Sunday, April 7, 2013

පලංචියේ අලකලංචිය

        කාලෙකට පස්සේ සයිට් එකේ "සේෆ්ටි මීටිමක්" තිබ්බා, මේකෙදි කම්කරු දෙපාර්තමේන්තුවෙන් ආපු ටයි කෝට් දාපු මහත්තුරු ආරක්ෂා වීමේ වගකීම ගැන අපේ සේවකයන්ට විවිධ දේශනා පැවැත්තුවා, අපරාදේ කියන්න බෑ ඒ ගොල්ලෝ මරු ප්‍රසන්ටේෂන් කීපයකුත් තඩි සුදු තිරයක දාලා පෙන්නුවා, ඒක නියම "ස්ටෑන්ඩඩ්" ප්‍රසන්ටේෂන් එකක් කියලයි ඒ ගොල්ලෝ කිව්වේ, දුක් මහන්සි වෙන කම්කරුවොන්ට ශේක්ස්පියර් ඉංගිරිසි වලින් තමයි ඒ ප්‍රසන්ටේෂන් පෙන්නුවේ,ඒක සිංහලෙන් තේරුම කරලා දුන්න නෝනාත් ඊටත් වඩා බර ඉංගිරිසි වචන දාලා තමයි ඒක පැහැදිලි කලේ, දෙයියන්ගේ පිහිටෙන් අර අහිංසක කම්කරු සහෝදරයෝ ටිකටනම් හොඳටම තේරෙන්න ඇති.

           මෙතෙනදී වැඩියෙන්ම කට්ටිය අවධාරණය කරපු දෙයක් තමයි "සේෆ්ටි බෙල්ට්" දාන්නේ නැතුව පලන්චියකට නගින්නවත් එපා කියපු කතාව, අපේ සේවක මහත්තුරු  අතිදක්ෂ ලෙස  පලංචි වල එල්ලිලා යනහැටි , පලංචි ගහන හැටි, ගලවන හැටි දැකලා ඒ මහත්තුරුන්ට සුළුදිය පහවෙන්න එන්න ඇති මයේ හිතේ,

                මේ "සේෆ්ටි බෙල්ට්" දාලා පලංචි ගහන , ගලවන සහ පලංචි උඩ වැඩකරන හැටි තමයි වැඩිපුරම කලේ " මෙන්න මේක තමයි මේ "සේෆ්ටි බෙල්ට්" එක සහ ඒක පළඳින හැටි.



මේකේ  පිටිපස්සේ තියෙන සුදුයකඩ මුදුවට දාන්න තියෙනවා දිග ලනුවක් එක්ක ගාන්චුවක් , මේ තියෙන්නේ ඒක
මේකේ තනි කොක්ක අර ඇඳුමේ පිටිපස්සේ තියෙන මුදුවේ එල්ලලා අනිත් ගාන්චු දෙක ස්ථාවර තැනක තියෙන බටයකට දා ගත්තම අයෙ බයවෙන්න දෙයක් නෑ බය නැතුව වැඩ කරන්න පුළුවන් මෙන්න මේ වගේ




මේක දාල පලංචි වල වැඩකරනකොට ඇත්තටම බයවෙන්න දෙයක් නෑ, මෙන්න මේ වගේ තැන් වල වැඩ කරනකොට මේක දාගෙන ඉන්න එක ඉතාම හොඳයි,

එතකොට හදිස්සියකදී වැටුනත් මේ පහල පින්තුරේ තියෙනවා වගේ එල්ලෙන හින්දා බිමට නොවැටී බේරෙන්න පුළුවන්,

ඒත් කොච්චර කිව්වත් අපේ එවුන් වැඩ කරන්නෙම මෙහෙම


ඉතිං මේ ටයිමහත්තුරු ඔස්තාර්ලා වගේ ටෝක් දෙනකොට අපිත් කොරවෙලා අහගෙන හිටියා, දැන් මේ මහත්තුරු නෝනලාට ඕන උනා, මේක ප්‍රැක්ටිකල් කරලා පෙන්නන්න අපේ සේවක මහත්තුරුන්ට ,
ඉතිං එ ගොල්ලන්ම තෝරාගත්තා සේවක මහත්තුරු කීප දෙනෙක්ව, ගැහුවා පලංචියක් අඩිවිස්සක් විතර උඩට, දැන් මේ මහත්තුරු අර කීපදෙනාව ගයිඩ් කරනවා අපි බලං ඉන්නවා,

" දැන් බාසුන්නැහැ ඔය අතේ තියෙන කොක්ක දාන්න ඔය පලන්චියේ හරස් පොල්ලට "

" මේකටද මහත්තයා"

" ඔව්‍ ඔව්‍ ඕකට තමා"

" ආ ... අන්න හරි , දැන් පනින්න බිමට , බය නැතුව , බය නැතුව."

ටිකක්  වෙලා ඇඹරි ඇඹරී හිටපු අපේ සේවක මහත්තයත් පැන්නා, ඒත් කිසි අවුලක් නැතුව අර පින්තුරේ තිබුනා වගේ බිමට නොවැටී මිනිහා එල්ලිලා ඉන්නවා,

" නියමයි " මහත්තුරුන්ටත් සැටිස් , අපේ මිනිහටත් සැටිස්

"දැන් ඉතිං ඔයාලට බය නැතුව පලංචි ගලවන්න ගහන්න පුළුවන් ලිස්සයි කියලාබයවෙන්න දෙයක් නෑ,"

" හොඳයි දැන් ඔහොමම ඔය පලංචි සෙට් එක ගලවන්න බලන්න "

ගලවන්න පටන් ගත්තා, මෙන්න බොලේ සට පට ගාලා අපේ එවුන් පලංචි ගලව ගලවා බිමට දානවා,

" බුදු අම්මෝ " 

" මොකද මොකද " මෙන්න යකෝ එකෙක් පලංචියක් එක්කම පහලට වැටිලා මල ජූලියයි, කොන්දත් මොකක් හරි වෙලා , මිනිහට නැගිටින්නත් බෑ, 

" මොකක්ද මේ උනේ"

" හත වලාමයි, ෂුවර් වැඩි කමටයි, හදිස්සියටයි, මේකා එල්ලෙන කොක්ක දාලා තියෙන්නේත් ගලවලා බිම දාන පලන්චියටමයි,"
 ඉතිං නිකං වැටෙනවා වගේ දෙගුණයක් වේගෙන් අවා බිමට.

ඉතිං බඩු තිබ්බට වැඩක් නෑ , පාවිච්චි කරන හරි විදිහ දැනගන්න ඕනෑ, නැත්තම් අර ජනගහනය පාලනය කරන්න ලැයිම් වල කොන්ඩම් පාවිච්චි කරන්න කියාදුන්නා වගේ තියෙයි,  ඒ කතාව ඉතිං දන්නවනේ දන්නේ නැත්තම් පස්සේ වෙලාවක කියලා දෙන්නම්

13 comments:

  1. අප්පේ...කොන්ද මොකෝ ඒ අසරණයාගේ???

    ReplyDelete
    Replies
    1. දැන් නම් කොන්ද හොඳයි, ඒත් බර වැඩ බෑ, ඉස්ටෝරුවේ ගෝලයා හැටියට දැම්ම ඊට පස්සේ, ඉන්ෂුරන්ස් එකෙනුත් ගානක් ලැබුණා.

      Delete
  2. හෆොයි
    ඉතින් ඒ මනුස්සයාට දොස් කියලාත් වැඩක් නැහැ ඔක්කොටම කලින් හරියට කියලා දෙන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ, ටයි කෝට් කාරයෝ හිතන්නෙම පව්ඩර් දාගෙන පම්පෝරි ගැහුවාම ඒවා මාර ඉෆෙක්ටිව් කියලයි.

      Delete
  3. මමනං ඕකක් දාගෙන හිටියා සයිට් එකේ ඉන්න කාලේ... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි අපේ සයිට් එකේ තට්ටු 3ක් උඩට ගහපු පලංචි සෙට් එකේ ටවර් ක්‍රේන් එක වැදුනා කියහන්කෝ. තව ඩිංගෙන් එක සෙට් එකක් කෙලින්ම තට්ටු 27ක් බිම! වෙලාවට එකෙක් වත් හිටියේ නෑ පලංචි සෙට් එක උඩ!

      Delete
    2. හුටා , හොඳ වෙලාවට ,සයිට් වල ඔහොම ඒවා අනන්තයි, කොච්චර කිව්වත් වැඩ කරන එවුන්ගේ අවධානය නම් බිංදුවයි, මොකද උනුත් දාහක් ප්‍රශ්න පිට වැඩ කරන එවුන් නේ. ගොඩක් වෙලාවට නොසැලකිල්ල තමයි හේතුව

      Delete
  4. මචං මම දන්න පොරක් දවසක් මම පාරේ යනකොට තට්ටු තුනක් උඩ පිට පැත්ත කපරාදු කරනවා . බිත්තිය අස්සෙන් දාපු පොල් ලි දෙකකට තව දිග පොල්ලි දෙකක් දාගන, බිත්තියට බදාම ගහනකොටත් අර අට්ටාලේ හෙල්ලෙනවා

    දවස් දෙකතුනකට පස්සේ මට පොර හම්බුනා කොටු කොටු වැටෙන තැනකදී

    '' ලොකු අයියේ අර විදිහට උඩ වැඩකරන්ඩ එපා . හරස් පොල්ලක්වත් දාගන්ඩ , හදිස්සියකට අල්ල ගන්ඩවත්''

    '' එතකොට අනිවා බඩු පැකට් මල්ලි, පොල්ල ෂුවර් කරගන ඉදලා , බිමට දෙරිගහනවා''

    උන්ට කියනවට වඩා හොදා බලු පුකක කට අතුල්ල ගන්නවා

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ මචෝ, උඹට කියන්න අපේ වැඩකරන එවුන්ට කියන කියන පාරට උලන්න ගියොත් මචං මේ වෙනකොට බල්ලොන්ගේ පුකවලුත් ගෙවිලා.


      Delete
  5. ඔය සේෆ්ටි ගැජට් නම් හුඟක් අය දාන්නේ බැනුම් අහන්න වෙන නිසා. ඒකෙන් ලැබෙන ආරක්ෂාව ගැන හිතන්නේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. පට්ට ඇත්ත, මිනිස්සුන්ට හෙල්මට් දාන්න කිව්වම අපිට ඔරවන්නේ ,හරියට උන් හෙල්මට් දැම්මම බේරෙන්නේ අපේ ඔලුව කියලා හිතාගෙන.

      Delete
  6. පිස්සු පීකුදු මචං. හිනා වෙලා මලා.

    ReplyDelete
    Replies
    1. හුටා යකෝ , මැරෙන්න එපා, මරන්න ඕන එවුන් ටික මරලා මැරියන්

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]