Sunday, March 2, 2014

අවසන් සක්මන




හැම සම්බන්ධයකම අවසාන හමුවීම් බොහෝවිට ඉතාම හැඟුම්බරයි .සමහරවිට දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්වෙනවා ,සැමියා බිරිඳගෙන් වෙන්වෙනවා , සිසුන් ගුරුවරුන්ගෙන්,සේවකයා ප්‍රධානියාගෙන්,ආයතනයෙන්, මිතුරු පිරිසෙන් වෙන්වෙනවා

ඇතැම් වෙන්වීම තාවකාලික් වුනත් සදාකාලික තරමටම හදවත් හැඟුම්බර කරවනවා .

ලෝකය ගම්මානයක් බවට පත්වෙලා තිබෙන ,තාක්ෂනය ඉතාම දියුණු මේ යුගයේ සදාකාලික් වෙන්වීම් යනුවෙන් යමක් නොමැති බවට කෙනෙකුට තර්ක කරන්නට පුළුවන් .කෙනෙකුට තවත් කෙනෙකු හා තමුන්ට රිසි ලෙස සම්බන්ධ විය හැකි තරමට අද තාක්ෂණික මෙවලම් අද වනවිට පවතිනවා .

එහෙත් ඒ කිසිවකින් හදවතේ ජනිත වන හැඟුම් ඒ ආකාරයෙන්ම ජනිත් කරන්නට සමත් වේද?

පෙම්වතෙකුට පෙම්වන්තියකට කාලය යනු කොතරම් තිබුනත් මදිවෙන එකම දේ වන්නට පුළුවන්. තම ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය සමග තුරුළු වී ගතකරන සෑම හෝරාවක්ම විනාඩි කිහිපයක් ලෙස දැනෙන්නේ ඇයි.....?

යම් යම් බාහිර හේතූන් නිසා පෙම්වතෙකුට පෙම්වතියකට වෙන්වී යන්නට සිදුවුනොත් ...? ඒ වෙන්වීයන මොහොතේ ඇති හැඟුම්බර බව වටහාගත හැකිද? ඒ අවසාන සැන්දෑව කොතරම් නම් කෙටි විය හැකිද?
 ඒ අවසන් මොහොත මේ විශ්වයේ වේගයෙන්ම ගතවුණු මොහොත ලෙස ඔවුන්ට දැනෙන්නට පිළිවන.

අවසාන සැදෑ සක්මන 
නොදැනීම ගෙවුණු ඉක්මන 
දැන් නික්ම යන්න කාලය අපි අපෙන් 
යලි හදාගන්න බැරිවුණු සිත් අරන්

වෙන්වී ගියත් හුරුපුරුදු ගහකොළ,මල්, මංමාවත් දකින දකිනා වාරයක් පාසා ඒ සොඳුරු මතකයන් ..හදවත් අඳුරු කරනවා ,,කුමන හේතුවක් උදෙසා වෙන් වූවද එහි දුක දැනෙන්නේ වෙන්වූවන්ට පමණි. ලෝකයට කාලයක් ගතවනවිට මේ සියල්ල අමතකව යයි.එත් අපට..?

අප සිනා සැලූ තැන්වල ගස් වැල්
මල් වරා හිඳීවිද අප එනකන් 
නැති වුනේ අපට අප මිස 
මේ ලොවට නොමැත එහි දුක 
නාඩන්න ඉතින් නොසලා කඳුළැල් 

කෙසේ අවසනදී අහිමිවූවන්ට පමණක් දුක උරුම කර තියා කාලය සුපුරුදු ලෙස ගලා යයි. ස්වභාව දහම සුපුරුදු ලෙස පවතියි...

අප දෙපා සැලූ වෙරළේ රළ වැල් 
කැටි ගැසී රැඳේවිද අප එනකල් 
නැතිවුනේ අපට අපමය  
කාලය යයි අප පසුකර  
නාඩන්න ඉතින් නොසලා කඳුළැල් 

හමුවීමක් නොමැති නම්  වෙන්වීමක් නොමැත ....හමුවූ සැවොම වෙන්වී යායුතුය ...ආවොත් යා යුතුය ...නොගොහින් යලි එන්නට බැරිය....


අවසාන සැදෑ සක්මන 
නොදැනීම ගෙවුණු ඉක්මන 
දැන් නික්ම යන්න කාලය අපි අපෙන් 
යලි හදාගන්න බැරිවුණු සිත් අරන්

අප සිනා සැලූ තැන්වල ගස් වැල්
මල් වරා හිඳීවිද අප එනකන් 
නැති වුනේ අපට අප මිස 
මේ ලොවට නොමැත එහි දුක 
නාඩන්න ඉතින් නොසලා කඳුළැල් 

අවසාන සැදෑ සක්මන............... 

අප දෙපා සැලූ වෙරළේ රළ වැල් 
කැටි ගැසී රැඳේවිද අප එනකල් 
නැතිවුනේ අපට අපමය  
කාලය යයි අප පසුකර  
නාඩන්න ඉතින් නොසලා කඳුළැල්  


Singer : Somathilaka Jayamaha
Lyrics : Ravi Siriwardana
Music : Rohana Weerasinghe

Wednesday, February 26, 2014

උපන් ලපය .....The Birth Mark


"සරසවියේදී හෙට විතරයි හමුවන්නේ ......
කිම්ද කුමාරි නෙත කඳුලැලි පුරවන්නේ .....
සිහිනෙන් දැකුමට ........

ජනා ..ජනා ......ජනා .......

"කවුද යකෝ....නිදහසේ ඉන්න දෙන්නේ.......ආ සුරා ...."දොරට දඩිබිඩි ගාලා ගහන සද්දෙට නැගිටලා දොර අරිද්දි දොර ළඟ හිටියේ සුරංග ...

"මොකද සිංදුව දාගෙන ..තාම යන්න අදහසක් නැද්ද ... ආයේ ඉතිං මේවයේ බුදියන්න වෙන්නේ ලබන ආත්මේ තමයි. බඩු ලෑස්තිද?

"පොත් ටික ඊයෙම යැව්වා බං කල්ලා අතේ ,උන්ගේ මාමා ආවනේ කැබ් එකක...ඇඳුම් කෑලි තුන හතර නම් ගෙනියන්න් බැරියැ..."

"ඔව් ඕව නොගෙනියන එකමයි හොඳ අවුරුදු හතරකින් හෝදලා නෑනේ ? ...මම අද යනවා ..."

"ඇයි අනිද්දා යතුරු බාර දුන්නම ඇතිනේ ..? එතකොට සවීණා ..?

"අනිද්දා වෙනකන් හිටියා කියලා ලැබෙන දෙයක් නෑනේ ......ඒ ප්‍රේමයත් අතීතයට එකතුවෙයි වගේ ....."

"ඒ මොකෝ....ඕකනේ කියන්නේ මැණික් ගලේ පය වැදුනට කණා ඇහිඳලා ගනීද කියලා , අම්මප මට එහෙම සවීණා වගේ කෙල්ලෙක් හිටියනං මං දනී.."
මං ඒ ටික විහිලුවට වගේ කිව්වට ඒ ටික කියවුනේ බොක්කෙන්මයි කියලයි මටනම් දැනුනේ ....ඇත්තටම මම කැම්පස් එකේ හිටපු කැමතිම කෙල්ල සවීනා ...එත් කොහෙද මට කලින් මූ ඉස්සර වුනානේ ...

"ගං කබරයන්ගේ ගමේ එකා ගං කබරයෙක්ම තමයි ඉතිං... ඔච්චර හොඳ කෙල්ල උඹට කරපු වැරැද්ද මොකක්ද යකෝ ...?"

"උඹට තේරෙන්නේ නෑ ජනක ඒවා ... ඒකි කියනවා මාස හයක් ඇතුලත අනිවා ස්ටේට්ස් යන්න ඕනෙලු ...එයාලගේ පුංචි ලඟට ..ග්‍රීන් කාඩ් හම්බවෙනවා කියන්නේ .අපේ තාත්තා කැමති නෑ ඒ ගැන කතා කරන්නවත් ...අනික තාත්තලාට ගමේ තියෙන තැන ගැන හිතුවම ඔය රටවල් වල ගිහිං නිකන් පීචං වෙන්නේ ඇයි කියලා තාත්තා අහනවා .."
අනික අයියත් තාත්තගේ කීමට පිටින් ගිය එකේ ඔය ඔක්කොම දේපල මටනේ බන් කවදා හරි...."

මට ආපු කේන්තිය නිවා ගන්න විදිහක් හිතාගන්න බැරිවුනා ...
"බෝල කේප්ප වස්සෝ එතකොට තෝ හදන්නේ ඔය පොල්ගස් ටික හින්දා රටක් වටිනා කෙල්ලෙක් අතාරින්න්ද  ඈ කියපං ..."

මගේ දිහා නිකං කින්ඩියට වගේ කටකොනකින් හිනවෙච්ච සුරංගය .."ජනා මේ ..මේ ඩිග්‍රිය අරං පාරට බැස්සම උඹට රස්සා දෙන්න කට්ටිය පෝලිමේ බලන් ඉන්නව කියලද උඹ හිතන්නේ..? අනේ යකෝ...?අනික මේකේ මේ කාල් ගාලා හම්බවෙච්ච සහතිකෙන් ඇමරිකාවේ ගිහින් හරක් බලන්නවත් පුළුවන් කියලද උඹ හිතන්නේ ..."

දඩාස් ගාලා දොර වහගත්ත සුරංගයා කාමරෙන් පිටවුනා...

*******

ඇඳේ දිගා වෙලා ඉද්දි මට මතක් වෙච්ච පරණ සිද්ධිය නිසා මට පොඩි හිනාවක් ගියේ සුරංගයාගේ වැඩ මතක් වෙලා ...කොච්චර ඉගෙන ගත්තත්, තරුණ වුනත් , මිනිස්සු ආශ්‍රය කලත් මින්හා පරණ හණමිටි අදහස් කරපින්නගත්ත පොරක් නේද කියල මට නිතරම හිතුණා.

"මචං ජනා උඹට නම් කෙල්ලෝ ,ගෑනු වහ වැටෙනවා බං... " මිනිහා මට කිව්වේ කැම්පස් ෆිස්ට් ඉයර් එකෙදිමයි ....'

"ඔය වෙලාවට තමයි අම්මප උඹේ හොම්බට දමලා අනින්න හිතෙන්නේ ..."

"මොකෝ "

"මොකෝ ගාන්නේ ...යකෝ උපන්තේකට කෙල්ලෙක් එක්ක යාලුවෙන්න බැරිවෙච්ච මට නේ තෝ මොහෙම කියන්නේ ...ඉස්කෝලෙදි හය හත් දෙක්ගෙන්ම ඇනගත්ත මදිවට....මිනිස්සුන්ට ඔයිට වඩා ශිෂ්ට විදිහට අපහාස කරපන් හරිද?"

"නෑ බං උඹේ ඔය යටි තොලේ අයිනේම තියෙන උපන් ලපේ තියෙනවා නේද? එහෙම තියෙන අයට ස්ත්‍රී සැප ලැබෙනවලු ..දැන් නැතිවුනාට අනාගතේදී ලැබෙන්න බැරිකමක් නෑ "

"උඹේ ආච්චිගේ රෙද්ද...?"

*******

"මොකද ජනක තනියෙන් හිනාවෙන්නේ ....ආ තේ එක.."

" අඃ............ රදිකා ...ලඟට එනකම්ම දැක්කේ නෑ..."

" මොකද මේ .....කෝලං ..."

"නෑ රදී ... මම මේ ජොබ් එකෙන් අයින් වෙන්න කියලා ..."

"ඒ මොකද .....ඊට පස්සේ ...?"

" මගේ යාලුවෙක් අලුතෙන් ටුවරිසම් පටන් ගත්තා .. මටත් කතා කළා පුළුවන් නම සෙට් වෙන්න කියලා . මුලදී මිනිහාගෙම වාහනෙකින් කරන්න පුළුවන් .."

"අනේ මන්දා ජනක ඔයාගේ කැමැත්තක් ..ඔයා ඉතින් උගත් කෙනෙක්නෙ ඔයා හිතලා බලලා හින්ද විදිහට කරන්න.."
 රදිකා ගේ මං හැමදාමත් දැක්ක වගේම මං කැමතිම නැති ගුණාංගය වුනෙත් මාව හරිම ඉහලින් තියලා කතා කිරීම ...එක අතකට එයා හිතන්න ඇති ඒ ලෙවල් විතරක් පාස් වුන එයාට වඩා ඩිග්රියක් තියෙන මම හරි බුද්ධිමතෙක් කියලා ..."

*******

"ඔයාට ඔය රස්සාව නැතුව වෙන රස්සාවක් කරන්නම බැරිද ජනක..?"

අවුරුදු ගානකට පස්සේ අලුත් ගෙට මුල්ගල් තියපු දවසෙම රදිකා අහපු ඒ ප්‍රශ්නෙන් මම අන්දුන්කුන්දුන් වෙලා ගියා .

මොකෝ රදී ..මේ .."

" නෑ ජනක මට බයයි....මේ රස්සාව ගැන මිනිස්සු කියන කතා අහලා මට බයක් දැනෙනවා....."

"සල්ලි වගේ නෙවෙයි ජීවිතේ ජනක "

මේකට උත්තරයක් දෙන්න මං සැහෙන්න කල්පනා කළා

"රදී ..අද කාලේ ටුවරිසම් කිව්වොත්, මොඩ්ලින් කිව්වොත් මිනිස්සු හිතන්නේ උන් වේසකමේ යනවා කියල ...මම කවදාවත් ඔයාගේ විශ්වාසෙ කඩ කරලා නෑ රදී..." මේ ටික කියලා ඉවර වෙනවත් එක්කම මගේ අත නොදැනුවත්වම යටි තොලේ තිබ්බ උපන් ලපය දිහාට ගියේ රදිකා ඒ දිහාම බලාගෙන හිටපු නිසා ...මට ක්ෂණයෙන් සුරංගව මතක් වෙලා නොපෙනී ගියා ...

*******

"ජනක සති තුනක ටුවර් එකක් එනවා ලබන දහවෙනිදා ඉඳන්..."

"සති තුනක් ..කොහෙද...?"

"මම හිතන්නේ ලංකාව පුරාම යන්නවෙයි.... පෙන්සිල්වේනියා යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න ඉන්න ලේඩි කෙනෙක්ලු...ලංකාවෙන් ගිය .."

"ආපෝ ..ලෝකල්ස් ලා එක්කනම් එපාවෙනවා....හම්බවෙන කොමිස් එකටත් කෙලවෙනවා උන්ව ඇද්දම.."

"පිස්සු කෙලින්න් එපා බං මම හොඳට දන්නා ෆැමිලි එකක හිතවත් කෙනක්....එයාගේ ඔය මොකක්ද පොත ලියන්න කරුණු වගයක් හොයන්න ...ලොස් නෑ බොරුනම් බලපන්කො..."

"ෂුවර් එකට පී.එච්.ඩී. එකට තිසීස් එක කරන්න එන ඩයල් එකක් වෙන්න ඇති ..ෆුල් බොරින් සති තුනක් තමයි ඉතිං ....

නෑ බං මම හොඳට දන්නා ෆැමිලි එකක හිතවත් කෙනෙක් , එයාට ලංකාව පුරාම යන්න තියෙන නිසා විශ්වාසවන්ත කෙනෙක් ඕනේ කිව්වා. ජොබටත් වඩා මේක උඹ මට කරන හෙල්ප් එකක් ..

********

පහුවදා උදේම එයාර්පෝට් ගිය මම වාහනේ නවත්තලා එරයිවල් එක පැත්තට ගියේ සැන්ද්‍රා..කියන බෝඩ් එක අතින් අරන් , දනිස්සෙන් උඩට අඟල් හතරක් පමණ වෙන්නට ටී ෂර්ට් එකක් වැනි කෙටි ඇඳුමක් ඇඳගත්තු  විසාල අව්කන්නාඩි යුවලක් පැළඳි සුන්දර කාන්තාවක් මගේ ඉස්සරහ පෙනීසිටියේ මා බලාපොරොත්තු වූ රූපය එය නොවූ නිසා මා තුල ඇතිවූ තිගැස්ම ඇයට පෙනෙද්දීමයි .

බෑග් දෙක ඩිකියට දැමූ ඇය අනාරාධිතවම ඉදිරිපස අසුනේ අසුන්ගත්තේ මගේ හිතේ මොකක්දෝ හැගීමකින් පිරී යද්දී . මේ වසර ගණනාවක් තිස්සේ නොයෙක් රටවල් වල සුරූපී තරුණියන් ගේ අඩනිරුවත් මෙන්ම පූර්ණ නිරුවත් සිරුරුද මා නෙත ගැටී ඇති මුත් ඒ කිසිදු අවස්තාවක් මෙවන් අපහසුතාවයක් මට දැනී නොමැත .
කිසිදු අවස්තාවක් ඔවුන්ගේ ඇඳුම් පැළදුම් වලින් කැපී පෙනුණු අවයවයන් මා තුල කිසිදු හැගීමක් ජනිත කලේ නැත. නමුත් මේ කාන්තාවගේ අඩ නිරුවත් දෙපා සහ පුළුල් කර අතරින් පෙනෙන පියවුරුද අද මා නොසිතු ලෙස  මා කළඹවා ඇත.

තවමත් අයගේ මුහුණ බැලීමට නොහැකිවීම පිලිබඳ මා පසු තැවෙද්දී විසල් අව්කන්නඩි දෙක සහ හිස රැඳී රෙදිකඩ ඉවත් කල ඇය...මා දෙස බැලීය

"ජනක .......මම සවීණා ..."

මාහට දැනුණු හැගීම කුමක්ද යන්න සිතා ගැනීමටත් පෙර වාහන කීපයකින්ම මම වාහනය බේරාගත්තේ කෙසේද යන්න තාමත් සිතා ගත නොහැකිය...

"හප් ...බී කෙයාෆුල් මෑන්.... කමෝන් ජනක වයි.....?"

පසුපස හැරී බැලූ මට දකින්නට ලැබුනේ තවමත් කුණුහරුප කියමින් පසුපස හැරෙමින් ගමන් කරන පදිකයන් කීපදෙනෙකි.

******** 

වසර ගණනාවකට පෙර මාහට වසර දෙකක් පහල කණ්ඩායමක එකම සරසවියේ අකුරු කල කාලයේ සිතින් පමණක් පෙම්  කලද ,සමීප ඇසුරක් නොතිබුනත්, මාගේ සගයා වූ සුරංගගේ පෙම්වතිය වූ නිසාවෙන් ඇය දැන හඳුනාගෙන සිටියත් මේ තරම් ලඟින් ඇසුරු කරන්නට ලැබුන අවස්තාව නිසා මං මහත් උද්දාමයට පත්ව සිටි බව නම් අතිශයෝක්තියක් නොවේ...

සති තුන ගෙවීගියේ ඉතාමත් වේගයෙන් යැයි මට සිතුනි.. ඇය නැවත පිටත්වන දින මට අතිශයින්ම හැගීම්බර දිනයක්ම විය ..

මා පියවිසිහියට පත්වූයේ  ...ඇය නික්ම යාමෙන් පසුවබව මට වැටහෙන්නට විය ..නමුත් ඉන්පසු රදිකාට මුහුණ දීම මට ඉතාමත් අපහසු විය... සවීණා නිතරම මසිතේ හොල්මන් කරන්නට වත්ම මා සිත වරදකාරී හැගීමකින් පිරීයන්නට විය .

මින් මිදීමට මා කලේ සවීණා සමග සම්බන්ධ වීමට තිබූ සියලු මාර්ගයන් අවහිර කිරීමයි..මගේ ෆේස්බුක් ගිණුම. විද්‍යුත් තැපැල් ලිපින , දුරකථන අංක සියල්ලක්ම වෙනස් කල මා මෙතක් රැකියාව කල ආයතනයෙන්ද සමුගෙන මාගේම ව්‍යාපාරයක් ආරම්භ කලේද මේ නිසාමයි ...

මේ කිසිවකින් රදිකා සමග ඇති කුටුම්භය අවුල් කර ගැනීමට මට වුවමනා නොවූයේ සැබවින්ම ඇය වචනයේ පරිසමාප්ත අරුතින්ම හොඳ බිරිඳක් වූ නිසාමය . මා අතින් සිදුවූ වරද තව දුරටත් කිරීමට මට අවැසි නොවීය .

මාස පහ හයක් ගත වෙද්දී සියල්ල යලිත් සංසුන්විය....

නමුත් මාගේ මව හා රදිකා අතර වූ නොහොඳ අලුත් වටයකින් පැන නැගීම මට මහත් හිසරදයක් විය.

"වඳ ගෑනු ඉන්න පලාතම මූසලයි බං."

"අනේ අම්මේ කට පියාගෙන ඉන්නකෝ...අපිත් මේ දරුවෙකුට ආස නැතුව නෙවෙයිනේ .."

"අනේ උඹලාගේ ආසාව මම කියන්නේ නෑ.. මමත් මැරෙන්න කලින් මුනුපුරෙකුගේ මූන බලන්න ආසා නැතුවද ?"

කෙසේවෙතත් මේ වෙනුවෙන් නොගිය රෝහලක්, දේවාලයක් පන්සලක් නැති තරම් විය. රදිකාට දරුවෙකු පිලිසිඳගැනීමට ඇති හැකියාව ඉතාම අඩු බව සනාත වී තිබුනද උත්සාහය අත්හැරීමට ඇය කැමති නොවීය .

*******

එදින මා නිවසට ලඟා වනවිට වෙනදා ආලින්දයට පැමිණෙන රදිකා පෙනෙන්නට නොසිටියාය , දොරද වසා දමා තිබූ අතර , ගේට්ටුව කිසිදාක නොමැති පරිදි හැර දමා තිබිණි... ආලින්දයේ රථය නවත්වා බිමට බට මා දුටුවේ දොර මැදටම ඇනයක් ගසා එල්ලා ඇති ලියුම් කවරයකි.. විදේශීය ලියුම් කවරයක් වූ එය මත ලියා තිබූ රදිකාගේ අත් අකුරු මට සැනෙකින් හඳුනාගත හැකිවිය ...

"මගේ විශ්වාසය රැක්කට බොහොම ස්තුතියි . මම ගෙදර යනවා . මාව හොයාගෙන එන්න එපා ,ඔයාගේ ලෝකෙකට යන්න ඔයාට මාව බාධාවක් කරගන්න එපා "

 අප අතර සිදුවූ සියල්ල සවීණා විසින් රදිකාට හෙළිකර ඇති බවට තවත් පැහැදිලිකිරීම් මට අවැසි නොවීය ....මාගේ කන්දෙකෙන් පටන් ගත් ගිනියම් වීම මුළු ශරීරය පුරා ගමන් කරනු මට දැනෙන්නට විය .

ලියුම් කවරය තුල වූ ලියුම් එලියට ගතිමි ..

"ජනක -

ඔයා මාව හැම විදිහටම මගඅරින නිසයි මම මේ ලියුම එවන්නේ ..මට ඔයාගේ ජීවිතේට බලෙන් ඇතුළු වෙන්න ඕනේ නෑ.. ඒත් මට මේ ටික ඔයාට කියන්න ඕන වුනා .මේ ඉන්නේ මගේ පුතා ...අපේ පුතා ,අපි දෙන්නගෙම පුතා ...."

සවීණා

ලියුම් කවරය තුලින් බිමට වැටුණු ඡායාරූපදෙක දෙස මා බලාසිටියේ වික්ෂිප්තවය. සවීණා ගේ තුරුලේ සිටින සුරතල් දරුවෙකුගේ සේයාරුවත් ,ඒ දරුවාගේ තනි සේයාරුවත් මාදෙසම බලාසිටින්නට විය ..

දරුවාගේ යටිතොලට පහලින් ඇති උපන් ලපය දුටු මට, මාගේ යටි තොලට පහලින් ඇති උපන්ලපය දෙසට අත යොමුවුණේ නිරායාසයෙනි.



Sunday, February 23, 2014

මේතරම්




               මේ තරම් අමනයිද මිනිසුන් 
            
සිතන්නටවත් බැරි නිසා 
             මම ගියා මිනිසුන් මැවූ ඒ         
             මහබඹා නම් ඔහු සොයා //

                         

                                                                                                             


               කොටුවේ පොළ ළඟ බැම්ම අයිනක 
        සන්ග්ලාස් එක ඔලුවේ දා       
ඉස්සිලා රිංගා බලයි ඔහු 
 දිලෙන මහා කටවුට් දිහා 





                     මේ තරම් අමනයිද මිනිසුන් 
                
සිතන්නටවත් බැරි නිසා 
                  මම ගියා මිනිසුන් මැවූ ඒ         
                  මහබඹා නම් ඔහු සොයා //








                       බුද්ධිමත් යැයි ලොව කියූ ඒ
                    මනුසතා කොතනද කියා
                    මා ඇසු විට පෙන්නුවා ඔහු
                    මොලය සවිකර නැහැ කියා 




Monday, February 10, 2014

මෙන්න ප්‍රවෘත්ති

එස්.බී ගේ පුතා පෞද්ගලික උපාධි තත්ත්ව පරීක්ෂණ කමිටුවට 

(උඩ ඇති ලින්කුවට කොටන්න )

පුවතක්


අම්මේ මම නිව්ස් බලලම නිදාගන්නම් ...කන්නත් නැති එකේ අම්ම නිදාගන්න....අම්මට එහෙම කියපු මම ටී වී එක ඉස්සරහ වාඩි වුනේ ..රිමෝට් එක අතට අරං...



ආයුබෝවන් ....!

මෙන්න දේශීය පුවත් ..


 අද වනවිට දිවයිනට පැමිණෙන "කොකේන්" වලට නිසි තත්ත්ව පාලන ප්‍රතිපත්තියකට කඩිනමින් යටත් කරන බව බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා "ජුඩිත් වයිට්" (ජින්ජර්) මහත්මිය කියා සිටියාය.
 එතුමිය මේ බව ප්‍රකාශ කර සිටියේ විපක්ෂ නායිකා "නදීෂා හේමමාලි" මෙනවිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

එසේම හෙරොයින් සඳහා ලබා දී තිබූ 15%ක් වූ බදු සහනය 9% දක්වා අඩු කිරීමට සලකා බැලියයුතුයයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද සිල්වා මහතා යෝජනා කළේය . දේශීය නිෂ්පාදකයා රැකගැනීමට නම් එතනෝල් සියලු බදු වලින් නිදහස් කලයුතු යයිද දේශීය වෙද්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේය

මේ වනවිට ශ්‍රී ලාංකීය ජනතාවගේ ආතතිය 22 % කින් අඩු වී ඇතැයි .සෞඛ්‍ය ඇමතිනී "ගයේෂා පෙරේරා "මහත්මිය සඳහන් කර සිටියාය . අද සෞඛ්‍ය අමාත්‍යංශ වය ශීර්ෂය විවාදයට ගත අවස්ථාවේ එතුමිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ දකුණු පලාත් මහ ඇමතිනී 'ගීතා කුමාරසිංහ" මහත්මියගේ යෝජනාවක් අනුව මේ සඳහා දකුණු පළාතේ විශේෂ ව්‍යායාම මධ්‍යස්ථාන හතරක් පිහිටුවා ඇති බවය.

මෙහිදී විවාදයට එක්වූ යෞව්වන කටයුතු හා නිපුනතා සංවර්ධන ඇමතිනී "අනර්කලී ආකර්ෂා" මෙනවිය සඳහන් කලේ අද කාලේ යෞව්වනයන් හස්ත කර්මාන්තයට යොමු කිරීම සඳහා ඵලදායී වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බවය. මේ සඳහා දැනටමත් තරුණයින් විශාල පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බවද ඇය පවසා සිටියාය.

විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ කාන්තා කටයුතු සහ ළමා සුභසාධන අමාත්‍ය දේශමාන්‍ය "සාරුවා සුනිල්" මහතා ප්‍රකාශ කලේ ළමා මව්වරුන්ගේ ප්‍රතිශතය ලබන වසර වනවිට 30% කින් වැඩි කිරීමට හැකිව්තයි ගණන් බලා ඇති බවයි. මෙමගින් සිංහල ජාතියේ වර්ධන ප්‍රතිශතය ඉහල දැමීම තම අරමුණ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය .

 සංචාරක අමාත්‍ය "සම්පත් චන්ද්‍රපුෂ්ප" මහතා සංචාරක කර්මාන්තය නැංවීම අරමුණු කරගෙන් කන්‍යාපටල බද්ධ කිරීමේ මධ්‍යස්ථාන 200ක් දිවයින පුරා ආරම්භ කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද ,ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවද පැවසීය .

දේශීය අවි ආයුධ නිෂ්පාදනය සඳහා ආරක්ෂක අමාත්‍යංශයට වෙන්කර ඇති මුදල පෙර වසර වලට සාපේක්ෂව 5%කින් වැඩි කර ඇති බව ආරක්ෂක අමාත්‍ය "ජුලම්පිටියේ අමරේ " මහතා සභාව දැනුවත් කලේ මේ අතරයි .

මුදල් ඇමතිනී "රුවන්ති මංගලා" මහත්මිය අද විවාදයෙදීත් අදහස් පල නොකිරීම කැපී පෙනින . අධ්‍යාපන ඇමතිනී "උපේක්ෂා ස්වර්ණමාලි (පබා) මහත්මිය විවාදය අවසානයේදී ඉදිරිපත්කල ශාමිනාමිනා වක වක ගීතය සහ නර්තනය කාගේත් සිත් වශී කරවූවක් විය.

පුතා ...පුතා....නිදාගන්නවනම් ගිහින් ඇන්දේ නිදාගන්නවා ළමයෝ..නිකන් කරන්ට් පුච්ච්න්නේ නැතුව ..හරියට උඹ බිල ගෙවනවා වගේ ...මාව හොල්ලලා හොල්ලාලා නැගිට්ට්වපු අම්ම තාමත් තරහින් පිපිරෙනවා ...

හත් දෙයියනේ ඒ කියන්නේ ඒ සුන්දර දිනය තාමත් සිහිනයක්ද....?








Friday, February 7, 2014

ශක්‍ර Visit



එක දවසක් හැන්දෑවක - පොතක් බලන වෙලාවක
ටොමියා බුරනා සද්දෙට - දාලා බැලුව ඇහැ වටේට
ජෝකරයෙක් වගේ ඇඳුම - ඔලුවේ රන්වන් තොප්පිය
සපත්තු උල නහය ලඟට - හිනහත් යනවා දැක්කම

පැන්නා ගෙදරින් පාරට - දිව්වා මිනිහා ලඟටම
"මං අහන්නේ ශ්‍රී එෆ් එම් " - කිව්වා මං ගත් කටටම

මොකක්ද පුත ඒ කියන්නේ - මොකද ඔයා එහෙම කිව්වේ

හුටා වැඩේ කෙලවුනාද - විහිලුවක්නේ මම කරන්නේ
අවුරුදු විස්සක් තිස්සෙම - සිරස තමයි මම අහන්නේ

මල පනිනවා මට දැන් පුත - මොනවද මේ සඟිස්කුරුත

එහෙනම් මේ දෙරණ නේද -  අනර් අක්කි ආවේ නැද්ද

බොල තක්කඩි බූරු පුතේ - මම ඕවා දන්නේ නැතේ
පඬුපුල් ආසනේ ඉන්න - බැරි තරමට රස්නේ වෙන්න
හේතුව මොනවද බලන්න - මෙලොව ආපු ශක්‍රයා මම

එල කිරි ශක්‍රයා අංකල් - ප්ලේන්ටි බොමු කාල දොදොල්
ඔයාගේ පුත් වයිමා මල්ලි - මිනිහා අපෙ හොඳ ගජයා

ඇයි අංකල් හිටපු ගමන් - ආවේ කුකුළා අතේ අරන්
ප්‍රශ්න මෙහේ නෑනේ ඉතින් - යන්න වෙන්නේ හිස්ම අතින්

කරවිල කෑවලු පවුලක් - කන්න දෙයක් නැතුව දිනක්
මොකටද පුත මෙහෙම රටක් - උණුවුනි පඬුපුල් අසුනත්

පිස්සුද ශක්‍රයා අංකල් - කවුද කිව්වේ ඔය මැන්ටල්
ෆැමිලි චැනල් නිව්ස් වලත් - තිබුනේ නෑනේ එහෙම එකක්


හදා ගන්න බැරුව පුතෙක් - පැන්නලු ලිඳකට අම්මෙක්
ඇහුන වෙලේ ඒ පුවතත් - දෙව් ලොව සැප එපා මටත්
පුතේ තවත් අම්ම කෙනෙක් - දැම්මලු ගඟකට ළමයෙක්
හදාගන්න නෑ විදිහක් - ඉතින් කොහෙද මෙලොව සැපක්

ඉස්කෝලෙට සපත්තුවක් - නැතිව හිටපු තවත් දුවෙක්
කෑවලු වස ගෙඩි වගයක් - අයියෝ සුන්දර දිවියක්
පුතේ තවත් එක පවුලක් - හදාගන්න බැරුව පැලක්
ඉන්නවාලු ඇතුලේ ගලක් - නැද්ද උඹට දැනුනේ දුකක්

පාසල් යන මල් කැකුළු - වනසනවා දන සළෙලු
සියක් ගණන් දැරියන් මෙහෙ - මව් පදවිය ලැබුවාලු

ඉස්කෝලේ පාඩම් පොත - වෙනුවට පුත තබනවා අත
දරු උපතක් වළකන්නට - හැකිවෙන ඒ බෙහෙත් පෙත්ත

රජරට පෙර රට කරවූ - වකුගඩු දෙක නරක් නොවූ
කෙනක් හොයා පෙන්නුවොතින් - දහස් ගණන් දෙමි පඬුරු
රෝගෙන් නොමැරී හිටියොත් - හොඳ වතුරම ඉල්ලූවොත්
වෙඩි තියලා දානවාලු - පාසල් යන පොඩි කොල්ලොත්

අංකල් මට ඔන්න මල  - ජිනීවා යන අතරමග
ඉඳල ආව ගමනක්ද - ඔයා අපේ හතුරෙක්ද 
ලෝකේ සන්තෝසයෙන් - ඉන්නම මිනිහා අපෙන්
ආර්ථිකේ වර්දනෙත් - යයි ඉහලට රිටක් මෙන්

අංකල් ඔය කිව්වට - කැම්පස් යන කෙල්ලට
කන්‍යාභාවය තිබේද - බලන ලෝකේ රට අප
මොකටද පොඩි කෙල්ලෝ අපිට -  සුද්දියෝ ඇත ඕවට 

ඔයාව අපේ රට වට - ගෙනියමි රවුමක් හෙට
ඔයාට ඔය බොරු කිව්වේ - අංකල් මංගලමද ?

දියත උයනේ ගිහිල්ලා - වෝක් එකක් දමාලා 
වතුර මලත් බලාලා - පාක් එකේ සෙට් වෙලා 
කොල්ලුපිටියේ ගිහිල්ලා - මෙහෙ ලස්සන බලාලා 

තව අවුරුදු දහයකින් - එන්නට හැකිනම් ඉතින් 
හම්බන්තොට එක්ක ගිහින් - පෙන්නමි සුර පුර මිහින්
ඒ වුනාට මේ අහන් - අහනු එපා බොරු වදන් 
රට ගැන හරි දේ දකින්න - බලන්න ෆැමිලියෙ චැනල් 












Friday, January 31, 2014

ලොකු දෝණී



"කොහෙන්ද උඹට පෝන් එකක් ...ඇත්ත කියාපන් ....."

"මගේ යාලුවෙක් තාත්තේ දුන්නේ ..."

"කවුද යකෝ මේ ගමේ හතරමහා නිධානෙ පහලවෙච්ච මං නොදන්න උඹේ යාලුවා .......ලොක්කියේ ඇත්ත කියාපන් ...මගේ යකා අවුස්සන්නේ නැතුව......."

"යාලුවෙක් යාලුවෙක් යාලුවෙක්....කිව්වට තාත්තා දන්නේ නෑනේ... මැහුම් පන්තියට එන යාලුවෙක්..."

"තාත්තේ ඕක අක්කට ජනක අයියා දුන්නේ ...."

"යනවා පොඩ්ඩි  යන්න මෙතන දන්නේ නැතිදෙවල් වලට හොට දාන්නේ නැතුව...."

"කවුද පොඩි පුතේ ජනක අයියා කියන්නේ....."

"අර හැමදාම මෙතනින් බයිසිකලේ යන්නේ ...තාත්තේ ....ඒ අයියා හරි හොඳයි තාත්තේ ..මට හැමදාම මුරුක්කු ගෙනත් දෙනවා .......අක්කට ෆෝන් එක දෙද්දී මට චොක්ලට් එකකුත් දුන්නා .....මේ එකේ තිබ්බ ස්ටිකරේ ..."

තාමත් අවුරුදු හතක පමණ වූ කුඩා දියණිය ගිරවියක මෙන් කියවද්දී   රත්නසේන බාස් ගේ කන්දෙකෙන් ගින්දර පිටවෙන්නාක් මෙන් විය . 

බුදු පින්තූරයට පහලින් එල්ලා ඇති තම බිරිඳගේ පින්තූරය දෙස රත්නසේනට බැලුනේ ඉබේටමය.. 

"අයි හත් දෙයියනේ ඔයාට මං ඔච්චර එපා කියද්දීත් මේ ගමන ගියේ..අවුරුදු තුනක් කියන්නේ සුළුපටු කාලයක්ද..? මේ ලමිස්සියෝ දෙන්නෙක් එක්ක මම මේවා කොහොම කරන්නද.....?"

මීට මාස හතකට පමණ පෙර යස ඉසුරු සොයා තම දැඩි විරුද්ධත්වය මැද්දේ විදේශ ගත වූ තම බිරිඳ කෙරෙහි ඔහු තුල ඇතිවූයේ කෝපයකි..

"මෙහෙ දීපිය ඔය බඩ කඩුත්තුව ...."

*******

දිනකට හත් අට සැරයක් තම ගේ ඉදිරිපස පාරෙන ට්‍රේල් වර්ගයේ යතුරුපැදියක් සැර දමමින් යන තරුණයා රත්නසේන බාස්ට හොඳටම මතකය......

"කවුද නිමල් මේ පෝරිසාදයා .....අරෙහෙ ලොකු කෙල්ල විභාගෙට පාඩම් කරනවා ......දැන් හතර සැරයක් විතර මෙතනින් ගියා ..මහා සද්දෙට...."

වට පිට බැලූ නිමල් රත්නසේන බාස් වෙත ලං වූයේ රහසක් කියන්ට මෙනි......

"බාසුන්නැහැ ...ඔය තමයි අර ජනක කියන එකා ....අර කුඩු අබ්දුල්ගේ ගෝලයා.....ඔන්න ඔහේ යන දිල්ලියක ගියාවේ නිකං ඕකුන් එක්ක පැටලෙන්න යන්න එපා ...මහා තිරිසන්නු....." 

ගේ ඉදිරිපිට පාර අද්දරට වන්නට ඇති වඩු මඩුවේදී තම ගෝලයා වන නිමල් සමග මීට මාස කීපයකට පෙර ඇතිවූ දෙබස රත්නසේනට මතකයට නැගෙන්නට විය........
එදා ඔය කියන බයිසිකලේ සද්දෙට පාරේ යනවිට නිකමට ගේ දිහා බලද්දී ලොක්කි ජනෙල් තිරය පහත දමා ජනේලය ලඟින් මෑත් වෙන හැටි දුටුවිට ඒ පිලිබඳ විශේෂ හැගීමක් එවෙලේ ඇති නොවුනත් දැන් රත්නසේන බාස්ට සියල්ල සක් සුදක් සේ පැහැදිලි වන්නට විය . 


*******

"මට තිබුනේ පාරක් දෙකක් ගහලා හරි ගෑනි රට යන එක නවත්තගන්න ....දැන් මොනවා කියල කොරන්නද දෙයියනේ....."

කොහොමටත් ලොක්කි මුරණ්ඩුයි කියලයි .නොගැලපෙන පෙම්හබ වල පැටලෙනවායි  කියලනේ කේන්දරේත්  තිබ්බේ... කේන්දරේ තිබ්බ ඒ කතා ව ඇත්තයි කියලා රත්නසෙනට හිතුනු දෙවැනිවතාව..

විභාගෙට මාස දෙකකට විතර කලින් ඉස්කෝලේම පිරිමි ළමයෙක් එක්ක තිබ්බ සම්බන්දෙ ප්‍රින්සිපල් හාමුදුරුවන්ගේ අතටම අහුවෙච්ච වෙලාවේ ...ප්‍රින්සිපල් හාමුදුරුවෝ රත්නසේනට කියපු දේ තාම ඇහෙන්නා ඇහෙන්නා වගේ ..

"රත්නසේන බාසුන්නහේ ...විභාගේ ළඟ හින්දයි මම මේ සමාව දෙන්නේ...දෙමව්පියෝ වුනාම මීට වඩා වගකීමෙන් ළමයි ගැන හොයලා බලන්න ඕනේ .."

රත්නසේන පියවිලොවට ආවේ ලී ගේට්ටුව ඇරෙන කිරි කිරි සද්දේ ඇහුනු නිසා ...
"කොහෙද උඹ යන්නේ ..."

"මැහුම් ක්ලාස් ....ඇයි...?

"නෑ ඕනේ නෑ .....උඹේ පන්ති යැවිල්ල දැන් ඇති.."

"අනේ තාත්තේ...."

"අනේ පනේ ඕනේ නෑ ...පලයන් ගෙට මම නරක මිනිහ කරගන්නේ නැතුව.....අර රස්තියාදු කාරයා එක්ක රවුං ගහන්න......උඹලා අම්ම හිටියනං උඹව ඇහේ ඉඳන් පට්ට ගහනවා...."

"හහ අම්මා හිටියනං......?"
"අම්ම හිටියනං හොඳයි තමයි.... අම්ම ජනක අයියව දන්නවා......අම්මට රට යන්න ඒජන්සිය හොයලා දුන්නෙත් ජනක අයියා .....හහ්.. අම්ම ආපුවාම බලාගමුකෝ කවුද දිනන්නේ කියලා ......."

ලොක්කි ගස්ස්ගෙන හැරිලා යන හැටි බලන් ඉන්නකොට රත්නසේනගේ ඇස දෙකට කඳුළු උනන්න ගත්තේ නිකම්ම.......රටේ ලෝකේ මිනිස්සු වහෙන් ඔරෝ කියන දේවල්  කනට වැටිලා තිබුනත් ඒ දේවල් වල තමුන් නොදන්නා තව ගොඩක් දේවල් තියෙනද කියන සැකේ රත්නසේනට ආවා .

"ඉතින් අම්ම වගේම නැතා දූ පොඩ්ඩත්....මං උඹට හූනා කියන්නහේ කිව්වා මලේ... උඹ ඒකිගේ පොත්තට රැවටුනා...දැන් ඉතින් බැඳගත්තා නම් බෙරේ ගහපං.... පොට වරද්දගත්තම එන්න විතරක් එපා හතර මායිමේ .."
 ලොකු කෙල්ලගේ ඉස්කෝලේ පලහිලව්ව ආරංචි වෙච්ච දා සමූපෙදී හම්බවෙච්ච අක්කා කියපු කතාව රත්නසෙනට ආයෙත් මතක්වුනා.

ඇත්තටම මල්කාන්තිට තිබුනේ තමුන් වගේ මනුස්සයෙකුට නොගැලපෙන ලස්සනක්ද කියලත් රත්නසෙනට දැන් හිතෙනවා ..

රත්නසේන මල්කාන්තිව බලන්න ගිය පළවෙනි දවසේ ඉඳන්ම මල්කාන්තිව රත්නසේනට බන්දලා දෙන්න මල්කාන්තිගේ අම්මට තිබ්බේ පුදුම හදිසියක් කියලයි ඒ දවස්වල අක්ක නම් කිව්වේ....
"කොහොම හරි අන්තිමට අපේ හරකා කෝම්බයක් කරගහුවා....." අක්කගේ කතාවල තේරුම හොයන්න ඒ දවස්වල උනන්දුවක් නොතිබුනේ තමුන් මල්කාන්තිගේ රූපෙට වහ වැටිච්ච නිසාද කියලත් රත්නසේනට හිතුනා...

අනේ දෙයියනේ......කර කියා ගන්න දෙයක් හිතා ගන්න බැරුව රතන්සේනට තමන්ගේ  ඔලුව තෝන්තු වෙනවා වගේ දැනුනා ...

*******

"පොඩ්ඩියේ ....."

පොඩි දුව පාසල් ඇරී ..නිවසට පැමිණෙනු දුටු රත්නසේන වෙනදා පුරුද්දට මෙන් ඇයට ඇමතුවේය....

"තාත්තේ......"

ඇගේ දත්වලත් උඩු තොලේ හා නහය මැද වියලී ගිය චොකලට් ලාටු තැවරී තිබෙනු දුටු රත්නසෙන සැබවින්ම හිනාවියයුතු වුවත් ......එය දැකීමෙන් ඔහු තුල ඇති වූයේ කුතුහලයකි.

"මෙහාට වරෙන් දුවේ...., මොනවද පුතේ  ඔය මූණ පුරාම ගෑවිලා තියෙන්නේ....?"

"ජනක අයියා මට චොකලට් එකක් දුන්නා .."

"ඒ මොකටද ...?"

"නිකං .....අක්කට මේ පොත ගිහින් දෙන්න කිව්වා ..."

ඇය පෙන්වූ පොත අතට ගත රත්නසේන එහි පිටුවක් නෑර පෙරලා බැලුවේ ලියුමක් දකින අටියෙනි. නමුත් එතුල කිසිවක් නොවීය.....

"හා දීපංකො එහෙමනං " කියා පොඩ්ඩි දෙසට පොත දිගු කල රත්නසේන....

"පොඩ්ඩක් හිටපං....කියා නැවත පොත පෙරලන්නට විය .....එකින් එක පිටු පෙරලන විට එකට අලවා තිබූ පිටු දෙකක් අතර තිබූ ලියුම දුටුවේය.

හාහ් මුන්ගේ ගොරක මදි අපිව තම්බන්න .."

"හත් දෙයියනේ..........."

                            "ආදර නිමන්ති..!
                        
                              ඔයාගේ තාත්තා ඉන්නකං අපි දෙන්නට මෙහෙම දුරින් ඉන්න තමයි වෙන්නේ 
                              ඔයාගේ තාත්තාට ගේමක් දෙන එක මට මහා දෙයක් නෙවෙයි ..ඒත් ඒකට ඔයා 
                              අකමැති නිසා....දැන් අපිට කරන්න ඉතුරුවෙලා තියෙන්නේ එක දෙයයි.

                               තාත්තා පොඩ්ඩක් එහෙමෙහෙ වෙනකං ඉඳලා ඔයා කෙලින්ම දුවන්න 
                               පොලිසියට. ගිහින් කියන්න ,තාත්තා ඔයාට හැමදාම අතවර කරන්න හදනවා
                                ..ඔයා මේ බේරිලා පැනලා එන ගමන් කියලා. අම්මත් රට නිසාත් 
                                 ගෙදර වෙන ගෑනු අය නැති නිසාත් පොලිසිය 
                               ෂුවර් එකටම ඕක විශ්වාස කරනවා. ඔයා චාන්ස් එක ආපු ගමන් යන්න 
                                 යද්දී තීන්ත කඩේ ජයනාත්ට පණිවිඩේ දීගෙන යන්න. 
                                මම එන්නම් පොලිසිය ගාවට , පොලිසියේදී වෙන්න ඕන ටික අබ්දුල් අයියා කරයි .
                              
                                 ජනක 

 රතන්සේනගේ කඳුළු පිරුණු දෑසට  නැවතත් පෙනුනේ  බුදු පින්තූරෙට පහලින් එල්ලා ඇති තම රූමත් බිරිඳගේ ඡායාරූපයයි.....

Monday, January 27, 2014

ඔබද ලක්ෂපති මමද ලක්ෂපති


"ආයුබෝවන් මිත්‍රවරුනි ....අප  සමග එක්වී සිටින සැමට සුබම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අපි ආරම්භ කරමු "ඔබද ලක්ෂපති මමද ලක්ෂපති සීසන් තුන"

"ඔව් අද ඔබ හමුවේ ලක්ෂයේ කිරුල හඹා යන්නේ ...." ජහමනයා "

"ඔව් අපි කතා කරමු ...ඔබට මේ තරඟයේ ජයක් ලබාගන්නට පුලුවන් යැයි විශ්වාසයක් තිබෙනවද ..?"

"ඇත්තෙන්ම මම හිතනවා මට ජයග්‍රහණය කරායන්න හැකියාව තිබෙනවා කියලා මොකද මම පුංචිම කාලේ බිව්වේ "පීඩියා ප්‍රෝ"...එක නිසා අනිත් යට වඩා මගේ මොලේ වැඩියි කියලා හැමෝම කිව්වා. මට පූසව සිංහයා කරන්නත් හාවව සීබ්‍රා කරන්න පුළුවන් වුනෙත් ඊට පස්සේ ......"
"ඊට පස්සේ ටිකක් ලොකු වුනාම මම බිව්වේ ඇනිලීන්, ඒක නිසා සංගාගේ ඇට කැඩුනත් මගේ ඇට නියමෙට වැඩ "

"ඔබ සමග මෙතනට පැමිණියේ කවුරුන් සමගද ?"

"මං ආවේ දෙදාස් පන්සීයෙන් ජීවත් වෙන අපේ අප පව්ලේ හතර දෙනා සමග "

"හොඳයි ..මේ ලක්ෂයේ ජයග්‍රහණය ලැබුනොත් ඔබේ බලාපොරොත්තුව කුමක්ද ...."

"මාසෙට දෙදාස් පන්සීය ගානේ වියදම් කරලා හැකිතරම් කාලයක් නොමැරී ජීවත් වීම"

"හොඳයි එහෙනම් මිත්‍ර වරුනි අපි ආරම්භ කරමු "
මුලින්ම මම තීරණය කළා ඔබේ දේශපාලන දැනුම පරීක්ෂා කරන්න .......අපි පටන් ගමු
"ඔබද ලක්ෂපති මමද ලක්ෂපති "


** ලංකාවේ විදේශ ඇමති                          = සජින් වාස්

** කාන්තා කටයුතු ඇමති                          = වෙල්ගම

** ලංකාවේ විපක්ෂ නායක                        = අනුර කුමාර

** එක්සත් ජාතික පක්ෂයේ නායකයා        = රංජන් රාමනායක

** ආණ්ඩු පක්ෂය සමන්විත වන්නේ          = අලියන් හා නිලියන් ගෙන්

** දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීමට කුමක් කල යුතුද ? = කාන්තාවන් නිලියන් කල යුතුය.

** විපක්ෂයක ප්‍රධාන කාර්‍යභාරය වන්නේ   = කෙසේ හෝ නායකයා එලවා දැමීම

**ශක්තිමත් විපක්ෂයකට අවශ්‍ය වන්නේ    =  කුරුඳු පොලු



"මේ ..මේ.... සහෝදරයා ඇත්තෙන්ම මේ පිළිතුරු ........................"

"හරියටම හරි නේද ....? එක තමයි මං දන්නවා මම මේ තරඟය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බව මොකද මාව එව්වේ "තාරුණ්‍යට හෙටක් "එකෙන් ..ලොකු බේබි මට කිව්වා මම අනිවා දිනනවා කියලා . එතුමා කිව්වනම් මොනවද නොවෙන්නේ නේද?"

"ආ....ඔව් ඔව් අපි ඊළඟ ප්‍රශ්න වටයට යමු. මෙහිදී ඔබේ ක්‍රීඩා දැනුම තමයි පරීක්ෂා කෙරෙන්නේ "



** ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව                                   =       කැසිනෝ

** ලංකාවේ දක්ෂතම රගර් ක්‍රීඩකයා                        =       යෝෂිත

** ලංකාවේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා                      =         රමිත

** ලංකාවේ ජාතික ක්‍රීඩාව                                      =        නයිට් රේස්


ඔව්


"දෙයියනේ ඔබේ දැනුම අති විශිෂ්ටයි ...... තුන්වනිවටයට යමු ආර්ථික හා සාමාජයීය ප්‍රශ්න වටය .. මෙහිදී ඔබට උපකාරක අවස්ථා දෙකක් හිමි වෙනවා .....එකක් ......."

"මේ හලෝ මම දන්නවා ..අනික මට ඕනෙනම් අවස්ථා තිබුනත් නැතත් මම උපකාරේ ගන්නවා පඬියා නොවී ප්‍රශ්න ටික අහනවද ....?"



** ශ්‍රීලංකාවේ විදුලි බල අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සැපයෙන්නේ  =  මාෆියාවෙන්

** රිය අනතුරු අවම කරගැනීමට ගන්නා පියවරක් වන්නේ =  දවල්ට හෙඩ් ලයිට් දමාගෙන යාම

** සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ කවුද? = ඔය ඉතින් ප්‍රශ්නේ වැරදිනේ ..නිල බලකායේ නිර්මාතෘ - නාමල්

** ලෝක සිතියමේ වෙනත් රටවල් පහක් නම් කරන්න  = 1. චීනය
                                                                                        2. චීනය
                                                                                        3. චීනය
                                                                                        4. චීනය
                                                                                        5. චීනය

** ලංකාවට වැඩිම බදු ආදායම ලැබෙන්නේ                 = හෙරොයින් වලින් හෝ එතනෝල් වලින්  ම්ම්ම් මම .....ආසක් දී ඕඩියන්ස් අවස්තාව ලබාගන්නවා .......................................................................................................................කාටවත් හිතාගන්න බැරිලු අනිත් එක අහනවා ....

** ලංකාවේ ලාභදායීම වාහනය                                    =          ලැම්බෝගිනි

** අමද්‍යප ව්‍යාපාරයේ පියා                      = දුමින්ද සිල්වා , ජොන්ස්ටන් හෝ ලක්ෂ්මන් වසන්ත  ...මේකට මම කෝල් අ ෆ්‍රෙන්ඩ් අවස්තාව ලබාගන්නවා
 ඒක හරියන්නෙත් නෑ ..මැතිවරණ නීති උල්ලංඝනය වෙන නිසා කාටවත් උත්තර දෙන්න විදිහක් නෑ

** ලංකාවේ ජාතික ගීය                              = සහේලි ගයනාකරන ඕනෑම ගීතයක්

** ජාතියේ පියා                                         = ජේම්ස් පැකර්

** ජාතික වෘක්ෂය                                     = අරලිය ගහ මන්දි....... නාහ් ...හප්  අරලිය ගහ

** ජාතික සත්වයා                                     =  සුදු කැස්බෑවා

"ඔබ....ගේ .....දක්ෂතාවය හිතාගන්නත් බෑ.... මට කලන්තේ වගේ "..................දඩස්.........



Thursday, January 23, 2014

ඔක්කොම ඉවරයි


"මොකද සර් අප්සෙට් එකෙන් වගේ "

 "අයිසේ මම ඉවරයි අයිසේ ....අයියෝ සුමනයවත් මේක කලින් දැක්කේ නෑනේ අම්මපා අඩු ගානේ අර     ශිෂ්‍යත්ව කොල්ලවත් මේක මට කිව්වේ නෑනේ ..."

"මොකක්ද සර් අවුල ......ඇයි අගමැති තුමා අස්වෙනවද ...?

" පිස්සුද මනුස්සයෝ දැන් කියලා ඉතින් වෙනසක් තියෙනවද ..? හිටියත් නෑ වගේනේ ..."

" හරි මම හිතුවා ...කෙහෙළිය ඇමති තුමා අස් වෙනවලු නේද....?

"ඔල්මාදෙද අයිසේ .......මිනිහා මලත් ජනමාධ්‍ය ඇමති කම දාලා යන්නේ නෑ... මටත් වෙලාවකට හිතෙනවා ඕයි මේක නැතුව ජන මාධ්‍ය ඇමතිකම තිබ්බනං කියලා "

"එහෙනම් සර් තව කුඩු කන්ටේනරයක් අල්ලලද ...."

"හැක් හැක් හැක් ......ඔලුගෙඩිය , ඔය අහුවෙච්ච එක පෙන්න පෙන්න තව කීයක් ඇතුලට ගෙනාවා කියලද තමුසේ හිතන්නේ....බැරිම වුනොත් කරන්න තියෙන්නේ අර එතනෝල් ගෙන්වීම නීතිගත කරා වගේ මේකත් නීතිගත කරන එකනේ අයිසේ ...අනේ තමුසෙලා වගේ උපදේශකයෝ......."

"එහෙනං එස්.බී. යයි වගේද සර්..."

"ආ මිනිහා ඉන්නවද...? මිනිහ කැසිනෝ ගැහුවා කියලා කිව්වට පස්සේ ලඟදි ආතල් එකක් දුන්නෙත් නැති නිසා මාත් බැලුව මොකද කියල "

"කේ.පී ගේ ප්‍රශ්නයක්ද සර්."

"මිනිහට දැන් මගෙන් විතරයි අයිසේ පිහිටක් තියෙන්නේ..මිනිහ කියන්නේ මිනිහට ප්‍රභාට කලින් මාව හම්බ වුනානම් කියලා ....."

" එහෙනම් සර් බන්දුල ....."

"අයිසේ මිනිහනම් අදහන්න වටිනා පොරක් අයිසේ ....බලනවා මිනිහා නිසා අපි කොච්චර ප්‍රශ්න වලින් ගැලවෙන්වද කියලා ...දෙදාස් පන්සීයෙන් හතරදෙනෙක් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියපු එකම මදැයි ඔයි....අපි එකෙන් මාසයක් විතර මීඩියා ටික ඇදගෙන ගියානේ ...දැන් බලනවා ඔය ශිෂ්‍යත්ව කතාව වුනත් ..."

"විමල් ඇමති තුමාගෙන් නම් වරදක් වෙන්න විදිහක් නෑ නේද සර්...මිනිහා සර් කියන දේට පිටින් මුකුත් කියන්නේ නෑනේ.....?"

"හ්ම්ම්...එත් මිනිහා මේ දවස වල හුලාගේ නෙත්තියත් එක්ක පැටලෙන්න යනවනේ ....උසේ හැටියටද වැඩ "

"එහෙනං සර් මොකක්ද ප්‍රශ්නේ...බඩුමිල වැඩියි කියනවද ...?

"හෙක් හෙක් හෙක් මිනිස්සුන්ට බඩුමිල ගානක් නෑ ඕයි මේදවස්වල ..? මිනිස්සු කනවට බොනවට වඩා කරන්නේ මංගල සමරවීරගේ කොල්ලට මොකද වුනේ  කියලා හොයන එක  ...."

"එහෙනම් සර් විපක්ෂ නායක තුමා ආණ්ඩුව පෙරලන්නවත් ගේමක් ගහනවද?

"අයිසේ මේ පොඩ්ඩක් ලඟට එනවකො........"

"ඇයි සර්....."

"කවුද ඕයි මේ රටේ විපක්ෂ නායක......"

"අයි සර් රනිල්නේ ..අර හිටපු ගමන් ඇවිත් කෝපි බීලා යන කොන්ඩේ සුදු පොර..."

"ඔව්නේ යකෝ ..මම මෙච්චර දවසක් හිතන් හිටියේ මිනිහා එංගලන්තේ විපක්ෂ නායක කියලා ..."

"සර් ගණන් ගන්න එපා සර් ඕවට ඉතින් සර් මොනා කරන්නද? "

"මොනවටද?"

"සර් මේ කම්පනා කරන්නේ නොරොච්චෝලේ ආයේ කැඩිච්ච එකනේ ..."

"ඉට්ට .....ඒක කවද්ද ඕයි වැඩකරේ ...හාහ් අන්න බලනවා මේ සැරේ දුන්නේ ගේම රන්දෙනිගල රන්ටඹේ ..කැලණිතිස්ස ඔක්කොම හිටින්න...."

"දැන්නේ සර් මීටර් වුනේ  සර් බයේ ඉන්නේ ජිනීවා කේස් එකට නේද ?

"හෙහ් හෙහ් හෙහ් .....හිනා වෙලා චූ යන්නත් ආවා ඕයි.....ඡන්ද දෙක දිනාගන්න ඔයිට වඩා දෙයක් තියෙනවද අයිසේ. ඕවට තමයි අයිසේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියන්නේ ...අපිට ඡන්ද අරන්දෙන කුමන්ත්‍රණ හැක හැක හැක ........"

"අනේ මන්දා සර් මටනම් තේරෙන්නේ නෑ ...අර ගෘහ සේවිකාවෝ ඩුබායි අරින ප්‍රශ්නේ වත්ද ?"

"තමුසෙලාටත් පෙන්නේ ඔය ගෑනියෙක් දෙන්නෙක් රටයන එක තමයි . ඇයි අයිසේ බලනවකො රට පුරා ඇවිදලා දැන් මෙහෙ බදාම අනන්නෙත් චීන්නුනේ ...අපේ කොල්ලෝ ක්ලබ් ගිහින් නයිට් රේස් බලලා මත්තලින් කටුනායක එන අපූරුව චීන්නු අපේ රටේ පාරවල් වල තාර දාද්දි "

අනේ මන්දා සර් මට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ ...."

"නැතුව ...යමක් කමක් තේරෙන එවුන් නම් මම තමුසෙලාව උපදේශකයෝ කියලා බඳවා ගන්නවයි ...
මෙන්න බලනවා නිව්ස් එක වාසු සන්ධානයෙන් වෙන් වෙයි ? දැන් ඉතින් කොයි වෙලේ ආණ්ඩුව වැටෙයිද  දන්නේ නෑ ඕයි