Thursday, August 27, 2015

ස්වප්න සුවිසැරිය



ස්වප්නමය සුවිසැරිය ඇරඹිනි
මේ සුවැති නිද්‍රාවෙන්
මා වෙලෙන්නේ
සුවඳ කැවු නිද්‍රාවෙන්


නැතිරටේ චාරිකාවක් යමි
ටින්කර් බෙල්, පීටර් පෑන් සමගින්
දුෂ්ඨයා කැප්ටන් කුක් 
නපුරො නිතරම පැරදෙන එකම සුවයක්


තම්බලීනාය මම වසීලිස්සාට හොරෙන්
හත්පෙතිමලත් රැගෙන
මාෂා සමග  
වළහගේ කන්පෙත්ත උඩ ඔංචිලි පදින


පොපි ඇටයි සීනි කිරමයි
පාන් වළලූ කන්න ඕනේ එහෙමයි
ශේන්‍යා දැන් ඉරිසියාවෙන් පුපුරයි. 


කියන්නට ඕන ගාෆීල්ඩ්ට එන්නට කියා
ටොම් සහ ජෙරී සමගින්.
කන්නට සීනි
මිකී මවුස් එන්නට කලියෙන්  


ටොෆි හොරා ගැන ටිං ටිංට මම කිවුවොත්
ස්නූවි දේවි මට හොරු අල්ලන්න සතියක්
පිස්සු පූසා ඇයි අර එලවන්නේ කැප්ටන් හැඩොක් හේ පස්සේ  
බුබුළු නගියි බෙලිකටුවල මහ වැස්සේ


හිත මිතුරු කැස්පර්ට හාද්දක් දීලා
හා හා හරියි කියලා හාව පැන දිව්වා
වුඩී වුඩ් පෙකර් නම් - පරණ වඩු මඩුවෙමයි
පියාඹන හාද්දක් බෙන් ටෙන් ට යැව්වා


රෝඩ් රනර් ෂෝ වගේද අම්මේ
දුෂ්ඨය හැමතිස්සෙම පැරදෙන්නේ?
කවුද බෝයි වාගේමද අම්මේ
සාධාරණ යුක්තිය රජයන්නේ?


ඉතින් ඇයි 'නැගිටින්න ළමයෝ' කියන්නේ,
මේ සුවැති නිද්‍රාවෙන්
කටු ඇනෙයි - හිත තැලෙයි - මට බයයි
මේ ස්වප්න සුවිසැරිය මට සැපයි


පසු සටහන -

ගීතයක හෝ කවියක පසු කතාව ලිවීම සමහරවිට සමහරුන් නුරුස්නා දෙයක් විය හැක. එහෙත් මේ කවි සිතුවිල්ල උපදින්නේ අහම්බයක් නිසාය.  තාක්ෂණික තොරතුරු බ්ලොගය ලියන දයාබර නිමෝ හෙවත් "කොම්පියුටර් ඛාන්" නොහොත් "කොම්පියුටර් කන්නා" දුම්රියේ උදෑසන වැඩට යද්දී දුටු නිදා සිටින මේ දැරියගේ පින්තුරය වයිබරය තුලින් එව්වේ ,මෙන්න මේකට කවියක් ලියහන් කියාය.

සිතේ ඇතිවුණු සිතුවිලි අපිළිවෙලට කුරුටුගා කවිය පොලිෂ් කිරීමේ වගකීම මෙන්න මේ කවි බ්ලොගය ලියන , කවියටම උපන් පරපුරක කොටම පුරුකක් වන මෙන්න මේ ප්‍රතිභාපූර්ණ  කවි කාරියට පැවරීමි . ඉදින් කවිපද  කපා කොටා රණ්ඩු වී අවසානයේ මෙය පබිලිස් කිරීමට 3/3 ක ඡන්දයෙන් හැකි විය .
ස්තුතියි  නිමෝ සහ බස්සි

Thursday, August 6, 2015

කරුමය ,අරුමය සහ උරුමය




"කොහොමත් ලොක්කා කැමතියි බං පුරුදු නැති උන් ගන්න , මොකෝ පුරුදු කාරයෝ අරං ගෙවන ගානෙන් බාගයකට ගත්තෑකිනේ .. අනික කොල්ලෙක් නම් කමක් නෑ... ඕයි ගෑනු බාගයක්නේ මේකා "

"ඔව් ඉතිං ,මේ වගේ පකයි ගත්තම , අපි එපැයි නහින්න . අනික... හුග් .....මොකෝ යකෝ අනින්නේ .."

ඒ ටික කිව්වේ රංග , මම ඒ පැත්තට එනවා දැකපු කසුන් රංගට අනිනවත් මම බලාගෙන , එත් කිසිදෙයක් දැක්කෙත් නෑ. ඇහුනෙත් නෑ වගේ ඒ පැත්තට ඇවිදගෙන ගියා . එතකොට තමයි දැක්කේ අරක්කු බාගේ බෝතලේ ...

" ආ .. අලුත් මල්ලි .. සිට් පුතා ..."

" මොකෝ උඹ ඔච්චර හොඳ රස්සාවක් දාලා මේ බෑග් කරගහන්න ආවේ,  රූංසවිස් කියලා කිව්වට ,තේරෙන බාසාවෙන් මේක නාටාමි ජොබ් එක . ඔෆිස් බෝයි වුනත් රට කොම්පනියක්නේ යකෝ ,නැද්ද කසුවෝ ."

රංග දිහාට ඇහැක් ගහපු කසුන් , "මොකක්ද ජෙමා කිව්වේ .මේ...මේ.....මේ....මැනේජර් මහත්තයා ?" ටික දවසක් වැඩ බලලා , රෙස්ටුරන්ට් එකට හරි කිචන් එකට හරි දාන්නම් කිව්වද වැඩ ඉගෙන ගන්න, දිගටම හිටියොත් චෙෆ් කෙනක් කරන්නම් කිව්වද ?
හැක හැක හැක හැක හැක හැක ......

"හැබැයි කසුවෝ මූට ඉහල යන්න සුදුසුකම් තියෙනවා ... සුදු කොල්ලනේ ... නිවාඩු දවසටත් වැඩ කරහන් ... ජෙමා ගෙදර යන්නෙත් නෑ... හැක හැක හක හක.. චෙෆ් වෙයි චෙෆ් කෙසේ වෙතත් ඔෆිස් බෝයි ප්ලේ බෝයි නොවී බේරෙනවා ........ අනේ හුකේ නන්නානේ"

*******

Wednesday, July 15, 2015

Humpty Dumpty







Humpty Dumpty sat on a wall




Humpty Dumpty had a great fall




All the king's horses and all the King's men





Couldn't put Humpty together again




**********



London Bridge is falling down,
Falling down, falling down.
London Bridge is falling down,
My fair lady.



Build it up with wood and clay,
Wood and clay, wood and clay,
Build it up with wood and clay,
My Stupid men



Wood and clay will wash away,
Wash away, wash away,
Wood and clay will wash away,
My fair lady.


Friday, April 10, 2015

පෙර පිං


"යන්නේ නැත්තං අයින් වෙයන් හුත් .... ඔතන හිටගෙන ඉන්නේ "

මගේ ඇඟේ හප්පෙගෙන වතුර බාල්දියත් අරං ටකරං වලින් වටකරපු ලැට් පේලියේ කෙලවරේ ඉඳන් දෙවනියට තියෙන ලට් එකේ දොර ඇරගෙන ඇතුලට රිංගපු එකා , දොර වහගන්න්වත්, එක්කම වගේ "හම්මේ" ගාන සද්දේ හොඳට එලියට ඇහුනා....

දොරට පයින් ගහපු බණ්ඩාර අයියා .... "මොකද ..තෝ බෙට්ට අල්ලේ තියාගෙනද නැගිට්ටේ ... " කියලා ඇහුවට ඒකට උත්තරයක් බලාපොරොත්තු වුනේ නෑ මං හිතන්නේ ... දත් බුරුසුව උගුර ඇතුලටම ඇනගෙන දෙසැරයක් විතර ඔක්කාර සද්දේ දාලා කෙල තලියක් ගැහුවට ඒකට වතුර පාරක් ගහලා කාණුවට යවන්න මිනිහා වගබලාගත්ත ,

හැමදාම , වගේ උදේට , මේ ටකරං මඩු ටික අස්සේ මේ ජරමර ටික නම් දැන් හුරුයි වගේ, උදේ හතේ මනිය ගහන්න කලින් වැඩපලේ ගේට්ටුව පනින්න තමයි ඔක්කොමලා ගේ ට්‍රයිඑක. නැත්තම් පැය දෙකක් කැපෙනවා .

" අම්මප මට ලොක්කගේ අම්මට හමන්නන්න හිතෙන්නේ ඔය වෙලාවට තමා , කීසරයක් මම කිව්වද දෙමෙල්ලු මේක අස්සට දානං එපා කියලා, බලපන්, වේසිගෙ පුතාලා ,නාන්නෙත් නෑ, ඒ මදිවට විටගඳයි, තල තෙල් ගඳයි. "

බණ්ඩාර අයියා කියන්නෙත් ඇත්ත අප්පා, මේ වතු දෙමලු ටික නම් මහා අපිරිසිදු ජාතියක්.

"මොකද කොටා යන්නේ නැද්ද අද?  බබා හුකුන් නැතුව වරෙන් පකෝ යන්න .. "

ඒ සද්දෙට එකපාරටම බැනියම දාගත්ත මම , කහපාට හේදිලා ගිය ගල් තොප්පිය අතට අරං එලියට ආවා.

"දක්ෂිණ අධිවේග මාර්ග ව්‍යාපෘති සේවක නවාතැන ... " කියන ලොකු බෝඩ් එකට යටින් පාරට ආපු අපි ටිපර් එකේ පිටිපස්සට නැග්ග්ගේ වැඩපලට යන්න.

බණ්ඩාර අයියා කියන්නැහේ තාප්පෙටයි, බෝඩ් එකටයි වියදම් කරපු ගානෙන් බාගයක්වත් වියදම් කරානං , අඩුගානේ වැසිකිලි ටික හරියට හදන්න තිබුනා . අමු අපායවල්,
මුන්ට ඕනේ වැඩ විතරයි, විනාඩිය එහාමෙහා වුනොත් පැය දෙකතුන කපන්නේ ... හෙනම ගහපං.

Monday, April 6, 2015

අවාරය


මේ ගුරු පාරේ , මේ දොළ අයිනේ ..අපේ රහස් ඇත සැඟවීලා ..අපේ රහස් ඇත ලියවීලා ..
ඉර බැහැගෙන යන තැඹිලි පාට එලිය කාමරේ ජනේලෙන් ඇතුලට පනින්නේ කාගෙන්වත් අවසර නොගෙනම වගේ. අමරදේව මාස්ටර්ගේ ඒ සිංදුව අහගෙන අලස විදිහට ඇඳ බදාගෙන ඉන්නකොට මට මතක්වුනේ සුරංගාව

Friday, April 3, 2015

හතරරියන් , දෙරියන් , නෙලුම් සහ නියඟලා


හතරරියන් සහ දෙරියන් එකම ගමේ යහළුවන්ය
මේ දෙන්නා කලක පටන් බොහොම එකමුතුයි.


එකමුතු වෙන්න ඕන නැතිය. එහෙම ඒවා අපේ ජාතියේ උත්කෘෂ්ට භාවයට කැළලක්ය. එත් ලඟකදී හතරරියන් සහ දෙරියන් එකම ස්ටේජ්ජුවක දැක්කෙමිය. ඒ නෙලුම් යාය සම්මාන උළෙලේදීය.

Friday, February 6, 2015

ගෑල්ලමයා මං


පවුලට මුලටම ආවම
වාසනාව ගෙනවාලු
පවුලට වාසනා ගෙනා
ගෑල්ලමයා මං
 
පව්ලේ පුතෙක් නැති වුනාම
කරුමෙට ඉපදුනාලු මම
පරපුර මග නතර කරපු
ගෑල්ලමයා මං
 
 
 ඉස්කෝලෙට යන එනකොට
පරිස්සම් කරන්න බැලූ
පුතෙක් වුනානම් ලේසිලු
ගෑල්ලමයා මං
 
ලොකු ළමයෙක් වුනාලු මම
නාන්න කන්නත් නැතිවම
ගේ මුල්ලේ හිර කරාපු
ගෑල්ලමයා මං
 
ඊට පස්සේ ආමරුයිලු
තනිව යන්න දෙන්න බැලු
කරදර දෙක තුන කරාපු
ගෑල්ලමයා මං
 
බස් එකේදී කෝච්චියේදී
බැංකුවේදී පෝලිමේදී
ඇඟට වැටෙන පිරිමි පැන්නු
ගෑල්ලමයා මං
 
ඔෆිසියේදී පොලීසියේදී ට්‍රිප් එකේදී පන්සලේදී
දෙපිට කැපෙන වචන වලට
ඇහෙන්නේ නෑ වගේ හිටපු
ගෑල්ලමයා මං
 
ආදරයේ නාමයෙන්ලු
විදලා පනින්නට හදාපු
හැමගෙන් ගැලවී සිටිනා
ගෑල්ලමයා මං
 
පොරුවේදී කලන්තේ දා
වැටෙනා තුරු බලා හිටපු
නෑදෑ මුණු ඇඹුල් කරපු
ගෑල්ලමයා මං
 
නැන්දම්මයි රෙදි නැන්දයි
නෑනලා හරි අඩ දුසිමයි
අදින්න ගිය වලිය නැවතූ
ගෑල්ලමයා මං.
 
බැඳලා දැන් අවුරුද්දයි
තාම නැද්ද ළමයි බමයි
අහනා හැමට හිනා වෙච්ච
ගෑල්ලමයා මං
 
හපොයි හරිම මුසලියක්
ගෑල්ලමයි මයි ලැබෙන්නේ
හැමෝගෙන්ම බැනුම් අහන
ගෑල්ලමයා මං
 
 

Monday, February 2, 2015

සමකෝණී


'අරිනවා දොර ..'

"සැරයක් කිව්වම අරිනවා දොර, කඩන්න කලින් "

"ක්රාස් " හඬින් හඬ දෙමින්  අනෙක්සියේ දොර විවර වන්නටත් ප්‍රථම ,කාමරය ඇතුලට පැනගත් දැලි රැවුල යන්තමින් වැඩුන තරුණ පොලිස් ගැටව් දෙදෙනාගෙන් වඩා උස එකා මගේ බැනියමෙන් අදිමින්

"පරබල්ලා ....තොට කන් ඇහෙන්නේ නැද්ද? මෙහාට වර තොගේ මදන විසේ අරින්න .."
"ඕකා මැරෙයි බලාගෙන කියපු අනික් පොලිස් ගැටයා ..." මගේ පසු පසට වැරෙන් පයින් පාරක් දුන්නේ මාව අනපෙක්ෂිතවම දොරෙන් එලියට විසිවෙන්න .

විසිවී ගිය මා ,පාරට මායිම් වූ කුඩා මිදුල් කැබැල්ල මැද ඉන්දවුනා  . එසැනින් මා දුටුවේ අසල්වාසීන් කීප දෙනෙක් දෙපස තාප්ප වලට උඩින් එබිකම් කරන අයුරුයි. ගෙදර අයිතිකාරිනිය වූ නාලිනී කඳුළු පිරුණු ,එහෙත් කෝපාග්නිය දැල්වෙන මුහුණින් මාදෙස බලා සිටින අතර , ඇයගේ බාල දියණිය වන නිරාශාද සිටියේ කෝපයෙන් දැල්වෙන දෙනෙතින් .

" මොකද ,මට ගහන්නේ ..මොකක්ද මම කරපු වරද ?"

මගේ වචන කන වැකෙද්දීම ගස්සාගත් නාලිනී ගෙතුලට යනු මට පෙනුනි. තවමත් පුපුරමින් සිටින දහඅටවියේ පසුවන නිරාශා ලඟට කිට්ටු වූ උස පොලිස් ගැටයා

" මුන් වගේ උන්ට බෙහෙත් අපි ළඟ තියෙනවා ,ඔයා බලන්නකෝ අක්කට කරපු දේට ඕකට අපි කරන දේ "
කියනු මට යාන්තමට ඇසුනි..

නිරාශාගේ නෙතග බැල්මෙන් පොලිස් ගැටයා තවත් උද්දීපනය වූ බව මට වැටහුනේ
"වරද නේ ... වරද කියාදෙන්නම් සුප්පුවක් කටේ ගහලා ..වලත්ත බල්ලා " කියමින් තව පා පහරක් බිම වාඩි වී සිටි මගේ පිට හරහා වැදෙනවාත් සමගය,  මට කැස්සක් ඇතිවුයේ එක වරමය .

"මහ්...මහ්...මහ්...මම සුරාජිව බඳින්න කැමතියි  කියලා කිව්වනේ , ඉතිං ඇයි මෙහෙම කරන්නේ .."
"අනේ නාලිනී .... මම සුරාජිව බාරගන්න කැමතියි ..... මම කී පාරක් කිව්වද ?"

"වහපිය කට වනචරයා ..කෙල්ලෙක්ව රේප් කලාම හැම එකාම කියන්නේ ඕක තමා , ඉතිං තොට කලින්ම කෙල්ලව බාරගන්න තිබ්බනේ අහුවුනාට පස්සේ කෙබර හලන්නේ නැතුව .ඉඳා ....."

"බුදු අම්මේ ......"

බිම ඇදවැටුණු මට නිරාශා සහ සුරාජි මාරුවෙන් මාරුවට මෙන් බොඳ වෙමින් පෙනෙන්නට විය