Monday, February 29, 2016

ආයේ එන්න




මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසින් රචිත මලගිය ඇත්තෝ නවකතාවේ නොරිකෝ සං සහ දෙවෙන්දරා අතර ප්‍රේමය බොහෝ සාහිත්‍ය නිර්මාණ වලට වස්තුබීජයක් වූ බව නම් නොරහසකි .

නවකථාවේ මූලික අදහස අනාවරණය වන්නේ දෙවෙන්දොරා නම් සිංහල චිත්‍රකරුවාත් නොරිකො නම් ජපන් දැරියත් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධය මගිනි.

දෙවෙන්දොරා කලක් මහණවී සිට සිවුරු හැර ගිහි ජීවිතයට ඇතුල් වූ සිංහල කලාකරුවෙකි. ඔහු විදේශ රටවල් බොහෝ ගණනක සංචාරය කළ නමුත් තමා ගේ රුචියට ගැළපෙන සමාජයක් සොයා ගැනීමට නොහැකි වූ කෙනෙකි. අවසානයේ දී ඔහු ටික කලකට ජපන් රටට පැමිණ එහි පදිංචි වෙයි.



නොරිකො නම් තරුණිය ඉතාම සුකුමාර හැඟීම් ඇති, සිත් වශී කරන සුළු ගති පැවතුම්වලින් යුත්, තැනැත්තිය සමග ඔහු ප්‍රේමයෙන් වෙලෙන්නේ මේ පැමිණීමෙන් පසුය.

නොරිකො ප්‍රබල වින්දන ශක්තියක් ඇති චරිතයකි. දෙවෙන්දොරා කෙරෙහි ඈ තුළ පවතින්නේ දැඩි ප්‍රේමයකි . නොයෙක් අන්දමේ දුෂ්කරතා මධ්‍යයේ ඇගේ ප්‍රේමය නොවෙනස් ව අවසානය තෙක් ම පවතී.  නමුත් දෙවෙන්දොරා සහ නොරිකො අතර ඇතිවන සම්බන්ධය ජපන් රට සමාජය සලකන්නේ අවඥා සහගත ලෙසය


එහෙත් ඈ ඉතාම උසස්කොට අගය කරන අගේ නෑදෑයින් සහ මව් රට පවා තම පෙම්වතා වෙනුවෙන් කැපකිරීමට ඈ සූදානම්ය.

”එදා මතකද අපි ඉනොකෂිරා උයනට ගිය වේලෙ, අපි හිටිය නේද අර තමගවා ජෝසු කියන ඇල කාණුව ගාව? දසයි ඔසමු දිවිනසා ගත්ත තැන? ඒක බලලා යනකොට මතක ඇද්ද දන්නෙ නෑ පිටි පස්සෙ බිම වාඩිවෙලා හිටියා තරුණ ජෝඩුවක්. ඒ ගොල්ලො හිනාවෙවී මට පං පං කිව්වා. පං පං කියන්නෙ, යුද්ධ කාලෙ, හේවායන් එක්ක නරකට හැසුරුණු ගෑනුන්ටයි. මට හරියට දුක හිතුණ ඒක අහලා.”
(පිටු 57-58)


නොරිකො සමග ඇතිකරගත් සම්බන්ධය සතුටුදායක ලෙස අවසන්විය නොහැකි බව වටහා ගන්නා දෙවෙන්දොරා එයින් ගැළවීමට තෝකියෝ නුවර අතහැර කියෝතෝ නගරයට ගොස් එහි පදිංචිවෙයි. එසේම කියෝතෝ නගරයේදී දෙවෙන්දොරා, ගණිකාවක් සමග කායික සම්බන්ධතාවයක් ඇතිකර ගෙන නොරිකො කෙරෙහි ඇති ප්‍රේමය යටපත් කිරීමට තැත් කරයි.

”කල්යාමේදී මගේ සිතේ තැවුල නිවීයාවි යයි මම සිතුවෙමි. එහෙත් සිදුවූයේ ඊට ඉඳුරාම වෙනස් දෙයකි. දවසින් දවස මගේ සිතෙහි වූ සාංකාව වැඩිවීය. පෙරටත් වඩා මම නොරිකෝගේ සමාගම පැතුවෙමි. ඇය අමතක කර දැමිය නොහැකි බව එන්ට එන්ටම පෙනෙන්ට විය. කොයිවෙලාවකවත් මගේ සිතෙහි සන්සුන් බවක් නොවීය.”
(72 පි.) “

”එහෙත් ඈ මැවූ මායා දැල ටික ටික ඉරී ගියේය. මම ඊට ඇඟිල්ලෙන් ඇන ඕනෑකමින් සිදුරු කළෙමි. ඈ බලන්ට යෑමෙන් කවර සෙතක්දැ’යි මම සිතන්නට වීමි. වඩ වඩා සිහිවූයේ නොරිකොය. මම නිතැතින් මමෙවාකා නොරිකො සමග සසඳා බැලීමි. මමෙවාකාගේ පිටත්තරය මොළොක්ය. එහෙත් අභ්‍යන්තරයෙහි ඈ දැඩිය. නොරිකො හාත්පසින් වෙනස්ය. පිටත්තරයෙහි ඇගේ නොනැමෙන ගතියක් ඇත. එහෙත් ඇගේ අභ්‍යන්තරය මෘදුය.”
(76 පි.)



*******

මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ දෙවෙන්දරාට නොරිකෝ අමතක කිරීමට කෙතරම් උත්සාහ කලත් නොහැකි වූ බවය . කතාවේ අවසානය කෙසේ වුවත් දෙවෙන්දරා නොරිකෝ වෙත සිතින් ආසක්ත වීම සහ දෙවෙන්දරාගේ මනස නොරිකෝ ඉල්ලා සිටින ඒ මානසික ඝට්ටනය අලංකාරව ගීතයකට නැගුනු අවස්ථාවකි මේ .

ගීතය පුරාවටම සාම්ප්‍රදායික ජපන් සංගීත ඛණ්ඩ ඇසුරෙන් නිර්මිත සරල එහෙත් ප්‍රබල වූ සංගීතය නිසා ගීතයත් නවකතාව මෙන්ම ජපාන පරිසරය තුල අපව ජීවත් කරවයි . සංගීතය ගීතයට පමණක් නොව නවකතවටද සාධාරණයක් ඉටුකොට ඇති බව මගේ හැගීමයි .

ගීතයේ ගායනය කලක් පුරාවට ප්‍රේමවන්තයින් ගේ එකම හඬ වූ දයාන් විතාරණ ගෙනි .

ගීතයේ පද රචනය බ්ලොග් රචකයින් සහ බ්ලොග් පාඨකයින් වන අපට සුවිශේෂීවෙයි . ඒ මක් නිසාද යත් මේ පදවැල් ජීවය ලබන්නේ බ්ලොග් රචිකාවියක් ගීත රචිකාවියක් සහ කතුවරියක් ද වූ ආලවන්ත හුදකලාවේ දිනිති දීපිකා සහෝදරිය වෙතින් වීම නිසයි .

මා මුලින් උපුටා දැක්වූ ඡේද වලින් ගම්‍ය වන දෙවෙන්දරා දෙලොවක් අතර අතරමං වී නොරිකෝ සං අමතක කිරීමේ අසාර්ථක උත්සාහය ගීතයේ පද වැල් අතර මොනවට නිරූපණය වෙයි . දෙවෙන්දරා මනසින් නැවත නොරිකොට කරන හඬගැසීම ඔහුගේ සිත පුරාවට දෝංකාර දෙයි .  ඒ නිසා නවකතාවටම ඔබින පද වැලක් නිර්මාණය වී තිබේ.

ඉතිං නිර්මාණකරණයේ නව ඉසව් සොයා යමින් අර්ථ පූර්ණ සහ රසයෙන් පරිපූර්ණ මෙවන් නිර්මාණ තවත් බිහි කරන්නට හැකියාව ලැබේවා ,අපේ උණුසුම් සුබ පැතුම් දිනිති

නොරිකෝ සං ආයේ එන්න 
සකුරා මල් සුවඳ දැනෙනවා 
සඳ විතරක් පාර කියනවා 
නුඹේ ඇසින් සඳ රැස් විහිදෙනවා 
නොරිකෝ සං  ආයේ එන්න 

හිම කබාය නෑ උණුසුම් 
නුඹේ උවන මට සැනසුම් 
පාර දිගේ මල් හැලිලා 
නුඹේ නමට අමතනවා //
නොරිකෝ සං ආයේ එන්න //

සකේ බින්දු බින්දු පිරුණ
බඳුන දෙකට බෙදාගන්න 
හිතේ පිරුණු ආදර කවි 
නුඹේ නමට යලි ගයන්න //
නොරිකෝ සං ආයේ එන්න //


ගායනය - දයාන් විතාරණ 
ගී පද - දිනිති දීපිකා 
සංගීතය - මහේෂ් විතාන





විශේෂ ස්තුතිය කතිකා සංවාද මණ්ඩපයට 



103 comments:

  1. සුබපැතුම් දිනිති.

    සටහනට ස්තුතියි.

    ReplyDelete
  2. දිගු ගමනක් යෑමට දිනිතිට සුභ පැතුම් !!!

    ReplyDelete
  3. සුබ පැතුම්...

    සිංදුව පස්සේ තමයි අහන්න වෙන්නේ...

    ReplyDelete
  4. කොච්චර ඇහුවත් ඔය සිංදුවේ පද මාලාව ලස්සන වෙන්නේ කවියකටයි. මට තාම හිතෙන්නේ මේක සිංදුවකට මෝරල මදි බවයි.

    ඒත් ඉතිං දිනිතියාගේ ජයග්‍රහණයට සුභ පතන්න ඕවා වැඩක් තියේයැ.. ආං දැං යුටියුබ් විඩියෝ දෙක තුනක්ම තියෙනවා ඔය සිංදුවට..

    ඈ බං ලව්පුසෝ.. උම දැං ක්සේත්‍ර කිහිපයකම ප්‍රමාණිකයෙක් නේද? හැක්. ඇයි ගිය පාර ක්‍රිඩා.

    ආ අපේ බබි ඔය පැත්තේ ආවොත් හොදට සලකහං හරිය

    ReplyDelete
    Replies
    1. ප්රාමානිකයෙක් ?? දේශා වගේ ඇසු පිරූ තැන් ඇති උතුමෙක් මෙහෙම කියද්දී කාටද ආඩම්බර

      කවුද බං උඹේ බබී ?? :O

      Delete
    2. /ප්‍රමාණිකයෙක් නේද?/

      කුණුහබ්බ කියන්න එපා ව.දේ.

      Delete
    3. ඇසු පිරු තැන් ඇති උතුමා...

      කදුලුත් පැන්නා යකෝ උපහාසයට.. හැක් හැක්.

      අපේ බබී වෙන කව්ද ඉතිං ඔමා බබි ඇරෙන්න..

      Delete
    4. උපහාස කලේ කවුද යකෝ . ඕකනේ උඹලට ගරු බුහුමන් දීල කතා කරන්නත් බෑනේ , ඈ ඕමා බබී එන්නේ නෑලු , එයා ප්‍රෙග්නන්ට් වෙලාලු . අන්න කන්න කැමති මොනවද ඇහුවම කිව්වා දේශව ඩෙවල් දාලා කන්න ආසයිලු. හැක හැක

      Delete
  5. ඔය කතාව තවම කියවලා නෑ.. ඉඩක් ලැබුනු විගසම කියවන්න ඕන...
    සුභ පැතුම් දිනිති.. තව දිගු ගමනක් යන්නට ඔබට හැකි වේවා!

    ReplyDelete
    Replies
    1. සුංදුවනම් සුපුරියි මචන්....

      Delete
    2. එහෙනං කතාව කියවන්න මුලින්

      Delete
  6. මළගිය ඇත්තෝ - මළවුන්ගේ අවුරුදු දා පොත් දෙකම මහා පාලුවකින්,හුදෙකලාවකින් පිරුණු පොත් දෙකක්.. ඒ වගේම පුදුමාකාර සිනමාත්මක ගතියකින් යුතු පොත් දෙකක්.දිනිති අක්කාගේ ගීයෙන් ඒ හුදෙකලාව සුන්දර ව ඉස්මතු කරල තියෙනවා.සුබ පැතුම් මගේ අක්කේ.. පුරුදු පරිදි ඔයාගේ නිර්මාණ අපේ හිත්වලට කතා කරනවා.. ඒ වගෙම ගීතය බෙදාගත්තට ඉවාන් අය්යට ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. //"මළගිය ඇත්තෝ - මළවුන්ගේ අවුරුදු දා පොත් දෙකම මහා පාලුවකින්,හුදෙකලාවකින් පිරුණු පොත් දෙකක්.. ඒ වගේම පුදුමාකාර සිනමාත්මක ගතියකින් යුතු පොත් දෙකක්."//
      නවකතාව ගැන මටත් ඔය ටික ඔය විදිහටම හිතුනා

      Delete
  7. Replies
    1. ඇති යන්තං සර සා මෙයින් ගියා...හෙක් හෙක්...!

      Delete
  8. සංගීතය නම් එළ, රූප රචනය හා කට හඬත් එළ... ඒත් පද වැල තව අලංකාර උනා නම් හොඳයි... ගීතමය බවක් නෑ... නිකං කතාවක් කියනව වගේ....

    මේ වගේම සරළ ගීතයක් නේ "ඔබ එන්න... ඔබ ඇවිත් යන්න එන්න.." කියන ගීතය.. නමුත් ඒකේ පදවල ගීතවත් බවක් තියෙනවා.."ආයේ එන්න" කියන එකේ ගීතවත් බවක් නෑ...

    බොරුවට වර්ණනා කරනවට වඩා මට දැණුන අඩු පාඩුව කියන්න ඕන කියලා හිතුවා... ඒක උපකාරයක් වෙයි මීට වඩා හොඳ දේවල් ලියන්න...

    ReplyDelete
    Replies
    1. මහේෂ්, ජපන් යුවතියන්ගේ ලී සෙරෙප්පු (ගෙටා) හඬ පාදකකරගෙන දයාන්ගේ ලයාන්විත හඬට උචිත තනුවක් නිර්මානය කිරීම ඔය මාත කියන අඩුව පිරිමහිනව කියලයි මට හිතුනේ.. ඒත්......\\බඳුන දෙකට බෙදාගන්න //...වැනි යෙදුමක් නොදා හිටියානම් තවත් සාර්ථක නිර්මානයක් වෙන්න තිබුනා කියලයි මට හිතුනේ...
      ජයවේවා...!

      Delete
    2. @ මාතා - රසවින්දනය සාපේක්ෂයි . එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන් , එකනේ අර දන්නෝ බුදුන්ගේ ගීතය කියපු විදිහ ගැන ලොකු සංවාදයක් ගියේ

      @ චෙෆ් - ජපන් සංගීත රටාව උපයෝගී කර ගැනීමෙන්ම ගීතයට නව ජීවයක් දෙනවා , ඒ කතාව හරි . සර්ව සම්පූර්ණ කලාවක් කොහෙවත් නෑනේ

      Delete
    3. ගීතය සෑහෙන හොඳයි... ඒත් හිට් වෙන එකක් නෑ.. දැන් ඉන්න උන් දන්න නොරිකෙක් නෑ නේ... ඕන නෙහාරා හරි පබා හරි ගැන ගීයක් ලිව්වා නම් නැගලා යයි...

      Delete
    4. //"ඕන නෙහාරා හරි පබා හරි ගැන ගීයක් ලිව්වා නම් නැගලා යයි"// +++++++++++++++++

      Delete
  9. දිනිතිට සුබ පැතුම්...
    සින්දුව නං ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. යා යා යා , ස්තුතියි ගිම්මි

      Delete
  10. පොත කියවලා සෑහෙන කල්... ඒත් ඒ පොතෙන් දැනෙන පාළුව ප්‍රතිනිර්මාණය කිරීම නම් ගොඩක් අපහසු දෙයක් කියලා මම හිතෙන්නේ... ජපන් සංගීතය මතක් කරවන සංගීතයක් තිබුණත්, ගීතයේ වේග රිද්මය අපි දන්න නොරිකො සංගෙයි දෙවෙන්දොරා සංගෙයි කතාව එක්ක ගලපගන්න අමාරුයි. හැබැයි සරල පද රචනයෙයි, හැඟීම් බර ගායනයෙයි ආකර්ෂණීය බවක් තියනවා...

    ReplyDelete
    Replies
    1. //"ඒ පොතෙන් දැනෙන පාළුව ප්‍රතිනිර්මාණය කිරීම නම් ගොඩක් අපහසු දෙයක් කියලා මම හිතෙන්නේ"// ඒ කතාව සහතික ඇත්ත

      Delete
  11. Replies
    1. දයාන්ටද? මහේෂ්ටද? දිනිතිටද?

      Delete
    2. @ඉවාන්...මම හිතන්නේ ඒ තුන්දෙනාටම නෙවී....උඹට...!

      Delete
    3. මට ඉතිං අනිවාර්යයෙන් සුබ පතන්න එපැයි

      Delete
  12. දිනිතිට සුබ පැතුම්...

    ඉවාන් කිව්වා වගේ මළගිය අත්තෝ නවකතාව බොහෝ නිර්මාණ වලට වස්තු බීජය වුවක්.. ඒ වගේම අපිව වෙනමම ලෝකෙකට අරගෙන යන පොතක්. ඉස්සර දවසක මළගිය ඇත්තෝ පොත ගැන මම ලියපු හැටි මතක් වුනා..

    http://littleflowerbuds.blogspot.com/2014/12/blog-post_18.html

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ඒ පෝස්ට් එකේ මම දාලා තියෙන කමෙන්ට් එක බලන්න , කතාව ඇත්ත නේ

      Delete
  13. දිනිතිට සුභ පැතුම් !!! තව තවත් මෙවැනි නිර්මාණ බිහි කරන්න ශක්තිය ලැබේවා !!!

    නොරිකෝ සන් ගැන පැරණි ගීතයක් ...

    සකුරා මල් චෙරි මල් හිනැහෙද්දී
    සීතල අතරින් ජපානයේ
    නොරිකෝ සංගේ නෙත් යුග පත්ලේ
    සොඳුරු වසන්තය රැඳී තියේ

    කබුකි රැඟුම් නෝ රැඟුම් බැලූවෙමු
    රඟ මඩලේ දී හැන්දෑවේ
    සකෙ මදිරා තොල ගෑ හැටි මතකයි
    අවන්හලක හිඳ රෑ යාමේ

    පූජි කන්ද හා සකුරා උළෙලයි
    අප ඔරු පැද ගිය ජල ධාරා
    සිහි වේ එනමුත් දෙවෙන්දොරාගෙන්
    නොරිකෝ සංහට සයොනාරා

    ගායනය හා සංගීතය : අතුල සෝමසිරි
    ගී පද - පේ‍්‍රමදාස ශී‍්‍ර අලවත්තගේ

    ReplyDelete
    Replies
    1. මේක මතකද

      ඔබ නාවොත් හෙට උදෑසන අරන්
      මට රැය විතරයි අයිති නොරිකොසං
      රැය හරිම දිගයි දෙවෙන්දරාසං
      මට එන්න හිතයි ඔබ සොයා උදෙන්

      මගේ කඳුළු බිඳු පෙමට පෙරලමින්
      ඔබ උන්නු දවස් මතකයිද කියන්
      ඒ අතීතයම හදවතේ ඉඳන් මට රිදවූ හැටි
      ඇවිත් කියන්නම් .......

      සිහිනයක් නැති අන්ධකාරයෙන්
      නෙතු පියාගන්න අවසරයි ඉතින්
      හෙට උදේ ඇවිත් හැම කඳුලම මං
      යලි ආදරයට පෙරලා දෙන්නම් .......

      කසුන් කල්හාර සමහ සහේලි රෝචනා

      Delete
    2. ඇයි මචෝ මේක ..මෑත කාලයේ අහපු ලස්සනම එකක් ...

      සුළං රොදක් සේ නොසිතූ මොහොතක
      මිදොරි අවන් හල පැද්දෙන දොර අතරින්
      දෙවෙන්දොරා සං අතරමංව ඔබ ආවා
      සුළං රොදක් සේ ඔබ ආවා
      දෙවෙන්දොරා සං අතරමංව ඔබ ආවා

      තතමි පැදුර මත දණින් රැඳී
      සියුමැලි යනගි රිකිල්ලක් සේ ඔබට නැමී
      එනමුදු හඳුනා ගනු බැරි වී ජීවිතයෙන්
      ජීවිතයෙන් පැන යන්නට ගිය දා
      නේබුරු දොඩම් බිකක් තොල රැඳ වූ
      මා සිහිවෙද කවදා

      ඉක්මනින්ම යළි ඒ නම්
      මළවුන්ගේ අවුරුදු දා
      මළගිය ඇත්තන් කැටුවම මා එහි යනවා
      තමබොචි සොහොන් බිමේ දී
      සොබකි මලක් අත රඳවා
      මළවුන්ගේ අවුරුදු දා
      යළි හමු වේවා සයොනරා

      පද රචනය - ස්වර්ණ ගුණවර්ධන
      සංගීතය - ප්‍රියන්ත ඩිරෙක්ස්
      ගායනය - අප්සරා ද සිල්වා

      Delete
    3. දෙවෙන්දොරා සං
      නිදන්න ළඟ මට ඉඩ තියන් ඉන්න
      මං දවසක එනවා...
      ඒ එනතුරු ඔබේ නමින් මං ජීවත්වෙනවා...

      ඔබත් සමග ගිය මඟ තොට
      නැතිවුණා ට ඔබ පෙර ලෙස
      මං තනිය ම යනවා - කෝපි අවන්හල් දුටුවම
      පිට පාරෙම එනවා

      ඔබේ සුවඳ තැවරීගෙන
      බිම වැතිරෙන සීතල හිම
      නෙතට කඳුළු දෙනවා
      කබුකි නැටුම් හල් දුටුවම
      දරන්න බැරි වෙනවා...

      ගායනය - නන්දා මාලනී
      ගී පද - රවී සිරිවර්ධන
      සංගීතය - රෝහණ වීරසිංහ

      Delete
    4. මෙන්ඩෝ බලපන්කො කිසිම සපෝර්ට් එකක් නෑනේ ... හැක්

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. සිඳුවා දාලාතියන අතුල සෝමසිරිගේ ගීතය 1970 දශකයේදී අපි නිතර ගායනා කළා. සරච්චන්ද්‍රගේ කතා දෙකම ඒ සින්දුවේ කැටිවෙලා තියනවා.

      සින්දුවෝ මේ සයිට් එකට වීඩියෝ දාන්න පුළුවන් කමෙන්ට් වලට. ඔය සින්දුව ඇති යූ ටියුබ් එකේ. හොයලා දාන්න මෙතනට.

      Delete
    7. මෙන්න ...
      https://www.youtube.com/watch?v=-lv3IqGaY8I

      Delete
    8. පට්ට නේ සිංදුවෝ ,තැන්කුයි ඈ

      Delete
    9. පට්ට නේ සිංදුවෝ ,තැන්කුයි ඈ

      Delete
    10. ස්තුතියි සින්දුවෝ. හරිම ලස්සන සින්දුවක්.

      අනේ තරහ නැතුව අතුල සෝමසිරි ගැන පෝස්ට් එකක් දාපන්කෝ සින්දුවෝ.

      Delete
  14. සුභ පැතුම්..ම්ම්ම්,,
    ජයවේවා..!!

    ReplyDelete
  15. දෙවොන්දරා ......



    ආදරය අනියත බව නුඹ මට කිව්වා ....
    එත් මට ආදරය කිව්වනේ ....
    කබුකි බලන්න මන් ආසයි ....නුඹ මාව කැටුව ගියා
    සිතල හිමේ පිපුණු සකුරා මලක් වගේ
    මගේ හිත ගැහුනා ....
    දෙවොන්දරා ...ඇයි ..... නොරිකො අමතක
    මන් හැමදාම නුඹ ලගින් හිටියා ....
    එත් .... දෙවොන්දරා සන් .....නුඹ ......
    මගේ හිත පිරිමද්දට .... තෙරුන් ගත්තේ නැ ....
    ආදරේ මල් ඇතිරුවට සුවද බැලුවේ නැ
    මේ නොරිකෝ ... තාම නුඹට ආදරෙයි ....
    කප්පරයක් තරම් මට ආදරේ දීල ....
    නුඹ යන්නම ගියා ....
    මේ පාළු සොහොන් බිමේ නුඹ තනියම ....
    මන් කෝම ... මගේ ආදරය දාල යන්නද ....
    දෙවොන්දරා .... මගේ දෙවොන්දරා ....
    මේ සිත මට දරා ගන්න බැ .....
    නුඹ නැතුව මට පාළුයි .......


    ඉවාන් මේ මං දැකපු මලගිය ඇත්තෝ .....
    ඔයාට කැමති දෙයක් කැමති විදියට ලියන්න නිදහස තියනවා .... කලාව එක්ක ජිවත් වෙන්න .... ජිවත් වෙන එකත් එක්තරා කලාවක් .... සහ ... සංවේදී හෝරාවන්..... නුඹට ජිවිතයක් ඇත්නම් ... එතැනින් කලාව ජනිත වේවි....

    ReplyDelete
    Replies
    1. http://nihinsa777.blogspot.com/2014/04/blog-post_9526.html

      Delete
    2. සින්දුව ඇහුවේ දැන් ... ලස්සනයි දිනිති ... දයාන්ගේ voice එක ඔයාගේ ගීපද වලට හොදට ගැලපෙනවා

      Delete
    3. මලගිය ඇත්තෝ කතාව විවරණය කරන්න ගියොත් එක හරියට අන්ධයෝ අලියාගේ හැඩරුව කිව්වා වගේ වෙනවා. ඒතරම් පරාසයක විහිදෙන හැගීම වල එකතුවක්, කොහොම වුනත් අන්තිමට දැනෙන හුදකලා හැගීම නම් කියන්න බැරි තරම්

      Delete
  16. හිතවත් ඉවාන් සහෘදයාට අපමණක් ස්තුතියි.. අදහස් දැක්වූ ඔබ සෑම සියළු දෙනාටම හිස නමා මගේ ආචාරය පුදකරමි. මේ අදහස් මට බොහොම සවියක් බව නොකියාම බැරිය.

    ReplyDelete
    Replies
    1. තවත් ඉදිරියට තවත් මෙවැනි නිර්මාණ අපි බලාපොරොත්තු වෙනවා . ස්තුතියි දිනිති

      Delete
  17. දිනිති..................

    සුභ පැතුම්......

    ඉවාන් උඹටත් සුභ පැතුම් (ගැලපෙන්නෑ වගේ ද???? කමක් නෑ උඹනේ ලිව්වේ....)

    ReplyDelete
    Replies
    1. කවුරු හරි මොනවට හරි කමක් නෑ සුභ පතන්වනම් ආයේ මොකද

      Delete
  18. අදයි ඇහුවෙ මේ සිංදුව, හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. සිංදුවට වැඩි වයසක් නෑ මෙත්මා . අලුත් ගීතයක්

      Delete
  19. සුබ පැතුම් ඔ යේස් කස්ටියටම
    මටනම් ඒ පොත් දෙකම අන්දර දෙමල
    සින්දුවනම් හොදයි

    ReplyDelete
  20. මේක කියෙව්වම මට මතක් වුනේ, ගුරු ගීතය ආශ්‍රයෙන් රජී වෙල්ගම ලියපු, සමන් ලෙනින් කියන සින්දුව.. අහලා තියනවද ?

    ReplyDelete
    Replies
    1. " පන්ති නැති ඉස්කෝලෙ බිඳලා "

      https://www.youtube.com/watch?v=BfWkNP_FtXo

      Delete
    2. මේ තියෙන්නේ සෙන්නට උත්තරේ වැටිලා .

      Delete
  21. දිනිති අක්කගේ සිංදුව ෆේස්බුක් එකන් දැකලා ඊයෙත් මම ඇහුවා. ලියද්දී ලියද්දී තමයි හොදම නිර්මාණ බිහිවෙන්නේ. ඒ හන්දා ඉදිරියට ජය.

    ReplyDelete
    Replies
    1. //"ලියද්දී ලියද්දී තමයි හොදම නිර්මාණ බිහිවෙන්නේ."// +++++++++++++++++

      Delete
  22. හරිම ලස්සනයි ඉවාන්... දිනිති අක්කට මගේ සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඔව් අපි සුබ පතමු , අන්ධකාර තාරකාව

      Delete
  23. සුභ පැතුම් අපේ එකියකට.

    මම ඔය පොත් දෙක ගැන අනන්ත අහලා තියෙනවා. නමුත් කිසිදාක කියවලා නෑ.

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ ඩූඩ් ඔය පොත් දෙක කියවීම අවශ්‍යම නෑ. පොතක් කියවීම තමුන්ගේ හිතට අත්‍යවශ්‍යයි කියලා හිතෙනවනම් මිසක්, කොහොම වෙතත් ගීතයට අපේ සුභ පැතුම්

      Delete
  24. යකෝ ඉවාන්, උඹේ පෝස්ට් වලට page break දාපංකො. උඹේ කෙටිකතාවක් ලින්ක් එක අර සිංහ මචංට දෙන්න මම කෙටිකතා සර්ච් කලා. Page break නැති හන්දා ගෙඩි පිටිං පෙන්නනෙ. පි‍ටු ගණනාවක් අරන්න ඕනෙ ඕනෙ එක හොයාගන්න.

    ReplyDelete
    Replies

    1. හීනේ
      මේකබං හෙව්වෙ. අන්න ඌට ලින්ක් එක දැම්මා. පිස්සු හැදුනා හොයන්න ගියාම.

      Delete
    2. page break??? මොකක්ද ඒ , දාන්න කිව්වනං දාන හැටිත් කියලා දෙන්න එපැයි, දැන් කොහොමද ඇත්තටම ඕක දාන්නේ ?

      Delete
    3. Sorry Ivan. You can test what I said by simply going to your home page, http://iwanpaulooshaa.blogspot.com.You'll see all the posts are fully displayed making the number of posts to be shown limited to a very few. Not q welcome sight.

      What you have to do is editing each post(painstakingly) inserting a "jump break" that is shown like a A4 paper torn in half on top. Do this after the first paragraph of each post and update. Do this for about 15 posts go back to the home page and see the difference. You'll see so many posts showing first paragraph with "read more" links.

      You can thank me later. :D
      Any problem just don't hesitate to ask.
      PS: In blogspot page break is a jumpbreak. In Wordpress it is page break. Same thing. Insert a jumpbreak when you write new posts, too.

      Delete
    4. :D තැන්කුයි ඩූඩ්. මම මේ ට්‍රයි කරමින් ඉන්නේ

      Delete
    5. ඉවාන්, අන්තිම පෝස්ට් එකේ ඉඳලා ආපස්සට එඩිට් කරගෙන ගියානම් ප්‍රතිඵලය බලන්න පුලුවන් Homepage ගිය ගමන්. ඒක දැක්කම උඹ motivate වෙයි. :D

      Delete
    6. ඩූඩ් ඔන්න සෑහෙන ප්‍රමාණයක් හැදුවා , ඉතුරු ටිකත් කරන්නං

      Delete
  25. දිනිතිටත්, ඉවාන්ටත් සුබ පැතුම්!

    මම ආසම නැති ආදර කතාවක් තමා මේ. දේවෙන්දොරා සාන් (හරියට ලියවිලා ඇති කියලා හිතෙනවා ) තරම් ආත්මාර්තකාමී, ආදරවන්තයෙක් කොහෙවත් දැකලා නෑ. ආදරේ කියන්නේ සම්පුර්නයෙන් 'ගනු' මිසක් 'දෙනු' වක් නෙමේ බව හොඳට ඔප්පු වෙන කතාවක්.

    ලංකාවේ අනෙකුත් ආදරවන්තයෝ මෙහෙම නෙමේ ඇති කියලා හිතනවා.:P

    ReplyDelete
    Replies
    1. ආදරවන්තයෝ ඉන්නේ ... අපේ track එකෙනේවේ අනේ .... ඊයෙත් ඔය වගේ කතාවක් මට කිව්වා

      මං කරන්නේ මට ඕන දේ .....

      එතකොට අපිට ඕනදේ කරන්නේ කවද්ද ...?

      කුමාරිහාමි ....
      මොනවට අපි valantine සමරනවද ...?

      Delete
    2. @ podi kumarihami - දෙවෙන්දරා සං ව කැමති කෙනෙකුට කැමති ආකාරයට නිර්වචනය කරගන්න පුළුවන්, ඒ නිදහස ඒ කෘතිය ඇතුලේ හදලා තියෙනවා. ගීතයේ පදවැල් අතරේ මම දැකපු දෙවෙන්දරා සං හිටියා . එනිසා තමයි මේ ගීතය ගැන අදහසක් ලියන්න හිතුනේ . මම උපුටා දක්වල තියෙන ඡේද වල දෙවෙන්දරා ගැන මට හිතුනු හැටි තියෙනවා .

      @ නිහිංසා - දැන් එතකොට මොන ට්‍රැක් එකේද ආදරවන්තයෝ ඉන්න ඕන :D

      Delete
  26. දිනිතිට සුභ පැතුම් වේවා! සින්දුව ලස්සනයි.. ඊට වැඩි දෙයක් නම් කියන්න මට තේරෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. සිංදුව ලස්සනයි , එකම තමා මටත් හිතුනේ

      Delete
  27. අගෙයි....
    නොමැරෙන මළගිය ඇත්තෝ......
    ජය...................

    ReplyDelete
    Replies
    1. සංජය මරු නමක් නේ // බ්ලොක් ගලක් උඩ කළු ගලක් // හැක හැක හක්

      Delete
    2. ඇත්තටම හිනා යන පංකාදුම විහිලුව තමා ඕක.

      Delete
  28. ඔය පොත ඒ ලෙවෙල් කරන කාලේ කියෙවුවා. පස්සේ යාළුවෙක් ඔය වගේ අත්දැකීමකට මුහුණ දුන්නා.( ජපානේදී නම් නෙවෙයි.)

    ReplyDelete
    Replies
    1. අප්පේ කවුඩ් ඒ යාලුවා, අයි ජපානේ වුනානම් තව හොඳයි

      Delete
  29. සුභ පැතුම්. මම කැමතිම නවකතාවක්.

    ReplyDelete
  30. ඇත්තෙන්ම ලස්සනයි...ඔයාගෙ සටහනත් අපූරුයි මල්ලි

    ReplyDelete
    Replies
    1. අම්මේ ඇති යන්තං මෙයාගෙන් හොඳක් ඇහුව , තැන්කුයි අක්කේ

      Delete
  31. අපුරු සටහනක් ! ඇයට සුබපැතුම් :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මම මේ දෙතුන් සැරයක් ට්‍රයි කරලා නම කියෙව්වේ

      Delete
  32. අපුරු සටහනක් ! ඇයට සුබපැතුම් :)

    ReplyDelete
  33. මලගිය ඇත්තෝ ,මළවුන්ගේ අවුරුදු දා මේ පොත් දෙක මම ලඟදි කියෙව්වේ.ආයේ ආයේ කියවන්න ආස හිතෙන පොත් දෙකක් ඒත් මළවුන්ගේ අවුරුදු දා පොතේ අවසානෙට නම් මම කැමති උනේ නැහැ.. මේ සිංදුව මම කලින් අහල තියනව ..දිනිතිටත් සුබපැතුම් :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හංසි , පොත් වල අවසානයට නම් මාත් කැමති නෑ , මොනා කරන්නද එත්

      Delete
  34. දිනිතිට සුභ පැතුම්!
    දැන්වත් බ්ලොග දිගටම පවත්වා ගෙන යනු ඇතැයි බලාපොරොත්තු වෙමි! :)
    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. පල යන්න උඹේ ජය මට ඕන නෑ , මම උඹත් එක්ක තරහ වෙලා දැන් කල්ප ගානක් , ඔව්

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]