පෙරදා රාත්‍රී වැඩ මුරය නිසා දහවල් වෙනතුරු නිදා සිටීමට සිතුවත් යන්තම් උදේ දහය වනවිට නවාතැනේ දොරට තඩිබාන හඬින් උඩ විසිවී ඇහැරුණු මම සිතින් බැන බැන දොර විවර කලෙමි
"සමාවෙන්න මහත්මයා අපි ප්‍රජා පොලිස් ඒකකයෙන්. ඔබ තුමාට විරුද්ධව මේ ඉදිරිපස ගෙදර ඉහල මාලයේ නවාතැන් ගෙන සිටින ඩෝරා මහත්මියගෙන් පැමිණිල්ලක් තිබෙනවා."
"මොකක්.. මට විරුද්ධව.. ඒ මොකටද"
"ඔබතුමා ඔබතුමාගෙ කාමරය තුල ඇයට දර්ශනය වන පරිදි නිරුවතින් හැසිරෙන බවට.."
"මොකක්...? එහෙම වෙන්නෙ කොහොමද, බලන්න මගේ කාමරයත් ඇයගේ මහල හා සමාන උසකින් තියෙන්නෙ. අනික මගේ කාමරේ ජනේල ඉතාම කුඩයි. ඒවාගෙ යට කොටස මගේ පපුව මට්ටමේ. ඉතින් මම එහෙම හිටියත් ඇයට පේන්නෙ මගේ පපුවෙන් උඩ කොටස පමණයි.මේක වැරදීමක්."
"අපිට මේ ගැන විමර්ශනය කරන්න වෙනවා මහත්මයා. කරුණාකර අපිත් සමග ඩෝරා මහත්මියගේ කාමරය වෙත පැමිණෙන්න..අපි එනතුරු මේ පොලිස් නිලධාරියා ඔබගේ කාමරයේ රැඳී සිටීවි."
මේ වෙද්දි මමත් බයවෙලා හිටියෙ. මොකද මගේ කාමරයේ ඇතුලේ මම නිතරම ඔය කියන විදිහට ඉන්නවා.නමුත් එය අවට කිසිවෙකුට දර්ශනය වෙනවා ඇතැයි මම කීයටවත් සිතා නැත.
"ආ... ඩෝරා මහත්මිය මේ මහත්මයාට විරිද්ධව තමා තමන් පැමිණිල්ල කලේ."
ඩෝරා මහත්මියගේ ජනේලය අසලට පැමිණි පොලිස් නිලධාරියා, තමන් අතරැදි වූ වෝකිටෝකී යන්ත්‍රයෙන් මාගේ කාමරය තුළ රැඳී සිටි පොලිස් නිලධාරියාට කතාකර ජනේලය අසලට පැමිණෙන මෙන් පැවසීය. කාමරය තුළ එහාට මෙහාට කීප වරක් යන ලෙස ඔහුට පැවසූ පොලිස් නිලධාරියා නැවත ඩෝරා ඩෝරා මහත්මිය දෙසට හැරී
"ඒ කාමරයේ කවුරු කොතන හිටියත් අපිට පේන්නේ පපුවෙන් උඩ කොටස විතරයිනෙ ඩෝරා මහත්මිය. ඔබතුමිය කියන විදියට මේ මහත්මයා ඒ කාමරය තුළ නිරුවතින් සිටියත් ඔබට එය දැක ගැනීමට හැකියාවක් නැහැ."
"නැහැ ඉන්ස්පෙක්ට මට හොඳට පේනවා බොරු නම් මේ මේසේ ලගට ඇවිල්ලා බලන්න."
"කෝ ඒත් නැහැනේ, අර බලන්න හොඳින්ම පේන්නේ ඔහුගේ පපුවෙන් උඩ කොටස පමණයි."
"නෑ ඉන්ස්පෙක්ටර් මෙයා ඒ කාමරයේ එහා පැත්තෙ කෙළවරේ ඉන්නකොට පේනවා."
කෝ බලන්න කියා නැවතත් තම සහායක නිලධාරියා ඇමතූ පොලිස් නිලධාරියා, නැවත පැවසූයේ
"නැහැ එහෙම හිටියත් පේන්නේ පපුවෙන් උඩ කොටස පමණයි."
"මම බොරු කියන්නේ නැහැ ඉන්ස්පෙක්ට බොරු නම් මේ මේසේ උඩින් මේ පුටුව තියලා ඒ පුටුව උඩට නැගලා අර උඩ තියෙන හුළං කවුළුවේ ග්‍රිල් එක අයින් කරලා බලන්න එතකොට හොඳට පේනවා"
F......k
#කෙටිමකෙටිකෙටිකතා

හුකෑස්! නියමයි ඕයි. මේක නං පට්ට.🙏💐👌
ReplyDeleteසෙනසුරු ලැබුවම
ReplyDeleteවෙනව ඔහොම දේ
එළියේ දාගෙන
ඉන්නෙ ඇයි වදේ?