹ ??? හුකෑස්...................

      Delete
  34. ඇත්තටම දක්ෂයන් ඉන්නේ ගමේ ඒ අයව ගොඩ ගන්න විදිහක් තිබ්බා නම් තවත් දියුණු වේවි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සලිත , ඒකට තම වැඩපිළිවෙලක් ඕන

      Delete
  35. ජීවිතයෙ වැඩියෙන්ම ආස කලේ ක්‍රිඩාවට නිසා මම දයාසිරිගෙ වැඩේට මුලු හිතන්ම ගරු කරනව. ඉවාන් කියනව වගේ ඔහුට මේ ගමනේ තව බොහෝ දේ කරන්නට හැකියි. මේක සංදර්ශනයක් කර නොගෙන ඉදිරියට කලොත් හොද අනාගතයක් දකින්න අපිටත් පුලුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා වැදගත් දිනිති , සංදර්ශනයෙන් ඔබ්බට ගිය ක්‍රියාකාරීත්වය ... අපි බලාගෙන ඉමු,

      දිනිති ගේ දයාන්විතාරන කියන අලුත් සිංදුව යූ ටියුබ් එකේ තියෙනවද ?

      Delete
  36. කිසිම ප්‍රතිපත්තියක් නැති පාලකයෝ ඉන්න කිසිම දේකට ප්‍රතිපත්තියක් නැති රටක ඕකට විතරක් ප්‍රතිපත්තියක් හදාගන මොකටද ආයිබෝං......
    අපි පවු බං

    ReplyDelete
    Replies
    1. පාලකයෝ විතරයැ බං ,ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සුවත් ඉන්නවයැ

      Delete
  37. දයාසිරිය කට්ටය!!! 
    දැන් රනිල්වත් ෂේප් කරගෙන...

    ReplyDelete
    Replies
    1. අන්න එක තමයි මිනිහ වැඩකාරයා කියල හැමෝම කියන්නේ, ඒ නිසා වැඩක් කරයි කියල බලාපොරොත්තු වෙමු

      Delete
  38. ක්‍රීඩා ඇමති හොඳයි. හරියට වැඩ කරනවා නම් තවත් හොඳයි. අර හේමසිරි මහත්තයාගේ කතාවට මම නම් එකඟයි.

    ReplyDelete
    Replies
    1. හේමසිරි ලොක්කගේ කතාව කර්කශ වැඩියි තමා එත් එක තම ඇත්ත

      Delete
  39. වැදගත් ලිපියක් ඉවාන්, මම එහෙන් මෙහෙන් ඔය බුකියේ යන පින්තුර දැක්ක විතරයි.. හොඳ විස්තරයක් මේකේ තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම් , පැතුමා දැක්ක කල් , මොකෝ පේන්න නැත්තේ කරකාරයක් බැඳගත්තද?

      Delete
  40. ජාතික ප්‍රතිපත්තියක් කියන්නෙ අවුරුදු 5කට සැරයක් වෙනස් වෙන එකක්නෙ........ඇයි..? .... එහෙම නෙවෙයිය...?

    ReplyDelete
    Replies
    1. දයාසිරි අනිවා කිරීඩාව නංවනව.... ඒක ඇ‍ඟෙන් පේනව..බලපංකො .. සෝක් ඉස්පෝට්මීට් ඇඟ.. ශීලංකා කීඩාව නංවන්න උපං දස්සකමක් තියෙන බව අර පෙන පාලියෙ පොලුකෑලි කරකැවීමෙං මොනවට පෙන්නුං කොරා.. සෝක් සංදර්සන කාරය...

      Delete
    2. දයාසිරිට හැකියාව තියෙනවා , ප්‍රශ්නේ එකෙන් ප්‍රයෝජනේ ගන්න පුළුවන වෙයි ද කියලා මිනිස්සුන්ට .

      ජාතික ප්‍රතිපත්ති ගැන නම් කතාව් ඇත්ත , සමහර ඒවා එච්චර කල් තියෙන්නෙත් නෑ .ඇමති මාරු වෙනකොටම ඉවරයි

      Delete
  41. habai ape rate minissu hodai hodai kiyala kalayak agaya karata passe hodata banum ahanna wenawa. Fb eke dakka post godak methuma gana.
    Palaweni comment eka rahu gilala.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට එකක් තිබ්බේ නෑ නේ , බොරු කියන්න එපා හරිද ? කමෙන්ට් නොදා ඉඳලා හුහ් .

      ස්පෑම් එකෙත් නෑ ,

      ඔය අපේ මිනිස්සුන්ගේ හැටි කවදාවත් තෘප්තිමත් නොවෙන ජාතියක් නේ

      Delete
  42. habai ape rate minissu hodai hodai kiyala kalayak agaya karata passe hodata banum ahanna wenawa. Fb eke dakka post godak methuma gana.
    Palaweni comment eka rahu gilala.

    ReplyDelete
    Replies
    1. කලින් එක නැති වෙච්ච නිසා දෙකක්ම දාලා , තැන්කු ඈ

      Delete
  43. ක්‍රීඩකයෙක් හදන්න සෑහෙන කාලයක් යනවා. දයාසිරි ඇමතිතුමාට ලැබිලා තියෙන කාලය මදියි තවම දොස් කියන්න. මේ මොහොතේ ඔහු කලදේ හොඳයි. ඒකෙන් මොරාල් එක වැඩි වෙනවා. ඉන් පසුව කරන්න තියෙන දේ බොහොමයි. ජාතික ප්‍රතිපත්ති කොහොම හැටි වෙතත් ජාතික එකඟතාවක් වත් තියෙන්න ඕනේ. ඔක්කොම කණපිට හරවන ප්‍රතිපත්තියක් අපේ රටේ තියෙන්නේ. දිගුකාලීන ඉලක්ක තමයි වැදගත් වෙන්නේ. කාටවත් ලකුණු දෙන්නේ නැතිව රටට කියලා හිතුවොත් හරි. කොහොමත් ඒවායේ යෙදෙන අයගේ ධෛර්ය අත්‍යවශ්‍යයි. නැතිනම් ඇමතිවරු සහ නිලධාරීන් කොපමණ හිටියත් වැඩක් නෑ. මෙයාලගේ දේශපාලනයය ප්‍රතිපත්තිගරුක නැති නිසා අනෙක් ඒවා දිහාත් මිනිසුන් වපර ඇහින් බලන්නේ. නමුත් තමන්ගේ කාලසීමාවේ යමක් කලොත් රටේ නම පවතීවි.

    ReplyDelete
    Replies
    1. දොස් කීමක් නම් කලේ නෑ . ජාතික එකඟතාවක් නම් මේ කපේදී එයි කියල හිතනන බෑ . කොහොමත් ප්‍රතිපත්තිමය දේශපාලනයක් මෙයාල නොකරන් නිසා මේ දිහා අපිට වපර අහිං තම අබලන්න වෙලා තියෙන්නේ , බලමු ඉස්සරහට

      Delete
  44. කෙටි කතවක් ලියන්න අදහසක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. තියෙනවා .පොඩ්ඩක් හිටින්කෝ

      Delete
  45. කතා කලයුතුම මාතෘකාවක්. කාලේකින් ඇවිත් රිදෙන්නම ටොක්කක් ඇනලා වගේ :P

    ReplyDelete
    Replies
    1. ඈ මෙන්න තුශානි ඉන්නවා , මම හිතුවේ රට අත ඇරලා ගිහිං කියල . දැන්ද ඇහැරුනේ ...:P

      Delete
  46. යාසිරි කල වැඩේ නම් අදහන්න වටිනවා... සිරාවටම වැදගත් ලිවිල්ලක් මචන්.........

    ReplyDelete
    Replies
    1. කවුද බං යාසිරි කියන්නේ තිත් දෙකයි ඩී, තැන්කු වේවා සිංහ මචං ...

      Delete
  47. දයාසිරි වටින් ගොඩින් අළු ගසලා එනකොට කස්ටිය බයවෙලා මූව කිච පච කරලා දැම්මා උටත් හිතාගන්න බැරි උනා මොකද උනේ කියලා... දැං නං ආයෙ නමක් හදාගන්න ඕනවට හරි පවතින වැඩක් කරයි කියලා හිතෙනවා.. නම හැදුනට කමක් නෑ රටට වැඩක් වෙලා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනන් ඒකතමයි ලබ්බෝ කතාව //"නම හැදුනට කමක් නෑ රටට වැඩක් වෙලා."//

      Delete
  48. කොමෙන්ට් කියෝගෙන පහලට එනකොට හොඳ ගණන්..

    මේක බුකියේ ඒ දවස්වල දැම්මනම් අපේ බුකි ඔස්තාර් ලා උඹේ පලු අරිනවා.. දැන්නම් අර ජාති මාමක ෆෝම් එක පොඩ්ඩක් විතර ලල් වෙලා නිසා නිවීසැනසිල්ලේ කියවලා තේරුම් ගන්න කීප දෙනෙක් වත් ඉඳියි. හේමසිරි බොස්ටත් උනේ ඇත්ත උනත් කියපු වෙලාව වැරදුනා..

    ReplyDelete
    Replies
    1. හි හි බුල්-කියේ දැම්මේ ලින්ක් එක විතරයි . කොහොමත් මෙච්චර දුර ඇවිත් කියවන්නේ නෑනේ බුකියේ සෙට් එක , මට නිකං හිටෙනේවා දාලා බලන්න බුකියේ මොනා වෙයිද දන්නේ නෑ නේ .
      හේමසිරි ලොක්කා කියපු කතාව ඇත්ත , කියපු රටාව තමයි අවුල් , එත් ඉතින් ඒ ඇත්තනේ , වැරදි වෙලාවේ තමා පිටවුනේ

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]