Friday, July 26, 2013

මඤඤන් භාවය


...........................රෙදි නැන්දයි , අපේ අම්මයි ............................
...........................හිනා කටයි , මල් දෝතයි..............................  
...................නෑදෑයෝ සනුහරේම.......................
..........................මනමාලිගේ වරුණේ කියයි...........................

..................පුතේ උඹේ මනමාලී......සිරියාවී ...සීදේවී.............
...................යාදෙවී...පිංදේවී....කිරිපැණියෙන් උතුරාවී.............
..................වාසනාව වාසනාව....................
.................අපේ කොල්ලගේ වාසනාව..................

.....................රෙදි නැන්දට තෑගී ගොඩයි..................
....................රෙදි නැන්දත් ගුණේ වනයි..................
....................පුංචි මහත්තයා පතාන .................
.................සසර පුරා ආපු කෙනෙක්.................

...............පිරිසිදු කම හරි අගේට ............
.................හරි තදේට ......රෙද්දේ මැදට............
...................මැකුනෙත් නෑ හේදුවාට...............
....................සුපිරිසිදුයි මොනවද කැට...............

...................මොකක්ද බොල මේ වෙන්නේ..............
.................කොහොමද ඒ වගේ වෙන්නේ ...........
...............ඔය මොකක්ද එක නැතිවෙන්නේ.........
......................කලකට පෙර මගෙන්මනේ...................

................කොහොම වුනත් මනමාලිව..............
..............බේරාගත්තු දේව බැල්ම..............
.................මොකක්ද කියලා බලන්න................
................ආසයි කෝ මට කියන්න..............

.............කිරි අප්පට බල්ලෝ පැනපි...........
..................ඉස්කෝලේ උත්සවේට.................
...............අරං ආපු ජපන් කොඩිය.............
...............රෙදි නැන්දගේ බාල්දියේ...........



42 comments:

  1. හැක්.....හැක්... මාර වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න වෙනවනම් වැඩ....හික් හික්

      Delete
  2. දැන් උඹලා දෙන්නගෙන කව්ද ගුරු වෘත්තියේ යෙදෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මොන වෘත්තියේ හිටියත් පතිවෘත්තිය රැකිලානේ ඒ මදෑ...

      Delete
  3. පස්ටම පස්ටයි කොල්ලෝ.. අගෙයි..

    ReplyDelete
  4. දැන් හදනව ජපන් කොඩිය ගාන ටිකක් වෙන්න සැරයි. පංකාදුයි උඹේ කවිය.

    ReplyDelete
    Replies
    1. ඔව් හැබැයි ඉස්සරහට ලාබ වෙයි, තාම ලංකාවටම එක තැනයිනේ .. තැන්කු වේවා.

      Delete
  5. ජපන් කොඩියෙ පැල්ලම සයිස් එකට ගන්න නම් අර නැවත යතා තත්වයට පත් කර යවපු රුසියන් එකී වගේ එකියක්ම වෙන්න ඕන.
    නිර්මානය ඉස්තරම්.

    ReplyDelete
    Replies
    1. එත් බැරිවෙයි මං හිතන්නේ.. තැනකුයි කෙන්ජි අයියා.

      Delete
  6. උඹ හදන්නේ අපිට ජපනාගෙන් ලැබෙන ආධර ටිකට කෙල කරවන්නද..:D

    ReplyDelete
    Replies
    1. එහෙනං බංගලිදේශ කොඩිය කියලා දාමුද ? එත් කොළ රෙද්දක් එලනවා කියලා එකක් නෑනෙ

      Delete
    2. එහම උනොත් කොල්ලගෙ අම්මා කියයි "කොහමද අපෙ පුතාගේ වැඩ..දෙන එක දීලා කොල බොක්කටම කියලා"

      Delete
    3. සංජීව ඒකනම් මරේ මරු

      Delete
  7. අන්තිම වෙනකම්ම හිතාගන්න බැරිවුනා මොකද වෙන්නේ කියලා.යකෝ නියම ප්‍රබන්ධය. උඹේ මඤ්ඤන් කියවලා මාත් මඤ්ඤන් උනා.

    ReplyDelete
    Replies
    1. එහෙනං එච්චරයි, ස්තුතියි මේ පැත්තේ ආවාට.. දිගටම එන්න.

      Delete
  8. මේන් වෙනස් විදියකට ලියල... නියමයි ඈ....

    ReplyDelete
    Replies
    1. ඔව් සමනලී.. මේක විහිලුවකට වඩා දෙයක් නෙවෙයි ,මේකෙන් ජීවිතේම තීරණය කරන මොඩයෝන්ටයි මේක ලිව්වේ.

      Delete
  9. අන්තිමට එනකල් හිතාගන්න බැරිවුනා මොකක්ද කියල.. :)

    ReplyDelete
    Replies
    1. කමක් නෑ... මඤඤන් වුනේ නෑනෙ.....!

      Delete
  10. නම නම් සිරාවටම ගැලපෙනවා. පට්ට කවි ටිකනේ

    ReplyDelete
  11. කොහෙන්ද බං අඹට මෙව්වා එන්නේ ,

    මේ --ව ගන්නේ නැතුව අර දකුණු පැත්තේ උඩ තියන --ත ගලවලා දානවද

    ReplyDelete
    Replies
    1. උඹලගේ ආභාෂයෙන් තමයි මේවා එන්නේ..
      ගලවලා දාන්න ම්කේ ...තක් නෑනේ මචං

      Delete
  12. මේවා නැන්දම්මල විතරක් නෙවේ හැම එකාම හොයනවා ..ඔය උගත් බුද්ධිමත් කියල ඉන්න අයත්

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ හැමෝටම තමයි කියන්නේ බුද්ධිමත් කියලා හිතන් හිටියත් තමුන් කොච්චර මෝඩද කියලා තමුන්ටම තේරෙන්නේ නෑ .

      Delete
  13. අඩේ පට්ටයි!!
    ඔන්න ට්‍රික් එක... ඇස් පේන්නෙ නැති ටිකක් වයසක රෙදිනැන්ද කෙනෙකුත් සෙට් උනා නම් ගොඩම තම යි. හික් හික්

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ මේ අයිඩියා එක මරුනේද? ස්තුතියි නිපුන දිගටම එන්න.

      Delete
  14. උබේ අදහසනම් මරු ඈ , දැන් මේක දකින කෙල්ලෝ හනිමුන් යනකොට ජපන් කොඩියකුත් අරගෙන යන්න ගනීද දන්නේ නැහැ .....හික්...

    ReplyDelete
    Replies
    1. හැබැයි අරං ගියානම් වැඩේ ගොඩ...

      Delete
  15. ඉවාන් මේව තමයි විප්ලවීය කවි. නියමයි,ලස්සනයි, වෙන නිසදැස් වගේ නෙමේ ලස්සනට තේරුම් ගන්න පුළුවන් ස්තූතියි ඔබට

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඊට වඩා ස්තුතියි කොමෙන්ටුවට අගය කලාට.

      Delete
  16. Replies
    1. ජපන් බදු ඉතින් හොඳයි කියනවානේ :D

      Delete
  17. තාමත් ඕවා බලන එකනේ වැඩේ....

    ReplyDelete
    Replies
    1. මේ කපේදී ඕක නැතිවෙන්නේ නෑ, පාරම්පරික නැන්දා ලේලි ගැටුමේ ප්‍රධානම හේතුවනේ

      Delete
  18. හපුයි හපුයි මට මගඇරිලා නෙව මේ කවිය මෙච්චර දවසක්... හි හි හී... එල එල පවුලූශෝ... හනිමූන් යන කස්ටියම ජපන් කොඩි අරන් ගියානම් කිසි අවුලක් නෑ නේද? නැන්දම්මලා උනත් සතුටෙන් ඉඳීවි ලේලිත් එක්ක මුල් මාස දෙක තුනේවත්.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]