Sunday, May 16, 2021

අයියා

 



"ගැහුව නේද පොඩි එකාට, උඹට මම...." 


"ඌයි.........."

අම්මා අයියාගේ කන මිරිකන විදිහ දැක්කම මට හිනත් යනවා.

ඒත් රිදුනා වගේ ඉන්න එකෙන් අයියට තව ටිකක් බන්නවන්න පුලුවන් නිසාමයි එහෙම හිටියෙ.


"දන්නැති දෙයක් ඇහුවම කියල දෙන්න පුතේ" ඒ පාරනං අම්මටත් දුක හිතිලා වගේ ඒ හෝතඹුවා ගැන. 


"අහන්න නෙවේනෙ, එයා මගෙ මේසෙ උඩ තියෙන ඒවා අදිනවනෙ".


ඉතිං පුතේ ඔය කොරල් කෑලි ඕන තරං හොයාගන්න බැරියැ"


ඉතිං එයාටත් හොයාගන්න පුලුවන් නෙ එහෙනං." 


""එයා තාම පොඩියිනෙ ඉතිං "


හැමදාම එතනින් කතාව ඉවර කරන්නෙ අයියා


"එයා කොහෙද පොඩි, මට වඩා අවුරුද්දයි බාල."

කියලා කියපු එකම දවසේ


"උඹෙත් දැං කට ඕනවට වැඩියි," කියලා අම්මගෙන් තව පාරක් කාපු එක මතක නිසා වෙන්න ඕන.


                   

Wednesday, April 26, 2017

එන්න එලියට දොර ඇරන්..





කසුන් කල්හාර කියන සින්දුවක් තියෙනවා එන්න එලියට සොඳුර දැන්  කියල පටන් ගන්න . මේ සින්දුවේ " එන්න එලියට සොඳුර දැන්  " කියන කොටස අහනකොට ඒ වචන පේලිය සම්බන්ධ කතාවක් මතක් වුනා . සින්දුව වගේම හරිම රෝමාන්තිකයි අම්මප , නැද්ද හා...

ෆයිනල් ඉයර් ඉන්නකොට සෙනසුරාදා උදේ ලෙක්චර් එකක් තිබ්බ(ලු) , එක කරන්නේ විසිටින් ලෙක්චරර් කෙනක්(ලු) , එත් ඉතින් ඒ ලේච්චරයවත් ,ලෙක්චර් එකවත් කවදාවත් අපි දැකලවත් අහලවත් නෑ, මොකද සිකුරාදා හවස් වෙනකොට කැන්ටින් කෑම එක පිදුරුවගේ පේන්න ගන්න නිසා , ඉතින් ඒ නිසාම අපි මාරු සිකුරාදා හවසට , සිකුරාදා හවස බස් එකට මායි ,ජිල්බුවයි දෙන්නා දුවන්නේ ගෙදර යන්න , නුවරින් පහමාරට අද්දන බස් එක අල්ලගන්න ඉතිං සිකුරාදා අන්තිම ලෙක්චර් එකත් කට කරන්න වෙනවා  , නැත්තං ඉතිං හතර හමාරට පේරාදෙණියෙන් ගියොත් පහමාරට නුවර ගුඩ්ෂෙඩ් එකට යන්න ජෙට් එකක් අරං යන්න වෙනවා , එත් ඉතිං ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා එකෙක් ඇමරිකාවේ ජනාධිපති වෙනවය , උගේ බෑනා වුනොත් එහම ජෙට් එකකින් යන්න පුළුවන්ය කියලවත් ඒ කාලේ දැනගෙන උන්නේ නෑනේ . අනික ට්‍රම්ප් ලොක්කා අපිව දන්නෙත් නෑ, දන්නවනම් කොහොම හරි බෑනා කරගෙන ජෙට් එකක් දෙනවා නුවරට යන්න

Wednesday, April 19, 2017

බුලත් විට


" සමාරා  බෝඩිමටද යන්නේ "

"ඔව් සර්"

" මම ඩ්‍රොප් කරන්නං, නගින්න "

" ම්ම්ම්ම්....මේ.... මම බස් එකේ එන්නං සර් "

" මම ගිලින්නේ නෑ ළමයෝ , එන්න නගින්න ,  හා හා පිටිපස්සෙන් බෑ, මට ඩ්‍රයිවර් වෙන්න බෑ , ඉස්සරහට එන්න ඉස්සරහට " ඒ දෙබස් ටික නම් හැම නවකතා , කෙටිකතා , චිත්‍රපටි , ටෙලිනාට්‍ය ,චිත්‍රකතා , වේදිකා ආ නෑ වේදිකා නාට්‍ය වලනං එහෙම දෙබසක් ඇහිලා නෑ තමා . එත් තියෙනවද කවුද දන්නේ , මොකෝ හැමදාම වේදිකා නාට්‍ය බලන එකක්යැ. කොහොම වුන ත්සමාරා  ඉස්සරහ සීට් එකේ තියාගෙන රවුමක් යන්න තියෙනවනම් ඒ මදැයි .

"සර්".................... "සර්"....................."සර්"

" ඔහ් .. ඇයි සමාරා  ...'

"ඇයි සර් යන්නේ නැත්තේ .. අර පිටිපස්සේ වාහන හිරවෙලා ..හෝන් ගහනවා "

ඒ  එක්කම ඉස්සර කරපු පොඩි මරුටි කාර් එකක හිටපු තරුණ රියදුරා පැති වීදුරුව පහතට කරලා කටපුරා කුනුහරුපයක් කිව්වා. ඉරිසියා කාරයා , කවුද දන්නේ සමාරා ට බැල්ම දාන කුපාඩියෙක්ද කියලා , මදාරා වම් අතින් කට වහගත්තේ ආපු හිනාව නවත්තගන්න  ,ඇඟිලි වල නියපොතු පාට කරලා , ඇඟිලි හතරක රතුපාටින් එකක් විතරක් අළු පාටින්

"සර් යමු ... දැන් පිටිපස්සේ ඉන්න එවුන් ගහයි ඇවිත්"

තව එකෙක් ඉස්සර කරලා කුනුහරුපයක් කිව්වා , යකෝ මරුටි කාරයොන්ටමනේ  තදියම , දැනගනියව් මේක මොන්ටෙරෝ එකක් හරිද
 වෙනදා  නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව ප්‍රතිචාර දක්වන මට අද කේන්තියක් හිත අහලකටවත් ආවී නැති එක ගැන පුදුමයක් දැනුනෙත් නෑ. සිගනල්  එක දාලා හෙමීට පාරට ගත්ත මට නම් කිසිම හදිසියක් තිබ්බේ නෑ.

Thursday, April 7, 2016

බස්සිට බනිමු දිනේෂ්ට නෙලමු



දෙසැම්බර් මාසේ අර බට කොස්සි පොතක් එලි දක්වුවනේ , එකට කිව්වේ ඉතා කෙටි කලබල සිහින කියල . ඉතිං ඔය පොතට බනින්න අගනා අවසථාවක් ඇවිත් තියෙනවා . මේ සිකුරාදා ඒ කියන්නේ හෙට අප්‍රේල් අටවෙනිදා හවස හතරට පුවත්පත් මණ්ඩලේදි ,

Monday, March 28, 2016

මධුර වසන්තේ සතර දිගන්තේ පරණේ






මධුර වසන්තේ සතර දිගන්තේ...
මධුර වසන්තේ සතර දිගන්තේ.....
මොණර මොණරියන් රඟදේන , මධුර වසන්තේ.....
කිඳුරු කිඳුරියන් නැලවෙන කුමර කුමරියන් හමුවන මධුර වසන්තේ.....
මධුර මධුර මධුර මධුර මධුර මධුර වසන්තේ.....

Tuesday, March 8, 2016

මේ අපේ උදාර වූ මාතෘ භූමියයි





- ප්‍රහසනයෙන් තොර දිනය නාස්ති වූ දිනයකි


මෙසේ කියා ඇත්තේ එදා මෙදා තුර ලෝකයේ බිහිවූ විශිෂ්ටතම ප්‍රහසන ශිල්පියා වුනු චාලි චැප්ලින්ය .

නමුත් ශ්‍රී ලාංකිකයින් හැටියට අප කිසිවෙකුගේ දිනයක් නාස්ති වූ දිනයක් ලෙසට ගෙවෙන්නේ නැති බව මහත් අභිමානයෙන් කියා සිටීමට හැකියාව ඇත. 
නිදහසින් පසු සත්වන දශකය ගෙවා දමමින් සිටින අපි ඒ පිළිබඳව නිහතමානීව ආඩම්බර විය යුතුමය. 

Monday, February 29, 2016

ආයේ එන්න




මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසින් රචිත මලගිය ඇත්තෝ නවකතාවේ නොරිකෝ සං සහ දෙවෙන්දරා අතර ප්‍රේමය බොහෝ සාහිත්‍ය නිර්මාණ වලට වස්තුබීජයක් වූ බව නම් නොරහසකි .

නවකථාවේ මූලික අදහස අනාවරණය වන්නේ දෙවෙන්දොරා නම් සිංහල චිත්‍රකරුවාත් නොරිකො නම් ජපන් දැරියත් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධය මගිනි.

දෙවෙන්දොරා කලක් මහණවී සිට සිවුරු හැර ගිහි ජීවිතයට ඇතුල් වූ සිංහල කලාකරුවෙකි. ඔහු විදේශ රටවල් බොහෝ ගණනක සංචාරය කළ නමුත් තමා ගේ රුචියට ගැළපෙන සමාජයක් සොයා ගැනීමට නොහැකි වූ කෙනෙකි. අවසානයේ දී ඔහු ටික කලකට ජපන් රටට පැමිණ එහි පදිංචි වෙයි.

Friday, February 26, 2016

කොමාව





"දෙදහයි ."
"බීල එන්න බෑ, ගෙනත් බොන්නත් බෑ. සිකරට් ඇතුලේ බොන්න බෑ"
"රෑ හතට කලින් වතුර පාවිච්චිය නවත්තන්න ඕන , නැත්තං ටැංකිය පිරෙන්නේ නෑ."
"රෑවෙලා ආවට කමක් නෑ, බෙල් ගහන්න එපා හරි , ඔය කාමරේ ඉන්න කාට හරි කතා කරලා ගේට්ටුව ඇරගන්න."

"මගේ කාමරේ කවුද තව ඉන්නේ ?"

"රමේෂ් හරි වේලු හරි නයනජිත් හරි මට මතක නෑ. කොහොමත් ඒ තුන් දෙනා විතරයි මෙහෙ ඉන්නේ
කෝ දෙදහ"