Saturday, September 7, 2013

එගොඩහ යන්නෝ



"අද ටිකක් පරක්කුත් වුනා ..... දැනටත් කට්ටිය ඇවිත් බලන් ඉන්නවද දන්නේ නෑ "

"කමක් නෑ ඔහේ හිටපුදෙන් , දැන් උන් ඔක්කොටම අර පාලං කාරයොනේ ලොකු වෙලා තියෙන්නේ ...."

"සිරිමතී ආවද දන්නේනෑ ...., කමක් නෑ ආපුදෙන් .....පාලමේ වැඩකරන එවුන්ට කෑම දෙන්න ගත්තට පස්සේ එයත් ගානට වැඩියි දැන්...."

ඉස්සර හැමෝම ආවත් එන්.ජී.ඕ  සල්ලිවලින් වත්තෙම නලළිං ගහගත්තට පස්සෙ පාලුවට ගිය පොදු ළිඳේ  ඉතුරුවෙච්ච දිනපතා ගනුදෙනු කාරයෝන්ගෙන් හැමදාම පළමුවැනියා වෙච්ච රූපසිරි ,ළිංගැට්ට උඩට වෙලා දත් මදින ගමන් කල්පනා කලේ ඒ ටික.

සිරිමතීගේ මනුස්සයා සුගතරත්න ..... නගරසබාවේ කුනුලොරියේ ටැම්පරිය කරද්දී ඇක්සිඩන්ට් වෙලා මැරෙන්න ඉස්සර සුගතයියා හම්බවෙන්න රූපසිරි සිරිමතීලා දිහාවේ යනවා. .......

ටව්මයි ගඟෙන් මෙහා පැත්තේ තිබ්බ සුන්දර පුංචි ගම්මානයයි යාකරන මනුස්සයා තමයි රූපසිරි .......ගමේ හැමෝම රුපසිරිගේ පාරුවෙන් එගොඩ මෙගොඩ යනවා....රූපසිරි මේ රස්සාව බාරගත්තේ පරම්පරාවෙන් වගේ...... රුපසිරිගේ තාත්තා ,සීයා හැමෝම ගමේ කාගේත් ආදරයට ලක්වුණු මිනිස්සු, කවදාවත් ලෙඩක් දුකක් හැදුනත් ගඟ දෙපැත්ත  යාකරන එක පරම්පරාවේ වගකීමක් හැටියටයි රූපසිරි දැක්කේ.

උදේ පාන්දරම පාරුවේ යන කාන්ඩේ පළවෙනියා තමයි සුගතයිය , ඒ වගේම රෑ කළුවර වැටෙද්දී පාරුවෙන් එන අන්තිමයා වෙච්ච සුගතයිය එක්ක ආපහුඑන ගමං ,සිරිමතී උයල දෙන බත් කටක් කාල හෙම ගෙදර යන්නේ ඒ කාලේ.....

ඒ දවස් වල තමුන්ට වඩා දෙතුන් අවුරුද්දක් වැඩිමාල් සිරිමක්ක ......සුගතයියගේ මරණෙන් ටිකදවසකට පස්සේ සිරිමතී ...දැන් සිරිමා .................

සුගතයිය මලාට පස්සේ ,සිරිමතීගේ ඩු පාඩු බලන්න මුලදී රූපසිරි පෙළඹුනේ හැබෑම අනුකම්පාවෙන්, වැඩ අහවර වෙලා යනකොට ඉස්සර වගේම ගෙට ගොඩවෙලා බත්කටක් කාල යනවා, වෙනසකට තිබුනේ හිස් අතින් නොයා හැමදාම පොඩි එකාටයි සිරිමටයි මොනවාහරි දෙයක් එක්ක අඩුම කුඩුම ටිකක් ඇන්න යන එක විතරයි.

සුගතයියා මලාට පස්සේ හම්බවුනු වන්දිය සුගතරත්නගේ කසාද ගෑණි කියාගත්තු ගෑනියෙක් මොනොවදෝ කොළ වගයක් පෙන්නලා කඩා වඩාගෙන යනකං සුගතෙට වෙන ගෑනියෙක් හිටියා කියලා ජීවිතේ වැඩි හරියක් ගඟෙන් එගොඩට ගිහින් නැති ගම්මු  දැනන් හිටියේ නෑ.

"එතකොට සිරිමක්කේ සුගතයියා එක්ක කසාදෙ උඹ පොතේ ලියලා නැතෙයි........?"

"ඔහේ නෑ රූපෙ මලයෝ , කීප වංගියක්ම මම ඕක මතක් කොලත් ඒක එහෙම්ම මග අරුනා බං, අනික ඒ මනුස්සයා මටයි දරුවටයි කියලා අඩුපාඩුවක් කලේ නෑනෙ බං, කොහොමිං කොහොම හරි මම දරුවත් එක්ක තනි වුනා."

මං උඹට තනිවෙන්න දෙන්නේ නෑ සිරිමෝ කියන්න කීපවතාවක්ම කටට ආවත් ඒ හැම වෙලාවකම සුගතයියගේ මූණ මැවිලා පෙනිච්ච නිසාත් , ඔක්කොටම වඩා එක කියාගන්න හිතේ දහිරියක් නැතිකමයි නිසා හැම වෙලේම එක යටපත් වෙලා ගිය හැටි......................

"උඹ තාම මෙතනද රූපේ මල්ලි ......?"

ජිනේ අයියගේ සද්දෙට රූපසිරි මනෝ ලෝකෙන් එලියට ආව..

"අන්න අරෙහෙ කට්ටිය බලන් ඉන්නවා , මමත් මේ ලොක්කිව මැහුම් පන්ති යන්න ඇරලලා එන ගමන්......"
කියාපු ජිනේ අයියා යනගමන් ආපහු බෙල්ල විතරක් හරවලා

"ඔන්න සිරිමත් උඹ එනකං කියලා ඉන්නවා...."

අතේ තිබ්බ පනිට්ටුවේ වතුර ටික ඈතට විසිකරපු රූපේ අඩියට දෙකට පාරට පැන්නා.

*******

"පාලමේ වැඩ ඉවර වුනාම හරි පහසුවක් වෙයි රූපේ මල්ලි.."

සුගතයියා නැතිවෙලා ටිකදොහකින් අන්තරස්දාන වෙච්ච "මල්ලි" කෑල්ල ආපහු සිරිමාගේ කටින් පිටවෙන්න ගත්තේ මේ කාලකන්ණි පාලං කාරයෝ ආවට පස්සේ තමයි.

"මම නම් කැමති නෑ සිරිමා උඹ ඔය පාලං කාරයින්ට කෑම දෙන වැඩේට .........ඕකුන් ලෝකේ කාල වතුර බීපු මහා අලුගුත්තේරුවෝ , අනික මම උඹලට අඩුපාඩුවක් වෙන්න දෙන්නේ නෑනෙ බං.........."

"ඒ කියලා හැමදාම උඹට කරදරයක් වෙන්න බෑනේ මල්ලියේ .....මමත් දරුවට යන කලදවසක් හිතන්න එපැයි.........අනික උඹත් දැන් පිළිවෙලක් වෙන්න කාලෙනේ ......"

"බම්බු පිළිවෙල"

ඇයි හත්දෙයියනේ මේ ගෑනිට තේරෙන්නේ නැද්ද මං කියන දේ............එක්කෝ කෙලින්ම කියලා දානවා.......ඒත්  මේ ගෑනිතරහ ගිහින් මට බනීවත්ද ....?

මේ විදිහට කී සැරයක් නම් හිත එකලාස් කරගෙන් කියන්න බැරිවෙච්ච අවස්ථා එන්න ඇත්ද ...රූපසිරිට තමුන්ගේ නොහැකියාව ගැන ලොකු ලැජ්ජාවක් වගේ ඇතිවුනා

*******

" මන්ත්‍රීතුමා මෙහෙට කොහොම හරි පාලං කෑල්ලක් අටවලා දැම්මනං කල්ල මරේ.."

"මොන රෙද්දකටද බං , ඕනෙනම් චන්ද දෙතුන්සීයක් ඇති..."

"චන්දේම නෙවෙයිනේ මන්ත්‍රී තුමා .....සමාජ සත්කාරේ.....සමාජ සත්කාරේ......."
මන්ත්‍රීතුමාගේ හොඳම වන්දිභට්ටයා වෙච්ච "අවටියල්" කාරයා කෙල පෙර පෙර එහෙම කිව්වේ කන්ද උඩ තියෙන මහ පත ගස්ටික දිහා බල බලා  කියලා රූපසිරි හොඳටම දැක්කා....

මන්ත්‍රීතුමා ගමට ආවෙ තමන්ගේ පාරුවෙන් කියලා රූපසිරි මුණ ගැහුන හැමෝටම කිව්වේ අපිත් එසේ මෙසේ මිනිස්සු නෙවෙයි දැන් ආශ්‍රය කරන්නේ කියල ඇඟවෙන විදිහට.........

ඊට පස්සේත් කීප සැරයක්ම  අවටියල් කාරයා පාරුවෙන් යද්දී පාලම ගැන කතාව අදුනත් රූපසිරිට ඔය පාලම් මාතෘකාව නම් එච්චර රිස්සුවේ නෑ.

එදා මන්ත්‍රීතුමා එහෙම කිව්වට පාලමේ වැඩ මෙතරම ඉක්මන් වෙයි කියලා රූපසිරි හීනෙන්වත් හිතුවේ නෑ .....

දැන් එතකොට පාලම හැදුවොත් කවුද පාරුවෙන් යන්නේ .......................

සිරිමත් පාලමෙන් යයිද...? රූපසිරිට හිතුනෙම පාලම හැදුවොත් තමන් පිස්සෙක්වෙයිද කියලා .....ශික් වචනේ දාන්න මම මොන මගුලකට පරක්කුවුනාද .....? කොහොමත් වැඩේ හරියාගෙන එනකොටමනේ මේ පාලං කරුමයක් කඩාපාත්වුනේ  .

*******
"ආ රූපේ ...."

"පාලං බැන්දේ යන්නයි කැන්දන් පාලම උඩ මම තව විස්සෝපෙන් ....ඔරුවෙන් එගොඩ වෙලා ආ ආ ආ ....සිරිමා කොහෙද ගිහිං ..................හූ හැක් හැක් හැක් .....හූ..හූ......"

"රූපේ  ඒයි උඹ දන්නවද බං කොට අදින අලියි පෙරහරේ යන අලියි කියලා දෙජාතියක් ඉන්නව කියලා...ඈ........."

කඩප්පුලි හැතිකරේ අදත් පටන් ගත්තා මාව කොලොප්පමකට ගන්න........තරහ ගිය රූපේ බැලුවේ පුළුවන් ඉක්මනට එගොඩට යන්න.

"මේ රුපයෝ  උඹ කොට අදින අතරේ බත් කන්න යන පාලං කාරයෙක් පෙරහරේ යනවා ඇති බං ....හික් හික් හූ ......අඩේ සමහරවිට උන් පෝලිමේ යනවද දන්නේ නෑ ...... හැක් හැක්හක් ...හූ ..."

"ගණන් ගන්න එපා රුපේ අපි යනවා එහෙනං ......කෝකටත් කොට ඇද ඇද  ඉන්නේ නැතුව පෙරහැරේ යාන්නත් බලපන්......"

කටට දහසක් දේවල් ආවත් මුකුත් නොකියා හිටියේ ටව්මේ පොලට යන මේ කොල්ලොටික පොලේ ඉඳන් එනකොට හැමදාම රූපේ අතට වැඩිපුර කීයක් හරි දීලා යන නිසා.......

අර කිව්වට වගේ මොකෙක් හරි සිරීමට පූට්ටු වෙලාවත්ද ...? ටිකදවසක් මූණ දීලා කතාකරෙත් නෑ හරියට ...මං කොච්චර කිව්වද ඔය කෑම රස්සාව පටන්ගන්න එපා කියලා

අදනම් රාසයියාගේ මුට්ටියෙන් විස්සකම බොනවා.......ඔළුව තෝන්තුවෙලා හිටපු රූපේ හිතුවා.

*******

"ඔය මන්ත්‍රීලා කියන්නේ ධනවාදේ නියමුවෝ බං .....උන් හදන්නේ ජනතා සේවය මුවාවෙන් ගම සූරාකන්න , ගමේ ශ්‍රමය අඩු මුදලට නගරෙට විකුනන්න ....ගමේ සම්පත් ටික බහුජාතික සමාගම වලට කුනුකොල්ලෙට විකුණන්න ....ගමේ සංස්කෘතිය......සමාජ සාරධර්ම විනාශ කරන්න .............."

චේගුවේරා කාරයෙක්ය කියලා හැමෝම හංවඩු ගහපු රත්නේ මලයා කියන දේවල් වලට කන්දෙන්න මෙච්චර කාලයක් නම් රූපෙගේ හිතේ කිසිම කැමැත්තක් තිබ්බේ නෑ. එකක් තමයි චේගුවේරා කල්ලි වලට හූමිටි තියලා නිකරුනේ කරදර වල පැටලෙන්න තිබ්බ අකමැත්ත.

අනික තමයි ඒකා කියන මෙලෝ හසරක් නොතේරීම ...."ධනවාදෙලු, බහුජාතික බූවල්ලොලු, සූරකනවලු.  සංස්කෘතියාලු....අරවලු මෙවලු ....................බම්බුව තමයි   .................

ඒ මොකක් වුනට් ඌ කියන්න වගේ පාලම හැදුවම ....ටව්මේ රස්තියාදු කාරයෝ ගමට එයි.....කන්ද උඩ හෝටලයක් හදයි.....එක අර ගොලුප් ද මොනාද පිට්ටනියක් හදයි.....එකෙක් බෝල ගහන්න සමහර සුද්දියෝ එන්නේ ඇඟේ නූල් පොටක් නැතුවලු...... එක මතක් වෙනකොට නම් රූපසිරිගේ ඇඟ ඇතුලේ හිරිවැටෙන්නා වගේ දැනුනා......ඒකනම් කමකුත් නෑ එක අතකට .....

එත් ඉතින් ඔය මක්ක බලන්නවත් සිරිමාව නැතිකරගන්න් පුළුවන්ය..........මොන ඉලව්ව නැතිවුනත් සිරිමා නැතිවෙන එකනම් දරාගන්න පුළුවන් කමක් තමුන්ට නැතෙයි කියන එක රූපෙට හිතුනා .....

එත් මෙහෙම ගියොත් නම් එකත් වෙයි ........................

"බලා ඉඳලා බෑ රූපේ සහෝදරයා අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ ...නැත්තං ගමේ අනාගතය අනතුරේ...."

රත්නේ කියපු කතාව නම් ඇත්ත

ගමේ කෙසේවෙතත් මග අනාගතෙට නම් කිසිම සෙතක් වෙන්නේ නෑ මේ පාලම හැදිල්ලෙන්.

සිරිමාගේ චායාව හිතේ හොල්මන් කරන නිසාම   රූපේ දෙසැරයක් නොහිතාම රත්නේගේ ඉල්ලීමට කැමතිවුනා ..........................................

*******

දැන් නම් රෑ දොළහත් පහුවුනා මයේ හිතේ ....කෝ මේ රත්නයා ........... තව ටිකකින් එලිය වැටෙන්නයි යන්නේ ......මූට මොකක් හරි කරදරයක්වත්ද.....?

එකනේ බූරුවට කිව්වේ අපේ ගෙදර ඉඳන් මේ වැඩේට එමු කියලා .....කොහෙද  හරකා......?

බලන් ඉඳලා බෑ එලිය වැටෙන්න කලින් තනියම හරි මේක ඉවර කරන්න ඕන ...

හෙමීට පාරුව දියට දාගත්ත රූපසිරි වැඩ ඉවර වෙමින් තිබ්බ පාලම යටට පාරුව පැදගෙන ගියා ......රැහැයියන්ගේ කන්බීරිකරන සද්දෙට අමතරව තිබුනේ ඉඳහිට පත්තුවෙච්ච කණාමැදිරි එලි විතරයි ......

" පාලම ඉවරයි .. ගම බේරුනා ..........කවුරු වුනත් ගමට ආදරේ කරන මිනිස්සු තාමත් ඉන්නවා "  හෙට උදේට ගමේ මිනිස්සු කතාවෙනකොට තමනුත් නොදන්නවා වගේ ඒ අතර ඉන්න හැටි ....සිරිමා ආදරෙන් තමුන් දිහා බලන හැටි ....රූපසිරිට මැවිලා පෙනුනා .........................

"රූපේ සහෝදරයා ......ඔය පාලම යට ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන්නේ එකම එක මහ ඇනේකින් ....ඒක කපපු ගමන් ඔක්කොම ඉවරයි .....පාලම දොයි....."

"උඹ කොහොමෙයි දන්නේ "

"මොකද බං මම නොදන්නේ ...අපි කැලේ ට්‍රේනිං වෙන කාලේ ඔය ලොකු පාලං ,බිල්ඩින් එහෙම පෙරලන හැටි අපිට ඉගැන්නුවා බං....."

"අම්මපා උඹලා චේගුවේරා කාරයෝ දන්නා දේවල්.......මටත් ආසයි බං ඒවා ඉගෙන ගන්න ....."

'හරි ඉතින් එකනේ රූපේ සහෝදරයට මම මේවා කියලා දෙන්නේ .....මතක් තියාගනින් ලොකු ඇනේ කපාපු ගමන් පාලම හබක්...."

රත්නේගේ පාඩම මතක් කරගත්ත රූපේ පාලම යට තියෙන ලොකු ඇනේ හෙව්වා ......

"කොහෙද බොල මේකේ ලොකු ඇණයක් ..............ඇන  හැටහුටාමාරක් තියෙනවනේ ......රත්නයට වරදින්නත්  බෑ හැබැයි................කමක් නෑ ඕවා බල බල ඉන්න වෙලාවක් නෑ ...කපනවා කොනක ඉඳන්...."

"ඇඩෝව් ...කවුද යකෝ ........හෙල්ලෙන්න එපා ............කවුද හුත් .....පාලම කපන එකා .........."එකපාරටම වැදුණු ලොකු ලයිට් එළියක් එක්කම ඔලුව පුරා වැදුණු පොලු පාරකින් රූපෙට තරු විසිවුණා ........

"සෙට් එකෙන් චෙක් පොයින්ට් එකට ගන්න "............කවුදෝ කියනවා ඇහුනත් එක්කම තව පාරවල් හත අටක්ම වැදෙනවා රූපෙට හොඳට දැනුණා ..............

"තෝ කවුද බොල ......මේකනම්............., කවුද තෝව එව්වේ .............බලාපියව්.......බලාගෙන බලාගෙන් ඔකේ බෝම්බ ඇති......................................

තව මොනවදෝ කියන ගෝසාව එක්කම වටපිටේ සෙනග පිරෙන හැටිත් ඒ සෙනග ගොඩේ ඉඳන් කට්ටිය තමුන් දිහා බලන් ඉන්නවා දැකපු රූපසිරි බිම බලා ගත්තා , එතකොටම ආපු පොලිස් ජීප් එක පාලමේ එහා කොනේ නතර කරනවත් රූපෙ හොඳට දැක්කා....

පොලිස් රාළහාමිලා දෙන්නෙක් රූපෙව ජීප් එක දිහාට ඇදගෙන යනකොට සෙනග අස්සේ වහං වෙමින් තමන් දිහා බලන් ඉන්න රත්නෙව රූපේ දැක්කා............

රූපෙගේ ඇස්වලින් මග අරින්න රත්නේ ලොකු උත්සාහයක් ගන්නවා දැකපු රූපේ රාළහාමිලා දෙන්නවත් ඇදගෙන ගිහින් ජීප් එකට ගොඩවුනේ .........සිරිමා ඇවිත් මේ සෙනග ගොඩේ ඉඳන් තමුන් දිහා බලන්ට කලින්........................................................



80 comments:

  1. පොඩ්ඩක් ඉන්න හෙමීට කියවලා එන්නම්..

    ReplyDelete
    Replies
    1. \\\දැන් එතකොට පාලම හැදුවොත් කවුද පාරුවෙන් යන්නේ .......................

      සිරිමත් පාලමෙන් යයිද...? \\\\\\

      මෙන්න මේ කොටස උපරිමයි ප්‍රගීත්.. ගෑණියකට වහ වැටුනට පස්සේ පාලමක් උනත් පෙරළන්න හය්යක් එනවා පිරිමියෙක්ට . තමන්ගේ හිත ගිය ගෑණිව ඔක්කට ගන්න නොකරන දෙයක් නැහැ පිරිමි. ඒ අතරටම ආර්ථිකයට මරු පහරක් වැදීගෙන එන බව තේරුනහම , තමන් නිකම්ම නිකම් අවලංගු කාසියක් වෙන්න යන බව තේරුනහම මරු වැහෙනවා ප්‍රගීත් පිරිමියෙක්ට.. තමන්ට ආයෙ නැති වෙන්න දේකුත් නැති කොට වත මොනවා බලන්න ඉන්නද පාලම පෙරනවා මිසක...!


      විශිෂ්ඨම නිර්මානයක් උපරිමයි ප්‍රගීත් .. ඔයා ඉන්න තිබ්බේ 1986 ..

      Delete
    2. **** තමන්ට ආයෙ නැති වෙන්න දේකුත් නැති කොට වෙන මොනවා බලන් ඉන්නද පාලම පෙරනවා මිසක...!

      Delete
    3. \\\දැන් එතකොට පාලම හැදුවොත් කවුද පාරුවෙන් යන්නේ .......................

      සිරිමත් පාලමෙන් යයිද...? \\\\\\

      @පවුලූශා & සහන්
      ඔය ටික තමයි මටත් තදින්ම වැදුණු තැන. හිත කීරි ගැහිලා යන සිතුවිල්ලක් අප්පා.

      Delete
    4. @ සහන්...
      බොහොම ස්තුතියි සහන්....මම හිතපු ආකාරයටම සහන් කතාව දැකලා තියෙන එක ගැන සතුටුයි.

      //"**** තමන්ට ආයෙ නැති වෙන්න දේකුත් නැති කොට වෙන මොනවා බලන් ඉන්නද පාලම පෙරනවා මිසක...!"// ඔන්න ඕක තමා මටත් හිතුනේ මිනිස්සුන්ට කටන්න බැරි දයක් නැතිවෙන්නේ තමුන්ට නැතිවෙන්න දෙයක් නැති වුනාම.

      මොකද 1986 ඉන්න ඕන කිව්වේ...? මට තේරුනේ නෑ

      Delete
    5. @ අරූ ..
      ඔව් අරූ එක තමයි මිනිහට එන දරුණුම සහ සංවේදීම සිතුවිල්ල ....තැන්කු වේවා අරූ

      Delete
    6. @ ඉවෝන් & අරූ

      1986 වගේ හිටියනම් 89 කැරැල්ලට කැකෑරෙන කතා ටිකක් ලියවගන්න තිබුණා ප්‍රගීත්ට කියලා.. ජන මතය , අහිංසකයන්ගේ කඳුළු , දාඩිය එක්ක මිශ්‍ර උනු ලේ වලින් ධනපති පන්තිය කරන සෙල්ලම් ගැන හිතට වදින්න ලියන්න තිබ්බා..

      මගේ මේ කමෙන්ට් එක දකිද්දීත් මට හිනා යනවා.. රෙද්දේ සමාජවාදය.. මට නම් විහිළුවක් වර්තමාන සමාජවාදය.

      ________________________________________

      ප්‍රගීත්ගේ මේ පෝස්ට් එක විවේචනය කරා එහෙම නෙවේ හරිද ? ලිවිල්ල නම් සුපිරියි ආයේ වචන දෙකක් නැහැ.. සමාජවාදී කැරැල්ලක් වෙනුවෙන් කතා ලියන්න පුළුවන් නියම කෙනෙක් ඔයා. ඒ කාලේ ඔයා හිටියනම් ඔයා ලව්වා ලියවනවා සුපිරි ලියවිල්ලක් ටයර් උඩ යන්නම.. අන්න ඒකයි මට කියන්න ඕනේ උනේ.

      Delete
    7. අප්පට බොල එහෙමද , කොහොමත් 1989 මට යන්තම මතක තියෙනවා, හැබැයි එදා ඒ මිනිස්සු හරි හෝ වැරදි එක අරමුණක් වෙනුවෙන් හදවතින්ම කැපවුණා, මම කියන්නේ මධ්‍යම මට්ටමේ සාමාජිකයෝ ගැන. එත් අද උඩ ඉඳන් පහලටම කරන්නේ රැවටීම.
      ඉස්සර මම ආසම් පොත් තමයි රුසියන් පරිවර්තන, සමහර ඒවා දෙතුන් පාර කියවලා තියෙනවා, ඒවායින් මම දැකපු දේ තමයි අපි යමක් කරනකොට තියෙන අසංවිධානාත්මක බව කොච්චරද කියන එක.

      කොහොමත් අර කිව්වා වගේ ඒ කාලේ යමක් කරන්න පුළුවන් වයසක හිටියනං ටයර් තමා ෂුවර් එකටම.

      Delete
    8. @සහන් &පවුලූශා.....
      ඇත්ත සහන්....මුගේ ස්ටයිල් එකේ තියෙනවා නොදැණෙනවා වගේ ඉන්න එවුන්ටත් දැණෙන විදිහට ලියන්න.මූ 89 වගේ දේවල් ලියන්න නොහිටිය එක හොඳයි.හිටියානම් මිනිය උස්සන් යන්න වෙන්නේ දණිස්සට පහලින් හෝ මිනියක් ඇත නමුත් කොටස් කිහිප තැනකදී එකතු කර ගත හැක.

      Delete
    9. බය කරන්න එපා බන්ස්ලා .....ආයෙත් එහෙම කාලයක් නොඑයි කියලා කියන්න බෑනේ.හැබැයි ඉතින් ටයර් උඩ යන්න වුනත් කියන්න ඕන දේ කියන්න එපැයි, නැද්ද අරූ & සහන්

      Delete
  2. ඉස්තරම්. ඉවාන්. ඒක නේ මං කිව්වේ උඹ අපිට ඉන්න හොදම කතාකාරයෙක් කියල. ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා දේශක්යාණෙනි.....!

      Delete
  3. වෙලාවකට මමත් රූපේ වගේ බං...:(

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ බං, උඹ මොකක්ද පෙරලුවේ ....!

      Delete
  4. නියම කතාව ඉවාන් ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මගියෝ...දැන් ටිකක් බිසී වෙලා වගේ

      Delete
  5. අය්යෝ සල්ලි , නෙවෙයි අය්යෝ රූපේ....

    රූපේගේ අසරණ රූපේ මැවිලා පෙනුනා...මරු ඈ

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා රෙහානි. ඔන්න තත්වේ, අයියෝ රූපේ තමයි

      Delete
  6. වෙනදට වඩා වැල් වැටාරම් වැඩියි කියල හිතුන.
    මට... එහෙම හිතුනට අනිත් අයට හොද උනාට,
    මට නම් ගිය වංගු අල්ලන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. ෂේක් එකත් එහෙමද ? ඒ කියන්නේ අසාර්ථකයි වගේ .....

      Delete
  7. අනුන්ගේ දුර්වලකම් තම තමන්ගේ පටු ඕනෑ එපාකම් පිරිමහගන්න පාවිච්චි කරන මිනිස්සු...

    ReplyDelete
    Replies
    1. ඔව් ....විප්ලව වාදියෝ වගේ හැසිරෙන මිනිස්සුත් හදන්නේ බළල්ලු ලවා කොස් ඇට බාවන්න .

      Delete
  8. හෑමදාමත් වගෙ නියමයි .අර එගෙඩත් මොගොඩත් ගම් යා කරලා සින්දුව ලියල තියෙන්නෙත් ඈත්තටම පාලමක් හදපු තෑනක හිටපු ඉන්ජෙක් කියල අහල තිබුන ඈත්තද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. තැන්කු දමියෝ.....ඒ කතාව නම් මාත් කනින් කොනින් අහලාතියෙනවා ..එත් ඇත්තද කියන්න නම් දන්නේ නෑ.

      Delete

  9. වෙනදා වගේම මතක හිටින කතාවක්. ලිවිල්ලේ නම් කිසි අඩුවක් මම දැක්කේ නෑ. නමුත් උඹ අර ඡේද වෙන් කරන්න දාපු තිත් ඉර වෙනුවට වෙන ක්‍රමයක් බලමු.
    මෙන්න උඹට ඒ වෙනුවට දාන්න පුලුවන් සිම්බල්ස් ටිකක්.

    ☺ ☻ ♥ ♦ ♣ ♠ • ◘ ෴ ≈ ~ *

    අර කඩ ඉර වගේ පේලි දෙකක් එන්න දිගට දාන්න එපා. බොහොම ටිකක් වැඩිම වුනොත් දහය වගේ අරගෙන මේ වගේ ඩිසයින් එකක් හදලා
    ෴ ♦ ♦ ♦෴
    එඩිට් කරනකොට ඒක සිලෙක්ට් කරලා සෙන්ටර් කරපං.

    මේ තියෙන්නේ සරළ එකක්.

    * * * *

    මේක ආදර කතාවකට හොඳයි

    ♥ ♥ ♥

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා ඩුඩ් උපදෙසට ....ඔන්න ඒක වෙනස් කළා දැන් හොඳද බලන්න ... මටනම් හිතෙනවා කලින්ට වඩා හොඳයි තමා කියලා

      Delete
    2. ඔය තියෙන්නෙ. එලස්!

      Delete
  10. mama awajathakayek yako thota hena gahapan pakaya thota kalin api mewata awe kariyo tho egoda giyata puka maharuada

    ReplyDelete
    Replies
    1. Machan.....u.ba awajaathaka une umbe weraddak nisa neme.umba loketa wadayak nowi jiwathh unoth umbata kiyala jiwithayak nthiyeyi.mehema gonek wunoth ithin ee awajaathaka kala mawpiyantath awamaanayak......

      Delete
    2. chami foyu මහත්මයා ...ඔය වැඩේ නවත්තන්න . මේක කළාම ඔයාගේ අවජාතක කම කැපී පේනවා මිසක් ඒක නැතිවෙන්නේවත්,හැංගෙන්නේවත් නෑ,ඔයා මට කලුන් මේකට අවා කියලා මට බැනලා හරියනවද ..? මෙහෙම කරලා බලාපොරොත්තුවෙන්නේ මොකක්ද..? ඔයාගේ මේ කරදරෙන් ගැලවෙන් එක හරිම ලේසියි . කොමෙන්ට් මොඩරේට් කලානම් ඔයා කවුද කියන එක මෙහෙමවත් කාටවත් දැනගන්න ලැබෙන්නේ නෑ. එතකොට ඔයාට මේ කියන ටිකත් කියන්න ලැබෙනේ නෑ.
      ඔයාගේ ලිවීමේ ශෛලිය ඕකනම් , ඕක වෙනස් කර ගන්නත් බැරි නම් පටන් ගන්න "වැල කතා " බ්ලොග් එකක් ඒවටත් කැමති අය ඉන්නවා. එතකොට ඔබට ඕන තරම් කුණුහරුප කියාගන්නත් පුළුවන්.

      මගියා කියලා තියෙන එක ගැනත් පොඩ්ඩක් හිතන්න, මොකද නැත්තං පව් ජාතක කරපු දෙමව්පියෝ.

      Delete
    3. @ මගියෝ....
      මිනිස්සුන්ට අවබෝධය කියන බලෙන් දෙන්න බෑ, ඒක ලැබෙන්නත් පින තියෙන්න ඕන .

      Delete
    4. අප්පට සිරි .. මගේ හෙවනැල්ල උබ ආයෙත් එලියට බැස්සද මගේ පුතේ..., ඔහොම හිටින්කෝ තව ටික දවසක්.. මම ඔය ලෙඩේට බේතක් හෙව්වා ...:D

      Delete
    5. ඔව් බං චමියෝ දීපං හොයලා තියෙන බෙහෙතක් අරළු බිව්වා වගේ වෙන්න .

      Delete
  11. තමන්ට දෙයක් නැති උනාම ඒ මිනිහා මොනවා කරනවද දන්නේ නැහැ. වෙනද වගේමයි ඉවාන්.. ඉස්තරම්..
    රූපේ වගේ යාලුවෙක් මටත් ඉන්නවා. හැමදේම අහිමි වෙලා පිදුරු ගහෙත් එල්ලුන. හැමදේම විනාශ කරපු. හැබැයි මමනම් රත්නයෙක් නෙමෙයි. :D
    නියමෙට ලියලා තියෙනවා.

    ,මම Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ , රූපේ කෙනෙක් වෙනවටත් වඩා තියෙන ප්‍රස්හෙන් තමයි රත්නේ වගේ එවුන්ගෙන් ගැලවිලා ඉන්නේ කොහොමද කියන එක .

      Delete
  12. ඉවාන් උඹ තාම පොඩි කොල්ලෙක් නිසා දන්නෙ නැතුව ඇති...අනේ බං මේ පාලම් කතාව මට මතක ඇති කාලෙ නොයෙක් විදියට පට්ට ගහපු එකක්නෙ...ලස්සන කරන්න විවිධාකාර සැරසිලි කරනව තමයි නමුත් වස්තු බීජය එකයිනෙ...ඔන්න උඹත් එහෙනම් ඒ පාලම් කොක්කුන්ගෙ ගණයට අයත් වුණා ඈ.

    ReplyDelete
    Replies
    1. ශික් එකත් එහෙමද ..? හිතට ආපු එක ලිව්වා මිසක් එච්චර හිතුවේ නෑ, ඒ කියන්නේ Totaly Fail නේද..?
      ඇත්තටම හැලපයියේ මට හිතුනා ටික දවසක් යනකං මුකුත් නොලියා හිටියනං හොඳයි කියලා. දැන් එන්න එන්න එච්චර හොඳට ලියවෙන්නේ නෑ වගේ.
      තැනකුයි වේවා අමාරුවෙන් හරි කියෙව්වට. වැඩේ තියෙන්නේ නොලියා ඉන්න හිතුවට මොකක් හරි අදහසක් ආවම ලියන්නමයි හිතෙන්නේ

      Delete
    2. ඉවාන් මල්ලි,ඔබ නොලිය ඉන්න එපා ටික කලකටවත්.
      අපේ කාලය වෙන් කරල ඔයාල ලියන ලිපි කියල රස විදිනව.
      අපි නිහඩව ඉන්නෙ හොද නරක පෙන්වනව.
      හැමෝගෙම රුචිකත්වය එක වගේ නැහැනෙ.වයස අනුවත් එය වෙනස් වෙනවා ඇති මගෙ හිතේ.මම ඔබගෙ අනිත් නිර්මාණ කොපමණ අගය කර තිබෙනවද?ඔබ මගෙ කොමන්ට් වලට කොපමණ කැමති වෙලා තිබෙනවද?
      ඉහත කොමන්ට් 15 න් 12 දෙනෙක්ම අගයල තිබෙනව.
      ඒ කියන්නෙ මෙය සාර්ථක නිර්මාණයක් කියල නේද?
      12 දෙනාම (එල පොරවල් සහ පොරිච්චියෙක්) උසස් නිර්මාණයක් කියල තියෙන්නෙ.

      Delete
    3. නෑ කෙන්ජයියේ හිත රිදිලා නෙවෙයි, එක දිගටම ලියන කොට මටම තේරෙනවා සමහර දේවල් ගුණාත්මක බවෙන් අඩු වෙනවා කියලා. හැමෝගෙම රුචිකත්වය එකවගේ නෙවෙයි , එක හරි. ඔයා කියපු එකටවත් , හැලපයියා කියපු එකටවත් හිත රිදුනේ නෑ, ඔයාලා සහෝදරයෝ මේ ටික කියන්නේ හිතට එකඟව මිසක් වට්ටන්න, අන්නන්න, හෙලා දකින්න නෙවෙයි කියන එක මම හොඳට දන්නවා. ඇත්තටම ඔයාලගේ කොමෙන්ට් නිසා තමයි මෙහෙම ලියන්නේ , ලියන්නේ නැතුව ටික කලක් ඉන්න ඕනේ කිව්වට මේ දැනුත් එකක් ලියමින් ඉන්නේ. මොකද මොකක් හරි කතාවක් හිතේ ගොඩ නැගුනම ඒක ලියන්නම ඕනේ,ලියලා ඉවර වෙනකං නින්ද යන්නේ නෑ. නිහඬව නොඉඳ හොඳ නරක පෙන්නන එක තමයි මමත් ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. මම තරහින්වත්, අමනාපෙන් වත් කියපු දෙයක් නෙවෙයි, එහෙම දැනුනානම් සමාවෙන්න.මම කිව්වේ ටික කාලයක් අරං මං කරපු දේවල් සමාලෝචනය කරලා බලන්න ඕනේ කියන එකයි.
      (මට විතරක් නෙවෙයි බ්ලොග් ලෝකේ බොහෝ දෙනෙකුට කෙන්ජිගේ කොමෙන්ටුවක් නැති වුනාම ඒක හරියට පරිප්පු නැති හෝටලේ වගේ - කිසි ගතියක් නෑ. )

      Delete
    4. ඉවාන් අපි උඹේ කතා විවේචනය කරන්නෙ තරහට නෙවෙයි...පාගල නැති කරල දාන්නත් නෙවෙයි, උඹට ආදරේ නිසයි උඹ යමක් කරන්න පුළුවන් කමක් තියෙන එකෙක් හැටියට අපට පෙනෙන නිසා...
      එහෙම නැත්නං මම මේව කියන්න වචන නාස්ති කරගන්නෙ නෑ කියවල මොකුත් නොකිය සද්ද නැතිව ඉන්නවා...
      හිතට ආපු අවංක අදහස ලිව්වෙ උඹව හදාගන්නයි...මනුස්සයෙක් දිගින් දිගටම ෆේල් වෙන්නෙ නෑනෙ අද ෆේල් නං හෙට ඔලුව උස්සනවා...ඒක මතක තියාගෙන ලියපං.

      Delete
    5. හැලපයියේ එක තමයි මම කිව්වේ ,ඔයාලා මේ කරන්නේ තරහට නොවෙයි කියන එක මම දන්නවා. ඔයාලගේ සප් එක මට හැමදාම වටිනවා. එක දිගටම මම බලාපොරොත්තු වෙනවා........

      Delete
  13. //"ඔහේ නෑ රූපෙ මලයෝ , කීප වංගියක්ම මම ඕක මතක් කොලත් ඒක එහෙම්ම මග අරුනා බං, අනික ඒ මනුස්සයා මටයි දරුවටයි කියලා අඩුපාඩුවක් කලේ නෑනෙ බං, කොහොමිං කොහොම හරි මම දරුවත් එක්ක තනි වුනා.//

    ගැමි මිනිස්සුන්ගෙ තියෙන නිහතමානිකම වගේම තමන්ට වෙලා තියෙන්නේ සහ නොදැනුවත්ව හරි එහෙම ඉඳලා කරලා තියෙන්නේ බැද්දට හෙලීමක් මිසක් වෙන මොකක්ද කියන එක තේරුම් ගැනීමට තියෙන නොහැකියාව. අතින් කටට සාස්තරේ තාමත් ගම් වල තියෙනවා. ඒ මිනිස්සුන්ට ඉතුරු කරන්න තියා එදා හම්බෙන දේ එදාට මිසක වෙන දේකට සෑහෙන්නේ නෑ. උන් බලාපොරොත්තු වෙන්නෙත් නැ ඉහට උඩින් දේවල්.

    ReplyDelete
    Replies
    1. ඔව් ,ඔය තත්වේ මං අනන්තවත් දැකලා තියෙන දෙයක් රතී , ඒ මිනිස්සු ජීවත් වෙන්නේ වර්තමානයේ විතරයි, කසාද බන්දින්න් ඕනද ? නැත්තං මොන වගේ දේවල් වෙයිද ? බඳින මිනිහගේ හෝ ගෑනිගේ හෝ අතීතය එයාලට වැඩක් නෑ, අද කාල ඇඳලා ඉන්න තියෙනවනම් හෙටක් ගැන හිතන්නේ නෑ,

      බොහොම ස්තුතියි සහ සාදරයෙන් පිලිගන්නවා රතීව මේ පැත්තට .

      Delete
  14. හරිම රසවත් ඉවාන්.

    ගෑනියෙක් හන්දා අමාරුවේ වැටුණු රූපේ ගැන ඇත්තටම දුකයි. ඒත් ලමයෙක් එක්ක තනි උණු, සිරිමා එක්ක තරහක් යන්නෙත් නෑ. නිර්මාණයේ අපූරුබව තියෙන්නේ එතනයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පොඩ්ඩියේ , ඇත්තටම මටත් ඕනවුනේ සිරිමා එක්ක තරහා නොයන ආකාරයට කතාව ගොඩනගන්න තමයි. ඔයාගේ බ්ලොග දැන්නම් අප්ඩේට් වෙනවා බ්ලොග් රෝලේ මොනවද වෙනස් කලේ ..?

      Delete
    2. කරපු දේ අහන්ට ඕනි ඒ වෙලාවේ වටවෙලා උදව් කරපු කොල්ලන්ගෙන්. :D:D

      Delete
    3. නෑ.....හපොයි, ලඟ පාතක හිටියනං මාත් පැනලා උදව්වට එන්නේ (ඕවා ගැන මෙලෝ දෙයක් දන්නේ නැතිවුනත්).....:D

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. කතාව කියෙව්වා .හැලප අයිය කියලා තියෙනවා වගේ මේක කාලෙක ඉදන් පට්ට ගහන ප්ලොට් එකක්. නමුත් උඹ යම්තරමක රහට මේක ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අම්මේ ටිකක් හරි රහක් තිබුනානම් ඒ ඇති, හැලපයියා කියන කතාව පිළිගත්තා වගේම මේ කතාවත් පිලිගන්නවා,ස්තුතියි රතු.

      Delete
  17. පාලම හැදුවට පස්සේ හිටපු තොටිය වගේ කියන උපහැරනේ ආවේ මේ කතාවෙන් පස්සේ වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ඔව් එකත් මරු උපැහැරනේ මැලේ මලේ ....ඇත්තටම උගෙන් වැඩක් නැතිවෙලාම යනවනේ ...

      Delete
  18. කණ්ගාටුවෙන් උනත් කියන්න තියෙන්නෙ හැලපය සමග එකඟයි කියන එකයි. කොහොම උනත් ලියාපු මහන්සියට ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. අයියෝ....හැලපයියේ මොකක්ද මේ කොලේ...., අද නම් බොනවා ....එක්කෝ ඕන නෑ හෙටම බොනවා...., අමාරුවෙන් කියෙව්වටත් ස්තුතියි ඉන්දිකයෝ...

      Delete
  19. අඩේ මරු තමා මටනම් මේකෙන් තේරුනේ වර්තමාන ජවිපෙ සමාජවාදය. තව දෙයක් කෙනෙක් සමාජවාදය ගැන කතා කලොත් ඌ ජවිපෙ

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි බොරළු .....කෝ ගලෙයි, විමලයි, ඩොටියි ....සාදරයෙන් පිලිගන්නවා, වර්තමාන සමාජවදියෝ බළල්ලු ලවා කොසට බාවන පොරවල් තමයි, දෙවැනි කාරණාවත් හරි, එත් අද සමාජවාදය කියන එක ජ.වී.පෙ.ටත් ගොඩක් දුරයි

      Delete
  20. සරලව සහ අවශ්‍ය කොටස් ආවරණය කරමින් අපේ සමාජයේ පැතිකඩක් විවරණය කර තිබෙනවා. මේ මානසිකත්වයේ සිටින්නත් අදත් නැතුවාම නොවේ. නූගත්කමෙන් මංමුලාවන අපේ ග්‍රාමීය සමාජය කවදා නිවනක් දකියිද? ඔවුන් තවමත් එක් එක් න්‍යායවාදීන්ගේ, දේශපාලුවන්ගේ බසට රැවටෙන සදා දුකෙහිම ගැලෙන පිරිසක් නොවේද? ඔවුන්ගේ ඊළඟ පරම්පරාව වත් මෙයින් ගොඩ එයිද?

    ReplyDelete
    Replies
    1. තමුන්ගේ සරල අවශ්‍යතාවයක් නිසා අන් සියලුදේ කෙරෙහි අන්ධයන් ලෙස හැසිරෙන පුද්ගලයන් සමාජයේ කොච්චරවත් ඉන්නවා විචාරක. දේශපාලුවන් මිනිස්සුන්ගේ කාලකන්නිකම් ඔව්න්ගේ පැවැත්මට යොදාගෙන,ඒවා තමුන්ගේ සුඛවිහරණය වෙනුවෙන් ආයෝජනය කරලා.

      Delete
  21. හැලපේ කියලා තියෙන කතාව ඇත්ත උනාට මේකේ රහ අඩුවක් නෑ. මම අහලා තියෙනවා ළෝකේ නිර්මාණ කරන්න මාතෘකා තියෙන්නේ පනස් ගනනක් කියලා.. ඉතින් අපි ලියන ඒවා එවලින් එකකට වැටෙනවා.. මෙතනදි මම අගය කරන දේ තමයි, උඹ ඒ ගැන නොදන්න එක. දැන් නිකමට හිතපන් අපි පොඩි කාලේ සීන් ලිව්වොත් ඒක මඩොල්දූව වෙනවා. ලිංගික කේස් එකක් ලිව්වොත් ඒක කරුමක්කාරයෝ වෙනවා.. කවියක් ලිව්වොත් සේකර වේනවා.. ජෝක් එකක් ලිව්වොත් අනගිරත්න වෙනවා.. ඔය වගේ කස්ටිය තමන්ගේ ඔළුවල පොරක් දාගෙන ඉන්නවා.. ඒ නිසා මම නම් හිතන්නේ නව කතා කෙටි කතා ලියන් එකෙක්.. අනුන්ගේ ඒවා නොකියවන තරමට හොඳයි..

    මේ මගේ මතය.. නැතුව කාටවත් දාපු කින්ඩියක්වත් උඹව උස්සපු එකක් වත් නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. මාතලන් කොහොමත් කාවවත් උස්සන්න යන්නේවත්, කාටවත් කින්ඩි දාන්න යන්නේවත් නැතුව ,හිතට එන එක කියලා දානවා කියලා ඕන කෙනෙක් දන්නවා.
      ඕක මටත් තිබ්බ ප්‍රශ්නයක් අද වෙනකොට කවුරුවත් කතා නොකරපු මාතෘකාවක් හොයාගන්න එක. එත් මම උත්සාහ කරනවා අර පනස් ගානට අහුනොවෙන එකක් හොයා ගන්න. එත් වෙන්නේ එකට අහු නොවෙන එකක් හොයා ගන්නවාට වඩා අපි කතාකරපු මාතෘකාව ඊට කලින් කී දෙනෙක් කතා කරලා තියෙනවද කියලා අපි නොදන්නා කමයි.
      අනික මම ඕනෑම විවේචනයක් , විචාරයක් සුබවාදීව බාරගන්න කෙනෙක්. ඔබලාගේ මේ සහයෝගය නොවන්නට මම මේ තරම් දුර නොඑන්නට තිබ්බා.

      Delete
  22. පලමේ ඇණේ හොයගන්න එක තමයි අවුරුදු පනස්ගානක් ගිහිල්ලත් අපේ මිනිස්සුන්ට කරගන්න බැරිවෙලා තියෙන්නෙ. එක ඇණේ ඇණ මිටියක් වෙලානෙව..

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත. ඇනේ හොයාගන්නකොට පෙරහැර ගිහිං .

      Delete
    2. මටනම් නියම කොමෙන්ටුව මේක

      Delete
    3. @සරත්.......කියන්න ඕනෙ දේ ඔය ලස්සනටම කියලා තියෙන්නේ!

      Delete
  23. මචං කතා කිපයක් එකතු කරල ගහපන් කෙටි කතා පොතක් . එච්චරයි !

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා සමියෝ , බලමු ....එච්චර දුරක යන්න නම් හිතලා නෑ තාම.

      Delete
    2. මාත් කියන්නේ ඔන්න ඔය ටිකමයි...

      Delete
  24. මෙදාපාර නං සුපිරි! කියන්න අවුලක් ඇත්තේම නැත.

    ReplyDelete
    Replies
    1. අප්පට බොල එහෙමද ? තැන්කු වේවා රාජ්....!

      Delete
  25. දවසින් දවසම මේ කතා වල රසය විවිධාකාර වෙනවා..ඔයා ලියන කෙටි කතා වල මා දකින විශේෂත්වය වෙන්නේ..එකම තේමාවකට නැතුව..අද සමාජයේ බහුල වුනාට මිනිස්සු අඩුවෙන් කතා කරන ඉසව් ඔස්සේ ලියන එකයි..

    අද මේ කතාවත් හරිම අගෙයි මල්ලි;....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අක්කේ. මටත් විවිධත්වයෙන් යුතු මාතෘකා ඔස්සේ කතා කිරීමී ආසාව තියෙනවා , ඒ සඳහා ගන්න උත්සාහයක් තමයි මේ.

      Delete
  26. Replies
    1. අහුවෙයන්කෝ ඇවිත් යන වෙලාවක

      Delete
  27. Pawluusho English walin kotanne anith katha tika kiyawanna duwanna hadissiyata. ada thamayi sanasille indagena kathaa serama kiyawanna labune.

    Ara silent sahan kiyana kathaawanam aththa. honda welaawata e kaale nohitiye.

    me kathaawala amuthuma quality1k thiyenawa. Russian kathawak kiyawaddi ena hada kampaa karana feeling eka e wagema danenawa!!

    Jayawewa!

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා බස්සි....හප්පේ ටයර් සායවල් නම් මතක් කරන්න එපා. එත් ආයෙත් එහෙම කාලයක් නොඑයි කියලා කියන්න බෑනේ

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]