දැන් AI තියෙන නිසා තමන්ගේ මැට්ටම් තම්මැට්ටම් කියලා අපිටම අපේ පදේට නටාගන්න පුළුවන් , අපේ මෙලෝ රහක් නැති ගී පද වලට හරි හමන් සංගීතඥයෙක් තනු දාන්නේවත් , හරිහමන් ගායකයෙක් සිංදු කියන්නේවත් නැති නිසා අපිම ලියලා SUNO එකෙන් මියුසික් දාගෙන , චැටා කියල වීඩියෝ හදාගෙන අපිම අහනවා , උඹලටත් අස්සවනවා බැනුම් අහන්න හරි .
මං වින්දා තෙමෙමින් රෑ තනියම
ඔබ එන්නට ඉස්සර පෙර දවසක
හද මැදුරේ කවුරුත් නෑ තනියට
පින්නට වැස්සට අවුවට රස්නෙට
සීතල අරගෙන හමනා හුළඟට
මේ කුඩයේ යට ඉස්සර හවසට
සත්තයි කවුරුත් නෑ මගේ තනියට
වැව රවුමේ හෙමිහිට ඇවිදිනකොට
මාලිගාව ලඟ පත්තිනි දෙවොලට
බහිරව කන්දේ ගනිද්දී පියගැට
සත්තයි කවුරුත් නෑ මගේ තනියට
කාලය යනකොට හෙමිහිට හෙමිහිට
වැහිබීරම මැද කෝ අද තනිකම
වැව රවුමේ ආයෙත් ඇවිදින්නට
එක කුඩයේ යට දැන් ඔබ ඇත මට .
හිරිපොද වැස්සේ එකම කුඩය යට
ReplyDeleteතෙරපි තෙරපි අර යුවලක් යන හැඩ
මටත් ඔහොම ගිය හැටි මතකයි
මට හොඳ හැටි මතකයි
කියන්න වෙයිද දන්නෑ. හැක්..
එනිවේ සින්දුව ලස්සනයි.
මගේ එකට ආයේ ලෙඩේ හැදිලා මේක අප්ඩේට් වෙන්නේ නෑ ආපහු
Deleteදැං තියන හැටියට ඔහොම තමයි කරන්න වෙන්නේ. කොපිරයිට්වලට ගෙවන්න ඔනෙත් නෑනෙ!
ReplyDeleteබොගේ එකට කියලා ආයෙ අමුතුවෙන් හැදිච්ච උලව් ලෙඩේ නෙමෙයි. මේක බ්ලොගර් සිස්ටම් වයිඩ් තියෙන ලෙඩක්. සමාරුන්ගෙ පැයෙන් අප්ඩේට් වෙනවා, හුදීජන අපට පැය 7-13 අතර. එක -දෙක පෝස්ට් ආවෙම නෑ. 3 වෙනි එක "මේක පේනවද?" කියන එක ආවා.
ReplyDeleteඅඩේ මේක මාරයි නෙව?
ReplyDeleteමේක මාකට් කරගන්න විදිහක් තියනව නං, වයිරල් වෙන්න බොහෝ ඉඩ තියනවා.
එකම අවුල උඹට එහෙම ඕනෙ නෑ, නිකං දෙන්නයි ඕනෙ කියල දන්නවා. අපිත් බ්ලොග් ලියන්නෙ සල්ලි හම්බ කරන්න නෙමෙයි, කස්ටිය එකතු වෙලා ගම්මැදි හෑලි කියවලා, පොඩි අහින්සක ආතල් එකක් ගන්න නෙව? එහෙම අපටම නෙව, මේ අවලං ගූගලයා කෙලින්නෙ? 🤔😋💢😡
මතකයි නේද German record produce - Frank Farian ව. පට්ට ටැලන්ටඩ් පොර. කටහඞත් දෙයියො දුන්නා වගේ. ඒත් ජනප්‍රිය වුනේ නෑ. මිනිහා මීටරේ. ලිව්වා සිංදු , ගායනාත් කලා. ඇක්ටර්ලා දාලා කියෙව්වා. ලෝක ප්‍රසිද්ධ වුන Boney M.
ReplyDeleteඒක පස්සෙ මාට්ටු වුනා. මේ යකා ආයෙම ඒ ගේමම දුන්නා කියහංකො - Milli-Vanilli. 😮😋🤣
පෝස්ට් එකක් ලියන්න වටින කතාව.