Friday, April 10, 2015

පෙර පිං


"යන්නේ නැත්තං අයින් වෙයන් හුත් .... ඔතන හිටගෙන ඉන්නේ "

මගේ ඇඟේ හප්පෙගෙන වතුර බාල්දියත් අරං ටකරං වලින් වටකරපු ලැට් පේලියේ කෙලවරේ ඉඳන් දෙවනියට තියෙන ලට් එකේ දොර ඇරගෙන ඇතුලට රිංගපු එකා , දොර වහගන්න්වත්, එක්කම වගේ "හම්මේ" ගාන සද්දේ හොඳට එලියට ඇහුනා....

දොරට පයින් ගහපු බණ්ඩාර අයියා .... "මොකද ..තෝ බෙට්ට අල්ලේ තියාගෙනද නැගිට්ටේ ... " කියලා ඇහුවට ඒකට උත්තරයක් බලාපොරොත්තු වුනේ නෑ මං හිතන්නේ ... දත් බුරුසුව උගුර ඇතුලටම ඇනගෙන දෙසැරයක් විතර ඔක්කාර සද්දේ දාලා කෙල තලියක් ගැහුවට ඒකට වතුර පාරක් ගහලා කාණුවට යවන්න මිනිහා වගබලාගත්ත ,

හැමදාම , වගේ උදේට , මේ ටකරං මඩු ටික අස්සේ මේ ජරමර ටික නම් දැන් හුරුයි වගේ, උදේ හතේ මනිය ගහන්න කලින් වැඩපලේ ගේට්ටුව පනින්න තමයි ඔක්කොමලා ගේ ට්‍රයිඑක. නැත්තම් පැය දෙකක් කැපෙනවා .

" අම්මප මට ලොක්කගේ අම්මට හමන්නන්න හිතෙන්නේ ඔය වෙලාවට තමා , කීසරයක් මම කිව්වද දෙමෙල්ලු මේක අස්සට දානං එපා කියලා, බලපන්, වේසිගෙ පුතාලා ,නාන්නෙත් නෑ, ඒ මදිවට විටගඳයි, තල තෙල් ගඳයි. "

බණ්ඩාර අයියා කියන්නෙත් ඇත්ත අප්පා, මේ වතු දෙමලු ටික නම් මහා අපිරිසිදු ජාතියක්.

"මොකද කොටා යන්නේ නැද්ද අද?  බබා හුකුන් නැතුව වරෙන් පකෝ යන්න .. "

ඒ සද්දෙට එකපාරටම බැනියම දාගත්ත මම , කහපාට හේදිලා ගිය ගල් තොප්පිය අතට අරං එලියට ආවා.

"දක්ෂිණ අධිවේග මාර්ග ව්‍යාපෘති සේවක නවාතැන ... " කියන ලොකු බෝඩ් එකට යටින් පාරට ආපු අපි ටිපර් එකේ පිටිපස්සට නැග්ග්ගේ වැඩපලට යන්න.

බණ්ඩාර අයියා කියන්නැහේ තාප්පෙටයි, බෝඩ් එකටයි වියදම් කරපු ගානෙන් බාගයක්වත් වියදම් කරානං , අඩුගානේ වැසිකිලි ටික හරියට හදන්න තිබුනා . අමු අපායවල්,
මුන්ට ඕනේ වැඩ විතරයි, විනාඩිය එහාමෙහා වුනොත් පැය දෙකතුන කපන්නේ ... හෙනම ගහපං.

**********

"සැමියව අයින් කරලා, ඌ සතියක් නොකියා අවේ නෑ කියලා, "

දවල් කෑම වෙලාවේ බණ්ඩාර අයියාට බත් එක දික් කරද්දී එහෙම කිව්වම මම ඇහුවේ " ඒ මොකෝ " කියලා .

මිනිස්සු අයින් කරනවා කියන එක මෙතන මහා අරුමයක් නොවුනට ,සැමියා අපේ බිලට් එකේම හිටපු එකා නිසයි මම ඒ ගැන උනන්දු වුනේ ,
හැමදාම වගේ තිබ්බ බටු වෑන්ජනේ බත් එකෙන් අයින් කරන ගමන්
" ඉතිං බණ්ඩාර අයියේ එස්. එම්. මහත්තයට පොඩ්ඩක් කියපන්කො , ඌ ගෑනිට ළමයා හම්බවෙච්ච් නිසානේ ගියේ. "

"උඹලා පක්කු ඔක්කොම මාව බිල්ලට තියන්න තමා හදන්නේ , උඹ කියපන්කො ගිහිං. මේ අවුරුදු කටේ මාව යැව්වොත් මගේ ගෑනියි ළමයි තුන්දෙනටයි කන්න දෙන්නේ උඹේ මහ එකාද "

අලි බත් ගුලියක් ගිල්ල බණ්ඩාර අයියා වතුර බෝතලේට කට තියලා උගුරු දෙකක් බීලා ආපහු කතාව පටන් ගත්තා, මූට කොච්චර කිව්වත් කට තියලා බොන්න එපා කියලා එකමනේ කරන්නේ , දැන් අර බත් ඇට දෙකක් බෝතලේ ඇතුලේ පාවෙනවා, ශික් විතරක්.

 "එස්. එම්. කාරයා ෂුවර් එකටම කේන්තියට කරපු වැඩක්, මොකෝ ,මූ අහලා තියෙනවා නිවාඩු යන්න , ගෑනිට ළමයා හම්බවෙනවා කියලා . එස්.එම්. කාරයා කියලා , මගේ ගෑනිටත් ළමයි දෙන්නෙක්ම හම්බවුනා මම ඒ එකකටවත් ගියේ නෑනේ , ඕවට යන්න ඕනේ නෑ කියලා ."

"ඉතිං"

"මේ යකා ඌට කියලා ," ඒ වුනාට සර් මේ මගේම ළමයනේ කියලා ..."
"අරුට මලේ මළලු..."

හැක හක හක් 
 **********

උදේ හතේ ඉඳන් වැඩ කරත් , හවස පහ පහු වෙනකොට ,දැනෙන්නේ දවස පටන් ගන්නේ දැන් කියලා . හවස හතරේ තේ  එක බිව්වට පස්සේ හිතෙනවා එකදිගට තව පැය පහ හයක් වැඩ කරන්න පුළුවන් කියලා. එත්. ආපහු හැන්දෑවේ හය පහුවෙද්දී, ඔක්කොම එපාවෙලා හොඳ නින්දක් දාන්න තමයි හිතෙන්නේ .

ගොඩක් වෙලාවට හවස වැඩ ඉවර වුනාම ,මමනම් ටිපර් එකේ නගින්නේ නෑ. කලින් ගියත් කරන්න වෙන්නේ තියෙන වතුර මල් දෙකතුන ළඟ රණ්ඩු කරගන්නයි, ලැට් පෝලිමේ එක එකා එක්ක බැනගන්නයි නිසා මම නම් යන්නෙම ටිකක් රෑ වෙන්න ඇරලා ..

....කොත්තුවක් කනවද? ............. 

" හැමදාම කොත්තු කන්න එපා යකෝ, තොට ගෙදර ගෙනියන්න පඩියක් ඕනේ නැද්ද ? කොත්තුවක් කන්න යන හැමවෙලාවෙම බණ්ඩාර අයියගේ ඒ කතාව මට මතක් වෙනවා. අලුතෙන් හදන ඇල අයින දිගේ ඇවිදගෙන ආපු මම, නයිට් කඩ පේලියේ කෙලවරේ ඉන්න එක ඇහැක වීදුරු බෝලයක් දාලා ඉන්න හිඟන මනුස්සයා ඉන්නවද බැලුවේ පුරුද්දට වගේ,  එතනට ගිහිං හැමදාම වගේ රුපියල් පහ ටින් එකට දැම්මම ,

"පිංසිද්ධ වෙච්චාවේ පුතේ... " කියලා කළු ගැහුණු සුදු රැවුල අස්සෙන් තොල් දෙක හෙලවෙනවා පෙනුනා.

"මොකද යකෝ හිඟන්නෝ තොට පුතා කියන්නේ, හිටපිය දෙන්න දෙකක් නාකියගේ අම්මට හැමිනෙන්න. " මාත් එක්ක ආපු දවසක තව ටිකෙන් අර අහිංසක මිනිහට බණ්ඩාරය ගහනවා. මම යන්තම් බේරාගත්තේ .

කවදාවත් හිඟන්නෙකුට සතයක් දීලා නැති මට මේ මනුස්සයාගෙන් මොකට අනුකම්පා හිතෙනවද මංදා... මේ මනුස්සයත් මා දිහා බලන්නේ නිකං හරිම ලෙන්ගතු කමෙන් වගේ.

කොහොමත් මිනිස්සු වැඩි හරියක් මගේ දිහා බැලුවේ අමුතු සතෙක් දිහා බලනව වගේ තමයි. වයසට නොහැදුණු, උසින් අඩු මගේ ශරීරෙ නිසා, ඉස්කෝලේ ගමනත් අතරමග නතර කරන්න වුනු මට දැන් නම් මිනිස්සු එහෙම බලන එක ගානක් නැතිවෙලා තියෙන්නේ. 

අඟුටුමිට්ටා, කොටා , කියන නම් මට දැන් මගේම නම ගානට හුරුයි.

ගමෙන් ඈත වෙලා කොළඹට ආව මට ,මුලිනම් වැඩබිමට ගියාමත් ලැබුනේ ඒ වගේ සැලකිල්ලක්, එත් දැන් කාලයත් එක්කම වැඩබිමේ හැමෝම මාව දන්නා එකත් වෙලාවකට වාසියක්. කොටා කියපු ගමන් වැඩබිමේ මාව නොදන්න එකෙක් දැන් නෑ. මහත්තුරු පවා කතා කරන්නේ කොටා කියලා .

**********
"පුතාගේ ගම කොහෙද පුතේ" , දවසක් රෑ නයිට් කඩේට යද්දී රුපියල් පහක් ටින් එකට දානකොට අර මනුස්සයා ඇහුවම මාත් හෙමින් එතන ඇන තියාගත්තා ,

" ගිරිඋල්ලේ මාමේ "

"හ්ම්ම් ... ඔය විදිහට ඉඳන් ඔය තැන්වල ඔය බර වැඩ කරන්න පුලුවන්ද පුතේ ... ? පඩිය කීයක් විතරක් හම්බවෙනවද පුතේ "

" පඩිය ඉතිං, රුපියල් දහඅට දාහක්, විතර තමා මාමේ "

" හපොයි, මාසෙම නැහිලා.....??"

" හ්ම්ම්ම්"

"පුතාට මම වෙන රස්සාවක් හොයලා දෙන්නද? මාසෙට තිස් දාහක් , හතලිස් දාහක් විතර ගන්න පුළුවන්,"

" රස්සාවක්, මට ...මාම කොහෙන්ද රස්සා හොයන්නේ මට .?"

" මෙතන ඉන්න මාව දන්නා අඳුනන ලොකු මහත්තුරු එනවා පුතේ, ඔය ලොකු ලොකු වාහන වලින් ඇවිත් කෑම එහෙම දීලා යන , එයින් කෙනෙකුට කියලා පුළුවන් වෙයි."

"මෙහෙම ඉන්න මට මොනවද කරන්න පුළුවන් රස්සා?"

"ඔය ඇඟට හොඳ රස්සාවක් කරන්න පුලවන් කොල්ලෝ .. හැක හැක හක් "
ඒ හිනාව මට ඇල්ලුවේ නැතත් ,මේ යකා පිස්සු කියවනවා කියලා හිතුනු මම එතනින් නැගිට්ටා .

" හෙට හවස හතරට මෙතනට වරෙන්කො පුතේ , මහත්තයෙක් එයි උඹව එක්ක යන්න , ලොකු වාහනේක, එකේ නැගලා යමන් , ගිහින් බලපන්කො, පුතා අකමැතිනම් ආයේ වරෙන් පුතේ .

අර සාන්ත දාන්ත කතා බහ වෙනුවට ඒ එලියට ආපු කතා රටාව නම් මට කොහෙත්ම ඇල්ලුවේ නෑ. ඒගමන පුතා මදිවට , උඹ ,වරෙන් පලයන් කියන්නත් පටන් ගත්තා, හිඟන්නා ඉන්න ඕන හිඟන්නා වගේ, බණ්ඩාරය ගෙනත් ගස්සවන්න ඕන මේකාගේ හක්ක පනින්න ....

........එත් රුපියල් තිස් දාහක් ...

රෑ තිස්සෙම හිතට වද දුන්නේ ,අර හිඟන යකාගේ කතාව. මොකක්ද මූ  කියන්නේ ,අනික ඔය එක්කං යන එවුන් මොන වැඩකට මාව දායිද , මොකෝ ඔය මහත්තුරු ඇවිත් කෑම එකක් දීලා ගියාට ඔය යකාව අඳුරන මිනිස්සුය..

ඕන නෑ... මං යන්නේ නෑ..

********** 
එහෙම හිතාගෙන හිටියට හතර කිට්ටු වෙනකොට හිත කියන්නෙම ගිහින් බලාපං කියලමයි. එක්කෝ ගිහිං බලමු ..
" කොහෙද තෝ යන්නේ , "
" නෑ බණ්ඩාරයිය මේ... ඔලුව කරකැවිල්ලයි වගේ... ඔෆ් වෙන්න කියලා "
"මොකෝ කරකැවිල්ල , අනේ පල කොටා යන්න . තෝ ඔය අර ඇඩම්ස් ඔන්ලි දෙමල ෆිල්ම් එක බලන්න, තෝ වගේ මොලෙක් , හිටහන් වෙලාවක තොගේ ඔය මෝල සනීප කරලා දෙන්නං... හක හැක හැක හැක ..."
නෙද්දකින් බුරුවා ,හැමදාම ඔහොමයි. ඔක්කොම ඉස්සරහ නෝන්ඩි කරනවා... හිතුවට කිව්වේ නෑ , හක්ක පන්නගන්න බැරි නිසා .
"මොකෝ තෝ ඔරවන්නේ ...කොට මෝලා ... හූ..... හැක හැක හැක ..."
කට්ටියම හිනාවෙද්දි මම හතරට ඔෆ් වෙලා එලියට ආවා... කොහොමත් හිතේ දෙගිඩියාව තාම ඉවරවුනේ නෑ. දැනටම හතරයිනේ , තව විනාඩි දහයක්වත් යයි නයිට් කඩ පේලිය ගාවට යන්න... කමක් නෑ ගිහිං බලන්නොන. තීරණයක් ගත්තා.....
**********
අලුත් ඇලේ අයින දිගේ එන අතරේ නොයෙක් දේ හිතුනා , ඇත්තටම මොන කරුමෙකට මේ ලෝකෙට ඉපදුනාද? හරි හමන් රූපයක් නැතුව , හැම එකාගෙන්ම කොටා කොටා කියල කියා අපහාස විඳගෙන.... මොකෙක්ටවත් පේන්න නැති තැනකට යන්න ලැබෙනවානම් එත් හොඳයි ...
කෝ යකෝ මේකා .... මහත්තයෙක් තියා ...පඩත්තල හිඟන්නාවත් පේන්න නෑ.. මු වගේ අවලං බල්ලෙක්... මූ මොන හයිය අරන්ද මාව රැවට්ටුවේ... හිටපිය පාහරයා .. බණ්ඩාර අයියාව එක්කන් ඇවිත් හතරහන්දී ගලවනවා නාකියගේ ...
"මල්ලි... මල්ලි...."
"ඔහ්..."
"මේ මල්ලි උඹ ආවේ අර මෙතන හිටපු වයසක මනුස්සයාගේ පනිවිඩේට නේ .."
"ඔ...ඔව්.... ඇයි....?"
"නෑ..... නෑ.... මම දැක්ක ගමන් ම හිතුවා .... ලොක්කා කිව්වා වගේ තමුසෙව අඳුනගන්න අමාරු නෑ..... අපේ වැඩේට බුදු ෆිට් ..."
"මොකක්ද ඔහෙලා කරන්න හදන්නේ .."
"ඉස්සෙල්ලා යමුකෝ ... අපි දෙගොල්ලගෙම පින ඕයි මේ......"
මම කට අරින්නත් ඉස්සෙල්ලා මගේ අතින් අල්ලගත්ත බොඩිබ්ල්ඩර් වගේ කොල්ලා ..මාව උස්සලා වගේ ගොම කොළ පාට දිග වෑන් එක ඇතුලට දාගත්තා. එහෙන්, මෙහෙන් කරකවා කරකවා කොහේ ගෙනිච්චද මන්දා... මට මතක් වුනේ පොඩි කාලේ අහපු කරවල වාඩි වල කරවල වේලන්න ගෙනියන කතා . එත් මේ කොළඹ කොහෙද කරවල වාඩි. ඒ ඇරත් මම පොඩි එකෙක් නෙවෙයිනේ, අම්මපා එකෙක් මරාගෙන මැරෙනවා .. ඇත්තමයි.... මට නොයෙක් විකාර සිතුවිලි එද්දී වෑන් එක කඩ ගොඩාක් මැද්දෙන් ගිහිං තට්ටු දෙකේ ගෙයක් ගාව නැවැත්තුවා....
**********
"බැහැලා එනවා බොසා ලඟට යමු.."
"මොකක්ද මේ කරන්න හදන්නේ ,, කොහෙද මේ....." බිල්ඩිමේ ඇතුලේ තිබ්බ අඳුරු පැහැයට ඇස්දෙක හුරුකරගන්න උත්සාහ කරන ගමන් මම අර යෝධයාගේ දඬු අඩුව වගේ අතට අහුවුණු මගේ ඇත මුදාගන්න ලොකු සටනක් කරන ගමන්.
නලියන්නේ නැතුව මෙහෙ එනවා , බිත්ති මුල්ලට වෙන්න දෙපැත්තේම පැදුරු නවලා රෝල් කරලා බිත්ති වලට හේත්තු කරලා . අර යකා අතින් ඇද්ද පාරට තවටිකෙන් හොම්බ සමතලා වෙනවා . පඩිපෙළ දිගේ උඩට ඇදගෙන ගියේ ,තරමක් එලිය තියෙන කාමරේකට ... එතන මාළු ටැංකියක් ළඟ හිටගෙන හිටපු මනුස්සයා දැක්කම මට ඇඟේ මයිල් කෙලින් වුනා ..
"බොස් මෑන්ව ගෙනාවා ..."
"ආ පුතා කොහොමද?" උඹ හිතුවේ නෑ නේ මෙතනට ඇවිත් මාව මුණගැහෙයි කියලා ."
හැමදාම නයිට් කඩේ ළඟ ඉදං මගේ රුපියල් පහටත් විද්ද නාකියා... ඒ වීදුරු බෝලයක් දාපු ඇහේ තියෙන අජූව ගතිය පලවෙනි පාරක දැක්කා වගේ මම තිගැස්සිලා හිටියේ .  මොකක්ද මේ හයේ හතරේ මනුස්සයා මේ යකාට බොස් කියන්න තරම් මුගේ තියෙන ලොකු කම. 
**********
"තමුසෙට මං කෙලින්ම කතාව කියන්නං... මෙච්චරයි කරන්න ඕන . තමුසෙගෙ ඔය උස අපිට බොහොම වටිනවා කොටෝ....හැක හැක හක "
"අම්මලා කවදාවත් කැමති නෑ තමුසෙවගේ ළමයි ඉපදෙනවට , තමුසෙට මෙච්චරයි කරන්න තියෙන්නේ . අපි තමුසෙව පොඩ්ඩක් පාට කරලා ගන්නම්... උදේම ගිහින් දානවා කාසල් එක ලඟට ... එතන ඉඳන් ඉස්පිරිතාලේට එන මිනිස්සු ලඟට ගිහිං ,පොඩි දුක් සීන් එකක් දාලා .. " අනේ අම්මේ තාත්තේ ... ඔය ඉපදෙන ළමයට මට වගේ ආන්ත්රාවක් නොවෙන්න පිනක් ලබෙන්න කියලා කීයක් හරි දීලා යන්න " කියලා ආලවට්ටම් දාලා අඬලා හොටුපෙරලා කියන්නයි ඕන. .. දවසට ලැබෙන ගැන තමුසෙටවත් හිතාගන්න බැරිවෙයි. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ,අපි තමුසෙට සලකන්නම් හොඳට, තමුසෙගෙ ආරක්ෂාවට මේ සුමිතා ලඟම ඉඳියි. අපේ හිටපු ජනිත් තමුසේ වගේමයි. මිනිහා ජොබ ගානට කළා . එත් ඌට සල්ලි පෙරේතකම ගහලා පැනලා යන්න හැදුවයින් අපිට ඌව වැලිගම්පිටි යවන්න වුනා. ඒ නිසා වංචා , වංගු ගැන හිතන්නවත් එපා .. හරි ... හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වදී ... අරිද?
 හෙට ඉඳන් වැඩේ පටන් ගමු .. අර ජනිතයා හිටපු ස්පෙෂල් කාමරේ මෙයාට දෙමු..."
වීදුරු බෝලයාගේ කතාව ඉවරවෙනකොට මගේ ඇඟේ මයිල් කෙලින් වෙන සද්දෙත් මට හොඳට ඇහෙන ගානට මම බයවෙලා හිටියේ.... මට කතා කරන්නත් බය හිතුනු නිසාම කට වහගෙන ඉන්න වුනා
***********
ටලන්... ගාලා අතේ තිබ්බ ලොකු රවුම් බිස්කට් ටින් එකට වැටුණු දහයේ කාසිය .. මගේ සිතුවිලි ආපහු බින්දා .... අම්මා කෙනෙක් මගේ දිහා බලලා පුරුවේ පිනක් නිසා කරදරේකින් ගැලවුනා වගේ  ,අලුත හම්බුවුණු දරුවා තුරුලට හිර කරගෙන දෙතුන් සැරයක් ඉඹින ගමන් ඉස්පිරිතාලේ ගේට්ටුවෙන් එලියට යනවා මං දැක්කේ ඒ ගිය ත්‍රීවීල් එක මගේ පැත්තෙන් ආපහු හරවනකොට .


159 comments:

  1. මම එක..හිටු කියෝලා එන්නම්..:D

    ReplyDelete
    Replies
    1. මචං ඇත්තටම කොටෙක් හිටියද සයිට් එකක? උඹ සයිට්වල හැටිත් ඒ මිනිස්සුන්ගේ මානසික පීඩනයත් කියලා තියෙන හැටියට මම කැමතියි..ලොකු ලොකු විචාර දෙන්න දන්නේ නෑ ඉතින් උඩ පැනගෙන පළවෙනියට කමෙන්ට් කලාට..
      උඹ මේක දැම්මේ අවාරයත් එක්ක ඇතිවෙච්ච හැඟීම නිසා නේද?
      කොටාව ගෙනිච්චේ බලෙන් වගේ වුනාට අජිත් මන්තිලකලා සමහරවිට මේක කැමැත්තෙන් භාර නොගෙන ඉඳී ද?

      Delete
    2. කොටාලා විතරක් නෙවෙයි බං , නානාප්‍රකාර මිනිස්සු මේ සයිට් වල ඉන්නවා, මේ මිනිස්සු එක්ක නිතරදෙවේලේ ගැටෙනවා කියන්නේ ජීවිතේගැන ඉගෙන ගන්න කෝටියක් දේවල් තියෙනවා. උඹේ අන්තිම ප්‍රශ්නේ නම් උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. හ්ම් කියලා තමයි කියන්න වෙන්නේ ...

      උඹේ හක්ක පන්නන්න හිටියේ තව ටිකෙන් ,අදත් පරක්කු වෙලා එහෙම ආවනං... හැක්

      Delete
    3. දැන් නැගිට්ටේ ශික් විතරක් උඩ ජේද දෙක විතරයි කියවුවේ. මගෙත් බුරුසුව කටේ... සිරීයස් කියන්නේ බ්‍රස් එක කටේ තියන් කියවුවේ අමුතු විදියට වමනේ යන්න ආවා .ඉවානයගේ පරම්පරාවම සිහි කරන් මුණ හෝදන් ආව.ඉතුරු ටික දවල්ට කියවල කමෙන්ට් කරන්නම් බන්

      Delete
    4. ඔමා - අමුතු විදිහට වමනේ යන්න ආවනම් ඔන්න අපේ වරදක් නෙවෙයි හරිද ..හැක හැක හැක

      Delete
    5. හ්ම්ම්ම්ම්....අවුරුද්දකුත් පසු වුනා නේ......හෙක්....හෙක්......

      Delete
    6. මං ටොපි හැමගහනවා ඉහේ හිටං

      Delete
    7. ඕමා බ්‍රස් එක හිරවෙයි පරිස්සමින්

      Delete
    8. හි හි කලාතුරකින් නේ දත් මදින්නේ ඒ හින්දා අවුලක් නෑ හොරෝ

      Delete
  2. ඔය විදිහට ඔය රස්සාවට වැටිච්ච මිනිස්සු අනන්ත වත් ඇති....

    ReplyDelete
    Replies
    1. වැඩිහරියක් ඉන්නේ ඔහොම් අය තමා දිලිනි

      Delete
  3. බොසා එහෙනං ඇම ගානට දාල තියෙනව.
    එක එක මිනිස්සුංගෙන් කතා අහගන්නෙ නැතුව වැඩි ගානක් හම්බකරගන්න චාන්ස් එකක් ලැබිච්ච එකත් ලොකු දෙයක් තමයි. ඒ මදිවට බොඩිගාඩ් කෙනෙකුත් නොමිලේ.

    ReplyDelete
    Replies
    1. ඔය සමහර මිනිස්සුනම් කියන විදිහට ලෝකේ තියෙන හොඳම රස්සාව කියලා තමා හිතෙන්නේ ප්‍රසා .. කොහොමත් ඔය වගේ එවුන්, එතකොට දරුණු ඩිසේබල් මිනිස්සු හිඟාකන තැන්වල වටේට ඔය වගේ උන්ගේ මුර සංචාර ක්‍රියාත්මකයි

      Delete
    2. පෙර පිං පියාල ?

      Delete
  4. බොක්කටම වදින්න ලියල තියනවා. කියන්න බොහොදේ සිතට එනමුත්, එය දේශපාලනයට බර වීමට ඉඩ ඇති නිසා, දැනට හොඳයි කියා නවතිමි.

    බ්ලොග් වසන්තය සෑහෙන සේවයක් කරන පාටයි

    ReplyDelete
    Replies
    1. D.G.M. බස්සා සෑහෙන කාලෙකින් මේ පැත්තේ, ඉතිං කොමෙයි වාසදෙස , දේශපාලන වුනාට කමක් නැ, අදහස කියන්න. වසන්තයට කවි කියන්න තමා හදන්නේ ,තැනකුයි බස්සෝ

      Delete
  5. මේ වගේ දේවල් අනන්තවත් වෙනව ඇති. ලස්සනට ගැලපිලා යනවා. ලියන්න නම් දේ බොහොමයි. මේ කාලය නෙමේ නෙ.

    ReplyDelete
    Replies
    1. චාන්දිත් කාලෙකින්. කාලෝ අයන්තේ ද? කමක් නෑ කියන්න ඕකට තුන්කල් බලන්න ඕන නෑ ස්තුතියි චාන්දී

      Delete
  6. යකොඩෝ මේක කියෙව්වනේ බං එක හුස්මට...ලියවිලි හැකියාවට ජයවේවා....දිගටම ලියමු. වසන්තෙන් වැඩක් නෑ... දිගටම ලියමු.. සෙල්ලං නෑ .. අපූරුයි....

    ReplyDelete
    Replies
    1. හේ හේ තැනකුයි පඩංගු සජ්ජා... වසන්තය ඇතත් නැතත් මල් පිපේවි නැද්ද මචෝ

      Delete
    2. අන්න හරි..වසන්තෙටත් ලස්සන ලස්සන මල් පිපුනාවේ.. වසන්තෙට විතරක් නෙවෙයි හැමදාම මල් පිපෙන්න සලස්සමු... ජයවේවා...

      Delete
    3. පඩංගුව පැත්තෙත් එසේම වේවා .

      Delete
  7. කියන්න ලෝබයි උබනම් මාරයි මචන් ..........
    උබව තුනට දාපු එවුන්ගේ ඔලු පලන්න ඕනා එකට නැතුව

    ReplyDelete
    Replies
    1. යකෝ උඹව මරාගන කයි අර කොට අජියා

      Delete
    2. මැලේ රාල ... එකනේ බලපන්.... කොහෙද උඹ සම්මානයක් වත් දෙනවයි අපිට. ..මෙන්නෝ අජිත් අයියේ මූ උඹට බනිනෝ....

      Delete
    3. @ SLMR & අටම්

      ඔය කොටා කොටා කියල පෝස්ට් එකක් ඉවාන් ලියල තියෙන්නෙ ඇයි කියල තේරුනානෙ?

      Delete
    4. ප්‍රා- නැතුව නැතුව ..හෙක් හෙක්

      Delete
    5. @ ප්‍රා ජේ. හොද වෙලාවට උසාවි යන්නෙ නැත්තෙ, නැත්තම් මොන පොයින්ට් අල්ලන් කීදෙනෙක් හිරේ යවයිද දන්නෑ.

      Delete
    6. @ Mr. Smithy
      ඇත්තම කියනවනම් අපි ඉගනගන්න කලෙ පොයින්ට් අල්ලනවයි කිව්වෙ ඕවට නෙමෙයි. ඔය කැන්ටීන් එකේ, ස්ටෙයාර්කේස්වල, බෙන්ච්වල ආදී වාඩිවීසිටින හෝ උස ප්‍රමාණයන් වෙනස් ස්ථාන වල තමයි අපේ යාලුවො එවැනි නිරීක්ශන කටයුතුවල නිරත වුනේ

      Delete
    7. හැක හැක හැක හිල්මන්

      Delete
    8. මැලයා කියන එක ඇත්ත ඉවනයා තුනට දාපු එවුන්ගේ ඒ අංකේ කපන්න ඔිනේ

      Delete
    9. වල් හැත්ත. මුන්ට සම්මාන දෙන්න නෙවෙයි තියෙන්නේ මඩු වලිගෙන් තලන්න. මු අර බ්ලොග් සම්මාන දුන්න දවසේම රෑම හම්බන්තොට ගියේ අපට බොරු කියලා කාරෙකක් ගන්න කියල. වලව්වට හිඟා කන්න ගිහිල්ල.

      Delete
  8. සුපිරි. එක පිම්මෙ කියවල ඉවර කලා. මටත් කතාවක් ලියන්න ආසයි බං. හැමදාම මේ වගේ සුපිරිම විදිහට ලියන හැම පොස්ට් එකක්ම ලිය වේවා.
    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කුයි මනා ... පැතුම ඉස්තරම්.. උඹේ ගිටාර් පාඩම නැවත්වීම තහනම් හොඳේ :D

      Delete
    2. අඩෝ....ව් මේ මනා කතා ලිව්වට කමක් නෑ.හැබැයි ඔය ගිටාරේ පැත්තක තියනවා හෙම නෙවි. අරී.. :)

      Delete
  9. අපි අතරේ හිටපු උඹව අපි දකින්නේ දැන්...
    කතා ටික නියමයි...

    මොන හු යන්න උනත් තෝ ආපහු ඔළු කන්තෝරුව (Head Office) පැත්තේ යනවනම් පරිස්සමින් පළයන්...
    මම මෙව්වා කියන්න යනවට නෙමෙයි... සැමියාගේ කතාව අරුන් එකෙක් හරි දැක්කොත් බෝනස් ඉන්ක්‍රිමන්ට් එහෙම නෙමෙයි උඹේ ජොබත් ගහල යනවා මේ වගේ රහස් ජාලේ දානවා කියලා
    අනිවා ඩෙෆා...

    ReplyDelete
    Replies
    1. ශ්..ශ්... ශ්... ලොකුපුතා . ඔලු කන්තෝරුව පැත්තේ යන්නේ නෑ, ඕ.. යේස් . උඹ එහෙම කටේ කෙල බිඳක් බිම හෙලන්නේ නෑ ඔන්න.. මට හිනත් යනවා ඔයි .. උඹව ඉස්සර සයිට් එකේදී එහෙම හම්බවෙලා කතා කරන හැටි මතක් වෙනකොට අම්මප හිකිස්

      Delete
    2. මේ හුයන්න හරියන්නැ

      සිංහල බ්ලොග් ඉවරයි

      එකපැත්තකින් මාගාකරනය වෙනව
      අනිත්පැත්තෙන් නේවීකරනය වෙනව
      තවපැත්තකින් රාජ්‍යකරනය වෙනව
      තවපැත්තකින් පොල්මක්කාර වෙනව

      Delete
    3. \\එකපැත්තකින් මාගාකරනය වෙනව
      අනිත්පැත්තෙන් නේවීකරනය වෙනව// අපිටනම් ඕවා එකක්වත් අදාල නෑ..හැක්..

      Delete
    4. අනේ ඔව්... කල්‍යාණය නම් නෙමෙයි ඔන්න... (කැපාට පෙස්සමක් වත් ගහන්න ඕනෙ.)

      Delete
  10. යාචක සමාජයේ තියෙන එක පැත්තක් ලස්සනට පෙන්නලා තියෙනවා.... නියමයි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කැමරා මල්ලි, ජය .

      Delete
  11. ගිරිඋල්ලේ එකෙක් කිව්වේ.. අපේ ළඟ පාතක එකෙක් :D
    මේවා ඉතිං නොවෙන වැඩ නෙවෙයි

    ReplyDelete
    Replies
    1. අම්මප ඕයි. ගිරිඋල්ලේ කොට එකෙක් .. මල හතිලව්වයි... :D.

      Delete
    2. හරේ … දංකොටුව පන්නල ගිරිඋල්ල නාරම්මල කුලියාපිටිය :D

      ඔහොම යං … බුහ් හහ් හා

      Delete
    3. සැප වේවා,රාජ සම්පත් ලැබේවා.!
      හුටා දැන් ඉතින් මෙහෙත් රජවරු නැහැ නේ.

      Delete
    4. මට මේක කියන්ඩත් ලැජ්ජයි ........කුලියාපිටිය කියුවට කුලියාපිටියම නෙමෙයි .........කුලියාපිටිය දල්ලෙ ...හෙන ඩොටේ

      Delete
    5. ඒකත් හරියට මම පොල් අක්කර තුනට රැවටිලා කසාද බැන්දා වගේ ඇයි යකෝ කුලියාපිටියේ පොල් අක්කර තුනක් කිව්වාම කොච්චර වටිනවද? කුලියාපිටියේ කිව්වට ඩෝටේ පෝල් වලවල්වල ගෙබ්බෝ කෑ ගහනවා අක්කරේ පන්දාහටවත් දෙන්න බෑ

      Delete
  12. නියමයි හලෝ .. සුපිරි

    ReplyDelete
  13. නියමයි බං.. මට මේක කියවන් එද්දී මතක් වුනේ ඒ දවස් වල පොඩි එවුන් උස්සන් ගිහින් කරවල වේලන්න ගන්නවා කියලා අහපු කතාව.. මේකත් අන්න ඒ වගේ.. එක පැත්තකින් බැළුවොත් මිනිස් ජාවාරමක්..

    නියමයි බං.. උඹට මේ වගේ ප්ලොට් හොදට අහු වෙනවා.. සුපිරියි..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්... තැන්කුයි වේවා. මිනිස්සු අස්සෙම ජීවත් වෙනකොට හීනෙකින්වත් හිතන්න බැරි කතා ඇහෙනවා බං

      Delete
  14. කියන්න වදන් නෑ ලොක්කා....සුපිරි එකෙත් හොඳ එක...ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. තැන්කුයි වේවා සමීර . ජයම වේවා

      Delete
  15. ඔය මාෆියාව ඇතුලෙ නොවෙන දෙයක් නෑ. මේවා ග්‍රහණය කරගන්න එකයි වටින්නෙ. දැන්වත් දිගටම ලියමු නේද?

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත, හැබැයි ලිව්වට මමනම් කියවන්නේ නෑ ඔය උඹ ලියන වලත්ත කවි..
      පැල්කවි
      පාරුකවි
      කරත්ත කවි
      වලත්ත කවි

      හැක හැක හැක අහක්

      Delete
  16. අහිංසක මිනිස්සුන්ගේ ජීවිත.......... මචං උඹට මේ අත්දැකීම් කෝටි ගානක් වියදම් කරලාවත් හම්බුකරගන්න පුළුවන් දේවල් නෙමෙයි.. මේවා උපාධි 100කට වඩා වටිනවා මචං.. මේක තමයි ලෝකය... මේක තමයි ජීවිතය..... ඉවා අනේ නමස්කාරය උඹට

    ReplyDelete
    Replies
    1. කුරුට්ටෝ තැන්කුයි වේවා .ජීවිතෙන් ඉගෙන ගන්න දේවල් ඉස්කෝලෙන් ඉගන ගන්න බෑ බං... එක සහතික ඇත්ත.

      Delete
    2. //මේවා උපාධි 100කට වඩා වටිනවා මචං.. //
      ඇයි සම්මාන කෝටියකටත් වඩා වටිනවා හුහ් :P

      Delete
  17. ඉවාන්ගෙ ග්‍රහමාරුවක් වෙලා වගේ! එලස්!!

    මම දකින අපූරුම දේ තමයි උඹ මේ කතාවලදි ග්‍රහණය කරගන්න විවිධාකාර අඳුරු අහුමුලු. මේවා බොළඳ ෆැන්ටසිමය කතා නෙමෙයි අර බස්සි කියන හොල්මන ලියන එව්වා වගේ. ගෙන්දගම් පොළවේ පය ගහපු මනුස්සයෙක්, ඒ පොළව පිච්චෙන රස්නෙ අකුරු හරහා අපේ හදවත්වලට සම්ප්‍රේෂණය කරන මහ දරුණු කතාවක්.

    මේ වගේ මිනිස්සු ගැන කවි ලියන එකෙක් ඉන්නවා මම ඒ කවි හඳුන්වන්නෙ "මාරාන්තික කවි" කියලා. ඉතින් උඹ ලියන මේ කෙටිකතාත් "මාරාන්තිකයි". හදවත් උණුවෙන එක මාරාන්තිකයි තමයි. නැද්ද?

    ReplyDelete
    Replies
    1. මං මේ කේලමක් හෙම කියනව කියල හිතන්න එපා නෝනෙ.
      ඉවාන්ට කොටා කොටා vertically-challenged obsession එකක් තියන එක හරි මදි නේද?

      කවුරුවත් කොට අය අපි දන්නෙත් නෑ. ඒත් මේ මෑන්ට ඕක අත අරින්නත් බෑ

      Delete
    2. බස්සි- උඹේ කමෙන්ටුවත් මාරාන්තික කමෙන්ටුවක්. උඹ හරි ග්‍රහයෙක් මාරුවීගෙන තමයි යන්නේ, මාරු වුනාම බලමු. කවුද බං ඒ කවි කාරයා , හදවත් උණු වෙන එක අති මාරාන්තිකයි. අනිවා. ෆැන්ටසි කතා කියන්න එපා. උඹේ ඒ සැහැල්ලු ෆැන්ටසි තියරියෙන් දෙන පණිවිඩේ අපි මේ තටමලා තටමලා කියන දේට වඩා ප්‍රභලයි මචෝ .

      ප්‍රා- මට කොටා කියන්න... එව්වා හඳේ, අපිමේ උස නැතුව නෙවෙයි, උස පෙන්නන්නේ නැතුව ඉන්නේ නැද්ද බස්සි.

      Delete
    3. //ප්‍රා- මට කොටා කියන්න... එව්වා හඳේ, අපිමේ උස නැතුව නෙවෙයි, උස පෙන්නන්නේ නැතුව ඉන්නේ නැද්ද බස්සි. //

      අනේ මගේ කට.

      Delete
  18. දේශපාලන බලයත් එක්ක කරන වැඩ තමා ඕවා.....
    යහපාලනයත් එක්ක වැඩි වෙයිද මන්දා.....
    කතාව නම් පට්ට ම පට්ට...

    ReplyDelete
    Replies
    1. දේශපාලන බලය විහිදෙන්නේ නැති ඉසව්වක් නෑ මේ රටේ. අනිවා තැන්කුයි රූපේ

      Delete
  19. ගොඩක් කාළෙකින් ආයේ ට්‍රැක් එකට වැටිලා.. මිනිස්සුන්ට හොඳ නිර්මාන කරන්න, නිදහස් වාතවරණයක්, පරිසරයක් ඕන වෙනවා කියන එක බොරු නෙමෙයි.. පට්ට රහයි.. ඒත් අවසාන හරිය ඕන නෑ.. අර කාසල් එක ගාව හිඟා කන හැටි කියලා දෙන තැනින් නැවත්තුවා නම් හරි..

    ඒ වගේම එන්ඩ් එකේ රුපියල් 10 මදි.. අඩු ගානේ 50 ක් වත් උනා නම්..

    ReplyDelete
    Replies
    1. තැන්කුයි මාතේ... නිදහස් වාතාවරණයක්, පරිසරයක් ඕන වෙනවා එක ඇත්ත.

      රුපියල් දහයේ කතාව නම් මදි තමයි , එත් ටලන් ගාලා සද්දේ එන්න රුපියල් පනහක් සීයක් දාලා බැරි නිසයි දහය වුනේ ඒක. අර කිව්වා වගේ ලෙසන් එකෙන් පස්සේ කතාව නවත්තුවානම් හරි තමයි

      Delete
    2. දැන් 10 කාසිත් තියෙනවද......ටලන් ගාන ......

      Delete
  20. මේ වගෙ අත්දැකීම් ඕන තරම් තියෙනවා.ඒත් ඕවා රහට කියන්නෙ කොහොමද?උඹ ගැන ඉරිසියා හිතුනා ඉවානෝ.මරු

    ReplyDelete
    Replies
    1. නිෂ්මා වගේ පොරකට ඉරිසියා හිතුනා කියන්නේ මට ඉතිං සෑහෙන සන්තෝසයි . තැන්කුයි වේවා මචෝ

      Delete
  21. හොඳ ප්‍රත්තුතයක්. ඒ වගේම කතාව හරිම අජුත විදියට සිත්ගන්නාසුලුයි. ( මක් කිව්වා? ඔව් හලෝ... කතාවේ අජුත තැන් උනත් ලියල තියෙනවා ආයේ නැහැ අමුවෙන්ම. ඒ හින්ද කතාවේ ඔරිමජිනල් ගතිය පේනවා.)

    ඉවාන්.... මේ වගේ දෙයක් ගැන මමත් ලියන්න තෙපරබානවා. කෝ බන් ලියාගන්න බැහැනේ. මට ලියන්න බැහැ නෙවෙයි හලෝ, මගේ ටැලන්ට් එක තමයි එලම.. මම කිව්වේ වෙලාව නැහැ කියල.

    සම්මානේ තියෙන හොඳේ , පෙට්‍රෝල් ගහපු පුසා වගේ ඉවාන් ලියන්න අරගෙන තියෙන එකයි. ඔහොම ගියොත් පුතෝ අලුත් කැටගරියක් දාල උඹට ඒකෙන් සම්මානයක් දෙයි. හික්...

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක උනා. මට නම් මතක් උනේ Slum Dog Milliner

      Delete
    2. අජුත ගතිය එන්නේ ස්වාභාවිකම බං. ඔය මිනිස්සු කතා කරන හැසිරෙන විදිහ තමා ඔය. ඕක සංවර කරන්න ගියානං කතාව නිකන් ගොම හැලියක් වෙනවා . නික සමහර මිනිස්සු ඉන්නවා . මොකක් හරි වැඩක් කරන්න කිව්වම , " මේක කරන්න කිව්වොත් කනකටවත් නොගන්න, ඒ වගේම ඒ මනුස්ස්යටම " කරපිය ....ගේ පුතා කිව්වම " 200% ක් හොඳට කරන , ඔය රස්සාවේ රළු ගතියත් ඕකට හේතුවක්.

      උඹ එහෙනම් මට පුසා කිව්වා , හොඳයි බලාගමු ...

      Delete
    3. පූසා නෙමෙයි බං, ගෙම්බා ගෙම්බා

      Delete
  22. දුමිගේ පෝස්ට් එකත් එක්ක ආයේ ඇවිත් කියෙවුවා බන්,, ඔන්න අපේ ඉවාන් අයියා .. කතාව නියමයි,, ආයේ මාසෙකින් නෙමේ ඊලග එක හොඳේ

    ReplyDelete
    Replies
    1. හැක් ඇඩෝව් , උඹට මම කියපුවා උඹ ආපහු මටම කියන්න පටන් අරන් දුප් යන්න .... තැන්කිව් හොඳේ

      Delete
  23. කතාව ලස්සනයි බන් .. උඹේ ලිවිල්ලත් වෙනද වගේම මරු ... මේව කියවනකොට මට හිතෙන්නේ මම ඉන්නේ ටිකක් විතර ෆැන්ටසි ලෝකෙක කියල .. මොකද මට මේ විදියේ චරිත හම්බ වෙන්නෙම නෑ ... මග තොටේදී දකින මිනිස්සුන් ගේ ඇතුලාන්තය දැන ගන්න බෑනේ .. මේ වගේ කතා වලින් ඒ මිනිස්සුන්ගේ ජීවිතය පේනවා . අපි මේ කරන රස්සාවල තියෙන නීරස ගතියත් අපිට දැනෙනවා .. අනිත් අතින් ඉතින් අපි වගේ කම්මැලි මනොවිකාර වෙච්ච මිනිස්සු ඔක්කොටොම වැඩිය අසරණයි කියලත් හිතෙනවා හෙහ් හෙහ් ...

    ReplyDelete
    Replies
    1. සමහර රස්සා හරිම smooth , but not interesting - construction කියන්නේ හරිම රළු රස්සාවක් ඒත් interesting. සමහර වෙලාවට එපා වෙනවා . එත් ඒ තුලින් ලබන පන්නරය ජීවිතේට වටිනවා. ජීවිතේ යම් කාලෙකදි අපි හැමෝම මොකක් හරි ඔහේ දුවන ට්‍රැක් එකකට වැටෙනවා. ඊට පස්සේ ඔහේ ඒක දිගේ දුවදුවා ඉන්නවා. ඔක් තමා ජීවිතේ ... ස්තුතියි පැතුමෝ

      Delete
  24. ගෙදර හිටියේ නැහැ මම. මේ දවස්වල මහා ව්‍යාපෘතියකට අතගහලා ඉන්නේ. පස්සේ කියන්නම්. බොරුකියන්න ඕනේ නැහැ. උඩින් පල්ලෙන් කියෙව්වේ. කමෙන්ට් හැම එකකින්ම වගේ අගය කර තිබෙන නිසා හොඳ ලිපියක් බව කියන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. උඩින් පල්ලෙන් හරි කමක් නෑ කියෙව්වනේ, ඒ මදැයි. තැන්කිව් වේවා විචාරක මාමේ. මේ අවුරුදු කටේ බ්ලොග් බලන්න ගිහින් විචාරක නැන්දා ටොකු අනියි ඔන්න හැක

      Delete
  25. ඉවාන් අන්නේ නාන් එන්නා සොල්ලේ .....සුපිරිකිරි .ඇ බන් පත්තරයා ඔච්චරම කොටද ? හැක්

    මොනවට මේ ලෝකෙට මං ආවද
    මොකට ගෙනාවද මං දන්නෙ නෑ
    ගෙනාපු අය මා අඳුණන්නෙත් නෑ
    විස්වාසයෙ මල් පීදෙන්නෙ නෑ

    ඉරට වඩා හ‍ඳෙ කිසිම හොඳක් නෑ
    හඳ එළියට මම රැවටෙන්නෙ නෑ
    ඉරට වඩා හ‍ඳෙ කිසිම හොඳක් නෑ
    හඳ එළියට මම රැවටෙන්නෙ නෑ
    මං ආයෙත් මෙහේ එන්නෙ නෑ
    විස්වාසය මං මෙහෙ පිළිගන්නෙ නෑ
    මං ආයෙත් මෙහෙ එන්නෙ නෑ

    ගායනය, සංගීතය, ගී පද - අජිත් කුමාරසිරි

    ReplyDelete
    Replies
    1. ඔන්න ටිපිකල් සිංදු ඇනෝ. ස්තුති වේවා මචෝ. උඹ දැන් අවුරුද්දට ගමේ ගිහින් වගේ

      Delete
  26. ඉවාන් මේ දවස්වල ලියන්නෙම මේ මාර්ග සංවර්ධන කතා නේද?මුල හරිය හොඳටම හොඳයි හැබැයි කතානායකයා ඔය හිඟාකන්න යවන්න තරම් කොටෙක් කියල කියවන අපේ හිතට වදින්නෙ නෑ.මම හිතුවෙ පොරව මැර කල්ලියකට සැට් කරන්න ගෙනියනව කියලයි.බොස් කොටාට අනුශාසනාව කරන තැනින් කතාව ඉවර කළා නං මීට වඩා හොඳයි කියල මම හිතනවා.

    ReplyDelete
    Replies
    1. මාර්ග සංවර්ධන කතාම නෙවෙයි , මට ඉහින් ලේසියෙන් යන්න පුළුවන් ලයින් එකනේ මේක. කොටා ඔය තරම් කොතෙක් බව කතාවෙන් හැගෙන්නේ නෑ. කියපුඑක ගැන මම මේ හිතන්නේ. පොඩි අවුලක් තියෙනවා තමයි , තැනකුයි වේවා හැලපයියේ

      Delete
  27. දැන් දන්නවා කට්ටිය 'කොටා' කියන්නේ කාටද කියලා.:P

    මුල ටික කියවනකොට හිතේ ඇඳුනු චිත්ත රූප කියලා වැඩක් නෑ. හරියට අපිත් එතන ඉන්නවා වගේ. අනිත්ම හරිය හින්දි ෆිල්ම් එකක් මතක් කරනවා. ලඟදි දැක්ක ඔයාගේ හොඳම පෝස්ට් එක.

    කමෙන්ට්ස් දැක්කම අර කතාව ලීව එක්කෙනාමද මේ කමෙන්ට් කලේ කියලා හිතෙනවා...:P

    ඔයා ඇත්තටම හිනාවෙන්නේ ගෙම්බෙක් වගේලුද?:D

    ReplyDelete
    Replies
    1. 180 ට විතර පාගලා ගිහිල්ලා තාර පාරක බ්‍රේක් කරාම එන සද්දේ තියෙන්නේ මිස්.. ආං එමමයි ඉවාන් හිනා වෙද්දි .. බොරුනං ඉවානයට හෙන ගහන්න ඕනැ . ඕ යේස්

      Delete
    2. පත්තරයගේ කතාව සහතික ඇත්ත, බොරු නම් ඉවානයට ආපහු හෙන ගහන්න ඕනේ.....!!!!

      Delete
    3. ඒ තාරපාරෙ කිරි සුදින් බැබලෙන තනි ඉර වගේ තමයි හිනාව පේන්නෙත්. අනන්තයට වඩා පොඩ්ඩක් දිග පලල අඩුයි මගෙ හිතේ. වයිපර් එකක් වුනත් හයිකරන්න පුලුවන්
      හෙන කොහොමවුනත් විදුලි කොටනව වගේ . හෙඩ් ලයිට් දැම්මවගේ.

      Delete
    4. වයින් රෙඩ් VEZEL එකක හෙඩ් ලයිට් දැම්ම වගේ .… නැද්ද ප්‍රා :D

      Delete
    5. පොඩ්ඩි, කාලෙකින් ඉතින් කොහොමද ? , කමෙන්ට් කල එක්කෙනාමු ලිව්වෙත් :),

      මම හිනාවෙනකොට ඔයා වගේමයි , බොරුනම් පයා අපු වෙලාවක අපි මුනට මුණ බලාගෙන හිනාවෙලා බලමුකෝ :D



      පත්තරේ @ ප්‍රා - මගේ හිනාවෙන් රටක් ජාතියක් සුවපත් වේ, නැද්ද හොඳයි ?

      Delete
    6. වයින් රෙඩ් VEZEL එකෙන් බැහැල යතුර කරකව කරකවා පොන්ඩ් එක මැද්දෙ පාලමෙන් එගොඩවෙලා යනකොට කාටද ආඩම්බර

      Delete
  28. ඒ වැඩේ හෙන ලාබයි. ඇඳුම් ගන්න සල්ලි යන්නෙත් නෑ. කෑමත් නිකං, බස් එකක ගියත් නිකං, හම්බෙන සල්ලි එහෙම්මම ඉතුරුයි

    ReplyDelete
    Replies
    1. ලාබයි කියන්නේ , ඒ වැඩේ පට්ටම ලාබයි. එකනේ ඔය මිනිස්සුන්ට තුවෙලා කන්න දීලා කොහෙට හරි ගිහින් දැම්මත් ඉන්නේ නැත්තේ , අනික ඔය මාෆියාව .

      Delete
  29. එකෙන්ම ඉවාන් අයියෙ ලියවිල්ල නම් සුපිරි... මේ පාර පඩිය අතට ගත්තම මටත් හිතුනා හැබැයි හිඟා කෑව නම් හොඳයි කියල...

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා ගන අඳුර. පඩිය අතට ගත්තම් ඔහොම නොහිතෙන එකෙක් හොයාගනින් පුළුවන් නම් , ඔන්න් ඕක තමා ජීවිතේ හැටි

      Delete
  30. ඕක පරම්පරාගත රස්සාවක ... ගාල්ලෙ දන්න එකෙක් ඉන්නව ඌ කොලබ ගිහින් කරන්නෙ ඔක .. ඌ ගමේ පදිනව පල්සර් 135 එකක් ..
    කකුලක් නැ මෙහේ ඉන්න කොට ඉන්නව ක්ලීන් සූට් ..
    උගෙන් ඉන්න තැන ඇහුවාම කියන්නෙ කොලබ ... " ඉතිං බං අපි කවදාවත් උබව දැකල නෑනෙ ... "
    එතකොට උගේ උත්තරෙත් ..
    " හැක හැක හැක "

    ReplyDelete
    Replies
    1. ඔය වගේ ඉන්න පොරවල් දෙතුන් දෙනක් මාත් දන්නවා මචං. මොකද උන් ගමෙන් ඈතට ගිහින් හොඳ ගානක් හම්බකරගෙන එනවා, සල්ලි තියෙනවනම් කවුරුත් හම්බවෙච්ච් විදිහ හොයන්නේ නෑනේ අද ?ඕන සල්ලි විතරයි

      Delete
  31. කාලෙකට පස්සේ උඹෙන් සැහීමකට පත්වෙන්න පුළුවන් විදියේ කතාවක්.
    හැබැයි මේක නෙමේ පුතෝ උඹේ උපරිමය.අර හැලපයියා කිව්වා කතාව ඇත්ත.මු එතරම් කොටෙක් කියලා දැනෙන්නේ නැහැ.
    උඹ කාටවත් කියන්න එපා මට හිතුනේ හිගන්නා කොටාව සෙට් කරන්න ගියේ කොළුකාරයෙක්ට කියලායි.

    ReplyDelete
    Replies
    1. කොටා ගැන විස්තර වුනා මදි වගේ නේ .
      මම නම් කාටවත් කිව්වේ නෑ ඔන්න උඹ හිතපු දේ, හැක හැක හැක

      Delete
  32. අත පය දිග හැර ලියන ඉවාන් . සයිට්වල හම්බවෙන නානාප්‍රකාර චරිත වලට කිඳා බැහැලා ඒ අත්දැකීම් ප්‍රතිනිර්මාණය කරන්න උඹට හොඳ හැකියාවක් තියෙනවා . එහෙනම් අවුරුදු ජය වේවා !

    ReplyDelete
    Replies
    1. හේ හේ තැනකුයි තිලක සිතට , එහෙනම් ජයෙන් ජයම වේවා මේ අවුරුද්දේ ?

      Delete
  33. මේ හැම අකුරකම උඹේ ජීවිතේ කොහේ හරි ටච් වෙච්ච අත්දැකීමක් තියෙනවා කියල හිතෙනවා. හරිම ආසාවෙන් කියවගෙන ආවා. ඊලඟ හමුවීම තෙක් නොඉවසිල්ලෙන් ඉන්නවා. විශිෂ්ඨයි...

    ReplyDelete
    Replies
    1. මනෝෂ්- ජීවිතේ බොහෝ තැන තියෙනවා ටච් වෙච්ච මේ විදිහට . එහෙනම් ඉක්ම්නින්ම් ආපහු හමු වෙමු, ස්තුතියි උඹට .

      Delete
  34. මේ හැම අකුරකම උඹේ ජීවිතේ කොහේ හරි ටච් වෙච්ච අත්දැකීමක් තියෙනවා කියල හිතෙනවා. හරිම ආසාවෙන් කියවගෙන ආවා. ඊලඟ හමුවීම තෙක් නොඉවසිල්ලෙන් ඉන්නවා. විශිෂ්ඨයි...

    ReplyDelete
  35. දෙවියනේ !! මිනිස්සු කොච්චර දුක් විදිනවා ද ජිවිතේ ගැට ගහා ගන්න..

    ඒකට අපි කොච්චර බොරු දේවල් වලට සල්ලි නාස්ති කරනවා ද :(

    රිදෙන්නම ලියලා අයියේ !!! ජය

    ReplyDelete
    Replies
    1. මොනරි කාලෙකින්, එක ඇත්ත නංගි සමහර වෙලාවට මිනිස්සු නාස්ති කරන හැටි දැක්කම පුදුම හිතෙනවා , ස්තියි වේවා

      Delete
  36. කාලෙකට පස්සෙ උඹෙන් නියම කතාවක්. වෙන්දට අපි බනිනවනෙ කොමන් ප්ලොට් එකක් කියල. මේ පාර සෑහෙන දුරට ඒ අභියෝගය දිනල තියෙනව.

    ඇයි අර වෑන් එක ගොම කොළපාට කිව්වෙ?

    අනික මෙච්චර ලස්සනට ගලාගෙන ආ කතාව ඉවර කරපු අන්තිම කෑල්ල තව ටිකක් හදන්න උඹට බැරි නෑ.

    ඒ සුළු දේවල් නොසලකා හැරියත්, මුලින් කිව්ව වගේ මේක මම කැමති සහ උඹෙන් කලකට පස්සෙ ආ හොඳම හොඳ කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඉන්දික - කාලෙකින් පොඩ්ඩක් තිතන්න , ලියන්න නිදහසක් ලැබුනා, බලමු, අඩුපාඩු හදාගෙන ඊළඟ එකට වත් සෙට්වෙන්න, උඹේ අර කතාව ඕවර කරපන් කසාය වගේ පොඩ්ඩ පොඩ්ඩ දාන්නේ නැතුව . තැනකුයි වේවා සිංහයා (කුපාඩි) :D

      Delete
  37. විශිෂ්ටයි ඉවාන් අය්යේ .. මේ කතා කියවද්දී ආයේ ලියන්න හිතෙනවා ........

    ReplyDelete
    Replies
    1. හංසි මොකෝ ඇත්තටම පේන්න නැත්තේ කාලෙකින්. මම එත් බැලුව මොකෝ ලියන එක නවත්ත්ලාද ලිය;ආ . එහෙනම් හිතිච්ච් වෙලාවෙම ආපහු පටන් ගනිමු ලියන එක

      Delete
  38. මේකට මං දාපු කමෙන්ට් එක යකා කාලා. ආයෙ කොටන්න බෑ කම්මැලියි.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ. මම මේ තාම ඒ කොමෙන්ට් එක හොයනවා :P

      Delete
  39. මට නම් මේ කතාවේ කියන්න කිසිම වරදක් නෑ. පටන්ගන්නකොටම නියම ජුගුප්සාවක් ඇති කරලා තියෙනවා. මේක බ්ලොග් ලෝකෙට ගැලපුනාට කවදාහරි පොතක හරි පත්තරේක හරි පළකරන්න වුනොත් අර කුණු හබ්බ ටිකට තරු දාන්න විතරයි තියෙන්නේ නේද?

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා අවුල , පත්තර වලට අපිට හිතෙන හැම එකක්ම ලියන්න බෑනේ . තරු වල පිහිට තමයි එතකොට . ස්තුතියි ඩුඩ්

      Delete
  40. ශර්ලොක් හොල්ම්ස් කතාවක් මතක් උනා විරූපී හිඟන්නෙක් ගැන හොයන.. අන්තිමට ඉවර වෙන හරියේ බර මදි.. කතා තේමාවනම් සුපිරියි මචෝ.. කාලෙකට පස්සේ 'ඉවාන් පවුලූශා' කියෙව්ව.. පාන්දර දෙකත් පහුවෙනකම් ඇහැරගෙන ඉඳල කියෙව්වත් පරණ අවුරුද්දටම ඇති.. අළුත් අවුරුද්දත් ජය වේවා එහෙනම්..

    ReplyDelete
    Replies
    1. අර ෂර්ලොක් හෝම්ස් ගංජා ගහන පොත එකකට ගිහින් හොයන කතාව නේද? අන්තිමට හොයපු එකාමනේ හිඟන්නා . හි හි තැනකුයි වේවා මචෝ

      Delete
  41. මාත් එකෙන්ම ජොබ්1ට යනවා... මෙ කලෙ හටියට වෙන ඔප්ශන් එකක් නෑ.. එක්කො ප්‍රොජෙක්ට් පටන් ගන්න ඕනෙ.. නැත්තම් හිඟාකන්න ඕනෙ..
    සුපිරි ලියවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. හැබැයි ලබ්බෝ ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවට වඩා බොහොම සතුටින් ඉන්න පුළුවන් හිඟා කෑවොත් නම්

      Delete
  42. අවුරුදු පහුවෙලා මම ඔලුව දැම්මෙ. කථාවෙ අවසානය දක්වා කුතුහලය උපරිමව තියෙනවා. බොසාගෙ දේශනය වෙන තෙක් කොටාට මොකද වෙන්නෙ කියලා හිතාගන්න බැරි උනා. ‍බොහොම රහයි ගොයියො.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වේවා සිරෝ... ඔන්න් අදතමා රිප්ලයි දාන්න පුළුවන් වුනේ තරහා වෙන්න එපා

      Delete
  43. Ekaparak kiyawala therum ganna ayeth parak kiyeuwa. Supiri. :D

    Habai mata " meke prashnayak meka kata hari gahapu paharakda? " :o

    ReplyDelete
    Replies
    1. ඉවානය කලකට ඉහත මුහුණදුන් අවාසනාවට ඇත්ත සත්‍ය කතාවක් කියන්නේ :O

      Delete
    2. හුටා කාටවත් ගහපු පාරක් නෙවේ හොරෝ ..

      අඩෝ දිලිනියා දුප් යන්න

      Delete
  44. අර බෝතලේට කට තියලා බොන එකනම් මහම මහ අජූව වැඩක් තමා.. බත් ඇට පා කිරිමේන් උඹ එතන අජූව ගතිය ගානට වැඩි කළා... නියමයි..

    මට පොඩි අවුලකට තිබුනේ හිඟන රජත් හිඟා කෑමයි...ඒක ටිකක් විතර අභ්‍යවයි වගේ පෙනුනට නොවෙන්නේ නෑ කියන්නමත් බෑ තමා ඉතින්...

    ReplyDelete
    Replies
    1. නෑ එතන යන්නේ හිඟා කෑමට වඩා සර්ච් කිරිල්ලක්. ඇයි යකු නියමෙට දර්ශණ පථයට හසුකරගන්න පුළුවන් නේ.

      Delete
    2. ස්තුතියි සෙන්නා . රජා හිඟා කන තැන නැත්තෙමත් නෑ. හැබැයි උඹ කිව්වා වගේ වැඩිපුර තියෙන්නේ රජා හිඟා නොකන අවස්ථා තමා

      දිලිනි - ඔන්න මම මේක ලියද්දි උපකල්පනය කරපු එක දීලා කියලා තියෙනවා

      Delete
  45. එල ද බ්‍රා මචං..
    මගේ හිත පිරැනුා කතාව කියවලා දැන් ඉතිං ඔය බෝසාට අවනත වෙලා රස්සාව කරගෙන හිටපන්..අපිත් එන්නම්කෝ කාසල් එක ලගට උඔව බලලා යන්න..
    උඔගේ ලියවිල්ල අපේ ඡිවිත කාලයටම මතක හිටිනවා ඒ හැකියාව උඔට තියනවා.

    ReplyDelete
    Replies
    1. හුහ් බලලා යන්න එන්න එපා යකොව්. අඩු ගානේ රුපියල් පන් හය සීයක්වත් දාලා යන්න වරෙව්

      Delete
  46. kathawa apuruyi.mage sinhala font eka asthana gatha wi atha

    ReplyDelete
    Replies
    1. ආ එකට මොකෝ , ඔය තියෙන්නේ කමෙන්ට් එකක්

      Delete
  47. හැ පවුලුවා.............
    මොකද්ද බං මේ කොලේ ඈ ඕම කොරන්න එපා ඒම කොරන එක අන්තිම කැතයි කුජීතයි.............. ඒ කිව්වෙ ආයුබොවන්ඩ උඹ ලියනකොට ඔච්චර ලෝබ වෙන්න එපා මිනියෝ ලියන එක ටිකක් ලියාංකො වැඩියෙං ඉඳගෙන මොකෑ කිව්වොත් කතාවෙ මෙව්ව එක එනකොටම ඒක ඉවර වෙලා අන්න ඒකයි මම කියන්නෙ ඒම කොරන්ට නාකයි ඈ

    අනික් කාරනේ පොඩක් විතර මෙව්ව එකක් තියනව අර ලොක්ක හිඟා ඔක්කොම කාපු හරියෙ මොකෑ ඒක ඔයිට වඩා කරකෝල් දෙන්න තිබ්බ ඇඳන්වැටෙන්නම
    මක්ක උනත් සුපුරියි ඈ ඉඳගෙන ලියාංකො කාල වෙලාව තියන හැටියට හොට දාල යන්න එන්නං ඈ අන්න ඒකයි මම කියන්නෙ
    ජය වේවා..............

    ReplyDelete
    Replies
    1. අඩෝ අයින්ෂක පස්සියා ... උඹ දැක්ක කල්. හි හි හි උඹ ඕම කියනකොට ලජ්ජා හිතෙනවා බෝල .. අන්න එකයි මම කියන්නේ

      Delete
  48. ඉන්දියාවේ මේක ජයටම යන බිස්නස් එකක්, හොඳට ඉන්න අනාත ළමයින්ගේ අත පය පවා කඩනවා මුං හිඟමනේ යවන්න​. යතාර්තවත් ලිපියක්

    ReplyDelete
    Replies
    1. උන්මත්තක ඒකතාව අත්හ නේ අර ස්ලම් ඩෝග් මිලියනයර් ෆිල්ම් එකේ තියෙන්නෙත් එහෙම සීන් එකක් ගැන නේ

      Delete
  49. මේකේ ෆීඩ්ස් ටික මග ඇරිලා බොලව්.. ඔන්න අද ආපහු අල්ලගත්තා...
    ආපෝ හිඟන රස්සාව මතක් කරන්න එපා.. මම නම් එකෙක්ට සත පහක් දෙන්නේ නෑ.. දැන් උන් සීයට අනූ නවයක්ම ඕක කරන්නේ බිස්නස් එකට.

    ReplyDelete
    Replies
    1. ආ වෙල්කම් බැක් අඟහරුවා ... හැබැයි ඔය අතරේ ඇත්තටම අසරණ මිනිස්සුත් ඉන්නවා , එක තමයි ප්‍රශ්නේ

      Delete
  50. ලස්සනයි ඉවාන්.....හිඟන්නෝ දැන් අපිට වඩා පෝසත්.මිනිස්සුන්ගේ හොඳ හිත විකුණන් කන මිනිස්සු

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත වත්සලා, අපිතමයි හිඟන්නෝ දැන්.. ස්තුතියි

      Delete
  51. කථාව සහ ලිවීම නම් මරු. පොඩි කමෙන්ට් එකක් දාන්නම් අන්තර්ගත පණිවිඩය ගැන. අපි දෙනකොට හොඳ හිතින් දෙමු. ඒකට අපිට පින් ලැබෙනවා. ගන්නා පුද්ගලයා රැවටීමක් කරනවා නම් එයා අදින්නා දානා සිල් පදය කඩනවා. ඒකට එයාම ගෙවයි. අනික් කරුණ තමයි මේ වගේ බිස්නස් නිසා ඇත්තටම අහිංසක මිනිස්සුන්ට වෙන පාඩුව.

    ReplyDelete
    Replies
    1. Ian ස්තුතියි. ඔව් බොහොමයක් මිනිස්සු දෙනකොට හොඳ හිතින් දෙනවා. මොකද ගොඩක් අය හිතන්නේ නෑ මෙයාලා බොරුවක් කියයි කියලා. නමුත් මිනිස්සුන්ගේ ඒ අහින්සක කමින් ප්‍රයෝජන අරගෙන මෙයාල බොරුව දිගටම ගෙනියනවා

      Delete
  52. උඔ හොදින්ද?
    අලුත් කතාවක් ලියපන්කෝ...
    ඇයි බං අපිට මෙහම කරන්නෙ

    ReplyDelete
  53. හොඳට ලියල තියෙනවා.දිගටම ලියපන් මචන්

    ReplyDelete
  54. පෝස්ට් ටික ඔක්කොම කියෙව්වා. මේ කතාවත් මරු.

    ReplyDelete
  55. කදිමයි. මේව දැක්කම මට ලියන එක නවත්වන්න හිතෙනව. හරිම ලස්සනට ලියලා :ඪ් හ්ම්ම්ම්ම්ම් 30.000 ක් නේ? මටත් හිතෙනවා ඔය මුතියන්ගනේ පැත්තෙ ඔය වගේ ජොබ් එකක් හොයා ගන්න. පෝයට ඒ පැත්තේ ආවොත් මාවත් බලන්න ඈ.

    නින්දට තැනක් නැහැ නෙව නිල් අහසයි වහල........ මගේ23
    කන්නට දෙයක් නැහැ අනෙ මගෙ දවසම මෙහෙම....... වගේ
    බොන්නට කඳුළු වත් නැහැ දුක අපටම විතර........... වගේ
    යන්නට එපා මහතුනි දුක දැක නැති කෙනෙකු........ වගේ
    ..
    දුන්දේ සුවඳ වෙයි කෑ දේ ගඳයි....... ඔබේ
    නින්දේ ඉන්න අයටත් බුදුසරණ ලැබේ
    කන්දේ දෙවියො රැකදෙයි දුන් අයට සබේ
    සින්දේ ඇයිද මනුදම හදෙ අනගි ගැබේ

    ReplyDelete
    Replies
    1. කවිටික නම් මාරු හංසමාලි , ඔය ටික තාලෙට කියන්න පුළුවන් නම් මුතියන්ගනේ ළඟ හිටියම ලැබ තමයි , හැබැයි ඔතන පරම්පරාවෙන් අරක්ගත්ත සෙට් එකක්ම ඉන්නවා , උන් නෙළයි වටකරගෙන . ඉස්සර නම් හැම පෝයටම පන්සල වහනකන් මුතියන්ගනේ තමයි .. හික්

      Delete
  56. අම්මප කොටාට හිගාකන්න සෙට් කරාද අන්තිමට 😲

    අපිව එකතැන කරකවනව කියල මෙහෙමත් ?

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]