Tuesday, October 20, 2015

ප්‍රතිලෝම



මේවා ෆෑන් නෙවෙයි නිකං රූං පෙති වගේ ,

වදින හුළඟක් නම් නෑ , කැරකෙනවා කියලා දැනෙන්නේ හිටපු ගමන් ඇහෙන ටක ටක සද්දේ නිසා .. ආණ්ඩුවේ කන්තෝරු කියන නමටම ගැලපෙනවා

දවසක ඔලුවට කඩන් වැටෙනකං දන්නේ නෑ... ශික් විතරක්...

ටක් ටක් ටක් ....

දොරට දෙතුන් පාරක් තට්ටු කරද්දී විනිවිද නොපෙනෙන බොඳවී ගිය වීදුරුව හරහා මට පෙනුනේ තැඹිලි පාට සාරියක් . ඒ සැනින් පුටුවේ හරිබරි ගැහී කොන්ද කෙලින් කරගත්ත මං ඉක්මනින් කොණ්ඩය අතින් හදාගෙන ළඟ තිබුණු ෆයිල් එකත් පෙරලගෙන ,

ඇතුලට එන්න




ටීකක් ගාම්භීර කරගත් හඬකින් ශබ්දය පිටකලා .. ඔලුව නොඋස්සාම ෆයිල් එක තුලට එබෙමින් පෑනෙන් ෆයිල් එක තුල වූ අකුරු පේලි  අතර එහෙ මෙහෙ ගියේ මම අධික වැඩ බව ඇයට හැංගෙන්න හරිමින්.
යටසින් බලද්දී කිරි සුදු පැහැති පාවහන් යුගලය තුලින් එලියට පැමිණි සීරුවට කැපූ අලංකාර නිය සහිතව මා දෙසට පිය නගන්නී කවුරුන්ද යන්න ඒ වන විටත් මම දැන සිටියා .

කවුද

ඔලුව නොඋස්සාම මම ඇසුවත් ෆයිල් කවරය ඇතුලේ තියෙන කොලවල මොනවා තියෙනවාද කියා නොපෙනෙන තරමට මගේ හිත චංචල වෙලා බවනම් තේරුනා ..

"සර්

මිනි කිංකිනි හෙලවෙනවා කියන්නේ මේකට වෙන්න ඇති

"ඔව් ... "

"සර් මේ පෝර සහනාධාර ෆෝම් ටික..."

"ඔහොම තියන්න "

ඔලුව උස්සලා ඒ රූපය දිහා බලන්න හිත හදාගත්තේ සෑහෙන වෙලාවකට පස්සේ , සුදෝ සුදු දත් දෙපෙළ යන්තමින් පේන්න හිනැහීගෙන තනි කරලට ගොතපු කොණ්ඩය පිට මැදින් වැටෙද්දී ,ඇත්තටම මට හිතට එන හැඟීම් කොහොම කාට කියන්නද ?

"සෞම්‍යා  ... ඔයා ඔය ටික ඔක්කොම චෙක් කලාද ?"

තෝරලා තෝරලා කියපු වචන ටික උගුරේ දෙතුන් පාරක් ගැට ගැහෙනවා වාගේ දැනුනත් කිසි අවුලක් නැතුව මොනවා හරි කියාගත්ත එකත් ලොකු දෙයක්.

සෞම්‍යා අලුතෙන් මෙහෙට ට්‍රාන්සර් ආපු දවසේ ඉඳන්ම ඔෆිස් එකට අමුතු ආලෝකයක් වැටුනා වගේ . කොයි වෙලෙත් එකම මූණු ටිකයි අව්වට කරවෙච්ච ගොවිනුයි ,ගොවි ගෑනුයි අතරේ ගත වෙච්ච් නීරස ජීවිතේට වැටුණු මීපැණි බිංදුවක් වගේ .

"ඔව් සර්..."

"එහෙනං තව ටිකකින් එන්නකෝ .."

ඒත් එක්කම මගේ මේසය දිහා බැලුව සෞම්‍යා නැගුනු  හිනාවක් ආයාසයකින් යටපත් කරගන්නවා වගේ මට දැනුනා . අතින් කට වගගත්තු සෞම්‍යා එලියා ගියේ ලස්සන ඇස්දෙකෙන් හිනාවෙන ගමන්

ෆෑන් එකේ ටක ටක සද්දේ ආයෙත්

මට පිටුපාලා යන සෞම්‍යා දිහා බලාගේ හිටපු මම පියවි සිහිය ලැබුවේ එයා දොරත් වහලා ගියාට පස්සේ මම හිතන්නේ .මේසේ දිහා බලපු මට තරු විසි වුනා ,මම හෙන බිසී වගේ පෙන්න හිටියට ෆයිල් එක තියාගෙන ඉඳලා තියෙන්නේ ඔලුවෙන් හිටවලා නෙ . ශේහ් වස විලි ලජජාවයි


*******


සෞම්‍යාගේ සෞම්‍ය ගතිය වැඩිපුර දැනුනේ මට වෙන්න ඇති. මෙච්චර දවසක් උනන්දුවෙන් නොකපපු රැවුල දැන් දැන් උදේට කීප සැරයක්ම අතගාලා බලලම බොහොම සීරුවට කැපෙනවා .

“මොකක්ද බාප්පේ මේ , බාප්පා මේවත් ගානවද . පොඩි අයියගේ පුතා දවසක් මම ගෙනාපු fair and handsome ක්‍රීම් එක උස්සගෙන ගේ මැදින් කෑ ගහගෙන දුවද්දී ගෙදර හැමෝම මගේ දිහා බැලුවේ සත්තු වත්තෙන් පැනපු ඇනකොන්ඩාවෙක් දිහා බලනවා වගේ
.
ශික් අම්මප මේ පොඩි උන්ටත් ඕනේ නැති දෙයක් නෑ. කෑවා ගම.

විලිලජ්ජාවේ සන්තෝසේ බැරුවා .

කන දෙපැත්තේ සුදුවේගෙන එන කොන්ඩේ ආපහු කළු වුනේ කොහොමද කියලා කවුරුත් ඇහුවෙනම් නෑ.
ඔලුව මැද යන්තම් මෝදුවෙන තට්ටේ කොහොම හරි වැහෙන විදිහට කට් එකක් ගහන්න කිව්වම බාබර් සාප්පුවේ මල්ලි බලං හිටියේ නිකං කින්ඩියට වගේ , දෙන්න හිතෙනවා හොම්බ සමතලා වෙන්න . මොකෝ යකෝ පිනට කරනවයි .

හැමදාම කන්නාඩිය ඉස්සරහ හිටගත්තම මං උත්සාහ කලේ වයසට ගිහිං නැති බව තහවුරු කරගන්න ..

මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා ....
නුඹ හීනෙන්වත් නොදකින කුමරා ......

නෙද්දකින් මොකාද යකෝ ඔය සින්දුව ලියපු එකා .

ඉස්සරනං හිතං හිටියේ ආණ්ඩුවේ කන්තෝරුවක රස්සාවක් ලැබුනම ඔක්කොම හරි කියලා . ඒත් ඒ අතරේ ලෝකේ ඉක්මනට කැරකුනා , අපි කැරකිලා වැටුනා . හැමදාම අටවාගෙන දුවන කාර් එකක අයිති කාරයෙක් වෙච්ච ,ආණ්ඩුවේ කන්තෝරුව වගේම දිරාපත් වෙන ජීවිත


*******


"සර්ට අලුවා කෑල්ලක් දෙන්නද ?"

"ආ සෞම්‍යා .. ගෙදරින් ගෙනාවද ?"

"ඔව් සර් ... ඔය පාර්සලේම ගන්න සර්, සර්ට තමා ගෙනාවේ .."

ඉස්සර  දවසක් යාළුවො එක්ක ගොළු හදවත ෆිල්ම් එක බලද්දී , ෆිල්ම් එකේ දම්මි සුගත්ට වෙරළු දෙනකොට අපේ හිටපු නසරානියෙක් හෝල් එක ඇතුලෙදි කෑගැහුවේ “ ඒයි අර තාත්තටද බං වෙරළු දෙන්නේ “  කියලා .

ශික් ඒක මොකටද මේ වෙලාවේ මතක් වෙන්නේ . එකත් එකටම ඒ අවලමා හිටියනං මෙතනත් මොනවා හරි කට කැඩිච්ච කතාවක් කියයි . පළාතේ නැති එකමයි හොඳ.

"ආ ..ආ මටම කියලා ගෙනාවද තෑන්ක්ස්.."

"හි හි අම්මා කිව්වා සර්ට දෙන්න කියල ...."

"සෞම්‍යා ගේ ගෙවල් කොහෙද ?"

එදා කොයි තරං වෙලා සෞම්යාක එක්ක කතා කර කර හිටියද , මම හිතන්නේ සෞම්‍යා ගේ හිතේත් මං ගැන පොඩි කැමැත්තක් තියෙනවා .

හතලිස් හතක් කියන්නේ වයසකද පිරිමියෙකුට

ඔය කිව්වට සෞම්‍යටත් තිස් දෙකක්වත් නැතැයි. මොකෝ දන්නේ නෑ මෙච්චර කල් නොබඳ හිටියේ .
ඔය ප්‍රශ්නේ මගෙන් ඇහුවා කියලා මොන උත්තරයක් දෙන්නද ?


*******


දවස් දෙකක් පාරේ අයිනේ නවත්තගෙන ඉඳලා අමාරුවෙන් යන වෙලාව අල්ලගෙන සෞම්‍යාව කාර් එකේ දාගෙන ආවා ඔෆිස් එකට. එදානම් මං වටපිට බැලුවේ ටිකක් ආඩම්බරෙන්, සෞම්‍යගෙ වටේ වැඩිපුර කැරකෙන අමිතයා හිටියේ නිකං ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ .

හොඳ වැඩේ ගල් ඉබ්බාට . ඕකා තමා හැම තැනම පතුරන්නේ මගේ බඩ ගැනයි , තට්ටේ ගැනයි , දැන් ඉරිසියාවේ පැලෙනවා ඇති , අනික බඩ පොඩ්ඩක් නැතිව මොන පර්සනල්ටියක්ද ...

එදායින් පස්සේ අඩුගානේ සතියට දවස් තුනක්වත් මට “ අහම්බෙන්” සෞම්‍යව මගදී මුණගැහිලා කාර් එකේ දාගෙන එන්න වෙනවා . හැමදාම යන්නත් හොඳ නෑ ,

එක්කෝ කමකුත් නෑ. කොහොම හරි දැනගන්නත් එපැයි
.
හවසට එක්ක යන්න තියෙනවනම් මරු. ඒත් කොහෙද අර බෙලිකටු මල්ල විනීතා නගිනවනේ බලෙන්ම සෞම්‍යත් එක්ක ,එතකොට ඉතිං සෞම්‍යගේ සුන්දරත්වය විඳිල්ල කෙසේ වෙතත් අර ගෑනිගේ කන්කරච්චලේ , හරියට දන්සල ළඟ විරිදු ඇහුවා වගේ. ගෙදර ගිහිල්ලත් පැය ගානක් යනකං කන් දෙකේ දෝංකාර දෙනවා .


*******


අදනම් අම්මේ දෙයියෝ දීපු දවසක් , දෙන දෙයියෝ ගෙටම ගෙනත් දෙනවා කියන්නේ ඕකනේ , කන්න පින තියෙනවනම් ඉබ්බා ගෙටම එනවලු

පෙරුම්පුරලා පෙරුම්පුරලා අවිනීත විනීතා නැති දවසේ යන්තං හිතේ හැටියට වෙලාවක් සෞම්‍යා එක්ක ඉන්න ලැබුනා ,

එත් එයා ටිකක් කලබලෙන් වගේ හිටියේ මොකෝ දන්නේ නෑ. කලබල නැත්තේ මොන කෙල්ලද ඔහොම වෙලාවට . ශික් අම්මපා කොච්චර දහිරිය දැම්මත් අදත් කිසිම දෙයක් කියාගන්න බැරි වුනානේ .

කොෆී ෂොප් එකට යනු කිව්වම නිකං හරියට රූම් එකක් ඇතුලට යන්න කතා කළා වගේ ගැහෙන්න ගත්තේ . හැබැයි ගෑනු ළමයි ඉන්න ඕන එහෙම තමා . මුළු පැය තුන්කාලටම වචන කීයද කතා කලේ .. එක්කෝ කමක් නෑ...


*******



ට්‍රිං ට්‍රිං ට්‍රිං ට්‍රිං

රෑ එකට විතර ෆෝන් එකට ආපු මැසේජ් එක දැකපු මට නිදිමත කොහෙන් ගියාද දන්නේ නෑ
.
“OYA NIDIDA?

KATHA KRADDI KIYANNA BARI WUNA,

API SENASURADATA ARA FILM EKA BALANNA YAMU

මොන ෆිල්ම් එකද ? මට මතක නෑනේ එහෙම එකක් සෞම්‍යා අහපු බවක්. ම්ම්ම්ම්ම්
කමක් නෑ , අමතක වුනා කියන්න හොඳ නෑ..

ගන්න ඕන කෝල් එකක් ,  ප්‍රතිචාරයක් නොමැත , ගෑනි ලැජ්ජාවට ඔෆ් කරලා ඇති . කමක් නෑ .

OK, API YAMU …

HETA KATHA KARAMU

එදානම් එලි වෙන්න සෑහෙන පරක්කු වුනා. වෙනදා මේ වෙද්දී ඉරත් පායලා .

මොන මගුලක්ද මංදා , කෙහෙල් මල් ට්‍රැෆික් ප්ලෑන්. පොලිසියේ ඉන්නේ අම්බරුවොද හැබෑට , වෙනදා යන එන පාරවල් ඔක්කොම වෙනස් කරලා , ඒ මදිවට බ්ලොක් වෙලා . ශික් හොඳටම පරක්කුයි .

ඔෆිස් එකට අඩිය තියනකොටම දැක්කේ සෞම්‍යා විනීතා එක්ක කතාවක් , එක සැරේම මාව දැකපු සෞම්‍යා  ගැස්සිලා ගියා , මොකෝ දන්නේ නෑ , නිකං අඬලා වගේ ,මූණත් තඩිස්සි වෙලා , එයාටත් ඊයේ රෑ නින්ද යන නැතුව ඇති.

කෝල නොවෙන් රත්තරනේ
නුඹට නොකීවට දැක්ක දිනේ සිට ...

පව් ලැජ්ජා ඇති .


*******


එකසැරේම දොර විසි වෙන්න ඇරගෙන ආවේ අඩි හයක් විතර උස , දකුණු ඇහැට යටින් කිනිස්සක පච්චයක් ගහපු මිනිහෙක්.

මට කිසි දෙයක් හිතාගන්න ලබුනේවත් නෑ , ඌ මාව උස්සලා ගත්තේ නිකං පුළුන් බෝනික්කෙක් උස්සලා ගන්නවා වගේ .

"අඩෝ තට්ට නාකියා , තෝ තමයි එහෙනං මනමාලයා .. ලොකු සර් ....................හුහ්...පර බල්ලා තෝ හෙට ඉඳන් බත් කන්නේ මේ දත් ටික නැතුව .."

කියපු එකා මගේ මූණ හරහා මිට මොලවලා පාරක් ඇන්නේ එකසරේම, ඇත්තටම තරු පෙන්වා නේද කියලා මට හිතුනා ..

හම්මේ ... ෆෑන් එකත් ආපහු ටක ටක ටක සද්දෙන් කැරකෙනවා

"හැමදාම මහා රෑ ඇහැරගෙන මේ ගෑනි කාත් එක්කද කටු කුටු ගාන්නේ කියලා මාත් හොයා හොයා හිටියේ "

හැමදාම ? හැමදාම ? හැමදාම කොහෙද ඊයෙනෙ ඉස්සෙල්ලම .... දෙයියනේ සෞම්‍යා ඔයා .....???????

"පට්ට බැල්ලිට ඊයේ අමතක වෙලා මැසේජ් මකන්න . අද  දෙන්නං උඹට ඉස්ම යන්න ...."

වයසක සිකුරුටි අංකල් ඇවිත් අර මනුස්සයට වඳින හැටි මට නිලංකාර වෙද්දී පෙනුනේ ෆෑන් එකේ ටක ටක සද්දේ ආපහු ඇහෙනවත් එක්කමයි .

200 comments:

  1. දැක්කනෙ මම එක වෙච්ච හැටි. දැන් කියවන්නම්.

    ReplyDelete
    Replies
    1. //අනික බඩ පොඩ්ඩක් නැතිව මොන පර්සනල්ටියක්ද .// නැතුව නැතුව. හැක්
      මේකත් ඔය වයසෙ බ්ලොග් කාරයෙක්ට වෙච්ච වැඩක්ද? නැත්නම් උඹටම වෙච්ච වැඩක්ද? මදෑ කොටු පනින්න ලෑස්ති වුනා. දැං ඉස්පිරිතාලෙ ගිහිං දත් ටික හදාගං.

      Delete
    2. කියල වැඩක් නෑ පූසො. මම නිකං රජයේ කාර්යාලෙකට ගිහින් බලං හිටිය වගේ.

      Delete
    3. //මේකත් ඔය වයසෙ බ්ලොග් කාරයෙක්ට වෙච්ච වැඩක්ද?//
      hikZ

      Delete
    4. @ ආකාස කසුන් - මේක වුනේ කාටද කිව්වොත් කොහොමත් මට දත් ටික දාගන්න වෙනවා , තැනකුයි මචෝ

      @ බට කොස්සි - මොකෝ උඹ හිකිස් ගාන්නේ , උඹ දන්නවද ඔය වයසේ බ්ලොග් කාරයෙක්

      Delete
    5. Anita bada poddak nathuwa Mona personalityakda? Ela Ela..

      Delete
  2. හහ් හහ් හා. අපේ ටිපිකල් කතාවක්... ආතල් එකට නං හොදා.. මං නං බැලුවෙ හිනා වෙවි. හැක්. මැවිසුරුවන් ඔයිට වඩා විනීත වෙන්න ඕන පෝර සහනාධාර දීමේදී..

    ගෙබිලූසා සෝකෙන්.. හැක්

    ReplyDelete
    Replies
    1. ආතල් එකට තමා බං ලිව්වේ . දේශකයට සිදුවූ දේ පිළිඹඳ ගෙඹිලූෂා ශෝකෙන්

      Delete
    2. මට බෑ බං දැං.. කොහොමත් පුලුවං කමක් තියෙන එකෙක් යැ මං.. ඉතිං අතෑරියා.. පුලුවන් දවසක කරනවා. හැක්

      Delete
    3. කොහොම වුනත් කළු කමියගෙන් උඹ "හැක්" කෑල්ල ඉල්ලා ගත්ත එකනම් හොඳයි

      Delete
  3. එළ කියන්නේ ලොවෙත් නෑ , ලොවි ගහෙත් නෑ , බිමත් නෑ !!

    මේකට යාවෙන කතාවක් මටත් තියෙනවා ලියන්න. දැනට අවුරුදු 6-7 ක විතර ඉඳන්.... හික්..

    හොඳයි කියන්නේ ලව් පුස්! හිටහන් මම පේලියෙන් පේලිය විචාරක් ලියන්න

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් ලියන්නකො බලන්න.

      Delete
    2. අඩෝ උපයා
      අවුරුදු 6 - 7 ඉඳන්?

      ඉතින් මොන කෙහෙල්මලක් කරනවද බොල ඒ කතාව ලියන්නේ නැතුව . ලියාපන්කෝ .
      කෝ දැන් උඹේ පේලියෙන් පේලිය විචාරය ?

      Delete
    3. කතාව ආරම්භය මනබඳනා සුළුයි. එනම් අභ්‍යන්තර සංවාදයක් සහ ඒ ඇතුලේ කැටිවෙච්ච ලොකු පරාසයක සිතුවිලි තියෙනවා.
      [වදින හුළඟක් නම් නෑ , කැරකෙනවා කියලා දැනෙන්නේ හිටපු ගමන් ඇහෙන ටක ටක සද්දේ නිසා .. ආණ්ඩුවේ කන්තෝරු කියන නමටම ගැලපෙනවා]

      අපිට පුද්ගලයාගේ පසුබිම ඉක්මනින්ම තේරුම් කරවන්න සමත්.

      [දවසක ඔලුවට කඩන් වැටෙනකං දන්නේ නෑ...]
      ඒ වගේම කතාවේ අවසානයට ගලපගන්න වැදගත් සහ ක්ෂණික හින්ට් එකක් ලැබෙනවා

      කතාවට අදාළ වන වස්තු සහ පුද්ගලයින් ගැන චිත්‍රය මවන අතරේ හිත ඇතුලේ ඇතිවෙන පරිකල්පන ගැනත් ඉතා කෙටියෙන් ලස්සනට කියන්න සමත් වෙලා තියෙනවා. මේක කෙටි කතා ලියන්නෙකුගේ සුවිශේෂී හැකියාවක්. පරිසර වැනුම්, පුද්ගල හැඟීම් ගැන දිගින් දිගට ලියන්නට කෙටිකතා කරුවෙක්ට ප්‍රතිපාදන නැති නිසා ඉවාන් එය තියෙනවා.
      ( ඒ උනාට තැඹිලි පාට සාරියකට, සුදුපාට සපත්තු! ඊ... යා..... හික්...)

      නමුත් ඔලුව උස්සලා බලනකොට සෞම්‍යාගේ දර්ශනේ ගැන තව ටිකක් වෙනස් විදියට ලිව්වා නම් වටිනවා කියලා හිතුනා. ඒ කියන්නේ පිරිමියෙක් ගොතාපු කොන්ඩේකට සහ සුදුපාට දත් වලට වඩා ප්‍රභල විදියට දකින දෙයක්? නමුත් සමහර වෙලාවට එහෙම හිතෙන්නේ නැති අයත් ඉන්න පුළුවන් නේ?

      එතැනදී කියපු වචන වලින් සෞම්‍යා ගේ නම කියද්දී වචන කැඩී කැඩී ආපු බවට ලියනවට වඩා දෙබසෙන් කිව්වොත් අගනා කියා හිතුනා. නමුත් සෞම්‍යා ගියාට පස්සේ සිහිය ආපු හැටි ලියපු එක නම් අපුරුයි.

      මේ පුද්ගලයාගේ ජිවිතේ වෙනස් උන හැටි කියපු ආකාරය ප්‍රයෝගික සහ ක්ෂණික සාර්ථක විදියක්.
      [ඉස්සරනං හිතං හිටියේ ආණ්ඩුවේ කන්තෝරුවක රස්සාවක් ලැබුනම ඔක්කොම හරි කියලා . ඒත් ඒ අතරේ ලෝකේ ඉක්මනට කැරකුනා , අපි කැරකිලා වැටුනා . හැමදාම අටවාගෙන දුවන කාර් එකක අයිති කාරයෙක් වෙච්ච ,ආණ්ඩුවේ කන්තෝරුව වගේම දිරාපත් වෙන ජීවිත]
      මෙතරම් ලොකු කතාවක් මෙතරම් කෙටියෙන් ලියපු එකම ඇති කෙටිකතාවේ සාර්ථක භාවය මනින්න.

      ඊට පස්සේ ඇතිවෙන සුළු සුළු සිද්ධි ටික කතාවේ ගලායාමට ගානට යොදාගන්නට හැකිවෙලා තියෙන නිසා කියවන එකා, මේ කියන්නේ මගේ හිතේ සෞම්‍යා ගැන හිතෙන දේවල් වගේ හැඟීමක් දැනෙනවා.

      [ඔය කිව්වට සෞම්‍යටත් තිස් දෙකක්වත් නැතැයි. මොකෝ දන්නේ නෑ මෙච්චර කල් නොබඳ හිටියේ .
      ඔය ප්‍රශ්නේ මගෙන් ඇහුවා කියලා මොන උත්තරයක් දෙන්නද ?]

      මෙතනත් කතාවක් තියෙනවා. නමුත් එය බාධාවක් නොකරගන්නටත්, කියවන්නා තුල උපකල්පන වලට ඉදකුත් හදලා තියෙන එක අපුරුයි. කතා නායකයාගේ හිතතුල ඇතිවෙන මානසික යුද්ධය, තමන්ගේ සතුරන් හඳුනා ගැනීම ගැන ලස්සනට ගලපලා තියෙනවා. පොදියක් විතර සෞම්‍යා ගැන තව ඩිංගක් හීනයක් දෙකක් අමුනලා දැම්මා නම් තව රස වෙන්න ඉඩ තිබ්බා. නමුත් අඩුවක් වෙලා නැහැ ඒකෙන්.

      දෙය්යෝ දීපු දවස ගැන නම් ලස්සනට ලියලා තිබුනත් ඒකෙ තිබ්බ හිරවෙච්ච හැඟීම් තව ටිකක් කියා උනා නම් හොඳයි කියල හිතුනා. එක්කෝ එදා සෞම්‍යාගේ ඇඳුමේ පාටක් හෝ වෙනත් දෙයක් තදින් හිතේ වැදුන බවක් වගේ? මට පොඩි සැකයක් වගේ ආව මොකද ඔතරම් ගේම් කාර ගෑනියෙක් ඒ වෙලාවේ ගැහුනේ කියල? සමහර විට මගහැරීමට වෙනත් විදියක් යොදාගත්තා නම් හොඳයි කියල හිතුන.

      මැසේජ් එක ආපු වෙලාවේ සෞම්‍යාගේ නොම්මරේ ළඟ නැහැ හරි , ළඟ තිබිලා උනත් කතාකරන්න තටමන අවස්තාවක් හරි කිව්වා නම් පොඩ්ඩක් හොඳයි කියල හිතුන. කෝල් එක ගන්න ටිකක් විතර තැටමුවා නම් වටිනවා.

      අන්තිම ටික නම් ඉතින් ගන්න දෙයක් නැහැ. ඔක්කොම මසුරන්!

      Delete
    4. අම්මේ තැනකුයි උපයෝ ... උඹේ මේ විචාරේ දැක්කම මට හිතිච්ච දෙයක් තමා උඹට හැම පැත්තෙන්ම විහිදුනු අලංකාර හැකියාවක් තියෙනවා කියනඑක. මොකද විචාරය කියන්නෙත් කලාවක්. එක හැමෝටම කරන්න බෑ. නිර්මානයක් නරකයි කියන්නත් හොඳයි කියන්නත් පහසුවෙන් පුළුවන් . එත් ඒ නිර්මාණය නරක මෙන්න මේ නිසා එහෙම නැත්තම් ඒ නිර්මාණය හොඳ මෙන්න මේ නිසා බවට තර්කානුකුල විග්‍රහයක යෙදෙන්න හැමෝටම බෑ. ඒ සඳහා නිර්මාණය පිළිඹඳ යම් හැදෑරීමක් කරන්න ඕන.
      ඒ තුලින් නිර්මාණය කෙරෙයි එහි සාර්තක අසාර්ථක භාවය පිලිබඳ බලපාන් හේතු සාධක වෙන්කර හඳුනාගන්න් ඕන . ඒ නිසා තමයි විචාරයත් කලාවක් වෙන්නේ .
      ඉතින් මේ කමෙන්ටුව දැක්කම මට හිතුනේ නිර්මාණය කෙසේවෙතත් උඹේ විචාරය නම් ඉතාම සාර්ථක බව.

      ස්තුතියි උපේක්ෂා හෙවත් නුවර කුමාරි ...

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. උපේක්ෂා අක්කි,, ඔයා ලස්සනට විචාරය දක්වලා තියෙනවා.. මගේ කථාත් කියවන්න කියලා ආරාධනා කරනවා... පවුලූශා අයියේ ඔයාටත්..
      මෙතැනින්

      Delete
  4. හප්පා...............................අපිනං බුලත් විට තියෙද්දී අයිස්ක්‍රීම් කන්න යන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් , අයිස්ක්‍රීම් කන්න ගිහිං හොඳ හෝටල් වලින් කන්න ඕනෙය නේද ? හැක හැක්

      Delete
  5. කෙල්ලගෙ වෙන සීන් එකකට මූව අහුවෙලාද? බයවෙන්න දෙයක් නැහැ දැන් දත් දාන්න පුලුවන්නේ

    ReplyDelete
    Replies
    1. ගුටි කෑවට පාඩුවක් වෙන්නෙ නෑ තව සති දෙක දෙකක් යනකොට මුට කෙල්ල සෙට් වෙනවා..

      Delete
    2. මඩ පුවක් වලක් හම්බෙන්නේ මූට..

      Delete
    3. අනිවා..මුට කෙල්ල සෙට් වෙනවමයි..වගකිමෙන් කියන්නෙ

      Delete
    4. විනීතා සෙට් වෙයං දෙයියනේ !!

      Delete
    5. @ ඉයන් - නැතුව , අහක යන සීන් එකකට තමා කෑවේ බඩකට පුරා . ඔය පල්ලෙහායින් අත්දැකීම විස්තර කරලා තියෙන්නේ ? මෙන්ඩ නම් නෙවෙයි ඔන්න

      @ මනෝ & පත්තරේ - උඹලා මෙන්ඩ එක්ක තරහද?

      Delete
  6. හෙක් කාගෙ ටිංකිරි පාරක්ද අප්ප ඒ වැදුනෙ..
    සෞම්‍යත් නිකං ඉදල නෑ වගේ..
    අර පච්ච සිරෙක් එක්ක කෝම ඉන්නද කියල හිතෙන්න ඇති...
    ඉස්සෝරම හිතුනෙ අරූට බැස්ටියක් දෙන්න සෞම්‍ය ගේම ප්ලෑන් කරල කියල. ඒත් පස්සෙ කම්පනාවට ආව එහෙම වුණත් යකෝ නිකං කුණුගාගන්නැනෙ ගෑණු කියල..
    මොනා වුණත් බොසා පව් කාගෙ හරි ටිංකිරි කෝප්යක් නෙවි බවුසරයක්ම ගැලුව
    කතාව ං පට්ට යි ඉවාන් අය්යො ලොවෙත් නැ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මයියා

      සෞම්‍යා සෞම්‍ය නෑ වගේ නේ, ඕක තමයි අපි කියන්නේ රැවටෙන්න එපා 64 ට කියලා . ටිංකිරි බවුසර් පිටිං නාන්න වෙන්නේ .හැක

      Delete
  7. //හොඳ වැඩේ ගල් ඉබ්බාට . ඕකා තමා හැම තැනම පතුරන්නේ මගේ බඩ ගැනයි , තට්ටේ ගැනයි , දැන් ඉරිසියාවේ පැලෙනවා ඇති , අනික බඩ පොඩ්ඩක් නැතිව මොන පර්සනල්ටියක්ද ...// මං නං කැමතිම කෑල්ල මේකයි..... බඩ නැතුව ටයි ඒකක් දැම්මත් වැඩක් නැහැනේ...... බඩ තිබ්බා ම තමා ටිකක් ටයි ඒක වුණත් ඉස්සිලා තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. අනේ පලයන්ඩ...ඉන අගල් 29 කියන්නෙ නියම ගාන

      Delete
    2. අැයි 34....................

      Delete
    3. 34// තව දෙකක් එහට්ට වුණා නං ටයර් දෙක තුනකුත් වැටෙයි
      ලැක්

      Delete
    4. බොස්ලට බඩ තියෙන්නෙ පර්සැනලිටි එකටද ලව්පූස් මහත්තය?ලොකු බොස්නම් ලොකු බඩක්?

      Delete
    5. කලිසමේ ඉන 40 යි , උස 42 ඒක තමයි නියම ගාන .

      Delete
    6. යාන්තං සමචතුරශ්‍රයක් නොවෙන්න තව අඟල් දෙකයි... හැක්

      Delete
    7. කලිසමේ ඉණ 40 නම් තේරුණා... ඒත් මොකක්ද කම්මලයෝ 42... මොකේ උසද?????

      Delete
    8. @ කුරුටු - මම මේ කලපනා කලේ උඹ මොන කුරුට්ටද කියලා , හිටින් විදානේගෙන් අහලා බලන්න .

      Delete
    9. @ කුරුට්ටා , මෙන්ඩ & මයියා - උඹලා මෙතන ඩයට් ප්ලෑන් හදන්නද යන්නේ ඒ ගමන

      @ ප්‍රා ජේ - ඕ යේස් ///ලොකු බොස්ට ලොකු පර්සනල්ටියක් //

      @ කම්මල & උපේක්ෂා - කිව්වත් වගේ සම චතුරශ්‍රයක් තමා

      @ කුරුටු - එකත් හිතන්න වටිනා කතාව

      Delete
    10. කලිසමේ උස කුරුට්ටො .

      Delete
  8. :O හපොයි වෙච්චි දෙයක්...

    ෆෑන් එකේ ටක ටක් සද්දේ කතාවට හොඳ පසුතලයක් නිර්මාණය කරලා තිබුනා වගෙයි මට දැනුනේ... ඒත් එක්ක චිත්‍ර පේලියක් හිතට ආවා...

    නියමයි...

    ReplyDelete
    Replies
    1. වෙච්ච්චි දෙයක් කියන්නේ තුශානි,

      හොඳයි නම් එච්චරයි .තැන්කු වේවා ...ඔහොම ෆෑන් ඔෆිස් වල තිබ්බම නින්ද යන්නේ නෑ අප්පා

      Delete
  9. පව් යකු...

    සෞම්‍යා හිතන තරම් සෞම්‍ය නැහැ. වටේටම රෑ තිස්සෙ කතා කරල. අහක හිටිය එකා මාට්ටු..

    ReplyDelete
    Replies
    1. අප්පට බොල සෑමා .සෞම්‍යලා ඔහොම තමා සැමෝ, ප්‍රවේසමෙන් හොඳේ

      Delete
  10. මට නම් එහම වෙන්නෙ නෑ..අනුමත කරන ලද අවසර පත්‍රයක් නැතිව මැස්සෙකුටවත් අපේ ඔෆිස් එකට එන්න බෑ..නැත්තං වෙලාවක මටත් දත් නැතිව බත් කන්න සෙට් වෙනවා..ඇයි බං කෙල්ලන්ට වලෙන් පිටට චු ගියත් අහුවෙන්නෙ Production Process එකට සම්බන්ද අපි වගේ එවුන්..

    ReplyDelete
    Replies
    1. පල පල යන්න
      අපි දන්නව උඹ තමා ගුටි කෑවෙ කියල... ඔය ඉවානය වයස පොඩ්ඩක් එහෙ මෙහෙ කරල තිබ්බට අපිට හොයාගන්නබැරිවැයි කවුද ඩෑල් එක කියල හැක්

      Delete



    2. //මට නම් එහම වෙන්නෙ නෑ..//
      ඒ පැත්තෙන් ඔෆිස් එකට ඇවිල්ල දුන්නෙ නැතිවුනාට, ගෙදර ආවහම මේ පැත්තෙන් වදිනවනෙ

      Delete
    3. ....දුක දන්නෙ වෙන කවුද මෙන්ඩිස් තරම් .........
      අඩේ උඹව උස්සල ගන්න ඇති නිකං මෝල් ගහ වගේ.

      Delete
    4. මහේෂ්
      වයස පොඩ්ඩක් එහෙ මෙහෙ කරල තිබ්බට//
      වයස හරි බං
      ප්‍රා
      ෂ්..ෂ්..කට කට කෑ ගහන්න එපොෟෘාාා...අපි යාලුවෝනේ?
      කම්මල
      පලවෙනි එක වදිනකොට පුටුවත් පෙරලගෙන මේසේ යට

      Delete
    5. අපි කට අරින්න කලින් වැරැද්ද පිළිගන්නවාද නැද්ද?????

      Delete
    6. @ මෙන්ඩ - කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑනේ , හැක

      කුරුට්ටා , කම්මල & ප්‍රා - කාටවත් කියන්න එපා හැබැයි පව් මෙන්ඩ

      Delete
  11. කතාව ඉවර වෙනකන් කොහෙන් කෙලවර වෙයිද කියලා හිතාගන්න බැරි එක උඔගේ කතාවලටම ආවේනික ලක්ෂනයක්..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා එලද බ්‍රා මෙන්ඩා

      Delete
  12. දැන් ඉතින් ඉස්පිරිතාලෙට වෙලා බඩ අත ගගාඉඳපන් ගෙම්බා වගේ! :D

    ReplyDelete
    Replies
    1. මොකෝ බඩ විතරක් , හක්ක අතපය එහෙම ?

      Delete
  13. මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී
    නුඹෙ හද මඩල කටු යහනකි ප්‍රභාවතී
    කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
    මල් යහනෙන් බැස පළයන් ප්‍රභාවතී

    සිනා සිසී දෝතින් යහන සැදුව ලියේ
    මුවාවට ගොසින් ඉකි බිද හැඩුව ලියේ
    මට ම නොවෙයි කාටත් පෙම් බැන්ද ලියේ
    මදෙස බල බලා නාඩන් කුමාරියේ

    පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුන ලියේ
    මල් සුවදකට බැදි වරලස ඉනුව ලියේ
    පවලම් පොටින් ගිලිහුණු තාරකාවියේ
    කරපු පවට නාඩන් දේවතාවියේ...

    ගී පද - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
    ගායනය /තනුව - ගුණදාස කපුගේ

    ReplyDelete
    Replies
    1. //පුරේ කොල්ලා// කවුද බන් ?

      Delete
    2. ඔන්න බලාපන් මෙන්ඩෝ.උඹ පුරේ කියන්න එපා ... ....යකෝ "ස්වර්ණ ශ්‍රී බණ්ඩාර" කොහෙද ?
      "පත්තර මල්ලි මේ ඔබේ අවධානය පිණිසයි "

      Delete
    3. @S A

      පත්තර උන්නාන්සෙ මේදවස්වල අවධානයට වඩා අවදානමට නැඹුරුයි කියල තමයි යුරෝපීය සංගමයේ විශ්වාසකටයුතු ආරංචි මාර්ග කියන්නෙ

      Delete
    4. සින්දු
      කපුගේ පුරේට ආදරේ කරා ඒ මනුස්සයා තමයි පුරැදු කරේ මම පුරේ කියලා ආඩමබරෙන් කියන්න..
      කපුගේ පුරේ එවුන්ට සම්පතක්..

      Delete
    5. අපි නං පුරේ නෙමෙයි............... අපි වර..... ගොඩක් අය ගොඩ...

      Delete
    6. ස්වර්ණ ශ්‍රී හින්දා අපේ සිංදුවා කනවා චාටරයක් නන්නා පෝල් වෙන්ඩ … පව් ඈ :D

      Delete
    7. @ සිංදුවෝ - තැන්කිව් වේවා ..

      මොකක්ද බං මේ පුරේ සීන් එක , දෙන්නම පුරේ නේද?

      Delete
    8. අනික කපුගේ කියන්නේ පුරේ එකෙක් නෙවෙයි මචංලා , කපුගේ ඉපදුනේ ගාල්ලේ මිරිස්වත්තේ . කපුගේ පුරේට යන්නේ රජරට සේවයේ රස්සාව නිසා .

      Delete
    9. ''කපුගේ පුරේට යන්නේ රජරට සේවයේ රස්සාව නිසා'' .......ඒක තමයි මම කියන්න ගියේ ...ස්වර්ණ ශ්‍රී ලා ,කපුගේලා නිසා තමයි "රජරට සේවයේ ස්වර්ණමය යුගය " ඇතිවෙන්නේ ...එහෙම නම් ප්‍රේම් කිර්ති ත් පුරේ තමයි ...

      @පත්තරයෝ ....චාටර් විතරක් නම් කමක් නැ ...හැක්

      Delete
    10. @ Mr. 8MRaft,

      මං නිකම් අවදානමට ලක්වෙන්නෙ මොකටද බොස්. යාලුවගෙන් අහන්නකො.

      Delete
  14. සෞම්‍යා වැරදිලා SMS එව්වා නෙමෙයි හස්බන්ඩට මාට්ටු වේගෙන යනවා වගේ දැනෙනකොට තමන් යාලුවෙලා ඉන්න එකාගේ මෙසේඡස් ටික ඩිලිට් කරලා බෝසාගේ ඇගේ තිබ්බා..
    සෞම්‍යා දන්නවා/ හිතුවා තමන් යාලුවෙලා ඉන්න එකාට තරම් තර්ඡනයක් බෝසාට දන්නෙ නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා කොහොමද ඒවා ගැන දන්නේ.....................

      Delete
    2. උඔ එහම අහපු එක හොදයි...
      මචං..මම ඉස්කෝලේන් අයින්වෙච්ච කාලේ ඉදලා ඉන්නෙ මේ කෙල්ලෝ එක්ක.. ගාමන්ට් කියන්නෙ වෙනමම ලෝකයක්/ සමාඡයක්. අනික මම කරන්නෙ තව කෙනෙකුට කියලා වැඩක් කරවන එක..තව කෙනෙක් කරන දෙයකට මම වගකියන එක..ඒකට එයාලව බොක්කටම තේරැම් ගන්න ඔනේ..
      උදේට කොල්ලා එක්ක රන්ඩු වෙලා ආවාම වැඩ කරන විදිහ වෙනස්
      ඉරිදට කොල්ලා එක්ක රවුමක් ගිහින් ආවාම සදුදා උදේට වැඩ කරන විදිහට වඩා හවස වැඩ කරන විදිහ වෙනස්..

      Delete
    3. ෆැක්ටරියේ කෙල්ලො කොල්ලොත් එක්ක සීන් ගෙදරට අහු වී මෙන්ඩාව අල්ලා දී මෙන්ඩා දහ දොලොස් පාරක් කෙල්ලොන්ගේ තාත්තලාගෙන් ගුටි කා ඇතිබවට පැතිරෙන දූශමාන ආරංචියේ කිසිම සත්‍යක් නැත.

      Delete
    4. නෑ නෑ ඉයන් , කුරුට්ටො මූ ඕ ගැන දන්නෙ ගුටි කෑවෙ මූ හින්ද
      වෙන මක්කවත් නෙවි

      Delete
    5. ඉයන්
      තාත්තලාගෙන් අවුලක් නෑ බං..කෙල්ලන්ගෙ මිනිස්සු ගෙට්ටුව ගාව රැකලා ඉන්න එක තමයි එපා වෙන්නෙ..
      මහේෂ්
      මඩ..මඩ

      Delete
    6. මෙන්ඩෝ.............. විහිලුවක් කරාම නිකං කණට ගැහුවා වගේ දුක හිතෙන කමෙන්ටු දාන්න ඒපා බං... කදුලුත් ඒනවා..

      Delete
    7. කුරුට්ටෝ
      කදුලු එනවා කීවේ මෙන්ඩටද ? ගුටිකාලා වැඩිකමට ඔය ඇඩෙන්නේ බං..

      Delete
    8. මම මේ කල්පනා කරන්නේ මේ සිද්ධිය ගැන මෙන්ඩා මෙච්චර හොඳට විග්‍රහ කරන්නේ කොහොමද කියලා . අර ඉයන් කියන්නේ බොරුවක් නේද මෙන්ඩෝ .

      Delete
  15. අඩේ හැමදාම මැසේජ් ගහලද? හොඳ වැඩේ උඹට. දැන් ඉතින් නාඩා වෙන අතක් බලාගමු. නැත්නම් අරූට කිරිමේලක් සැට් කොරලා හිරේ යවමු දෙවන කොටසේ.....

    ReplyDelete
    Replies
    1. උඹේ අර රහස් පරීක්ෂකයා එවපන් , සෙට් කරමු ගේමක් දුම් විසිවෙන්න

      Delete
  16. මෙන්න මේවනේ මචං කතා කියන්නේ.
    ආදරය,කුතුහලය,වල්කම,වනචරකම,ත්‍රාසය,භීතිය,හාස්‍ය,සිනහව පිරි කතාවක් ලියනවා කියන්නේ ලෙහෙසි පහසු වැඩක්ද..වල්,වනචර,කුපාඩි අත්දැකීම් තියන,බයේ ගැහෙන උඹ වගේ පොරකටම තමයි මේ වගේ සුපිරි කතාවක් මෙහෙම ලියන්න පුලුවන්කම තියෙන්නේ.

    (උඹේ ලියවිල්ලනම් කියලා වැඩක් නැ මචං.ටිකක් ඉරිෂියාවකුත් හිතෙනවා)

    ReplyDelete
    Replies
    1. උඔ මුගේ පරන කතා කියවලා තියනවද?
      එල ද බ්‍රා

      Delete
    2. මුලක ඉදන් කියනවා බං ඔක්කොම..

      Delete
    3. මං වගේ වල වනචර කුපාඩි පොරකට ඕවත් කජ්ජක් ද නේද? උඹට ඉරිසියා හිතෙනවා කියන්නේ මට මාර ආඩම්බරයක්නේ යකෝ . කියවපන්කෝ එහෙනම් මුලක ඉඳන් , තැන්කු වේවා මනෝ

      Delete
  17. හී හී ඔන්න ඔක්කොම ජාති දැනගත්තලු.

    සෞම්‍යා හා? :P

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ජාති දැනගත්තා? සෞම්‍යාගේද ? එක තමා අපිත් දැනුයි දන්නේ සෞම්‍යා ගැන , බලන්"ට"කෝ ඉතිං?

      Delete
  18. හොදි ඕන නෑ... අපිත් ඔය වගේ කටු අනන්ත කාලා තියෙනවා... ඒත් ඉතින් උඹට වගේ රහට ලියන්න බෑ..

    ඒ වෙච්චි එකක්ද, වෙන්න යන එකක්ද මචෝ...

    ReplyDelete
    Replies
    1. අරින්ඩ එපා...අයියන්ඩි..මුන් ඔක්කෝම මේක මගේ කරේ තියන්ඩ හදන්නෙ..

      ඒ වෙච්චි එකක්ද, වෙන්න යන එකක්ද මචෝ...
      දිපන් උත්තර

      Delete
    2. //ඒ වෙච්චි එකක්ද, වෙන්න යන එකක්ද මචෝ...දිපන් උත්තර// × 2

      Delete
    3. මාතා.......................

      වෙච්චි ඒකක්.... තව විස්තර කියනවානම් මේ අපිත් ඒක්කම ඉන්න මෙන්ඩාට වෙච්චි ඒකක්........

      Delete
    4. වෙච්ච එකක්ද කොහෙද...

      Delete
    5. @ මාතා - කටු කෑම ගුටි කෑම දෝ ආදරේ ... වෙච්ච ඒවා වෙන්න යන ඒවා ඔක්කොම තියෙනවා ඔය මෙන්ඩ ගැන එහෙම නෙවෙයි ඔය කවුරු මොනවා කිව්වත් .

      Delete
  19. මං හිතුවා ප්‍රතිලෝම කිව්වහම ඇනෝපිලිස් ගැන ලියලයි කියල

    ReplyDelete
    Replies
    1. අනේ.. මේ අහක ඉන්න අහිංසක මාව ඕවට ගාවගන්නෙ ඇයි ..???

      Delete
    2. ඇයි දැන් නිර්ලෝමද?
      මේ වගේ වැඩක් නිසාද එහෙම වුනේ?

      Delete
    3. මුව අර වල් ඌරන්ගේ ලොම් පුච්චනවා වගේ ගිනි ගොඩකට දැම්මොත් තමයි ප්‍රතිලෝම හරි නිර්ලෝම හරි වෙන්නේ. හෙහ් හෙහ්...

      Delete
    4. @ ප්‍රා - අනොපිලස් ඉතිං ප්‍රතිලෝම නෙවෙයි ඇඟ පුරා ලෝම නේ

      @ මුදු ඇනෝ - මමත් බැලුවේ උඹව ගාව ගත්තේ ඇයි කියලා මේකට

      @ ලොකු සනා - අන්න හරි උඹ ඉන්න වෙලාවක මේකව හම ගහලා ගමු

      Delete
  20. පට්ට කියන්නෙ අය කියලා වැඩක් නෑ පවුලූෂයියා........... සුපිරි......... ඉවර වෙනකංම කිසිම අවුලක් නැතුව එක දිගට කියවන් යන්න පුලුවන්. අවසානෙට නස්තාර් වෙන්න පොල්ලෙන් ගැහුව වගේ වෙනස් පැත්තකින් ඉවර කරලා. සුපිරි...........

    ReplyDelete
    Replies
    1. තැන්කු ආරි මල්ලි - උඹත් කතා ලියන්න හපනෙක් නේ බන් ඒ නිසා මේකේ තියෙන අඩුපාඩු සියල්ලම උඹට පේනවා ඇති , එහෙම තියෙනවනම් කියපං.

      Delete
    2. මොන පිස්සුද අයෙ....... මේකෙ කොහෙද අඩුපාඩු............ සුප්පම තමයි. ඔය උපේක්ෂා දීලා තියෙන්නෙ නියම විස්තරේකුත්..............

      Delete
  21. බය හිතෙන කතා ලියන්ඩ එපා පූසො.
    කතාව මල් හතයි ,

    ReplyDelete
    Replies
    1. උඹ මොකෝ ඔය වෙව්ලන්නේ ඩබල් ආදිපාද තුමනි

      Delete
  22. බය හිතෙන කතා ලියන්ඩ එපා පූසො.
    කතාව මල් හතයි ,

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ දෙක වැදුන්නැති හින්ද ආතරය මූත් එක්ක මල පැනල.

      Delete
    2. @ කම්මල - උඹ මේ ලෙඩේ සනීප කරගන්න එපා , බලපන් එක නිසා අපි කොච්චර ෆන් එකක් ගන්නවද කියලා

      Delete
  23. අහල පුරුදු කතාවක් වෙනස් විදිහකට ....
    නිකං ඕ හෙන්රි ගෙ කතාවක් වගේ ......

    ReplyDelete
    Replies
    1. තැන්කු මුද්දා - උඹ ලොකු අගයක් දීලා

      Delete
  24. ආයෙ එන්නං කියවන්න.

    ReplyDelete
  25. අනේ ලව්පූස්, බිසිමේනියාව නිසා පින්තූර සෙවීම සහමුලින්ම අමතක වීම පිළිබඳව කමා කොරන්න.

    මේ කතාවනම් ඉතින් හිනා කාලා මැරෙන ජාතියෙ එකක්. මුල ඉඳන් ෆුල් සීරියස් පිට ඇදගෙන එන කතාවක අන්තිම සීන් එකේදි සිරා මූඩ් එක කුඩු කරලා හිනස්සවන්න ලේසි නෑ. උඹ ඒක නියමෙටම කරලා.

    ඇත්තටම ඕක උඹට වෙච්ච සීන් එකක්ද? මම මේ නිකමට අහන්නෙ.

    ReplyDelete
    Replies
    1. ආයෙ ඉතිං අහන්නත් එකක්‍යැ ..අවංක ආත්ම ප්‍රකාශනය නිකං සිල් පද පහම එක්ක !!! ඕ යේස්

      Delete
    2. @ බට කොස්සි - අනේ උඹේ බොරු බිසිය ,

      උඹට මොකද නිකමට ඕකම අහන්න හිතුනේ . පලයන් යන්න .. මම ඔයිට වඩා අවුරුදු විස්සක් විතර වැඩිමාල් :P


      @ පත්තරේ - උඹ තමයි මිනිහා කාටවත් කියන්න එපා කියලා මට කිව්වා නිසා මං කාටවත් කිව්වේ නෑ

      Delete
    3. //ඇත්තටම ඕක උඹට වෙච්ච සීන් එකක්ද? මම මේ නිකමට අහන්නෙ.// මටත් ඕකමයි බං ඇතිවෙච්ච ප්‍රශ්නේ..:D

      //අවංක ආත්ම ප්‍රකාශනය නිකං සිල් පද පහම එක්ක// පත්තරේගෙ කතා තමයි කතා..හොඳ නැද්ද උඹත් බ්ලොගක් ලියන්න පටන් ගත්තොත්..? :P

      Delete
    4. //හොඳ නැද්ද උඹත් බ්ලොගක් ලියන්න පටන් ගත්තොත්..?// ලියන්න පටන් ගත්තා ..පස්සේ අර කොන්ක්‍රීට් බාස් එක්ක සෙට් උනා ..අනේ උගේ බ්ලොග් .....@#$%^&

      Delete
    5. අනේ ඔය පත්තරය මාත් එක්ක කවදාවත් සෙට් වෙලා නෑ හිටං.

      Delete
    6. තනියා මචං.. මං ලීවොත් අඬු කඩනවා කියලා ඉවාන් මාව බයකරා නෙවැ :D හැක්
      සිංදුවෝ තොපි ලියපියව් ප්‍රසන්නලා අපෙං ෆ්ලෑෂ්බෑක් .. දෙන්නං කවුන්ටර් පාට් කොම්බු මයිනො ඩබල් ඩබල් :D

      Delete
    7. @ තනියා - ආ උඹටත් ඔය ප්‍රශ්නෙද ඇති වුනේ උදේම . රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ?

      @ සිංදුවෝ - ජාතියේ පිනට ඌ ලියන්නේ නෑ ..හැක

      @ ප්‍රසා - ඒ කියන්නේ ප්‍රසාගේ වෙලාව හොඳයි

      @ පත්තරේ - ඉතිං උඹ බය වුනාද පැටියෝ .. අනේ ****** නන්නානේ

      Delete
    8. සිංදු: කවුද බං ඔය කොන්ක්‍රීට් බාස්? :O

      පත්තරේ: චැහ්! මම හිතුවේ උඹ ඉවාන්ට බය නෑ කියලා..උඹ බය නැතුව ලියහන් කොල්ලෝ..අපි දුවන්නං..:P

      ඉවාන්: ඇයි අනේ රටේ ප්‍රශ්න විසඳන්න මං මොකටෙයි සිරී මාමි ඉන්නේ..:P

      Delete
    9. තනි අන්ඩයා - සිරි මාමි විතරක් යැයි බං එයාගේ දුවත් ඉන්නේ ... අර චතු.... ලස්සනයි නේ

      Delete
    10. චතූ හොඳා...එයැයිගේ අර මූණට වැටෙන කොණ්ඩ කෑල්ල තමා බං අවුල..(හොරෙන්) හරි වල් පාටයි බං ඒක..:D

      Delete
  26. බොටත් කවදහරි ඔය ටිකම තමා

    ReplyDelete
    Replies
    1. උඹ දැන් සුමනදාස අබේගුණවර්ධනගේ ජොබ් එක බාරගත්තද?

      Delete
  27. හැමදාම වගේ ලියවිල්ලනම් නියමයි ...ඒත් ප්‍රශ්නයක් ඇත්තටම ඉවාන් අය්යට තඩි බඩක් තියනවද ? කන දෙපැත්තේ සුදුවේගෙන කොන්ඩ ගස් ? ඒ මදිවට තට්ටෙ ... හය්යෝ මම හිතුවේ වයස 28,30 විතර ඇති කියල දෙය්යනේ 47 :O .................. :P අනෙක ඇයි මේ හැමෝම ලව්පූස් කියන්නෙ ?? ඒ කතාව මම දන්නේ නැහැනෙ ... :D

    ReplyDelete
    Replies
    1. ප්‍රා ජේ ගේ කාඩ් එකක් කියලයි මට ආරංචිය

      Delete
    2. පූසාගේ බඩේ තඩි බව කොහොම කීවොත් පූසා බස් එකට නැග්ගම මිනිස්සු නැගිටලා ඉඩ දෙනවා බඩදරු අම්මා කෙනෙක් කියලා වැරදියට හිතාගෙන....අනික නැලවි නැලවි පැද්දි පැද්දි යන තාලේට මිනිස්සු හිතන්නෙම ලලනාවක් කියලා...

      Delete
    3. මනෝ
      + + + + + + + + + + + + + + +

      Delete
    4. මනෝ
      + + + + + + + + + + + + + + +

      Delete
    5. @ හංසි - ඔය ප්‍රා ජේ කියා අමිත්‍ර ද්‍රෝහියා පව්ලූසා ලව් පූසා කල බව කාරුණිකව සලකන්න , බද හන නම් ඔය මනෝ කරලා තියෙන්නේ විස්තරයක් , වයස නම් දැන් 77 ක් වෙනවා හැක හැක දැන් වල පයයි ගොඩ පයයි අප්පා :P

      Delete
    6. @ ඉයන් - ඔන්න ප්‍රවේසමෙන් ඉයන්

      @ මනෝ & මයියා - ඕවා ප්‍රසිද්ධියේ කියනවද බං

      Delete
    7. :D මනෝ තමා නියම කතාව කියල තියෙන්නෙ ..77 ඉවාන් සීයා කියන්නේ නැතිව ලව් පූස් කියන එකෙත් ගතියක් තියනව :D

      Delete
    8. ලව් පූසා තනිකරම උපාසක පූසෙකි....

      Delete
  28. මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ....
    මදැයි ඉඳල ඉඳල ප්‍රේමයකට මුල පිරුවා
    ජයවේ ඉවා!

    ReplyDelete
    Replies
    1. මදැයි කියන්නේ, කියලා වැඩක් නෑ කොලුවෝ , හම්මේ

      Delete
  29. මේ වගේ මරණාසන්න අත්දැකීමක් ලබලා ඒක අපි හැමෝටම බලන්න ලියනවා කියන එකත් සුළුපටු දෙයක්ද...

    ReplyDelete
    Replies
    1. ඔව් කමියා තාම හොස්පිටල් එකේ , මට කිව්වා ලියලා පබ්ලිශ් කරන්න කියලා , උඹට බලන්න ගියොත් කියහන් මම කතාව ලිව්වා කියලා :P

      Delete
    2. අඩෝ පව් බං කමියා..:D :D

      Delete
    3. සික් බං මම ඌ විභාගෙ ලියනව කියල යන්තං ගොඩදාල තිබ්බෙ, උඹ වැඩේ කෑවනෙ. කමිය පව් බං.

      Delete
    4. අමාරුවෙන් කමෙන්ට් එකක් දාලා

      Delete
  30. ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
    කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ …

    අයියෝ සෞම්‍යා … ඕ යේස් :D :D

    ReplyDelete
    Replies
    1. කුමුදු විතරක් නෙවෙයි ඕයි , ඔෆිස් එකේ ඔක්කොම තාම හිනා වෙනවාලු

      Delete
    2. "කෙදිනද කූඩු හදන්නට එන්නේ
      කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
      සෞම්‍ය ප්‍රේම සද කිරණේ
      කවදා තනි වන්නේ....."

      Delete
  31. අර පච්චෙ කොටපු එකාට ගේමක් දෙන හැටි කල්පනා කරලා බලහල්ලා.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන එකෙක්වත් හිතන්නේ නෑ ඩූඩ්. කියලා වැඩක් නෑ. ෂෙක් අම්මප

      Delete
    2. ඒව හරි ...සනීපවෙලා ආපු ගමන් රිටර්න් එක දෙන්නෙ ඩෝර එකේ ගන් එකෙන් කිවුව.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  32. මම නම් හිතුවේ වැඩේ ගොඩ යයි කියල බන්.. ඒ විදියට ඉවර වෙන කතාවකුත් ඉඳල හිටලා හරි ලියපං.. අසරණ මිනිස්සුන්ට පොඩි හෝප් එකක් දෙන්න.... හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. වැඩේ ගොඩ යන එකකුත් ලියන්න ඕන වෙලාවක . ඇත්තටම . මොකෝ කවුරුවත් හිතන්න නෑනේ ඔහොම දෙයක් හරියයි කියලා

      Delete
  33. කතාව නම් නියමයි කියල වැඩක් නෑ...

    //මොන මගුලක්ද මංදා , කෙහෙල් මල් ට්‍රැෆික් ප්ලෑන්. පොලිසියේ ඉන්නේ අම්බරුවොද හැබෑට , වෙනදා යන එන පාරවල් ඔක්කොම වෙනස් කරලා , ඒ මදිවට බ්ලොක් වෙලා .// ඉවානුත් සැකපිට අත්අඩංගුවට පත්වෙන්න වගේ හදන්නෙ..

    ReplyDelete
    Replies
    1. තැනකුයි අශාන් - සැකපිට අත්අඩංගුවට පත්වෙන්න වෙයි ද ? කියන්නත් බෑ. ජීවිතේ ඒ තරම් සුන්දරයි නේ . අපේ වෙලාවට වෙන්නත් බැරි නෑ

      Delete
  34. මේ කතාවට අනුභූතිය කොහෙන්ද කියල මම ටිකක් වෙලා කල්පනා කළා.රජයේ කන්තෝරුවල ඉන්න ගෑනු පරාණ නං ඉතිං කියල වැඩක් නෑ බං.අපායට හෙණ ගැහුවා හේ.දැක්කම ජීවිතේ එපාවෙනවා.එහෙම තැනකට ඔය වගේ කෙල්ලක් ආපුවම කාටත් පොඩි කික් එකක් ඇතිවෙනවා නොවැ.නැද්ද මං අහන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනුභූතිය කොහෙන්ද කියලනම් කියලා වැඩක් නෑ. මට ගුටි කන්නයි වෙන්නේ ඒක කිව්වොත් . ඔය ආණ්ඩුවේ කන්තෝරු වලට මිනිස්සු නොයන්නෙත් ඔකමද මන්දා .පොඩි නෙවෙයි එහෙම වෙලාවට මාර කික් එකක් එන්නේ හැක

      Delete
    2. ඔෆිස් එකට අලුතෙන් රැකියාවට කෙල්ලන්ට කුනුහරුප කියලා පස්ස,පපුවයි අතගාන්න ට්‍රයි කරන ප්‍රාදේශිය ලේකම් කෙනෙක් ගැන අද උදේ නෙත් එෆ් එකේ වැඩසටහනක් ගියා...මිනිහටත් මේ කේස් එකම වෙයිද දන්නැ...

      Delete
  35. ප්‍රතිලෝම කියන නමේ තේරුම එන්නේ කතාව කියවලා ඉවර වුණාම..මොනා වුණත් උඹ අවංක මිනිහෙක් නැත්නම් ඉතින් මෙහෙම තමන්ට වෙච්චි දෙයක් ලියයිද නේද? හැක් හැක් හැක්..

    ඔය රජයේ කාර්යාලවල ෆෑන් ගැන නම් කියල වැඩක් නෑ..මම පුංචි කාලේ මාර බයයි ඒ වගේ ඒවට කඩා වැටෙයි කියලා..උඹ ඒ පරිසරයත් එක්ක දීල තියෙන්නෙ විස්තරේ රූපේ මැවිලා පේන්න..ලොකු සර්ට නම් උඹව මවන්න දෙයක් නෑ නේ..කොහොමද නිකන් ෆෙයාර් & හැන්සම් ගාලා, තට්ටෙ වහන් ගිහින් අම්බානක කනකොට නේ? ෆුල් ඒසී! :D :P :P

    ReplyDelete
    Replies
    1. මට වෙච්චි දේ ..අනේ කඩප්පුලි තනියෝ

      උඹට බැරිද මේකෙන් කෙටි ෆිල්ම් එකක් කරන්න .. හැක කෝමද කතාව, දෙබස්, තිර රචනය ,අධ්‍යක්ෂණය, කැමරාකරණය , සංස්කරණය , නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය තනියා කුමාරි කියල තිරේ වැටෙනකොට

      Delete
    2. මොකද්ද අයියා කඩප්පුලි කියන්නේ??

      හදමු කෙටි පිචෑර් එකක්..හැබැයි කතාව, දෙබස්, තිර රචනය උඹේ..ඊයාආආආ...තනියා කුමාරි..ෂැක්...ඒ මොන නමක් ද බං..*!^&%2$#*())

      Delete
    3. එහෙනං උඹට දාමු තනියා මැණිකේ කියලා හැක හක හක හැක

      Delete
    4. ඒකත් ගතියක් නෑ බං එතකොට නිකං කෝච්චියක් වගේ..හරි හරි ඉස්සෙල්ලා පිචෑර් එක හදමු..ඊටපස්සේ බැරියැ නරිහම දාන්න..:D

      Delete
  36. පච්ච සෝමේට වැඩි කල් පවුල් කන්න ලැබෙන්නේ නැහැ. බොසාට බෝනස් එක වදියි වගේ..

    ReplyDelete
    Replies
    1. බෝනස් එක ඉවානයටනං වැදුනා ඇරියසුත් එක්කම . හැක හැක.

      මැසේජ් එකට ඔහොම කාලා , කොට්ටක් පැනල තිබ්බනං බොඩිය ගේන්න වෙන්නේ පෙට්ටියත් සීල් කරලා.

      Delete
    2. @ අම්බලන්ගොඩ - වෙල්කම් අම්බලන්ගොඩයා. බොසාට බෝනස් කෙසේවෙතත් ඔය කෑවේ මදි නොකියන්න .

      @ පත්තරේ - එහෙනං බෙල්ල කඳේ නැව මුහුදේ

      Delete
  37. කතාව කියවන් යද්දී මෙහෙම දෙයක් වෙයි කියල නම් හිතුනා. ඒත් ගුටි කයි කියලනම් හිතුවෙම නෑ...
    ලස්සනයි ඉවාන් අයියේ....

    ReplyDelete
    Replies
    1. සබරේ තැන්කුයි වේවා . එහෙනං එච්චරයි

      Delete
  38. අයියෝ මේ ඉවාන් අයියටත් වෙන වැඩ??

    හැබැයි ඉතින් සිද්දිය නම් ලස්සනට ලියලා තියෙනවා. කියවද්දි කතාව මැවිල පේනවා.

    ReplyDelete
    Replies
    1. ආ නවාතැනේ චණ්ඩි නංගි - තැන්කුයි වේවා . සැක උඹ වගේ චණ්ඩියෙක් සිකුරුටි එකේ හිටියනං අරුගෙන් බේරෙන්න තිබ්බා .

      Delete
    2. කොහෙද ඉතින් මට කලින් කිව්වනම් මොනවහරි කරල දෙන්න තිබුනා ඉතින්. ආයෙ එහෙම ගෑණු ළමයින්ට ළැයින් දාද්දි පරිස්සමෙන්.

      ආ ඒක නෙමේ අයියා.. තාම අර ෆෙයර් ඇන්ඩ් ලව්ලි.. නෑ මේ ෆෙයර් ඇන්ඩ් හැන්ඩ්සම් ක්‍රීම් එක ගානවද? හිකිස් :P

      Delete
    3. නවාතැනේ චන්ඩි නංගි. කොහෙද උඹලා එන්නේ පෙරහැර ගියාම නේ ,

      ෆෙයාර් ඇන්ඩ් ලවුලි ?? හුහ් දුප් යන්න මෙතන , ඕන නැති එකක් නෑ උඹලටත් .. දුප් කිව්වේ :P

      Delete
  39. දැං කියහංකො උඹේ දත් සැට් එක දාගන්න කීයක් ගියාද කියල. අපි, බ්ලොග් කාරයො ටික සම්මාදමක් කරල කීයක් හරි එකතු කරල දෙන්නං.

    ෆෙයා ඇන්ඩ් හැන්සම් වහාම තහනම් කරනු - පවු ලූෂන් ලවු පූෂන් වීමට ඉඩ නොතබනු.

    නියම කතාව බං.

    ReplyDelete
    Replies
    1. මං දෙනව මාසෙක පඩිය පච්ච සෝමෙට වයිෆ්ගෙන් ගුටි කාගෙන හරි.. ඕ යේස්
      අපි යුතුකං දන්න මිනිස්සු හරියෙයි ??

      Delete
    2. @ ප්‍රසා - දත් සැට් එක තාම අහුලනවා හැක.. කාගෙන් ගත්තත් මට ඔය පත්තරයාගෙන් නම් සත පහක් එපා , එක්කෝ උගෙන් ඔක්ක්කොම ගමු, ඕකා කාටවත් නෑ බෑ කියන එකෙක් නෙවෙයිනේ ප්‍රසා

      @ පත්තාරේ - වයිෆ්ගෙන් ආයේ ඕකට කියලා අමුතුවෙන් කන්න වෙන්නේ නෑනේ උඹට - ඕනේ නම් පාරක් දෙකක් වැඩිපුර වැදෙයි ඕවා මොනවද ?

      Delete
  40. ලව් ජූස්, මට හිතුනා අන්තිමට කරකවලා අත හරියි කියලා. ටොපේ ටොප්!
    උඹට කියන්න මාත් ඉස්සර දාගෙන හිටි ඇත්තියෙක් කොල්ලට යවන මැසේජ් එකක් මට වැරදිලා එව්වා කියහංකො. කෝමද ආතල් එක?

    ReplyDelete
    Replies
    1. නෑ එහෙම සීන් කොන් එකක් ඇත්තටම වුනාද , සැප කනේ ආ ..... මට මැවිලා පේනවා එවෙලාවේ උඹේ මූණ කොහොම තියෙන්න ඇතිද කියලා

      Delete
  41. හනේ මන්දා කතාව කියවල ඉවර වුනාම හිතුණ මේ ඉවානුත් නොකරන මඟුලක් නැහැ කියල. :-p

    කොහොම වුනත් දිඟටම කියවගෙන යන්න ආසාව එකතු වුනා. නියමයි.

    ReplyDelete
    Replies
    1. හැක හැක මොනවා හිතුනත් කමක් නෑ කතාව කියෙව්වා නම් , නිකන් නරියාගේ මගුල වගේද? :P ස්තුතියි දිනිති

      Delete
  42. කිව්වත් වගේ අහක යන පරාලයක් ඔලුවට වැටෙනකම්ම දැනන් උන්නේ නැහැනේ බුවා එහෙනම්.සෞම්‍යා,අහිංසා වගේ නම් තියෙන උන් නමට ප්‍රතිලෝමව තමයි නේ වැඩ කරන්නේ.හැබැයි ඉතින් පහු වෙලා ලොක්කාට චාන්ස් එකක් වදින්නත් බැරි නැහැනේ හිටං.

    ReplyDelete
    Replies
    1. හිටං වැදුනනේ මදි නොකියන්න , අහක යන පරාල මරාල තමා ඔලුවට වැටෙන්නේ ඔහොම සීන් වලදි . පරිස්සමින් මනෝ :P

      Delete
  43. හුටා කෙලියා නේද තාප්පෙටම.. ඕකනේ කියන්නේ කෙල්ලෝ චපලයි කියල..

    ReplyDelete
    Replies
    1. අනන් එකනේ මල්ලි .පරිස්සමින් හොඳේ

      Delete
  44. හතලිස් හතක් කියන්නේ වයසකද පිරිමියෙකුට

    ඔය කිව්වට සෞම්‍යටත් තිස් දෙකක්වත් නැතැයි. //

    අන්න මට අල්ලල ගිය කෑල්ල.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ඒ මොකද ? ඒ කෑල්ලම අල්ලල්ල ගියේ ?

      Delete
  45. අනේ අපෙ පූසට වෙච්චි දේ....

    ReplyDelete
  46. ආයේ ඉතින් ලොවෙත් නැහැ...සුපිරිම ලියවිල්ලක්...

    ReplyDelete
  47. තට්ටෙත් බඩකුත් තියනවා. ජිම් එකටවත් යන්න ඕනේ. නියම කතාව.

    ReplyDelete
  48. හතලිස් හතක් වයසක්ද.....හ්ම්....

    ReplyDelete
  49. හතලිස් හතක් වයසක්ද.....හ්ම්....

    ReplyDelete
  50. මහත්තය ලිදක් කපා නොගෙනම ඇදං නාල ... අහෝ දුකකි ඉරකි තිතකි !

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]