Friday, February 7, 2014

ශක්‍ර Visit



එක දවසක් හැන්දෑවක - පොතක් බලන වෙලාවක
ටොමියා බුරනා සද්දෙට - දාලා බැලුව ඇහැ වටේට
ජෝකරයෙක් වගේ ඇඳුම - ඔලුවේ රන්වන් තොප්පිය
සපත්තු උල නහය ලඟට - හිනහත් යනවා දැක්කම

පැන්නා ගෙදරින් පාරට - දිව්වා මිනිහා ලඟටම
"මං අහන්නේ ශ්‍රී එෆ් එම් " - කිව්වා මං ගත් කටටම

මොකක්ද පුත ඒ කියන්නේ - මොකද ඔයා එහෙම කිව්වේ

හුටා වැඩේ කෙලවුනාද - විහිලුවක්නේ මම කරන්නේ
අවුරුදු විස්සක් තිස්සෙම - සිරස තමයි මම අහන්නේ

මල පනිනවා මට දැන් පුත - මොනවද මේ සඟිස්කුරුත

එහෙනම් මේ දෙරණ නේද -  අනර් අක්කි ආවේ නැද්ද

බොල තක්කඩි බූරු පුතේ - මම ඕවා දන්නේ නැතේ
පඬුපුල් ආසනේ ඉන්න - බැරි තරමට රස්නේ වෙන්න
හේතුව මොනවද බලන්න - මෙලොව ආපු ශක්‍රයා මම

එල කිරි ශක්‍රයා අංකල් - ප්ලේන්ටි බොමු කාල දොදොල්
ඔයාගේ පුත් වයිමා මල්ලි - මිනිහා අපෙ හොඳ ගජයා

ඇයි අංකල් හිටපු ගමන් - ආවේ කුකුළා අතේ අරන්
ප්‍රශ්න මෙහේ නෑනේ ඉතින් - යන්න වෙන්නේ හිස්ම අතින්

කරවිල කෑවලු පවුලක් - කන්න දෙයක් නැතුව දිනක්
මොකටද පුත මෙහෙම රටක් - උණුවුනි පඬුපුල් අසුනත්

පිස්සුද ශක්‍රයා අංකල් - කවුද කිව්වේ ඔය මැන්ටල්
ෆැමිලි චැනල් නිව්ස් වලත් - තිබුනේ නෑනේ එහෙම එකක්


හදා ගන්න බැරුව පුතෙක් - පැන්නලු ලිඳකට අම්මෙක්
ඇහුන වෙලේ ඒ පුවතත් - දෙව් ලොව සැප එපා මටත්
පුතේ තවත් අම්ම කෙනෙක් - දැම්මලු ගඟකට ළමයෙක්
හදාගන්න නෑ විදිහක් - ඉතින් කොහෙද මෙලොව සැපක්

ඉස්කෝලෙට සපත්තුවක් - නැතිව හිටපු තවත් දුවෙක්
කෑවලු වස ගෙඩි වගයක් - අයියෝ සුන්දර දිවියක්
පුතේ තවත් එක පවුලක් - හදාගන්න බැරුව පැලක්
ඉන්නවාලු ඇතුලේ ගලක් - නැද්ද උඹට දැනුනේ දුකක්

පාසල් යන මල් කැකුළු - වනසනවා දන සළෙලු
සියක් ගණන් දැරියන් මෙහෙ - මව් පදවිය ලැබුවාලු

ඉස්කෝලේ පාඩම් පොත - වෙනුවට පුත තබනවා අත
දරු උපතක් වළකන්නට - හැකිවෙන ඒ බෙහෙත් පෙත්ත

රජරට පෙර රට කරවූ - වකුගඩු දෙක නරක් නොවූ
කෙනක් හොයා පෙන්නුවොතින් - දහස් ගණන් දෙමි පඬුරු
රෝගෙන් නොමැරී හිටියොත් - හොඳ වතුරම ඉල්ලූවොත්
වෙඩි තියලා දානවාලු - පාසල් යන පොඩි කොල්ලොත්

අංකල් මට ඔන්න මල  - ජිනීවා යන අතරමග
ඉඳල ආව ගමනක්ද - ඔයා අපේ හතුරෙක්ද 
ලෝකේ සන්තෝසයෙන් - ඉන්නම මිනිහා අපෙන්
ආර්ථිකේ වර්දනෙත් - යයි ඉහලට රිටක් මෙන්

අංකල් ඔය කිව්වට - කැම්පස් යන කෙල්ලට
කන්‍යාභාවය තිබේද - බලන ලෝකේ රට අප
මොකටද පොඩි කෙල්ලෝ අපිට -  සුද්දියෝ ඇත ඕවට 

ඔයාව අපේ රට වට - ගෙනියමි රවුමක් හෙට
ඔයාට ඔය බොරු කිව්වේ - අංකල් මංගලමද ?

දියත උයනේ ගිහිල්ලා - වෝක් එකක් දමාලා 
වතුර මලත් බලාලා - පාක් එකේ සෙට් වෙලා 
කොල්ලුපිටියේ ගිහිල්ලා - මෙහෙ ලස්සන බලාලා 

තව අවුරුදු දහයකින් - එන්නට හැකිනම් ඉතින් 
හම්බන්තොට එක්ක ගිහින් - පෙන්නමි සුර පුර මිහින්
ඒ වුනාට මේ අහන් - අහනු එපා බොරු වදන් 
රට ගැන හරි දේ දකින්න - බලන්න ෆැමිලියෙ චැනල් 












144 comments:

  1. කියවන්න අමාරුයි. මොකද මේ?

    එක දවසක๞ හ๠න๞ද๡වක - ๧ප๟තක๞ බලන ๧වල๟වක๧ට๟໧ය๟ බ๤රන๟ සද๞๧දට - ද๟ල๟ බ๠໳ව ඇහ๠ ව๧຀ට๧ජ๟๞කර๧යක๞ ව๧ග๞ ඇໟම - ඔ໳๧໵ රන๞වන๞ ๧ත๟ප๞ප๢යසපත๞ත๩ උල නහය ලඟට - හ๢නහත๞ යනව๟ ද๠ක๞කම

    ReplyDelete
    Replies
    1. දැන් පැහැදිලියි. ස්තුතියි.

      Delete
    2. මේක හරි අසාධාරනයි කකා... මං එද්දි කව්රුවත් හිටියෙ නෑ කෝමද මට උඩිං කෙටුවෙ හැබෑටම ඈ...

      Delete
    3. කකා - මොකක්ද වුනේ කියලා දන්නේ නෑ ,හැබැයි මොනවත් හැදුවෙත් නෑ

      Delete
    4. මහේෂ් එහෙමත් එකක්ද බං... බොන්න ඕන පුරස්නයක් ...

      Delete
  2. හෙහ් හෙහ් අපේ අති උත්තම මහරජුන්ගේ දෑත ශක්තිමත් කිරීමට ශකතිය ධෛර්ය ලැබේවා. මේ කරගන්නා වූ කුසලානිසංස බලයෙන් යම ලොව යමයාම වී ඉපදේවා...
    සාදු කියන්න පිංවත්නි....
    සාදු සාදු සා.......දු

    ReplyDelete
    Replies
    1. කාටද මටද ...? එහෙනම් සාදු සාදු.......හෙහ් මමත් ආණ්ඩුවට උයන්නේ නම් ජනාධිපති කම දුන්නොත් තමයි. මමත් පාලිත තෙවරක් පෙරනලද වගේ තමයි අරිය

      Delete
    2. අපෝ එයා වගේ නං වෙන්න එපෝ ඒ වගේ 1ක් ඇති ඔදටම

      Delete
  3. ලංකාවෙ සීන් වලට උනුවෙලා උනුවෙලා ආසනේ දියවෙලා ගිහිල්ල කියලයි මං හිතුවෙ.

    ReplyDelete
    Replies
    1. නෑ බං... මාබ පුටුවේ ඉන්දවන්න යනෝ කියලා රජා අඬන ඇඩිල්ලටලු ඒක උණුවෙලා තියෙන්නේ..

      Delete
    2. @ රාජ් - මේ වෙන දේවල් වල හැටියටනම් ඒක තියෙන්න විදිහක් නෑ තමයි.

      Delete
    3. @ මාතලන් - හැබෑට පුටුවේ ඉන්දවන්න යනවා කියන අඬන ඇඩිල්ලට ශක්‍රයා පුටුව හන්ගලාද දන්නේ නෑ

      Delete
  4. පට්ට ගති කියල වැඩක් නෑ....

    ReplyDelete
    Replies
    1. පට්ට තැනකුයි කියන්න වදන් නෑ

      Delete
  5. එහෙව් එකේ අපේ වුන් ආසනේට කෙල ගන්නවාය. උන්ට දෙන්ට ඕනෙ පාණ්ඩු කයිලාසනේම තමා. කෙලවිලා යන්ට

    ReplyDelete
    Replies
    1. ආසනේට විතරක් නම් බැරිය... මොකට කියනවද?

      Delete
  6. අදහසනම් එලස් ....... එත් දිගටම උබට හොඳ කිව්වා වැඩි ඒ නිසා මම කොම හරි ඇදයක් හොයා ගත්තා ..... කියපන් බලන්න මේ ලියලා තියෙන්නේ කතාවක්ද කවියක්ද කියලා ..... කවියක්‌ නම් මේක කියන තාලේ මොකද්ද කියලා .....

    ReplyDelete
  7. ඒකියන්නෙ පඩුපුල් ආසනේත් අර විදුලි පුටුව වගේ අපේ ආශ්චර්යය ට බය වුන විදේශීය කුමන්ත්‍රනකාරයන් අටවපු එකක් නේ? ඔය දිව්ය ලෝකෙ අදිරාජ්යවාදීන් ලෙමන් පෆ්ට බය නෑද්ද?

    ReplyDelete
    Replies
    1. බය නැත්තේ මොකද ප්‍රා ...ලෙමන් පෆ් හින්ද තමයි අපි උඹලා මේතරමින් වත් බේරිලා ඉන්නේ ...!

      Delete
  8. පඬුපුල් ආසනේ දැං වාඩි වෙන් නෑලු..
    රස්නෙ කොහොමද කියනවනං ඒක උඩ හවසට කොත්තු ගහනවලු දෙයියන්ට කන්ඩ !!

    අම්මප මරු කයි ටික බං ,,, මුල් ටික තමා මට හොඳම !!! :D

    ReplyDelete
    Replies
    1. මේ පත්තර කාරයත් රිංගන්නේ නැති තැනක් අම්මප.හොරෙන් බලං හිටිය මදිවට මං කොමෙන්ටුව කොටන්න කලින් මු ඇවිල්ලත් එක්ක._______ ටික වෙලෙන්නත් කලින් පත්තරෙත් ගිහින් කියන්නේ මෙව්වට තමයි.

      ෴ශක්‍ර දේවේන්ද්‍ර෴

      Delete
    2. පඩුපුල් ආසනේ කොත්තු ගහන කතාව නම් ඇත්ත වෙන්න ඇති

      Delete
    3. මගෙ දෙයියෝ !!! ශක්‍රයා අංකල් .. දැං බ්ලොගුත් කියෝනවා

      හීට් එක වැඩි වෙලාද ??

      ආ නෑ නෑ මං ඇහුවෙ ආසනේ හීට් වෙලා වැඩිද කියලා.. ඔබතුමාට ඉතිං සු‍ර සැප නොවැ ..අපි‍ට වගේයැ !!

      Delete
    4. @ පත්තරේ - ඒ කොත්තුනම් රහ ඇති බං මොනවා වුනත් දේව පස්සක් තියන ඉන්න පුටුවක්නේ ..මේ එක නෙවෙයි දැන් ශක්‍රයාත් උඹව දන්නවනේ බං

      Delete
    5. @ ශක්‍ර ඇනෝ - තරහ අවසර ශක්‍ර දෙවියනි. ඇත්තටම දෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි

      Delete
    6. @ යකා - මටත් හිතුනා ඕක ඇත්ත කියලා

      Delete
    7. ඉවාන් බොස් !!
      පහන ළඟයි - ආලෝකෙ දුරයි ..බං !!!

      යකෝ..
      කාල නැද්ද පඬුපුල් කොත්තු ?? චැහ්..හොදි අඩුවෙන් ඉල්ලපං. මොකෝ කනකොට හොදි ඕන් නෑ !!! :D

      ශක්‍ර බොස්..
      ආසනේ රත් වෙනව කියල පිලිකනු අස්සෙ රිංගන්නෙ එහෙම නෑ ඔන්න..
      කොල්ලො ගල් ගහයි ග්‍රීස් යකා කියල ..!!!

      Delete
    8. පත්තරේ - උඹ දන්නවද බං ශක්‍රයාගේ බ්‍රෑන්ඩ් එක... නැත්තං අමුවෙන් කසියා ගහන පොරක්ද දන්නේ නෑ ..?

      Delete
    9. කොයි සක්කරයත් මාසෙ අන්තිම වෙද්දි ගල් තම‍යි ඉවා ගහන්නෙ ..හැක්.!!
      මාසෙ මුල නං ඉතිං කියන්න දන්නෙ නෑ සක්කරය මොනව ගහනවද කියලා.. 15 න් පස්සෙ නං ගල් කියල සුවර් ..:D

      Delete
  9. බොරු කියන්ට එපා බං...මං දැන් ඕකේ ඉඳගන්නේ නෑ..ඔච්චර ලේසි ක්‍රමයක් තියෙද්දී උයන්ට පිහන්ට මේ අමාරු කාලේ ගෑස් පාවිච්චි කරන්ට තරම් මං මෝඩ නෑ.

    ෴ශක්‍ර දේවේන්ද්‍ර෴

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන ශක්‍රයා අංකල් ඔය කතාව වැඩිය පබ්ලිස් කොරන්ට එපා හෙට උදේට ඔය පුටුව ටෙම්පල් ට්‍රී මන්දිරේ තියෙයි ඈ

      Delete
    2. නැහැ නැහැ....ලොක්ක ඒක කවදාවත් කරන්නේ නැහැ.

      දැන් ඕක ගත්තොත් මොකද වෙන්නේ??
      උඹල වගේ උන් කෑගහන්න ගන්නවා.."මහ ජරා තුමා දෙයියන්ගේ පුටුවත් ගත්ත,අපේ දුක දෙයියන්ටවත් කියන්න දෙන්නේ නැහැ,අපේ අරක උල්ලංඝනය කරා මේක උල්ලංඝනය කරා....."

      දැන් එහෙමද?නෑ ..උඹල බනින්නේ මට.අපේ දුක දෙයියන්ටවත් දැනෙන්නේ නෑ,ඔකටනම් මොකද අන්ගනාවෝ වට කරන් ඉන්න එකනේ.......

      අහක යන කුණු ඇඟේ දාගන්න තරම් ලොක්ක මෝඩ නැහැ බං.මං මෙහෙ බැනුම් අහද්දී මිනිහ ෂපාන් එකේ ගේම ගහගෙන ඉන්නවා.

      Delete
    3. ශක්‍රයාද මේ ...යටින් නම දාල නෑ...! මොන වුනත් ශක්‍ර ඇනෝ හරියටම ලොක්කව තේරුම් අරන් ඉන්න බව නම් පේනවා ......එලස්

      Delete
  10. අනේ ඉවාන් මම නිතර කියනව වගේ එක ගෝත්‍රයකට තමයි හැම දාම සැප.ඉතින් අපි මේ ගෝත්‍රයෙ සාමාජිකයො එහෙ මෙහෙ කරන්න උදවු වෙනව.ඒ මදිවට අල්ලපු ගෙදර එකාටත් ගහනවා.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. අපිම ගෝත්‍රය හදලා දැන් පස්චත්තාප වෙවී ඉන්නවා .

      Delete
  11. මුල පද දෙක කියවද්දිම රූ කාන්තගේ දවසක්දා හැන්දෑවක පොතක් බලන්නට හිතුණා කියන සිංදුව මතක්වුනා.
    මොකක්ද මේ කියා හිතමින් කියවගෙන ගියා,හොඳයි රසයි හැබැයි කොමන්.මොකද මේ දිනවල ඔක්කොමල ඔය වගේ විවේචන ලියනවනෙ.හරියට බැලුවොත් මේකත් දේශපාලන කවි ටිකක්, හැබැයි ප්‍රහසනය ඉතා උසස් මට්ටමක තියෙන නිසා කමෙන්ටුවක් කොටන්න හිතුණා.

    ReplyDelete
    Replies
    1. මට නම් හොඳටෝම මදි.. ඒ නිසා මගේ කොමෙන්ටුව මෙතන එල්ලනවා.. මූ කළබලේ ලියන ඒවා රහ නෑ.. අපිට උනත් එහෙමයි..

      අනික පරිප්පු 15 කින් අඩු කරපු එක ලියලා නෑ.. කුඩු තුරන් කරන්න යන එක ලියලා නෑ..

      හරි හරි... අල වැඩි උනා තමයි... ඒත්.. අල වගේද පරිප්පු...?

      Delete
    2. "රසයි හැබැයි කොමන්" කතාව ඇත්ත හලපයියේ ..දැන් මේවා කොමන් වෙලා. මිනිස්සුන්ට දැන් මේවා අහල අහලම සංවේදී වෙන්නේ නෑ .මේවා සාමාන්‍යකරණය වෙලා. එකනේ වෙනසක් දකින්නවත් කැමති නැත්තේ.

      Delete
    3. මාතේ - මට නිකං වගේ හිතුනා මාතලන් ඔහොම කතාවක් කියයි කියලා. හැලපයියා කිව්වා වගේ දැන් මේවා එදිනෙදා ජීවිතයේ කොටස්, ඒ නිසා මේවා ඇහුවා දැක්කා කියලා අමුතුවෙන් දුකක් වත් සන්තොස්‍යක්වත් හිතෙන්නේ නෑ . කොටින්ම දැන් මේවා සටන්පාඨ නෙවෙයි.

      Delete
    4. මේකයි මචං වැඩේ.. උඹ ආවේ පට්ට ඩයල් එකක් ලෙස.. ඒ කියන්නේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, සංඝා, සචින්, බ්‍රයන් ලාරා වගේ.. ඒ නිසා අපි හැමදාම බලාපොරොත්තු වෙන්නේ සෙන්චරීස්, ඩබල් සෙන්චරීස්, ට්‍රිබල් සෙන්චරීස්.. ඉතින් උඹ 30-40 කට අවුට් උනාම අපිට දුකයි..

      එත් උඹ ඇතුලේ නියම පොලිටිකල් රයිටර් කෙනෙක් ඉන්නවා.. ඒකෙත් උඹ මුලින් දුන්න ලෙවල් එකට මේක නෑ.. ඉතින් අපිට දුකයි.. ඒ අපි උඹට ආදෙරේ නිසා..

      Delete
    5. මල්ලි මංගලගෙන් නොව මාතලන්ගෙන් පරිස්සම් වෙන්න ඉදගෙන :D

      Delete
    6. @ මාතේ - මාතලන්ගේ උපදේශය සමග කල ඉහලම මට්ටමේ ඇගයීමට තුති....මේක උසස්ම මට්ටමේ නැති බව මම පිලිගන්නවා. ඔබ හැමගේ සහයෝගය මම හොඳාකාරව දන්නවා ....හැබැයි මට හිතෙන හැටියට මම පට්ට ඩයල් එකක් නෙවෙයි...(දැන් බනින්න එපා අවතක්සේරු කරගන්නවා කියලා ) තව හොඳට ලියන පොරවල් සෑහෙන ඉන්න තැනක් මේ ....ඒ අතරේදී උඹලා මට මෙහෙම කියනකොට ආඩම්බර හිතෙනවා හැබැයි

      Delete
    7. @ අපූර්වී - ඉඳගෙන හිටියොත් ඕනෑම කෙනෙක්ගෙන් පරිස්සම් විය හැක ... :D

      Delete
    8. උඹ හරි බං හැලපයියා කියනවා වගේ දැන් මේවා රටේ සාමන්‍ය දේවල් වෙලා.කොයි තරම් සමාන්‍ය වෙලාද කිවොත් රටට හෙණ ගහලා තියෙද්දීත් අපි අතල් එකේ ඉන්නේ එකනේ...

      Delete
    9. @ මනෝජ් - ඔව් බං මේ වෙන දේවල් ගැන අපිට ගානක්වත් නැති හැටි ...අපිට වෙනකං ඔහොම තමයි

      Delete
  12. ශක්‍ර ලොක්ක ලෑන්ඩ් කරල තියෙන්නෙ වැරදි පැත්තට වෙන්න ඇති. මිහින් එයා එකේ ඇවිල්ල මත්තල බැස්සනං ඇයිෂ්චර්යේ හිනිපෙත්තෙ තමයි නවතින්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තට කොහොද යන්නේ ප්‍රසන්න අයියේ ඒ පැත්තට යන්නේ ශ්‍රීලන්කන් යානා විතරනේ ..දිව්‍යලෝකෙන් එන ඒවා තියා වෙනරටක ප්ලේන් එකක්වත් එහෙ යන්නේ නෑනේ

      Delete
  13. Replies
    1. තැනකුයි ෆොටෝෂොප් මල්ලි ...:D

      Delete
  14. මට නම් ඇති විශිෂ්ටයි මලයා...!!

    ReplyDelete
    Replies
    1. තැනකුයි කෙන්ජයියේ ...හැබැයි මේ ඔයා අහපු එකනම් නෙවෙයි හරිද ...

      Delete
    2. හැක්...හැක්....මම ඉල්ලපු ඒවා නැති වුනත් මල්ලියො පැය ගානක් යන්න කලින් කවි කතාවක් ඉල්ලපු එකට ලැබුන ප්‍රතිචාරය අගයමි.
      සදුන් සෙවනේ චන්දනගේ දැක්ක හින්දයි උඹෙන් එහෙම ඉල්ලුවේ...
      අරිගතෝ...මලයන්ඩි......
      අන්න අර අපේ මහචාරියට පරිප්පු ගැනයි,කුඩු ගැනයි පදවැල් 4ක් කොටලා ඊයක් විදපන් බන්..

      Delete
    3. හෙක් හෙක් .....තැනකුයි කෙන්ජයියේ ...

      Delete
  15. මරැ කියමන් පවූලූෂා මලේ! උඹේ තවත් දක්ෂතාවයක් අද දැක්කා. ජයෙන් ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. තැනකුයි වේවා සඳුන් අයියේ .... ඔබටත් ජයෙන් ජය

      Delete
  16. දැන් ඔය ආසනේ අපායට යැව්වා නම් හරි. ළමා අපචාර කාරයන්ට දඩුවමක් විදිහට "පඬුපුල් ආසනේ ඉන්දවිම" අදුන්වලා දෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අපේ හැම ආසනේම මිහිපිට අපායවල් තමයි බං ...ආ සොරි උඹ කියන්නේ පඬුපුල් ආසනේ ගැන නේද?

      Delete
  17. මේ යන විදිහට ශක්‍රයා පඬුපුල් ආසනේ අතෑරලා දම්‍රෝ එකෙන් පුටුවක් අරගෙන යයි ශක්‍ර භවනට.. මොකද ඒ තරමටම ප්‍රශ්න නෙව.. ඒ සේරම දැවෙන ප්‍රශ්න !

    කවි ටික නං ගින්දර !

    ReplyDelete
    Replies
    1. දම්රෝ පුටු නම් ශක්‍රයාට මගටවත් ගෙනියන්න වෙනෙකක් නෑ මේ රත්වෙන හැටියට. තැනකුයි මචෝ

      Delete
  18. මේ වාගේ සුර පුරයක්
    දැක්ක ගමන් සක් අංකල්
    නවතින්නට වුව බැරි නෑ
    ලොක්ක හේම හදි ගැහුනොත්
    හා හා උඹ ඉක්මණින්ම
    පිටත් කරාපං මිනිහව
    නැත්තං මල ජූලි හතයි
    ගස් මන්දිරෙ නතර වුනොත්

    ReplyDelete
    Replies
    1. ගස් මන්දිරේට මිනිහා විතරයි බං අඩු අනික් හැමජාතියෙම එවුන් ඉන්නවනේ ..

      Delete
    2. ගස් මන්දිරේ නතර වෙන්ට??හුහ්...උඹ හිතුවද මං අධෝ මාර්ගය අදායම් මාර්ගයක් කරගත්ත එකෙක් කියල??
      (ලොක්ක උඹල ඔක්කොටෝම ගේම දෙනකොට උඹල හරි ආසාවෙන් ඇති මටත් බඩු පැකට් කරන්ට....හෙහ් හෙහ්...)
      ෴ශක්‍ර දේවේන්ද්‍ර෴

      Delete
    3. හෑහ්හ්... සක්කරය බ්ලොග් කියවන්නත් ඇවිල්ල නෙ. :D

      (සිරා කතාව ඇනෝ)

      Delete
    4. හැක හැක බලපන්කො චන්දන ශක්‍රයා පට්ට ඩයල් එකක් ...මිනිහා ජනාධිපති කරවන්න හිතෙනවා අම්මප

      Delete
  19. වෙලාවට මම එන්න කලින් ශක්‍ර දෙවියොම ඇවිත් "දැන් ඔය සීට් එකේ වාඩිවෙන්නෑ ඕක ගන්නෙ උයන පිහන කටයුතු වලට" කියලා පැහැදිලි කොරලා තියෙන නිසා හොදා නැත්නම් මාත් කියන්න ආවෙ මේ උණු වෙන උණු විල්ලට දෙයියාගෙ පශ්චාත් භාගෙත් උණුවෙයි කියලයි.

    දෙයියාගෙ උනත් එහෙම උනොත් කාට කියන්නද හත් දෙයියනේ.

    පැදි ටික නම් සුපිරිය.

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා ප්‍රියා.... මේ වෙන දේවල් වලට කොහොමත් ශක්රගේ පශ්චාත් භාගයෙන් බාගයයි තමයි ඇත්තේ

      Delete
  20. පස්ට කතා සෙට් එක ,සමහර තැන් මිට වඩා ගලපන්න තිබුණා ඕන ...කොම වුණත් පස්ට ..අපි හැමදාමත් ලියනවා වැඩක් වෙයිද කියලාත් හිතෙනවා ...

    ReplyDelete
    Replies
    1. තැනකුයි මචෝ -- "කොම වුණත් පස්ට ..අපි හැමදාමත් ලියනවා වැඩක් වෙයිද කියලාත් හිතෙනවා ..." ඕකනම් මටත් හිතෙනවා ..එත් නොලියා ඉන්න බෑනේ සහෝ

      Delete
  21. අපූරු අදහස... කොහොමත් මේ වෙන දේවල් වලට ශක්‍ර දෙවියන්ගේ පඬුපුල් ආසනේ නම් රත් වෙලා ඇති..

    ReplyDelete
    Replies
    1. මට හචින් ගිහින් ඉවරයක් නැහැ ,, අපූරු අපූරු කියනවා හැම තැනම .

      Delete
    2. ස්තුතියි තුශානි.....ඔව් ශක්‍රයා එකෙලු උයන්නේ මේ දවස් වල. අර උඩ ශක්‍රයාම කියලා තිබ්බේ

      Delete
    3. @ඔමා - අ........., අ............. ,අ ............... කියනකොටත් හචිං යනවද අනේ ....හිකිස්

      Delete
    4. @ ඔමා - හයියෝ... එහෙමද... ඒක ඉතින් හැමතිස්සෙම මගේ කටේ තියෙන වචනයක්... සොරි ඈ... අපහු කියන්නේ නැතුව ඉන්න ට්‍රයි කරන්නම්කෝ...

      Delete
  22. ශක්‍රය ලොක්කට හම්බ උනොත් පලාත් සඹ්හවට එවාවි.මෙහෙ සැප එහෙට වැඩිය හොදයි කියල පෙන්නල

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ මහා ඇමති අපේක්ෂකයා කරන්නත් බැරි නෑ හැබැයි

      Delete
  23. මේ මම අහන්නේ ඔය ශක්‍රයාට ලංකාව විතරද භාරව තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. නෑ හැබැයි මෙහෙ කේස් ටික බලලා ඉවා වෙනකොට අනිත් ඒවා බලන්න වෙන්නේ ඕ.ටී. එකටලු

      Delete
  24. ලස්සන නිර්මාණයක්. මසුරන් කතාවක්. ලංකාව දැක්කම ශක්‍ර දෙවියෝට කලකිරිලා තපසට යයි.

    ඔය කණ නොවෙයි යෝදියේ මේ කණ

    ReplyDelete
    Replies
    1. තැනකුයි සිංහලයෝ - කලකිරිලා වෙන්න ඇති මෙච්චර දේවල් වෙද්දීත් මේ පැත්තවත් නොබලන්නේ

      Delete
  25. හැම සැරේම කියනවා වගේ හරිම අපූරු කවි කතාවක්. හොඳින් රසවින්දා ඉවාන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරු ..කෝ කෝ ඉක්මනට පොත පොත ......හ්ම් හ්ම්

      Delete
  26. මට නම් එල බන්.
    මෙදා පොටේ නෝ විචාරස්

    ReplyDelete
  27. මේ තියෙන FM මදිවට මම හිතුවා ශක්‍ර FM කියලා තව එකක් අටෝලා කියලා.

    ReplyDelete
    Replies
    1. අමුතුවෙන් අටවන්න ඕන නෑ...තියෙන ඔක්කොම එහෙම තමයි.....
      {if you know what i mean ;) }

      Delete
    2. තේරුනා....තේරුනා.....

      Delete
    3. මට කියන්න දෙයක් නෑ උත්තරේ ඇනෝ දීලනේ අරූ අයියේ ....

      Delete
  28. හිනා කෝටියයි. මම බැලුවෙ පවුලූශාට කවිකතා ලිවිල්ල අමතක වෙලාදෝ කියල. හැබැයි මේ දින කිහිපයේම ලියපු ඒව මම ආස කරන සුපුරුදු ශෛලියෙන් බැහැර වෙලා වගේ පවුලුශෝ... මමනම් කැමති කතාවත් එක්ක අපිව උඩට උඩට අරන් ගිහින්, හිතන්නෙවත් නැති සිද්දියක් එකපාරටම ගෙනත් අපිව ඩෝං ගාල පියවි ලෝකෙට අතෑරල කතාව හමාර කරන එකට.

    අද කවියත් ඉතින් කාලෙට ගැලපෙන අපූරු කනේ පාරක්! උණුවෙන උණුවිල්ලට ඔය පඬුපුලේ තව ඉඳන් ඉන්න ඉඩක් ඉතුරුද දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. මෙන්න යකෝ ඒ ගමන් බස්සි රෝස පාට වෙලා .. එහම් එකකුත් ලියමු හරිටම හරියන ටොපික් එකක් සෙට්වුනේ නෑ ...
      පන්දුපුලේ දැන් තියෙන්නේ ශක්‍ර ගෙදර කුස්සියෙලු ..ශක්‍ර හාමිනේ උයන්නේ එකෙන්ලු ..ගෑස් ගණන් නිසා

      Delete
    2. හික්ස්...!!! බස්සි රෝස පාට වෙලා G+ එකෙන් ආයෙම බ්ලොගරේට පියෑඹුවලු හොඳේ....

      Delete
  29. මුල් ටික නම් නියමයි...
    ශක්‍රයටත් එපා වෙන්න ඇති..අපේ ප්‍රශ්න විසඳන්න ආවම, අපි විසදන්න තරම් ප්‍රශ්න අපිට නෑ කියල කියනකොට..

    ReplyDelete
    Replies
    1. තැනකුයි චාම්ස් -- ඉහින් ශක්‍රයාට විසඳන්න තරම් ප්‍රශ්න අපිට නෑනේ ..බොරුද .../ ඔයා නයි ටී.එන්. නිව්ස් බලන්නේ නැද්ද හැබෑටම ...?

      Delete
  30. ඔය එක කක්කා චැනල් එකක්වත් අහන්නේ බලන්නේ නැති නිසා හිත සැහැල්ලුයි.

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ ....ෆැමිලි චැනල් එකෙන් යටාර්ථය පෙන්නන එකට විචාරකලා වගේ ප්‍රතිගාමී බලවේග කැමති නෑ :D

      Delete
  31. ඔය ආසනේ දැන් පාවිච්චි කරන්නේ රොටි පුච්චන්නලු!

    ReplyDelete
    Replies
    1. ඇත්තද බං.....?
      බලපන් මේ පත්තර මල්ලි කියන බොරු ..ඌ කියනවා එක දැන් පාවිච්චි කරන්නේ කොත්තු ගහන්නලු

      Delete
  32. ෂෝයි මෙයා .. මං හිතන්නේ සක්‍රයා දැන් ඉන්නේ පුටුවක නෙමේ ,,, .

    ReplyDelete
    Replies
    1. තැනකුයි ඔමා ...එහෙනං කොහෙන්ද මෑන් ඉන්නේ..?

      Delete
  33. සක්කරේ ආපහු ගියා කියල ෂුවර්ද??...තාම කොල්ලුපිටියේ ද දන්නෑ..පොඩ්ඩක් හොයලා බලපන්.....

    ReplyDelete
    Replies
    1. කියන්නත් බෑ ඕයි ..පොඩ්ඩක් හිටින් "ස්ටාර් ඩස්ට්" එකෙයි ,"ජිනාස්පොට්" එකෙයි බලලා එනකං

      Delete
  34. නියම යි! මුල් ටික නම් මරු! ඇත්තනේ ඉතින් ශක්‍රය කියල කොහොම අඳුන ගන්නද දැන් ගෙවල්වලට එන්නෙ ම එෆ්.එම්.වලින්නේ...)))

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිලිනි ... දැන් ගෙවල් වලට කෝල් කලාමත් මිනිස්සු මෙලෝ විචාරයක් නැතුව කියන්නේ මමං අහන්නේ අර එෆ්.එම්. කියලා තමයි

      Delete
  35. යසට හීනවා..රිදෙන උන්ට රිදෙන්නම ලියලා........මේවා බ්ලොග් වල නෙවේ අර දවලද රෑද මන්දිරය වටේ කටවුට් ගහන්න වටින ලියවිලි......ගෙබි අයියා හපනා ...

    ReplyDelete
    Replies
    1. රිදෙන්න ඕන එවුන්ට රිදෙනවා තියා දැනෙනවාද කියලවත් නොදනිමි බං ..... මොකක් කිව්වා ගෙඹි අයියා.....? හිටපන් ශක්‍රයාට කියලා කඩවනවා අඬු ගෙම්බි ..:D

      Delete
  36. ඔයා දැන් ශක්‍රයත් එක්කද වැඩ? :D

    ඔය අසුන මෙහාටත් ලඟ ඇති. මේ පැත්ත හෝ ගාලා රත්වෙනවා...අද 39 කොහෙද...එයා මේ පැත්තටත් එනවද දන්නෙත් නෑ. මේ එයා එනවානම් ඔයත්, මේ පැත්තේ එන්ට හොඳේ. :))

    කවි ටික හොඳට කියවලා, ආයෙම කමෙන්ට් එකක් පස්සේ දාන්නම්...

    ReplyDelete
    Replies
    1. මම මේ ශක්‍රයා එක්ක සෙට්වෙලා ඔයාව හොයනවා ....
      ඔය පැත්තේ රස්නේ වැඩිවෙලා ග්‍රෑන්ඩ් ස්ලෑම් එකත් නැවැත්තුවා නේද ..?
      ශක්‍රයා නැතුවම මම මේ ඔය පැත්තේ එන්න කියලා තමයි හදන්නේ ... :)

      Delete
  37. මෙහේ වෙන දෙවල් වල හැටියට ශක්‍රයට වාඩි වෙන්න වෙන පුටුවක් හදලා දෙන්න වෙනවා.. ඔන්න ඔහේ පොඩි රවුමක් එක්ක ගිහින් ආයෙම දිව්‍යලෝකෙට පිටමං කරපං බං..

    ReplyDelete
    Replies
    1. මිනිහා යන එකක් නෑ වගේ... දිව්‍ය ලෝකේ මොන සැපක්ද ..මෙහේනේ සැප කියලා ඔය කොල්ලුපිටියෙන් බැස්සේ ..:D

      Delete
  38. ශක්‍රයාගෙ මෙව්වා එක රත් වෙලා දැං ධාතු වැඩ කරන්නෑලු.ශක්‍රයගේ ගෑනි හෙන අවුලෙං නේ ඉන්නවා කියන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ශක්‍රයාගේ ශුක්‍ර හිඳිලා ......අයියෝ ශක්‍ර පරම්පරාව

      Delete
  39. මේ පෝස්ට් එකේ මාතෘකාව පේන්නෙම sperm වෙලා

    ReplyDelete
    Replies
    1. ශික් අම්මප මෙහෙමත් එවුං... .... ඉතින් ශක්‍රයටවත් හිතෙයිද මුන්ට පිහිටවෙන්න

      Delete
    2. හෙක් හෙක් හෙක් ඒක මිසක්..

      Delete
  40. පඬුපුල් ආසනෙ ලන්කාවෙ වගෙ තිබ්බ නම්,ඒකට ආසන සන්විධායක කෙනෙක්,උට ලේකම් කෙනෙක්,උන් සේරටම වාහන..එක්සෙට්‍රා...එක්සෙට්‍රා...

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කිව්වා රාගමයට මේ පැත්තට .....අනිවා තව අධීක්ෂණ මන්ත්‍රී කෙනක්....උපදේශක කෙනක්...ඇයි පඬුපුල සුරකීමේ සංවිධානයක්

      Delete
  41. මොකෝ බං මේකේ කැල්ලක් උපුටා ගන්න බැරි.?අවුලක් නැහැ.මේ ශක්‍රයා අපේ චන්ද්‍රිකා නෝනා ජාතියේ එකෙක්ද...?මොකෝ මේකාගේ පුටුව රත් වෙන්න මෙපමණ කලක් ගියේ....?

    ReplyDelete
    Replies
    1. මොකද බැරි උපුටා ගනින්කෝ ඕනෑතරම්....ශක්‍රයා ඇවිත් තියෙන්නේ පුටුව රත් වෙච්ච නිසා නෙවෙයි බං... ඒක නිවෙන්නේ නැත්තේ ඇයි කියලා බලන්න .

      Delete
  42. ආසියාවේ ආශ්චර්යය පිළිබද කදිම සටහනක්...හම්බන්තොට මිනිස්සු විතරද එතකොට දැන් සැප විදින්නෙ...

    ReplyDelete
    Replies
    1. මෙහෙම ආශ්චර්යයක් වෙන කොහිද ...? හම්බන්තොටත් මිනිස්සුන්ට ඇති සැපක් නෑ බං. දන්නවනේ ඉතිං

      Delete
  43. අප්පට සිරි...මම හිතුවේ නම් සක්කරයාගේ පුතාට අපහාස කල වුන්ට ගේම අදියි කියලා..සක්කරයත් දැන් මට මුකුත් මතක නෑ ඕයි ටයිප්ද?....ආශ්චර්යේ දැකලා අමතක වෙලාද??

    ReplyDelete
    Replies
    1. සක්කරයට විතරක් මතක් තියෙයිය බං. අමතක් වෙච්ච එවුන් විඳින සැප දැක්කම සක්කරයට හිතෙන්න ඇති මේ ලබ්බවල් මතක් තියන් ඉඳලා මොන මගුලකටද කියලා

      Delete
  44. හෙහ් හේ . ඔය දෙයියෝ අතරේ ලොක්කා ශක්‍රයා හැමදාම ජෝක් එකක් වෙලා තියෙන්න කොහොමද කියලා හෙව්වොත් නරකද.? අඩු තරමේ පොරට කියලා දේවාල කෑල්ලක්වත් නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමයි තිලකයියේ දෙයියන්ගේ ලොක්කා වුනාට පොරට වන්දින්නේවත් නෑනේ මිනිස්සු

      Delete
  45. මොකද සුදු වෑන් එකක යන්න ආස හිතුනද?

    ReplyDelete
    Replies
    1. ගියොත් නම් උඹවත් ඇදගෙනම තමයි යන්නේ

      Delete
  46. තිලකේ& පවුලිස්.......ඔය අදහස් එලියට දාන්න එපා යකෝ....මුන් පටන් ගනියි ශක්‍ර දේවාලවල් ශුක්‍ර විදිහට. රිප්ලයි ත්‍රෙඩ් එක ඕපන් වෙන්නේ නැහැ. මගේ වරදක්ද දන්නේ නැහැ. මොකද නූල කැඩිලා ගොඩක් කල් :D

    ReplyDelete
    Replies
    1. නූල කැඩිලා.....! හප්පේ මම හිතන් හිටියේ අරූ කියන්නේ හිරිමල් යෞවනයෙක් කියලා... හිකිස්

      Delete
  47. පරිප්පු අඩු කළා කියල ශක්‍රයා දන්නේ නැතුවැති

    ReplyDelete
    Replies
    1. කොහේද මෙහෙ මිනිස්සු පරිප්පු කන හැටියට ශක්‍රයා හිතන් ඉඳලා තියෙන්නේ ලංකාවේ පරිප්පු නොමිලේ දෙනවා කියලලු.

      Delete
  48. Replies
    1. ආ මෙන්ඩා ..ආයේ මක්කයි දන්නවනේ ඉතින් අපේ හැටි

      Delete
  49. Replies
    1. අනිවා ..එකනේ ආපහු ගියා කියලා ආරංචියක් නැත්තේ

      Delete
  50. ඔය ශක්‍රයාට අපේ මහින්ද අංකල් එහෙම පෙන්නනව නෙවෙයි එහෙම..
    (පොර ශක්‍රයව ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු ගෙනල්ලා ඇමති කමකුත් දෙයි)

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. විදානේ මහත්තයා මේ පැත්තට ආවාමයි මමහිතන්නේ ..වෙල්කම් කිව්වා , හැබැයි ඒ කතාව ඇත්ත..මාලිනි ෆොන්සේකට ආයෙත් ඉලා අස්වෙන්න වෙනවා ....

      Delete
  51. හිටහන් පුතා සුදු වෑන් එකක් එවන්න. අධිරාජ්‍යවාදීයා විදුලි පුටු කාරයා, දේශ ද්‍රෝහියා, අපේ ලංකාව වගේ ආශ්චර්යමත් රටකට අපහස කිරීමේ වරදට මාමට කියල හිරේ දානවා මී ඇස් දෙක පල්ලා :P

    ReplyDelete
    Replies
    1. කෝරලේ පුතේ ...අනේ එහෙම කරනන් එපා බන්...ඕනෙම නම් මම දාත ශක්තිමත් කරන්න එන්නං.. මාමට කියාහන් මට ඔය වගේම මගේ හොඳ කියන්නත් පුළුවන් කියලා

      Delete
  52. හෙහේ එහෙනං උන්දැත් දැන් අපේ ෆැමිලි චැනල් බලලා කතිරෙ ගහයි. :D
    කවිය පටන් ගත්ත හැටි වඩාත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. තැනකුයි Thambaru Wijesekara ...අනිවා බැලුවොත් මෝහනය වෙනවා

      Delete
  53. සතියක් නිවාඩු දාල මට මේ බ්ලොගේ කියවන්න හිතෙනවා ආපහු මුල ඉඳන්....

    ReplyDelete
    Replies
    1. ඉතින් කියවන්නකෝ සියලු රෝ දුක් නිවාරණය වෙනවා සැනෙකින්

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]