Thursday, August 29, 2013

කෙන්ජයියගේ කවි.


කෙන්ජයියගේ ඉල්ලීමට ඕන්න මම කවි              ලියනව
කිව්ලිපියක් නොදැම්මොතින් කෙන්ජයියා කන     පලනව
මිනිහා හරි හැඩකාරයා ඉස්සර නළුවෙක්              කියනව
සකුරාමල් පිපෙන රටේ ජපන්නුන්ට              උගන්නනව

කොටි හපුවෙක් මේකින් ලව් අපේ එකෙක් ෆොටෝ ගැහුව
සින්ඩියෙ අපෙ ලිපි එල්ලල අපිටත් සප් එකක්         දෙනව
මග මරුවෙක් පට්ට හොරෙක් මිනිහම ඒ ගැන        කියනව
මිනිහගේ නම මාතලන්ලු කවුරුත් රැස්පොට්       කොරනව

හිරු එෆ්. එම් එකේ වගේ මේ කෙල්ලත් කට           ගහනව
කාන්තාවේ විමුක්තියේ දෝංකාරෙ වගේ                 පේනව
කොමෙන්ටු හරි සැරයි අනේ මල පයිනවා වගේ      පේනව
අනේ අපේ මහත්තයා දවසම හිස් බඩ                    ඉන්නව

හැලප කඩේ හැලප රහයි  හැමෝම ගොස් එයින්        කනව
කාල කාල බිමත් හලලා ඇනෝ කොමෙටුත්              දානව
මගේ චිත්‍රෙ ඔන්න බොලව් ප්‍රොෆයිල් එකෙ දා       තියෙනව
හැලපයියා හරි මිනිහා හොරෙන් හොරෙන් රෑට        බොනව

කොළ පාටයි කොමෙන්ටු පොත ඇනෝල බල්ටිත්   ගහනව
තව ටික දවසක් ගියාම ඇනෝල මිනිහව                 ගිලිනව
කකා කියල අපි කියනව නොකා නොබී ඌ             ලියනව
ඌ කිව්වට තරහ යන්නේ නෑ කියලත් මං                දන්නව

මගේ බ්ලොගේ ගොඩ දාන්න නිතරම උපදෙසුත්       දෙනව
ඒක බ්ලොගේ ලිව්ව කියලා මට කුණුහරුපෙන්       බනිනව
මැෂින් බිජ්ජ, අටං පකය, තනි කුක්කුව,               මිණී ඔලුව
හිත හොඳ කොලු පැංච වුනත් දවසින් වැඩි හරිය     බොනව

අරූගෙ අඩවිය ලියනව නියම කතා ඌ                    කියනව
අපේ එකේ කොමෙන්ට් දාල අපිටත් මල            පන්නවනව
අවුල් වෙන්න පෙර ලියනව මිනිහ කවුද සැක        හිතෙනව
අහුවුනොතින් අම්මප මම තට්ටෙ පළල ලුණු              දානව

පත්තරේට ලිපි ලියලා සමකෙ වටේ ගිහින්                 එනව
මාළු මසාජ් කරගන්නට කක්කුටු වලකට                පනිනව
නලින් අයියා නම කිව්වම බැරැක් ඔබාමත්               දන්නව
මගේ බ්ලොගේ පැත්තටවත් නෑවිත් ටික දොහක්     වෙනව

බලන්ගොඩින් ඉඩම් අරං කොරියා යන්නට              හදනව
රෙහානි දුන් වටලප්පම කාල තවම බඩ                   රිදෙනව
වෝල්ටේජ් එක බෙදුවම ප්‍රතිරෝදෙන් නමක්              එනව
ධාරා කියල අපි කියනව හිටපු ගමන් කවි                 ලියනව

සද්ද බද්ද වැඩියම නෑ හැමගෙම ගුණ දොස්            කියනව
ප්‍රහාරයත් නවත්තලා සෑහෙන කාලයක්                   වෙනව
ඒ වුනාට කොමෙන්ට් කොරල හැමටම සහයෝගෙ   දෙනව
මට මුලින්ම සුබ පතාපු සුමිත් අයියා මතක්                වෙනව

අවුරුද්දට එක පාරක් මාරම බ්ලොගයක්                   ලියනව
අප්‍රසන්න වැඩ නොකරන ප්‍රසන්න කවුරුත්              දන්නව
බ්ලොග් අප්සැට් ගොඩ දාන්න ෆ්‍රී සර්විස් එකක්          දෙනව
කෙබර චන්දනගේ ටෙස්ටරෙ තාම හොඳට වැඩ        කරනව

ආර්ථිකේ ගැන ලියනව ප්ලේන් රොකට් ගැන           ලියනව
සද්දේ නැති සහන් ගොයියා මාරපොරක් යැයි         හිතෙනව
සුදීක මහතත් ඉන්නව කොමෙන්ට් නැතුව බලල         යනව
ඇටකිත්තා වගේ ඉඳන් නාඩි මලය වැඩ                     දානව

මාර වෙලාවට මාරම කෑම මාරයා                            හදනව
ෆොටෝ ගහල වෙනිඅයියා ලියන්නා වෙන්නට          හදනව
අඩවි රජා සුබ වේවා කියලා නිතරම                       කියනව
සෑම් කොමිනිකේෂන් වල  කෙල්ලන් හට පැණි      පෙරනව

පච්ච කොටල , ප්ලේන් එකේ රෝදෙ අස්සෙ උඩින්      යනව
ඩූඩ් ලොක්ක  ජොනි වෝකර් බීලා කබරයා                 දානව
සම්පයියක් සේ වඩමින් වෙදගෙදරට අඩ                   ගහනව
මහ වෙදනා ඉන්න නිසා කටිටියගෙම                වෙරි බහිනව

රණ හංසයො මතක් වුනත් මූ කොල්ලෙක් බව          පේනව 
විචාරේ නියමෙට කරනව තිසර කියල අපි                කියනව 
පී.එච්. අයි එනකොටනම් මේ යෝදය මතක්              වෙනව
DDT අපි ගහනව මිනිහ අපිට ගුලි                          බෙදනව

පොල්ලක් අතකින් අරගෙන බේබද්දෙක් මෙන්න        එනව
දේශකයා වැඩ දැම්මොත් දේශිකාව කන                  පලනව
නැට්ට හැලුව කියල ඇනෝ ඔකොම මිනිහට            බනිනව
කන්දේ ගෙදර පෙන්න පෙන්න මෙන්න බොලේ දුලා   එනව

සංජීවයි දමිතුයි ඇවිදිල්ලා සපෝට් එකක්                    දෙනව
නදිනි නංගි ළමයි හදන පිළිවෙල අක්කට                  කියනව 
කලු සහ සුදු අක්ක ලියන දිනපොත කියවල               බලනව
පොඩ්ඩි ලඟදි බැන්ද නිසා අම්මප මට දුක                 හිතෙනව

C.S.K. රා පෙරනව, සමියා කොටු                         පන්නවනව
නවදැලි හේනට පැනලා තිළිණය රට ගිනි                    තියනව
කැමරාවක් අරගන්නට අයිලාස් නිසා                         හිතෙනව
ඔමායගේ ෆොටෝ වලින් අසූචි බතලිව                        පේනව 

සඳුනිමා ගෙ පොඩි පැටියට ඕන්න අපි සුබ                     පතනව
මනෝගේ ලෝකේ ඉඳගෙන මනෝජ් හීනම                 දකිනව
බෙන් ටෙනිසන් අද ඇවිල්ල දිගම කොමෙන්ටුව              දානව
අසමි දකිමි සොයමි කියලා විචාරකත් දැන්                 හොයනව

කවුද පොරක් ඇවිදිල්ලා චමීගේ නම විකුණා                  කනව
මගියා දවසක් බීලා ගමන් මගේ                           නතරවෙනව
රස්තියාදුකාර කොල්ලා රස්තා ගගහ ඔහේ                   ඉන්නව 
රාජ් කොල්ල මව්පියන්ගේ සෙක්ස් වලට               පොලු දානව

මේකා අපේ ලේ බොන්නට දහසක් වැඩ කිඩ                 දානව
ඩ්‍රැකී ගේ නම ලියාගන්න බැරුව මමත් කචල්               වෙනව
රයිටර් ගේ සිතුම් පැතුම් අපිට දැනිල කලක්                   වෙනව
වැව් ඉස්මත්තට ගිහිල්ල හිතුනොත් කාලක්                   ගහනව

නුවර කුමාරිගේ හිංගල පන්තිය දැන් නතර                 කොරල  
හිස් අහසට ලඟදි ඉඳන් අයෙත් ඉර හඳ                         පායල 
අපිට දුකක් දැනෙන්නේ නෑ අපි මෙයාට දුක                කියනව
දුකා කියල අපි කියනව අපි දුකාට චන්දෙ                      දෙනව

ඇල්කේමිය ලියන්නේ නෑ මොඩන් පේට්‍රියට්                   කිව්ව
හෙනහුරාට වෙච්ච දෙයක් ලොකුජෝනා අපිට                 කිව්ව
සෙන්නා ඇවිදින් කාටත් සෙතක් වැඩක් කරයි                 හිතුව 
වී පොකුරේ වෙසක් බබා දැන් පොඩ්ඩක් හිනා                 වෙනව

සබිත් නෝත් සවුත් වලට රතුපස්වල අරං                       යනව
සිතුම් සයුර හිඳිලා වගේ සද්ද බද්ද නැතුව                       යනව
සෙන්කොලය ලියපු එකා මොකෙක්ද මාතලන්                ඇහුව
ඕන මැන්ටලේට අයිස් නිසා බ්ලොගේ වැඩක්                 නැතුව  

හැම කියන්නේ නෑ කියලා සිංහයෝ තණකොලේ           කනව
ප්‍රොෆයිල් එක සිංහ වුනත් ඉන්දිකයා පොලුම                 කනව
රතු රටකජු මතක් වුනත් රතුරජරට කවි                       ලියනව
කලින් ඇවිත් තිබුනානම් නිල් මානෙල් මම                නෙලනව

කෙන්ජයියේ ඕන්න දැන් එන්න එපා කන                     පලන්න 
ඔපිස් එකෙන් ගෙදර යවයි වෙන්නේ මට හිඟා                 කන්න 
අත අරුනා නම් කවුරුත් එපා හොඳේ තරහා                   වෙන්න 
කියවල බලලා කවුරුත් මගේ කවියට                       සුබපතන්න 


123 comments:

  1. අරිගතෝ ගොසයිමස්තා....!!!!

    ReplyDelete
  2. කෙන්ජි එන්නෙ පුක පලන්න
    සත දහයට ගල් කපන්න
    ඉස්සර කෙලි දැන් නම් බෑ
    නශ්ඨකාමෙ හැදිලා ඔන්න....

    කකා බෝයි කොලු මරුවා
    තට්ටෙන් සොමි වැඩ කෙරුවා
    සමලිංගික අයිතීන්ට...
    දෙකට නැමිලා වැඩකෙරුවා....

    එහාගෙදර වට්ටක්කා...
    මෙහා ගෙදර මැගි අක්කා...
    ඇමරිකාවෙ ලොකු අක්කා...
    ශත විස්සට පච වික්කා....

    බුද්ධාගම අබිං වෙනවා...
    ගොනු පිටු පස ගැල එනවා....
    අසූ නවයෙ කරපු පවට..
    පැරකුම් තව බ්ලොග් ලියනවා....

    ReplyDelete
    Replies
    1. මොනා උනත් කවි කිව්වට ඇනෝ ඇවිත් මෙන්න මෙතන
      මඩ බාල්දි වැදුනු ඈයො ගණං ගන්න එපා ඔන්න
      මඩ උනාට කවිනෙ බොලං කිව්වේ ඌ හිනා වෙන්න
      කිව් කයියට සත පහකින් ආදාරය පුද කරන්න :P

      Delete
    2. @ ඇනෝ - මරු බං එල කිරි.

      @සමී - මඩ උනාට කවිනෙ බොලං කිව්වේ ඌ හිනා වෙන්න සහතික ඇත්ත මචෝ.

      Delete
    3. //අසූ නවයෙ කරපු පවට..
      පැරකුම් තව බ්ලොග් ලියනවා....//

      හැත්ත අටේ කරපු පවට...
      තොපි තවමත් ලෙව කනවා...

      Delete
  3. හොදයි මචන්.නියමයි.වෑඩෙ ක්‍රියෙටිවු

    ReplyDelete
  4. ෂා ... ඉවාන් දන්න කියන හැමෝවම මතක් කරල තියෙන්නෙ කයියෙන්. ස්තූතියි අපිවත් මතක් උනාට. අපිට ඉතිං කයියෙන් හරඹ කොරන්ට දැනෙන්නෑ නෙව, තව තවත් රස කවි අපිට ගේන්න හැකියාව ලැබෙන්න කියල ඔන්න මම ප්‍රාර්ථනා කරනවා.

    කලින් කෙන්ජයියගෙ කවි දැකල එනකොට උඹ දාලා අකුලල තිබුනා.

    ReplyDelete
    Replies
    1. කලින් සැරේ මචෝ සේව් කොරන්න ගිහින් පබ්ලිෂ් වුනා , එතකොට වැඩේ ඉවර වෙලා තිබ්බේ නෑ. තැන්කු වේවා මචෝ.

      Delete
  5. අපේ රයිගම,රතු රජරට,සහ අරුණි S නංග කෝ මලේ?

    ReplyDelete
    Replies
    1. එහාගෙදර වට්ටක්කා...
      මෙහා ගෙදර මැගි අක්කා...
      ඇමරිකාවෙ ලොකු අක්කා...
      ශත විස්සට පච වික්කා....

      Delete
  6. ආ...තරුරසී නංග...?

    ReplyDelete
    Replies
    1. කීප දෙනක් මග ඇරිලා වගේ කෙන්ජයියේ

      Delete
    2. කීප දෙනක් මග ඇරිලා වගේ කෙන්ජයියේ

      Delete
  7. අනෙ අම්මෝ සරොම් ඔරු ඩාන්ස් දාන අපේ රවිය??

    ReplyDelete
  8. ඔන්න කිව්ව දෙයක් අහන හැදිච්ච දරුවො.

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා කෙන්ජයියේ , අපි එහෙමයි. කීප දෙනෙක් මග අරුනා වගේ පේනවා.. සමාව ඉලනවා කට්ටියගෙන්ම.

      Delete
  9. //කෙන්ජයියගේ කවි.// මේක දැක්කාම මම හිතුවේ එයා ලීව කවි කියලා.

    //පොඩ්ඩි ලඟදි බැන්ද නිසා අම්මප මට දුක හිතෙනව//

    මේ තියෙන්නේ ලස්සනම කවියේ ලස්සනම පදේ හී හී...

    ඉතින් අනේ මෙච්චර ලස්සණට කවි ලියන්ටත් පුලුවන්කම තිබුණු එකේ ඔයාට කලින් කවි ටිකක් ලියලා එවන්ට තිබුණනේ.:( :D:D:D

    ReplyDelete
    Replies
    1. එකනේ අනේ ලියලා එවන්ට තමයි තිබ්බේ ,කොහෙද ඉතිං පස්සෙනේ දැක්කේ.!

      Delete
  10. "ඉවාන් පවුලූශා" නම දැකලා මේ ළඟ දවසක
    විප්ලවකාර‍යෙක් ද මූ අපේ නංගි මගෙන් ඇහුවා
    නම විතර යි වැඩ නෑ බොල මම කිව්වා හිනා වෙලා
    මූ දන්නේ බ්ලොග් ලෝකේ වචනවලින් කරන සටන්

    කවි ටික නං නියම යි, ඉවාන් අයියේ. තැන්කූ වේවා, අපිවත් මතක් කරාට. කියවන ගමන් ඇති වෙන්න හිනා වුණා :D

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එකේ උඩ තියෙන්නෙ කවියක්ද දරුවො? පරිස්සමෙන් ඔව්වා ලියන්න සාහිත්‍ය සම්මානෙ හම්බවෙයි.....

      Delete
    2. අඩෝ අපි විප්ලව කාරයෝ තමයි හරිය... තැන්කු වේවා ධාරා

      Delete
    3. @ ඇනෝ - මේ වගේ එළිසමයවත් හරියට ගළපලා නැති කවි ‍නොවන ඒ වගේ එව්වාවලට සාහිත්‍ය සම්මාන හම්බ වෙනව ද? හරි පුදුම යි! දන්නවා නං පොතක් ගහන්න තිබුණා. කිව්වට තැන්කූ වේවා හො‍‍ඳේ :) ‍

      @ ඉවාන් අයියා - නැතු ව! අපි දන්නවනේ විප්ලවකාරයගේ තරම :P

      Delete
  11. පහුගිය අවුරුද්දෙ ජූලි මාසෙ ඉඳන් මූ ලියනව
    මාර්තු මාසය වෙනකං කම්මැලි වුණ බව පේනව
    ඊට පස්සෙ අවුලක් නෑ බ්ලොග් එක අප්ඩේට් වෙනව
    නම දැක්කම ටීවී එකෙ සින්දුව මතකෙට නැගෙනව

    හිතට නැගෙන දේ වාරණ නැතුව ලියන බව කියනව
    කෙටි කතා ද, ගී විචාර, ප්‍රහසන හැම මෙහි තියනව
    වැඩිය දක්ෂ කෙටි කතාවටයි කියලා මට හිතෙනව
    ඉඩ ඇති විටකට ඇවිල්ල මුල සිට ටික ටික බලනව

    විරිතට එළිසමය රැකල මාගල් දිග කවි ලියනව
    එසේ මෙසේ පොරක් නෙමෙයි හොඳ හැටි සලකන්න වෙනව
    කෙන්ජියාගෙ නම කවියට දැම්ම එකට මළ පනිනව
    ඒ වුණාට පාලොස් වෙනි කවියෙ මගෙත් නම තියනව

    පේන විදිහමයි මම නං, ඌම කියාගෙන තියනව
    පේන විදිහ හොඳයි වගේ බලාන යනකොට හිතෙනව
    හැකියාවයි, සිතුවිල්ලයි හොඳ අත යන බව පෙනෙනව
    තව තව කයි පද බඳින්න ඔන්න මමත් සුභ පතනව

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. විරිතට කවි ලිව්ව උනත් යවහන් දෝසය තියනව
      ඒ උනාට නියම කයිය ඉවාන් ලියලා තියනව
      තිසර ගොයියා යවහන් දොස මග ඇරි බැව් මට පේනව
      මොකට හෙලේ ඒවගෙ දොස් තිබ්බද කියලත් හිතෙනව

      Delete
    3. මම කිව්වේ තිසර තමයි මරු විචාරකයා කියලා. ඔය තියෙන්නේ එලට. තැන්කු වේවා මචෝ.

      Delete
    4. ඇදෙ සමියෝ ඇත්තටම දන්නේ නෑ බං මොකක්ද යවහන් දෝසෙ කියන්නේ...?

      Delete
    5. යවහන් දෝසය කියන්නෙ මචං සිංහල එළිසම කයියෙ පද වැල් වල අග ය,ව,හ,න් අකුරුවලින් ඉවර කරන එක. සාමාන්‍යයෙන් අපේ පැරනි කවියො ඒ අකුරු වලින් කවියෙ පේලි අවසන් කරන්නෙ නෑ. ඒම අවසන් කරන්න පුලුවන්. ඒත් ඊට කලින් එකුරත් මුලු කයියෙම එකම වෙන්න ඕනි. එතකොට යවහන් දෝසය මග ඇරෙනවා.

      //ඇල්කේමිය ලියන්නේ නෑ මොඩන් පේට්‍රියට් කිව්ව
      හෙනහුරාට වෙච්ච දෙයක් ලොකුජෝනා අපිට කිව්ව
      සෙන්නා ඇවිදින් කාටත් සෙතක් වැඩක් කරයි හිතුව
      වී පොකුරේ වෙසක් බබා දැන් පොඩ්ඩක් හිනා වෙනව//

      මේ කවියෙ අග බලහන් හැම පදයක්ම ව යන්නෙන් ඉවර වෙලා තියනවා. ව යන්නට කලින් අකුර එකම නෙමේ. ඒ නිසා යවහන් දෝසය තියනවා.

      දැං උබත් නොදැන උඹම විසින්ම යවහන් දෝසය මග ඇරපු හැටි පෙන්නන්නද?

      //කොළ පාටයි කොමෙන්ටු පොත ඇනෝල බල්ටිත් ගහනව
      තව ටික දවසක් ගියාම ඇනෝල මිනිහව ගිලිනව
      කකා කියල අපි කියනව නොකා නොබී ඌ ලියනව
      ඌ කිව්වට තරහ යන්නේ නෑ කියලත් මං දන්නව//

      මේ කයිය බලහන්. මේකෙ ව යන්නෙනෙ හැම පදයක්ම අවසන් වෙන එක ඇත්ත. ඒත් වයන්නට කලින් අකුර හැම පදේකම එකයි. ඒ කියන්නෙ හැම පදේකම ව යන්නට කලින් න යන්න ඇවිත් තියනවා. ඒක නිසා යවහන් දොශය මග ඇරිල තියනවා.
      උඹ ලියපු කවි වලින් 95%ක්ම යවහන් දෝසෙන් මග ඇරිලා උබ දන්නෙත් නැතුව. එක තැනක දෙතැනක විතරයි ඒ දොසය තියෙන්නෙ.

      මේමයි මචන් .. අද ගොඩක් අය යවහන් දෝසය ගනං ගන්නෙ නෑ. අඩුම තරමෙ මේ කියපු මමවත් නෑ. මොකෝ දන්නවද? මට යවහන් තිබුනයි කියල කවි රසවිදීමට බාඩවක් ඇතිවෙන්නෙ නෑ.. ගොඩක් අයට එහෙමයි. ඒකයි මං කිව්වෙ

      //මොකට හෙලේ ඒවගෙ දොස් තිබ්බද කියලත් හිතෙනව// කියලා :) මොකද ඒතරං උබේ කයි රහයි.
      ඒත් මේම දේවලුත් තියනවයි කියලා දැනගෙන ඉන්නෙක වටිනවා..

      Delete
    6. සමිය හොද විග්‍රහයක් කරල තියෙනව.නොදන්නා දෙයක් දැනගත්ත.ස්තුතියි ඔබට.

      Delete
    7. සිරාවටම එක දැනගත්තේ අද සමියෝ. උඹට පිං .. ඔන්න මීට පස්සේ යවහන් දෝස නෑ හොඳේ .
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    8. @ සමී,
      +++++++++++++++++++++++++++++++++++

      Delete
    9. මමත් අද තමයි හරියට ම යවහන් දෝශය ගැන දැන ගත්තේ. මම කවි ලියනකොට නං ඕවා ගැන හිතන්නේ නෑ. හිතට එන එකක් ඔහේ ලියලා දානවා. මොනවා වුණත් දැනගෙන ඉන්න එක හොඳයිනේ.

      Delete
    10. ඒ වුනාට ධාරා නගෝ තනියම ගමන් බිමන් එපා, යවහන් දෝෂය කෙසේවෙතත් කළුකුමාර දොශේ එන්ට බැරි නෑ ....:D

      Delete
  12. ස්තුතියි බං අපි වෙනුවෙනුත් කවි පබැඳුවට. මේක කරන්න සෑහෙන සංවිධානයක් ඕනෙනේ බං. ඒ කියන්නේ ලිස්ට් එකක් හදලා, ඊට පස්සේ ඒ ඒ බ්ලොග් වල මෑතකදි ගිය, නැතිනම් ජනප්‍රිය, මතක හිටින පෝස්ට් කීපයක් කියවලා, නැතිනම් කියවපුවා මතක් කරලාආ, සමහරවිට ප්‍රොෆයිල් එකත් චෙක් කරලා...

    සෑහෙන වැඩ කොටසක්. අනික එකෙක් දෙන්නෙක් මග ඇරුනාමත් අප්සෙට්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං එත් මග අරිලානේ කීපදෙනක්ව , තැන්කු වේවා ඩූඩ්

      Delete
  13. අප්පා.. මෙයා කවි ලියල... මං කවි කියවන්න කම්මැලි නිසා උදේ ඉඳන් මඟඇරලා හිටියෙ.. හි හි..

    මෙයා මේ අහල පහල ද මන්ද ඉන්නෙ.. බලං හිටියා වගේ කියල තියෙන්න මගේ වැඩ ගැනත්... මෙහෙම මඩ ගහනකොට මල පනින එක අහන්නත් දෙයක්යැ...හි හි.. ( හැබැයි අපේ මහත්තය නං කියයි ලියලා තියෙන්නෙ සහතික ඇත්ත කියල.... )

    හොඳයි ඈ... ඔන්න තවත් කවි ලියන්න සුබ පැතුම් මගෙනුත්...

    ReplyDelete
    Replies
    1. මට අපේ මහත්තයා තමයි කිව්වේ "මචං දවසම බඩගින්නේ බං" කියලා

      Delete
  14. ලිව්වට ගමටම කවි පද බැඳලා
    තෝ නෑ පොළු කෑ මා ගැන ලියලා
    හය්යො කෙන්ජිගෙන් පොල්ලෙන් කාලා
    හැදියන් බොට උන නොම යන බැහැලා

    ReplyDelete
    Replies
    1. අප්පේ තාමත් කෑ පොලු රස්නේ
      තියනවා වාගෙයි නොම යන උස්නේ :D (විහිලු ඈ)

      Delete
    2. @ ඉන්දික - එකක් දැම්මෝ

      Delete
    3. ඔන්න දැම්මා සමියෝ ඉන්දික ගැන ..කාපු පොල්ල ගැනම කියලා

      Delete
  15. කයි පද බඳිනවා වාගේ නෙමෙයි යකෝ මේ කෙටිල්ල
    ලියන්න බැරියයි කිව්වට එලිසම ඇත නිසි යෙදිල්ල
    පළවෙනි එක මේ වගෙ නම් අනාගතේ පද බැඳිල්ල
    එළ කිරි වාගෙම තියේවී දිගටම ලියපන් ලිවිල්ල

    ReplyDelete
    Replies
    1. මාතලන් - "බ්ලොග් ලෝකය නම් සයුරේ නවකයන්ගේ ප්‍රදීපාගාරය."

      Delete
  16. නියම කවි ටික ඉවෝන්..මට දැන් ඉස්සර තරම් බ්ලොග් වලට එන්න වෙන්නේ නැහැ. පදිගටම ලියන්න ඉවෝන්.. සුබ පතනවා ඔයාට..

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා සහන් , ආවත් නාවත් අපේ හිතේ "පවතී ගල කෙටූ අකුරක් මෙන් නිබඳ"

      Delete
  17. ලියන්ට වැඩියෙන් ආසයි කියවන්නට උඹලගෙ වැඩ
    හඬ නැත්නම් අරින්නෙ නැහැ මම මල්ලියෙ ඒ පොඩි පඩ
    තට්ටේ එහෙම ඇත්තෙම නැහැ පලපන් පුලුවන්නම් බඩ
    පවුලූශා උඹ නියමයි තව ලියපන් දා වැඩ කිඩ

    කෙන්ජියට රබානකුයි මට හැරමිටියකුයි අරන් දීපන්.හැන්දෑවට කලෙක්ෂන් එක ගෙදරටම ගෙනල්ලා දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. අඩේ තට්ටේ නැද්ද බොලේ..........එහෙනං මම හිතන් හිටපු රූපේ නෙවේනේ , මං හිතං හිටියේ මැද තට්ටේ දෙපැත්තේ කොන්ඩේ තඩි බඩක් එක්ක කොට පොරක්

      Delete
  18. කයියක් පද බැඳං ඔන්නඉවාන් මලය ගොඩ බසිනව
    බ්ලොග් ලෝකේ හැම කෙනෙක්ම ආදරයෙන් සිහි කරනව
    කෙන්ජිගෙ ජැක් පොල්ල මතින් මූ වෙර විරිය නගනව
    කවි කලාවේ දිගු ගමනට මෙන්න මමත් සුබ පතනව

    ReplyDelete
    Replies
    1. නලින් අයියා මෙහෙ අරහේ සමකය වටේ කැලෑ වැදිලා.
      ඒ පැත්තේ ගොඩ වෙන්නේ නැතිදෝ...?

      Delete
    2. හප්පේ නලින් අයියා කාලෙකට පස්සේ මොකෑ බං නලින් අයියේ වුනේ ..තැන්කු වේවා හොඳේ

      Delete
    3. අයියන්ඞ උඔ හොදින් නෙද?

      Delete
    4. සිරාවටම. මම එබිලත් බැලුව මේ සැකේට වගේ මොකෝ ලිපියක් නැත්තේ කියලා. බලද්දී ඵලොවර් එක තියෙනෝ..
      ලියන්ටකෝ නලීන් අයියේ..

      Delete
  19. කලින් එනකොට තිබුනෙ පෝස්ට් එකේ සලකුණු විතරයි.. ඉතින් උඹට බැනල යන්න ගියා. නහය දෑවෙ නැතෙයි.. :D:D

    මේක මල් හතයි නෙ මචං.. සෑහෙන මහන්සියක් වෙන්න ඇති මේක ලියන්න. කීයක් දේවල් නම් මතක් කර ගන්න ඕනෙද. ඒ ඔක්කොමත් එක්ක කවි පද ටිකත් ලස්සනටම ගලපලා.. තව ලියහන් මචං..

    ReplyDelete
    Replies
    1. අඩේ මචෝ මේ සැරෙත් සේව් කරන්න ගොහින් පබිලිස් වුනා බං. තැන්කු වේවා චන්දන :D

      Delete
  20. මරු බං උඹ අපි හැමෝවම වාගේ මතක් කරලා තියෙන්නේ. පරිස්සමින් කරන්න ඕනේ වැඩක් නමක්,දෙකක් මිස් වුනොත් එක හරි නැහැනේ මචෝ..

    ReplyDelete
    Replies
    1. ඔව් බං මනෝ එත් නම් කීපයක් අත ඇරිලා වගේ ... එයාලගෙන් සමාව භාජනය කරමි. තැන්කු වේවා මනෝ

      Delete
  21. යකෝව්!!! කවුද ඇටිකිත්තා???? මොනවා උනත් ඉවාන් කොලුවා හොඳ අයියා පොඩ්ඩ! ;) දිගටම කවිම ලියපන්කො!

    ReplyDelete
    Replies
    1. වැරදුනා බං උඹ අටකිත්තෙක් යයි , නීල මහා යෝධයා වගේනේ .....හික් හික් තැන්කු වේවා නාඩි මලේ.

      Delete
  22. පට්ට කවි ටික බං, අපිවත් මතක් කලාට තැන්කු ඈ...

    මගේ නම විකුණන එකාට ගේමක් සෙට් කරලා තියෙන්නේ හික්..හික්..

    ReplyDelete
    Replies
    1. ගේම් එකක් මදි බං, මම ඉස්සෙල්ලම උගේ කොමෙන්ටු දැක්ක වෙලා බැලුවා චමියට මොකද වුනේ කියලා ,තැන්කු මචෝ

      Delete
  23. අපරාදෙ! කලින් ඇවිත් තිබුන නම් මා ගැනත් කවියක් කියෝ ගන්න තිබුන. දැනුත් ඉතින් පරක්කු නෑ.

    ReplyDelete
    Replies
    1. @ නිල් මානෙල්- එකක් දැම්මෝ

      Delete
  24. සාහිත්‍ය මාසය මෙතනටත් කලින්ම ඇවිත් වගේ!

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ....මෙහෙ ඇවිත් කලින්ම ...තැන්කු වේවා කකා

      Delete
  25. අබිං කනවා වගේ තමයි බ්ලොග් ටික කියෝ ගත්තේ....
    කවිය මමත් කලින් දැක්කේ, ඇවිත් ඉඩක් දාල අත්තේ.....
    කොමෙන්ටු ටික දීලා ඇද්දේ අදමයි මේ ආවේ සත්තේ.....
    ගංජා මලට පේම නොකර ඉන්නේ කෝම එහා පැත්තේ....

    රස්තියාදුකම් කියනවා, කවි ටිකනම් එල කියනවා....
    ආවේ යන්න නෙමෙයි මෙමා නම කිව්වට පිං බෙදනවා....
    පිඟන් අරං වාඩි වෙලා දානේ අරං මම බුදිනවා....
    කවි ටික හොඳටම කියවා මමත් ඇවිත් දැන් කොටනවා.....

    බ්ලොග් වෙත ලඟදිය ආවේ දුක පෙර මම නාව එකට.....
    ජාලේ ඉඳන් බණ කීවේ සමියා තමයි මගේ හිතට....
    රෙපා අයියා තමයි උදව් කරලා පාර එලලා ටොපේ ටොපට....
    මල් අරගෙන පන්සල් එන සුදු මහතයා මිතුරු වෙසට....

    නලීන් බයියා සැමවිට හිතට හොඳට බණ කිව්වා....
    ඒ බණ අස්සෙන් ඇවිදින් මා මෙහි අද තනි වේවා....
    රෑ එක දෙක වෙනකම් මම ඉඳගෙන පුටුවක් ගාව.....
    උණුවී යන හිත දියකර සඳ ඉඳුවර ළඟ ලීවා.....

    කෙටියට ලිව් කෙටි කතාව අදයි නුබේ කියවුයේ...
    මගේ නමත් ලියවුයේ ආසයි නුබ ගැන ආයේ....
    බ්ලොග් කෙරුවත් මා ආයේ මිතුරුකමට ඉඩ වුයේ...
    දෙමි අත අදසිට නුබ හට ඉඳුවර වෙත එනවායේ.....

    කියාගන්ට බෑ ඔය නම එළුවෙක් වාගේ හුරුවට.....
    ජපං වගේ දැනේ මෙමට බ්ලොග නම් ඇත අද නියමෙට....
    සතුටුයි මට මා ගැන අද මිතුරු කැලක් ඇතේ මෙමට.....
    ලියනෙමි අද සිට ලොව ගැන බොර දිය වෙත බැහැලා හොඳට.


    බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. කිව්ව හරි දිගම කමෙන්ට් එක :D

      @බෙනා - කයියට ඈ ++++++++++++

      Delete
    2. මරු කයිය බෙනෝ.....මම කිව්වේ දිගම කොමෙන්ටුව කියලා එල

      Delete
    3. පිස්සු හැදෙනවා. මගේ වත්තේ ඉඳන් අනිත් වතු දිහා බලාගෙන සුසුම් හෙලන්නේ නැහැ. ඒ වතුවල අයිතිකාරයෝ එක්ක සතුටු සාමිච්චියට එනවා මමත්. :D තේරුනෙයි.. !

      Delete
    4. එල කිරි වෙල්කම් බෙනා

      Delete
    5. ++++++++++++++++++++++++

      මේකත් සුපිරියි මචෝ

      Delete
  26. රබාන ගෙන මම ආව විරුඳු කියා නුබ බලන්ට....
    ට්‍රින්... ටින්.. ටින්... ටොයින් ටොයින්.... ( විරිඳු සද්දේ ඈ )
    සුබ පතනවා කවි ලියන්ට පද පෙවී හිඳී හොඳට.....

    ට්‍රින්... ටින්.. ටින්... ටොයින් ටොයින්....

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. ඕන්න මම විරිදු කිව්වා
      ට්‍රින්... ටින්.. ටින්... ටොයින් ටොයින්....
      තැන්කිව් යූ බෙන් ටෙනිසන්
      ට්‍රින්... ටින්.. ටින්... ටොයින් ටොයින්....

      Delete
  27. මෙටික ඔක්කොම විරුදුවක් හැටියට, රබන් වාදනයත් එක්කම පටිගත කරලා, හඬ පටියක් හැටියට දාන්නකෝ ඔබේම කට හඬින්. ලස්සනට තියෙයි. බොහොම හොඳයි. බ්ලොග් ලෝකයම ආවරණය වෙන්න ලියලා තියනවා.

    ReplyDelete
    Replies
    1. මුගේ කට හඩ ඇත්තටම ලස්සනයි . කලබලයක් නැතුව කතා කරනකොට ආසයි

      Delete
    2. එකත් හොඳ අදහස විචාරක මහත්තයෝ. හිතලා බලන්න ඕන.........තැන්කිව් ඈ

      Delete
    3. ඇත්තමද අටමෝ ඔය කියන්නේ ,මං බැලුවේ මගේ කටේ කේජු කෑල්ලක්වත් නෑ නේ බං

      Delete
  28. මම මෙච්චර වෙලා කයියක් පද බඳින්න හැදුව බං බැරිවුනානෙ...බැරිකමට මොනව කරන්නද රස විඳල නිකා ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ඒකට මොකෝ හැලපයියේ ...රසවින්දා නම් සතුටුයි. තැන්කු ඈ

      Delete
  29. මොනවද බං මං කෙරුවේ බොට මේ තරමට වනන්ට
    නමත් එක්ක ඉහත්තාවේ බොගේ බ්ලොග් කටුව් එලන්ට
    අනිත් උන්ට ලස්සන කවි පදබදනා වු අතරට
    නඩුදානව මම හෙට තොට කෙරුවාවු අපහාසෙට

    ReplyDelete
    Replies
    1. අපහාසෙට නෙවී බොල ,උඹට තියෙන ආදරේට නොවැ

      Delete
  30. සුපිරි පෝස්ටුවක් දාල මතු කරලා හැගුම් එසේ
    නිදිමත නෑ හොයා ගන්න කියවාලා කයියෙ රසේ
    පද ගලපා රස මතුකොට පුබුදාලා හැමගෙ තොසේ
    කිව් කයියට තුති පුදනෙමි වැඩ දාලා මෙන්න මෙසේ

    උඹ දන්නෝද? මං කවදහරි 50 වෙනි පෝස්ට් එක ලියාගත්ත දවසක මේ විදියටම කට්ටියව මතක් කරන්ඩ හිටියෙ.. උබ ඉස්සර උනා :D සුභ පැතුම්.. මල් හතයි ඈ

    ReplyDelete
    Replies
    1. ඉතින් මචෝ උඹේ පනස්වෙනි පොස්ටුවට දාමුකෝ කයියක්. තැන්කු වේවා මචෝ දුන්නු සප් එකට .

      Delete
  31. යකෝ මුං මට ලියන්න වචනයක්වත් ඉතුරු කරල තැනි හැටි. ගනිං ඉවාන් ඔය බෝතලේ...

    ReplyDelete
    Replies
    1. එකනේ බං ,මෙන්න මෙන්න බොන්න ඉතින් ඇතිවෙන්නම ....පව් අප්පා ...තැන්කු වේවා දේශා

      Delete
    2. අපි කනබොන මිනිස්සු මාව අමතක කරලා බිවිවොත්..තෝ මරනවා දේශා

      Delete
    3. ඇයි යකෝ බොනව කිව්වොත්,කෙ,මා,න,හැ,අ,අ සය මහ බලකාය මතක් වුනේ නැද්ද?

      Delete
    4. කෙන්ජි,මාතලන්,නලින්,හැලපයියා,අටමා,.........අනිත් "අ" යන්න කවුද..? අරූ ද?

      Delete
  32. මාව අතඇරැනනමි මට අවංකවම දුක හිතෙයි මොකද මම උඔට සහ බොලග් වලට ආදරය කරන එකෙක් නිසා. ඡයවෙවා මචං. කෙනඡි අයියේ උඹටත් පිං මුව කවි වලට යොමු කලාට

    ReplyDelete
    Replies
    1. සංජිව;
      දෙන්න පුළුවන් හැමෝටම අපි සප් එක දෙමු.ඊයේ පෙරේද ආපු අපිල වගේ නෙමේනෙ අර DDT ගොය්ය.ඒකටත් ආරාධනා කරමු නම්බුව කුඩු කර ගන්නෙ නැතිව හීනියට බොගක් පටන් ගන්න කියල.

      Delete
    2. උඹව අමතක වෙනවද සංජියෝ..එත් උඹටයි දමිත්ටයි බ්ලොගක් නැති නිසා උඹලට මඩක් ගහන්නවත් විදිහක් නෑ බං, දත්ත හිඟකම නිසා

      Delete
    3. ඔව් කෙන්ජයියේ DDT බ්ලොගක් දැම්මනං මරු කියලා මටත් හිතුනා

      Delete
    4. අනෙහ් .. මම ලියන බ්ලොග් ! :) මේ අහිංසක මට බ්ලොගක් බලන් පාඩුවෙ ඉන්න ඇරපල්ලා.


      නෑ බන්ස්ල, සිරාවටම, මම පොඩි කාලෙ ඉඳන්ම අහුවෙන මඟුලක් කියවන්න නම් කැමතියි. ඒත් මට ලිවීමේ හැකියාවක් තියෙනව කියල නම් මම හිතන්නෙ නෑ.

      ස්තූතියි යාළුවනේ.

      Delete
    5. DDT, කෙන්ඡි අයියේ එහම කියලා හරියන්නේ නැහැ බලමුකෝ බොලගක් ලියන්න ටුයි එකක් දිලා.

      Delete
  33. එල එල....ඔහොම යං!!!

    මේ අර එදා මට හම්බුන නපුරද බං මේක ලියලා තියෙන්නේ. මට හිතාගන්නවත් බෑ. :))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නපුරා ........! කවුද බොල වල්රජෝ නපුරා ....තැන්කු වේවා හොඳේ

      Delete
  34. එළ! සුපිරි කවි ටික. අපිට කවි බැරුවෝ....

    ReplyDelete
    Replies
    1. කවි බැරි වුනා කියලා මව්පියන්ට ඔහොම බාධා කරන එක හොඳද මං අහන්නේ ...:D තැන්කු වේවා හොඳේ

      Delete
  35. නියමයි ප්‍රගීත්. කලාතුරකින් දක්නට ලැබෙන නිර්මාණයක්!
    අපිව මතක් කලාට තුති!

    අර මං කියපු "අපිටත් දවසක ඉරපායාදෝ" හොයාගෙන කියවපන්!උබට ගන්න බොහෝ දේවල් තිබේවි!

    ReplyDelete
    Replies
    1. ඔව් දුලා ,අනිවා කියවනවා.... තැනකුයි හොඳේ

      Delete
    2. මේ කියන්නේ "අපටත් දවසක ඉර පායාදෝ" කෙටි කතාව ගැන නං එක ඒ. වී. සුරවීර මහත්මයාගේ ගොඳුර ලොබ කෙටි කතා සංග්‍රහයේ තියෙන්නේ. එහෙම නැත්තං සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය රසාස්වාදය පොතේ තියෙනවා.

      Delete
    3. ඔව් ධාරා එක ගැන තමයි දුලා කියන්නේ

      Delete
  36. නියම කවි ටික.
    අවුරුද්දකට පාරක් ලියන අපිවත් මතක් කළාට ස්තුතියි. :D

    ReplyDelete
    Replies
    1. වෙල්කම් ප්‍රසන්න අයියා ....!ඔයා එනකම් බලන් හිටියේ ගොඩක් කල් ඉඳන්
      කොමෙන්ටුවක් දැම්මමයි මයේ හිතේ .........සාදරයෙන් පිලිගන්නවා ...
      තැනකුයි වෙරිමච්

      Delete
  37. //සඳුනිමා ගෙ පොඩි පැටියට ඕන්න අපි සුබ පතනව//

    බ්ලොග් කෙරුවාවට අද ඊයේ ආපු මාවත් අමතක නොකලට බොහොම ස්තුතියි. කවියෙන් උපහාරය පුදන්න ඕනේ කියලා හිතුවත් ඔෆිස් එකේ ඉන්න නිසා එච්චර කෙලියක් කරන්න විදිහක් නෑ.

    නිර්මාණය නම් මැක්සා මචෝ. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. තැන්කු මචෝ......!වෙලාවක් හදාගත්තාම දාපන් කයියක්

      Delete
  38. යන්තම් ඇති කමෙන්ටු වලට විතරක් කවි ලිය ලියා ඉඳලා මේ තියෙන්නෙ ජයටම කවි සෙට් එකක් !

    ReplyDelete
    Replies
    1. වෙනි අයියේ.. ඔයාට නම් කවි කොමෙන්ටුම තමයි...තැන්කු ඈ

      Delete
  39. ඉඩමක් නෑ තවම ඉතිං රෙහානියට හම්බ උනේ
    දුක්වෙන්නට එපා ඉතිං වටලප්පන් නෑනේ අනේ
    ඔය කිවුවට ඒවා කාල බඩ රිදෙන්නේ නෑනේ අනේ
    ඔය හැටි බොරු කීවෝතිං අපායේ යයි හොඳද අනේ

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා රෙහානියෝ .... ඔය කිව්වට ඒවා හොඳ වටලප්පන් බං .....කොහෙද ඉතින් ඔයා පෙන්නුවා විතරයිනේ කන්න දුන්නේ නෑනෙ

      Delete
  40. අඩේ අපිවත් මතක් කලාට තැන්කිවු මචාලා .. මට ඉතින් කවියෙන් කමෙන්ට් එක දෙන්ඩ බෑ මගෙ කවි හැකියාව සූන්‍යයි !!

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා සඳරු , කවි හැකියාව ශුන්‍ය වුනාට කතා හැකියාව අනන්තයි නේ

      Delete
  41. //කලු සහ සුදු අක්ක ලියන දිනපොත කියවල බලනව //

    මෙන්න මාත් ඒ අතරේ ඉවාන් ගේ කවියක ඉන්නව
    ඒ කවි පද ටික කියවල හිත හරි සතුටින් පිරෙනව
    අපේ ගෙදර පොඩි හසරැල් අමතක වූවද හිතෙනව
    අක්ක මොකද මල්ලි මොකද මේ කවි රස අපි විඳිනව..


    කොහොමද ඈ....

    ReplyDelete
    Replies
    1. ඔන්න බොලේ අපේ අක්ක එකපාරට කවි ලියනවා
      අමතක වුන හැමගෙන් මම සමාව භජනය කරනවා
      කවියක් ලිව්වත් නැතුවත් ඔයාවනම් මතක් වෙනවා
      ලියනතුරා හැමදාමත් දිනපොත පෙරලලා බලනවා

      Delete
  42. සුළු සුළු දෝෂ නැතුවම නෙවෙයි, ඒත් කවි ටික ලස්සනයි.

    කලාතුරකින් එන මාවත් මතක්කරලා තියෙන්නෙ, බොහොම ස්තූතියි....!

    ReplyDelete
    Replies
    1. සුළු සුළු දෝෂ ගොඩක් තියෙනවා තමයි සුමිත් අයියේ , තැන්කු වේවා ආවාට සහ කියෙව්වාට . සුමිත් අයියානේ මේ බ්ලොගට මුල්ම කොමෙන්ටුව දැම්මේ ඉතින් කොහොමෙයි අමතක් වෙන්නේ

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]