" සමාරා බෝඩිමටද යන්නේ "
"ඔව් සර්"
" මම ඩ්‍රොප් කරන්නං, නගින්න "
" ම්ම්ම්ම්....මේ.... මම බස් එකේ එන්නං සර් "
" මම ගිලින්නේ නෑ ළමයෝ , එන්න නගින්න , හා හා පිටිපස්සෙන් බෑ, මට ඩ්‍රයිවර් වෙන්න බෑ , ඉස්සරහට එන්න ඉස්සරහට " ඒ දෙබස් ටික නම් හැම නවකතා , කෙටිකතා , චිත්‍රපටි , ටෙලිනාට්‍ය ,චිත්‍රකතා , වේදිකා ආ නෑ වේදිකා නාට්‍ය වලනං එහෙම දෙබසක් ඇහිලා නෑ තමා . එත් තියෙනවද කවුද දන්නේ , මොකෝ හැමදාම වේදිකා නාට්‍ය බලන එකක්යැ. කොහොම වුන ත්සමාරා ඉස්සරහ සීට් එකේ තියාගෙන රවුමක් යන්න තියෙනවනම් ඒ මදැයි .
"සර්".................... "සර්"....................."සර්"
" ඔහ් .. ඇයි සමාරා ...'
"ඇයි සර් යන්නේ නැත්තේ .. අර පිටිපස්සේ වාහන හිරවෙලා ..හෝන් ගහනවා "
ඒ එක්කම ඉස්සර කරපු පොඩි මරුටි කාර් එකක හිටපු තරුණ රියදුරා පැති වීදුරුව පහතට කරලා කටපුරා කුනුහරුපයක් කිව්වා. ඉරිසියා කාරයා , කවුද දන්නේ සමාරා ට බැල්ම දාන කුපාඩියෙක්ද කියලා , මදාරා වම් අතින් කට වහගත්තේ ආපු හිනාව නවත්තගන්න ,ඇඟිලි වල නියපොතු පාට කරලා , ඇඟිලි හතරක රතුපාටින් එකක් විතරක් අළු පාටින්
"සර් යමු ... දැන් පිටිපස්සේ ඉන්න එවුන් ගහයි ඇවිත්"
තව එකෙක් ඉස්සර කරලා කුනුහරුපයක් කිව්වා , යකෝ මරුටි කාරයොන්ටමනේ තදියම , දැනගනියව් මේක මොන්ටෙරෝ එකක් හරිද
වෙනදා නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව ප්‍රතිචාර දක්වන මට අද කේන්තියක් හිත අහලකටවත් ආවී නැති එක ගැන පුදුමයක් දැනුනෙත් නෑ. සිගනල් එක දාලා හෙමීට පාරට ගත්ත මට නම් කිසිම හදිසියක් තිබ්බේ නෑ.