Tuesday, July 30, 2013

වයස හරිද?.... තාම නැද්ද?



ක්‍රිස්තු වර්ෂ දෙදහස් දොළහක වූ ජූලි මස විසි නමවන දින..........

හරි නෑ හරි නෑ.......

ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස් පන්සීය පනස් හයක් වූ ඇසල මස විසි නවවන දින ................................

ඉලව්ව නෙවෙයි බොලව් මම බ්ලොග් ලියන්න පටන් අරන් ඔන්න හරියටම අවුරුද්දයි. ඔන්න කිව්වා දන්න හිංගලෙන්.

ඉතිං මම ඉස් ඉස්සෙල්ලම  ලිව්වා මෙන්න මෙහෙම

http://iwanpaulooshaa.blogspot.com/2012/07/v-behaviorurldefaultvmlo.html


 ඉවාන් පවුලූශා
කියලා ඔන්න ලියන්නේ මම

මේකට  හා හාපුරා කියල කොමෙන්ටුවක් දැම්මේ අපේ ආදරණීය සුමිත් අයියා.......(සුමිත් නිරිඇල්ල කියලා කිව්වම මම හිතාගෙන හිටියේ හෙන වයසක ඩයල් එකක් කියලා.. එදා අවුරුදු උත්සවේදී දැක්කම මෙන්න බොල නළුවා වගේ කොල්ලෙක්)

මම බ්ලොගක් ලියන්න හිතාගෙන් හිටියේ නෑ කවදාවත්, ඇත්තට කියනවානං බ්ලොග් එකක් කියන්නේ මොකක්ද කියලාවත් මං දෑනන් හිටියේ නෑ ඔන්න.  ඉඳලා හිටලා ගොස්සිප් සයිට්ස් බලනවාට වඩා දෙයක් අන්තර් ජංජාලෙන් කොළෙත් නෑ.(අරවා බැලුවේ නැත්තේ නෑ)

දවසක් මම ඔහේ ගූගලේ පීර පීරා අරමුණක් නැතුව ඉබාගාතේ යනකොට අර හොට් ඩෝග් බනිස් ගෙඩියක් මැදට බල්ලෙක් තියපු ෆොටෝ එකක් තියෙනවා දැක්ක මොන හුට්ටප්පරයක්දමේ කියලා ඔබලා බැලුවා ඒක ගියේ මේන් මෙතන්ට
http://atampahura.blogspot.com/2012/06/blog-post_03.html

මිනිසුන්ට බල්ලා කියා බල්ලන්ට අපහාස කිරීම 

 බලනකොට ඒක හුට්ටප්පරයක් නෙවේ අටම්පහුරක්. ඉතිං මං මේක ඔක්කොම කියෙව්වා. වැඩේ ටිකක් නැගලා ගියා , 
ඊලඟට බලද්දී කොමෙන්ට් කොරන්න තැනකුත් තියෙනවා. 
ඇනෝ, පැනෝ, ඇන්න පැනෝ මොකක්වත් මම දැනගෙන හිටියේ නෑ. 
හොයලා හොයලා කොමෙන්ට් කරා අටමගේ පොස්ට් එකකට . 
මතක් වුනේ නමක් දාන්න ඕන කියලා... දැම්ම ඉවාන් පව්ලූශා කියලා හැබැයි ප්‍රොෆයිල් එකක් හැදුවේ නෑ. ටික දවසක් යනකොට මෙන්න අටමා මොකක්ද කරලා ,ප්‍රොෆයිල් එකක් නැතුව කොමෙන්ට් බෑ, 
ඊට පස්සේ හැදුවා ප්‍රොෆයිල් එකක්.
මෙහෙම යනකොට බ්ලොගක් අටවාගන්න ඕනේ කියලා හිතිලා තමයි මේක කොරේ........ මුලින්ම කලේ අතන මෙතන තිබ්බ ඒවා උපුටාගෙන දාපු ඒක තමයි. මගේම කියලා ලියපු පොස්ටුවක් දැම්මේ ටික දවසක් ගිහිං
ඔකේ කොමෙන්ටුවක් දැම්ම අටමා. "මචන් මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරහන් " කියලා මොකක්ද බොල වෝර්ඩ් වෙරිෆිකේෂන් කියන්නේ, ඔන්න දැන් අටමා දෙනවා උපදෙස් ෆලෝ කරන ගැජට් ඒක දාහන් ,අරක දාහන් මේක දාහන් කියකියා. මම මෙලෝ හසරක් දන්නේ නෑ.  
දැම්මා මේලක් අටමට . ඔන්න ඌ එව්වා ෆෝන් නම්බර් එක. දැන් එදා රෑ තිස්සේ ෆෝන් එක කනේ ගහගෙන මම අටමා කියන ඒවා කර කර බ්ලොගේ මේ තත්වෙට ගෙනාවා.
 ඊට පස්සෙත් අටමා කියපු අරවා මේවා කරකර මේකේ එක එක ඒවා හැදුවා. මේකා කියපි "දාපන් මචං සින්ඩි වලට" කියලා ,ඉතින් ඒවාට ඇප්ලයි කරා, මාතලන්ගේ සින්ඩියේ විතරයි කියපු ගමන් එල්ල ගත්තේ.අනික් ඒවාට ඇප්ලයි කරලා කරලා අනේ මන්දා ......
දැන්නම් කීපයකම අප්ඩේට් වෙනවා.
ඊට පස්සේ ගියා සයිබර් බක්මහ උළෙලට , ඒ වෙනකොට මම කාවට දන්නේ නෑ. මං ගියේම කට්ටිය බලාගන්න. අටමාව දැක්කේ එදා, කතාකරලා තිබුනට අපරාදේ කියන්න බෑ අර ප්‍රොෆයිල් ෆොටෝ එකේ තියෙන හපුටු මූණ නෙවෙයි ටිකක් ප්‍රියමනාප මූණක් ඌට තියෙන්නේ.(මල පනීද දන්නේ නෑ..)
එදා  නලින් අයියා, වෙනී අයියා, සුමිත් අයියා, (වචනයක් වත් කතා නොකලට) ප්‍රසන්න අයියා, මාරයා, දුකා, නාඩියා (කන්නාඩි දෙක නැත්තං මේකා හුළගේ ගහගෙන යනවා), අඩවි රජා, මොඩන් පේට්‍රියට්, සෑම්, සුදීක ඇතුළු තව බොහෝදෙනෙක් දැක ගත්තා.
තව නොදැකපු ය බොහොමයි, එදා ඇවිත් හිටියත් මට ගොඩ දෙනෙක් මග අරුනා, මොකද ලඟට ගිහින් කතා කරන්න තරම් ගටක් නොතිබ්බ නිසා, මොකද මුන් හැමෝම හොඳට දන්නා අඳුරන විදිහට එකිනෙකා එක්ක කතා කරකර හිටපු හැටියට මට හිතුනේ මම විතරද අලුතෙන් ආවේ කියලා.කොහොම වුනත් මගේ මේ බ්ලොග් එකට ගොඩ දෙනෙක් ආවේ මාතලන්ගේ සින්ඩිය නිසා,

ඉතින්  අදට අවුරුද්දයි, අතහිත දුන් හැමෝටමත් , කියවන්න ආපු හැමෝටමත්, කොමෙන්ටු දාපු හැමෝටමත්, අඩුපාඩු පෙන්වාදුන්න හැමෝටමත්, තාක්ෂණික දෝෂ වලට උපදෙස් දුන්නු හැමෝටමත්, බොහොම පිං.

මම
ඉවාන් පවුලූශා

72 comments:

  1. Damith GunawardaneJuly 30, 2013 at 4:43 PM

    මෙ දවස්වල සෑහෙන පිරිසක් උපන්දින සමරනව නෙ.මොනව උනත් ලොක්ක උබ දක්ශයි .දිගටම ලියපන්.මගෙ උනුසුම් සුභ පෑතුම්.අටමටත් අපි තෑන්ක්ස් කියමුකො මෙ බ්ලොග් ලොකෙට කරන සෙවාවට
    ReplyDelete

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දමිත් , සුභ පැතුමට. මේ දවස් වල බ්ලොග්රයාගේ අරියාදු එමටයි. පොස්ටුවක් දැමීමට මාර කට්ටක් කන්නටවී තිබේ. මොනවා වෙලාද මන්දා.මේ පොස්ටුවත් වෙනස් කිරීමට සිද්ධ වුනා කීපවරක්ම, එනිසයි ඔබේ කොමෙන්ටුව මගහැරුනේ. ස්තුතියි දිරිමත් කිරීමට.

      Delete
  2. මගෙනුත් සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කතන්දර .ඔබේ පැමිණීම සතුටක්....මාත් පේරා...හැබැයි E99

      Delete
  3. ඔන්න අපෙනුත් සුභ පැතුම් අයියේ

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා බ්ලැක් පුමෝ

      Delete
  4. උණුසුම් සුබ පැතුම් සහෝදරයා... උඹ ලියනවා හොඳයි.. කෙටි කතා ඉස්තරම්.... දිගටම ලියපනාන්..... සෑහෙන දෙනකුගේ උපන් දින මේ ටිකේ තිබුණා නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් තිබුනා..
      බොහොම ස්තුතියි නලින් අයියේ, ඔබ සැමගේ සහයෝගය මේ ලෙසටම ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා, ඇත්තටම මං ලියන කෙටි කතා කෙනෙක් අසාවෙන් කියවනවා කියලා මට ඇත්තටම හිතුනේ ඔබ,මගේ පාදඩයා කතාවට දැමූ කොමෙන්ටුව නිසා. ස්තුතියි නැවතත්.

      Delete
  5. මගේ පැතුම් ඔබට.!
    ලියන්න ශක්තිය තවත් ලැබේවා.!
    ලියැවෙන ලිපි රසවත්.
    තව රස ලිපි ලියන්න,
    ඔබට ජය.!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙන්ජි, මේ දිරිගැන්වීමම සැබවින්ම මම ලද ජයග්‍රහණයක්.

      Delete
  6. blog lowa digu gamanak yannata haki wewa..! magen suba pathum

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෙහානි , දිගටම එන්න කියවන්න.

      Delete
  7. සුභ පැතුම් ඉවාන්........
    ඇයි ඉවාන් පවුලූශා කියන එක එකපාරටම හිතට ආවේ.මම උඹේ බ්ලොග කියවන්න ආවේ ඒ නම හින්දා.උඹේ ඇත්ත නමට වඩා මේ නම චමත්කාරයි.

    ReplyDelete
    Replies
    1. අරූ, මම පොඩි කාලේ ආසාවෙන් කියවපු කතාවක් තමයි "වානේ පන්නරය ලැබූ හැටි" එකේ හිටපු පාවෙල් කොර්චාගින් පුංචි කාලේ මගේ වීරයා. එත් එක්කම ආසාවෙන් බලපු වැඩසටහනක් තමයි ජාතික රූපවාහිනියේ ගිය සෙනේෂ් බණ්ඩාර දිසානායක කරපු "යාත්‍රා" වැඩසටහන. මේකේ සින්දුවක් ගියා ඉවාන් පව්ලූශා කියලා මේ දක හිතේ ගොඩක් කාලයක් වදිලම තිබ්බ ඒවා , එක නිසා නිකම්ම නම ආවා.

      Delete
    2. මට තාමත් අමතක නොවෙන ගීතයක්.රූප රාමු එහෙම තාම මතකයි.ජපුරට සම්බන්දයි නේද?සෙනේශ් කරපු හොඳම වැඩක්.

      Delete
    3. ජපුර නෙවෙයි කොළඹ කැම්පස් එකේ සෙට් එකක් තමයි සින්දුව කලේ.

      Delete
  8. මමත් දැන් වෙන සයිට් එකකට කමෙන්ට් එකක් දැම්මා විතරයි උපන්දිනේට සුභ පතලා. මේ දවස්වල නම් ඉතින් ඒ හන්දා පාටි තියේ ජයටම. මොනව උනත් රැවුම්, රැවටුම්, කොපි කිරීම් මධ්‍යයේ ඒවායින් නොවැටී දිගු ගමනක් යන්නට ආසිරි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් සුබපැතුවට. දිගටම එන්න දමිත්. ඔබලාගේ සහයෝගය තිබේ නම් එපමණයි.

      Delete
  9. සින්ඩියෙන් කරන්න පුළුවන් පාර පෙන්නන එක විතරයි. නමුත් දිගටම එන්නේ උඹ ලියන දේ රහ නිසා. අනික උඹ අනික් උන්ටත් කොමෙන්ට් දාලා සප් එකක් දෙන නිසා. සහජීවනය නිසා. මේකේ පොරවල් වෙන්න හදන අයට පැවත්මක් නෑ. පොරවල්ටත් පැවත්මක් නෑ. දැක්කා නේ මෑතකාලේ සිඳු උන දේවල්..

    ReplyDelete
    Replies
    1. මාතලන් අපි ජීවත් වෙන්නේ බොහොම ටික කාලයයි, අවුරුදු 60 ක් , 70 ක් , නැත්තං 40 ක්,50 ක් වෙන්නත් පුළුවන්, ඉතින් මේ ටික කාලෙට ඔලුව උදුම්ම ගන්න ඕන නෑ මම හිතන්නේ ඔන්න අපි අවුරුදු දාහක් දෙදාහක් ජීවත් වෙනවනම් කමක් නෑ. අද වෙනකොට බ්ලොග් කියවීම ලිවීම මග ප්‍රියතම දේ වෙලා. එකට උදව් කරපු ඔබට බොහොම ස්තුතියි. සින්ඩියෙන් පාර පෙන්නන එක විතරක් නෙවෙයි එක ලොකු සේවයක් නවක බ්ලොග් කරුවන්ට.

      Delete
  10. congratz machan! Supiri blog ekak mata nam... Digatama liyahan. Sirawata matath andunaganda bari una eda. Nama nam kiyawenawa ahuna. Maathalan thamai me paththata para kiwwe. Eda indan itin kyawanawa. 4n eken cment amarui. Eakai hama ekatama cment karanda amaaru.. Mula kathaa tikakuth kiyewwa. Aaye blog keruwawa wurtimaya wasayen patan gaththama (after xam) ennamko anik ewath kiyola yanda.

    Mage blog ekatath is issellama awe atama thamai. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමී,එක්සෑම් හොඳින්ම ගොඩයන්න පතනවා. අටමා කියන්නේ බොක්ක හොඳම එකෙක්.

      Delete
    2. උගේ බොක්ක හොදයි අරක්කු වලින් හැමදාම හෝදන හින්දා

      Delete
  11. ඇත්තටම ආ මග සුන්දරයි කියා දැනෙනවා..නේද..ප්‍රගීත්...
    ජයම වේවා..මම වගේ උන්දැලා තවත්..වයසට ගිහින් හැරමිටියෙන් යනතුරුත්..ඉවාන් පවුලූශා කියවන්නට ලැබේවා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සුන්දරයි, ස්තුතියි සුබ පැතුමට.

      Delete
  12. ජයවේවා. උණුසුම් සුභ පැතුම් පළමුවෙන සංවත්සරයට. උඹ මේක පටන් නොගත්තා නම් අර ටොප් ක්ලාස් කෙටි කතා අපිට මිස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩුඩ්, ටොප් ක්ලාස් කතා කියලා කිව්වට අයෙත් ස්තුතියි.

      Delete
  13. අඩේ අවුරුද්දක් ගියාද බොලේ ,

    උඹ මේ නමින් ආපු හන්දා , නම මට පුරුදු හන්දා ,මම ඇහුවා දවසක් කාගෙදෝ බ්ලොග් එකක මේ නම එන්නේ මොන පොතේද කියලා,

    සුමිත් අයියා සහ උඹ හන්දා 1989 කියවපු ''වානේ පන්නරය ලැබු හැටි'' මම ආයෙත් කියෙව්වා හොයාගන ඊට පස්සේ

    උඹ සිංහල බ්ලොග් අවකාශයේ ලොකුකම් , පඩ , පඩිටොක් , සෙවල , කුහකකං නැති එළ පොරවල් අතලොස්සෙන් කෙනෙක් ,

    මගේ හදපිරි සුභපැතුම්

    ( දැන්වත් අර -ත්ත ගලවලා දානවද )

    ආ කියන්න අමතක උනා උඹ හෙන ලස්සන කොල්ලා

    ReplyDelete
    Replies
    1. හෑ.. ඒව ගලවල අරන් යන්නත් පුළුවන්ද බං. පෝටබල් සොෆ්ට්වෙයාර් වගෙ.. :D

      Delete
    2. එකනේ චන්දන බලපන්කො. අටමෝ උඹට ස්තුති කරලා බෑ, උඹ නිසා ගොඩ දාපු බ්ලොගක් මේක. අර ..ත්ත ගලවලා දානං හිතෙන්නෙත් නෑ. උඹ ඒක බලන්නේ නැතුව හිටපං.

      Delete
  14. උඹගෙ බ්ලොග් එකට අවුරුද්දක් වුනා කියල දැනුනෙ වත් නෑනෙ බං.. කාලය ගත වෙන ඉක්මණ..

    තව තව ලස්සන, රසවත් නිර්මාණ කරන්නට හැකිවේවා..! සුබ පැතුම් කොල්ලා..!!

    (ලෙඩේට බෙහෙත දීල වගෙයි නේද..)

    ReplyDelete
    Replies
    1. ලෙඩේ නම් තං හරිගියේ නෑ බං, මම මේක ආපහු ගැහුවා., ස්තුතියි චන්දන සුබපතුවට.

      Delete
  15. යකොව්!!! කොහෙද මම හුළගේ යන්නේ! අපි හැඩි දැඩි කොල්ලෝ හරිය!
    සුභ පැතුම් මචං අයියේ!

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා නාඩි මලේ, කන්නාඩි නැතුව කොහෙද නාඩි.

      Delete
  16. ජයවේවා ඉවාන්.. අපිත් මචෝ දැනගෙන ආපු උන් නෙමෙයි. ඒක නිසා මාතලං කිව්ව වගේ “සහජීවනයෙන්“ මේක කරගෙන යමු.. සුභ පැතුම්.. අවුරුද්දක් ගියාද බං.. උඹ එතකොට මට වඩා වයසයි නෙව... ඔහොම යං

    ReplyDelete
    Replies
    1. අමතක උනා.. උඹ කලින්ම කෙලවගත්ත නේද දිනේ මාරු වෙලා.. පබිලිස් වෙලා.. හැක් හැක්..

      Delete
    2. ඔව් බං සේව් කරන්න ගිහින් පබ්ලිෂ් වුනා. උඹට තාම අවුරුද්දක් වත් නැද්ද බං, උඹේ වයසේ හැටියටද බීම එතකොට. ඔහොම බොන්න එපා බොල

      Delete
  17. සුභ පැතුම් ඉවාන්.... මම මේකෙ ඔක්කොම තාම කියෙව්වෙ නෑ... ඉක්මනින් කියවන්නම්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර, දිගටම එන්න, ඔබලාගේ සහයෝගය හා විචාරය තමයි මේක සාර්ථක කරගන්න තියෙන එකම මග.

      Delete
    2. ඔය කියවල නැතෙයි කියන හාදයා මොකක් හරි කියවල දෙන ප්‍රතිචාරේ බොහෝම බරපතල වගේම සිත්ගන්නා සුළු එකක්... අනුන්ගේ රගහල් වල නටන්නේ තමන්ගේ රගහලේ ටිකක් නටපියකෝ..

      Delete
    3. //"ප්‍රතිචාරේ බොහෝම බරපතල වගේම සිත්ගන්නා සුළු එකක්.."// එකනම් අනිවා ඇත්ත.

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. ඔන්න මගෙනුත් සුභ පැතුම්... සුභ පැතුමක් අරගෙනමයි ඉස් ඉස්සෙල්ලම ආවෙ ඔන්න...

    ReplyDelete
    Replies
    1. කොච්චර දෙයක්ද? ඉස්සෙල්ලම සුබපැතුමක්, තැන්කුයි වේවා නදිනි.

      Delete
  20. හැපි ම හැපි බර්ත් ඩේ ද? ඇනිවසරි ද? මොකක් හරි එකක් වේවා, බං! මගේ බ්ලොග් කටුවට වාරණ නියෝග. ඒ නිසා ලොග් වෙන්න විදියක් නැතෝ. බලධාරී උතුමා මුරපදේ හිටං වෙනස් කොරලා. ඒ නිසා අද ඉතින් ඇ‍නෝ තමයි. මොනවා වුණත් දිගට ම කෙටි කතා ටිකක් (නෙමෙයි ගොඩක්) දාන්න. සුභ පැතුම්!

    - ධාරා -

    ReplyDelete
    Replies
    1. කව්ද ඔය බලධාරියා... දෙකක් අනින්න..

      Delete
    2. අප්පේ ධාරා ..එත් මං බැලුවා මොකද පෙන්න නැත්තේ කියලා, කොහොම හරි ආවනේ සුබපතන්න , තැනකුයි වේවා. ඇත්තටම කවුද ඔය බලධාරියා.

      Delete
  21. සුබ පැතුම් සහෝ! අවුරුද්දට ලබාගත් දේ බොහෝයි සිතනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝ දේ ලබාගත්තා ,එත් යා යුතු දුරත් බොහෝයි ...ඔබ සැමගේ සහයෝගයෙන් පුළුවන් තරම කල් ලියන්න තමයි බලාපොරෝත්තුව. ස්තුතියි ලොකු ජෝන් සහෝ.....

      Delete
  22. උණුසුම් සුභ පැතුම් සහෝ....

    අපි හැමෝගෙම ගමන හැදෙන්නේ එහෙනම් එකම විදිහකට......

    තව තවත් ලියන්න ශක්තිය ලැබේවා.....

    ReplyDelete
    Replies
    1. ඔව් සඳුන් ,මුල ඉඳන් පටන් ගන්න බොහෝදෙනෙක්‌ ගමන් යන්නේ එකම විදිහට, ස්තුතියි සුබපතුමට.

      Delete
  23. m%.S;a Tfnz ksrAudK u dug yels mrsos Wmrsufhka lshejSug W;aidy lrkjd' wgka myqr lshkafk we;a;gu kjlhska i|ydu mjqrla ' mjqrla hkak;a ksjereoshhs fkdlshus' we;a;gut h pSk uyd m%dldrhhs uf.a nzf,d.a cSjsf;;a' iqN m;kjd Tng ;j;a os.= .ukla hdug

    ReplyDelete
    Replies
    1. මේක නං සුපිරි බීමක ප්‍රතිපලයක් වගේ...

      Delete
  24. ඉවාන් ෙම් අකුරු වල ෙපාඩ් පරහක් තිෙයනවා.හදාගන්න විදිය අමතක ෙවලා. ඔයාෙග නිර්මාණ මා ලද හැම ෙවලාවකම කියවනවා. සුබ පතනවා ඔබට දිගු ගමනක් යාමට .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වැව් ඉස්මත්ත, සතුටක් එය ඇසීම. දිගටම එන්න.

      Delete
  25. සුභ පැතුම් මචං.
    ඉදිරියටම යමු.

    ReplyDelete
  26. එළකිරි මචන් අවුරුද්දේ උපන් දිනයට...

    ReplyDelete
  27. කලින් ඇවිත් සුබපතන්න හිටියත් අමතක වුනා,පරක්කු උනත් කමක් නෑ අවුරුද්දේ උපන් දිනයට මගෙනුත් සුබ පැතුම්,තව තව රහට ලියන්න ශක්තිය දහිරිය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම තැන්කු වේවා හැලපයියේ, (සොරි හැලප අයියේ) ඔබගේ සුබ පැතුම විසල් දිරියක්.

      Delete
  28. මගෙනුත් සුබපැතුම් යාළුවා ... දිගටම ලියන්න මම ඔබගේ බ්ලොග් එක දැං පටන් කියවන්නයි ලැහැත්ති වෙන්නේ

    ReplyDelete
    Replies
    1. හප්පට සිලි, තැන්න්කු වේවා, ගෞරවයක් පැමිනීමම, හිස් අහස ඔක්කොම මම කියෙව්වේ හරිම ආසාවෙන්.

      Delete
  29. ඔන්න පරක්කු වෙලා හරි මගෙනුත් සුබ පැතුම්. ලියපන් අපි ඉන්නවා උබ එක්ක

    ReplyDelete
    Replies
    1. පරක්කු නෑ මචං, තැන්කු වේවා.

      Delete
  30. සුභ පැතුම් සුභ පැතුම්, අවුරුද්දක් ඒ කියන්නෙ ලොකු ගමනක්,දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. තැනකුයි, තැනකුයි, ආ මග කෙටියි යා යුතු මග දුරයි.

      Delete
  31. ඔයාට කියන්න ,,,ඇත්තමයි "", කොමෙන්ටුවක් දැම්ම අටමා. "මචන් මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරහන් " කියලා මොකක්ද බොල වෝර්ඩ් වෙරිෆිකේෂන් කියන්නේ, ඔන්න දැන් අටමා දෙනවා උපදෙස් ෆලෝ කරන ගැජට් ඒක දාහන් ,අරක දාහන් මේක දාහන් කියකියා. මම මෙලෝ හසරක් දන්නේ නෑ.
    දැම්මා මේලක් අටමට . ඔන්න ඌ එව්වා ෆෝන් නම්බර් එක. දැන් එදා රෑ තිස්සේ ෆෝන් එක කනේ ගහගෙන මම අටමා කියන ඒවා කර කර බ්ලොගේ මේ තත්වෙට ගෙනාවා.
    ඊට පස්සෙත් අටමා කියපු අරවා මේවා කරකර මේකේ එක එක ඒවා හැදුවා. මේකා කියපි "දාපන් මචං සින්ඩි වලට" කියලා ,ඉතින් ඒවාට ඇප්ලයි කරා, මාතලන්ගේ සින්ඩියේ විතරයි කියපු ගමන් එල්ල ගත්තේ"


    ඔය ටිකම මටත් වුණා ,, අටම් මාමා (කිවුවට තරුණ අයියා කෙනෙක් )මට කිවුවට උදවුකරපු බව ප්‍රසිද්දියේ කියන්න අවශය නැහැ කියලා මේක දැක්කම මාත් නොකියා කොහොමද ,,ඔයත් මගේ ජාතියේම කෙනෙක් ඈ @ඉවාන් ,,වර්ඩ් වෙරිෆිකේසන් කිවුවම උඩබිම බැලුවා මාත් ,,මගේ සුබ පැතුම් ඔයාට දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. අප්පට බොල අටම් මාමා කියන්න එපා ඔමායා, ඌ පුංචි කොල්ලෙක්. මුලදී මේවා ග්‍රීක් වගේ දැන් නම් ටික ටික අල්ලාගෙන යනවා. ලියන්න හිතාගෙන් ඉන්නවා දිගටම , ඔයාටත් ආරාධනා කරනවා දිගටම එන්න බලන්න කියලා, බලන් ගියාම අපි එකම බෝට්ටුවේ නේද? ඔයාගේ ලිපිවල රටාව ලස්සනයි. සුබපතුමට ස්තුතියි, ඔයාටත් ආසිරි දිගටම ලියන්න.
      (මට අටමා තාම බනිනවා ප්‍රසිද්ධියේ කිව්වා කියලා)

      Delete
  32. මම සෑහෙන්න පරක්කුවුනා....

    සුබ පැතුම් ඉවාන්..., අවුරුද්දක් අදිනවයි කියන එක ලේසි වැඩක් නෙවෙයි.

    ජයවේවා....!

    ReplyDelete
    Replies
    1. පරක්කු නෑ , සුමිත් අයියා තමයි මම බ්ලොග් එක පටන් ගත්තු දවසෙම කොමෙන්ටුවක් දාපු කෙනා, ඒ කියන්නේ ඔයා තමයි මුලින්ම ආපු කෙනා. බොහෝ ස්තුතියි සුමිත් අයියේ, ඔබගේ කොමෙන්ටු නැති බ්ලොග් කුමටද?

      Delete

  33. تركيب جبس بورد بالرياض تركيب جبس بورد بالرياض
    معلم دهانات بالرياض معلم دهانات بالرياض
    ارخص نقل اثاث بجدة ارخص نقل اثاث بجدة
    فني تركيب ورق جدران بالرياض فني تركيب ورق جدران بالرياض

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]