Saturday, November 15, 2025

දර්ශනය




පෙරදා රාත්‍රී වැඩ මුරය නිසා දහවල් වෙනතුරු නිදා සිටීමට සිතුවත් යන්තම් උදේ දහය වනවිට නවාතැනේ දොරට තඩිබාන හඬින් උඩ විසිවී ඇහැරුණු මම සිතින් බැන බැන දොර විවර කලෙමි


"සමාවෙන්න මහත්මයා අපි ප්‍රජා පොලිස් ඒකකයෙන්. ඔබ තුමාට විරුද්ධව මේ ඉදිරිපස ගෙදර ඉහල මාලයේ නවාතැන් ගෙන සිටින ඩෝරා මහත්මියගෙන් පැමිණිල්ලක් තිබෙනවා."


"මොකක්.. මට විරුද්ධව.. ඒ මොකටද"


"ඔබතුමා ඔබතුමාගෙ කාමරය තුල ඇයට දර්ශනය වන පරිදි නිරුවතින් හැසිරෙන බවට.."


"මොකක්...?  එහෙම වෙන්නෙ කොහොමද, බලන්න මගේ කාමරයත් ඇයගේ මහල හා සමාන උසකින් තියෙන්නෙ. අනික මගේ කාමරේ ජනේල ඉතාම කුඩයි.  ඒවාගෙ යට කොටස මගේ   පපුව මට්ටමේ. ඉතින් මම එහෙම හිටියත් ඇයට පේන්නෙ මගේ පපුවෙන් උඩ කොටස පමණයි.මේක වැරදීමක්."


"අපිට මේ ගැන විමර්ශනය කරන්න වෙනවා මහත්මයා. කරුණාකර අපිත් සමග ඩෝරා මහත්මියගේ කාමරය වෙත පැමිණෙන්න..අපි එනතුරු මේ පොලිස් නිලධාරියා ඔබගේ කාමරයේ රැඳී සිටීවි."


මේ  වෙද්දි මමත්  බයවෙලා හිටියෙ. මොකද මගේ කාමරයේ ඇතුලේ මම නිතරම ඔය කියන විදිහට ඉන්නවා.නමුත් එය අවට කිසිවෙකුට දර්ශනය වෙනවා ඇතැයි මම කීයටවත් සිතා නැත.


"ආ... ඩෝරා මහත්මිය මේ මහත්මයාට විරිද්ධව තමා තමන් පැමිණිල්ල කලේ."


ඩෝරා මහත්මියගේ  ජනේලය අසලට පැමිණි පොලිස් නිලධාරියා, තමන් අතරැදි වූ වෝකිටෝකී යන්ත්‍රයෙන් මාගේ කාමරය තුළ රැඳී සිටි පොලිස් නිලධාරියාට කතාකර ජනේලය අසලට පැමිණෙන මෙන් පැවසීය. කාමරය තුළ එහාට මෙහාට කීප වරක් යන ලෙස ඔහුට පැවසූ පොලිස් නිලධාරියා නැවත ඩෝරා ඩෝරා මහත්මිය දෙසට හැරී


"ඒ කාමරයේ කවුරු කොතන හිටියත් අපිට පේන්නේ පපුවෙන් උඩ කොටස විතරයිනෙ ඩෝරා මහත්මිය. ඔබතුමිය කියන විදියට මේ මහත්මයා ඒ කාමරය තුළ නිරුවතින් සිටියත් ඔබට එය දැක ගැනීමට හැකියාවක් නැහැ."


"නැහැ ඉන්ස්පෙක්ට මට හොඳට පේනවා බොරු නම් මේ මේසේ ලගට ඇවිල්ලා බලන්න."


"කෝ ඒත් නැහැනේ, අර බලන්න හොඳින්ම පේන්නේ ඔහුගේ පපුවෙන් උඩ කොටස පමණයි."


"නෑ ඉන්ස්පෙක්ටර් මෙයා ඒ කාමරයේ එහා පැත්තෙ කෙළවරේ ඉන්නකොට පේනවා."


කෝ බලන්න කියා නැවතත් තම සහායක නිලධාරියා ඇමතූ පොලිස් නිලධාරියා, නැවත පැවසූයේ 


"නැහැ එහෙම හිටියත් පේන්නේ පපුවෙන් උඩ කොටස පමණයි."


"මම බොරු කියන්නේ නැහැ ඉන්ස්පෙක්ට බොරු නම් මේ මේසේ උඩින් මේ පුටුව තියලා ඒ පුටුව උඩට නැගලා අර උඩ තියෙන හුළං කවුළුවේ ග්‍රිල් එක අයින් කරලා බලන්න එතකොට හොඳට පේනවා" 


F......k 


#කෙටිමකෙටිකෙටිකතා

49 comments:

  1. හුකෑස්! නියමයි ඕයි. මේක නං පට්ට.🙏💐👌

    ReplyDelete
  2. සෙනසුරු ලැබුවම
    වෙනව ඔහොම දේ
    එළියේ දාගෙන
    ඉන්නෙ ඇයි වදේ?

    ReplyDelete
    Replies
    1. ලප කොටා ප්‍රමිෂකා දිහා බලනවා වගේ නේද

      Delete
  3. තවුසෙ ඩෝරා හරි මොන මහත්මිය හරි ඉස්සරහ ගෙදර ගෑනු මනුස්සය දිහා බලන්නෙ ඔය විදියට මේසෙ උඩට නැගල නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් එතකොට දකින්න ඇති සමහරවිට

      Delete
  4. Replies
    1. අමතක නොකරමු කිසිදා
      "මිනීමරුවෝ"
      (තමුන්ගේ දේශපාලන බලය බලහත්කාරයෙන් ලබාගැනීමට වෙනස් මත දැරූ එම මතය වෙනුවෙන් පෙනීසිටි අහිංසකයන් මරපු ජවිපේ ඉල්මහ මිනීමරුවන්)

      Delete
  5. මල්ලියා විසි එක් වැනි දා නුගේගොඩට එනවද.

    මොකද කරන්නේ දාට ඇවිල්ලා ආණ්ඩුව පෙරලලා අපේ රනිල් මහත්තයා ජනාධිපතිව විදිහට විසි දෙවෙනිදා උදේට දෙවිවරුන්දෙයිද

    ReplyDelete
  6. ඩීමන් ආනන්ද මහතා මතක් කලාට ස්තුතියි ඉවානයෝ.

    අපේ සීයලා කියන විදියට 60 දශකයේදි එයාගෙ පොත් පාසැල් ලමුන් හරිම ආසාවෙන්ලු කියෙව්වේ . පොතක් පිටු 99 යි ලු, මිල ශත 75 යි. සීයලාගේ යාලුවො ශත 05, 10 ය එකතු කරලාලු පොතක් ගත්තේ.
    කියෙව්වෙ ගුරැවරැන්ට වැඩිහිටියන්ට හොරෙන්ලු.

    අහනකෝට සුන්දර මතක සටහන්.
    නවකතා කියවීමෙි පුරැද්ද අපතුල වර්ධනයවීමට සීයලා බලපු එම පොත් හේතු උනා.
    2000 හෙ පළමු දශකයෙදි , UK හි
    සිංහල සංවිධානයක් ඩීමන් මහතාට සම්මානයක්
    පුදකර එතුමා අගය කලා.

    ReplyDelete
    Replies
    1. ඉතිහාස තොරතුරක් නිසා නිවැරදි කරන්නෙ.
      ඩීමන් ආනන්ද මහතාගේ පොත්වල පිටු 96 යි තිබ්බේ.

      Delete
    2. @ඇනෝ මෙන්න මගේ ගානේ හාට් එකක්

      Delete
  7. කතරගම - කොළඹ 79/99 (නුවරඑළිය හරහා සීග්‍රගාමී බස් සේවාව)

    කතරගමින් පිටත්වීම රාත්‍රී 08:00

    තණමල්විල, ඌව කුඩාඔය, තෙළුල්ල, ඇතිලිවැව, වැල්ලවාය, කොස්ලන්ද, බෙරගල, හපුතලේ, දියතලාව, කහගොල්ල, බණ්ඩාරවෙල, ඩයරබා, වැලිමඩ, ඌමාඇළ, මැදවෙල, ගලහාගම, හග්ගල, සිතාඑළිය, නුවරඑළිය, ටොප්පාස්, රම්බොඩ, තවලම්තැන්න, ගම්පොල, හෙම්මාතගම, මාවනැල්ල, කෑගල්ල, කජුගම, නිට්ටඹුව, යක්කල, කිරිල්ලිවල, කඩවත, කිරිබත්ගොඩ, කැලණිය, පෑලියගොඩ, ආමර්වීදිය, පිටකොටුව.


    වැලිමඩ නගරයට ලගා වීම මධ්‍යම රාත්‍රී 12:00

    මැදවෙලින් පිටත් වීම රාත්‍රී 12:45

    නුවරඑළියෙන් පිටත් වීම පාන්දර 02:00

    හෙම්මාතගමට ලගා වීම පාන්දර 04:00

    කෑගල්ලෙන් පිටත් වීම උදැසන 05:00

    කඩවතට ලගා වීම උදැසන 06:15

    පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළට ලගා වීම උදැසන 07:00

    ගමනේ මුළු දුර කිලෝමීටර් 344

    අනුමත ධාවන කාලය - පැය 11 යි

    තේ පැන් පානය සහ විඩානිවීම සදහා බස් රථය වැලිමඩ සහ තවලම්තැන්න නගර වල මිනිත්තු 15 බැගින් නතර කරනු ලැබේ.

    පලපුරුදු A ශ්‍රේණියේ රියදුරෙකු බසය ධාවනය කරනු ලැබේ.

    කලින් ආසන වෙන් කරවා ගත හැක.

    ReplyDelete
  8. රි සයිකල් කලාද

    ReplyDelete
    Replies
    1. කියෙව්වා බුකියෙන් . පට්ට

      Delete
  9. උබ ලියනව වැඩියි!

    ReplyDelete
    Replies
    1. හිටං ආයේ නවත්තනවා ඉක්කනටම

      Delete
    2. @අල කොමා
      ටෝ හදන්නෙ අපේ කටේ පස් දාන්නද?😡

      Delete
  10. මේක වගේ ම වැඩක් මට උනා.

    හැටන් ටවුමෙ එකෙක් මට පැමිණිලි කරනව, උගෙ මල්ලිගෙ ගෙදර කුළියට ඉන්න උංගෙ නාන කාමරේ ජනේලෙං උගෙ ගෙදර පේනවය, තමුංගෙ ගෙදර ඉන්නෙ කෙල්ලො දෙන්නෙක් ය, නිදහසේ ඉන්ඩ නෑ ය කියල.

    මහජන පැමිණිලි හැම එකක් ම බලන්ඩ මං යන්නෙ නෑ. සභා තුනක් බලන්ඩ එක විමර්ශන නිලධාරියෙක් පත් කරල තියෙනව. මං වෙනුවට පැමිණිලි බලන්නෙ උන්නැහැ. පොර ගිහිං බලල මට ලිඛිතව වාර්තා කළා මෙහෙම.

    අර කිව්ව විදිහට නාන කාමරේ ජනේලෙං මහ ලොකු දර්ශනයක් පේන්නෙ නෑ. ඒ ජනේලෙ අඩියක් විතර උස, අඩි එක හමාරක් විතර පළල ඇලුමිනියම් එකක්. ඒවා එළියට අරින්න බැරිවෙන්න රිවට් කරන්නත්, සෑන්ඩ් බ්ලාස්ට් ස්ටිකර් ගහන්ඩත් උපදෙස් දුන්නා, හැටන් නගර සභාවෙ තාක්ෂණ නිලධාරි සතියකින් ඒකෙ ප්‍රගතිය අපට වාර්තා කරන්න කියල උපදෙස් දුන්නා... කියලා.

    ඊට මාසෙකට විතර පස්සෙ අරූ ආපහු පැමිණිලි කරනව අර කතාව ම කියලා.

    ඒ ගමන මගෙ විමර්ශන නිලධාරි ආපහු ගිහිං ඇවිත් බලල කිව්ව, අපි කියපු දේවල් ටික කරල තියෙන්නෙ කියලා.

    ඒත් පැමිණිලි කාරයගෙ ලිපි, කෝල් නවතින්නෙ නෑ.

    ඒ ගමන මං හැටන් නගර සභාවට ගිය වෙලාවක, උටත් එන්ඩ කියලා, විමර්ශන නිලධාරියයි මායි, තාක්ෂණ නිලධාරියයි, ගෙදර අයිතිකාරයයි එක්කරගෙන එතන ට ගියා. ඒ කරල ගෙර අයිතිකාරයගෙ අවසර ඇතුව පැමිණිලි කාරයව එක්කරං ගියා අර නාන කාමරේට. ගිහිං බලන්ඩ කිව්ව ජනේලෙං උගෙ ගේ පේනව ද කියල. පේන් නෑ. මූ ඒ ගමන කියනව, ඒ උනාට ඒ ජනේල උඩ තියල තියෙන ෂැම්පු බෝතල්වල ඡායාව ඌට එළියෙං පේනව කියල.

    ඒ ගමන මං උට කිව්ව, මේ පැත්ත බලන්නැතුව තමුංගෙ පාඩුවෙ වැඩක් පළක් කරගෙන ඉන්ඩ කියල.

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර පිටිපස්සේත් තියනවා එහෙම ගෙයක් . නාන කාමරේ වීදුරුවෙන් පේනවා කියල උන් දන්නවා . උන්ට ගානක් නැහැ . අපි බලන්නෙත් නැහැ , අපේ පාඩුවේ ඉන්නව . හැබැයි කාලයක් එක උන්දැ කෙනෙක් නම් ඇවිත් නතර වෙනවා අපේ ගෙදර . ඇතුලේ නිදිය ගන්න කිව්වාට ඉන්නේ අතනමයි . දැන්නේ වැඩේ තේරුනේ . දැන්නම් පොර අතුරුදහන් වෙලා .

      Delete
    2. දර්ශනයට ගාස්තු වශයෙන් බිරියානි හදල දෙන බුවා නේ?

      Delete
    3. ඔය කිවුවට කොමා විදියට ඔහේ නෙ ගිහිල්ල ඔය හැම හිලකින්ම එබිල බලන්නෙ.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ඉතිං, මගේ බලප්‍රදේශයෙ, ඕනෙම හිලක් සම්බන්ධයෙන් මට අයිතියක් තියෙනවනෙ... 🤌🏽🔦💥

      Delete
    6. ටොමසාරිස් එබීබලන 🤣

      Delete
    7. @ඩ්‍රැකී ඌට අවුල ඇත්තේ හරියට පේන්නේ නැතිඑක

      Delete
    8. @අජිත් - එකේ රෑට විතරයි හොඳට පේන්නේ

      Delete
    9. This comment has been removed by the author X

      Delete
    10. මේක ආතල් රස්සාවක්නෙ ඕයි? නාන කාමර ඉන්ස්පෙක්ටර්.😮😜

      Delete
  11. විදුසර පත්තරේ එක කාලයක් පළ වුණා, රුසියන් විද්‍යා ප්‍රබන්ධයක්. ඒකෙ තිබුණා පත්තර වාර්තා කාරයෙක්ට හම්බවෙනව මල්ලක්. ඒ මල්ලෙ රූබල් තුන්දාහකුයි බෝලෙකුයි තියෙනව...

    කාට හරි මතක ද දන්නෑ ඒ කතාව. ඒ කතාවෙ පත්තර වාර්තා කාරය ඉන්න බෝඩිම ට අල්ලපු තට්ටු බිල්ඩිමේ කෙල්ලො කට්ටියක් බෝඩ් වෙලා ඉන්නව. මුගෙ කාමරේට අල්ලපු කාමරේ ඉන්නව, වයසක අංකල් කෙනෙක්. පොර ටෙලස්කෝප් එකක් තියාගෙන අර කෙල්ලො දිහා බලනව.

    ReplyDelete
    Replies
    1. ලාවට මතකයිත් වගේ , මතක් කරගන්න අමාරුයි

      Delete
  12. පරණ ජෝක්ස් රී ක්‍රියේට්කරද්දි ඒක ඒමම අතාරින්නැතිව බොලංගෙ අර ලස්සන ක්‍රියේටිව් ස්ටැයිල් එකට රීක්‍රියේට් කරාංකො බම්බුව.

    මේකට දාගනිං අර අත අනික් පැත්තට හැරුණ ලයික් එකක් 👎👎
    බූ.......

    ReplyDelete
    Replies
    1. මේක හොඳ නැද්ද? 🤌🏽

      Delete
    2. මූට ඊට වඩා දෙයක් පුලුවන්

      Delete
    3. මොකක්ද පරණ ජෝක් රී ක්‍රියේට් කරනවා කියන්නේ , උඹ ඔය තටමන්නේ මම මේක කොහෙන් හරි කොපි කරලා මගේ වගේ අත ඇරලා කියන්නද? එහෙනං ඔරිජිනල් එක දාපන්කෝ මෙතැන හැමෝටම බලාගන්න නිකං පොර ටෝක් අතාරින්නෙ නැතුව

      Delete
    4. අන්න හරි අරින්නෙපා ගේම. කඩු පොළු ඕනනං අපි සපෝට් එක දෙන්නං.

      Delete
    5. වලියක් නං අපිටත් කියන්න ඈ?😋

      Delete
    6. ආ.. දැං බොලා කියම්නෙ මේක බොලා ගෙ එකක් කියලත..
      හාල් ගරන්ඩ යකොව් මුන්දැට 🤭🤭🤭

      Delete
    7. මහේෂ්,
      ඕක මටත් මතකයි 1998 විතර මළගෙදරකදි ඇහුවා.

      Delete

    8. @Mahesh - ඔව් මේක මගේ එකක් තමා, උඹ ඔය කියන පරණ ජෝක් එකක් මම දන්නෙ නෑ. ඉතිං ඒක හොයලා දාපං සරලයිනෙ.

      Reply

      Delete
    9. @ඩ්‍රැකී - උඹට නං කියන්ඩ ඇත්තෙ මලගෙදර මිනිය 😂

      Delete
    10. @Mahesh Rathnayake - මම මේ ජෝක් එකට නෙවේ සීරියස් කියන්නේ මේක මම ලිව්වේ , මම ඒක කොහෙන්වත් අහලාවත් කොපි කරලාවත් නෙවේ , එත් මම නොදැනුවත්ව එහෙම එකක් තියෙනවනං එක උඹ දන්නවනම් මෙතන කියපං ,

      අපේ ආච්චි මැරෙන්න දවසකට කලින් මට කිව්වේ

      රාජකීය ගුවන් හමුදාවේ හිටපු සීය මැරුණම තැපෑලෙන් ආව පෙට්ටියක තිබේබේ ,

      කොහේදී හරි අහලාවගේ මතකයි වගේ උත්තර නං එපා ,

      මෙච්චර් හෑලි ලියන්න එපා ඕක උඹගේ කියලා හිතාගනින්කෝ වගේ කතා කියන්නත් එපා . උඹ කිව්ව එක උඹ ඔප්පු කරලා පෙන්නපන්.

      මොකද මම පරණ ජෝක් ඕන තරං ෆේස්බුක් එකේ ලියලා තියෙනව ඒ හැමතැනම මම ඒවා පරණ ජෝක් කියලා කියලත් තියෙනවා , මගේ ජීවිතේට නිර්මාණ හොරකන් කරලා මගේ වගේ ලියල නෑ .

      ඒ නිසා උඹේ මේ කතාව මට අපහාසයක් හැටියට මම සලකන්නේ උඹ මේක ඔප්පු කරනකන්.

      සාමන්යෙන් උඹ කාගේවත් නිර්මාණයකට හොදක් කියන්නේ නැති ඒවායේ අඩුපාඩු විතරක්ම දකින එකෙක් හැටියට මේක මෙලෝ රහක් නැති කතාවක් කිව්වනම් එක මම පිලි ගන්නවා මොකද එක උඹේ හැටි නිසා , එහෙනම් මෙච්චර හෑලි ලියන්නේ නෑ . ඔව් මචං කියලා නිකන් ඉන්නවා ,

      එත් උඹ මට හොරෙක් කිව්ව නිසා උඹ මේක සාධාරණ විදිහට ඔප්පු කරන්නම ඕන . උඹ මේක ඔප්පු කලොත් මම ෆේස්බුක් එකවුන්ට් එකත් මකලා දානවා , මොකද මේ කතාව ෆේස්බුක් එකෙත් දාහකට වඩා බලලා තිබ්බා , කවුරුවත් එහෙම එකෙක් කියලා තිබ්බේ නැති නිසා . දැන් කියන්න එපා මම ෆේස්බුක් එක මකන නිසා ඔප්පු කරන්නේ නෑ කියලා , දෙයක් කිව්වනං ඒක ඒ විදිහට ඔප්පූ කරන්න පුළුවන් වෙන්නත් ඕන .
      එහෙම නැත්තං උඹ පොර වෙන්න බොරු කියන එක නවත්තපන්

      Delete
    11. ඉවාන් අයිය
      බොහෝම ස්තූතියි. ඒ,

      /// සාමන්යෙන් උඹ කාගේවත් නිර්මාණයකට හොදක් කියන්නේ නැති ඒවායේ අඩුපාඩු විතරක්ම දකින එකෙක් හැටියට මේක මෙලෝ රහක් නැති කතාවක් කිව්වනම් එක මම පිලි ගන්නවා මොකද එක උඹේ හැටි නිසා ///

      මෙන්න මේ කතාවට. හිත රිදුනෙ නෑ කියනව නං ඒක පච්ච බොරුවක්. ඔයිට හොඳයි උඹ මට පොරවක් ඇරං ඔළුව මැදටම ඇදල ඇරිය නං.
      මම සාමාන්‍යයෙන් (පොත් වලට ඇර) අනිත් උන්ගෙ නිර්මාණ වලට සිරා කමෙන්ට්, ඒ කියන්නෙ බොක්කෙන්ම දාන කමෙන්ට් දානව අඩුයි. හරි දේ හරි විදිහට කියන්නෙ මම මගෙ යාලුවෙක් ඇත්ත හිතවතෙක් මගෙ බොක්කක්(මම හිතං ඉන්න) කෙනෙකුට විතරයි. ඉතිං මගෙ සර්කල් එකේ ඉවාන් කියන මනුස්සය බොහොම උඩ තැනක, ඉහළ තැනක හිටිය. මාර ක්‍රියේටිව් ෆන් ඩයල් එකක් විදිහට. ඉතිං බොහොම ස්තූතියි මේ චරිත සහතිකයට.
      උඹට ඕන නිසා මම කතාව මෙතන දානව. කියවපං. ආයෙ මහේෂ් කියල අපත හුත්තෙක් නෑ මචං. මම උඹව දන්නෙත් නෑ. දැකලත් නෑ. අදුනන්නෙත්.නෑ.
      මං වෙනුවෙන් උඹ කරපු යමක්.තියේ. අන්න ඒ දේ හැමදාම මගෙ හිතේ තියේ. එච්චරයි.

      The Naked Neighbor

      Three elderly women, all residents of the high-rise apartment complex on 5th Street, were beside themselves with moral outrage. For weeks, they had been calling the police to complain about the same young man who lived in the building across the way.
      He was committing a persistent act of indecent exposure, they claimed, disturbing their peace and sensibilities.
      The police were tired of the calls. Every time an officer was dispatched, they would return with the same report: "Man is clothed. No evidence of misconduct. Complaint unfounded."
      Finally, a Police Lieutenant, a man known for his patience, decided to handle the complaint personally. He went to the apartment of the lead complainant, Mrs. Gable.
      "Mrs. Gable," the Lieutenant said, "I assure you, we've checked this repeatedly. Your neighbor is not violating any laws. Are you certain you're not mistaken?"
      "Mistaken?" she shrieked. "Lieutenant, he is doing it right now! Look!" She pointed across the street to the window of the young man’s fifth-floor apartment.
      The Lieutenant squinted out the window. He could see into the man's apartment, but he saw nothing scandalous. The man appeared to be inside, but the view was partially blocked by the window frame.
      "I’m sorry, ma'am," the officer sighed. "I see a window, but I don't see anything—"
      "You have to step closer!" the women insisted, pushing a sturdy wooden chair toward the window. "Get up on this chair and look! We have to do it every day just to see him!"
      Skeptical but determined, the Lieutenant climbed onto the chair. He rose several feet above the sill and leaned toward the glass. From this elevated vantage point, he could now clearly see over the window frame and deep into the neighbor's private apartment.
      And there he was. The young man was walking completely nude from his bedroom to his kitchen, carrying a bowl of cereal.
      The Lieutenant climbed down from the chair, shaking his head.
      "Well, ma'am," he said, donning his cap. "You were right. The man is completely naked in his apartment."
      The women exchanged vindicated glances. "So! Are you going to arrest him for indecent exposure?"
      The Lieutenant paused at the door, turning to face the three women.
      "No, ma'am," he replied. "He is in his own home, and he is doing nothing wrong. In fact, if you have to climb up on a chair just to look in his window, he's probably the one who should be filing a complaint against you."

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]