Friday, April 3, 2015

හතරරියන් , දෙරියන් , නෙලුම් සහ නියඟලා


හතරරියන් සහ දෙරියන් එකම ගමේ යහළුවන්ය
මේ දෙන්නා කලක පටන් බොහොම එකමුතුයි.


එකමුතු වෙන්න ඕන නැතිය. එහෙම ඒවා අපේ ජාතියේ උත්කෘෂ්ට භාවයට කැළලක්ය. එත් ලඟකදී හතරරියන් සහ දෙරියන් එකම ස්ටේජ්ජුවක දැක්කෙමිය. ඒ නෙලුම් යාය සම්මාන උළෙලේදීය.



ඔය සම්මාන උළෙලේදී මටත් සමානයක් ලබුනෝය. ඒක ලැබුනේ සම්මාන උළෙල සංවිධානය කරපු අජිත් හෙවත් කොළඹ ගමයා නොහොත් කොට අජියා මගේ පාසල් කාලේ සිටම බොක්කේ ෆිට් එකක් නිසා මිස මම ලියපු ලබ්බක් නිසා නොවේය. මට අජියා මුලින්ම හමුවුනේ අටමලාගේ ගෙවල් ළඟ හිටපු ටල් අම්මගේ මොන්ටිසෝරියේදීය. ඒ කාලෙත් අජියා ඔය උසමය .
 හරියටම කිව්වොත් අඩි එකහමාරක් උස හයි හීල්ස් දාපු බට කොස්සිගේ උසමය . ඒ කියන්නේ යන්තං අඩි තුනය.  මට මාතුරුකාව වරදුනෝය . බට කොස්සි සමග දෙරියන් ලා දෙන්නේක්ය. ඔය පස්ස නැති හොල්මනට ලියන්න පුළුවන් කමක් නැතත් එකම උස නිසා අජියා ඒ හොල්මනටත් සම්මානයක් දීලාය.

අජියා ඇතුළු නිව්ස් වෙබ් නඩයට මරා එක්ක මාර තරහක් ඇත. ඒ නිසා මරාට බනින රවී අයියාටත් සම්ම්මානයක් දීලය, රවියා වාන්පතුල් කතා එහෙම තනිකර මරා විරෝධී කතාය. මරාට හොඳටම බැනපු දසයාට තවත් සම්මානයක් දීලය.

සම්මාන දීමේදී කිසිම ක්‍රමවේදයක් නැති බව ඔප්පු වන්නේ අර හාමිනේ ලියන කවි තමුන්ගේ නමින් බ්ලොගේ දාන දම්ගුනේට පලවෙනි තැනම දීපු එකෙන්ය. අනික අර දීලා නංගි හාපැටියා වගේ නිසා කිසිම ලස්සනක් නැති ගීතයක් තේමා ගීතය හැටියට තොරාගෙනය. ඒ මදිවට එයාට සම්මානයකුත් දීලාය.

මට මලම පැන්නේ මාතලන් කියන මනුස්සයට වසරේ බ්ලොග් කරු කියා සම්මානයක් දීපු එකටය. ඔය මනුස්සයා හරියට බාසාව හසුරුවන්නට දන්නේ නැතිය. අර බලෙන්ම මයික් එක උදුරාගෙන උළෙල අල කරපු අලවත්ත මහත්තයා කියපු කතාව හරියට හරිය. මාතලන්ට සම්මාන දෙනවා කියෙන එකෙන්ම මේ සම්මාන උළෙල ප්‍රමිතියක් නැති බව පෙනෙන්නීය .

හැබැයි අර හතර රියන් නාලක ගුණවර්ධන කියන කොලු ගැටයා කතා කොරද්දී මයික් ගලවපු එක හොඳම වැඩෙය. ඒ කොලු ගැටයා ඔය හිටපු දේවත්වයෙන් පිදිය යුතු මාධ්‍ය දෙවිවරුන්ගේ පතුරු ඇරියේය. එක හරිම නාකය. අජිත් පරකුම්ලා වගේ සල්ලිවලට ලියන NGO කාරයෝන්ටත් කතා දීපු එක අන්තිම වැරදිය. මයික් ගලවපු එකමය හොඳ .

හැබැයි මටනම් අල්ලලම ගියේ අර කියුට් අභිරූපන මල්ලියාය. ඌ විවාහයට කලින්ම පතිවත සිඳගෙන හිටපු නිසා පෝරුව උඩදී කලන්තේ දාලා වැටුණි. ඊට පස්සේ අර පඩංගු සජ්ජා බීර කෑන් එකක් උගේ කටේ ඔබා පියවි සිහියට ගන්න ට්‍රයි කොළේය.

වැදගත් ප්‍රවීණ බ්ලොග් කරුවන් තෝරා සම්මාන නොපිදීමේ පාපය අජියලාට පලදුන් බව දැනගෙන අපිටනම් රජ මගුල්ය. කට්ටිය පැමිණ සිටියේ අඩුවෙන් වීම ඊට හේතු වන්නෙමිය. අපේ සිරා ප්‍රබුද්ධ බ්ලොග් අයියලා කියන්නේ නම් බ්ලොගයක ගුණාත්මක භාවය මනින්නේ කමෙන්ට් වලින්වත් හිට්ස් වලින්වත් නොවෙයි අන්තර්ගතයෙන් කියාය. එත් සම්මාන උළෙලේ ගුණාත්මක භාවය ඔළුගෙඩි ගානෙන් මනිනවාය. ඒක එහෙමය. ඒවා ගැන ප්‍රශ්න අහන්ට කාටවත් බැරිය.

ඒ වගත් මෙසේමය... (ඔය කෑල්ල කොපි කරගත්තේ මාතලන්ගෙන්ය. මිනිහත් ඕක කාගෙන හරි කොපි කරගත්තක් විය යුතුය.)

ප.ලි.

නෙලුම් නියඟලා කරන්නට උත්සාහ කරන පිරිස්ද නැතුවා නොවේ. ඒ නිසා පෝර දාන්නට එනවිට දාන්නේ පෝරද ,නෙලුම් නියඟලා කරන හෝමෝන දැයි දැනගැනීම යහපත්ය. අරමුණ වෙන්නට ඕනා සිංහල බ්ලොග් ඔසවා තැබීම මිස පෞද්ගලික ඇජෙන්ඩා උද යැවීම නොවේය.
 සැලෙන්නට එපාය

අර සැහැල්ලුවෙ කුපාඩි සිංහයා ලියු මේ කොමෙටුව තුල සියල්ල අන්තර්ගතව ඇත  . ඒ නිසා අවබෝධයෙන් කටයුතු කල යුතුය.

අර බලෙන් කතා කරපු අයියා කියූ නිසාම බාසාව සහ වියාකරණ ගැන සැලකිල්ලෙන් ලිව්වෙමිය.






125 comments:

  1. හෙක්.. ඉන්දික නියෙමට කියල තියෙනව බ්ලොග් උලෙලක් සංවිධානය කරන්නෙ කොහොමද කියල.
    අනික ඊගාව පාර බ්ලොග් පෝස්ට් එකේ තියෙන අකුරු ගානට වැඩිය කොමෙන්ට් තියෙන බ්ලොග් වලටත් සම්මාන දෙන්න කැටගරියක් හදල දාගන්න ඕන. :D

    ReplyDelete
    Replies
    1. එහෙම බ්ලොග් එකකට අපි නං දන්නෙ එකම එකයි.. අර පස්ස පැත්තෙන් දෙමළ නයන්නක් එල්ලගෙන ඉන්න එකා ලියන එක විතරයි... හි හි

      Delete
    2. ඒක "න" යන්නද. මම හිතාගෙන හිටියේ "ත"යන්න කියලා...
      ඔන්න මගේ දෙමළ දැනීම...
      ඕකට වෙන්න ඇති කියන්නේ "නොදන්න දෙමළෙට ගිහින් වරිගේ නහගන්න එපා" කියල... හෙහ්

      Delete
    3. //දෙමළ නයන්නක් එල්ලගෙන ඉන්න එකා ලියන එක// ඇත්තටම ඒක ලියනවද? :D

      ன = න
      த = ත
      හැක්....

      Delete
    4. @ ප්‍රසන්න - හෙක් හෙක් ඉන්දිකගේ කමෙන්ටුව පොස්ට් එකකට වඩා තේරුම් කරලා තියෙනවා මොකක්ද තත්වේ කියලා .

      දෙමල පාඩමකුත් නොමිලේම කරලා තියෙන්නේ

      Delete
  2. අර කවියේ තව කෑල්ලක් තිබ්බ නේද බං 'උඹට හොඳම කොටස දීම මගේ යුතුකමයි' කියල ඉස්සරහ පැත්ත හතරෙට දීල දෙරිය එළදෙනගේ පස්ස පැත්ත ගත්ත සීන් එකක්.. ඔය නෙළුම් නියගලා වගේ දකින උන් අන්න ඒ ජාතියේ දෙරියන් ල.. මොනවා උනත් බස්සීගේ අඟල් දහයේ හයි හීලස් දෙක ගැන මොකුත් නොලියපු එකට මගේ බලවත් විරෝධය.. (අනික සම්මානේ ගන්න එන්නමලු ඒ දෙක සල්ලිවලට අරන් තියෙන්නේ.)

    ReplyDelete
    Replies
    1. //මොනවා උනත් බස්සීගේ අඟල් දහයේ හයි හීලස් දෙක ගැන මොකුත් නොලියපු එකට මගේ බලවත් විරෝධය//
      ????????

      //අරමුණ වෙන්නට ඕනා සිංහල බ්ලොග් ඔසවා තැබීම මිස පෞද්ගලික ඇජෙන්ඩා උද යැවීම නොවේය//.

      Delete
    2. //අඩි එකහමාරක් උස හයි හීල්ස් දාපු බට කොස්සිගේ උසමය// මේ තියෙන්නෙ බං අතිශයෝක්තියෙන්ම.

      Delete
    3. @ ක.මි.යා. - නෙලුම් නියඟලා වගේ දකින්න උත්සාහ කිරීම ගැන උඹ කියලා තියෙන කතාව හරියටම හරි. කොහෙත් ඉන්නවා.
      අර කතාවක් තියෙනවනේ

      අලුතින් යමක් ආරම්භ කලාම

      මුලින්ම කරන්නේ අවඥාවට ලක් කිරීම
      දෙවනුව ගැරහීම
      තුන්වනුව කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම.
      අවසානයේ ඒ සියල්ල වැරදුනාම ප්‍රශංසා කිරීම කියලා

      Delete
    4. ප්‍රාජේ නම් ප්‍රාජේ ස්ටයිල් කමෙන්ට් එකක් දාලා

      මධු - ආයේ ඉතින් අපි බොරු කියන ජාතියේ නෙවෙයිනේ

      Delete
    5. කමියෝ මෙන්න ...

      හතර රියන් සහ දෙරියන් එකම ගමේ යහළුවෝය
      මේ දෙන්නා කලෙක පටන් බොහොම එකමුතුයි
      දවසක්දා මේ දෙන්නා දෙමංසලේ මුණගැහිලා
      හවුලෙ වැඩක් අරඹන්නට කතිකා කෙරුවා

      අපි දෙන්නා හවුල් වෙලා සම පමණට මුදල් යොදා
      හොඳ කිරි එළදෙනක ගනිමු දෙරියන් කිව්වා
      ඒ අදහස බොහොම අගෙයි මගෙන් මුදල් අඩක් ලැබෙයි
      හතර රියන් එක වරටම සතුට පළ කළා

      හවුලෙ ගත්ත මේ එළදෙන අප අතරේ බෙදිය යුතුය
      ඒත් කොහොමදැයි බෙදන්නෙ පැනයක් නැගුණා
      අපොයි ඒක සුළු දෙයක්නෙ ඔබ මොකටද පසුතැවෙන්නෙ
      දෙරියන් වූ බෙදන අයුරු මෙසේ පැවසුවා

      වැඩිම වටිනකම තියෙන්නෙ කොයි දේකත් ඉදිරි පැත්තෙ
      ඒක නිසා ඉදිරි පැත්ත හතර රියන්ටයි
      වටිනකමින් අඩු වුණාට පසුපස මට හොඳටම ඇති
      ඔබට හොඳම කොටස දීම මගේ යුතුකමයි

      දෙරියන්ගේ කපටි බහට හතර රියන් රැවටුණේය
      එදා පටන් කිරි එළදෙන හවුලෙ වැඩෙනවා
      එළදෙන බැඳ තබන කඹය කරපට සහ තණ පුනක්කු
      හතර රියන්ගෙන් සැපයේ ගිවිසුම එහෙමයි

      එළවළු කොරටුවට වෙලට හේනට පැන්නොත් එළදෙන
      වගා පාළුවට දඩයත් හතර රියන්ගෙන්
      දෙරියන් වියදමක් නැතුව කිරි ටික නොමිළයේ ලබයි
      පොහොරට ගොම ටික ලැබුණා පැටවත් ලැබුණා

      Delete
    6. සින්දු ඇනෝ එදා ආවද ? ආව නම් දැක්කේ නැහැ.

      Delete
    7. මොන ආවද ? ඕකා පැත්තේ ආවේ නෑ.අජිත් අයියේ

      Delete
    8. බස්සිගේ උසට ඉරිසියාවෙ ගහන මඩ ප්‍රචාර! අපිනම් සැලෙයි ඔව්වට.

      Delete
    9. හැක හැක හැක,,, මටනම් ඉරිසියා අර අඩි එකහාම්රක් උස සපත්තුව ගැන .... :P

      Delete
  3. බොන්ඩ දෙනවා කියලා දන්නව නං අපිත් එනවා සැට් එකක් එක්කරගෙන.

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින් මගෑරිච්ච සීන් කෝන් එක

      Delete
    2. ඉන්දිකගේ උපදෙස් පිලිපැද්දානම් මෙයාලවත් ගෙන්න ගන්න තිබුන නෙව.

      Delete
  4. අප්පේ ඉවාන් මයා දැක්ක කල් :P. පට්ට ලියවිල්ල. අර අලවත්ත මහත්තයා පැනල කරපු කතාව ෂෝයි තමා. උපශාන්ත අයියගේ කමෙන්ට් එක දැක්ක කස්ටියට නම් සැහෙන්න දෙයක් දැනෙන්න ඇති.

    //නෙලුම් නියඟලා කරන්නට උත්සාහ කරන පිරිස්ද නැතුවා නොවේ. ඒ නිසා පෝර දාන්නට එනවිට දාන්නේ පෝරද ,නෙලුම් නියඟලා කරන හෝමෝන දැයි දැනගැනීම යහපත්ය.//
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. පොස්ට් එකක් ලියන්න හිතුනෙත් ඉන්දිකගේ කමෙන්ට් එක දැකලා . ආයේ මක්කයි

      Delete
  5. ඔය තම තමන්නෙ කතා මෙහෙම තැන තැන කියාපාන්න එපා බං,හරියට උඩබලං කෙළ ගහගත්ත වගේ වැඩක් නොවැ.හද්ද නැතුව ඉන්නව මිසක.

    ReplyDelete
    Replies
    1. මොනවා කොරන්න හැලපයියේ. සද්ද නැතුව ඉඳලා පුරුද්දක්ම නැතුවා අප්පේ... අර මොකාටද වගේ බද පිරුණම හූ කියන්නමයි හිත

      Delete
  6. හ්ම්ම්.....කියන්න දේවල් නම් ගොඩයි......
    දිනය වෙලාව තෝර ගත්ත එක නම්......අම්බ හරක්ය .........
    මුං පිට රට වල ඉදල ඇවිත් කොරන්නෙත් ලංකාවෙ ගොං වැඩය ......
    මේක පළමු එකනේ....
    ඔය Web අයියලත් අපිට විතරක් නෙමේ.....
    ගොඩක් අයට .....
    ආදරෙ යි......

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත , සෙනසුරාදා තිබ්බා නම් කෙන්ජිත් අනිවා එනවා , නැද්ද ?

      Delete
    2. කෙන්ජිය පිටරට ඉඳන් එනවුන්ට කලින් ඕක ලංකාවේ ඉඳන් දවස දුන්න උන්ට කිව්වනම් හරි. උන් කිව්වේ ෂෝර්ට් ලීව් දාල තමයි ලංකාවේ බුවාලා එන්නේ. උන් හැමෝම සෙනසුරාදට ගමේ යනවා කියල. කඩාකප්පල් කරන්න හිතා ගෙනෙමද කොහෙද ඔය දවස දුන්නේ.
      අනික මේ ඉවානය කියන එකත් දේශපාලකයෙක් වගේනේ. හෝල් එකක් හදල හරි දෙන්නම් කිව. පස්සේ පොර හොයා ගන්නවත් බැහැ.

      Delete
    3. හෝල් එකේ වැඩේ නම් වස නින්ගිරාවයි , මේක නිකම්ම ලැබෙන බව කිව්වා නිසා මාමත් එච්චර හිතුවේ නෑ. හැබැයි ඉතින් අහපු ඔක්කොම 50000න් එහා තමයි , 100ක් විතර හිතපු නිසා .

      Delete
    4. සෙනසුරාද තිබ්බනම් කෙන්ජි අර ගිය පාර අවුරුදු උත්සවේට එක්කන් එනව කිවුව ජපන් කෙල්ලො දහදෙනාවත් එක්කන් එයි. නැද්ද?

      Delete
  7. අඩේ.... දැන්නේ මේ හැංගිච්ච කතා එළියට එන්නේ...

    අර බඩු "නැති කරගන්න" මාධ්‍ය අයියා ඊළඟ පාර මොනවා නැති කර ගනියිද දන්නේ නැහැ...
    අර දුප්පත් ගොවියයි රත්තරන් පොරවයි කතාව වගේ වෙයිද දන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා , මටත් මතක් වුනේ රත්තරන් පොරෝවේ සීන් එක

      Delete
    2. ඊළඟ පාර අපිත් මොනවහරි නැති කරන් එන්න ඕන.(කැමර් එකක් වගේ දෙයක් ) එතකොට අපිටත් අලුත් එකක් හම්බෙයි. හැබැයි ඕo මමත් බලෙන්ම කතාවක් කරනවා. හැක්

      Delete
  8. ලබන පාරවත් සිරා බ්ලොග් කරුවෝ හොයලා සම්මාන දෙන්න ඉගෙනගනිවී. උබට සම්මනයක් හම්බුණා කිවුවම හම්මේ මට හෙන ඉරිසියයි ,, උබලා මොනුන්ද බන් ඊයේ පෙරේදා ලියන්න අරන්

    ReplyDelete
    Replies
    1. හොඳ වේ උඹට හූ හූ .... එකනේ බන් ඊයේ පෙරේදා ලියන්න ගත්ත අපිට සම්මාන දෙන්නේ අහවල් මගුලකටද ,මමත් ඕකම කිව්වා . මේ දැන් උඹේ බර අඩුවෙලාද අර ඩයට් ප්ලෑන් එකෙන් පස්සේ

      Delete
    2. yes 6 කිලෝ and 2 ඉන්චෙන්සස් :D

      Delete
    3. එහෙනම් තැන්කිව් General Mortors

      Delete
    4. ඔමා සිරාවට කිලෝ හයක් අඩු උනාද බන්? මම මේ ජයග්‍රාහී පස්වෙනි දවස. හපූ මාව අමු සලාද ගිලලා හරකෙක් වේගෙන එන්නෙ.

      Delete
    5. බස්සි - අලුතෙන් වෙන්න දෙයක් තියෙනවද එකේනම් :P

      Delete
  9. අඩේ මේ සම්මාන උළෙලට යන්න බැරි වෙච්ච එක සැහෙන පාඩුවක් නේ... සැහෙන දේවල් සිද්ද වෙලානේ ... සම්මාන හම්බ වෙච්ච උනුත් බනිනවා .. නැති වුනුත් බනිනවා ... ගිය උනුත් බනිනවා .. කරපු නෙළුම් යායේ සෙට් එකත් තව ටික දවසකින් බනියි ද දන්නේ නෑ .. හෙහ් හෙහ් ..

    ලබන අවුරුද්දේ එකට ගිහින් මාත් බැනල පෝස්ට් එකක් දාන්න ඕනේ ..

    බනින පොයින්ට්ස් ඔක්කොම පිළිවෙලට එකතු කරලා කාට හරි තව පෝස්ට් එකක් ලියන්න පුළුවන් නම් අනාගතේදී බනින්න හිතාගෙන ඉන්න අපි වගේ අයට ලොකු උදව්වක් වෙයි

    අජිත් අයියේ ලබන අවුරුද්දේ එකේ අපිටත් බනින්න මොනවා හරි ඉතිරි කරන්න හරි ද ? :D

    ReplyDelete
    Replies
    1. අම්බානට බනින එකෙන් මොකක්ද තේරෙන්නේ පැතුම් . එකියන්නේ අජිත් ඇතුළු නෙලුම් යායේ සහෘදයන්ගේ ව්‍යායාමය සාර්ථකයි කියන එකනේ . ඒ නිසා බනිනවා වැඩි වෙනවා කියන්නේ පබ්ලිසිටිය හොඳයි. ගරිල්ලා මාකටින්

      Delete
    2. බනින තරමට මගේ කොලෙස්ටරෝල් බහිනවනේ. අනික පැතුමෝ ඔයාගෙයි උපෙක්ෂගෙයි දාර්ශනික කතා කියවල දැන් රහත් වෙලා වගේ දැනෙන්නේ. මේ ලංකාවේ ඉන්න උන්ට නිකන් මොකක් හරි කලොත් වැදගත් කමක් නැහැනේ. කියක් හරි අරන් ටොක්කක් ඇනල පැන්නනම් මිට වඩා සලකනවා. හේ හේ

      Delete
  10. එකක් ඔප්පුවුනා..... ඉහලට යනකොට වාතයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුයි එනිසා කාර්යක්ශමතාවය අරව මෙව්ව අඩුයි.
    පහල වායුගෝලයේ ඉන්න අය ඉතා දක්ෂයි කියන එකට ධර්මකීර්ති මහතාගේ කඩිසරබව සාක්කියක්.
    අඟල් 10 මොබයිල් ප්ලැට්ෆෝම් දෙකේ නෝනත් ඉතා දක්ෂලෙස කවි කියනවනේ
    (හොඳ වෙලාවට මාතලන් අහපු ඔය උසට .....හොයාගත්තද කියන එක අජිත්ට හරියට ඇහුනෙ නෑ)

    සම්මානෙ ගන්න කොට මිස්ටර් පවුලූෂාගෙ දිලිසෙන හිනාව නම් හරියටම හරි යන්නෙ තාප්පෙකට ....ඉලෙක්ශන් කාලෙ

    ReplyDelete
    Replies
    1. මම කොහොමත් ඡන්දේ ඉල්ලන්න ඉන්නේ , කොලොන්නාව ආසනෙන්, එතකොට කාගේ නැතත් ප්‍රා ගේ මනාපේ ෂුවර් .. හැක හැක ,


      මොබයිල් ප්ලැට්ෆෝම් නෝනා කවි කියනවා නෙවෙයි ලියනවා , එයා කවි කිව්වොත් සුනාමි එයි

      Delete
    2. මුන්ට සම්මාන දීලත් කන්න හදන්නේ අපිවමනේ. ප්රාජේ නම් සැහෙන්න උසයි තමා. ධර්මකීර්ති මහතාට උස පිලිබඳ ප්‍රශ්නයක් කවදාවත් ඇතිවී නැත.

      Delete
    3. මුට එච්චර හිනා ගියේ අර මැලේ රාලලා වගේ එලට ලියන එවුන් පැත්තක ඉන්දැද්දී අපිටත් සම්මාන දෙන මෙහෙමත් හරක් කියලා හිතිලා.......
      මිට ඇනෝ කෙනෙක්

      Delete
    4. මැලේ රාලයා ලියනවා නේන්නම්, හැබැයි ගෙදරදී :P

      Delete
    5. මැලේ රාල කියන එකාගෙ අර ඉන්දියන් කතාව වගේ ඒවා කොතැනටද දන්නෙ කියල හිතල තමා අලුත් වෙබ් සයිට් එකක් හදල කැටගරි 10ක් දැම්මේ. දැන් තේරෙනවයි ? ඔය හැම එකක්ම කියෙව්වත් දාන්න යන වෙලාවයි, ඒ දවස් වල යන මාතෘකා එක්ක අවුල්.

      Delete
    6. ප්‍රා ජේ අහුවෙද්දෙන්කෝ ආයේ.... :3

      Delete
    7. අහුවෙන්න? අර ප්ලැට්ෆෝම් වලට අහුවුනොත් නම් ex-gym පප්පෙක් වුනත් අඬයි. "හීල් කඳුලු"

      poor bassa !

      Delete
  11. හතර රියන් දෙරියන් කියන එකට අර සයිමන් අයියයි මාටින් අයියයි සින්දුව හොඳයි නේද?

    චැඃ මගේ යාළුවො එකෙක්වත් බොග් ගැන මිසක් බ්ලොග් ගැන දන්නේ නෑ. නැත්තං උන්ට කියලා මට විතරක් සම්මාන දෙන බොග් උස්සවයක් මටම තියාගන්ට තිබුණාය. ඊළඟ පාර උඹට මොනවා හරි හම්බවෙනවානම් මටත් ඒකෙන් කෑල්ලක් දීපන්ය.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඊළඟ පාර කැටගරි දහයකට සම්මාන දෙනවාය, ඒ නිසා විචාරකට අවස්තාවක් තියෙනවාය. විචාරක බලාපොරොත්තු වෙන ආකාරයේ සම්මාන උලෙලෙක් තමයි මේ. ඉල්ලුම් පත්‍ර දාන්න ඕනේ නෑ. දන්නෙම නැතිව සම්මාන ලැබෙයි
      ඕ... යෙස්ය

      Delete
    3. පහත සඳහන් වර්ගීකරණයෙන්. මේ හැම කැටගරියටම, වර්ගීකරණයටම ඉදිරියේදී සම්මාන දෙනවා.

      දේශපාලන

      සංවාද (කාලීන) හෝ කාලීන සංවාද

      කවි / නිසඳැස්

      හයිකු

      කෙටි කථා

      18 ප්ලස්

      විද්‍යා ප්‍රබන්ධ

      තාක්ෂණ

      ඡායාරූප

      නිවස

      Delete
    4. එතකොට මාව සෙට් වෙන්නේ මොන කටගරියටද බන් ?

      Delete
    5. විචාරකගේ ඒවා සංචාරක යටතේද චායාරුප යටතේද දාන්නේ කියල හිතා ගන්න බැරුව මම ඉන්නේ. චයරුප ඒවා දාන්න අවසක්ම යන නිසා හැමදාම කල් දදා ඉන්නේ.

      Delete
    6. එතකොට මගෙ විද්‍යා විරිදු වලට චෑන්ස් එකක් ලැබෙයිද? තව අර හොල්මන්ද පොල්කොල වෙන ෆැන්ටසි කතා වලට? අයියෝ ඒවට කැටගරි නෑනෙ!!

      මේ නිවස කියන කැටගරියෙ මොනාද දාන්නෙ? ගෙදර ඉඳන් ලියන ඒවද? එතකොට ඔපිස් කියලා කැටගරියක් නැද්ද ඔය ඉවානයා වගේ ඔපීසියේ අයිස් ගගහා බ්ලොග් ලියන උන්ගෙ ඒව දාන්න?

      Delete
    7. රේඩියෝවලත් දාන අය දැන් ඉන්නව

      Delete
    8. එතකොට incomprehensible poetry කියන සම්බාව්ය කැටගරි එකට නිතරඟයෙන් එන අය

      Delete
    9. උඹේ කෙහෙල්මල් 4G එකට පින් සිද්ධ වෙන්න ඔෆිස් එකේ අයිස් ගැහුවට වැඩක් නෑ බොල, එක කොයි වෙලෙත් error error error.......

      Delete
    10. මාව නං ඔය එකකට වත් සැට් වෙන්නෙ නෑ
      ඕකට මඩ කියල එකක් සැට් කොලානං මාවත් අන්න ඒකෙං පලවෙනිය වෙයි ඈ ඉඳගෙන
      අන්න ඒකයි මම කියන්නෙ

      Delete
  12. ඇති යන්තං අවුරැද්දට ඉස්සර මකුලු දැල් කැඩුවා..
    උඔලට සම්මානයක් ලැබුන එකට සතුටුයි.

    ReplyDelete
    Replies
    1. අඩෝ අපිට සම්මාන ලැබුනට සතුටු වෙන එවුනුත් ඉන්නවද
      එලද බ්‍රා

      Delete
  13. හම්බේ.. යන්තං පෝස්ට් එකක් දාල... ගෑල්ලමය පැනල ගිහිං වත්ද කියල බැලුවෙ... සම්මානෙට සුභපැතුම්.. උඹේ ක්‍රමේටම කිව්වොත් සම්මානේ දොර අඩේට තියල සහතිකේ රෝල් කරලා ^(*&^(^)^

    ReplyDelete
    Replies
    1. අඩෝ පඩංගු සජ්ජා - උඹ ලියන ක්‍රමේට ඊළඟ සැරේ මාතලන්ට ලොකු ගේමක් තියෙනවාය .ඕ... යෙස්ය.

      Delete
    2. උඹ ලියන ක්‍රමේට ඊළඟ සැරේ මාතලන්ට ලොකු ගේමක් තියෙනවාය //
      ඇඩ්ර්වනස් එකක් විදිහට ගහමු බෝතලයක්
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    3. ඔන්න ඔන්න උඹලා කින්ඩිය දානවා...

      Delete
    4. බලපන් ඉතින් ඇත්ත කිව්වමත් තදවෙන්වනේ මුන්ට

      Delete
  14. මේ අමධ්‍යප අධම ඉවානයා සහ සිංහයා නිසා අපිටයි පාඩු. මිනිස්සු මගුල් ගේකට උනත් එන්නෙ බොන්න තියෙනවානංනෙ. බොන්න දුන්නැත්තං මුදල් ත්‍යාගය බාගයක් කරලා දීලා ගෙදර යනගමන් ඉතිරි බාගෙන් බාගයක් ගහනවා හොඳ බයිටකුත් එක්ක හිටං.
    ඉවාන් උඹ නොලියන එකනං පුතෝ ලොකු අඩුවක් මේ අවකාශෙට.

    ReplyDelete
    Replies
    1. මධුවා - දන්නේ නැද්ද ඉතිං බොරු බිසීනේ මේ දවස් වල . දැන් නම් ටිකක් හරියාගෙන එන්නේ . හිටපියව් ලියනවා උඹලට කියවලා ඉවර කරගන්න බැරිවෙන්න . හැබැයි මම උඹ වගේ කුපාඩි කතා ලියන්නේ නෑ. ලිව්වොත් ඉතින් සංවර ,ශීලාචාර ,සභ්‍ය දේව වාක්‍ය වගේ දේවල් තමා ............හුකෑස්...

      Delete
    2. හැබැයි මම උඹ වගේ කුපාඩි කතා ලියන්නේ නෑ. ලිව්වොත් ඉතින් සංවර ,ශීලාචාර ,සභ්‍ය දේව වාක්‍ය වගේ දේවල් තමා ............(හීනෙන්ද ?) ;P

      Delete
  15. අනේ මං දන්නෑ.....මේ පැත්තේ එකක් කියනවා...අර පැත්තේ තව එකක් කියනවා...

    ReplyDelete
    Replies
    1. එක තමා බං , මාත් හොල්මන්ද පොල්කොළ වෙලා ඉන්නේ

      Delete
  16. මහින්දට බැන්නා නම් මටත් ඔය උළලදී අනිවාර්යෙන් සම්මානයක් ගන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. මේ උළෙලේදී නම් එහෙම ඒවාට දෙන්නේ නෑ. වෙන එකක් ගැන වෙන්ට ඇති කියන්නේ .... :P

      Delete
    2. ජයග්‍රහණයට උපහාර කිව්වේ එකනේ. මහින්දා සපෝර්ට් අයට අපි තෑගි දෙන්න ඕනේ නැහැනේ. ඒවා මහින්දගෙන් හම්බවෙන්න ඇති. ජයග්‍රහණය කිව්වේ මහින්ද ගේ තහනම් ඉවත් වෙච්ච එකට.

      Delete
  17. ආයෙත් ලිපියක් ලියන්න ඉසිඹුවක් ලැබුනෙ වැඩ නැවතිලාද මේ දවස් වල...ගෙවීම් ප්‍රමාදද ?

    ReplyDelete
    Replies
    1. නෑ බන් ඔය දෙකම නෙවෙයි , සම්මානයක් ලැබිලා බැනුම් අහලා ඇතිවෙලා

      Delete
  18. ඉවාන්??? ඔයාට සම්මානයක් හම්බ වුනාද? :O :D

    ReplyDelete
    Replies
    1. එකනේ බලන්ටකෝ , මොන මෝඩයා දුන්නද මන්දා , ඔයාලා බනින එක සාධාරණයි. :D

      Delete

  19. "කළත් විවේචන බොහෝ දෙනා
    වැඩක් ඇති වැඩක් කරනු මනා"


    මාමේ... 
    මේ බකමූණා හා හා හ්ම් හ්ම් ගෑවා
    බිළිඳු නළෝලා... නළෝලා... 
    මාමේ...
    මේ මූ මීමා කන්දෙන් පැන ආවා
    බිළිඳු නළෝලා... නළෝලා...
    මාමේ...

    කිරි මුට්ටිය නුඹෙ ගඟේ ගියා
    ගඟ දෙගොඩින් එය ගලා ගියා
    නැළවිලි ගී අහලා ඇතේ
    ඒවා හරි පරණයි පුතේ
    අලුතින් හදලා නැළවිලි ගීයක්
    මාමා කියයි නළෝලා...

    දොයි දොයි දොයි මගෙ දොයිය පුතේ
    දියුණට යන අය දුටොත් පුතේ
    කටු ගසනා අය හුඟක් ඇතේ
    නුඹ ඒ වැන්නෙක් නොවෙන් පුතේ
    මිනිසුන් අතරේ මිනිසෙක් වාගේ
    හිටපන් පුතේ සිනා වී...

    කළත් විවේචන බොහෝ දෙනා
    වැඩක් ඇති වැඩක් කරනු මනා
    නොකළොත් කාටත් බොරු වංචා
    හොඳ මිනිහෙක් වෙයි මේ පැංචා
    තුරුලට ගන්නා නට නට ඉන්නා
    නිදියන් පුතේ සමා වී...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව : ආර්.ඩී.බර්මන්
    යුග ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. ඇයි .මේක අමතක වුනාද උඹට


      පාංකිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
      පාංකිරිත්තී රබාන අරගෙන කරබාගෙන වයතෙයි
      උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි
      මේවා බල බල තනි කෑඳැත්තෙක් කීචි බීචි කියතෙයි

      පාංකිරිත්තා තමන්ගෙ පාඩුවෙ නැටුම පටන්ගත්තේ
      අහල පහල කිසිවෙකුටත් ඒකෙන් හිරිහැරයක් නැත්තේ
      කොහේද හිඳ පැමිණුනු කෑඳැත්තා වහලා අර අත්තේ
      උන්ගෙ නැටුමට බාදා කරමින් ගීය පටන්ගත්තේ

      පාංකිරිත්තා නැටුම නවත්තා කේන්තියෙන් ආවා
      කෑඳැත්තාගේ කළු අත්තටුවෙන් අල්ලා සෙලවූවා
      ඊට පස්සෙ ඌ සට සට ගාලා මොන මොනවද කීවා
      ළඟට කිට්ටු වී මා ද ගොළුවතින් ඊට සවන් පෑවා

      අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා
      තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬා......

      ගායනය - ෆ්‍රෙඩී සිල්වා
      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්

      Delete
    2. ඇයි මචෝ මේක....

      බල්ල පිදුරු කන්නෙත් නෑ
      කන ගොනාට දෙන්නෙත් නෑ
      කන්නෙත් නෑ දෙන්නෙත් නෑ

      බල්ල පිදුරු කන්නෙත් නෑ
      කන ගොනාට දෙන්නෙත් නෑ
      බලු කුක්කා පිදුරු ගොඩේ උඩු බුරලනවා
      වහු පැටියා ඉඩගින්නේ බලා ඉන්නවා

      ඔයා අකුරු දන්නෙත් නෑ
      මට ලියන්න දෙන්නෙත් නෑ ….//
      එහා පැත්තෙ ඉඳගෙන මට විහිළු කරණවා
      හොඳ අකුරක් ලියවෙනකොට අතින් අනිනවා
      මට අතින් අනිනවා

      බල්ල පිදුරු කන්නෙත් නෑ
      කන ගොනාට දෙන්නෙත් නෑ
      බලු කුක්කා පිදුරු ගොඩේ උඩු බුරලනවා
      වහු පැටියා ඉඩගින්නේ බලා ඉන්නවා

      ගී කියන්න දන්නෙත් නෑ
      මට කියන්න දෙන්නෙත් නෑ….//
      මං ගීයක් කියනකොටම බෙරිහන් දෙනවා
      ඇහැට ඇඟිල්ලෙන් ඇනලා මං අඬවනවා

      බල්ල පිදුරු කන්නෙත් නෑ
      කන ගොනාට දෙන්නෙත් නෑ
      බලු කුක්කා පිදුරු ගොඩේ උඩු බුරලනවා
      වහු පැටියා ඉඩගින්නේ බලා ඉන්නවා

      ගායනය: ලංකාරාජිණී ගුණසේකර
      පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න

      Delete
    3. බලපන් අපි වගේ එල පොරවල් ලියනවා අපිට නෑ .... මේවගේ මේ වගේ විරුපිකයන්ට ට්‍ර්හමයි සම්මාන දෙන්නෙත් ....... මෙන්න මගෙන් .......

      එක ඉත්තක පිපුණු වෙනස් මල් දෙකක් වැනි
      එක පවුලේ උපන් වෙනස් සහෝදරියනේ
      සුරූපී විරූපී නම් පට බැඳුණේ
      ඔවුන් නිසා බොහෝ දෙනෙක් අතරමං වුණි
      එපා එපා රැවටෙනු රූපෙට එපා රැවටෙනු

      කුළුණු ගුණේ දයා සෙනේ පිරුණු සුරූපී
      දුදන ගුණේ පව් සෙ‍වණේ වැඩුණු විරූපී
      සුරූපිටයි කොයි කවුරුත් ඇළුම් කරන්නේ
      ඉරිසියාව විරූපිගේ හද රජ වෙන්නේ
      එපා එපා රැවටෙනු රූපෙට එපා රැවටෙනු

      දොලට ගියා දිය නාන්න දවසක් දෙදෙනා
      ඇඳි සළු පිළි මෙතෙර තබා ජලයට පැන්නා
      සුරෑපීට පෙර විරූපි මෙගොඩ පැමිණුනා
      සුරූපීගෙ සළු ඇඳගෙන හනික පිට වුණා
      එපා එපා රැවටෙනු රූපෙට එපා රැවටෙනු

      අදත් ලොවේ බොහෝ දෙනෙක් සුරූපි කියලා
      සැබෑවටම රැවටෙන්නේ විරූපි දැකලා
      දුටු පමණින් විරූපි යැයි අහක නොබලලා
      ඇතුලින් ඇය හඳුණාගනු කවුරුද කියලා
      එපා එපා රැවටෙනු රූපෙට එපා රැවටෙනු


      ගායනය - සමන් ද සිල්වා, උපාලි පෙරේරා

      Delete
    4. මෙන්න විචා මතක් කරපු එක ...

      සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා
      ගමන් බිමන් කන බොන දේ එකටයි එක වගේ අදින්නේ දෙන්නා
      මේ දෙන්නව බැහැ තරහා කරන්නට කවුරුත් දැනගෙන උන්නා
      පිට පලාතකින් පවුලක් ඇවිදින් මේ ගමේ පදිංචි වෙන්නා

      හරි ලස්සණ කෙල්ලෙක් උන්නා.. ඒ ගෙදර ලස්සණ කෙල්ලෙක් උන්නා..
      හරි ලස්සණ කෙල්ලෙක් උන්නා.. ඒ ගෙදර ලස්සණ කෙල්ලෙක් උන්නා..
      දවසක් දෙන්නා ගමනක් ගොස් මේ ගේ අසලින් යන්නේ
      ආසයි... කියන්නත් ආසයි... අර තරුණි සිනාසෙන්නේ
      මටදෝ මෙයාටද දන්නෑ ඒ සංග්‍රහයක් කෙරුවේ
      සයිමන් අයියා සිතුවා සේ මාටින් අයියත් සිතුවේ
      දැනුනා දෙන්නටම විශාල සැකයක් හිත ඇතුලටම වැදුනා
      හිතුනා බලන්නට තනිවම ඇවිදින් දෙන්නාටම සිතුනා
      සයිමන් අයියා දැන් එන්නේ මාටින් අයියා නැතිවයි
      මටින් එක ගැන දන්නෑ... එයත් එන්නේ තනිවයි

      සයිමන් අයියයි.....
      තරගෙන් දෙන්නගෙ අතරින් දවසින් දවසට මොරයි
      ඇදුමෙන් පැලදුමෙ‍න් වාගේ සෙන් පවුඩර් සුවද හමයි
      දවසක් දෙන්නා මුන ගැසුනේ මේ තරුණිගේ නිවස ලගයි
      තරුණි දොරගොඩ සිටියේ තම සැමියා සමගයි
      කරුණා දෙන්නා යන්නේ සැමියගේ හරි කරුණාවන්තයි
      මෙතින් යනකොට කොයි වෙලාවකටත් යන්නේ හිනාවෙලයි
      ඈ නම් විවාහක ලදකි තරුණියක් වගෙයි පෙනුනේ
      එනමුත් බොහොම ගුණවන්තයි කා සමගත් සිනාසුනේ
      මේ දැන් දෙන්නට දැනුනේ දෙන්නම රැවටීච්ච බවයි
      සයිමන් මාටින් දෙන්නා තාමත් හොද මිතු‍රෝ තමයි
      සයිමන් අයියයි.....

      ගායනය :- එම් .එස් .ප්‍රනාන්දු
      පද රචනය :- කරුණාරත්න අබේසේකර
      සංගීතය :- පී .එල් .ඒ .සෝමපාල
      චිත්‍රපටය :- අාදරේ හිතෙනවා දැක්කම

      https://www.youtube.com/watch?v=8jlDfLldcgM&feature=youtu.be

      Delete
    5. අප්පට සිරි.. ඇරෝ ඇරෝ ඇරෝ ...

      Delete
    6. "කළත් විවේචන බොහෝ දෙනා
      වැඩක් ඇති වැඩක් කරනු මනා"
      මේක අර පින්තරුවක් කරගෙන යන කොලුගැටයට කියපු එකක්ද සිංදු ඇනෝ ?

      Delete
  20. මාගේ ප්‍රකාෂ උපුටා දක්වා යන්තම් පෝස්ට් කටුවක් එලිබස්සා කල වංචාකාරී අපහාසය වෙනුවෙන් වන්දි ලෙස උඹට නඩුවක් බලවන්න හිටන් මේ කල්පනා කරන්නෙ.

    මහා සාහිත්‍ය කාරයොත් මාසගානක් මරාගන්නෙකේ ස්වර්ණ පුස්ථකේට, මේක මොකද්ද බං. ඔන්නොහෙ යන විදියට යන්න සත්තලන් කියල අපි ලියමු-බ්ලොග් නගමු!

    ReplyDelete
    Replies
    1. නඩුවක් බලවන්න නම් හිටං , ඉඳන්, බුදියන් බැරිනම් උඩ පැන පැන හරි මොකෝ ...:P (මේ අවලං මදාවියා ආශ්‍රය කොරලා දැන් අපේ ගන්න දෙයක් නෑ )

      හැබෑට අර කිව්වත් වගේ සාහිත්‍ය උත්සවේ , රාජ්‍ය නාට්‍ය උළෙල , ටෙලි සම්මාන , සරසවි සම්මාන ඔය ඔක්කොම ඉවර වුනු ගමන් වැඩිපුරම ඇහෙන වචනේ තමයි " අසාධාරණයි හොඳේ " කියන එක

      Delete
  21. සම්මානෙ දෙන්න ඉස්සල්ලා උඹව හදුන්වල දෙද්දි කරූගෙ මූණ දැක්කනම් , යකෝ කරුමෙ ඩබල් පින සිංගල් කියද්දි කරූට ගිය හිනාව නෝට් උනේ මට විතරක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. කරුටත් හිතෙන්න ඇති , මිනිහගේත් කරුමේ ඩබල් පින සිංගල් කියලා, අඩේ මමත් දැක්කේ නෑ ඒ සීන් එක නම්

      Delete
  22. සම්මානත් දීලා බැනුන් අහන්නත් වෙලානේ,මේක යහපාලනේද යකෝ හිටං.

    ReplyDelete
  23. මම ඉතින් උඹට කලින්මත් සුභ පැතුවා නේ මචං...ඒත් මොකෝ ඔන්නොහේ ආයෙත් කන්ග්‍රැජුලේෂන්ස් හරිය? :D
    ඔය ලියලා තියෙන අණ්ඩර දෙමළෙ නම් මට තේරුණේ නැහැ..අර ලියනවයි කිව්ව කතාව ලිව්වොත් හොඳයි නේ? :/

    ReplyDelete
    Replies
    1. පල යන්න , ඒවුනාට මං උඹත් එක්ක තරහ වෙලානේ ඉන්නේ. කතාවක් ලියලා තියෙන්නේ සඳුදට දාන්නම් .

      Delete
    2. අර මක්කටෙයි අයියණ්ඩි අහිංසක මා එක්ක උඹ තරහ වෙලා ඉන්නේ? බූදලයක් බෙදාගන්න බැරුවයැ? :P
      එහෙනම් සඳුදා..! :D

      Delete
    3. අහිංසක ??? අහිංසක නෙවෙයි උඹ අංගුලිමාල ... ඕ....යේස්

      Delete
    4. හහ්! අංගුලිමාලගේ බෙල්ලේ තිබ්බේ ඇඟිලි මාලයක් නම් මං මේ කල්පනා කොළේ ඇඟිලි වෙනුවට බෙලි කැපුවොත් මක් කොරන්ටද කියලා..:P
      මේ උඹ නිකන් මාතෘකාවෙන් පිට නොපැන (ගෙම්බෙක් වගේ) අර කතාව දාපන් සුදු කළු අයියා...! ;)

      Delete
  24. සුභපැතුම් මචෝ... මේ සම්මානයත් හේතුවක් වෙලා නිතර කියවන්න දෙයක් තිබුනු මේ බ්ලොගේ නිතර ලියවෙන්න ගත්තොත් මරු... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බීටලේ , ලියන්න ඕන ආපහු. ටික දවසක් වැඩ ගොඩක හිරවෙලා හිටියේ. ආපහු ටික ටික ලියන ගන්න ඕන .

      Delete
  25. යකෝ උබේ බ්ලොග් ජීවිතේට මම දැක්කමයි මේ වගේ අවංක ලිපියක් .......... ඔය සම්මාන දීපු අසාධාරණ ක්රෝමවේදය දැකලා ආයෙත් බ්ලෝග ලියන්නේ නැ කියලා හිටියමට මේ ලිපිය දැක්කට පස්සේ තමයි හිත හදාගන්න පුළුවන් උනේ ....... දැන් ඉතින් ආයෙත් බෝග දැන්මකියන්තන්.... උබට දුන්න සම්මානේ උනත් බලපන් තනිකරම බෝලාගේ යාලුකම්වලට යටවෙලානේ දීලා තියෙන්නේ මම දැන් හිත හදාගන්නේ ඒ සම්මානේ බොට දුන්නේ මෙන්න මේ ලිපියට කියලා හිතලා .......

    ReplyDelete
    Replies
    1. එකනේ බලපම් මගේ අවංක කම , අවංක වූ මා සැමදා දුකේ :D,

      දැන් උඹට සම්මානයක් ඕනේ නම් ඉස්සෙල්ලම කරන්න ඕන මං වගේ හොඳ යාලුවෙක් හොයාගෙන එයාට කියපං සම්මාන උළෙලක් ඔගනයිස් කරන්න කියලා . එතකොට වැඩේ ගොඩ. උඹේ යාලුවා විදිහට මං සම්මාන උළෙලක් ඕගනසී කරන්නම් ඕනේ නම්. ඕ... යේස්

      Delete
  26. සුබ පැතුම් පවෙල් .....
    සම්මාන උලෙල ගැන නම් කියන්න දෙයක් නෑ ..................................................................................................................................................................................................................................................

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදර , සහෝදරව දැක්ක කල්....

      Delete
  27. හයියෝ.. සම්මාන උළෙල ගැන දැනුවත් වෙලා හිටියත්, බලෙන්ම හරි එන්න උනන්දුවක් ගත්තේ නැත්තෙ, වැඩේ තිතට යයි කියලා හිතලා.

    මෙච්චර අබ්ලික් වෙනවා කියලා දන්නව නම් ආරාධනාවක් නැතිව හරි හොරෙන්ම ඇතුලට රිංගනවා, සීන් එක ඇස්දෙකෙන්ම බලා ගන්න. අපි ඉතින් හදවතින්ම ශ්‍රි ලාංකිකයිනෙ.

    මේ.. ඉවනයෝ.. එන පාර එකත් අබ්ලික් වෙයි නේද? සුදීකයගෙ පාස් එක හොරකන් කරගෙන හරි එන්න ඕනේ..!

    ReplyDelete
    Replies
    1. අල්බයියා දැක්ක කල්, උළෙලට හොරෙන් ඇවිත් හිටියද දන්නෙත් නෑ. සුදීකගේ පාස් එක උස්සන්න ඕනේ නෑ. ඇතුල්වීම නොමිලේ, පිටවීම බාගයක් බිව්වා පසු .

      හෝල් එකක් හොයාගන්න බැරුව හිටපු වෙලාවේ මං අල්බයිය ව හෙව්වා, අඩුගානේ රිලැක්ස් එකෙන්වත් කාමරයක් බුක් කරවගන්න් පුලුවන්ද කියලා බලන්න . ඔ...යේස්

      Delete
  28. දැන් වත් මේ මඟුල ඕන කමින් උනන්දුවෙන් ලියහංකෝ.. ඉස්සර දිගට හරහට ලිවුව එකා දැන් මාසෙට එකක් දාලා යනවා මෙතන ඇවිත්..

    බයිද වේ, සුබ පැතුම් ඈ..

    ඉන්දික ලොක්කා අර කමෙන්ටුව දාලා තිබුනේ කොහේද අප්පා.. දැන්නේ දැක්කේ මාත්..

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ඈ.... මේ දවස් වල බොරු බිසී බං. එකයි ලියන්න බැරි වුනේ , ලියන්න තියා කාලයක් , කියවන්නවත් බැරිවුනා.
      ඉන්දික ලොක්කා කොහෙද කොමෙන්ටු නොදාන්නේ , වලත්ත සිංහයා .:D

      Delete
  29. අඩේ මං අන්තිමයා නෙවැ :D චැහ්

    ඔය ඉවානයට සම්මාන දුන්න උන්ට …… නෑ එක්කො ඕන් නෑ :D

    ReplyDelete
    Replies
    1. ඉවානයට සම්මාන් දුන්නට ,පත්තරයට හෙන ගහන්න ඕන . ඕ... යේස් . මොකද ඔය ලිපිය ලියන්න කියලා, මාතුරුකාව හොයලා දුන්නෙත් උඹ නොවැ. ඒ නිසා හෙනම ගහපං.

      Delete
  30. අවුරුදු 2500 ක් ශ්‍රේස්ට ඉතිහාස්යක් බෞමික අන්ඩවාතයක් හා ඒකිය බාවයක් ඇති ලාන්කීය බ්ලොග් කාලාවේ ප්‍රාරම්බකයෝ හා අයිතිකාරයෝ ජීවමානව සිටිද්දේ ඊයේ පෙරේද බොග දානා මෙළෝ රහක් නැති නාකියකුට හා කෙල්ලන්ට කොල්ලන්ට සම්මන දීම පිලිබඳව අපේ බලවත් කනගාටුව හා මෙව්වා එක..

    මෙහෙම සම්මාන උළෙලවල් නම් ආයේ නොතියනා තරමට හොඳය...

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් හෙක් යන්තම් කෙලින් කටින් නැගිටලා වගේ මාතා .....එකනේ කියන්නේ , දන්නේ නෑ ජෙෂ්ටයෝන්ට සලකන්න... අම්මප

      Delete
  31. අඩෝ මමයි අන්තිමයා. කින්ඩියෙන්ම ලියලා. ඒකත් මරු.

    ReplyDelete
    Replies
    1. උඹ කොහෙද බං වහං වෙලා ඉන්නේ

      Delete
  32. මේ වගේ ලලේ ලල් පොස්ට් එකක් ලිව්වට ඉවාන් අයියගෙන් දීපු සම්මානෙත් ඉල්ලා ගන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. හැක්... ඊට කලින් ඔයාට තව සම්මානයක් දෙන්න ඕන අර ස්ටේජ් එකේ මනා වැටෙයි කියලා හිතාගෙන අල්ලගන්න ගිහින් හිටගෙන හිටියට.... :D.

      Delete
  33. අපෝ මෙයාට සම්මානයක් දීලද? දැන් ඉතින් කනක් ඇහිලා ඉවරයි.... සම්මාන? හුහ් ඔය අපේ ගෙදර තියෙන්නේ කප් පුරෝලා... කෝ අපි එව්වා ගැන දොඩෝන වද ? මම කිව්වේ බීම බොන එව්වා.

    ReplyDelete
    Replies
    1. අඩෝ ,උපේ ... මම ඒ සම්මානේ හුම්මානෙට ගෙනිහින් වතුර නානවා ,මම උඹව හොයා හොයා හිටියේ ..මොකෝ උඹට විතරයි කියන්න බැරිවුනේ තවම :D

      Delete
  34. මං හිතුව අජිය උඹේ ක්ලාස්මේට් නිසා දුන්න කියල.

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතිං ලියපුවට දුන්නනම් අපිට ලබෙයිය. එක නෙවෙයි රාජ් හොඳම කමෙන්ට් එකට සම්මාන දෙනවනම් අර උඹේ ආතල් ඇනොට තම දෙන්න ඕන.

      Delete
  35. බොට සංමානයක් හම්බුවීම ගැන මගේ හද පිරි මෙව්වා එකය
    ඒත් දැනගෙන උන්නා නම් හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ වක් කියන්නට හරි මංගච්චනට තිබුනේය
    අහෝ මෙව්ව එකකි තිතකි..............
    ජය ය....................
    අන්න ඒකයි මම කියන්නෙ

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]